Pali BJT(5) “කම්මං භික්ඛවෙ වෙදිතබ්බං -පෙ- කම්මනිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(5) “මහණෙනි, කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
Pali BJTචෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා,
Sinhala BJTමහණෙනි, (විධාන) චේතනාව කර්‍මය ය යි මම කියමි. (ද්වාරප්‍රවෘත්තචේතනායෙන්) සිතා කයින් වචසින් මනසින් කර්‍ම කෙරෙයි.
Pali BJTකතමො ච භික්ඛවෙ කම්මානං නිදානසම්භවො: ඵස්සො භික්ඛවෙ කම්මානං නිදානම්භවො.
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ නිදානසම්භවය කවරේ ය: මහණෙනි, ස්පර්‍ශය කර්‍මයන්ගේ නිදානසම්භව යි.
Pali BJTකතමා ච භික්ඛවෙ කම්මානං වෙමත්තතා: අත්ථි භික්ඛවෙ කම්මං නිරයවෙදනියං, අත්ථි කම්මං තිරච්ඡානයොනිවෙදනියා, අත්ථි කම්මං පෙත්තිවිසයවෙදනියං, අත්ථි කම්මං මනුස්සලොකවෙදනියං, අත්ථි කම්මං දෙවලොකවෙදනියං. අයං වුච්චති භික්ඛවෙ කම්මානං වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරෑහි විපාක දෙන කර්‍මයෙක් ඇත. තිරිසන්යොන්හි විපාක දෙන කර්‍මයෙක් ඇත. ප්‍රේතවිෂයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මනුෂ්‍යලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. දේවලෝකයෙහි විපාක දෙන කර්‍මයෙක් ඇත. මහණෙනි, මෙ කර්‍මයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කම්මානං විපාකො: තිවිධාහං භික්ඛවෙ කම්මානං විපාකං වදාමි: දිට්ඨෙවා ධම්මෙ, උපජ්ජෙ වා, අපරෙ වා පරියායෙ. අයං වුච්චති භික්ඛවෙ කම්මානං විපාකො.
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, දිටුදැමියෙහි හෝ අනතුරු අත්බව්හි හෝ අනෙක් අත්බවෙක හෝ යි මම කර්‍මයන්ගේ විපාකය ත්‍රිවිධ කොට කියමි. මහණෙනි, මෙ කර්‍මයන්ගේ විපාක ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කම්මනිරොධො: ඵස්සනිරොධො භික්ඛවෙ කම්මනිරොධො.
Sinhala BJTමහණෙනි, කර්‍මනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කර්‍මනිරෝධ යි.
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො කම්මනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමෙ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය ම කර්‍මනිරෝධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං කම්මං පජානාති, එවං කම්මානං නිදානසම්භවං පජානාති, එවං කම්මානං වෙමත්තතං පජානාති, එවං කම්මානං විපාකං පජානාති, එවං කම්මනිරොධං පජානාති, එවං කම්මනිරොධගාමිනිං පටිපදං පජානාති. සො ඉමං නිබ්බොධිකං බ්රහ්මචරියං පජානාති කම්මනිරොධං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක් පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ කර්‍ම දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ නිදානසම්භව දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙසේ කර්‍මයන්ගේ විපාක දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධය දන්නේ ද, මෙසේ කර්‍මනිරෝධගාමිනීපටිපදා දන්නේ ද, හෙ කර්‍මනිරෝධ නම් වූ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.
Pali BJT”කම්මං භික්ඛවෙ වෙදිතබ්බං -පෙ- කම්මනිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, “කර්‍මය දතයුතු ය ... කර්‍මනිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මේ සඳහා කියන ලදි.
Pali BJT(6) “දුක්ඛං භික්ඛවෙ වෙදිතබ්බං, දුක්ඛස්ස නිදානසම්භවො වෙදිතබ්බො, දුක්ඛස්ස වෙමත්තතා වෙදිතබ්බා, දුක්ඛස්ස විපාකො වෙදිතබ්බො, දුක්ඛස්ස නිරොධො{1} වෙදිතබ්බො, දුක්ඛස්ස නිරොධගාමිනී{2} පටිපදා වෙදිතබ්බා”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං
Sinhala BJT(6) “මහණෙනි, දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධය දතයුතු ය. දුඃඛයාගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
Pali BJTජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්යාධිපි දුක්ඛො මරණම්පි දුක්ඛං සොක පරිදෙවදුක්ඛදොමනස්සුපයාසාපි දුක්ඛා යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.
Sinhala BJTජාතිය ද දුකෙක, ජරාව ද දුකෙක, ව්‍යාධිය ද දුකෙක, මරණය ද දුකෙක, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෝ ද දුක්හ. යමක් කැමැති වනුයේත් නොලබා නම් එ ද දුකෙක, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුක්හ.
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛස්ස නිදානසම්භමො: තණ්හා භික්ඛවෙ දුක්ඛස්ස නිදානසම්භවො.
Sinhala BJTමහණෙනි, දුඃඛයාගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, තෘෂ්ණාව දුඃඛයාගේ නිදානසම්භවය යි.
Pali BJTකතමා ව භික්ඛවෙ දුක්ඛස්ස වෙමත්තතා: අත්ථි ගික්ඛවෙ දුක්ඛං අධිමත්තං, අත්ථි පරිත්තං, අත්ථි දන්ධවිරාගී{3} අත්ථි ඛිප්පවිරාගී{4}. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛස්ස වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, දුඃඛයාගේ වේමත්තතා කවර: මහණෙනි, අධිමාත්‍ර බලවත් දුඃඛයෙක් ඇත. අල්පමාත්‍ර දුඃඛයෙක් ඇත. දන්‍ධවිරාගී දුඃඛයෙක් ඇත, ක්‍ෂිප්‍රවිරාගී දුඃඛයෙක් ඇත. මහණෙනි, මෙ දුඃඛයාගේ වේමත්තතා යි.
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛස්ස විපාකො: ඉධ භික්ඛවෙ එකච්චො යෙන දුක්ඛෙන අභිභූතො පරියාදින්නචිත්තො සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. යෙන වා පන දුක්ඛෙන අභිභූතො පරියාදින්න චිත්තො බහිද්ධා පරියෙට්ඨිං ආජ්ජති “කො එකපදං දිපදං පජානාති ඉමස්ස දුක්ඛස්ස නිරොධායා”ති. සම්මොහවෙපක්කං වාහං භික්ඛවෙ දුක්ඛං වදාමි පරියෙට්ඨිවෙපක්කං වා.
Sinhala BJTමහණෙනි, දුඃඛයාගේ විපාක කවරේ ය: මහණෙනි, මෙ ලොව්හි ඇතැමෙක් යම් දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ශෝක කෙරෙයි. වෙහෙසෙයි. වැලපෙයි. ලෙහි අත් පැහැර හඬයි. මුළාවට පැමිණෙයි. යම් හෝ දුකෙකින් මඩනා ලදුයේ වැළඳගත් සිත් ඇතියේ ‘මේ දුක නිරුද්ධ කිරීම පිණිස කවරෙක් එක් පදමතුරක් දෙ පදමතුරක් දනී දැ’යි පිටත්හි සෙවීමට පැමිණෙයි. මහණෙනි, මම දුක සම්මෝහ විපාක ඇතියක් කොට ද පර්‍ය්‍යෙෂණා විපාක ඇතියක් හෝ කොට ද කියමි.
Pali BJTකතමො ච භික්ඛවෙ දුක්ඛනිරොධො: තණ්හානිරොධො භික්ඛවෙ දුක්ඛනිරොධො.
Sinhala BJTමහණෙනි, දුඃඛනිරෝධය කවරේ ය යත්: මහණෙනි, තණ්හානිරෝධය දුඃඛනිරෝධ යි.
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමෙ අරිඅටඟි මඟ ම දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං දුක්ඛං පජානාති, එවං දුක්ඛස්ස නිදානසම්භවං පජානාති, එවං දුක්ඛස්ස වෙමත්තතං පජානාති, එවං දුක්ඛස්ස විපාකං පජානාති, එවං දුක්ඛනිරොධං පජානාති, එවං දුක්ඛනිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ්බෙධිකං බ්රහ්මචරියං පජානාති දුක්ඛනිරොධං.
Sinhala BJTමහණෙනි, යම් තැනෙක පටන් අරීසවු මෙසේ දුඃඛය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිදානසම්භවය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නානාකරණය දන්නේ ද, මෙසේ දුඃඛයාගේ විපාක දන්නේ ද, මෙසේ දුඃඛයාගේ නිරෝධය දන්නේ ද, මෙසේ දුඃඛනිරොධගාමිනිප්‍රතිපදා දන්නේ ද, හේ දුඃඛනිරෝධය වූ මේ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය දන්නේ ය.
Pali BJT“දුක්ඛං භික්ඛවෙ වෙදිතබ්බං, දුක්ඛස්ස නිදානසම්භවො වෙදිතබ්බො, දුක්ඛස්ස වෙමත්තතා වෙදිතබ්බා, දුක්ඛස්ස විපාකො වෙදිතබ්බො, දුක්ඛනිරොධො වෙදිතබ්බො, දුක්ඛනිරොධගාමිනී පටිපදා වෙදිතබ්බාති” ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, “දුඃඛය දතයුතු ය, දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය, දුඃඛයාගේ නානාකරණය දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
Pali BJTඅයං සො ඛො භික්ඛවෙ නිබ්බෙධිකපරියායො ධම්මපරියායොති.
Sinhala BJTමහණෙනි, මේ ඒ නිබ්බේධිකපරියාය වූ ධම්මපරියාය යි.
Pali BJT6. 2. 1. 10.
Sinhala BJT6. 2. 1. 10.
Pali BJT[සීහනාද සුත්තං]
Sinhala BJT[සීහනාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. ඡයිමානි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිපානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි ඡ:
Sinhala BJT10. මහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිජානන කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, ශ්‍රේෂ්ඨ ඥානචක්‍ර සඞ්ඛ්‍යාත බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ බඳු තථාගතබල සයෙක. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරියාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(1) මහණෙනි, මෙ ලොව්හි තථාගතයෝ ස්ථාන ස්ථාන (හේතු) විසින් ද, අස්ථාන අස්ථාන (අහේතු) විසින් ද, යථාභූතය දන්නාහ. මහණෙනි, තථාගතයෝ යම් හෙයෙකින් ස්ථානය ස්ථාන විසින් ද, අස්ථානයන අස්ථාන විසින් ද දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු පිරිස්හි අභීතනාද කෙරෙත් ද, ශ්‍රේෂ්ඨඥානචක්‍රය පවත්වත් ද, මෙ තථාගතයන්ගේ එ තථාගතබල වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදිම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබල හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(2) තවද මහණෙනි, තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ස්ථාන විසින් හේතු විසින් අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාකය යථාභූත කොට දනිත් ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨ ස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි අභීතනාද කෙරෙත් නම්, බ්‍රහ්මචක්‍රය පවත්වත් නම්, තථාගතයන්ගේ මෙ එ තථාගතබලය වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි භික්ඛවෙ තථාගතො ඣානවිමොක්ඛසමාධියමාපත්තිනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(3) තවද මහණෙනි, තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ ධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශය ව්‍යවදානය ව්‍යුත්‍ථානය යථාභූතයෙන් දන්නාහු ද, මහණෙනි, තථාගතයෝ යම් බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු නම්, පිරිස්හි සීහනාද කෙරෙත් නම්, බඹසක් පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි භික්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි භික්ඛවෙ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ය්යෙථීදං: එකම්පි ජාතිං ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙ නිවාසං අනුස්සරති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(4) තවද මහණෙනි, තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාස සිහිකෙරෙති. හෙ කිසේ ය යත්: එක් ජාතියකුදු සිහිකෙරෙත්, ජාති දෙකකුදු ... මෙ සේ ආකාර සහිත ව උද්දේස සහිත ව අනේකවිධ පූර්වේනිවාස සිහි කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයෝ අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, එ කිසේය යත්: එක් ජායකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර ඇති උද්දේස ඇති අනේකවිධ පූර්වේනිවාසය සිහිකෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ යම්බලයකට පැමිණ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් නම්, පිරිස්හි සිංහනාද කෙරෙත් නම්, බඹසක්පවත්වත් නම්, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල වෙයි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, යම්පි භික්ඛවෙ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(5) තවද මහණෙනි, තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගිය ... දිවැසින් කම් වූ පරිදි මියයන සත්ත්‍වයන් දන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් තථාගතයෝ විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ... යථා කර්මෝපගසත්ත්‍වයන් දන්නාහු ද, මහණෙනි, යම් බලයකට පැමිණි තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළිදන්නාහු ද, අටපිරිස්හි සිංහනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගතබල යි.
Pali BJT(6) පුන චපරං භික්ඛවෙ තථාගතො ආසවානං ඛයා -පෙ- අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි භික්ඛවෙ තථාගතො ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි භික්ඛවෙ තථාගතස්ස තථාගතබලං හොති යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJT(6) තවද මහණෙනි, තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරත්. මහණෙනි, යම්හෙයෙකින් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙත් ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයෝ ශ්‍රේෂ්ඨස්ථානය පිළින කෙරෙත් ද, පිරිස්හි ශ්‍රේෂ්ඨනාද කෙරෙත් ද, බඹසක් පවත්වන්නාහු ද, මෙ ද තථාගතයන්ගේ ඒ තථාගත බල යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
Sinhala BJTමහණෙනි, යම් බලයෙකින් සමන්‍වාගත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨස්ථානය පිළිණ කෙරෙත් ද, පිරිස්හි අභීතනාද කෙරෙත් ද, බ්‍රහ්මචක්‍රය පවත්වන්නාහු ද, තථාගතයන් වහන්සේගේ මේ ඒ ෂඩ්තථාගත බල යි.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො බ්යාකරොති.
Sinhala BJTමහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ කාරණය කාරණ විසින් ද අකාරණය අකාරණ විසින් ද, තත් වූ පරිදි නැණින් පැන පුළුවුස්නාහු ද, මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් යම් යම් පරිදි කාරණය කාරණ විසිනුත් අකාරණය අකාරණ විසිනුත් යථාභූතය දන්නාලද්දේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ ඔවුනට ස්ථානය ස්ථානය වශයෙනුත් අස්ථානය අස්ථානය වශයෙනුත් තත්වූ පරිදි ඤාණයෙන් පැන පුළුවුස්නාලද සේක් විවරණ කරන්නාහ.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො බ්යාකරොති.
Sinhala BJTමහණෙනි, එහිලා ඉඳින් අන්‍යයෝ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ කරුණු විසින් හේතු විසින් විපාක වූ යථාභූතය පිළිබඳ නුවණින් තථාගතයන් වහන්සේ කරා එළැඹ පැන පුළුවුස්නාහු ද, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ විපාක කරුණු හේතු විසින් යථාභූතකොට විදිත වේ නම්, තථාගතයන් වහන්සේ ඒ ඒ පරිදි අතීත අනාගත ප්‍රත්‍යුත්පන්නකර්‍මසමාදානයන්ගේ ස්ථානවශයෙන් හේතුවශයෙන් විපාකය පිළිබඳ යථාභූතඥානයෙන් පුළුවුස්නා ලද සේක් විවරණ කරත්.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසා වොදානං වුට්ඨානං යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො බ්යාකරොති.
Sinhala BJTමහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළඹ ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශය, ව්‍යවදානය, ව්‍යුත්‍ථානය යථාභූත වශයෙන් දැනීමෙන් පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්‍යුත්‍ථානය පිළිබඳ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි ධ්‍යාන විමෝක්‍ෂ සමාධි සමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථානයන් පිළිබඳ යථාභූතඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද තථාගතයන් වහන්සේ විවරණ කරන්නාහ.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං ඤාණෙන විදිතං, තථා තථා තෙසං තථාගතො පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො ව්යාකරොති.
Sinhala BJTමහණෙනි, එහි ලා ඉඳින් අන්‍යයෝ තථාගතයන් කරා පැමිණ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ තත් වූ පරිදි පැන පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිදි තථාගතයන් වහන්සේ විසින් පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ ඥානය යථාභූත කොට විදිත වේ ද, ඒ ඒ පරිදි තථාගතයන් වහන්සේ පූර්වේනිවාසානුස්මෘතිය ඇරැබ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො බ්යාකරොති.
Sinhala BJTමහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය පිළිබඳ යථාභූත ඥානයෙන් ප්‍රශ්න පුළුවුස්නාහු නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ චුතිඋපපාතය ඇරැබ යථාභූතඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් සත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යථාභූත වූ නුවණින් ඔවුන් විසින් පැන විතාරණ ලද සේක් විවරණ කරන්නාහ.
Pali BJTතත්ර චෙ භික්ඛවෙ පරෙ තථාගතං ආසවානං ඛයා යථාභූතං ඤාණෙන උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡන්ති, යථා යථා භික්ඛවෙ තථාගතස්ස ආසවානං ඛයා යථාභූතං ඤාණං විදිතං, තථා තථා තෙසං තථාගතො ආසවානං ඛයං යථාභූතං ඤාණෙන පඤ්හං පුට්ඨො බ්යාකරොති.
Sinhala BJTමහණෙනි, ඉඳින් එහි ලා අන්‍යයෝ තථාගතයන් වහන්සේ කරා එළැඹ යථාභූත කොට ආස්‍රවක්‍ෂය පිළිබඳ ඥානයෙන් ප්‍රශ්න විචාරත් නම්, මහණෙනි, යම් යම් පරිද්දෙකින් තථාගතයන් වහන්සේ විසින් ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානය විදිත වේ නම්, ඒ ඒ පරිද්දෙන් තථාගතයන් වහන්සේ ආස්‍රවක්‍ෂය පිළිබඳ යථාභූත ඥානයෙන් ඔවුන් විසින් පැන පුළුවුස්නා ලද සේක් විවරණ කරන්නාහ.
Pali BJTතත්ර භික්ඛවෙ යමිදං ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි, නො අසමාහිතස්ස.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි ස්ථාන ස්ථාන විසින් ද අස්ථාන අස්ථාන විසින් දැයි යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට (වේ යයි) කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTයම්පිදං අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි. නො අසමාහිතස්ස.
Sinhala BJTඅතීත අනාගත ප්‍රත්‍යුත්පන්න කර්‍මයන්ගේ ස්ථාන වශයෙන් හේතු වශයෙන් විපාක පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTයම්පිදං ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි. නො අසමාහිතස්ස.
Sinhala BJTධ්‍යාන විමෝක්‍ෂ සමාධිසමාපත්තීන්ගේ සංක්ලේශ ව්‍යවදාන ව්‍යුත්‍ථාන පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTයම්පිදං පුබ්බෙනිවාසානුස්සතිං යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි, නො අසමාහිතස්ස.
Sinhala BJTපූර්වේනිවාසනුස්මෘතිය පිළිබඳ යම් බඳු මේ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTයම්පිදං සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි. නො අසමාහිතස්ස.
Sinhala BJTසත්ත්‍වයන්ගේ චුතූපපාතය පිළිබඳ යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTයම්පිදං ආසවානං ඛයා යථාභූතං ඤාණං, තම්පි සමාහිතස්ස වදාමි. නො අසමාහිතස්ස.
Sinhala BJTආස්‍රවක්‍ෂයයෙන් යම්බඳු මෙ යථාභූතඥානයෙක් වේ නම්, එ ද සමාහිතයාහට ම වේ යයි කියමි. අසමාහිතයාහට නො වේ (යයි කියමි).
Pali BJTඉති ඛො භික්ඛවෙ සමාධි මග්ගො, අසමාධි කුම්මග්ගොති.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් (චිත්තේකාග්‍රතා සඞ්ඛ්‍යාත) සමාධිය (ඥානාධිගමොපාය සඞ්ඛ්‍යාත) මාර්‍ගය වෙයි. අසමාධිය කුමග (මිථ්‍යාමාර්‍ග) වේ යයි.
Pali BJTමහාවග්ගො පඨමො.{*}
Sinhala BJTමහාවග්ගය පළමු වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසොණො ඵග්ගුණං ඡළාභිජාතියො ආසවා දාරුකම්මහත්ථිමජ්ඣං පස්ස චිත්තපරායනං උදකං නිබ්බෙධිකසීහනාදෙන වග්ගොති – සීමු
Sinhala BJTසෝණ සූත්‍රය, ඵග්ගුණ සූත්‍රය, ඡළාභිජාති සූත්‍රය, ආසව සූත්‍රය, දාරුකම්මික සූත්‍රය, හත්‍ථිසාරිපුත්ත සූත්‍රය, මජ්ඣෙ සූත්‍රය, පුරිසින්‍ද්‍රියඤාණ සූත්‍රය, නිබ්බේධික සූත්‍රය, සීහනාද සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.
Pali BJTසොණො ඵග්ගුණොභිජාති ආසවා දාරුහත්ථි ච මජ්ඣෙ ඤාණං නිබ්බෙධිකං සීහනාදොති තෙ දසාති – මඡසං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2. අනාගාමී වග්ගො
Sinhala BJT2. අනාගාමී වර්‍ගය
Pali BJT6. 2. 2. 1.
Sinhala BJT6. 2. 2. 1.
Pali BJT[අනාගාමිඵල සුත්තං]
Sinhala BJT[අනාගාමිඵල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අනාගාමිඵලං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJT11. මහණෙනි, දහම් සදෙනකුන් නො පහා අනාගාමිඵල සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTඅස්සද්ධියං, අහිරිකං, අනොත්තප්පං, කොසජ්ජං, මුට්ඨසච්චං,{1} දුප්පඤ්ඤතං.
Sinhala BJTඅස්සද්ධිය (ශ්‍රද්ධා නැතිබව), අහිරික ය (පවට ලජ්ජා නැතිබව), අනොත්තප්ප ය (පවට භය නැතිබව), කෝසජ්ජ ය (කුසීත බව), මුට්ඨසච්ච ය (සිහි නැතිබව), දුප්පඤ්ඤතා (ප්‍රඥා නැතිබව) යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ අප්පහාය අභබ්බො අනාගාමිඵලං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අනාගාමිඵලං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, ධර්‍ම සයක් පහා අනාගාමිඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTඅස්සද්ධියං, අහිරිකං, අනොත්තප්පං, කොසජ්ජං, මුට්ඨසච්චං, දුප්පඤ්ඤතං.
Sinhala BJTඅස්සද්ධි ය, අහිරික ය, අනොත්තප්ප ය, කෝසජ්ජ ය, මුට්ඨසච්ච ය, දුප්පඤ්ඤතා ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො අනාගාමිඵලං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සය පහා අනගැමිපල පසක් කරන්නට නිසි වේ ය යි.
Pali BJT6. 2. 2. 2.
Sinhala BJT6. 2. 2. 2.
Pali BJT[අරහත්තඵල සුත්තං]
Sinhala BJT[අරහත්තඵල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. ඡ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං, කතමෙ ඡ:
Sinhala BJT12. මහණෙනි, ධර්‍ම සයක් නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි. කවර සයෙක යත්:
Pali BJTථිනං,{2} මිද්ධං, උද්ධච්චං, කුක්කුච්චං, අස්සද්ධියං, පමාදං.
Sinhala BJTථින ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද යි.
Pali BJTඉමෙ ඛො ඡ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම සය නො පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට අභව්‍ය වෙයි.
Pali BJTඡ භික්ඛවෙ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණෙනි, දහම් සයක් පහා අර්‍හත්‍වය පසක් කරන්නට නිසි වෙයි. කවර සයෙක යත්:
Pali BJTථිනං{2} මිද්ධං, උද්ධච්චං, කුක්කුච්චං, අස්සද්ධියං, පමාදං.
Sinhala BJTථීන ය, මිද්ධ ය, උද්ධච්ච ය, කුක්කුච්ච ය, අස්සද්ධිය ය, පමාද ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මෙ පහාය භබ්බො අරහත්තං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සය පහා අර්‍හත්‍වය සාක්‍ෂාත් කරන්නට නිසි වේ ය යි.
Pali BJT6. 2. 2. 3.
Sinhala BJT6. 2. 2. 3.
Pali BJT[මිත්ත සුත්තං]
Sinhala BJT[මිත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. සො වත භික්ඛවෙ භික්ඛු පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො, පාපමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො, තෙසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානො, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං අපරිපූරෙත්වා සෙඛං ධම්මා පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සෙඛං ධම්මං අපරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සීලානි අපරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT13. මහණෙනි, පවිටු මිතුරන් ඇති පවිටු යහළුවන් ඇති පාපයනට නැඹුරු වූ, පාපමිත්‍රයන් සෙවුනා භජනය කරණ පර්‍ය්‍යුපාසන කරන, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණෙක් (වත් විසින් ප්‍රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ආභිසමාචාරික ධර්‍මය සම්පූර්‍ණ කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ආභිසමාචාරික ශීලය නො පුරා (ශෛක්‍ෂප්‍රඥප්ත ශීල සඞ්ඛ්‍යාත) ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. ශෛක්‍ෂධර්‍මය නො පුරා සතර මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සතර මහසිල් නො පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, කල්යාණමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො, තෙසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානො, ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සෙඛං ධම්මං පරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සීලානි පරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතීති ඨානමෙතං විජ්ජති.{*}
Sinhala BJTමහණෙනි, කලණමිතුරන් ඇති කලණ සගයන් ඇති කලණ පුඟුලන් කෙරෙහි සම්ප්‍රවඞ්ක වූ, කල්‍යාණ මිත්‍රයන් සෙවුනා භජනය කරණ කල්‍යාණයන් පර්‍ය්‍යුපාසන කරණ, ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙන එබඳු මහණ ආභිසමාචාරිකශීල සඞ්ඛ්‍යාත ධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ආභිසමාචාරිකධර්‍මය පුරා ශෛක්‍ෂධර්‍මය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ශෛක්‍ෂධර්‍මය පුරා මහසිල් පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. මහසිල් පුරා කාමරාගය වේවයි රූපරාගය වේවයි අරූපරාගය වේවයි දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 2. 4.
Sinhala BJT6. 2. 2. 4.
Pali BJT[සඞ්ගණිකාරාම සුත්තං]
Sinhala BJT[සඞ්ගණිකාරාම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. සො වත භික්ඛවෙ භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකාරතො{1} සඞ්ගණිකාරාමතං අනුයුත්තො, ගණාරාමො ගණරතො ගණාරාමතං අනුයුත්තො එකො පවිවෙකෙ අභිරමිස්සතීති නෙතං ඨානං විජ්ජති. එකො පවිවෙකෙ අනභිරමන්තො චිත්තස්ස නිමිත්තං ගණහිස්සතීති{2} නෙතං ඨානං විජ්ජති. චිත්තස්ස නිමිත්තං අගණ්හන්තො සම්මාදිට්ඨිං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සම්මාදිට්ඨිං අපරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතීති නෙතං ඨානං විජ්ජති. සම්මාසමාධිං අපරිපූරෙත්වා සඤ්ඤොජනානි{3} පජහිස්සතීති නෙතං ඨානං විජ්ජති. සඤ්ඤොජනානි අප්පහාය නිබ්බානං සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT14. මහණෙනි, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති, ගණසඞ්ගණිකායේහි (ඔවුනොවුන් හා සසඟ ව විසීමෙහි) නියැලි, ගණසඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත වූ, ගෙණෙහි ඇලෙන සුලු ගෙණෙහි රැඳුනු ගණාරාමතායෙහි නියුක්ත, එ බඳු මහණ ඒකාකී වූයේ ප්‍රවිවේකයෙහි සිත් අලවා වෙසේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය නො කරණුයේ (සමාධිවිපස්සනා) චිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. චිත්තයාගේ නිමිත්ත නො ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යග් දෘෂ්ටිය නො පුරා සම්‍යක් (මාර්‍ග) සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සම්‍යක්සමාධිය නො පුරා සංයෝජනයන් දුරු කරන්නේ යන තෙල කරුණ විද්‍යමාන නො වේ. සංයෝජනයන් නො පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු න සඞ්ගණිකාරාමො න සඞ්ගණිකාරතො න සඞ්ගණිකාරාමතං අනුයුත්තො, න ගණාරාමො න ගණරතො න ගණාරාමතං අනුයුත්තො, එකො පවිවෙකෙ අහිරමිස්සතීති ඨානමෙතං විජ්ජති. එකො පවිවෙකෙ අභිරමන්තො චිත්තස්ස නිමිත්තං ගණ්හිස්සතීති{2} ඨානමෙතං විජ්ජති. චිත්තස්ස නිමිත්තං ගණ්හන්තො සම්මාදිට්ඨිං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සම්මාදිට්ඨිං පරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතීති ඨානමෙතං විජ්ජති. සම්මාසමාධිං පරිපූරෙත්වා සඤ්ඤොජනානි{3} පජහිස්සතීති ඨානමෙතං විජ්ජති. සඤ්ඤොජනානි පහාය නිබ්බානං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජතී’ති.
Sinhala BJTමහණෙනි, ගණසඞ්ගණිකාරාම නො වූ ගණසඞ්ගණිකායේහි නො ඇලුනු සඞ්ගණිකාරාමතායෙහි අනුයුක්ත නො වූ, ගෙණෙහි ඇලුම් නැති ගෙණෙහි නො නියැලි ගණාරාමතායෙහි අනුයුක්ත නො වූ, එබඳු මහණ ඒකාන්තයෙන් එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. එකලා වූයේ ප්‍රවිවේකයෙහි අභිරමණය කරණුයේ සමාධිවිපස්සනාචිත්තයාගේ නිමිත්ත ගන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. චිත්තයාගේ නිමිත්ත ගන්නේ සම්‍යග්දෘෂ්ටිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යග්දෘෂ්ටිය පුරා සම්‍යක් සමාධිය පුරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සම්‍යක්සමාධිය පුරා සංයෝජනයන් දුරුකරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. සංයෝජනයන් පහා නිර්‍වාණය සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ ය යි.
Pali BJT6. 2. 2. 5.
Sinhala BJT6. 2. 2. 5.
Pali BJT[දෙවතා සුත්තං]
Sinhala BJT[දේවතා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJT15. එකල්හි එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්මැ ගිය කල්හි අභිකාන්ත වර්‍ණ ඇතියේ හැම දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ ඡ:
Sinhala BJTවහන්ස, භික්‍ෂූහුගේ අපරිහානිය පිණිස මෙ ධර්‍මයෝ සදෙනෙක් පවත්නාහ. කවර සදෙනෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා.
Sinhala BJTසත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්‍යාණමිත්තතා යි.
Pali BJTඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති. ඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි.
Sinhala BJTවහන්ස, මෙ කරුණු සදෙන භික්‍ෂූහුගේ අපරිහානිය පිණිස වැටෙති යි. ඒ දෙවි මේ කීය. ශාස්තෘහු අනුදත්හ.
Pali BJTඅථ ඛො සා දෙවතා සමනුඤ්ඤො මෙ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඉක්බිති ඒ දෙවි ශාස්තෘහු ම බස් අනුදත්හයි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJTඅථ භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑ අන්‍යතර දෙවියෙක් අභිකාන්ත වර්‍ණ ඇතියේ රෑ පෙරයම ඉක්මැගිය කල්හි හැම දෙව්රම බබුළුවා මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි එ දෙවි මට තෙල කරුණ කීය:
Pali BJTඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ ඡ:
Sinhala BJT“වහන්ස, මෙ සකාරණයෝ මහණහුගේ අපරිහානිය පිණිස වැටෙති. කවර සයෙක යත්:
Pali BJTසත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සොවචස්සතා, කල්යාණමිත්තතා.
Sinhala BJTසත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සෝවචස්සතා ය, කල්‍යාණමිත්තතා යි.
Pali BJTඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තී’ති.
Sinhala BJTවහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙති”යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, එ දෙවි මේ කීය. මෙ කියා මා වැඳ පැදකුණු කොට එහි ම ඇතුරුදහන් වී ය යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT”ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි: ඉධ භන්තෙ භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති සත්ථුගාරවතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛු සත්ථුගාරවා තෙසඤ්ච වණ්ණං භාසති{1} භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පෙ- සුවචො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා තෙසඤ්ච වණ්ණං භාසති{1} භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ දහම්හුගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි: වහන්ස, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇතියේ වෙයි, ශාස්තෘගෞරවයෙහි ගුණ බණන සුලු ද වෙයි. ශාස්තෘගෞරව නැති යම් කිසි අන්‍ය මහණහු වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවයෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති යම්කිසි අන්‍ය මහණහු වෙත් නම්, ඔවුන්ගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... කල්‍යාණමිත්‍රයන් ඇතියේ වෙයි. කලණමිතුරන් ඇතිබැව්හි ගුණ බණන සුලු ද වෙයි. කලණමිතුරන් නැති යම් අන් මහණහු වෙත් නම් ඔවුනුදු කලණමිතුරන් ඇති බැව්හි සමාදන් කරවයි. කලණ මිතුරන් ඇති යම් අන් මහණහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ තථ්‍ය වූ ගුණ නිසි කල්හි කියයි.
Pali BJTඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථ ආජානාමි”ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මේ ධර්‍මයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් මම විතර විසින් දන්මි’යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, සාධු ඛො ත්වං සාරිපුත්ත ඉමස්ස මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි.
Sinhala BJTසාරිපුත්‍රය, මැනැවැ, මැනැවැ, ශාරිපුත්‍රය, තෝ මා විසින් සංක්‍ෂේපයෙන් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් මැනැවින් ම දන්හි.
Pali BJTඉධ සාරිපුත්ත භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති, සත්ථුගාරවතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා, තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ සත්ථුගාරවා, තෙසඤ්ච වණ්ණං භාසති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති -පෙ- සඞ්ඝගාරවො හොති -පෙ- සික්ඛාගාරවො හොති -පො- සුවචො හොති -පෙ- කල්යාණමිත්තො හොති කල්යාණමිත්තතාය ච වණ්ණවාදී, යෙ චඤ්ඤෙ භික්ඛූ න කල්යාණමිත්තා, තෙ ච කල්යාණමිත්තතාය සමාදපෙති, යෙ චඤ්ඤෙ භික්ඛූ කල්යාණමිත්තා තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන.
Sinhala BJTශාරිපුත්‍රය, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇත්තේ වෙයි. ශාස්තෘගෞරවයෙහි ගුණ කියෙන්නේ වෙයි. ශාස්තෘගෞරව රහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔහුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව සහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙකුන් ඇත් නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි. තෙමේත් ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇත්තේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇත්තේ වෙයි ... සුවච වෙයි ... කලණමිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණමිත්‍රතායෙහි ගුණ බණනසුලු වෙයි. කල්‍යාණමිත්‍රතා රහිත අනෙක් යම් භික්‍ෂු කෙනෙක් ඇත් නම් ඔහුත් කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. කලණමිතුරන් ඇති අනෙක් යම් භික්‍ෂු කෙනෙක් ඇත්නම් ඔවුන්ගේත් භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියයි.
Pali BJTඉමස්ස ඛො සාරිපුත්ත මයා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථො දට්ඨබ්බොති.
Sinhala BJTශාරිපුත්‍රය, මා විසින් සංක්‍ෂේපයෙන් දෙසනලද මේ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දතයුතු යි.
Pali BJT6. 2. 2. 6.
Sinhala BJT6. 2. 2. 6.
Pali BJT[සමාධිසුත්තං]
Sinhala BJT[සමාධි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. සො වත භික්ඛවෙ භික්ඛු න සන්තෙන සමාධිනා න පණීතෙන න පටිප්පස්සද්ධිලද්ධෙන න එකොදීභාවාධිගතෙන -
Sinhala BJT16. මහණෙනි, එ මහණ තෙමේ ශාන්ත නො වූ ප්‍රණීත නො වූ සංහිඳීමෙන් නො ලත් එකඟ බැවින් නො ලත් සමාධියෙන් -
Pali BJTඅනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවිස්සති: එකොපි හුත්වා බහුධා භවිස්සති, බහුධාපි හුත්වා එකො භවිස්සති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙස්සතීති{1} නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTබහුප්‍රකාර වූ ඍද්ධිවිධඥානය ලබයි: එකෙක් වූයේ ම බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාර වූයේ ම එකෙක් වෙයි ... බඹලොව තෙක් කයින් වශය පවත්වා ය යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි.