Pali BJT4. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡභි:
Sinhala BJT4. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
Pali BJTසද්ධාබලෙන විරියබලෙන සතිබලෙන සමාධිබලෙන පඤ්ඤාබලෙන, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසද්ධාබලයෙන විරියබලයෙන සතිබලයෙන සමාධිබලයෙන පඤ්ඤාබලයෙන, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට උපයාගෙන වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ.
Pali BJT6. 1. 1. 5.
Sinhala BJT6. 1. 1. 5.
Pali BJT[පඨමාජානීයසුත්තං]
Sinhala BJT[පඨමජානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි ඡහි:
Sinhala BJT5. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජ භෝග්‍ය හා වෙයි. ‘රාජාඞ්ගයෙක’ යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, වණ්ණසම්පන්නො ච හොති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. වර්‍ණ සම්පන්න (ශරීර වර්‍ණ ඇත්තේ) ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ ද රාජභෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය … හා ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, ඛමො ධම්මානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූප සහනු වෙයි. ශබ්ද සහනු වෙයි. ගන්‍ධ සහනු වෙයි. රස සහනු වෙයි. ස්ප්‍රෂ්ටව්‍ය සහනු වෙයි. ධර්‍ම සහනු වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
Pali BJT6. 1. 1. 6.
Sinhala BJT6. 1. 1. 6.
Pali BJT[දුතියාජානීයසුත්තං]
Sinhala BJT[දුතියජානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි ඡහි:
Sinhala BJT6. මහණෙනි, අඞ්ගසයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, බලසම්පන්නො ච හොති.
Sinhala BJTමහණෙනි, රජුගේ භද්‍ර අශ්වාජානීයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. බල සම්පන්න (කායබල ඇත්තේ) ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ අඞ්ග සයෙන් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ හා රාජභෝග්‍ය හා වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම ධර්‍ම සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්.
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං. ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, ඛමො ධම්මානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ධර්‍මයනට ක්‍ෂම වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වේ යයි.
Pali BJT6. 1. 1. 7.
Sinhala BJT6. 1. 1. 7.
Pali BJT[තතියාජානීයසුත්තං]
Sinhala BJT[තතියජානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. ඡහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි ඡහි:
Sinhala BJT7. මහණෙනි, අඞ්ග සයෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං, ජවසම්පන්නො ච හොති.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ භද්‍ර අශ්වාජානේයයා රූපයනට ක්‍ෂම වෙයි. ශබ්දයනට ක්‍ෂම වෙයි. ගන්‍ධයනට ක්‍ෂම වෙයි. රසයනට ක්‍ෂම වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයනට ක්‍ෂම වෙයි. ජවසම්පන්න (පදජව ඇත්තේ) ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ අඞ්ග සයින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානේයයා රාජාර්‍හ වෙයි. රාජ භෝග්‍ය ද වෙයි. රජුගේ ‘අඞ්ගයෙකැ’යි ම සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි.
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං -පෙ- ඛමො ධම්මානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයනට ක්‍ෂම වෙයි … ධර්‍මයනට ක්‍ෂම වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.
Pali BJT6. 1. 1. 8.
Sinhala BJT6. 1. 1. 8.
Pali BJT[අනුත්තරියසුත්තං]
Sinhala BJT[අනුත්තරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. ඡයිමානි භික්ඛවෙ අනුත්තරියානි. කතමානි ඡ:
Sinhala BJT8. මහණෙනි, මෙ අනුත්තරයෝ සදෙනකි. කවර සදෙනෙක යත්:
Pali BJTදස්සනානුත්තරියං, සවණානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.
Sinhala BJTදස්සනානුත්තරය, සවණානුත්තරය, ලාභානුත්තරය, සික්ඛානුත්තරය, පාරිචරියානුත්තරය, අනුස්සතානුත්තරය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අනුත්තරියානීති.
Sinhala BJTමහණෙනි, මෙ අනුත්තර ධර්‍ම සදෙන යි.
Pali BJT6. 1. 1. 9.
Sinhala BJT6. 1. 1. 9.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTමහානාම සූත්‍රය දසවැනි යි.
Pali BJT[අනුස්සතිට්ඨානසුත්තං]
Sinhala BJT[අනුස්සතිට්ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. ඡයිමානි භික්ඛවෙ අනුස්සතිට්ඨානානි. කතමානි ඡ:
Sinhala BJT9. මහණෙනි, අනුස්මෘතිස්ථාන සදෙනෙකි. කවර සදෙනක යත්:
Pali BJTබුද්ධානුස්සති, ධම්මානුස්සති, සඞ්ඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති.
Sinhala BJTබුද්ධානුස්මෘති ය, ධර්‍මානුස්මෘති ය, සඞ්ඝානුස්මෘති ය, ශීලානුස්මෘති ය, ත්‍යාගානුස්මෘති ය, දේවතානුස්මෘති ය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ ඡ අනුස්සතිට්ඨානානී’ති.
Sinhala BJTමහණෙනි, මෙ අනුස්මෘතිස්ථාන සදෙන යි.
Pali BJT6. 1. 1. 10.
Sinhala BJT6. 1. 1. 10.
Pali BJT[මහානාමසුත්තං]
Sinhala BJT[මහානාම සූත්‍රය]
Pali BJT10. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච:
Sinhala BJT10. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු පුරාසන්නයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත්පස්ව හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT”යො සො භන්තෙ අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො කතමෙන විහාරෙන බහුලං විහරතී”ති.
Sinhala BJTවහන්ස, “යම් අරීසවුයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) දැනගත් ශික්‍ෂාත්‍රය ශාසන ඇතියේ වේ නම්, හෙ කවර විහාරයෙකින් බහුල කොට වාස කෙරේ දැ?”යි.
Pali BJTයො සො මහානාම අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො ඉමිනා විහාරෙන බහුලං විහරති:
Sinhala BJTමහානාමයෙනි, යම් ආර්‍ය්‍යශ්‍රාවකයෙක් ප්‍රාප්ත ආර්‍ය්‍යඵල ඇතියේ (සෝවන් වූයේ) විඥාත ශාසන ඇතියේ වේ නම්, හෙ මෙ විහාරයෙන් බහුල කොට වාස කරන්නේ ය:
Pali BJT(1) ඉධ මහානාම අරියසාවකො තථාගතං අනුස්සරති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො තථාගතං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තථාගතං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති. සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො බුද්ධානුස්සතිං භාවෙති.
Sinhala BJT(1) මහානාමයෙනි, මෙ සස්නෙහි අරීසවු “මෙ මෙ කරුණෙන් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ. විද්‍යාචරණ සම්පන්නයහ. සුගත්හ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍ය සාරථීහ. දේවමනුෂ්‍යයනට ශාස්තෘහ. චතුස්සත්‍ය ප්‍රතිබුද්ධයහ. භගවත්හ”යි තථාගතයන් අනුස්මරණ කෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් අනුස්මරණ කෙරේද, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො ම වන්නේ ය. එ සමයෙහි ඔහුගේ චිත්තය තථාගතයන් ඇරැබැ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථගත (අටුවාකථා නිසා උපන්) ප්‍රීතිප්‍රමෝද්‍ය ලබන්නේ ය. පාළිධර්‍මය පිළිබඳ ප්‍රීතිප්‍රාමෝද්‍යය ලබන්නේ ය. පාළ්‍යර්‍ත්‍ථකථා නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාහට නාමකාය හා කරජකාය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය ඒකාග්‍ර වෙයි. මහානාමයෙනි, මේ අරීසවු රාග ද්වේෂ මෝහ විසින් විෂමගත ප්‍රජාව කෙරෙහි සමප්‍රාප්ත ව වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජාව කෙරෙහි නිදුක්ව වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට සපැමිණියේ බුද්ධානුස්මෘති කර්‍මස්ථානය වඩන්නේ යයි ද කියනු ලැබේ.
Pali BJT(2) පුන චපරං මහානාම අරියසාවකො ධම්මං අනුස්සරති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”තී. යස්මිං මහානාම සමයෙ අරියසාවකො ධම්මං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති ධම්මං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං.{2} පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති. සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො ධම්මානුස්සතිං භාවෙති.
Sinhala BJT(2) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සාන්දෘෂ්ටිකය, අකාලිකය, ඒහිපශ්‍ය විධියට නිසි ය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි එළවා දතයුතු”ය යි ධර්‍මය සිහි කෙරෙයි. මහානාමයෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යම් කලෙක ධර්‍මය සිහිකෙරේ නම්, එසමයෙහි ඔහට රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එසමයෙහි ඔහුගේ චිත්තය ධර්‍මය ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් ආර්‍ය්‍යශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. පෙළදම් හා අරුත් නිසා උපන් ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට (පඤ්චවිධ) ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිතැතියහුගේ (උභය) කායය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුඛය විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට යෙයි. මහානාමයෙනි, මේ අරීසවු (රාග ද්වේෂ මෝහයෙන්) විෂමත්‍වයට ගිය සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි සමත්‍වයට පැමිණියේ වෙසේ යයි ද, දුක් සහිත ප්‍රජායෙහි නිදුක් වූයේ වෙසේ යයි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩන්නේ ය යි ද කියනු ලැබේ.
Pali BJT(3) පුන චපරං මහානාම අරියසාවකො සඞ්ඝං අනුස්සරති: “සුපටිපන්නො{1} භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො, පාහුනෙය්යො, දක්ඛිණෙය්යො, අඤ්ජලිකරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො සඞ්ඝං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති. උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති සඞ්ඝං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො සඞ්ඝානුස්සතිං භාවෙති.
