Pali BJTආකප්ප සම්පන්නො හොති වත්තසම්පන්නො, බහුස්සුතො හොති සුතධරො, පටිසල්ලෙඛිතා හොති පටිසල්ලාණාරාමො, කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො.
Sinhala BJTආකල්පසම්පන්න වූයේ වත්සපන් වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වෙයි. කෙළෙස් ලියා හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ වෙයි. කළණ බස් ඇතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ වෙයි. ජඩ නො වූයේ කෙලතොලු නො වූයේ ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු භාවනීයො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි.
Pali BJT5. 5. 4. 2.
Sinhala BJT5. 5. 4. 2.
Pali BJT[පියසුත්තං]
Sinhala BJT[ප්‍රිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJT32. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ සබ්‍රම්සරුනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTසීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා{1} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වසනේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ශ්‍රැතධර වූයේ රැස් කොට ගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණවූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍මකෙනෙක් කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් අනුප්‍රේක්‍ෂිත වූවාහු නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. පරිබුද්ධ වූ නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත කලණ වදන් හඬ ඇතියේ කලණ වදන් ඇතියේ ද වෙයි. විසුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සව්දැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුලව ලබන්නේ ද වෙයි. ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ අර්‍හත් ඵල සමාධි සඞ්ඛ්‍යාත චිත්තවිමුක්තිය ද අර්‍හත්ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත ප්‍රඥාවිමුක්තිය ද තෙමේ ඉහාත්මයෙහි ම විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ සබ්‍රම්සරුන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වේ යයි.
Pali BJT5. 5. 4. 3.
Sinhala BJT5. 5. 4. 3.
Pali BJT[සොභනසුත්තං]
Sinhala BJT[සෝභන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ආවාසං සොභෙති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT33. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTසීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. පටිබලො හොති උපසඞ්කමන්තෙ ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTසිල්වත් වූයේ ... සමාදන් ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. ... බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනොවට පිළිවිදියාහු වෙති. අපරිබුද්ධ වූ (නොපැටලෙන) නිදොස් වූ අරුත් පවසන පිරිපුන් වදනින් සමන්‍වාගත සොඳුරු වදන් හඬ ඇතියේ සොඳුරු වදන් ඇතියේ ද වෙයි. වෙත එළඹෙන්නවුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට (උද්‍යෝගී කරවන්නට) පහදවන්නට ප්‍රතිබල වෙයි. විශුද්ධචිත්තයෙහි ජාත වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සිවුදැහැන් රිසිසේ ලබන්නේ ද නිදුකින් ලබන්නේ ද විපුල ව ලබන්නේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ආවාසං සොභෙතීති.
Sinhala BJTමහණෙනි, මේ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසය හොබවන්නේ වෙයි.
Pali BJT5. 5. 4. 4.
Sinhala BJT5. 5. 4. 4.
Pali BJT[බහූපකාරසුත්තං]
Sinhala BJT[බහූපකාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ආවාසස්ස බහූපකාරො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT34. මහණෙනි, පස්දහමෙකින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTසීලවා හොති -පෙ- සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා. ඛණ්ඩඵුල්ලං පටිසඞ්ඛරොති. මහා ඛො පන භික්ඛුසඞ්ඝො අභික්කන්තො, නානාවෙරජ්ජකා භික්ඛූ, ගිහීනං උපසඞ්කමිත්වා ආරොචෙති : “මහා ඛො ආවුසො, භික්ඛුසඞ්ඝො අභික්කන්තො, නානාවෙරජ්ජකා භික්ඛු, කරොථ පුඤ්ඤානි, සමයො පුඤ්ඤානි කාතුන්ති”. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTසිල්වත් වූයේ ... සමාදන්ව ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ... නුවණින් මොනවට පිළිවිදියාහු වෙති. කැඩුම් බිඳුම් පිළිසකර කෙරෙයි. “මහබික්සඟහු පැමිණියහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. (එ ආවාසික මහණ) ගිහියන් වෙත එළඹ ආරෝචනා කෙරෙයි: ‘ඇවැත්නි, මහබික්සඟහු එළඹිය හ. (ඔහු) නානා රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) දිටුදැමියෙහි සුඛවිහරණ වූ අධිචිත්තයෙහි උපදනා වූ සිවුදැහැන් කැමති සේ ලබන සුලු වූයේ නිදුකින් ලබන සුලු වූයේ විපුල සේ ලබන සුලු වූයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ආවාසස්ස බහූපකාරො හොතී’ති.
Sinhala BJTමහණෙනි, මෙකරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ආවාසයට බොහෝ උපකාර ඇති වේ යයි.
Pali BJT5. 5. 4. 5.
Sinhala BJT5. 5. 4. 5.
Pali BJT[අනුකම්පකසුත්තං]
Sinhala BJT[අනුකම්පක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ගිහීනං අනුකම්පති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගිහියනට අනුකම්පා කෙරෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅධිසීලෙ සමාදපෙති, ධම්මදස්සනෙ නිවෙසෙති, ගිලානකෙ උපසඞ්කමිත්වා සතිං උප්පාදෙති : ‘අරහග්ගතං ආයස්මන්තො සතිං උපට්ඨාපෙථා’ති. මහා ඛො පන භික්ඛුසඞ්ඝො අභික්කන්තො නානාවෙරජ්ජකා භික්ඛූ, ගිහීනං උපසඞ්කමිත්වා ආරොචෙති : “මහා ඛො ආවුසො, භික්ඛුසඞ්ඝො අභික්කන්තො, නානාවෙරජ්ජකා භික්ඛූ, කරොථ පුඤ්ඤානි, සමයො පුඤ්ඤානි කාතුන්ති.” යං ඛො පනස්ස භොජනං දෙන්ති ලූඛං වා පණීතං වා තං අත්තනා පරිභුඤ්ජති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTඅධිසීලයෙහි සමාදන් කරවයි. චතුස්සත්‍යධර්‍මදර්‍ශනයෙහි යොදවයි. ගිලනුන් වෙත එළඹ “ඇවැත්නි, හැම සත්කාරයට නිසි තුණුරුවන් විසාහි ගිය ස්මෘතිය එළවා ගණුව” යි සිහි උපදවයි. මහබික්සඟහු එළඹියාහු වෙති. (ඔහු) නොයෙක් රාජ්‍යයනට අයත් භික්‍ෂූහු වෙති. එ ආවාසික මහණ ගිහියන් වෙත ගොස් (මෙසේ) දන්වාලයි. “ඇවැත්නි, මහබික්සඟහු එළඹියාහ. (ඔහු) නා නා රාජ්‍යයනට අයත් භික්‍ෂුහු වෙති. දැන් පින් කරණට කලැ” යි (කියායි.) ඕහට රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි යම් ම භෝජනයක් දෙත් නම්, එය තෙමේ වළඳයි, ශ්‍රද්ධාදෙයය විනිපාත නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු ගිහීනං අනුකම්පතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ ගිහිනට අනුකම්පා කෙරේ යයි.
Pali BJT5. 5. 4. 6.
Sinhala BJT5. 5. 4. 6.
Pali BJT[පඨමඅවණ්ණාරහසුත්තං]
Sinhala BJT[ප්‍රථම අවණ්ණාරහ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT36. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරෑහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො විමසා නො පිවිස (නොදැන) නුගුණ කියයුත්තාට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කිය යුත්තාහට නුගුණ කියයි. නො පිරික්සා නො පිවිස නො පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. නො පිරික්සා නො පිවිස පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ නිරයෙහි සිටුනේයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ (හිසින්) ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, අනුවිච්ච පරියොගාහෙත්වා පාසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTවිමසා පිවිස නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. විමසා පිවිස ගුණ කියයුත්තාහට ගුණ කියයි. විමසා පිවිස නො පැහැදියයුතු තැන්හි අප්‍රසාදය උපදවයි. විමසා පිවිස පැහැදියයුතු තැන්හි ප්‍රසාදය උපදවයි. සද්ධාදෙය්‍යය විනිපාතන නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තැබූයේ යම්සේ වේ ද, එසේ ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි.
Pali BJT5. 5. 4. 7.
Sinhala BJT5. 5. 4. 7.
Pali BJT[දුතියඅවණ්ණාරහසුත්තං]
Sinhala BJT[ද්විතීය අවණ්ණාරහ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT37. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. ආවාසමච්ඡරී හොති ආවාසපලිගෙධී, කුලමච්ඡරී හොති කුලපලිගෙධී, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො විමසා නො පිවිස නුගුණ කියයුත්තාහට ගුණ කියයි. නො විමසා නො පිවිස ගුණ කියයුත්තාහට නුගුණ කියයි. ආවාසමච්ඡරිය ඇත්තේ ආවාසගේධය (ගිජුබව) ඇත්තේ වෙයි. කුලමච්ඡරිය ඇත්තේ කුලගෙධය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, න ආවාසමච්ඡරී හොති න ආවාසපලිගෙධී, න කුලමච්ඡරී හොති න කුලපලිගෙධී, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTවිමසා පිවිස (දැන) අගුණ කියයුත්තහුගේ අගුණ කිය යි, විමසා පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියයි, ආවාසමච්ඡරිය ආවාසගේධය ඇත්තේ නො වේ, කුලමච්ඡරිය කුලගෙධය ඇත්තේ නො වේ. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
Pali BJT5. 5. 4. 8.
Sinhala BJT5. 5. 4. 8.
Pali BJT[තතියඅවණ්ණාරහසුත්තං]
Sinhala BJT[තෘතීය අවණ්ණාරහ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT38. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, ආවාසමච්ඡරී හොති කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති.
Sinhala BJTනො විමසා නො පිවිස අගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, නො විමසා නො පිවිස ගුණ කියයුත්තහුගේ අගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ වේ ද, කුලමච්ඡරිය ඇත්තේ වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ වේ ද,
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, න ආවාසමච්ඡරී හොති න කුලමච්ඡරී හොති න ලාභමච්ඡරී හොති.
Sinhala BJTවිමසා පිවිස අගුණ කියයුත්තහුගේ අගුණ කියාද, විමසා, පිවිස ගුණ කියයුත්තහුගේ ගුණ කියා ද, ආවාසමච්ඡරිය ඇත්තේ නො වේ ද, කුලමච්ඡරිය ඇත්තේ නො වේ ද, ලාභමච්ඡරිය ඇත්තේ නො වේ ද,
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
Pali BJT5. 5. 4. 9.
Sinhala BJT5. 5. 4. 9.
Pali BJT[පඨමච්ඡරියසුත්තං]
Sinhala BJT[ප්‍රථම මච්ඡරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT39. මහණෙනි, මෙ දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි , ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි. ශ්‍රද්ධාදෙයය නසන්නේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTන ආවාසමච්ඡරී හොති, න කුලමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති, න වණ්ණමච්ඡරී හොති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTආවාසමච්ඡරිය නැත්තේ වෙයි, කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ශ්‍රද්ධාදෙයය නො නසන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ දහම්පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ ය යි.
Pali BJT5. 5. 4. 10.
Sinhala BJT5. 5. 4. 10.
Pali BJT[දුතිය මච්ඡරියසුත්තං]
Sinhala BJT[ද්වීතිය මච්ඡරිය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT40. මහණෙනි, දහම් පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, ධම්මමච්ඡරී හොති.
Sinhala BJTආවාසමච්ඡරිය ඇත්තේ වෙයි, කුලමච්ඡරිය ඇත්තේ වෙයි, ලාභමච්ඡරිය ඇත්තේ වෙයි, වණ්ණමච්ඡරිය ඇත්තේ වෙයි, ධම්මමච්ඡරිය ඇත්තේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ පස්දහමින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි සිටුනේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTන ආවාසමච්ඡරී හොති, න කුලමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති, න වණ්ණමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති.
Sinhala BJTආවාසමච්ඡරිය නැත්තේ වෙයි. කුලමච්ඡරිය නැත්තේ වෙයි, ලාභමච්ඡරිය නැත්තේ වෙයි, වණ්ණමච්ඡරිය නැත්තේ වෙයි, ධම්මමච්ඡරිය නැත්තේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත ආවාසික මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි සිටුනේ වේ යයි.
Pali BJTආවාසිකවග්ගො චතුත්ථො
Sinhala BJTආවාසික වර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅභාවනීයො පියසොභනා ච{1} බහූපකාරො අනුකම්පකො ච යථාභතං චාදි තයො අවණ්ණාරහා දුවෙ මච්ඡරියා ච වුත්තා{2}
Sinhala BJTඅභාවනීය සූත්‍ර ය, පිය සූත්‍ර ය, සෝභන සූත්‍ර ය, බහූපකාර සූත්‍ර ය, අනුකම්පක සූත්‍ර ය, යථාභතං ආදි කොට ඇති අවණ්ණාරභ සූත්‍ර තුන ය, මච්ඡරිය සූත්‍ර දෙක යයි සූත්‍ර දසයෙකි.
Pali BJT5. දුච්චරිත වග්ගො.
Sinhala BJT5. දුච්චරිත වර්‍ගය
Pali BJT5. 5. 5. 1.
Sinhala BJT5. 5. 5. 1.
Pali BJT[දුච්චරිතසුත්තං]
Sinhala BJT[දුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුච්චරිතෙ කතමෙ පඤ්ච:
Sinhala BJT41. මහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTතෙමේත් තමාට උපවාද කෙරෙයි, විඥයෝ දැන ගරහති, ලාමක කීර්තිශබ්දය උස්ව නැඟෙයි, මුළා වූයේ කලුරිය කෙරෙයි, කාබුන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දුච්චරිතෙ.
Sinhala BJTමහණෙනි, දුශ්චරිතයෙහි මේ ආදීනව පසයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සුචරිතෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද නො කෙරෙයි. විඥයෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව නැඟෙයි. නුමුළා වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සුචරිතෙ’ති.
Sinhala BJTමහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 5. 2.
Sinhala BJT5. 5. 5. 2.
Pali BJT[කායදුච්චරිතසුත්තං]
Sinhala BJT[කාය දුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කායදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT42. මහණෙනි, කායදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි ... [තෙමේත් තමහට උපවාද කෙරෙයි …]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා කායසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
Sinhala BJTමහණෙනි, කායසුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
Pali BJT5. 5. 5. 3.
Sinhala BJT5. 5. 5. 3.
Pali BJT[වචීදුච්චරිතසුත්තං]
Sinhala BJT[වචීදුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT43. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා වචීදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT43. මහණෙනි, වාග්දුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා වචීසුචරිතෙ -පෙ- [අත්තාපි අත්තානං න උපවදති -පෙ-]
Sinhala BJTමහණෙනි, වාග්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි ... [තෙමේත් තමහට උපවාද නො කෙරෙයි ...]
Pali BJT5. 5. 5. 4.
Sinhala BJT5. 5. 5. 4.
Pali BJT[මනොදුච්චරිතසුත්තං]
Sinhala BJT[මනෝදුච්චරිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මනොදුච්චරිතෙ -පෙ- [අත්තාපි අත්තානං උපවදති -පෙ-]
Sinhala BJT44. මහණෙනි, මනෝදුශ්චරිතයෙහි මේ ආදීනව පසෙකි … [තෙමේත් තමහට උපවාද කෙරෙයි ...]
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා මනොසුචරිතෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මනස්සුචරිතයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද නො කෙරෙයි, නුවණැත්තෝ දැන පසසති. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව නැගෙයි. නො මුළාව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි.