Pali BJTදිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණිස්සති, දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චාති, නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවිශුද්ධ වූ මිනිස් කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
Pali BJTපරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානිස්සති: සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානිස්සති -පෙ- අවිමුත්තං වා චිත්තං{2} අවිමුත්තං{3} චිත්තන්ති පජානිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTපරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී: සරාග වූ හෝ සිත සරාග සිතැයි දැන ගණී ... අවිමුත්ත වූ හෝ සිත අවිමුත්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
Pali BJTඅනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සති{4} සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සතීති. නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTබහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ යි ... කිසෙයින යත්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත බහුප්‍රකාර පූර්වේනිවාසය සිහි කෙරේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සිස්සති -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමිනිස් ඇස ඉක්මගිය විශුද්ධ වූ දිවැසින් සත්ත්‍වයන් දක්නේ ය ... කම්වූ පරිදි ගිය සත්ත්‍වයන් දනී යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.
Pali BJTආසවානං ඛයා [අනාසවං චෙතොවිමුත්තිං] -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති නෙතං ඨානං විජ්ජතීති.
Sinhala BJTආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට ඊට පැමිණ වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ ය යි.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු සන්තෙන සමාධිනා පණීතෙන පටිප්පස්සද්ධිලද්ධෙන එකොදිභාවාධිගතෙන -
Sinhala BJTමහණෙනි, ඒ මහණ ශාන්ත ප්‍රණීත ප්‍රතිප්‍රශ්‍රබ්ධියෙන් ලත් ඒකෝදිභාවාධිගත සමාධියෙන් -
Pali BJTඅනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවිස්සති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙස්සතීති{1} ඨාන මෙතං විජ්ජති -පෙ-
Sinhala BJTබහුප්‍රකාර ඍද්ධිවිධය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
Pali BJTදිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණිස්සති දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චාති ඨානමෙතං විජ්ජති. -පෙ-
Sinhala BJTවිශුද්ධ වූ මිනිස්කණ ඉක්මගිය දිවසෝධයින් දිව්‍ය වූ ද මානුෂ වූ ද දුර වූ ද ලඟ වූ දැයි ද්විවිධ ශබ්ද අසා යැ යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
Pali BJTපරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානිස්සති -පෙ- සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානිස්සති -පෙ- අවිමුත්තං{2} වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානිස්සතීති ඨානමෙතං විජ්ජති -පෙ-
Sinhala BJTපරසත්ත්‍වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත ඔහු සිතින් පිරිසිඳ දැනගනී. සරාග වූ හෝ සිත සරාග සිතැයි දැනගනී ... අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිතැයි දැනගනී යන තෙල කරුණ විද්‍යමාන වෙයි ...
Pali BJTඅනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සති සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරිස්සතීති ඨානමෙතං විජ්ජති -පෙ-
Sinhala BJTනන්වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කෙරෙයි. එ නම්: එක් දැයකුදු දැ දෙකකුදු ... මෙසේ ආකාර සහිත උද්දේස සහිත අනේකවිධ පූර්‍වනිවාස සිහිකරන්නේ ය යන තෙල කරුණ ඇතැ ...
Pali BJTදිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සිස්සති චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ. යථාකම්මූපගෙ සත්තෙ පජානිස්සතීති ඨානමෙතං විජ්ජති -පෙ-
Sinhala BJTවිශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් සැවැයන උපදනා හීන ප්‍රණීත මනා පැහැ ඇති නො මනා පැහැ ඇති මනා ගති ඇති නපුරු ගති ඇති සත්ත්‍වයන් දක්නේ ය. කම් වූ පරිදි මියැයන සත්ත්‍වයන් දක්නේ ය යන තෙල කරුණ ඇත ...
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති ඨානමෙතං විජ්ජතීති.
Sinhala BJTආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ... සාක්‍ෂාත් කොට එළඹ වාසය කරන්නේ ය යන තෙල කරුණ ඇතැ යි.
Pali BJT6. 2. 2. 7.
Sinhala BJT6. 2. 2. 7.
Pali BJT[සක්ඛිභබ්බ සුත්තං]
Sinhala BJT[සක්ඛිභබ්බ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි:
Sinhala BJT17. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණෙන්නට අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු “ඉමෙ හානභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමෙ ඨිතිභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමෙවිසෙසභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති, ඉමෙ නිබ්බෙධභාගියා ධම්මාති යථාභූතං නප්පජානාති”, අසක්කච්චකාරී ච හොති අසප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි, මහණ, ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි තත් වූ පරිදි නො දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මය හ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව නො දන්නේ ය. නො සකස් කොට කරණුසුලු ද වෙයි. අපථ්‍යකරුණු කරණසුලු ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, මෙ සදහමින් සමන්‍වාගත මහණ කරුණු ඇතිවත් ම එ එ වෙසෙස් ගුණෙහි ප්‍රත්‍යක්‍ෂ භාවයට පත්වීමට අභව්‍ය වේ ය යි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම සයෙකින් යුත් මහණ කරුණු ඇතිවත් ම එ එ විශේෂ ගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ‘ඉමෙ හානභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමෙ ඨිතිභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමෙ විසෙසභාගියා ධම්මාති යථාභූතං පජානාති, ඉමෙ නිබ්බෙධභාගියා ධම්මාති යථාභූතං පජානාති”, සක්කච්චකාරී ච හොති සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි යුත් මහණ ‘මොහු හානභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු ස්ථිතිභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු විශේෂභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. ‘මොහු නිර්වේධභාගිය ධර්‍මයහ’යි යථාභූත ව දන්නේ ය. සකසා කරණ සුලුයේත් වෙයි. සත්ප්‍රායකාරීත් වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡභි ධම්මෙහි සමන්නාගතො භික්ඛූ භබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ විශේෂාධිගමයට උපනිඃශ්‍රය කරුණු ඇතිවත් ම එ එ විශේෂගුණයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 2. 8.
Sinhala BJT6. 2. 2. 8.
Pali BJT[බල සුත්තං]
Sinhala BJT[බල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුං. කතමෙහි ඡහි:
Sinhala BJT18. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත භික්‍ෂු සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට සුදුසු නො වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න සමාධිස්ස සමාපත්තිකුසලො හොති, න සමාධිස්ස ඨිතිකුසලො හොති, න සමාධිස්ස වුට්ඨානකුසලො හොති, අසක්කච්චකාරී ච හොති, අසාතච්චකාරී ච. අසප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමවැදීමෙහි දක්‍ෂ නො වෙයි. සමාධි ස්ථිරකිරීමෙහි දක්‍ෂ නො වේ. සමාධියෙන් නැගිටීමෙහි දක්‍ෂ නො වේ. සකසා කරන්නේ ද නො වෙයි. නිතර භාවිත කරන්නේ ද නො වේ. අපත්‍ථ්‍ය ක්‍රියා කරන්නේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සමාධිස්මි. බලතං පාපුණිතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ සමාධියෙන් බලවත්භාවයට පැමිණීමට අභව්‍ය වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුං, කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සමාධිස්ස සමාපත්තිකුසලො හොති, සමාධිස්ස ඨිතිකුසලො හොති, සමාධිස්ස වුට්ඨානකුසලො හොති, සක්කච්චකාරී ච හොති, සාතච්චකාරී ච, සප්පායකාරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධි සමාපත්ති කුශල වෙයි. සමාධි ස්ථිති කුශල වෙයි. සමාධි ව්‍යුත්‍ථාන කුශල වෙයි. සකසා කරණසුලු වෙයි. සත්තභාවයෙන් කරණ සුලු වෙයි. සත්ප්‍රායකාරී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් යුත් මහණ සමාධියෙහි බලවද්භාවයට පැමිණීමට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 2. 9.
Sinhala BJT6. 2. 2. 9.
Pali BJT[පඨමජ්ඣාන සුත්තං]
Sinhala BJT[පඨමජ්ඣාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං, කතමෙ ඡ:
Sinhala BJT19. මහණෙනි, කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTකාමච්ඡන්දං, ව්යාපාදං, ථීනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං, කාමෙසු ඛො පනස්ස ආදීනවො න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති.
Sinhala BJTකාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් ධ්‍යානප්‍රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් නො දක්නා ලද්දේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මේ කරුණු සයක් නො පියා ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකාමච්ඡන්දං, ව්යාපාදං, ථීනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං, කාමෙසු ඛො පනස්ස ආදීනවො යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති.
Sinhala BJTකාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ථීනමිද්ධ ය, උද්ධච්චකුක්කුච්ච ය, විචිකිච්ඡා ය, ඔහු විසින් සම්‍යක්ප්‍රඥායෙන් කාමයන්හි ආදීනව යථාභූතයෙන් දක්නා ලද්දේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 2. 10.
Sinhala BJT6. 2. 2. 10.
Pali BJT[දුතිය පඨමජ්ඣාන සුත්තං]
Sinhala BJT[දුතිය පඨමජ්ඣාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ:
Sinhala BJT20. මහණෙනි, කරුණු සයක් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානයට පැමිණ වසන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.
Sinhala BJTකාමවිතක්ක ය, ව්‍යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්‍යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ නොකොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, කරුණු සයක් ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTකාමවිතක්කං, ව්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං ව්යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං.
Sinhala BJTකාමවිතක්ක ය, ව්‍යාපාදවිතක්ක ය, විහිංසාවිතක්ක ය, කාමසඤ්ඤා ය, ව්‍යාපාදසඤ්ඤා ය, විහිංසාසඤ්ඤා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානයට එළඹ වසන්නට භව්‍ය වේ ය යි.
Pali BJTඅනාගාමී වග්ගො දුතියො.{*}
Sinhala BJTඅනාගාමී වර්‍ගය දෙ වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅනාගාමී අරහං මිත්තා සඞ්ගණිකාරාමදෙවතා සමාධිසක්ඛිභබ්බං බලං තජ්ඣානා අපරෙ දුවෙති.{1}
Sinhala BJTඅනාගාමිඵල සූත්‍රය, අරහත්තඵල සූත්‍රය, මිත්ත සූත්‍රය, සංගණිකාරාම සූත්‍රය, දේවතා සූත්‍රය, සමාධි සූත්‍රය, සක්ඛිභබ්බ සූත්‍රය, බල සූත්‍රය, පඨමජ්ඣාන සූත්‍රය, දුතිය පඨමජ්ඣාන සූත්‍රය යි, සූත්‍ර දශයෙකි.
Pali BJT3. අරහත්ත වග්ගො.
Sinhala BJT3. අරහත්ත වර්‍ගය
Pali BJT6. 2. 3. 1.
Sinhala BJT6. 2. 3. 1.
Pali BJT[දුක්ඛ සුත්තං]
Sinhala BJT[දුක්ඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටිකඞ්ඛා. කතමෙහි ඡහි:
Sinhala BJT21. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා සහිත, උපායාස සහිත, පරිදාහ සහිත දුකෙන් වෙසෙයි. කාබුන් මරණින් මතුයෙහි දුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
Pali BJTකාමවිතක්කෙන, ව්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන, කාමසඤ්ඤාය, ව්යාපාදසඤ්ඤාය, විහිංසාසඤ්ඤාය.
Sinhala BJTකාමවිතර්‍කයෙන, ව්‍යාපාදවිතර්‍කයෙන, විහිංසාවිතර්‍කයෙන, කාමසංඥායෙන, ව්‍යාපදාසංඥායෙන, විහිංසාසංඥායෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා දුග්ගති පාටික්ඛා.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි විඝාත (උපද්‍රව) සහිත, උපායාස (දැඩි ආයාස) සහිත, පරිදාහ (කායික මානසික දැවිලි) සහිත දුඃඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි දුර්‍ගතිය කැමැති විය යුතු.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛා, කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම පීඩා රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වෙසෙයි. කාබුන් මරණින් මත්තෙහි සුගතිය කැමැති විය යුතු. කවර සයෙකින යත්:
Pali BJTනෙක්ඛම්මවිතක්කෙන, අව්යාපාදවිතක්කෙන, අවිහිංසාවිතක්කෙන, නෙක්ඛම්මසඤ්ඤාය, අව්යාපාදසඤ්ඤාය, අවිහිංසාසඤ්ඤාය.
Sinhala BJTනෛෂ්ක්‍රම්‍යවිතර්‍කයෙන, අව්‍යාපාදවිතර්‍කයෙන, අවිහිංසාවිතර්‍කයෙන, නෛෂ්ක්‍රම්‍යසංඥායෙන, අව්‍යාපාදසංඥායෙන, අවිහිංසාසංඥායෙනැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්ස භෙදා පරම්මරණා සුගති පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ඉහාත්මයෙහි ම විඝාත රහිත, උපායාස රහිත, පරිදාහ රහිත සුඛයෙන් වාසය කරයි. කාබුන් මරණින් මතුයෙහි සුගතිය කැමැති විය යුතු ය යි.
Pali BJT6. 2. 3. 2.
Sinhala BJT6. 2. 3. 2.
