Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13301-13400 න් 15980

පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන ය, මහණෙනි, මේ පඤ්ච සික්ඛාදුබ්බල්‍ය යි.
මහණෙනි, මේ පඤ්ච ශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස, සතර සම්මප්පධාන වැඩිය යුතු යි. කවර සතරෙක යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ නො උපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. නූපන් කුසල් දහමුන්ගේ උපත පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තරකොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍යය කරයි. උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක්ප්‍රධාන වැඩිය යුතු යි.
9. 2. 3. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්‍රයෙහි පටන් නවම සූත්‍රය තෙක් සතිපට්ඨානවර්‍ගයෙහි යම් පරිදි වේ නම් ඒ පරිදි සම්මප්පධාන විසින් විස්තර කටයුතු)
9. 2. 3. 10.
විනිබන්‍ධ සම්මප්පධාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසොවිනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වෙයි … මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධ යි.
මහණෙනි, මේ පඤ්ච චේතසෝවිනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු. කවර සතරෙක යත්:
නූපන් ලමු අකුසල දහමුන්ගේ නො ඉපදීම පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. නො උපන් ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස නූපන් කුසල් දහමුන්ගේ ඉපදීම පිණිස … උපන් කුසල් දහමුන්ගේ ස්ථිතිය පිණිස අසම්මෝසය පිණිස භිය්‍යොභාවය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්ත්තිය පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කරයි, වැර අරඹයි, සිත තර කොට ගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කරයි. මහණෙනි, මේ පඤ්චචෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර සම්‍යක් ප්‍රධාන වැඩිය යුතු යි.
තෙවැනි සම්මප්පධානවර්‍ග යි.
4. ඉද්ධිපාද වර්‍ගය
9. 2. 4. 1.
සික්ඛාදුබ්බල්‍ය ඉද්ධිපාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ශික්‍ෂාදෞර්බල්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පාණාතිපාත ය … සුරාමේරයමජ්ජපමාදට්ඨාන යි, මහණෙනි, මේ පඤ්චසික්ඛාදුබ්බල්‍ය යි.
මහණෙනි, මේ පඤ්චශික්‍ෂාදෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතරෙක යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාර සමන්නාගත වූ ඉද්ධිපාද වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාර සමන්‍වාගත ඉද්ධිපාද වඩයි. මහණෙනි, මේ පඤ්චශික්‍ෂා දෞර්බල්‍යයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඉද්ධිපාද වැඩිය යුතු යි.
9. 2. 4. 2-9.
[සැවැත්නිදාන යි]
(ද්විතීය සූත්‍රයේ පටන් නවවැන්න තෙක් සතිපට්ඨානසූත්‍රවර්‍ගයෙහි ආ නයින් ඍද්ධිපාද විසින් විස්තර කටයුතුයි.)
9. 2. 4. 10.
විනිබන්‍ධ ඉද්ධිපාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ චෙතසො විනිබන්‍ධයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්හි අවීතරාග වූයේ වෙයි … මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයහ.
මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතුවහ. කවර සතර කෙනෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධාන සඞ්ඛාර සමන්නාගත වූ ඍද්ධිපාදය වඩනේ ය. මහණෙනි, මේ පඤ්ච චෙතසො විනිබන්‍ධයන්ගේ ප්‍රහාණය පිණිස මේ සතර ඍද්ධිපාදයෝ වැඩිය යුතු වෙත් යයි.
සතරවන ඍද්ධිපාද වර්‍ගය යි.
දුතිය පණ්ණාසකය සමාප්ත යි.
එහි උද්දානය:
සතර සතිපට්ඨානයෝ ය. සතර සම්‍යක්ප්‍රධානයහ, සතර ඍද්ධිපාදයෝ ය යන මොහු පළමුපදයන් හා යෙදිය යුතුවහ.
5. රාගාදිපෙය්‍යාලය
9. 2. 5. 1.
නවසඤ්ඤා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩියයුතු වෙත්. කවර නව කෙනෙක යත්: අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නව ධර්‍මයෝ වැඩියයුතු වෙත්.
9. 2. 5. 2.
