Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සාමණෙර පෙසකො] අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති -පෙ- න ඡන්දාගතිං ගච්ඡති -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ නො සාරාලූ ගුණ ඇති නො නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]
Pali BJT22. [පඤ්චෙහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සාමණෙර පෙසකො] යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-
Sinhala BJT22. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සාමණෙර පෙසකො] යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ ය ... කවර පසෙකින් යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, පෙසිතාපෙසිතං ජානාති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනී.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සාමණෙරපෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත හෙරණුන් මෙහෙයන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යයි.
Pali BJT[භික්ඛුසුත්තං]
Sinhala BJT[භික්ඛු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT1. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTප්‍රාණවධ කරනුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. අබ්‍රම්සැරි වෙයි. මුසවා කියනුයේ වෙයි. මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ ය. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, අබ්රහ්මචරියා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTප්‍රාණවධයෙන් වැළකුනේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුනේ වෙයි, අබ්‍රම්සරින් වැළකුනේ වෙයි, මුසාවාදයෙන් වැළකුනේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ වේ ය යි.
Pali BJT[භික්ඛුනී සුත්තාදීනි]
Sinhala BJT[භික්ඛුනී සූත්‍රාදිය]
Pali BJT[සාවත්ථිනිදානානි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2-7. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී -පෙ- සික්ඛමානා -පෙ- සාමණෙරො -පෙ- සාමණෙරී -පෙ- උපාසකො -පෙ- උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT2-7. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මෙහෙණ ... සික්මන් ... හෙරණ ... හෙරැණි ... උවසු ... උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතිනී හොති, අදින්නාදායිනී හොති, කාමෙසු මිච්ඡාචාරිණී හොති, මුසාවාදිනී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායිනී හොති.
Sinhala BJTප්‍රාණවධ කරන්නී වෙයි, අයිනාදන් ගන්නී වෙයි, කාමයෙහි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරන්නී වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් ස්වර්‍ගයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතා හොති, අදින්නාදානා පටිවිරතා හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතා හොති, මුසාවාදා පටිවිරතා හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා හොති.
Sinhala BJTප්‍රාණවධයෙන් වැළකුනී වෙයි, අයිනාදනින් වැළකුනී වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුනී වෙයි, මුසාවායෙන් වැළකුනී වෙයි, මදප්‍රමාදකාරණ වූ රහමෙරින් වැළකුනී වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා උපාසිකා යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත උවැසි ගෙණ වුත් තබන ලද්දක සෙයින් ස්වර්‍ගයෙහි උපදින්නී වේ යයි.
Pali BJT[ආජීවක සුත්තං]
Sinhala BJT[ආජීවක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආජීවකො{1} යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT8. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත ආජීවක (අජෙලුමහණ) ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආජීවකො{1} යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත අජෙලුමහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ යයි.
Pali BJT[නිගණ්ඨසුත්තාදීනි]
Sinhala BJT[නිගණ්ඨ සූත්‍රාදිය]
Pali BJT[සාවත්ථිනිදානානි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9-17. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො නිගණ්ඨො -පෙ- මුණ්ඩසාවකො.{1} -පෙ- ජටිලකො -පෙ- පරිබ්බාජකො -පෙ- මාගන්දිකො{2} -පෙ- තෙදණ්ඩිකො -පෙ- ආරුද්ධකො -පෙ- ගොතමකො -පෙ- දෙවධම්මිකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT9-17. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත නුවට ... නුවටසවු ... දුළුලු … පිරිවැජි … මාගන්‍දික තීර්‍ත්‍ථක ... තෙදණ්ඩික තීර්‍ත්‍ථක ... ආරූද්ධක තීර්‍ත්‍ථක ... ගෝතමක තීර්‍ත්‍ථක ... දේවධම්මික තීර්‍ත්‍ථක ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේය. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, අබ්රහ්මචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, අබ්‍රම්සැරි වෙයි, මුසාවා බණනුයේ වෙයි, මදප්‍රමාදකාරණ වූ රහමෙර පානය කරනුයේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දෙවධම්මිකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත දේවධම්මික ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය යි. (ආජිවකාදීන්ගේ සිල්පරීමක් නැති බැවින් ස්වර්‍ගපක්‍ෂය නො වදාරන ලද)
Pali BJTරාගාදිපෙය්යාලං
Sinhala BJTරාගාදිපෙය්‍යාලය
Pali BJT[රාගාදිපෙය්යාලසුත්තානි]
Sinhala BJT[රාගාදිපෙය්‍යාලය සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානානි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
Sinhala BJT1. මහණෙනි, රාගය (ස්වලක්‍ෂණ විසින්) දැනීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආදීනවසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
Sinhala BJTඅශුභසංඥා යැ, මරණසංඥා යැ, ආදීනවසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත (නො ඇලීම්) සංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT2. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
Sinhala BJT2. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක් යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.
