Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 15601-15700 න් 15980

10. 5. 3. 2.
මහණෙනි, රාගයාගේ අභිඥාව පිණිස, දශධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: අනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, ආහාරේ පටික්කුලසඤ්ඤා ය, සබ්බලොකෙ අනභිරත සංඤ්ඤා ය, අට්ඨික සඤ්ඤා ය, පුලවක සඤ්ඤා ය, විනීලකසඤ්ඤා ය, විපුබ්බකසඤ්ඤාය, විච්ඡිද්දකසඤ්ඤා ය, උද්ධුමාතකසඤ්ඤා යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහ යි.
10. 5. 3. 3.
මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා දශධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ, කවර දශ කෙනෙක යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසතිය, සම්මාසමාධි ය, සම්මාඤාණ ය, සම්මාවිමුත්ති යි, මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ දස දහම්හු වැඩිය යුතුවහයි.
10. 5. 3. 4-6.
මහණෙනි, රාගයාගේ පරිඥාව පිණිස, ...
10. 5. 3. 7-9.
මහණෙනි, රාගයාගේ පරික්‍ෂය ය පිණිස ...
10. 5. 3. 10-12.
මහණෙනි, රාගයාගේ ප්‍රහාණය පිණිස ...
10. 5. 3. 13-15.
මහණෙනි, රාගයාගේ ක්‍ෂය පිණිස ...
10. 5. 3. 16-18.
මහණෙනි, රාගයාගේ ව්‍යය පිණිස ...
10. 5. 3. 19-21.
මහණෙනි, රාගයාගේ විරාගය පිණිස ...
10. 5. 3. 22-24.
මහණෙනි, රාගයාගේ නිරෝධය පිණිස ...
10. 5. 3. 25-27.
මහණෙනි, රාගයාගේ ත්‍යාගය පිණිස ...
10. 5. 3. 28-30.
මහණෙනි, රාගයාගේ ප්‍රතිනිස්සර්‍ජනය පිණිස මෙ දස දහම්හු වැඩිය යුත්තාහ යි.
10. 5. 3. 31-60.
මහණෙනි, ද්වේෂයාගේ ...
10. 5. 3. 90.
මහණෙනි, මෝහයාගේ ...
10. 5. 3. 120.
මහණෙනි, ක්‍රෝධයාගේ ...
10. 5. 3. 150.
මහණෙනි, උපනාහයාගේ ...
10. 5. 3. 180.
මහණෙනි, මක්ඛයාගේ ...
10. 5. 3. 210.
මහණෙනි, පලාසයාගේ ...
10. 5. 3. 240.
මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ...
10. 5. 3. 270.
මහණෙනි, මාත්සර්‍ය්‍යයාගේ ...
10. 5. 3. 300.
මහණෙනි, මායාවගේ ...
10. 5. 3. 330.
මහණෙනි, සාඨෙය්‍යයාගේ ...
10. 5. 3. 360.
මහණෙනි, ථම්භයාගේ ...
10. 5. 3. 390.
මහණෙනි, සාරම්භයාගේ ...
10. 5. 3. 420.
මහණෙනි, මානයාගේ ...
10. 5. 3. 450.
මහණෙනි, අතිමානයාගේ ...
10. 5. 3. 480.
මහණෙනි, මදයාගේ ...
10. 5. 3. 510.
මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය පිණිස ... පරිඥානය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ජනය පිණිස ... දස දහම්හු වැඩිය යුත්තාහ යි.
රාගාදිපෙය්‍යාලය නිමි.
දසක නිපාතය නිමියේ ය.
11. ඒකාදශ නිපාතය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. නිස්සය වර්‍ගය
11. 1. 1.
කිමත්‍ථිය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදි: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක.
එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, කුශලශීලයෝ කවරක් අර්‍ත්‍ථ කොට කවරක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇති.
වහන්ස, අවිප්‍රතිසාරය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රමෝදය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්‍දයෙනි, ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රීතිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රශ්‍රබ්ධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත්දැයි? ආනන්‍දයෙනි, ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත.
වහන්ස, සුඛය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
වහන්ස, සමාධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැ යි? ආනන්‍දයෙනි, සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත.
වහන්ස, යථාභූතඥානදර්‍ශනය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත.
වහන්ස, නිර්වේදය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇතැයි.
වහන්ස, විරාගය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත් දැයි? ආනන්‍දයෙනි, විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇතැයි.
ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත. ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුක්‍රමයෙන් අර්‍හත්ත්‍වය සඳහා පිරිනැමෙති’යි.
11. 1. 2.
න චේතනාය කරණීය සූත්‍රය
මහණෙනි, සිල්සපන් සිල්වත්හට ‘මට අවිප්‍රතිසාරය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, සිල්පහන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන, තෙල ධර්‍මතාහෙයිනි.
මහණෙනි, අවිප්‍රතිසාරය අතියහුට ‘මට ප්‍රමෝදය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, අවිප්‍රතිසාරය ඇතියහුට ප්‍රමෝදය උපදනේය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, ප්‍රමුදිතයාහට ‘මට ප්‍රීතිය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදීය යන, තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, ප්‍රීතමනස් ඇත්තාහට ‘මාගේ නාමකාය සන්හිඳේවා’යි චේතනායෙන් කටයුතු නැත. මහණෙනි, ප්‍රීතමනස්කයාගේ කය සන්හිඳෙන්නේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, සන්හුන් කය ඇතියහුට ‘සුඛවේදනා විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියහුට සුඛය උපදනේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
මහණෙනි, සුඛ ඇතියහුට’මාගේ සිත සමාධි වේවා’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සුඛ ඇතියහුගේ සිත සමාහිත වේ ය යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, සමාධිගත සිත් ඇත්තාහට ‘යථාභූත ව දන්මි දක්මි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සමාධිගත සිතැතියේ යථාභූත ව දන්නේ දක්නේ ය යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, යථාභූත ව දන්නා දක්නාහට ‘සසරට කලකිරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, යථාභූත ව දන්නේ දක්නේ සසර කලකිරෙයි යන, තෙල ධර්‍මතායෙක.
මහණෙනි, නිර්වේදයට පැමිණියහුට ‘විරාගයට පැමිණෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, නිර්විග්න වූයේ නො ඇලේ යන තෙල ධර්‍මතායෙක.
මහණෙනි, විරක්තයාහට ‘විමුක්තිඥානදර්‍ශනය පසක් කෙරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, විරක්ත වූයේ විමුක්තිඥානදර්‍ශන පසක් කෙරේ යන, තෙල ධර්‍මතායෙකි.
මහණෙනි, මෙසේ විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට ඇත. විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත.
මහණෙනි, මෙසේ ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ. ධර්‍මයෝ ම මෙ ත්‍රෛභූමික වර්‍තතීරයෙන් නිර්‍වාණ සඞ්ඛ්‍යාත පාරිමතීරයට යනු සඳහා ධර්‍මයන් ද පුරන්නාහයි.
11. 1. 3.
පඨම උපනිස සූත්‍රය
මහණෙනි, විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාර ඇත්තහුගේ ප්‍රමෝදය නට කරුණු ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම නට ප්‍රමෝද ඇතියහුගේ ප්‍රීති තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍රීතිය නැතිවත් ම විපන් ප්‍රීතිඇතියහුගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධි තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය නැතිවත් ම විපන් ප්‍ර‍්‍රශ්‍රබ්ධි ඇතියහුගේ සුඛය නටමුල් වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම විපන් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම විපන් නිර්වේද ඇත්තහුගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විපන් විරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
මහණෙනි, යම් පරිද්දෙන් විපන් අතුපත් ඇති වෘක්‍ෂයෙක් වේ නම් එ රුක්හුගේ පතුරුදු පරිපූර්‍ණභාවයට නො යෙයි. සිවිදු ... බොරුදු ... හර ද පරිපූර්‍ණභාවයට නො යෙයි.
මහණෙනි, එ පරිද්දෙන් ම විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම විපන් අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම සුඛය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධි, සම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, යම් සෙයෙකින් අතුපත් සපන් වෘක්‍ෂයෙක් වේ නම්, එ රුක්හුගේ පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු … බොරුදු ... හරදු පිරිපුන්බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
11. 1. 4.
දුතිය උපනිස සූත්‍රය
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි,”යි භික්‍ෂූන් ඇමතූහ. “ඇවැත්නි”යි එ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විරාගවීපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.