Pali BJT(5) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(5) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් ආලෝපයක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය’යි මෙසේ මරණ සතිය වඩා ද-
Pali BJT(6) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි. පස්සසිත්වා වා අස්සසාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(6) “මහණෙනි, යම් මහණෙක් මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත්වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේය”යි මෙසේ මරණසතිය වඩා ද,-
Pali BJT(5, 6) ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛූ අප්පමත්තා විහරන්ති තික්ඛං මරණසතිං භාවෙන්ති ආසවානං ඛයාය.
Sinhala BJT(5, 6) මහණෙනි, මෙ භික්‍ෂුහු අප්‍රමත්තව වාසය කරන්නාහ යි ද, ආස්‍රවක්‍ෂය සඳහා තියුණු කොට මරණසතිය වඩන්නා හයි ද කියනු ලබත්.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: අප්පමත්තා විහරිස්සාම, තික්ඛං මරණසතිං භාවෙස්සාම ආසවානං ඛයායාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා “අප්‍රමත්ත ව වසන්නමෝ, ආස්‍රවක්‍ෂය පිණිස තියුණු කොට මරණසතිය වඩම්හ”යි මෙසේ හික්මිය යුතු ය යි.
Pali BJT6. 1. 2. 10.
Sinhala BJT6. 1. 2. 10.
Pali BJT[දුතිය මරණසති සුත්තං]
Sinhala BJT[දුතිය මරණසති සූත්‍රය]
Pali BJT20. එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි: මරණසති භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJT20. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, භාවිත බහුලීකෘත මරණසතිය මහත්ඵල මහානිසංස ඇත්තී අමෘත සඞ්ඛ්‍යාත නිවනට බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී වෙයි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ මරණසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා?
Sinhala BJTමහණෙනි, කිසෙයින් මරණසතිය භාවිත වූවා කිසෙයින් බහුලීකෘත වූවා මහත්ඵල මහානිසංස ඇත්තී නිවන් බැස ගැනුම් ඇත්තී අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී ය යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පතිහිතාය{1} ඉති පටිසඤ්චික්ඛති: “බහුකා ඛො මෙ පච්චයා මරණස්ස: අහි වා මං ඩසෙය්ය, විච්ඡිකො වා මං ඩසෙය්ය, සතපදී වා මං ඩසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා{2} සො මමස්ස අන්තරායො. උපක්ඛලිත්වාවාහං පපතෙය්යං, භත්තං වාපි මෙ{3} භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා. සො මමස්ස අන්තරායො”ති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ දවකල් නික්ම යත්ම රැය එළඹෙත් ම මෙසේ නුවණින් සලකයි: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති: සපෙක් හෝ මා ඩස්නේ ය. නුහුසුවෙක් හෝ මා ඩස්නේ ය. පත්වහයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරායෙක් වෙයි. පැකිලැ හෝ මම් හෙනුයෙම් නම්, මා බිදි බත හෝ නො දිරා නම්, මාගේ පිත හෝ කිපේ නම්, මාගේ සෙම හෝ කිපේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. එ මට අන්තරායෙක් වේ”යි.
Pali BJT(2) තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා”ති. සචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලංකරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණිය්යාව. සෙය්යථාපි භික්ඛවෙ ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසං යෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.
Sinhala BJT(2) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු: “රාත්‍රියෙහි කලුරිය කරණ මා හට අන්තරාය කර වූ මාගේ අප්‍රහීණ වූ අකුශල ධර්‍මයෝ ඇත් දැ?”යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ නුවණින් සළකනුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස වැටෙන මාගේ අප්‍රහීණ අකුශල ධර්‍මයෝ ඇතැයි”, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් සම්පාදන වීර්‍ය්‍යයත් නොහැකිළෙන වැරත් සතියත් සම්පජඤ්ඤයත් කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියේ වේව යි, ගිනි ඇවිළ ගත් හිස ඇතියේ වේව යි, ඒ පිළි හෝ ඒ හිස නිවීම සඳහා ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් උස්සොළ්හියත් අප්‍රතිවානියත් සතියත් සම්ප්‍රජන්‍යයත් යම් පරිදි කෙරේ නම්, මහණෙනි, එ පරිදි ම මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හීය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රජන්‍යය හා කටයුතු.
Pali BJT(3) සචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT(3) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “රාත්‍රියෙහි කලුරිය කරණ මට අන්තරාය පිණිස පවත්නා අප්‍රහීණ වූ ලාමක අකුශල ධර්‍මයෝ නැතැ”යි මෙසේ දන්නේ නම්, මහණෙනි, ඒ මහණහු විසින් කුශලධර්‍මයන්හි අහෝරාත්‍රයෙහි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් විසිය යුතුය.
Pali BJT(4) ඉධ පන භික්ඛවෙ භික්ඛු රත්තියා නික්ඛන්තාය දිවසෙ පතිහිතෙ{4} ඉති පටි සඤ්චික්ඛති: “බහුකා මෙ පච්චයා මරණස්ස: අහි වා මං ඩසෙය්ය, විච්ඡිකො වා මං ඩසෙය්ය, සතපදී වා මං ඩසෙය්ය, තෙන මෙ අස්ස කාලකිරියා, සො මමස්ස අන්තරායො. උපක්ඛිලිත්වා වාහං පපතෙය්යං භත්තං වා මෙ භුත්තං බ්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා මෙ වාතා කුප්පෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා, සො මමස්ස අන්තරායො”
Sinhala BJT(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ ඉක්ම යත් ම දවහල් එළඹෙත් ම මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේය: “මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝහ. සර්‍පයෙක් වේව යි මා ඩස්නේ ය. වෘශ්චිකයෙක් වේව යි මා ඩස්නේ ය. ශතපදිකයෙක් වේව යි මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි. මම පැකිල හෝ හෙම් නම්, මා විසින් බිදි බත හෝ නො පස්නේ වේ නම්, මාගේ පිත හෝ කුප්නේ නම්, මාගේ සෙම හෝ කුප්නේ නම්, මාගේ ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙත් නම්, එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙ”යි.
Pali BJT(5) තෙන භික්ඛවෙ භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං: “අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලංකරොන්තස්ස අන්තරායායා”ති.
Sinhala BJT(5) මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු: “යම් ම අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය පිණිස වෙත්නම්, මට අප්‍රහීණ වූ එබඳු ලාමක අකුශලයෝ ඇද්දැ?”යි.
Pali BJTසචෙ භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා, යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසඤ්ඤෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීය්යා. සෙය්යථාපි භික්ඛවෙ අදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හි ච අප්පටිවානි ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයා.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “දාවල් කලුරිය කරණ මට යම් අකුසල් කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම්, එබඳු අප්‍රහීණ ලාමක අකුශලධර්‍මයෝ මට ඇතැයි මෙසේ දන්නේ නම්, මහණෙනි, එ මහණහු විසින් එ ලමු අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දය හා ව්‍යායාමය හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කටයුතු. මහණෙනි, ගිනි ඇවිළ ගත් පිළි ඇතියෙක් වේව යි, ගිනි ඇවිළගත් හිසි ඇතියෙක් වේව යි, එ පිළිය හෝ හිස නිවන්නට අධිමාත්‍ර ඡන්‍ද හා ව්‍යායාම හා උත්සාහය හා උස්සොළ්හිය හා අප්‍රතිවානිය හා ස්මෘතිය හා සම්ප්‍රඥානය හා කරන්නේ ය. මහණෙනි, එ පරිද්දෙන් ම එ මහණහු විසින් එ ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමත් උත්සාහයත් උස්සොළ්හීයත් අප්‍රතිවානියත් ස්මෘතියත් සම්ප්‍රඥානයත් කටයුතු.
Pali BJT(6) සචෙ පන භික්ඛවෙ භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති: “නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා”ති, තෙන භික්ඛවෙ භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
Sinhala BJT(6) මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරණුයේ “යම් අකුශල කෙනෙක් දාවල් කලුරිය කරණ මට අන්තරාය සඳහා වැටෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුශලධර්‍මයෝ මට නැතැ”යි මෙසේ දන්නේ නම් මහණෙනි, එ මහණහු විසින් අහෝරාත්‍රයෙහි කුශලධර්‍මයන්හි හික්මෙන්නහු විසින් එ ප්‍රීතිප්‍රමෝදයෙන් වාස කටයුතු.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ මරණසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
Sinhala BJTමහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරණ ලද මරණසති තොමෝ මහත්ඵල මහානිසංස වෙයි. අමතෝගධ වෙයි. අමතපරියොසාන වෙයි.
Pali BJTසාරාණීය වග්ගො දුතියො
Sinhala BJTසාරාණීය වර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ සාරාණීය නිස්සාරණීයං{1} භද්දකං අනුතප්පියං නකුලකුසලා මච්ඡං ද්වෙ ච හොන්ති මරණසතිනා දසාති.{2}
Sinhala BJTසාරාණීයසූත්‍ර දෙකක, නිස්සාරණීයසූත්‍රය, භද්දකසූත්‍රය, අනුතප්පියසූත්‍රය, නකුලසූත්‍රය, කුශලසූත්‍රය, මච්ඡසූත්‍රය, මරණසතිසූත්‍ර දෙක දැයි දසයෙකි.
Pali BJT3. අනුත්තරිය වග්ගො
Sinhala BJT3. අනුත්තරිය වර්‍ගය
Pali BJT6. 1. 3. 1.
Sinhala BJT6. 1. 3. 1.
Pali BJT[සාමගාමක සුත්තං]
Sinhala BJT[සාමගාමක සූත්‍රය]
Pali BJT21. එකං සමයං භගවා සක්කෙසු විහරති සාමගාමකෙ පොක්ඛරණීයායං.
Sinhala BJT21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි සාමගාමකයෙහි පොක්ඛරණියා නම් වෙහෙරැ වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං පොක්ඛරණීයං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි අන්‍යතර දෙවියෙක් රාත්‍රි මධ්‍යමයාමයෙහි මනෝහර ඡවිවර්‍ණ ඇතියේ සියලු පොක්ඛරණියා වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේය:
Pali BJTතයොමෙ භන්තෙ ධම්මා භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ තයො:
Sinhala BJT“වහන්ස, මෙ තුන් දහම් කෙනෙක් භික්‍ෂුහුගේ පරිහානිය සඳහා වැටෙත්. කවර තුන් දහම් කෙනෙක යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා ඉමෙ ඛො භන්තෙ තයො ධම්මා භික්ඛුනො පරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTකර්‍මාරාමතාය, භාෂ්‍යාරාමතාය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ තුන් දහම්හු භික්‍ෂුහුගේ පරිහානිය සඳහා වැටෙති”යි.
Pali BJTඉදමවොච සා දෙවතා. සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො සා දෙවතා සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඑ දෙවි මෙය කීය. භාග්‍යවතුන් වහන්සේ සමසිත් වූසේක. ඉක්බිති එ දෙවි “මා බස භාග්‍යවතුන් වහන්සේ අනුදත්සේක් වනැ”යි භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එතන්හි ම අතුරුදන් ව ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං පොක්ඛරණීයං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතා ඛො භික්ඛවෙ සා දෙවතා මං එතදවොච.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, මෙ රෑ හි ඉකුත් පළමු යම ඇතිවත් ම අන්‍යතර දෙවියෙක් මනෝහර ඡවිවර්‍ණ ඇතියේ, සියලු පොක්ඛරණියා වෙහෙර එකලු කොට මා කරා එළැඹියේ ය. එළැඹ සකස් කොට මා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කී ය:
Pali BJT”තයොමෙ භන්තෙ ධම්මා භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ තයො: කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා. ඉමෙ ඛො භන්තෙ තයො ධම්මා භික්ඛුනො පරිහානාය සංවත්තන්තී”ති.
Sinhala BJT“වහන්ස, මෙ තුන් කරුණෙක් භික්‍ෂුහුගේ පරිහානියට වැටෙයි. කවර තුණෙක යත්: කර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා යි. වහන්ස, මෙ දහම් තුණ භික්‍ෂුහුගේ පිරිහීමට වැටේය යි.
Pali BJTඉදමවොච භික්ඛවෙ සා දෙවතා. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTමහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා පැදකුණු කොට එහි ම අතුරුදන්වී.
Pali BJTතෙසං වො භික්ඛවෙ අලාභා තෙසං වො දුල්ලද්ධා{1} යෙ වො දෙවතාපි ජානන්ති කුසලෙහි ධම්මෙහි පරිහානාය{2} සංවත්තමානෙ.
Sinhala BJTමහණෙනි, යම්බඳු තොප කුශලධර්‍මයන්ගෙන් පිරිහීමට වැටෙන්නවුන් දෙවියෝ පවා දනිත් නම්, එ තොපට අලාභ ය, එ තොපට නො මනා ලැබුමෙකි.
Pali BJTඅපරෙපි භික්ඛවෙ තයො පරිහානියෙ ධම්මෙ දෙසිස්සාමි තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, අනෙකුදු පරිහානිය ධර්‍ම තුණක් දෙසමි. එ අසවු මනා කොට මෙනෙහි කරවු. කියන්නෙමි යි. ‘එසේ ය වහන්සැ’යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTකතමෙ ච භික්ඛවෙ තයො පරිහානියා ධම්මා: සංගණිකාරාමතා, දොවචස්සතා, පාපමිත්තතා.
Sinhala BJTමහණෙනි, පරිහානීය ධර්‍ම තුන්දෙන කවරහ යත්: සඞ්ගණිකාරාමතා ය, දෝවචස්සතා ය, පාපමිත්තතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ තයො පරිහානියා ධම්මා.
Sinhala BJTමහණෙනි, මෙ පරිහානීය ධර්‍ම තුණ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ අතීතමද්ධානං පරිහායිංසු කුසලෙහි ධම්මෙහි, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි පරිහායිංසු කුසලෙහි ධම්මෙහි. යෙහි කෙචි භික්ඛවෙ අනාගතමද්ධානං පරිහායිස්සන්ති කුසලෙහි ධම්මෙහි. සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි පරිහායිස්සන්ති කුසලෙහි ධම්මෙහි. යෙහි කෙචි භික්ඛවෙ එතරහි පරිහායන්ති කුසලෙහි ධම්මෙහි, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි පරිහායන්ති කුසලෙහි ධම්මෙහීති.
Sinhala BJTමහණෙනි, යම් මැ කෙනෙක් අතීතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහුණුහු නම්, එ හැම මෙ සකරුණෙන් ම කුශලධර්‍මයෙන් පිරිහුණහ. මහණෙනි, යම් මැ කෙනෙක් අනාගතකාලයෙහි කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම මෙ මැ සකරුණු හෙයින් කුශලධර්‍මයෙන් පිරිහෙත්. මහණෙනි, මෙ කල්හි යම් මැ කෙනෙක් කුශලධර්‍මයෙන් පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයෙන් මැ කුශලධර්‍මයෙන් පිරිහෙත් ය යි.
Pali BJT6. 1. 3. 2.
Sinhala BJT6. 1. 3. 2.
Pali BJT[අපරිහානීයධම්ම සුත්තං]
Sinhala BJT[අපරිහානියධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. ඡයිමෙ භික්ඛවෙ අපරිහානියෙ ධම්මෙ දෙසිස්සාමි, තං සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති, එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT22. මහණෙනි, මෙ අපරිහානියධර්‍ම සයක් දෙසන්නෙමි. එ අසවු. මනා කොට මෙනෙහි කරවු. වදාරමි. “එසේ ය වහන්සැ”යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
Pali BJTකතමෙ ච තෙ භික්ඛවෙ ඡ අපරිහානියා ධම්මා
Sinhala BJTමහණෙනි, එ අපරිහානියධර්‍ම සය කවරේය යත්:
Pali BJTන කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, සොවචස්සතා, කල්යාණමිත්තතා. ඉමෙ ඛො භික්ඛවෙ ඡ අපරිහානියා ධම්මා.
Sinhala BJTකර්‍මාරාමතා නොවනු ය. භාෂ්‍යාරාමතා නොවනු ය. නිද්‍රාරාමතා නොවනු ය. සඞ්ගණිකාරාමතා නොවනු ය. සුවචභාවය, කල්‍යාණමිත්‍රතා යි. මහණෙනි, මෙ අපරිහානියධර්‍ම සය යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ අතීතමද්ධානං න පරිහායිංසු කුසලෙහි ධම්මෙහි, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි න පරිහායිංසු කුසලෙහි ධම්මෙහි. යෙ හි කෙචි භික්ඛවෙ අනාගතමද්ධානං න පරිහායිස්සන්ති කුසලෙහි ධම්මෙහි, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි න පරිහායිස්සන්ති. කුසලෙහි ධම්මෙහි, යෙ හි කෙචි භික්ඛවෙ එතරහි න පරිහායන්ති කුසලෙහි ධම්මෙහි, සබ්බෙ තෙ ඉමෙහෙව ඡහි ධම්මෙහි න පරිහායන්ති කුසලෙහි ධම්මෙහී’ති.
Sinhala BJTමහණෙනි, යම් මැ කෙනෙක් අතීත කාලයෙහි කුශලධර්‍මයෙන් නො පිරිහුණාහු නම්, ඔහු හැම මෙ සකරුණු හේතු කොටගෙන කුශලධර්‍මයෙන් නො ම පිරිහුණාහ. මහණෙනි, යම් ම කෙනෙක් අනාගත කාලයෙහි කුශලධර්‍මයන්ගෙන් නො පිරිහෙන්නාහු නම්, එ හැම දෙන මෙ දහම් සය හෙයින් ම කුශලධර්‍මයෙන් නො පිරිහෙන්නාහ. මහණෙනි, යම් මැ කෙනෙක් වර්‍තමාන කාලයෙහි කුශලධර්‍මයන්ගෙන් නො පිරිහෙත් නම්, එ හැම දෙන මෙ කරුණු සයින් මැ කුශලධර්‍මයෙන් නො පිරිහෙත ය යි.
Pali BJT6. 1. 3. 3.
Sinhala BJT6. 1. 3. 3.
Pali BJT[භය සුත්තං]
Sinhala BJT[භය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. භයන්ති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං, දුක්ඛන්ති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං. රොගොති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං. ගණ්ඩොති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං. සඞ්ගොති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං. පඞ්කොති භික්ඛවෙ කාමානමෙතං අධිවචනං.
Sinhala BJT23. මහණෙනි, ‘භය’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘දුක්ඛ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘රෝග’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘ගණ්ඩ - ගඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘සඞ්ග - ඇලීම’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි. මහණෙනි, ‘පඞ්ක - මඩ’ යන තෙල ශබ්දය කාමයනට නාමයෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ භයන්ති කාමානමෙතං අධිවචනං? කාමරාගරත්තායං භික්ඛවෙ ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි භයා න පරිමුච්චති, සම්පරායිකාපි භයා න පරිමුච්චති. තස්මා භයන්ති කාමානමෙතං අධිවචනං. කස්මා ච භික්ඛවෙ දුක්ඛන්ති -පෙ- රොගොති -පෙ- ගණ්ඩොති -පෙ- සඞ්ගොති -පෙ- පඞ්කොති කාමානමෙතං අධිවචනං? කාමරාගරත්තායං භික්ඛවෙ ඡන්දරාගවිනිබද්ධො දිට්ඨධම්මිකාපි පඞ්කා න පරිමුච්චති, සම්පරායිකාපි පඞ්කා න පරිමුච්චති. තස්මා පඞ්කොති කාමානමෙතං අධිවචනන්ති.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාම වේ ද යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්‍දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික භයෙනුදු නො මිදෙයි. සාම්පරායිකභයෙනුදු නො මිදෙයි. එ හෙයින් ‘භය’ යන තෙල කාමයනට නාමයෙකි. මහණෙනි, කවර හෙයින් ‘දුඃඛය’ යන ... ‘රෝග’ ය යන ... ‘ගණ්ඩය’ යන ... ‘සඞ්ගය’ යන ... ‘පඞ්ක’ය යන ... තෙල කාමයනට නමෙක යත්: මහණෙනි, කාමරාගයෙන් රක්ත වූ මෙ පුඟුල් ඡන්‍දරාගයෙන් විනිබද්ධ වූයේ දෘෂ්ටධාර්මික පඞ්කයෙනුදු නො මිදෙයි. සාම්පරායික පඞ්කයෙනුදු නො මිදේ. එ හෙයින් ‘පඞ්ක’ යන තෙල කාමයනට නමෙකි.
Pali BJT5. භයං දුක්ඛං ච රොගො ච - ගණ්ඩො සඞ්ගො පඞ්කො ච උභයං එතෙ කාමා පවුච්චන්ති යත්ථ සත්තො පුථුජ්ජනො.
Sinhala BJT5. යමෙක පුහුදුන් පුඟුල් ආසක්ත වේ නම්, ‘භය’ හා ‘දුක්ඛ’ හා ‘රෝග’ හා ‘ගණ්ඩ’ හා ‘සඞ්ග’ ‘පඞ්ක’ යන දෙක හා තෙල කාමයහ’යි කියනු ලැබෙත්.
Pali BJT6. උපාදානෙ භයං දිස්වා ජාතිමරණසම්භවෙ අනුපාදා විමුච්චන්ති ජාතිමරණ සඞ්ඛයෙ.
Sinhala BJT6. ජාතිමරණයට ප්‍රත්‍යය වූ චතුරුපාදානයෙහි භය දැක ජාතිමරණ සංක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණාලම්බනයෙහි (සත්ත්‍වයෝ) මිදෙත්.
Pali BJT7. තෙ ඛෙමප්පත්තා සුඛිනො දිට්ඨධම්මාභිනිබ්බුතා සබ්බවෙරභයාතීතා{1} සබ්බදුක්ඛං උපච්චගුන්ති.
Sinhala BJT7. ක්‍ෂේමභාවයට පැමිණි ලෝකෝත්තර සුඛ ඇති දිටුදැමියෙහි ම කෙලෙසුන්ගෙන් පිරිනිවි සර්‍වවෛර භය ඉක්මවා ගිය ඔහු සර්‍වදුඃඛය ඉක්මවූහ යි.
Pali BJT6. 1. 3. 4.
Sinhala BJT6. 1. 3. 4.
Pali BJT[හිමවන්ත සුත්තං]
Sinhala BJT[හිමවන්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු හිමවන්තං පබ්බතරාජං පදාලෙය්ය, කො පන වාදො ඡවාය අවිජ්ජාය.
Sinhala BJT24. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා බිඳලන්නේය. ලාමක අවිද්‍යා පිළිබඳ කවර කථායෙක.
Pali BJTකතමෙහි ඡහි.
Sinhala BJTකවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සමාධිස්ස සමාපත්තිකුසලො හොති. සමාධිස්ස ඨිතිකුසලො හොති. සමාධිස්ස වුට්ඨානකුසලො හොති. සමාධිස්ස කල්ලතාකුසලො{1} හොති. සමාධිස්ස ගොචරකුසලො හොති. සමාධිස්ස අභිනීහාරකුසලො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සමාධියට සමවැදුම්හි කුශල වෙයි. සමාධි ස්ථිතියෙහි කුශල වෙයි. සමාධියෙන් නැගී සිටුමෙහි කුශල වෙයි. සමාධි කල්‍යතායෙහි (සමාධිසිත පැහැදවීමෙහි) කුශල වෙයි. සමාධිගෝචරයෙහි (කුශල අරමුණෙහි) කුශල වෙයි. සමාධි අභිනීහාරයෙහි (මතු මතු සමවත් සමවැදුම පිණිස ප්‍රථමධ්‍යානාදි සමවත් එළවීමෙහි) කුශල වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු හිමවන්තං පබ්බතරාජං පදාලෙය්ය. කො පන වාදො ඡවාය අවිජ්ජායාති.
Sinhala BJTමහණෙනි, මෙ ස කරුණින් සමන්‍වාගත මහණ හිමවත් පර්‍වතරාජයා (වුව) බිඳලන්නේ ය. ලාමක අවිද්‍යාව පිළිබඳ කවර කථා ය යි.
Pali BJT6. 1. 3. 5.
Sinhala BJT6. 1. 3. 5.
Pali BJT[අනුස්සතිට්ඨාන සුත්තං]
Sinhala BJT[අනුස්සතිට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. ඡයිමානි භික්ඛවෙ අනුස්සති ඨානානි.
Sinhala BJT25. මහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සයෙකි.
Pali BJTකතමානි ඡ.
Sinhala BJTකවර සයෙක යත්:
Pali BJT(1). ඉධ භික්ඛවෙ අරියසාවකො තථාගතං අනුස්සරති: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ සෙයිනුදු එ භගවත්හු අර්‍හත්හ ... දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි (තථාගතයන් ගුණ විසින්) අනුස්මරණ කෙරෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති. න දොසපරියුට්ඨිතං චිත්තං හොති. න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, යම් සමයක අරීසව් තථාගතයන් අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත සිතෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මිදුනේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (බුද්ධානුස්මෘතිය) ද අරමුණු කොට මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ අරියසාවකො ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.”
Sinhala BJT(2) තවද මහණෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය ... විඥයන් තමා කෙරෙහි ලා දතයුතුය”යි ධර්‍මය අනුස්මරණ කෙරෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති. නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහ පරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි අරීසවු ධර්‍මය අනුස්මරණ කෙරේ ද, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි උහුගේ සිත කෙලෙසුන් කෙරෙන් නික්මියේ මුක්ත වූයේ ගේධයෙන් නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ (ධර්‍මානුස්මෘතිය) ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති”. යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති. න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJT(3) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවක සඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා අනුස්මරණ කරයි. මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඔහුගේ සිත ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ වන්නාහ.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති: අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානි. යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො සීලං අනුස්සරති. නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJT(4) තවද මහණෙනි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු සිල් මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගි සිටියේ උජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල පඤ්චකාම ගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො අත්තනො චාගං අනුස්සරති: “ලාභා වත මෙ සුලද්ධං වත මෙ -පෙ- යාචයොගො දානසංවිභාගරතොති -පෙ- යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො චාගං අනුස්සරති. නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති.
Sinhala BJT(5) තවද මහණෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. ඒකාන්තයෙන් මට මනා ලාභයෙක ... යදනට යෝග්‍ය වූයෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම් වෙ මැ”යි තමාගේ ත්‍යාග ගුණය මෙනෙහි කෙරෙයි. මහණෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය මෙනෙහි කෙරේ නම්, එ කල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එසමයෙහි ඔහුගේ සිත ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ නැගී සිටියේ ඍජුගත ම වෙයි. මහණෙනි, ‘ගේධ’ යන තෙල කාමගුණයනට අධිවචනයෙකි. මහණෙනි, මෙ ද අරමුණු කොට මෙ ලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ වෙත්.
Pali BJTපුන චපරං භික්ඛවෙ අරියසාවකො දෙවතා අනුස්සරති: සන්ති දෙවා චාතුම්මහාරාජිකා, සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මාණරතිනො, සන්ති දෙවා පරනිම්මිතවසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තතුත්තරිං යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපෙන සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථා රූපා පඤ්ඤා සංවිජ්ජතීති -පෙ- යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකො අත්තනො ච තාසං ච දෙවතානං සද්ධඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ගෙධොති ඛො භික්ඛවෙ පඤ්චන්තෙනං කාමගුණානං අධිවචනං.
Sinhala BJT(6) තවද මහණෙනි, අරීසවු “චාතුම්මහාරාජික දෙවියෝ ඇත. තාවතිංස දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිම්මාණරති දෙවියෝ ඇත. පරනිම්මිතවසවත්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රද්ධාව විද්‍යමාන වෙයි. යම්බඳු ශීලයෙකින් ... ශ්‍රැතයෙකින් ... ත්‍යාගයෙකින් ... ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දෙවියන් මෙනෙහි කරයි. මහණෙනි, යම් කලෙක අරීසවු තමාගේ ද එ දෙවියන්ගේ ද ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද මෙනෙහි කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ උත්‍ථිත වූයේ ඍජුගත ම වේ. මහණෙනි, ‘ගේධ’ යන ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි.
Pali BJTඉදම්පි ඛො භික්ඛවෙ ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුජ්ඣන්ති. ඉමානි ඛො භික්ඛවෙ ඡ අනුස්සති ඨානානීති,
Sinhala BJTමහණෙනි, මෙ ද අරමුණු කොට මෙලොව්හි ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධියට යෙත්. මහණෙනි, මෙ අනුස්සතිට්ඨාන සයයි.
Pali BJT6. 1. 3. 6.
Sinhala BJT6. 1. 3. 6.
Pali BJT[මහාකච්චාන සුත්තං]
Sinhala BJT[මහා කච්චාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. තත්ර ඛො ආයස්මා මහාකච්චානො භික්ඛු ආමන්තෙසි, ආවුසො භික්ඛවොති. ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො මහා කච්චානස්ස පච්චස්සොසුං. ආයස්මා මහා කච්චානො එතදවොච:
Sinhala BJT26. එකල්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ‘ඇවැත්නි මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’යි එ මහණහු ආයුෂ්මත් මහා කාත්‍යායන තෙරුන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ තෙල කීහ.
Pali BJTඅච්ඡරියං ආවුසො අබ්භුතං ආවුසො යාව සුභාසිතං චිදං{1} තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්බාධෙ ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය. නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං ඡ අනුස්සතිට්ඨානානි කතමානි ඡ.
Sinhala BJTඇවැත්නි, ආශ්චර්‍ය්‍යය, ඇවැත්නි, අද්භූතය ... සුභාෂිතයෙක්මය. සියල්ල දන්නා, සියල්ල දක්නා, අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස, දුක් දොම්නස් අස්තයට යවනු පිණිස, (මාර්‍ග සඞ්ඛ්‍යාත) න්‍යායයාගේ අධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස (පඤ්චකාමගුණ සඞ්ඛ්‍යාත) සම්බාධයෙහි (ෂඩ් අනුස්මෘති නම් වූ) අවකාශාධිගමය අවබෝධ කරණ ලදි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධාවුසො අරියසාවකො තථාගතං අනුස්සරති “ඉතිපි සො භගවා [අරහං] -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති, යස්මිං ආවුසො සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා ‘ගෙධො’ති ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ්බසො ආකාසසමෙන චෙතසා විහරති, විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන{2}. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති.
Sinhala BJT(1) ඇවැත්නි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙකරුණෙනුදු එ භගවත්හු (අර්‍හත්හු) ... දේවමනුෂ්‍යනට ශාස්තෘහ. බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේ සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තථාගතයන් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ නැගී සිටියේ ඍජුගත ම වන්නේ ය. ඇවැත්නි ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරිසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහත් භාවයට ගිය (ස්ඵරණවශයෙන්) අප්‍රමාණ වූ වෛර රහිත වූ (ක්‍රෝධදුඃඛ සඞ්ඛ්‍යාත) ව්‍යාබාධයෙන් තොරවූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇතියාහු වෙත්.
Pali BJT(2) පුන චපරං ආවුසො අරියසාවකො ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”තී. යස්මිං ආවුසො සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති.
Sinhala BJT(2) තවද ඇවැත්නි, යම් කලෙක අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාක්ඛ්‍යාතය ... විඥයන් විසින් සිය සතන්හි එළවා දතයුතුය”යි ධර්‍මය සිහිකරන්නේ ය. ඇවැත්නි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්තවූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අවෛර වූ ව්‍යාබාධ (දුක්) රහිත වූ චිත්තයෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙලෙව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
Pali BJT(3) පුන චපරං ආවුසො අරියසාවකො සඞ්ඝං අනුස්සරති. “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. යස්මිං ආවුසො සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති, නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරිය සාවකො සබ්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති.
Sinhala BJT(3) තවද ඇවැත්නි, ආර්‍ය්‍ය ශ්‍රාවක “භාග්‍යවත්හු ගේ ශ්‍රාවකසඞ්ඝ සුපිළිපන් වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා සිහිකරයි. ඇවැත්නි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සඞ්ඝයා සිහිකෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එකල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එ මැ අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සමවූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (දුක් නැති) චිත්තයෙන් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් ඇතැම් සත්ත්‍ව කෙනෙක් විශුද්ධ ස්වභාව ඇති වෙත්.
Pali BJT(4) පුන චපරං ආවුසො අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති අඛණ්ඩානි -පෙ- සමාධි සංවත්තනිකානි. යස්මිං ආවුසො සමයෙ අරියසාවකො අත්තනො සීලං අනුස්සරති. නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවෙස්ස තස්මිං සමයෙ චිත්තං හොති නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ්බසො අකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති.
Sinhala BJT(4) තවද ඇවැත්නි, අරීසවු අඛණ්ඩ වූ ... සමාධියට වැටෙන තමාගේ ශීලයන් අනුස්මරණය කරයි. ඇවැත්නි, අරීසවු යම් කලෙක තමාගේ ශීලය අනුස්මරණය කෙරේ නම්, එ සමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට අධිවචනයෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ (නිදුක් වූ) සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙ සෙයින් මෙ ලෙව්හි ඇතැම් සත්ත්‍වයෝ විශුද්ධ ස්වභාව ඇති වෙත්.
Pali BJT(5) පුන චපරං ආවුසො අරියසාවකො අත්තනො චාගං අනුස්සරති: “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ -පෙ- යාචයොගො දානසංවිභාග රතො”ති. යස්මිං ආවුසො සමයෙ අරියසාවකො අත්තනො චාගං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති. න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධොති’ ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති.
Sinhala BJT(5) තවද ඇවැත්නි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙකි. මට ඒකාන්තයෙන් මනාලාභයෙකි ... යදනට නිසියෙම්, දානසංවිභාගයෙහි රතයෙමැ”යි තමාගේ ත්‍යාගය සිහිකෙරෙයි. ඇවැත්නි, යම් කලෙක අරීසවු තමාගේ ත්‍යාගය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එ කල්හි ඔහුගේ චිත්තය ගේධයෙන් නික්මියේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත ම වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල ශබ්දය පඤ්චකාම ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම වූ විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ සිතින් වෙසෙයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව්හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
Pali BJT(6) පුන චපරං ආවුසො අරියසාවකො දෙවතා අනුස්සරති: “සන්ති දෙවා චාතුම්මහාරාජිකා -පෙ- සන්ති දෙවා තතුත්තරිං. යථා රූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති. යථාරූපෙන සීලෙන -පෙ- සුතෙන -පෙ- චාගෙන -පෙ- පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතීති. යස්මිං ආවුසො සමයෙ ආරියසාවකො අත්තනො ච තාසඤ්ච දෙවතානං සද්ධඤ්ච සීලඤ්ච සුතඤ්ච චාගඤ්ච පඤ්ඤඤ්ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොස පරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති. නික්ඛන්තං මුත්තං වුට්ඨිතං ගෙධම්හා. ‘ගෙධො’ති ඛො ආවුසො පඤ්චන්නෙතං කාමගුණානං අධිවචනං. ස ඛො සො ආවුසො අරියසාවකො සබ්බසො ආකාසසමෙන චෙතසා විහරති විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ඣෙන. ඉදම්පි ඛො ආවුසො ආරම්මණං කරිත්වා එවමිධෙකච්චෙ සත්තා විසුද්ධිධම්මා භවන්ති
Sinhala BJT(6) තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “චාතුම්මහාරාජික දෙවියෝ ඇත ... ඔවුනට මත්තෙහි දෙවියෝ ද ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම්, මට ද එබඳු ශ්‍රද්ධා විද්‍යමාන ය. යම්බඳු ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු ද, මට ද එබඳු ප්‍රඥා ඇතැ”යි දේවතාවන් අනුස්මරණ කරයි. ඇවැත්නි, යම් කලෙක්හි අරීසවු තමාගේත් එ දෙවියන්ගේත් ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වේ. ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. මෝහපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ගේධයෙන් නිෂ්ක්‍රාන්ත වූයේ මුක්ත වූයේ ව්‍යුත්‍ථිත වූයේ ඍජුගත වෙයි. ඇවැත්නි, ‘ගේධ’ යන තෙල පස්කම් ගුණයනට නමෙකි. ඇවැත්නි, එම අරීසවු සර්‍වප්‍රකාරයෙන් ආකාශ සම විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ චිත්තයෙන් වාසකරයි. ඇවැත්නි, මෙ ද අරමුණු කොට මෙසෙයින් මෙලොව් හි ඇතැම් සත්හු විශුද්ධ ස්වභාව ඇති වෙත්.
Pali BJTඅච්ඡරියං ආවුසො අබ්භුතං ආවුසො යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සම්බාධෙ ඔකාසාධිගමො අනුබුද්ධො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං ඉමානි ඡ අනුස්සති ඨානානීති.
Sinhala BJTඇවැත්නි, “ඒ භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නසුන් අස්තයට යවනු පිණිස, න්‍යායාධිගමය පිණිස, නිර්‍වාණය සාක්‍ෂාත් කරණු පිණිස, සම්බාධයෙහි අවකාශාධිගමයට කරුණු වන අනුස්මෘති ස්ථාන සය අවබෝධ කරණ ලද ය, යන මෙය ආශ්චර්‍ය්‍යයෙක. ඇවැත්නි, අද්භුතයෙක.
Pali BJT6. 1. 3. 7.
Sinhala BJT6. 1. 3. 7.
Pali BJT[පඨමසමය සුත්තං]
Sinhala BJT[පඨමසමය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJT27. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළේ ය:
Pali BJTකති නු ඛො භන්තෙ සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT“වහන්ස, මනෝභාවනීය (වැඩූ සිත් ඇති) භික්‍ෂුවකු දක්නට එළැඹෙනු සඳහා සමය කෙතෙක්දැ”යි.
Pali BJTඡයිමෙ භික්ඛු සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසංකමිතුං. කතමෙ ඡ:
Sinhala BJTමහණ, මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා මෙකල් සයෙකි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛු යස්මිං සමයෙ භික්ඛු කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති, කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරාමි කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනොභාවනීයො භික්ඛු කාමරාගස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු පඨමො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(1) මහණ, මෙ සස්නෙහි මහණ කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාස කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ නිස්සරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එසමයෙහි එළැඹ මනෝභාවනීය මහණ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි කාමරාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත වූ කාමරාගයෙන් මඩනා ලද සිතින් වාසකරමි. උපන්නා වූත් කාමරාගයාගේ යථාභූත නිස්සරණය නො දන්මි. ආයුෂ්මත් මට කාමරාගයාගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ කාමරාගයාගේ ප්‍රහාණයට ධර්‍මදේශනා කෙරෙයි. මහණ, මේ වනාහි මනෝභාවනීය මහණකු දක්නට එළැඹෙනු සඳහා ප්‍රථම කාලය වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරාමි ව්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා ව්යාපාදස්ස පහානාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනොභාවනීයො භික්ඛූ ව්යාපාදස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු දුතියො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසකමිතුං.
Sinhala BJT(2) තවද මහණ, යම් කලෙක්හි මහණ ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථිත, ව්‍යාපාදාභිභූත සිතින් වාසය කෙරේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණය තත් වූ පරිදි නොදන්නේ නම්, එකල එළැඹ භාවනීය භික්‍ෂූ මෙසේ කියැයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ව්‍යාපාද පර්‍ය්‍යුත්‍ථිත ව්‍යාපදාභිභූත සිතින් වාස කරමි. උපන් ව්‍යාපාදයාගේ යථාභූත නිස්සරණය නො ම දන්මි. ආයුෂ්මත් මට ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස දහම් දෙසා නම්, මැනැවැ”යි ඔහට මනෝභාවනීය මහණ ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස ධර්‍මය දෙසන්නේ ය. මහණ මෙ වනාහි මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනය සඳහා එළඹෙන්නට දෙවන කාලය වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු ථීනමිද්ධ පරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරාමි ථීනමිද්ධ පරෙතෙන. උප්පනස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා ථීනමිද්ධස්ස පහානාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනොභාවනීයො භික්ඛු ථීනමිද්ධස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු තතියො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(3) තවද මහණ, යම් කලෙක්හි මහණ ථිනමිද්ධයෙන් මැඩුනු ථිනමිද්ධ පරෙතසිතින් වාසකෙරේ නම්, උපන් ථීනමිද්ධයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය භික්‍ෂු මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි ථීනමිද්ධයෙන් මැඩුනු, ථීනමිද්ධය අනුව ගිය සිතින් වෙසෙමි. උපන් ථීනමිද්ධයාගේත් නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් තෙමේ මට ථීනමිද්ධයාගේ ප්‍රහාණය පිණිස නිසිදම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ ථීනමිද්ධයාගේ ප්‍රහාණය පිණිස දම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්‍ශනය සඳහා මෙ තුන්වන කාලය වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛු යස්මිං සමයෙ භික්ඛු උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරාමි උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා උද්ධච්චකුක්කුච්චස්ස පහානාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනොභාවනීයො භික්ඛු උද්ධච්චකුක්කුච්චස්ස පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු චතුත්ථො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(4) තවද මහණ, යම් කලෙක මහණ උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි එළඹ මනෝභාවනීය භික්‍ෂුතෙම මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම වනාහි උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු උද්ධච්චකුක්කුච්ච අනුව ගිය සිතින් වෙසෙමි. උපන් උද්ධදච්චකුක්කුච්චයාගේ ද නිඃසරණය යථාභූතයෙන් නො ම දන්මි. ආයුෂ්මත් මට උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය සඳහා නිසි දහම් දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ උද්ධච්චකුක්කුච්චයාගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනය සඳහා එළඹෙන්නට මේ සතරවන කාලය වෙයි.
Pali BJT(5) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති, විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය, විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරාමි, විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාමි. සාධු වත මෙ ආයස්මා විචිකිච්ඡාය පහානාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනො භාවනීයො භික්ඛු විචිකිච්ඡාය පහානාය ධම්මං දෙසෙති. අයං භික්ඛු පඤ්චමො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJT(5) තවද මහණ, යම් කලෙක්හි මහණ විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡා පරෙත සිතින් වාස කෙරේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණය යථාභූතයෙන් නොදන්නේ නම්, එසමයෙහි වෙත පැමිණ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේය: “ඇවැත්නි, මම වනාහි විචිකිච්ඡායෙන් මැඩුනු විචිකිච්ඡාව අනුවගිය සිතින් වසමි. උපන් විචිකිච්ඡාවගේ ද නිඃසරණය යථාභූතයෙන් නො දන්මි. ආයුෂ්මත් මට විචිකිච්ඡාවගේ ප්‍රහාණය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය මහණ විචිකිච්ඡාවගේ ප්‍රහාණය සඳහා නිසි දහම් දෙසන්නේ ය. මහණ, මනෝභාවනීය මහණහුගේ දර්‍ශනය සඳහා එළඹෙනුවට මෙ පස්වන කාලය වෙයි.
Pali BJT(6) පුන චපරං භික්ඛු, යස්මිං සමයෙ භික්ඛු යන්නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා{1} ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාති, න පස්සති, තස්මිං සමයෙ මනොභාවනීයො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො: “අහං ඛො ආවුසො යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මනසිකරොතො අනන්තරා ආසවානං ඛයො හොති, තං නිමිත්තං න ජානාමි, න පස්සාමි. සාධු වත මෙ ආයස්මා ආසවානං ඛයාය ධම්මං දෙසෙතූ”ති. තස්ස මනොභාවනීයො භික්ඛු ආසවානං ඛයාය ධම්මං දෙසෙති. අයං භික්ඛු ඡට්ඨො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. ඉමෙ ඛො භික්ඛු ඡ සමයා මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJT(6) තවද මහණ, යම් කලෙක මහණ යම් මැ නිමිත්තකට පැමිණ යම් මැ නිමිත්තක් මෙනෙහි කරන්නහුට අනන්තරායෙන් (බාධා රහිත) ආස්‍රවක්‍ෂය වේ නම්, එ නිමිත්ත නො දත්තේ, නො දක්නේ නම්, එකල්හි එළඹ මනෝභාවනීය මහණ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මම් වනාහි යම් නිමිත්තකට පැමිණ, යම් නිමිත්තක් මෙනෙහි කරණුවහට අනන්තරායෙන් ආස්‍රවක්‍ෂය වේ නම්, එබඳු නිමිත්ත නො දන්මි. නො දක්මි. ආයුෂ්මත් මට ආස්‍රවයන්ගේ ක්‍ෂය සඳහා ධර්‍මය දෙසා නම් මැනැවැ”යි. ඔහට මනෝභාවනීය භික්‍ෂුහුගේ දර්‍ශනයට එළඹෙනුවට මේ සවන කාලය වෙයි.
Pali BJT6. 1. 3. 8.
Sinhala BJT6. 1. 3. 8.
Pali BJT[දුතියසමය සුත්තං]
Sinhala BJT[දුතිය සමය සූත්‍රය]
Pali BJT28. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ බාරාණසියං විහරන්ති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො තෙසං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිපතිතානං සන්නිසින්නානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති”
Sinhala BJT28. එක් කලෙක්හි බොහෝ මහලු වහන්දෑ බරණැස් නුවර සමීපයෙහි වූ ඉසිපතන නම් මිගදායෙහි වසන්නාහ. ඉක්බිති පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණ, මණ්ඩල මාලයෙහි (මඬුලු සටහනින් කළ භෝජන ශාලායෙහි) රැස්ව හුන් මහලු වහන්දෑ අතුරෙහි මෙ අතුරු කථාව පහළ විය: “ඇවැත්නි, මනෝභාවනීය (භාවනාවෙන් මනවඩන) මහණකු දැකීමට එළඹෙනුවට නිසිකල් කවරේදැ?”යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තෙ භික්ඛු එතදවොච: යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTමෙ සෙයින් කී කල්හි අන්‍යතර භික්‍ෂුනමක් එ භික්‍ෂුන්ට තෙල කරුණ කී ය: “ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ (අසරමිණිය ගොතා) කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට (කමටහන්හි) එළවා හුන්නේ වේ ද, මනෝභාවනීය මහණහු දැක්ම සඳහා එළැඹෙන්නට එ සමය වේය”යි.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු තං භික්ඛුං එතදවොච: න ඛො ආවුසො සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පාදෙ පක්ඛාලෙත්වා නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, චාරිත්තකිලමථොපිස්ස තස්මිං සමයෙ අප්පටිප්පස්සද්ධො හොති, භත්තකිලමථොපිස්ස තස්මිං සමයෙ අප්පටිප්පස්සද්ධො හොති. තස්මා න ඛො සො අසමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුං. යස්මිං ආවුසො සමයෙ මනොභාවනීයො භික්ඛු සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො විහාරපච්ඡායායං නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා, සො සමයො මනොභාවනීයස්ස භික්ඛුනො දස්සනාය උපසඞ්කමිතුන්ති.
Sinhala BJTමෙසේ කියත් ම, අන්‍යතර මහණෙක් එ භික්‍ෂුහට තෙල කී: “ඇවැත්නි, යම් කලෙක මනෝභාවනීය භික්‍ෂු පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණියේ පා දොවා පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය පරිමුඛ කොට එළවා හුන්නේ වේ නම්, ඇවැත්නි, මනෝභාවනීය භික්‍ෂුහු දක්නා සඳහා එළැඹෙන්නට එ කල් නො වේ. එ සමයෙහි ඔහුගේ පිණ්ඩපාත චර්‍ය්‍යයෙන් උපන් ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසමයෙහි ඔහුගේ භක්ත ක්ලමථය ද නො සන්හුන් වෙයි. එසෙයින් මනෝභාවනීය මහණහු දක්නට එළැඹෙන්නට එ නොකල. ඇවැත්නි, යම් කලෙක්හි මනෝභාවනීය මහණ සවස් කල්හි පිළිසලණින් නැගියේ, වෙහෙරැ පසුපසැ සෙවණෙක්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා ස්මෘතිය කමටහන් අභිමුඛ කොට එළවා හුන්නේ ද, මනෝභාවනීය මහණහු දැක්මට එළැඹෙන්නට එ කලැ”යි.