Sinhala BJTඅනිත්‍යසංඥා යැ, අනාත්මසංඥා යැ, මරණසංඥා යැ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥා යැ, සියලු ත්‍රෛධාතුකලෝකයෙහි අනභිරත සංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT3. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
Sinhala BJT3. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා.
Sinhala BJTඅනිත්‍යසංඥා යැ, අනිත්‍යයෙහි දුඃඛසංඥා යැ, දුඃඛයෙහි අනාත්මසංඥා යැ, ප්‍රහාණසංඥා යැ, විරාගසංඥා යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT4. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
Sinhala BJT4. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
Pali BJTසද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං.
Sinhala BJTශ්‍රද්ධේන්‍ද්‍රිය යැ, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යැ, ස්මෘතීන්‍ද්‍රිය යැ, සමාධීන්‍ද්‍රිය යැ, ප්‍රඥේන්‍ද්‍රිය යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT5. රාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය පඤ්ච ධම්මා භාවෙතබ්බා. කතමෙ පඤ්ච:
Sinhala BJT5. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJTශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
Pali BJTරාගස්ස භික්ඛවෙ අභිඤ්ඤාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මෙ පස් දහම්හු වැඩිය යුත්තාහ යි.
Pali BJT[රාගාදිපෙය්යාලං]
Sinhala BJT[රාගාදිපෙය්‍යාලය]
Pali BJT[සාවත්ථිනිදානානි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6-850. රාගස්ස භික්ඛවෙ පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය පඤ්චධම්මා භාවෙතබ්බා කතමෙ පඤ්ච:
Sinhala BJT6-850. මහණෙනි, රාගය (සාමාන්‍ය ලක්‍ෂණ විසින්) දන්නා පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පස් දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පස් දහම් කෙනෙක යත්:
Pali BJTඅසුභසඤ්ඤා -පෙ- ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTඅශුභසංඥා යැ ... මේ පස් දහම්හු වැඩිය යුත්තාහයි.
Pali BJTදොසස්ස -පෙ- මොහස්ස -පෙ- කොධස්ස -පෙ- උපනාහස්ස -පෙ- මක්ඛස්ස -පෙ- පළාසස්ස -පෙ- ඉස්සාය -පෙ- මච්ඡරියස්ස -පෙ- මායාය -පෙ- සාඨෙය්යස්ස -පෙ- ථම්භස්ස -පෙ- සාරම්භස්ස -පෙ- මානස්ස -පෙ- අතිමානස්ස -පෙ- මදස්ස -පෙ- [අභිඤ්ඤාය -පෙ-]
Sinhala BJTද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... බද්ධවෛරයාගේ ... මක්ඛයාගේ ... යුගග්‍රාහයාගේ .. ඊර්‍ෂ්‍යාවගේ .. මාත්සර්‍ය්‍යයාගේ ... මායාවගේ .. ශාඨ්‍යයාගේ ... ස්තම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ (අභිජානනය පිණිස) ...
Pali BJTපමාදස්ස භික්ඛවෙ අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස්සග්ගාය පඤ්චධම්මා භාවෙතබ්බා කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, ප්‍රමාදයාගේ අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... දුරැලීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වැඩිය යුත්තාහ. කවර පඤ්චධර්‍මයෝ ද යත්:
Pali BJTසද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJTශ්‍රද්ධාබල යැ, වීර්‍ය්‍යබල යැ, ස්මෘතිබල යැ, සමාධිබල යැ, ප්‍රඥාබල යි.
Pali BJTපමාදස්ස භික්ඛවෙ පටිනිස්සග්ගාය ඉමෙ පඤ්ච ධම්මා භාවෙතබ්බා’ති.
Sinhala BJTමහණෙනි, ප්‍රමාදයාගේ දුරැලීම පිණිස මේ පඤ්චධර්‍මයෝ වැඩිය යුත්තාහ’යි.
Pali BJTරාගාදිපෙය්යාලං නිට්ඨිතං.
