Pali BJTසෙය්යථාපි භන්තෙ, දක්ඛො ගොඝාතකො වා ගොඝාතකන්තෙවාසී වා තිණ්හෙන ගොවිකන්තනෙන කුච්ඡිං පරිකන්තෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ, අධිමත්තා වාතා කුච්ඡිං පරිකන්තන්ති. න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, දක්‍ෂ ගෝඝාතකයෙක් වේවයි, ගෝඝාතකාන්තේවාසිකයෙක් වේවයි තිහිණි ගෙරිකපන සැතින් කුස සිඳින්නේ යම්සේ වේ ද, වහන්ස, එපරිදි ම අධිමාත්‍ර වාතයෝ මාගේ කුස සිඳිත්. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟ එත්, බැස නො යෙත්, නැඟ ඊම් අවසන පෙණෙයි, බැසීම් අවසන නො පෙණෙයි.
Pali BJTසෙය්යථාපි භන්තෙ, බලවන්තො පුරිසා දුබ්බලතරං පුරිසං නානා බාහාසු ගහෙත්වා අඞ්ගාරකාසුයා සන්තාපෙය්යුං පරිතාපෙය්යුං{4} එවමෙව ඛො මෙ භන්තෙ අධිමත්තො කායස්මිං ඩාහො. න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, යම් පරිදි බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුඹුල් පුරුෂයකු අත්හි වෙන වෙන ගෙණ අඟුරුවළක ලා දවන්නාහු වෙසෙසින් දවන්නාහු නම්, වහන්ස, එ පරිදි ම මාගේ කයෙහි අධිමාත්‍ර දාහය වෙයි. වහන්ස, මා විසින් ඉවසිය නො හේ. යැපිය නො හේ. මාගේ ගාඪවේදනාවෝ නැඟ එති. බැස නො යෙත්. නැඟ ඊම් පැණෙයි, බැස යාමෙක් නො පැණෙයි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩි සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ඵග්ගුණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. තම්හි චස්ස සමයෙ මරණකාලෙ ඉන්ද්රියානි විප්පසීදිංසු.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වඩනා හා ම කලුරිය කළහ. මැරෙණ කල්හි උන්වහන්සේගේ ඉඳුරෝ වෙසෙසින් පහන් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ආයස්මා භන්තෙ ඵග්ගුණො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. තම්හි චස්ස සමයෙ මරණකාලෙ ඉන්ද්රියානි විප්පසීදිංසූති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නො බෝකල් ඇතිවත් ම, කලුරිය කළහ. ඔහුගේ ඒ මැරෙණ මොහොතෙහි ඉන්‍ද්‍රියයෝ වෙසෙසින් පහන්වූහ” යි.
Pali BJTකිං හානන්ද ඵග්ගුණස්ස භික්ඛුනො ඉන්ද්රියානි නප්පසීදිස්සන්ති, ඵග්ගුණස්ස ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං අහොසි. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං විමුත්තං.
Sinhala BJTආනන්‍දයෙනි, කවර හෙයින් ඵග්ගුණ භික්‍ෂුහුගේ ඉන්‍ද්‍රියයෝ පහන් නො වෙත් ද? ආනන්‍දයෙනි, ඵග්ගුණ භික්‍ෂුහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත විය. එ දහම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත විය.
Pali BJTඡයිමෙ ආනන්ද ආනිසංසා කාලෙන ධම්මසවණෙ, කාලෙන අත්ථූපපරික්ඛාය. කතමෙ ඡ:
Sinhala BJTආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි, නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මෙ අනුසස් සයෙක. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධානන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ ලභති තථාගතං දස්සනාය. තස්ස තථාගතො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤාජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද පඨමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
Sinhala BJT(1) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණසමයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පරියොසානකල්‍යාණ කොට අර්‍ත්‍ථ සහිත කොට ව්‍යඤ්ජන සහිත කොට කේවලපරිපූර්‍ණ කොට පිරිසිදු කොට දහම් දෙසති, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරති. එ දහම් දෙසුම් අසා පඤ්චඕරම්භාගිය සංයෝජනයන්ගෙන් ඔහුගේ සිත මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ පළමු අනුසසි.
Pali BJT(2) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සඤ්ඤොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, අපි ච ඛො තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගතසාවකො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සව්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද දුතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
Sinhala BJT(2) ආනන්‍දයෙනි, වැලිත් මහණහුගේ චිත්තය පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබනුයේ වෙයි. යලිදු තථාගතශ්‍රාවකයකු දක්නට ලබනුයේ වෙයි. ඔහට තථාගතශ්‍රාවක ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දම් දෙසයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. ඒ දම් දෙසුම් අසා ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්‍දයෙනි, සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ දෙවැනි අනුසසි.
Pali BJT(3) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො මනසානුපෙක්ඛතො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුච්චති. අයං ආනන්ද තතියො ආනිසංසො කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛාය.
Sinhala BJT(3) තවද ආනන්‍දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. තථාගත ශ්‍රාවකයකු ද දක්නට නො ම ලබන්නේ ය. වැලිදු ඇසූ පරිදි පර්‍ය්‍යාප්ත පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි. අනුවිචාර කෙරෙයි. සිතින් විමසා බලයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරණ අනුවිචාර කරණ සිතින් විමසා බලන ඔහුගේ සිත පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි දහම් ඇසුම්හි නිසි කල්හි අර්‍ත්‍ථොපපරික්‍ෂායෙහි මෙ තෙවැනි අනුසසි.
Pali BJT(4) ඉධානන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුත්තං හොති, අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ ලභති තථාගතං දස්සනාය, තස්ස තථාගතො ධම්මං දෙසෙති: ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං -පෙ- බ්රහ්මචරියං පකාසෙති. තස්ස තං ධම්මදෙසනං සුත්වා අනුත්තරෙ ඛො උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද චතුත්ථො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
Sinhala BJT(4) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර නිර්‍වාණයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ ඒ මරණ කාලයෙහි තථාගතයන් දක්නට ලබන්නේ ය. ඔහට තථාගතයෝ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට ... දහම් දෙසත්, බ්‍රහ්මචර්‍ය්‍ය පවසත්. ඔහුගේ සිත එ දම් දෙසුම අසා උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත අනුත්තර නිර්‍වාණය නිමිති කොටගෙන මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ සිවුවැනි අනුසසි.
Pali BJT(5) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සංයොජනෙහි චිත්තං විමුත්තං හොති. අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, අපි ච ඛො තථාගතසාවකං ලභති දස්සනාය. තස්ස තථාගත සාවකො ධම්මං දෙසෙති: ආදිකල්යාණං -පෙ- පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති තස්ස තං ධම්මදෙසනං සුත්වා අනුත්තරෙ උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද පඤ්චමො ආනිසංසො කාලෙන ධම්මසවණෙ.
Sinhala BJT(5) තවද ආනන්‍දයෙනි, මහණහුගේ සිත පඤ්චඕරම්භාගිය සංයෝජනයෙන් විමුක්ත වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි චිත්තය අවිමුක්ත වෙයි. හේ එ මරණ සමයෙහි තථාගතයන් දක්නට නො ම ලබන්නේ ය. වැලිත් තථාගත ශ්‍රාවකයකු දක්නා ලබන්නේ ය. ඔහට තථාගත ශ්‍රාවක ආදිකල්‍යාණ කොට ... පිරිසිදු කොට ධර්‍මදේශනා කෙරෙයි, බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. එ දම් දෙසුම් අසා ඔහුගේ සිත අනුත්තර නිර්‍වාණයෙහි මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි මෙ පස්වන අනුසසි.
Pali BJT(6) පුන චපරං ආනන්ද භික්ඛුනො පඤ්චහි ඔරම්හාගියෙහි සයොජනෙහි චිත්තං විමුත්තං හොති. අනුත්තරෙ ච ඛො උපධිසඞ්ඛයෙ චිත්තං අවිමුත්තං හොති. සො තම්හි සමයෙ මරණකාලෙ න හෙව ඛො ලභති තථාගතං දස්සනාය, නපි තථාගතසාවකං ලභති දස්සනාය. අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. තස්ස යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කයතො අනුවිචාරයතො මනසානුපෙක්ඛතො අනුත්තරෙ උපධිසඞ්ඛයෙ චිත්තං විමුච්චති. අයං ආනන්ද ඡට්ඨො ආනිසංසො කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛාය.
Sinhala BJT(6) තවද ආනන්‍දයෙනි, භික්‍ෂුහුගේ චිත්තය පඤ්චෝරම්භාගිය සංයෝජනයෙන් මිදුනේ වෙයි. අනුත්තර උපධිසඞ්ඛයෙහි සිත අවිමුක්ත වෙයි. හේ ඒ මරණකාලයෙහි තථාගතයන් දක්නා නො ලබන්නේ ම ය. තථාගතශ්‍රාවකයකු දු දක්නා නො ලබන්නේ ය. වැලිදු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරණ, අනුවිචාර කරණ, සිතින් විමසාබලන ඔහුගේ සිත අනුත්තර උපධිසඞ්ඛයෙහි මිදෙයි. ආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මෙ සවන අනුසැසි.
Pali BJTඉමෙ ඛො ආනන්ද ඡ ආනිසංසා කාලෙන ධම්මසවණෙ කාලෙන අත්ථූපපරික්ඛායාති.
Sinhala BJTආනන්‍දයෙනි, නිසි කල්හි ධර්‍මශ්‍රවණයෙහි නිසි කල්හි අර්‍ත්‍ථොපපරීක්‍ෂායෙහි මේ ආනිසංස සය යි.
Pali BJT6. 2. 1. 3.
Sinhala BJT6. 2. 1. 3.
Pali BJT[ඡළාභිජාති සුත්තං]
Sinhala BJT[ඡළාභිජාති සූත්‍රය]
Pali BJT3. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT3. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
Pali BJTපූරණෙන භන්තෙ කස්සපෙන ඡළාභිජාතියො{1} පඤ්ඤත්තා: කණ්හාභිජාති පඤ්ඤත්තා, නීලාභිජාති පඤ්ඤත්තා, ලොහිතාභිජාති පඤ්ඤත්තා, හලිද්දාහිජාති පඤ්ඤත්තා, සුක්කාභිජාති පඤ්ඤත්තා, පරමසුක්කාභිජාති පඤ්ඤත්තා.
Sinhala BJTවහන්ස, පූරණකාශ්‍යප විසින් අභිජාති (ජාතිවිශේෂ) සයෙක් පණවන ලද: කෘෂ්ණාභිජාති පණවනලදු. නීලාභිජාති පණවනලදු. ලෝහිතාභිජාති පණවනලදු. හරිද්‍රාභිජාති පණවනලදු. ශුක්ලාභිජාති පණවනලදු. පරමශුක්ලාභිජාති පණවනලදු.
Pali BJT(1) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන කණ්හාභිජාති පඤ්ඤත්තා: ඔරභිකා සූකරිකා සාකුණිකා මාගවිකා ලුද්දා මච්ඡඝාතකා චොරා චොරඝාතකා බන්ධනාගාරිකා, යෙ වා පනඤ්ඤෙපි කෙචි කුරූරකම්මන්තා.
Sinhala BJT(1) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් රුදුරු එළුවැදිහ, හූරුවැදිහ, ලිහිණිවැදිහ, මුවවැදිහ, මත්ස්‍යඝාතකයහ, සොරහ, චෝරඝාතකයහ, බන්‍ධනාගාරිකයහ, අනිකුදු කුරිරුකම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද කණ්හාභිජාති කොට පණවන ලදහ.
Pali BJT(2) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන නීලාභිජාති පඤ්ඤත්තා: භික්ඛූ කණ්ටකවුත්තිකා, යෙ වා පනඤ්ඤෙපි කෙචි චම්මවාදා කිරියවාදා.
Sinhala BJT(2) වහන්ස, එහිලා පූරණකාශ්‍යප විසින් කණ්ටකවුත්තික භික්‍ෂුහු ද, අන්‍ය වූත් කර්‍මවාදී ක්‍රියාවාදීහු නීලාභිජාතිකහයි පණවන ලදහ.
Pali BJT(3) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන ලොහිතාභිජාති පඤ්ඤත්තා: නිගණ්ඨා එකසාටකා.
Sinhala BJT(3) වහන්ස, එහි ලා පූරණකාශ්‍යප විසින් ඒකසාටක නිගණ්ඨයෝ ලෝහිතාභිජාතිකයහ යි පණවන ලදහ.
Pali BJT(4) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන හළිද්දාභිජාති පඤ්ඤත්තා: ගිහී ඔදාතවසනා අචෙලකසාවකා.
Sinhala BJT(4) වහන්ස, පූරණකාශ්‍යප විසින් ගිහි සුදුවත් හඳනා අචෙලකශ්‍රාවකයෝ හරිද්‍රාභිජාතිකයහ යි පණවන ලදහ.
Pali BJT(5) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන සූක්කාභිජාති පඤ්ඤත්තා: ආජීවකා ආජිවිකිනියො.{2}
Sinhala BJT(5) වහන්ස, පූරණකාශ්‍යප විසින් ආජීවකයෝ ද, ආජීවිකාවෝ ද ශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.
Pali BJT(6) තත්රිදං භන්තෙ පූරණෙන කස්සපෙන පරමසුක්කාභිජාති පඤ්ඤත්තා: නන්දො වච්ඡො කිසො සඞ්කිච්චො මක්ඛලිගොසාලො.
Sinhala BJT(6) වහන්ස, එහි ලා නන්‍ද ය, වච්ඡ ය, කිස ය, සඞ්කිච්ච ය, මක්ඛලිගෝසාල ය යන මොහු පූරණකාශ්‍යප විසින් පරමශුක්ලාභිජාතිකයහ යි පණවන ලදහ.
Pali BJTපූරණෙන භන්තෙ කස්සපෙන ඉමා ඡළාභිජාතියො පඤ්ඤත්තාති.
Sinhala BJTවහන්ස, පූරණකාශ්‍යප විසින් මෙ ෂඩ්අභිජාතීහු පණවන ලදහ’යි.
Pali BJTකිම්පන ආනන්ද පූරණස්ස කස්සපස්ස සබ්බො ලොකො එතදබ්භනුජානාති ඉමා ඡළාභිජාතියො පඤ්ඤාපෙතුන්තී?
Sinhala BJTකිමෙක ආනන්‍දයෙනි, හැම ලෝවැස්සෝ පූරණකාශ්‍යපයාගේ තෙල පැණවීම - මෙ ඡළාභිජාතීන් පැණවීම අනුදන්නාහු දැ’යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTසෙය්යථාපි ආනන්ද පුරිසො දළිද්දො අස්සකො අනාළ්හියො,{1} තස්ස අකාමකස්ස බිලං ඔලග්ගෙය්යුං “ඉදං තෙ අම්භො පුරිස මංසං ච ඛාදිතබ්බං මූලඤ්ච අනුප්පදාතබ්බන්ති”.
Sinhala BJTආනන්‍දයෙනි, යම්සේ දිළිඳු නිර්ධන ආඪ්‍ය නො වූ පුරුෂයෙක් වේ නම්, නො කැමැත්තා වූ ම ඔහුගේ අත්හි “එම්බා පුරුෂය, මෙ මස් තා විසින් කෑයුතු ය. මිල ද දියයුතු ය”යි මළ ගොණකුගේ මස් කොටසක් බලාත්කාරයෙන් අත තබත් නම්,
Pali BJTඑවමෙව ඛො ආනන්ද පූරණෙන කස්සපෙන අප්පටිඤ්ඤාය එතෙසං සමණබ්රාහ්මණානං ඉමා ඡළාභිජාතියො පඤ්ඤත්තා යථා තං බාලෙන අව්යත්තෙන අඛෙත්තඤ්ඤූනා අකුසලෙන.
Sinhala BJTආනන්‍දයෙනි, එ සෙයින් ම පූරණකාශ්‍යප විසින් තෙල මහණ බමුණන්ගේ අප්‍රතිඥායෙන් ම අව්‍යක්ත වූ ක්‍ෂේත්‍රඥ නො වූ (අභිජාති ප්‍රඥප්තිවිෂය නො දන්නා වූ) අදක්‍ෂ වූ බාලයකු විසින් කරණු ලබන්නක් සේ ම ෂඩභිජාතිහු පණවනලදහ.
Pali BJTඅහං ඛො පනානන්ද ඡළාභිජාතියො පඤ්ඤාපෙමි. තං සුණාහි සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJTආනන්‍දයෙනි, මම මේ අභිජාතීන් සදෙනකු පණවමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’යි.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි’. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, එසේ යයි, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
Pali BJTකතමා චානන්ද ඡළාභිජාතියො:
Sinhala BJTආනන්‍දයෙනි, ෂඩභිජාතීහු කවරහ:
Pali BJTඉධානන්ද එකච්චො කණ්හාභිජාතියො සමානො කණ්හං ධම්මා අභිජායති. ඉධ පනානන්ද එකච්චො කණ්හාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති. ඉධ පනානන්ද එකච්චො කණ්හාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. ඉධ පනානන්ද එකච්චො සුක්කාභිජාතියො සාමානො කණ්හං ධම්මං අභිජායති. ඉධ පනානන්ද එකච්චො සුක්කාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති. ඉධ පනානන්ද එකච්චො සුක්කාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව ම උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුරුෂයෙක් කෘෂ්ණාභිජාති ඇති ව ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි. (ආර්‍ය්‍යභූමි සඞ්ඛ්‍යාත නිර්‍වාණ ජාතියෙහි උපදනේ ය.) ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ වූ අශුක්ල වූ නිර්‍වාණයට පැමිණෙයි.
Pali BJT(1) කථං චානන්ද කණ්හාභිජාතියො සමානො කණ්හං ධම්මං අභිජායති: ඉධ පනානන්ද එකච්චො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාල කුලෙ වා නෙසාදකුලෙ වා වෙණකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුස කුලෙ වා, දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො, බව්හාබාධො කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා, න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො ආනන්ද කණ්හාභිජාතියො සමානො කණ්හං ධම්මං අභිජායති.
Sinhala BJT(1) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණාභිජාතියෙහි උපදනේ ය: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල්කුලයෙහි වේවයි, වැදිකුලයෙහි වේවයි, කුලුපොතු කුලයෙහි වේවයි, සොම්මර කුලයෙහි වේවයි, පුප්සඬුකුලයෙහි වේවයි දිළිඳු අල්ප පාන භෝජන ඇති, දුකසේ දිවිවැටුම් ඇති, යම් කුලයෙක දුකසේ ආහාර පාන වස්ත්‍ර ලැබේ නම් එබඳු නීචකුලයෙක උපදනේ ය. හෙ දුර්වර්‍ණ ඇතියේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ බොහෝ ආබාධ ඇතියේ කණෙක් වේවයි කොරෙක් වේවයි පිළෙක් වේවයි පක්‍ෂහතයෙක් වේවයි අහර පැන් වස්ත්‍ර යානමල්ගඳවිලෙවුන්ශය්‍යා ආවසථ ප්‍රදීපෝපකරණ නො ලබනසුලුයේ වෙයි. හේ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම කෘෂ්ණස්වභාව ඇති ව උපදනේ ය.
Pali BJT(2) කථං චානන්ද කණ්හාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති. ඉධානන්ද එකච්චො නීචෙ කුලෙ පච්චාජාතො හොති -පෙ- සො ච හොති දුබ්බණ්ණො (-පෙ-) න ලාභී (-පෙ-) සෙය්යාවසථ පදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො ආනන්ද කණ්හාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති.
Sinhala BJT(2) ආනන්‍දයෙනි, කෙසේ නම් කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් හීන කුලයෙක උපදනේ ය ... හෙ ද දුර්වර්‍ණ ඇතියේ ශය්‍යාවසථප්‍රදීපෝපකරණ නො ලබනසුල්ලේ වෙයි. හෙ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හෙ කයින් සුසිරිත් පුරා, වචනයෙන් සුසිරිත් පුරා, මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය.
Pali BJT(3) කථං චානන්ද කණ්හාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. ඉධානන්ද එකච්චො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා -පෙ- දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො -පෙ- සො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතුසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තො සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. එවං ඛො ආනන්ද කණ්හාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති.
Sinhala BJT(3) ආනන්‍දයෙනි, කිසෙයින් කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සැඬොල් කුලෙහි වේවයි ... දුර්වර්‍ණ වූයේ නපුරු දැකුම් ඇතියේ ලකුණ්ටක වූයේ ... නීචකුලයෙහි උපදනේ වෙයි. හෙ කෙස් රවුළු බහා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ ය. හෙ මෙසේ පැවිදි වූයේ ම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්ච නීවරණයන් දුරු කොට සිවුසීවටන්හි සුපිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් තත් වූ පරිදි වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ කෘෂ්ණාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි.
Pali BJT(4) කථඤ්චානන්ද සුක්කාභිජාතියො සමානො කණ්හං ධම්මං අභිජායති: ඉධානන්ද එකච්චො උච්චෙ කුලෙ පච්චාජාතො හොති: ඛත්තියමහා සාරකුලෙ වා බ්රාහ්මණමහාසාරකුලෙ වා ගහපතිමහාසාරකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහුතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. එවං ඛො ආනන්ද සුක්කාභිජාතියො සමානො කණ්හං ධම්මං අභිජායති.
Sinhala BJT(4) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි, ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන් රිදී ඇති ප්‍රචුර වස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්‍ශනීය වූයේ ප්‍රසාදගුණ ඇතියේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කයින් දුසිරිත් පුරයි. වචනයෙන් දුසිරිත් පුරයි. මනසින් දුසිරිත් පුරයි. හේ කයින් දුසිරිත් පුරා වචනයෙන් දුසිරිත් පුරා මනසින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති ඇති විනිපාත වූ නිරයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙසේ ශුක්ලාභිජාති ඇතියේ ම කෘෂ්ණ ස්වභාව ඇති ව උපදනේ ය.
Pali BJT(5) කථඤ්චානන්ද සුක්කාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති: ඉධානන්ද එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති. ඛත්තියමහාසාරකුලෙ වා -පෙ- ලාභී [-පෙ-] ය්යොවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති, වාචාය සුචරිතං චරති, මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. එවං ඛො ආනන්ද සුක්කාභිජාතියො සමානො සුක්කං ධම්මං අභිජායති.
Sinhala BJT(5) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ලස්වභාව ඇති ව උපදනේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි ... උපන්නේ වෙයි ... ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබන්නේ වෙයි. හේ කයින් සුසිරිත් පුරයි, වචනයෙන් සුසිරිත් පුරයි, මනසින් සුසිරිත් පුරයි. හේ කයින් සුසිරිත් පුරා වචනයෙන් සුසිරිත් පුරා මනසින් සුසිරිත් පුරා කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපදනේ ය. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම ශුක්ල ස්වභාව ඇති ව උපදනේ ය.
Pali BJT(6) කථං චානන්ද සුක්කාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති: ඉධානන්ද එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති: ඛත්තිය මහාසාරකුලෙ වා බ්රාහ්මණමහාසාර කුලෙ වා ගහපතිමහාසාරකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා ආගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතුසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති. එවං ඛො ආනන්ද සුක්කාභිජාතියො සමානො අකණ්හං අසුක්කං නිබ්බානං අභිජායති.
Sinhala BJT(6) ආනන්‍දයෙනි, කිසෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණේ ය යත්: ආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ක්‍ෂත්‍රියමහාසාරකුලයෙහි වේවයි, බ්‍රාහ්මණමහාසාරකුලයෙහි වේවයි, ගෘහපතිමහාසාරකුලයෙහි වේවයි ආඪ්‍ය වූ මහත් ධන ඇති මහා භෝග ඇති බොහෝ රන්රිදී ඇති ප්‍රචුරවස්තූපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලයෙහි උපන්නේ වේ. හේ ද මනා රූ ඇතියේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ආහාරපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධවිලේපන ශය්‍යාවසථප්‍රදීපෝපකරණ ලබනසුල්ලේ වෙයි. හෙ කෙස්රවුළු බහා කාෂායවස්ත්‍ර හැඳ ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හේ මෙසේ පැවිදි වූයේ ම චිත්තෝපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරණ පඤ්චනීවරණයන් දුරු කොට සතර සතිපට්ඨානයෙහි මොනොවට පිහිටි සිතැතියේ සප්තබෝධ්‍යඞ්ගයන් යාථාවයෙන් වඩා අකෘෂ්ණ අශුක්ල නිර්‍වාණයට පැමිණෙයි. ආනන්‍දයෙනි, මෙ සෙයින් ශුක්ලාභිජාති ඇතියේ ම අකෘෂ්ණ අශුක්ල නිවණයට පැමිණෙයි.
Pali BJTඉමා ඛො ආනන්ද ඡළාභිජාතියොති.
Sinhala BJTආනන්‍දයෙනි, මොහු අභිජාතීහු සදෙන වෙති යි.
Pali BJT6. 2. 1. 4.
Sinhala BJT6. 2. 1. 4.
Pali BJT[ආසවසුත්තං]
Sinhala BJT[ආසව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි?
Sinhala BJT4. මහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො යෙ ආසවා සංවරා පහාතබ්බා, තෙ ආසවා සංවරෙන පහීනා හොන්ති. යෙ ආසවා පටිසෙවනා පහාතබ්බා, තෙ ආසවා පටිසෙවනාය පහීනා හොන්ති. යෙ ආසවා අධිවාසනා පහාතබ්බා, තෙ ආසවා අධිවාසනාය පහීනා හොන්ති. යෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා, තෙ ආසවා පරිවජ්ජනාය පහීනා හොන්ති. යෙ ආසවා විනොදනා පහාතබ්බා, තෙ ආසවා විනොදනාය පහීනා හොන්ති. යෙ ආසවා භාවනා පහාතබ්බා, තෙ ආසවා භාවනාය පහීනා හොන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහාතව්‍ය වෙත් නම් එ ආස්‍රවයෝ සංවරයෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහීණ වෙත්, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, ඒ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහීණ වෙත්. යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහාතව්‍ය වෙත් නම්, එ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහීණ වෙත්.
Pali BJT(1) කතමෙ ච භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යෙ සංවරෙන පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චක්ඛුන්ද්රියසංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ චක්ඛුන්ද්රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, චක්ඛුන්ද්රියසංවර{1} සංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. පටිසඞ්ඛා යොනිසො සොතින්ද්රිය -පෙ- ඝානින්ද්රිය -පෙ- ජිව්හින්ද්රිය -පෙ- කායින්ද්රිය -පෙ- මනින්ද්රය සංවරසංවුතො විහරති. යං හිස්ස භික්ඛවෙ මනින්ද්රියසංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, මනින්ද්රියසංවරසංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස භික්ඛවෙ සංවරං අසංවුතස්ස විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, සංවරං සංවුතස්ස විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා සංවරා පහාතබ්බා යෙ සංවරෙන පහීනා හොන්ති.
Sinhala BJT(1) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, එ සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ කවරහ: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වාස කරයි. මහණෙනි, යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වාස කරණ ඔහට දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, චක්‍ෂුරින්‍ද්‍රිය සංවරයෙන් සංවෘතව වාස කරණ ඔහට එ විඝාතපරිදාහකර (දුක් - දැවිලි කරණ) ආස්‍රවයෝ නො මැ වෙත්. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ... ඝ්‍රාණේන්‍ද්‍රිය ... ජිහ්වේන්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත වූයේ වාස කෙරෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රිය සංවරයෙන් අසංවෘත ව වසන ඔහුට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, මනින්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ව වසන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයෙකින් සංවරයෙන් අසංවෘත ව වසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, සංවරයෙන් සංවෘතව වාස කරන ඔහට ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් සංවරයෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු සංවරයෙන් ප්‍රහාතව්‍ය ආස්‍රව යි කියනු ලැබෙත්.
Pali BJT(2) කතමෙ ච භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යෙ පටිසෙවනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං{2} පටිඝාතාය, යාවදෙව හිරිකොපීන පටිච්ඡාදනත්ථං.
Sinhala BJT(2) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට යම්තාක් ශීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස නැස්ම පිණිස ම ලජ්ජාස්ථාන පිළිසන් කරණු පිණිස ම සිවුරු සෙව්නේ ය.
Pali BJTපටිසඞ්ඛා යොනිසො පිණ්ඩපාතං පටිසෙවති: නෙව දවාය, න මදාය, න මණ්ඩනාය, න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා, බ්රහ්මචරියානුග්ගහාය. ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි. යාත්රාව මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චාති.
Sinhala BJTනුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට පිඬුවා සෙවුනේ ය: නො ම දව පිණිස ය, නො ම මද පිණිස ය, නො ම උනුතැන් පුරනු පිණිස ය, නො ම සැරසුම් පිණිස ය, මෙ සිරුරෙහි පැවැත්ම සඳහා ම ය, යැපීම සඳහා ම ය, සාදුක් නසනු සඳහා ම ය, බ්‍රහ්මචර්‍ය්‍යානුග්‍රහ සඳහා ම ය. මෙ සෙයින් (මෙ පිඬු බොජුනෙන්) පැරණි සාදුක් වේදනාත් නස්මි. නව වේදනාත් නො ම උපදවන්නෙමි. (මෙයින්) මාගේ ජීවනයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ ය යි.
Pali BJTපටිසඞ්ඛා යොනිසො සෙනාසනං පටිසෙවති: යාවදෙව සීතස්ස පටිඝාතාය, උණ්හස්ස පටිඝාතාය, ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං පටිඝාතාය, යාවදෙව උතුපරිස්සය විනොදනං පටිසල්ලානාරාමත්ථං.
Sinhala BJTනුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සීතයාගේ නැස්ම පිණිස ම උෂ්ණයාගේ නැස්ම පිණිස ම මැසි - මදුරු - වා - අව් - සර්‍පයන්ගේ පහස් නැස්ම පිණිස ම ඍතුපීඩා විනෝදනය (පහකිරීම) පිණිස ම පිළිසලනෙහි ඇල්ම පිණිස ම සෙනසුන් සෙව්නේ ය.
Pali BJTපටිසඞ්ඛා යොනිසො ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පටිසෙවති: යාවදෙව උප්පන්නානං වෙය්යාබාධිකානං වෙදනානං පටිඝාතාය, අබ්යාපජ්ඣපරමතායාති.
Sinhala BJTනුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ව්‍යාබාධකර වේදනාවන් නස්නා සඳහා ම අව්‍යාබාධපරමතාව (නිරෝග බව) සඳහා ම බෙහෙත් පිරිකර සෙව්නේ ය.
Pali BJTයං හිස්ස භික්ඛවෙ අප්පටිසෙවතො{1} උප්පජ්ජෙය්යුං ආසවා විඝාත පරිළාහා, පටිසෙවතො{2} එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති.
Sinhala BJTමහණෙනි, යම් හෙයෙකින් ප්‍රතිසේවනා නො කරණුවහට දුඃඛපරිදාහකර ආස්‍රවයෝ උපදිත් නම්, ප්‍රතිසේවනා කරණුවහට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්.
Pali BJTඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පටිසෙවනා පහාතබ්බා යෙ පටිසෙවනාය පහීනා හොන්ති.
Sinhala BJTමහණෙනි, යම් ආස්‍රව කෙනෙක් ප්‍රතිසේවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මොහු ප්‍රතිසේවනායෙන් ප්‍රහාතව්‍ය ආස්‍රවයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJT(3) කතමෙච භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා යෙ අධිවාසනා පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං, උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං{3} ඛරානං කටුකානං අසාතානං අමනාපානං, පාණහරානං අධිවාසකජාතිකො හොති. යං හිස්ස භික්ඛවෙ අනධිවාසයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, අධීවාසයතො{4} එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා අධිවාසනා පහාතබ්බා යෙ අධිවාසනාය{5} පහීනා හොන්තී.
Sinhala BJT(3) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් ද, අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය ඒ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ශීතය උෂ්ණය ක්‍ෂුධාව පිපාසාව මැසි මදුරුවාතාතප සරීසාපසංස්පර්‍ශය සහනය කෙරෙයි. නපුරු කොට කියනලද නපුරු කොට (තමන් වෙත) පැමිණි වාක්පථ සහනය කෙරෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ ක්‍රෑර වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. යම් හෙයෙකින් නො ඉවසන ඔහට විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, ඉවසන ඔහට මෙසේ එ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. යම් ආස්‍රව කෙනෙක් අධිවාසනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ අධිවාසනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
Pali BJT(4) කතමෙ ච භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා යෙ පරිවජ්ජනාය පහීනා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො චණ්ඩං හත්ථිං පරිවජ්ජෙති. චණ්ඩං අස්සං පරිවජ්ජෙති. චණ්ඩං ගොණං පරිවජ්ජෙති. චණ්ඩං කුක්කුරං පරිවජ්ජෙති අහිං ඛාණුං කණ්ටකාධානං{6} සොබ්භං පපාතං චන්දනිකං ඔලිගල්ලං. යථාරූපෙ අනාසනෙ නිසින්නං, යථාරූපෙ අගොචරෙ චරන්තං, යථාරූපෙ පාපකෙ මිත්තෙ භජන්තං, විඤ්ඤූ සබ්රහ්මචාරී පාපකෙසු ඨානෙසු ඔකප්පෙය්යුං, සො තං චෙව අනාසනං තං ච{7} අගොචරං තෙ ච පාපකෙ මිත්තෙ පටිසඞ්ඛා යොනිසො පරිවජ්ජෙති. යං හිස්ස භික්ඛවෙ අපරිවජ්ජයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, පරිවජ්ජයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බ, යෙ පරිවජ්ජනාය පහීනා හොන්ති.
Sinhala BJT(4) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් (වැළහීමෙන්) ප්‍රහීණ වෙත් නම්, පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට සැඬ ඇත් වළහයි. සැඬ අස් වළහයි. සැඬ ගොන් වළහයි. සැඩ කුකුරු වළහයි. අහි ය, කණු ය, කටුලැහැබ් ය, කුඩා සැඬදිය හෙබ් ය, ප්‍රපාත ය, ස්‍යන්‍දනිකා ය, ගවරවළ ය යන මෙ හැම වළහයි. යම්බඳු නො මනා අස්නෙක හුන්නහු යම්බඳු ආගෝචරයෙක්හි සරන්නාහු, යම්බඳු ලමු මිතුරන් සෙවුනහු, විඥ සබ්‍රහ්මචාරීහු ලමු තන්හි ලා අවමන් කොට කල්පනා තෙරෙත් නම්, හේ එ බඳු නොමනා සෙනසුන් ද, එ අගෝචරස්ථාන ද, එ ලමු මිතුරන් ද නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට වළහයි. මහණෙනි, යම් හෙයෙකින් පරිවර්‍ජනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, පරිවර්‍ජනා කරණ ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් පරිවර්‍ජනායෙන් ප්‍රහීණවෙත් නම්, මෙ ආස්‍රවයෝ පරිවර්‍ජනායෙන් ප්‍රහාතව්‍ය යි කියනු ලැබෙත්.
Pali BJT(5) කතමෙ ච භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා යෙ විනොදනාය පහීණා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො උප්පන්නං කාමවිතක්කං, නාධිවාසෙති, පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. පටිසඞ්ඛා යොනිසො උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවික්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති, බ්යන්තීකරොති, අනභාවං ගමෙති. යං හිස්ස භික්ඛවෙ අවිනොදයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා විනොදයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා විනොදනා පහාතබ්බා යෙ විනොදනාය පහීනා හොන්ති.
Sinhala BJT(5) මහණෙනි, යමෙක් විනෝදනායෙන් (හැරලීමෙන්) ප්‍රහීණ වෙත් නම්, විනෝදනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් කාමවිතර්‍ක සිත්හි නො රඳවන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත (අවසන්) කරන්නේ ය, ක්‍රමයෙන් අභාවයට යවන්නේ ය. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට උපන් ව්‍යාපාද විතර්‍ක ... උපන් විහිංසා විතර්‍ක ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසන්නේ ය, දුරලන්නේ ය, පහකරන්නේ ය, විගතාන්ත කරන්නේ ය, අනභාවයට යවන්නේ ය. මහණෙනි, යම් හෙයෙකින් විනෝදනා නො කරණ ඔහට විඝාතපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, විනෝදනා කරණ ඔහට විඝාතපරිදාහකර ඒ ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් විනෝදනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ විනෝදනායෙන් ප්‍රහාතව්‍යහයි කියනු ලැබෙත්.
Pali BJT(6) කතමෙ ච භික්ඛවෙ ආසවා භාවනාය පහාතබ්බා යෙ භාවනාය පහීණා හොන්ති: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසඞ්ඛා යොනිසො සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පටිසඞ්ඛා යොනිසො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣාඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. යං හිස්ස භික්ඛවෙ අභාවයතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා භාවයතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ ආසවා භාවනා පහාතබ්බා යෙ භාවනාය පහීනා හොන්ති.
Sinhala BJT(6) මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, භාවනායෙන් ප්‍රහාතව්‍ය එ ආස්‍රවයෝ කවරහ යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ව්‍යවසර්‍ගයට (නිවනට) නැමෙන සුලු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිඃශ්‍රිත විරාගනිඃශ්‍රිත නිරෝධනිඃශ්‍රිත ව්‍යවසර්‍ගයට නැමෙනසුලු උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නො වඩනා ඔහට යම් හෙයකින් විඝාතපරිදාහකර ආස්‍රවයෝ උපදනාහු නම්, වඩනා ඔහට මෙසේ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් ආස්‍රව කෙනෙක් භාවනායෙන් ප්‍රහීණ වෙත් නම්, මෙ ආස්‍රවයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයහයි කියනු ලැබෙත්.
Pali BJTඉමෙහි පඛා භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වේ ය යි.
Pali BJT6. 2. 1. 5.
Sinhala BJT6. 2. 1. 5.
Pali BJT[දාරුකම්මික සුත්තං]
Sinhala BJT[දාරුකම්මික සූත්‍රය]
Pali BJT5. එවං මෙ සුතං එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො දාරුකම්මිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො දාරුකම්මිකං ගහපතිං භගවා එතදවොච: අපි නු තෙ ගහපති කුලෙ දානං දීයතීති. දීයති මෙ භන්තෙ කුලෙ දානං. තං ච ඛො යෙ තෙ භික්ඛූ ආරඤ්ඤකා පිණ්ඩපාතිකා පංසුකූලිකා අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා. තථාරූපෙසු මෙ භන්තෙ භික්ඛුසු දානං දීයතීති
Sinhala BJT5. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගමෙහි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසනසේක. එකල්හි දාරුකම්මික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් දාරුකම්මික ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. යම් ඒ මහණෙක් ආරණ්‍යක වෙත් නම්, පිණ්ඩපාතික වෙත් නම්, පාංසුකූලික වෙත් නම්, රහත්හු හෝ රහත්මගට පිළිපන්නාහු වෙත් නම්, වහන්ස, එබඳු මහණුන් කෙරෙහි මවිසින් දන් දෙනු ලැබේ ය යි.
Pali BJTදුජ්ජානං ඛො එතං ගහපති තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන “ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා”ති.
Sinhala BJTගැහැවිය, කාමභෝගී වූ පුත්‍ර සම්බාධ සයනයෙහි වෙසෙන ගිහි වූ කසී සඳුන් වළඳ කරණ මල්ගඳවිලෙවුන් දරණ රන් රිදී ඉවසන තා විසින් ‘මොහු රහත්හ කියා හෝ මොහු රහත්මගට පිළිපන්හ’යි කියා හෝ තෙල කරුණ දත නො හැකි වේ.
Pali BJT(1) ආරඤ්ඤකො චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො උන්නලො චපලො මුඛරො විකිණ්ණවාචො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. ආරඤ්ඤකො{1} චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො අනුන්නලො අචපලො අමුඛරො අවිකිණ්ණවාචො උපට්ඨිතසති සම්පජානො, සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(1) ගෘහපතිය, ආරණ්‍යක වූ ද මහණ උඩනු වූයේ නැඟි මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරගිය තෙපුල් ඇතියේ නට සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා නැතියේ සමාහිත නො වූයේ භ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික (ස්වභාවික නොදැමුනු) ඉන්‍ද්‍රිය ඇත්තේ වෙයි ද, මෙසේ හෙ තෙම එ කරුණෙන් ගැරහිය යුත්තේ ය. ගෘහපතිය, මහණ ආරණ්‍යක වූයේ ද උද්ධත නො වූයේ ද නැඟි මානනළ නැතියේ අචපල වූයේ දොඩමලු නො වූයේ නො විසුරුණු වදන් ඇතියේ එළඹ සිටි සිහි ඇතියේ සම්‍යක් ප්‍රඥා ඇතියේ සමාහිත වූයේ එකඟ සිත් ඇතියේ ඇවුරූ ඉඳුරන් ඇතියේ වේ ද, මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
Pali BJT(2) ගාමන්තවිහාරී චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො -පෙ- [පාකතින්ද්රියො], එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. ගාමන්තවිහාරී චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො -පෙ- [සංවුතින්ද්රියො], එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(2) ගෘහපතිය, ග්‍රාමාන්තවිහාරි (ගම්වැසි) නමුදු මහණ උඬනු වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය ග්‍රාමාන්තවිහාරී නමුදු මහණ උද්ධත නො වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් පැසැසිය යුත්තේ ය.
Pali BJT(3) පිණ්ඩපාතිකො චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො -පෙ- පාකතින්ද්රියො. එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. පිණ්ඩපාතිකො චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො -පෙ- [සංවුතින්ද්රියො], එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(3) ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පිණ්ඩපාතික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ එ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJT(4) නෙමන්තනිකො චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො -පෙ- [පාකතින්ද්රියො], එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. නෙමන්තනිකො චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො -පෙ- සංවුතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(4) ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන්නා වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හේ ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, නිමන්ත්‍රණ ඉවසන සුලු වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ ඒ කරුණින් හෙතෙම ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJT(5) පංසුකූලිකො චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො -පෙ- [පාකතින්ද්රියො], එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. පංසුකූලිකො චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො -පෙ- සංවුතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(5) ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ උද්ධත වූයේ ... මෙසේ හෙතෙම එ කරුණින් ගැරහිය යුතු වෙයි. ගෘහපතිය, පාංශුකූලික වූ ද මහණ අනුද්ධත වූයේ ... මෙසේ හේ එකරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJT(6) ගහපති චීවරධරො චෙපි ගහපති භික්ඛු හොති උද්ධතො උන්නලො චපලො මුඛරො විකිණ්ණවාචො මුට්ඨස්සති අසම්පජානො අසමාහිතො විබ්භන්තචිත්තො පාකතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන ගාරය්හො. ගහපති චීවරධරො චෙපි ගහපති භික්ඛු හොති අනුද්ධතො අනුන්නලොඅචපලො අමුඛරො අවිකිණ්ණවාචො උපට්ඨිතසති{2} සම්පජානො සමාහිතො එකග්ගචිත්තො සංවුතින්ද්රියො, එවං සො තෙනඞ්ගෙන පාසංසො.
Sinhala BJT(6) ගෘහපතිය, ගිහියන් දෙන චීවරධර වූ ද මහණ උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. ගෘහපතිය, ගෘහපතිචීවරධර වූ ද මහණ අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්‍ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJTඉඞ්ඝ ත්වං ගහපති සඞ්ඝෙ දානං දෙහි. සඞ්ඝෙ තෙ දානං දදතො චිත්තං පසීදිස්සති. සො ත්වං පසන්නචිත්තො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සසීති.
Sinhala BJTගෘහපතිය, එහෙයින් ම තෝ සඟුන් කෙරෙහි දන් දෙව. සඟුන් කෙරෙහි දන් දෙන තාගේ සිත පහන් වන්නේ ය. එබඳු තෝ පහන් සිත් ඇතියේ සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙන්නෙහි යි.
Pali BJTඑසාහං භන්තෙ අජ්ජතග්ගෙ සඞ්ඝෙ දානං දස්සාමීති.
Sinhala BJTවහන්ස, තෙල මම අද පටන් කොට සඞ්ඝයා කෙරෙහි දන් දෙන්නෙමි යි.
Pali BJT6. 2. 1. 6.
Sinhala BJT6. 2. 1. 6.
Pali BJT[හත්ථිසාරිපුත්ත සුත්තං]
Sinhala BJT[හත්‍ථිසාරිපුත්ත සූත්‍රය]
Pali BJT6. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මණ්ඩලමාලෙ සන්නිසින්නා සන්නිපතිතා අභිධම්මකථං කථෙන්ති.
Sinhala BJT6. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් මිගදායෙහි වැඩවසන සේක. එ සමයෙහි බොහෝ තෙර මහණහු පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු මණ්ඩලමාළයෙහි රැස්ව හුන්නාහු අභිධර්‍මමිශ්‍ර කථා කෙරෙත්.
Pali BJTතත්රසුදං ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛෙ ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං එතදවොච: “මා ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙසි. කථාපරියොසානං{1} ආයස්මා චිත්තො ආගමෙතූති.
Sinhala BJTඑහි හස්තිශාරිපුත්‍ර ආයුෂ්මත් චිත්ත තෙරහු තෙර මහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ කථා හෙළත්. එකල්හි ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ඇත්සැරියුත් ආයුෂ්මත් චිත්ත තෙරුන්ට තෙල කීහ: “ආයුෂ්මත් හත්‍ථිසාරිපුත්‍ර චිත්ත තෙරහු තෙරමහණුන් අභිධර්‍මකථා කරත් ම අතරින් අතරැ නහමක් කථා හෙළත්වා. ආයුෂ්මත් චිත්ත තෙරණුවෝ කථාපර්‍ය්‍යවසානය ඉවසත්වා”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මතො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොචුං: “මා ආයස්මා මහාකොට්ඨිතො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං අපසාදෙසි. පණ්ඩිතො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො. පහොති චායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙතුං”ති.
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙරණුවන්ගේ සබඳ මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්හට තෙල කීහ: “ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර නහමක් ගටත්වා. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර පණ්ඩිතයහ. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්‍ර තෙරහු තෙරමහණුන්හට අභිධර්‍මකථා කියන්නට ද පොහොසත්හ”යි.
Pali BJTදුජ්ජානං ඛො එතං ආවුසො පරස්ස චෙතොපරියායං අජානන්තෙහි.
Sinhala BJTඇවැත්නි, මෙරමාගේ චිත්තාචාරය නො දන්නවුන් විසින් තෙල නො දත හැක්ක.
Pali BJT(1) ඉධාවුසො එකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො{2} හොති, නිවාතනිවාතො හොති, උපසන්තුපසන්තො හොති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානීයෙහි සබ්රහ්මචාරීහි. සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි{3} රාපමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJT(1) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් කල් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය වූ සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ නම් එතෙක් කල් සුරතාකාර නිවාතාකර වෙයි. උපශාන්තාකාර වෙයි. යම් මැ කලෙක හේ ශාස්තෘහු කෙරෙන් බැහැර යේ නම්, හේ ගුරුස්ථානීය සබ්‍රහ්මචාරීන් කෙරෙන් බැහැර යේ නම්, හේ මහණුන් හා සමඟ මෙහෙණන් හා සමඟ උවසුවන් හා සමඟ උවැසියන් හා සමඟ රජුන් හා සමඟ රජමහ ඇමැතියන් හා සමඟ තීර්‍ත්‍ථකයන් හා සමග තීර්‍ත්‍ථක ශ්‍රාවකයන් හා සමග සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට ව ව්‍යපකෘෂ්ට ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇතිව භාෂ්‍යකථායෙහි නියැලී වසන ඔහුගේ සිත රාගය ධර්‍ෂ කෙරෙයි (සමාධියෙන් දුරලයි) හේ රාගයා විසින් ධර්ෂිත (මැඩුණු) සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන (ගිහි) භාවයට යෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො ගොණො කිට්ඨාදො දාමෙන වා බද්ධො වජෙ වා ඔරුද්ධො, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානාය ගොණො කිට්ඨාදො පුනදෙව කිට්ඨං ඔතරිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාතී? නො හිදං ආවුසො, ඨානං හෙතං ආවුසො විජ්ජති යං සො ගොණො කිට්ඨාදො දාමං වා ඡෙත්වා වජං වා භින්දිත්වා පුනදෙව කිට්ඨං ඔතරෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො හොති නිවාතනිවාතො හොති උපසන්තුපසන්තො හොති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානීයං සබ්රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨනීයෙහි සබ්රහ්මචාරීහි. සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි වැඩෙන ශස්‍ය බුදින ගොණෙක් දමින් හෝ බඳනාලදුයේ, ගොවුදෙහි හෝ අවුරණලදුයේ වේ නම්, ඇවැත්නි, “සස් බුදින මෙ ගොන් යලිදු ශස්‍යයට නො බස්නේ ය”යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, ඒ කියනුයේ මැනවින් කියෙන්නේ දැයි. ඇවැත්නි, නැත් මැයි. ඇවැත්නි, යම් හෙයෙකින් සස් බුදින එ ගොන් දාමය හෝ සිදැ ගොවුද හෝ බිඳැ වැලිදු ශස්‍යයට බස්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අන්‍යතර ගුරුස්ථානීය සබ්‍රහ්මචාරියකු හෝ ඇසුරු කොට වෙසේ ද, ඒ තාක් සුරතයකු සෙයින් සුරත වෙයි,. නිවාතයකු සෙයින් නිවාත වෙයි. උපශාන්තයකු සෙයින් උපශාන්ත වෙයි. යම් කලෙක හේ ශාස්තෲන් වහන්සේ කෙරෙන් බැහැර යේ ද, ගුරුස්ථානීය වූ සබ්‍රම්සරුන් කෙරෙන් බැහැර යේ ද, හේ භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උවසුවන් හා උවැසියන් හා රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සංසෘෂ්ට ව වෙසෙයි. සංසෘෂ්ට වුහුටු කමටහන් ඇති ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇති ව භාෂ්‍යකථායෙහි අනුයුක්ත ව වසන ඔහුගේ සිත රාගය ගෙණ සිටුනේ වෙයි. රාගයා විසින් ගත් සිතින් හෙ ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට වැටෙයි.
Pali BJT(2) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභිම්හි පඨමස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJT(2) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම (අකුසල ධර්‍මයන්ගෙන් වෙන් ව ම) ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යානලාභියෙමි යි භික්‍ෂූන් හා ... සංසෘෂ්ට වූයේ වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො චාතුම්මහාපථෙ{1} ඵුල්ලපූසිතකො දෙවො වස්සන්තො රජං අන්තරධාපෙය්ය, චික්ඛල්ලං පාතුකරෙය්ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානාමුස්මිං චාතුම්මහාපථෙ පුනදෙව රජො පාතු භවිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං අමුස්මිං චාතුම්මහාපථෙ මනුස්සා වා අතික්කමෙය්යුං, ගොපසු වා අතික්කමෙය්යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්ය. අථ පුනදෙව රජො පාතුභවෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි [විවිච්ච අකුසලෙහි ධම්මෙහි] -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි පඨමස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTඇවැත්නි, යම්පරිදි සතරමංසන්‍ධියෙහි දළ පොද ඇති මේඝය වස්නේ රජස් අතුරුදන් කෙරේ ද, මඩ පාළ කෙරේ ද, ඇවැත්නි, “මෙ සතරමං සන්‍ධියෙහි යලිත් රජස් පාළ නො වන්නේ ය”යි යමෙක් මෙසේ කියා නම් ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ වේ දැ?යි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඇවැත්නි, යම් හෙයෙකින් අසෝ මහාපථයෙහි මනුෂ්‍යයෝ හෝ ඉක්මයෙති, ගවපසුහු හෝ ඉක්මයෙති, අව්සුළං හෝ තෙතමන සිඳ ගන්නේ ය. ඉක්බිති රජස් පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙයි. හෙ ප්‍රථමධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට යෙයි.
Pali BJT(3) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි දුතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJT(3) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍කවිචාරයන්ගේ ව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං තළාකං, තත්ථ ඵුල්ලඵුසිතකො දෙවො වස්සන්තො සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි අන්තරධාපෙය්ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: නදානාමුස්මිං තළාකෙ පුනදෙව සිප්පිසම්බුකා වා සක්ඛරකඨලා වා පාතුභවිස්සන්තීති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං අමුස්මිං තළාකෙ මනුස්සා වා පිවෙය්යුං, ගොපසු වා පිවෙය්යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්ය, අථ පුනදෙව සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි පාතුභවෙය්යුන්ති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ලාභීම්හි දුතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි ගමකට වේවයි, නියම්ගමකට වේවයි, නුදුරෙහි මහදහතළායෙක් වේ නම්, එහි මහත් පොද ඇති මේඝය වස්නේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලන් හා කැටකැබිලිති හා අතුරුදන් කරවයි. ඇවැත්නි, යමෙක් “දැන් මෙ දහතළායෙහි වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැටකැබිලිත් පාළ නො වේ ය”යි කියන්නේ නම්, ඇවැත්නි, හේ මොනොවට කියන්නේ දැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ තළායෙහි මිනිස්සු හෝ පානය කරන්නාහ. ගවපසුහු හෝ පානය කරන්නාහ. අව්සුළං හෝ තෙත්ගතිය ගෙවාගන්නේ ය. වැලිදු සිප්පිබෙලි සක්බෙලි කැට කැබිලිති පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් විතර්‍ක විචාරව්‍යපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ ද්විතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
Pali BJT(4) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො ලාභීම්හි තතියස්ස ඣානස්සාති සංසට්ඨො විහරති භික්ඛූහී -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJT(4) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙනුදු ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යානලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො පුරිසං පණීතභොජනං භුත්තාවිං ආභිදොසියං{3} භොජනං නච්ඡාදෙය්ය, යො නු කො ආවුසො එවං වදෙය්ය “න දානාමුං පුරිසං පුනදෙව භොජනං ඡාදෙස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො, “ඨානං හෙතං ආවුසො විජ්ජති අමුං හාවුසො පුරිසං පණීතභොජනං භුත්තාවිං යාවස්ස සා ඔජා කායෙ ඨස්සති තාව න අඤ්ඤං භොජනං ඡාදෙස්සති. යතො ච ඛ්වස්ස සා ඔජා අන්තරධායිස්සති. අථ පුනදෙව තං භොජනං ඡාදෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි තතියස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි පිණිබොජුන් වළඳනා පුරුෂයකු හට ප්‍රකට දෝෂ ඇති, කුද්‍රෑසක භෝජනය නුරුස්නේ ද, “දැන් මෙ පුරිස්හට නැවත බොජුන් නො රුස්නේ ය”යි යමෙක් කියා නම්, ඇවැත්නි, එ කියනුයේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. “ඇවැත්නි, පිණිබොජුන් වැළඳු තෙල පුරිස්හට යම්තාක් කයෙහි එ ඕජාව සිටුනේ ද, ඒතාක් අන් බොජුනක් නො ම රුස්නේ ය. යම් කලෙක ඔහුගේ ඒ ඕජාව අතුරුදන් වේ නම්, එකල නැවතත් ඒ බොජුන රුස්නේ ය” යන තෙල කරුණ විද්‍යාමාන වේ. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් ප්‍රීති විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ තෘතීයධ්‍යාන ලාභීයෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
Pali BJT(5) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායා වත්තති.
Sinhala BJT(5) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හේ චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි ... ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො නිවාතො විගතඌමකො, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානමුස්මිං උදකරහදෙ පුනදෙව ඌමී පාතුභවිස්සතී”ති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යා පුරත්ථිමාය දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්ය, යා පච්ඡිමාය දිසාය ආගච්ඡෙය්ය -පෙ- යා උත්තරාය දිසාය ආගච්ඡෙය්ය -පෙ- යා දක්ඛිණාය දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්යාති. එවමෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො “ලාභීම්හි චතුත්ථස්ස ඣානස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි -පෙ- සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි කඳුනැම්මෙක වාපහස නො ලත් නො නැඟි රළ ඇති දියවිලෙක් වේ නම්, ඇවැත්නි, යමෙක් තෙල දියවිල්හි යලිදු රළ පාළ නො වන්නේ ය’යි මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මොනොවට කියන්නේ වේ දැයි. ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, පැදුම්දිගින් යම්බඳු මහවැසිසුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, පැලදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... උතුරුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම් ... දකුණුදිගින් යම් මහ වැසි සුළඟෙක් හමා නම්, එ සුළඟ එ දියවිල්හි රළ දනවා නම්, තෙල කරුණ විද්‍යමාන මැ වේ. ඇවැත්නි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙයි. ‘හෙ (මම්) චතුර්‍ත්‍ථධ්‍යානලාභියෙමි’යි භික්‍ෂූන් හා ... හැනී වෙසෙයි … ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
Pali BJT(6) ඉධ පනාවුසො එකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතො සමාධිං උපසම්පජ්ජ විහරති, සො “ලාභීම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි{1} රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන{2} චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJT(6) ඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් (නිත්‍ය ආදි) හැම නිමිත්තයන් මෙනෙහි නො කිරීමෙන් (බලවත් විදර්‍ශනා සමාධි සඞ්ඛ්‍යාත) අනිමිත්ත චිත්තසමාධියට එළඹ වෙසෙයි. ‘හෙ අනිමිත්ත චිත්තසමාධි ලාභියෙමි’යි භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රාජමහාමාත්‍යයන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමඟ හැනී වෙසෙයි. සංසෘෂ්ට ව වුහුටු වැර ඇති ව ප්‍රාකෘතික ඉන්‍ද්‍රියයන් ඇතිව භාෂ්‍යකථායෙහි නියැලී වාස කරණ ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. හේ රාගයෙන් ඝැටුනු සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො රාජා වා රාජමහාමත්තො වා චතුරඞ්ගිනියා සෙනාය අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ එකරත්තිවාසං උපගච්ඡෙය්ය, තත්ථ{3} හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන පත්තිසද්දෙන භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දෙන චීරිලියසද්දො අන්තරධායෙය්ය, යො නු ඛො ආවුසො එවං වදෙය්ය: “න දානමුස්මිං වනසණ්ඩෙ පුනදෙව චීරිලියසද්දො{4} පාතුභවිස්සතීති. සම්මා නු ඛො සො ආවුසො වදමානො වදෙය්යාති. නො හිදං ආවුසො. ඨානං හෙතං ආවුසො විජ්ජති යං සො රාජා වා රාජමහාමත්තො වා තම්හා වනසණ්ඩා පක්කමෙය්ය, අථ පුනදෙව චීරිලියසද්දො{4} පාතුභවෙය්යාති. එව මෙව ඛො ආවුසො ඉධෙකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. සො “ලාභීම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා”ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, තස්ස සංසට්ඨස්ස විස්සට්ඨස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති’ති.
Sinhala BJTඇවැත්නි, යම් පරිදි රජෙක් වේවයි, රජමහඇමැතියෙක් වේවයි, සිවුරඟ සෙන් සමග අදන්මගට පිළිපන්නේ අන්‍යතර වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට එළඹේ නම් එහි හස්තිශබ්දයෙන් අශ්වශබ්දයෙන් රථශබ්දයෙන් පත්තිශබ්දයෙන් බෙර පණාබෙර සක් ගැටබෙර නිනාද හඬින් සීරුන්ගේ හඬ අතුරුදන් වන්නේ ද, ඇවැත්නි, මේ වන ලැහැබ්හි වැලිදු සීරුන්ගේ හඬ පාළ නො වන්නේ ය’යි යමෙක් මෙසේ කියා නම්, ඇවැත්නි, කියන හේ මනා කොට කියන්නේ දැයි? ඇවැත්නි, මෙ නො වේ මැ යි. ඇවැත්නි, යම් හෙයෙකින් රජ වේවයි, රජමහඇමති වේවයි, එ වනලැහැබින් නික්ම යේ නම්, එකල්හි නැවතත් සීරුන්ගේ ශබ්දය පාළ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි. ඇවැත්නි, එපරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චිත්තසමාධියට එළඹ වාස කෙරෙයි. හේ මම් ‘අනිමිත්තචේතෝසමාධිලාභියෙමි’යි භික්‍ෂූන් හා භික්‍ෂූණීන් හා උපාසකයන් හා උපාසිකාවන් හා රජුන් හා රජමහඇමතින් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා සමග හැනී වෙසෙයි. සසට ව වුහුටු කමටහන් ඇති ව පියෙවි ඉඳුරන් ඇති ව භාෂ්‍යකථාහි නියුතු ව වසන ඔහුගේ සිත රාගය තෙමේ ඝටයි. රාගයෙන් ඝැටුනු සිතින් යුත් හෙ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අපරෙන සමයෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්ති{1}. අථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛු යෙනායස්මා කොට්ඨිතො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකොට්ඨිතං එතදවොචුං: කින්නු ඛො ආයස්මතා මහාකොට්ඨිතෙන චිත්තො හත්ථිසාරිපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො ඉමාසං ච ඉමාසං ච විහාරසමාපත්තීනං චිත්තො හත්ථිසාරිපුත්තො ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතීති. උදාහු දෙවතා එතමත්ථං ආරොචෙසුං චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛා පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් හත්‍ථිසාරිපුත්ත නම් චිත්ත තෙරණුවෝ පසු කල්හි ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට (ගිහි බවට) පෙරළා වැටුනාහ. එකල්හි හත්‍ථිසාරිපුත්ත චිත්ත තෙරණුවන්ගේ යහළු මහණහු ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන්ට තෙල සැළකළහ: “කිමෙක් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් විසින් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙර ‘මේ මේ විහාරසමාපත්ති ලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි තමන් සිතින් ඔහු සිත පිරිසිඳ දැනගන්නා ලදුයේ වේ දැ?යි, නො එසේ වුව වහන්ස, චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි දේවතාවෝ එ පවත් සැළකළාහු දැ”යි.
