Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7801-7900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්ස. කතමෙ පඤ්ච:
Sinhala BJT9. මහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් (ගාථා වෘත්තය වනසා) දහම් බණනුවහට මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තනාපි තස්මිං සරෙ සාරජ්ජති, පරෙපි තස්මිං සරෙ සාරජ්ජන්ති, ගහපතිකාපි උජ්ඣායන්ති: ‘යථෙව මයං ගායාම, එවමෙව ඉමෙ සමණා සක්කියපුත්තියා ගායන්තී’ති, සරකුත්තිම්පි නිකාමයමානස්ස සමාධිස්ස භඞ්ගො හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති.
Sinhala BJTතෙමේත් ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝ ද ඒ ස්වරයෙහි ඇලෙති. “අපි යම් සේ ගයමෝ නම්, මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ද එසෙයින් ම ගයති” යි ගෙහෙවියෝ ද අවඥා කෙරෙත්. ස්වරාකෘතිය පතන්නහුගේ සමාධිභේදය ද වෙයි. පශ්චිම ජනතාව (එය ආදර්‍ශයට ගෙණ) දෘෂ්ටානුගතියට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා ආයතකෙන ගීතස්සරෙන ධම්මං භණන්තස්සාති.
Sinhala BJTමහණෙනි, දීර්‍ඝ ගීතස්වරයෙන් දහම් බණනුවහට මේ දොස්පස වේ යයි.
Pali BJT5. 5. 1. 10.
Sinhala BJT5. 5. 1. 10.
Pali BJT[මුට්ඨස්සති සුත්තං]
Sinhala BJT[මුට්ඨස්සති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච:
Sinhala BJT10. මහණෙනි, මුසපත් සිහි ඇතිව, මනා (ප්‍රත්‍යවේක්‍ෂා) නුවණ නැතිව නින්දට වැටෙනුවහට මෙ දොස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTදුක්ඛං සුපති, දුක්ඛං පටිබුජ්ඣති, පාපකං සුපිනං පස්සති, දෙවතා න රක්ඛන්ති, අසුචි මුච්චති.
Sinhala BJTදුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. පව්සිහින දක්නේ ය. දෙවියෝ නොරක්නාහ. අශූචි (ශුක්‍ර) මිදෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස නිද්දං ඔක්කමතො.
Sinhala BJTමහණෙනි, නට සිහි ඇතිව මනා නුවණ නැතිව නින්දට වැටෙනුවහට මේ දොස් පස වෙයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා උපට්ඨිතසතිස්ස{1} සම්පජානස්ස නිද්දං ඔක්කමතො. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණැතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසුඛං සුපති, සුඛං පටිබුජ්ඣති, න පාපකං සුපිනං පස්සති, දෙවතා රක්ඛන්ති, අසුචි න මුච්චති.
Sinhala BJTසුවසේ හොවියි. සුවසේ පිබිදෙයි. ලමු සිහින නොදක්නේය. දෙවියෝ රක්නාහ. අශූචි නො මිදෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා උපට්ඨිතසතිස්ස{1} සම්පජානස්ස නිද්දං ඔක්කමතොති.
Sinhala BJTමහණෙනි, එළඹ සිටි සිහි ඇතිව මනා නුවණ ඇතිව නින්දට වැටෙනුවහට මේ අනුසස් පසයි.
Pali BJTකිම්බිලවග්ගො පඨමො.
Sinhala BJTකිම්බිලවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකිම්බිලො{2} ධම්මසවණං{3} ආජානීයො{4} බලං ඛිලං විනිබන්ධං යාගු කට්ඨං ගීතං මුට්ඨස්සතිනා චාති.
Sinhala BJTකිම්බිල සූත්‍රය, ධම්මසවණ සූත්‍රය, ආජානීය සූත්‍රය, බල සූත්‍රය, චේතෝඛිල සූත්‍රය, චේතෝවිනිබන්‍ධ සූත්‍රය, යාගු සූත්‍රය, දන්තකට්ඨ සූත්‍රය, ගීතස්සර සූත්‍රය, මුට්ඨස්සති සූත්‍රය දැයි දශයෙකි.
Pali BJT2. අක්කොසකවග්ගො
Sinhala BJT2. අක්කෝසක වර්‍ගය
Pali BJT5. 5. 2. 1.
Sinhala BJT5. 5. 2. 1.
Pali BJT[අක්කොසකසුත්තං]
Sinhala BJT[අක්කෝසක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. යො සො භික්ඛවෙ භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං, තස්ස පඤ්ච ආදීනවා පාටිකඞ්ඛා. කතමෙ පඤ්ච:
Sinhala BJT11. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්ට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යනට උපවාද කරන සුලු වේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමැති විය යුතු ය. කවර පසෙක යත්:
Pali BJTපාරාජිකො වා හොති ඡින්නපරිපන්ථො, අඤ්ඤතරං වා සඞ්කිලිට්ඨං ආපත්තිං ආපජ්ජති, බාළ්හං වා රොගාතඞ්කං ඵුසති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTසුන් ලොවුතුරු දහම් ඇතියේ පරිජි අවන්නේ හෝ වෙයි. අභ්‍යන්තර කිලිටි සහිත ඇවතකට හෝ අවදනේ ය. දැඩි රෝගෝපද්‍රවයෙක් හෝ පහස්නේ ය. සම්මූඪ ව කාලක්‍රියා කරන්නේ ය. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙන්නේ ය.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු අක්කොසකපරිභාසකො අරියූපවාදී සබ්රහ්මචාරීනං, තස්ස ඉමෙ පඤ්ච ආදීනවා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යෝපවාදී වේ නම්, ඔහු විසින් මේ ආදීනව පස කැමැති වියයුතු යයි.
Pali BJT5. 5. 2. 2.
Sinhala BJT5. 5. 2. 2.
Pali BJT[භණ්ඩනකාරක සුත්තං]
Sinhala BJT[භණ්ඩනකාරක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. යො සො භික්ඛවෙ භික්ඛු භණ්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, තස්ස පඤ්ච ආදීනවා පාටිකඞ්ඛා. කතමෙ පඤ්ච:
Sinhala BJT12. මහණෙනි, යම් මහණෙක් ඩබරකරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමති වියයුතු යි. කවර පසෙක යත්:
Pali BJTඅනධිගතං නාධිගච්ඡති, අධිගතං{1} පරිහායති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTඅනධිගත ගුණවිශේෂය නො ලබන්නේ ය. අධිගත ගුණවිශේෂය පිරිහෙයි. පාපක කීර්තිශබ්දය නැඟෙයි. සම්මූඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙයි.
Pali BJTයො සො භික්ඛවෙ භික්ඛු භණ්ඩනකාරකො කලහකාරකො විවාදකාරකො භස්සකාරකො සඞ්ඝෙ අධිකරණකාරකො, තස්ස ඉමෙ පඤ්ච ආදීනවා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, යම් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඟුන් කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පස කැමති වියයුතු යි.
Pali BJT5. 5. 2. 3.
Sinhala BJT5. 5. 2. 3.
Pali BJT[සීල සුත්තං]
Sinhala BJT[සීල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච:
Sinhala BJT13. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි (=සිල්බිඳීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති, අයං භික්ඛවෙ පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTමහණෙනි, මෙහි ශීලවිපන්න (=ශීලවිපත්තියට පත්) ගිහි දුශ්ශීලයා ප්‍රමාදය නිසා මහත් භොග හානියට, (පැවිදි දුශ්ශීලයා සප්තාර්‍ය්‍යධ්‍යානහානියට) පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයාගේ පවිටු කීර්ති ඝෝෂය නැඟේ. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති: යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, අවිසාරදො උපසඞ්කමති. මඞ්කුභූතො. අයං භික්ඛවෙ තතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි යම් යම් පිරිසකට එළඹේ නම්, අවිශාරද (බියසහිත) වූයේ සැක සහිත වූයේ එළඹෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ තුන්වන ආදීනවය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීල විපත්තියා.
Sinhala BJTතවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා මුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ සිව් වන ආදීනවය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති අයං භික්ඛවෙ පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි මේ පස්වන ආදීනවය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිප්පත්තියා.
Sinhala BJTමහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, සිල්වතාගේ ශීලසම්පත්තියෙහි (=සිල් පිරීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං භික්ඛවෙ පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTමහණෙනි, මෙහි සීලසම්පන්න සිල්වත් (ගිහියා) අප්‍රමාදය නිසා මහත් භොග රාශිය (පැවිද්දා ආර්‍ය්‍ය ධනය) ලබයි. මහණෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ පළමුවන අනුසස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං භික්ඛවෙ දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත්හට යහපත් කීර්ති ඝෝෂයෙක් නැඟේ. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ දෙවන අනුසස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං, විසාරදො උපසඞ්කමති, අමඞ්කුභූතො අයං භික්ඛවෙ තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් යම් යම් පිරිසකට ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි එළඹේ නම්, විශාරද (නිර්භීත) වූයේ නිසැක වූයේ එළඹෙයි. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ තුන්වන අනුසස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං භික්ඛවෙ චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් නොමුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, සිල්වත්හට සීලසම්පත්තියෙහි මේ සිව්වන අනුසස යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං භික්ඛවෙ පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතවද මහණෙනි, ශීලවසම්පන්න සිල්වත් කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සිල්වත්හට ශීලසම්පත්ති යෙහි මේ පස්වන අනුසස යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා සීලවතො සිලසම්පදායාති.
Sinhala BJTමහණෙනි, මේ සිල්වත්හට ශීලසම්පදාවෙහි අනුසස් පස යි. (මේ සූත්‍රය ගිහි පැවිදි දෙපසට ම සුදුසුසේ යෙදේ.)
Pali BJT5. 5. 2. 4.
Sinhala BJT5. 5. 2. 4.
Pali BJT[බහුභාණී සුත්තං]
Sinhala BJT[බහුභාණී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා බහුභාණියස්මිං පුග්ගලෙ. කතමෙ පඤ්ච.
Sinhala BJT14. මහණෙනි, බහුභාණී (ප්‍රඥාවෙන් නො පිරිසිඳ බොහෝ කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTමුසා භණති, පිසුනං භණති, ඵරුසං භණති, සම්ඵප්පලාපං භණති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTබොරු කියයි. පිසුනු කියයි. රළුබස් කියයි. හිස්බස් කියයි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා බහුභාණිස්මිං පුග්ගලෙ.
Sinhala BJTමහණෙනි, මේ බහුභාණී පුද්ගලයා කෙරෙහි ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා මන්තභාණිස්මිං පුග්ගලෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මන්තභාණී (=නුවණින් දැන කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTන මුසා භණති, න පිසුනං භණති, න ඵරුසං භණති, න සම්ඵප්පලාපං භණති. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා මන්තභාණිස්මිං පුග්ගලෙති.
Sinhala BJTබොරු නො කියයි. පිසුනු නො කියයි. රළුබස් නො කියයි. හිස්බස් නො කිය යි. කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි. මේ මන්තභාණී පුද්ගලයා කෙරෙහි අනුසස් පස යි.
Pali BJT5. 5. 2. 5.
Sinhala BJT5. 5. 2. 5.
Pali BJT[පඨම අක්ඛන්තිසුත්තං]
Sinhala BJT[ප්‍රථම අක්ඛන්ති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අක්ඛන්තියා. කතමෙ පඤ්ච:
Sinhala BJT15. මහණෙනි, අක්‍ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTබහුනො ජනස්ස අප්පියො හොති අමනාපො, වෙරබහුලො ච හොති, වජ්ජබහුලො ච, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTබොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්‍ය බහුල ද වෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා අක්ඛන්තියා.
Sinhala BJTමහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ ආදීනව පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා ඛන්තියා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTබහුනො ජනස්ස පියො හොති මනාපො, න වෙරබහුලො හොති, න වජ්ජබහුලො, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති.
Sinhala BJTබොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්‍ය බහුල නො වේ. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ඛන්තියාති.
Sinhala BJTමහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 2. 6.
Sinhala BJT5. 5. 2. 6.
Pali BJT[දුතිය අක්ඛන්තිසුත්තං]
Sinhala BJT[ද්විතීය අක්ඛන්ති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අක්ඛන්තියා. කතමෙ පඤ්ච:
Sinhala BJT16. මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTබහුනො ජනස්ස අප්පියො හොති අමනාපො, ලුද්දො ච හොති, විප්පටිසාරී ච, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTබොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. රෞද්‍ර ද වෙයි. විපිළිසර ඇති යේ ද වෙයි. මුළා වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා අක්ඛන්තියා.
Sinhala BJTමහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා ඛන්තියා. කතමෙ පඤ්ච.
Sinhala BJTමහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTබහුනො ජනස්ස පියො හොති මනාපො, අලුද්දො ච හොති, අවිප්පටිසාරී ච, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTබොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රෞද්‍ර ද නො වෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. මුළා නො වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා ඛන්තියාති.
Sinhala BJTමහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 2. 7.
Sinhala BJT5. 5. 2. 7.
Pali BJT[පඨමඅපාසාදික සුත්තං]
Sinhala BJT[ප්‍රථම අපාසාදික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අපාසාදිකෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT17. මහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද කෙරෙයි. විඥයෝ දැන ගර්‍හා කරත්. ලාමක කීර්තිශබ්දයෙක් නැඟෙයි. සම්මූඪ ව කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා අපාසාදිකෙ.
Sinhala BJTමහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ පඤ්ච ආදීනවා පාසාදිකෙ කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTතෙමේත් තමහට උපවාද නො කරයි. විඥයෝ දැන පසස්නාහ. කලණකිත්හඬ නැඟෙයි. අසම්මුඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා පාසාදිකෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 2. 8.
Sinhala BJT5. 5. 2. 8.
Pali BJT[දුතියඅපාසාදිකසුත්තං]
Sinhala BJT[ද්විතීය අපාසාදික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අපාසාදිකෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT18. මහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅප්පසන්නා නප්පසීදන්ති, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොති, සත්ථුසාසනං අකතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති, චිත්තමස්ස නප්පසීදති.
Sinhala BJTනො පහන්හු නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. ශාස්තෘ ශාසනය නො කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත නො පහදී.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආදීනවා අපාසාදිකෙ.
Sinhala BJTමහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ දොස් පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා පාසාදිකෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅප්පසන්නා පසීදන්ති, පසන්නානඤ්ච භිය්යො භාවො හොති, සත්ථු සාසනං කතං හොති, පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති, චිත්තමස්ස පසීදති.
Sinhala BJTඅප්‍රසන්නයෝ පහදනාහ. ප්‍රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. ශාස්තෘශාසනය කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත පැහැදෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා පාසාදිකෙති.
Sinhala BJTමහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පස යි.
Pali BJT5. 5. 2. 9.
Sinhala BJT5. 5. 2. 9.
Pali BJT[අග්ගිසුත්තං]
Sinhala BJT[අග්ගි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා අග්ගිස්මිං. කතමෙ පඤ්ච:
Sinhala BJT19. මහණෙනි, ගින්නෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅචක්ඛුස්සො, දුබ්බණ්ණකරණො, දුබ්බලකරණො, සඞ්ගණිකාපවද්ධනො, තිරච්ඡානකථාපවත්තනිකො.{1}
Sinhala BJTඇසට අහිත වෙයි. දුර්වර්‍ණ කරනුයේ වෙයි. දුර්‍වල කරනුයේ වෙයි. ගණසඞ්ගණිකා වඩනුයේ වෙයි. තිරශ්චීනකථා පිණිස පවත්නේ වේ.
Pali BJTඉමෙ භික්ඛවෙ පඤ්ච: ආදීනවා අග්ගිස්මින්ති.
Sinhala BJTමහණෙනි, අගතියෙහි මේ පස් ආදීනව යි.
Pali BJT5. 5. 2. 10.
Sinhala BJT5. 5. 2. 10.
Pali BJT[මධුරාසුත්තං]
Sinhala BJT[මධුරා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. පඤ්චිමෙ භික්ඛවෙ ආදීනවා මධුරායං. කතමෙ පඤ්ච:
Sinhala BJT20. මහණෙනි, මධුරානගරයෙහි මේ ආදීනව පසෙක. කවර පසෙක යත්: