Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8101-8200 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා මනොසුචරිතෙ’ති.
Sinhala BJTමහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 5. 5.
Sinhala BJT5. 5. 5. 5.
Pali BJT[අපරදුච්චරිතසුත්තං]
Sinhala BJT[අපර දුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුච්චරිතෙ කතමෙ පඤ්ච:
Sinhala BJT45. මහණෙනි, දුශ්චරිතයෙහි ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සද්ධම්මා වුට්ඨාති, අසද්ධම්මෙ පතිට්ඨාති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද කෙරෙයි. නුවණැත්තෝ දැන ගරහති. ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි. (දශකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් විගතව සිටියි. (දශඅකුශලකර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දුච්චරිතෙ.
Sinhala BJTමහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සුචරිතෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසද්ධම්මා වුට්ඨාති, සද්ධම්මෙ පතිට්ඨාති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය නැගේ. අසද්ධර්‍මයෙන් විගතව සිටියි. සද්ධර්‍මයෙහි පිහිටයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සුචරිතෙ’ති.
Sinhala BJTමහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 5. 6.
Sinhala BJT5. 5. 5. 6.
Pali BJT[අපරකායදුච්චරිතසුත්තං]
Sinhala BJT[අපරකායදුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කායදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT46. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා කායසුචරිතෙ, -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
Sinhala BJTමහණෙනි, කායසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
Pali BJT5. 5. 5. 7.
Sinhala BJT5. 5. 5. 7.
Pali BJT[අපරවචීදුච්චරිතසුත්තං]
Sinhala BJT[අපරවචීදුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා වචීදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT47. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි .... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා වචීසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
Sinhala BJTමහණෙනි, වාක්සුචරිතයෙහි මේ ආනිසංස පසෙකි ... [තෙමේත් තමහට උපවාද නොකෙරෙයි ...]
Pali BJT5. 5. 5. 8.
Sinhala BJT5. 5. 5. 8.
Pali BJT[අපරමනොදුච්චරිතසුත්තං]
Sinhala BJT[අපරමනෝදුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මනොදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT48. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා මනොසුචරිතෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මනඃසුචරිතයෙහි මේ ආනිසංස පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසද්ධම්මා වුට්ඨාති, සද්ධම්මෙ පතිට්ඨාති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද නො කෙරෙයි, විඥයෝ දැන පසසත්, කලණ කිත් ගොස නැඟේ, අසද්ධර්‍මයෙන් නැඟෙයි, සද්ධර්‍මයෙහි පිහිටයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා මනොසුචරිතෙ’ති.
Sinhala BJTමහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 5. 9.
Sinhala BJT5. 5. 5. 9.
Pali BJT[සීවථිකාසුත්තං]
Sinhala BJT[සිවථික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා සීවථිකාය. කතමෙ පඤ්ච:
Sinhala BJT49. මහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅසුචි, දුග්ගන්ධා, සප්පටිභයා, වාළානං අමනුස්සානං ආවාසො, බහුනො ජනස්ස ආරොදනා.
Sinhala BJTඅපවිත්‍ර ය, දුඟඳ ය, බිය සහිත ය, ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාසය, බොහෝ දෙනාගේ ආරෝදනා (වැලපීම්) ඇත.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා සීවථිකාය.
Sinhala BJTමහණෙනි, සීවථිකායෙහි මේ ආදීනව පස යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ ආදීනවා සීවථිකූපමෙ පුග්ගලෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො අසුචිනා කායකම්මෙන සමන්නාගතො හොති, අසුචිනා වචීකම්මෙන සමන්නාගතො හොති, අසුචිනා මනොකම්මෙන සමන්නාගතො, හොති, ඉදමස්ස අසුචිතාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ, සීවථිකා අසුචි, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මෙය ඔහුගේ අපවිත්‍රතා යී කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව අපවිත්‍ර වු ද, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
Pali BJTතස්ස අසුචිනා කායකම්මෙන සමන්නාගතස්ස අසුචිනා වචීකම්මෙන සමන්නාගතස්ස අසුචිනා මනොකම්මෙන සමන්නාගතස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, ඉදමස්ස දුග්ගන්ධතාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා දුග්ගන්ධා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTඅපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ ලාමක කීර්තිශබ්දය නැඟෙයි. මෙය ඔහුගේ දුගඳ බවයි කියමි. මහණෙනි, යම්සේ ඒ සීවථිකාව දුගඳ වූ ද, මහණෙනි, මෙ පුඟුල් එබඳු කොට මම කියමි.
Pali BJTතමෙනං අසුචිනා කායකම්මෙන සමන්නාගතං අසුචිනා වචීකම්මෙන සමන්නාගතං අසුචිනා මනොකම්මෙන සමන්නාගතං පෙසලා සබ්රහ්මචාරී ආරකා පරිවජ්ජෙන්ති.{1} ඉදමස්ස සප්පටිභයස්මිං වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා සප්පටිභයා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, අපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල් ප්‍රියශීල සබ්‍රම්සරහු දුරින් බැහැර ලති. මේ ඔහුගේ සප්‍රතිහය යි කියමි. මහණෙනි, සප්‍රතිභය වූ ඒ සීවථිකාව යම්බඳු වේ නම්, මහණෙනි, මෙ පුඟුල් මම එබඳු කොට කියමි.
Pali BJTසො අසුචිනා කායකම්මෙන සමන්නාගතො අසුචිනා වචීකම්මෙන සමන්නාගතො අසුචිනා මනොකම්මෙන සමන්නාගතො සභාගෙහි පුග්ගලෙහි සද්ධිං සංවසති. ඉදමස්ස වාළාවාසස්මිං වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා වාළානං අමනුස්සානං ආවාසො, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTඅපවිත්‍ර කායකර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ හෙතෙම සභාග (තමහට සමාන) පුද්ගලයන් හා සමග වෙසෙයි. මෙ ඔහුගේ ව්‍යාඩ වාසයයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ ව්‍යාඩ අමනුෂ්‍යයනට ආවාස වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
Pali BJTතමෙනං අසුචිනා කායකම්මෙන සමන්නාගතං අසුචිනා වචීකම්මෙන සමන්නාගතං අසුචිනා මනොකම්මෙන සමන්නාගතං පෙසලා සබ්රහ්මචාරී දිස්වා ඛීයනධම්මං{2} ආපජ්ජන්ති. ‘අහො වත නො දුක්ඛං, යෙ මයං එවරූපෙහි පුග්ගලෙහි සද්ධිං සංවසාමා’ති, ඉදමස්ස ආරොදනාය වදාමි. සෙය්යථාපි සා භික්ඛවෙ සීවථිකා බහුනො ජනස්ස ආරොදනා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි.
Sinhala BJTමහණෙනි, ප්‍රියශීල සබ්‍රම්සරහු අපවිත්‍ර වූ කායකර්‍මයෙන් සමන්‍වාගත වූ අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍වාගත වූ, අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍වාගත වූ තෙල පුඟුල්හු දැක “අපි මෙබඳු පුද්ගලයන් හා සමග වසමෝ නම්, අහෝ ඒකාන්තයෙන් දුකෙකැ” යි වැලපිය යුතු බවට පැමිණෙත්. මේ ඔහුගේ ආරෝදනායයි කියමි. මහණෙනි, ඒ සීවථිකාව යම්සේ බොහෝදෙනාට ආරොදනයට (හඬා වැලපීමට ස්ථාන වේ නම්, මහණෙනි, මම මෙ පුඟුල් එබඳු කොට කියමි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා සීවථිකූපමෙ පුග්ගලෙ’ති.
Sinhala BJTමහණෙනි, සීවථිකූපම පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසයි.
Pali BJT5. 5. 5. 10.
Sinhala BJT5. 5. 5. 10.
Pali BJT[පුග්ගලප්පසාදසුත්තං]
Sinhala BJT[පුග්ගලප්පසාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා පුග්ගලප්පසාදෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT50. මහණෙනි, පුද්ගලයකු කෙරෙහි උපන් ප්‍රසාදයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTයස්මිං භික්ඛවෙ පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති, සො තථාරූපං ආපත්තිං ආපන්නො හොති, යථාරූපාය ආපත්තියා සඞ්ඝො උක්ඛිපති. තස්ස එවං හොති: “යො ඛො ම්යායං පුග්ගලො පියො මනාපො, සො සඞ්ඝෙන උක්ඛිත්තො”ති භික්ඛූසු අප්පසාදබහුලො හොති. භික්ඛුසු අප්පසාදබහුලො සමානො අඤ්ඤෙ භික්ඛූ න භජති, අඤ්ඤෙ භික්ඛු න භජන්තො සද්ධම්මං න සුණාති, සද්ධම්මං අසුණන්තො සද්ධම්මා පරිහායති. අයං භික්ඛවෙ පඨමො ආදීනවො පුග්ගලප්පසාදෙ.
Sinhala BJTමහණෙනි, යම් පුදුගලයකු කෙරෙහි පුදුගලයෙක් අතිශයින් පහන් වූයේ නම්, හේ (ප්‍රසාදවිෂය වූ පුද්ගල තෙමේ) සඞ්ඝයා යම් බඳු ආපත්තියෙකින් උක්‍ෂේපනිය කර්‍ම කෙරේ නම් එබඳු ආපත්තියකට පැමිණියේ වෙයි. ඔහුට (පහන්වූ පුඟුල්හට) මෙබඳු සිතෙක් වෙයි: “මට මේ පුද්ගල ප්‍රිය මනාප වෙයි, හේ සඟහු විසින් උත්ක්‍ෂිප්තය” යි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල කොට ඇතියේ වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල කොට ඇතියේ ම සෙසු මහණුන් භජනය නොකරයි. අන්‍ය භික්‍ෂූන් ඇසුරු නො කරනුයේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ප්‍රථම ආදීනවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යස්මිං පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති, සො තථාරූපං ආපත්තිං ආපන්නො හොති, යථාරූපාය ආපත්තියා සඞ්ඝො අන්තෙ නිසීදාපෙති. තස්ස එවං හොති: “යො ඛො ම්යායං පුග්ගලො පියො මනාපො, සො සඞ්ඝෙන අන්තෙ නිසීදාපිතො”ති භික්ඛුසු අප්පසාද බහුලො හොති. භික්ඛුසු අප්පසාදබහුලො සමානො අඤ්ඤෙ භික්ඛූ න භජති, අඤ්ඤෙ භික්ඛූ න භජන්තො{1} සද්ධම්මං න සුණාති, සද්ධම්මං අසුණන්තො සද්ධම්මං පරිහායති. අයං භික්ඛවෙ දුතියො ආදීනවො පුග්ගලප්පසාදෙ.
Sinhala BJTතවද මහණෙනි, යම් පුඟුලකු කෙරෙහි පුද්ගලයෙක් අතිශයින් පහන් වේ ද, යම් ඇවතෙකින් සඟහු (යමෙකු) ආසනාන්තයෙහි හිඳුවත් නම්, හේ එබඳු ඇවැතකට පැමිණෙයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හෙතෙම සඟහු විසින් අන්තයෙහි හිඳුවන ලදැ” යි භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වූයේ ම අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නොකරන්නේ සද්ධර්‍මය නො අසයි. සද්ධර්‍මය නො අසනුයේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ද්විතීය ආදීනවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යස්මිං පුග්ගලෙ පුග්ගලො අභිප්පසන්නො හොති: සො දිසා පක්කන්තො හොති, තස්ස එවං හොති: “යො ඛො ම්යායං පුග්ගලො පියො මනාපො, සො දිසා පක්කන්තො’ති -පෙ- අඤ්ඤෙ භික්ඛූ න භජති -පෙ- අයං භික්ඛවෙ තතියො ආදීනවො පුග්ගලප්පසාදෙ.
Sinhala BJTතවද මහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි පුද්ගලයෙක් අභිප්‍රසන්න වේ නම්, හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ අන්‍ය දිශාවකට ගියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කරයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ තෘතීය ආදිනවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ යස්මිං පුග්ගලෙ පුග්ගලො -පෙ- සො විබ්භන්තො හොති, තස්ස එවං හොති -පෙ- සො විබ්භන්තො’ති -පෙ- අඤ්ඤෙ භික්ඛූ -පෙ- අයං භික්ඛවෙ චතුත්ථො ආදීනවො පුග්ගලප්පසාදෙ.
Sinhala BJTතවද මහණෙනි ... හේ ගිහිබවට පැමිණියේ වෙයි ... ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මේ පුද්ගල මට ප්‍රියමනාප වෙයි. හේ ගිහි බවට පැමිණියේ වෙයි’... අන්‍ය භික්‍ෂූන් භජනය නො කෙරෙයි ... මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි මේ චතුත්‍ථ ආදීනවයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ -පෙ- සො කාලංකතො හොති. තස්ස එවං හොති. ‘යො ඛො ම්යායං පුග්ගලො පියො මනාපො, සො කාලකතො’ති, -පෙ- අඤ්ඤෙ භික්ඛූ න භජති, අඤ්ඤෙ භික්ඛූ න භජන්තො සද්ධම්මං න සුණාති, සද්ධම්මං අසුණන්තො සද්ධම්මා පරිහායති. අයං භික්ඛවෙ පඤ්චමො ආදීනවො පුග්ගලප්පසාදෙ.
Sinhala BJTතවද මහණෙනි ... හේ කලුරිය කෙළේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මේ පුද්ගල මට ප්‍රිය මනාප වෙයි. හේ කලුරිය කෙළේය” යි ... අන්‍ය භික්‍ෂූන් නො ඇසුරු කෙරෙයි. අන්‍ය භික්‍ෂූන් භජනය නො කරන්නේ සදහම් නො අසයි. සදහම් නො අසන්නේ සද්ධර්‍මයෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ පඤ්චම ආදීනවයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා පුග්ගලප්පසාදෙ’ති.
Sinhala BJTමහණෙනි, පුද්ගලප්‍රසාදයෙහි මේ ආදීනව පසයි.
Pali BJTදුච්චරිතවග්ගො පඤ්චමො
Sinhala BJTදුච්චරිතවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදුච්චරිතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං චතූහි පරෙ ද්වෙ සීවථිකා පුග්ගලප්පසාදෙන චාති
Sinhala BJTදුච්චරිත සූත්‍රය, කායදුච්චරිත සූත්‍රය, වචීදුච්චරිත සූත්‍රය, මනෝදුච්චරිත සූත්‍රය, අනෙකුදු දුච්චරිතසූත්‍ර සතරෙක, සීවථිකාසූත්‍රය, පුග්ගලප්‍රසාද සූත්‍රය දැයි දසයෙකි.
Pali BJTපඤ්චමං පණ්ණාසකං.
Sinhala BJTපස්වන පණ්ණාසකය නිමි.
Pali BJT6. ඡට්ඨපණ්ණාසකං.
Sinhala BJT6. සවන පණ්ණාසකය
Pali BJT1. උපසම්පදාවග්ගො
Sinhala BJT1. උපසම්පදා වර්‍ගය
Pali BJT5. 6. 1. 1.
Sinhala BJT5. 6. 1. 1.
Pali BJT[උපසම්පාදෙතබ්බසුත්තං]
Sinhala BJT[උපසම්පාදෙතබ්බ සූත්‍රය{*}]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT1. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ විසින් (උපාධ්‍යාය වැ) උපසම්පදා කළ යුතුයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ (අර්‍හත්) ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් උපසපන් කටයුතු යි.
Pali BJT5. 6. 1. 2.
Sinhala BJT5. 6. 1. 2.
Pali BJT[නිස්සයසුත්තං]
Sinhala BJT[නිස්සය සූත්‍රය{*}]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණහු විසින් (ඇදුරු ව සිට) නිස දිය යුතු යි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා නිස්සයො දාතබ්බොති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් නිස දිය යුතු යි.
Pali BJT5. 6. 1. 3.
Sinhala BJT5. 6. 1. 3.
Pali BJT[සාමණෙරසුත්තං]
Sinhala BJT[සාමණේර සූත්‍රය{*}]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණහු විසින් (වත්තෙර ව සිට) සාමණේරයෙක් එළවා (උපයා) ගතයුත්තේ ය. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ සමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි. අශෛක්‍ෂ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතෙන භික්ඛුනා සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණහු විසින් සාමණේරයෙක් එළවා ගතයුත්තේ ය යි.
Pali BJT5. 6. 1. 4.
Sinhala BJT5. 6. 1. 4.
Pali BJT[මච්ඡරියසුත්තං]
Sinhala BJT[මච්ඡරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. පඤ්චිමානි භික්ඛවෙ මච්ඡරියානි. කතමානි පඤ්ච:
Sinhala BJT4. මහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසෙකි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච මච්ඡරියානි.
Sinhala BJTමහණෙනි, මේ මාත්සර්‍ය්‍ය පසයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං මච්ඡරියානං එතං පතිකිට්ඨං{1} යදිදං ධම්මමච්ඡරියන්ති.
Sinhala BJTමහණෙනි, මෙ මාත්සර්‍ය්‍යයන් අතුරෙන් ධර්‍මමාත්සර්‍ය්‍ය ය යන යමෙක් වේ නම්, තෙල අතිශයින් ලමු වේ යයි.
Pali BJT5. 6. 1. 5.
Sinhala BJT5. 6. 1. 5.
Pali BJT[මච්ඡරියපහානසුත්තං]
Sinhala BJT[මච්ඡරියපහාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. පඤ්චන්නං භික්ඛවෙ මච්ඡරියානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කතමෙසං පඤ්චන්නං:
Sinhala BJT5. මහණෙනි, පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය සඳහා සමුච්ඡේදය සඳහා බඹසර වෙසෙයි. කවර පඤ්ච මාත්සර්‍ය්‍යකෙනකුගේය යත්:
Pali BJTආවාසමච්ඡරියස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති. කුලමච්ඡරියස්ස -පෙ- ලාභමච්ඡරියස්ස -පෙ- වණ්ණමච්ඡරියස්ස -පෙ- ධම්මමච්ඡරියස්ස පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යයාගේ ප්‍රහාණය සමුච්ඡේදය පිණිස බඹසර වෙසෙයි. කුලමාත්සර්‍ය්‍යයාගේ ... ලාභමාත්සර්‍ය්‍යයාගේ ... වර්‍ණමාත්සර්‍ය්‍යයාගේ ... ධර්‍මමාත්සර්‍ය්‍යයාගේ ප්‍රහාණය සමුච්ඡේදය පිණිස බ්‍රහ්මචර්‍ය්‍යය වෙසෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං මච්ඡරියානං පහානාය සමුච්ඡෙදාය බ්රහ්මචරියං වුස්සතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චමාත්සර්‍ය්‍යයන්ගේ ප්‍රහාණය සමුච්ඡේදය සඳහා බඹසර වෙසේ යයි.
Pali BJT5. 6. 1. 6.
Sinhala BJT5. 6. 1. 6.
Pali BJT[පඨමජ්ඣානසුත්තං]
Sinhala BJT[පඨමජ්ඣාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
Sinhala BJT6. මහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ නො කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍යය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච මාත්සර්‍ය්‍යයන් ප්‍රහීණ නො කොට ප්‍රථමධ්‍යානය උපයා ගෙණ වසන්නට නො නිසි (නොහැකි) වේ යයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මෙ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වෙයි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරියං, කුලමච්ඡරියං, ලාභමච්ඡරියං, වණ්ණමච්ඡරියං, ධම්මමච්ඡරියං.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ දහම් පස ප්‍රහීණ කොට ප්‍රථම ධ්‍යානය උපයා ගෙණ වසන්නට භව්‍ය වේ යයි.
Pali BJT5. 6. 1. 7-10.
Sinhala BJT5. 6. 1. 7-9.
Pali BJT[දුතියජ්ඣානාදිසුත්තානි]{*}
Sinhala BJT[දුතියජ්ඣානාදි සූත්‍ර]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7-9. පඤ්චිමෙ{1} භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ පඤ්ච.
Sinhala BJT7-9. මහණෙනි, මෙ කරුණු පස ප්‍රහීණ නො කොට ද්විතීයධ්‍යානය … තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය … උපයා වාසය කරන්නට අභව්‍ය වෙයි. කවර පසෙක යත්: