Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං,
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වේ.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ පහාය භබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට භව්‍ය වේ යයි.
Pali BJT5. 6. 1. 10.
Sinhala BJT5. 6. 1. 10.
Pali BJT[අපරපඨමජ්ඣානසුත්තං]
Sinhala BJT[අපර පඨමජ්ඣාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. පඤ්චිමෙ{1} භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
Sinhala BJT10. මහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකඤ්ඤුතං අකතවෙදිතං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පස ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට අභව්‍ය වෙයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, කතඤ්ඤුතං කතවෙදිතං
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ කොට ප්‍රථමධ්‍යානය උපයා වසන්නට නිසි වේ යයි.
Pali BJT5. 6. 1. 11-13.
Sinhala BJT5. 6. 1. 11-13.
Pali BJT[අපරදුතියජ්ඣානාදිසුත්තානි]
Sinhala BJT[අපර දුතියජ්ඣානාදි සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11-13 පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං [උපසම්පජ්ජ විහරිතුං.] කතමෙ පඤ්ච.
Sinhala BJT11-13. මහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ නො කොට ද්විතීය ධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්;
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො [දුතියං ඣානං] -පෙ- [තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නො නිසි වෙයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො [දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ කොට ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාසය කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ. පඤ්ච ධම්මෙ පහාය භබ්බො [දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං] උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ කොට [ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය] උපයා වාසය කරන්නට නිසි වෙයි.
Pali BJT5. 6. 1. 14-17.
Sinhala BJT5. 6. 1. 14-17.
Pali BJT[සොතාපත්තිඵලාදිසච්ඡිකිරියා සුත්තානි]{*}
Sinhala BJT[සෝතාපත්ති ඵලාදිසච්ඡිකිරියා සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14-17. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං. කතමෙ පඤ්ච:
Sinhala BJT14-17. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... අර්‍හත් ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර පසෙක යත්;
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං. කතමෙ පඤ්ච.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවාන් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමි ඵලය ... රහත් ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ පහාය භබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට ශ්‍රෝතාපත්තිඵලය ... සකෘදාගාමිඵලය ... අනාගාමිඵලය ... අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
Pali BJT5. 6. 1. 18-21.
Sinhala BJT5. 6. 1. 18-21.
Pali BJT[අපරසොතාපත්තිඵලාදි සච්ඡිකිරියා සුත්තානි]
Sinhala BJT[අපරසෝතාපතතිඵලාදි සච්ඡිකිරියා සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18-21. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං. කතමෙ පඤ්ච:
Sinhala BJT18-21. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුං. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, අකතඤ්ඤුතං අකතවෙදිතං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ. පඤ්ච ධම්මෙ පහාය භබ්බො සොතාපත්තිඵලං සච්ඡිකාතුං -පෙ- සකදාගාමිඵලං -පෙ- අනාගාමිඵලං -පෙ- අරහත්තඵලං සච්ඡිකාතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි.
Pali BJTඋපසම්පසදාවග්ගො පඨමො
Sinhala BJTඋපසම්පදාවර්‍ගය පළමුවැනි යි.
Pali BJTවග්ගාතිරෙක සුත්තානි
Sinhala BJTවර්‍ගාතිරෙක සූත්‍ර
Pali BJT[භත්තුද්දෙසක සුත්තං]
Sinhala BJT[භත්තුද්දෙසක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT1. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
Pali BJTඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං න ජානාති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව නො දනී.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව දනියි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ යයි.