Sinhala BJT(3) තවද මහානාමයෙනි, අරීසවු “භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ ඍජුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ න්‍යායප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ සාමීචිප්‍රතිපන්න ය. යම් ඒ සතර පුරුෂ යුග්ම කෙනෙක්, අෂ්ටාර්‍ය්‍ය පුරුෂ පුද්ගල කෙනෙක් වෙත් නම්, භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවක සඞ්ඝ ආහුනාර්‍හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්‍ෂිණාර්‍හ වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ”ය යි සඟුන් සිහිකෙරෙයි. මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහිකෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. ද්වේෂයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. මෝහයෙන් පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබ ඍජුගත මැ වෙයි. මහානාමයෙනි, ඍජුගත චිත්තයෙන් යුත් අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇත්තහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධප්‍රජායෙහි අව්‍යාබාධ ඇතිව වාස කෙරේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
Pali BJT(4) පුන චපරං මහානාම අරියසාවකො අත්තනො සීලානි අනුස්සරති: අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි. යස්මිං මහානාම සමයෙ අරියසාවකො සීලං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති සීලං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො සීලානුස්සතිං භාවෙති.
Sinhala BJT(4) තවද මහානාමයෙනි, අරීසවු අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණාදාසත්‍වයෙන් නිදහස් වූ විඥ ප්‍රශස්ත වූ තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් පරාමෘෂ්ට නො වූ සමාධියට හිතව වැටෙන තමාගේ ශීලයන් සිහිකරයි. මහානාමයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයා ශීලය සිහිකෙරේ නම්, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ චිත්තය ශීලය ඇරැබ ඍජුගත මැ වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්‍රාවක අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සංහිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධියට වැටෙයි. මහානාමයෙනි, මේ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වාසය කෙරේ ය යි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.
Pali BJT(5) පුන චපරං මහානාම අරියසාවකො අත්තනො චාගං අනුස්සරති: “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යොහං මච්ඡෙරමලපරියුට්ඨිතාය පජාය විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසාමි මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතොති. යස්මිං මහානාම සමයෙ අරියසාවකො චාගං අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති චාගං ආරබ්භ. උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති, ධම්මසොතං සමාපන්නො චාගානුස්සතිං භාවෙති.
Sinhala BJT(5) තවද මහානාමයෙනි, අරීසවු “ඒකාන්තයෙන් මට ලාභයෙක, යම්බඳු මම මාත්සර්‍ය්‍ය මලයෙන් පර්‍ය්‍යුත්‍ථිත ප්‍රජායෙහි විගත මල මාත්සර්‍ය්‍ය සිතින්, වුහුටු වත්හි බැලුම් නැතියෙම්, පවිත්‍ර අත් ඇතියෙම්, දීමෙහි ඇලුනෙම්, යැදුමට නිස්සෙම්, දානසංවිභාගයෙහි ඇලුනෙම්, ගෙහි වෙසෙමි. (එය) මට ඒකාන්තයෙන් සුලබ්ධය”යි තමාගේ ත්‍යාගය සිහි කරයි. මහානාමයෙනි, යම් කලෙක අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගපර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. එකල්හි ඔහුගේ සිත ත්‍යාගය ඇරැඹ ඍජුගත ම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්තය ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රාමෝද්‍යය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතියෙන් යුත් සිත් ඇතියහුගේ කය සන්හිඳෙන්නේ ය. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ චිත්තය සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වාස කෙරේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ ත්‍යාගානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
Pali BJT(6) පුන චපරං මහානාම අරියසාවකො දෙවතානුස්සතිං භාවෙති: “සන්ති දෙවා චාතුම්මහාරාජිකා, සන්ති දෙවා තාවතිංසා, සන්ති දෙවා යාමා, සන්ති දෙවා තුසිතා, සන්ති දෙවා නිම්මානරතිනො, සන්ති දෙවා පරනිම්මිත වසවත්තිනො, සන්ති දෙවා බ්රහ්මකායිකා, සන්ති දෙවා තදුත්තරිං. යථාරූපාය සද්ධාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා,{1} මය්හම්පි තථාරූපා සද්ධා සංවිජ්ජති, යථාරූපෙන සීලෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා,{2} මය්හම්පි තථාරූපං සීලං සංවිජ්ජති. යථාරූපෙන සුතෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපං සුතං සංවිජ්ජති. යථාරූපෙන චාගෙන සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපො චාගො සංවිජ්ජති. යථාරූපාය පඤ්ඤාය සමන්නාගතා තා දෙවතා ඉතො චුතා තත්ථ උප්පන්නා, මය්හම්පි තථාරූපා පඤ්ඤා සංවිජ්ජතී”ති. යස්මිං මහානාම, සමයෙ අරියසාවකො අත්තනො ච තාසංච දෙවතානං සද්ධංච සීලං ච සුතං ච චාගංච පඤ්ඤං ච අනුස්සරති, නෙවස්ස තස්මිං සමයෙ රාගපරියුට්ඨිතං චිත්තං හොති, න දොසපරියුට්ඨිතං චිත්තං හොති, න මොහපරියුට්ඨිතං චිත්තං හොති, උජුගතමෙවස්ස තස්මිං සමයෙ චිත්තං හොති තා දෙවතා ආරබ්භ උජුගතචිත්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත්තං සමාධියති. අයං වුච්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප්පත්තො විහරති, සබ්යාපජ්ඣාය පජාය අබ්යාපජ්ඣො විහරති. ධම්මසොතං සමාපන්නො දෙවතානුස්සතිං භාවෙති.
Sinhala BJT(6) තවද මහානාමයෙනි, අරීසවු “සිවුමහරද වැසි දෙවියෝ ඇත. තවුතිසා වැසි දෙවියෝ ඇත. යාම දෙවියෝ ඇත. තුසිත දෙවියෝ ඇත. නිර්‍මාණරතී දෙවියෝ ඇත. පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත. බ්‍රහ්මකායික දෙවියෝ ඇත. ඔවුනට මත්තෙහි දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත එ දෙවියෝ එහි මින් සැවගොස් උපන්හු නම්, මටද එබඳු ශ්‍රද්ධා ඇත. යම්බඳු ශීලයෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මේ අත්බැවින් ච්‍යුතව එහි උපන්හු නම්, මට ද එබඳු ශීලය විද්‍යමාන වෙයි. යම්බඳු ශ්‍රැතයෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ශ්‍රැතයෙක් ඇත. යම්බඳු ත්‍යාගයකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ත්‍යාගය ඇත. යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දෙවියෝ මෙයින් සැව එහි උපන්හු නම්, මට ද එබඳු ප්‍රඥාව ඇතැ”යි දේවතානුස්මෘතිය වඩන්නේ ය. මහානාමයෙනි, යම් කලෙක අරීසවු තමා ගේ ද ඒ දෙවියන් ගේ ද ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහිකෙරේ නම්, එ කල්හි ඔහට රාග පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නො මැ වන්නේ ය. ද්වේෂ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. මෝහ පර්‍ය්‍යුත්‍ථිත චිත්තයෙක් නොවන්නේ ය. දේවතානුස්මෘතිය ඇරැබ එසමයෙහි ඔහුගේ සිත ඍජුගතම වන්නේ ය. මහානාමයෙනි, ඍජුගත චිත්ත ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකයා අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබන්නේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත සමාහිත වෙයි. මහානාමයෙනි, මෙ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද, සව්‍යාබාධ ප්‍රජායෙහි අව්‍යාබාධව වෙසේ යයි ද, ධර්‍මස්‍රෝතසට පැමිණියේ දේවතානුස්මෘතිය වඩන්නේ යයි ද කියනු ලැබේ.
Pali BJTයො සො මහානාම අරියසාවකො ආගතඵලො විඤ්ඤාතසාසනො, සො ඉමිනා විහාරෙන බහුලං විහරතී’ති.
Sinhala BJTමහානාමයෙනි, යම්බඳු ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක් ආගත ආර්‍ය්‍යඵල ඇතියේ විඥාත ශාසන ඇතියේ වේ නම්, හේ මේ විහාරයෙන් බහුල කොට වාස කෙරේ යයි.
Pali BJTආහුනෙය්යවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම ආහුනෙය්‍ය වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ආහුනෙය්යා ඉන්ද්රියබලා තයො ආජානීයා{3} අනුත්තරියං අනුස්සතා{4} මහානාමෙන තෙ දසාති.
Sinhala BJTආහුනෙය්‍ය සූත්‍ර දෙකය, ඉන්‍ද්‍රිය සූත්‍රය, බල සූත්‍රය, ආජානීය සූත්‍ර තුණය, අනුත්තරිය සූත්‍රය, අනුස්සති සූත්‍රය, මහානාම සූත්‍රය සමග ඒ සූත්‍ර දශයෙකි.
Pali BJT2. සාරාණීයවග්ගො
Sinhala BJT2. සාරාණීය වර්‍ගය
Pali BJT6. 1. 2. 1.
Sinhala BJT6. 1. 2. 1.
Pali BJT[පඨම සාරාණීයසුත්තං]
Sinhala BJT[පඨමසාරාණීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා.{1} කතමෙ ඡ:
Sinhala BJT11. මහණෙනි, මෙ සාරාණීය (සිහිකටයුතු) ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුප්පට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.{2}
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණහට මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුප්පට්ඨිතං හොති සබ්රහ්මචාරීසු{3} ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
Sinhala BJT(2) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් වාක් කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
Pali BJT(3) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
Sinhala BJT(3) තවද මහණෙනි, භික්‍ෂුහට මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු එළඹ සිටියේ වෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි, තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති, සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො.
Sinhala BJT(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලබනලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්න (භික්‍ෂා) මාත්‍ර වූ ද යම්ම ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු සිවුපසලාභයෙන් වෙන වෙන (මෙපමණ දෙමි - මොහුට දෙමි - ආදීන් සිතින්) නො බෙදුවා (සමසේ බෙදා) වළඳන සුලුව, සිල්වත් සබ්‍රම්සරුන් හා සමග සාධාරණ කොට වළඳන සුලුයේ වෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
Sinhala BJT(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධිය සඳහා වැටෙන යම්බඳු වූ ශීලයෝ වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් ශීලසාමාන්‍යයට (ශීලයෙන් සමබවට) ගියේ වාසය කෙරෙයි. මෙ ද සාරාණීය ධර්‍මයෙකි.
Pali BJT(6) පුන චපරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියා නීය්යාණිකා නීයාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො.
Sinhala BJT(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම්ම ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එ වූ පරිදි කරන පුද්ගලයාගේ මොනවට දුඃඛක්‍ෂයය පිණිස යේ නම්, එ බඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් දෘෂ්ටි සාමාන්‍යයට ගියේ වාස කෙරෙයි. මෙ ධර්‍මය ද සාරාණීය වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා සාරාණීයාති.
Sinhala BJTමහණෙනි, මේ සාරාණීයධර්‍ම සයයි.
Pali BJT6. 1. 2. 2.
Sinhala BJT6. 1. 2. 2.
Pali BJT[දුතිය සාරාණීයසුත්තං]
Sinhala BJT[දුතියසාරණීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. ඡයිමෙ භික්ඛවෙ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ ඡ:
Sinhala BJT12. මහණෙනි, සබ්‍රම්සරුනට ප්‍රිය කරණ ගරු කරණ, සඞ්ග්‍රහ සඳහා අවිවාද සඳහා සමගි බැව් සඳහා ඒකීභාවය සඳහා පවත්නා මේ සාරාණීය ධර්‍ම සයෙකි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරිසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහුගේ මෛත්‍රියෙන් යුත් කාය කර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. සබ්‍රම්සරුන්ට ප්‍රිය කරණ ගරු කරණ, මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍ර පිණිස, අවිවාද පිණිස, සමගිය පිණිස, ඒකීභාවය පිණිස වැටෙයි.
Pali BJT(2) පුන චපරං භික්ඛවෙ භික්ඛුනො මෙත්තං වචීකම්මං පච්චුපට්ඨිතං හොති -පෙ-
Sinhala BJT(2) තවද මහණෙනි, භික්‍ෂුහුගේ මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... එළඹ සිටියේ වෙයි ...
Pali BJT(3) [පුන චපරං භික්ඛවෙ භික්ඛුනො] මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරිසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT(3) [තවද මහණෙනි, භික්‍ෂුහුගේ] මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් එළඹ සිටියේ වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස, අවිවාදය පිණිස, සමගිය පිණිස, ඒකී භාවය පිණිස වැටෙයි.
Pali BJT(4) පුන චපරං භික්ඛවෙ භික්ඛු යෙ තෙ ලාභා ධම්මිකා ධම්මලද්ධා අන්තමසො පත්තපරියාපන්නමත්තම්පි තථාරූපෙහි ලාභෙහි අප්පටිවිභත්තභොගී හොති සීලවන්තෙහි සබ්රහ්මචාරීහි සාධාරණභොගී. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT(4) තවද මහණෙනි, මහණ දැහැමි වූ ධර්‍මයෙන් ලද යටත් පිරිසෙයින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වූ ද යම් ඒ ලාභයෝ වෙත් නම්, එබඳු ලාභයෙන් අප්‍රතිවිභක්තභෝගී වෙයි, සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණ භෝගී වෙයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
Pali BJT(5) පුන චපරං භික්ඛවෙ භික්ඛු යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT(5) තවද මහණෙනි, මහණ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ භුජිස්‍ය වූ විඥප්‍රශස්ත වූ අපරාමෘෂ්ට වූ සමාධියට වැටෙන යම් ඒ ශීලයෝ වෙත් නම් එබඳු මාර්‍ගශීලයෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා ශීලසාම්‍යයට ගියේ වසයි. ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහය පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකී භාවය පිණිස වැටෙයි.
Pali BJT(6) පුන චපරං භික්ඛවෙ භික්ඛු යායං දිට්ඨි අරියා නිය්යාණිකා නීයාති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. අයම්පි ධම්මො සාරාණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
Sinhala BJT(6) තවද මහණෙනි, මහණ නෛර්‍ය්‍යාණික වූ යම් ඒ ආර්‍ය්‍ය දෘෂ්ටියෙක් එය කරණුවහට මනාකොට දුඃඛක්‍ෂය පිණිස යේ නම්, එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහි හා නො හමුයෙහි හා දෘෂ්ටිසාම්‍යයට ගියේ වසයි. ප්‍රියකරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍මය ද සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ ධම්මා සාරාණීයා පියකරණා ගරුකරණා සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, ප්‍රිය කරණ ගරු කරණ මෙ සාරාණීය ධර්‍ම සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාදය පිණිස සමගිය පිණිස ඒකීභාවය පිණිස වැටෙත් යයි.
Pali BJT6. 1. 2. 3.
Sinhala BJT6. 1. 2. 3.
Pali BJT[නිස්සාරණීයසුත්තං]
Sinhala BJT[නිස්සාරණීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. ඡයිමා භික්ඛවෙ නිස්සාරණීයා ධාතුයො. කතමා ඡ:
Sinhala BJT13. මහණෙනි, මෙ නිස්සාරණීය ධාතු සයෙකි. කවර සයෙක යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය : “මෙත්තා හි ඛො මෙ චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ බ්යාපාදො චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සො මා හෙවන්තිස්ස වචනීයො: “මායස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං. න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මෙත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස බ්යාපාදො චිත්තං පරියාදාය ඨස්සතීති නෙතං ඨානං විජ්ජති, නිස්සරණං හෙතං ආවුසො ව්යාපාදස්ස යදිදං මෙත්තාචෙතොවිමුත්තී”ති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් (ත්‍රීකචතුෂ්ක ධ්‍යානික) මෛත්‍රී චිත්තවිමුක්තිය භාවිත ය. පුන පුනා කරණලදු. යුක්තයානසදෘශ කරණලදු. පිහිට කරණලදු. ඉටනලදු. පුරුදුකරණලදු. මොනොවට ප්‍රගුණ කරණ ලදු. එතෙකුදු වුව ව්‍යාපාදය මාගේ චිත්තය වටාගෙණ සිටුනේය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියැයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන කරණු නොමනා ය. ඇවැත්නි, මෛත්‍රී චිත්තවිමුක්ති භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු ව්‍යාපාදය ඔහුගේ සිත මැඩගෙණැ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අවකාශ නැත, මෙ කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙක් වේ නම්, තෙල කරුණ ව්‍යාපාදයාගේ ම නිස්සරණ යි.”
Pali BJT(2) ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය: “කරුණා හි ඛො මෙ චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ව පන මෙ විහෙසා චිත්තං පරියාදාය තිට්ඨතී”තී. සො මා හෙවන්තිස්ස වචනීයො: “මා ආයස්මා එවං අවච. මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං කරුණාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස විහෙසා චිත්තං පරියාදාය ඨස්සතී’ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විහෙසා, යදිදං කරුණා චෙතොවිමුත්තී”ති.
Sinhala BJT(2) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් කරුණා චේතෝ විමුක්තිය වඩනලදු, නැවත නැවත කරණලදු, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවත් මාගේ සිත විහෙසා තෙමෝ වටාගෙණ සිටුනීය”යි මෙසේ කියා නම්, හේ “ඇවැත්නි, නහමක් එසේ කියව”යි මෙසේ කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන කරණු නො මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො කියන්නාහ. ඇවැත්නි, කරුණාචේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු විහෙසා තොමෝ ඔහුගේ සිත මැඩගෙණ සිටුනීය යන තෙල කරුණ නො වෙයි. අනවකාශ ය. තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ කරුණාචේතෝ විමුත්තියෙක් වේ නම්, තෙල විහෙසාවගේ නිස්සරණය මැ”යි.
Pali BJT(3) ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය: “මුදිතා හි ඛො මෙ චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ අරති චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සො මා හෙවන්තිස්ස වචනීයො, “මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං මුදිතාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස අරති චිත්තං පරියාදාය ඨස්සතී’ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො අරතියා යදිදං මුදිතා චෙතොවිමුත්තී”ති.
Sinhala BJT(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් මුදිතා චේතෝවිමුත්තිය භාවිත ය, බහුලීකෘත්‍ය ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදුවුව අරතිය මාගේ චිත්තය වටාගෙණ සිටුනී ය”යි මෙසේ කියා නම්, හේ “නහමක් එසේ කියව”යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් මෙසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොම වදාරන්නාහ. ඇවැත්නි, මුදිතා චේතෝවිමුත්තිය භාවිත බහුලීකෘත යානීකෘත වස්තුකෘත අනුත්‍ථිත පරිචිත සුසමාරබ්ධ කල්හිදු අරතිය ඔහුගේ සිත වටා ගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ මුදිතා චේතෝ විමුක්තියෙක් වේ නම් තෙල අරතිහුගේ නිඃසරණය මැ”යි.
Pali BJT(4) ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය: “උපෙක්ඛා හි ඛො මෙ චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ රාගො චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සො මා හෙවන්තිස්ස වචනීයො: “මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං උපෙක්ඛාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස රාගො චිත්තං පරියාදාය ඨස්සතී‘තී නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො රාගස්ස යදිදං උපෙක්ඛාචෙතොවිමුත්තී”ති.
Sinhala BJT(4) මහණෙනි, මෙ සස්නෙහි මහණ “මා විසින් උපේක්‍ෂා වේතොවිමුක්තිය භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව රාගය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ ය”යි මෙසේ කියා නම්, හේ නහමක් එසේ කියවයි කිවයුතු වන්නේ ය. “ආයුෂ්මත්, නහමක් එසේ කියව, භාග්‍යවතුන් වහන්සේට නහමක් අබිබවා කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නොමනා ය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන්නාහ. ඇවැත්නි, උපේක්‍ෂා චේතෝවිමුක්තිය වඩත්ම බහුලකරත්ම යුක්තයානයක් මෙන් කරත්ම පිහිට කරත්ම අධිෂ්ඨිතවත්ම පරිචිතවත්ම මොනොවට ප්‍රගුණ කරත්ම වැලිත් රාගය ඔහුගේ චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම් තෙල කරුණ අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම් මේ උපේක්‍ෂා චේතෝවිමුක්තියෙක් වේ නම්, තෙල රාගයාගේ මැ නිඃසරණ වේ ය”යි.
Pali BJT(5) ඉධ පන භික්ඛවෙ භික්ඛූ එවං වදෙය්ය. “අනිමිත්තා හි ඛො මෙ චෙතොවිමුත්ති භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, අථ ච පන මෙ නිමිත්තානුසාරී විඤ්ඤාණං හොතී”ති. සො මා හෙවන්තිස්ස වචනීයො: “මා ආයස්මා එවං අවච මා භගවන්තං අබ්භාචික්ඛි. න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨානමෙතං ආවුසො අනවකාසො යං අනිමිත්තාය චෙතොවිමුත්තියා භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, අථ ච පනස්ස නිමිත්තානුසාරී විඤ්ඤාණං භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො සබ්බනිමිත්තානං යදිදං අනිමිත්තා චෙතොවිමුත්තී”ති.
Sinhala BJT(5) මහණෙනි, මෙ සස්නෙහි මහණ “(බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) අනිමිත්ත චේතෝවිමුක්තිය මා විසින් භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අධිෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය, එතෙකුදු වුව මාගේ විඥානය (රාගාදි) නිමිත්තානුසාරී ම වේ ය”යි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කියව, භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යානය නොමනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, අනිමිත්ත චේතෝවිමුත්තිය භාවිත වුව බහුලීකෘත වුව වස්තුකෘත වුව අධිෂ්ඨිත වුව පරිචිත වුව සුසමාරබ්ධ වුව, ඔහුගේ විඥානය නිමිත්තානුසාරීම වේ යන යමෙක් වේ නම් තෙල අස්ථාන ය, වන්නට අනවකාශ ය, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, යම්බඳු මේ අනිමිත්ත චේතෝවිමුත්තියෙක් වේ නම්, තෙල සර්‍ව නිමිත්තයන්ගේ ම නිඃසරණය වේ ය”යි.
Pali BJT(6) ඉධ පන භික්ඛවෙ භික්ඛු එවං වදෙය්ය: “අස්මීති ඛො මෙ විගතං, අයමහමස්මීති ච න සමනුපස්සාමි, අථ ච පන මෙ විචිකිච්ඡාකථං කථාසල්ලං චිත්තං පරියාදාය තිට්ඨතී”ති. සො මා හෙවන්තිස්ස වචනීයො: “මා ආයස්මා එවං අවච, මා භගවන්තං අබ්භාචික්ඛි, න හි සාධු භගවතො අබ්භක්ඛානං, න හි භගවා එවං වදෙය්ය. අට්ඨාන මෙතං ආවුසො අනවකාසො යං අස්මීති විගතෙ අයමහමස්මීති ච න සමනුපස්සතො, අථ ච පනස්ස විචිකිච්ඡාකථංකථාසල්ලං චිත්තං පරියාදාය ඨස්සතී’ති නෙතං ඨානං විජ්ජති. නිස්සරණං හෙතං ආවුසො විචිකිච්ඡාකථංකථාසල්ලස්ස යදිදං අස්මීතිමානසමුග්ඝාතො”ති.
Sinhala BJT(6) මහණෙනි, මෙ සස්නෙහි මහණ මට ‘මම් වෙමි’ යන මානය දුරුවිය. ‘මෙ මම් වෙමි’ යන්න ද නො දක්මි. එතෙකුදු වුව විචිකිච්ඡා සඞ්ඛ්‍යාත කථංකථාශල්‍යය මාගේ චිත්තය වටාගෙණ සිටුනේ යයි මෙසේ කියා නම්, හේ ‘නහමක් එසේ කියව’යි කියයුතු වන්නේ ය: “ආයුෂ්මත් නහමක් එසේ කියව, භාග්‍යවත්හට නහමක් අභ්‍යාඛ්‍යාන කරව, භාග්‍යවත්හට අභ්‍යාඛ්‍යානය නො මනා ය. භාග්‍යවත්හු මෙසේ නො ම වදාරන්නාහ. ඇවැත්නි, ‘මම වෙමි’ යන මානය දුරුවුව ද විචිකිච්ඡා කථංකථාශල්‍යය ‘මෙ මම් වෙමි’ යන්න නොදක්නහුගේ පවා චිත්තය වටාගෙණ සිටුනේ ය යන යමක් වේ නම්, තෙල අස්ථාන යි, වන්නට අනවකාශ යි, තෙල කරුණ විද්‍යමාන නො වේ. ඇවැත්නි, අස්මි යන මාන සමුද්ඝාත (අර්‍හන්මාර්‍ග) ය යන යමක් වේ නම්, තෙල විචිකිච්ඡා කථංකථාශල්‍යයාගේ ම නිඃසරණ ය”යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ ඡ නිස්සාරණීයා ධාතුයො’ති.
Sinhala BJTමහණෙනි, මෙ නිස්සාරණීය ධර්‍ම සය යි.
Pali BJT6. 1. 2. 4.
Sinhala BJT6. 1. 2. 4.
Pali BJT[භද්දක සුත්තං]
Sinhala BJT[භද්දක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි, “ආවුසො භික්ඛවො”ති. “ආවුසො”ති, ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT14. එකල්හි ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ “ඇවැත් මහණෙනි”යි මහණුන් ඇමතූහ. “ඇවැත්නි”යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ තෙල කරුණ දෙසූහ:
Pali BJTතථා තථා ආවුසො භික්ඛු විහාරං කප්පෙති, යථා යථාස්ස විහාරං කප්පයතො න භද්දකං මරණං හොති න භද්දිකා කාලකිරියා.{1} කථඤ්චාවුසො. භික්ඛු තථා තථා විහාරං කප්පෙති. යථා යථාස්ස විහාරං කප්පයතො න භද්දකං මරණං හොති න භද්දිකා කාලකිරියා{1}.
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඒ මහණහුට භද්‍ර වූ මරණයෙක් නො වේ නම්, භද්‍ර වූ කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ එ එ පරිද්දෙන් වාස කරන්නේ ය. ඇවැත්නි, යම් යම් මැ පරිද්දෙකින් වාස කරණ එ මහණහුට භද්‍ර මරණයෙක් නො වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නො වේ නම්, මහණ ඒ ඒ පරිදියෙන් කෙසේ වෙසේය යත්:
Pali BJTඉධාවුසො භික්ඛු කම්මාරාමො හොති කම්මරතො කම්මාරාමතං අනුයුත්තො, භස්සාරාමො හොති භස්සරතො භස්සාරාමතං අනුයුත්තො, නිද්දා රාමො හොති නිද්දාරතො නිද්දාරාමතං අනුයුත්තො, සඞ්ගණිකාරාමො හොති සඞ්ගණිකාරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො, සංසග්ගාරාමො හොති සංසග්ගරතො සංසග්ගාරාමතං අනුයුත්තො, පපඤ්චාරාමො හොති පපඤ්චරතො පපඤ්චාරාමතං අනුයුත්තො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ කර්‍මාරාම වූයේ කර්‍මනිරත වූයේ කර්‍මාරාමත්‍වයෙහි පුන පුනා යෙදුනේ (ග්‍රන්‍ථධුරාදියෙහි නොයෙදුනේ) වෙයි. භාෂ්‍යාරාම (දොඩමලු බවෙහි ඇලුම්) ඇතියේ භාෂ්‍යයෙහි නිරත වූයේ භාෂ්‍යාරාමත්‍වයෙහි නැවැත නැවැත යෙදුනේ වෙයි. නිද්‍රාරාම වූයේ නිද්‍රායෙහි නිරත වූයේ නිද්‍රාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. ගණසඞ්ගණිකාරාම වූයේ ගණසඞ්ගණිකායේහි නිරත වූයේ සඞ්ගණිකාරාමත්‍වයෙහි (පිරිස් පිරිවරා ගැණීමෙහි) අනුයුක්ත වූයේ වෙයි. සංසර්‍ගාරාම (ගිහියන් හා හැනී විසීමෙහි ආසා) ඇතියේ සංසර්‍ගයෙහි නිරත වූයේ සංසර්‍ගාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි. (තණ්හා මාන දිට්ඨි යන) ක්ලේශ ප්‍රපඤ්චාරාම වූයේ ප්‍රපඤ්චයෙහි නිරත වූයේ ප්‍රපඤ්චාරාමත්‍වයෙහි අනුයුක්ත වූයේ වෙයි.
Pali BJTඑවං ඛො ආවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති, යථා යථා’ස්ස විහාරං කප්පයතො න භද්දකං මරණං හොති න භද්දිකා කාලකිරියා. අයං වුච්චතාවුසො භික්ඛු සක්කායාභිරතො න පහාසි{1} සක්කායං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහට භද්‍ර මරණයෙක් නොවේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් නොවේ නම්, මෙලෙසින් මහණ එ එ පරිද්දෙන් වාසය කෙරෙයි. ඇවැත්නි, මෙ මහණ (තෙබුමුවට නමැති) සත්කායයෙහි අභිරත වූයේ මනාහේතුයෙන් වෘත්තදුඃඛයාගේ අන්තකරණය පිණිස සත්කායය නො හළේ යයි කියනු ලැබේ.
Pali BJTතථා තථාවුසො භික්ඛු විහාරං කප්පෙති යථා යථාස්ස විහාරං කප්පයතො භද්දකං මරණං හොති, භද්දිකා කාලකිරියා. කථඤ්චාවුසො භික්ඛු තථා තථා විහාරං කප්පෙති, යථා යථාස්ස විහාරං කප්පයතො භද්දකං මරණං හොති භද්දිකා කාලකිරියා.
Sinhala BJTඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් වේ නම්, භද්‍ර කාලක්‍රියායෙක් වේ නම්, මහණ එ එ පරිදියෙන් විහාර කරයි. ඇවැත්නි, යම් යම් පරිද්දෙකින් වාසය කරණ ඔහුට භද්‍ර මරණයෙක් භද්‍ර කාලක්‍රියායෙක් වේ නම් මහණ කෙසේ නම් එ එ පරිදියෙන් වෙසේය යත්: