මහණෙනි, අධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ ධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 6.
සාසවධම්ම සූත්‍රය
මහණෙනි, සාස්‍රවධර්‍ම හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, සාස්‍රවධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාස්‍රවධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනාස්‍රවධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ අනාස්‍රව ධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 7.
සාවද්‍ය සූත්‍රය
මහණෙනි, තොපට සාවද්‍යධර්‍ම හා අනවද්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, සාවද්‍යධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාවද්‍යධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, අනවද්‍යධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම .. සම්‍යක් දෘෂ්ටියයි.
මහණෙනි, මේ අනවද්‍යධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 8.
තපනීය සූත්‍රය
මහණෙනි, තොපට තපනීය ධර්‍ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, තපනීයධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි.
මහණෙනි, අතපනීයධර්‍ම කවරේය යත්:
පණිවායෙන් වෙන්වීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ අතපනීයධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 9.
ආචයගාමී සූත්‍රය
මහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු:
මහණෙනි, ආචයගාමීධර්‍ම කවරේය යත්:
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටි යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
මහණෙනි, අපචයාගාමී ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ අපචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 10.
දුක්ඛුද්‍රය සූත්‍රය
මහණෙනි, තොපට දුක්ඛුද්‍රයධර්‍ම හා සුඛුද්‍රයධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, දුක්ඛුද්‍රයධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛුද්‍රයධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සුඛුද්‍රයධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සුඛුද්‍රයධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 11.
දුක්ඛවිපාක සූත්‍රය
මහණෙනි, තොපට දුක්ඛවිපාකධර්‍ම හා සුඛවිපාකධර්‍ම හා දෙසමි. එ අසවු ...
මහණෙනි, දුක්ඛවිපාකධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සුඛවිපාකධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ සුඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
තුන්වැනි සාධූවර්‍ග යි.
4. අරියමග්ග වර්‍ගය
10. 4. 4. 1.
අරියමග්ග සූත්‍රය
මහණෙනි, තොපට ආර්‍ය්‍යමාර්‍ගය හා අනාර්‍ය්‍යමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, අනාර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යමාර්‍ගයයි කියනු ලැබේ.
මහණෙනි, ආර්‍ය්‍යමාර්‍ගය කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ ආර්‍ය්‍යමාර්‍ගයි කියනු ලැබේ.
10. 4. 4. 2.
කණ්හමග්ග සූත්‍රය
මහණෙනි, තොපට කෘෂ්ණමාර්‍ගය හා ශුක්ලමාර්‍ගය හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, කෘෂ්ණමාර්‍ගය කවරේය යත්:
ප‍්‍රාණඝාතය ... මිථ්‍යා - දෘෂ්ටියි. මහණෙනි, මේ කෘෂ්ණමාර්‍ගයයි කියනු ලැබේ.
මහණෙනි, ශුක්ලමාර්‍ග කවරේය යත්:
ප්රාණඝාතයෙන් විරමණය .... සම්‍යක්දෘෂ්ටියි.
මහණෙනි, මේ ශුක්ලමාර්‍ගයි කියනු ලැබේ.
10. 4. 4. 3.
සද්ධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සද්ධර්‍මය හා අසද්ධර්‍මය හා දෙසමි. ඒ අසවු ....
මහණෙනි, අසද්ධර්‍මය කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසද්ධර්‍මයයි කියනු ලැබේ.
මහණෙනි, සද්ධර්‍මය කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සද්ධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 4. 4.
සප්පුරිසධම්ම සූත්‍රය
මහණෙනි, තොපට සත්පුරුෂධර්‍ම හා අසත්පුරුෂධර්‍ම හා දෙසමි, ඒ අසවු …
මහණෙනි, අසත්පුරුෂධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අසත්පුරුෂ ධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ සත්පුරුෂ ධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 4. 5.
උප්පාදෙතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට උත්පාදයිතව්‍යධර්‍ම හා අනුත්පාදයිතව්‍යධර්‍ම හා දෙසමි. ඒ අසවු …
මහණෙනි, අනුත්පාදයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි, මහණෙනි, මේ අනුත්පාදයිතව්‍ය ධර්‍මයි කියනු ලැබේ.
මහණෙනි, උත්පාදයිතව්‍ය ධර්‍ම කවරේය යත්:
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
මහණෙනි, මේ උත්පාදයිතව්‍ය ධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 4. 6.
ආසේවිතබ්බධම්ම සූත්‍රය
මහණෙනි, තොපට ආසේවිතව්‍ය ධර්‍ම හා අනාසේවිතව්‍ය ධර්‍ම හා දෙසමි. ඒ අසවු ...
මහණෙනි, ආනාසෙවිතව්‍ය ධර්‍ම කවරේය යත්:
ප්රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාසේවිතව්‍ය ධර්‍මය යි කියනු ලැබේ.