Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9101-9200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT(5) සෙය්යථාපි බ්රාහ්මණ, යෙ කෙචි කුඩ්ඩරාජානො{6} සබ්බෙ තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයුත්තා{7} භවන්ති, රාජා තෙසං චක්කවත්ති අග්ගමක්ඛායති. එවමෙව ඛො බ්රාහ්මණ [අප්පමාදො] -පෙ-
Sinhala BJT(5) බ්‍රාහ්මණය, යම් පරිදි යම්කිසි කුඩා රජහු වෙත් නම්, එ හැම දෙන සක්විති රජු අනුව යන්නාහු වෙත් ද, සක්විති රජ උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම (අප්‍රමාදය) ...
Pali BJT(6) සෙය්යථාපි බ්රාහ්මණ, යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දප්පභාය කලං නාග්ඝන්ති සොළසිං, චන්දප්පභා තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො බ්රාහ්මණ, අප්පමාදො එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො චත්ථො සම්පරායිකො.
Sinhala BJT(6) බ්‍රාහ්මණය, යම් පරිදි තාරක රූපයන්ගේ යම් කිසි ප්‍රභායෙක් වේ නම්, එ හැම චන්‍ද්‍රප්‍රභාවගේ සොළොස්වන අංශුවකුත් නො අගනේ ය. සඳපහන් උනට අග්‍ර යයි කියනු ලැබේ ද, බ්‍රාහ්මණය, එපරිදි ම අප්‍රමාදය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අරුත් හා යම් සම්පරායෙහි අරුතෙක් වේ නම් එ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ, එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො චත්ථො සම්පරායිකොති.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් එක ම ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා යම් සම්පරායෙහි අර්‍ත්‍ථ වේ නම් ඒ උභයාර්‍ත්‍ථයන් ම මැනැවින් ගෙණ සිටුනේ වේ යයි.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ඉතා කාන්තය ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්ව යි.
Pali BJT6. 1. 5. 12.
Sinhala BJT6. 1. 5. 12.
Pali BJT[ධම්මික සුත්තං]
Sinhala BJT[ධම්මික සූත්‍රය]
Pali BJT54. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ධම්මිකො ජාතිභූමියං ආවාසිකො හොති සබ්බසො ජාතිභූමියං සත්තසු ආවාසෙසු.
Sinhala BJT54. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසල ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි වූ ජාතිභූමිගත හැම සප්ත ආවාසයෙහි ම ආවාසික වෙති.
Pali BJTතත්ර සුදං ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති{1} රිඤ්චන්ති ආවාසං.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්හට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, වෙහෙසති, මුවසැතින් විදිති, බසින් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු, නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං{2} උපාසකානං එතදහොසි: මයං ඛො භික්ඛු සඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. කොනු ඛො හෙතු, කො පච්චයො යෙන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසන්ති?
Sinhala BJTඉක්බිති ජාතිභූමියෙහි වැසි උවසුවනට තෙල සිත් වී: “අපි බික්සඟුන් සිවුරු පිඬුවාසෙනසුන් ගිලන්පසබෙහෙත්පිරිකරින් පස්වටම්හ. එසේ වුව ද ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටිති, ආවාසය පියායෙත්. යම් හේතුයෙකින් ආගන්කුක භික්‍ෂුහු නික්ම යෙත් නම්, නො සිටුනාහු නම්, ආවාසය පියායෙත් නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ?”යි.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: “අයං ඛො ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්යාමා”ති.
Sinhala BJTඉක්බිති ජාතිභූමක උපාසකයනට තෙල සිත් වී “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙත්. පරිභව බෙණෙත්. වෙහෙසත්. මුවසැතින් විදිත්. වචනයෙන් ගටා බෙණෙත්. ඒ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු වචනයෙන් ඝටනු ලබන්නාහු නික්ම යන්නාහ. නො සිටුනාහ. ආවාසය පියායන්නාහ. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරන්නමෝ (බැහැර කරන්නමෝ) නම් මැනැවැයි.
Pali BJTඅථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස්මා ධම්මිකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ධම්මිකං එතදවොචුං: “පක්කමතු භන්තෙ ආයස්මා ධම්මිකො ඉමම්හා ආවාසා, අලං තෙ ඉධ වාසෙනා”ති.
Sinhala BJTඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් වෙත එළඹියාහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මෙ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමෙන් කම් නැතැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ධම්මිකො තම්හා ආවාසා අඤ්ඤං අවාසං අගමාසි. තත්රපි සුදං ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති. වෙහෙසති. මුවසැතින් විදුති. වචනයෙන් ගටා බෙණෙති. එ භික්‍ෂුහු ද ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු මුවසැතින් විදිනු ලබන්නාහු, වචනයෙන් ගටා බණනු ලබන්නාහු නික්ම යෙති. නො සිටිති. ආවාසය පියායෙති.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි. “මයං ඛො භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අථ ච පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං, කො නු ඛො හෙතු, කො පච්චයො යෙන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසන්ති.”
Sinhala BJTඑකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: අපි චීවරපිණ්ඩපාතශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් උවටැන් කරම්හ. එසේ වුව ද, ආගන්තුක භික්‍ෂුහු නික්ම යෙති. නො සිටුනාහ. ආවාසය සිස් කරන්නාහ. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම්, නො සිටිත් නම්, ආවාසය පියත් නම්, එයට හේතු කවරැ, ප්‍රත්‍යය කවරැයි.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: අයං ඛො ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති, පරිභාසති, විහිංසති, විතුදති, රොසෙති වාචාය. තෙ ව ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා, පරිභාසියමානා, විහෙසියමානා, විතුදියමානා, රොසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්යාමාති.
Sinhala BJTඑකල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: මේ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුන්ට ආක්‍රෝශ කෙරෙති. පරිභව කෙරෙති. හිංසා කෙරෙති. විතුදනය කෙරෙති. වචනයෙන් ඝටති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු, වෙහෙසනු ලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු, වචනයෙන් කෝප දනවනු ලබන්නාහු, නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් නෙරමෝ නම් මැනැවැයි.
Pali BJTඅථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස්මා ධම්මිකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ධම්මිකං එතදවොචුං: “පක්කමතු භන්තෙ ආයස්මා ධම්මිකො ඉමම්හාපි ආවාසා, අලන්තෙ ඉධ වාසෙනාති.”
Sinhala BJTඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්හට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු මේ ආවාසයෙන් නික්ම යෙත්වා. මුබගේ මෙහි විසුමින් කම් නැතැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ධම්මිකො තම්හාපි ආවාසා අඤ්ඤං ආවාසං අගමාසි. තත්රපි සුදං ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති -පෙ- රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක්කමන්ති, න සණ්ඨහන්ති, රිඤ්චන්ති ආවාසං.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහු එ ආවාසයෙනුදු අන්‍ය ආවාසයක් කරා ගියහ. එහි දු ආයුෂ්මත් ධම්මික තෙරහු මහණුන්ට ආක්‍රෝශ කෙරෙති, පරිභව කෙරෙති, හිංසා කෙරෙති, විතුදනය කෙරෙති, වචනයෙන් කෝප දනවති. එ ආගන්තුක භික්‍ෂුහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනුලබන්නාහු, විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටනු ලබන්නාහු, බැහැර යෙති, නො සිටිති, ආවාසය පියත්.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: මයං ඛො භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. අථ ඛො පන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසං. කො නු ඛො හෙතු, කො පච්චයො යෙන ආගන්තුකා භික්ඛූ පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසන්ති?
Sinhala BJTඑ කල්හි ජාතිභූමක උවසුවනට තෙල සිත් වීය: “අපි චීවර පිණ්ඩපාත ශයනාසනග්ලානප්‍රත්‍ය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් බික්සඟුන් පස්වටම්හ. එසේ වුව ද, ආගන්තුක මහණහු නික්මයෙති, නො සිටිති, ආවාසය පියායෙති. යම් හෙයෙකින් ආගන්තුක භික්‍ෂූහු නික්ම යෙත් නම් නො සිටිත් නම් ආවාසය පියත් නම් එයට හේතු කවරැ ප්‍රත්‍යය කවරැ”යි.
Pali BJTඅථ ඛො ජාතිභූමකානං උපාසකානං එතදහොසි: “අයං ඛො ආයස්මා ධම්මිකො ආගන්තුකෙ භික්ඛූ අක්කොසති -පෙ- රොසෙති වාචාය. තෙ ච ආගන්තුකා භික්ඛූ ආයස්මතා ධම්මිකෙන අක්කොසියමානා පරිභාසියමානා විහෙසියමානා විතුදියමානා රොසියමානා වාචාය, පක්කමන්ති න සණ්ඨහන්ති රිඤ්චන්ති ආවාසං. යන්නූන මයං ආයස්මන්තං ධම්මිකං පබ්බාජෙය්යාම සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහී”ති.
Sinhala BJTඉක්බිති ජාතිභූමක උවසුවනට තෙල සිත් වී: “මෙ ආයුෂ්මත් ධම්මික තෙරහු ආගන්තුක මහණුනට ආක්‍රෝශ කෙරෙති ... වචනයෙන් ගටා බෙණෙති. එ ආගන්තුක භික්‍ෂූහු ද ආයුෂ්මත් ධම්මික තෙරුන් විසින් ආක්‍රෝශ කරණු ලබන්නාහු, පරිභව කරණු ලබන්නාහු වෙහෙසනු ලබන්නාහු විතුදනය කරණු ලබන්නාහු වචනයෙන් ගටා බණිනු ලබන්නාහු, නික්මයෙත්, නො සිටිති, ආවාසය පියා යෙති. අපි ආයුෂ්මත් ධම්මික තෙරුන් ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නෙරණමෝ නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො ජාතිභූමකා උපාසකා යෙනායස්මා ධම්මිකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං ධම්මිකං එතදවොචුං: ‘පක්කමතු භන්තෙ ආයස්මා ධම්මිකො සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහී”ති.
Sinhala BJTඉක්බිති ජාතිභූමක උපාසකයෝ ආයුෂ්මත් ධම්මික තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ධම්මික තෙරුන්ට තෙල කීහ: “වහන්ස, ආයුෂ්මත් ධම්මික තෙරහු ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් නික්ම යෙත්ව”යි.
Pali BJTඅථ ඛො ආයස්මතො ධම්මිකස්ස එතදහොසි: “පබ්බාජිතො ඛොම්හි. ජාතිභූමකෙහි උපාසකෙහි සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහි, කහන්නුඛොදානි ගච්ඡාමීතී.” අථ ඛො ආයස්මතො ධම්මිකස්ස එතදහොසි: යන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම ජාතිභූමියෙහි හැම සප්තාවාසයෙන් ජාතිභූමක උවසුවන් විසින් නෙරණලදයෙම් වෙමි. දැන් කොහි නම් යෙම් දැ”යි. ඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරහට තෙල සිත් වී: “මම භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, යෙහෙකැ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ධම්මිකො පත්තචීවරමාදාය යෙන රාජගහං තෙන පක්කාමි. අනුපුබ්බෙන යෙන රාජගහං යෙන ගිජ්ඣකූටො පබ්බතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ධම්මිකං භගවා එතදවොච: “හන්ද කුතො නු ත්වං බ්රාහ්මණ ධම්මික, ආගච්ඡසීති. පබ්බාජිතො අහං භන්තෙ ජාතිභූමකෙහි උපාසකෙහි සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහීති.” අලං බ්රාහ්මණ ධම්මික, කිං තෙ ඉමිනා, යං ත්වං තතො තතො පබ්බාජෙන්ති, සො ත්වං තතො තතො පබ්බාජිතො මමෙව සන්තිකං{1} ආගච්ඡසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ධම්මික තෙරණුවෝ පාසිවුරු ගෙණ රජගහ නුවර බලා නික්මගියහ. පිළිවෙළින් රජගහ නුවර ගිජුකුළු පව්යෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ධම්මික තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තෙපි දැන් කොහි සිට එවු දැ”යි. වහන්ස, ජාතිභූමක උවසුවන් විසින් මම ජාතිභූමියෙහි සත් වෙහෙරින් නෙරණාලදුයෙමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම් තට මෙ (ජාතිභූමියෙහි) වාසයෙන් කවර ඵලයෙක? එ බඳු තෙපි එ එ වෙහෙරින් නෙරණා ලදුව මා වෙත එන්නහු යන තෙල කරුණ නිසි ය.
Pali BJTභූතපුබ්බං, බ්රාහ්මණ ධම්මික, සාමුද්දිකා වාණිජා තීරදස්සිං සකුණං ගහෙත්වා නාවාය සමුද්දං අජ්ඣොගාහන්ති. තෙ අතීරදක්ඛිණියා නාවාය තීරදස්සිං සකුණං මුඤ්චන්ති. සො ගච්ඡතෙව පුරත්ථිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං ගච්ඡති අනුදිසං. සචෙ සො සමන්තා තීරං පස්සති, තථා ගතකොව හොති. සචෙ පන සො සමන්තා තීරං න පස්සති, තමෙව නාවං පච්චාගච්ඡති. එවමෙව ඛො බ්රාහ්මණ ධම්මික, යං ත්වං තතො තතො පබ්බාජෙන්ති, සො ත්වං තතො තතො පබ්බාජිතො මමෙව සන්තිකං{1} ආගච්ඡසි.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, පෙර වූ දැයක් කියමි. සාමුද්‍රික වෙණෙදෝ දිශාකාකයකු (තෙරදක්නා කවුඩකු) ගෙණ නැවෙන් සමුදුර වන්හ. ඔහු නැව මුහුදුතෙර නො දකුත් ම තීරදර්ශීලිහිණි මුදත්. එ ලිහිණි පෙරදිගට යේ මැ යි. පැදුම් දිගට යේ මැ යි. උතුරුදිගට යේ මැ යි. දකුණුදිගට යේ මැ යි. උඩු දෙසට යේ මැ යි. අනුදිගට යේ මැ යි. හෙ ඉදින් නුදුරැ මුහුදුතෙර දක්නේ නම් එ සෙයින් ම ගියේ ම වෙයි. ඉදින් හෙ අවට මුහුදු තොට නො දක්නේ නම් එ නැව කරා වටාලා එයි. බ්‍රාහ්මණ ධම්මිකය, එ පරිදි ම යම් හෙයෙකින් තා එ එ වෙහෙරින් නෙරත් නම්, එබඳු තෝ එ එ වෙහෙරින් නෙරණ ලදුව මා කරා ම එන්නෙහි.
Pali BJTභූතපුබ්බං, බ්රාහ්මණ ධම්මික, රඤ්ඤො කොරබ්යස්ස සුප්පතිට්ඨො නාම නිග්රොධරාජා අහොසි පඤ්චසාඛො සීතච්ඡායො මනොරමො. සුප්පතිට්ඨො ඛො පන බ්රාහ්මණ ධම්මික, නිග්රොධරාජස්ස ද්වාදසයොජනානි අභිනිවෙසො අහොසි, පඤ්චයොජනානි මුලකසන්තානකානං. සුප්පතිට්ඨස්ස ඛො පන බ්රාහ්මණ ධම්මික, නිගොධරාජස්ස තාව මහන්තානි ඵලානි අහෙසුං සෙය්යථාපි නාම ආළ්හකථාලිකා, එවමස්ස සාදූනි ඵලානි අහෙසුං සෙය්යථාපි නාම ඛුද්දමධුං අනෙලකං.{2} සුප්පතිට්ඨස්ස ඛො පන බ්රාහ්මණ ධම්මික, නිග්රොධරාජස්ස එකං ඛන්ධං රාජා පරිභුඤ්ජති සද්ධිං ඉත්ථාගාරෙන. එකං ඛන්ධං බලකායො පරිභුඤ්ජති. එකං ඛන්ධං නෙගමජානපදා පරිභුඤ්ජන්ති. එකං ඛන්ධං සමණබ්රාහ්මණා පරිභුඤ්ජන්ති. එකං ඛන්ධං මිගපක්ඛිනො{3} පරිභුඤ්ජන්ති. සුප්පතිට්ඨස්ස ඛො පන බ්රාහ්මණ ධම්මික නිග්රොධරාජස්ස න කොචි ඵලානි රක්ඛති. න ච සුදං අඤ්ඤමඤ්ඤස්ස ඵලානි හිංසන්ති.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරි දැයෙකි. කෝරව්‍ය රජුට සුප්පතිට්ඨ නම් අතුපසක් ඇති සිහිල් සෙවණැති මනරම් නුගරුකෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් නිග්‍රෝධරාජයාගේ ශාඛාභිනිවේශය (අතුපතර) දොළොස් යොදුන් විය. මුල් අරළුන්ගේ අභිනිවේශය පස් යොදුන් විය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ සහල් නැළියක බත පිසනා තලි බඳු මහත්ඵල වී. නිදොස් දඬුඑල්බෑ මිහි බඳු රසවත් ඵල එ රුක්හි වි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ එක් කඳක් ඇතොවුරන් සමඟ රජ වළඳ කෙරෙයි. බලකායය එක් කඳක් වළඳ කෙරෙයි. නියම්ගම්දනව් වැස්සෝ එක් කඳක් වළඳ කෙරෙති. මහණ බමුණෝ එක් කඳක් වළඳ කෙරෙති. මෘගපක්‍ෂීහු එක් කඳක් වළඳ කෙරෙති. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුප්පතිට්ඨ නම් න්‍යග්‍රෝධරාජයාගේ ඵල කිසිවෙක් නො රක්නේ ය. උනුන්ගේ කොටසෙහි ඵලයෝ උනුන්ට හිංසා නො කෙරෙති.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, අඤ්ඤතරො පුරිසො සුප්පතිට්ඨස්ස නිග්රොධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කාමි. අථ ඛො බ්රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථාය දෙවතාය එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, යාව පාපො මනුස්සො යත්ර හි නාම සුප්පතිට්ඨස්ස නිග්රොධරාජස්ස යාවදත්ථං ඵලානි භක්ඛිත්වා සාඛං භඤ්ජිත්වා පක්කමිස්සති, යන්නූන සුප්පතිට්ඨො නිග්රොධරාජා ආයතිං ඵලං න දදෙය්යා”ති. අථ ඛො බ්රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨො නිග්රොධරාජා ආයතිං ඵලං නාදාසි.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති අන්‍යතර පුරුෂයෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති තාක් භක්‍ෂණය කොට අත්තක් බිඳ දමා නික්ම ගියේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ නුගරුක අරක් ගෙණ විසූ දෙවිහට මෙ බඳු සිතෙක් වී: “යමෙක් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයාගේ ඵල කැමැති සේ භක්‍ෂණය කොට අතු බිඳ දමා නික්ම ගියේ වේ ද, මෙ මිනිස් අත්‍යර්‍ත්‍ථයෙන් පවිටු ය. භවත්නි, එ කැතියෙන් ආශ්චර්‍ය්‍ය යි, භවත්නි, එකැතියෙන් අද්භුතයි. සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි ඵල නො දේ නම් මැනැවි”යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා මතුයෙහි පල නො දින.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, රාජා කොරබ්යො යෙන සක්කො ද්වොනමින්දො තෙනුපසඞ්කමි. උපසකමිත්වා සක්කං දෙවානමින්දං එතදවොච: “යග්ඝෙ මාරිස, ජානෙය්යාසි, සුප්පතිට්ඨො නිග්රොධරාජා ඵලං න දෙතී”ති.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති කෝරව්‍ය රජ සක්දෙවිඳු කරා එළඹියෙ. එළඹ සක්දෙවිඳු හට තෙල කී: නිදුකානෙනි, සුප්පතිට්ඨ නිග්‍රෝධවෘක්‍ෂය ඵල නො දෙන්නේ ය යන්න දන්නෙහි දැ?යි.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, සක්කො දෙවානමින්දො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථාභුසා වාතවුට්ඨි ආගන්ත්වා සුප්පතිට්ඨං නිග්රොධරාජං පවත්තෙසි{1} උම්මූලමකාසි.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු යම් පරිද්දෙකින් මහ වැසිසුළඟෙක් අවුත් සුප්පතිට්ඨ න්‍යග්‍රෝධරාජයා පෙරළිය හේ නම්, මුලිනුදුරා ලිය හේ නම්, එබඳු ඍද්ධිප්‍රයෝගයක් කෙළේ ය.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථා දෙවතා දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා එකමන්තං අට්ඨාසි.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා දුකට පත් වූයේ, දොම්නස් වූයේ, කඳුළු වැකි මුහුණු ඇතියේ, හඬමින් එකත් පසෙක සිටියේ ය.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, සක්කො දෙවානමින්දො යෙන සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථා දෙවතා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සුප්පතිට්ඨෙ නිග්රොධරාජෙ අධිවත්ථං දෙවතං එතදවොච: “කින්නු ත්වං දෙවතෙ දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා එකමන්තං ඨිතා”ති.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ඉක්බිති සක්දෙවිඳු සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි විසූ දෙවියා වෙත එළඹියේ ය. එළඹ සුප්පතිට්ඨ න්‍යග්‍රොධවෘක්‍ෂයෙහි වුසූ දෙවියහට තෙල කී: “දේවතායෙනි, කවර හෙයින් තෙපි දුකට පැමිණියහු දොම්නස් ඇතියහු කඳුළු වැකි මුහුණු ඇතියහු හඬමින් එකත් පසෙක සිටියහු දැ”යි.
Pali BJTතථා හි පන මෙ මාරිස, භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තෙසි{1} උම්මූලමකාසීති.
Sinhala BJT“එසේ ම ය, නිදුකානෙනි, මහ වාසුළඟෙක් අවුත් මාගේ භවන ඇද හෙළී ය. උපුළ මුල් ඇති කෙළේ ය”යි.
Pali BJTඅපි නු ත්වං දෙවතෙ, රුක්ඛධම්මෙ ඨිතාය භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තෙසි{1} උම්මූලමකාසීති. කථං පන මාරිස රුක්ඛො රුක්ඛධම්මෙ ඨිතො හොතීති.
Sinhala BJTදේවතායෙනි, තොප වෘක්‍ෂධර්‍මයෙහි සිටුත් ම, මහවාසුළඟෙක් අවුත් භවන හෙළී ද, උන්මූල කෙළේ දැ?යි. නිදුකානෙනි, රුකෙක් රුක්දම්හි කෙසේ නම් සිටියේ වේ දැ?යි.
Pali BJTඉධ දෙවතෙ, රුක්ඛස්ස මූලං මූලත්ථිකා හරන්ති, තචං තචත්ථිකා හරන්ති, පත්තං පත්තත්ථිකා හරන්ති, පුප්ඵං පුප්ඵත්ථිකා හරන්ති, ඵලං ඵලත්ථිකා හරන්ති. න ච තෙන දෙවතාය අනත්තමනතා වා අනභිරද්ධි වා{2} කරණීයා. එවං ඛො දෙවතෙ රුක්ඛො රුක්ඛධම්මෙ ඨිතො හොතීති.
Sinhala BJTදේවතායෙනි, මෙ ලොව්හි වෘක්‍ෂයාගේ මුල් කැමතියහු මුල් ගෙණ යත්. සිවි කැමැතියහු සිවි ගෙණ යත්. පත් කැමැතියහු පත් ගෙණ යත්. මල් කැමැතියහු මල් ගෙණ යත්. ඵල කැමැතියහු ඵල ගෙණ යත්. එහෙයින් දේවතාවා විසින් නොසතුටු බවෙක් වේ ව යි, අනභිරද්ධියෙක් (කෝපයක්) වේ ව යි නො කළ යුතු ය. දේවතායෙනි, මෙසේ වනාහි රුක රුක් දහම්හි සිටියේ වෙයි.
Pali BJTඅට්ඨිතායෙව ඛො මෙ මාරිස රුක්ඛධම්මෙ භුසා වාතවුට්ඨි ආගන්ත්වා භවනං පවත්තෙසි{1} උම්මූලමකාසීති. සචෙ ඛො ත්වං දෙවතෙ රුක්ඛධම්මෙ තිට්ඨෙය්යාසි, සියා තෙ භවනං යථාපුරෙති. ඨස්සාමහං මාරිස රුක්ඛධම්මෙ, හොතු මෙ භවනං යථාපුරෙති.
Sinhala BJTනිදුකානෙනි, මා වෘක්‍ෂධර්‍මයෙහි නො සිටුත් ම, මහ වැසිසුළඟෙක් අවුත් භවනය හෙළී ය. උන්මූල කෙළේ ය යි. දේවතායෙනි, ඉදින් තෝ වෘක්‍ෂධර්‍මයෙහි සිටුහු නම්, තාගේ භවනය පෙර පරිද්දෙන් සිටිනේ වේ යි. නිදුකානෙනි, මම වෘක්‍ෂධර්‍මයෙහි පිහිටන්නෙමි. මාගේ භවනය පෙර පරිද්දෙන් වේව’යි.
Pali BJTඅථ ඛො බ්රාහ්මණ ධම්මික, සක්කො දෙවානමින්දො තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි, යථා භුසා වාතවුට්ඨි ආගන්ත්වා සුප්පතිට්ඨං නිග්රොධරාජං උස්සාපෙසි. සච්ඡවීනි මූලානි අහෙසුං.
Sinhala BJTඑකල්හි බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සක්දෙවිඳු යම් පරිදි මහ වැසි සුළඟෙක් අවුත් සුප්පතිට්ඨනිග්‍රෝධ වෘක්‍ෂය ඔසොවා ලී නම්, මුල් සිවි සහිත වී නම්, එ පරිදි ඍද්ධ්‍යභිසංස්කාරයක් කෙළේ ය.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ ධම්මික, අපි නු තං සමණධම්මෙ ඨිතං ජාතභූමකා උපාසකා පබ්බාජෙසුං සබ්බසො ජාතභූමියං සත්තහි ආවාසෙහීති. කථං පන භන්තෙ සමණො සමණධම්මෙ ඨිතො හොතීති. ඉධ බ්රාහ්මණ ධම්මික, සමණො අක්කොසන්තං න පච්චක්කොසති. රොසෙන්තං{3} න පටිරොසෙති. භණ්ඩන්තං න පටිභණ්ඩති. එවං ඛො බ්රාහ්මණ ධම්මික, සමණො සමණධම්මෙ ඨිතො හොතීති.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජාතිභූමක උපාසකයෝ එ පරිද්දෙන් ම ශ්‍රමණධර්‍මයෙහි සිටියා වූ ම තා ජාතිභූමියෙහි හැම සත් වෙහෙරින් නෙරලූහු දැයි. වහන්ස, කිසෙයින් මහණෙක් මහණදම්හි සිටියේ වේ දැ?යි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙ සස්නෙහි මහණ ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ නො කෙරෙයි. ක්‍රෝධ දනවන්නහුට පෙරළා ක්‍රෝධ නො දනවයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, මෙසෙයින් ම මහණ මහණදම්හි සිටියේ වේ යයි.
Pali BJTඅට්ඨිතඤඤෙව ඛො මං භන්තෙ සමණධම්මෙ ජාතිභූමකා උපාසකා පබ්බාජෙසුං සබ්බසො ජාතිභූමියං සත්තහි ආවාසෙහීති.
Sinhala BJTවහන්ස, ශ්‍රමණධර්‍මයෙහි නො පිහිටියා වූ ම මා ජාතිභූමක උපාසකයෝ ජාතිභූමියෙහි ඇති හැම සත්වෙහෙරින් නෙරූහ යි.
Pali BJT(1) භූතපුබ්බං බ්රාහ්මණ ධම්මික, සුනෙත්තො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. සුනෙත්තස්ස ඛො පන බ්රාහ්මණ ධම්මික, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. සුනෙත්තො සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙති. යෙ ඛො පන බ්රාහ්මණ ධම්මික, සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි න පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන බ්රාහ්මණ ධම්මික, සුනෙත්තස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
Sinhala BJT(1) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, භූතපූර්‍වයක් කියමි. කාමයෙහි විෂ්කම්භණ වශයෙන් වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ සූනේත්‍ර නම් ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, සුනෙත්‍ර ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. සුනෙත්‍ර ශාස්තෘ තෙමේ සවුවනට බ්‍රහ්මලෝකසහවාසයට දහම් දෙසයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් නොපැහැදූහු නම්, උහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹියහ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහභාවය පිණිස දම් දෙසන සුනෙත්‍ර ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.
Pali BJT(2) භූතපුබ්බං බ්රාහ්මණ ධම්මික, මූගපක්ඛො නාම සත්ථා අහොසි -පෙ- (3) අරණෙමි නාම සත්ථා අහොසි -පෙ- (4) කුද්දාලකො නාම සත්ථා අහොසි -පෙ- (5) හත්ථිපාලො නාම සත්ථා අහොසි -පෙ- (6) ජොතිපාලො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. ජොතිපාලස්ස ඛො පන බ්රාහ්මණ ධම්මික, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. ජොතිපාලො සත්ථා සාවකානං බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙති. යෙ ඛො පන බ්රාහ්මණ ධම්මික, ජොතිපාලස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි න පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිංසු. යෙ ඛො පන බ්රාහ්මණ ධම්මික, ජොතිපාලස්ස සත්ථුනො බ්රහ්මලොකසහව්යතාය ධම්මං දෙසෙන්තස්ස චිත්තානි පසාදෙසුං, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිංසු.
Sinhala BJT(2) බ්‍රාහ්මණ ධම්මිකයෙනි, වූ විරීදැයෙකි. මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් වී ... (3) අරණෙමි නම් ශාස්තෘවරයෙක් වී ... (4) කුද්දාලක නම් ශාස්තෘවරයෙක් වී ... (5) හත්‍ථිපාල නම් ශාස්තෘවරයෙක් වී ... (6) ජෝතිපාල නම් කාමයන්හි වීතරාග වූ තීර්‍ත්‍ථඞ්කර වූ ශාස්තෘවරයෙක් වී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, ජෝතිපාල ශාස්තෘහුගේ අනේකශත ශ්‍රාවකයෝ වූහ. ජෝතිපාල ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසී. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදූහු නම් ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපන්හ. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, බ්‍රහ්මලෝකසහවාසයට දම් දෙසන ජෝතිපාල ශාස්තෘ කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදූහු නම් උහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයෙහි උපන්හ.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ ධම්මික, යො ඉමෙ පි සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ පදුට්ඨචිත්තො අක්කාසෙය්ය, පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්යාති. එවං භන්තෙ, යො ඛො බ්රාහ්මණ ධම්මික, ඉමෙ ඡ සත්ථාරෙ තිත්ථකරෙ කාමෙසු වීතරාගෙ අනෙකසතපරිවාරෙ සසාවකසඞ්ඝෙ දුට්ඨචිත්තො අක්කොසෙය්ය, පරිභාසෙය්ය, බහුං සො අපුඤ්ඤං පසවෙය්ය, යො එකං{1} දිට්ඨිසම්පන්න පුග්ගලං පදුට්ඨචිත්තො අක්කොසති පරිභාසති, අයං තතො බහුතරං අපුඤ්ඤං පසවති. තං කිස්ස හෙතු?
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ කිමැයි හඟිහි ද? යමෙක් කාමයෙහි වීතරාග වූ අනේකශතපරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කර වූ මේ ෂට්ශාස්තෲනට දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කෙරේ දැ?යි. වහන්ස, එසේ ය. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, කාමයෙහි වීතරාග වූ අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත තීර්‍ත්‍ථඞ්කරවූ මේ ෂට්ශාස්තෲනට යමෙක් දුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, හෙතෙමේ බොහෝ පව් රැස් කරන්නේ ද, යමෙක් දෘෂ්ටිසම්පන්න වූ (සෝවන් වූ) එකද පුද්ගලයකුට ප්‍රදුෂ්ට සිත් ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙමේ එයට අධිකතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින යත්:
Pali BJTනාහං බ්රාහ්මණ ධම්මික, ඉතො බහිද්ධා එවරූපිං ඛන්තිං වදාමි යථා මං සබ්රහ්මචාරීසු. තස්මාතිහ බ්රාහ්මණ ධම්මික, එවං සික්ඛිතබ්බං “න නො ආමසබ්රහ්මචාරිසු{2} චිත්තානි පදුට්ඨානි භවිස්සන්තීති. එවං හි තෙ බ්රාහ්මණ ධම්මික, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTබ්‍රාහ්මණ ධම්මිකයෙනි, සබ්‍රම්සරුන් කෙරෙහි යම් බඳු මේ ගුණ කැණීමෙක් වේ නම් එබඳු ගුණ කැණීමෙක් මෙ සස්නෙහි බැහැර ඇතැයි මම නො කියමි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, එ හෙයින් ම මෙ කරුණෙහිලා මෙසේ හික්මිය යුතු: ස්වකීය සබ්‍රම්සරුන් කෙරෙහි ප්‍රදුෂ්ට සිත් අපට නො වේවයි. බ්‍රාහ්මණ ධම්මිකයෙනි, තා විසින් මෙසේ ම හික්මිය යුතු යයි.
Pali BJT50. සුනෙත්තො මූගපක්ඛො ච අරණෙමී ච බ්රාහ්මණො කුද්දාලකො අහු සත්ථා හත්ථිපාලො ච මාණවො.
Sinhala BJT50-51. සුනෙත්ත හා මූගපක්ඛ හා අරණෙමි බ්‍රාහ්මණ හා කුද්දාලක හා හත්‍ථිපාල ශාස්තෘ හා, සත්රජුනට පුරෝහිත වූ මහාගෝවින්‍ද තැන්පත් ජෝතිපාල මාණව දැයි අතීත කාලයෙහි අහිංසක වූ යශස්වී වූ තෙල ෂට්ශාස්තෘ කෙනෙක් වූහ.
Pali BJT51. ජොතිපාලො ච ගොවින්දො අහු සත්ත පුරොහිතො අහිංසෙතෙ{3} අතීතංසෙ ඡ සත්ථාරො යසස්සිනො,
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT52. නිරාමගන්ධා කරුණෙ විමුත්තා කාමසඤ්ඤොජනාතිගා කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගා අහු.{4}
Sinhala BJT52. ක්‍රෝධ සඞ්ඛ්‍යාත ආමගන්‍ධ නැති, කරුණධ්‍යානයෙහි මිදුනු (කරුණායෙහි ද කරුණාපූර්‍වභාගයෙහි ද සිටි) කාමසංයෝජන මැඩ ගිය එ ශාස්තෘහු කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකොපග වූහ. (බඹලොව උපන්හ.)
Pali BJT53. අහෙසුං සාවකා තෙසං අනෙකානි සතානිපි නිරාමගන්ධා කරුණෙ විමුත්තා කාමසඤ්ඤොජනාතිගා කාමරාගං විරාජෙත්වා බ්රහ්මලොකූපගා අහු.{1}
Sinhala BJT53. ඔවුනට (කෝධ සඞ්ඛ්‍යාත) ආමගන්‍ධරහිත වූ කරුණධ්‍යානයෙහි විමුක්ත වූ කාම සංයෝජන ඉක්මගියා වූ අනේක ශත ශ්‍රාවකයෝ වූහ. ඔහු ද කාමරාගය දුරු කොට බ්‍රහ්මලෝකෝපග වූහ.
Pali BJT54. යෙ තෙ ඉසී බාහිරකෙ වීතරාගෙ සමාහිතෙ පදුට්ඨමනසඞ්කප්පො යො නරො පරිභාසති,
Sinhala BJT54. ප්‍රදුෂ්ට චිත්තසංකල්ප ඇති යම් පුරුෂයෙක් බාහිර ශාසනයට අයත් වීතරාග වූ සමාහිත වූ තෙල ඍෂිනට පරිභව කෙරේ ද?
Pali BJT55. බහුඤ්ච සො පසවති අපුඤ්ඤං තාදිසො නරො. යො චෙකං දිට්ඨිසම්පන්නං භික්ඛුං බුද්ධස්ස සාවකං,
Sinhala BJT55. එබඳු එ පුරිස් බොහෝ පව් රැස් කෙරෙයි. යමෙක් බුද්ධශ්‍රාවක වූ දෘෂ්ටිසම්පන්න වූ එක ද භික්‍ෂුනමකට -
Pali BJT56. පදුට්ඨමනසඞ්කප්පො යො නරො පරිභාසති, අයං තතො බහුතරං අපුඤ්ඤං පසවෙ නරො.
Sinhala BJT56. ප්‍රදුෂ්ට චිත්තසඞ්කල්ප ඇතියේ පරිභව කෙරේ නම්, මෙ පුරිස් ඔහට අධිකතර පව් රැස් කෙරෙයි.
Pali BJT57. න සාධුරූපං ආසීදෙ දිට්ඨිට්ඨානප්පහායිනං සත්තමො පුග්ගලො එසො අරියසඞ්ඝස්ස වුච්චති.
Sinhala BJT57. ද්වාෂට්ඨිදෘෂ්ටිප්‍රහාණය කරණ සුලු ශ්‍රාවකයකු (පරිභව විසින්) නො ගටන්නේ ය. තෙල පුඟුල් (ස්‍රෝතාපත්ති ඵලස්ථයා) අරීසඟනට (රහතුන් පටන්) සප්තම පුඟුලැයි කියනු ලැබේ.
Pali BJT58. අවීතරාගො කාමෙසු යස්ස පඤ්චින්ද්රියා මුදු සද්ධා සතී ච විරියං සමථො ච විපස්සනා.
Sinhala BJT58. කාමයන්හි යම් පුඟුලෙක් අවීතරාග වේ ද, යම් පුඟුලක්හුගේ ශ්‍රද්ධා ය, ස්මෘතිය, වීර්‍ය්‍ය ය, ශමථ සඞ්ඛ්‍යාත සමාධිය, සංස්කාරපරිග්‍රහණඥානය දැයි පඤ්ච විදර්‍ශනෙන්‍ද්‍රියයෝ මෘදු වෙත් නම්,
Pali BJT59. තාදිසං භික්ඛුමාසජ්ජ{2} පුබ්බෙව උපහඤ්ඤති අත්තානං උපහන්ත්වාන පච්ඡා අඤ්ඤං විහිංසති.
Sinhala BJT59. එබඳු මහණකු ගටා කැලැ මැ හැනෙයි. (පළමු ම) තමන් (ගුණ) නසා පැසුලු අනෙකා වෙහෙසන්නේ ය.
Pali BJT60. යො ච රක්ඛති අත්තානං රක්ඛිතො තස්ස බාහිරො තස්මා රක්ඛෙය්ය අත්තානං අක්ඛතො පණ්ඩිතො සදාති.
Sinhala BJT60. යමෙකුත් තමා (අධ්‍යාත්මය) රක්නේ ද, බැහැරි පුඟුල් උහු විසින් රක්නාලද වෙයි. එහෙයින් ගුණ විසින් නො පිරිහුනු පණ්ඩිත තෙමේ හැම කල් තමා රක්නේ යි.
Pali BJTධම්මිකවග්ගො පඤ්චමො.
Sinhala BJTධම්මික වර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනාග මිගසාලා ඉණං චුන්දං ද්වෙව සන්දිට්ඨිකං{3} ඛෙම ඉන්ද්රියා ආනන්ද ඛත්තියා අප්පමාදෙන ධම්මිකොති.
Sinhala BJTනාග සූත්‍රය, මිගාසාලා සූත්‍රය, ඉණ සූත්‍රය, චුන්‍ද සූත්‍රය, සන්‍දිට්ඨික සූත්‍ර දෙකය, ඛේම සූත්‍රය, ඉන්‍ද්‍රිය සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, ඛත්තිය සූත්‍රය, අප්‍රමාද සූත්‍රය, ධම්මික සූත්‍රය යි දොළොසෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො.
Sinhala BJTප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.
Pali BJT2. දුතියො පණ්ණාසකො.
Sinhala BJT2. දෙවැනි පණ්ණාසකය
Pali BJTමහාවග්ගො.
Sinhala BJTමහා වර්‍ගය
Pali BJT6. 2. 1. 1.
Sinhala BJT6. 2. 1. 1.
Pali BJT[සොණ සුත්තං]
Sinhala BJT[සෝණ සූත්‍රය]
Pali BJT1. එවම්මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සොණො රාජගහෙ විහරති සීතවනස්මිං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රජගහනුවර සීතවනයෙහි වාස කෙරෙති.
Pali BJTඅථ ඛො ආයස්මතො සොණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො. අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං, පුඤ්ඤානි ච කරෙය්යන්ති.
Sinhala BJTඑකල්හි රහෝගත ව පිළිසලනට ගිය ආයුෂ්මත් සෝණ තෙරණුවන්ට මෙ බඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “භගවත්හුගේ ඇරඹු වීර්‍ය්‍ය ඇති යම් කිසි ශ්‍රාවක කෙනෙක් වෙසෙත් නම්, මම ඔවුනතුරෙන් අන්‍යතරයෙක්මි. වැලිදු මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝගයෝ ඇත් මැ යි. භෝගයන් වළඳන්නට ද පින් කරන්නට ද හැකි වේ. මම් ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන (උපසම්පදා පිළිකෙව්) කොට හුනු බවට (ගිහි බවට) පැමිණ භෝගයනුදු වළඳ කෙරෙම් නම් පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතො සොණස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එව මෙවං{1} ගිජ්ඣකූටෙ පබ්බතෙ අන්තරහිතො සීතවනෙ ආයස්මතො සොණස්ස පමුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. ආයස්මාපි ඛො සොණො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සොණං භගවා එතදවොච:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ (තමන් වහන්සේගේ) සිතින් ආයුෂ්මත් සෝණ තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන වදාරා බලවත් පුරුෂයෙක් හැකුළු අත හෝ දිගුකරන්නේ යම් සේ නම්, දිගු කළ අතක් හෝ හකුළන්නේ යම් සේ නම්, එසෙයින් ම ගිජුකුළු පව්යෙහි අතුරුදන් වූ සේක් සීතවනයෙහි ආයුෂ්මත් සෝණ තෙරණුවන්ගේ හමුයෙහි පැණී ගිය සේක. භාග්‍යවතුන් වහන්සේ පැන් වූ අස්නෙහි හුන්සේක. ආයුෂ්මත් සෝණ තෙරහු ද භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTනනු තෙ සොණ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙ ඛො කෙචි භගවතො සාවකා ආරද්ධවිරියා විහරන්ති, අහං තෙසං අඤ්ඤතරො, අථ ච පන මෙ න අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති. සංවිජ්ජන්ති ඛො පන මෙ කුලෙ භොගා. සක්කා භොගෙ ච භුඤ්ජිතුං පුඤ්ඤානි ච කාතුං. යන්නූනාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජෙය්යං, පුඤ්ඤානි ච කරෙය්යන්ති.”
Sinhala BJTසෝණයෙනි, රහෝගත ව එකලා ව හුන් තොපගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පහළ වූයේ නො වේ ද? “භාග්‍යවතුන් වහන්සේගේ යම් කිසි ශ්‍රාවක කෙනෙක් රුකුළු වැර ඇතියාහු වෙසෙත් නම්, මම ඔවුනතර අන්‍යතරයෙක්මි. වැලිත් මාගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මිදෙයි. මාගේ කුලයෙහි භෝග ඇත් මැ ය. භෝග වළඳ කරන්නාට ද පින් කරන්නට ද හැකි වේ. මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීන භාවයට ගොස් භෝගයනු දු වළඳ කෙරෙම් නම්, පිණුදු කෙරෙම් නම් මැනැවැ”යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTතං කිං මඤ්ඤසි සොණ කුසලො ත්වං පුබ්බෙ අගාරිකභූතො වීණාය තන්තිස්සරෙති.
Sinhala BJTසෝණයෙනි, එ කිමැයි හඟිහි. තෝ පෙර අගාරික වූයෙහි වීණාතන්ත්‍රිස්වරයෙහි (වෙණවැයීමෙහි) දක්‍ෂයෙහි?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTතං කිං මඤ්ඤෙසි සොණ යදා තෙ වීණාය තන්තියො අච්චායතා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති, කම්මඤ්ඤා වාති.
Sinhala BJTසෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත (ඉතා තද) වෙත් නම්, තාගේ වීණාව එ සමයෙහි ස්වරවත් වේ දැයි, කර්‍මණ්‍යත් වේ දැ?යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTතං කිං මඤ්ඤසි සොණ යදා තෙ වීණාය තන්තියො අතිසිථිලා හොන්ති, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වාති නො හෙතං භන්තෙ,
Sinhala BJTසෝණයෙනි, එ කිමැයි හඟිහි. යම් විටෙක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ ඉතා ලිහිල් වෙත් නම්, එ සමයෙහි තාගේ වීණාව ස්වරවත් වේ දැයි කර්‍මණ්‍ය හෝ වේ දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යි.
Pali BJTයදා පන තෙ සොණ වීණාය තන්තියො න අච්චායතා හොන්ති න අතිසිථිලා, සමෙ ගුණෙ පතිට්ඨිතා, අපි නු තෙ වීණා තස්මිං සමයෙ සරවතී වා හොති කම්මඤ්ඤා වාති.
Sinhala BJTසෝණයෙනි, යම් විටක තාගේ වීණායෙහි තන්ත්‍රීහූ අත්‍යායත නො වෙත් නම්, අතිසිථිල නො වෙත් නම්, සමගුණයෙහි පිහිටියාහු නම්, එවිට තාගේ වීණාව ස්වරවත් හෝ වේ ද, කර්‍මණ්‍යත් හෝ වේ දැ?යි.
Pali BJTඑවම්භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTඑවමෙව ඛො සොණ අච්චාරද්ධං විරියං උද්ධච්චාය සංවත්තති. අතිලීනං විරියං{1} කොසජ්ජාය සංවත්තති. තස්මාතිහ ත්වං සොණ, විරියසමතං අධිට්ඨහ, ඉන්ද්රියානං ච සමතං පටිවිජ්ඣ, තත්ථ ච නිමිත්තං ගණ්හාහීති.
Sinhala BJTසෝණයෙනි, එ පරිදි ම අත්‍යාරබ්ධ වීර්‍ය්‍යය උද්ධච්චය පිණිස වැටෙයි. අතිලීන වීර්‍ය්‍යය ය කුසීත භාවයට වැටෙයි. සෝණයෙනි, එ කරුණින් මෙහිලා තෝ වීර්‍ය්‍ය සමත්‍වය ඉටුව, ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදුව, එහි නිමිති ගණුව යි. (ශමථවිදර්‍ශනා මාර්‍ගඵල නිමිති නිපදව යන අර්‍ත්‍ථයි.)
Pali BJT”එවම්භන්තෙති ඛො ආයස්මා සොණො භගවතො පච්චස්සොසි.
Sinhala BJTවහන්ස, එසේ ය යි ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භගවත්හට පිළිවදන් ඇස්සූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං සොණං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා සොය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය. පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ඛො සීතවනෙ අන්තරහිතො ගිජ්ඣකූටෙ පබ්බතෙ පාතුරහොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණ තෙරුන්ට මේ ඔවායෙන් ඔවා දි බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරණුයේ යම් සේ නම්, දික්කළ අතක් හෝ හකුළනුයේ යම් සේ නම්, එ පරිද්දෙන් ම සීතවනයෙහි අතුරුදන් වූ සේක් ගිජුකුළුපව්යෙහි පැණී ගිය සේක.
Pali BJTඅථ ඛො ආයස්මා සොණො අපරෙන සමයෙන විරියසමතං අධිට්ඨාසි ඉන්ද්රියානඤ්ච සමතං පටිවිජ්ඣි. තත්ථ ච නිමිත්තං අග්ගහෙසි. අථ ඛො ආයස්මා සොණො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා සොණො අරහතං අහොසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරහු පසුකාලයෙහි වීර්‍ය්‍යසමත්‍වය ඉටූහ. ඉන්‍ද්‍රියසමත්‍වය පිළිවිදියහ. එහි නිමිති ද ගත්හ. ඉක්බිති එකලා වූ කයින් ගණයා කෙරෙන් වෙන් වූ අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති කාය ජීවිත දෙක්හි නිරපේක්‍ෂක වූ ආයුෂ්මත් සෝණ තෙරහු නො බෝ දිනෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම් එ බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන අනුත්තර අර්‍හත් ඵලය දිටුදැමියෙහි ම, තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වූසූහ. ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂීණ විය. මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ද වැස නිමවන ලද, සිවුමග කරණී කරණලද, නැවත මෙ බව පිණිස (මේ සොළොස් වැදෑරුම් කෘත්‍යය හෝ ක්ලේශක්‍ෂය පිණිස) අනෙකක් (අනෙක් මාර්‍ගභාවනාකෘත්‍යයෙක්) නැතැයි මොනොවට දත්හ. ආයුෂ්මත් සෝණ තෙරණුවෝ රහතුන් කෙරෙහි අන්‍යතර වූහ.
Pali BJTඅථ ඛො ආයස්මතො සොණස්ස අරහත්තප්පත්තස්ස එතදහොසි: “යන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යං, උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ අඤ්ඤං ව්යාකරෙය්යන්ති”. අථ ඛො ආයස්මා සොණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්ගමිත්වා භගවන්තං අභිවාදෙවා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති අර්‍හත්‍වයට පත් ආයුෂ්මත් සෝණ තෙරුන්හට තෙල සිත විය: “මම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹෙම් නම්, එළඹ භගවත්හු හමියෙහි අර්‍හත්‍වය පාළ කෙරෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් කරා ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සෝණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJTයො සො භන්තෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරීක්ඛිණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සො ඡ ඨානානි අධිමුත්තො හොති: නෙක්ඛම්මාධිමුත්තො හොති. පවිවෙකාධිමුත්තො හොති. අබ්යාපජ්ඣාධිමුත්තො හොති. තණ්හක්ඛයාධිමුත්තො හොති. උපාදානක්ඛයාධිමුත්තො හොති. අසම්මොහාධිමුත්තො හොති.
Sinhala BJTවහන්ස, යම් ඒ අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ කළ කරණී ඇති, බහා තැබූ කෙළෙස් බර ඇති, පැමිණි රහත් බව ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, මොනවට දැනැ විමුක්ත වූ භික්‍ෂුනමෙක් වේ නම්, හෙ කරුණු සයක් අධිමුක්ත (පිළිවිද සිටියේ) වෙයි. නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. ප්‍රවිවේකාධිමුක්ත වෙයි. අව්‍යාබාධාධිමුක්ත වෙයි. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. අසම්මෝහාධිමුක්ත වෙයි.
Pali BJT(1) සියා ඛො පන භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: ‘කෙවලං සද්ධාමත්තකං නූන අයමායස්මා නිස්සාය නෙක්ඛම්මාධිමුත්තො’ති. න ඛො පනෙතං භන්තෙ එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ භික්ඛූ වුසිතවා. කතකරණීයො, කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්සවා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති. ඛයා දොසස්ස වීතදොසත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා නෙක්ඛම්මාධිමුත්තො හොති.
Sinhala BJT(1) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක්හට මෙබඳු සිතෙක් වන්නේ ම ය: “හුදෙක් (ප්‍රතිවේදයෙන් තොර) ශ්‍රද්ධා මාත්‍රය ම නිසා මෙ ආයුෂ්මත් ඒකාන්තයෙන් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දැක්කයුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති, ක්‍ෂීණාස්‍රව මහණ තමහට කටයුතු දෙයක් හෝ කළදැය නැවත කිරීමෙන් වැඩීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් වීතරාගී බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත (නෛෂ්ක්‍රම්‍යසංඛ්‍යාත අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට ඵලසමවත්හි සිටියේ) වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහත මෝහ ඇති බැවින් නෛෂ්ක්‍රම්‍යාධිමුක්ත වෙයි.
Pali BJT(2) සියා ඛො පන භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො එවමස්ස: “ලාභසක්කාරසිලොකං නූන අයමායස්මා නිකාමයමානො පවිවෙකාධිමුත්තො”ති. න ඛො පනෙතං භන්තෙ. එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො, කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා පවිවෙකාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා පවිවෙකාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා පවිවෙකාධිමුත්තො හොති.
Sinhala BJT(2) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙබඳු සිතෙක් වන්නේ ය: “මේ ආයුෂ්මත් ඒකාන්තයෙන් ලාභසත්කාරයශස් පතනුයේ ප්‍රවිවේකාධිමුක්ත වේ ය”යි. වහන්ස, තෙල කරුණ එසේ නො දතයුතු වෙයි. වහන්ස, වැස නිම වූ, කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමහට කරණී හෝ කළ දැ පිළිබඳ පුනපුනා රැස් කිරීමක් හෝ නො දක්නේ, රාගක්‍ෂයෙන් ප්‍රහතරාග බැවින් ද්වේෂක්‍ෂයෙන් ප්‍රහතද්වේෂ බැවින් මෝහක්‍ෂයෙන් ප්‍රහතමෝහ බැවින් ප්‍රවිවේකාධිමුක්ත වෙයි.
Pali BJT(3) සියා ඛො පන භන්තෙ, ඉධෙකච්චස්ස ආයස්මතො. එවමස්ස: සීලබ්බතපරාමාසං නූන අයමායස්මා සාරතො පච්චාගච්ඡන්තො අබ්යාපජ්ඣාධිමුත්තො හොති. න ඛො පනෙතං භන්තෙ, එවං දට්ඨබ්බං. ඛීණාසවො භන්තෙ, භික්ඛු වුසිතවා කතකරණීයො, කරණීයං අත්තනො අසමනුපස්සන්තො කතස්ස වා පතිචයං, ඛයා රාගස්ස වීතරාගත්තා අබ්යාපජ්ඣාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා, අබ්යාපජ්ඣාධිමුත්තො හොති. -පෙ-
Sinhala BJT(3) වහන්ස, මෙ සස්නෙහි කිසි ආයුෂ්මතක් හට මෙ බඳු සිතෙක් වන්නේ ම ය. “මෙ ආයුෂ්මත් සීලබ්බත පරාමාසය ම සාර විසින් ගන්නේ අව්‍යාබාධාධිමුක්ත වෙයි”, වහන්ස, තෙල කරුණ එසේ නො දැක්ක යුතු වෙයි. වහන්ස, වැස නිම වූ කළ කරණී ඇති ක්‍ෂීණාස්‍රව මහණ තමන්ගේ කරණී හෝ කෘතයාගේ පුන පුනා වෘද්ධියක් හෝ නො දක්නේ රාගක්‍ෂයෙන් විහතරාග බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අව්‍යාබාධාධිමුක්ත වෙයි ...
Pali BJT(4) ඛයා රාගස්ස වීතරාගත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා තණ්හක්ඛයාධිමුත්තො හොති. -පෙ-
Sinhala BJT(4) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වෙයි ...
Pali BJT(5) ඛයා රාගස්ස වීතරාගත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා උපාදානක්ඛයාධිමුත්තො හොති. -පෙ-
Sinhala BJT(5) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ...
Pali BJT(6) ඛයා රාගස්ස වීතරාගත්තා අසම්මොහාධිමුත්තො හොති, ඛයා දොසස්ස වීතදොසත්තා අසම්මොහාධිමුත්තො හොති, ඛයා මොහස්ස වීතමොහත්තා අසම්මොහාධිමුත්තො හොති.
Sinhala BJT(6) රාගක්‍ෂයෙන් විහතරාග බැවින් උපාදානක්‍ෂයාධිමුක්ත වෙයි. ද්වේෂක්‍ෂයෙන් විහතද්වේෂ බැවින් අසම්මෝහාධිමුක්ත වෙයි. මෝහක්‍ෂයෙන් විහතමෝහ බැවින් අසමෝහාහාධිමුක්ත වෙයි.
Pali BJTඑවං සම්මාවිමුත්තචිත්තස්ස, භන්තෙ, භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථමාගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමෙවස්ස චිත්තං හොති, ඨිතං ආනෙඤ්ජප්පත්තං. වයඤ්චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා [සොතස්ස ආපාථමාගච්ඡන්ති] -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා [ඝානස්ස ආපාථමාගච්ඡන්ති] -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා [ජිව්හාය ආපාථමාගච්ඡන්ති] -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා [කායස්ස ආපාථමාගච්ඡන්ති] -පෙ- නෙවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමෙවස්ස චිත්තං හොති, ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයඤ්චස්සානුපස්සති.
Sinhala BJTවහන්ස, මෙසේ මොනොවට විමුක්තචිත්ත ඇති භික්‍ෂූහුගේ චක්‍ෂුර්විඥේය වූ බොහෝ (දෙව්රූ වැනි) වූ ද රූපයෝ ඇස්හමුවට එත් ද, ඔහුගේ සිත නො ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වූයේ වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධාලම්බනයෝ ... ජිව්හාවිඥේය රසාලම්බනයෝ ... කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ … මනෝවිඥේය ධර්‍මාලම්බනයෝ ඔහුගේ මනස හමුවට එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත ම වූයේ ස්ථිත වූයේ අචලප්‍රාප්ත වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය.
Pali BJTසෙය්යථාපි භන්තෙ සෙලො පබ්බතො අච්ඡිද්දො අසුසිරො එකඝනො. අථ පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව තං සඞ්කම්පෙය්ය, න සම්පකම්පෙය්ය, න සම්පවෙධෙය්ය, අථ පච්ඡිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- අථ උත්තරාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි -පෙ- අථ දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව තං සඞ්කම්පෙය්ය, න සම්පකම්පෙය්ය, න සම්පවෙධෙය්ය.
Sinhala BJTවහන්ස, සිදුරු නැති බුහුරු නැති ඒකඝන වූ ශෛලපර්‍වතයෙක් යම් බඳු වේ ද, ඉක්බිති පැදුම් දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම් එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය. ඉක්බිති පැලදිගින් බලවත් වැසි සුළඟෙක් ඒ නම් ... උතුරු දිගින් බලවත් සුළඟෙක් ඒ නම් ...... ඉක්බිති දකුණු දිගින් බලවත් වැසිසුළඟෙක් ඒ නම්, එය නො ම සලන්නේ ය. වෙසෙසින් නො ම සලන්නේ ය. නො වෙවුළුවන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භන්තෙ, එවං සම්මාවිමුත්තචිත්තස්ස භික්ඛුනො භුසා චෙපි චක්ඛුවිඤ්ඤෙය්යා රූපා චක්ඛුස්ස ආපාථමාගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති. අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයං චස්සානුපස්සති. භුසා චෙපි සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝාන විඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා -පෙ- මනොවිඤ්ඤෙය්යා ධම්මා මනස්ස ආපාථමාගච්ඡන්ති, නෙවස්ස චිත්තං පරියාදියන්ති, අමිස්සීකතමෙවස්ස චිත්තං හොති ඨිතං ආනෙඤ්ජප්පත්තං, වයං චස්සානුපස්සතී’ති.
Sinhala BJTවහන්ස, එ පරිදි ම මෙසේ විදර්‍ශනාප්‍රතිපත් - ඵලසමාපත් වශයෙන් මොනොවට විමුක්ත සිත් ඇති භික්‍ෂුහුගේ ආපාථයට බලවත් වූ ද චක්‍ෂුර්විඥේය රූපාලම්බනයෝ එත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම (ක්ලේශාලම්බන හා මිශ්‍ර නො වූයේ ම) පිහිටියේ අචලප්‍රාප්ත වූයේ කම්පා නො වූයේ වෙයි. ඒ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය. බලවත් වූ ද ශ්‍රෝත්‍රවිඥේය වූ ශබ්දාලම්බනයෝ ... ඝ්‍රාණවිඥේය වූ ගන්‍ධාලම්බනයෝ ... ජිහ්වාවිඥේය වූ රසාලම්බනයෝ ... කායවිඥේය වූ ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෝ ... මනෝවිඥෙය වූ ධර්‍මාලම්බනයෝ සිතට ආපාථගත වෙත් නම්, ඔහුගේ සිත නො ම ගණිත්. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම අචලප්‍රාප්ත වෙයි. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ ය යි.
Pali BJT61. නෙක්ඛම්මං අධිමුත්තස්ස පවිවෙකඤ්ච චෙතසො අබ්යාපජ්ඣාධිමුත්තස්ස උපාදානක්ඛයස්ස ච.
Sinhala BJT61. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ද, චිත්තප්‍රවිවේකය ද, පිළිවිද සිටි, අව්‍යාබාධාධිමුක්ත වූ උපාදානක්‍ෂය පිළිවිද සිටියා වූ,
Pali BJT62. තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මොහඤ්ච චෙතසො දිස්වා ආයතනුප්පාදං සම්මාචිත්තං විමුච්චති.
Sinhala BJT62. තෘෂ්ණාක්‍ෂයාධිමුක්ත වූ චිත්තයාගේ අසම්මෝහය පිළිවිද සිටි රහත්හුගේ චිත්තය ආයතනයන්ගේ උත්පාදය දැක මනා කොට මිදේ.
Pali BJT63. තස්ස සම්මාවිමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො කතස්ස පතිචයො නත්ථි කරණීයං න විජ්ජති.
Sinhala BJT63. මොනොවට මිදුනු ශාන්ත වූ සිත් ඇති එ භික්‍ෂුහට කළදැය පෙරළා වැඩුමෙක් නැත. කටයුතු ද නැත.
Pali BJT64. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා.
Sinhala BJT64-65. ඒකඝන ශෛලපර්‍වතයෙක් යම්සේ සුළඟින් නො සැලේ ද, එ සෙයින් රූප ශබ්ද ගන්‍ධ රස ස්පර්‍ශ යන ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද හැම ධර්‍මයෝ තාදීහුගේ සිත නො සලත්. ඔහුගේ ස්ථිත වූ සිත විමුක්ත වේ. එ චිත්තයාගේ උදයව්‍යය ද දක්නේ යි.
Pali BJT65. ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධෙන්ති තාදිනො. ඨිතං චිත්තං විප්පමුත්තං වයංචස්සානුපස්සතී’ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6. 2. 1. 2.
Sinhala BJT6. 2. 1. 2.
Pali BJT[ඵග්ගුණසුත්තං]
Sinhala BJT[ඵග්ගුණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. තෙන ඛො පන සමයෙන ආයස්මා ඵග්ගුණො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT2. එ සමයෙහි ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු හටගත් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT“ආයස්මා භන්තෙ ඵග්ගුණො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සාධු භන්තෙ භගවා යෙනායස්මා ඵග්ගුණො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT“වහන්ස, ආයුෂ්මත් ඵග්ගුණ තෙරහු උපන් ආබාධ ඇතියාහු දුකට පැමිණියාහු දැඩි ගිලන්බව ඇතියාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා අනුකම්පා කොට වඩනාසේක් නම් මැනැවැ”යි. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසාවදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ඵග්ගුණො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා ඵග්ගුණො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන මඤ්චකෙ සමඤ්චොසි{1} අථ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං එතදවොච: අලං ඵග්ගුණ, මා ත්වං මඤ්චකෙ සමඤ්චොසි. සන්තිමානි ආසනානි පුරෙ{2} පඤ්ඤත්තානි, තත්ථාහං නිසීදිස්සාමීති. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ඵග්ගුණං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වරුවෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන් කරා වැඩියහ. ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දුටහ. දැක හැඳෙහි නැගීසිටුනා අයුරක් දැක් වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්ට තෙල වදාළහ: “ඵග්ගුණයෙනි, කම් නැත, තො හැඳෙන් නො නැඟෙව. පළමු පනවනලද මෙ අසුන් ඇත. එහි මම හිඳිනෙමි”යි. භාග්‍යවතුන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඵග්ගුණ තෙරුන්හට තෙල වදාළහ:
Pali BJT“කච්චි තෙ ඵග්ගුණ ඛමනීයං, කච්චි යාපනීයං කච්චි දුක්ඛා{3} වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති.
Sinhala BJT“ඵග්ගුණයෙනි, කිම, සැහිය හේ ද, කිම, යැපිය හේ ද, කිම, දුක් වේදනා සන්හිඳුමට යේ ද, වැඩුමට නො යේ ද, සන්හිඳුමෙක් පැණේ ද, වැඩුමෙක් නො පැණේ දැ?”යි.
Pali BJTන මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්තී, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, මා විසින් නො සැහිය හෙයි. නො යැපිය හෙයි. මාගේ දුඃඛවේදනාවෝ වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණේ, සන්හිඳුමෙක් නො පැණේ ය යි.
Pali BJTසෙය්යථාපි භන්තෙ, බලවා පුරිසො තිණ්හෙන සිඛරෙන මුද්ධානං{1} අභිමන්ථෙය්ය{2} එවමෙව ඛො මෙ භන්තෙ අධිමත්තා වාතා මුද්ධානං හනන්ති. න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, යම් පරිදි බලවත් පුරුෂයක් තියුණු කඩුසිළින් මුදුන මඩනේ ද, වහන්ස, එ පරිදි ම අධිමාත්‍රවාතයෝ මා මුදුන පෙළත්. වහන්ස, මා විසින් ඉවැසිය නො හෙයි. යැපිය නො හෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි වූවාහු වැඩෙත්, නො සන්හිඳෙත්, වැඩුමෙක් පැණෙයි, සන්හිඳුමෙක් නො පැණේය යි.
Pali BJTසෙය්යථාපි භන්තෙ බලවා පුරිසො දළ්හෙන වරත්තබන්ධෙන{3} සීසෙ සීසවෙඨනං දදෙය්ය, එවමෙව ඛො මෙ භන්තෙ, අධිමත්තා සීසෙ සීසවෙදනා, න මෙ භන්තෙ ඛමනීයං, න යාපනීයං, බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති.
Sinhala BJTවහන්ස, බලවත් පුරුෂයෙක් දැඩි වරරැහැනින් හිස්හි හිස්වෙළුම් දෙන්නේ යම්සේ වේ ද, වහන්ස, එ පරිදි ම මාගේ හිසෙහි ශීර්‍ෂවේදනාවෝ වෙති. වහන්ස, මා විසින් සැහිය හෙන්නේ නො වෙයි. යාපනීය නො වෙයි. මාගේ දුඃඛවේදනාවෝ දැඩි ව නැඟී එති. බැස නො යෙති. නැඟ ඊම් අවසන පෙණෙයි. බැසීම් අවසන නො පෙණෙයි.