මහණෙනි, මෙ සස්නෙහි මහණ පස් වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ ඒ බඹලොව ම පිරිනිවන් පානේ වෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා ප්‍රශ්න නගන ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණසම්පත් වෙති යි කියමි. චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහසම්පත් වෙති යි කියමි. මහණෙනි, මෙසේ පුරුෂසදශ්වයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි.
මහණෙනි, මේ තුන් පුරුෂසදශ්වයෝ යි.
3. 3. 4. 10.
40. මහණෙනි, භද්‍ර අශ්වාජානීයයන් තුන් දෙනා දෙසමි. භද්‍ර පුරුෂාජානීයයන් තුන් දෙනා ද දෙසමි. එය අසව ...
මහණෙනි, භද්‍ර අශ්වාජානීයයෝ තුන් දෙනා කවරහ යත්:
මහණෙනි, මෙ ලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්න වෙයි. ...{*} ආරෝහපරිණාහසම්පන්න නො වෙයි [...{*}] මහණෙනි, මෙලොව ඇතැම් භද්‍ර අශ්වාජානීයයෙක් ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. මහණෙනි, මේ තුන් වැදෑරුම් භද්‍ර අශ්වාජානීයයෝ යි.
මහණෙනි, භද්‍ර පුරුෂාජානීයයෝ තුන් දෙනා කවරහ යත්: [...{*}]
මහණෙනි, මෙ ලොව භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වෙයි. වර්‍ණසම්පන්නත් වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වෙයි. [...{*}]
මහණෙනි, කෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්නත් වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද?
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට එළඹ වෙසෙයි. මේ ඔහුගේ ඥානජවය වෙති යි කියමි. අභිධර්‍මයෙහි ලා අභිවිනයෙහි ලා පැන පුළුවුස්නා ලදුයේ විසඳයි. නො ගළයි. මේ ඔහුගේ වර්‍ණය වෙති යි කියමි. චීවර පිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාර ලබන සුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහය වෙති යි කියමි. මහණෙනි, මෙසේ භද්‍ර පුරුෂාජානීයයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, මේ තුන් භද්‍ර පුරුෂාජානීයයෝ යි.
3. 3. 4. 11.
41. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වැඩ වෙසෙති. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ...
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන, අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන, අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි. අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි. අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
3. 3. 4. 12.
42. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යයෙන. ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන. අනුශාසනාප්‍රාතිහාර්‍ය්‍යයෙන.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
3. 3. 4. 13.
43. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි ... දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
කවර තුන් දහමින යත්:
සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්‍යග්විමුක්තියෙන.
මහණෙනි, මේ තුන් දහමින් යුක්ත වූ මහණ අත්‍යන්තනිෂ්ඨ වෙයි, අත්‍යන්තයෝගක්‍ෂේමී වෙයි, අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇති, දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වූ අත්‍යන්තබ්‍රහ්මචාරී වෙයි.
සතරවැනි යෝධාජීව වර්‍ග යි.
[5. මඞ්ගල වර්‍ගය]
3. 3. 5. 1.
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද එපරිදි නිරයෙහි වෙයි.
කවර දහම් තුණෙකින යත්:
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි සිටියේ වේ.
3. 3. 5. 2.
45. මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි සිටියේ වේ.
කවර දහම් තුණෙකින යත්:
සදොස් කාකමින, සදොස් විසිකමින, සදොස් මුනිකමින.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබුයේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් සමන්‍විත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.
කවර තුණෙකින යත්:
නිර්දෝෂකායකර්‍මයෙන්, නිර්‍දොෂවාක්කර්‍මයෙන්, නිර්දෝෂමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් තැබූයේ යම් සේ ද, එපරිදි ස්වර්‍ගයෙහි වේ.
3. 3. 5. 3.
46. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ ... නිරයෙහි සිටියේ වේ. කවර දහම් තුණෙකින යත්:
විෂම වූ කාකමින, විෂම වූ විසිකමින, විෂම වූ මුනිකමින ... මහණෙනි, මේ තුන් දහමින් ... නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ.
කවර දහම් තුණෙකින යත්:
සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ... මහණෙනි, මේ තුන් දහමින් ... ස්වර්‍ගයෙහි වේ.
3. 3. 5. 4.
47. මහණෙනි, දහම් තුණෙකින් සමන්‍වාගත වූයේ නිරයෙහි සිටියේ වේ. කවර තුණෙකින යත්:
අපවිත්‍ර වූ කායකර්‍මයෙන්, අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන්. මහණෙනි, මේ තුන් දහමින් ... එපරිදි නිරයෙහි වේ.
මහණෙනි, දහම් තුණෙකින් ... ස්වර්‍ගයෙහි වේ.
කවර තුණෙකින යත්:
පවිත්‍ර වූ කායකර්‍මයෙන්, පවිත්‍ර වූ වාක්කර්‍මයෙන්, පවිත්‍ර වූ මනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූයේ ගෙණවුත් සිටියේ යම් සේ ද, එපරිද්දෙන් ස්වර්‍ගයෙහි වේ.
3. 3. 5. 5.
48. මහණෙනි, කරුණු තුණෙකින් සමන්‍වාගත අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සාළ නටු ආත්මයක් පරිහරණය කරයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
කවර තුන් දහමකින යත්:
අකුශලකායකර්‍මයෙන්, අකුශලවාක්කර්‍මයෙන්, අකුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ වූ බාලයා ගුණවිසින් සෑරූ, නටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කෙරෙයි.
මහණෙනි, තුන් දහමෙකින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොකැණි නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැතියන් විසින් උපවාද නොකට යුතුද වෙයි. බොහෝ පින් ද රැස් කෙරෙයි.
කවර තුන් දහමෙකින යත්:
කුශලකායකර්‍මයෙන්, කුශලවාක්කර්‍මයෙන්, කුශලමනඃකර්‍මයෙන්.
මහණෙනි, මේ තුන් දහමින් ... බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 6.
49. මහණෙනි, තුන් දහමෙකින් ...
සාවද්‍යකායකර්‍මයෙන්, සාවද්‍යවාක්කර්‍මයෙන්, සාවද්‍යමනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
අනවද්‍යකායකර්‍මයෙන්, අනවද්‍යවාක්කර්‍මයෙන්, අනවද්‍යමනඃකර්‍මයෙන් ...
3. 3. 5. 7.
50. මහණෙනි, තුන් දහමෙකින් ...
විෂමකායකර්‍මයෙන්, විෂමවාක්කර්‍මයෙන්, විෂම මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
සම වූ කායකර්‍මයෙන්, සම වූ වාක්කර්‍මයෙන්, සම වූ මනඃකර්‍මයෙන් ...
3. 3. 5. 8.
51. මහණෙනි, තුන් දහමෙකින් ...
අපවිත්‍ර කායකර්‍මයෙන්, අපවිත්‍ර වාක්කර්‍මයෙන්, අපවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, තුන් දහමෙකින් ...
පවිත්‍ර කායකර්‍මයෙන්, පවිත්‍ර වාක්කර්‍මයෙන්, පවිත්‍ර මනඃකර්‍මයෙන් ...
මහණෙනි, මේ තුන් දහමින් සමන්‍වාගත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ වූ පණ්ඩිතයා ගුණවිසින් නොසෑරූ, නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් උපවාද නොකට යුතු ද වේ, බොහෝ පින් ද රැස් කෙරෙයි.
3. 3. 5. 9.
52. මහණෙනි, මේ වන්‍දනාවෝ තුන් දෙනෙකි.
කවර තුන් දෙනෙක යත්:
කයින්, විසින්, සිතින්.
මහණෙනි, මේ තුන් වන්‍දනාවෝ යි.
3. 3. 5. 10.
53. මහණෙනි, යම් කිසි සත්ත්‍ව කෙනෙක් පෙරවරු වේලෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ පූර්‍වාහනයෙකි.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යාන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ මධ්‍යාහ්නයෙකි.
මහණෙනි, යම් සත්ත්‍ව කෙනෙක් සායාහන සමයෙහි කයින් සුචරිත පුරත් ද, වචනයෙන් සුචරිත පුරත් ද, සිතින් සුචරිත පුරත් ද, මහණෙනි, ඒ සත්ත්‍වයනට ශුභ සායාහනයෙකි.
10. බ්‍රම්සරුන් කෙරෙහි ඉෂ්ටදාන විසින් පිදීමෙක් වේ ද, ඒ ශුභ නක්‍ෂත්‍රයෙකි. ශුභ මඞ්ගලයෙකි. ශුභ අලුයමෙකි. ශුභ නැගී සිටුමෙකි. ශුභ ක්‍ෂණයෙකි. ශුභ මුහුර්‍තයෙකි.
11. එදින කළ කායකර්‍මය වෘද්ධික්‍රියායෙකි. වාක්කර්‍මය වෘද්ධික්‍රියායෙකි. මනඃකර්‍මය වෘද්ධික්‍රියායෙකි. ප්‍රණිධීහු වෘද්ධිදායකයෝ යි. වෘද්ධියුක්ත කායකර්‍මාදීන් කොට වෘද්ධි අර්‍ත්‍ථයන් ලබන්නේය.
12. ලබධාර්‍ත්‍ථ ඇති, සුඛිත වූ බුද්ධශාසනයෙහි විරූඪ වූ ඒ තෙපි සියලු ඥාතීන් හා සමග නීරෝග වව, සුඛිත වව.
පස්වන මඞ්ගල වර්‍ගය යි.
තෙවන ඛුද්දකපණ්ණාසකය සමාප්තයි.