Pali BJTඉධාවුසො භික්ඛු න කම්මාරාමො හොති න කම්මරතො න කම්මාරාමතං අනුයුත්තො, න භස්සාරාමො හොති න භස්සරතො න භස්සාරාමතං අනුයුත්තො, න නිද්දාරාමො හොති, න නිද්දාරතො න නිද්දාරාමතං අනුයුත්තො, න සඞ්ගණිකාරාමො හොති න සඞ්ගණිකාරතො න සඞ්ගණිකා රාමතං අනුයුත්තො, න සංසග්ගාරාමො හොති න සංසග්ගරතො න සංසග්ගාරාමතං අනුයුත්තො, න පපඤ්චාරාමො හොති න පපඤ්චරතො න පපඤ්චාරාමතං අනුයුත්තො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම නැතියේ කර්‍මයෙහි නිරත නො වූයේ කර්‍මාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. භාෂ්‍යාරාම නැතියේ භාෂ්‍යරත නො වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. නිද්‍රාරාම නැතියේ නිද්‍රාරත නොවූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි. සඞ්ගණිකාරාම නොවූයේ සඞ්ගණිකාරත නො වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. සංසර්‍ගාරාම නො වූයේ සංසර්‍ගරත නො වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි. ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්චරත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි නො යෙදුනේ වෙයි.
Pali BJTඑවං ඛො ආවුසො භික්ඛු තථා තථාස්ස විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො භද්දකං මරණං හොති භද්දිකා කාලකිරියා. අයං වුච්චතාවුසො භික්ඛු නිබ්බානාභිරතො පහාසි{2} සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.
Sinhala BJTඇවැත්නි, මෙසේ මහණ යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහුට භද්‍ර මරණ වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, ඒ ඒ පරිද්දෙන් වාසය කෙරේ. ඇවැත්නි, මෙ මහණ නිර්‍වාණයෙහි අභිරත වූයේ මනා හේතුයෙන් වෘත්ත දුඃඛක්‍ෂය කරණු සඳහා සත්කාය හළේ යයි කියනු ලැබේ.
Pali BJT1. යො පපඤ්චමනුයුත්තො පපඤ්චාභිරතො මගො විරාධයී සො නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT1. නුවණ නැති යමෙක් ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ ප්‍රපඤ්චයෙහි අභිරති ඇතියේ වේ නම්, හේ යෝගක්‍ෂේම නම් අනුත්තර නිර්‍වාණය නො ඇරැයී.
Pali BJT2. යො ච පපඤ්චං හිත්වාන නිප්පපඤ්චපදෙ රතො ආරාධයී සො නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT2. යමෙකුගේ ප්‍රපඤ්චය දුරලා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි රැඳුනේ වේ ද, හේ යෝගක්‍ෂේම නම් වූ අනුත්තර නිර්‍වාණය ඇරැයී.
Pali BJT6. 1. 2. 5.
Sinhala BJT6. 1. 2. 5.
Pali BJT[අනුතප්පසුත්තං]
Sinhala BJT[අනුතප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි. [-පෙ-] තථා තථා ආවුසො භික්ඛු විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනුතප්පා හොති.
Sinhala BJT15. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, යම් යම් වැ පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුශොචනා කටයුතු වේ නම්, මහණ ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
Pali BJTකථඤ්චාවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති, යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනුතප්පා හොති.
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාස කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කෙරේ නම්, කෙසේ මහණ ඒ ඒ පරිද්දෙන් වාස කෙරේය යත්:
Pali BJTඉධාවුසො භික්ඛු කම්මාරාමො හොති කම්මරතො කම්මාරාමතං අනුයුත්තො, භස්සාරාමො හොති -පෙ- නිද්දාරාමො හොති -පෙ- සඞ්ගණිකාරාමො හොති -පෙ- සංසග්ගාරාමො හොති -පෙ- පපඤ්චාරාමො හොති පපඤ්චරතො පපඤ්චාරාමතං අනුයුත්තො.
Sinhala BJTඇවැත්නි, මේ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මයෙහි අභිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි. භාෂ්‍යාරාම ඇතියේ ... වෙයි. නිද්‍රාරාමතා ඇතියේ ... සඞ්ගණිකාරාමතා ඇතියේ ... සංසර්‍ගාරාමතා ඇතියේ ... වෙයි. ප්‍රපඤ්චාරාමතා ඇතියේ ප්‍රපඤ්චරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි යෙදුනේ වෙයි ...
Pali BJTඑවං ඛො ආවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති, යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනුතප්පා හොති. අයං වුච්චතාවුසො භික්ඛු සක්කායාභිරතො න පහාසි සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියාය.
Sinhala BJTඇවැත්නි, මහණ මෙ සෙයින් යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාප කටයුතු වේ නම්, ඒ ඒ පරිදියෙන් විහරණ කරන්නේ ය. ඇවැත්නි, සත්කායයෙහි අභිරත මෙ මහණ මනා හේතුයෙන් වෘත්තදුඃඛයාගේ ක්‍ෂය කිරීම සඳහා සත්කාය ප්‍රහීණ නො කෙළේ ය යි කියනු ලැබේ.
Pali BJTතථා තථා ආවුසො භික්ඛු විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනනුතප්පා හොති:
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, භික්‍ෂු ඒ ඒ පරිද්දෙන් වාස කරන්නේ ය.
Pali BJTකථඤ්චාවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනනුතප්පා හොති:
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට කාලක්‍රියාව අනුතාපකර නො වේ නම්, මහණ කෙසෙයින් එ එ පරිද්දෙන් වාස කරන්නේය යත්:
Pali BJTඉධාවුසො භික්ඛු න කම්මාරාමො හොති න කම්මරතො න කම්මාරාමතං අනුයුත්තො -පෙ- න භස්සාරාමො හොති -පෙ- න නිද්දාරාමො හොති -පෙ- න සංගණිකාරාමො හොති -පෙ- න සංසග්ගාරාමො හොති -පෙ- න පපඤ්චාරාමො හොති න පපඤ්චරතො න පපඤ්චාරාමතං අනුයුත්තො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාමතා නැතියේ කර්‍මරත නො වූයේ කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙයි ... භාෂ්‍යාරාම නො වෙයි ... නිද්‍රාරාම නො වෙයි ... සඞ්ගණිකාරාම නො වෙයි ... සංසර්‍ගාරාම නො වෙයි ... ප්‍රපඤ්චාරාම නො වූයේ ප්‍රපඤ්ච රත නො වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත නො වූයේ වෙයි.
Pali BJTඑවං ඛො ආවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො කාලකිරියා අනනුතප්පා හොති. අයං වුච්චතාවුසො භික්ඛූ නිබ්බානාභිරතො පහාසි සක්කායං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.
Sinhala BJTඇවැත්නි, යම් යම් අයුරෙකින් වෙසෙන ඔහට කාලක්‍රියාව අනුතාප නො වේ නම්, භික්‍ෂු මෙ සෙයින් එ එ පරිදි වාසය කරන්නේ ය. ඇවැත්නි, නිර්‍වාණයෙහි අභිරත වූ මෙ මහණ මැනැවින් දුඃඛක්‍ෂය කරනු සඳහා සත්කාය ය ප්‍රහීණ කෙළේ යයි කියනු ලැබේ.
Pali BJT3. යො පපඤ්චමනුයුත්තො පපඤ්චාභිරතො මගො විරාධයී සො නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරං.
Sinhala BJT3. යමෙක් මෘග සදෘශ වූයේ ප්‍රපඤ්චයෙහි අනුයුක්ත වූයේ වේ නම්, අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණය වැරැදැ විය.
Pali BJT4. යො ච පපඤ්චං හිත්වාන නිප්පපඤ්චපදෙ රතො ආරාධයී සො නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරන්ති.
Sinhala BJT4. යමෙක් ප්‍රපඤ්චය හැරදමා නිෂ්ප්‍රපඤ්ච (නිර්‍වාණ) පදයෙහි ඇලුනේ ද, හේ අනුත්තර යෝගක්‍ෂේම නිර්‍වාණ පදය ඇරැයී යයි.
Pali BJT6. 1. 2. 6.
Sinhala BJT6. 1. 2. 6.
Pali BJT[නකුලපිතුසුත්තං]
Sinhala BJT[නකුලපිතු සූත්‍රය]
Pali BJT16. එකං සමයං භගවා භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන නකුලපිතා ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො නකුලමාතා ගහපතානී නකුලපිතරං ගහපතිං එතදවොච:
Sinhala BJT16. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය සමීපයෙහි භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩ වසන සේක. එ කල්හි නකුල පිතෘ ගෘහපති රෝගී වූයේ හටගත් දුක් ඇතියේ දළ ගිලන්බව ඇතියේ වෙයි. එක්බිති නකුල මාතෘ ගැහැවිදූ නකුල පිතෘගෘහපතිහට තෙල කරුණ සැළකළා ය:
Pali BJT(1) මා ඛො ත්වං ගහපති සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා.{1} ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා. සියා ඛො පන තෙ ගහපති එවමස්ස. “න නකුලමාතා ගහපතානී මමච්චයෙන සක්ඛිස්සති දාරකෙ පොසෙතුං ඝරාවාසං සන්ථරිතුන්ති”{2} න ඛො පනෙතං ගහපති එවං දට්ඨබ්බං. කුසලාහං ගහපති කප්පාසං කන්තිතුං, වෙණිං ඔලිඛිතුං. සක්කොමහං ගහපති තවච්චයෙන දාරකෙ පොසෙතුං ඝරාවාසං සන්ථරිතුං.{3} තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.{1}
Sinhala BJT(1) ගෘහපතියෙනි, මුඹ සාපේක්‍ෂව (තෘෂ්ණාසහිතව) නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂහට කලුරිය කිරීම දුක් වෙයි. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය. ගෘහපතියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෙහි දරුවන් පුස්නට ගෘහවාසය පවත්වනුවට නො හැකිවන්නීය” යන මෙබඳු සිතෙක් මුඹට වනු හැකි. ගෘහපතියෙනි, තෙල කරුණ එසෙයින් නො දැක්ක යුතු. ගෘහපතියෙනි, මම කපු කටිනට, එළු ලොම් වෙළු නෙළනට කුසලයෙමි. ගෘහපතියෙනි, මුබගේ ඇවෑමෙන් මම දරුවන් පුස්නට හා ගෘහවාසය පවත්වනුවට පොහොසත්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු ය.
Pali BJT(2) සියා ඛො පන තෙ ගහපති එවමස්ස: “නකුලමාතා ගහපතානී මමච්චයෙන අඤ්ඤං වරං{1} ගමිස්සතී”ති. න ඛො පනෙතං ගහපති එවං දට්ඨබ්බං. ත්වං චෙව ඛො ගහපති ජානාසි අහං ච, යදා නො{2} සොළස වස්සානි ගහට්ඨකං බ්රහ්මචරියං සමාදින්නං. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.
Sinhala BJT(2) ගැහැවියෙනි, “මාගේ ඇවෑමෙන් නකුලමාතෘ ගෘහපත්නි අන් වරයකු (සැමියකු) වෙත යන්නී ය” මෙ බඳු සිතෙක් මුබට විය හෙන්නේ ය. ගැහැවියෙනි, තෙල එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, යම් කලෙක අප විසින් සොළොස්වසක් ගෘහස්ථක බ්‍රහ්මචර්‍ය්‍යය සමාදන් වන ලද නම් එ බව මුබ ද දන්ව, මම් ද දන්මි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂකයාගේ කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනුදු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගරහන ලදු.
Pali BJT(3) සියා ඛො පන තෙ ගහපති එවමස්ස: “නකුලමාතා ගහපතානී මමච්චයෙන න දස්සනකාමා භවිස්සති භගවතො, න දස්සනකාමා භික්ඛුසඞ්ඝස්සා”ති. න ඛො පනෙතං ගහපති එවං දට්ඨබ්බං. අහං හි ගහපති තවච්චයෙන දස්සනකාමතරා චෙව භවිස්සාමි භගවතො, දස්සනකාමතරා ච භික්ඛුසඞ්ඝස්ස. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.
Sinhala BJT(3) ගෘහපතියෙනි, “නකුලමාතා ගෘහපත්නිය මගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ දක්නට, භික්‍ෂු සඞ්ඝයා දක්නට නො කැමැති වේ”ය යි යන මෙ බඳු සිතෙක් මුබට වනු හෙයි. ගෘහපතියෙනි, තෙල මෙසේ නො දැක්කයුතු. මම මුබගේ ඇවෑමෙන් භාග්‍යවතුන් වැඩියක් ම දක්නා කැමැතියෙමි. බික්සඟුන් වැඩියක් ම දකිනු කැමැතියෙමි. ගෘහපතියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ සාපේක්‍ෂකව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගරහන ලදු.
Pali BJT(4) සියා ඛො පන තෙ ගහපති එවමස්ස: “න නකුලමාතා ගහපතානී මමච්චයෙන සීලෙසු පරිපූරකාරිණී”ති. න ඛො පනෙතං ගහපති එවං දට්ඨබ්බං. යාවතා ඛො ගහපති තස්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා සීලෙසු පරිපූරකාරිණියො, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ, තං භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.
Sinhala BJT(4) ගැහැවියෙනි, “නකුලමාතෘගෘහපත්නි මාගේ ඇවෑමෙන් ශීලයෙහි පරිපූරකාරිණී නො වන්නීය” යන මෙ බඳු සිතෙක් තොපට ඇතිවිය හෙයි. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, එ භගවත්හුගේ සුදුවත් හඳනා ගෙහි වසන සිල්හි පරිපූරකාරිණී වූ යම් පමණ ශ්‍රාවිකාවෝ වෙත් නම් මම උන් අතුරෙහි අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම්, එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භේසකලා වන නම් මිගදාවයෙහි වසන සේක. ඒ භගවතුන් කරා ගොස් පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මුබ නහමක් සාපේක්‍ෂව කලුරිය කරව. ගැහැවියෙනි, සාපේක්‍ෂයාගේ කලුරිය දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භගවත්හු විසිනුදු ගර්හිත ය.
Pali BJT(5) සියා ඛො පන තෙ ගහපති එවමස්ස: “න නකුලමාතා ගහපතානී ලාභිනී අජ්ඣත්තං චෙතොසමථස්සා”ති. න ඛො පනෙතං ගහපති එවං දටඨබබං. යාවතා ඛො ගහපති තස්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා ලාභිනියො අජ්ඣත්තං චෙතොසමථස්ස, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම්මා සම්බුද්ධො භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියා.
Sinhala BJT(5) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී අධ්‍යාත්මයෙහි චිත්තශමථය නො ලබන්නීය” යන මෙ බඳු සිතෙක් තට විය හෙයි. ගැහැවියෙනි, තෙල කරුණ එසේ නො දැක්ක යුතු. ගැහැවියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හැඳි අධ්‍යාත්මයෙහි චිත්තශමථය ලබනසුලු යම් පමණ ශ්‍රාවිකාවෝ ඒ භගවත්හට වෙත් නම්, මම උන් අතර අන්‍යතරයක්මු. යමකුට මෙය පිළිබඳ කාඞ්ක්‍ෂායෙක් හෝ විමතියෙක් හෝ වේ නම් මෙ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර අසල භෙසකලාවන නම් මිගදාවයෙහි වෙසෙති. ඒ භගවත්හු කරා එළඹ පුළුවුස්වා. ගැහැවියෙනි, එහෙයින් මුබ සාපේක්‍ෂව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව භාග්‍යවතුන් වහන්සේ විසිනුදු ගර්හිත ය.
Pali BJT(6) සියා ඛො පන තෙ ගහපති එවමස්ස: “න නකුලමාතා ගහපතානී ඉමස්මිං ධම්මවිනයෙ ඔගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරතී”ති. න ඛො පනෙතං ගහපති එවං දට්ඨබ්බං. යාවතා ඛො ගහපති තස්ස භගවතො සාවිකා ගිහී ඔදාතවසනා ඉමස්මිං ධම්මවිනයෙ ඔගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරන්ති, අහං තාසං අඤ්ඤතරා. යස්ස ඛො පනස්ස කඞ්ඛා වා විමති වා, අයං සො භගවා අරහං සම්මා සම්බුද්ධො භග්ගෙසු විහරති සුංසුමාරගිරෙ භෙසකලාවනෙ මිගදායෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා පුච්ඡතු. තස්මාතිහ ත්වං ගහපති මා සාපෙක්ඛො කාලමකාසි. දුක්ඛා ගහපති සාපෙක්ඛස්ස කාලකිරියා. ගරහිතා ච භගවතා සාපෙක්ඛස්ස කාලකිරියාති.
Sinhala BJT(6) ගෘහපතියෙනි, “නකුලමාතෘගෘහපත්නී මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියා, ප්‍රතිෂ්ඨාවට පැමිණියා, ආස්වාදයට පැමිණියා, තරණය කළ විචිකිච්ඡා ඇත්තී, ප්‍රහීණ කළ වෙමතිකභාවය ඇත්තී, සොම්නස් සහගිය නුවණට පැමිණියා, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තී නො වසන්නීය” යන මෙබඳු සිතෙක් තට විය හෙන්නේ ය. ගෘහපතියෙනි, තෙල එසේ නො දැක්කයුතු. ගෘහපතියෙනි, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම් පමණ සෙදගැමි කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෙ ධර්‍ම විනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආස්වාදයට පැමිණියාහු සෞමනස්‍යඥානයට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත වූවාහු වෙසෙත් නම්, මම ඔවුන් අතුරෙහි අන්‍යතරයක්මු. යමක් පිළිබැඳි කාඞ්ක්‍ෂායෙක් වේවයි විමතියෙක් වේවයි වේ නම්, මෙ එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භග්ගජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භෙසකලාවන නම් මෘගදාවයෙහි වැඩවසනසේක. එ භාග්‍යවතුන් කරා එළඹ පුළුවුස්ව. ගෘහපතියෙනි, එහෙයින් මෙකරුණෙහි ලා මුඹ සාපේක්‍ෂ ව නහමක් කලුරිය කරව. ගෘහපතියෙනි, සාපේක්‍ෂයාහට කාලක්‍රියාව දුකෙක. භාග්‍යවතුන් වහන්සේ විසිනු දු සාපේක්‍ෂයාගේ කාලක්‍රියාව ගර්හිතය යි.
