Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8701-8800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො විහාරපච්ඡායායං නිසින්නො හොති පල්ලඞ්කං අභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, යදෙවස්ස දිවා සමාධි නිමිත්තං මනසිකතං හොති, තදෙවස්ස තස්මිං සමයෙ සමුදාචරති. තස්මා න ඛො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි අන්‍යතර මහණෙක් එ භික්‍ෂුහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් වරුයෙහි පිළිසලණින් නැඟීසිටියේ වෙහෙර පසුපස සෙවණෙක්හි පලක් බැඳ කය ඉදු කොට තබා කමටහන් අභිමුඛ කොට සිහි එළවා හුන්නේ වේ නම්, එ මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට නොකල් වෙයි. ඔහු විසින් දහවල් යම් මැ සමාධි නිමිත්තයෙක් මෙනෙහි කරණ ලද වේ නම්, එසමයෙහි එය ම ඔහුගේ මනෝද්වාරයෙහි ආපාථ වශයෙන් හැසිරෙයි. එහෙයින් මනෝභාවනීය භික්‍ෂුහු දක්නට එළැඹෙන්නට එ නොකල් වෙයි. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්‍ෂු රෑ පැසුළුයම්හි නැඟී පලක් බැඳ කය ඉදු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය භික්‍ෂූහු දක්නට එළැඹෙන්නට එ කලැ”යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, ඔජට්ඨායිස්ස තස්මිං සමයෙ කායෙං හොති. ඵාසුස්ස හොති බුද්ධානං සාසනං මනසිකාතුං. තස්මා සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTඑසෙයින් කී කල්හි අන්‍යතර මහණෙක් එ මහණහට තෙල කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය භික්‍ෂු රෑ පැසුළුයමැ නැගිට පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය ඉදිරියෙහි එළවා හුන්නේ වේ ද, එසමයෙහි ඔහුගේ කය ඕජට්ඨායී (ඕජස් වැඩී සිටියේ) වෙයි. ඔහුට බුදුන්ගේ සස්න මෙනෙහි කරන්නට පහසු වෙයි. එහෙයින් මනෝභාවනීය භික්‍ෂුහු දක්නට එළඹෙන්නට එ කල් වේ ය” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මහාකච්චානො ථෙරෙ භික්ඛූ එතදවොච: “සම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං-”
Sinhala BJTමෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මහලු වහන්දෑට තෙල කීය: ඇවැත්නි, මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් තෙල කරුණ හමුයෙහි අසනලදි. හමුයෙහි පිළිගන්නාලදි:-
Pali BJT”ඡයිමෙ භික්ඛූ, සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. කතමෙ ඡ:
Sinhala BJT“මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙනුවට මෙකල් සයෙක. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: අහං ඛො ආවුසො කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරාමි කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙතූති. තස්ස මනොභාවනීයො භික්ඛු කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු, පඨමො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(1) මහණ, මෙසස්නෙහි මහණ යම් කලෙක කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වාස කෙරේ නම්, උපන් කාමරාගයාගේත් නිඃසරණයත් යථාභූතයෙන් නො දන්නේ නම්, එසමයෙහි මනෝභාවනීය මහණ වෙත එළැඹ මෙ සෙයින් කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයා විසින් මැඩුණු සිතින් වසමි. උපන් කාමරාගයාගේ නිඃසරණයත් යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් කාමරාගයාගේ ප්‍රහාණය සඳහා මට දහම් දෙසා නම්, ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්‍රහාණය සඳහා (සුදුසු) දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනුවට මෙ ප්‍රථම සමය යි.
Pali BJT(2) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (3) ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (4) උද්ධච්චකුක්කුච්ච පරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (5) විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- (6) යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාති, න පස්සති. තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: අහං ඛො ආවුසො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාමි, න පස්සාමි. සාධු වත මෙ ආයස්මා ආසවානං ඛයාය ධම්මං දෙසෙතූති. තස්ස මනොභාවනීයො භික්ඛු ආසවානං ඛයාය ධම්මං දෙසෙති. අයං භික්ඛු ඡට්ඨො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාදයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ව්‍යාපාදයා විසින් මැඩුණු සිතින් වෙසෙයි ... (3) ථිනමිද්ධයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ ථීනමිද්ධයෙන් මැඩුණු චිත්තයෙන් වෙසෙයි ... (4) උද්ධච්චකුක්කුච්චයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුණු සිතින් වෙසෙයි ... (5) විචිකිච්ඡායෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ විචිකිච්ඡා විසින් මැඩුණු සිතින් වාස කරයි ... (6) යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ම ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්නේ නො දක්නේ නම්, එ සමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි යම් මැ නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දන්මි, නො දක්මි. ආයුෂ්මත් මට දහම් දෙසා නම් ඒකාන්තයෙන් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ආස්‍රවක්‍ෂය සඳහා දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට මෙ සවන කලැ”යි.
Pali BJTසම්මුඛා මෙතං ආවුසො භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං: ඉමෙ ඛො භික්ඛු, ඡ සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTඇවැත්නි, “මහණ, මනෝභාවනීය භික්‍ෂූහු දක්නට වෙත එළැඹෙන්නට මෙ සය කල්ය”යි මා විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි.
Pali BJT6. 1. 3. 9.
Sinhala BJT6. 1. 3. 9.
Pali BJT[උදායි සුත්තං]
Sinhala BJT[උදායී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. අථ ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි:
Sinhala BJT29. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් (ලාළු) උදායී තෙරුන් ඇමැතූ සේක:
Pali BJT”කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති එවං වුත්තෙ ආයස්මා උදායි තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි. “කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති. දුතියම්පි ඛො ආයස්මා උදායි තුණ්හී අහොසි. තතියම්පි ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි. “කති නු ඛො උදායි, අනුස්සතිට්ඨානානී?”ති. තතියම්පි ඛො ආයස්මා උදායි තුණ්හී අහොසි.
Sinhala BJT“උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. දෙවනවට දු ආයුෂ්මත් උදායි තෙරණුවෝ නිහඬ වූහ. තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ “උදායියෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි ආයුෂ්මත් උදායී තෙරුන් ඇමැතූ සේක. තෙවනවට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං උදායිං එතදවොච: “සත්ථා තං ආවුසො උදායි, ආමන්තෙතී”ති. සුණොමහං{1} ආවුසො ආනන්ද, භගවතො.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල කීහ: “ඇවැත් උදායියෙනි, ශාස්තෘහු මුඹ අමතන්නාහ”යි. “ඇවැත් ආනන්‍දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුල අසමි” (ප්‍රශ්නය ගැණ කල්පනා කරමි) යි.
Pali BJT“ඉධ භන්තෙ භික්ඛු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථීදං: එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ඉදං භන්තෙ අනුස්සතිට්ඨානන්ති.”
Sinhala BJT“වහන්ස, මෙ සස්නෙහි මහණ අනේකවිධ පූර්වේනිවාසය සිහි කෙරෙයි. එ කෙසෙයින යත්: එක් ජාතියකුදු ... ජාති දෙකෙකුදු ... මෙසෙයින් ආකාර සහිත කොට උදෙසීම් සහිත කොට අනේකවිධ පූර්වේනිවාසය අනුස්මරණය කරයි. වහන්ස, මෙ වනාහි අනුස්සතිට්ඨානයෙකැ”යි (උදායී තෙරණුවෝ කීහ.)
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “අඤ්ඤාසිං ඛො අහං ආනන්ද, නෙවායං උදායි මොඝපුරිසො අධිචිත්තමනුයුත්තො විහරතී”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍දතෙරුන් ඇමතූසේක: “ආනන්‍දයෙනි, මෙ උදායී මෝඝපුරුෂ තෙම (සමාධි - විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි නො ම යෙදුනේ වාස කරන්නේ ය”යි මම දැනගත්මි.
Pali BJTකති නු ඛො ආනන්ද, අනුස්සතිට්ඨානානී’ති.
Sinhala BJT“ආනන්‍දයෙනි, අනුස්මෘතිස්ථානයෝ කෙතෙක් දැ?”යි.
Pali BJTපඤ්ච භන්තෙ අනුස්සතිට්ඨානානී’ති. කතමානි පඤ්ච:
Sinhala BJTවහන්ස, අනුස්මෘතිස්ථානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJT(1) ඉධ භන්තෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- [පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ-] තතියං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT(1) වහන්ස, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම ... (ප්‍රථමධ්‍යානයට ... ද්විතීයධ්‍යානයට ...) තෘතීයධ්‍යානයට එළඹ වාස කරයි.
Pali BJTඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවංබහුලීකතං දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
Sinhala BJTවහන්ස, මෙ (ත්‍රිවිධධ්‍යාන) අනුස්මෘතිස්ථානය මෙසෙයින් වඩන ලදුයේ මෙසෙයින් බහුලකරණ ලදුයේ ඉහාත්මයෙහි සුඛවිහාර පිණිස වැටෙයි.
Pali BJT(2) පුන චපරං භන්තෙ, භික්ඛු ආලොකසඤ්ඤං මනසිකරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති. යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා, ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJT(2) තවද වහන්ස, මෙ සස්නෙහි මහණ (ථීනමිද්ධය දුරුකරණ) ආලෝකසංඥාව මෙනෙහි කෙරෙයි. දවහලැයි සංඥාව තබයි. දවහල් යම් සේ ආලෝක සංඥාව මෙනෙහි කෙරේ නම්, එසෙයින් රාත්‍රිය ද, රාත්‍රිය යම් සේ ආලෝක සංඥා මෙනෙහි කෙරේ නම්, එසේ ම දවහල් ද මෙනෙහි කරයි. මෙසේ විවෘත වූ නීවරණයන්ගෙන් නො වැළඳි සිතින් සප්‍රභාසචිත්තය (දිවැස් නුවණ පිණිස ඕභාස සහිත සිත) වඩයි.
Pali BJTඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවංබහුලීකතං ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
Sinhala BJTවහන්ස, මෙ (ආලෝකසංඥා) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩන ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ ඥානදර්‍ශන ප්‍රතිලාභය (දිවැස් නුවණ ලැබීම) සඳහා වැටෙයි.
Pali BJT(3) පුන චපරං භන්තෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධොකෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨී අට්ඨිමිඤ්ජං{2} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝානිකා ලසිකා මුත්තන්ති.
Sinhala BJT(3) තවද වහන්ස, මහණ පතුලෙන් උඩ, කේශමස්තකයෙන් යට සිවිය හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන් යුත් මෙ මැ (තමන්ගේ මැ) කය ප්‍රත්‍යවේක්‍ෂා කරයි: මෙ කයෙහි කෙස් ඇත, ලොම් ඇත, නිය, දත්, සිවි, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩු, හදවත්, අක්මා, දලබු, බඩදිව, පෙණහලු, අතුණු අතුණුබහන්, උදරයෙහි වූ නො පැසුණු අහර - පැසුණු අහර, පිත්, සෙම්, පූයා, ලෙහෙ, ඩහ, මේදස්, කඳුළු, වුරුණු කෙල, සොටු, හිස්මිදුලු, මූත්‍ර ඇතැ”යි.
Pali BJTඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං කාමරාගස්ස පහානාය සංවත්තති.
Sinhala BJTවහන්ස, මෙ (කය) අනුස්මෘතිස්ථානය මෙ සෙයින් වඩනා ලදුයේ මෙ සෙයින් බහුලකරණ ලදුයේ කාමරාගයාගේ ප්‍රහාණය පිණිස වැටෙයි.
Pali BJT(4) පුන චපරං භන්තෙ භික්ඛු සෙය්යථාපි පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා උද්ධුමාතකං විනීලකං විපුබ්බකජාතං. සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවං ධම්මො එවම්භාවී එතං අනතීතො”ති.{3}
Sinhala BJT(4) තවද වහන්ස, මහණ සොහොනෙහි දැමූ මළ එක් දිනක් ඇති වේවයි, මළ දෙදිනක් ඇති වේවයි, මළ තෙදිනක් ඇති වේවයි, ඉදිමීගිය, නිල්වන් වූ වෑහෙන පූයා ඇති මළ සිරුරක් යම් පරිදි දක්නේ නම්, හේ (තමාගේ) මෙ මැ කය මෙසෙයින් නුවණින් එළවා බලන්නේ ය: “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය. මෙබඳු වන සුල්ලේ ය. තෙල සැහැවි නො ඉක්ම වී ය”යි.
