Pali BJT6. 1. 4. 5.
Sinhala BJT6. 1. 4. 5.
Pali BJT[විජ්ජාභාගිය සුත්තං]
Sinhala BJT[විජ්ජාභාගිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. ඡයිමෙ භික්ඛවෙ ධම්මා විජ්ජාභාගියා. කතමෙ ඡ:
Sinhala BJT35. මහණෙනි, මෙ විජ්ජාභාගිය (විද්‍යා කොටස් පිළිබඳ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා.
Sinhala BJTඅනිච්චසඤ්ඤා (අනිත්‍යානුදර්‍ශනයෙහි උපන් සංඥාව), අනිච්චේ දුක්ඛසඤ්ඤා (අනිත්‍යයෙහි දුඃඛානුදර්‍ශනයෙහි උපන් සංඥාව), දුක්ඛෙ අනත්තසඤ්ඤා (දුකෙහි අනාත්මානුදර්‍ශනයෙහි උපන් සංඥාව), පහාණසඤ්ඤා (ප්‍රහාණානු දර්‍ශනයෙහි උපන් සංඥාව), විරාගසඤ්ඤා (විරාගානු දර්‍ශනයෙහි උපන් සංඥාව), නිරෝධසඤ්ඤා (නිරෝධානුදර්‍ශනයෙහි උපන් සංඥාව) ද වෙත්.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා විජ්ජාභාගියාති.
Sinhala BJTමහණෙනි, මෙ විජ්ජාභාගිය ධර්‍ම සය යි.
Pali BJT6. 1. 4. 6.
Sinhala BJT6. 1. 4. 6.
Pali BJT[විවාදමූල සුත්තං]
Sinhala BJT[විවාදමූල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. ඡයිමානි භික්ඛවෙ විවාදමූලානි. කතමානි ඡ:
Sinhala BJT36. මහණෙනි, මෙ විවාදමූල සයෙකි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛු කොධනො හොති උපනාහී. යො සො භික්ඛවෙ භික්ඛු කොධනො හොති උපනාහී, සො සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ කිපෙන සුලුයේ බද්ධවෛර ඇතියේ වෙයි. මහණෙනි, යම් මැ මහණෙක් ක්‍රෝධන උපනාහී වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ධර්‍මයෙහිදු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි දු ප්‍රතිශය නැතියේ, ගෞරව නැතියේ වෙසෙයි. ශික්‍ෂාහිදු පරිපූරකාරි නො වෙසෙයි. මහණෙනි, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ප්‍රතිශය (ගුරු පිහිට) නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, ධර්‍මයෙහි ප්‍රතිශ්‍රය නැතියේ, ගෞරව නැතියේ වෙසේ නම්, සඟුන් කෙරෙහි ප්‍රතිශ්‍රය නැතියේ ගෞරව නැතියේ වෙසේ නම්, ශික්‍ෂාහි පරිපූරකාරි නො වේ නම්, හෙ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස, දෙවි මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ නම්, සඟුන් අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් ආභ්‍යන්තරික පර්‍ෂද්හි වේවයි බාහිර පර්‍ෂද්හි වේවයි දක්නහු නම්, එ ලමු වාදයාගේ ප්‍රහාණය පිණිස ම ව්‍යායාම කරව. මහණෙනි, මෙබඳු විවාද මූලයක් ඉදින් ආභ්‍යන්තරීක පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, නොදක්නහු නම්, මහණෙනි, තෙපි එ කරුණෙහිලා මතුයෙහි එ මැ ලමු විවාද මූලයාගේ අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලමු විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලමු විවාදමූලයාගේ අනුත්පාද වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ භික්ඛු මක්ඛී හොති පලාසී -පෙ- (3) ඉස්සුකී හොති මච්ඡරී -පෙ- (4) සඨො හොති මායාවී -පෙ- (5) පාපිච්ඡො හොති මිච්ඡාදිට්ඨී -පෙ- (6) සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී. යො සො භික්ඛවෙ භික්ඛූ සන්දිට්ඨිපරාමාසී හොති ආධානගාහී දුප්පටිනිස්සග්ගී, සො සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙපි අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙපි අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛායපි න පරිපූරකාරී හොති. යො සො භික්ඛවෙ භික්ඛු සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය න පරිපූරකාරී, සො සඞ්ඝෙ විවාදං ජනෙති, යො හොති විවාදො බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාද මූලස්ස පහානාය වායමෙය්යාථ. එවරූපං චෙ තුම්හෙ භික්ඛවෙ විවාදමූලං අජ්ඣත්තං වා බහිද්ධා වා න සමනුපස්සෙය්යාථ, තත්ර තුම්හෙ භික්ඛවෙ තස්සෙව පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවාය පටිපජ්ජෙය්යාථ. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස පහානං හොති. එවමෙතස්ස පාපකස්ස විවාදමූලස්ස ආයතිං අනවස්සවො හොති.
Sinhala BJT(2) තවද මහණෙනි, මහණ මෙරමා ගුණ මකන සැහැවි ඇතියේ යුග ග්‍රාහ (දෙදෙන සමව ගැණීම්) ලක්‍ෂණ ප්‍රදාස ඇතියේ වෙයි … (3) ඊර්‍ෂ්‍යා ඇතියේ මාත්සර්‍ය්‍ය ඇතියේ වෙයි … (4) ශඨ වූයේ මායා ඇතියේ වෙයි … (5) ලාමක ඉච්ඡා ඇතියේ මිසදිටු (නාස්තික වාද, අහේතුක වාද, අක්‍රිය වාද) ඇතියේ වෙයි ... (6) ස්වදෘෂ්ටිය ම පරාමර්‍ෂණ කරණ සුලුයේ දෘඪග්‍රාහී වූයේ ගත්මත නොහළ හැකියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් ස්වදෘෂ්ටිය පරාමර්‍ෂණ කරණ සුලුවූයේ දෘඪග්‍රාහීවූයේ ගත්මත නොහළ හැකියේ වේ නම්, හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ප්‍රතිශ්‍රය නැතියේ වෙසෙයි. ශික්‍ෂායෙහි අපරිපූරකාරී වෙයි. හේ යම් විවාදයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස අහිත පිණිස දෙව් මිනිස්නට දුක් පිණිස වේ නම්, සඞ්ඝයා අතුරෙහි එබඳු විවාද දනවයි. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි වේවයි, බාහිර පර්‍ෂද්හි වේවයි, දක්නහු නම්, මහණෙනි, එකරුණෙහි ලා එ මැ ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව. මහණෙනි, ඉදින් තෙපි මෙබඳු විවාද මූලයක් අභ්‍යන්තර පර්‍ෂද්හි හෝ බාහිර පර්‍ෂද්හි හෝ නොදක්නාහු නම්, මහණෙනි, එකරුණෙහි ලා තෙපි එ මැ ලාමක විවාද මූලයාගේ මතුයෙහි අනුත්පාදය පිණිස පිළිපදුව. මෙසෙයින් තෙල ලාමක විවාද මූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසෙයින් මතුයෙහි තෙල ලාමක විවාද මූලයාගේ අනුත්පාදය වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ විවාදමූලානී’ති.
Sinhala BJTමහණෙනි, මෙ විවාද මූල සය යි.
Pali BJT6. 1. 4. 7.
Sinhala BJT6. 1. 4. 7.
Pali BJT[ජළඞ්ගදාන සුත්තං]
Sinhala BJT[ඡළඞ්ගදාන සූත්‍රය]
Pali BJT37. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලාන පමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙති.
Sinhala BJT37. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වේළුකණ්ටක නුවරවැසි නන්‍දමාතා උපාසිකා ශාරිපුත්‍ර මෞද්ගල්‍යායන ප්‍රමුඛ බික් සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා පිහිටුවයි.
Pali BJTඅද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන වෙළුකණ්ටකිං නන්දමාතරං උපාසිකං සාරිපුත්තමොග්ගල්ලානපමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙන්තිං. දිස්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිව්‍ය චක්‍ෂුර්ඥානයෙන් සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි දන් පිහිටුවන වේළුකණ්ටකී නන්‍දමාතා උවැසිය දැක වදාළසේක්මැයි. දැකවදාරා මහණුන් ඇමැතූසේක:
Pali BJT”එසා භික්ඛවෙ වෙළුකණ්ටකී නන්දමාතා උපාසිකා සාරිපුත්තමොග්ගල්ලානපමුඛෙ භික්ඛුසඞ්ඝෙ ඡළඞ්ගසමන්නාගතං දක්ඛිණං පතිට්ඨාපෙති.”
Sinhala BJTමහණෙනි, තෙල වේළුකණ්ට කී නන්‍දමාතා උපාසිකා සැරියුත් මුගලන් පාමොක් බික්සඟුන් කෙරෙහි ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා (දනක්) දෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ ඡළඞ්ගසමන්නාගතා දක්ඛිණා හොති:
Sinhala BJTමහණෙනි, කී සෙයින් ෂඩඞ්ග සමන්‍වාගත දක්‍ෂිණා වේය යත්:
Pali BJTඉධ භික්ඛවෙ දායකස්ස තීණඞ්ගානි හොන්ති. පටිග්ගාහකානං තීණඞ්ගානි.
Sinhala BJTමහණෙනි, මෙ කරුණෙහි ලා දායකයාගේ අඞ්ග තුණෙක් වෙයි. පිළිගාවන්ගේ අඞ්ග තුණෙක් වෙයි.
Pali BJTකතමානි දායකස්ස තීණඞ්ගානි?
Sinhala BJTදායකයාගේ කවර අඞ්ග තුණෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති, දදං චිත්තං පසාදෙති, දත්වා අත්තමනො හොති. ඉමානි දායකස්ස තීණඞ්ගානි.
Sinhala BJTමහණෙනි, මෙ කරුණෙහි ලා දායකතෙම දානයෙන් පූර්‍වයෙහි මැ සොම්නස් ඇති වෙයි. දන්දෙනුයේ සිත් පහන් කෙරෙයි. දන් දී සතුටු සිතැති වෙයි. මෙ දායකයාගේ අඞ්ග තුණ ය.
Pali BJTකතමානි පටිග්ගාහකානං තීණඞ්ගානි?
Sinhala BJTප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ කවරැ යත්:
Pali BJTඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගා වා හොන්ති රාගවිනයාය වා පටිපන්නා. වීතදොසා වා හොන්ති දොසවිනයාය වා පටිපන්නා. වීතමොහා වා හොන්ති මොහවිනයාය වා පටිපන්නා. ඉමානි පටිග්ගාහකානං තීණඞ්ගානි.
Sinhala BJTමහණෙනි, මෙ කරුණෙහි ලා පිළිගාවෝ වීතරාග හෝ වෙත්, රාග විනයට පිළිපන්නාහු හෝ වෙත්. වීත ද්වේෂ හෝ වෙත්, ද්වේෂවිනයට පිළිපන්නාහු හෝ වෙත්. වීතමෝහ හෝ වෙත්, මෝහවිනයට පිළිපන්නාහු හෝ වෙත්. මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුණ යි.
Pali BJTඉති දායකස්ස තීණඞ්ගානි, පටිග්ගාකානං තීණඞ්ගානි. එවං ඛො භික්ඛවෙ ඡළඞ්ගසමන්නාගතා දක්ඛිණා හොති.
Sinhala BJTමෙලෙස දායකයාගේ අඞ්ග තුණෙක. ප්‍රතිග්‍රාහකයින්ගේ අඞ්ග තුණෙක. මහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණා වෙයි.
Pali BJTඑවං ඡළඞ්ගසමන්නාගතාය භික්ඛවෙ දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං “එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහා පුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණාමය පුණ්‍යයාගේ “මෙතරම් පුණ්‍යප්‍රවාහයෙක, කුශලප්‍රවාහයෙක, සුව ගෙණ දෙන්නෙක, ස්වග්‍රසුඛදායකය, සුඛවිපාක ඇත්තෙක, ස්වර්‍ගයට හිතව වැටෙන්නෙක. ඉෂ්ට කාන්ත මනාප හිත සුඛ සඳහා වැටෙන්නෙකැයි ප්‍රමාණය ගන්නට සුකර නො වෙයි. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්‍යස්කන්‍ධයෙකැ යන සඞ්ඛ්‍යාවට ම යෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගහෙතුං. “එත්තකානි උදකාළ්හකානී’ති වා, එත්තකානි උදකාළ්හකසතානී’ති වා, එත්තකානි උදකාළ්හකසහස්සානී’ති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානී”ති වා. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි මහ සයුරෙහි, “මෙතෙක් දියනැලි යි හෝ මෙතෙක් දියනැලිසියෙක හෝ, මෙතෙක් දියනැලි දහසෙකැයි හෝ, මෙතෙක් දිය නැලිසියදහසෙකැයි හෝ ජල ප්‍රමාණය ගන්නට නො හැකි වේ ද, වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය වූ මහදියකඳෙකැයි ම සඞ්ඛ්‍යාවට යේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ එවං ඡළඞ්ගසමන්නාගතාය දක්ඛිණාය න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං: “එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, එපරිදි ම මෙසේ ෂඩඞ්ගසමන්‍වාගත දක්‍ෂිණායෙහි මෙපමණ පුණ්‍යෝපප්‍රාප්තියෙක, මෙපමණ කුශලොපප්‍රාප්තියෙක, සුවගෙණ දෙන්නෙක, ස්වග්‍රසුඛ දායකය, සුඛ විපාක ඇතියෙක, ස්වර්‍ගයට හිතව වැටෙන්නේය, ඉෂ්ට කාන්ත මනාප හිත සුව පිණිස වැටෙන්නේ යයි පුණ්‍යයාගේ ප්‍රමාණය ගණුවට සුකර නෙ වේ. වැලිත් අසඞ්ඛෙය්‍ය අප්‍රමේය මහා පුණ්‍යස්කන්‍ධයෙක ම යන සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJT14. පුබ්බෙව දානා සුමනො දදං චිත්තං පසාදයෙ, දත්වා අත්තමනො හොති එසා යඤ්ඤස්ස සම්පදා
Sinhala BJT14. දෙනුවට පළමු මැ සොම්නස් සහගියා වන්නේය. දෙමින් සිත් පහදන්නේ ය. දන් දී (ඉක්බිති) සතුටු සිතැති වන්නේ ය. තෙල දානයාගේ පරිපූර්‍ණතා යි.
Pali BJT15. වීතරාගා වීතදොසා වීතමොහා අනාසවා, ඛෙත්තං යඤ්ඤස්ස සම්පන්නං සඤ්ඤතා බ්රහ්මචාරිනො. {1}
Sinhala BJT15. වීතරාග වූ වීත ද්වේෂ වූ වීතමෝහ වූ අනාස්‍රව වූ ශීල සංයමයෙන් (කායිකවාචසිකසංවරයෙන්) සංයත වූ බ්‍රම්සැරිහු යඥ සඞ්ඛ්‍යාත දානයට සම්පන්න ක්‍ෂේත්‍ර යි.
Pali BJT16. සයං ආචමයිත්වාන දත්වා සකෙහි පාණිහි, අත්තතො පරතො චෙසො යඤ්ඤො හොති මහප්ඵලො.
Sinhala BJT16. තමා ම අත්පා දෙවැ සියතින් දීමෙන් (දායක සඞ්ඛ්‍යාත) තමාගෙනුදු (ප්‍රතිග්‍රාහක සඞ්ඛ්‍යාත) පරාගෙනුදු තෙල යඥය මහත්ඵල වෙයි.
Pali BJT17. එවං යජිත්වා මෙධාවී සද්ධො මුත්තෙන චෙතසා’ අබ්යාපජ්ඣං සුඛං ලොකං පණ්ඩිතො උපපජ්ජතී’ති.
Sinhala BJT17. මෙසේ (රුවන් තියා කෙරෙහි) සැදැහැති ධාරණ ප්‍රඥා ඇති පණ්ඩිත තෙම (ලාභමාත්සර්‍ය්‍යාදින්) මුත් සිතින් දන්වැට පවත්වා නිදුක් සුව ඇති ස්වර්‍ගලෝකයට එළැඹෙන්නේ යි.
Pali BJT6. 1. 4. 8.
Sinhala BJT6. 1. 4. 8.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(බමුණු තෙම අත්තකාර පරකාර යථාවයෙන් දැන බුදුරදුන් සරණ ගොස් මෙසේ කීය:)
Pali BJT[අත්තකාර සුත්තං]
Sinhala BJT[අත්තකාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT38. එකල්හි අන්‍යතර බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු ස්මරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේ ය:
Pali BJT“අහං හි භො ගොතම එවංවාදී එවංදිට්ඨී: “නත්ථි අත්තකාරො, නත්ථි පරකාරොති.”
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, “මම වනාහි ආත්මකාරයෙක් (තමන් කරණ ක්‍රියා) නැත. පරකාරයෙක් (අනුන් කරණ ක්‍රියා) නැත යන මෙබඳු වාද ඇතියෙම්, මෙබඳු දෘෂ්ටි ඇතියෙම් වෙමි”යි.
Pali BJTමාහං බ්රාහ්මණ, එවංවාදිං එවංදිට්ඨිං අද්දසං වා අස්සොසිං වා. කථං හි නාම සයං අභික්කමන්තො සයං පටික්කමන්තො එවං වක්ඛති: “නත්ථි අත්තකාරො, නත්ථි පරකාරො”ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වා, (අසුවල් තැන වෙසෙතැයි) නහමක් අසම් ව යි. කිසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි කියන්නේ ද?
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, අත්ථි ආරම්භධාතූති?
Sinhala BJTබ්‍රාහ්මණය, ‘ආරම්භධාතුයෙක් (ක්‍රියා කිරීමෙහි පළමු උපදනා වීර්‍ය්‍යය) ඇත’ යන එය කිම හඟිහිදැ?යි.
Pali BJTඑවම්භො
Sinhala BJTපින්වතුන් වහන්ස, එසේ ඇති යයි.
Pali BJTආරම්භධාතුයා සති ආරම්භවන්තො සත්තා පඤ්ඤායන්තී?ති.
Sinhala BJTආරම්භධාතු ඇතිවත්ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් සත්ත්‍වයෝ පැණෙත් ද?
Pali BJTඑවං භො.
Sinhala BJT‘එසේ ය’ පින්වතුන් වහන්සැයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ ආරම්භධාතුයා සති ආරම්භවන්තො සත්තා පඤ්ඤායන්තී’ති අයං සත්තානං අත්තකාරො, අයං පරකාරොති.
Sinhala BJTබ්‍රාහ්මණය, ‘ප්‍රථමාරම්භවීර්‍ය්‍යය ඇතිවත් ම ප්‍රථමාරම්භවීර්‍ය්‍යවත් (ප්‍රථමාරම්භවීර්‍ය්‍යයෙන් ක්‍රියා කරණ) සත්ත්‍වයෝ පැණෙති’ යන යමෙක් වේ නම්, මේ සත්ත්‍වයන්ගේ ආත්මකාර යි, මේ සත්ත්‍වයන්ගේ පරකාර යි.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ අත්ථි නික්ඛමධාතු -පෙ- අත්ථි පරක්කමධාතු -පෙ- අත්ථි ථාමධාතු -පෙ- අත්ථි ඨිතිධාතු -පෙ- අත්ථි උපක්කමධාතූ?ති.
Sinhala BJTබ්‍රාහ්මණය, (කුසීතභාවයෙන් නික්මෙන සැහැවි ඇති) නික්ඛමධාතුයෙක් = වීර්‍ය්‍යයෙක් ඇත … (පැරැකුම් සැහැවි ඇති) පරක්කමධාතුයෙක් ඇත … ස්ථාමධාතුයෙක් (බලවත් වීර්‍ය්‍යයෙක්) ඇත ... ස්ථිතිධාතුයෙක් (පිහිටි වීර්‍ය්‍යයෙක්) ඇත … උපක්‍රමධාතුයෙක් (උපක්‍රම ශක්තියෙක්) ඇත යන එය කිම හඟිහි දැ?යි.
Pali BJTඑවම්භො.
Sinhala BJTපින්වතුන් වහන්ස, එසේ යැයි.
Pali BJTඋපක්කමධාතුයා සති උපක්කමවන්තො සත්තා පඤ්ඤායන්තී?ති.
Sinhala BJTඋපක්‍රමධාතුව (උපක්‍රම ස්වභාවය) ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැණෙත් දැ?යි.
Pali BJTඑවං භො.
Sinhala BJTපින්වතුන් වහන්ස, එසේ යැයි.
Pali BJTයං ඛො බ්රාහ්මණ, උපක්කමධාතුයා සති උපක්කමවන්තො සත්තා පඤ්ඤායන්තී’ති අයං සත්තානං අත්තකාරො, අයං පරකාරො’ති.
Sinhala BJTබ්‍රාහ්මණය, උපක්‍රමධාතුව ඇති වත් ම උපක්‍රමවත් සත්ත්‍වයෝ පැනෙති යන යමෙක් වේ නම්, මෙය සත්ත්‍වයන්ගේ ආත්මකාරයි, මෙය පරකාර යි.
Pali BJTමාහං බ්රාහ්මණ, එවංවාදිං එවංදිට්ඨිං අද්දසං වා අස්සොසිං වා. කථං හි නාම සයං අභික්කමන්තො පටික්කමන්තො එවං වක්ඛති: “නත්ථි අත්තකාරො, නත්ථි පරකාරො”ති.
Sinhala BJTබ්‍රාහ්මණය, මෙබඳු වාද ඇතියකු මෙබඳු දෘෂ්ටි ඇතියකු මම නහමක් දකිම්වයි, අසම්වයි. කෙසෙයින් නම් තෙමේ අභික්‍රමණ කරණුයේ තෙමේ ප්‍රතික්‍රමණ කරණුයේ “ආත්මකාරයෙක් නැත, පරකාරයෙක් නැතැ”යි මෙසේ කියන්නේ දැ?
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය … මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගියකු කොට ධරණ සේක් වයි.
Pali BJT6. 1. 4. 9.
Sinhala BJT6. 1. 4. 9.
Pali BJT[කම්මනිදානසුත්තං]
Sinhala BJT[කම්මනිදාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. තීණිමානි භික්ඛවෙ නිදානානි කම්මානං සමුදයාය.
Sinhala BJT39. මහණෙනි, (වර්‍තතගාමි) කර්‍මයන්ගේ සමුදයට (රැස්වීමට) මෙ නිදාන තුණෙක.
Pali BJTකතමානි තීණි:
Sinhala BJTකවර තුණෙක යත්:
Pali BJTලොභො නිදානං කම්මානං සමුදයාය. දොසො නිදානං කම්මානං සමුදයාය. මොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJTකර්‍මයන්ගේ සමුදයට ලෝභය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට ද්වේෂය නිදානයෙකි. කර්‍මයන්ගේ සමුදයට මෝහය නිදානයෙකි.
Pali BJTන භික්ඛවෙ ලොභා අලොභො සමුදෙති. අථ ඛො භික්ඛවෙ ලොභා ලොභොව සමුදෙති. න භික්ඛවෙ දොසා අදොසො සමුදෙති. අථ ඛො භික්ඛවෙ දොසා දොසොව සමුදෙති. න භික්ඛවෙ මොහා අමොහො සමුදෙති. අථ ඛො භික්ඛවෙ මොහා මොහොව සමුදෙති.
Sinhala BJTමහණෙනි, ලෝභයෙන් අලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, ලෝභයෙන් ලෝභය මැ උපදනේ ය. මහණෙනි, ද්වේෂයෙන් අද්වේෂය නූපදනේ ය. වැලිත් මහණෙනි, ද්වේෂයෙන් ද්වේෂය ම උපදනේ ය. මහණෙනි, මෝහයෙන් අමෝහය නූපදනේ ය. මහණෙනි, වැලිත් මෝහයෙන් මෝහය ම උපදනේ ය.
Pali BJTන භික්ඛවෙ ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන දෙවා පඤ්ඤායන්ති, න මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියො.
Sinhala BJTමහණෙනි, ලෝභයෙන් උපන් කර්‍මයෙන්, ද්වේෂයෙන් උපන් කර්‍මයෙන්, මෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැණෙත්. මනුෂ්‍යයෝ නො පැණෙත්. යම්බඳු අනෙකුදු සුගතිහු නො පැණෙත්.
Pali BJTඅථ ඛො භික්ඛවෙ ලොභජෙන කම්මෙන දොසජෙන කම්මෙන මොහජෙන කම්මෙන නිරයො පඤ්ඤායති, තිරච්ඡානයොනි පඤ්ඤායති, පෙත්තිවිසයො පඤ්ඤායති, යා වා පනඤ්ඤාපි කාචි දුග්ගතියො.
Sinhala BJTවැලිත් මහණෙනි, ලෝභජකර්‍මයෙන්, ද්වේෂජකර්‍මයෙන්, මෝහජකර්‍මයෙන් නිරය පැණෙයි. තිරිසන් යොන් පැණෙයි. ප්‍රේත විෂය පැණෙයි. අනෙක් කිසි දුගතිහුදු පැණෙති.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණ යි.
Pali BJTතීණිමානි භික්ඛවෙ නිදානානි කම්මානං සමුදයාය. කතමානි තීණි:
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ සමුදයට මෙ නිදාන තුණෙකි. කවර තුණෙක යත්:
Pali BJTඅලොභො නිදානං කම්මානං සමුදයාය. අදොසො නිදානං කම්මානං සමුදයාය. අමොහො නිදානං කම්මානං සමුදයාය.
Sinhala BJTකර්‍මයන්ගේ සමුදය සඳහා අලෝභය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අද්වේෂය නිදානයෙක. කර්‍මයන්ගේ සමුදය සඳහා අමෝහය නිදානයෙක.
Pali BJTන භික්ඛවෙ අලොභා ලොභො සමුදෙති, අථ ඛො භික්ඛවෙ අලොභා අලොභොව සමුදෙති. න භික්ඛවෙ අදොසා දොසො සමුදෙති, අථ ඛො භික්ඛවෙ අදොසා අදොසොව සමුදෙති. න භික්ඛවෙ අමොහා මොහො සමුදෙති, අථ ඛො භික්ඛවෙ අමොහා අමොහොව සමුදෙති.
Sinhala BJTමහණෙනි, අලෝභයෙන් ලෝභය නූපදනේ ය. වැලිත් මහණෙනි, අලෝභයෙන් අලෝභය ම උපදනේ ය. මහණෙනි, අද්වේෂයෙන් ද්වේෂය නූපදනේ ය. වැලිත් අද්වේෂයෙන් අද්වේෂයම උපදනේ ය. මහණෙනි, අමෝහයෙන් මෝහය නූපදනේ ය. වැලිත් මහණෙනි, අමෝහයෙන් අමෝහය ම උපදනේ ය.
Pali BJTන භික්ඛවෙ අලොභජෙන කම්මෙන අදොසජෙන කම්මෙන අමොහ ජෙන කම්මෙන නිරයො පඤ්ඤායති. තිරච්ඡානයොනි පඤ්ඤායති. පෙත්තිවිසයො පඤ්ඤායති යා වා පනඤ්ඤාපි කාචි දුග්ගතියො. අථ ඛො භික්ඛවෙ අලොභජෙන කම්මෙන අදොසජෙන කම්මෙන අමොහජෙන කම්මෙන දෙවා පඤ්ඤායන්ති, මනුස්සා පඤ්ඤායන්ති, යා වා පනඤ්ඤාපි කාචි සුගතියො.
Sinhala BJTමහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජ කර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන්, නිරය නො පැණෙයි. තිරිසන්යොන් නො පැමිණෙයි. ප්‍රේත විෂය නො පැණෙයි. අනෙක් යම් කිසි දුගතිහුදු නො පැණෙති. වැලිත් මහණෙනි, අලෝභජ කර්‍මයෙන්, අද්වේෂජකර්‍මයෙන්, අමෝහජ කර්‍මයෙන් දෙවියෝ පැණෙත්. මනුෂ්‍යයෝ පැණෙත්. යම්බඳු අනෙකුදු කිසියම් සුගතිහු පැණෙත්.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ තීණි නිදානානි කම්මානං සමුදයායාති.
Sinhala BJTමහණෙනි, කර්‍මයන්ගේ සමුදය සඳහා මෙ නිදාන තුණ යි.
Pali BJT6. 1. 4. 10.
Sinhala BJT6. 1. 4. 10.
Pali BJT[කිම්බිල සුත්තං]
Sinhala BJT[කිම්බිල සූත්‍රය]
Pali BJT40. එවම්මෙසුතං එකං සමයං භගවා කිම්බිලායං විහරති නිචුලවනෙ{1} අථ ඛො ආයස්මා කිම්බිලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කිම්බිලො භගවන්තං එතදවොච:
Sinhala BJT40. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල් වනයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
Pali BJT“කො නු ඛො භන්තෙ හෙතු, කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතී”ති?
Sinhala BJTවහන්ස, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාසන සද්ධර්‍මය යම් හෙයෙකින් චිරස්ථායී නො වේ නම්, එ හේතු කවරේ ය? ඒ ප්‍රත්‍යය කවරේ ය? යි.
Pali BJTඉධ කිම්බිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛු භික්ඛුණියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා. ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. සික්ඛාය ආගාරවා විහරන්ති අප්පතිස්සා. අප්පමාදෙ අගාරවා විහරන්ති අප්පතිස්සා. පටිසාන්ථාරෙ අගාරවා විහරන්ති අප්පතිස්සා.
Sinhala BJTකිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගයන් වහන්සේ පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ධර්‍මයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වසන්නාහ.
Pali BJTඅයං ඛො කිම්බිල හෙතු, අයං පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති.
Sinhala BJTකිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවිකල්හි ශාසන සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යය යි.
Pali BJTකො පන භන්තෙ හෙතු, කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති?
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසනසද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එ හේතු කවර, එ ප්‍රත්‍යය කවරැයි.
Pali BJTඉධ කිම්බිල තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා, ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, අප්පමාදෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, පටිසන්ථාරෙ සගාරවා විහරන්ති සප්පතිස්සා.
Sinhala BJTකිම්බිලයෙනි, මෙ සස්නෙහි තථාගතයන් පිරිනිවිකල්හි මහණහු මෙහෙණහු උවසුහු උවැසිහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ධර්‍මය කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. සඟුන් කෙරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. ශික්‍ෂායෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. අප්‍රමාදයෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ. පිළිසඳරෙහි ගෞරව ඇති ව ප්‍රතිශ්‍රය ඇති ව වසන්නාහ.
Pali BJTඅයං ඛො කිම්බිල, හෙතු අයං පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.
Sinhala BJTකිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මෙ ඒ හේතු ය, මෙ ඒ ප්‍රත්‍යය යි.
Pali BJT6. 1. 4. 11.
Sinhala BJT6. 1. 4. 11.
Pali BJT[දාරුක්ඛන්ධ සුත්තං]
Sinhala BJT[දාරුක්ඛන්‍ධ සූත්‍රය]
Pali BJT41. එවම්මෙසුතං එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ.
Sinhala BJT41. මා විසින් මෙසේ අසනලද. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ රාජගහ සමීපයෙහි ගිජ්ඣකූට පර්‍වතයෙහි වාස කරත්.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං ගිජ්ඣකූටා පබ්බතා ඔරොහන්තො අද්දස අඤ්ඤතරස්මිං පදෙසෙ මහන්තං දාරුක්ඛන්ධං. දිස්වා භික්ඛූ ආමන්තෙසි: “පස්සථ නො තුම්හෙ ආවුසො අමුං මහන්තං දාරුක්ඛන්ධන්ති”
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ බොහෝ වහන්දෑ හා සමග ගිජුකුළුපව්යෙන් බස්නාහු අන්‍යතරප්‍රදේශයෙක්හි මහ දැවකඳක් දුටහ. දැක භික්‍ෂූන් ඇමැතූහ. “ඇවැත්නි, තෙපි තෙල මහදැවකඳ දක්නහු දැ?”යි.
Pali BJTඑව මාවුසොති.
Sinhala BJT“එසේ ය ඇවැත්නි”යි.
Pali BJTආකඞ්ඛමානො ආවුසො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො අමුං දාරුක්ඛන්ධං පඨවීත්වෙව අධිමුච්චෙය්ය. තං කිස්ස හෙතු: අත්ථි ආවුසො අමුම්හි දාරුක්ඛන්ධෙ පඨවීධාතු, යං නිස්සාය භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො අමුං දාරුක්ඛන්ධං පඨවීත්වෙව අධිමුච්චෙය්ය.
Sinhala BJTඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමැතියේ නම්, අසු දැවකඳ පෘථිවිධාතු ම ය යි සළකන්නේ ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, යම් පෘථිවිධාතුවක් නිසා චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් “අසු දැව කඳ පෘථිවිධාතු ම ය”යි සලකා නම්, තෙල දැවකඳෙහි (එබඳු) පෘථිවිධාතුයෙක් ඇත.
Pali BJTආකඞ්ඛමානො ආවුසො භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො අමුං දාරුක්ඛන්ධං ආපොත්වෙව අධිමුච්චෙය්ය -පෙ- තෙජොත්වෙව අධිමුච්චෙය්ය -පෙ- වායොත්වෙව අධිමුච්චෙය්ය -පෙ- සුභන්ත්වෙව අධිමුච්චෙය්ය -පෙ- අසුභන්ත්වෙව අධිමුච්චෙය්ය. තං කිස්ස හෙතු. අත්ථි ආවුසො අමුම්හි දාරුක්ඛන්ධෙ අසුභධාතු, යං නිස්සාය භික්ඛු ඉද්ධිමා චෙතොවසිප්පත්තො අමුං දාරුක්ඛන්ධං අසුභන්ත්වෙව අධිමුච්චෙය්යාති.
Sinhala BJTඇවැත්නි, චිත්තවශීභාවයට පත් ඍද්ධිමත් මහණෙක් කැමතියේ නම් අසු දැවකඳ අබ්ධාතු ම ය යි සළකන්නේ ය … තේජෝධාතු ම ය යි සළකන්නේ ය … වායෝධාතු ම ය යි සළකන්නේ ය … ශුභධාතු ම ය යි සළකන්නේ ය … අශුභධාතු ම ය යි සළකන්නේ ය. එ කවර හෙයින යත්: ඇවැත්නි, යම් අශුභධාතුවක් නිසා චිත්ත වශීභාවයට පත් ඍද්ධිමත් මහණ තෙල දැව කඳ අශුභධාතු ම ය යි සළකන්නේ නම්, අසු දැව කඳෙහි (එ) අශුභධාතුව ඇතැයි.
Pali BJT9. 1. 4. 12.
Sinhala BJT6. 1. 4. 12.
Pali BJT[නාගිත සුත්තං]
Sinhala BJT[නාගිත සූත්‍රය]
Pali BJT42. එවං මෙ සුතං එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන ඉච්ඡානඞ්ගලං නාම කොසලානං බ්රාහ්මණගාමො, තදවසරි. තත්ර සුදං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ.
Sinhala BJT42. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි මහබික්සඟුන් හා සමග සැරි සරණසේක්, කෝශලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එ ඉච්ඡානඞ්ගලයෙහි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වාස කරන්නාහ.
Pali BJTඅස්සොසුං ඛො ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලං අනුප්පත්තො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො” ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො -පෙ- බුද්ධො භගවා”ති. සො ඉමං ලොකං සදෙවකං -පෙ- [සාධු ඛො පන තථාරූපානං] අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJTඉච්ඡානඞ්ගලික බ්‍රාහ්මණ ගෘහපතිහු “ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූ ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩිසේක් ම ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වසන්නාහ. “ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ ... බුද්ධයහ, භගවත්හ” යි ඒ භගවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිතුගොසෙක් උස් ව නැගියේ ය. උන්වහන්සේ දෙවියන් සහිත මෙ ලෝකය ... එබඳු රහතුන්ගේ දර්‍ශනය මනා වන්නේ ය”යි ඇසූහු ම ය.
Pali BJTඅථ ඛො ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා තස්සා රත්තියා අච්චයෙන පහූතං ඛාදනීයං භොජනීයං ආදාය යෙන ඉච්ඡානඞ්ගලවනසණ්ඩං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා බහිද්වාරකොට්ඨකෙ අට්ඨංසු උච්චාසද්දා මහාසද්දා.
Sinhala BJTඉක්බිති ඉච්ඡානඞ්ගල වැසි බමුණු ගැහැවියෝ එ රෑ ඇවෑමෙන් ප්‍රභූත ඛාද්‍යභෝජ්‍යයන් රැගෙණ ඉච්ඡානඞ්ගල වනෂණ්ඩය කරා එළඹියහ. එළැඹ බිහි දොර කොටුයෙහි උස්හඬ මහහඬ ඇති ව සිටියහ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා නාගිතො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං නාගිතං ආමන්තෙසි: කෙ පන තෙ නාගිත උච්චාසද්දා මහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙති.
Sinhala BJTඑ සමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමැතූසේක: නාගිතයෙනි, උස් හඬ ඇති, මහ හඬ ඇති ඔහු කවරහු දැ? මත්ස්‍යවිලෝපයෙහි (මාළු කඩයක) කෙවුළන් වැනියහ’යි.
Pali BJTඑතෙ භන්තෙ ඉච්ඡානඞ්ගලිකා බ්රාහ්මණගහපතිකා පහූතං ඛාදනීයං භොජනීයං ආදාය බහිද්වාරකොට්ඨකෙ ඨිතා භගවන්තංයෙව උද්දිස්ස භික්ඛුසඞ්ඝං චාති.
Sinhala BJT“වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලවැසි බමුණු ගැහැවිහු බොහෝ කෑයුතු බුදියයුතු දෑ ගෙණ භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂු සඞ්ඝයා උදෙසා මැ බිහිදොර කොටුයෙහි සිටියහ”යි.
Pali BJTමාහං නාගිත, යසෙන සමාගමං. මා ච මයා යසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාරසිලොකසුඛං සාදියෙය්යාති.
Sinhala BJTනාගිතයෙනි, මම නහමක් පිරිවර හා එක් වෙම්වා, පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසම සුඛයක්, සම්බොධ සුඛයක් මම කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් වනාහි මේ නෙක්ඛම්මසුඛය, පවිවේක සුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ නො වේ නම්, හේ, එ මීඪ (අසූචි) සුඛය, නිද්‍රාසුඛය, ලාභ සත්කාර වර්‍ණභණනය නිසා උපන් සුඛය ඉවසන්නේ ය.
Pali BJTඅධිවාසෙතුදානි භන්තෙ භගවා, අධිවාසෙතු සුගතො. අධිවාසන කාලොදානි භන්තෙ භගවතො. යෙන යෙනෙවදානි භන්තෙ භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා, නෙගමා චෙ ව ජානපදා ච. සෙය්යථාපි භන්තෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ යථානින්නං උදකානි පවත්තන්ති, එව මෙව ඛො භන්තෙ යෙන යෙනෙවදානි භගවා ගමිස්සති, තන්නින්නාව භවිස්සන්ති බ්රාහ්මණගහපතිකා නෙගමා චෙව ජානපදා ච. තං කිස්ස හෙතු: තථා හි භන්තෙ භගවතො සිලපඤ්ඤණන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක් වා. සුගතයන් වහන්සේ ඉවසන සේක් වා. භාග්‍යවතුන් වහන්සේට ඉවසන කාලය වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම් ගම් වැසි වූ ද දනවුවැසි වූ ද බ්‍රාහ්මණ ගෘහපතිහු එදිගට නැමුනාහු මැ වන්නාහ. වහන්ස, යම්සේ මහපොද යුත් වැසි වසිත් ම නිම්න වූ පරිදි මැ (නැමුනු තැන් කරාම) දියගලා යේ ද, වහන්ස, එසෙයින් මැ භාග්‍යවතුන් වහන්සේ දැන් යම් යම් දිගෙක්හි වඩනාසේක් නම්, නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද බමුණු ගැහැවිහු එදිගට නැමුනාහු ම වන්නාහ. වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීල-ප්‍රඥා එබඳු මැ යි.
Pali BJTමාහං නාගිත, යසෙන සමාගමං. මා ච මයා සසො. යො ඛො නාගිත, නයිමස්ස නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අස්ස අකිච්ඡලාභී අකසිරලාභී, යස්සාහං නෙක්ඛම්මසුඛස්ස පවිවෙකසුඛස්ස උපසමසුඛස්ස සම්බොධසුඛස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී, සො තං මීළ්හසුඛං මිද්ධසුඛං ලාභසක්කාර සිලොකසුඛං සාදියෙය්ය.
Sinhala BJTනාගිතයෙනි, මම පිරිවර හා නහමක් එක් වෙම්වා. පිරිවර ද මා හා නහමක් එක් වේවා. නාගිතයෙනි, මම යම් නෙක්ඛම්මසුඛයක්, පවිවේක සුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක් කැමැති සේ ලබන සුලුයෙම්, නිදුකින් ලබනසුලුයෙම්, විපුල කොට ලබන සුලුයෙම් ද, යමෙක් මෙ නෙක්ඛම්මසුඛය, පවිවේකසුඛය, උපසමසුඛය, සම්බෝධසුඛය කැමැති සේ ලබනසුලුයේ, නිදුකින් ලබන සුලුයේ, විපුල කොට ලබන සුලුයේ නොවේ නම්, හේ එ මීඪසුඛය නිද්‍රාසුඛය ලාභසත්කාරවර්‍ණභණන සුඛය ඉවසන්නේ ය.
Pali BJT(1) ඉදාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානිමං ආයස්මන්තං ආරාමිකො වා සමණුද්දෙසො වා සහධම්මිකො වා තම්හා සමාධිම්හා චාවෙස්සතී”ති තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
Sinhala BJT(1) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරී වු සමාහිත ව හුන මහණක්හු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් ආරාමිකයෙක් වේවයි, හෙරණෙක් වේවයි, සහදැමියෙක් වේවයි, මෙ ආයුෂ්මත්හු එ සමාධිනිමිත්තයෙන් ගළවන්නේ ය”යි. නාගිතයෙනි, මම එ මහණහුගේ එ ග්‍රාමාන්ත විහාරයෙන් තුටු සිතැතියෙම් නො වෙමි.
Pali BJT(2) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ පචලායමානං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානි අයමායස්මා ඉමං නිද්දාකිලමථං පටිවිනොදෙත්වා අරඤ්ඤසඤ්ඤං යෙව මනසි කරිස්සති එකත්තන්ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT(2) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි නිදමින් හිඳිනා ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් මෙ නිද්‍රාක්ලමථය දුරු කොට ඒකාග්‍රතාභූත අරණ්‍යසංඥාව ම මෙනෙහි කෙරේ”යි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
Pali BJT(3) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි අරඤ්ඤකං අරඤ්ඤෙ අසමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: “ඉදානි අයමායස්මා අසමාහිතං වා චිත්තං සමාදහිස්සති සමාහිතං වා චිත්තං අනුරක්ඛිස්සතී”ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT(3) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි අසමාහිත ව හුන් අරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, මට මෙ බඳු සිතෙක් වෙයි: “දැන් මෙ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිතකරන්නේය. සමාහිත වූ හෝ සිත රැකගන්නේ ය”යි. නාගිතයෙනි, එ භික්‍ෂුහුගේ එ අරණවාසයෙන් මම සතුටු සිතැතියෙම් වන්නෙමි.
Pali BJT(4) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං අරඤ්ඤෙ සමාහිතං නිසින්නං. තස්ස මය්හං නාගිත, එවං හොති: ඉදානි අයමායස්මා අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති, විමුත්තං වා චිත්තං අනුරක්ඛිස්සතී”ති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT(4) නාගිතයෙනි, මම මෙ සස්නෙහි අරණෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණකු දක්මි. නාගිතයෙනි, එ මට මෙබඳු සිතෙක් වන්නේ ය: “දැන් මෙ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ චිත්තය විමුක්ත කරන්නේ ය. විමුක්ත වූ හෝ සිත රක්නේ ය”යි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ ආරණ්‍යක වාසයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
Pali BJT(5) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ගාමන්තවිහාරිං ලාභිං චීවර පිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො තං ලාභසක්කාරසිලොකං නිකාමයමානො රිඤ්චති පටිසල්ලානං, රිඤ්චති අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි, ගාමිනිගමරාජධානිං ඔසරිත්වා වාසං කප්පෙති. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො න අත්තමනො හොමි ගාමන්තවිහාරෙන.
Sinhala BJT(5) නාගිතයෙනි, මම මෙ සස්නෙහි ග්‍රාමාන්ත විහාරි වූ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු මහණකු දක්මි. හෙ ඒ ලාභ සත්කාර ශ්ලෝකය පතමින් පිළිසලන හරණේ ය. අරණෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් හැර පියයි. ගම් නියම්ගම් රජදහනට වැද වාසකෙරෙයි. නාගිතයෙනි, මම ඒ භික්‍ෂුහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
Pali BJT(6) ඉධ පනාහං නාගිත, භික්ඛුං පස්සාමි ආරඤ්ඤකං ලාභිං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. සො තං ලාභසක්කාර සිලොකං පටිපණාමෙත්වා න රිඤ්චති පටිසල්ලානං, න රිඤ්චති අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි. තෙනාහං නාගිත, තස්ස භික්ඛුනො අත්තමනො හොමි අරඤ්ඤවිහාරෙන.
Sinhala BJT(6) නාගිතයෙනි, මම මෙ සස්නෙහි සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු ආරණ්‍යක මහණකු දක්මි. හේ එ ලාභසත්කාරශ්ලෝකය දුරැ ලා පිළිසලන නො පියයි. අරණ වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් නො පියයි. නාගිතයෙනි, මම එ භික්‍ෂුහුගේ එ අරණ්‍ය විහාරයෙන් සතුටු සිතැතියෙම් වෙමි.
Pali BJTයස්මාහං නාගිත, සමයෙ අද්ධානමග්ගපටිපන්නො න කඤ්චි පස්සාමි පුරතො වා පච්ඡතො වා, ඵාසු මෙ නාගිත, තස්මිං සමයෙ හොති අන්තමසො උච්චාරපස්සාවකම්මායාති.
Sinhala BJTනාගිතයෙනි, යම් කලෙක්හි මම් අදන් මගට පිළිපන්නෙම් ඉදිරිපස්හි හෝ පසුපස්හි හෝ කිසිවකු නො දක්නෙම් ද, නාගිතයෙනි, එ සමයෙහි මට යටත් පිරිසෙයින් සුලුවටන් මහවටන් කරන්නට පවා පහසු වේ මැයි.
Pali BJTදෙවතා වග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි දේවතා වර්‍ග යි.