Pali BJTඅථ ඛො නකුලපිතුනො ගහපතිස්ස නකුලමාතාය ගහපතානියා ඉමිනා ඔවාදෙන ඔවදියමානස්ස සො ආබාධො ඨානසො පටිප්පස්සම්භි. වුට්ඨාහි ච නකුලපිතා ගහපති තම්හා ආබාධා, තථා පහීනො ච පන නකුලපිතුනො ගහපතිස්ස සො ආබාධො අහොසි.
Sinhala BJTඉක්බිති නකුලමාතෘගෘහපත්නිය විසින් මෙ අවවාදයෙන් ඔවදන් කරුණු ලබන නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය ප්‍රත්‍යය විසින් සන්හින. නකුලපිතෘගෘහපති එ රෝගයෙන් නැගී සිටියේ ය. නකුලපිතෘගෘහපතිහුගේ ඒ ආබාධය එසෙයින් ම ප්‍රහීණ විය.
Pali BJTඅථ ඛො නකුලපිතා ගහපති ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, දණ්ඩමොලුබ්භ යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නකුලපිතරං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJTඉක්බිති ගිලන් බැවින් නැඟී සිටි නකුලපිතෘගෘහපති ගිලනින් නැඟීසිටි නොබෝකල් ඇතියේ සරයටියෙහි එල්බගෙන බුදුන් කරා එළැඹියේ ය. එළඹ බුදුන් වැඳ එකත්පස්වැ හින. බුදුහු පසෙක හුන් නකුලපිතෘගෘහපතිහට තෙල කරුණ වදාළහ:
Pali BJTලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, යස්ස තෙ නකුලමාතා ගහපතානී අනුකම්පිකා අත්ථකාමා ඔවාදිකා අනුසාසිකා.
Sinhala BJTගෘහපතිය, තට මනාලාභයෙක. ගෘහපතිය, යම්බඳු තොපට නකුලමාතෘගෘහපත්නිය, අනුකම්පා ඇත්තී අරුත් කැමැත්තී, ඔවා දෙන සුලු වූවා අනුශාසනා කරන්නී වේ ද, ඒ තොපට මනා ලාභයෙක.
Pali BJTයාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා සීලෙසු පරිපූරකාරිණියො, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා. යාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා ලාභිනියො අජ්ඣත්තං චෙතොසමථස්ස, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා. යාවතා ඛො ගහපති මම සාවිකා ගිහී ඔදාතවසනා ඉමස්මිං ධම්මවිනයෙ ඔගාධප්පත්තා පතිගාධප්පත්තා අස්සාසප්පත්තා. තිණ්ණවිචිකිච්ඡා විගතකථඞ්කථා වෙසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනෙ විහරන්තියො, නකුලමාතා ගහපතානී තාසං අඤ්ඤතරා.
Sinhala BJTගෘහපතිය, ගිහිගෙයි වසන සුදුවත් හඳනා යම්පමණ මාගේ සැවිහු සීලයෙහි පරිපූරකාරිණීහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතරයක. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු අධ්‍යාත්මයෙහි සමාධිකර්‍මස්ථාන ලබන්නාහු වෙත් නම්, නකුල මාතෘගෘහපත්නී ඔවුනතුරෙන් අන්‍යතර වෙයි. ගෘහපතිය, ගෙහි වසන සුදුවත් හඳනා යම් පමණ මාගේ සැවිහු මෙ ධර්‍මවිනයෙහි අනුප්‍රවේශයට පැමිණියාහු ප්‍රතිෂ්ඨාවට පැමිණියාහු ආශ්වාදයට පැමිණියාහු තරණය කළ විචිකිච්ඡා ඇතියාහු වෙසරද බවට පැමිණියාහු ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිතව වසන්නාහු වෙත් නම්, නකුලමාතෘගෘහපත්නි ඔවුනතුරෙහි අන්‍යතර වෙයි.
Pali BJTලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, යස්ස තෙ නකුලමාතා ගහපතානී අනුකම්පිකා අත්ථකාමා ඔවාදිකා අනුසාසිකාති.
Sinhala BJTගෘහපතිය, තොපට ලාභයෙක. ගෘහපතිය යම්බඳු තොපට නකුලමාතෘ ගෘහපත්නීය අනුකම්පා ඇත්තී අර්‍ත්‍ථ කැමැත්තී අවවාද කරන්නී අනුශාසනා කරන්නී වේ ද, තොපට එය මනා ලාභයෙකැයි.
Pali BJT6. 1. 2. 7.
Sinhala BJT6. 1. 2. 7.
Pali BJT[කුසලසුත්තං]
Sinhala BJT[කුසල සූත්‍රය]
Pali BJT17. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJT17. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් ආරාමයෙහි වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල්හි පිළිසලනින් නැඟී සිටිසේක් උපස්ථානශාලාව කරා එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි හුන්හ.
Pali BJTආයස්මාපි ඛො සාරිපුත්තො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. ආයස්මාපි ඛො මහාමොග්ගල්ලානො -පෙ- ආයස්මාපි ඛො මහාකස්සපො -පෙ- ආයස්මාපි ඛො මහාකච්චායනො -පෙ- ආයස්මාපි ඛො මහාකොට්ඨිතො -පෙ- ආයස්මාපි ඛො මහාචුන්දො -පෙ- ආයස්මාපි ඛො මහාකප්පිනො -පෙ- ආයස්මාපි ඛො අනුරුද්ධො -පෙ- ආයස්මාපි ඛො රෙවතො -පෙ- ආයස්මාපි ඛො ආනන්දො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිටියාහු උවටන්හල කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්ව හුන්හ. ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකච්චායන තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ... ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ ද ... ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ... ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ... ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද සවස්වරුයෙහි පිළිසලනින් නැඟි සිටියාහු උවටන්හල් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ.
Pali BJTඅථ ඛො භගවා බහුදෙව රත්තිං නිසජ්ජාය වීතිනාමෙත්වා උට්ඨායාසනා විහාරං පාවිසි. තෙපි ඛො ආයස්මන්තො අචිරපක්කන්තස්ස භගවතො උට්ඨායාසනා යථාවිහාරං අගමංසු.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝකල් නිෂද්‍යායෙන් ගෙවා හුනස්නෙන් නැඟී විහාරයට පිවිස වදාළහ. එ ආයුෂ්මත්හු ද භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝකල් වත්ම හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට වැඩියහ.
Pali BJTයෙ පන තත්ථ භික්ඛූ නවා අචිරපබ්බජිතා ආධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ යාව සුරියුග්ගමනා කාකච්ඡමානා සුපිංසු. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තෙ භික්ඛූ යාව සුරියුග්ගමනා කාකච්ඡමානෙ සුපන්තෙ. දිස්වා යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඑහි පැවිදිවූ නොබෝකල් ඇති මෙ ධර්‍මවිනයට අධුනාගත වූ යම් නවක භික්‍ෂුහු වූහු නම්, ඔහු සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් නිදිගත්හ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස් ඉක්ම පවත්නා විශුද්ධ වූ දිව්‍ය චක්‍ෂුසින් සූර්‍ය්‍යොද්ගමය තෙක් කස්මින් හෝනා එ මහණුන් දුටු සේක. දැක වදාරා උපස්ථාන ශාලාව වෙත එළඹියහ. එළඹ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ එ මහණුන් අමතා වදාළසේක:
Pali BJTකහං නු ඛො භික්ඛවෙ සාරිපුත්තො, කහං මහාමොග්ගල්ලානො, කහං මහාකස්සපො, කහං මහා කච්චායනො, කහං මහාකොට්ඨිතො, කහං මහාචුන්දො, කහං මහාකප්පිනො, කහං අනුරුද්ධො, කහං රෙවතො, කහං ආනන්දො, කහං නු ඛො තෙ භික්ඛවෙ ථෙරා සාවකා ගතාති?
Sinhala BJTමහණෙනි, සැරියුත්හු කොහි ද? මහමුගලන්හු කොහි ද? මහකසුබුහු කොහි ද? මහකසයින්හු කොහි ද? මහාකොට්ඨිතයෝ කොහි ද? මහාචුන්‍දයෝ කොහි ද? මහාකප්පිනයෝ කොහි ද? අනුරුද්ධයෝ කොහි ද? රේවතයෝ කොහි ද? ආනන්‍දයෝ කොහි ද? මහණෙනි, එ ස්ථවිර ශ්‍රාවක භික්‍ෂුහු කොහි ගියාහු දැ?යි.
Pali BJTතෙපි ඛො භන්තෙ ආයස්මන්තො අචිරපක්කන්තස්ස භගවතො උට්ඨායාසනා යථාවිහාරං අගමංසූති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩී නොබෝකල් වත්ම එ ආයුෂ්මත්හු ද හුනස්නෙන් නැඟී තමන් තමන්ගේ වෙහෙරට ගියහයි.
Pali BJTකෙන නො තුම්හෙ භික්ඛවෙ ථෙරා භික්ඛූ ගතා’ති නවා{1} යාව සුරියස්සුග්ගමනා{2} කාකච්ඡමානා සුපථ.
Sinhala BJTමහණෙනි, කවරහෙයෙකින් “ස්ථවිර භික්‍ෂුහු ගියහ”යි නවක වන තෙපි කස්මින් සූර්‍ය්‍යොද්ගමය තෙක් හෝනහු ද?
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “රාජා ඛත්තියො මුද්ධාවසිත්තො යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරන්තො යාවජීවං රජ්ජං කාරෙන්තො ජනපදස්ස වා පියො මනාපො”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කිම, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජ කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරණුයේ යව්දිව් රජකරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය, යන තෙල තොප විසින් දක්නා ලද ද? නැතහොත් අසන ලද දැ?යි
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල කරුණ නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයා පි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං න සුතං “රාජා ඛත්තියො මුද්ධාවසිත්තො යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරන්තො යාවජීවං රජ්ජං කාරෙන්තො ජනපදස්ස වා පියො මනාපො”ති.
Sinhala BJTමහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු ‘මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජෙක් කැමැති තාක් යහන් සුවයෙහි පහස්වුවයෙහි නිදිසුවයෙහි යෙදී වෙසෙමින් යව්දිව් රජය කරණුයේ ජනපදයට ප්‍රිය මනාප වේය’ යන තෙල නො මැ දක්නා ලදි. නො අසන ලදි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “රට්ඨිකො -පෙ- පෙත්තනිකො -පෙ- සෙනාපතිකො -පෙ- ගාමගාමණිකො -පෙ- පූගගාමණිකො යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරන්තො යාවජීවං පූගගාමණිකත්තං කාරෙන්තො පූගස්ස වා පියො මනාපො?”ති.
Sinhala BJTමහණෙනි, එ කවරැයි හඟිවු ද? කිම, තොප විසින් ‘රැටියෙක් වේව’යි ... පියාසතු දායාද්‍ය ඇතියෙක් වේවයි ... සෙන්පතියෙක් වේවයි ... ග්‍රාම භොජකයෙක් වේවයි ... ගණදෙටුයෙක් වේවයි කැමැති තාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදිසුවයෙහි යෙදී වාස කරමින් යව්දිව් පූගනායකත්‍වය කරන්නේ පූගයහට (ගණයාහට) ප්‍රිය මනාප වේය යන තෙල දක්නා ලද හෝ අසන ලද දැයි?
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං න සුතං “[-පෙ-] පූගගාමණිකො යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරන්තො යාවජීවං පූගගාමණිකත්තං කාරෙන්තො පූගස්ස වා පියො මනාපො”ති.
Sinhala BJTමහණෙනි, මැනැවැ. මහණෙනි, මා විසිනුදු (පෙ) පූග ග්‍රාමණිකයෙක් කැමැතිතාක් යහන් සුවයෙහි පහස් සුවයෙහි නිදි සුවයෙහි යෙදී වෙසෙනුයේ යව්දිව් පූගග්‍රාමණිකත්‍වය හෝ කරන්නේය, පූගයට හෝ ප්‍රිය මනාප වන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “සමණො වා බ්රාහ්මණො වා යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො ඉන්ද්රියෙසු අගුත්තද්වාරො භොජනෙ අමත්තඤ්ඤූ ජාගරියං අනනුයුත්තො අවිපස්සකො කුසලානං ධම්මානං පුබ්බරත්තාපරරත්තං බොධපක්ඛියානං{1} ධම්මානං භාවනානුයොගං අනනුයුත්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තො?”ති.
Sinhala BJTමහණෙනි, එ කවරැයි හඟිවු ද? තොප විසින් ශ්‍රමණයෙක් වේවයි බ්‍රාහ්මණයෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, නිද්‍රාසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි නො පියු දොර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනේ කුශල ධර්‍මයන් නො සොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි (රෑ පෙරයම - පැසුළුයම) බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනානුයෝගයෙහි නොයෙදුනේ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කරන්නේය’යි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල කරුණ නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං න සුතං “සමණො වා බ්රාහ්මණො වා යාවදත්ථං සෙය්යසුඛං ඵස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො ඉන්ද්රියෙසු අගුත්තද්වාරො භොජනෙ අමත්තඤ්ඤූ ජාගරියං අනනුයුත්තො අවිපස්සකො කුසලානං ධම්මානං පුබ්බරත්තාපරරත්තං බොධපක්ඛියානං{1} ධම්මානං භාවනානුයොගං අනනුයුත්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තො”ති.
Sinhala BJTමහණෙනි, මැනැවැ, මහණෙනි, මාවිසිනුදු ‘මහණෙක් වේවයි බමුණෙක් වේවයි කැමැති තාක් ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි යෙදුනේ ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාර ඇතියේ භෝජනයෙහි අමාත්‍රඥ වූයේ ජාගර්‍ය්‍යායෙහි නොයෙදුනේ කුශලධර්‍මයන් නොසොයනුයේ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩුමෙහි නොයෙදුනේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේය යන තෙල කරුණ නො මැ දක්නා ලදි. නො අසන ලදි.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: “ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා විපස්සකා කුසලානං ධම්මානං පුබ්බරත්තාපරරත්තං බොධපක්ඛියානං{1} ධම්මානං භාවනානුයොගං අනුයුත්තා විහරිස්සාමා”ති.
Sinhala BJTමහණෙනි, එකරුණින් මෙහි ලා “ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර වම්හ, භෝජනයෙහි මාත්‍රඥ වම්හ, ජාගර්‍ය්‍යායෙහි අනුයුක්ත වම්හ, කුශලධර්‍මයන්ගේ විදර්‍ශක වම්හ, පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි බෝධිපාක්‍ෂික ධර්‍මයන් වැඩුමෙහි යෙදුනමෝ වසම්හ”යි මෙසේ හික්මිය යුතුයි.
Pali BJTඑවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සෙයින් ම තොප විසින් හික්මිය යුතුයි.
Pali BJT6. 1. 2. 8.
Sinhala BJT6. 1. 2. 8.
Pali BJT[මච්ඡික සුත්තං]
Sinhala BJT[මච්ඡික සූත්‍රය]
Pali BJT18. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛු සඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධාන මග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මච්ඡිකං මච්ඡබන්ධං මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානං. දිස්වා මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT18. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික් සඟුන් සමග කෝශල ජනපදයෙහි සැරිසරණසේක. භාග්‍යවතුන් වහන්සේ අදන්මගට පිළිපන් සේක්, අන්‍යතර ප්‍රදේශයෙක්හි මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්‍යඝාතකයකු දුටුසේක. දැක වදාරා මාර්‍ගයෙන් ඉවත්ව එක්තරා වෘක්‍ෂ මූලයෙක්හි පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. වැඩැහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක:
Pali BJT”පස්සථ, නො තුම්හෙ භික්ඛවෙ අමුං මච්ඡිකං මච්ඡබන්ධං මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානන්ති”
Sinhala BJTමහණෙනි, තෙපි තෙල මසුන් බඳනා, මසුන් මරමරා විකුණන, මත්ස්‍යඝාතකයා දක්නහු දැ?යි
Pali BJTඑවං භන්තෙ.
Sinhala BJTවහන්ස, එසේ ය.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතංවා “මච්ඡිකො මච්ඡබන්ධො මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායීවා යානයායී වා භොග භොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟනහු ද? තොප විසින් මසුන් බඳනා මසුන් මරමරා විකුණන මත්ස්‍යඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියානයෙන් යන සුලුයේ හෝ අශ්වයානයෙන් යන සුලුයේ හෝ රථයෙන් යන සුල්ලේ හෝ යානයෙන් යන සුල්ලේ හෝ භෝගයන් බුදිනා සුල්ලේ හෝ මහත් භෝගස්කන්‍ධයක් ලැබ වසන්නේ හෝයි දක්නා ලද හෝ අසන ලද දැ?යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල කරුණ නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං “මච්ඡිකො මච්ඡබන්ධො මච්ඡෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගීවා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
Sinhala BJTමහණෙනි, මැනැව, මහණෙනි, මා විසිනුදු මසුන් බඳනා මසුන් මර මරා විකුණනා මත්ස්‍යඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් ඇතු පිටින් යන සුලුයේ වේවයි, අසුපිටින් යන සුලුයේ වේවයි, රියෙන් යන සුලුයේ වේවයි, යානයෙන් යන සුලුයේ වේවයි, භොග වළඳන සුලුයේ වේවයි, මහත් වූ භොග ස්කන්‍ධය ලබා වසන්නේ වේවයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො අසන ලදය.
Pali BJTතං කිස්ස හෙතු:
Sinhala BJTඑයට කවර හේතුය යත්:
Pali BJTතෙ හි සො භික්ඛවෙ මච්ඡෙ වජ්ඣෙ වධායොපනීතෙ{1} පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
Sinhala BJTමහණෙනි, හේ වධයට එළවන ලද එ මසුන් ලාමක වධක චිත්තයෙන් ම නහමයි. එහෙයින් හේ හස්තියායී නො ම වෙයි. අශ්වයායී නො ම වෙයි, රථයායී නො ම වෙයි, නො ම යානයායී වෙයි, නො ම භෝගභෝගී වෙයි, මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ නො වෙයි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “ගොඝාතකො ගාවො වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
Sinhala BJTමහණෙනි, ඒ කිමැයි හඟනහු ද? ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්‍ධය ලබා වෙසෙන්නේ හෝ යයි තොප විසින් දක්නා ලද හෝ අසන ලද දැ? යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං: “ගොඝාතකො ගාවො වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
Sinhala BJTමහණෙනි, මැනව, මා විසිනුදු ගවයන් මරමරා විකුණන ගෝඝාතකයෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායී හෝ අශ්වයායී හෝ රථයායී හෝ යානයායී හෝ භෝගභෝගී හෝ මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ හෝ යයි යන තෙල කරුණ නො ම දක්නා ලදය, නො ම අසන ලදය.
Pali BJTතං කිස්ස හෙතු:
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTතෙ හි සො භික්ඛවෙ ගාවො වජ්ඣෙ වධායොපනීතෙ{1} පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති න අස්සයායී න රථයායී න යානයායී න භොගභොගී න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
Sinhala BJTමහණෙනි, හෙතෙම වධය පිණිස ගෙණෙන ලද ඒ ගවයන් පවිටු මනසින් නහමයි. එ හෙයින් හේ හස්තියායී හෝ නොවේ. අශ්වයායී හෝ නොවේ. රථයායී හෝ නොවේ. යානයායී හෝ නොවේ. භෝගභෝගී හෝ නොවේ. මහත් භෝගස්කන්‍ධය හෝ ලබාගෙණ නො වසයි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ අපිනු තුම්හෙහි දිට්ඨං වා සුතං වා “ඔරබ්භිකො -පෙ- සූකරිකො{2} -පෙ- සාකුන්තිකො -පෙ- මාගවිකො මගෙ{3} වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො?”ති.
Sinhala BJTමහණෙනි, එ කවරැයි හඟිවු ද? මහණෙනි, තොප විසින් “බැටළුවන් මරන්නෙක් ... හූරන් මරන්නෙක් ... ලිහිණි වැද්දෙක් ... මුවන් මරමරා විකුණන මුවවැද්දෙක් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් ඇතුන් පිට යනුයේ හෝ අසුන් පිට යනුයේ හෝ රියෙන් යනුයේ හෝ යානයෙන් යනුයේ හෝ භෝගවළඳ කරනුයේ හෝ මහත් භෝගස්කන්‍ධය හෝ ලබාගෙණ වසනුයේ දක්නා ලද හෝ අසන ලද හෝ වේ දැ?”යි.
Pali BJTනො හෙතං භන්තෙ.
Sinhala BJTවහන්ස, තෙල කරුණ නැත් මැයි.
Pali BJTසාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ නෙව දිට්ඨං, න සුතං: “මාගවිකො මගෙ වධිත්වා වධිත්වා වික්කිණමානො තෙන කම්මෙන තෙන ආජීවෙන හත්ථියායී වා අස්සයායී වා රථයායී වා යානයායී වා භොගභොගී වා මහන්තං වා භොගක්ඛන්ධං අජ්ඣාවසන්තො”ති.
Sinhala BJTමහණෙනි, මැනව, මහණෙනි මා විසිනුදු මුවවැද්දෙක් මුවන් මරමරා විකුණමින් ඒ කර්‍මයෙන් ඒ ආජීවයෙන් හස්තියායියෙක් හෝ අශ්වයායියෙක් හෝ රථයායියෙක් හෝ යානයායියෙක් හෝ භෝගභෝගියෙක් හෝ මහත් භෝගස්කන්‍ධය ලැබ වසන්නේ යයි හෝ යන තෙල කරුණ නො ම දක්නා ලද, නො ම අසන ලදැයි.
Pali BJTතං කිස්ස හෙතු:
Sinhala BJTඒ කවර හෙයින යත්:
Pali BJTතෙ හි සො භික්ඛවෙ මගෙ වජ්ඣෙ වධායොපනීතෙ{1} පාපකෙන මනසානුපෙක්ඛති. තස්මා සො නෙව හත්ථියායී හොති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසති.
Sinhala BJTමහණෙනි, වධයට එළවන ලද එ මුවන් වධක සිතින් නහමයි. එහෙයින් හේ නො ම හස්තියායී වෙයි, අශ්වයායී නො වෙයි, රථයායී හෝ නො වෙයි, යානයායී හෝ නො වෙයි, භෝගභෝගී හෝ නො වෙයි, මහත් භෝගස්කන්‍ධය ලබමින් නො වෙසෙයි.
Pali BJTතෙ හි සො භික්ඛවෙ තිරච්ඡානගතෙ පාණෙ වජ්ඣෙ වධායොපනීතෙ{1} පාපකෙන මනසානුපෙක්ඛමානො නෙව හත්ථියායී භවිස්සති, න අස්සයායී, න රථයායී, න යානයායී, න භොගභොගී, න මහන්තං භොගක්ඛන්ධං අජ්ඣාවසිස්සති. කො පන වාදො යං මනුස්සභූතං වජ්ඣං වධායොපනීතං{4} පාපකෙන මනසානුපෙක්ඛති. තං හි තස්ස භික්ඛවෙ හොති දීඝරත්තං අහිතාය දුක්ඛාය. කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජතීති.{5}
Sinhala BJTමහණෙනි, හෙතෙම වධයට එළවන ලද එ තිරිසන්ගිය ප්‍රාණීන් ලමු සිතින් නහමනුයේ නො ම හස්තියායී වෙයි. නො ම අශ්වයායී වෙයි. නො ම රථයායී වෙයි. නො ම යානයායී වෙයි. භෝග-භෝගී නො ම වෙයි. මහත් භෝගස්කන්‍ධය ලබාගෙණ නො ම වසන්නේ ය. යම් හෙයෙකින් වධයට එළවන ලද මනුෂ්‍යයකු වධක සිතින් බලන්නේ ය යන්න ඇරැබ කවර කථායෙක. මහණෙනි, එය ඔහට දිගු කලක් අහිතයට දුකට වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි.
Pali BJT6. 1. 2. 9.
Sinhala BJT6. 1. 2. 9.
Pali BJT[පඨම මරණසති සුත්තං]
Sinhala BJT[පඨම මරණසති සූත්‍රය]
Pali BJT19. එකං සමයං භගවා නාදිකෙ{6} විහරති ගිඤ්ජකාවසථෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT19. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘නාදික’ නම් ගම්හි ගිඤ්ජකාවසථයෙහි (ගඩොලින් කළ පහයෙහි) වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
Pali BJTමරණසති{7} භික්ඛවෙ භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. භාවෙථ නො තුම්හෙ භික්ඛවෙ මරණසතින්ති?{8}
Sinhala BJTමහණෙනි, භාවිත, බහුලීකෘත, මරණසතිය මහත්ඵල මහානිශංස වෙයි, නිවන් පිහිට කොට ඇතියේ වෙයි. අමෘතපර්‍ය්‍යවසාන කොට ඇතියේ වෙයි. මහණෙනි, තෙපි මරණ සති කමටහන් වඩන්නාහු නො? යි.
Pali BJT(1) එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.”
Sinhala BJT(1) මෙසේ වදාළ කල්හි අන්‍යතර මහණෙක් “වහන්ස, මම මරණසතිය වඩ මැ යි” භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මෙ කරුණෙහි ලා මට මෙසිත වෙයි: “මම එක් රෑ දවාලක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක්කල්) භාග්‍යවතුන් වහන්සේගේ (ආර්‍ය්‍ය මාර්‍ග ප්‍රතිවේධාවහ වූ) ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් ආත්මහිත වූ මහණකිස බෙහෙවක්ම කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙසෙයින් මරණ සති වඩමැ යි.
Pali BJT(2) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT(2) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “වහන්ස, මම ද මරණ සති වඩමැ”යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තෝ කිසෙයින් මරණ සති වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං දිවසං ජීවෙය්යං භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මට මෙ කරුණෙහි ලා මෙ සිත වෙයි: “මම දවසක් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත වූ මහණකිස කරණ ලද වෙයි.” වහන්ස, මෙසෙයින් මම මරණ සතිය වඩමි යි.
Pali BJT(3) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT(3) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
Pali BJTයථා කථම්පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තො කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං යදන්තරං එකපිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මට මෙ කරුණෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “යම් පමණ කලෙකින් එක් දවසක් යැපෙන පමණ වළඳම් නම්, ඒකාන්තයෙන් එතෙක් කල් ජීවත් වෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණලද වේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
Pali BJT(4) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT(4) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි තෙල සැළ කෙළේය.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මෙ කරුණෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලැගනිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් එකැතියෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය යි.
Pali BJT(5) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහම්පි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT(5) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තෝ කෙසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති: “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං ආලොපං සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මෙ විෂයෙහි ලා මට මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් එක් අහර පිඬක් සපා වළඳම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ කොට ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි. වහන්ස, මම මෙ සෙයින් මරණ සතිය වඩමි යි.
Pali BJT(6) අඤ්ඤතරොපි ඛො භික්ඛු භගවන්තං එතදවොච: අහංපි ඛො භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJT(6) අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: ‘වහන්ස, මම ද මරණ සතිය වඩමි’යි.
Pali BJTයථා කථං පන ත්වං භික්ඛු භාවෙසි මරණසතින්ති?
Sinhala BJTමහණ, තෝ කිසෙයින් මරණ සතිය වඩහි දැ?යි.
Pali BJTඉධ මය්හං භන්තෙ එවං හොති “අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං අස්සසිත්වා වා පස්සසාමි, පස්සසිත්වා වා අස්සසාමි. භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා”ති. එවං ඛො අහං භන්තෙ භාවෙමි මරණසතින්ති.
Sinhala BJTවහන්ස, මට මෙ විෂයෙහි ලා මෙබඳු සිතෙක් වෙයි: “මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට (හුස්ම ඇතුළට ගෙණ) හෝ ප්‍රශ්වාස (හුස්ම බැහැර) කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. (එතෙක් කල්) භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ” ය යි. වහන්ස, මම මෙසෙයින් මරණ සතිය වඩමි යි.
Pali BJTඑවං වුත්තෙ භගවා තෙ භික්ඛූ එතදවොච:
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුන්ට තෙල වදාළසේක:
Pali BJT(1) යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං රත්තින්දිවං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(1) “මහණෙනි, යම් මහණෙක් ‘මම දව රැයක් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි. මෙසේ මරණසී භවාද,-
Pali BJT(2) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං දිවසං ජීවෙය්යං, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(2) “මහණෙනි, යම් මහණෙක් ‘මම දහවලක් ජීවත් වනුයෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නෙම් නම්, මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වනැ”යි මරණ සතිය වඩා ද-
Pali BJT(3) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං එකං පිණ්ඩපාතං භුඤ්ජාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(3) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් එක් පිණ්ඩපාතයක් වළඳම් නම්, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වන්නේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
Pali BJT(4) ‘යො චායං භික්ඛවෙ භික්ඛු එවං මරණසතිං භාවෙති: අහො වතාහං තදන්තරං ජීවෙය්යං, යදන්තරං චත්තාරො පඤ්ච ආලොපෙ සඞ්ඛාදිත්වා අජ්ඣොහරාමි, භගවතො සාසනං මනසි කරෙය්යං, බහුං වත මෙ කතං අස්සා’ති-
Sinhala BJT(4) “මහණෙනි, යම් මහණෙක්, ‘මම යම් පමණ කලෙකින් සතර පස් පිඬක් සපා ගිලිම් ද, එතෙක් කල් ජීවත් වන්නෙම් නම්, යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කෙරෙම් නම්, මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කරණ ලද වේ ය”යි මෙසේ මරණ සතිය වඩා ද,-
Pali BJT(1, 2, 3, 4) ‘ඉමෙ වුච්චන්ති භික්ඛවෙ භික්ඛූ පමත්තා විහරන්ති, දන්ධං මරණ සතිං භාවෙන්ති ආසවානං ඛයාය.
Sinhala BJT(1, 2, 3, 4) “මහණෙනි, මෙ මහණහු ප්‍රමත්ත ව වසන්නාහ යි ද ආස්‍රවක්‍ෂය පිණිස ලැසිව (මන්‍දව) මරණසී වඩන්නාහ යි ද කියනු ලබත්-