ඣානසමාපත්ති සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිඥාය පිණිස නව ධර්‍ම කෙනෙක් වැඩිය යුතු වෙත්. කවර නව කෙනෙක යත්: පඨමජ්ඣාන ය, දුතියජ්ඣාන ය, තතියජ්ඣාන ය, චතුත්‍ථජ්ඣාන ය, ආකාසානඤ්චායතන ය, විඤ්ඤාණඤ්චායතන ය, ආකිඤ්චඤ්ඤායතන ය, නේවසඤ්ඤානාසසඤ්ඤායතන ය, සඤ්ඤාවේදයිත නිරෝධ යි. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස මේ නවදහම්හු වැඩිය යුතු වෙත් යි.
9. 2. 5. 3-18.
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ පරිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂයය පිණිස … ව්‍යයය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩියයුතු වෙත්.
9. 2. 5. 19-340.
[සැවැත්නිදාන යි]
දෝසයාගේ … මෝහයාගේ … කෝධයාගේ … උපනාහයාගේ … මක්ඛයාගේ … පලාසයාගේ … ඉස්සාවගේ … මච්ඡරියයාගේ … මායාවගේ … සාඨෙය්‍යයාගේ … ථම්භයාගේ … සාරම්භයාගේ … මානයාගේ … අතිමානයාගේ … මදයාගේ … පමාදයාගේ … අභිඥානය පිණිස … පරික්‍ෂය පිණිස … ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස … ව්‍යය පිණිස … විරාගය පිණිස … නිරෝධය පිණිස … ත්‍යාගය පිණිස … පටිනිස්සග්ගය පිණිස මේ නව දහම්හු වැඩිය යුතු වෙති යී, භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇත් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
පස්වැනි රාගාදිපෙය්‍යාලය නිමියේ ය.{*}
නවකනිපාතය සමාප්ත යි.
අඞ්ගොත්තර සඟියෙහි
10. දසක නිපාතය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. ප්‍රථම පණ්ණාසකය
1. ආනිසංස වර්‍ගය
10. 1. 1. 1.
කිමත්‍ථිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, කුශල ශීලයෝ කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇත්තාහු ද?
ආනන්‍දය, කුශලශීලයෝ අවිප්‍රතිසාරය (නො විපිළිසර බව) අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත්තාහ යි.
වහන්ස, අවිප්‍රතිසාරය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රාමෝද්‍යය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රීතිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
වහන්ස, ප්‍රශ්‍රබ්ධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත.
වහන්ස, සුඛය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත.
වහන්ස, සමාධිය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත.
වහන්ස, යථාභූතඥානදර්‍ශනය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත.
වහන්ස, නිබ්බිදාවිරාගය කුමක් අර්‍ත්‍ථ කොට කුමක් අනුසස් කොට ඇද්ද?
ආනන්‍දයෙනි, නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇතැ යි.
ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇතියහ. අවිප්‍රතිසාරය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත. ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. නිබ්බිදාවිරාගය විමුත්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුත්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. ආනන්‍දයෙනි, මෙසේ කුශලශීලයෝ අනුපිළිවෙළින් අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත අග්‍රයට පැමිණෙන්නාහයි.
10. 1. 1. 2.
චේතනාකරණීය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සිල්සපන් සිල්වත් හට ‘මට අවිප්‍රතිසාරය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යම්හෙයෙකින් සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ‘මට ප්‍රාමෝද්‍යය උපදීව’යි අවිප්‍රතිසාරීහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, අවිප්‍රතිසාරීහට ප්‍රාමෝද්‍යය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ප්‍රමුදිත වූවහුට ‘මට ප්‍රීතිය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ප්‍රීතිමනස්කයාට ‘මාගේ කය සන්හිඳේව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, සන්හුන් කය ඇතියහට ‘සුව විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, ‘මගේ සිත සමාහිතවේවා’යි සුව ඇතියහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, සුව ඇතියහුගේ සිත සමාහිත වන්නේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, සමාහිතයාට ‘යථාභූතය දන්නෙම්වයි, දක්වන්නෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සමාහිත වූයේ යථාභූතය දන්නේ ය’ දක්නේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, යථාභූතය දන්නහුට දක්නහුට ‘නිර්වේද කරවම්හයි, විරාග කරවම්හ’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යථාභූතය දන්නේ දක්නේ නිර්වේදය කෙරේය, නො ඇලේය යන තෙල ධර්‍මතා යි. මහණෙනි, නිර්වේදකරනුවහට විරාග කරනුවහට ‘විමුත්තිඥානදර්‍ශනය පසක් කරනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, නිර්විග්න වූයේ විරක්ත වූයේ විමුත්තිඥානදර්‍ශනය පසක් කරණේය යන තෙල ධර්‍මතා යි.
මහණෙනි, මෙසෙයින් නිබ්බිදාවිරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ ය. යථාභූතඥානදර්‍ශනය නිබ්බිදාවිරාගය අර්‍ත්‍ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අර්‍ත්‍ථ කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථකොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත. ප්‍රාමෝද්‍යය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරාය ප්‍රාමෝද්‍යය අර්‍ත්‍ථ කොට ප්‍රාමෝද්‍යය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇතියහ.
මහණෙනි, මෙසෙයින් (ත්‍රෛභූමකවර්‍ත සඞ්ඛ්‍යාත) ඔරිමතීරයෙන් නිබ්බානපාර සඞ්ඛ්‍යාත පාරිමතීරයට යාම සඳහා ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ, ධර්‍මයෝ ම ධර්‍මයන් පුරන්නාහයි.
10. 1. 1. 3.
ප්‍රථම උපනිස සූත්‍රය
[සැවැත් නුවර]
මහණෙනි, ශීලවිපන්න වූ දුශ්ශීලහට අවිප්‍රතිසාරය නටහේතු ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාර විපන්නහට ප්‍රාමෝද්‍යය නටහේතු ඇතියේ වෙයි. ප්‍රාමෝද්‍යය නැතිවත් ම ප්‍රාමෝද්‍යයවිපන්නහට ප්‍රීතිය නටහේතු ඇති වෙයි. ප්‍රීතිය නැතිවත්ම ප්‍රීතිවිපන්නහට ප්‍රශ්‍රබ්ධිය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. සුඛය නැතිවත්ම සුඛවිපන්නහට සම්‍යක්සමාධිය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇතියේ වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇත්තේ වේ.
මහණෙනි, යම් සේ රුකෙක් අතුකොළින් ගිලිහුනේ නම් එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි. ඇතුළුපොතුදු, ඵලදු, හරදු පිරිපුන්බවට නොයේ, මහණෙනි, එසෙයින් ම ශීලවිපන්න දුශ්ශීලහට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇත්තේය. අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශනය නටඋපනිඃශ්‍රය ඇත්තේ යි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ප්‍රාමෝද්‍යය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රාමෝද්‍යය ඇතිවත් ම ප්‍රාමෝද්‍යයසම්පන්නහට ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නහට ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, යම්සේ ශාඛාපලාස සමෘද්ධ වෘක්‍ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට යෙයි. ඇතුළුපොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
10. 1. 1. 4.
දුතිය උපනිස සූත්‍රය
[සැවැත් නුවර]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමතූහ: ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇති වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරයවිපන්නහට ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇති වේ.
ඇවැත්නි, යම් සේ රුකෙක් නට අතුකොළ ඇත්තේ වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට නොයෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට නො යේ. ඇවැත්නි, එපරිදි ම ශීලවිපත්තියට පැමිණි දුසිල්හට අවිප්‍රතිසාරය නටඋපනිඃශ්‍රය ඇත්තේ වෙයි, අවිප්‍රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්‍ශන නටඋපනිඃශ්‍රය ඇත්තේ වේ.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරයසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ.
ඇවැත්නි, යම්සේ රුකෙක් ශාඛාපලාශසම්පන්න වේ ද, එහි පිට පොතුදු පිරිපුන් බවට යෙයි. ඇතුළු පොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත්ම අවිප්‍රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යි.
10. 1. 1. 5.
තතිය උපනිස සූත්‍රය
[සැවැත්]