Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9001-9100 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT44. තථෙව අරියවිනයෙ සද්ධා යස්ස පතිට්ඨිතා හිරිමනො ච ඔත්තප්පී පඤ්ඤවා සීලසංවුතො.
Sinhala BJT44. එසෙයින් ම යමක්හට ආර්‍ය්‍යවිනයෙහි සැදැහැ පිහිටියේ ද, හේ හිරියෙන් යුත් සිත් ඇතියේ, ඔතප් ඇතියේ, පැණවත් වූයේ, ශීලයෙන් සංවෘත වේ ද,
Pali BJT45. එසො ඛො අරියවිනයෙ සුඛංජීවීති{1} වුච්චති නිරාමිසං සුඛං ලද්ධා උපෙඛං අධිතිට්ඨති.
Sinhala BJT45. තෙල පුඟුල් අරීවිනයෙහි සුවසේ දිවි වටනේ යයි කියනු ලැබේ. නිරාමිස සුඛය (තුන් දැහැන් නිසා උපදනා සුවය) ලැබ (චතුර්‍ත්‍ථධ්‍යාන) උපේක්‍ෂාවත් ලබන්නේ ය.
Pali BJT46. පඤ්චනීවරණෙ හිත්වා නිච්චං ආරද්ධවිරියො ඣානානි උපසම්පජ්ජ එකොදි නිපකො සතො.
Sinhala BJT46. නිරතුරු ඇරඹූ වැර ඇතියේ පඤ්චනීවරණයන් හැරපියා ධ්‍යාන උපයා ගෙණ එකඟසිත් ඇතියේ නුවණ ඇතියේ ස්මෘතිමත් වෙයි.
Pali BJT47. එවං ඤත්වා යථාභූතං සබ්බසඤ්ඤොජනක්ඛයෙ සබ්බසො අනුපාදාය සම්මාචිත්තං විමුච්චති.
Sinhala BJT47. මෙසේ සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි යථාභූතය දැන සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාදි විසින් නො ගැණීමෙන් සම්‍යග් හේතු විසින් මාර්‍ගචිත්තය (කෙලෙසුන්ගෙන්) මිදෙයි.
Pali BJT48. තස්ස සම්මා විමුත්තස්ස ඤාණං ච හොති තාදිනො අකුප්පා මෙ විමුත්තීති භවසඤ්ඤොජනක්ඛයෙ.
Sinhala BJT48. මැනැවින් විමුක්ත සිත් ඇති මොනොවට එහි පිහිටි එ රහත්හට ඉදින් “මාගේ මාර්‍ගඵල විමුක්තිය අකෝප්‍යය”යි භවසංයෝජනක්‍ෂයෙහි පස්විකුම්නැණ වේ නම්,
Pali BJT49. එතං ඛො පරමං ඤාණං එතං සුඛමනුත්තරං අසොකං විරජං ඛෙමං එතමානණ්යමුත්තමන්ති.
Sinhala BJT49. තෙල ඥානය ම පරම වෙයි. තෙල සුඛය ම අනුත්තර වෙයි. ශෝක රහිත රාගාදි රජස් රහිත තෙල අර්‍හත්ඵලය උත්තම අනණභාවය (ණය නැති බව) වෙයි.
Pali BJT6. 1. 5. 4.
Sinhala BJT6. 1. 5. 4.
Pali BJT[මහාචුන්ද සුත්තං]
Sinhala BJT[මහාචුන්‍ද සූත්‍රය]
Pali BJT46. එවං මෙ සුතං එකං සමයං ආයස්මා මහාචුන්දො චෙතීසු විහරති සහජාතියං.{2} තත්ර ඛො ආයස්මා මහාචුන්දො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති{3} “ආවුසො”ති ඛො තෙ භික්ඛු ආයස්මතො මහාචුන්දස්ස පච්චස්සොසුං. ආයස්මා මහාචුන්දො එතදවොච:
Sinhala BJT46. මා විසින් මෙසේ අසන ලද. එක් සමයෙක්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ චේතිරට සහජාති නම් නියම්ගම්හි වෙසෙත්. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂුහු ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන්හට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ තෙල දෙසූහ:
Pali BJT(1) ඉධාවුසො ධම්මයොගා භික්ඛූ ඣායීභික්ඛූ අපසාදෙන්ති: ඉමෙ පන “ඣායිනොම්හා ඣායිනොම්භා’ති ඣායන්ති, පජ්ඣායන්ති,{4} කිං හිමෙ ඣායන්ති,{5} කින්තිමෙ ඣායන්ති, කථං හිමෙ{6} ඣායන්තී”ති. තත්ථ ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT(1) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මකථික භික්‍ෂුහු භාවනානුයෝගී භික්‍ෂූන් ඝටා බෙණෙත්. “මොහු ‘(අපි) දැහැන් වඩන්නමෝ’යි දැහැන් වඩන්නමෝ’යි සිතත්. ප්‍රකර්‍ෂයෙන් සිතත්. මොහු කුමක් නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කුමක් පිණිස නම් ධ්‍යාන කෙරෙත් ද, මොහු කිනම් කරුණෙකින් ධ්‍යාන කෙරෙත් දැ”යි. එකරුණෙහි ලා ධර්‍මකථික භික්‍ෂුහු ද නො පහදනාහ. ධ්‍යාන කරන භික්‍ෂූහු ද නො පහදනාහ. ඔහු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස දෙව් මිනිස්නට සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
Pali BJT(2) ඉධ පනාවුසො ඣායී භික්ඛූ ධම්මයොගෙ භික්ඛු අපසාදෙන්ති: ඉමෙ පන “ධම්මයොගම්හා ධම්මයොගම්හා”ති උද්ධතා උන්නලා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා. කිං හිමෙ ධම්මයොගා, කින්තිමෙ ධම්මෙයොගා, කථං හිමෙ{1} ධම්මයොගාති? තත්ථ ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT(2) “ඇවැත්නි, මෙ සස්නෙහි දැහැන් වඩන මහණහු ධර්‍මකථිකභික්‍ෂූන් අපසාදනය කෙරෙති: මොහු වනාහි ‘අපි ධර්‍මයෝගියමෝ වම්හයි, අපි ධර්‍මයෝගියමෝ වම්හ’යි, උඬගු වූවාහු උද්ගත මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසිරුණු තෙපුල් ඇතියාහු නට සිහි ඇතියාහු මනා නුවණ නැතියාහු එකඟ සිත් නැතියාහු බමණ සිත් ඇතියාහු පියවි (නො දැමුනු) ඉඳුරන් ඇතියාහු වෙති. මොහු කුමන ධර්‍මයෝගයක් ඇත්තාහු ද, මොහු කුමක් පිණිස ධර්‍මයෝග ඇත්තාහු ද, මොහු කිනම් කරුණෙකින් ධර්‍මයෝග ඇත්තාහු දැ”යි. එ කරුණෙහි ලා ධ්‍යාන කරණසුලු භික්‍ෂූහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂූහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
Pali BJT(3) ඉධ පනාවුසො ධම්මයොගා භික්ඛූ ධම්මයොගානංයෙව භික්ඛූනං වණ්ණං භාසන්ති, නො ඣායීනං භික්ඛූනං වණ්ණං භාසන්ති. තත්ථ ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපන්නා හොන්ති බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT(3) ඇවැත්නි, මෙ සස්නෙහි ධර්‍මයෝග භික්‍ෂුහු ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිති, ධ්‍යායීභික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස නො පිළිපන්හු වෙත්.
Pali BJT(4) ඉධ පනාවුසො ඣායී භික්ඛූ ඣායීනං යෙව භික්ඛූනං වණ්ණං භාසන්ති නො ධම්මයොගානං භික්ඛූනං වණ්ණං භාසන්ති. තත්ථ ඣායී ච භික්ඛූ නප්පසීදන්ති, ධම්මයොගා ච භික්ඛූ නප්පසීදන්ති, න ච බහුජනහිතාය පටිපටිපන්නා හොන්ති බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT(4) ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ධ්‍යායී භික්‍ෂූන්ගේ ම ගුණ කියති. ධර්‍මයෝග භික්‍ෂුන්ගේ ගුණ නො කියත්. එකරුණෙහි ලා ධ්‍යායී භික්‍ෂුහු ද නො පහදිති. ධර්‍මයෝග භික්‍ෂුහු ද නො පහදිත්. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙව්මිනිස්නට හිතසුව පිණිස නො පිළිපන්හු ද වෙත්.
Pali BJT(5) තස්මාතිහාවුසො එවං සික්ඛිතබ්බං: ධම්මයොගා සමානා ඣායීනං භික්ඛූනං වණ්ණං භාසිස්සාමාති. එවං හි වො ආවුසො සික්ඛිතබ්බං. තං කිස්ස හෙතු. අච්ඡරියා හෙතෙ ආවුසො පුග්ගලා දුල්ලභා ලොකස්මිං, යෙ අමතං ධාතුං කායෙන ඵුසිත්වා{2} විහරන්ති.
Sinhala BJT(5) ඇවැත්නි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු: ධර්‍මයෝග වූ ම අපි ධ්‍යායී භික්‍ෂූන්ගේ ගුණ වනන්නම්හ’යි. ඇවැත්නි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි. ඒ කවරහෙයින් යත්: ඇවැත්නි, යම් කෙනෙක් අමෘත නිර්‍වාණධාතුව නාමකයින් පැහැසැ වෙසෙත් නම්, එ පුද්ගලයෝ දුලබ වෙත් මැ යි.
Pali BJT(6) තස්මාතිහාවුසො එවං සික්ඛිතබ්බං: ඣායී සමානා ධම්මයොගානං භික්ඛූනං වණ්ණං භාසිස්සාමාති. එවං හි වො ආවුසො සික්ඛිතබ්බං. තං කිස්ස හෙතු: අච්ඡරියා හෙතෙ ආවුසො පුග්ගලා දුල්ලභා ලොකස්මිං, යෙ ගම්භීරං අත්ථපදං පඤ්ඤාය අතිවිජ්ඣ පස්සන්තීති.
Sinhala BJT(6) ඇවැත්නි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු යි. ‘ධ්‍යායී වූ ම අපි ධර්‍මයෝග භික්‍ෂූන්ගේ ගුණ කියම්හ’යි. ඇවැත්නි, තොප විසින් මෙසේ ම හික්මියයුතු. එ කවර හෙයින යත්: ඇවැත්නි, ලොව්හි යම් කෙනෙක් ගැඹුරු ස්කන්‍ධධාතු ආදි අර්‍ත්‍ථපද විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් විනිවිද දක්නාහු නම් එ පුද්ගලයෝ දුර්‍ලභ වෙත් මැ යි.
Pali BJT6. 1. 5. 5.
Sinhala BJT6. 1. 5. 5.
Pali BJT[පඨමසන්දිට්ඨික සුත්තං]
Sinhala BJT[පඨමසන්‍දිට්ඨික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. අථ ඛො මොලියසීවකො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං විතීසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මොලියසීවකො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJT47. එකල්හි මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් මොලියසීවක පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය:
Pali BJT‘සන්දිට්ඨිකො ධම්මො, සන්දිට්ඨිකො ධම්මො’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤුහිතී?
Sinhala BJT“වහන්ස, ධර්‍මය සාන්දෘෂ්ටික ය, ධර්‍මය සාන්දෘෂ්ටික ය”යි කියනු ලැබේ. වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටිකත් අකාලිකත් ඒහිපස්සිකත් ඕපනයිකත් විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුත් වේ දැ?යි.
Pali BJTතෙන හි සීවක තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි.{1} යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි සීවක සන්තං වා අජ්ඣත්තං ලොභං “අත්ථි මෙ අජ්ඣත්තං ලොභොති” පජානාසි, අසන්තං වා අජ්ඣත්තං ලොභං “නත්ථි මෙ අජ්ඣත්තං ලොභොති” පජානාසීති.
Sinhala BJTසීවකය, මෙ කරුණෙන්ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. යම් පරිදි තට රුස්නේ නම්, එපරිදි එය ප්‍රකාශ කරව’යි. සීවකය, එ කිමැයි හඟිහි? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ ම ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැ”යි දන්හි දැ’?යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTයං ඛො ත්වං සීවක සන්තං වා අජ්ඣත්තං ලොභං “අත්ථි මෙ අජ්ඣත්තං ලොභොති” පජානාසි. අසන්තං වා අජ්ඣත්තං ලොභං “නත්ථි මෙ අජ්ඣත්තං ලොභොති”පජානාසි.
Sinhala BJTසීවකය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභය “මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය ඇතැ”යි දන්හි නම්, අවිද්‍යමාන වූ ම ලෝභය මාගේ අධ්‍යාත්මයෙහි ලෝභය නැතැයි දන්හි නම්,
Pali BJTඑවං ඛො{2} සීවක සන්දිට්ඨිකො ධම්මො හොති -පෙ-
Sinhala BJTසීවකය, මෙසේ ධර්‍මය සාන්දෘෂ්ටික (තමන් විසින් දතයුතු) වේ ...
Pali BJTතං කිං මඤ්ඤසි සීවක සන්තං වා අජ්ඣත්තං දොසං -පෙ- සන්තං වා අජ්ඣත්තං මොහං -පෙ- සන්තං වා අජ්ඣත්තං ලොභධම්මං -පෙ- සන්තං වා අජ්ඣත්තං දොසධම්මං -පෙ- සන්තං වා අජ්ඣත්තං මොහධම්මං, “අත්ථි මෙ අජ්ඣත්තං මොහධම්මොති” පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මොහධම්මං, “නත්ථි මෙ අජ්ඣත්තං මොහ ධම්මොති” පජානාසීති.
Sinhala BJTසීවකය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ..... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ලෝභධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම ද්වේෂධර්‍මය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ ම මෝහධර්‍මය “මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැ”යි දන්හි ද, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි දැ’යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTයං ඛො ත්වං සීවක සන්තං වා අජ්ඣත්තං මොහධම්මං “අත්ථි මෙ අජ්ඣත්තං මොහධම්මොති පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මොහධම්මං “නත්ථි මෙ අජ්ඣත්තං මොහධම්මොති” පජානාසි.
Sinhala BJTසීවකය, යම් හෙයෙකින්, අධ්‍යාත්මයෙහි විද්‍යාමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය ඇතැයි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මෝහධර්‍මය මාගේ අධ්‍යාත්මයෙහි මෝහධර්‍මය නැතැ”යි දන්හි නම්,
Pali BJTඑවං ඛො සීවක සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTසීවකය, මෙසේ ම ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතුද වන්නේ ය යි.
Pali BJTඅභික්කන්තං -පෙ- උපාසකං මං භන්තෙ භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTඉතා මැනැවැ ... භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරණසේක්වා යි.
Pali BJT6. 1. 5. 6.
Sinhala BJT6. 1. 5. 6.
Pali BJT[දුතියසන්දිට්ඨික සුත්තං]
Sinhala BJT[දුතියසන්‍දිට්ඨික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT48. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ:
Pali BJT‘සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මො’ති භො ගොතම වුච්චති. කිත්තාවතා නු ඛො භො ගොතම සන්දිට්ඨිකො ධම්මො හොති, අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති?
Sinhala BJT‘භවත් ගෞතමයන් වහන්ස, ‘ධර්‍මය සන්‍දිට්ඨික ය, ධර්‍මය සන්‍දිට්ඨික ය’යි කියනු ලැබේ. භවත් ගෞතමයන් වහන්ස, කවර කරුණෙකින් ධර්‍මය සාන්දෘෂ්ටික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතුත් වේ දැ?’යි.
Pali BJTතෙන හි බ්රාහ්මණ තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං ව්යාකරොසි{3}. තං කිං මඤ්ඤසි බ්රාහ්මණ, සන්තං වා අජ්ඣත්තං රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රාගොති’ පජානාසි, අසන්තං වා අජ්ඣත්තං රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රාගොති’ පජානාසීති.
Sinhala BJTබ්‍රාහ්මණය, එකරුණෙන් ම මෙහි ලා තා මැ පුළුවුස්නෙමි. තට යම් පරිදි රුස්නේ නම් එ පරිදි පාළ කරව’යි. බ්‍රාහ්මණය, එ කිමැ’යි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ”යි දන්නෙහි දැ?යි.
Pali BJTඑවං භො.
Sinhala BJTභවත්නි, එසේ ය.
Pali BJTයං ඛො ත්වං බ්රාහ්මණ සන්තං වා අජ්ඣත්තං රාගං ‘අත්ථි මෙ අජ්ඣත්තං රාගොති’ පජානාසි, අසන්තං වා අජ්ඣත්තං රාගං ‘නත්ථි මෙ අජ්ඣත්තං රාගොති’ පජානාසි.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ රාගය “මාගේ අධ්‍යාත්මයෙහි රාගය ඇතැ”යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ රාගය ‘මාගේ අධ්‍යාත්මයෙහි රාගය නැතැ’යි දන්හි නම්,
Pali BJTඑවං පි ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකො ධම්මො හොති -පෙ-
Sinhala BJTබ්‍රාහ්මණය, මෙසෙයින් ධර්‍මය සන්‍දිට්ඨික වෙයි ...
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ සන්තං වා අජ්ඣත්තං දොසං -පෙ- සන්තං වා අජ්ඣත්තං මොහං -පෙ- සන්තං වා අජ්ඣත්තං කායසන්දොසං -පෙ- සන්තං වා අජ්ඣත්තං වචීසන්දොසං -පෙ- සන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘අත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසොති’ පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘නත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසොති’ පජානාසීති.
Sinhala BJTබ්‍රාහ්මණය, එ කිමැයි හඟිහි ද? අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ ද්වේෂය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මෝහය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ කායසන්‍දෝසය (කායද්වාරය කිලිටි වන කරුණ) ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ වචීසන්‍දොසය ... අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි ද? අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි දැ?යි.
Pali BJTඑවං භො.
Sinhala BJTභවත්නි, එසේ ය.
Pali BJTයං ඛො ත්වං බ්රාහ්මණ සන්තං වා අජ්ඣත්තං මනොසංදොසං ‘අත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසොති’ පජානාසි, අසන්තං වා අජ්ඣත්තං මනොසන්දොසං ‘නත්ථි මෙ අජ්ඣත්තං මනොසන්දොසොති{1}’ පජානාසි.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් හෙයෙකින් තෝ අධ්‍යාත්මයෙහි විද්‍යමාන වූ හෝ (-පෙ-) මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය ඇතැ’යි දන්හි නම්, අධ්‍යාත්මයෙහි අවිද්‍යමාන වූ හෝ මනෝසන්‍දෝසය ‘මාගේ අධ්‍යාත්මයෙහි මනෝසන්‍දෝසය නැතැ’යි දන්හි නම්,
Pali BJTඑවං ඛො බ්රාහ්මණ සන්දිට්ඨිකො ධම්මො හොති අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙලෙසින් ධර්‍මය සන්‍දිට්ඨික හා අකාලික හා ඒහිපස්සික හා ඕපනයික හා විඥයන් විසින් ප්‍රත්‍යාත්මයෙහි ලා දතයුතු වේ ය යි.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයකු කොට ධරණ සේක්ව යි.
Pali BJT6. 1. 5. 7.
Sinhala BJT6. 1. 5. 7.
Pali BJT[ඛෙම සුත්තං]
Sinhala BJT[ඛේම සූත්‍රය]
Pali BJT49. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච ඛෙමො ආයස්මා ච සුමනො සාවත්ථියං විහරන්ති අන්ධවනස්මිං. අථ ඛො ආයස්මා ච ඛෙමො ආයස්මා ච සුමනො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ඛෙමො භගවන්තං එතදවොච:
Sinhala BJT49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද සැවැත් නුවර අන්‍ධවනයෙහි වසන්නාහ. එකල්හි ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ද ආයුෂ්මත් සුමන තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ඛේම තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJTයො සො භන්තෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තො, තස්ස න එවං හොති “අත්ථි මෙ සෙය්යොති වා අත්ථි මෙ සදිසොති වා අත්ථි මෙ හීනොති වා”ති.
Sinhala BJTවහන්ස, අර්‍හත් වූ ක්‍ෂීණාස්‍රව වූ, වැසැ නිම වූ බඹසර ඇති, සිවුමඟින් කළ කිස ඇති, බහාතැබූ ත්‍රිවිධ භාර ඇති, පත් රහත් ඵල ඇති, පරික්‍ෂීණ භවසංයෝජන ඇති, සම්‍යග් හේතුයෙන් දැන අර්‍හත්ඵල විමුක්තියෙහි මිදුනු, යම් එ මහණෙක් වේ නම්, ඔහට “මට ශ්‍රෙෂ්ඨයෙක් ඇතැ”යි හෝ ‘මට සදෘශයෙක් ඇතැ’යි හෝ ‘මට හීනයෙක් ඇතැ’යි හෝ මෙබඳු (මාන) යෙක් නො වෙයි.
Pali BJTඉදමවොචායස්මා{1} ඛෙමො සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො ආයස්මා ඛෙමො සමනුඤ්ඤො මෙ සත්ථාති උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTආයුෂ්මත් ඛේම තෙරණුවෝ මෙය කීහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරණුවෝ ශාස්තෲන් මා වදන් අනුදත්හ’යි හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJTඅථ ඛො ආයස්මා සුමනො අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ඛෙමෙ භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ඛේම තෙරුන් නික්මගිය නොබෝ කල් වත් ම ආයුෂ්මත් සුමන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT“යො සො භන්තෙ භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො, තස්ස න එවං හොති. ‘නත්ථි මෙ සෙය්යොති වා, නත්ථි මෙ සදිසොති වා, නත්ථි මෙ හීනොති වා”ති.
Sinhala BJT“වහන්ස, අර්‍හත් ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති, කළ සිවුමග කරණී ඇති, බහාතැබූ ත්‍රිවිධභාර ඇති, පිළිවෙළින් පත් රහත්බව ඇති, පරීක්‍ෂීණභවසංයෝජන ඇති, මොනවට දැන විමුක්ත වූ යම් ඒ මහණෙක් වේ නම්, ‘මට ශ්‍රෙෂ්ඨයෙක් නැතැ’යි හෝ ‘මට සාදෘශයෙක් නැතැ’යි හෝ ‘මට හීනයෙක් නැතැ’යි හෝ යන මෙබඳු මානයෙක් ඔහට නැතැ”යි.
