Pali BJT43. ද්වෙමා භික්ඛවෙ පරිසා: කතමා ද්වෙ: වග්ගා ච පරිසා, සමග්ගා ච පරිසා.
Sinhala BJT43. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ව්‍යග්‍ර පිරිස හා සමග්‍ර පිරිස හා යන දෙකයි.
Pali BJTකතමා ච භික්ඛවෙ වග්ගා පරිසා. ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරන්ති. අයං වුච්චති භික්ඛවෙ වග්ගා පරිසා.
Sinhala BJTමහණෙනි, ව්‍යග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු හටගත් පූර්‍වභාග සටන් ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට පැමිණියාහු, උනුන් මුවසැතින් විදුනාහු වෙසෙත් ද, මහණෙනි, මේ වර්‍ග පිරිසැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ සමග්ගා පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං වුච්චති භික්ඛවෙ සමග්ගා පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං සමග්ගා පරිසාති.
Sinhala BJTමහණෙනි, සමග්‍ර පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක්හි භික්‍ෂූහු සමග වූවාහු, සතුටුවන්නාහු විවාද නොකරන්නාහු, කිරි හා දිය මෙන් සැසැඳුනාහු, උනුන් පියනෙතින් බලන්නාහු වෙසෙත් ද, මහණෙනි, මේ සමග්‍ර පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි දෙපිරිස ය. මහණෙනි, මේ දෙපිරිස් අතුරෙන් යම් සමග්‍ර පිරිසක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 1. 5. 3.
Sinhala BJT2. 1. 5. 3.
Pali BJT44. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අනග්ගවතී ච පරිසා, අග්ගවතී ච පරිසා.
Sinhala BJT44. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: (උතුම් පුඟුලන් ඇති හෙයින්) අග්ගවතී නම් පිරිස හා (උතුම් පුඟුලන් නැති හෙයින්) අනග්ගවතී නම් පිරිස හා දෙකයි.
Pali BJTකතමා ච භික්ඛවෙ අනග්ගවතී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං ථෙරා භික්ඛූ බාහුලිකා{1} හොන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා, න විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති බාහුලිකා{1} සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං වුච්චති භික්ඛවෙ අනග්ගවතී පරිසා.
Sinhala BJTමහණෙනි, අනග්ගවතී පිරිස් කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්‍ෂූහු (සිවුරු ඈ පිරිකරින්) බාහුලික වෙත් ද, සස්න ලිහිල් කොට ගන්නාහු වෙත් ද, අවක්‍රමණ සඞ්ඛ්‍යාත පඤ්චනීවරණධර්‍මයන් පිරීමෙහි පෙරටු වෙත් ද, ප්‍රවිවේක සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, නොලත් (ධ්‍යාන් - විදර්‍ශනා - මාර්‍ග - ඵල විශේෂයාගේ) ප්‍රාප්තිය පිණිස අනධිගත ධර්‍මයාගේ අධිගමය පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස වැර නො වඩත් ද, ඔවුන්ගේ (සද්ධිවිහාරිකාදී) පශ්චිමජනතාව (ඔවුන්ගේ ආචාරය අනුව යෑමය යි කියන ලද) දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාව ද බාහුලික වෙයි. සාථලික වෙයි. අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වෙයි. ප්‍රවිවේකයෙහි හළ ධුර ඇති වෙයි. නො පත් ධර්‍මයට පැමිණීම පිණිස නො ලත් ධර්‍මය ලැබීම පිණිස පසක් නොකළ ධර්‍මය පසක් කිරීම පිණිස වැර නො වඩයි. මහණෙනි, මේ අනග්ගවතී පිරිසැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ අග්ගවතී පරිසා: ඉධභික්ඛවෙයස්සං පරිසායං ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා විරියං ආරභන්ති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා, ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා, විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං වුච්චති භික්ඛවෙ අග්ගවතී පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං අග්ගවතී පරිසාති.
Sinhala BJTමහණෙනි, අග්ගවතී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක ස්ථවිර භික්‍ෂූහු බාහුලික නො වෙත් ද, සාථලික නො වෙත් ද, පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි හළ වීර්‍ය්‍යධුර ඇති වෙත් ද, ප්‍රකර්‍ෂ විවේකයෙහි පෙරටු ව යන්නාහු වෙත් ද, නො පත් ධර්‍මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්‍මයාගේ ලැබීම පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස වැර වඩත් ද, ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. ඒ ජනතාවද බාහුලික නො වේ සාථලික නො වේ අවක්‍රමණයෙහි හළ ධුර ඇති වේ ප්‍රවිවේකයෙහි පෙරටුව යන්නේ වේ. නො පත් ධර්‍මයාගේ පැමිණීම පිණිස, නො ලත් ධර්‍මයාගේ ලාභය පිණිස, පසක් නො කළ ධර්‍මයාගේ පසක් කිරීම පිණිස, වැර වඩයි. මහණෙනි, මේ අග්ගවතී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් අග්ගවතී පිරිසෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 1. 5. 4.
Sinhala BJT2. 1. 5. 4.
Pali BJT45. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අනරියා ච පරිසා, අරියා ච පරිසා.
Sinhala BJT45. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අනාර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා ආර්‍ය්‍ය (ශ්‍රාවක) පිරිස හා දෙකයි.
Pali BJTකතමා ච භික්ඛවෙ අනරියා පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානන්ති. අයං වුච්චති භික්ඛවෙ අනරියා පරිසා.
Sinhala BJTමහණෙනි, අනාර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ (තෘෂ්ණාව තබා පඤ්චස්කන්‍ධය) දුකැයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (තෘෂ්ණාවගේ නැවැත්ම) දුඃඛනිරෝධ යයි තත් වූ පරිදි නො දනිත් ද, මේ (අරීඅටඟිමග) දුඃඛනිරෝධගමී ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි නො දනිත් ද, මහණෙනි මේ අනාර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ අරියා පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ඉදං දුක්ඛන්ති යථාභූතං පජානන්ති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානන්ති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානන්ති. අයං වුච්චති භික්ඛවෙ අරියා පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං අරියා පරිසාති.
