Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 201-300 න් 15980

1. 9. 6.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අල්පේච්ඡතා වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 7.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, අසන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසන්තුෂ්ටිතා මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 8.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, සන්තුෂ්ටිතා බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සන්තුෂ්ටිතා මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 9.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුනුවණින් මෙනෙහි කිරීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 10.
මහණෙනි, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 11.
මහණෙනි, යම් ධර්‍මයෙක් මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, මෝහ සඞ්ඛයාත අසම්පජඤ්ඤය වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 12.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි සම්‍යක් ප්‍රඥාව වැනි අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යක් ප්‍රඥාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 13.
මහණෙනි, යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 14.
මහණෙනි, යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී නම්, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 9. 15.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම ද මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 9. 16.
මහණෙනි, යම් ධර්‍මයෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ නම්, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශල ධර්‍මයන්හි නොයෙදීම ද මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
නවවන වග යි
10. ආධ්‍යාත්මික වර්‍ගය
[සැවැත්නිදාන යි]
1. 10. 1.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි (තමා තුළ වැටෙන හේතුය යි) මෙසේ කොට ගෙණ, (පරාඞ්ගසඞ්ඛ්‍යතබාහිර හේතු හැරපියා බණත් මැ) යමෙක් මෙසේ මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක කාරණයකුදු නො දක්මි. මහණෙනි, ප්‍රමාදය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 2.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අප්‍රමාදය මහත් වූ අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 3.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, කුසීතබව මහත් වූ අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 4.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ, යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය.
1. 10. 5.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, මහේච්ඡතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 6.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අල්පේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අල්පේච්ඡතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 7.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, අසන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසන්තුට්ඨිතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 8.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, සන්තුට්ඨිතාව බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සන්තුට්ඨිතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 9.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අයෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අයෝනිසෝ මනසිකාරය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 10.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, යෝනිසෝ මනසිකාරය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, යෝනිසෝ මනසිකාරය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 11.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අසම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, අසම්පජඤ්ඤය මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 12.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, සම්පජඤ්ඤය බඳු අන් එක ධර්‍මයකුදු නො දක්මි. මහණෙනි, සම්පජඤ්ඤය මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 13.
මහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, පාපමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, පාපමිත්‍රතාව මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 14.
මහණෙනි, ‘බාහිර අඞ්ගය’ යි කොට ගෙණ යමක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ද, මහණෙනි, කල්‍යාණමිත්‍රතාව බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නී ය.
1. 10. 15.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම මහත් අනර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 16.
මහණෙනි, ‘ආධ්‍යාත්මික අඞ්ගය’ යි කොට ගෙණ යමෙක් මෙසේ මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ද, මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක අඞ්ගයකුදු මම නොදක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම. මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේ ය.
1. 10. 17.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
1. 10. 18.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය.
1. 10. 19.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීත බව සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
1. 10. 20.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
1. 10. 21-30.
මහණෙනි, යමක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. … අල්පේච්ඡතාව … අසන්තුට්ඨිතාව … සන්තුට්ඨිතාව … අයෝනිසෝමනසිකාරය … යෝනිසෝමනසිකාරය … අසම්පජඤ්ඤය … සම්පජඤ්ඤය … පාපමිත්‍රයන් ඇති බව … කල්‍යාණමිත්‍රයන් ඇති බව. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
1. 10. 31.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ය.
1. 10. 32.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
චතුකෝටිකය නිමි.
1. 10. 33.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් (ඒ ඒ ධර්‍මප්‍රදේශ ඌනාධිකවශයෙන් ගෙණ) අධර්‍මය ධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.
1. 10. 34-42.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය අධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද … අවිනය විනය යි ප්‍රකාශ කෙරෙත් ද … විනය අවිනය යි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලදැයි ප්‍රකාශ කෙරෙත් ද … මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.
දසවන වග යි.
11. අධම්ම වර්‍ගය
1. 11. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්‍මය අධර්‍මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
1. 11. 2-10.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් ධර්‍මය ධර්‍මය යි (යථාවිධියෙන් ගෙණ) දක්වත් ද …, අවිනය අවිනය යි දක්වත් ද …, විනය විනය යි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලද්ද නොතෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නොදෙසන ලදැයි නොතෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු නො කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො පණවන ලදැයි දක්වත් ද …, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද්ද තථාගතයන් වහන්සේ විසින් පණවන ලදැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්‍මය තබත්.
එකොළොස් වන වග යි.
12. අනාපත්ති වර්‍ගය
1. 12. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නොඇවැත ඇවැතැයි දක්වත් ද …, ඇවැත නොඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත ගුරු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත ලුහු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත නොදුළුල් ඇවැතැයි දක්වත් ද …, නොදුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට නො වැඩ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පව් ද රැස් කෙරෙති. ඔහු ම මේ සස්න අතුරුදන් කෙරෙත්.
1. 12. 11-20.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් නො ඇවැත නො ඇවැතැයි දක්වත් ද …, ඇවැත ඇවැතැයි දක්වත් ද …, ලුහු ඇවැත (පස්ඇවැත්කඳු) ලුහු ඇවැතැයි දක්වත් ද …, ගුරු ඇවැත (දෙඇවැත්කඳු) ගුරු ඇවැතැයි දක්වත් ද …, දුළුල් ඇවැත දුළුල් ඇවැතැයි දක්වත් ද …, නො දුළුල් ඇවැත නො දුළුල් ඇවැතැයි දක්වත් ද …, සාවශෙෂ ඇවැත සාවශෙෂ ඇවැතැයි දක්වත් ද …, අනවශේෂ ඇවැත (පරිජිඇවැත) අනවශේෂ ඇවැතැයි දක්වත් ද …, පිළියම් සහිත ඇවැත පිළියම් සහිත ඇවැතැයි දක්වත් ද …, පිළියම් රහිත ඇවැත (පරිජිඇවැත) පිළියම් රහිත ඇවැතැයි දක්වත් ද …, මහණෙනි, ඒ මහණ හු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උදා කෙරෙත්. ඔහු ම මේ ශාසනය තබත්.
දොළොස්වන වග යි.
13. ඒකපුග්ගල වර්‍ගය
1. 13. 1.
[සැවැත්නිදාන යි]
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ (සත්ත්‍වලෝකයෙහි = මිනිස්ලොවැ) උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස (අර්‍හත්ත්‍වඵලක්‍ෂණයෙහි) උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
1. 13. 2.
මහණෙනි, එක් පුද්ගලයක්හුගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය. කවර එක් පුද්ගලයක්හුගේ ය? යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයාගේ ඉපැද්ම ලොවැ දුර්‍ලභ ය.
1. 13. 3.
මහණෙනි, එක් පුද්ගලයෙක් ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ය. මහණෙනි, මේ එක් පුද්ගලයා වනාහි ලොවැ උපදනට සමත් වූයේ ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපන්නේ වෙයි.
1. 13. 4.