Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9801-9900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJT[රාග සුත්තං]
Sinhala BJT[රාග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT1. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි, කවර තිදෙනෙක යත්:
Pali BJTරාගො, දොසො, මොහො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTරාගය හා ද්වේෂය හා මෝහය හා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙන යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තුන් දෙනෙක යත්:
Pali BJTරාගස්ස පහානාය අසුභා භාවෙතබ්බා. දොසස්ස පහානාය මෙත්තා භාවෙතබ්බා. මොහස්ස පහානාය පඤ්ඤා භාවෙතබ්බා.
Sinhala BJTරාගයාගේ ප්‍රහාණය පිණිස අශුභය වැඩියයුතු යැ, ද්වේෂයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතුයැ, මෝහයාගේ ප්‍රහාණය පිණිස ප්‍රඥාව වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය පිණිස මෙතුන් දහම් වැඩිය යුතු යි.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJT[දුච්චරිත සුත්තං]
Sinhala BJT[දුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT2. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
Pali BJTකායදුච්චරිතං, වචීදුච්චරිතං, මනොදුච්චරිතං. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTකායදුශ්චරිත ය, වචීදුශ්චරිත ය, මනෝදුශ්චරිතය යි. මහණෙනි, මොහු තුන්ධර්‍මයෝ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩියයුතු වෙත්. කවර තිදෙනෙක යත්:
Pali BJTකායදුච්චරිතස්ස පහානාය කායසුචරිතං භාවෙතබ්බං. වචීදුච්චරිතස්ස පහානාය වචීසුචරිතං භාවෙතබ්බං. මනොදුච්චරිතස්ස පහානාය මනො සුචරිතං භාවෙතබ්බං.
Sinhala BJTමහණෙනි, කායදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා කායසුචරිතය වැඩිය යුතු යැ, වාග්දුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා වාක්සුචරිතය වැඩිය යුතු යැ, මනෝදුශ්චරිතයාගේ ප්‍රහාණය සඳහා මනෝසුචරිතය වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මේ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුතු වෙත් යයි.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJT[විතක්ක සුත්තං]
Sinhala BJT[විතක්ක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT3. මහණෙනි, මෙ දහම්හු තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
Pali BJTකාමවිතක්කො, ව්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTකාමවිතර්‍කය හා ව්‍යාපාදවිතර්‍කය හා විහිංසාවිතර්‍කය යි. මහණෙනි, මොහු තුන් ධර්‍මයෝ ය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මේ තුන් දහම් පැහීමට තුන් දහමෙක් වැඩිය යුතුය. කවර තුණෙක යත්:
Pali BJTකාමවිතක්කස්ස පහානාය නෙක්ඛම්මවිතක්කො භාවෙතබ්බො. ව්යාපාදවිතක්කස්ස පහානාය අව්යාපාදවිතක්කො භාවෙතබ්බො විහිංසාවිතක්කස්ස පහානාය අවිහිංසාවිතක්කො භාවෙතබ්බො.
Sinhala BJTකාමවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍ය විතර්‍කය වැඩියයුතු, ව්‍යාපාද විතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදවිතර්‍කය වැඩිය යුතු, විහිංසාවිතර්‍කයාගේ ප්‍රහාණය සඳහා අවිහිංසාවිතර්‍කය වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ ත්‍රිවිධ ධර්‍ම ප්‍රහීණ කිරීමට මෙ ධර්‍මත්‍රය වැඩිය යුතු යයි.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJT[සඤ්ඤා සුත්තං]
Sinhala BJT[සඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT4. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
Pali BJTකාමසඤ්ඤා, ව්යාපාදසඤ්ඤා, විහිංසාසඤ්ඤා ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTකාමසංඥා, ව්‍යාපාදසංඥා, විහිංසාසංඥා යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ තුන් දහම් ප්‍රහීණ කිරීම සඳහා ධර්‍ම තුණෙක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
Pali BJTකාමසඤ්ඤාය පහානාය නෙක්ඛම්මසඤ්ඤා භාවෙතබ්බා ව්යාපාදසඤ්ඤාය පහානාය අව්යාපාදසඤ්ඤා භාවෙතබ්බා විහිංසාසඤ්ඤාය පහානාය අවිහිංසාසඤ්ඤා භාවෙතබ්බා.
Sinhala BJTකාමසංඥාවගේ ප්‍රහාණය සඳහා නෛෂ්ක්‍රම්‍යසංඥා වැඩිය යුතු, ව්‍යාපාදසංඥාවගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාද සංඥා වැඩිය යුතු, විහිංසාසංඥාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාසංඥාව වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍මයන් තුන්දෙනා ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම් වැඩියයුතු යයි.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJT[ධාතු සුත්තං]
Sinhala BJT[ධාතු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT5. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනෙකි. කවර තුන්දෙනෙක යත්:
Pali BJTකාමධාතු, ව්යාපාදධාතු, විහිංසා ධාතු. ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTකාමධාතු හා ව්‍යාපාදධාතු හා විහිංසාධාතු යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙන යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩිය යුතු ය. කවර තිදෙනෙක යත්:
Pali BJTකාමධාතුයා පහානාය නෙක්ඛම්මධාතු භාවෙතබ්බා. ව්යාපාදධාතුයා පහානාය අව්යාපාදධාතු භාවෙතබ්බා. විහිංසාධාතුයා පහානාය අවිහිංසා ධාතු භාවෙතබ්බා
Sinhala BJTකාමධාතුහුගේ ප්‍රහාණය සඳහා නෙක්ඛම්මධාතුව වැඩියයුතු යැ, ව්‍යාපාදධාතුහුගේ ප්‍රහාණය සඳහා අව්‍යාපාදධාතුව වැඩිය යුතු යැ, විහිංසාධාතුහුගේ ප්‍රහාණය සඳහා අවිහිංසාධාතුව වැඩිය යුතුයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJT[අස්සාද සුත්තං]
Sinhala BJT[අස්සාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT6. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනක යත්:
Pali BJTඅස්සාදදිට්ඨි, අත්තානුදිට්ඨි, මිච්ඡාදිට්ඨි, ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTආස්වාද (ශාශ්වත) දෘෂ්ටිය හා ආත්මානු (සත්කාය) දෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටි (දෙසැටමිසදිටු) යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙ තබ්බා. කතමෙ තයො:
Sinhala BJTමෙ ධර්‍මයන් තිදෙන ප්‍රහීණ කරණු සඳහා ධර්‍මයෝ තිදෙනෙක් වැඩිය යුතු. කවර තිදෙනෙක යත්:
Pali BJTඅස්සාදදිට්ඨියා පහානාය අනිච්චසඤ්ඤා භාවෙතබ්බා. අත්තානුදිට්ඨියා පහානාය අනත්තසඤ්ඤා භාවෙතබ්බා. මිච්ඡාදිට්ඨියා පහානාය සම්මාදිට්ඨි භාවෙතබ්බා.
Sinhala BJTආස්වාදදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනිත්‍යසංඥා වැඩිය යුතු ය. ආත්මානුදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා අනාත්මසංඥා වැඩිය යුතු යැ, මිථ්‍යාදෘෂ්ටිහුගේ ප්‍රහාණය සඳහා මාර්‍ග සම්‍යග්දෘෂ්ටිය වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ තුන් දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJT[අරති සුත්තං]
Sinhala BJT[අරති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT7. මහණෙනි, මෙ දහම්හු තිදෙනෙකි. කවර තිදෙනෙක යත්:
Pali BJTඅරති, විහිංසා, අධම්මචරියා, ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTඅරති හා විහිංසා හා අධම්මචරියා යි. මහණෙනි, මෙ දහම් තිදෙන ය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ දහම් තුණ ප්‍රහීණ කිරීමට දහම් තුණක් වැඩිය යුතු. කවර තුණෙක යත්:
Pali BJTඅරතියා පහානාය මුදිතා භාවෙතබ්බා, විහිංසාය{1} පහානාය අවිහිංසා භාවෙතබ්බා. අධම්මචරියාය පහානාය ධම්මචරියා භාවෙතබ්බා.
Sinhala BJTඅරතිහුගේ ප්‍රහාණය සඳහා මුදිතා වැඩිය යුතු ය. විහිංසාවගේ ප්‍රහාණය සඳහා අවිහිංසාව වැඩිය යුතු ය. අධර්‍මචර්‍ය්‍යාවගේ ප්‍රහාණය සඳහා ධර්‍මචර්‍ය්‍යාව වැඩියයුතු.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් තිදෙනගේ ප්‍රහාණය සඳහා මෙ දහම් තිදෙන වැඩිය යුත්තාහ යි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJT[අසන්තුට්ඨි සුත්තං]{2}
Sinhala BJT[අසන්තුට්ඨිතා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT8. මහණෙනි, මෙ ධර්‍මයෝ තිදෙනෙකි. කවර තිදෙනක යත්:
Pali BJTඅසන්තුට්ඨිතා, අසම්පජඤ්ඤං, මහිච්ඡතා, ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTඅසන්තුට්ඨිතා ය, අසම්පජඤ්ඤ ය, මහිච්ඡතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ තුන්දෙනා යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ දහම් තිදෙනාගේ ප්‍රහාණය සඳහා දහම් තිදෙනෙක් වැඩියයුත්තාහ. කවර තිදෙනෙක යත්:
Pali BJTඅසන්තුට්ඨිතාය පහානාය සන්තුට්ඨිතා භාවෙතබ්බා. අසම්පජඤ්ඤස්ස පහානාය සම්පජඤ්ඤං භාවෙතබ්බං. මහිච්ඡතාය පහානාය අප්පිච්ඡතා භාවෙතබ්බා.
Sinhala BJTඅසන්තුෂ්ටියගේ ප්‍රහාණය පිණිස සන්තුෂ්ටිතාව වැඩියයුතු, අසම්ප්‍රජන්‍යයාගේ ප්‍රහාණය පිණිස සම්ප්‍රජන්‍යය වැඩියයුතු, මහේච්ඡතාවගේ ප්‍රහාණය පිණිස අල්පේච්ඡතාව (ඉච්ඡා නැතිබව) වැඩියයුතු.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ තුන් ධර්‍මයන් ප්‍රහීණ කිරීමට මෙ තුන් ධර්‍මයෝ වැඩිය යුත්තාහ.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJT[දොවචස්සතා සුත්තං]
Sinhala BJT[දෝවචස්සතා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT9. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
Pali BJTදොවචස්සතා, පාපමිත්තතා, චෙතසො වික්ඛෙපො, ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTදෝවචස්සතා ය, පාපමිත්තතා ය, චිත්තයාගේ වික්‍ෂේප ය යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ දහම් තුණ පහනු සඳහා දහම් තුණෙක් වැඩියයුතු. කවර තුණෙක යත්:
Pali BJTදොවචස්සතාය පහානාය සොවචස්සතා භාවෙතබ්බා පාපමිත්තතාය පහානාය කල්යාණමිත්තතා භාවෙතබ්බා. චෙතසො වික්ඛෙපස්ස පහානාය ආනාපානසති භාවෙතබ්බා.
Sinhala BJTදුර්‍වචභාවය දුරු කරණු සඳහා සුවචභාවය වැඩියයුතු, පවිටු මිතුරන් ඇතිබව ප්‍රහීණ කරණු සඳහා කලණමිතුරන් ඇතිබව වැඩියයුතු, චිත්තයාගේ වික්‍ෂේපය දුරලනු සඳහා ආනාපානසතිය වැඩිය යුතු.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ තුන්දහමුන්ගේ ප්‍රහාණය සඳහා මෙ තුන්දම වැඩිය යුතුය යි.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJT[උද්ධච්ච සුත්තං]
Sinhala BJT[උද්ධච්ච සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. තයො මෙ භික්ඛවෙ ධම්මා. කතමෙ තයො:
Sinhala BJT10. මහණෙනි, මෙ දහම් තුණෙකි. කවර තුණෙක යත්:
Pali BJTඋද්ධච්චං, අසංවරො, පමාදො, ඉමෙ ඛො භික්ඛවෙ තයො ධම්මා.
Sinhala BJTඋද්ධච්චය හා අසංවරය හා පමාද යි. මහණෙනි, මෙ දහම් තුණ යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය තයො ධම්මා භාවෙතබ්බා. කතමෙ තයො:
Sinhala BJTමහණෙනි, මෙ තුන් දහම් දුරු කරණු සඳහා දහම් තුණෙක් වැඩිය යුතු ය. කවර තුණෙක යත්:
Pali BJTඋද්ධච්චස්ස පහානාය සමථො භාවෙතබ්බො. අසංවරස්ස පහානාය සංවරො භාවෙතබ්බො. පමාදස්ස පහානාය අප්පමාදො භාවෙතබ්බො
Sinhala BJTඋද්ධච්චයාගේ ප්‍රහාණය පිණිස සමථය වැඩිය යුතු. අසංවරයාගේ ප්‍රහාණය සඳහා සංවරය වැඩිය යුතු. ප්‍රමාදයාගේ ප්‍රහාණය පිණිස අප්‍රමාදය වැඩිය යුතු යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණං ධම්මානං පහානාය ඉමෙ තයො ධම්මා භාවෙතබ්බාති.
Sinhala BJTමහණෙනි, මෙ තුන්දහම් ප්‍රහීණ කරණු සඳහා මෙ ධර්‍ම තුණ වැඩිය යුතු යයි.
Pali BJTතික වග්ගො.
Sinhala BJTතික වර්‍ගය.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTරාගදුච්චරිත විතක්කසඤ්ඤා ධාතූති වුච්චති, අස්සාද අරතිතුට්ඨි දොව ච උද්ධච්චෙන වග්ගො’ති{1}
Sinhala BJTරාග සූත්‍රය, දුච්චරිත සූත්‍රය, විතක්ක සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, ධාතු සූත්‍රය, අස්සාද සූත්‍රය, අරති සූත්‍රය, අසන්තුට්ඨිතා සූත්‍රය, දෝවචස්ස සූත්‍රය, උද්ධච්ච සූත්‍රය දැයි දසයෙකි.
Pali BJT2. සාමඤ්ඤවග්ගො.
Sinhala BJT2. සාමඤ්ඤ වර්‍ගය
Pali BJT6. 2. 1.
Sinhala BJT6. 2. 1.
Pali BJT[කායානුපස්සී සුත්තං]
Sinhala BJT[කායානුපස්සී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො කායෙ කායානුපස්සී විහරිතුං. කතමෙ ඡ:
Sinhala BJT1. මහණෙනි, කරුණු සයක් නො පහා කයෙහි කායානුදර්ශී ව (කය පිළිකුල් ආදීන් බලමින්) වාස කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකම්මාරාමතං, භස්සාරාමතං, නිද්දාරාමතං, සඞ්ගණිකාරාමතං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤූතං.
Sinhala BJTකම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉඳුරන්හි පියූ දොර නැතිබව ය, භෝජනයෙහි පමණ නොදන්නා බව යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො කායෙ කායානුපස්සී විහරිතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය නො දුරලා කයෙහි කායානුදර්ශී ව වසන්නට අභ්‍යව්‍ය වේ ය යි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො කායෙ කායානුපස්සී විහරිතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, කරුණු සයක් දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකම්මාරාමතං, භස්සාරාමතං, නිද්දාරාමතං, සඞ්ගණිකාරාමතං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤුතං.
Sinhala BJTකම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො කායෙ කායානුපස්සී විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය දුරු කොට කයෙහි කායානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.
Pali BJT6. 2. 2-15.
Sinhala BJT6. 2. 2-15.
Pali BJT[අජ්ඣත්තකායානුපස්සි ආදි පඤ්චදස සුත්තානි]
Sinhala BJT[අජ්ඣත්තකායානුපස්සී ආදී සූත්‍ර පසළොස]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2-15. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අජ්ඣත්තං කායෙ (කායානුපස්සී විහරිතුං) -පෙ- බහිද්ධා කායෙ -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ -පෙ- වෙදනාසු -පෙ- අජ්ඣත්තං වෙදනාසු -පෙ- බහිද්ධා වෙදනාසු -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- අජ්ඣත්තං චිත්තෙ -පෙ- බහිද්ධා චිත්තෙ -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ -පෙ- ධම්මෙසු -පෙ- අජ්ඣත්තං ධම්මෙසු -පෙ- බහිද්ධා ධම්මෙසු -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරිතුං. කතමෙ ඡ:
Sinhala BJT2-15. මහණෙනි, කරුණු සයක් දුරු නො කොට අධ්‍යාත්මකායයෙහි කායානුදර්ශී ව වසන්නට … බාහිරකායයෙහි … අධ්‍යාත්මබාහිරකායයෙහි … වේදනාවන්හි … අධ්‍යාත්මවේදනාවන්හි … බාහිරවේදනාවන්හි … අධ්‍යාත්මබාහිරවේදනාවන්හි … චිත්තයෙහි … අධ්‍යාත්මචිත්තයෙහි ... බාහිරචිත්තයෙහි … අධ්‍යාත්මබාහිරචිත්තයෙහි … ධර්‍මයන්හි … අධ්‍යාත්මධර්‍මයන්හි … බාහිරධර්‍මයන්හි … අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකම්මාරාමතං, භස්සාරාමතං, නිද්දාරාමතං, සඞ්ගණිකාරාමතං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤුතං.
Sinhala BJTකම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතා ය, භෝජනයෙහි අමාත්‍රඥතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සය දුරු කොට අධ්‍යාත්මබාහිරධර්‍මයන්හි ධර්‍මානුදර්ශී ව වසන්නට භව්‍ය වේ යයි.
Pali BJT6. 2. 16.
Sinhala BJT6. 2. 16.