Sinhala BJTමහණෙනි, ආර්‍ය්‍ය පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු මේ දුකැයී තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛසමුදයයි තත් වූ පරිදි දනිත් ද, මේ දුඃඛනිරෝධයයි තත් වූ පරිදි දනිත් ද,මේ දුඃඛනිරොධගමි ප්‍රතිපත්ති යයි තත් වූ පරිදි දනිත් ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකයි. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ආර්‍ය්‍ය පිරිසෙක් වේ නම්, තෙල අගී.
Pali BJT2. 1. 5. 5.
Sinhala BJT2. 1. 5. 5.
Pali BJT46. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: පරිසකසටො{1} ච පරිසමණ්ඩො ච.
Sinhala BJT46. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: කසළ පිරිස හා නිකසළ පිරිස හා දෙකයි.
Pali BJTකතමො ච භික්ඛවෙ පරිසකසටො: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ඡන්දාගතිං ගච්ඡන්ති, දොසාගතිං ගච්ඡන්ති, මොහාගතිං ගච්ඡන්ති, භයාගතිං ගච්ඡන්ති. අයං වුච්චති භික්ඛවෙ පරිසකසටො.
Sinhala BJTමහණෙනි, කසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට යෙත් ද, ද්වේෂයෙන් අගතියට යෙත් ද, මෝහයෙන් අගතියට යෙත් ද, භයින් අගතියට යෙත් ද, මහණෙනි මේ කසළ පිරිසැ යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ පරිසමණ්ඩො: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ න ඡන්දාගතිං ගච්ඡන්ති, න දොසාගතිං ගච්ඡන්ති, න මොහාගතිං ගච්ඡන්ති, න භයාගතිං ගච්ඡන්ති. අයං වුච්චති භික්ඛවෙ පරිසමණ්ඩො. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං පරිසාමණ්ඩොති.
Sinhala BJTමහණෙනි, නිකසළ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නො යෙත් ද, ද්වේෂයෙන් අගතියට නො යෙත් ද, මෝහයෙන් අගතියට නො යෙත් ද, භයින් අගතියට නො යෙත් ද, මහණෙනි මේ නිකසළ පිරිසැ යී කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් නිකසළ පිරිසෙක් වේ නම්, තෙල අගී.
Pali BJT2. 1. 5. 6.
Sinhala BJT2. 1. 5. 6.
Pali BJT47. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: ඔක්කාචිතවිනීතා{2} පරිසා නො පටිපුච්ඡාවිනීතා, පටිපුච්ඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතා.
Sinhala BJT47. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අවිනීත වූ පිළිවිස නොහික්මුනු පිරිසය, දුර්විනීත නො වූ පිළිවිස හික්මුනු පිරිසය යන දෙකය.
Pali BJTකතමා ච භික්ඛවෙ ඔක්කාචිතවිනීතා පරිසා නො පටිපුච්ඡාවිනීතා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතා{3} පටිසඤ්ඤුත්තා. තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසන්ති න සොතං ඔදහන්ති, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්ති, න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤන්ති. යෙ පන තෙ සුත්තන්තා කවිකතා{4} කාවෙය්යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා. තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤන්ති. තෙ තං ධම්මං පරියාපුණිත්වා න චෙව අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති, පටිවිචරන්ති{*}. ඉදං කථං, ඉමස්ස ක්වත්ථොති? තෙ අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානී කරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං න පටිවිනොදෙන්ති.{5} අයං වුච්චති භික්ඛවෙ ඔක්කාචිතවිනීතා පරිසා, නො පටිපුච්ඡාවිනීතා.
Sinhala BJTමහණෙනි, අවිනීත වූ පිළිවිස නො හික්මුනු පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද (පාළි වසයෙන්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර අර්‍ත්‍ථය ප්‍රකාශ කරණ (සත්ත්‍ව පුද්ගල) ශුන්‍යතායෙන් යුත් යම් සූත්‍රාන්ත කෙනෙක් වෙත් ද, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට නො කැමැති වෙත්, ඇසීමට කන් රුකොට නොගණිත්, දැන ගැණීමට සිත් නො එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො හඟිත්, කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ, සව්වන් විසින් කියන ලද යම් ඒ සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, එය කියත් කියත් ඇසීමට කැමැති වෙත්, කන් රුකොට ගණිත්, ඇසීමට සිත් එළවත්, ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මයන් පුහුණු කොට ඔවුනොවුන් නො ද පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අරුත් කිමැ යි පිළිවිසුමට නො ම සැරිසරත්. ඔහු පිළිසන් අරුත විවර නො කෙරෙත්. අප්‍රකට අර්‍ත්‍ථය ප්‍රකට නො කෙරෙත්. නන් වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍මයන් විෂයෙහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මේ අවිනීත නො පිළිවිස හික්මුනු පිරිස වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ පටිපුච්ඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ යෙ තෙ සුත්තන්තා, කවිකතා කාවෙය්යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසන්ති, න සොතං ඔදහන්ති, න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤන්ති. යෙ පන තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතාපටිසඤ්ඤුත්තා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤන්ති. තෙ තං ධම්මං පරියාපුණිත්වා අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති, පටිවිචරන්ති, ඉදං කථං? ඉමස්ස ක්වත්ථොති,{1} තෙ අවිවටඤ්චෙව විවරන්ති? අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති, අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. අයං වුච්චති භික්ඛවෙ පටිපුච්ඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං පටිපුච්ඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතාති.
Sinhala BJTමහණෙනි, පිළිවිස හික්මුනු අවිනීත නො වූ පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු කවීන් විසින් කරණ ලද, කවීන්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යඤ්ජන ඇති, සස්නෙන් බැහිරි වූ ශ්‍රාවකයන් විසින් කියන ලද, යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම් ඒ සූත්‍රාන්තයන් කියත් ම එය ඇසීමට කන් නතු නො කෙරෙත්. දැනගැණීමට සිත් නො එළවත්. ඒ ධර්‍මයන් උගත යුතු කොට පුහුණු කළ යුතු කොට නො ද හඟිත්. තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද (පාළිවිසින්) ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තර වූ ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ම සූත්‍රාන්ත කෙනෙක් වෙත් නම්, ඒ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඇසීමට කැමැති වෙත්. කන් නතු කෙරෙත්. දැනගැණීමට සිත් එළවත්. ඒ ධර්‍මයන් ද උගත යුතු කොට පුහුණු කළ යුතු කොට හඟිත්. ඔහු ඒ ධර්‍මය පුහුණු කොට උනුන් පිළිවිසිත්. මෙය කෙසේ ය? මෙහි අර්‍ත්‍ථය කිමැ? යි පිළිවිසීමට සැරිසරත්. ඒ භික්‍ෂූහු නොපිළිසන් වූ අර්‍ත්‍ථය විවර කෙරෙත්. අප්‍රකට වූ අර්‍ත්‍ථය ද ප්‍රකට කෙරෙත්. නන්වැදෑරුම් සැකයට කරුණු වූ ධර්‍ම විෂයෙහි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ විනීත වූ පිළිවිස හික්මුනු පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් පිළිවිස හික්මුනු විනීත වූ පිරිසෙක් වේ ද, තෙල අගී.
Pali BJT2. 1. 5. 7.
Sinhala BJT2. 1. 5. 7.
Pali BJT48. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: ආමිසගරු පරිසා නො සද්ධම්මගරු, සද්ධම්මගරු පරිසා නො ආමිසගරු.
Sinhala BJT48. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: ආමිස (සිවුපස) ගරු කරණ සදහම් ගරු නොකරණ පිරිසය, සදහම් ගරු කරණ ආමිස ගරු නො කරණ පිරිසය යන දෙකය.
Pali BJTකතමා ච භික්ඛවෙ ආමිසගරු පරිසා නො සද්ධම්මගරු: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ගිහීනං ඔදාතවසනානං සම්මුඛා අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං භාසන්ති, අසුකො භික්ඛු උභතොභාගවිමුත්තො, අසුකො පඤ්ඤාවිමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨප්පත්තො, අසුකො සද්ධාවිමුත්තො, අසුකො ධම්මානුසාරී, අසුකො සද්ධානුසාරී, අසුකො සීලවා කල්යාණධම්මො, අසුකො දුස්සීලො පාපධම්මොති. තෙ තෙන ලාභං ලභන්ති. තෙ තං ලාභං ලභිත්වා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා අනාදීනවදස්සාවිනො අනිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. අයං වුච්චති භික්ඛවෙ ආමිසගරු පරිසා නො සද්ධම්මගරු.
Sinhala BJTමහණෙනි, ආමිස ගරු කරණ සදහම් ගරු නො කරණ පිරිස කවර: මහණෙනි, මෙ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට අසෝ මහණ (සමථවිපස්සනා දෙකින් කෙලෙසුන් කෙරෙන් මිදුනු) උභතෝභාගවිමුක්තයෙක, අසෝ මහණ (ශුෂ්කවිදර්‍ශක ක්‍ෂීණාස්‍රව) ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ (නාමකයින් ධ්‍යානස්පර්‍ශ කොට නිවන් පසක් කළ) කාය සාක්‍ෂියෙක. අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක. අසෝ මහණ (ශ්‍රද්ධාධුරයෙන් වැද කෙලෙසුන් නැසූ බැවින්) ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ (ප්‍රඥාධුරයෙන් වැද සෝවන්මඟ ගන්නා බැවින්) ධර්‍මානුසාරියෙක, අසෝ මහණ (සැදැහැයෙන් වැද සමවන් නොසපයා සෝවන් මගට පිළිපන්) ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණ දහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ බෙණෙත් ද, ඔහු එයින් ලාභ ලබත්. ඔහු මැසූනාහු මුසපත්වූවාහු (එහි) ගැලුනාහු ආදීනව නො දක්නාහු නිස්සරණප්‍රඥා නැත්තාහු ඒ ලාභය පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ ආමිසය ගරු කරණ සද්ධර්‍මය ගරු නොකරණ පිරිස වෙයි.
Pali BJTකතමා ච භික්ඛවෙ සද්ධම්මගරු පරිසා නො ආමිසගරු: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ ගිහීනං ඔදාතවසනානං සම්මුඛා {*}න අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං භාසන්ති: අසුකො භික්ඛු උභතොභාගවිමුත්තො, අසුකො පඤ්ඤාවිමුත්තො, අසුකො කායසක්ඛී, අසුකො දිට්ඨප්පත්තො, අසුකො සද්ධාවිමුත්තො, අසුකො ධම්මානුසාරී, අසුකො සද්ධානුසාරී, අසුකො සීලවා කල්යාණධම්මො, අසුකො දුස්සීලො පාපධම්මොති. තෙ තෙන ලාභං ලභන්ති. තං ලාභම්පි ලභිත්වා අගථිතා අමුච්ඡිතා අනජ්ඣොසන්නා ආදීනවදස්සාවිනො නිස්සරණපඤ්ඤා පරිභුඤ්ජන්ති. අයං වුච්චති භික්ඛවෙ සද්ධම්මගරු පරිසා නො ආමිසගරු. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං සද්ධම්මගරු පරිසා නො ආමිසගරුති.
Sinhala BJTමහණෙනි, සද්ධර්‍මය ගරු කරණ (ආමිෂය) ගරු නොකරණ පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු සුදුවත් හඳනා ගිහියන් පෙරට ‘අසෝ මහණ උභතෝභාග විමුක්තයෙක, අසෝ මහණ ප්‍රඥාවිමුක්තයෙක, අසෝ මහණ කායසාක්‍ෂියෙක, අසෝ මහණ දෘෂ්ටප්‍රාප්තයෙක, අසෝ මහණ ශ්‍රද්ධාවිමුක්තයෙක, අසෝ මහණ ධර්‍මානුසාරියෙක, අසෝ මහණ ශ්‍රද්ධානුසාරියෙක, අසෝ මහණ කලණදහම් ඇති සිල්වතෙක, අසෝ මහණ පවිටුදහම් ඇති දුශ්ශීලයෙකැ යි උනුන් ගුණ නො බෙණෙත්. ඔහු ලාභ ද ලබා නො මැසූනාහු මුසපත් නො වූවාහු (එහි) නො ගැලුනාහු ආදීනව දක්නාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු පරිභෝග කෙරෙත්. මහණෙනි, මේ සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සද්ධර්‍මය ගරු කරණ ආමිෂය ගරු නො කරණ පිරිසෙක් වේ නම් තෙල අගී.