Pali BJT[අරහත්ත සුත්තං]
Sinhala BJT[අරහත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං කතමෙ ඡ:
Sinhala BJT22. මහණෙනි, කරුණු සයක් නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
Pali BJTමානං, ඔමානං, අතිමානං, අධිමානං, ථම්භං, අතිනිපාතං.
Sinhala BJTමාන ය (ජාති ආදීන් හඟින මානය), ඔමාන ය (මම හීනවෙමි යි යන මානය), අතිමාන ය (ඉතා උසස් මානය), අධිමානය (අනධිගතය අධිගතය යන මානය), ථම්භ (ක්‍රෝධ මාන දෙකින් තදබව) ය, අතිනිපාත ය (හීනයාටත් හීනවෙමි යන මාන) යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සය නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට නො නිසි වේ.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුං, කතමෙ ඡ.
Sinhala BJTමහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ කොට අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTමානං, ඔමානං, අතිමානං, අධිමානං, ථම්භං, අතිනිපාතං.
Sinhala BJTමාන ය, ඔමාන ය, අතිමාන ය, අධිමාන ය, ථම්භ ය, අතිනිපාත ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සය ප්‍රහීණ කොට අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
Pali BJT6. 2. 3. 3.
Sinhala BJT6. 2. 3. 3.
Pali BJT[උත්තරිමනුස්සධම්ම සුත්තං]
Sinhala BJT[උත්තරිමනුස්සධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො උත්තරිමනුස්සධම්මා{1}. අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJT23. මහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ නො කොට මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවය ගෙණදීමට සමත් ඥානදර්‍ශන විශේෂය පසක් කරන්නට අභව්‍ය වෙයි. කවර සයක යත්:
Pali BJTමුට්ඨසච්චං,{2} අසම්පජඤ්ඤං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤූතං, කුහනං, ලපනං.
Sinhala BJTමුළාසිහි ඇති බව ය, විමසුම් නුවණ නැති බව ය, ඉඳුරන්හි නො පියූ දොර ඇති බව ය, බොජුන්හි පමණ නො දන්නා බව ය, කොහොන් වත් ය, (සිවුපස සඳහා අනුන් උස් හෝ පාත් හෝ කොට කරණ කථා නමැති) ලපනා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො උත්තරිමනුස්සධම්මා{1} අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුං.
Sinhala BJT__missing trans__
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො උත්තරිමනුස්සධම්මා{1} අලමරියඤාණාදස්සනවිසෙසං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, ධර්‍ම සයක් ප්‍රහීණ කොට උත්තරිමනුෂ්‍යධර්‍මයෙන් ආර්‍ය්‍යභාවකරණයට සමත් ඥානදර්‍ශනවිශේෂය පසක් කරන්නට භව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTමුට්ඨසච්චං,{2} අසම්පජඤ්ඤං, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතං, භොජනෙ අමත්තඤ්ඤුතං, කුහනං, ලපනං.
Sinhala BJTමුළාසිහි ඇති බව ය විමසුම් නුවණ නැති බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව ය භෝජනයෙහි පමණ නොදන්න බව ය කුහනා ය ලපනා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො උත්තරිමනුස්සධම්මා{1} අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සය පහා මිනිස්දමින් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමත් ඥානදර්‍ශන විශේෂය පසක් කිරීමට භව්‍ය වේ ය යි.
Pali BJT6. 2. 3. 4.
Sinhala BJT6. 2. 3. 4.
Pali BJT[සුඛසොමනස්ස සුත්තං]
Sinhala BJT[සුඛසෝමනස්ස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24 ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ඡහි:
Sinhala BJT24. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ දිටුදැමියෙහි ම සුවසොම්නස් බහුල කොට ඇති ව වෙසෙයි. ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂය සඳහා කාරණය ද (පරිපූර්‍ණ කොට) අරඹන ලද වේ ය යි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ධම්මාරාමො හොති, භාවනාරාමො හොති, පහානාරාමො හොති, පවිවෙකාරාමො හොති, අව්යාපජ්ඣාරාමො හොති, නිප්පපඤ්චාරාමො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මාරාම (ධර්‍මයෙහි ඇලුනේ) වෙයි. භාවනාරාම (භාවනායෙහි ඇලුනේ) වෙයි. ප්‍රහාණාරාම (කෙලෙස් පහකිරී මෙහි ඇලුනේ) වෙයි. ප්‍රවිවේකාරාම (කායචිත්තඋපධි විවේකයෙහි ඇලුනේ) වෙයි. අව්‍යාපද්‍යාරාම වෙයි. නිෂ්ප්‍රපඤ්චාරාම (නිවනෙහි ඇලුනේ) වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මො සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායා’ති.
Sinhala BJTමහණෙනි, මෙ දම් සයෙන් යුත් මහණ දිටුදැමියෙහි ම සුව සොම්නස් බිහිලි කොට වෙසෙයි. ආස්‍රවක්‍ෂය පිණිස කාරණය ද (පරිපූර්‍ණ කොට) අරඹන ලද වේ ය යි.
Pali BJT6. 2. 3. 5.
Sinhala BJT6. 2. 3. 5.
Pali BJT[අධිගම සුත්තං]
Sinhala BJT[අධිගම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි ඡහි:
Sinhala BJT25. මහණෙනි, කරුණු සයෙකින් යුත් මහණ නො ලද අධිකුශල ධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ අභව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න ආයකුසලො හොති, න අපායකුසලො හොති, න උපායකුසලො හොති, අනධිගතානං කුසලානං ධම්මානං අධිගමාය න ඡන්දං ජනෙති, අධිගතෙ කුසලෙ ධම්මෙ න සාරක්ඛති,{1} සාතච්චකිරියාය න සම්පාදෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ආගමන (අයෙහි) කුශල නො වෙයි. අපගමන (වැයෙහි) කුශල නො වෙයි. උපායකුශල නො වෙයි. නො ලත් කුසල්දහමුන්ගේ අධිගමය (ලැබීම) පිණිස කත්තුකාමතාකුසලච්ඡන්‍දය නො උපදවයි. අධිගත කුශල ධර්‍මයන් නො රක්නේ වෙයි. සාතත්‍ය (නිරන්තර) ක්‍රියායෙන් කුසල් දහම් නො සපයන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත මහණ නො ලත් කුශලධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ අභව්‍ය වෙයි.
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුං. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ නො ලද කුශලධර්‍මය ලබන්නට හෝ ලද කුශලධර්‍මය වඩන්නට හෝ භව්‍ය වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ආයකුසලො ච හොති, අපායකුසලො ච හොති, උපායකුසලො ච හොති, අනධිගතානං කුසලානං ධම්මානං අධිගමාය ඡන්දං ජනෙති, අධිගතෙ කුසලෙ ධම්මෙ සාරක්ඛති{2}, සාතච්චකිරියාය සම්පාදෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ආයකුශල ද වෙයි, අපායකුශල ද වෙයි, උපායකුශල ද වෙයි, අනධිගත කුශලධර්‍මයන්ගේ අධිගමය සඳහා ඡන්‍දය උපදවයි, අධිගත කුශල ධර්‍මයන් රක්නේ වෙයි, සතතක්‍රියායෙන් සපයන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො අනධිගතං වා කුසලං ධම්මං අධිගන්තුං, අධිගතං වා කුසලං ධම්මං ඵාතිකත්තුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සයෙන් සමන්‍වාගත මහණ නො ලත් කුසල්දහම් ලබන්නට ද ලත් කුසල්දහම් වඩන්නට ද භව්‍ය වන්නේ ය යි.
Pali BJT6. 2. 3. 6.
Sinhala BJT6. 2. 3. 6.
Pali BJT[මහන්තත්ත සුත්තං]
Sinhala BJT[මහන්තත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති ධම්මෙසු. කතමෙහි ඡහි:
Sinhala BJT26. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහද්භාවයට විපුලභාවයට පැමිණේ. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ආලොකබහුලො ච හොති, යොගබහුලො ච හොති, වෙදබහුලො ච හොති, අසන්තුට්ඨිබහුලො ච හොති, අනික්ඛිත්තධුරො ච කුසලෙසු ධම්මෙසු, උත්තරිඤ්ච{3} පතාරෙති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඥානාලෝක බහුල කොට ඇතියේ වෙයි, භාවනානුයෝග බහුල කොට ඇතියේ වෙයි, ප්‍රීතිප්‍රාමෝද්‍ය බහුල කොට ඇතියේ වෙයි. කුශලධර්‍මයන්හි අසන්තුෂ්ටි (නො සෑහීම) බහුල කොට ඇතියේ වෙයි, කුශලධර්‍මයන්හි නො බහාතැබූ (අත් නො හළ) වීර්‍ය්‍යය ඇතියේ වෙයි, දැනුදු මතුයෙහිදු වීර්‍ය්‍යය කෙරේ මැ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති ධම්මෙසූ’ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම ධර්‍මයන්හි මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ය යි.