Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසෙක්ඛා ද්වෙ අපරිහානි මොග්ගල්ලාන විජ්ජාභාගියා විවාද දානත්තකාරි නිදානං කිම්බිලදාරුක්ඛන්ධෙන නාගිතොති.
Sinhala BJTසේඛ සූත්‍රය, අපරිහානිය සූත්‍ර දෙකෙක, මොග්ගල්ලාන සූත්‍රය, විජ්ජාභාගිය සූත්‍රය, විවාදමූල සූත්‍රය, දාන සූත්‍රය, අත්තකාරි සූත්‍රය, නිදාන සූත්‍රය, කිම්බිල සූත්‍රය, දාරුක්ඛන්‍ධ සූත්‍රය, නාගිත සූත්‍රය යි ද්වාදශ සූත්‍ර කෙනෙකි.
Pali BJT5. ධම්මික වග්ගො
Sinhala BJT5. ධම්මික වර්‍ගය
Pali BJT6. 1. 5. 1.
Sinhala BJT6. 1. 5. 1.
Pali BJT[නාග සුත්තං]
Sinhala BJT[නාග සූත්‍රය]
Pali BJT43. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්ත චීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
Sinhala BJT43. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවර පිඬු පිණිස වන්සේක. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූසේක:
Pali BJT“ආයාමානන්ද, යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමිස්සාම දිවාවිහාරායා”ති.
Sinhala BJTආනන්‍දයෙනි, දිවාවිහාර සඳහා යම්හ, පුබ්බාරාම නම් වූ මුවරමාපහය කරා එළැඹෙන්නමෝවයි.
Pali BJT“එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJT“එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බාරාමො මිගාරමාතුපාසාදො තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා සමග පුබ්බාරාම නම් වූ මිගාරමාතුපාසාදය කරා එළැඹි සේක.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල්හි පිළිසලනින් නැගිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූහ:
Pali BJT“ආයාමානන්ද, යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමිස්සාම ගත්තානි පරිසිඤ්චිතුං”ති.
Sinhala BJT“ආනන්‍දයෙනි, සිරිරු සිලිලින් සනහන්නට පූර්‍වකෝෂ්ඨය (පුබ්බකොට්ඨක නම් නහනතොට) කරා යම්හ”යි.
Pali BJT“එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි”.
Sinhala BJT“එසේය වහන්සැ”යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු ඇස්සූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. පුබ්බකොට්ඨකෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තතානි පුබ්බාපයමානො.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් හා (පන්සියක් භික්‍ෂූන්) සමග පූර්‍වකෝෂ්ඨකය කරා ගාත්‍රපරිෂේකයට (නහන පිණිස) වැඩිසේක. පූර්‍වකොෂ්ඨකයෙහි සිරිරු නහවා ගොඩවී ඒකචීවර වූ සේක් (හඳනය පමණක් හැඳ) සිරිරු දියසිඳුවමින් සිටිසේක.
Pali BJTතෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස ‘සෙතො’ නාම නාගො මහාතුරියතාලිතවාදිතෙන පුබ්බකොට්ඨකා පච්චුත්තරති. අපිස්සු තං ජනො දිස්වා එවමාහ:
Sinhala BJTඑසමයෙහි පසේනදි කොසොල් මහරජුගේ ‘සෙත’ නම් ඇත්රජ මහාතූර්‍ය්‍යතාලම්-වාදයෙන් පූර්‍වකෝෂ්ඨයෙන් ගොඩ එන්නේ ය. එසේ වත් ම, ජනයා ඔහු දැක මෙසේ කියයි:
Pali BJT“අභිරූපො වත භො{1} රඤ්ඤො නාගො, දස්සනීයො වත භො රඤ්ඤො නාගො, පාසාදිකො වත භො රඤ්ඤො නාගො, කායූපපන්නො වත භො රඤ්ඤො නාගො”ති.
Sinhala BJTභවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ මහානාගයා (ඇත්රජ) අභිරූප වෙයි. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ දර්‍ශනීයය. භවත්නි, මහරජුගේ මෙ ඇත්රජ ප්‍රාසාදික ය. භවත්නි, ඒකාන්තයෙන් මහරජුගේ මෙ ඇත්රජ තුනුසපුයෙන් යුතු (පිරිපුන් අඟපසඟ ඇතියේ) ය යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායි භගවන්තං එතදවොච: “හත්ථිමෙව නු ඛො භන්තෙ මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ: නාගො වත භො නාගොති: උදාහු අඤ්ඤම්පි කඤ්චි මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ: නාගො වත භො නාගොති?”
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: වහන්ස, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇතක්හු ම දැක, ‘පින්වත්නි, ඒකාන්තයෙන් මහ නාගයෙකැයි කියා ද? නැතහොත්, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟින් යුක්ත වූ අන්කිසිවකුදු දැක, “පින්වත්නි, ඒකාන්තයෙන් මහානාගයෙකැයි කියා දැ?” යි.
Pali BJTහත්ථිම්පි ඛො උදායි, මහන්තං බ්රූහන්තං කායූපපන්නං ජනො දිස්වා එවමාහ:” නාගො වත භො නාගො”ති. අස්සම්පි ඛො උදායි -පෙ- ගොණම්පි ඛො උදායි -පෙ- උරගම්පි ඛො උදායි -පෙ- රුක්ඛම්පි ඛො උදායි, -පෙ- මනුස්සම්පි ඛො උදායි, මහන්තං බ්රූහන්තං{1} කායූපපන්නං ජනො දිස්වා එවමාහ: “නාගො වත භො නාගො”ති. අපි ච උදායි යො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය “ආගුං න කරොති කායෙන වාචාය මනසා, තමහං නාගො”ති බ්රූමීති.
Sinhala BJTඋදායියෙනි, ජනයා ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති ඇත්රජකුදු දැක “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. උදායියෙනි, අශ්වයකුදු ... උදායියෙනි, ගොනකුදු ... උදායියෙනි, උරගයකුදු ... උදායියෙනි, වෘක්‍ෂයකුදු ... උදායියෙනි, ආරෝහසම්පන්න වූ පරිණාහසම්පන්න වූ පිරිපුන් අඟපසඟ ඇති මනුෂ්‍යයකුදු දැක ජනයා “භවත්නි, ඒකාන්තයෙන් මහානාගයෙක” යනු කියයි. වැලිත් උදායියෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි යමෙක් ආගු සඞ්ඛ්‍යාත ලමු අකුසල්දම් කයින් වචසින් මනසින් නො කෙරේ නම්, මම ඔහු ‘නාග’ යයි කියමියි.
Pali BJTඅච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං භන්තෙ, භගවතා{2} “අපි ච උදායි, යො සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, ආගුං න කරොති කායෙන වාචාය මනසා, තමහං නාගොති බ්රූමී”ති.
Sinhala BJTවහන්ස, අසිරි ය! වහන්ස අද්භූත ය!! වහන්ස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිත ම ය: “වැලිත් උදායියෙනි දෙවිබඹුන් සියෝ මරුන් සියෝ ලෝකයෙහි, මහණබමුණන් සියෝ දෙවිමිනිසුන් සියෝ ප්‍රජායෙහි යමෙක කාවිසිමුනි තුන්දොරින් පව් නො කෙරේ ද, මම උහු නාගයහයි කියමි”යි වදාළසේක.
Pali BJTඉදඤ්ච පනාහං භන්තෙ, භගවතො සුභාසිතං ඉමාහි ගාථාහි අනුමොදාමි:
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ මේ සුභාෂිතය මේ ගාථායෙන් අනුමෝදන් වෙමි:
Pali BJT18. මනුස්සභූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං ඉරීයමානං බ්රහ්මපථෙ චිත්තස්සුපසමෙ රතං.
Sinhala BJT18. මනුෂ්‍ය වූ මැ තමා විසින් දැමුනු (ද්විවිධ සමාධියෙන්) සමාහිත වූ නිර්‍වාණමාර්‍ගයෙහි වසන (ධ්‍යානයෙන්) චිත්තව්‍යුපශමයෙහි නියැලුනු,
Pali BJT19. යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මාන පාරගුං, දෙවාපි නං{3} නමස්සන්ති ඉති මෙ අරහතො සුතං.
Sinhala BJT19. ස්කන්‍ධාදි සර්‍වධර්‍මඥානයෙහි පාරප්‍රාප්ත වූ යම් බුද්ධනාගයකු මනුෂ්‍යයෝ නමදිත් නම්, ඒ බුදුන් දෙවියෝ ද නමදිත් ය යනු අර්‍හත් වන මුබ වෙත මා විසින් අසනලදී.
Pali BJT20. සබ්බසඤ්ඤොජනාතීතං වනා නිබ්බානමාගතං කාමෙහි නෙක්ඛම්මරතං මුත්තං සෙලාව කඤ්චනං.
Sinhala BJT20. සර්‍වසංයෝජනයන් ඉක්මගිය (කෙලෙස්) වනයෙන් නිවනට පැමිණි, (ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යයෙහි අභිරත වූ ශෛලපර්‍වතයෙන් ගුළු රනක් සෙයින් කාමයෙන් මුක්ත වූ උන්වහන්සේ දෙවියෝ නමදිත්.
Pali BJT21. සබ්බෙ අච්චරුචී නාගො හිමවා චඤ්ඤෙ{4} සිලුච්චයෙ සබ්බෙසං නාගනාමානං සච්චනාමො අනුත්තරො.
Sinhala BJT21. අන්‍ය පර්‍වතයන් ඉක්මවා දිලෙන හිමවත් පර්‍වතය සෙයින් බුද්ධනාග තෙම හැම නාගයන් මැඩැගෙණ වොරඳනා රුචි (බැබැළුම්) ඇතියේ ය. හැම නාගනාම ඇතියන් අතුරෙහි (පව් නො කරන හෙයින්) සත්‍ය වූ නාග නාම ඇති බුදුතෙම අනුත්තර වෙයි.
Pali BJT22. නාගං වො කිත්තයිස්සාමි නහි ආගුං කරොති සො සොරච්චං අවිහිංසා ච පාදා නාගස්ස තෙ දුවෙ.
Sinhala BJT22. තොපට නාගයා කීර්‍තනය කරමි: හෙ (අකුශලධර්‍මසඞ්ඛ්‍යාත) ආගු නො කෙරෙයි. (ශුචිශීලසඞ්ඛ්‍යාත) සුරතභාවය ද, (කරුණා හා කරුණාපූර්‍වභාගසඞ්ඛ්‍යාත) අවිහිංසාව ද බුද්ධනාග වූ ඔබගේ (පෙර) දෙපා වෙයි.
Pali BJT23. තපො ච බ්රහ්මචරියං චරණා නාගස්ස ත්යාපරෙ සද්ධාහත්ථො මහානාගො උපෙක්ඛාසෙතදන්තවා.
Sinhala BJT23. (ධුතසමාදාන සඞ්ඛ්‍යාත) තපස ද, (ආර්‍ය්‍යමාර්‍ගශීල සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය ද නාග වූ ඔබගේ අපර වූ චරණ (පසුබා) දෙක යි. මහාබුද්ධනාග තෙම ශ්‍රද්ධා නැමැති සොඬ ඇතියේ ෂඩඞ්ගෝපේක්‍ෂා සඞ්ඛ්‍යාත ශ්වේතදන්ත ඇතියේ ය.
Pali BJT24. සති ගීවා සිරො පඤ්ඤා වීමංසා ධම්මචිත්තනා ධම්මකූච්ඡිසමාවාපො{5} විවෙකො තස්ස වාලධි.
Sinhala BJT24. එ බුද්ධනාගයාගේ ග්‍රීවාව ස්මෘති ය යි. ශීර්‍ෂය (සර්‍වඥතා නැමැති) ප්‍රඥා යි. ධර්‍මචින්තාව (ධර්‍ම කොටස් පිරිසිඳ දන්නා ඥානය) මීමාංසා (සොඬ අග) යි. (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) ධර්‍මය ම (ඍද්ධිවිධාදි අභිඥාබලරාශිභූතස්ථාන හෙයින්) කුක්‍ෂිසමාවාප නම් (උදරය) වෙයි. ත්‍රිවිධ විවේකය උහුගේ වාලධි ය යි.
Pali BJT25. සො ඣායී අස්සාසරතො අජ්ඣත්තං සුසමාහිතො ගච්ඡං සමාහිතො නාගො ඨිතො නාගො සමාහිතො.
Sinhala BJT25. ධ්‍යාන කරණසුලු එ බුද්ධනාග ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත ආශ්වාසයෙහි (ප්‍රාණයෙහි) නියැලියේ අද්ධ්‍යාත්මයෙහි මොනොවට සමාහිත ය. බුද්ධනාග යන්නේ ද සමාහිත ම වෙයි. බුද්ධනාග සිටියේ ද සමාහිත ම වෙයි.
Pali BJT26. සෙය්යං සමාහිතො නාගො නිසින්නොපි සමාහිතො සබ්බත්ථ සංවුතො නාගො එසා නාගස්ස සම්පදා
Sinhala BJT26. නාග තෙම හෝනේ ද සමාහිත ම වෙයි. හිඳුනේ ද සමාහිතම වෙයි. හැම ද්වාරයෙහි ම නාග තෙමේ සංවෘත ය. තෙල නාගයාගේ පරිපූර්‍ණත්‍වය යි.
Pali BJT27. භුඤ්ජති අනවජ්ජානි සාවජ්ජානි න භුඤ්ජති ඝාසං අච්ඡාදනං{1} ලද්ධා සන්නිධිං පරිවජ්ජයෙ{2}.
Sinhala BJT27. (හේ සම්‍යගාජීවයෙන් ලත්) අනවද්‍ය ප්‍රත්‍යයන් වළඳ කරයි. (මිථ්‍යාජීවයෙන් ලත්) සාවද්‍ය ප්‍රත්‍යයන් නො වළඳන්නේ ය. ආහාර වස්ත්‍ර ලැබ සන්නිධි කරණය (රැස්කොට තැබීම) දුරලන්නේ ය.
Pali BJT28. සඤ්ඤොජනං අණුං ථූලං සබ්බං ඡෙත්වාන බන්ධනං යෙන යෙනෙව ගච්ඡති අනපෙක්ඛො’ව ගච්ඡති.
Sinhala BJT28. කුදු මහත් බන්‍ධන වූ හැම සංයෝජනයන් සිඳලා යම් මැ දිගෙකැ යේ නම් අපේක්‍ෂා නැතියේ ම යෙයි.
Pali BJT29. යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඪති නූපලිප්පති{3} තොයෙන සුචිගන්ධං මනොරමං.
Sinhala BJT29. දියෙහි උපන් හෙළ පියුම යම් සෙයින් වැඩේ ද, පිවිතුරු සුවඳැතියේ සිත්කලු වූයේ යම්සේ දියෙන් නො තැවරේ ද,
Pali BJT30. තථෙව ලොකෙ සුජාතො බුද්ධො ලොකෙ විරජ්ජති{4} නූපලිප්පති{3} ලොකෙන තොයෙන පදුමං යථා.
Sinhala BJT30. එසෙයින් ලොව්හි මොනොවට උපන් බුදුරජ ලොව්හි නො මැ ඇලෙයි. දියෙන් තවර නො ගන්නා පියුම සෙයින් ලෝකයෙන් නො මැ තැවැරෙයි.
Pali BJT31. මහග්ගිනී පජ්ජලිතො{5} අනාහාරූපසම්මති සඞ්ඛාරෙසූපසන්තෙසු නිබ්බුතොති පවුච්චති.
Sinhala BJT31. දැල්වුනු මහගින්න අනාහාරයෙන් සන්හිඳෙයි. (එසෙයින්) සංස්කාරයන් සන්හුන් කල්හි (පුද්ගලයා) නිර්‍වෘත ය යි කියනු ලැබේ.
Pali BJT32. අත්ථස්සායං විඤ්ඤාපනී උපමා විඤ්ඤූහි දෙසිතා විඤ්ඤස්සන්ති මහානාගා නාගං නාගෙන දෙසිතං.
Sinhala BJT32. අර්‍ත්‍ථය හඳුන්වන මෙ උපමාව (පිළිසිඹියාපත්) විඥයන් විසින් දෙසන ලදු. (උදායිත්‍ථේර) නාගයා විසින් දෙසනලද බුද්ධනාගයා සෙසු ක්‍ෂීණාස්‍රවනාගයෝ දන්නාහ.
Pali BJT33. වීතරාගො වීතදොසො වීතමොහො අනාසවො සරීරං විජහං නාගො පරිනිබ්බිස්සති අනාසවොති.
Sinhala BJT33. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ ආස්‍රව නැති නාග තෙම (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) සිරුර හැරලමින්, අනාස්‍රව වූයේ (අනුපාදිශේෂ පරිනිර්‍වාණයෙන්) පිරිනිවේ ය යි.
Pali BJT6. 1. 5. 2.
Sinhala BJT6. 1. 5. 2.
Pali BJT[මිගසාලාසුත්තං]
Sinhala BJT[මිගසාලා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො මිගසාලා උපාසිකා යෙනායස්මා ආනන්දො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො මිගසාලා උපාසිකා ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJT44. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙණ මිගසාලා උපාසිකාවගේ නිවස කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි හුන්හ. ඉක්බිති මිගසාලා උපාසිකා ආනන්‍ද තෙරුන් කරා එළැඹියා ය. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් මිගසාලා උපාසිකා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙල කරුණ සැළකළා:
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච{6} අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං?
Sinhala BJTවහන්ස ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරිලොව්හි සමභාවයෙන් සමගති ඇති වූහු නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මේ ධර්‍මය කෙසේ නම් (කවර නම් කරුණෙකින් අප විසින්) දතයුතු වේ ද?
Pali BJTපිතා මෙ භන්තෙ පුරාණො බ්රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො.{7} භගවතා ව්යාකතො. “සකදාගාමී සත්තො{8} තුසිතං කායං උපපන්නොති.” පෙත්තෙය්යොපි{9} මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො. සොපි කාලකතො.{7} භගවතා ව්යාකතො: “සකදාගාමි සත්තො{8} තුසිතං කායං උපපන්නො”ති.
Sinhala BJTවහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියාහු වෙන් වූවාහු බ්‍රහ්මචාරී වූහු. “උහු සකෘදාගාමි සත්ත්‍ව වූහු ය, කලුරිය කළාහු තුසිතදේවකායට එළැඹියාහු”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘතය. වහන්ස, මාගේ ඍෂිදත්ත නමැති පිතෘව්‍යයෙක් (=සුලුපියෙක්) ද ස්වදාරයන් හා සතුටු වූයේ බ්‍රහ්මචාරී නො වී ය. හෙ ද සකෘදාගාමී සත්ත්‍ව වූයේ කලුරිය කළේ තුසිතකායට එළැඹියැයි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. (ප්‍රකාශිතය.)
Pali BJTකථං කථං නාමායං භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇතිවූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් දතයුත්තේ දැ’?යි.
Pali BJTඑවං ඛො පනෙතං භගිනි භගවතා ව්යාකතන්ති.
Sinhala BJTබුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසෙයින් ම තෙල ව්‍යාකෘත ය.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො මිගසාලාය උපාසිකාය නිවෙසනෙ පිණ්ඩපාතං ගහෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා ආනන්දො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මිගසාලා උවැසියගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය ගෙණ හුනස්නෙන් නැඟී වැඩියහ. එකල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පසුබත්හි පිඬුවායෙන් වැළකියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJTඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන මිගසාලාය උපාසිකාය නිවෙසනං, තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදිං. අථ ඛො භන්තෙ මිගසාලා උපාසිකා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නා ඛො භන්තෙ මිගසාලා උපාසිකා මං එතදවොච:
Sinhala BJTවහන්ස, මම පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ මෙ සැවැත්හි මිගසාලා උවැසියගේ නිවෙස්නට එළඹියෙමි. එළඹ පැන වූ අස්නෙහි හුන්මි. වහන්ස, ඉක්බිති මිගසාලා උපාසිකා මා කරා එළඹියා. එළඹ මා වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හිඳ මිගසාලා උවැසි මට තෙල පැවැසූ:
Pali BJTකථං කථං නාමාය භන්තෙ ආනන්ද, භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරී ච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායං. පිතා මෙ භන්තෙ පුරාණො බ්රහ්මචාරී අහොසි ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. සො කාලකතො{1}. භගවතා ව්යාකතො: සකදාගාමී සත්තො{2} තුසිතං කායං උපපන්නොති. පෙත්තෙය්යොපි{3} මෙ භන්තෙ ඉසිදත්තො අබ්රහ්මචාරී අහොසි සදාරසන්තුට්ඨො. සොපි කාලකතො. භගවතා ව්යාකතො: සකදාගාමී සත්තො{2} තුසිතං කායං උපපන්නොති. කථං කථං නාමායං භන්තෙ ආනන්ද භගවතා ධම්මො දෙසිතො අඤ්ඤෙය්යො, යත්ර හි නාම බ්රහ්මචාරීච අබ්රහ්මචාරී ච උභො සමසමගතිකා භවිස්සන්ති අභිසම්පරායන්ති?
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇත්තාහු වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ දහම් කිසෙයින් කිසෙයින් දතයුතු ද? වහන්ස, මපියානෝ පුරාණයෝ ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළැකියාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වූහ. “සකෘදාගාමි පුද්ගල වූ උහු කාලක්‍රියා කළාහු තුසිතදේවකායට එළඹියහ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, මාගේ පිතෘව්‍යයෙක් (සුළුපියෙක්) වූ ඉසිදත්ත අබ්‍රහ්මචාරී වූයේ ස්වදාරයන් හා සන්තුෂ්ට වී ය. “හේ ද සකෘදාගාමී පුද්ගල වූයේ කලුරිය කළේ තුසිතකායට එළඹියැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් ව්‍යාකෘත ය. වහන්ස, යම් ධර්‍මයෙක්හි බ්‍රහ්මචාරී හා අබ්‍රහ්මචාරී හා දෙදෙන පරලොව්හි සම සම ගති ඇති වූහු යන භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද මෙ ධර්‍මය කිසෙයින් කිසෙයින් දතයුතු දැ?’යි.
Pali BJTඑවං වුත්තෙ අහං භන්තෙ මිගසාලං උපාසිකං එතදවොචං: එවං ඛො පනෙතං භගිනි භගවතා බ්යාකතන්ති.
Sinhala BJTවහන්ස, මෙසේ කී කල්හි මම මිගසාලා උවැසියට තෙල කීමි: “බුහුනනියනි, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල මෙසෙයින් ම ව්‍යාකෘත ය”යි.
Pali BJTකා චානන්ද මිගසාලා උපාසිකා බාලා අබ්යත්තා අම්බකා අම්බකපඤ්ඤා?{4} කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ?
Sinhala BJTආනන්‍දයෙනි, මාගම් වූ මාගම්නුවණින් සමන්‍වාගත වූ බාල වූ මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි නො පැකිළ පවත්නා නුවණ ඇති තථාගතයෝ කවරහ?
Pali BJTඡයිමෙ ආනන්ද පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කතමෙ ඡ?
Sinhala BJTආනන්‍දයෙනි, මෙ පුඟුලෝ සදෙනෙක් ලොව විද්‍යමානයහ. කවර සදෙනෙක යත්:
Pali BJTඉධානන්ද එකච්චො පුග්ගලො සොරතො හොති සුඛසංවාසො. අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන. තස්ස සවණෙනපි අකතං හොති, බාහුසච්චෙනපි අකතං හොති, දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති, සාමයිකම්පි{5} විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරං මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව{6} හොති නො විසෙසගාමී. (1)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ මැනැවින් සුරත වෙයි. සබ්‍රම්සරහු (උහු හා) ඒකතෝවාසයෙන් තුස්නාහ. උහු විසින් කණින් ඇසියයුතු දැය ද නො අසනලද වෙයි. (වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) බහුශ්‍රැතභාවයෙන් කළමනා දැය ද නො කරනලද වෙයි. සම්‍යක්දෘෂ්ටියෙන් පිළිවිදිය මනා දැය ද නො පිළිවිදිනාලද වෙයි. සාමයිකවිමුක්තිය (කලින් කල ධර්‍මශ්‍රවණය නිසා ලබන ප්‍රීති ප්‍රාමෝද්‍යය) ද නො ලබන්නේ වෙයි. හේ කාබුන් මරණින් මතු පරිහානියට ම යෙයි. විශේෂයට නො යෙයි. හානගාමියෙක් ම වෙයි. විශේෂගාමියෙක් නො වෙයි. (1)
Pali BJTඉධානන්ද එකච්චො පුග්ගලො සොරතො හොති සුඛසංවාසො. අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන. තස්ස සවණෙනපි කතං හොති. බාහුසච්චෙනපි කතං හොති. දිට්ඨියාපි සුප්පටිවිද්ධං{1}. හොති. සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරං මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව{2} හොති නො හානගාමී. (2)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සොරත වෙයි. සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් ඔහු හා තුස්නාහ. උහු විසින් කණිනුදු අසා කළමනා කරන ලද වෙයි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බහුශ්‍රැතභාවයෙනුදු කළමනා කරන ලද වෙයි, නුවණිනුදු පිළිවිදිය යුතු දෑ මොනොවට පිළිවිදිනා ලද වෙයි, සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමියෙක් ම වෙයි, හානගාමියෙක් නො වෙයි. (2)
Pali BJTතත්රානන්ද පමාණකා{3} පමිණන්ති: ඉමස්සපි තෙව ධම්මා, අපරස්සපි තෙව ධම්මා. කස්මා තෙසං එකො හීනො, එකො පණීතොති. තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTආනන්‍දයෙනි, එ කරුණෙහි ලා (පුද්ගලයන් කෙරෙහි) ප්‍රමාණග්‍රාහකයෝ පමණ කෙරෙත්: “මොහුගේ ද එ ම දහම්හු වෙති. අනෙකාගේ ද එ ම දහම්හු වෙති. කවර හෙයින් උන් අතුරෙහි එකෙක් (ගුණයෙන්) හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ”යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ ඒ ප්‍රමාණකරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(පුරාණ, ශීලයෙන් ද, ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂී විය. පුරාණයන්ගේ ශීලය ඉසිදත්තයන්ගේ ප්‍රඥාස්ථානයෙහි ද, ඉසිදත්තයන්ගේ, ප්‍රඥාව පුරාණයන්ගේ ශීලස්ථානයෙහි ද විය. පුරාණ ශීලයෙන් ද ඉසිදත්ත ප්‍රඥායෙන් ද විශේෂවීය - යනු භාවයි.)
Pali BJTතත්රානන්ද ය්වායං පුග්ගලො සොරතො{4}. හොති සුඛසංවාසො. අභිනන්දන්ති සබ්රහ්මචාරී එකත්තවාසෙන. තස්ස සවණෙනපි කතං හොති. බාහුසච්චෙනපි කතං හොති. දිට්ඨියාපි සුප්පටිවිද්ධං{1} හොති. සාමයිකම්පි විමුත්තිං ලභති. අයම්පි ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු? ඉමං හානන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන?
Sinhala BJTආනන්‍දයෙනි, ඒ පුඟුලන් අතුරෙහි යම් මෙ පුද්ගලයෙක් සුඛසංවාස ඇතියේ සුරත වේ ද, සබ්‍රම්සරහු ඒකතෝවාසයෙන් තුස්නාහු ද, ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි. වීර්‍ය්‍යයෙනුදු කළමනා කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු මොනොවට පිළිවිදිනා ලද වෙයි. සාමයිකවිමුක්තිය ද ලබන්නේ ය. ආනන්‍දයෙනි, මෙ පුඟුල් ද තෙල පළමු පුඟුල්හුගෙන් සුන්‍දරතරත් වෙයි. ප්‍රණීතතරත් වෙයි. ඒ කවරහෙයින යත්: ආනන්‍දයෙනි, (විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් අන් කවරෙක් එ අන්තරය (කරුණ) දන්නේ ද?
Pali BJTතස්මාතිහ ආනන්ද මා පුග්ගලෙසු පමාණකා{3} අහුවත්ථ. මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ. ඛඤ්ඤති හානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හන්තො.
Sinhala BJTආනන්‍දයෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි නහමක් ප්‍රාමාණික වවු. පුඟුලන් අතුරෙහි නහමක් ප්‍රමාණ ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් අතුරෙහි පමණ ගණුයේ ගුණ විසින් සෑරේ මැ යි.
Pali BJTඅහං වා ආනන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, මම් ම හෝ අවශ්‍යයෙන් පුඟුලන් අතුරෙහි පමණ ගන්නෙම්. මා බඳු යමෙක් (බුදුවරයෙක්) හෝ වේ නම්, හේ හෝ පමණ ගන්නේ ය.
Pali BJTඉධ පනානන්ද එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති සමයෙන සමයඤ්චස්ස ලොභධම්මා උප්පජ්ජන්ති. තස්ස සවණෙනපි අකතං හොති. බාහුසච්චෙනපි අකතං හොති. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති, නො විසෙසාය, හානගාමීයෙව හොති, නො විසෙසගාමී. (3)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධය හා මානය අධිගත (පැමිණෙන ලද) වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පිරිහීමට යෙයි, විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි. විශේෂගාමී නො වෙයි. (3)
Pali BJTඉධ පනානන්ද එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ්චස්ස ලොභධම්මා උප්පජ්ජන්ති. තස්ස සවණෙනපි කතං හොති -පෙ- නො හානගාමී. (4)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධය හා මානය අධිගත වෙයි. කලින් කල ඔහට ලෝභධර්‍මයෝ උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා කරන ලද වෙයි ... හානගාමී නො වේ. (4)
Pali BJTතත්රානන්ද පමාණකා පමිණන්ති -පෙ- යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ පමණ කෙරෙත් ... යමෙක් මා බඳු වේ නම් හේ හෝ පමණ ගන්නේ ය.
Pali BJTඉධ පනානන්ද එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ්චස්ස වචීසංසාරා{5} උප්පජ්ජන්ති. තස්ස සවණෙනපි අකතං හොති. බාහුසච්චෙනපි අකතං හොති. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං න ලභති. සො කායස්ස භෙදා පරම්මරණා හානාය පරෙති නො විසෙසාය, හානගාමීයෙව හොති නො විසෙසගාමී. (5)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. කලින් කල ඔහට වචීසංසාරයෝ (අල්ලාපසල්ලාප වචන) උපදනාහ. ඔහු විසින් කණිනුදු කළමනා නො කරන ලද වෙයි. වැරයෙනුදු කළමනා නො කරන ලද වෙයි. නුවණිනුදු නො පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද නො ලබන්නේ ය. හේ කාබුන් මරණින් මතු පරිහානියට යෙයි. විශේෂයට නො යෙයි. හානගාමී ම වෙයි, විශේෂගාමී නො වෙයි. (5)
Pali BJTඉධ පනානන්ද එකච්චස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ්චස්ස වචීසංසාරා{1} උප්පජ්ජන්ති. තස්ස සවණෙනපි කතං හොති බාහුසච්චෙනපි කතං හොති. දිට්ඨියාපි පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං ලභති. සො කායස්ස භෙදා පරම්මරණා විසෙසාය පරෙති නො හානාය. විසෙසගාමීයෙව හොති, නො හානගාමී. (6)
Sinhala BJTආනන්‍දයෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයකු විසින් ක්‍රෝධමානය අධිගත වෙයි. ඔහට කලින් කල වචීසංසාරයෝ උපදිත්. ඔහු විසින් ශ්‍රවණයෙනුදු කරන ලද වෙයි. බහුශ්‍රැතභාවයෙනුදු කරන ලද වෙයි. දෘෂ්ටියෙනුදු පිළිවිදිනා ලද වෙයි. සාමයික විමුක්තිය ද ලබයි. හෙ කාබුන් මරණින් මතු විශේෂයට යෙයි. පරිහානියට නො යෙයි. විශේෂගාමී ම වෙයි, හානගාමී නො වෙයි. (6)
Pali BJTතත්රානන්ද පමාණකා පමිණනන්ති: ඉමස්සපි තෙව ධම්මා, අපරස්සපි තෙව ධම්මා. කස්මා තෙසං එකො හීනො, එකො පණීතොති? තං හි තෙසං ආනන්ද හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය.
Sinhala BJTආනන්‍දයෙනි, එහි ලා ප්‍රාමාණිකයෝ ප්‍රමාණ කරත්: මොහුගේ ද එ ම ධර්‍මයෝ ම වෙති, අනෙකාගේ ද එ ම ධර්‍මයෝ වෙති. කවර හෙයින් ඔවුනතුරෙන් එකෙක් හීන වේ ද, එකෙක් ප්‍රණීත වේ දැ?යි. ආනන්‍දයෙනි, ඔවුන්ගේ එ ප්‍රමාණ කරණය දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි.
Pali BJTතත්රානන්ද යස්ස පුග්ගලස්ස කොධමානො අධිගතො හොති. සමයෙන සමයඤ්චස්ස වචීසංසාරා උප්පජ්ජන්තී. තස්ස සවණෙනපි කතං හොති බාහුසච්චෙනපි කතං හොති. දිට්ඨියාපි සුප්පටිවිද්ධං හොති. සාමයිකම්පි විමුත්තිං ලභති. අයං ආනන්ද පුග්ගලො අමුනා පුරිමෙන පුග්ගලෙන අභික්කන්තතරො ච පණීතතරො ච. තං කිස්ස හෙතු: ඉමං හානන්ද පුග්ගලං ධම්මසොතො නිබ්බහති. තදන්තරං කො ජානෙය්ය අඤ්ඤත්ර තථාගතෙන?
Sinhala BJTආනන්‍දයෙනි, එහි ලා යම් පුඟුලකු විසින් ක්‍රෝධමානය අධිගත වේ නම්, කලින් කල ද ඔහට වචීසංසාරයෝ උපදනාහු නම්, ශ්‍රවණයෙනුදු කරන ලද වේ නම්, බහුශ්‍රුත භාවයෙනුද කරන ලද වේ නම්, දෘෂ්ටියෙනුදු පිළිවිදිනාලද වේ නම්, සාමයික විමුක්තිය ද ලබා නම්, ආනන්‍දයෙනි, මෙ පුඟුල් අසු පළමු පුඟුලාගෙන් විශිෂ්ටතර ද ප්‍රණීතතර ද වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්‍දයෙනි, (තියුණු විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත) ධර්‍මස්‍රෝතස මෙ පුඟුල් ආර්‍ය්‍යභූමියට පමුණුවයි. තථාගතයන් මුත් කවරෙක් ඒ කරුණ දන්නේ ද?
Pali BJTතස්මාතිහ ආනන්ද මා පුග්ගලෙසු පමාණකා අහුවත්ථ, මා පුග්ගලෙසු පමාණං ගණ්හිත්ථ. ඛඤ්ඤති හානන්ද පුග්ගලෙසු පමාණං ගණ්හන්තො.
Sinhala BJTආනන්‍දයෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා පුඟුලන් කෙරෙහි ප්‍රාමාණක නො වව. පුඟුලන් කෙරෙහි ප්‍රමාණය නහමක් ගණුව. ආනන්‍දයෙනි, පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ (උන්) ගුණ සාරාලයි.
Pali BJTඅහං වා ආනන්ද පුග්ගලෙසු පමාණං ගණ්හෙය්යං, යො වා පනස්ස මාදිසො.
Sinhala BJTආනන්‍දයෙනි, මම හෝ අවශ්‍යයෙන් පුඟුලන් කෙරෙහි පමණ ගන්නෙමි. යමෙක් මා සේ බුදු වේ නම්, හේ හෝ පුඟුලන් කෙරෙහි පමණ ගන්නේ ය.
Pali BJTකා චානන්ද මිගසාලා උපාසිකා බාලා අව්යත්තා අම්බකා අම්බකපඤ්ඤා? කෙ ච පුරිසපුග්ගලපරොපරියඤාණෙ?
Sinhala BJTආනන්‍දයෙනි, බාල වූ අව්‍යක්ත මාගම් වූ මාගම්නුවණ ඇති මිගසාලා උවැසි කවර? පුරුෂපුද්ගලයන්ගේ ඉන්‍ද්‍රියපරාවරතාඥානයෙහි තථාගතවරයෝ කවරහ?
Pali BJTඉමෙ ඛො ආනන්ද ඡ පුග්ගලා සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTආනන්‍දයෙනි, මෙ (සොරතයෝ දෙදෙන ය, අධිගත කෝධ මාන ලෝභ ඇති දෙදෙන ය, අධිගත කෝධමාන වචීසංසාර ඇති දෙදෙන ය යන) පුද්ගලයෝ සදෙන ලොව්හි විද්‍යමානයහ.
Pali BJTයථාරූපෙන ආනන්ද සීලෙන පුරාණො සමන්නාගතො අහොසි, තථාරූපෙන සීලෙන ඉසිදත්තො සමන්නාගතො අභවිස්ස, නයිධ පුරාණො ඉසිදත්තස්ස ගතිම්පි අඤ්ඤස්ස. යථාරූපාය ච ආනන්ද පඤ්ඤාය ඉසිදත්තො සමන්නාගතො අහොසි. තථාරූපාය පඤ්ඤාය පුරාණො සමන්නාගතො අභවිස්ස, නයිධ ඉසිදත්තො පුරාණස්ස ගතිම්පි අඤ්ඤස්ස. ඉති ඛො ආනන්ද ඉමෙ පුග්ගලා උභො එකඞ්ගහීනාති.
Sinhala BJTආනන්‍දයෙනි, පුරාණ යම්බඳු ශීලයෙකින් සමන්‍වාගත වී ද, ඉසිදත්ත එබඳු ශීලයෙන් සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා පුරාණ තෙමේ ඉසිදත්තයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ ය. ආනන්‍දයෙනි, ඉසිදත්ත යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත වී ද, එබඳු වූ ප්‍රඥායෙන් පුරාණ සමන්‍වාගත වී නම්, මෙ කරුණෙහි ලා ඉසිදත්ත තෙමේ පුරාණයන්ගේ ඥානගතිය ද නො ම දන්නේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ මෙ පුඟුලෝ දෙදෙන එක් එක් අඞ්ගයෙකින් (ගුණයෙකින්) හීනයහ යි.
Pali BJT6. 1. 5. 3.
Sinhala BJT6. 1. 5. 3.
Pali BJT[ඉණ සුත්තං]
Sinhala BJT[ඉණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. (1) දාළිද්දියං භික්ඛවෙ දුක්ඛං ලොකස්මිං කාමභොගිනොති?
Sinhala BJT45. (1) මහණෙනි, ලොව්හි කාමභෝගීහට දිළිඳුබව දුකෙක් දැ?යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJT(2) යම්පි භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො{1} ඉණං ආදියති. ඉණාදානම්පි භික්ඛවෙ දුක්ඛං ලොකස්මිං කාමභොගිනොති?
Sinhala BJT(2) මහණෙනි, යම් හෙයෙකින් ස්වාපතෙය රහිත (තමන් අයත් ධනය නැති) අනාඪ්‍ය වූ (පොහොසත් නො වූ) දිළින්දෙක් (දිවි වැටුම් පිණිස) ණය ගන්නේ නම්, මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට ණය ගැණුම ද දුකෙක් දැ?යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස එසේ ය.
Pali BJT(3) යම්පි භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො ඉණං ආදියිත්වා වඩ්ඪිං පටිසුණාති.{2} වඩ්ඪිපි භික්ඛවෙ දුක්ඛා ලොකස්මිං සාමභොගිනොති?
Sinhala BJT(3) මහණෙනි, යම් හෙයෙකින් ස්වධන රහිත අනාඪ්‍ය වූ දිළින්දෙක් ණය ගෙණ වෘද්ධිය (=පොලිය) පිළිණ කෙරේ. මහණෙනි වෘද්ධිය ද ලොව්හි ඒ කාමභෝගීහට දුකෙක් ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJT(4) යම්පි භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො වඩ්ඪිං පටිසුණිත්වා කාලාභතං වඩ්ඪිං න දෙති. චොදෙන්තිපි නං චොදනාපි භික්ඛවෙ දුක්ඛා ලොකස්මිං කාමභොගිනොති?
Sinhala BJT(4) මහණෙනි, යම් හෙයෙකින් අස්වක වූ (ධන නැති) අනාඪ්‍ය වූ (බැරි) දිළින්දෙක් වෘද්ධිය පිළිණ කොට නිසි කල්හි අළ (දීමට ප්‍රතිඥාත) වෘද්ධිය නො දේ නම්, ඔහුට චෝදනා ද කෙරෙත්. මහණෙනි, ලොව්හි ඒ කාමභෝගීහට චෝදනාත් දුකෙක් ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJT(5) යම්පි භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො චොදියමානො න දෙති. අනුචරන්තිපි නං. අනුචරියාපි භික්ඛවෙ දුක්ඛා ලොකස්මිං කාමභොගිනොති?
Sinhala BJT(5) මහණෙනි, යම් හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළිඳු තෙමේ චෝදනා කරණු ලබන්නේ නො දෙයි. මහණෙනි, ඔහු (පිරිස් මැද නිගනිමින්) ලුහුබඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට ලුහුබැඳුමුත් දුකෙක් ද?
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJT(6) යම්පි භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො අනුචරියමානො න දෙති. බන්ධන්තිපි නං. බන්ධනම්පි භික්ඛවෙ දුක්ඛං ලොකස්මිං කාමභොගිනොති?
Sinhala BJT(6) මහණෙනි, යම්හෙයෙකින් අස්වක අනාඪ්‍ය දිළින්දෙක් ලුහුබඳනා ලබනුයේ නො දෙයි. ඔහු සොරගෙයි දු බඳනාහ. මහණෙනි, ලොව්හි කාමභෝගීහට බන්‍ධනයත් දුකෙක් දැ?යි.
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ දාළිද්දියම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො. ඉණාදානම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො. වඩ්ඪීපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො, චොදනාපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො. අනුචරියාපි දුක්ඛා ලොකස්මිං කාමභොගිනො. බන්ධනම්පි දුක්ඛං ලොකස්මිං කාමභොගිනො.
Sinhala BJTමහණෙනි, මෙසෙයින් කාමභෝගීහට ලොව්හි දිළිඳුබවත් දුකෙක, ණය ගැණුමත් ලොව්හි කාමභෝගීහට දුකෙක. වෘද්ධියත් ලොව්හි කාමභෝගීහට දුකෙක. චෝදනාත් ලොව්හි කාමභෝගීහට දුකෙක. ලුහුබැඳුමුත් ලොව්හි කාමභෝගීහට දුකෙක, බන්‍ධනයත් ලොව්හි කාමභෝගීහට දුකෙක.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ යස්ස කස්සචි සද්ධා නත්ථි කුසලෙසු ධම්මෙසු, හිරි නත්ථි කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පං නත්ථි කුසලෙසු ධම්මෙසු, විරියං නත්ථි කුසලෙසු ධම්මෙසු, පඤ්ඤා නත්ථි කුසලෙසු ධම්මෙසු,{3} අයං වුච්චති භික්ඛවෙ අරියස්ස විනයෙ දළිද්දො අස්සකො අනාළ්හියො. ස ඛො සො භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො, සද්ධාය අසති කුසලෙසු ධම්මෙසු, හිරියා අසති කුසලෙසු ධම්මෙසු, ඔත්තප්පෙ අසති කුසලෙසු ධම්මෙසු, විරියෙ අසති කුසලෙසු ධම්මෙසු, පඤ්ඤාය අසති කුසලෙසු ධම්මෙසු, කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. ඉදමස්ස ඉණාදානස්මිං වදාමි.
Sinhala BJTමහණෙනි, එපරිදි ම යම් කිසිවකුහට කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැද්ද, කුශලධර්‍මයෙහි හිරි නැද්ද, කුශලධර්‍මයෙහි ඔතප් නැද්ද, කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැද්ද, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැද්ද, මහණෙනි, මෙතෙමේ තමා සතු ගුණ නැතියේ ගුණයෙන් ආඪ්‍ය නො වූයේ දිළිඳු යයි ආර්‍ය්‍ය විනයෙහි කියනු ලැබේ. මහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ මෙ දිළිඳු තෙම කුශලධර්‍මයෙහි ශ්‍රද්ධා නැති වත් ම කුශලධර්‍මයෙහි හිරි නැතිවත් ම කුශලධර්‍මයෙහි ඔතප් නැති වත් ම කුශලධර්‍මයෙහි වීර්‍ය්‍ය නැති වත් ම, කුශලධර්‍මයෙහි ප්‍රඥා නැති වත් ම, කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. මෙ ඔහුගේ ණය ගැණුම යයි කියමි.
Pali BJTසො තස්ස කායදුච්චරිතස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති: මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සඞ්කප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති, මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති. සො තස්ස වචීදුච්චරිතස්ස පටිච්ඡාදනහෙතු -පෙ- සො තස්ස මනොදුච්චරිතස්ස පටිච්ඡාදනහෙතු පාපිකං ඉච්ඡං පණිදහති: මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සඞ්කප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති. මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති. ඉදමස්ස වඩ්ඪියා වදාමි.
Sinhala BJTහේ ඒ කායදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදනහේතුයෙන් ලාමක ඉච්ඡාව පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. හේ ඒ වාග්දුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ... හේ ඒ මනෝදුශ්චරිතයාගේ ප්‍රතිච්ඡාදන හේතුයෙන් ලමු ඉච්ඡා පිහිටුවයි. ‘මා නහමක් දනීව’යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’යි සඞ්කල්පනා කෙරෙයි. ‘මා නහමක් දනීව’යි වදන් බෙණෙයි. ‘මා නහමක් දනීව’යි කයින් පැරකුම් කෙරෙයි. මේ ඔහුගේ වෘද්ධි යයි. (පොලීපිළිණ යයි) කියමි.
Pali BJTතමෙනං පෙසලා සබ්රහ්මචාරී එවමාහංසු: “අයඤ්ච සො ආයස්මා එවංකාරී එවං සමාචාරො”ති. ඉදමස්ස චොදනාය වදාමි.
Sinhala BJTඔහුට ප්‍රියශීල සබ්‍රම්සරහු මෙසේ කියත්: ‘එ මෙ ආයුෂ්මත් මෙසේ කරණසුලු ය. මෙබඳු සමාචාර ඇතියෙකැ’යි මෙ ඔහුට චෝදනා යයි කියමි.
Pali BJTතමෙනං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා විප්පටිසාරසහගතා පාපකා අකුසලවිතක්කා සමුදාචරන්ති. ඉදමස්ස අනුචරියාය වදාමි.
Sinhala BJTඅරණ්‍යගත වේවයි, වෘක්‍ෂමූලගත වේවයි, ශුන්‍යාගාරගත වේවයි, ඔහුට විපිළිසර සහගිය ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. මෙ ඔහුට අනුචරියා යයි (ලුහුබැඳුම්) යයි කියමි.
Pali BJTස ඛො සො භික්ඛවෙ දළිද්දො අස්සකො අනාළ්හියො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා නිරයබන්ධනෙ වා බජ්ඣති, තිරච්ඡානයොනිබන්ධනෙ වා.{*}
Sinhala BJTමහණෙනි, අස්වක වූ අනාඪ්‍ය වූ එ දිළිඳු තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත්කොට කාබුන් මරණින් මතු නිරෑබැඳුම්හි හෝ බැඳෙයි. තිරිසන්යොන්බැඳුම්හි හෝ බැඳෙයි.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි එවංදාරුණං එවං කටුකං එවං අන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය යථයිදං භික්ඛවෙ නිරයබන්ධනං වා තිරච්ඡානයොනිබන්ධනං වා’ති.
Sinhala BJTමහණෙනි, අනුත්තරයෝගක්‍ෂේමාධිගමය සඳහා යම් ම ධර්‍මයෙක් මෙසේ දරුණු වේ නම්, මෙසේ කටුක වේ නම්, මෙසේ අන්තරායකර වේ නම්, මහණෙනි, මෙ නිරෑබැඳුම හෝ මෙ තිරිසන්යොන්බැඳුම හෝ යම් පරිදි වේ නම්, එබඳු අන් එක ද දහමක් මම නුවණැසින් නො දක්මි.
Pali BJT34. දාළිද්දියං දුක්ඛං ලොකෙ ඉණාදානං ච වුච්චති, දළිද්දො ඉණමාදාය භුඤ්ජමානො විහඤ්ඤති.
Sinhala BJT34. ලොව්හි දිළිඳු බව ද ණය ගැණුම ද දුකැයි කියනු ලැබේ. දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කරණුයේ වැනසේ.
Pali BJT35. තතො අනුචරන්තී නං බන්ධනම්පි නිගච්ඡති. එතං හි බන්ධනං දුක්ඛං කාමලාභාභිජප්පිනං.
Sinhala BJT35. එහෙයින් ඔහු (ගැරහීම් විසින්) ලුහුබඳිත්. (නිරයාදියෙහි) බැඳුමට ද යෙයි. කාමලාභ පතනුවනට තෙල බැඳුම දුක් මැයි.
Pali BJT36. තථෙව අරියවිනයෙ සද්ධා යස්ස න විජ්ජති, අහිරිකො අනොත්තප්පී පාපකම්මාවිනිච්ඡයො.{1}
Sinhala BJT36. එසෙයින් ම ආර්‍ය්‍යවිනයෙහි යමකුට ශ්‍රද්ධා නැද්ද, හිරි නැද්ද, ඔතප් නැද්ද, පව්කම්හි විනිශ්චය නැද්ද,
Pali BJT37. කායදුච්චරිතං කත්වා වචීදුච්චරිතානි ච, මනොදුච්චතං කත්වා මා මං ජඤ්ඤාති{2} ඉච්ඡති.
Sinhala BJT37. හේ කායදුශ්චරිත හා වාග්දුශ්චරිත කොට, මනෝදුශ්චරිත ද කොට ‘මා නහමක් දනීව’යි කැමැති වේ.
Pali BJT38. සො සංසප්පති කායෙන වාචාය උදචෙතසා, පාපකම්මා පවඩ්ඪෙන්තො තත්ථ තත්ථ පුනප්පුනං.
Sinhala BJT38. හෙ ඒ ඒ තැන්හි පුන පුනා පව්කම් වඩනුයේ, කයින් වදනින් වැලිදු සිතින් සැලෙයි.
Pali BJT39. සො පාපකම්මො දුම්මෙධො ජානං දුක්කටමත්තනො, දළිද්දො ඉණමාදාය භුඤ්ජමානො විහඤ්ඤති,
Sinhala BJT39. දුර්මේධ වූ පවුකම් ඇති හේ තමන්ගේ දුෂ්කෘත දන්මින්, දිළිඳු වූයේ ණය ගෙණ වළඳ කෙරෙමින් වැනසෙයි.
Pali BJT40. තතො අනුචරන්තී නං සඞ්කප්පා මානසා දුඛා, ගාමෙ වා යදි වා රඤ්ඤෙ යස්ස විප්පටිසාරජා.
Sinhala BJT40. එහෙයින් යමකුට විපිළිසරින් හටගත් දුක් වූ මානසිකසඞ්කල්පයෝ වෙත් නම්, ඔහු ගම්හි වේවයි, වැලිත් වල්හි වේවයි ඒ පුඟුල් ලුහුබඳිත්.
Pali BJT41. සො පාපකම්මො දුම්මෙධො ජානං දුක්කටමත්තනො, යොනිමඤ්ඤතරං ගන්ත්වා නිරයෙ චාපි බජ්ඣති. එතං හි බන්ධනං දුක්ඛං යම්හා ධීරො පමුච්චති.
Sinhala BJT41. පව්කම් ඇති ඒ දුර්මේධ තෙමේ තමන්ගේ දුෂ්කෘත දන්නේ අන්‍යතර තිරිසන් යෝනියකට ගොස් හෝ නිරෑහි හෝ බැඳේ. යම් බන්‍ධනයකින් ධීරතෙමේ මිදේ නම්, තෙල බන්‍ධනය දුක් මැයි.
Pali BJT42. ධම්මලද්ධෙහි භොගෙහි දදං චිත්තං පසාදයං උභයත්ථ කටග්ගාහො සද්ධස්ස ඝරමෙසිනො.
Sinhala BJT42. දැහැමින් ලද භෝගයෙන් සිත්පහදමින් දෙනුයේ වේ ද, එබඳු සැදැහැති ගෘහපතිහුගේ දෙලොව්හි ජයග්‍රහණය වේ.
Pali BJT43. දිට්ඨධම්මහිතත්ථාය සම්පරාය සුඛාය ච එවමෙතං ගහට්ඨානං චාගො පුඤ්ඤං පවඩ්ඪති.
Sinhala BJT43. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙලෙසින් ගෘහස්ථයන්ගේ තෙල ත්‍යාග නම් පුණ්‍යය වැඩෙයි.