Pali BJTඉදමවොචායස්මා සුමනො සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො ආයස්මා සුමනො සමනුඤ්ඤො මෙ සත්ථාති උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTආයුෂ්මත් සුමන තෙරණුවෝ මෙය සැළකළහ. ශාස්තෲන් වහන්සේ අනුදත්හ. ඉක්බිති ආයුෂ්මත් සුමන තෙරණුවෝ ‘මා වදන් ශාස්තෲහු අනුදත්හ’යි හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ ආයස්මන්තෙ ච ඛෙමෙ ආයස්මන්තෙ ච සුමනෙ භික්ඛූ ආමෙන්තසි: එවං ඛො භික්ඛවෙ කුලපුත්තා අඤ්ඤං ව්යාකරොන්ති, අත්ථො ච වුත්තො, අත්තා ච අනුපනීතො. අථ ච පන ඉධෙකච්චෙ මොඝපුරිසා හසමානකා මඤ්ඤෙ අඤ්ඤං ව්යාකරොන්ති. තෙ පච්ඡා විඝාතං ආපජ්ජන්තීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛේම තෙරුන් ද ආයුෂ්මත් සුමන තෙරුන් ද නික්මගිය නොබෝ කල් ඇතිවත් ම, භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙසෙයින් ම කුලපුත්‍රයෝ අර්‍හත්‍වය පාළ කෙරෙති. අර්‍ත්‍ථය ද කියන ලද. තෙමේ ද අනුපනීත වෙයි. වැලිත් මෙ සස්නෙහි ඇතැම් තුච්ඡපුරුෂයෝ සිනාසෙන්නවුන් සෙයින් අර්‍හත්ත්‍වය පාළ කෙරෙත්. උහු පසු දුකට පත් වන්නාහ යි.
Pali BJT49. න උස්සෙසු න ඔමෙසු සමත්තෙ නොපනීයරෙ ඛීණා සඤ්ජාති වුසිතං බ්රහ්මචරියං චරන්ති සඤ්ඤොජනවිප්පමුත්තාති.
Sinhala BJT49. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කෙරෙහි දු හීන පුද්ගලයන් කෙරෙහි දු සම පුද්ගලයන් කෙරෙහි දු මානයෙන් නො එළඹෙත්. ජාතිය ක්‍ෂීණ ය. මඟබඹසර වැස නිමවනලද. ඒ රහත්හු සංයෝජනයන්ගෙන් විමුක්ත ව හැසිරෙත්.
Pali BJT6. 1. 5. 8.
Sinhala BJT6. 1. 5. 8.
Pali BJT[ඉන්ද්රියසංවරසුත්තං]
Sinhala BJT[ඉන්‍ද්‍රියසංවර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. ඉන්ද්රියසංවරෙ භික්ඛවෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJT50. මහණෙනි, ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවර රහිතයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සිල් නැති වත් ම ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැති වත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ තරුණවිදර්‍ශනාසඞ්ඛ්‍යාත යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) විමුක්තිය හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසවිපන්නො, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි න පාරිපූරිං ගච්ඡති, ඵෙග්ගුපි න පාරිපූරිං ගච්ඡති, සාරොපි න පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ ඉන්ද්රිය සංවරෙ අසති ඉන්ද්රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං -පෙ- (හතූපනිසං හොති) විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, අතුපතර නැති රුකෙක යම්බඳු වේ ද, එහි පතුරුත් පරිපූර්‍ණත්‍වයට නො යෙයි. සිවි දූ පරිපූර්‍ණත්‍වයට නො යෙයි. බොරු දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට නො යෙයි. මහණෙනි, එ පරිදි ම ඉන්‍ද්‍රියසංවර නැති වත් ම ඉන්‍ද්‍රියසංවරවිපන්නයාගේ ශීලය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි … විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.
Pali BJTඉන්ද්රියසංවරෙ භික්ඛවෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං. සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTමහණෙනි, ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම ශීලසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය (තරුණ විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය (බලවත් විදර්‍ශනාව) උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය (අර්‍හත්ඵල - ප්‍රත්‍යවේක්‍ෂාඥානය) උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ රුක්ඛො සාඛාපලාසසම්පන්නො, තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි පාරිපූරිං ගච්ඡති, ඵෙග්ගුපි පාරිපූරිං ගච්ඡති, සාරොපි පාරිපූරිං ගච්ඡති, එවමෙව ඛො භික්ඛවෙ ඉන්ද්රියසංවරෙ සති ඉන්ද්රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං -පෙ- (උපනිසසම්පන්නං හොති) විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTමහණෙනි, අතුපතර සපන් රුකෙක් යම්සේ වේ ද, එහි පතුරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි, සිවි දු පරිපූර්‍ණත්‍වයට යෙයි, බොරු ද පරිපූර්‍ණත්‍වයට යෙයි. හර දු පරිපූර්‍ණත්‍වයට යෙයි. මහණෙනි, එපරිදි ම ඉන්‍ද්‍රියසංවරය ඇති වත් ම ඉන්‍ද්‍රියසංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ යයි.
Pali BJT6. 1. 5. 9.
Sinhala BJT6. 1. 5. 9.
Pali BJT[ආනන්ද සුත්තං]
Sinhala BJT[ආනන්‍ද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT51. අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJT51. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ:
Pali BJTකිත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති, සුතා චස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති, යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසා සම්ඵුට්ඨපුබ්බා, තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්‍මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනෝද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?යි.
Pali BJTආයස්මා ඛො ආනන්දො බහුස්සුතො, පටිභාතු ආයස්මන්තඤ්ඤෙව ආනන්දන්ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහ්‍රශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට ම තෙල කරුණ වැටහේවයි.
Pali BJTතෙනහාවුසො සාරිපුත්ත සුණාහි සාධුකං මනසිකරොහි භාසිස්සාමීති. එවමාවුසොති ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, එ හෙයින් ම අසනු මැනැවැ. මොනොවට මෙනෙහි කළ මැනැවැ. කියමි යි. ඇවැත්නි, එසේ යයි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඉධාවුසො සාරිපුත්ත භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. යථාසුතං{1} යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙති. යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. යස්මිං ආවාසෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති පරිපඤ්හති: ඉදං භන්තෙ කථං? ඉමස්ස ක්වත්ථො’ති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු{2} ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූතධර්‍ම, වෙදල්ල යන ධර්‍මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රුත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්‍මධර වූ විනයධර වූ මාතිකා (ප්‍රාතිමෝක්‍ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්‍මයෙහි සැක ද දුරු කෙරෙත්.
Pali BJTඑත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු අස්සුතඤ්චෙව ධම්මං සුණාති. සුතා චස්ස ධම්මා න සම්මොසං ගච්ඡන්ති. යෙ චස්ස ධම්මා පුබ්බෙ චෙතසා සම්ඵුට්ඨපුබ්බා තෙ ච සමුදාචරන්ති, අවිඤ්ඤාතඤ්ච විජානාතීති.
Sinhala BJTඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්‍මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්‍ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්‍මයෝ ද මනෝද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.
Pali BJTඅච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාව සුභාසිතමිදං ආයස්මතා ආනන්දෙන. ඉමෙහි ච මයං ඡහි ධම්මෙහි සමන්නාගතං ආයස්මන්තං ආනන්දං ධාරෙම. (1) ආයස්මා හි ආනන්දො ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. (2) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. (3) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙති. (4) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. (5) ආයස්මා ආනන්දො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති, අනුවිචාරෙති, මනසානුපෙක්ඛති. (6) ආයස්මා ආනන්දො යස්මිං ආවාසෙ ථෙරා භික්ඛූ විහරන්ති බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තස්මිං ආවාසෙ වස්සං උපෙති. තෙ ආයස්මා ආනන්දො, කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති. පරිපඤ්හති “ඉදං භන්තෙ කථං, ඉමස්ස ක්වත්ථො”ති. තෙ ආයස්මතො ආනන්දස්ස අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්තී’ති.
Sinhala BJTඇවැත්නි, ආශ්චර්‍ය්‍ය ය, ඇවැත්නි, අද්භූත ය. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් විසින් මෙය සුභාෂිත මැ යි. ඇවැත්නි, අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ සදහමින් සමන්‍වාගතයකු කොට දරම්හ. (1) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍මය, වෙදල්ල ය යන ධර්‍ම පිරිවහත්. (2) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි විස්තර විසින් ධර්‍මය පරනට දෙසත්. (3) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් මෙරමා කියවත්. (4) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්‍මය විස්තර විසින් සජ්ඣායනා කෙරෙත්. (5) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කෙරෙත්, අනුවිචාරණ කෙරෙත්, මනසින් සිතා විමසා බලත්. (6) ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ යම් ආවාසයෙක බහුශ්‍රුත ආගතාගම ඇති ධර්‍මධර විනයධර මාතිකාධර තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කලින් කල ඔවුන් කරා එළඹ පරිපෘච්ඡා කෙරෙත්, පරිප්‍රශ්න කෙරෙත්: “වහන්ස, මෙ කිසේ ය? මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය කවරේ දැ?”යි. එ ආයුෂ්මත්හු ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට අවිවෘතය ද විවෘත කරත්, නො පාළ වූ දැය ද පාළ කෙරෙත්, සැකයට කරුණු වූ නන් වැදෑරුම් දහම්හි සැක ද දුරු කෙරෙත් ය යි.
Pali BJT6. 1. 5. 10.
Sinhala BJT6. 1. 5. 10.
Pali BJT[ඛත්තියසුත්තං]
Sinhala BJT[ඛත්තිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT52. අථ ඛො ජාණුස්සොණී බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජාණුස්සොණී බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT52. එකල්හි ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
Pali BJT(1) ඛත්තියා භො ගොතම කිමධිප්පායා,{1} කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිං පරියොසානාති?
Sinhala BJT(1) භවත් ගෞතමයන් වහන්ස, ක්‍ෂත්‍රියයෝ කවර අධිප්‍රාය (අදහස්) ඇත්තාහු ද? කවර උපවිචාර (ආසා - සෙවීම්) ඇතියාහු ද? කවර අධිෂ්ඨාන (ප්‍රාර්‍ත්‍ථනා) ඇතියාහු ද? කවර අභිනිවේශ (කුමක් සඳහා නැමුනු සිත්) ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන (අවසන් අපේක්‍ෂා) ඇතියාහු දැ යි.
Pali BJTඛත්තියා ඛො බ්රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, බලාධිට්ඨානා, පඨවීභිනිවෙසා, ඉස්සරියපරියොසානාති.
Sinhala BJTබමුණ, ක්‍ෂත්‍රියයෝ භෝගාධිප්‍රායයහ. පැණවත් වම්හ යන උපවිචාර ඇතියහ. බලකාය අධිෂ්ඨාන කොට ඇතියහ. පොළෝ (අධිපති බව) පිණිස අභිනිවේශ ඇතියහ. ඓශ්චර්‍ය්‍ය - රාජ්‍යාභිෂේකය පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
Pali BJT(2) බ්රාහ්මණා පන භො ගොතම කිමධිප්පායා,{1} කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිං පරියොසානාති?
Sinhala BJT(2) භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
Pali BJTබ්රාහ්මණා ඛො බ්රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, මන්තාධිට්ඨානා, යඤ්ඤාභිනිවෙසා, බ්රහ්මලොකපරියොසානාති.
Sinhala BJTබ්‍රාහ්මණය, බමුණෝ භෝගාධිප්‍රාය ඇතියහ. ප්‍රඥොපවිචාර ඇතියහ. මන්ත්‍රාධිෂ්ඨාන ඇතියහ. යඥාභිනිවේශ (යාග කිරීමෙහි නැමුනු සිත්) ඇතියහ. බ්‍රහ්මලෝක පර්‍ය්‍යවසාන ඇතියහ.
Pali BJT(3) ගහපතිකා පන භො ගොතම කිමධිප්පායා{1} කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා, කිංපරියොසානාති?
Sinhala BJT(3) භවත් ගෞතමයන් වහන්ස, ගැහැවිහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැ?යි.
Pali BJTගහපතිකා ඛො බ්රාහ්මණ භොගාධිප්පායා, පඤ්ඤූපවිචාරා, සිප්පාධිට්ඨානා, කම්මන්තාභිනිවෙසා, නිට්ඨිතකම්මන්තපරියොසානාති.
Sinhala BJTගැහැවියෝ භෝගාධිප්‍රාය ඇතියහ, ප්‍රඥොපචිචාර ඇතියහ, ශිල්පාධිෂ්ඨාන ඇතියහ, කර්‍මාන්තාභිනිවේශ ඇතියහ, නිෂ්ඨිත කර්‍මාන්ත (කර්‍මාන්තය නිමවීම) පර්‍ය්‍යවසාන කොට ඇතියහ යි.
Pali BJT(4) ඉත්ථි පන භො ගොතම කිමධිප්පායා{1} කිං උපවිචාරා, කිං අධිට්ඨානා කිං අභිනිවෙසා, කිංපරියොසානාති.
Sinhala BJT(4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්‍රීහු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
Pali BJTඉත්ථි ඛො බ්රාහ්මණ පුරිසාධිප්පායා, අලඞ්කාරූපවිචාරා, පුත්තාධිට්ඨානා, අසපත්තීභිනිවෙසා,{2} ඉස්සරියපරියොසානාති.
Sinhala BJTබ්‍රාහ්මණය, ස්ත්‍රීහු පුරුෂාධිප්‍රාය ඇතියහ. අලඞ්කාරෝපවිචාර ඇතියහ. පුත්‍රාධිෂ්ඨාන ඇතියහ. අසපත්තී (ගෘහයෙහි දෙවැන්නියක් නැති තමන් පමණක් අධිපති භාවයෙහි) අභිනිවේශ ඇතියහ, ඓශ්චර්‍ය්‍ය (සම්පත්) පර්‍ය්‍යවසාන ඇතියහ යි.
Pali BJT(5) චොරා පන භො ගොතම කිමධිප්පායා{1} කිං උපවිචාරා, කිං අධිට්ඨානා කිං අභිනිවෙසා කිං පරියොසානාති?
Sinhala BJT(5) භවත් ගෞතමයන් වහන්ස, සොරු කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
Pali BJTචොරා ඛො බ්රාහ්මණ ආදානාධිප්පායා, ගහනූපවිචාරා, සඨාධිට්ඨානා{3} අන්ධකාරාභිනිවෙසා,{4} අදස්සනපරියොසානාති.
Sinhala BJTබ්‍රාහ්මණය, සොරු ආදානය අධිප්‍රාය කොට ඇතියහ, ගහනෝපවිචාර (මුවහතැන් පිළිබඳ උපවිචාර) ඇතියහ, ශඨාධිෂ්ඨාන (සටබැව් අධිෂ්ඨාන කොට) ඇතියහ. අන්‍ධකාරාභිනිවේශ ඇතියහ. අදර්‍ශනය පර්‍ය්‍යවසාන කොටඇතියහ යි.
Pali BJT(6) සමණා පන හො ගොතම කිමධිප්පායා, කිං උපවිචාරා, කිං අධිට්ඨානා, කිං අභිනිවෙසා කිං පරියොසානාති.
Sinhala BJT(6) භවත් ගෞතමයන් වහන්ස, ශ්‍රමණයෝ කවර අධිප්‍රාය ඇතියාහු ද? කවර උපවිචාර ඇතියාහු ද? කවර අධිෂ්ඨාන ඇතියාහු ද? කවර අභිනිවේශ ඇතියාහු ද? කවර පර්‍ය්‍යවසාන ඇතියාහු දැයි.
Pali BJTසමණා ඛො බ්රාහ්මණ ඛන්තිසොරච්චාධිප්පායා, පඤ්ඤූපවිචාරා, සීලාධිට්ඨානා, ආකිඤ්චඤ්ඤාභිනිවෙසා,{5} නිබ්බානපරියොසානාති.
Sinhala BJTබ්‍රාහ්මණය, ශ්‍රමණයෝ ක්‍ෂාන්තිය හා සුරතභාවය අධිප්‍රාය කොට ඇතියාහ, ප්‍රඥොපවිචාර ඇතියාහ. ශීලාධිෂ්ඨාන ඇතියාහ, අකිඤ්චනභාවාභිනිවේශ (ග්‍රහණ නැති බව අභිනිවේශ කොට) ඇතියාහ, නිර්‍වාණපර්‍ය්‍යාවසාන ඇතියාහ යි.
Pali BJTඅච්ඡරියං භො ගොතම, අබ්භුතං භො ගොතම. ඛත්තියානම්පි භවං ගොතමො ජානාති අධිප්පායඤ්ච, උපවිචාරඤ්ච, අධිට්ඨානඤ්ච, අභිනිවෙසඤ්ච, පරියොසානඤ්ච. බ්රාහ්මණානම්පි භවං ගොතමො ජානාති -පෙ- ගහපතිකානම්පි භවං ගොතමො ජානාති -පෙ- ඉත්ථීනම්පි භවං ගොතමො ජානාති -පෙ- චොරානම්පි භවං ගොතමො ජානාති -පෙ- සමණානම්පි භවං ගොතමො ජානාති අධිප්පායඤ්ච, උපවිචාරඤ්ච, අධිට්ඨානඤ්ච, අභිනිවෙසඤ්ච, පරියොසානඤ්ච.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍ය යි. භවත් ගෞතමයන් වහන්ස, අද්භූත යි. භවත් ගෞතමයන් වහන්සේ ක්‍ෂත්‍රියයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ගැහැවියන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ස්ත්‍රීන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ සොරුන්ගේ ද ... දන්නාහ. භවත් ගෞතමයන් වහන්සේ ශ්‍රමණයන්ගේ ද අධිප්‍රාය හා උපවිචාර හා අධිෂ්ඨාන හා අභිනිවේශ හා පර්‍ය්‍යවසාන හා දන්නාහ.
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවි හිමියෙන් මා තෙරුවන් සරණ ගිය උවසුවකු කොට ධරන සේක්ව යි.
Pali BJT6. 1. 5. 11.
Sinhala BJT6. 1. 5. 11.
Pali BJT[අප්පමාද සුත්තං]
Sinhala BJT[අප්පමාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT53. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT53. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතු සිහි එළවිය යුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
Pali BJTඅත්ථි නු ඛො භො ගොතම එකො ධම්මො භාවිතො බහුලීකතො යො උභො අත්ථෙ සමධිගය්හ{1} තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකොති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දෘෂ්ටධාර්මික අර්‍ත්‍ථය හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇද්දැ? යි.
Pali BJTඅත්ථි ඛො බ්රාහ්මණ, එකො ධම්මො භාවිතො බහුලීකතො යො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකොති.
Sinhala BJTබ්‍රාහ්මණය, භාවිත වූ බහුලීකෘත වූ යම් ධර්‍මයෙක් දිටුදැම් අර්‍ත්‍ථ හා යම් සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ ද යන උභයාර්‍ත්‍ථය ම මැනැවින් ගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මයෙක් ඇත.
Pali BJTකතමො පන භො ගොතම එකො ධම්මො භාවිතො බහුලීකතො යො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකොති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටු දැමි අර්‍ත්‍ථ හා පරලෙව්හි අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය කවරේ දැ?යි.
Pali BJTඅප්පමාදො ඛො බ්රාහ්මණ, එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් ධර්‍මයෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැමි අර්‍ත්‍ථ හා සාම්පරායික අර්‍ත්‍ථයෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ ද, එබඳු එක ධර්‍මය අප්‍රමාදය වෙයි.
Pali BJT(1) සෙය්යථාපි බ්රාහ්මණ, යානි කානිචි ජඞ්ගමානං{2} පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති. හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහත්තෙන.{3} එවමෙව ඛො බ්රාහ්මණ අප්පමාදො එකො ධම්මො භාවිතො බහුලීකතො උභො අත්ථෙ සමධිගය්හ තිට්ඨති දිට්ඨධම්මිකඤ්චෙව අත්ථං, යො ච අත්ථො සම්පරායිකො.
Sinhala BJT(1) බ්‍රාහ්මණය, යම් කිසි ජඞ්ගම (භූමියෙහි හැසිරෙන) ප්‍රාණීන්ගේ පාදයෝ වෙත් නම්, එ හැම යම්සේ ඇත්පියෙහි සමවධානයට (ඇතුළත් වීමට) යෙත් ද, ඇත්පිය මහත්ත්‍වයෙන් එ පදයනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එ පරිදි ම අප්‍රමාද නම් වූ එක ම ධර්‍මය භාවිත වූයේ බහුලීකෘත වූයේ දිටුදැම් අරුත් හා යම් පරලොව්හි අරුතෙක් වේ නම්, ඒ උභයාර්‍ත්‍ථය ම මැනැවින් ලැබගෙණ සිටුනේ වේ.
Pali BJT(2) සෙය්යථාපි බ්රාහ්මණ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො බ්රාහ්මණ, [අප්පමාදො] -පෙ-
Sinhala BJT(2) බ්‍රාහ්මණය, යම් පරිදි කූටාගාරයක්හුගේ යම්කිසි ගොනැස්හු වෙත් නම්, එ හැම කූටය (මුදුන) ට ගියාහු කූටයට නැමුනාහු කූටය හා එක් වූවාහු වෙත් ද, කූටය ඔවුනට අග්‍ර යයි කියනුලැබේ ද, බ්‍රාහ්මණය, එසෙයින් ම (අප්‍රමාදය) ...
Pali BJT(3) සෙය්යථාපි බ්රාහ්මණ, බබ්බජලායකො{4} බබ්බජං ලායිත්වා අග්ගෙ ගහෙත්වා ඔධුනාති, නිද්ධුනාති,{5} නිච්ඡාදෙති. එවමෙව ඛො බ්රාහ්මණ, [අප්පමාදො] -පෙ-
Sinhala BJT(3) බ්‍රාහ්මණය, යම් පරිදි බබුස්තණ නෙළනුයෙක් බබුස්තණ නෙළා අක්හි ගෙණ යටිහුරු කොට සලා නම් දෙපසින් සලා නම් අත්හි හෝ රුක්හි ගටා නම්, බ්‍රාහ්මණය, එ පරිදි (අප්‍රමාදය) ...
Pali BJT(4) සෙය්යථාපි බ්රාහ්මණ, අම්බපිණ්ඩියා වණ්ටච්ඡින්නාය යානි කානිචි අම්බානි වණ්ටුපනිබන්ධනානි, සබ්බානි තානි තදන්වයානි භවන්ති. එවමෙව ඛො බ්රාහ්මණ [අප්පමාදො] -පෙ-
Sinhala BJT(4) බ්‍රාහ්මණය, යම් පරිදි නටුයෙන් සිඳී ගිය අඹකැනෙහි යම් ම අඹ නටුව හා බැඳුනේ නම් එ හැම එ අනුව ගියේ වේ ද, බමුණ, එ පරිදි (අප්‍රමාදය) ...