Pali BJT(4) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “නාමං ඛො ආවුසො එකො අන්තො, රූපං දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොති”ති.
Sinhala BJT(4) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, නාමය එක් අන්ත යැ, රූපය දෙවන අන්තය වෙයි. ප්‍රතිසන්‍ධි විඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව එය මසයි ... ඉහාත්මයෙහි ම දුක් අන්ත කරන්නේ වේ ය” යි.
Pali BJT(5) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතවොච: “ඡ ඛො ආවුසො අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, බාහිරානි ආයතනානි දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
Sinhala BJT(5) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, ෂට්ආධ්‍යාත්මිකායතන එක අන්ත යැ. ෂට්බාහ්‍යආයතන දෙවන අන්ත යි. කර්‍මවිඥානය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භවයාගේ ඉපැත්ම පිණිස එය හිවයි. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි ... ඉහාත්මයෙහි දුක් (අන්තකරන්නේ වේ ය”යි)
Pali BJT(6) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “සක්කායො ඛො ආවුසො එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො, සක්කායනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
Sinhala BJT(6) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කීය: “ඇවැත්නි, (ත්‍රෛභූමක වර්‍ත සඞ්ඛ්‍යාත) සත්කාය එක අන්ත යැ, (සමුදයසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කායසමුදය දෙවන අන්ත යි, (නිරෝධසත්‍ය සඞ්ඛ්‍යාත) සත්කාය නිරෝධය මධ්‍ය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම එ එ භාවයාගේ ඉපැත්ම පිණිස එය හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥෙය අභිඥාත වෙයි, පරිඥේයය පරිඥාත වෙයි, අභිඥේයය අභිඥාන කෙරෙමින් පරිඥේයය පරිඥානකෙරෙමින් ඉහාත්මභාවයෙහි ම දුක් අන්තකරන්නේ වේ ය”යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “බ්යාකතං ඛො ආවුසො අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම, යථා නො භගවා ව්යාකරිස්සති, තථා නං ධාරෙස්සාමා”ති. එවමාවුසො’ති ඛො ථෙරා භික්ඛූ තස්ස භික්ඛුනො පච්චස්සොසුං.
Sinhala BJTමෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කීය: “ඇවැත්නි, අප හැම දෙන විසින් ම ස්වකීය ප්‍රතිභානය ප්‍රකාශ කරණ ලදි. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම්හ, එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකරම්හ, අපහට යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ විවරණ කෙරෙත් නම් එපරිදි එය ධරම්හ”යි. ඇවැත්නි, එසේ ය යි, තෙර මහණහු එ මහණහට පිළිවදන් ඇස්වූහ.
Pali BJTඅථ ඛො ථෙරා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො ථෙරා භික්ඛූ යාවතකො අහොසි සබ්බෙහෙව සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසුං: කස්ස නු ඛො භන්තෙ සුභාසිත’න්ති.
Sinhala BJTඑක්බිති තෙර මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් තෙර මහණහු හැම දෙනා හා සමග යම් ප්‍රමාණ කථාසංලාපයෙක් ඇති වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. වහන්ස, කවුරුන්ගේ (භාෂිතය) සුභාෂිත වේ දැ?”යි.
Pali BJTසබ්බෙසං වො භික්ඛවෙ සුභාසිතං පරියායෙන, අපි ච යං මයා සන්ධාය භාසිතං පාරායනෙ මෙත්තය්යපඤ්හෙ:
Sinhala BJT“මහණෙනි, පර්‍ය්‍යායයෙන් (ඒ ඒ කරුණින්) තොප හැමගේ කථා සුභාෂිත ය. වැලිදු මා විසින් පාරායනයෙහි ‘මෙත්තෙය්‍ය පඤ්හ’යෙහි යමක් සඳහා:
Pali BJT”සො{1} උභන්තෙ විදිත්වාන{2} මජ්ඣෙ මන්තා න ලිප්පති,{3} තං බ්රූමි මහා පුරිසොති සො‘ධ සිබ්බනිමච්චගා”ති - තං සුණාථ සාධුකං මනසිකරොථ, භාසිස්සාමීති.
Sinhala BJT“එ (රහත් මහණ) ප්‍රඥාවෙන් උභයාන්තය දැන මධ්‍යයෙහි නො තැවරේ නම්, ඔහු මහාපුරුෂ යයි ද, හේ මෙලොව සිබ්බනී සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්මගියේ යි කියමි”යි වදාරන ලද නම්, එය මනා කොට අසව මෙනෙහි කරව, කියන්නෙමි”යි
Pali BJTඑවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං, භගවා එතදවොච:
Sinhala BJT‘වහන්ස, එසේ ය’යි, එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTඵස්සො ඛො භික්ඛවෙ එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො. ඵස්සනිරොධො මජ්ඣෙ. තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො භික්ඛවෙ භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී’ති.
Sinhala BJTමහණෙනි, වර්‍තමාන ආත්මභාව (සඞ්ඛ්‍යාත) ඵස්සය එක් අන්තයක, (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්තය වෙයි. ඵස්ස නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ ආත්මභාවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා එය හිවන්නේ ය. මහණෙනි, මෙ පමණෙකින් මහණ අභිඥේයය අභිජානන කෙරෙයි. පරිඥේයය පරිජානන කෙරෙයි. අභිඥෙය විශිෂ්ටඥානයෙන් දන්මින් පරිඥේයය පිරිසිඳ දන්මින් ඉහාත්මයෙහි දුඃඛය අවසන් කරන්නේ වේ ය යි.
Pali BJT6. 2. 1. 8.
Sinhala BJT6. 2. 1. 8.
Pali BJT[පුරිසින්ද්රියඤාණ සුත්තං]
Sinhala BJT[පුරිසින්‍ද්‍රියඤාණ සූත්‍රය]
Pali BJT8. එවං මෙ සුතං එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන දණ්ඩකප්පකං නාම කොසලානං නිගමො තදවසරි. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. තෙ ච භික්ඛූ දණ්ඩකප්පකං පවිසිංසු ආවසථං පරියෙසිතුං.
Sinhala BJT8. මා විසින් මෙසෙයින් අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි මහබික්සඟුන් හා සමඟ සැරිසරනසේක් දණ්ඩකප්පක නම් කෝශලයන්ගේ නියම්ගමට වන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඒ භික්‍ෂුහු ද ආවාස සොයන්නට දණ්ඩකප්පකයට වන්හ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන අචිරවතී නදී තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. අචිරවතියා නදියා ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බොහෝ මහණුන් හා කැටිවලා ගාත්‍ර පරිෂේකය සඳහා අචිරවතී නදිය වෙත එළඹියහ. අචිරවතී නිදයෙහි ගාත්‍රපරිෂේක (ස්නාන) කොට නදියෙන් නැඟී එක්සිවුරු ඇතියාහු අඟපසඟ තෙත සිඳුවමින් සිටියහ.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJTඑකල්හි (දේවදත්තපාක්‍ෂික) අන්‍යතර මහණෙක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කරුණ කී:
Pali BJT”කිං නු කො ආවුසො ආනන්ද සබ්බං චෙතසො සමන්නාහරිත්වා නු ඛො දෙවදත්තො භගවතා බ්යාකතො ‘ආපායිකො දෙවදත්තො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො’ති, උදාහු කෙනචිදෙව පරියායෙනා”ති.
Sinhala BJT“ඇවැත් ආනන්‍දයෙනි, කිම භාග්‍යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්‍ජනා කොටගෙන ‘දෙව්දත් අපායෙහි උපදනෙක, නිරයගාමි යැ, (නිරයෙහි) කපක් සිටුනේ වන්නෙ යැ, පිළියම් නො කළ හෙන්නේ යැ’යි වදාරණ ලදුයේ ද, නොහොත් කිසියම් පර්‍ය්‍යායයෙකින් වදාරණ ලදුයේ දැ”යි.
Pali BJT‘එවං ඛො පනෙතං ආවුසො භගවතා බ්යාකත’න්ති.
Sinhala BJTඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල කරුණ එලෙසින් ම ව්‍යාකෘත ය’යි.
Pali BJTඅථ කො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල පවත් සැළ කළහ:
Pali BJTඉධාහං භන්තෙ සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන අචිරවතී නදී තෙනුපසඞ්කමිං ගත්තානි පරිසිඤ්චිතුං. අචිරවතියා නදියා ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසිං ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො භන්තෙ අඤ්ඤතරො භික්ඛු යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං එතදවොච:
Sinhala BJTවහන්ස, මෙ (නියම්ගම්) හි බට මම බොහෝ මහණුන් හා ශරීර පරිෂේකය සඳහා අචිරවතී නදිය කරා එළැඹියෙමි. අචිරවතී නදියෙහි සිරැර සනහා ගොඩනැඟී සිරුරු තෙත් සිඳුවමින් ඒකචීවර වැ සිටියෙමි. වහන්ස, එකල්හි අන්‍යතර (දේවදත්තපාක්‍ෂික) මහණෙක් මා කරා පැමිණියේ ය. පැමිණ මට තෙල පවත් කී:
Pali BJT“කිං නු ඛො ආවුසො ආනන්ද සබ්බං චෙතසො සමන්නාහරිත්වා නු ඛො දෙවදත්තො භගවතා බ්යාකතො “අපායිකො දෙවදත්තො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො’ති, උදාහු කෙනචිදෙව පරියායෙනා”ති. එවං වුත්තෙ අහං භන්තෙ තං භික්ඛුං එතදවොචං: “එවං ඛො පනෙතං ආවුසො භගවතා බ්යාකත”න්ති.
Sinhala BJT“ඇවැත් ආනන්‍දයෙනි, කිමෙක භාග්‍යවතුන් වහන්සේ විසින් හැම තතු සිතින් ආවර්‍ජනා කොට ගෙන ‘දේවදත්ත ආපායික යැ, නිරයගාමි යැ, කපක් සිටුනේ වන්නේ යැ, පිළියම් නො කළ හෙන්නේ ය’යි වදාරනලද ද? නොහොත් කිසියම් පර්‍ය්‍යායයෙකින් ව්‍යාකෘත වේ දැයි, වහන්ස, මෙසේ කී කල්හි මම ‘ඇවැත්නි, තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙ සෙයින් ව්‍යාකෘත ය’යි එ මහණහට කීමි යි.
Pali BJTසො වා ඛො ආනන්ද භික්ඛු නවො භවිස්සති අචිරපබ්බජිතො, ථෙරො වා පන බාලො අබ්යත්තො. කථං හි නාම යං මයා එකංසෙන බ්යාකතං, තත්ථ ද්වෙජ්ඣං ආපජ්ජිස්සති? නාහං ආනන්ද අඤ්ඤං එකපුග්ගලම්පි සමනුපස්සාමි, යො එවං මයා සබ්බං චෙතසො සමන්නාහරිත්වා බ්යාකතො යථයිදං දෙවදත්තො. යාවකීවඤ්චාහං ආනන්ද දෙවදත්තස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං අද්දසං, නෙව තාවාහං දෙවදත්තං බ්යාකාසිං ‘ආපායිකො දෙවදත්තො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො’ති. යතො ච කො අහං ආනන්ද දෙවදත්තස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං න අද්දසං, අථාහං දෙවදත්තං ව්යාකාසිං ‘ආපායිකො දෙවදත්තො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො’ති.
Sinhala BJTආනන්‍දයෙනි, හේ පැවිදිව නො බෝකල් ඇති නවක මහණෙක් හෝ අව්‍යක්ත බාල ස්ථවිර මහණෙක් හෝ වියහෙයි. යමක් මා විසින් ඒකාන්තයෙන් ව්‍යාකෘත නම්, එහි කිසෙයින් ද්විධාභාවයෙක් වේද? ආනන්‍දයෙනි, දේවදත්ත බඳු යම් මැ පුද්ගලයෙක් මා විසින් සියල්ල සිතින් ආවර්‍ජනා කොට ව්‍යාකෘත වේ නම්, මම එබඳු අන් එකද පුඟුලකු බුදු ඇසින් නො මැ දක්මි. ආනන්‍දයෙනි, යම්තාක් මම දේවදත්තයාගේ අස්ලොම් අගක් වදනා තැන් පමණ වූ කුශලධර්‍මයක් නො දිටිම් ද, ඒතාක් මම ‘දෙව්දත්හු අපායෙහි උපදනට නිසි කම් ඇතියෙක, නිරෑහි උපදනේ යැ, ප්‍රතිකර්‍ම රහිත වූයේ යැ, කල්පස්ථායී වන්නේ යැ’ යි දෙව්දතු ව්‍යාකෘත නො කෙළෙම් ම ය. ආනන්‍දයෙනි, යම් කලෙක මම දේවදත්තගේ අස්ලොම් අග වදනා තැන් පමණකුදු කුශලධර්‍මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික යැ. නේරයික යැ, කල්පස්ථායී යැ, අතෙකිච්ඡ ය යි දෙව්දතු විවරණ කෙළෙමි’යි.
Pali BJTසෙය්යථාපි ආනන්ද ගූථකූපො සාධිකපොරිසො පූරො ගූථස්ස සමතිත්තිකො, තත්ථ පුරිසො සසීසකො නිමුග්ගො අස්ස, තස්ස කොචිදෙව පුරිසො උප්පජ්ජෙය්ය අත්ථකාමො හිතකාමො යොගක්ඛෙමකාමො තම්හා ගූථකූපා උද්ධරිතුකාමො. සො තං ගූථකූපං සමන්තා අනුපරිගච්ඡන්තො න පස්සෙය්ය තස්ස පුරිසස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තම්පි ගූථෙන අමක්ඛිතං යත්ථෙතං ගහෙත්වා උද්ධරෙය්ය. එවමෙව ඛො අහං ආනන්ද යතො දෙවදත්තස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තම්පි සුක්කං ධම්මං න අද්දසං, අථාහං දෙවදත්තං බ්යාකාසිං “ආපායිකො දෙවදත්තො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො”ති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් සේ පුරුෂප්‍රමාණයෙන් අධික වූ ගූථයෙන් මුව විට තෙක් පිරි සිටි ගූථකූපයෙක් වේද, එහි සශීර්‍ෂක ව (හිසතෙක්) නිමග්න වූ පුරුෂයෙක් වේද, ඔහට අර්‍ත්‍ථ කැමැති හිත කැමැති යෝගක්‍ෂේම (නිර්‍භය) කැමැති ඒ ගූථ කූපයෙන් උදුරණු කැමැති කිසි පුරුෂයෙක් උපදනේ ය, හේ ඒ ගූථකූපය වටා ඇවිදිනුයේ යම් තැනෙක්හි ගෙණ (ඔහු) උදුරාලන්නේ නම් අස්ලොම් අගක් බැහියහැකි පමණකුදු ගූථයෙන් නො මැකි තැනක් නො දක්නේ ය. ආනන්‍දයෙනි, එපරිද්දෙන් ම යම් කලෙක සිට මම දෙව්දත්හුගේ අස්ලොම් අගක් වදනා තැන් තරම් වූ ද කුශලධර්‍මයක් නො දිටිම් ද, එකල්හි මම ‘දේවදත්ත ආපායික ය, නේරයික ය, කල්පස්ථ ය, අතෙකිච්ඡ ය’ යි දෙව්දතු විවරණ කෙළෙමි.
Pali BJTසචෙ තුම්හෙ ආනන්ද සුණෙය්යාථ තථාගතස්ස පුරිසින්ද්රියඤාණානි විභජන්තස්සාති. එතස්ස භගවා කාලො, එතස්ස සුගත කාලො, යං භගවා පුරිසින්ද්රියඤාණානි විභජෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. තෙනහානන්ද, සුණාහි සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTආනන්‍දයෙනි, ඉදින් තෙපි පුරුෂෙන්‍ද්‍රියඥාන විභාග කරණ තථාගතයන්ගේ භාෂිතය අසවු දැ’යි. භාග්‍යවතුන් වහන්ස, තෙල භාෂිතයට මේ කලි, සුගතයන් වහන්ස, යම් සෙයකින් භාග්‍යවතුන් වහන්සේ පුරුෂෙන්‍ද්‍රියඥාන විභාග කරණ සේක් නම්, මෙ තෙල භාෂිතයට කලි. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු එ දරන්නාහ යි. ආනන්‍දයෙනි, එසේ වී නම් මනාකොට අසව, මෙනෙහි කරව, වදාරමි යි. වහන්ස. එසේ යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJT(1) ඉධාහං ආනන්ද එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මාති.” තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වාස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස කුසලමූල{1} කුසලං පාතුභවිස්සති. එවමයං පුග්ගලො ආයතිං. අපරිහානධම්මො භවිස්සතී”ති.
Sinhala BJT(1) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම’ මෙ පුඟුල්හට කුසල්දහම්හු ද අකුසල් දහම්හු ද විද්‍යමානයහ’ යි මෙසෙයින් තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ, අකුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට ප්‍රහීණ නො වූ කුශලමූල ද ඇත. ඒ කුශලමූලයෙන් මොහුට කුසල් පාළ වන්නේ ය. මෙසේ වත් ම ‘මේ පුඟුල් මත්තෙහි නො පිරිහෙන සැහැවි ඇති වන්නේ ය’ යි මෙසේ තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි.
Pali BJTසෙය්යථාපි ආනන්ද, බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරදානි සුඛසයිතානි සුඛෙත්තෙ සුපරිකම්මකතා යභූමියා නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද ඉමානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්තී’ති. එවං භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිදි නො කඩ වූ කුණු නො වූ වාඅව්වෙන් නො නට සාරය ගත් මොනොවට රැස් (යහන්) කරණලද මනා කෙත්හි මනාසේ පිරියම් කළ බිම්හි වපුළ බීජයෝ වෙත් නම්, ආනන්‍දයෙනි, මෙ බිජුවටහු වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණෙත් යයි තො දන්හි දැයි. වහන්ස, එසේ ය.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද, ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි. “ඉමස්ස ඛො පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්හා තස්ස කුසලමූලා කුසලං පාතුභවිස්සති, එවමයං පුග්ගලො ආයතිං අපරිහානධම්මො භවිස්සතී”ති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එ පරිදි ම මම ‘මේ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’ යි මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූත වූහ. මොහුට සමුච්ඡින්න නො වූ කුශලමූල ද ඇත, ඔහුට ඒ කුශලමූලයෙන් කුසල් පාළ වන්නේ ය. මෙසේ ඇතිවත් ම ‘මෙ පුඟුල් මතුයෙහි නො පිරිහෙන සැහැවි ඇති වන්නේ ය’ යි මෙසේ එ පුඟුල්හු මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දැන ගණිමි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂ පුද්ගල සිතින් සිත පිරිසිඳ විදිත වෙයි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතං හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්ම සමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, තථාගතයන් විසින් පුරුෂේන්‍ද්‍රිය (පරෝපරියත්ත) ඥානය මෙසේත් සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය තමන් සිතින් උහු සිත පිරිසිඳ දන්නා ලදුයේ වෙයි.
Pali BJT(2) ඉධ පනාහං ආනන්ද, එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි. “ඉමස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මාති”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පෙරිච්ච පජානාමි. “ඉමස්ස ඛො පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීභූතා, අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං. තම්හා තස්ස අකුසලමූලා අකුසලං පාතුභවිස්සති. එවමයං පුග්ගලො ආයතිං පරිහාන ධම්මො භවිස්සතී”ති.
Sinhala BJT(2) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ. කුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට අසමුච්ඡින්න වූ අකුශලමූල ද ඇත. ඒ අකුශලමූලයෙන් අකුශල පාළවන්නේ ය. මෙසේ වත් ම, මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි, මෙසේ මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ දනිමි.
Pali BJTසෙය්යථාපි ආනන්ද බීජානි අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරදානී සුඛසයිතානි පුථුසීලාය නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද නයිමානි ඛිජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්තීති. එවං භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිදි අඛණ්ඩ වූ ඈහ නො වූ අව්සුළඟින් නො නට සාරදායී වූ සුඛසයිත වූ බිජුවටහු අතලගලෙක නික්‍ෂිප්ත වෙත් ද, ආනන්‍දයෙනි, මෙ බිජුවටහු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණෙත් ය යි තෙපි දන්වයි? වහන්ස, එසේ ය’යි.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද ඉධෙකච්චං පුග්ගලං එව චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා, කුසලා ධම්මා සම්මුඛීතා. අත්ථි ච ඛ්වස්ස අකුසලමූලං අසමුච්ඡින්නං. තම්හා තස්ස අකුසලමූලා අකුසලං පාතුභවිස්සති. එවමයං පුග්ගලො ආයතිං පරිහානධම්මො භවිස්සති’ති එවම්පි කො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එ පරිදි ම මම මෙ ලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුඟුල්හට අකුශලධර්‍මයෝ අතුරුදන්හ, කුශලධර්‍මයෝ සම්මූඛිභූතයහ, මොහුට අකුශලමූල ද නුසුන් ව ඇත. ඔහුට ඒ අකුශල මුලින් අකුශල පාළවන්නේ ය මෙසේ වත් ම මෙ පුඟුල් මතුයෙහි පරිහාන ධර්‍ම වන්නේ ය’යි සිතින් සිත පිරිසිඳඔහු දන්මි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතො හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂපුද්ගල සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් පුරුෂේන්‍ද්‍රිය ඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේත් තථාගතයන් විසින් මතුයෙහි (ඔහුගේ) ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ වෙයි.
Pali BJT(3) ඉධ පනාහං ආනන්ද එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තොපි සුක්කො ධම්මො. සමන්නාගතොයං පුග්ගලො එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතී”ති.
Sinhala BJT(3) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු ‘මෙ පුද්ගලහට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසු කල්හි ‘මෙ පුඟුල්හට වලගඅගවදනා තැන් පමණකුදු ශුක්ලධර්‍මයෙක් නැත, මෙ පුඟුල් ඒකාන්ත කෘෂ්ණ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
Pali BJTසෙය්යථාපි ආනන්ද බීජානි ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි සුඛෙත්තෙ සුපරිකම්මකතාය භූමියා නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද, නයිමානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිසන්තී’ති. එවම්හභන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිදි කඩ වූ කුණු වූ අවුසුළඟින් පහළ බීජයෝ මනා කෙතෙක්හි සුපිරියම් කළ බිමෙක නික්‍ෂිප්ත වූවාහු වෙද්ද, ආනන්‍දයෙනි, තෙපි ‘මේ බීජයෝ වෘද්ධියට විරූඪියට විපුලභාවයට නොපැමිණෙන්නාහ’යි දන්වයි? වහන්ස, එසේ ය.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තොපි සුක්කො ධම්මො, සමන්නාගතොයං පුග්ගලො එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සතී”ති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එපරිදි ම මම මෙ ලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුසල් දම්හු ද අකුසල් දම්හු ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසු කලෙක ‘මෙ පුඟුල්හට වලග කෙළ වදනා තැන් පමණකුදු ශුක්ලධර්‍මයෙක් නැත. ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශල ධර්‍මයෙන් මෙ පුඟුල් සමන්‍වාගත වූයේ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් එළඹෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂ පුද්ගල සිය සිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලදුයේ වෙයි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතං හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොතී’ති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂයාගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසේ ද තථාගතයන් විසින් පුරුෂයාගේ මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලදුයේ වේ ය යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: සක්කානු ඛො භන්තෙ ඉමෙසං තිණ්ණං පුග්ගලානං අපරෙපි තයො පුග්ගලා සප්පටිභාගා පඤ්ඤාපෙතුන්ති. සක්කා ආනන්දාති භගවා අවෙච.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: ‘වහන්ස, මෙ පුඟුලන් තුන්දෙනාහට තුල්‍ය වූ අන්‍ය තුන් පුඟුල් කෙනෙක් පැණවිය හැකි වෙත් දැ?’යි. ‘ආනන්‍දයෙනි, හැක්කැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT(4) ඉධාහං ආනන්ද එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මාති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා අකුසලා ධම්මා සම්මුඛීභූතා, අත්ථි ච ඛ්වාස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බෙන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. එවමයං පුග්ගලො ආයතිං පරිහානධම්මො භවිස්සතී’ති.
Sinhala BJT(4) ආනන්‍දයෙනි, මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු, ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූත වූහ. මොහුට නො සුන් කුසල්මුල් ද ඇත. එ ද සර්‍වාකාරයෙන් නැස්මට යේ. මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇති වන්නේ ය’යි. මෙ සේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
Pali BJTසෙය්යාථාපි ආනන්ද අඞ්ගාරානි ආදිත්තානි සම්පජ්ජලිතානි සජොතිභූතානි පුථුසිලාය නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද, නයිමානි අඞ්ගාරානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්තීති. එවම්භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම්පරිදි ඇවිළගත් දිලෙන අඞ්ගාරයෝ අතලගලෙක බහාලනලද්දාහු වෙද්ද, ආනන්‍දයෙනි, මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණේ ය’යි තෙපි දන්වයි. වහන්ස, එසේ ය.
Pali BJTසෙය්යථාපි වා පනානන්ද සායන්හසමයං සුරියෙ ඔගච්ඡන්තෙ ජානෙය්යාසි ත්වං ආනන්ද ආලොකො අන්තරධායිස්සති අන්ධකාරො පාතුභවිස්සතී’ති. එවම්භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම් සේ සවස් කල්හි හිරු බැසයත් ම ආලෝකය අතුරුදන් වන්නේ ය. අන්‍ධකාරය පාළවන්නේ ය’යි තෙපි දන්වයි. වහන්ස, එසේ ය.
Pali BJTසෙය්යථාපි වා පනානන්ද අභිදො අඩ්ඪරත්තං{1} භත්තකාලසමයෙ, ජානෙය්යාසි ත්වං ආනන්ද ආලොකො අන්තරහිතො අන්ධකාරො පාතුභූතොති. එවම්භන්තෙ.
Sinhala BJTතවද ආනන්‍දයෙනි, තෙපි යම්සේ අර්‍ධරාත්‍රිය ආසන්නවත් ම භක්තකාල සමයෙහි රජකුලයන්ගේ බත්හල්හි ‘ආලෝකය අතුරුදන් විය, අන්‍ධකාරය පාලවිය’යි දන්වයි. වහන්ස, එසේ ය.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද ඉධෙකච්චං පුග්ගලං එව චෙතසා චෙතො පරිච්ච පජානාමි : “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලා’පි ධම්මාති” තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස කුසලා ධම්මා අන්තරහිතා, අකුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වාස්ස කුසලමූලං අසමුච්ඡින්නං, තම්පි සබ්බෙන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. එවමයං පුග්ගලො ආයතිං පරිහානධම්මො භවිස්සතී”ති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එපරිදි ම මම මෙලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ කුශලධර්‍මයෝ අතුරුදන් වූහ. අකුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ, මොහුට අසමුච්ඡින්න වූ කුශලමූලය ද ඇත, එ ද සර්‍වාකාරයෙන් සමුද්ඝාතයට යන්නේ ය. මෙසේ මෙ පුඟුල් මතුයෙහි පරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි සිතින් සිත පිරිසිඳ මෙසේ ඔහු දනිමි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගල සිතින් සිත පිරිසිඳ දක්නාලද්දේ වෙයි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතං හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ සේ ද තථාගතයන් වහන්සේ විසින් පුරුෂයාගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, තථාගතයන් වහන්සේ විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ ය.
Pali BJT(5) ඉධ පනාහං ආනන්ද එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා කුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා කුසලා ධම්මා සම්මුඛීභූතා. අත්ථි ච ඛ්වාස්ස අකුසලමූලං අසමුච්ඡින්නං. තම්පි සබ්බෙන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. එවමයං පුග්ගලො ආයතිං අපරිහාන ධම්මො භවිස්සතී”ති.
Sinhala BJT(5) ආනන්‍දයෙනි, ‘මෙ ලොව්හි මම ඇතැම් පුඟුලකු මෙ පුඟුල්හට කුසල දම්හුදු අකුසල් දම්හුදු විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකාලයෙහි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ, කුශලධර්‍මයෝ සම්මුඛීභූතයහ. මොහුට නොසුන් අකුශල මූලය ද ඇත, එ ද සර්‍වප්‍රකාරයෙන් සමුද්ඝාතයට යන්නේ ය. මෙ සේ මෙ පුඟුල් මතුයෙහි අපරිහානධර්‍ම ඇතියේ වන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
Pali BJTසෙය්යථාපි ආනන්ද අඞ්ගාරානි ආදිත්තානි සම්පජ්ජලිතානි සජොතිභූතානි සුක්ඛෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද ඉමානි අඞ්ගාරානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්තීති. එවම්භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම් පරිදි ඇවිළගත් දැල්වුනු ගිනිසිළු සහිත වූ අඟුරු වියලි තණපිඩෙක්හි වේවයි, කැටපිඩෙක්හි වේවයි බහනලදුයේ නම්, ආනන්‍දයෙනි, තෙපි මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණේය’යි දන්ව. වහන්ස, එසේ ය.
Pali BJTසෙය්යථාපි වා පනානන්ද රත්තියා පච්චූසසමයං සූරියෙ උග්ගච්ඡන්තෙ ජානෙය්යාසි ත්වං ආනන්ද අන්ධකාරො අන්තරධායිස්සති ආලොකො පාතුභවිස්සතී”ති. එවම්භන්තෙ.
Sinhala BJTතවද ආනන්‍දයෙනි, රාත්‍රි ප්‍රත්‍යූෂයෙහි හිරු නැඟෙත් ම ආනන්‍දයෙනි, තෙපි ‘අන්‍ධකාරය අතුරුදන් වන්නේ ය, ආලෝකය පාළවන්නේ ය’යි දන්ව යි. වහන්ස, එසේ ය.
Pali BJTසෙය්යථාපි වා පනානන්ද අභිදො මජ්ඣන්තිකෙ භත්තකාලසමයෙ, ජානෙය්යාසි ත්වං ආනන්ද අන්ධකාරො අන්තරහිතො ආලොකො පාතුභූතොති. එවම්භන්තෙ.
Sinhala BJTතවද ආනන්‍දයෙනි, මධ්‍යමසමයාසන්නවත් ම භක්ත කාලසමයෙහි ‘අන්‍ධකාරය අපගත විය, ආලෝකය ප්‍රාදුර්භූත වී යයි තෙපි දන්ව’යි. වහන්ස එසේ ය.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි ඉමස්ස ඛො පුග්ගලස්ස චිජ්ජාමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති, තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස අකුසලා ධම්මා අන්තරහිතා කුසලා ධම්මා සම්මුඛීභූතා, අත්ථි ච ඛ්වාස්ස අකුසලමූලං අසමුච්ඡින්නං. තම්පි සබ්බෙන සබ්බං සමුග්ඝාතං ගච්ඡති. එවමයං පුග්ගලො ආයතිං අපරිහානධම්මො භවිස්සතීති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එපරිදි ම මම මෙලොව්හි ඇතැම් පුඟුලකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද පවත්නාහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හුගේ අකුශලධර්‍මයෝ අතුරුදන් වූහ. කුශලධර්‍මයෝ එළඹ සිටියහ. මොහුට අසමුච්ඡින්න වූ අකුශලමූලය ද ඇත. එ ද සර්‍වාකාරයෙන් සමුග්ඝාතයට යෙයි, මෙසේ මේ පුඟුල් මතු අපරිහානධර්‍ම වන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගලයා සිතින් සිත පිරිසිඳ විදිත වෙයි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතං හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂේන්‍ද්‍රියඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් මතුයෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි.
Pali BJT(6) ඉධ පනාහං ආනන්ද එකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකොටිනිත්තුද්දන මත්තොපි අකුසලො ධම්මො. සමන්නාගතොයං පුග්ගලො එකන්තසුක්කෙහි අනවජ්ජෙහි ධම්මෙහි දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සතී”ති.
Sinhala BJT(6) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු ‘මෙ පුඟුල්හට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මම සිතින් සිත පිරිසිඳ දන්මි. පසුකල්හි ‘මෙ පුඟුල්හට වලඟකෙළ වදනා තැන් පමණකුදු අකුශලධර්‍මයෙක් නැත. මෙ පුද්ගල ඒකාන්තයෙන් අනවද්‍ය ශුක්ලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ ඉහාත්මභාවයෙහි ම පිරිනිවෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි.
Pali BJTසෙය්යථාපි ආනන්ද අඞ්ගාරානි සීතානි නිබ්බූතානි සුක්ඛෙ තිණපුඤ්ජෙ වා කට්ඨපුඤ්ජෙ වා නික්ඛිත්තානි, ජානෙය්යාසි ත්වං ආනන්ද නයිමානි අඞ්ගාරානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිස්සන්තීති. එවම්භන්තෙ.
Sinhala BJTආනන්‍දයෙනි, යම්පරිදි සිහිල් වූ නිවුනු අඟුරු වියලිතණපිඩෙක්හි වේවයි, වියලිදරරැසෙක වේවයි බහනලද වේ නම්, ආනන්‍දයෙනි, තෝ මෙ අඟුරු වෘද්ධියට විරූඪියට විපුලභාවයට නො පැමිණේ ය යි දන්හි දැයි. වහන්ස, එසේ ය.
Pali BJTඑවමෙව ඛො අහං ආනන්ද ඉධෙකච්චං පුග්ගලං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: ඉමස්ස ඛො පුග්ගලස්ස විජ්ජමානා කුසලාපි ධම්මා අකුසලාපි ධම්මා”ති. තමෙනං අපරෙන සමයෙන එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “නත්ථි ඉමස්ස පුග්ගලස්ස වාලග්ගකොටිනිත්තුද්දනමත්තොපි අකුසලො ධම්මො. සමන්නාගතොයං පුග්ගලො එකන්තසුක්කෙහි අනවජ්ජෙහි ධම්මෙහි දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායිස්සතී”ති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසපුග්ගලො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, එපරිද්දෙන් ම මම මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු ‘මෙ පුද්ගලයාහට කුශලධර්‍මයෝ ද අකුශලධර්‍මයෝ ද විද්‍යමානයහ’යි මෙසේ සිතින් සිත පිරිසිඳ දන්මි. අපරභාගයෙහි ‘මෙ පුද්ගලයාට වලගකෙළ වදනා තැන් පමණකුදු අකුශලධර්‍මයෙක් නැත. ඒකාන්තයෙන් අනවද්‍ය වූ ශුක්ලධර්‍මයෙන් සමන්‍වාගත වූ මෙ පුද්ගලයා ඉහාත්මයෙහි ම පිරිනිවෙන්නේ ය’යි මෙසේ සිතින් සිත පිරිසිඳ ඔහු දන්මි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂපුද්ගලයා සිතින් සිත පිරිසිඳ දන්නාලද්දේ වෙයි.
Pali BJTඑවම්පි ඛො ආනන්ද තථාගතස්ස පුරිසින්ද්රියඤාණං චෙතසා චෙතො පරිච්ච විදිතං හොති. එවම්පි ඛො ආනන්ද තථාගතස්ස ආයතිං ධම්මසමුප්පාදො චෙතසා චෙතො පරිච්ච විදිතො හොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් පුරුෂේන්‍ද්‍රියඥානය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි. ආනන්‍දයෙනි, මෙසෙයිනුදු තථාගතයන් වහන්සේ විසින් මත්තෙහි ධර්‍මසමුත්පාදය සිතින් සිත පිරිසිඳ දන්නාලද වෙයි.
Pali BJTතත්ර ආනන්ද යෙ තෙ පුරිමා තයො පුග්ගලා, තෙසං තිණ්ණං පුග්ගලානං එකො අපරිහානධම්මො, එකො පරිහානධම්මො, එකො අපායිකො නෙරයිකො. තත්ර ආනන්ද යෙ මෙ පච්ඡිමා තයො පුග්ගලා, ඉමෙසං තිණ්ණං පුග්ගලානං එකො පරිහානධම්මො, එකො අපරිහානධම්මො, එකො පරිනිබ්බානධම්මොති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ පුද්ගලයන් අතුරෙහි යම් ඒ පළමු තුන් පුඟුල් කෙනෙක් වෙත් නම්, ඒ තුන් පුඟුලන් අතුරින් එකෙක් අපරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් පිරිහෙන සැහැවි ඇතියේ ය. එකෙක් ආපායික ය, නේරයික ය. ආනන්‍දයෙනි, මේ පුද්ගලයන් අතුරෙහි යම් ඒ පශ්චිම තුන් පුද්ගල කෙනෙක් වෙත් නම්, මෙ තුන්දෙන අතුරින් එකෙක් පරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් අපරිහානධර්‍ම ඇතියේ ය. එකෙක් පිරිනිවන සැහැවි ඇතියේ ය යි.
Pali BJT6. 2. 1. 9.
Sinhala BJT6. 2. 1. 9.
Pali BJT[නිබ්බෙධික සුත්තං]
Sinhala BJT[නිබ්බේධික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. නිබ්බෙධිකපරියායං වො භික්ඛවෙ ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJT9. මහණෙනි, තොපට ‘නිබ්බේධික පරියාය’ නම් ධර්‍මපර්‍ය්‍යා ය දෙසමි. එ අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හය. ‘වහන්ස, එසේ ය’යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTකතමො ච සො භික්ඛවෙ නිබ්බෙධිකපරියායො ධම්මපරියායො:
Sinhala BJTමහණෙනි, නිබ්බේධිකපරියාය නම් ධර්‍මපර්‍ය්‍යා ය කවරේ ය යත්:
Pali BJTකාමා භික්ඛවෙ වෙදිතබ්බා, කාමානං නිදානසම්භවො වෙදිතබ්බො, කාමානං වෙමත්තතා වෙදිතබ්බා, කාමානං විපාකො වෙදිතබ්බො, කාමනිරොධො වෙදිතබ්බො, කාමනිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, කාමයෝ දතයුතු වෙත්. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු වෙයි. කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු වෙයි. කාමයන්ගේ විපාකය දතයුතු වෙයි. කාමනිරෝධය දතයුතු වෙයි. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු වේ.
Pali BJTවෙදනා භික්ඛවෙ වෙදිතබ්බා, වෙදනානං නිදානසම්භවො වෙදිතබ්බො, වෙදනානං වෙමත්තතා වෙදිතබ්බා, වෙදනානං විපාකො වෙදිතබ්බො, වෙදනානිරොධො වෙදිතබ්බො, වෙදනානිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, වේදනා දතයුතු ය. වේදනාවන්ගේ නිදානසම්භවය දතයුතුය. වේදනාවන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය දතයුතු ය. වේදනාවන්ගේ විපාකය දතයුතු ය. වේදනානිරෝධය දතයුතු ය. වේදනානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
Pali BJTසඤ්ඤා භික්ඛවෙ වෙදිතබ්බා, සඤ්ඤානං නිදානසම්භවො වෙදිතබ්බො, සඤ්ඤානං වෙමත්තතා වෙදිතබ්බා, සඤ්ඤානං විපාකො වෙදිතබ්බො, සඤ්ඤානිරොධො වෙදිතබ්බො, සඤ්ඤානිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, සංඥා දතයුතු ය. සංඥාවන්ගේ නිදානසම්භවය දතයුතු ය. සංඥාවන්ගේ වේමත්තතාව දතයුතු ය. සංඥාවන්ගේ විපාකය දතයුතු ය. සංඥානිරෝධය දතයුතු ය. සංඥානිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
Pali BJTආසවා භික්ඛවෙ වෙදිතබ්බා, ආසවානං නිදානසම්භවො වෙදිතබ්බො, ආසවානං වෙමත්තතා වෙදිතබ්බා, ආසවානං විපාකො වෙදිතබ්බො, ආසවනිරොධො වෙදිතබ්බො, ආසවනිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ. ආස්‍රවයන්ගේ නිදානසසම්භවය දතයුතු වෙයි. ආස්‍රවයන්ගේ වේමත්තතාව දතයුතු ය. ආස්‍රවයන්ගේ විපාක දතයුතු ය. ආස්‍රවනිරෝධය දතයුතු ය. ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපද් දතයුතු යි.
Pali BJTකම්මං භික්ඛවෙ වෙදිතබ්බා, කම්මානං නිදානසම්භවො වෙදිතබ්බො, කම්මානං වෙමත්තතා වෙදිතබ්බා, කම්මානං විපාකො වෙදිතබ්බො, කම්මනිරොධො වෙදිතබ්බො, කම්මනිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, කර්‍මය දතයුතු ය. කර්‍මයන්ගේ නිදානසම්භවය දතයුතු ය. කර්‍මයන්ගේ වේමත්තතාව දතයුතු ය. කර්‍මවිපාකය දතයුතු ය. කර්‍මනිරෝධය දතයුතු ය. කර්‍මනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
Pali BJTදුක්ඛං භික්ඛවෙ වෙදිතබ්බං. දුක්ඛස්ස නිදානසම්භවො වෙදිතබ්බො. දුක්ඛස්ස වෙමත්තතා වෙදිතබ්බා. දුක්ඛස්ස විපාකො වෙදිතබ්බො. දුක්ඛනිරොධො වෙදිතබ්බො. දුක්ඛනිරොධගාමිනීපටිපදා වෙදිතබ්බා.
Sinhala BJTමහණෙනි, දුඃඛය දතයුතු ය. දුඃඛයාගේ නිදානසම්භවය දතයුතු ය. දුඃඛයාගේ වේමත්තතාව දතයුතු ය. දුඃඛයාගේ විපාකය දතයුතු ය. දුඃඛනිරෝධය දතයුතු ය. දුඃඛනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු යි.
Pali BJT(1) “කාමා භික්ඛවෙ වෙදිතබ්බා, කාමානං නිදානසම්භවො වෙදිතබ්බො, කාමානං වෙමත්තතා වෙදිතබ්බා, කාමානං විපාකො වෙදිතබ්බො, කාමනිරොධො වෙදිතබ්බො, කාමනිරොධගාමිණී පටිපදා වෙදිතබ්බාති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තන්ති.
Sinhala BJT(1) “මහණෙනි, කාමයෝ දතයුත්තාහ. කාමයන්ගේ නිදානසම්භවය දතයුතු. කාමයන්ගේ වේමත්තතාව දතයුතු. කාමයන්ගේ විපාකය දතයුතු. කාමනිරෝධය දතයුතු. කාමනිරෝධගාමිනීප්‍රතිපද් දතයුතු ය”යි තෙල යමක් කියනලද නම්, තෙල කුමක් ඇරැබ කියනලද යැ යත්:
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ කාමගුණා: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තාමනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. අපිච ඛො භික්ඛවෙ නෙතෙ කාමා, කාමගුණා නාමෙතෙ අරියස්ස විනයෙ වුච්චන්ති.
Sinhala BJTමහණෙනි, ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර් විඥේය රූපයෝය ... ශ්‍රෝතවිඥේය ශබ්දයෝ ය ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ ය ... ජිව්හා විඥේය රසයෝ ය ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ ය යි, මෙ කාමගුණ පසෙක. මහණෙනි, වැලිත් මොහු කාමයෝ නො වෙති. මොහු ආර්‍ය්‍යයන්ගේ විනයෙහි කාමගුණ නම්හයි කියනු ලැබෙත්.
Pali BJT66. සඞ්කප්පරාගො පුරිසස්ස කාමො නෙතෙ කාමා යානි චිත්රානි ලොකෙ, සඞ්කප්පරාගො පුරිසස්ස කාමො තිට්ඨන්ති චිත්රානි තථෙව ලොකෙ, අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දන්ති.
Sinhala BJT66. ලොවුහි පුරුෂයක් හට සඞ්කල්ප විසින් උපන් රාගය, කාම වෙයි. යම්බඳු විසිතුරු ආලම්බනයෝ වෙත් නම්, තුලුහු කාම නො වෙත්. පුරුෂයාගේ සඞ්කල්පරාගය ම කාම වෙයි. ලොව්හි විසිතුරු වස්තූහු එලෙසින් ම සිටුනාහ. වැලිත් එ අරමුණු කෙරේ උපන් ඡන්‍දරාගය ධීරයෝ විනයනය කරත්.
Pali BJTකතමො ච භික්ඛවෙ කාමානං නිදානසම්භවො: ඵස්සො භික්ඛවෙ කාමානං නිදාන සම්භවො.
Sinhala BJTමහණෙනි, කාමයන්ගේ නිදාන සම්භවය (උප්පත්ති කාරණ) කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය කාමයන්ගේ නිදානසම්භවය යි.
Pali BJTකතමා ච භික්ඛවෙ කාමානං වෙමත්තතා: අඤ්ඤො භික්ඛවෙ කාමො රූපෙසු, අඤ්ඤො කාමො සද්දෙසු, අඤ්ඤො කාමො ගන්ධෙසු, අඤ්ඤො කාමො රසෙසු, අඤ්ඤො කාමො ඵොට්ඨබ්බෙසු. අයං වුච්චති භික්ඛවෙ කාමානං වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, කාමයන්ගේ වේමත්තතා සඞ්ඛ්‍යාත නානාකරණය කවරේ ය යත්: මහණෙනි, රූපාලම්බනයෙහි කාමය අනෙකෙකි, ශබ්දාලම්බනයෙහි කාමය අනෙකෙකි. ගන්‍ධාලම්බනයෙහි කාමය අනෙකෙකි. රසාලම්බනයෙහි කාමය අනෙකෙකි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි කාමය අනෙකෙකි. මහණෙනි, මෙ කාමයන්හි වේමත්තතා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කාමානං විපාකො: යං ඛො භික්ඛවෙ කාමයමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති භික්ඛවෙ කාමානං විපාකො.
Sinhala BJTමහණෙනි, කාමයන්ගේ විපාක කවරේ ය යත්: යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, කාමයන්ගේ මෙ විපාක යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ කාමනිරොධො: ඵස්සනිරොධො භික්ඛවෙ කාමනිරොධො.
Sinhala BJTමහණෙනි, කාමනිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශනිරෝධය කාමනිරෝධය යි.
Pali BJTඅයමෙව අරියො ආට්ඨඞ්ගිකො: මග්ගො කාමනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මා ආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි.
Sinhala BJTමෙ අරිඅටඟි මඟ ම කාමනිරෝධගාමිනීප්‍රතිපදා යි. එ නම්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධිය යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං කාමෙ පජානාති, එවං කාමානං නිදාන සම්භවං පජානාති, එවං කාමානං වෙමත්තතං පජානාති, එවං කාමානං විපාකං පජානාති, එවං කාමානං නිරොධං{1} පාජානාති, එවං කාමානං නිරොධගාමිනිං{2} පටිපදං පජානාති, සො ඉමං නිබ්බෙධිකං බ්රහ්මචරියං පජානාති කාමනිරොධං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසෙයින් කාමයන් දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිදානසම්භවය දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ වේමත්තතා දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ විපාක දන්නේ ද, මෙ සෙයින් කාමයන්ගේ නිරෝධය දන්නේ ද, මෙසෙයින් කාමයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ කාම නිරෝධය දන්නේ ය.
Pali BJT”කාමා භික්ඛවෙ වෙදිත්තබ්බා -පෙ- කමනීරොධගාමිනීපටිපදා වෙදිතබ්බා”ති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“මහණෙනි, කාමයෝ දතයුත්තාහ ... කාමනිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් තෙල යමක් කියනලද නම්, තෙල කරුණ මෙ සඳහා කියනලද.
Pali BJT(2) “වෙදනා භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- වෙදනානිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT(2) “මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනා නිරෝධගාමිනීපටිපදා දතයුතු ය”යි මෙසේ තෙල යමක් කියනලද නම්, තෙල කරුණ කවර හෙයින් කියනලදයැ යත්:
Pali BJTතිස්සො ඉමා භික්ඛවෙ වෙදනා, සුඛා වෙදනා දුක්ඛා වෙදනා අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJTමහණෙනි, සුඛවේදනා ය, දුක්ඛවේදනා ය, අදුක්ඛමසුඛවෙදනා ය යි මෙ වේදනා තුණෙක.
Pali BJTකතමො ච භික්ඛවෙ වෙදනානං නිදානසම්භවො: ඵස්සො භික්ඛවෙ වෙදනානං නිදානසම්භවො.
Sinhala BJTමහණෙනි, වේදනාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය වේදනාවන්ගේ නිදානසම්භව යි.
Pali BJTකතමා ච භික්ඛවෙ වෙදනානං වෙමත්තතා: අත්ථි භික්ඛවෙ සාමිසා සුඛා වෙදනා, අත්ථි නිරාමිසා සුඛා වෙදනා, අත්ථි සාමිසා දුක්ඛා වෙදනා, අත්ථි නිරාමිසා දුක්ඛා වෙදනා, අත්ථි සාමිසා අදුක්ඛමසුඛා වෙදනා, අත්ථි නිරාමිසා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති භික්ඛවෙ වෙදනානං වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, වේදනාවන්ගේ වේමත්තතාව කවර යත්: මහණෙනි, සාමිසසුඛවේදනායෙක් ඇත. නිරාමිස සුඛවේදනායෙක් ඇත. සාමිසදුක්ඛවේදනායෙක් ඇත. නිරාමිස දුක්ඛවේදනායෙක් ඇත. සාමිසඅදුක්ඛමසුඛ වේදනායෙක් ඇත. නිරාමිස අදුක්ඛමසුඛවේදනායෙක් ඇත. මහණෙනි, වේදනාවන්ගේ මෙ වේමත්තතා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ වෙදනානං විපාකො: යං භික්ඛවෙ වෙදියමානො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති භික්ඛවෙ වෙදනානං විපාකො.
Sinhala BJTමහණෙනි, වේදනාවන්ගේ විපාකය කවරේ ය යත්: මහණෙනි, යම් ආත්මභාවයක් කැමැති වනුයේ එයිනෙයින් උපන් පුණ්‍යභාගිය වූ හෝ අපුණ්‍යභාගිය වූ හෝ ආත්මභාවයක් උපදවා නම්, මහණෙනි, මෙ වේදනාවන්ගේ විපාක යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ වෙදනානිරොධො. ඵස්සනිරොධො භික්ඛවෙ වෙදනානිරොධො.
Sinhala BJTමහණෙනි, වේදනානිරෝධය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශ නිරෝධය වේදනා නිරෝධ යි.
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො වෙදනා නිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමෙ අරීඅටඟි මඟ ම වේදනානිරෝධගාමිනිපටිපදා වෙයි. එ නම්: සම්මාදිට්ඨිය ... සම්මාසමාධි යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං වෙදනං පජානාති, එවං වෙදනා නිදානසම්භවං පජානාති, එවං වෙදනානං වෙමත්තතං පජානාතිං, එවං වෙදනානං විපාකං පජානාති, එවං වෙදනානං නිරොධං{1} පාජානාති, එවං වෙදනානිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ්බෙධිකං බ්රහ්මචරියං පජානාති වෙදනානිරොධං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක පටන් අරීසවු මෙසේ වේදනාවන් දන්නේ ද, මෙසේ වේදනානිදානසම්භවය දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ වේමත්තතාව දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ විපාක දන්නේ ද, මෙසේ වේදනාවන්ගේ නිරෝධය දන්නේ ද, මෙසේ වේදනා නිරෝධගාමිනිපටිපදා දන්නේ ද, හෙ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ වේදනානිරෝධය දන්නේ ය.
Pali BJT“වෙදනා භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- වෙදනානිරොධගාමිනී පටිපදා වෙදිතබ්බාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්චි වුත්තං.
Sinhala BJT“මහණෙනි, වේදනා දතයුතු ය ... වේදනානිරෝධගාමිනිපටිපදා දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
Pali BJT(3) “සඤ්ඤා භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- සඤ්ඤානිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(3) “මහණෙනි, සංඥා දතයුතුය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසෙයින් යමක් කියන ලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:
Pali BJTඡයිමා භික්ඛවෙ සඤ්ඤා: රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා ධම්මසඤ්ඤා.
Sinhala BJTමහණෙනි, මෙ සංඥා සයෙක: රූපසංඥා ශබ්දසංඥ ගන්‍ධසංඥ රසසංඥා ස්ප්‍රෂ්ටව්‍යසංඥ ධර්‍මසංඥා යි.
Pali BJTකතමො ච භික්ඛවෙ සඤ්ඤානං නිදානසම්භවො, ඵස්සො භික්ඛවෙ සඤ්ඤානං නිදානසම්භවො.
Sinhala BJTමහණෙනි, සංඥාවන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, ස්පර්‍ශය සංඥාවන්ගේ නිදාන සම්භව යි.
Pali BJTකතමා ච භික්ඛවෙ සඤ්ඤානං වෙමත්තතා: අඤ්ඤා භික්ඛවෙ සඤ්ඤා රූපෙසු, අඤ්ඤා සඤ්ඤා සද්දෙසු, අඤ්ඤා සඤ්ඤා ගන්ධෙසු, අඤ්ඤා සඤ්ඤා රසෙසු, අඤ්ඤා සඤ්ඤා ඵොට්ඨබ්බෙසු, අඤ්ඤා සඤ්ඤා ධම්මෙසු. අයං වුච්චති භික්ඛවෙ සඤ්ඤානං වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, සංඥාවන්ගේ වේමත්තතා කවර යත්: මහණෙනි, රූපයෙහි අන් සංඥායෙක, ශබ්දයෙහි අන් සංඥායෙක, ගන්‍ධයෙහි අන් සංඥායෙක, රසයෙහි අන් සංඥායෙක, ස්ප්‍රෂ්ටව්‍යයෙහි අන් සංඥායෙක, ධර්‍මයෙහි අන් සංඥායෙක, මහණෙනි, මෙ සංඥාවන්ගේ වේමත්තතා යි.
Pali BJTකතමො ච භික්ඛවෙ සඤ්ඤානං විපාකො: වොහාර වෙපක්කාහං භික්ඛවෙ සඤ්ඤං වදාමි. යථා යථා නං සඤ්ජානාති, තථා තථා වොහරති එවං සඤ්ඤී අහොසින්ති. අයං වුච්චති භික්ඛවෙ සඤ්ඤානං විපාකො.
Sinhala BJTමහණෙනි, සංඥාවන්ගේ විපාක කවරේ ය: මහණෙනි, මම (කථා) ව්‍යවහාර සඞ්ඛ්‍යාත විපාකහේතුයෙන් සංඥාව කියමි. යම් යම් සැටියෙකින් හඳුනාගන්නේ ද, (මෙ බඳු සංඥා ඇතියෙම් වීම් යි) එ එ සැටියෙන් ව්‍යවහාර කෙරෙයි. මහණෙනි, මේ සංඥාවන්ගේ විපාක යයි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ සඤ්ඤානිරොධො: ඵස්සනිරොධො භික්ඛවෙ සඤ්ඤානිරොධො.
Sinhala BJTමහණෙනි, සංඥානිරෝධ කවරේ ය: මහණෙනි, ස්පර්‍ශනිරෝධය සංඥානිරෝධ වෙයි.
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො සඤ්ඤානිරොධගාමිනී පටිපදා සෙය්යථීදං: සම්මා දිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමේ අරීඅටඟිමඟ ම සංඥානිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හේ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං සඤ්ඤං පජාකාති, එවං සඤ්ඤානං නිදානසම්භවං පජානාති, එවං සඤ්ඤානං වෙමත්තතං පජානාති, එවං සඤ්ඤානං විපාකං පජානාති, එවං සඤ්ඤානීරොධං පජානාති, එවං සඤ්ඤානිරොධගාමිනිං පටිපදං පජානාති, සො ඉමං නිබ්බොධිකං බ්රහ්මචරියං පජානාති සඤ්ඤානිරොධං.
Sinhala BJTමහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සංඥාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ නිදානසම්භවය දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ වේමත්තතාව දන්නේ වේ ද, මෙසේ සංඥාවන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධය දන්නේ වේ ද, මෙසේ සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මේ නිර්වේධක බ්‍රහ්මචර්‍ය්‍යය වූ සංඥානිරෝධය දන්නේ වෙයි.
Pali BJT”සඤ්ඤො භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- සඤ්ඤානිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, “සංඥා දතයුතු ය ... සංඥානිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියනලදි.
Pali BJT(4) “ආසවා භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- ආසවනිරොධගාමිනී පටිපදා වෙදිතබ්බා”ති ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං:
Sinhala BJT(4) “මහණෙනි, ආස්‍රවයෝ දතයුත්තාහ ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි යමක් කියනලද නම්, තෙල කරුණ කුමක් පිණිස කියන ලද ය යත්:
Pali BJTතයො මෙ භික්ඛවෙ ආසවා: කාමාසවො භවාසවො අවිජ්ජාසවො.
Sinhala BJTමහණෙනි, මෙ ආස්‍රවයෝ තුන්දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.
Pali BJTකතමො ච භික්ඛවෙ ආසවානං නිදාන සම්භවො: අවිජ්ජා භික්ඛවෙ ආසවානං නිදානසම්භවො.
Sinhala BJTමහණෙනි, ආස්‍රවයන්ගේ නිදානසම්භවය කවරේ ය යත්: මහණෙනි, අවිද්‍යාව ආස්‍රවයන්ගේ නිදානසම්භව වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ ආසවානං වෙමත්තතා: අත්ථි භික්ඛවෙ ආසවා නිරයගාමිනියා, අත්ථි භික්ඛවෙ ආසවා තිරච්ඡානයොනිගාමිනියා, අත්ථි භික්ඛවෙ{1} ආසවා පෙත්තිවිසයගාමිනියා, අත්ථි භික්ඛවෙ{1} ආසවා මනුස්සලොකගාමිනියා, අත්ථි භික්ඛවෙ{1} ආසවා දෙවලොකගාමිනියා, අයං වුච්චති භික්ඛවෙ ආසවානං වෙමත්තතා.
Sinhala BJTමහණෙනි, ආස්‍රවයන්ගේ වේමත්තතා කවර: මහණෙනි, නිරයගමනට ප්‍රත්‍යය වූ ආස්‍රවකෙනෙක් ඇත. මහණෙනි, තිරිශ්චීනයෝනි ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රේතවිෂය ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මිනිස්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, දෙව්ලෝ ගමනට හිත වූ ආස්‍රව කෙනෙක් ඇත. මහණෙනි, මේ ආස්‍රවයන්ගේ වේමත්තතා යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ආසවානං විපාකො: යං ඛො භික්ඛවෙ අවිජ්ජාගතො තජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති භික්ඛවෙ ආසවානං විපාකො.
Sinhala BJTමහණෙනි, ආස්‍රවයන්ගේ විපාක කවරේ ය යත්: මහණෙනි, යම් හෙයකින් අවිද්‍යාගත සත්ත්‍ව තෙමේ එයින් හටගත් පුණ්‍යභාගිය වේවයි, අපුණ්‍යභාගිය වේවයි අත්බවක් දනවා ද, මහණෙනි, මෙ ආස්‍රවයන්ගේ විපාකය යි කියමි.
Pali BJTකතමො ච භික්ඛවෙ ආසවනිරොධො. අවිජ්ජානිරොධො භික්ඛවෙ ආසවනිරොධො.
Sinhala BJTමහණෙනි, ආස්‍රවනිරෝධ කවරේ ය: මහණෙනි, අවිද්‍යානිරෝධය ආස්‍රවනිරෝධ වෙයි.
Pali BJTඅයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආසවනිරොධගාමිනී පටිපදා. සෙය්යථීදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමෙ අරීඅටැඟි මඟ ම ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් වෙයි. හෙ කිසේ ය: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
Pali BJTයතො ච ඛො භික්ඛවෙ අරියසාවකො එවං ආසවෙ පජානාති, එවං ආසවනිදානසම්භවං{2} පජානාති, එවං අසවානං වෙමත්තතං පජානාති, එවං එවං ආසවානං වෙමත්තතං පජානාති, එවං ආසවානං විපාකං පජානාති, එවං ආසවනිරොධං පජානාති, එවං ආසවනිරොධගාමිනිං{3} පටිපදං පජානාති, සො ඉමං නිබ්බෙධිකං බ්රහ්මචරියං පජානාති ආසවනිරොධං.
Sinhala BJTමහණෙනි, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ආස්‍රව දන්නේ වේ ද, මෙසේ ආස්‍රව නිදානසම්භව දන්නේ ද, මෙසේ ආස්‍රවයන්ගේ වේමත්තතා දන්නේ වේ ද, මෙසේ ආස්‍රවයන්ගේ විපාක දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධය දන්නේ වේ ද, මෙසේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දන්නේ වේ ද, හේ මෙ නිර්වේධකබ්‍රහ්මචර්‍ය්‍යය වූ ආස්‍රවනිරෝධය දන්නේ වෙයි.
Pali BJT”ආසවා භික්ඛවෙ වෙදිතබ්බා -පෙ- ආසවනිරොධගාමිනී පටිපදා වෙදිතබ්බාති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTමහණෙනි, “ආස්‍රව දතයුතු ය ... ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපත් දතයුතු ය”යි මෙසේ යම් එ බසෙක් කියනලද ද, මෙ බස් තෙල පිණිස කියන ලදි.