Pali BJT2. 1. 5. 8.
Sinhala BJT2. 1. 5. 8.
Pali BJT49. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: විසමා ච පරිසා, සමා ච පරිසා.
Sinhala BJT49. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: විෂම පිරිස හා සමපිරිස හා දෙකය.
Pali BJTකතමා ච භික්ඛවෙ විසමා පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං අධම්මකම්මානි පවත්තන්ති, ධම්මකම්මානි නප්පවත්තන්ති, අවිනයකම්මානි පවත්තන්ති, විනයකම්මානි නප්පවත්තන්ති. අධම්මකම්මානි දිප්පන්ති, ධම්මකම්මානි න දිප්පන්ති. අවිනයකම්මානි දිප්පන්ති, විනයකම්මානි න දිප්පන්ති. අයං වුච්චති භික්ඛවෙ විසමා පරිසා. {†}විසමත්තා භික්ඛවෙ පරිසාය අධම්මකම්මානි පවත්තන්ති, ධම්මකම්මානි නප්පවත්තන්ති. අවිනයකම්මානි පවත්තන්ති, විනයකම්මානි නප්පවත්තන්ති. අධම්මකම්මානි දිප්පන්ති, ධම්මකම්මානි න දිප්පන්ති, අවිනයකම්මානි දිප්පන්ති, විනයකම්මානි න දිප්පන්ති.
Sinhala BJTමහණෙනි, විෂම පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක අධර්‍මකර්‍මයෝ පවතිත් ද, ධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, අවිනය කර්‍මයෝ පවතිත් ද, විනයකර්‍මයෝ නො පවතිත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි මේ විෂම පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස විෂම බැවින් අධර්‍මකර්‍මයෝ පවතිත්. ධර්‍මකර්‍මයෝ නො පවතිත්. අවිනයකර්‍මයෝ පවතිත්. විනයකර්‍මයෝ නො පවතිත්. අධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. ධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත වෙත්. විනයකර්‍මයෝ දීප්ත නො වෙත්.
Pali BJTකතමා ච භික්ඛවෙ සමා පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං ධම්මකම්මානි පවත්තන්ති, අධම්මකම්මානි නප්පවත්තන්ති, විනයකම්මානි පවත්තන්ති, අවිනයකම්මානි නප්පවත්තන්ති, ධම්මකම්මානි දිප්පන්ති, අධම්මකම්මානි න දිප්පන්ති, විනයකම්මානි දිප්පන්ති, අවිනයකම්මානි න දිප්පන්ති. අයං වුච්චති භික්ඛවෙ සමා පරිසා. {†}සමත්තා භික්ඛවෙ පරිසාය ධම්මකම්මානි පවත්තන්ති, අධම්මකම්මානි නප්පවත්තන්ති. විනයකම්මානි පවත්තන්ති, අවිනයකම්මානි නප්පවත්තන්ති. ධම්මකම්මානි දිප්පන්ති, අධම්මකම්මානි න දිප්පන්ති, විනයකම්මානි දිප්පන්ති, අවිනයකම්මානි න දිප්පන්ති. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං සමා පරිසාති.
Sinhala BJTමහණෙනි, සමපිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක ධර්‍මකර්‍මයෝ පවතිත් ද, අධර්‍මකර්‍මයෝ නො පවතිත් ද, විනයකර්‍මයෝ පවතිත් ද, අවිනයකර්‍මයෝ නො පවතිත් ද, ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත් ද, අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත් ද, විනයකර්‍මයෝ දීප්ත වෙත් ද, අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත් ද, මහණෙනි, මේ සමපිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, පිරිස සම බැවින් ධර්‍මකර්‍මයෝ පවතිත්. අධර්‍මකර්‍මයෝ නො පවතිත්. විනයකර්‍මයෝ පවතිත්. අවිනයකර්‍මයෝ නො පවතිත්. ධර්‍මකර්‍මයෝ දීප්ත වෙත්. අධර්‍මකර්‍මයෝ දීප්ත නො වෙත්. විනයකර්‍මයෝ දීප්ත වෙත්. අවිනයකර්‍මයෝ දීප්ත නො වෙත්. මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් සම පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.
Pali BJT2. 1. 5. 9.
Sinhala BJT2. 1. 5. 9.
Pali BJT50. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අධම්මිකා ච පරිසා, ධම්මිකා ච පරිසා. -පෙ- ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං ධම්මිකා පරිසාති.
Sinhala BJT50. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධාර්මික පිරිස හා ධාර්මික පිරිස හා දෙකය. ... මහණෙනි, මේ වනාහි පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස්දෙක අතුරෙන් යම් මේ ධාර්මික පිරිසෙක් වේ ද, තෙල අග්‍ර වේ.
Pali BJT2. 1. 5. 10.
Sinhala BJT2. 1. 5. 10.
Pali BJT51. ද්වෙමා භික්ඛවෙ පරිසා. කතමා ද්වෙ: අධම්මවාදිනී ච පරිසා, ධම්මවාදිනී ච පරිසා.
Sinhala BJT51. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධර්‍මවාදී පිරිස හා ධර්‍මවාදී පිරිස හා දෙකය.
Pali BJTකතමා ච භික්ඛවෙ අධම්මවාදිනී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ අධිකරණං ආදියන්ති ධම්මිකං වා අධම්මිකං වා. තෙ තං අධිකරණං ආදියිත්වා න චෙව අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති, න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති, න ච නිජ්ඣාපෙන්ති, න ච නිජ්ඣත්තිං උපගච්ඡන්ති. තෙ අසඤ්ඤත්තිබලා අනිජ්ඣත්තිබලා අප්පටිනිස්සග්ගමන්තිනො තමෙව අධිකරණං ථාමසා පරාමස්ස{1}අභිනිවිස්ස වොහරන්ති, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. අයං වුච්චති භික්ඛවෙ අධම්මවාදිනී පරිසා.
