48. මහණෙනි, මේ සන්නිචයයෝ (රැස්කිරීම්) දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්නිචය හා ධම්මසන්නිචය හා යන දෙදෙනාය. මහණෙනි, මේ සන්නිචයයන් දෙදෙනා අතුරෙන් යම් ධම්මසන්නිචයයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 12.
49. මහණෙනි, මේ වෛපුල්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෛපුල්‍යය හා ධර්‍මමවෛපුල්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි වෛපුල්‍යයෝ දෙදෙනාය. මහණෙනි, මේ වෛපුල්‍යයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෛපුල්‍යයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
තුදුස්වන වග යි.
[15. සමාපත්ති වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 15. 1.
50. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 2.
51. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඍජුත්‍වය හා මෘදුත්‍වය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 3.
52. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ක්‍ෂාන්තිය (ඉවසීම) හා සුරතබව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 4.
53. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඛිල (මොළොක් තෙපුල් ඇති) බව හා පටිසන්‍ථාරය (පිළිසඳර) හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 5.
54. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: (කරුණා පූර්‍වභාගය වූ) අවිහිංසාව හා (ශීලවශයෙන් පිරිසිදු බව) සුචිභාවය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 6.
55. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි නො පියූදොර ඇති බව හා භෝජනයෙහි පමණ නොදන්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 7.
56. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි පියූ දොර ඇති බව හා භෝජනයෙහි පමණ දන්නා බව ද යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 8.
57. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ප්‍රත්‍යවේක්‍ෂාබල ය හා භාවනාබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 9.
58. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිබලය හා සමාධිබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 10.
59. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 11.
60. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිපත්තිය හා දෘෂ්ටිවිපත්තිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 12.
61. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලසම්පදාව හා දෘෂ්ටිසම්පදාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 13.
62. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශීලවිශුද්ධිය හා දෘෂ්ටිවිශුද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 14.
63. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දෘෂ්ටිවිශුද්ධිය හා දෘෂ්ටිය වූ පරිදි ප්‍රධන්වීර්‍ය්‍ය කිරීම හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 15.
64. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: කුශලධර්‍මයෙහි අසන්තුෂ්ටභාවය හා ප්‍රධන්වීර්‍ය්‍යයෙහි නො පසුබස්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 16.
65. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මුළාසිහිය හා නුනුවණ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 17.
66. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනා යි.
පසළොස්වන වග යි.
තුන්වන පණ්ණාසකය නිමි.
[16. ක්‍රෝධ වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 16. 1-5.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා යන දෙක ය. ... මක්ඛය හා පලාසය හා දෙකය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙකය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙකය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙකය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
2. 16. 6-10.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනිස්සාව හා අමච්ඡරිය හා දෙක ය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙකය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ධර්‍මයෝ දෙදෙනා යි.
2. 16. 11-15.
මහණෙනි, මේ ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසෙයි. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ දුක සේ වෙසේ යි.
2. 16. 16-20.
මහණෙනි, මේ දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසෙයි. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනිර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ සුවසේ වෙසේ යී.
2. 16. 21-25.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: ක්‍රෝධය හා උපනාහය හා දෙකය. ... මක්ඛය හා පලාසය හා දෙක ය. ... ඊර්‍ෂ්‍යාව හා මාත්සර්‍ය්‍යය හා දෙක ය. ... මායාව හා සාඨෙය්‍ය හා දෙක ය. ... අහිරිකය හා අනොත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 26-30.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙනෙක් පවතිත්. කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා දෙක ය. ... අමක්ඛය හා අපලාසය හා දෙක ය. ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා දෙකය. ... අමායාව හා අසාඨෙය්‍ය හා දෙක ය. ... හිරිය හා ඔත්තප්පය හා දෙක ය. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන පවතිත්.
2. 16. 31-35.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් නිරයෙහි වේ.
2. 16. 36-40.
මහණෙනි, ධර්‍මයෝ දෙකෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි ය. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.
2. 16. 41-45.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ, විනිපාත නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: ක්‍රෝධයෙන් හා උපනාහයෙන් හා දෙකෙනි. ... මක්ඛයෙන් හා පලාසයෙන් හා දෙකෙනි. ... ඊර්‍ෂ්‍යායෙන් හා මාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... මායාවෙන් හා සාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... අහිරිකයෙන් හා අනොත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් මේ දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුගති නම් වූ නිරයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
2. 16. 46-50.
මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ. කවර දෙකෙකින යත්: අක්‍රෝධයෙන් හා අනුපනාහයෙන් හා දෙකෙනි. ... අමක්ඛයෙන් හා අපලාසයෙන් හා දෙකෙනි. ... අනීර්‍ෂ්‍යායෙන් හා අමාත්සර්‍ය්‍යයෙන් හා දෙකෙනි. ... අමායාවෙන් හා අසාඨෙය්‍යයෙන් හා දෙකෙනි. ... හිරියෙන් හා ඔත්තප්පයෙන් හා දෙකෙනි. මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් දහම් දෙකින් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු සුගති නම් වූ, ස්වර්‍ගලෝකයට (පටිසන්‍ධි විසින්) පැමිණේ.
සොළොස්වන වග යි.
[17. සතළොස්වනවග]
1. අකුශල පෙය්‍යාලය
1-50.
මහණෙනි, මේ අකුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ කුසල් දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සාවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ අනවද්‍යධර්‍මයෝ දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ සුව වඩන දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුඃඛවිපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ සුඛ විපාක ඇති දහම්හු දෙදෙනෙක් වෙති. ... මහණෙනි, මේ දුක් සහිත ඇති දහම්හු දෙදෙනෙක් වෙති. … මහණෙනි, මේ නිදුක් දහම්හු දෙදෙනෙක් වෙති. … කවර දෙදෙනෙක යත්: අක්‍රෝධය හා අනුපනාහය හා. ... අමක්ඛය හා අපලාසය හා ... අනීර්‍ෂ්‍යාව හා අමාත්සර්‍ය්‍යය හා ... අමායාව හා අසාඨෙය්‍ය හා ... හිරිය හා ඔත්තප්පය හා දෙදෙන වෙති. මහණෙනි, මේ දහම්හු දෙදෙන නිදුක් දහම්හු වෙති.
අකුශල පෙය්‍යාලය නිමි.
2. විනය පෙය්‍යාලය
1-10.
මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදි. කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා සඞ්ඝයාගේ ඵාසුභාවය පිණිස හා යී ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා පේශල මහණුනට ඵාසුවිහාරය පිණිස හා යී ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන ආස්‍රවයන් වැළහීම පිණිස හා යි ... ඉහාත්මයෙහි වන වෙරයන් ගේ සංවරය පිණිස හා පරලොව්හි වන වෙරයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන දෝෂයන්ගේ සංවරය පිණිස හා පරලොව්හි වන දෝෂයන්ගේ වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන බිය වැළහීම පිණිස හා පරලොව්හි වන බිය වැළහීම පිණිස හා යී ... ඉහාත්මයෙහි වන අකුශල ධර්‍මයන්ගේ වැළහීම පිණිස හා පරලොව්හි වන අකුශලධර්‍මයන්ගේ වැළහීම පිණිස හා යී. ... ගිහියනට අනුකම්පා පිණිස හා පාපෙච්ඡයන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා යි. ... අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස හා යි ... සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයානුග්‍රහය පිණිස හා යි. ... මහණෙනි, මේ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට සිකපද පණවන ලදී.
11-300.
මහණෙනි, කරුණු දෙකක් පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට පාමොක් පණවන ලදී. ... පාමොක් උදෙසුම් පණවන ලදි. ... පාමොක් තැබීම් පණවන ලදි. ... පවාරණා පණවන ලදු ... පවාරණ තැබුම් පණවන ලදී. ... තජ්ජනීය කර්‍මය පණවන ලදී. ... නියස්සකර්‍මය පණවන ලදී. ... පබ්බාජනීයකර්‍මය පණවන ලදී. ... පටිසාරණීයකර්‍මය පණවන ලදී. ... උක්ඛේපනීයකර්‍මය පණවන ලදී. ... පරිවාසදානය පණවන ලදී. ... මූලායපටිකස්සනය පණවන ලදී. ... මානත්තදානය පණවන ලදී. ... අබ්භානය පණවන ලදී. ... ඔසාරණීයය පණවන ලදී. ... නිස්සාරණීයය පණවන ලදී. ... උපසපුව පණවන ලදී. ... ඤත්තිකර්‍මය පණවන ලදී. ... ඤත්තිදුතියකර්‍මය පණවන ලදී. ... ඤත්තිචතුත්‍ථකර්‍මය පණවන ලදී. ... නො පණවන ලද්දෙහි (සිකපද) පණවන ලදී. ... පණවන ලද්දෙහි අනුප්පඤ්ඤත්ති පණවන ලදු. ... සම්මුඛාවිනය පණවන ලදී. ... සතිවිනය පණවන ලදී. ... අමූළ්හවිනය පණවන ලදී. ... පටිඤ්ඤාතකරණය පණවන ලදී. යේභුය්‍යසිකාව පණවන ලදී. ... තස්සපාපිය්‍යසිකාව පණවන ලදී. තිණවත්‍ථාරකය පණවන ලදී. ...
කවර දෙකෙක යත්: සඞ්ඝයාගේ සුෂ්ඨුභාවය පිණිස හා ... සඞ්ඝඵාසුතාව පිණිස හා ... දුසිල් පුඟුලනට නිගා පිණිස හා ... පේශල භික්‍ෂුනට ඵාසුවිහාරය පිණිස හා ... ඉහාත්මයෙහි වන ආස්‍රවයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික ආස්‍රවයන්ගේ වැළහීම පිණිස හා … දෘෂ්ටධාර්මික වෙරයන්ගේ … විද්‍යයන්ගේ … භීතින්ගේ … අකුශලධර්‍මයන්ගේ සංවරය පිණිස හා … සම්පරායික අකුශල ධර්‍මයන්ගේ ප්‍රතිඝාතය පිණිස හා … ගිහියනට අනුකම්පා පිණිස හා … පාපේච්ඡායන්ගේ පක්‍ෂෝපච්ඡේදය පිණිස හා … අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හා … විනයානුග්‍රහය පිණිස හා යී. මහණෙනි, මෙ කරුණු දෙක පිණිස තථාගතයන් වහන්සේ විසින් සව්වනට තිණවත්‍ථාරකය පණවන ලදී.
විනයපෙය්‍යාලය නිමි.
රාගපෙය්‍යාලය
1-10.
මහණෙනි, රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ධර්‍මයෝ දෙදෙනෙක් වැඩිය යුත්තාහ.
කවර දෙදෙනෙක් යත්: සමථය හා විදර්‍ශනාව හා දෙදෙන ය. මහණෙනි රාගය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ. මහණෙනි රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
11-70.
මහණෙනි, ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ ... ශඨභාවයාගේ ... ස්තම්භයාගේ සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... ප්‍රමාදයාගේ ... ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... නිසර්‍ජනය පිණිස ... මේ ධර්‍මයෝ දෙදෙන වැඩිය යුත්තාහ.
රාගපෙය්‍යාලය නිමි.
සතළොස්වන වර්‍ගය නිමි.
දුකනිපාතය සමාප්තයි.
3. තිකනිපාතය
1. පඨමපණ්ණාසකය
[1. බාලවර්‍ගය]
3. 1. 1. 1.
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. පින්වතුන් වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.
මහණෙනි, යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
මහණෙනි, රනහුණින් සුසන් ගෙයක් හෝ තණ කරලින් සුසන් ගෙයක් හෝ ගිනි ඇවිළ ගත්තේ, ඇතුළත පිටත සුණුවමින් ගල්වන ලද, වැළැහු සුළං ඇති, පැහැසු කවුළු ඇති, යෙදූ දැල් කවුළුදොර ඇති කැණි දුන් ගෙය ද යම්සේ දවා ද, මහණෙනි, එසෙයින් ම යම් කිසි බිය කෙනෙක් උපදිත් නම් එහැම භීතීහු බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපද්‍රව කෙනෙක් උපදිත් නම් එහැම උපද්‍රවයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ. යම් කිසි උපසර්‍ග කෙනෙක් උපදිත් නම් එහැම උපසර්‍ගයෝ බාලයා කෙරෙන් උපදනාහ. පණ්ඩිතයා කෙරෙන් නූපදනාහ.
මහණෙනි, මෙසේ වනාහි බාල තෙමේ ප්‍රතිභය සහිත වේ. පණ්ඩිත තෙමේ ප්‍රතිභය රහිත වේ. බාල තෙමේ උපද්‍රව සහිත වේ. පණ්ඩිත තෙමේ උපද්‍රව රහිත වේ. බාල තෙමේ උපසර්‍ග සහිත වේ. පණ්ඩිත තෙමේ උපසර්‍ග රහිත වේ. මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් බියෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපද්‍රවයෙක් නැත. පණ්ඩිතයා කෙරෙන් උපසර්‍ගයෙක් නැත.
මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුතු නම්, ඒ ධර්‍ම තුණ නෙරැ යම්බඳු ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙම දතයුතු නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
3. 1. 1. 2.
2. මහණෙනි, බාල තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. පණ්ඩිත තෙමේ කර්‍මය ලකුණු කොට ඇතියේ ය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනී ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ බාලයා දතයුතු ය. කවර තුණෙකින යත්: කායදුශ්චරිතයෙන් හා වාග්දුශ්චරිතයෙන් හා මනෝදුශ්චරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ බාල තෙමේ දතයුතු ය.
මහණෙනි, ධර්‍ම තුණෙකින් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතුය: කවර තුණෙකින යත්: කායසුචරිතයෙන් හා වාක්දුචරිතයෙන් හා මනස්සුචරිතයෙන් හා යන තුණෙනි. මහණෙනි, මේ ධර්‍ම තුණෙන් සමන්‍වාගත වූ පණ්ඩිත තෙමේ දතයුතු ය.
මහණෙනි, එහෙයින් යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත බාල තෙම දත යුත්තේ නම්, ඒ තුන් ධර්‍මයන් නෙරැ යම් ධර්‍ම තුණෙකින් සමන්‍වාගත පණ්ඩිත තෙමේ දතයුත්තේ නම්, ඒ ධර්‍ම තුණ සමාදන් කොට ගෙණ පවත්නම්හ යි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.