Pali BJT6. 2. 3. 7.
Sinhala BJT6. 2. 3. 7.
Pali BJT[පඨමනිරය සුත්තං]
Sinhala BJT[පඨම නිරය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ඡහි:
Sinhala BJT27. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම් එ සෙයින් නිරයෙහි (උපදනේ) වෙයි. කවර සයෙකින යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, පාපිච්ඡො ච, මිච්ඡාදිට්ඨී ච.
Sinhala BJTපණිවා කරණුයේ වෙයි, අයිනාදන් ඇතියේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි, මුසවා කියන සුලුයේ වෙයි, ලමු ආශා ඇතියේ වෙයි, මිසදිටු ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එ සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහාතැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, අප්පිච්ඡො ච සම්මාදිට්ඨි ච.
Sinhala BJTපණිවායෙන් වැළැකියේ වෙයි, අයිනාදනින් වැළැකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළැකියේ වෙයි, මුසවායෙන් වැළැකියේ වෙයි, අල්පෙච්ඡ වෙයි, සම්‍යග්දෘෂ්ටි ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වේ ය යි.
Pali BJT6. 2. 3. 8.
Sinhala BJT6. 2. 3. 8.
Pali BJT[දුතියනිරය සුත්තං]
Sinhala BJT[දුතිය නිරය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි ඡහි:
Sinhala BJT28. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබනලද්දේ යම්සේ නම් එසේ නිරයෙහි වෙයි. කවර සයෙකින යත්:
Pali BJTමුසාවාදී හොති, පිසුණවාචො හොති, ඵරුසාවාචො හොති, සම්ඵප්පලාපී හොති, ලුද්ධො ච පගබ්භො ච.
Sinhala BJTමුසවා බණනුයේ වෙයි, පිසුනුබස් ඇතියේ වෙයි, පරොස්බස් ඇතියේ වෙයි, පලප් බණනුයේ වෙයි, ලුබ්ධ (ලෝභී) වෙයි, ප්‍රගල්භ (අවිනීත) ද වේ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ ගෙණෙන ලද්දක් බහාතැබූ සෙයින් නිරයෙහි වේ යයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ, කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි පිහිටියේ වෙයි. කවර සයෙකින යත්:
Pali BJTමුසාවාදා පටිවිරතො හොති පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම්ඵප්පලාපා පටිවිරතො හොති, අලුද්ධො ච අප්පගබ්භො ච.
Sinhala BJTමුසවායෙන් වැළකියේ වෙයි, පිසුනුබසින් වැළැකියේ වෙයි, පරොස්බසින් වැළැකියේ වෙයි, සම්ඵප්‍රලාපයෙන් වැළැකියේ වෙයි, අලුබ්ධ වෙයි, ප්‍රගල්භ නො වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුයේ යම්සේ නම් එසෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
Pali BJT6. 2. 3. 9.
Sinhala BJT6. 2. 3. 9.
Pali BJT[අග්ගධම්ම සුත්තං]
Sinhala BJT[අග්ගධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අග්ගං ධම්මං අරහත්තං සච්ඡිකාතුං. කතමෙහි ඡහි:
Sinhala BJT29. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍මය වන අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තාපී{1} හොති, කුසීතො හොති, දුප්පඤ්ඤො හොති, කායෙ ච ජීවිතෙ ච සාපෙඛො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ නැතියේ වෙයි, හිරි නැතියේ වෙයි, ඔතප් නැතියේ වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ (ප්‍රඥා නැතියේ) වෙයි, කයෙහි දු දිවියෙහි දු සාපේක්‍ෂ (ආසා ඇතියේ) වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අග්ගං ධම්මං අරහත්තං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් යුක්ත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය පසක් කරන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අග්ගං ධම්මං අරහත්තං සච්ඡිකාතුං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, හිරිමා හොති, ඔත්තාපී{1} හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති, කායෙ ච ජීවිතෙ ච අනපෙඛො{2} හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැ ඇතියේ වෙයි, හිරි ඇතියේ වෙයි, ඔතප් ඇතියේ වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි. කයයෙහිදු දිවියෙහිදු අපේක්‍ෂා නැතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අග්ගං ධම්මං අරහත්තං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ අග්‍රධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වේ යයි.
Pali BJT6. 2. 3. 10.
Sinhala BJT6. 2. 3. 10.
Pali BJT[රත්තිදිවස සුත්තං]
Sinhala BJT[රත්තිදිවස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො යා රත්ති වා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො වුද්ධි. කතමෙහි ඡහි:
Sinhala BJT30. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භික්‍ෂුහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියක් මැ මුත් වෘද්ධියෙක් කැමැති නො විය යුතු ය. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු මහිච්ඡො හොති විඝාතවා අසන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අස්සද්ධො හොති, දුස්සීලො හොති, කුසීතො හොති, මුට්ඨස්සති හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර (ලදසේ යම්කිසි) චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් නො සතුටු වූයේ මහේච්ඡ වූයේ (මහේච්ඡාවෙන් උපන් ලෝභයෙන්) දුඃඛිත වෙයි, ශ්‍රද්ධා නැතියේ වෙයි, දුශ්ශීල වෙයි, කුසීත වෙයි, නට සිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො යා රත්තීවා දිවසො වා ආගච්ඡති, හානියෙව පාටිකඞ්ඛා, කුසලෙසු ධම්මෙසු නො වුද්ධි.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි හානියෙක් මැ කැමැති විය යුතු යි. වෘද්ධියෙක් නො වේ.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො යා රත්ති වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානි. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි දවසෙක් වේවයි පැමිණේ නම් කුශලධර්‍මයන්හි වෘද්ධියක් මැ මුත් හානියෙක් නො කැමැති වියයුතු. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න මහිච්ඡො හොති න විඝාත වා සන්තුට්ඨො ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, සද්ධො හොති, සීලවා හොති, ආරද්ධවිරියො හොති, සතිමා හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ මහේච්ඡ නො වූයේ ඉතරෙතරචීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වූයේ දුඃඛිත නො වෙයි, සැදැහැතියේ වෙයි, සිල්වත් වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘති ඇතියේ වෙයි, ප්‍රඥාවත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනො යා රත්තී වා දිවසො වා ආගච්ඡති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානී’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණහට යම් මැ රාත්‍රියක් වේවයි, දවසෙක් වේවයි පැමිණේ නම්, කුශලධර්‍මයන්හි හානියෙක් නො වෙයි, වෘද්ධියෙක් මැ වේ.
Pali BJTඅරහත්තවග්ගො තතියො{*}
Sinhala BJTඅරහත්තවර්‍ගය තෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදුක්ඛං අරහත්තං උත්තරිඤ්ච සුඛං අධිගමෙන ච මහන්තත්තං ද්වයනිරයෙ අග්ගධම්මඤ්ච රත්තියො’ති.{3}
Sinhala BJTදුක්ඛ සූත්‍රය, අරහත්ත සූත්‍රය, උත්තරිමනුස්සධම්ම සූත්‍රය, සුඛසෝමනස්ස සූත්‍රය, අධිගම සූත්‍රය, මහන්තත්ත සූත්‍රය, නිරය සූත්‍ර දෙක ය, අග්ගධම්ම සූත්‍රය, රත්තිදිවස සූත්‍රය දැයි දශයෙකි.
Pali BJT4. සීති වග්ගො
Sinhala BJT4. සීති වර්‍ගය
Pali BJT6. 2. 4. 1.
Sinhala BJT6. 2. 4. 1.
Pali BJT[සීතිභාව සුත්තං]
Sinhala BJT[සීතිභාව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමෙ ඡහි:
Sinhala BJT31. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර ශීතලභාවය (නිවණ හෝ ක්ලේශජාතව්‍යුපශමය) ප්‍රත්‍යක්‍ෂ කරන්නට නො පොහොසත් වෙයි. කවර සයෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු යස්මිං සමයෙ චිත්තං නිග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං න නිග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං පග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං න පග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං සම්පහංසිතබ්බං, තස්මිං සමයෙ චිත්තං න සම්පහංසති. යස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛිතබ්බං, තස්මිං සමයෙ චිත්තං න අජ්ඣුපෙක්ඛති. හීනාධිමුත්තිකො ච හොති සක්කායාධිරතො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ, යම් කලෙක්හි සිත නිග්‍රහ කළ (සමාධියෙන් දැමිය) යුතු වේ නම් ඒකාලයෙහි සිත නො නිගන්නේ ය. යම් කලෙක්හි සිත ප්‍රග්‍රහ (වීර්‍ය්‍යයෙන් උත්සාහවත්) කටයුතු වේ නම්, එ සමයෙහි සිත නංවා නො ගන්නේ ය. යම් සමයෙක්හි සිත මොනොවට (සමාධියෙන්) පහන් කටයුතු වේ නම් එ සමයෙහි සිත සම්ප්‍රහර්‍ෂණ නො කරන්නේ ය. යම් සමයෙක්හි සිත අධ්‍යුපේක්‍ෂණ (උපේක්‍ෂාවෙන් මධ්‍යස්ථ) කටයුතු වේ නම් එ සමයෙහි සිත අධ්‍යුපේක්‍ෂණ නො කරන්නේ ය. හීනාධිමුක්ති (ලමු අදහස්) ඇතියේ ද වෙයි. සත්කායදෘෂ්ටියෙහි අභිරත වූයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු යස්මිං සමයෙ චිත්තං නිග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං නිග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං පග්ගහෙතබ්බං, තස්මිං සමයෙ චිත්තං පග්ගණ්හාති. යස්මිං සමයෙ චිත්තං සම්පහංසිතබ්බං, තස්මිං සමයෙ චිත්තං සම්පහංසති. යස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛිතබ්බං, තස්මිං සමයෙ චිත්තං අජ්ඣුපෙක්ඛති. පණීතාධිමුත්තිකො ච හොති නිබ්බානාධිරතො ච.
Sinhala BJTමහණෙනි මෙ සස්නෙහි මහණ යම් කලෙක්හි චිත්තය නිග්‍රහ කටයුතු වේ නම්, එසමයෙහි චිත්තය නිග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය ප්‍රගෘහීතව්‍ය වේ නම්, එසමයෙහි චිත්තය ප්‍රග්‍රහ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය සම්ප්‍රහර්‍ෂයට නිසි වේ නම්, එ සමයෙහි චිත්තය සම්ප්‍රහර්‍ෂ කෙරෙයි. යම් කලෙක්හි චිත්තය අධ්‍යුපේක්‍ෂණීය වේ නම් එ සමයෙහි චිත්තය අධ්‍යුපේක්‍ෂා කෙරෙයි, ප්‍රණීතාධිමුක්ති (උතුම් අදහස්) ඇතියේ ද වෙයි. නිර්‍වාණයෙහි අභිරත ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනුත්තරං සීතිභාවං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත මහණ අනුත්තර සීතිභාවය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
Pali BJT6. 2. 4. 2.
Sinhala BJT6. 2. 4. 2.
Pali BJT[ආවරණ සුත්තං]
Sinhala BJT[ආවරණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32 ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි
Sinhala BJT32. මහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (මාර්‍ගයට) බස්නට අභව්‍ය වෙයි. කවර සකරුණෙන යත්:
Pali BJTකම්මාවරණතාය සමන්නාගතා හොති, කිලෙසාවරණතාය සමන්නාගතො හොති, විපාකාවරණතාය සමන්නාගතො හොති, අස්සද්ධො ච හොති අච්ඡන්දිකො ච දුප්පඤ්ඤො ච.
Sinhala BJT(පඤ්චානන්තර්‍ය්‍යකර්‍ම සඞ්ඛ්‍යාත) කර්‍මාවරණතායෙන් සමන්‍වාගත වෙයි, (නියතමිථ්‍යාදෘෂ්ටි සඞ්ඛ්‍යාත) ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙයි, (අකුසලවිපාකපටිසන්‍ධි හෝ කුසලවිපාකහේතුක ප්‍රතිසන්‍ධි සඞ්ඛ්‍යාත) විපාකාවරණයෙන් සමන්‍වාගත වෙයි, ශ්‍රද්ධා නැතියේත් වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්‍ද නැතියේ ද වෙයි, දුෂ්ප්‍රාඥ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මේ සකරුණෙන් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ග නියාමයට බස්නට අභව්‍ය වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTන කම්මාවරණතාය සමන්නාගතො හොති, න කිලෙසාවරණතාය සමන්නාගතො හොති, න විපාකාවරණතාය සමන්නාගතො හොති, සද්ධො ච හොති, ඡන්දිකො ච පඤ්ඤවා ච.
Sinhala BJTකර්‍මාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, ක්ලේශාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, විපාකාවරණතායෙන් සමන්‍වාගත නො වෙයි, ශ්‍රද්ධා ඇතියේ වෙයි, කත්තුකාමතාකුසලච්ඡන්‍දයෙන් සමන්‍වාගත වෙයි, ප්‍රඥා ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මෙ සකරුණින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ග නියාමයට බස්නට භව්‍ය වෙයි.
Pali BJT6. 2. 4. 3.
Sinhala BJT6. 2. 4. 3.
Pali BJT[වොරොපිත සුත්තං]
Sinhala BJT[වෝරෝපිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
Sinhala BJT33. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTමාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති අරහං ජීවිතා වොරොපිතො හොති, තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදිතං හොති, සඞ්ඝො භින්නො හොති, දුප්පඤ්ඤො හොති ජළො එලමූගො.
Sinhala BJTමව දිවියෙන් ගැළවූයේ වෙයි, පියා දිවියෙන් ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ශරීරයෙහි ලෙහෙ උපදවනලද වෙයි, සඟහු බිඳුවනලද වෙත්, ජඩ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත වූයේ සදහම් අසනුයේ ද කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට නො නිසියේ වේ.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTන මාතා ජීවිතා වොරොපිතා හොති, න පිතා ජීවිතා වොරොපිතො හොති න අරහං ජීවිතා වොරොපිතො හොති, න තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදිතං හොති, න සඞ්ඝො භින්නො හොති, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො.
Sinhala BJTමව දිවියෙන් නො ගැළවූයේ වෙයි, පියා දිවියෙන් නො ගැළවූයේ වෙයි, රහතුන් දිවියෙන් නො ගැළවූයේ වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෝහිත නො උපදවනලද වෙයි, සඟහු නො බිඳුවනලද වෙති, ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රඥාවත් වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍වය සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 4. 4.
Sinhala BJT6. 2. 4. 4.
Pali BJT[සුස්සූසති සුත්තං]
Sinhala BJT[සුස්සූසති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
Sinhala BJT34. මහණෙනි, ධර්‍ම සයෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTතථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙති,{1} අනත්ථං ගණ්හාති, අත්ථං රිඤ්චති, අනනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති.
Sinhala BJTතථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මය දෙසනුලබත් මැ නො අසනු කැමැතියේ වෙයි, කන් යොමු නො කෙරෙයි, දැනගැණුමට සිත නො එළවයි, අනර්‍ත්‍ථය ගන්නේ ය, අර්‍ත්‍ථය බැහැර ලන්නේ ය, ශාසනයට අනනුලෝම ක්‍ෂාන්තියෙන් (ධර්‍මචිත්තයෙන්) සමන්‍වාගත වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මෙ සකරුණෙන් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නො නිසි වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, සකරුණෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට බස්නට නිසි වෙයි. කවර සයෙකින යත්:
Pali BJTතථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ සුස්සූසති, සොතං ඔදහති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙති,{1} අත්ථං ගණ්හාති, අනත්ථං රිඤ්චති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති.
Sinhala BJTතථාගතයන් විසින් ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසනු ලබත් මැ අසනු කැමැති වෙයි, ඇසීමට කන් යොමු කෙරෙයි, දැනගැණීමට සිත් එළවයි, අර්‍ත්‍ථය ගන්නේ ය, අනර්‍ත්‍ථය හරණේ ය, ශාසනයට අනුලොම් වූ ක්‍ෂාන්තියෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූයේ සදහම් අසන්නේ මැ කුශලධර්‍මයන්හි සම්‍යක්ත්‍ව නැමැති නියාමයට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 4. 5.
Sinhala BJT6. 2. 4. 5.
Pali BJT[අප්පහාය සුත්තං]
Sinhala BJT[අප්පහාය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJT35. මහණෙනි, කරුණු සයක් නො දුරලා, දෘෂ්ටිසම්පත් (සෝවන්මග) පසක් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTසක්කාය දිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
Sinhala BJTසක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බත පරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය නො දුරලා දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, ධර්‍ම සයක් දුරු කොට දිට්ඨිසම්පදා පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTසක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගාමනියං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
Sinhala BJTසක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො දිට්ඨිසම්පදං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය දුරු කොට දෘෂ්ටිසම්පත් සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.
Pali BJT6. 2. 4. 6.
Sinhala BJT6. 2. 4. 6.
Pali BJT[පහීණ සුත්තං]
Sinhala BJT[පහීණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. ඡයිමෙ භික්ඛවෙ ධම්මා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීණා කතමෙ ඡ:
Sinhala BJT36. මහණෙනි, දිට්ඨිසම්පන්න (සෝවන්) පුද්ගලයාගේ මෙ දහම් සය ප්‍රහීණ ය. කවර සයෙක යත්:
Pali BJTසක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො, අපායගමනීයො රාගො, අපායගමනීයො දොසො, අපායගමනීයො මොහො.
Sinhala BJTසක්කායදිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස පහීණාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සය දිට්ඨිසම්පන්න පුඟුල්හට ප්‍රහීණ යි.
Pali BJT6. 2. 4. 7.
Sinhala BJT6. 2. 4. 7.
Pali BJT[අභබ්බ සුත්තං]
Sinhala BJT[අභබ්බ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. ඡ භික්ඛවෙ ධම්මෙ අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො උප්පාදෙතුං. කතමෙ ඡ:
Sinhala BJT37. මහණෙනි, දිටුසපන් පුඟුල් (සෝවන් පුද්ගල) කරුණු සයක් උපදවන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTසක්කායදිට්ඨිං, විචිකිච්ඡං, සීලබ්බතපරාමාසං, අපායගමනීයං රාගං, අපායගමනීයං දොසං, අපායගමනීයං මොහං.
Sinhala BJTසක්කාය දිට්ඨි ය, විචිකිච්ඡා ය, සීලබ්බතපරාමාස ය, අපායගමනීය රාග ය, අපායගමනීය දෝස ය, අපායගමනීය මෝහ ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අභබ්බො දිට්ඨිසම්පන්නො පුග්ගලො උප්පාදෙතුන්ති.
Sinhala BJTමහණෙනි, දිටුසපන් පුඟුල් මෙ කරුණු සය උපදවන්නට නො පොහොසත් වේ ය යි.
Pali BJT6. 2. 4. 8.
Sinhala BJT6. 2. 4. 8.
Pali BJT[අභබ්බට්ඨාන සුත්තං]
Sinhala BJT[අභබ්බට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]