Sinhala BJTමහණෙනි, අධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි වූ හෝ නො දැහැමි වූ අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් නො ද හඟවත්. හැඟවීමට නො ද එළඹෙත්. නො ද දක්වත්. දැක්වීමට නො ද එළඹෙත්. නො ඇඟවීම බලය කොට ඇති, නො දැක්වීම බලය කොට ඇති ඔහු (අයුක්ති) දුරලීමට මන්ත්‍රණ නොකරන්නාහු එම අධිකරණ (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට වැදගෙන ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි ව්‍යවහාර කෙරෙත් ද, මහණෙනි, මේ අධර්‍මවාදී පිරිස යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ ධම්මවාදිනී පරිසා: ඉධ භික්ඛවෙ යස්සං පරිසායං භික්ඛූ අධිකරණං ආදියන්ති, ධම්මිකං වා අධම්මිකං වා. තෙ තං අධිකරණං ආදියිත්වා අඤ්ඤමඤ්ඤං සඤ්ඤාපෙන්ති චෙව සඤ්ඤත්තිඤ්ච උපගච්ඡන්ති. නිජ්ඣාපෙන්ති චෙව නිජ්ඣත්තිඤ්ච උපගච්ඡන්ති. තෙ සඤ්ඤත්තිබලා නිජ්ඣත්තිබලා පටිනිස්සග්ගමන්තිනො න තමෙව අධිකරණං ථාමසා පරාමස්ස{1} අභිනිවිස්ස වොහරන්ති, ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති. අයං වුච්චති භික්ඛවෙ ධම්මවාදිනී පරිසා. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ පරිසා. එතදග්ගං භික්ඛවෙ ඉමාසං ද්වින්නං පරිසානං යදිදං ධම්මවාදිනී පරිසාති.
Sinhala BJTමහණෙනි, ධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි හෝ නො දැහැමි අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් ද හඟවත්. හැඟවීමට ද එළඹෙත්. උනුන් දක්වත්. දැක්වීමට ද එළඹෙත්. හැඟවීම බලය කොට ඇති, දැක්වීම බලය කොට ඇති (අධර්‍මය) දුරලීමට ම මන්ත්‍රණය කරණ සුලු ඔහු එම අධිකරණය ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට පිවිස ව්‍යවහාර නො කෙරෙත් ද, මහණෙනි, මේ වනාහි ධර්‍මවාදී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ධර්‍මවාදී පිරිසෙක් වේ නම් තෙල අග්‍ර වේ.
Pali BJTපරිසවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන පිරිස් වග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඋත්තානා වග්ගා අග්ගවතී අරියා කසටො ච පඤ්චමො, ඔක්කාචිතාමිසඤ්චෙව විසමා අධම්මා ධම්මියෙන චාති.
Sinhala BJTඋත්තාන, වග්ග, අග්ගවතී, අරියසූත්‍රය හා පස්වැනි කසට සූත්‍රය ද, උක්කාචිත, ආමිස, විසම, අධම්ම, ධම්මිය සූත්‍රය ද යන මොහු (දශසූත්‍රයෝ) යි.
Pali BJTපඨමො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.
Pali BJTදුතියො පණ්ණාසකො
Sinhala BJTදෙවන පණ්ණාසකය
Pali BJT[6. පුග්ගලවග්ගො]
Sinhala BJT[6. පුග්ගල වර්‍ගය]
Pali BJT2. 2. 6. 1.
Sinhala BJT2. 2. 6. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJT1. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් උපදනට සමත්වූවාහු ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවිමිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපනාහ.
Pali BJTකතමෙ ද්වෙ: තථාගතො ච අරහං සම්මාසම්බුද්ධො, රාජා ච චක්කවත්තී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති බහුජනහිතාය බහුජනසුඛාය, බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTකවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජහු හා දෙදෙන ය. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලෝකයෙහි උපදනට සමත්වූවාහු බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවි මිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපදනාහ යි.
Pali BJT2. 2. 6. 2.
Sinhala BJT2. 2. 6. 2.
Pali BJT2. ද්වෙමෙ භික්ඛවෙ පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සා. කතමෙ ද්වෙ: තථාගතො ච අරහං සම්මාසම්බුද්ධො, රාජා ච චක්කවත්තී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පුග්ගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති අච්ඡරියමනුස්සාති.
Sinhala BJT2. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලෝකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදනාහ.
Pali BJT2. 2. 6. 3.
Sinhala BJT2. 2. 6. 3.
Pali BJT3. ද්වින්නං භික්ඛවෙ පුග්ගලානං කාලකිරියා බහුනො ජනස්ස ආනුතප්පා{1} හොති. කතමෙසං ද්වින්නං: තථාගතස්ස{2} අරහතො සම්මාසම්බුද්ධස්ස, රඤ්ඤො චක්කවත්තිස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං පුග්ගලානං කාලකිරියා බහුනො ජනස්ස ආනුතප්පා හොති.{3}
Sinhala BJT3. මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්‍රවර්‍තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.
Pali BJT2. 2. 6. 4.
Sinhala BJT2. 2. 6. 4.
Pali BJT4. ද්වෙමෙ භික්ඛවෙ ථූපාරහා. කතමෙ ද්වෙ: තථාගතො ච අරහං සම්මාසම්බුද්ධො, රාජා ච චක්කවත්තී. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ථූපාරහාති.
Sinhala BJT4. මහණෙනි, මේ ස්තුපාර්‍හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්‍හයෝ දෙදෙන වෙත්.
Pali BJT2. 2. 6. 5.
Sinhala BJT2. 2. 6. 5.
Pali BJT5. ද්වෙමෙ භික්ඛවෙ බුද්ධා. කතමෙ ද්වෙ: තථාගතො ච අරහං සම්මාසම්බුද්ධො, පච්චෙකබුද්ධො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ බුද්ධාති.
Sinhala BJT5. මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.
Pali BJT2. 2. 6. 6.
Sinhala BJT2. 2. 6. 6.
Pali BJT6. ද්වෙමෙ භික්ඛවෙ අසනියා ඵලන්තියා න සන්තසන්ති. කතමෙ ද්වෙ: භික්ඛු ච ඛීණාසවො, හත්ථාජානීයො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අසනියා ඵලන්තියා න සන්තසන්තීති.
Sinhala BJT6. මහණෙනි, මොහු දෙදෙනෙක් සේන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරත් නො බති.
Pali BJT2. 2. 6. 7.
Sinhala BJT2. 2. 6. 7.
Pali BJT7. ද්වෙමෙ භික්ඛවෙ අසනියා ඵලන්තියා න සන්තසන්ති. කතමෙ ද්වෙ: භික්ඛු ච ඛීණාසවො, අස්සාජානීයො ච. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අසනියා ඵලන්තියා න සන්තසන්තීති.
Sinhala BJT7. මහණෙනි, මොහු දෙදෙන සේන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරන කල්හි තැති නො ගණිත්.
Pali BJT2. 2. 6. 8.
Sinhala BJT2. 2. 6. 8.
Pali BJT8. ද්වෙමෙ භික්ඛවෙ අසනියා ඵලන්තියා න සන්තසන්ති. කතමෙ ද්වෙ: භික්ඛු ච ඛීණාසවො, සීහො ච මිගරාජා. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අසනියා ඵලන්තියා න සන්තසන්තීති.
Sinhala BJT8. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්.
Pali BJT2. 2. 6. 9.
Sinhala BJT2. 2. 6. 9.
Pali BJT9. ද්වෙමෙ භික්ඛවෙ අත්ථවසෙ සම්පස්සමානා කිම්පුරිසා මානුසිං වාචං න භාසන්ති. කතමෙ ද්වෙ: මා ච මුසා භණිම්හා{1}, මා ච පරං අභූතෙන අබ්භාචික්ඛිම්හාති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ අත්ථවසෙ සම්පස්සමානා කිම්පුරිසා මානුසිං වාචං න භාසන්තීති.
Sinhala BJT9. මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්‍යාඛ්‍යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.
Pali BJT2. 2. 6. 10.
Sinhala BJT2. 2. 6. 10.
Pali BJT10. ද්වින්නං භික්ඛවෙ{2} ධම්මානං අතිත්තො අප්පටිවානො මාතුගාමො කාලං කරොති. කතමෙසං ද්වින්නං: මෙථුනධම්මසමාපත්තියා{3} ච, විජායනස්ස ච. ඉමෙසං ඛො භික්ඛවෙ ද්වින්නං ධම්මානං අතිත්තො අප්පටිවානො මාතුගාමො කාලං කරොතීති.
Sinhala BJT10. මහණෙනි, මේ ධර්‍ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්‍රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්‍ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.
Pali BJT2. 2. 6. 11.
Sinhala BJT2. 2. 6. 11.
Pali BJT11. අසන්තසන්නිවාසංච වො භික්ඛවෙ දෙසිස්සාමි{4} සන්තසන්නිවාසඤ්ච. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති: එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච.
Sinhala BJT11. මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ...
Pali BJTකථඤ්ච භික්ඛවෙ අසන්තසන්නිවාසො හොති: කථඤ්ච අසන්තො සන්නිවසන්ති:
Sinhala BJTමහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්:
Pali BJTඉධ භික්ඛවෙ ථෙරස්ස භික්ඛුනො එවං හොති : ථෙරොපි මං න වදෙය්ය, මජ්ඣිමොපි මං න වදෙය්ය, නවොපි මං න වදෙය්ය, ථෙරම්පහං{5} න වදෙය්යං. මජ්ඣිමම්පාහං න වදෙය්යං, නවම්පහං{6} න වදෙය්යං. ථෙරො චෙපි මං වදෙය්ය, අහිතානුකම්පී මං වදෙය්ය, නො හිතානුකම්පී, නොති නං වදෙය්යං, විහෙසෙය්යම්පි{7} නං, පස්සම්පිස්ස න පටිකරෙය්යං. මජ්ඣිමො චෙපි මං වදෙය්ය, නවො චෙපි මං වදෙය්ය, අහිතානුකම්පී මං වදෙය්ය; නො හිතානුකම්පී. නොති නං වදෙය්යං, විහෙසෙය්යම්පි{7} නං, පස්සම්පිස්ස න පටිකරෙය්යං. මජ්ඣිමස්සපි භික්ඛුනො එවං හොති -පෙ- නවස්සපි භික්ඛුනො එවං හොති : ථෙරොපි මං න වදෙය්ය, මජ්ඣිමොපි මං න වදෙය්ය, නවොපි මං න වදෙය්ය, ථෙරම්පාහං න වදෙය්යං, මජ්ඣිමම්පහං න වදෙය්යං, නවම්පහං නං වදෙය්යං. ථෙරො චෙපි මං වදෙය්ය, අහිතානුකම්පී මං වදෙය්ය, නො හිතානුකම්පී, නොති නං වදෙය්යං, විහෙසෙය්යම්පි{7} නං, පස්සම්පිස්ස න පටිකරෙය්යං. මජ්ඣිමො චෙපි මං වදෙය්ය, නවො චෙපි මං වදෙය්ය; අහිතානුකම්පී මං වදෙය්ය, නො හිතානුකම්පී, නොති නං වදෙය්යං, විහෙසෙය්යම්පි{7} නං; පස්සම්පිස්ස න පටිකරෙය්යං. එවං ඛො භික්ඛවෙ අසන්තසන්නිවාසො හොති. එවං ච අසන්තො සන්නිවසන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්‍ෂූහට මෙබඳු සිතෙක් වෙයි: වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්‍යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්‍ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ම මට කියයි. හිතානුකම්පා ඇති ව නො කියයි ඔහුට නැතැයි ද කියනෙමි. ඔහුට වෙහෙස ද කරමි, එය දක්නෙම් නමුදු පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ ද මට කියා නම්, අහිතානුකම්පා ඇති ව මට කියනේය. හිතානුකම්පා ඇති ව නො වේ. ඔහුට මම නැතැ’යි කියමි. ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මැදුම් මහණහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට නහමක් කියාවා, මැදුම් තෙර ද මට නහමක් කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියමි. මැදුම් තෙරුන්ට ද මම නහමක් කියමි. නවක භික්‍ෂූහට ද මම නහමක් කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, (මට) අහිතානුකම්පී ව කියන්නේය. හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්‍ෂූ තෙමේ ද මට කියා නම්, අහිතානුකම්පී ව මට කියන්නේය, හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ සන්නිවාසය වේ. මෙසේ ද අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්.
Pali BJTකථඤ්ච භික්ඛවෙ සන්තසන්නිවාසො හොති: කථඤ්ච සන්තො සන්නිවසන්ති:
Sinhala BJTමහණෙනි, සත්පුරුෂසන්නිවාසය කෙසේය යත්: සත්පුරුෂයෝ කෙසේ නම් එක්ව වෙසෙති යත්:
Pali BJTඉධ භික්ඛවෙ ථෙරස්ස භික්ඛුනො එවං හොති : ථෙරොපි මං වදෙය්ය, මජ්ඣිමොපි මං වදෙය්ය. නවොපි මං වදෙය්ය, ථෙරම්පහං වදෙය්යං, මජ්ඣිමම්පහං වදෙය්යං, නවම්පහං වදෙය්යං. ථෙරො චෙපි මං වදෙය්ය, හිතානුකම්පී මං වදෙය්ය, නො අහිතානුකප්පී, සාධූති නං වදෙය්යං, න විහෙසෙය්යං පස්සම්පිස්ස පටිකරෙය්යං. මජ්ඣිමො චෙපි මං වදෙය්ය, නවො චෙපි මං වදෙය්ය හිතානුකම්පී මං වදෙය්ය, නො අහිතානුකම්පී, සාධූති නං වදෙය්යං, න නං විහෙසෙය්යං, පස්සම්පිස්ස පටිකරෙය්යං. මජ්ඣිමස්සපි භික්ඛුනො එවං හොති -පෙ- නවස්සපි භික්ඛුනො එවං හොති: ථෙරොපි මං වදෙය්ය, මජ්ඣිමොපි මං වදෙය්ය, නවොපි මං වදෙය්ය, ථෙරම්පහං වදෙය්යං, මජ්ඣිමම්පහං වදෙය්යං, නවම්පහං වදෙය්යං. ථෙරො චෙපි මං වදෙය්ය, හිතානුකම්පී මං වදෙය්ය, නො අහිතානුකම්පී. සාධූති නං වදෙය්යං, න නං විහෙසෙය්යං, පස්සම්පිස්ස පටිකරෙය්යං. මජ්ඣිමො චෙපි මං වදෙය්ය, නවො චෙපි මං වදෙය්ය, හිතානුකම්පී මං වදෙය්ය නො අහිතානුකම්පී. සාධූති නං වදෙය්යං, න නං විහෙසෙය්යං, පස්සම්පිස්ස පටිකරෙය්යං. එවං ඛො භික්ඛවෙ සන්තසන්නිවාසො හොති. එවං ච{1} සන්තො සන්නිවසන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහලු තෙරුන්ට මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් තෙරද මට කියාවා, නවක භික්‍ෂු තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට ද කියමි. මැදුම් තෙරුන්ට ද මම කියමි. නවක භික්‍ෂූහට ද මම කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියයි. අහිතානුකම්පී ව නො වේ, මැනවැයි ඔහුට කියමි. මම ඒ තෙරුන් නො වෙහෙසන්නෙමි. මම දක්නෙම් එයට පිළියම් කරමි. ඉදින් මධ්‍යම තෙර ද මට කියා ... නවක භික්‍ෂු තෙමේ ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියනේය. අහිතානුකම්පී ව නො කියන්නේය. (මම) මැනවැ යි ඒ තෙරුන්ට කියමි, ඒ තෙරුන් නො වෙහෙසමි, දක්නෙම් එයට පිළියම් කරමි. මධ්‍යම භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්‍ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් මහණ තෙමේ ද මට කියාවා, නවක මහණ තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට කියනෙමි ... මම ද මැදුම් තෙරුන්ට කියන්නෙමි. ... මම ද නවක මහණහට කියන්නෙමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, මට හිතානුකම්පී ව කියන්නේය. අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියන්නේ නම් ... ඉදින් නවක මහණ තෙමේ ද මට කියන්නේ නම්, හිතානුකම්පී ව මට කියන්නේය, අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් පිළියම් ද කරමි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ සන්නිවාසය වෙයි. මෙසේ ම සත්පුරුෂයෝ එක්ව වෙසෙත් යයි.
Pali BJT2. 2. 6. 12.
Sinhala BJT2. 2. 6. 12.
Pali BJT12. යස්මිං භික්ඛවෙ අධිකරණෙ උභතො වචීසංසාරො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි අජ්ඣත්තං න අවූපසන්තං{2} හොති. තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං: දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච න ඵාසුං විහරිස්සන්ති.
Sinhala BJT12. මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්‍රෝශවශයෙන් සමවලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්‍රාහ සඞ්ඛ්‍යාත) පළාසය ද, චිත්තයෙහි වූ කෝපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්‍යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
Pali BJT2. 2. 6. 13.
Sinhala BJT2. 2. 6. 13.
Pali BJT13. යස්මිඤ්ච ඛො භික්ඛවෙ අධිකරණෙ උභතො වචීසංසාරො දිට්ඨිපලාසො චෙතසො ආඝාතො අප්පච්චයො අනභිරද්ධි අජ්ඣත්තං අවූපසන්තං හොති. තස්මෙතං භික්ඛවෙ අධිකරණෙ පාටිකඞ්ඛං : න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච ඵාසුං විහරිස්සන්තීති.
Sinhala BJT13. මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්‍යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්‍ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
Pali BJTපුග්ගල වග්ගො ඡට්ඨො.
Sinhala BJTසවන පුඟුල්වගයි.
Pali BJT[7. සුඛවග්ගො]
Sinhala BJT[7. සුඛ වර්‍ගය]
Pali BJT2. 2. 7. 1.
Sinhala BJT2. 2. 7. 1.
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: ගිහීසුඛඤ්ච, පබ්බජ්ජාසුඛඤ්ච.{1} ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජ්ජාසුඛන්ති.
Sinhala BJT14. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ගිහි සුඛ හා පැවිදි සුඛ හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි මේ සුව දෙක අතුරෙන් යම් පැවිදි සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 2.
Sinhala BJT2. 2. 7. 2.
Pali BJT15. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: කාමසුඛඤ්ච, නෙක්ඛම්මසුඛඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නෙක්ඛම්ම සුඛන්ති.
Sinhala BJT15. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කාමසුඛය හා නෙක්ඛම්මසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නෙක්ඛම්මසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 3.
Sinhala BJT2. 2. 7. 3.
Pali BJT16. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: උපධිසුඛඤ්ච,{2} නිරුපධිසුඛඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිරුපධිසුඛන්ති.
Sinhala BJT16. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ත්‍රෛභූමකසුඛ සඞ්ඛ්‍යාත) උපධි සුඛය හා (ලෝකෝත්තරසුඛ සඞ්ඛ්‍යාත) නිරුපධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ සුව දෙකය. මහණෙනි, මේ සුඛ දෙක අතුරෙන් යම් නිරුපධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 4.
Sinhala BJT2. 2. 7. 4.
Pali BJT17. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සාසවඤ්ච සුඛං, අනාසඛඤ්ච සුඛං{2}. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අනාසවං සුඛන්ති.
Sinhala BJT17. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටසුඛ සඞ්ඛ්‍යාත) සාසවසුඛය හා (විවට්ටසුඛ සඞ්ඛ්‍යාත) අනාසවසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අනාසවසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 5.
Sinhala BJT2. 2. 7. 5.
Pali BJT18. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සාමිසඤ්ච සුඛං, නිරාමිසඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිරාමිසං සුඛන්ති.
Sinhala BJT18. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (වට්ටගාමීසුඛ සඞ්ඛ්‍යාත) සාමිස සුඛය හා (විවට්ටගාමී සුඛ සඞ්ඛ්‍යාත) නිරාමිස සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිරාමිසසුඛයෙක් වේ ද, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 6.
Sinhala BJT2. 2. 7. 6.
Pali BJT19. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: අරියසුඛඤ්ච, අනරියසුඛඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අරියසුඛන්ති.
Sinhala BJT19. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: ආර්‍ය්‍යසුඛය හා අනාර්‍ය්‍ය සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුඛ දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් ආර්‍ය්‍යසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 7.
Sinhala BJT2. 2. 7. 7.
Pali BJT20. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: කායිකඤ්ච සුඛං චෙතසිකඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං චෙතසිකං සුඛන්ති.
Sinhala BJT20. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: කායිකසුඛය හා චෛතසික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් චෛතසිකසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 8.
Sinhala BJT2. 2. 7. 8.
Pali BJT21. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සප්පීතිකඤ්ච සුඛං, නිප්පීතිකඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකං සුඛන්ති.
Sinhala BJT21. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම ද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සප්‍රීතික සුඛය හා (තෘතීය චතුර්‍ත්‍ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) නිෂ්ප්‍රීතික සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙක ය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතික සුවයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 9.
Sinhala BJT2. 2. 7. 9.
Pali BJT22. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සාතසුඛඤ්ච උපෙක්ඛාසුඛඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාසුඛන්ති.
Sinhala BJT22. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතසුඛය හා (චතුර්‍ත්‍ථ ධ්‍යාන සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 10.
Sinhala BJT2. 2. 7. 10.
Pali BJT23. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සමාධිසුඛඤ්ච අසමාධිසුඛඤ්ච. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං සමාධිසුඛන්ති.
Sinhala BJT23. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (අර්‍පණාවට හෝ උපචාරයට පැමිණි) සමාධිසුඛය හා (එසේ නො පැමිණි) අසමාධිසුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් සමාධිසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 11.
Sinhala BJT2. 2. 7. 11.
Pali BJT24. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සප්පීතිකාරම්මණඤ්ච සුඛං. නිප්පීතිකාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකාරම්මණං සුඛන්ති.
Sinhala BJT24. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය ධ්‍යාන දෙක ප්‍රත්‍යවේක්‍ෂාකරන්නහුට උපන්) සප්‍රීතිකාලම්බන සුඛය හා (තෘතීය චතුර්‍ත්‍ථධ්‍යාන ප්‍රත්‍යවේක්‍ෂාකරන්නහුට උපන්) නිෂ්ප්‍රීතිකාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් නිෂ්ප්‍රීතිකාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 12.
Sinhala BJT2. 2. 7. 12.
Pali BJT25. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: සාතාරම්මණඤ්ච සුඛං, උපෙක්ඛාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාරම්මණං සුඛන්ති.
Sinhala BJT25. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (ප්‍රථම-ද්විතීය-තෘතීය ධ්‍යාන සඞ්ඛ්‍යාත) සාතාලම්බන සුඛය හා (චතුර්‍ත්‍ථධ්‍යාන සඞ්ඛ්‍යාත) උපේක්‍ෂාලම්බන සුඛය හා යන දෙක යි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් උපේක්‍ෂාලම්බනසුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේ.
Pali BJT2. 2. 7. 13.
Sinhala BJT2. 2. 7. 13.
Pali BJT26. ද්වෙමානි භික්ඛවෙ සුඛානි. කතමානි ද්වෙ: රූපාරම්මණඤ්ච සුඛං, අරූපාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛො භික්ඛවෙ ද්වෙ සුඛානි. එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං සුඛානං යදිදං අරූපාරම්මණං සුඛන්ති.
Sinhala BJT26. මහණෙනි, මේ සුඛ දෙකෙකි. කවර දෙකෙක යත්: (රූපාවචර-චතුර්‍ත්‍ථධ්‍යානය අරමුණුකොට ඇති) රූපාලම්බන සුඛය හා අරූපාවචරධ්‍යාන අරමුණු කොට ඇති අරූපාලම්බන සුඛය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි සුව දෙකය. මහණෙනි, මේ සුව දෙක අතුරෙන් යම් අරූපාලම්බන සුඛයෙක් වේ නම්, තෙල අග්‍ර වේය යි.