Pali BJT[දුතියභත්තුද්දෙසකාදිසුත්තානි]
Sinhala BJT[දුතිය භත්තුද්දෙසකාදි සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2-5. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො න සම්මන්නිතබ්බො. සම්මතොපි{1} න පෙසෙතබ්බො. [කතමෙහි පඤ්චහි: ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
Sinhala BJT2-5. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ නමුදු [බත් උදෙසනු සඳහා] නො යැවිය යුතු ... [ කවර පසෙකින් යත්: ඡන්‍දාගතියට යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] භත්තුද්දෙසකො සම්මන්නිතබ්බො, සම්මතොපි පෙසෙතබ්බො. කතමෙහි පඤ්චහි: න ඡන්දාගතිං ගච්ඡති), -පෙ-
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත කටයුතු, සම්මත වූයේ [බත් උදෙසනු සඳහා] යැවිය යුතු ... [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] බාලොවෙදිතබ්බො. [කතමෙහි පඤ්චහි: ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] බාලයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] පණ්ඩිතො වෙදිතබ්බො. [කතමෙහි පඤ්චහි: න ඡන්දාගතිං ගච්ඡති] -පෙ-
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] පණ්ඩිතයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] ඛතං උපහතං අත්තානං පරිහරති. -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] සාරා දමන ලද ගුණ ඇති නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: … ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. -පෙ- [න ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] නො සාරා දැමූ ගුණ ඇති නො නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-]
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... [ඡන්‍දයෙන් අගතියට යයි ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො] යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:]
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, උද්දිට්ඨානුද්දිට්ඨං ජානාති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, උදෙසන ලද නො උදෙසන ලද බව දනී.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භත්තුද්දෙසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත බත් උදෙසන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යි.
Pali BJT[සෙනාසන පඤ්ඤාපකාදි සුත්තානි]
Sinhala BJT[සේනාසනපඤ්ඤාපකාදි සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානානි]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො න සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT6. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සේනාසන පඤ්ඤාපක මහණ සම්මත නො කටයුතු. කවර පසෙකින යත්:
Pali BJTඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති, පඤ්ඤත්තාපඤ්ඤත්තං න ජානාති.
Sinhala BJTඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් නො දනියි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො න සම්මන්නිතබ්බො.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත නො කටයුතු.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො සම්මන්නිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කළ යුතු. කවර පසෙකින් යත්:
Pali BJTන ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, පඤ්ඤත්තාපඤ්ඤත්තං ජානාති
Sinhala BJTඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් දනියි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සෙනාසනපඤ්ඤාපකො සම්මන්නිතබ්බො’ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කටයුත්තේ යි.
Pali BJT7. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සෙනාසනගාහාපකො න සම්මන්නිතබ්බො. -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-] ගහිගාගහිතං{1} න ජානාති -පෙ-
Sinhala BJT7. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් සෙනසුන් නො දනියි. ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සෙනාසනගාහාපකො සම්මන්නිතබ්බො. -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-] ගහිතාගහිතං ජානාති. -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සෙනසුන් ගන්වන මහණ සම්මතකටයුතු ... ගත් නො ගත් සෙනසුන් දනියි ...
Pali BJT8. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] භණ්ඩාගාරිකො න සම්මන්නිතබ්බො. -පෙ- (ඡන්දාගතිං ගච්ඡති -පෙ-) ගුත්තාගුත්තං න ජානාති -පෙ-
Sinhala BJT8. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] භණ්ඩාගාරිකො සම්මන්නිතබ්බො -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-] ගුත්තාගුත්තං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය දනී ...
Pali BJT9. [පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] චීවරපටිග්ගාහකො න සම්මන්නිතබ්බො. -පෙ- [ඡන්දාගතිං ගච්ඡති -පෙ-] ගහිතාගහිතං න ජානාති -පෙ-
Sinhala BJT9. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගත් නො ගත් සිවුරු නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] චීවරපටිග්ගාහකො සම්මන්නිතබ්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් සිවුරු දනියි.
Pali BJT10. [පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] චීවරභාජකො න සම්මන්නිතබ්බො. -පෙ- ඡන්දාගතිං ගච්ඡති -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-
Sinhala BJT10. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත නො කටයුතු ... බෙදූ නො බෙදූ සිවුරු නො දනී ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] චීවරභාජකො සම්මන්නිතබ්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ සිවුරු දනියි ...
Pali BJT11. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යාගුභාජකො න සම්මන්නිතබ්බො. -පෙ-] භාජිතාභාජිතං න ජානාති. -පෙ-
Sinhala BJT11. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] යාගුභාජකො සම්මන්නිතබ්බො. -පෙ- භාජිතාභාජිතං ජානාති. -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් දනියි ...
Pali BJT12. [පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] ඵලභාජකො න සම්මන්නිතබ්බො -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-
Sinhala BJT12. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඵල නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] ඵලභාජකො සම්මන්නිතබ්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඵල දනී ...
Pali BJT13. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] ඛජ්ජකභාජකො න සම්මන්නිතබ්බො -පෙ- භාජිතාභාජිතං න ජානාති -පෙ-
Sinhala BJT13. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො] ඛජ්ජකභාජකො සම්මන්නිතබ්බො -පෙ- භාජිතාභාජිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය දනී ...
Pali BJT14. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] අප්පමත්තකවිස්සජ්ජකො න සම්මන්නිතබ්බො -පෙ- විස්සජ්ජිතාවිස්සජ්ජිතං න ජානාති -පෙ-
Sinhala BJT14. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] අප්පමත්තකවිස්සජ්ජජකො සම්මන්නිතබ්බො -පෙ- විස්සජ්ජිතාවිස්සජ්ජිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර දනියි ...
Pali BJT15. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාටිකගාහාපකො න සම්මන්නිතබ්බො -පෙ- ගහිතාගහිතං න ජානාති -පෙ-
Sinhala BJT15. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් වැසිසළු නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාටිකගාහාපකො සම්මන්නිතබ්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් වැසිසළු දනියි ...
Pali BJT16. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] පත්තගාහාපකො න සම්මන්නිතබ්බො -පෙ- ගහිතාගහිතං න ජානාති -පෙ-
Sinhala BJT16. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් පාත්‍රය නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] පත්තගාහාපකො සම්මන්නිතබ්බො -පෙ- ගහිතාගහිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් පාත්‍රය දනියි ...
Pali BJT17. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] ආරාමිකපෙසකො න සම්මන්නිතබ්බො -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-
Sinhala BJT17. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා නො දනියි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] ආරාමිකපෙසකො සම්මන්නිතබ්බො -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා දනී ...
Pali BJT18. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාමණෙරපෙසකො න සම්මන්නිතබ්බො -පෙ- පෙසිතාපෙසිතං න ජානාති -පෙ-
Sinhala BJT18. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු නොදනි ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාමණෙරපෙසකො සම්මන්නිතබ්බො -පෙ- පෙසිතාපෙසිතං ජානාති -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනියි ...
Pali BJT19. [පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාමණෙරපෙසකො න සම්මන්නිතබ්බො. සම්මතො’පි න පෙසෙතබ්බො -පෙ-
Sinhala BJT19. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණරපෙසක මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ ද නො මෙහෙයන්නේය ...
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො] සාමණෙරපෙසකො සම්මන්නිතබ්බො, සම්මතො පෙසෙතබ්බො -පෙ-
Sinhala BJT[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණේරපෙසක මහණ සම්මත කටයුතු. සම්මත වූයේ මෙහෙයන්නේය ...
Pali BJT20. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො. සාමණෙර පෙසකො) බාලො වෙදිතබ්බො. [-පෙ- ඡන්දාගතිං ගච්ඡති -පෙ-]{*}
Sinhala BJT20. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසෙක බාල මහණ] දතයුතු … [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]
Pali BJT[පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සාමණෙරපෙසකො] පණ්ඩිතො වෙදිතබ්බො -පෙ- [න ඡන්දාගතිං ගච්ඡති -පෙ- පෙසිතාපෙසිතං ජානාති] -පෙ-
Sinhala BJT[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක පණ්ඩිත මහණ] දතයුතු ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]
Pali BJT21. [පඤ්චෙහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සාමණෙර පෙසකො] ඛතං උපහතං අත්තානං පරිහරති -පෙ- ඡන්දාගතිං ගච්ඡති -පෙ- පෙසිතාපෙසිතං න ජානාති [-පෙ-]
Sinhala BJT21. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] සාරා දැමූ ගුණ ඇති නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]