Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7901-8000 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTවිසමා, බහුරජා, චණ්ඩසුනඛා, වාළයක්ඛා, දුල්ලභපිණ්ඩා.
Sinhala BJTවිෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්‍යාල යක්‍ෂයන් ඇතියේ ය. දුර්‍ලභ පිණ්ඩපාත ඇතියේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මධුරායන්ති.
Sinhala BJTමහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි.
Pali BJTඅක්කොසකවග්ගො දුතියො.
Sinhala BJTඅක්කෝසක වර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅක්කොසභණ්ඩනසීලං බහුභාණී ද්වෙ අක්ඛන්තියො අපාසාදිකා ද්වෙ වුත්තා අග්ගිස්මිං මධුරාය{2} චා’ති.
Sinhala BJTඅක්කෝසක සූත්‍රය, භණ්ඩන සූත්‍රය, සීල සූත්‍රය, බහුභාණී සූත්‍ර ය, අක්ඛන්ති සූත්‍රදෙක ය, අපාසාදික සූත්‍ර දෙක ය, අග්ගි සූත්‍ර ය, මධුරා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. දීඝචාරික වග්ගො.
Sinhala BJT3. දීඝචාරික වර්‍ගය
Pali BJT5. 5. 3. 1.
Sinhala BJT5. 5. 3. 1.
Pali BJT[පඨමදීඝචාරික සුත්තං]
Sinhala BJT[ප්‍රථම දීඝචාරික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දීඝචාරිකං අනවත්ථ චාරිකං{1} අනුයුත්තස්ස විහරතො. කතමෙ පඤ්ච:
Sinhala BJT21. මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත (අනියම්) චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅස්සුතං න සුණාති, සුතං න පරියොදපෙති, සුතෙනෙකච්චෙන අවිසාරදො හොති, බාළ්හං රොගාතඞ්කං ඵුසති, න ච මිත්තවා හොති.
Sinhala BJTඅශ්‍රැත ධර්‍මය නො අසයි. ශ්‍රැතය පිරිසිදු නො කෙරෙයි. මඳ මඳ ව ඇසූ ධර්‍මයෙන් අවිසාරද (සොම්නසට නො පැමිණියේ) වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නොවෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දීඝචාරිකං අනවත්ථ චාරිකං{1} අනුයුත්තස්ස විහරතො.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අනියම් චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සමවත්ථචාරෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සමවස්ථිත (අවස්ථානුරූප) චාරිකායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅස්සුතං සුණාති, සුතං පරියොදපෙති, සුතෙනෙකච්චෙන විසාරදො හොති, න බාළ්හං{2} රොගාතඞ්කං ඵුසති, මිත්තවා ච හොති.
Sinhala BJTඅශ්‍රැත ධර්‍මය අසයි. ශ්‍රැතය පිරිසිදු කෙරෙයි. අසන ලද ඇතැම් ශ්‍රැතයෙන් විසාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව නො පහස්නේ වෙයි. මිතුරන් ඇතියේද වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සමවත්ථචාරෙති.
Sinhala BJTමහණෙනි, මේ සමවස්ථිත චාරිකායෙහි අනුසස් පස යි.
Pali BJT5. 5. 3. 2.
Sinhala BJT5. 5. 3. 2.
Pali BJT[දුතියදීඝචාරික සුත්තං]
Sinhala BJT[ද්විතීය දීඝචාරික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දීඝචාරිකං අනවත්ථ චාරිකං{1} අනුයුත්තස්ස විහරතො. කතමෙ පඤ්ච:
Sinhala BJT22. මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අවස්ථිත චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅනධිගතං නාධිගච්ඡති අධිගතං පරිහායති, අධිගතෙනෙකච්චෙන අවිසාරදො හොති බාළ්හං{2} රොගාතඞ්කං ඵුසති, න ච මිත්තවා හොති.
Sinhala BJTඅධිගත විශේෂයට නො පැමිණෙයි. අධිගත විශේෂය පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් අවිශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නො වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දීඝචාරිකං අනවත්ථ චාරිකං{1} අනුයුත්තස්ස විහරතො.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත චාරිකායෙහි යෙදී වසනුවහට මේ ආදීනව පසයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සමවත්ථචාරෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සමවස්ථිත චාරයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅනධිගතං අධිගච්ඡති, අධිගතං න පරිහායති, අධිගතෙනෙකච්චෙන විසාරදො හොති, න බාළ්හං{2} රොගාතඞ්කං ඵුසති, මිත්තවා ච හොති.
Sinhala BJTඅනධිගත විශේෂයට පැමිණෙයි. අධිගත නො පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් විශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රවය නො පහස්නේ ය. මිතුරන් ඇතියේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සමවත්ථචාරෙති.
Sinhala BJTමහණෙනි, සමවස්ථිත චාරිකායෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 3. 3.
Sinhala BJT5. 5. 3. 3.
Pali BJT[පඨමඅතිනිවාස සුත්තං]
Sinhala BJT[ප්‍රථම අතිනිවාස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අතිනිවාසෙ{1} කතමෙ පඤ්ච:
Sinhala BJT23. මහණෙනි, අතිනිවාසයෙහි (පමණට වැඩිකල් එක්තැන්හි විසීමෙහි) මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTබහුභණ්ඩො හොති බහුභණ්ඩසන්නිචයො, බහුභෙසජ්ජො හොති බහුභෙසජ්ජසන්නිචයො, බහුකිච්චො හොති බහුකරණීයො ව්යත්තො කිඞ්කරණීයෙසු, සංසට්ඨො විහරති ගහට්ඨපබ්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග්ගෙන, තම්හා ච ආවාසා පක්කමන්තො සාපෙක්ඛො පක්කමති.
Sinhala BJTබොහෝ භාණ්ඩ රැස්කරණුයේ බහු භාණ්ඩික වෙයි. බොහෝ බෙහෙසද් රැස්කරණුයේ බහුභේසජ්ජ වෙයි. බහුකෘත්‍ය ඇතියේ බොහෝ කරණී ඇතියේ කිංකර්‍තව්‍යයන්හි ව්‍යක්ත (කළයුතු කිමැයි සෙවීමෙහි ඇලුණේ) වෙයි. ගෘහස්ථප්‍රව්‍රජිතයන් හා එක්වී අනනුලෝම වූ (නුසුදුසු) ගිහීසංසර්‍ගයෙන් හැනී වෙසෙයි. එ අවසින් නික්මයන්නේ නමුදු සාපේක්‍ෂක වූයේ නික්ම යෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආදීනවා අතිනිවාසෙ.
Sinhala BJTමහණෙනි, අතිවාසයෙහි මෙ දොස් පසයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා සමවත්ථවාසෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සමවස්ථිත වාසයෙහි (සුදුසකල් විසීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTන බහුභණ්ඩො හොති න බහුභණ්ඩසන්නිචයො, න බහුභෙසජ්ජො හොති න බහුභෙසජ්ජසන්නිචයො, න බහුකිච්චො හොති න බහුකරණීයො න ව්යත්තො කිඞ්කරණීයෙසු, අසංසට්ඨො විහරති ගහට්ඨපබ්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග්ගෙන, තම්හා ච ආවාසා පක්කමන්තො අනපෙක්ඛො පක්කමති.
Sinhala BJTබොහෝ භාණ්ඩ රැස් නො කරණුයේ බහු භාණ්ඩික නො වෙයි. බොහෝ බෙහෙසද් රැස් නො කරණුයේ බහුභේසජ්ජ නො වෙයි. බහුකෘත්‍ය නැතියේ බොහෝ කරණී නැතියේ කිංකර්‍තව්‍යයන්හි ඇලුණේ නො වෙයි. ගිහි පැවිද්දන් හා එක්නොවී අනුලොම් නො වූ ගිහි සසඟින් නො හැනී වෙසෙයි. එ අවසින් නික්ම යනුයේ ද අපේක්‍ෂා නැතිව නික්ම යෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා සමවත්ථවාසෙති.
Sinhala BJTමහණෙනි, සමවස්ථිත වාසයෙහි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 3. 4.
Sinhala BJT5. 5. 3. 4.
Pali BJT[දුතිය අතිනිවාස සුත්තං]
Sinhala BJT[ද්විතීය අතිනිවාස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අතිනිවාසෙ{1} කතමෙ පඤ්ච:
Sinhala BJT24. මහණෙනි, අතිනිවාසයෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTආවාසමච්ඡරී හොති, කුලමච්ඡරී හොති, ලාභමච්ඡරී හොති, වණ්ණමච්ඡරී හොති, ධම්මමච්ඡරී හොති.
Sinhala BJTආවාසයෙහි මසුරු වෙයි. කුලයෙහි මසුරු වෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු වෙයි. ධර්‍මයෙහි මසුරු වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආදීනවා අතිනිවාසෙ.
Sinhala BJTමහණෙනි, මේ අතිනිවාසයෙහි ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා සමවත්ථවාසෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTන ආවාසමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති, න ලාභමච්ඡරී හොති. න වණ්ණමච්ඡරී හොති, න ධම්මමච්ඡරී හොති.
Sinhala BJTආවාසයෙහි මසුරු නොවෙයි. කුලයෙහි මසුරු නොවෙයි. ලාභයෙහි මසුරු වෙයි. ගුණයෙහි මසුරු නොවෙයි. ධර්‍මයෙහි මසුරු නොවේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා සමවත්ථවාසෙති.
Sinhala BJTමහණෙනි, සමවස්ථිත නිවාසයෙහි මේ ආනිසංස පසයි.
Pali BJT5. 5. 3. 5.
Sinhala BJT5. 5. 3. 5.
Pali BJT[පඨමකුලූපග සුත්තං]
Sinhala BJT[ප්‍රථම කුලූපග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කුලූපගෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT25. මහණෙනි, කුලෝපග (කුලයන්හි හැසිරෙන) මහණහු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅනාමන්තචාරෙ ආපජ්ජති, රහො නිසජ්ජාය ආපජ්ජති, පටිච්ඡන්නෙ ආසනෙ ආපජ්ජති, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්ච වාචාහි ධම්මං දෙසෙන්තො ආපජ්ජති, කාමසඞ්කප්පබහුලො විහරති.
Sinhala BJTනො පිළිවිසැ ගම්වැදිමෙහි ඇවැතට අවදනේ ය. රහස්ගතව (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. පිළිසන් අස්නෙහි (මාගමක හා) හිඳීමෙහි ඇවතට පැමිණෙයි. මාගමකට සපස්වදනෙකින් මතුයෙහි දහම් දෙසන්නේ ඇවැත් අවදනේය. කාමසංකල්ප බහුලව වෙසෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කුලූපගෙ’ති.
Sinhala BJTමහණෙනි, කුලෝපගයා කෙරෙහි මේ ආදීනව පසයි.
Pali BJT5. 5. 3. 6.
Sinhala BJT5. 5. 3. 6.
Pali BJT[දුතියකුලූපග සුත්තං]
Sinhala BJT[ද්විතීය කුලූපග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කුලූපගස්ස භික්ඛුනො අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතො. කතමෙ පඤ්ච:
Sinhala BJT26. මහණෙනි, කල්ගෙවා කුලෙහි හැනී වසන කුලෝපග මහණහට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTමාතුගාමස්ස අභිණ්හදස්සනං, දස්සනෙ සති සංසග්ගො, සංසග්ගෙ සති විස්සාසො, විස්සාසෙ සති ඔතාරො, ඔතිණ්ණචිත්තස්සෙතං පාටිකඞ්ඛං: අනභිරතො වා බ්රහ්මචරියං චරිස්සති, අඤ්ඤතරං වා සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජිස්සති, සික්ඛං වා පච්චක්ඛාය හීනයාවත්තිස්සති.
Sinhala BJTනිරතුරු මාගමකගේ දර්‍ශනය වෙයි. දර්‍ශනය වත්ම සසඟ වෙයි. සංසර්‍ගය වත් ම විශ්වාසය වෙයි. විශ්වාසය ඇතිවත්ම රාගයාගේ බැස ගැණීම වෙයි. රාගයෙන් බැසගන්නා ලද සිත් ඇතියහු විසින් “අභිරති (කැමැත්තක්) නැතිවැ බඹසර රක්නේ හෝ වෙයි, අන්‍යතර කිලිටිසහිත අවැතකට අවදනේ හෝ වෙයි, සිකපද ප්‍රත්‍යාඛ්‍යාන (හැරලීම) කොට හීන (ගිහී) භාවයට හෝ යන්නේ ය” යන තෙල කරුණ කැමති විය යුතුයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කුලූපගස්ස භික්ඛුනො අතිවෙලං කුලෙසු සංසට්ඨස්ස විහරතොති.
Sinhala BJTමහණෙනි, කල් ඉක්මවා කුලයෙහි හැනී වෙසෙන කුලෝපග මහණහට මේ ආදීනව පසයි.
Pali BJT5. 5. 3. 7.
Sinhala BJT5. 5. 3. 7.
Pali BJT[භොගසුත්තං]
Sinhala BJT[භොග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා භොගෙසු. කතමෙ පඤ්ච:
Sinhala BJT27. මහණෙනි, භෝගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅග්ගිසාධාරණා භොගා, උදකසාධාරණා භොගා, රාජසාධාරණා භොගා, චොරසාධාරණා භොගා, අප්පියෙහි දායාදෙහි සාධාරණා භොගා.
Sinhala BJTභෝගයෝ අග්නිසාධාරණ වෙති. භෝගයෝ උදකසාධාරණ වෙති. භෝගයෝ රාජසාධාරණ වෙති. භෝගයෝ සොරුනට සාධාරණ වෙති. භෝගයෝ අප්‍රිය දායාදයන් (තමහට ප්‍රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා භොගෙසු.
Sinhala BJTමහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා භොගෙසු. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTභොගෙ නිස්සාය අත්තානං සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, මාතාපිතරො සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, මිත්තාමච්චෙ සුඛෙති පීණෙති සම්මා සුඛං පරිහරති, සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං.
Sinhala BJTභෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්‍රදාරදාසකර්‍මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන්) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදි සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්‍ෂිණා පිහිටුවයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා භොගෙසූ’ති.
Sinhala BJTමහණෙනි, භෝගයන්හි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 3. 8.
Sinhala BJT5. 5. 3. 8.
Pali BJT[උස්සූරභත්තසුත්තං]
Sinhala BJT[උස්සූරභත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා උස්සූරභත්තෙ කුලෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT28. මහණෙනි, හිරුනැගි බොහෝ දහවල් අහර පිසින කුලයෙහි මේ දොස් පසෙකි.
Pali BJTයෙ තෙ අතිථී පාහුනා තෙ න කාලෙන පටිපූජෙන්ති, යා තා බලිපටිග්ගාහිකා{1} දෙවතා තා න කාලෙන පටිපූජෙන්ති, යෙ තෙ සමණබ්රාහ්මණා එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා තෙ න කාලෙන පටිපූජෙන්ති, දාසකම්මකරපොරිසා විමුඛා කම්මං කරොන්ති, තාවතකං යෙව අසමයෙන භුත්තං අනොජවන්තං හොති.
Sinhala BJTසත්කාරාර්‍හ යම් අතිථිහූ (ආන්තුකයෝ) වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි නො පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණු කෙනෙක් වෙත් නම්, නිසි කල්හි ඔවුන් නො පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ විමුඛව කර්‍ම (වැඩ හැර හිඳිත්). අසමයෙහි වැළඳූ භෝජනය එකෙණෙහි ඕජොරහිත වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා උස්සූරභත්තෙ කුලෙ.
Sinhala BJTමහණෙනි, බොහෝ දහවල් කොට අහර පිසින කුලයෙහි මේ ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සමයභත්තෙ කුලෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, නිසි කල්හි අහර පිසින කුලෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTයෙ තෙ අතිථී පාහුනා තෙ කාලෙන පටිපූජෙන්ති, යා තා බලිපටිග්ගාහිකා{1} දෙවතා තා කාලෙන පටිපූජෙන්ති, යෙ තෙ සමණබ්රාහ්මණා එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා තෙ කාලෙන පටිපූජෙන්ති, දාසකම්මකරපොරිසා අවිමුඛා කම්මං කරොන්ති, තාවතකං යෙ ව සමයෙන භුත්තං ඔජවන්තං හොති.
Sinhala BJTයම් සත්කාරාර්‍හ අතිථිහූ වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. පුද පිළිගන්නා යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් නිසි කල්හි පුදනාහ. ඒකභක්තික වූ රාත්‍රිභෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් විරත වූ යම් මහණබමුණෝ වෙත් නම්, ඔවුන් සුදුසු කල්හි පුදනාහ. දස්කම්කරුපුරුෂයෝ අවිමුඛ (උත්සුක) වූවාහු කර්‍ම කරන්නාහ. සුදුසු කාලයෙහි වැළඳූ අහර එකෙණෙහි ඕජස් ඇතියේ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සමයභත්තෙ කුලෙති.
Sinhala BJTමහණෙනි, සමයභක්තකුලයෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 3. 9.
Sinhala BJT5. 5. 3. 9.
Pali BJT[පඨමකණ්හසප්පසුත්තං]
Sinhala BJT[ප්‍රථම කණ්හසප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කණ්හසප්පෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT29. මහණෙනි, කෘෂ්ණසර්‍පයා (කළුනයා) කෙරේ මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅසුචි, දුග්ගන්ධො, සභීරු, සප්පටිභයො, මිත්තදුභී{2} ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කණ්හසප්පෙ.
Sinhala BJTඅපවිත්‍රය, දුර්‍ගන්‍ධය, සභිරුකය, ප්‍රතිභය සහිතය (එහෙයින් ඉවත් කළ යුතුය), මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, කෘෂ්ණසර්‍පයා කෙරෙහි මේ ආදීනව පස යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චිමෙ ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅසුචි දුග්ගන්ධො, සභීරු, සප්පටිභයො, මිත්තදුභී.{2} ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙති.
Sinhala BJTඅපවිත්‍ර ය, දුර්‍ගන්‍ධ ය,සභිරුකය, ප්‍රතිභය සහිතය, මිත්‍රද්‍රෝහී ය. මහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
Pali BJT5. 5. 3. 10.
Sinhala BJT5. 5. 3. 10.
Pali BJT[දුතියකණ්හසප්පසුත්තං]
Sinhala BJT[ද්විතීය කණ්හසප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා කණ්හසප්පෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT30. මහණෙනි, කළසප්හු කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTකොධනො, උපනාහී, ඝොරවිසො, දුජීව්හො, මිත්තදුභී{1}.
Sinhala BJTකිපෙන සුලු ය, වෙර බඳනා සුලු ය, ඝොරවිෂ ඇතියේ ය, දෙදිව් ඇතියේ ය, මිත්‍රද්‍රෝහී ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා කණ්හසප්පෙ.
Sinhala BJTමහණෙනි, කළසප් කෙරෙහි මේ ආදීනව පස යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම මාගම කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTකොධනො, උපනාහී, ඝොරවිසො, දුජීව්හො, මිත්තදුභී.
Sinhala BJTකිපෙන සුලු ය, වෙර බඳිනා සුලු ය, ඝොරවිෂ ඇත්තී ය, දෙදිව් ඇත්තී ය, මිත්‍රද්‍රෝහී ය.
Pali BJTතත්රිදං{2} භික්ඛවෙ මාතුගාමස්ස ඝොරවිසතා:{3} යෙභුය්යෙන භික්ඛවෙ මාතුගාමො තිබ්බරාගො. තත්රිදං භික්ඛවෙ මාතුගාමස්ස දුජීව්හතා: යෙභුය්යෙන භික්ඛවෙ මාතුගාමො පිසුනාවාචො. තත්රිදං භික්ඛවෙ මාතුගාමස්ස මිත්තදුභිතා: යෙභුය්යෙන භික්ඛවෙ මාතුගාමො අතිචාරිනී.
Sinhala BJTමහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ ඝොරවිෂ බව වෙයි: මහණෙනි, බොහෝ සෙයින් මාගම තීව්‍රරාග ඇත්තීය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ දෙදිව් ඇති බව යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් පිසුණු බස් ඇත්තී ය. මහණෙනි, එ කරුණෙහි ලා මාගමගේ මේ මිත්‍රද්‍රෝහීභාවය යි: මහණෙනි, මාගම බොහෝ සෙයින් අතිචාරිනී වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මාතුගාමෙති.
Sinhala BJTමහණෙනි, මාගම කෙරෙහි මේ ආදීනව පස යි.
Pali BJTදීඝචාරිකවග්ගො තතියො.
Sinhala BJTදීඝචාරිකවර්‍ගය තුන් වැනි යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදීඝචාරිකං ද්වෙ වුත්තා අතිනිවාසමච්ඡරෙ, ද්වෙ ච කුලූපගා භොගා භත්තං සප්පාපරෙ දුවෙති.
Sinhala BJTදීඝචාරික සූත්‍ර දෙකක් කියනලද, අතිනිවාසසූත්‍ර ය, දුතිය අතිනිවාස මච්ඡරීසූත්‍ර ය, කුලුපගසූත්‍ර දෙක ය, භෝගසූත්‍ර ය, උස්සුරභත්තසූත්‍ර ය, කණ්ණහසප්පසූත්‍ර දෙක ය යි සූත්‍ර දසයෙකි.
Pali BJT4. ආවාසිකවග්ගො.
Sinhala BJT4. ආවාසික වර්‍ගය
Pali BJT5. 5. 4. 1.
Sinhala BJT5. 5. 4. 1.
Pali BJT[අභාවනීය සුත්තං]
Sinhala BJT[අභාවනීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු අභාවනීයො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ අභාවනීය (බුහුමන් නො ලබන්නේ- නොවැඩෙන්නේ) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTන ආකප්පසම්පන්නො හොති න වත්තසම්පන්නො, න බහුස්සුතො හොති න සුතධරො, න පටිසල්ලෙඛිතා හොති න පටිසල්ලාණාරාමො,{*} න කල්යාණවාචො හොති න කල්යාණවාක්කරණො, දුප්පඤ්ඤො හොති ජළො එලමූගො.
Sinhala BJTආකල්පසම්පන්න නො වූයේ (මනා ගතිපැවතුම් නැත්තේ) වත්සපන් නො වෙයි. බහුශ්‍රුත නො වූයේ ශ්‍රැතධර නො වෙයි. කෙලෙස් ලියා නො හරණේ පිළිසලනෙහි ඇලුම් ඇතියේ නො වෙයි. කළණ බස් නැතියේ කළ්‍යාණවාක්කරණ ඇතියේ නො වෙයි. මූඪ වූයේ කෙලතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු අභාවනීයො හොති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය නො වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ආවාසිකො භික්ඛු භාවනීයො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ආවාසික මහණ භාවනීය වෙයි. කවර පසෙකින් යත්: