Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 15901-15980 න් 15980

11. 2. 8.
පඨම සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසඥා ඇති නො වේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස් සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසනාඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා ඇති නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණ හට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
මහණෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොවේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට එ බඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොමැති වේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත සිතින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි: ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. මහණෙනි, මෙසේ යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ද ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.
11. 2. 9.
දුතිය සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
වහන්ස, අපගේ ධර්‍මයෝ භගවද්මූලකයහ, භගවද්නේතෘකයහ, භගවත්ප්‍රතිසරණයහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම්, ඒකාන්තයෙන් මැනෑ මය. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසා භික්‍ෂූහු ධරන්නාහයි.
මහණෙනි, එකරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය.
වහන්ස, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් කෙසේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි. මහණෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, එබඳු සමාධිප්‍රතිලාභයෙක් භික්‍ෂුහට වන්නේ යයි.
11. 2. 10.
තතිය සමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹියහ, එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හා සමග සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට තෙල කීහ:
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යයි.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම්පරිද්දෙකින් පඨවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා ඇතියේත් සංඥා නැතියේත් වේ නම්, මහණ එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි?
ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම් ... යම් මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා ඇතියේ නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.
11. 2. 11.
චතුත්‍ථසමාධි සූත්‍රය
[සැවැත්]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ ...
ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නොවේ නම්, වායුවෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් බඳු මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
ඇවැත් ශාරීපුත්‍රයෙනි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දැන ගැනුම සඳහා දුර සිට එමු. තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයනට ම වැටහේ නම් මැනෑ මය. ආයුෂ්මත් ශාරීපුත්‍රන්ගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරන්නාහයි.
ඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමැයි. ඇවැත්නි, එසේ යයි එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ.
ඇවැත්නි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේයයි.
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම්, අප්හි අප්සංඥා ඇති නොවේ නම්, තේජස්හි තේජස්සංඥා නොමැති වේ නම්, වායුයෙහි වායුසංඥා නොමැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නොමැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නොමැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නොමැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නොමැති වේ නම්, යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නොමැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට මෙසේ එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.
අනුස්සති වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
මහානාම සූත්‍ර දෙකය, නන්‍දිය සූත්‍රය, සුභූති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, දසමගහපති සූත්‍රය, ගෝපාල සූත්‍ර දෙකය, සමාධි සූත්‍ර සතර දැයි එකොළොසෙකි.
3. සාමඤ්ඤ වර්‍ගය
11. 3. 1-8.
අනිච්චානුපස්සනාදි සූත්‍රයෝ
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩලය පරිහරණය කරන්නට හෝ වඩන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු තෙම රූපඥ නො වෙයි. ලක්‍ෂණ කුශල නො වේ, මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි. ව්‍රණප්‍රතිච්ඡාදන නො කරන්නේ වෙයි. ධූම නො කරන්නේ වෙයි. තීර්‍ත්‍ථය නො දන්නේය. පීතය නො දන්නේ ය. වීථිය නො දන්නේ ය. ගෝචර කුශල නොවන්නේ ය. අනවශේෂද්‍රෝහී ද වෙයි. ගෝපිතෘ වූ ගෝපරිනායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වර්ධනයට අභව්‍ය වෙයි.
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි දුඃඛානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි, -පෙ- චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි විරාගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි නිරොධානු දර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ...
11. 3. 9-48.
ස්‍රෝතස්හි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ...
11. 3. 49-96.
රූපයන්හි ... ශබ්දයන්හි ... ගන්‍ධයන්හි ... රසයන්හි ... ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... ධර්‍මයන්හි …
11. 3. 97-144.
චක්‍ෂුර්විඥානයෙහි ... ස්‍රොතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිව්හාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
11. 3. 145-192.
චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි ... මනස්සංස්පර්‍ශයෙහි ...
11. 3. 193-240.
චක්‍ෂුස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ශ්‍රොතසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ... කාය සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි … මනස් සංස්පර්‍ශයෙන් උපන් වේදනායෙහි ...
11. 3. 241-288.
රූපසඥායෙහි ... ශබ්ද සඥායෙහි ... ගන්‍ධ සඥායෙහි ... රස සඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඥායෙහි ... ධර්‍මසඥායෙහි ...
11. 3. 289-336.
රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍ය සඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
11. 3. 337-384.
රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
11. 3. 385-432.
රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
11. 3. 433-480.
රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ... අනිත්‍යානුදර්ශීව වාසය කරනට ... දුඃඛානුදර්ශීව වාසය කරනට ... අනාත්මානුදර්ශීව වාසය කරනට ... ක්‍ෂයානුදර්ශීව වාසය කරනට- ... ව්‍යයානුදර්ශීව වාසය කරනට ... විරාගානුදර්ශීව වාසය කරනට ... නිරෝධානුදර්ශීව වාසය කරනට ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට අභව්‍ය වෙයි.
11. 3. 481-930.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට වර්ධනයට භව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගෝපාලක තෙම රූපඥ වෙයි ...
මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණෙකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට භව්‍ය වෙයි ... ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරනට භව්‍ය වේයයි.
සාමඤ්ඤ වර්‍ගය තුන්වැනි යි.
4. රාගාදිපෙය්‍යාලය
11. 4. 1.
මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස එකොළොස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර එකොළොස්කෙනෙක යත්: ප්‍රථමධ්‍යානය, ද්වීතිය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්‍ත්‍ථ ධ්‍යානය, මෙත්තාචේතෝවිමුත්තිය, කරුණාචේතෝවිමුත්තිය, මුදිතාචෙතොවිමුත්තිය, උපෙක්ඛාචෙතොවිමුත්තිය, ආකාසානාඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ එකොළොස් ධර්‍මයෝ වැඩිය යුත්තාහ යි.
11. 4. 2-10.
මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
11. 4. 11-170.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යහුගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .. ව්‍යය පිණිස ... විරාගය පිණිස ... ත්‍යාග පිණිස ... ප්‍රතිනිඃසර්‍ගය පිණිස ... මේ එකොළොස් දහම්හු වැඩිය යුත්තාහ යි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.
රාගාදිපෙය්‍යාලය නිමි.
සූත්‍ර නවදහසක් ද නැවත පන්සියක් ද සත්පනස් සූත්‍ර කෙනෙක් ද අඞ්ගුත්තරාගමයෙහි සඞ්ගෘහීත යි.
එකාදසකනිපාතය නිමි.
අඞ්ගුත්තරනිකාය සමාප්ත යි.