Pali BJTසෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං කාකෙහි වා ඛජ්ජමානං කුලලෙහි වා ඛජ්ජමානං ගිජ්ඣෙහි වා ඛජ්ජමානං සුවානෙහි{1} වා ඛජ්ජමානං සිගාලෙහි වා ඛජ්ජමානං{2} විවිධෙහි වා පාණකජාතෙහි ඛජ්ජමානං, සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො”ති.
Sinhala BJTසොහොන්හි දමනලද කවුඩන් විසින් හෝ කනු ලබන, උකුස්සන් විසින් හෝ කනු ලබන, ගිජුලිහිණින් විසින් හෝ කනු ලබන, ශුනකයන් විසින් හෝ කනු ලබන, සිවලුන් විසින් හෝ කනු ලබන, විවිධ ප්‍රාණීන් විසින් හෝ කනු ලබන මළ සිරුරක් යම් සෙයින් දක්නේ නම්, හේ “මෙ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වන සුලු ය, මෙබඳු සැහැවි නො ඉක්මවීය”යි මෙ මැ කය මෙසේ නුවණින් එළවා බලයි.
Pali BJTසෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං අට්ඨිසඞ්ඛලිකං සමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං නිම්මංසලොහිතමක්ඛිත්තං{3} නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකසඞ්ඛලිකං අපගතමංසලොහිතං නහාරුසම්බන්ධං -පෙ- අට්ඨිකානි අපගතසම්බන්ධානි දිසාවිදිසාසු වික්ඛිත්තානි:{4} අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං අඤ්ඤෙන ජඞ්ඝට්ඨිකං අඤ්ඤෙන ඌරට්ඨිකං අඤ්ඤෙන කටට්ඨිකං{5} අඤ්ඤෙන පිට්ඨිකණ්ටකං{6} අඤ්ඤෙන සීසකටාහං.{7} සො ඉමමෙව කායං එවං උපසංහරති: “අයම්පි ඛො කායො එවංධම්මො එවංභාවී එතං අනතීතො”ති.
Sinhala BJTසොහොන්හි දමනලද මස් ලේ සහිත වූ නහරින් සම්බන්‍ධය ඇති ඇටසැකිලි සිරුරක් ... මස් නැති ලෙයින් වැකුනු නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... පහවගිය මස් ලේ ඇති, නහර වැල් බැඳුම් ඇති ඇටසැකිලි සිරුරක් ... එක් දිශායෙක්හි අත් ඇට ය, එක් දිශායෙක්හි පා ඇට ය, එක් දිශායෙක්හි කෙණ්ඩා ඇට ය, එක් දිගෙක කලවා ඇට ය, එක්දිගෙක කටි ඇට ය, එක්දිගෙක පිටිකටු ය, එක්දිගෙක්හි හිස් කබල ය යි, මෙසේ පහ වූ සම්බන්‍ධය ඇති දිසාවිදිසාවන්හි විසිරැගිය ඇට ඇති මළසිරුරක් යම්සේ දක්නේ නම්, හේ “මෙ සිරුර ද මෙබඳු සැහැවි ඇත්තේ ය, මෙබඳු වන සුලුය, මෙබව නො ඉක්මවිය” යි මෙ කය මෙසේ නුවණින් එළවා බලයි.
Pali BJTසෙය්යථාපි වා පන පස්සෙය්ය සරීරං සීවථිකාය ඡඩ්ඩිතං, අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණුපනිහානි{8} -පෙ- අට්ඨිකානි පුඤ්ජකිතානි. තෙරොවස්සිකානි{9} -පෙ- අට්ඨිකානි පූතීනි{10} චුණ්ණකජාතානි. සො ඉමමෙව කායං එවං උපසංහරති: ‘අයම්පි ඛො කායො එවංධම්මො එවම්භාවී එතං අනතීතො”ති.
Sinhala BJTසොහොන්හි දැමූ සක් පැහැසේ සුදු වූ ඇට ඇති සිරුර ... බොහෝ හවුරුදු ඉක්මගිය මුළුදුන් (ගොඩගැසුනු) ඇට ඇති ... දිරාගිය සුණු වූ ඇට ඇති ... යම්සේ දක්නේ නම්, හේ “මේ කය ද මෙබඳු සැහැවි ඇතියේ ය, මෙබඳු වනසුලු ය, මෙබව නො ඉක්මියේ යැ”යි මෙසෙයින් මෙ කය නුවණින් තුලනා කොට බලන්නේ ය.
Pali BJTඉදම්භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං අස්මිමානසමුග්ඝාතාය සංවත්තති.
Sinhala BJTවහන්ස, මෙසෙයින් වඩනාලද, මෙසෙයින් බහුලීකෘත මෙ (අශුභ) අනුස්මෘතිස්ථානය අස්මිමාන සමුද්ඝාතය පිණිස වැටේ ය යි.
Pali BJT(5) පුන චපරං භන්තෙ භික්ඛු සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJT(5) තවද වහන්ස, මහණ සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසෙයි.
Pali BJTඉදං භන්තෙ අනුස්සතිට්ඨානං එවං භාවිතං එවං බහුලීකතං. අනෙකධාතු පටිවෙධාය සංවත්තතී.
Sinhala BJTවහන්ස, මෙසේ වඩන ලද, මෙසේ බහුලීකෘත මෙ (චතුර්‍ත්‍ථධ්‍යාන) අනුස්මෘතිස්ථානය අනේකධාතුප්‍රතිවේධය සඳහා වැටේ ය යි.
Pali BJTඉමානි ඛො භන්තෙ පඤ්ච අනුස්සතිට්ඨානානීති.
Sinhala BJTවහන්ස, මොහු වනාහි පඤ්ච අනුස්මෘතිස්ථානයෝ යි.
Pali BJTසාධු සාධු ආනන්ද, තෙන හි ත්වං ආනන්ද ඉදම්පි ඡට්ඨං අනුස්සතිට්ඨානං ධාරෙහි:
Sinhala BJTආනන්‍දයෙනි, මැනැව, මැනැව, ආනන්‍දයෙනි, එ සෙයින් ම තෝ මෙ සවන අනුස්මෘතිස්ථානය ද ධරව:
Pali BJT(6) ඉධානන්ද භික්ඛු සතොව අභික්කමති, සතොව පටික්කමති, සතොව තිට්ඨති, සතොව නිසීදති, සතොව සෙය්යං කප්පෙති, සතොව කම්මං අධිට්ඨාති.
Sinhala BJT(6) ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ ස්මෘති ඇතියේ ම ඉදිරියට යෙයි. ස්මෘති ඇතියේ ම වටාලා එයි. ස්මෘතිමත් ව ම සිටියි. ස්මෘතිමත් ව ම හිඳියි. ස්මෘතිමත් ව ම ශය්‍යා කෙරෙයි. ස්මෘතිමත් ව ම කර්‍මාන්ත ඉටයි.
Pali BJTඉදං ආනන්ද අනුස්සතිට්ඨානං එවංභාවිතං එවං බහුලීකතං සතිසම්පජඤ්ඤාය සංවත්තතීති.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසේ වඩනලද, මෙසේ බහුල කරණලද මෙ අනුස්මෘතිස්ථානය ස්මෘතිසම්ප්‍රජන්‍යය සඳහා වැටේ යයි.
Pali BJT6. 1. 3. 10.
Sinhala BJT6. 1. 3. 10.
Pali BJT[අනුත්තරිය සුත්තං]
Sinhala BJT[අනුත්තරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. ඡ ඉමානි භික්ඛවෙ අනුත්තරියානි. කතමානි ඡ:
Sinhala BJT30. මහණෙනි, මෙ අනුත්තරිය (ශ්‍රේෂ්ඨ) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
Pali BJTදස්සනානුත්තරියං සවණානුත්තරියං ලාභානුත්තරියං සික්ඛානුත්තරියං පාරිචරියානුත්තරියං අනුස්සතානුත්තරියං.
Sinhala BJTදස්සනානුත්තරිය, සවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය, අනුස්සතානුත්තරිය යන සය යි.
Pali BJT(1) කතමඤ්ච භික්ඛවෙ දස්සනානුත්තරියං: ඉධ භික්ඛවෙ එකච්චො හත්ථිරතනම්පි දස්සනාය ගච්ඡති, අස්සරතනම්පි දස්සනාය ගච්ඡති, මණිරතනම්පි දස්සනාය ගච්ඡති, උච්චාවචං වා පන දස්සනාය ගච්ඡති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං දස්සනාය ගච්ඡති. අත්ථෙතං භික්ඛවෙ දස්සනං, නෙතං නත්ථීතී වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ දස්සනං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ දස්සනානං- සත්තානං විසුද්ධියා සොක පරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ දස්සනානුත්තරියං. ඉති දස්සනානුත්තරියං.
Sinhala BJT(1) මහණෙනි, දස්සනානුත්තරිය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්‍ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්‍ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය. අනර්‍ත්‍ථය සඳහා වැටෙයි. නිර්වේදයට නො ද වැටෙයි. විරාගයට නො ද වැටෙයි. නිරෝධයට නො ද වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො ද වැටෙයි. අභිඥානයට නො ද වැටෙයි. සම්බෝධියට නො ද වැටෙයි. නිර්‍වාණයට නො ද වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, ඒකාන්තයට (අචල ශ්‍රද්ධාවට) පැමිණියේ, අතිශයින් පහන් වූයේ, තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ දක්නට යේ නම්, මහණෙනි, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක්දොම්නස දුරලනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින්, පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයන් හෝ දක්නට යන්නේ ය යන තෙල කරුණ දර්‍ශනයන් අතුරෙන් අනුත්තරිය දර්‍ශන වේ. මහණෙනි, මෙ දස්සනානුත්තරිය යි කියනු ලැබේ. මෙසෙයින් දර්‍ශනානුත්තරිය වෙයි.
Pali BJT(2) සවණානුතතරියඤ්ච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො භෙරි සද්දම්පි සවණාය ගච්ඡති, වීණාසද්දම්පි සවණාය ගච්ඡති, ගීතසද්දම්පි සවණාය ගච්ඡති, උච්චාවචං වා පන සවණාය ගච්ඡති. සමණස්ස වා බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස ධම්මසවණාය ගච්ඡති. අත්ථෙතං භික්ඛවෙ සවණං. නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං භික්ඛවෙ සවණං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්ම සවණාය සවණාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ සවණානං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය{1} ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්මසවණාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ සවණානුත්තරියං.
Sinhala BJT(2) සවණානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්‍මශ්‍රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය ඇසුරු කෙළේ ය. නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ක්ලේශව්‍යපශමයට නො වැටෙයි. අභිඥානයට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, පිහිටි සැදැහැති, පිහිටි ප්‍රේම ඇති, අචලශ්‍රද්ධාවට පත් අභිප්‍රසන්න යමෙක් තථාගතයන් වහන්සේගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යේ නම්, මහණෙනි, පිහිටි ශ්‍රද්ධා ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේගේ හෝ තථාගත ශ්‍රාවකයකුගේ හෝ ධර්‍මය ඇසීමට යන්නේය යන තෙල කරුණ - සත්ත්‍ව විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස, න්‍යායාධිගමය පිණිස, නිවන් පසක් කරණු පිණිස පවත්නා හෙයින් ශ්‍රවණයන් අතුරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මේ සවණානුත්තරිය යි කියනු ලැබේ.
Pali BJTඉති දස්සනානුත්තරියං, ඉති සවණානුත්තරියං.{2}
Sinhala BJTමෙසේ දස්සනානුත්තරිය වෙයි. මෙසේ සවණානුත්තරිය වෙයි.
Pali BJT(3) ලාභානුත්තරියංච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි ලභති, දාරලාභම්පගි ලභති, ධනලාභම්පි ලභති. උච්චාවචං වා පන ලාභං ලභති. සමණෙ වා පන බ්රාහ්මණෙ වා මිච්ඡදිට්ඨිකෙ මිච්ඡාපටිපන්නෙ සද්ධං පටිලභති. අත්ථෙසො භික්ඛවෙ ලාභො. න සො{1} නත්ථීති වදාමි. සො ච ඛො භික්ඛවෙ{2} ලාභො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, න නිබ්බිදාය -පෙ- න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ ලාභානංසත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ ලාභානුත්තරියං.
Sinhala BJT(3) ලාභානුත්තරිය කෙසේ වේය යත්: මහණෙනි, මෙ ලොව්හි එකෙක් පුත්‍රලාභ ද ලබන්නේ ය. දාරලාභ ද ලබන්නේ ය. ධනලාභ ද ලබන්නේ ය. කුදු මහත් ලාභ හෝ ලබන්නේ ය. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු කෙරේ වේවයි බමුණකු කෙරේ වේවයි ශ්‍රද්ධාව ලබන්නේ ය. මහණෙනි, තෙල ලාභය ඇත්මැයි. එ නැතැයි නො කියමි. මහණෙනි, එ ලාභය ද හීන ය. ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථසංහිත ය. නිර්වේදයට නො වැටෙයි ... නිවන් පිණිස නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි හෝ පිහිටි සැදැහැතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචලශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ සැදැහැ ලබන්නේ නම්, තථාගතයන් වහන්සේ කෙරේ වේවයි හෝ තථාගතශ්‍රාවකයන් කෙරෙහි වේවයි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ, යම් මේ සත්ත්‍ව විශුද්ධිය පිණිස ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස දුක් දොම්නස් දුරලනු පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කරණු පිණිස පවත්නා ශ්‍රද්ධාව ලබන්නේ නම්, තෙල ශ්‍රද්ධාලාභය ලාභයන් අතුරෙහි අනුත්තරිය වේ ය යි. මහණෙනි, මෙ ලාභානුත්තරිය යි කියනු ලැබේ.
Pali BJTඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං
Sinhala BJTමෙසේ දර්‍ශනානුත්තරිය වෙයි, ශ්‍රවණානුත්තරිය වෙයි, ලාභානුත්තරිය වෙයි.
Pali BJT(4) සික්ඛානුත්තරියං ච කථං හොති: ඉධ භික්ඛවෙ එකච්චො හත්ථිස්මිම්පි සික්ඛති, අස්සස්මිම්පි සික්ඛති, රථස්මිම්පි සික්ඛති, ධනුස්මිම්පි සික්ඛති, ථරුස්මිම්පි සික්ඛති, උච්චාවචං වා පන සික්ඛති. සමණස්ස වා පන බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස සික්ඛති. අත්ථෙසා භික්ඛවෙ සික්ඛා, නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ සික්ඛා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති, නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ සික්ඛානං- සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති. අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති, නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ සික්ඛානුත්තරියං.
Sinhala BJT(4) සික්ඛානුත්තරිය කෙසේ වේ යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිශිල්පයෙහි දු හික්මෙයි. අශ්වශිල්පයෙහි දු හික්මෙයි. ධනුශිල්පයෙහි දු හික්මෙයි. ඛඩ්ගශිල්පයෙහි දු හික්මෙයි. කුදු මහත් ශිල්පයෙක්හි හෝ හික්මෙයි. මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාප්‍රතිපන්න වූ මහණකු හෝ බමුණකු අනුව හෝ හික්මෙයි. මහණෙනි, තෙල ශික්‍ෂාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශික්‍ෂා හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථ සංහිත ය, නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්‍යපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත වූ ධර්‍ම විනයෙහි අධිශීලයත් හික්මෙයි ද, අධිචිත්තයත් හික්මෙයි ද, අධිප්‍රඥාවත් හික්මේ ද, (ධර්‍මයෙහි) පිහිටි සැදැහැ ඇතියේ, පිහිටි ප්‍රේම ඇතියේ, අචල ශ්‍රද්ධා ඇතියේ, අභිප්‍රසන්න වේ ද, මහණෙනි, තථාගතධර්‍මවිනයෙහි බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ අධිශීලය ද හික්මෙයි, අධිචිත්තය ද හික්මෙයි, අධිප්‍රඥා ද හික්මෙයි යන යමක් වේ නම්, සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමණය පිණිස, දුඃඛදෞර්‍මනස්‍යන්ගේ අස්තගමය පිණිස න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරය පිණිස පවත්නා තෙල ශික්‍ෂාව ශික්‍ෂාවන් අතුරෙන් අනුත්තරිය වේ. මහණෙනි, මෙ සික්ඛානුත්තරිය යි කියනු ලැබේ.
Pali BJTඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං
Sinhala BJTමෙසේ දස්සනානුත්තරිය වෙ යි. සවණානුත්තරිය වෙ යි. ලාභානුත්තරිය වෙ යි. සික්ඛානුත්තරිය වෙ යි.
Pali BJT(5) පාරිචරියානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො ඛත්තියම්පි පරිචරති, බ්රාහ්මණම්පි පරිචරති, ගහපතිම්පි පරිචරති, උච්චාවචං වා පන පරිචරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං පරිචරති. අත්ථෙසා භික්ඛවෙ පාරිචරියා. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ පාරිචරියා හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය -පෙ- න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ පාරිචරියානං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ පාරිචරියානුත්තරියං.
Sinhala BJT(5) පාරිචරියානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට මෙහෙ කෙරෙයි. මහණෙනි, තෙල පාරිචරියාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල පාරිචරියාව හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථයට වැටෙයි. නිර්වේදයට නො වැටෙයි ... නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගතශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරේ නම්, මහණෙනි, බැසගත් ශ්‍රද්ධා ඇතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරෙයි යන යමෙක් වේ නම්, එය සත්ත්‍ව විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමයට දුක් දොම්නසුන්ගේ අස්තගමයට න්‍යායයාගේ අධිගමයට නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරයට හිත වන හෙයින් තෙල පාරිචරියාවන් අතරෙහි අනුත්තරිය වෙයි. මහණෙනි, මෙ පාරිචරියානුත්තරියයි කියනු ලැබේ.
Pali BJTඉති දස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං.
Sinhala BJTමෙසේ දස්සනානුත්තරිය වෙයි. සවණානුත්තරිය වෙයි. ලාභානුත්තරිය වෙයි. සික්ඛානුත්තරිය වෙයි. පාරිචරියානුත්තරිය වෙයි.
Pali BJT(6) අනුස්සතානුත්තරියං ච කථං හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුත්තලාභම්පි අනුස්සරති, දාරලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුස්සරති, උච්චාවචං වා ලාභං පන{1} අනුස්සරති. සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං වා මිච්ඡාපටිපන්නං අනුස්සරති. අත්ථෙසා භික්ඛවෙ අනුස්සති. නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා භික්ඛවෙ අනුස්සති හීනා ගම්මා පොථුජ්ජනිකා අනරියා අනත්ථසංහිතා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො භික්ඛවෙ තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං භික්ඛවෙ අනුස්සතීනං - සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා. තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති භික්ඛවෙ අනුස්සතානුත්තරියං. (ඉති අනුස්සතානුත්තරියං.)
Sinhala BJT(6) අනුස්සතානුත්තරිය කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් පුත්‍රලාභය ද සිහිකෙරෙයි, භාර්‍ය්‍යාලාභය ද සිහිකෙරෙයි, ධනලාභය ද සිහිකෙරෙයි, කුදුමහත් ලාභයක් හෝ සිහිකෙරෙයි, මිසදිටු ඇති හෝ වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ සිහිකෙරෙයි. මහණෙනි, තෙල අනුස්මෘතිය ඇත. තෙල නැතැයි නොකියමි. මහණෙනි, තෙල හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථය ඇසුරු කළ අනුස්මෘතිය නිර්වේදයට නො වැටෙයි. විරාගයට නො වැටෙයි. නිරෝධයට නො වැටෙයි. ව්‍යාපශමයට නො වැටෙයි. අභිඥාවට නො වැටෙයි. සම්බෝධියට නො වැටෙයි. නිර්‍වාණයට නො වැටෙයි. මහණෙනි, යමෙකුත් පිහිටි සැදැහැ ඇතියේ පිහිටි ප්‍රේම ඇතියේ අචල ශ්‍රද්ධා ඇතියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් හෝ තථාගතශ්‍රාවකයකු හෝ සිහි කෙරේ නම්, මහණෙනි, සත්ත්‍ව විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමය පිණිස දුක්දොම්නසුන්ගේ අස්තගමය පිණිස න්‍යායාධිගමය පිණිස නිවන් පසක් කිරීම පිණිස (පවත්නා හෙයින්), මහණෙනි, පිහිටි සැදැහැ ඇතියේ පිහිටි පෙම් ඇතියේ අචල ශ්‍රද්ධාවට පැමිණියේ මැනැවින් පහන් වූයේ තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හෝ සිහි කෙරේ ය යන යමෙක් වේ නම්, තෙල අනුස්මෘතීන් අතුරෙහි අනුත්තරිය වේ. මහණෙනි, මේ මෙය අනුස්සතානුත්තරිය යි කියනු ලැබේ. (අනුස්සතානුත්තරිය මෙසේ වෙයි)
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අනුත්තරියානී’ති.
Sinhala BJTමහණෙනි, මේ අනුත්තරිය ධර්‍ම සය යි.
Pali BJT9. යෙ දස්සනවරං ලද්ධා{1} සවණඤ්ච අනුත්තරං ලාභානුත්තරියං ලද්ධා සික්ඛානුත්තරියෙ රතා,
Sinhala BJT9. යම් කෙනෙක් අනුත්තරදර්‍ශනය ද අනුත්තර ශ්‍රවණය ද ලැබ ලාභානුත්තරියට පැමිණ සික්ඛානුත්තරියෙහි ඇලුනාහු -
Pali BJT10. උපට්ඨිතා පාරිචරියෙ{2} භාවයන්ති අනුස්සතිං විවෙකපටිසංයුත්තං ඛෙමං අමතගාමිනිං,
Sinhala BJT10. පරිචරියායෙහි එළැඹ සිටියාහු විවේකප්‍රතිසංයුක්ත වූ ක්‍ෂේම වූ අමෘතය කරා යන සුලු අනුස්මෘතිය වඩත් ද,
Pali BJT11. අප්පමාදෙ පමොදිතා{3} නිපකා සීලසංවුතා තෙ මෙ කාලෙන පච්චෙන්ති යත්ථ දුක්ඛං නිරුජ්ඣතීති.
Sinhala BJT11. අප්‍රමාදයෙහි ප්‍රමුදිත, නිපක ප්‍රඥායෙන් යුක්ත, ශීලයෙන් සංවෘත වූ ඔහු, යම් තැනෙක්හි දුක නිරුද්ධ වේ නම් ඒකාන්තයෙන් එ නිවණට නිසිකල්හි පැමිණෙති.
Pali BJTඅනුත්තරියවග්ගො දුතියො.
Sinhala BJTතුන්වැනි අනුත්තරිය වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසාවකො අපරිහානියො භයං හිමවානුස්සති කච්චානො ද්වෙ ච සමයා උදායී අනුත්තරියෙනාති.
Sinhala BJTසාවක සූත්‍රය, අපරිහානිය සූත්‍රය, භය සූත්‍රය, හිමවන්ත සූත්‍රය, අනුස්සතිට්ඨාන සූත්‍රය, කච්චාන සූත්‍රය, පඨමසමය සූත්‍රය, දුතියසමය සූත්‍රය, උදායී සූත්‍රය, අනුත්තරියසූත්‍රය දැ යි දශයෙකි.
Pali BJT4. දෙවතා වග්ගො.
Sinhala BJT4. දේවතා වර්‍ගය
Pali BJT6. 5. 4. 1.
Sinhala BJT6. 1. 4. 1.
Pali BJT[සෙඛ සුත්තං]
Sinhala BJT[සේඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. ඡයිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති:
Sinhala BJT31. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙති.
Pali BJTකතමෙ ඡ: කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා, භොජනෙ අමත්තඤ්ඤුතා. ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTකවර සදෙනෙක යත්: කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියෙහි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤුතා යි. මහණෙනි, මේ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍ය භික්‍ෂුහුගේ පිරිහීම පිණිස වැටෙත්.
Pali BJTඡයිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍මයෝ සදෙනෙක් ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙත්.
Pali BJTකතමෙ ඡ: න කම්මාරාමතා, න භස්සාරාමතා න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා. ඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTකවර සයෙක යත්: කම්මාරාමතා නො වනු ය, භස්සාරාමතා නො වනු ය, නිද්දාරාමතා නො වනු ය, සඞ්ගණිකාරාමතා නො වනු ය, ඉන්‍ද්‍රියයෙහි ගුත්තද්වාරතා ය, භෝජනයෙහි මත්තඤ්ඤුතා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ සදෙන ශෛක්‍ෂ්‍යභික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස වැටෙති යි.
Pali BJT6. 1. 4. 2.
Sinhala BJT6. 1. 4. 2.
Pali BJT[පඨම අපරිහාන සුත්තං]
Sinhala BJT[ප්‍රථම අපරිහාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJT32. එකල්හි එක්තරා දෙවියෙක් මැදුම්යම්හි අතිකමනීය වර්‍ණ ඇතියේ මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. එකත්පස් ව සිටි එ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT” ඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJT“වහන්ස, මේ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.
Pali BJTකතමෙ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.”
Sinhala BJTකවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස මේ දහම්හු සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙත්.”
Pali BJTඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා, සමනුඤ්ඤො මෙ සත්ථා’ති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඒ දෙවි මෙය කීය. ශාස්තෘහු සමනුඥ (අනුමෝදන්) වූහ. එකල ඒ දෙවි “මට ශාස්තෘහු සමනුඥයහ”යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් මහණුන් ඇමතූහ: මහණෙනි, මෙ රෑහි රෑ පෙරයම ඉක්ම යත් ම විශිෂ්ටවර්‍ණ ඇති අන්‍යතර දේවපුත්‍රයෙක් මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පස්ව සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
Pali BJT”ඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJT“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්.
Pali BJTකතමෙ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, අප්පමාදගාරවතා, පටිසන්ථාරගාරවතා. ඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.”
Sinhala BJTකවර සයෙක යත්: සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සදහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යී”
Pali BJTඉදමවොච භික්ඛවෙ සා දෙවතා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් කෙළේ ය.
Pali BJT12. සත්ථු ගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො, අප්පමාද ගරු භික්ඛු පටිසන්ථාරගාරවො, අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
Sinhala BJT12. ශාස්තෘගුරුක, ධර්‍ම ගුරුක, සඞ්ඝයා කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, අප්‍රමාද ගුරුක, ධර්‍මාමිස වශයෙන් (මහණදම්හි අප්‍රමාද වෙහි ද, ප්‍රත්‍යය ලාභ සුලබ ද ආදීන්) පිළිසඳර කිරීමෙහි ගෞරව ඇති මහණ පරිහානියට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ වෙයි.
Pali BJT6. 1. 4. 3.
Sinhala BJT6. 1. 4. 3.
Pali BJT[දුතිය අපරිහාන සුත්තං]
Sinhala BJT[දුතිය අපරිහාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච:
Sinhala BJT33. මහණෙනි, මෙ රෑහි අන්‍යතර දේව පුත්‍රයෙක් රෑ පෙරයම් ඉක්මයත් ම මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේය:
Pali BJT“ඡයිමෙ භන්තෙ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJT“වහන්ස, මෙ ධර්‍මයෝ සදෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙත්.
Pali BJTකතමෙ ඡ: සත්ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, හිරිගාරවතා, ඔත්තප්පගාරවතා. ඉමෙ ඛො භන්තෙ ඡ ධම්මා භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.”
Sinhala BJTකවර සයෙක යත්: සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා හිරිගාරවතා හා ඔත්තප්පගාරවතා හා යි. වහන්ස, මෙ ධර්‍මයෝ සදෙන භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති.”
Pali BJTඉදමවොච භික්ඛවෙ සා දෙවතා ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්වෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, එ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එතන්හි ම අතුරුදන් වී ය යි.
Pali BJT13. සත්ථුගරු ධම්මගරු සඞ්ඝෙ ච තිබ්බගාරවො හිරිඔත්තප්පසම්පන්නො සප්පතිස්සො සගාරවො අභබ්බො පරිහානාය නිබ්බානස්සෙව සන්තිකෙති.
Sinhala BJT13. ශාස්තෘන් කෙරෙහි ගෞරව ඇති, ධර්‍මය කෙරෙහි ගෞරව ඇති, සඟුන් කෙරෙහිදු තීව්‍රගෞරව ඇති, හිරිඔතප් සපන්, ප්‍රතිශය (මහල්ලන් කෙරෙහි යටත් පැවැතුම්) ඇති, ගෞරවසහිත මහණ පිරිහීමට අභව්‍ය වෙයි. නිවන් වෙතැ ම වූයේ ය.
Pali BJT6. 1. 4. 4.
Sinhala BJT6. 1. 4. 4.
Pali BJT[මොග්ගල්ලාන සුත්තං]
Sinhala BJT[මොග්ගල්ලාන සූත්‍රය]
Pali BJT34. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: කතමෙසානං දෙවානං එවං ඤාණං හොති “සොතාපන්නම්හා{1} අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
Sinhala BJT34. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වසන සේක. එකල්හි ඒකාකී වූ පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් පාළවිය: “කවර නම් දෙවිකෙනකුන්ට අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියත වූ, සත්‍යාවබෝධය පරායණ කොටැති, සෝවන් පුඟුලමෝ වම්හ”යි යන මෙබඳු ඥානයෙක් වේ දැයි”යි.
Pali BJTතෙන ඛො පන සමයෙන තිස්සො නාම භික්ඛු අධුනා කාලකතො අඤ්ඤතරං බ්රහ්මලොකං උපපන්නො හොති. තත්රපි නං එවං ජානන්ති: “තිස්සො බ්රහ්මා මහිද්ධිකො මහානුභාවො”ති.
Sinhala BJTඑ සමයෙහි කලුරිය කළ තිස්ස නම් මහණ අන්‍යතර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ වෙයි. එහිදු “තිස්ස බ්‍රහ්ම මහ ඉදුහ ඇත්තේය, මහ අනුභාව ඇත්තේය”යි වෙසෙසින් ඔහු හඳුනත්.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එව මෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො තිස්සො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං දූරතොව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දික්කළ අතක් හකුළන්නේ හෝ යම් සේ නම්, එ පරිද්දෙන් ම ජේතවනයෙහි අතුරුදන්වූවාහු එ බඹලොව්හි පාළ වූහ. තිස්ස බ්‍රහ්මයා වඩනා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දුරින් ම දුටුයේ ම ය. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්හට තෙල කීය:
Pali BJT“එහි ඛො මාරිස මොග්ගල්ලාන, සාගතං මාරිස මොග්ගල්ලාන, චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. නිසීද මාරිස, මොග්ගල්ලාන, ඉදමාසනං පඤ්ඤත්තන්ති.” නිසීදි ඛො ආයස්මා මහා මොග්ගල්ලානො පඤ්ඤත්තෙ ආසනෙ.
Sinhala BJT“නිදුක, මුගලනෙනි, මොබැ එව, නිදුක, මුගලන, ස්වාගතයැ, නිදුක මෞද්ගල්‍යානයෙනි, මෙහි ඊම සඳහා බොහෝ කලෙකින් මෙ පර්‍ය්‍යාය (වාරය) කෙළේ ය. නිදුක මුගලන, මෙ අස්න පණවන ලද. හිඳිනු මැනැවැ”යී. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පැන් වූ අස්නෙහි හිඳගත්හ.
Pali BJTතිස්සොපි ඛො බ්රහ්මා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තිස්සං බ්රහ්මානං ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJTතිස්සබ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් තිස්සබ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තෙල කීහ:
Pali BJT“කතමෙසානං ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති: සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
Sinhala BJTතිස්සයෙනි, “අපායට නො හෙන සැහැවි ඇති, නිවණට නියත වූ සත්‍යාවබෝධය පරායණ කොට ඇති, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙ අයුරින් කවර නම් දෙවිකෙනකුන්ට ඥානයෙක් වේ දැ?”යි.
Pali BJTචාතුම්මහාරාජිකානං ඛො මාරිස මොග්ගල්ලාන, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.”
Sinhala BJTනිදුක, මුගලනෙනි, “(අපි) අපායට නොහෙන සැහැවි ඇති, නිවණට නියතවූ, සම්බෝධි පරායණ කොට ඇත, සෝවන් පුඟුලමෝ වම්හ” යන මෙබඳු ඥානයෙක් සිවුමහරජය වැසි දෙවියනට වන්නේ යි.
Pali BJTසබ්බෙසඤ්ඤෙව නු ඛො තිස්ස චාතුම්මහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
Sinhala BJTතිස්සයෙනි, “අපි අවිනිපාත ධර්‍ම වූ, නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය සිවුමහ රජය වැසි හැම දෙවියනට වේ දැ?”යි.
Pali BJTන ඛො මාරිස මොග්ගල්ලාන, සබ්බෙසං චාතුම්මහාරාජිකානං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාත ධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ඛො තෙ මාරිස මොග්ගල්ලාන, චාතුම්මහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා, න තෙසං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ව ඛො තෙ මාරිස මොග්ගල්ලාන, චාතුම්මහාරාජිකා දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා, තෙසං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
Sinhala BJTනිදුක, මෞද්ගල්‍යායනයෙනි, “අපි අවිනිපාත වූ, නියත වූ සම්බෝධි පරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙ ඥානය හැම චාතුර්මහාරාජික දෙවියනට නොවන්නේ ය. මෞද්ගල්‍යායනයෙනි, යම් ඒ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් (අධිගත සෝවන්පල පැහැදීමෙන්) සමන්‍වාගත නොවෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නොවෙත් නම්, සඟුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත (මාර්‍ගඵල) ශීලයෙන් සමන්‍වාගත නොවෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නොවන්නේ ය. නිදුක, මෞද්ගල්‍යායනයෙනි, යම් එ චාතුම්මහාරාජික දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්න යම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
Pali BJTචාතුම්මහාරාජිකානඤ්ඤෙව නු ඛො තිස්ස, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති උදාහු තාවතිංසානම්පි දෙවානං -පෙ- යාමානම්පි දෙවානං -පෙ- තුසිතානම්පි දෙවානං -පෙ- නිම්මාණරතීනම්පි දෙවානං -පෙ- පරනිම්මිතවසවත්තිනම්පි දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.[-පෙ-]
Sinhala BJTතිස්සයෙනි, “අපි අවිනිපාත වූ නියත වූ සම්බෝධි පරායණ වූ සෝතාපන්නයම්හ”යන මෙබඳු ඥානය චාතුම්මහාරාජික දෙවියන්ට ම වේ ද? නොහොත් තාවතිංස දෙවියනට ද … යාම දෙවියනට ද … තුසිත දෙවියනට ද … නිම්මාණරතී දෙවියනට ද … පරනිම්මිත වසවත්තී දෙවියනට ද … “අවිනිපාතධම්ම වූ නියත වූ සම්බෝධි පරායණ වූ, ස්‍රෝතාපන්නයම්හ”යි මෙබඳු ඥානය වේ ද? (...)
Pali BJTපරනිම්මිතවසවත්තිනම්පි ඛො මාරිස, දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
Sinhala BJTනිදුක, මුගලනයෙනි, පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය.
Pali BJTසබ්බෙසඤ්ඤෙව නු ඛො තිස්ස, පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා?”ති.
Sinhala BJTතිස්සයෙනි, හැම පරනිම්මිත වශවර්ත්ති දෙවියන්ට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වේ දැ?යි.
Pali BJTන ඛො මාරිස, මොග්ගල්ලාන, සබ්බෙසඤ්ඤෙව{1} පරනිම්මිතවසවත්තීනං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ඛො තෙ මාරිස, මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්තී දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන අසමන්නාගතා අරියකන්තෙහි සීලෙහි අසමන්නාගතා, න තෙසං දෙවානං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. යෙ ච ඛො තෙ මාරිස මොග්ගල්ලාන, පරනිම්මිතවසවත්ති දෙවා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා, තෙසං එවං ඤාණං හොති: “සොතාපන්නම්හා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
Sinhala BJTනිදුක, මෞද්ගල්‍යානයෙනි, හැම පරනිම්මිත වසවත්තී දෙවියනට ම “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය නො වෙයි. නිදුක, මුගලනයෙනි, යම් පරනිම්මිත වශවර්‍තති දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නොවෙත් නම්, ධර්‍මයෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත නො වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත නො වෙත් නම්, එ දෙවියනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධි පරායණවූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානයෙක් නො වේ. නිදුක, මුගලනෙනි, යම් (පරානිම්මිත වශවර්ති) දෙවිකෙනෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, සඞ්ඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙත් නම්, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙත් නම්, ඔවුනට “අපි අවිනිපාත ධර්‍ම වූ නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රෝතාපන්නයම්හ” යන මෙබඳු ඥානය වන්නේ ය යි.
Pali BJTඅථ ඛො ආයස්මා මහා මොග්ගල්ලානො තිස්සස්ස බ්රහ්මුනො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදනා කොට බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දික්කරණුයේ හෝ දික්කළ අතක් හකුළනුයේ යම් සේ වේ නම්, එසෙයින් ම බ්‍රහ්මලෝකයෙහි අතුරුදන්ව ජේතවනයෙහි පහළ වූහ.