Pali BJTචෙතසා චෙතො පරිච්ච විදිතො මෙ ආවුසො චිත්තො හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසුං “චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛංපච්චක්ඛාය හීනායාවත්තිස්සතී”ති.
Sinhala BJTඇවැත්නි, “චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මෙ මෙ විහාරසමාපත්තිලාභියෙක, වැලිදු ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය’යි මාගේ සිතින් ඔහු සිත පිරිසිඳ මා විසින් දන්නා ලදුයේ යැ. ඇවැත්නි, චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමපත්තිලාභියෙක, එතෙකුදු වුව ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටෙන්නේ ය යන තෙල පුවත දෙවියෝ ද මට සැළ කළහ”යි.
Pali BJTඅථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එතමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචුං: චිත්තො භන්තෙ හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තො’ති.
Sinhala BJTඑකල්හි චිත්තහත්‍ථිසාරිපුත්‍රයන්ගේ යහළු මහණහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එහි එළඹියාහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ. “වහන්ස, චිත්තහත්‍ථිසාරිපුත්ත තෙමේ මේ මේ විහාරසමාපත්තිලාභියෙක, එසේ වුව ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළා වැටිනැ”යි.
Pali BJTන භික්ඛවෙ චිත්තො චිරං සරිස්සති නෙක්ඛම්මස්සා’ති.
Sinhala BJTමහණෙනි, චිත්ත තෙමේ නොබෝ කල්හි නෛෂ්ක්‍රම්‍ය ගුණ සිහිපත් කරන්නේ ය යි.
Pali BJTඅථ ඛො චිත්තො හත්ථිසාරිපුත්තො න විහරස්සෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනාගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අරහතං අහොසී’ති.
Sinhala BJTඉක්බිති චිත්තහත්‍ථිසාරිපුත්ත තෙමේ නො බෝ කලෙකින් ම කෙස් රවුළු බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වන. ඉක්බිති ආයුෂ්මත් චිත්තහත්‍ථිසාරිපුත්ත තෙර එකලා වූයේ ගණසඞ්ගණිකා යෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ ප්‍රහිතාත්ම ව වාස කරන්නේ නොබෝ කලෙකින් ම ආචාරකුලපුත්‍රයෝ මනාකොට ගෙන් නික්ම යම් අර්‍ත්‍ථයක් පිණිස ශාසනයට පැමිණේ නම්, එ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවනලද, මඟකටයුතු කරණලද, මෙ ක්ලේශක්‍ෂය පිණිස කටයුතු අනෙකක් නැතැයි මනා කොට දැනැගත්තේ ය. ආයුෂ්මත් චිත්ත හත්‍ථිසාරිපුත්ත තෙරණුවෝ රහතුන් අතුරෙහි අන්‍යතර වූහ යි.
Pali BJT6. 2. 1. 7.
Sinhala BJT6. 2. 1. 7.
Pali BJT[මජ්ඣෙසුත්තං]
Sinhala BJT[මජ්ඣෙ සූත්‍රය]
Pali BJT7. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “වුත්තමිදං ආවුසො භගවතා පාරායනෙ මෙත්තෙය්යපඤ්හෙ:
Sinhala BJT7. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස් ඉසිපතන නම් මිගදායයෙහි වැඩ වසන සේක. එ සමයෙහි පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණි මණ්ඩලමාලයෙහි රැස්ව හුන් බොහෝ තෙරමහණුන් අතර මෙ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සමාගමයෙහි තිස්ස මෙත්තෙය්‍ය මාණවකයාගේ ප්‍රශ්නයෙහි දී:
Pali BJT“සො{1} උභන්තෙ විදිත්වාන{2} මජ්ඣෙ මන්තා න ලිප්පති{3} තං බ්රූමි මහාපුරිසොති සො‘ධ සිබ්බනිමච්චගා”
Sinhala BJTඑ (රහත් භික්‍ෂුතෙම) “උභයාන්තය ප්‍රඥායෙන් දැන මධ්‍යයෙහි නො තැවරේ නම් ඔහු මහාපුරුෂය යි කියමි. හේ මේ පස්කඳෙහි සිබ්බනිසඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඉක්ම ගියේ ය”යි. (මෙය වදාරණ ලදි)
Pali BJTකතමො නු ඛො ආවුසො එකො අන්තො කතමො දුතියො අන්තො, කිං මජ්ඣෙ, කා සිබ්බනීති.
Sinhala BJTඇවැත්නි, එක් අන්තය කවරේ යැ, දෙවන අන්තය කවරේ යැ, මධ්‍යය කවරේ යැ, සිබ්බනි කවර යැයි.
Pali BJT(1) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “ඵස්සො ඛො ආවුසො එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො, ඵස්සනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති, පරිඤ්ඤෙය්යං පරිජානාති. අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී’ති.
Sinhala BJT(1) මෙ සේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට තෙල කීය: “ඇවැත්නි, (ස්පර්‍ශවශයෙන් උපන් හෙයින් වර්‍තමාන ආත්මභාව සඞ්ඛ්‍යාත) ස්පර්‍ශය එක් අන්තයෙක. (අනාගතාත්මභාව සඞ්ඛ්‍යාත) ඵස්සසමුදය දෙවන අන්ත ය, (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ස්පර්‍ශ නිරෝධය මධ්‍යය වෙයි. තෘෂ්ණාව සිබ්බනි යැ. තෘෂ්ණාව ම එ (ආත්මභාවද්වය සඞ්ඛ්‍යාත) ඵස්සය හා ඵස්සසමුදය ඒ ඒ භවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා හිවන්නේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ (චතුස්සත්‍යධර්‍ම සඞ්ඛ්‍යාත) අභිඥේයය මනා කොට දන්නේ ය. (ලෞකික සත්‍යද්වය සඞ්ඛ්‍යාත) පරිඥේය පිරිසිඳ දන්නේ ය. අභිඥේයය අභිජානන කරණුයේ පරිඥේයය පරිජානන කරණුයේ ඉහාත්ම භාවයෙහි ම වෘත්ත දුඃඛය කෙළවර කරන්නේ ය යි.
Pali BJT(2) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “අතීතං ඛො ආවුසො එකො අන්තො, අනාගතං දුතියො අන්තො, පච්චුප්පන්නං මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති පරිඤ්ඤෙය්යං පරිජානාති, අභිඤ්ඤෙය්යං අභිජානන්තො පරිඤ්ඤෙය්යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී”ති.
Sinhala BJT(2) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්හට මෙය කී ය: “ඇවැත්නි, අතීතාත්මභාවය එක අන්තයෙක, අනාගතාත්මභාවය දෙවන අන්තය යි, ප්‍රත්‍යුත්පන්නාත්මභාවය මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනිය යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ ඉපැත්ම සඳහා එය (අතීතානාගතපච්චුප්පන්න ඛන්‍ධ) හිවනේ ය. ඇවැත්නි, මෙතෙකින් මහණ අභිඥේයය අභිජානනය කෙරෙයි. පරිඥේයය පරිජානනය කෙරෙයි. අභිඥේයය මනාකොට දන්නේ පරිඥේයය පිරිසිඳ දන්නේ ඉහාත්මභාවයෙහි ම දුක් කෙළවර කරන්නේ ය”යි.
Pali BJT(3) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච: “සුඛා ඛො ආවුසො වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො, අදුක්ඛමසුඛා වෙදනා මජ්ඣෙ, තණ්හා සිබ්බනී. තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා කො ආවුසො භික්ඛු අභිඤ්ඤෙය්යං අභිජානාති -පෙ- දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්ස අන්තකරො හොතී”ති.
Sinhala BJT(3) මෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් තෙර මහණුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, සුඛ වේදනා එක් අන්ත යැ, දුක්ඛවේදනාව දෙවන අන්ත යැ, අදුක්ඛමසුඛ වේදනාව මධ්‍යය යි. තෘෂ්ණාව සිබ්බනි යි. තෘෂ්ණාව ම ඒ ඒ භවයාගේ අභිනිර්‍වෘත්තිය සඳහා එය හිවන්නේ ය. ඇවැත්නි මෙතෙකින් මහණ අභිඥේයය අභිඥාත වෙයි, ... ඉහාත්මයෙහි ම දුක් කෙළවර කරන්නේ වේ ය”යි.