Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 13101-13200 න් 15980

5. සාමඤ්ඤ වර්‍ගය
9. 1. 5. 1.
සම්බාධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වාස කෙරෙත්. එකල්හි ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා සමඟ සතුටු වූහ. සම්මෝදනීය වූ සාරාණීය වූ කථාව කොට නිමවා එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කීහ: ඇවැත්නි, පඤ්චාලචණ්ඩ දේවපුත්‍ර විසින් මෙය කියන ලද:
1. සිවුසස් පිළිවිදි (එකී භාවයෙන්) ප්‍රතිලීන වූ ද (උත්තමාර්‍ත්‍ථයෙන්) නිසභ වූ ද යම් බුද්ධ වූ මුනිවරයෙක් ධ්‍යානය අවබෝධ කළේ ද ඒ මහාප්‍රාඥ තෙමේ එකැතින් පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත සම්බෝධයෙහි අවකාශ දතුයේ ය.
ඇවැත්නි, සම්බාධ නම් කවර? භාග්‍යවතුන් විසින් වදාරන ලද සම්බාධයෙහි ඕකාසාධිගමය කවර?
ඇවැත්නි, මේ පස්කම් ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි වදාරන ලද, කවර පසෙක යත්: චක්‍ෂුර්විඥාන ග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රියස්වරූප කාමෝපසංහිත රජනීය රූපයහ, ශ්‍රොතවිඥාන ග්‍රාහ්‍ය ශබ්දයහ … ඝ්‍රාණවිඥාන ග්‍රාහ්‍ය ගන්‍ධයහ … ජිව්හාවිඥාන ග්‍රාහ්‍ය රසයහ … කායවිඥානග්‍රාහ්‍ය ඉෂ්ට කාන්ත මනාප ප්‍රිය රූප කාමෝපසංහිත රජනීය ස්ප්‍රෂ්ටව්‍යයහ. ඇවැත්නි, මේ පඤ්චකාම ගුණ භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධ යයි කියන ලද.
ඇවැත්නි, මේ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේය. ඇවැත්නි, මෙ පමණෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විතර්‍ක විචාරයෝ අනිරුද්ධ වෙත් නම් මේ මෙහි සම්බාධ වෙයි.
තවද ඇවැත්නි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ පමණකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධය කවර? යම් හෙයකින් එහි ප්‍රීතිය අනිරුද්ධ වේ නම් මේ එහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ ප්‍රීතියගේ ද විරාගයෙන් ද … තෘතීය ධ්‍යානයට පැමිණ වාස කරනේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද, එහිදු පර්‍ය්‍යායයෙන් සම්බාධය ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි උපේක්‍ෂා සුඛය අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධය වෙයි.
තවද ඇවැත්නි, මහණ සුඛප්‍රහාණයෙනුදු … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගම ය කියන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධයෙක් ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි රූපසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ වෙයි.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තය යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු සම්බාධයෙහි ඕකාසාධිගම ය භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකාසානඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ ද මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් ආකාසානඤ්චායතන ඉක්මවා විඥානය අනන්ත යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි විඤ්ඤාණඤ්චායතන සංඥාව අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය දෙසන ලද පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාසය කරන්නේ ය. ඇවැත්නි මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බාධයෙහි ඕකාසාධිගමය වදාරන ලද, පර්‍ය්‍යායයෙන් එහිදු සම්බාධ ඇත. එහි සම්බාධ නම් කවර? යම් හෙයෙකින් එහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා අනිරුද්ධ වේ නම් මේ මෙහි සම්බාධ යි.
තවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් සම්බාධයෙහි ඕකාසාධිගමය කියන ලදැ යි.
9. 1. 5. 2.
කායසක්ඛී සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, කායසක්ඛී, කායසක්ඛී යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් කායසක්ඛී පුද්ගලයා දෙසන ලද්දේ දැයි:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ය. යම් යම් සෙයකින් ඒ (ප්‍රථම ධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතන වේ නම් ඒ ඒ සෙයින් ඒ සමාපත්තිය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ ය.
ඇවැත්නි, තවද, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගල කියන ලද්දේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරන්නේය … සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණ කොට ‘විඤ්ඤාණය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැහැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය … සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ කායසක්ඛී පුද්ගලයා පර්‍ය්‍යායයෙන් දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් නාම කායයෙන් පැහැස වාසය කරන්නේ ය. ඇවැත්නි, එතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ නිෂ්පර්‍ය්‍යායයෙන් කායසක්ඛී පුද්ගලයා දෙසන ලදුයේ යි.
9. 1. 5. 3.
පඤ්ඤාවිමුත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘පඤ්ඤාවිමුත්ත’ ‘පඤ්ඤාවිමුත්ත’යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගලයා දෙසන ලද්දේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව ම … ප්‍රථම ධ්‍යානයට එළැඹ වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
තවද ඇවැත්නි, මහණ විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට … චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළැඹ වාසය කරන්නේ ය. (චතුර්‍ත්‍ථධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රඥා විමුක්තයා දෙසන ලද්දේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. (නේවසඤ්ඤානාසඤ්ඤායතන විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ප්‍රඥාවිමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණ කොට සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතන වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් විසින් ප්‍රඥාවිමුක්ත පුද්ගල නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලද්දේ යි.
9. 1. 5. 4.
උභතෝභාගවිමුත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ‘උභතෝභාගවිමුත්තය’ ‘උභතෝභාගවිමුත්තය’ යි කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් කරුණින් උභතෝභාගවිමුත්ත පුද්ගල දෙසන ලදුයේ දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන් ව මැ ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (ප්‍රථම ධ්‍යාන විදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු එම දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්ත පුද්ගල දෙසන ලදුයේ ය.
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළැඹ වාස කරන්නේ ය. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. (නෙවසඤ්ඤානාසඤ්ඤා විපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු එය දන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුත්ත පුද්ගල දෙසන ලද්දේ ය ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වාස කරන්නේ ය. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවෙනුදු දැන ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. යම් යම් සෙයෙකින් ඒ ආයතනය වේ නම් ඒ ඒ සෙයින් එය නාමකායයෙන් පැහැස වාස කරන්නේ ය. ප්‍රඥායෙනුදු එය දැන ගන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් උභතෝභාග විමුක්තයා දෙසන ලදුයේ ය යි.
9. 1. 5. 5.
සන්‍දිට්ඨිකධම්ම සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ධර්‍මය සන්‍දිට්ඨික ය, (තමා විසින් දැකිය යුත්තෙක) ධර්‍මය සන්‍දිට්ඨික යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් ධර්‍මය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැයි.
ඇවැත්නි මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි … ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිතනිරෝධයට එළැඹ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) නුවණිනුදු දැකැ ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු ධර්‍මය සන්‍දිට්ඨික යයි නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
9. 1. 5. 6.
සන්‍දිට්ඨිකනිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, සන්‍දිට්ඨික නිබ්බානය (තමා විසින් දැක්ක යුතු නිවන) සන්‍දිට්ඨික නිබ්බාන”යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් විසින් නිර්‍වාණය සන්‍දිට්ඨික යයි දෙසන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම … ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වථායෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. (සංඥාවේදයිතනිරෝධවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) ප්‍රඥායෙනුදු දැක ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු නිබ්බානය සන්‍දිට්ඨික යි භගවත්හු විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් දෙසන ලදැ යි.
9. 1. 5. 7.
නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, නිබ්බාන (කෙලෙස් නිවීම) නිබ්බාන යයි කියනු ලැබේ …
9. 1. 5. 8.
පරිනිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, පරිනිබ්බානය (පිරිනිවීම) පරිනිබ්බාන යයි කියනු ලැබේ …
9. 1. 5. 9.
තදඞ්ග නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, තදඞ්ගනිබ්බාන (ප්‍රථම ධ්‍යානාදි ඒ ඒ අංගයෙන් නිවීම) තදඞ්ගනිබ්බාන යයි කියනු ලැබේ ...
9. 1. 5. 10.
දිට්ඨධම්ම නිබ්බාන සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, දිට්ඨධම්මනිබ්බාන (ඒ අත් බැව්හිම නිවීම) දිට්ඨධම්මනිබ්බාන යයි කියනු ලැබේ … ඇවැත්නි, කෙතෙක් කරුණින් දිට්ඨධම්මනිබ්බාන යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද දැ යි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම … ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් දෙසන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. (නේවසඤ්ඤානාසඤ්ඤායතනවිපස්සනා යයි කියන ලද) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු දිට්ඨධම්මනිබ්බානය නිෂ්පර්‍ය්‍යායයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදැ යි.
පස්වැනි සාමඤ්ඤ වර්‍ග යි.
එහි උද්දානය:
සම්බාධ සූත්‍රය, කායසක්ඛී සූත්‍රය, පඤ්ඤාවිමුත්ත සූත්‍රය, උභතෝභාග සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, නිබ්බාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, තදඞ්ග සූත්‍රය, දිට්ඨධම්මික සූත්‍රය දැයි දසයෙකි.
පඨම පණ්ණාසකය සමාප්ත යි.
2. දෙවැනි පණ්ණාසකය
1. ඛේම වර්‍ගය
9. 2. 1. 1.
ඛේම සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛේම ය (නිරුපද්‍රව යයි) ඛේම යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙක් කරුණින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඛේමය වදාරන ලද දැයි.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් විවික්ත ව ම ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන් වහන්සේ විසින් පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලද ...
තවද ඇවැත්නි, මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. (සංඥාවේදයිතනිරෝධය) ප්‍රඥායෙනුදු දැක්මෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්‍ෂීණ වෙත්. ඇවැත්නි, මෙතෙකිනුදු භාග්‍යවතුන්වහන්සේ විසින් නිෂ්පර්‍ය්‍යායයෙන් ඛේමය වදාරන ලදැ යි.
9. 2. 1. 2.
ඛෙමප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, ඛෙමප්පත්ත ය (නිරුපද්‍රැත බවට පැමිණියේ ය) ඛෙමප්පත්ත යයි කියනු ලැබේ …
9. 2. 1. 3.
අමත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතය අමත යයි කියනු ලැබේ …
9. 2. 1. 4.
අමතප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අමතප්පත්ත ය අමතප්පත්ත යයි කියනු ලැබේ ...
9. 2. 1. 5.
අභය සූත්‍රය
[කොසැඹෑනිදාන යි]
ඇවැත්නි, අභය අභය යි කියනු ලැබේ …
9. 2. 1. 6.
අභයප්පත්ත සූත්‍රය
[කොසැඹෑනිදාන යි]