Sinhala BJTරාගාදිපෙය්‍යාලය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය ඛයාය වසෙන ච විරාගනිරොධා චාගඤ්ච පටිනිස්සග්ගො ඉමෙ දසා’ති.{*}
Sinhala BJTඅභිඤ්ඤා, පරිඤ්ඤා, පරික්ඛය, පහාන, ඛය, වය, විරාග, නිරෝධ, චාග, පටිනිස්සග්ග යන මේ දසය අර්‍ත්‍ථපද යි.{*}
Pali BJTතත්රිදං වග්ගුද්දානං:
Sinhala BJTපඤ්චකනිපාතයෙහි වර්‍ගයන්ගේ මේ අනුපිළිවෙළ ය:
Pali BJTසෙඛබලං බලඤ්චෙව පඤ්චඞ්ගිකඤ්ච සුමනං, මුණ්ඩනීවරණසඤ්ඤා ච යොධාජීවඤ්ච අට්ඨමං
Sinhala BJTසේඛබල වර්‍ගය, බල වර්‍ගය, පඤ්චඞ්ගික වර්‍ගය, සුමනා වර්‍ගය, මුණ්ඩරාජ වර්‍ගය, නීවරණ වර්‍ගය, සඤ්ඤා වර්‍ගය, අට වැනි යෝධාජීව වර්‍ගය ද,
Pali BJTථෙරං කකුධඵාසුකඤ්ච අන්ධකවින්දෙන ද්වාදස ගිලානරාජතිකණ්ඩං සද්ධම්මඝාතුපාසකං
Sinhala BJTථේර වර්‍ගය, කකුධ වර්‍ගය, ඵාසුවිහාර වර්‍ගය, අන්‍ධකවින්‍ද දොළොස්වන වර්‍ගය, ගිලාන වර්‍ගය, රාජ වර්‍ගය, තිකණ්ඩ වර්‍ගය, සද්ධම්ම වර්‍ගය, ආඝාත වර්‍ගය, උපාසක වර්‍ගය ද,
Pali BJTඅරඤ්ඤං බ්රාහ්මණඤ්චෙව කිම්බිලක්කොසකං තථා දීඝචාරාවාසිකඤ්ච දුච්චරිතූපසම්පදන්ති.
Sinhala BJTඅරඤ්ඤ වර්‍ගය, බ්‍රාහ්මණ (සෝණ) වර්‍ගය, කිම්බිල වර්‍ගය, අක්කෝසක වර්‍ගය, දීඝචාරික වර්‍ගය, ආවාසික වර්‍ගය , දුච්චරිත වර්‍ගය, උපසම්පදා වර්‍ගය යන මොහු යි.
Pali BJTපඤ්චකනිපාතො සමත්තො.
Sinhala BJTපඤ්චකනිපාතය සමාප්ත යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTඅඞ්ගුත්තරනිකායො
Sinhala BJTඅඞ්ගුත්තරනිකාය
Pali BJTචතුත්ථො භාගො
Sinhala BJTචතුර්‍ත්‍ථභාගය
Pali BJT6. ඡක්කනිපාතො
Sinhala BJT6. ඡක්කනිපාතය
Pali BJT1. පඨමො පණ්ණාසකො
Sinhala BJT1. ප්‍රථම පණ්ණාසකය
Pali BJT1. ආහුනෙය්යවග්ගො
Sinhala BJT1. ආහුනෙය්‍යවර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT6. 1. 1. 1.
Sinhala BJT6. 1. 1. 1.
Pali BJT[පඨමාහුනෙය්යසුත්තං]
Sinhala BJT[පඨමාහුනෙය්‍ය සූත්‍රය]
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූසේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළසේක:
Pali BJTඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි:
Sinhala BJTමහණෙනි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති න දුම්මනො. උපෙඛකො විහරති සතො සම්පජානො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බනයක් දැක (රාගසහගත සොම්නස් විසින්) සුමනස්ක නො මැ වෙයි. (දොස්සහගිය දොම්නස් විසින්) දුර්‍මනස්ක නො මැ වෙයි සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාස කෙරෙයි.
Pali BJTසොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නෙව සුමනො හොති න දුම්මනො. උපෙඛකො විහරති සතො සම්පජානො.
Sinhala BJTශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බනයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බනයක් ආඝ්‍රාණ කොට ... ජිහ්වායෙක් රසාලම්බනයක් විඳ ... කායයෙන් ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් පැහැස ... මනසින් ධර්‍මාලම්බනයක් දැන නො මැ සුමනස්ක වෙයි. දුර්‍මනස්ක නො මැ වෙයි. සිහි ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වාසය කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ සදහමින් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය හා පාහුනෙය්‍ය හා දක්ඛිණෙය්‍ය හා අඤ්ජලිකරණීය හා ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.
Pali BJT6. 1. 1. 2.
Sinhala BJT6. 1. 1. 2.
Pali BJT[දුතියාහුනෙය්යසුත්තං]
Sinhala BJT[දුතියාහුනෙය්‍ය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි ඡහි:
Sinhala BJT2. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි … ලෝකයාගේ අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සයෙකින යත්:
Pali BJT(1) ඉධ භික්ඛවෙ භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකො’පි හුත්වා බහුධා හොති, බහුධා’පි හුත්වා එකො හොති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභෙජ්ජමානෙ{1} ගච්ඡති සෙය්යථාපි පඨවියං{2}. ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛීසකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති{3} පරිමජ්ජති. යාව බ්රහ්මලොකා’පි කායෙන වසං වත්තෙති.
Sinhala BJT(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ අනේකවිධ ඍද්ධි ප්‍රභේද විඳුනේය: පියෙවින් එකක් ව සිට (ශතසහස්‍රාදීන්) බහුප්‍රකාර වෙයි. බහුප්‍රකාරව එකෙක් ම වෙයි. ආවිර්භාව කෙරෙයි. තිරොභාව කෙරෙයි. භිත්තියෙන් පරභාගයට පවුරින් පරභාගයට පර්‍වතයෙන් පරභාගයට අහස්හි සේ නො ලැගෙමින් යෙයි. දියෙහි මෙන් පොළොව්හිදු නැඟීම් හා ගැලීම් කෙරෙයි. පොළොව්හි සෙයින් නො බිඳුනාදියෙහි දු යෙයි. පක්‍ෂිශකුනයකු සෙයින් අහස්හිදු පලගින් යෙයි. ඒසා මහත් ඉදුහ ඇති ඒසා මහත් ආනුභාව ඇති මේ සදහිරුනුදු අත්ලෙන් පරාමර්‍ශ කෙරෙයි. පරිමාර්‍ජන කෙරෙයි. බඹලොව ද හිම්කොට කයින් විසිය පවත්වයි.
Pali BJT(2) දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච යෙච දූරෙ සන්තිකෙ ච.
Sinhala BJT(2) පරිශුද්ධ වූ මිනිසැස් ඉක්මගිය දිව සෝධයින් දිව්‍යවූත් මානුෂ වූත් දුරැ වූත් හමුයෙහි වූත් යම් ශබ්දකෙනෙක් වෙත් නම්, ඒ උභය ශබ්දයන් අසයි.
Pali BJT(3) පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති: “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, වීතරාගං වා චිත්තං -පෙ- සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සඞ්ඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං විමුත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJT(3) පරසත්ත්‍ව පරපුද්ගලයන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ නානාප්‍රකාරයෙන් දන්නේය: (අෂ්ටවිධ) සරාගචිත්තය හෝ සරාගචිත්තය’යි දන්නේ ය. (අවශේෂකුශලාව්‍යාකෘත) වීතරාග චිත්තය හෝ වීතරාගචිත්ත ය යි දන්නේ ය. (ද්විවිධදෞර්‍මනස්‍යසහගත) සදෝස චිත්තය හෝ ... (චාතුභූමකකුසලාබ්‍යාකත) වීතදෝස චිත්තය හෝ ... (විචිකිච්ඡා උද්ධච්ච සහගත) සමෝහචිත්තය හෝ ... වීතමෝහ වූ හෝ චිත්තය ... (ථින මිද්ධානුගත) සඞ්ඛිත්තචිත්තය හෝ ... (උද්ධච්චානුගත) වික්ඛිත්ත චිත්තය හෝ ... (රූපාවචරාරූපාවචර) මහද්ගතචිත්තය හෝ ... (අවශේෂ) අමහද්ගත චිත්තය හෝ ... (සකලත්‍රෛභූමක) සඋත්තර චිත්තය හෝ ... (ලෝකෝත්තර) අනුත්තර චිත්තය හෝ ... (උපචාරාර්‍පණාප්‍රාප්ත) සමාහිත වූ හෝ චිත්තය ... (එදෙකට නො පත්) අසමාහිත වූ හෝ චිත්තය ... (පඤ්චවිධ විමුක්තියෙන්) විමුක්ත වූ හෝ චිත්තය ... (එයින් විමුක්ත නොවූ) අවිමුක්ත වූ හෝ චිත්තය අවිමුක්ත චිත්ත ය යි දන්නේ ය.
Pali BJT(4) අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාතිං ද්වෙ’පි ජාතියො තිස්සො’පි ජාතියො චතස්සො’පි ජාතියො පඤ්ච’පි ජාතියො දස’පි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො, ජාති සතම්පි ජාති සහස්සම්පි ජාතිසතසහස්සම්පි, අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ: ‘අමුත්රාසිං එවන්නාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උපපාදිං. තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවං සුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධුපපන්නො’ති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJT(4) අනේකවිධ වූ පූර්‍වනිවාස සිහිකෙරෙයි. එ කෙසේ ය යත්: එක් දැයකුදු ජාති දෙකකුදු ජාති තුණකුදු ජාති සතරකුදු ජාති පසකුදු දශජාතියකුදු ජාති විස්සකුදු ජාති තිසකුදු සතලිස් ජාතියකුදු ජාති පණසකුදු, ජාති සියයකුදු ජාති දහසකුදු ජාති සියදහසකුදු, නොයෙක් සංවර්‍තකල්පයනුදු නොයෙක් විවර්‍තකල්පයනුදු නොයෙක් සංවර්‍තවිවර්‍තකල්පයනුදු සිහිකරයි: ‘අසෝ තන්හි මෙබඳු නම් ඇතියෙම්, මෙබඳු ගොත් ඇතියෙම්, මෙබඳු පැහැතියෙම්, මෙබඳු අහරැතියෙම්, මෙබඳු සුවදුක් විඳුනා සුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇති යෙම්’ වීමි. ඒ මම එයින් සැවැ අසෝ තන්හි උපන්මි. එහිදු මෙබඳු නැමැති යෙම්, මෙ බඳු ගොත් ඇති යෙම්, මෙබඳු සිරුරු පැහැ ඇතියෙම්, මෙබඳු අහර ඇතියෙම්, මෙබඳු සුවදුක් විඳුනාසුල්ලෙම්, මෙබඳු ආයුෂ හිම් කොට ඇතියෙම් වීමි. ඒ මම එතැනින් සැවැ මෙහි උපන්මි’යි මෙසේ පැහැසටහන් ඈ විසින් ආකාර සහිත, (නාමගෝත්‍රාදි විසින්) උද්දේස සහිත වූ අනේක විධ පූර්‍වනිවාසය අනුස්මරණය කරයි.
Pali BJT(5) දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ‘ඉමෙ වා පන භොන්තො සත්තා කාය සුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති’- ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති.
Sinhala BJT(5) පරිශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ ශෝභනගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි මියයන සත්ත්‍වයන් දක්නේය: ‘මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කරන්නාහු විපරීත දර්‍ශන ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. ‘මේ භවත් සත්ත්‍වයෝ ද කාය සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු වාක් සුචරිතයෙන් සමන්‍වාගත වූවාහු මනඃසුචරිතයෙන් සමන්‍වාගත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නොකරන්නාහු සම්‍යග්දෘෂ්ටිගත්තාහු සම්‍යග් දෘෂ්ටි කර්‍මසමාදාන ඇත්තාහු වෙත්; ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට උපත් විසින් පැමිණියාහුය’යි - මෙසේ පරිශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ච්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගති ඇති දුර්‍ගති ඇති කම්වූ පරිදි යන සත්ත්‍වයන් දන්නේ ය.
Pali BJT(6) ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJT(6) ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට වාස කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් සයෙන් සමන්‍වාගත රහත් මහණ ආහුනෙය්‍ය ද පාහුනෙය්‍ය ද දක්ඛිණෙය්‍ය ද අඤ්ජලිකරණීය ද ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ද වෙයි.
Pali BJT6. 1. 1. 3.
Sinhala BJT6. 1. 1. 3.
Pali BJT[ඉන්ද්රියසුත්තං]
Sinhala BJT[ඉන්‍ද්‍රිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. ඡහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ ඡහි:
Sinhala BJT3. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි. කවර සයෙකින යත්:
Pali BJTසද්ධින්ද්රියෙන විරියින්ද්රියෙන සතින්ද්රියෙන සමාධින්ද්රියෙන පඤ්ඤින්ද්රියෙන, ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසද්ධින්‍ද්‍රියයෙන විරියින්‍ද්‍රියයෙන සතින්‍ද්‍රියයෙන සමාධින්‍ද්‍රියයෙන පඤ්ඤින්‍ද්‍රියයෙන, ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥා විමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට උපයාගෙන වාස කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ ඡභි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු සයින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය හා … ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර හා වෙයි.
Pali BJT6. 1. 1. 4.
Sinhala BJT6. 1. 1. 4.
Pali BJT[බලසුත්තං]
Sinhala BJT[බල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]