Pali BJT38. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි, කතමානි ඡ:
Sinhala BJT38. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
Pali BJTඅභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සත්ථරි අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ධම්මෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝෙ අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සික්ඛාය අගාරවො විහරිතුං අප්පතිස්සො, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අනාගමනීයං වත්ථුං පච්චාගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අට්ඨමං භවං නිබ්බත්තෙතුං.
Sinhala BJTදෘෂ්ටිසම්පන්න පුද්ගල ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ධර්‍මය කෙරෙහි අගෞරව ඇති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල අනාගමනීය (පඤ්චවේර-ද්වාසට්ඨිදිට්ඨි යන) කරුණට ප්‍රත්‍යාගමන (ආපසු පැමිණීම) කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල (කාමාවචර භූමියෙහි) අෂ්ටම භවයක් උපදවන්නට නො නිසි වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
Sinhala BJTමහණෙනි, මේ අභව්‍යස්ථාන සය යි.
Pali BJT6. 2. 4. 9.
Sinhala BJT6. 2. 4. 9.
Pali BJT[දුතිය අභබ්බට්ඨාන සුත්තං]
Sinhala BJT[දුතිය අභබ්බට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි. කතමානි ඡ:
Sinhala BJT39. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
Pali BJTඅභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ආනන්තරියකම්මං කාතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො කොතූහලමඞ්ගලෙන සුද්ධිං පච්චාගන්තුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසිතුං.
Sinhala BJTදෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් නිත්‍ය විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි සංස්කාරයක් ශුභ විසින් පිළිගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල කිසි ධර්‍මයක් ආත්ම විසින් ගන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල ආනන්තර්‍ය්‍යකර්‍ම කරන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටි සම්පන්න පුද්ගල (දිට්ඨ සුත මුත සඞ්ඛ්‍යාත) කොතුහලමඞ්ගලයෙන් ශුද්ධිය කරා හැරීමට (පිරිසුදුබව පිළිගැණීමට) අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයන්නට අභව්‍ය වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
Sinhala BJTමහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
Pali BJT6. 2. 4. 10.
Sinhala BJT6. 2. 4. 10.
Pali BJT[තතිය අභබ්බට්ඨාන සුත්තං]
Sinhala BJT[තතිය අභබ්බට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි. කතමානි ඡ:
Sinhala BJT40. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
Pali BJTඅභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අරහන්තං ජීවිතා වොරොපෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදෙතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දිතුං, අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං.
Sinhala BJTදෘෂ්ටිසම්පන්න පුද්ගල මව දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල පියා දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල රහතුන් දිවියෙන් ගළවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙන් ලෙහෙ උපදවන්නට අභව්‍ය වෙයි, දෘෂ්ටිසම්පන්න පුද්ගල සඞ්ඝයා බිඳුවන්නට අභව්‍ය වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
Sinhala BJTමහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
Pali BJT6. 2. 4. 11.
Sinhala BJT6. 2. 4. 11.
Pali BJT[චතුත්ථ අභබ්බට්ඨාන සුත්තං{*}]
Sinhala BJT[චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. ඡයිමානි භික්ඛවෙ අභබ්බට්ඨානානි. කතමානි ඡ:
Sinhala BJT41. මහණෙනි, මෙ අභව්‍යස්ථාන සයෙකි. කවර සයෙක යත්:
Pali BJTඅභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සයංකතං සුඛදුක්ඛං පච්චාගන්තුං. අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො පරංකතං සුඛදුක්ඛං පච්චාගන්තුං. අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛං පච්චාගන්තුං. අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අසයංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පච්චාගන්තුං. අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පච්චාගන්තුං. අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො අසයංකාරඤ්ච අපරංකාරඤ්ච අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛං පච්චාගන්තුං. තං කිස්ස හෙතු:
Sinhala BJTදෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙම ස්වයංකෘත (තමා විසින් කරණ ලදැයි ආත්මවාදීන් කියන) සුඛදුඃඛ (නිත්‍ය ශුභ ආත්ම විසින් පිළිගන්නට අභව්‍ය වෙයි). දෘෂ්ටිසම්පන්න පුද්ගල පරකෘත (පරා විසින් කරණ ලදැයි කියන) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල ස්වයංකෘත වූත් පරකෘත වූත් සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ අධීත්‍යසමුත්පන්න (හේතු රහිතව උපන්) සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අපරංකාර වූ අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි. දෘෂ්ටිසම්පන්න පුද්ගල අසයංකාර වූ ද අපරංකාර වූ ද අධීත්‍යසමුත්පන්න සුඛදුඃඛ පිළිගන්නට අභව්‍ය වෙයි.
Pali BJTතථා හිස්ස භික්ඛවෙ දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස හෙතු ච සුදිට්ඨො. හෙතුසමුප්පන්නා ච ධම්මා.
Sinhala BJTඑ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් එ දෘෂ්ටිසම්පන්න පුද්ගලයා විසින් හේතුව ද හේතුසමුත්පන්න ධර්‍මයෝ ද මොනොවට දක්නා ලද්දාහු ද, එහෙයිනි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අභබ්බට්ඨානානීති.
Sinhala BJTමහණෙනි, මෙ අභව්‍යස්ථාන සය යි.
Pali BJTසීතිවග්ගො චතුත්ථො.{1}
Sinhala BJTසීතිවර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසීතිභාවං ආවරණං වොරොපිතා සුසූසති අප්පහාය පහීණ‘භබ්බො තිඨානා චතුරොපි චාති. {2}
Sinhala BJTසීතිභාව සූත්‍රය, ආවරණ සූත්‍රය, වෝරෝපිත සූත්‍රය, සුස්සූසති සූත්‍රය, අප්පහාය සූත්‍රය, පහීණ සූත්‍රය, අභබ්බ සූත්‍රය, පඨම, දුතිය, තතිය, චතුත්‍ථ අභබ්බට්ඨාන සූත්‍රයෝ දැයි සූත්‍ර එකොළොසෙකි.
Pali BJT5. ආනිසංස වග්ගො
Sinhala BJT5. ආනිසංස වර්‍ගය
Pali BJT6. 2. 5. 1.
Sinhala BJT6. 2. 5. 1.
Pali BJT[පාතුභාව සුත්තං]
Sinhala BJT[පාතුභාව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. ඡන්නං භික්ඛවෙ පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං ඡන්නං:
Sinhala BJT42. මහණෙනි, සදෙනකුන්ගේ පාළවීම ලොව්හි දුර්‍ලභ වෙයි. කවර සදෙනකුන්ගේ ය යත්:
Pali BJTතථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං, තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං, අරියායතනෙ පච්චාජාති දුල්ලභා{1} ලොකස්මිං, ඉන්ද්රියානං අවෙකල්ලතා දුල්ලභා ලොකස්මිං, අජළතා අනෙලමූගතා දුල්ලභා ලොකස්මිං, කුසලධම්මච්ඡන්දො{2} දුල්ලභො ලොකස්මිං.
Sinhala BJTතථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ගේ පහළවීම ලොව්හි දුර්‍ලභ වෙයි, තථාගතප්‍රවිදිත ධර්‍ම විනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි, ආර්‍ය්‍යායතනයෙහි (මධ්‍යමදේශයෙහි) ඉපැත්ම ලොව්හි දුර්‍ලභ වෙයි, ලොව්හි ඉන්‍ද්‍රියයන්ගේ අවිකලභාවය දුර්‍ලභ වෙයි, ලොව්හි අජඩතා හා අනෙලමූගත්‍ව දුර්‍ලභ වෙයි, ලොව්හි කුශලධර්‍මච්ඡන්‍දය දුර්‍ලභ වෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ ඡන්නං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මෙ සදෙනාගේ පාළවීම දුර්‍ලභ වෙයි.
Pali BJT6. 2. 5. 2.
Sinhala BJT6. 2. 5. 2.
Pali BJT[ආනිසංස සුත්තං]
Sinhala BJT[ආනිසංස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT43. ඡයිමෙ භික්ඛවෙ ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියාය. කතමෙ ඡ:
Sinhala BJT43. මහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සයෙකි. කවර සයෙක යත්:
Pali BJTසද්ධම්මනියතො හොති, අපරිහානධම්මො හොති, පරියන්තකතස්ස දුක්ඛං න හොති,{3} අසාධාරණෙන ඤාණෙන සමන්නාගතො හොති, හෙතු චස්ස සුදිට්ඨො, හෙතුසමුප්පන්නා ච ධම්මා.
Sinhala BJTශාසන සද්ධර්‍මයෙහි නියත වෙයි, නො පිරිහෙන සැහැවි ඇතියේ වෙයි, කෙළවර කරණලද කෙලෙස් පිළිබඳ දුක් (නැවත) නො වෙයි, (පුහුදුන් හා) අසාධාරණඥානයෙන් සමන්‍වාගත වෙයි, ඔහු විසින් හේතු ද මොනොවට දක්නාලදුයේ වේ, හේතු සමුත්පන්නධර්‍මයෝ ද මොනොවට දක්නාලදහ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියායා’ති.
Sinhala BJTමහණෙනි, ස්‍රෝතාපත්තිඵල සාක්‍ෂාත් ක්‍රියායෙහි මෙ අනුසස් සය යි.
Pali BJT6. 2. 5. 3.
Sinhala BJT6. 2. 5. 3.
Pali BJT[අනිච්ච සුත්තං]
Sinhala BJT[අනිච්ච සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො, සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT44. මහණෙනි, එ මහණ කිසිදු සංස්කාරයන් නිත්‍යවශයෙන් බලන්නේ අනුලෝමක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය’ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍ව නියාමයට නො බස්නේ සෝවත්පල වේවයි සෙදගැමිපල වේවයි අනගැමිපල වේවයි රහත්පල වේවයි පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සබ්බසඞ්ඛාරං{4} අනිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති ඨානමෙතං විජ්ජති. සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTමහණෙනි, එ මහණ එකැතින් සර්‍වසංස්කාරයන් අනිත්‍ය විසින් දක්නේ, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි, අනුලෝමික ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍ව නියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ පසක් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 5. 4.
Sinhala BJT6. 2. 5. 4.
Pali BJT[දුක්ඛ සුත්තං]
Sinhala BJT[දුක්ඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චිසඞ්ඛාරං සුඛතො සමනුපස්සන්තො -පෙ- නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT45. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි සංස්කාරයක් සුබ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සබ්බසඞ්ඛාරං දුක්ඛතො සමනුපස්සන්තො -පෙ- ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඒ මහණ එකැතින් සර්‍ව සංස්කාරයන් දුඃඛ විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 5. 5.
Sinhala BJT6. 2. 5. 5.
Pali BJT[අනත්ත සුත්තං]
Sinhala BJT[අනත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. සො වත භික්ඛවෙ භික්ඛු කඤ්චිධම්මං අත්තතො සමනුපස්සන්තො -පෙ- නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT46. මහණෙනි, ඒ මහණ එකැතින් කිසි ධර්‍මයක් ආත්මවශයෙන් දක්නේ … තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සබ්බධම්මං{1} අනත්තතො සමනුපස්සන්තො -පෙ- ඨානමෙතං විජ්ජති.
Sinhala BJTඒ මහණ එකැතින් සර්‍ව ධර්‍මයන් අනාත්ම විසින් දක්නේ … තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 10. 6.
Sinhala BJT6. 2. 5. 6.
Pali BJT[නිබ්බාන සුත්තං]
Sinhala BJT[නිබ්බාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. සො වත භික්ඛවෙ භික්ඛු නිබ්බානං දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති. සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT47. මහණෙනි, එකැතින් ඒ මහණ නිර්‍වාණය දුඃඛ විසින් දක්මින් අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත නො වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්ත්‍වනියාමයට නො බස්මින් සෝතාපත්තිඵලය වේවයි සකදාගාමිඵලය වේවයි අනාගාමි ඵලය වේවයි අර්‍හත්ඵලය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු නිබ්බානං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති ඨානමෙතං විජ්ජති. අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති ඨානමෙතං විජ්ජති. සම්මත්තනියාමං ඔක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTමහණෙනි, ඒ මහණ එකැතින් නිර්‍වාණය සුඛ විසින් දක්නේ අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. අනුලොමිකක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්ත්‍වනියාමයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බස්නේ සෝතාපත්තිඵලය හෝ සකදාගාමිඵලය හෝ අනාගාමිඵලය හෝ අර්‍හත්ඵලය හෝ සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 5. 7.
Sinhala BJT6. 2. 5. 7.
Pali BJT[අනවත්ථිත සුත්තං]
Sinhala BJT[අනවත්‍ථිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. ඡ භික්ඛවෙ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා අනිච්චසඤ්ඤං උපට්ඨාපෙතුං. කතමෙ ඡ:
Sinhala BJT48. මහණෙනි, අනුසස් සයක් මොනොවට දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා (කොටස්) රහිත කොට අනිත්‍යසංඥාව සිත්හි එළවා ගන්නට නිසි වේ මැ යි. කවර සයෙක යත්:
Pali BJTසබ්බසඞ්ඛාරා ච මෙ අනවට්ඨිතතො{2} ඛායිස්සන්ති, සබ්බලොකෙ ච මෙ මනො නාභිරමිස්සති, සබ්බලොකා ච මෙ මනො වුට්ඨහිස්සති, නිබ්බානපොණං ච මෙ මානසං භවිස්සති, සංයොජනා ච මෙ පහාණං ගච්ඡන්ති{3}, පරමෙන ච සාමඤ්ඤෙන සමන්නාගතො භවිස්සතීති.{4}
Sinhala BJTහැම සංස්කාරයෝ අනවස්ථිත (ස්ථාන භේද රහිත ව බිඳෙනසුලු) සෙයින් මට වැටහෙත්, (ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) හැම ලොව්හිදු මාගේ සිත නො ඇලෙන්නේ ය, මාගේ සිත සකල ත්‍රෛධාතුක ලෝකයෙන් ද නැඟ සිටුනේ ය, මාගේ චිත්තය නිර්‍වාණයට නැඹුරු වන්නේ ය, මාගේ සංයෝජනයෝ ද ප්‍රහාණයට යන්නාහ, උත්තම ශ්‍රමණභාවයෙන් (ආර්‍ය මාර්‍ගයෙන්) සමන්‍වාගත ද වන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා අනිච්චසඤ්ඤං උපට්ඨාපෙතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් හැම සංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනිත්‍යසංඥාව එළවන්නට සුදුසු ය යි.
Pali BJT6. 2. 5. 8.
Sinhala BJT6. 2. 5. 8.
Pali BJT[උක්ඛිත්තාසික සුත්තං]
Sinhala BJT[උක්ඛිත්තාසික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. ඡ භික්ඛවෙ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා දුක්ඛසඤ්ඤං උපට්ඨාපෙතුං. කතමෙ ඡ:
Sinhala BJT49. මහණෙනි, අනුසස් සයක් මැනවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට දුඃඛසංඥාව එළවන්නට නිසි මැ යි. කවර සයෙක යත්:
Pali BJTසබ්බසඞ්ඛාරෙසු ච මෙ නිබ්බිදසඤ්ඤා{1} පච්චුපට්ඨිතා භවිස්සති සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ. සබ්බලොකා ච මෙ මනො වුට්ඨහිස්සති. නිබ්බානෙ ච සන්තදස්සාවී භවිස්සාමි. අනුසයා ච මෙ සමුග්ඝාතං ගච්ඡන්ති. කිච්චකාරී ච භවිස්සාමි. සත්ථා ච මෙ පරිචිණ්ණො භවිස්සති මෙත්තාවතායාතී.
Sinhala BJTඔසොවාගත් අසිපත් ඇති වධකයා කෙරෙහි මෙන් සර්‍වසංස්කාරයන්හිදු මගේ නිර්වේදසංඥාව එළඹ සිටියේ වෙයි, සකල ත්‍රෛධාතුක ලෝකයෙන් මාගේ සිත ද නැඟ සිටුනේ ය, නිර්‍වාණයෙහි මැ ශාන්තභාවය දක්නෙම් වන්නෙමි, මාගේ අනුශයයෝ ද මුලුසුන් බවට යෙති, සිවුමඟ කරණී කරණ සුලු වන්නෙමි, ශාස්තෘහු ද මා විසින් මෙත්සහගිය පරිචරණයෙන් (වතින්) අරියනලද්දාහු වෙති යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා දුක්ඛසඤ්ඤං උපට්ඨාපෙතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ අනුසස් සය දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි කොටස් නො බෙදා දුඃඛසංඥාව එළවන්නට වටනේ ය යි.
Pali BJT6. 2. 5. 9.
Sinhala BJT6. 2. 5. 9.
Pali BJT[අතම්මය සුත්තං]
Sinhala BJT[අතම්මය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. ඡ භික්ඛවෙ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු{2} අනොධිං කරිත්වා අනත්තසඤ්ඤං උපට්ඨාපෙතුං කතමෙ ඡ:
Sinhala BJT50. මහණෙනි, අනුසස් සයක් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයන්හි මර්‍ය්‍යාදා රහිත කොට අනාත්මසංඥාව එළවන්නට වටනේ ය. කවර සයෙකින යත්:
Pali BJTසබ්බලොකෙ ච අතම්මයො භවිස්සාමි. අහඞ්කාරා{3} ච මෙ උපරුජ්ඣිස්සන්ති. මමඞ්කාරා{4} ච මෙ උපරුජ්ඣිස්සන්ති. අසාධාරණෙන ච ඤාණෙන සමන්නාගතො භවිස්සාමි. හෙතු ච මෙ සුදිට්ඨො භවිස්සති, හෙතුසමුප්පන්නා ච ධම්මා.
Sinhala BJTසව්ලෝහිදු (තණ්හා-දිට්ඨි සඞ්ඛ්‍යාත) තම්මය නැතියෙම් වන්නෙමි. මගේ (මාන සඞ්ඛ්‍යාත) අහඞ්කාරදෘෂ්ටීහු ද උපරෝධයට (ආවරණයට) යන්නාහ. මාගේ මමඞ්කාර සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෝ ද උපරුද්ධ වන්නාහ. අසාධාරණ වූ (පුහුදුන් හා සාධාරණ නො වූ) ඥානයෙනුදු සමන්‍වාගත වන්නෙමි. හේතුව ද මා විසින් මොනොවට දක්නා ලද වෙයි. හේතුයෙන් උපන් ඵලධර්‍මයෝ ද මොනොවට දක්නාලදහු වෙති.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා අනත්තසඤ්ඤං උපට්ඨාපෙතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ අනුසස් සය මැනැවින් දක්නා මහණහු විසින් සර්‍වසංස්කාරයෙහි සීමා නො කොට අනාත්මසංඥාව එළවන්නට නිසි වේ ය යි.
Pali BJT6. 2. 5. 10.
Sinhala BJT6. 2. 5. 10.
Pali BJT[භව සුත්තං]
Sinhala BJT[භව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT51. තයො මෙ භික්ඛවෙ භවා පහාතබ්බා. තීසු සික්ඛාසු සික්ඛිතබ්බං.
Sinhala BJT51. මහණෙනි, මෙ භවයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙත්. ශික්‍ෂාතුණෙක්හි හික්මිය යුතු වෙයි.
Pali BJTකතමෙ තයො භවා පහාතබ්බා:
Sinhala BJTකවර තුන් භවයෝ පැහිය යුතු වෙත් යැ යත්:
Pali BJTකාමභවො, රූපභවො, අරූපභවො, ඉමෙ තයො භවා පහාතබ්බා.
Sinhala BJTකාමභවය, රූපභවය, අරූපභවය යි. මේ තුන් භවයෝ පැහිය යුතු වෙත්.
Pali BJTකතමාසු තීසු සික්ඛාසු සික්ඛිතබ්බං:
Sinhala BJTකවර ශික්‍ෂාත්‍රයක හික්මිය යුතු ද යත්:
Pali BJTඅධිසීලසික්ඛාය, අධිචිත්තසික්ඛාය, අධිපඤ්ඤාසික්ඛාය, ඉමාසු තීසු සික්ඛාසු සික්ඛිතබ්බං.
Sinhala BJTඅධිශීලශික්‍ෂායෙහි ය, අධිචිත්තශික්‍ෂායෙහි ය, අධිප්‍රඥාශික්‍ෂායෙහි යි. මෙ ශික්‍ෂාත්‍රයහි හික්මිය යුතු යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො ඉමෙ තයො භවා පහීනා හොන්ති, ඉමාසු ච තීසු සික්ඛාසු සික්ඛිතසික්ඛො හොති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයී{1} සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණහුගේ මෙ තුන් භවයෝ ප්‍රහීණ වෙත් නම්, (මහණ) මෙ තුන් ශික්‍ෂායෙහි ශික්‍ෂිතශික්‍ෂ වේ නම්, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණා සිඳී ය, සංයෝජන උපුටා හළේ ය, මනාකොට මානප්‍රහාණයෙන් (අර්‍හත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය අන්ත කෙළේ ය යි කියනු ලැබේ.
Pali BJT6. 2. 5. 11.
Sinhala BJT6. 2. 5. 11.
Pali BJT[තණ්හා සුත්තං]
Sinhala BJT[තණ්හා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT52. තිස්සො ඉමා භික්ඛවෙ තණ්හා පහාතබ්බා, තයො ච මානා.
Sinhala BJT52. මහණෙනි, මෙ තෘෂ්ණාවෝ තිදෙනෙක් ද මානයෝ තිදෙනෙක් ද ප්‍රහාතව්‍ය වෙත්.
Pali BJTකතමා තිස්සො තණ්හා පහාතබ්බා:
Sinhala BJTකවර තෘෂ්ණාවෝ තිදෙනෙක් ප්‍රහාතව්‍යයෝ වෙති යත්:
Pali BJTකාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා, ඉමා තිස්සො තණ්හා පහාතබ්බා.
Sinhala BJTකාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. මෙ තුන්තෘෂ්ණාවෝ පැහිය යුතු වෙත්.
Pali BJTකතමෙ තයො මානා පහාතබ්බා:
Sinhala BJTකවර මානයෝ තිදෙනෙක් ප්‍රහාතව්‍ය වෙති යත්:
Pali BJTමානො, ඔමානො, අතිමානො. ඉමෙ තයො මානා පහාතබ්බා.
Sinhala BJTමාන ය, අවමාන ය, අතිමාන යි. මෙ තුන් මානයෝ ප්‍රහාතව්‍ය වෙත්.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ භික්ඛුනො ඉමා තිස්සො තණ්හා පහීනා හොන්තී, ඉමෙ ච තයො මානා, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයී සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක භික්‍ෂූහුගේ මෙ තෘෂ්ණාවෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මෙ මානයෝ තුන්දෙන ප්‍රහීණ වෙත් ද, මහණෙනි, එකල මෙ මහණ තෘෂ්ණාව සිඳලී ය, සංයෝජන උපුළේ ය, මනා කොට මානාභිසමයෙන් (අර්‍හත්ත්‍වාවබෝධයෙන්) වෘත්තදුඃඛය කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.
Pali BJTආනිසංස වග්ගො පඤ්චමො. {*}
Sinhala BJTආනිසංසවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපාතුභාවො ආනිසංසො අනිච්ච දුක්ඛ අනත්තතො නිබ්බානං අනවත්ථි උක්ඛිත්තාසි අතම්මයො භවා තණ්හායෙකා දසාති. (මඡසං.)
Sinhala BJTපාතුභාව සූත්‍රය, ආනිසංස සූත්‍රය, අනිච්ච සූත්‍රය, දුක්ඛ සූත්‍රය, අනත්ත සූත්‍රය, නිබ්බාන සූත්‍රය, අනවත්‍ථිත සූත්‍රය, උක්ඛිත්තාසික සූත්‍රය, අතම්මය සූත්‍රය, භව සූත්‍රය, තණ්හා සූත්‍රය දැයි එකොළොසෙකි.
Pali BJTදුතියො පණ්ණාසකො සමත්තො
Sinhala BJTදෙවන පණ්ණාසයක නිමි.
Pali BJTපණ්ණාසකාතිරෙක වග්ගා
Sinhala BJTපණ්ණාසකාතිරෙක වග්ගා
Pali BJT1. තික වග්ගො
Sinhala BJT1. තික වර්‍ගය