Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7701-7800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො ඉමෙ පඤ්ච මහා සුපිනා පාතුරහෙසුන්ති.
Sinhala BJTමහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහිම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ පඤ්චමහාස්වප්නයෝ පහළ වූහයි.
Pali BJT5. 4. 5. 7.
Sinhala BJT5. 4. 5. 7.
Pali BJT[වස්සන්තරායසුත්තං]
Sinhala BJT[වස්සනතරාය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. පඤ්චිමෙ භික්ඛවෙ, වස්සස්ස අන්තරායා, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.{2} කතමෙ පඤ්ච:
Sinhala BJT47. මහණෙනි, යම් වැසි අන්තරායක් නිමිත්තපාඨකයෝ නො දන්නාහු නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ චක්‍ෂුස නොවදනේ නම්, මේ ඒ වැසි අන්තරාය පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඋපරි භික්ඛවෙ, ආකාසෙ තෙජොධාතු පකුප්පති, තෙන උප්පන්නා මෙඝා පටිවිගච්ඡන්ති. අයං භික්ඛවෙ, පඨමො වස්සස්ස අන්තරායො යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.
Sinhala BJTමහණෙනි, උස් අහස්හි තේජෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (වලා) දැවී පහව යෙත්. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක්හි නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, වැසි පිළිබඳ මේ ඒ පළමුවන අන්තරාය වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, උපරි ආකාසෙ වායොධාතු පකුප්පති තෙන උප්පන්නා මෙඝා පටිවිගච්ඡන්ති. අයං භික්ඛවෙ, දුතියො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.
Sinhala BJTතවද මහණෙනි, උස් අහස්හි වායෝධාතුව කිපෙයි. එයින් උපන් මේඝයෝ (විසිරී) පහව යෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ චක්‍ෂුස නො වදනේ නම්, මේ ඒ දෙවන වැසි අන්තරාය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, රාහු අසුරින්දො පාණිනා උදකං සම්පටිච්ඡිත්වා{3} මහාසමුද්දෙ ඡඩ්ඩෙති. අයං භික්ඛවෙ, තතියො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.
Sinhala BJTතවද මහණෙනි, රාහු අසුරෙන්‍ද්‍ර අත්ලෙන් දියගෙණ (උතුසමුට්ඨාන ජලය දොහොතින් ගෙණ) මහමුහුදෙහි හෙළන්නේය. මහණෙනි, නිමිත්තපාඨකයෝ යමක් නො දනිත් නම්, යමෙක්හි නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ තෙවන වැසි අන්තරාය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, වස්සවලාහකා දෙවා පමත්තා හොන්ති. අයං භික්ඛවෙ, චතුත්ථො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.
Sinhala BJTතවද මහණෙනි, වැසිවලාදෙවියෝ (කෙළිදෙලින්) ප්‍රමත්ත වෙති. මහණෙනි, යමක් නෛමිත්තකයෝ නො දනිත් නම්, යමෙක නෛමිත්තකයන්ගේ ඇස නො වැදගන්නේ නම්, මේ ඒ සතරවන වැසි අන්තරාය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, මනුස්සා අධම්මිකා හොන්ති. අයං භික්ඛවෙ, පඤ්චමො වස්සස්ස අන්තරායො, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමති.
Sinhala BJTතවද මහණෙනි, මනුෂ්‍යයෝ අධාර්මික වෙති. මහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මේ ඒ පස්වන වැසි අන්තරාය යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච වස්සස්ස අන්තරායා, යං නෙමිත්තා න ජානන්ති, යත්ථ නෙමිත්තානං චක්ඛුං න කමතීති.
Sinhala BJTමහණෙනි, යමක් නිමිත්තපාඨකයෝ නො දනිත් නම්, යමෙක නිමිත්තපාඨකයන්ගේ ඇස නො වදනේ නම්, මෙ ඒ වැසි අන්තරාය පසයි.
Pali BJT5. 4. 5. 8.
Sinhala BJT5. 4. 5. 8.
Pali BJT[සුභාසිතවාචාසුත්තං]
Sinhala BJT[සුභාසිතවාචා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි, සමන්නාගතා වාචා සුභාසිතා හොති, නො දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වචනය සුභාෂිතය වෙයි. දුර්‍භාෂිත නො වෙයි, අනවද්‍ය ද වෙයි, නුවණැතියන් විසින් නො ගැරැහිය යුතු ද වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTකාලෙන ච භාසිතා හොති, සච්චා ච භාසිතා හොති, සණ්හා ච භාසිතා හොති, අත්ථසංහිතා ච භාසිතා හොති, මෙත්තචිත්තෙන ච භාසිතා හොති.
Sinhala BJTකාලභාෂිතද (නිසි කල්හි කියනලදුයේ) වෙයි. සත්‍යභාෂිත ද වෙයි. ශලක්‍ෂණභාෂිත ද (සිලුටු වචන) වෙයි. අර්‍ත්‍ථසංහිත භාෂිත ද වෙයි. මෙත් සිතින් (කියන) භාෂිත ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වචනය සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි, නිරවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහිය යුතු ද වේ යයි.
Pali BJT5. 4. 5. 9.
Sinhala BJT5. 4. 5. 9.
Pali BJT[කුලසුත්තං]
Sinhala BJT[කුල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. යස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තො පබ්බජිතා කුලං{1} උපසඞ්කමන්ති, තත්ථ මනුස්සා පඤ්චහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT49. මහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයකට එළඹෙත් නම්, එහි මිනිස්සු කරුණු පසෙකින් බොහෝ පින් ප්‍රසව කෙරෙත්. කවර පසෙකින් යත්:
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා දිස්වා චිත්තානි පසාදෙන්ති,{2} සග්ගසංවත්තනිකං භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක සිත් පහදවත් නම්, මහණෙනි, එ කුලය එ සමයෙහි ස්වර්‍ගය පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා පච්චුට්ඨෙන්ති, අභිවාදෙන්ති, ආසනං දෙන්ති, උච්චාකුලීනසංවත්තනිකං භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් දැක මනුෂ්‍යයෝ ප්‍රත්‍යුත්‍ථාන කෙරෙත් ද, (හුනස්නෙන් නැගිටිත් ද, අභිවාදනා කෙරෙත් ද, අසුන් දෙත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය උසස් කුලවත් බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා මච්ඡෙරමලං පටිවිනොදෙන්ති,{3} මහෙසක්ඛසංවත්තනිකං භික්ඛවෙ තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මනුෂ්‍යයෝ මසුරුමල දුරු කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහායශෂ්ක (මහයස පිරිවර ඇතිවන) බව සඳහා පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ, සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා යථාසත්ති යථාබලං සංවිභජන්ති, මහාභොගසංවත්තනිකං භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක කුලයට එළඹෙන සිල්වත් පැවිද්දනට මිනිස්සු ශක්ති වූ පරිදි බල වූ පරිදි දාන සංවිභාග කෙරෙත් නම්, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා භොග පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තෙ පබ්බජිතෙ කුලං උපසඞ්කමන්තෙ මනුස්සා පරිපුච්ඡන්ති, පරිපඤ්හන්ති, ධම්මං සුණන්ති, මහා පඤ්ඤසංවත්තනිකං භික්ඛවෙ, තං කුලං තස්මිං සමයෙ පටිපදං පටිපන්නං හොති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක්හි මිනිස්සු කුලයට එළඹෙන සිල්වත් පැවිද්දන් පරිපෘච්ඡා කෙරෙත් ද, පරිප්‍රශ්න කෙරෙත් ද, (ඔවුන්ගෙන්) ධර්‍මය අසත් ද, මහණෙනි, එ සමයෙහි එ කුලය මහා ප්‍රඥා පිණිස පවත්නා පිළිවෙතට පිළිපන්නේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ සීලවන්තො පබ්බජිතා කුලං{4} උපසඞ්කමන්ති, තත්ථ මනුස්සා ඉමෙහි පඤ්චහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිල්වත් පැවිද්දෝ කුලයට එළඹෙත් නම්, එහි මිනිස්සු මෙ කරුණු පසින් බොහෝ පින් ප්‍රසව (රැස්) කරන්නාහයි.
Pali BJT5. 4. 5. 10.
Sinhala BJT5. 4. 5. 10.
Pali BJT[නිස්සාරණීය සුත්තං]
Sinhala BJT[නිස්සාරණීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. පඤ්චිමා භික්ඛවෙ, නිස්සාරණීයා{1} ධාතුයො. කතමා පඤ්ච:
Sinhala BJT50. මහණෙනි, මේ නිස්සාරණීය ධාතුහු (නික්මීමෙහි - වෙන්වීමෙහි ධර්‍ම) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො කාමෙ මනසිකරොතො කාමෙසු චිත්තං න පක්ඛන්දති. නප්පසීදති, න සංතිට්ඨති, න විමුච්චති. නෙක්ඛම්මං ඛො පනස්ස මනසිකරොතො නෙක්ඛම්මෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති. විමුච්චති. තස්ස තං චිත්තං සුගතං{2} සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං කාමෙහි. යෙ ච කාමපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං කාමානං නිස්සරණං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි කාමයන් මෙනෙහි කරණ මහණහුගේ සිත කාමයන්හි නො බැසගන්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත (මිදුනේ) නො වන්නේ ය. (අශුභයෙහි ප්‍රථමධ්‍යාන සඞ්ඛ්‍යාත) නෛෂ්ක්‍රම්‍යය මෙනෙහි කරණ ඔහුගේ සිත එහි බැසගන්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනොවට අශුභභාවනාවට ගියේ සුභාවිත වූයේ කාමයන්ගෙන් මොනවට නැඟීසිටියේ කාමයන්ගෙන් මොනොවට මිදුනේ කාමයන් කෙරෙන් මොනවට විසංයුක්ත වූයේ වෙයි. කාමයන් හේතුකොට දුක් වූ පරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හේ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙ එ කාමවේදනා නො විඳුනේ ය. මෙ (අශුභධ්‍යානය) කාමයන්ගේ නිඃසරණය යි කියන ලද.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො ව්යාපාදං මනසිකරොතො ව්යාපාදෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. අව්යාපාදං ඛො පනස්ස මනසිකරොතො අව්යාපාදෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. තස්ස තං චිත්තං සුගතං{2} සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං ව්යාපාදෙන. යෙ ච ව්යාපාදපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං ව්යාපාදස්ස නිස්සරණං.
Sinhala BJTතවද මහණෙනි, ව්‍යාපාදය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත ව්‍යාපාදයෙහි නො හෙයි. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අව්‍යාපාදය මෙනෙහි කරණ ඔහුගේ සිත (මෛත්‍රීධ්‍යාන සඞ්ඛ්‍යාත) අව්‍යාපාදයෙහි පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ ඒ මෛත්‍රීධ්‍යාන චිත්තය මොනවට මෛත්‍රීධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට ව්‍යාපාදයෙන් නැඟී සිටියේ මොනවට අධිමුක්ත වූයේ ව්‍යාපාදයෙන් මොනවට විසංයුක්ත වෙයි. ව්‍යාපාදප්‍රත්‍යයයෙන් යම් දුඃඛපරිදාහකර ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ එයින් මුක්ත වෙයි. හෙ ඒ ව්‍යාපාදවේදනාව නො විඳුනේ ය. මෙ මෛත්‍රීධ්‍යාන ව්‍යාපාදනිඃසරණය යි කියන ලද.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො විහෙසං මනසිකරොතො විහෙසාය චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. අවිහෙසං ඛො පනස්ස මනසිකරොතො අවිහෙසාය චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං විහෙසාය. යෙ ච විහෙසාපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං විහෙසාය නිස්සරණං.
Sinhala BJTතවද මහණෙනි, විහිංසාව මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත විහිංසායෙහි නො බස්නේ ය. එහි නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. (කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත) අවිහිංසාව මෙනෙහි කරණ ඔහුගේ සිත කරුණාධ්‍යාන සඞ්ඛ්‍යාත අවිහිංසායෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. මොනවට කරුණාවට ගිය ඔහුගේ එ සිත සුභාවිතය. මොනවට නැඟී සිටියේ ය. සුවිමුක්ත ය. විහිංසායෙන් මොනවට විසංයුක්ත ය. විහිංසාප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙ ඔවුන්ගෙන් මුක්ත වයි. හෙ එ විහිංසා වේදනාව නො විඳුනේ ය. මේ කරුණාධ්‍යානය විහිංසාවගේ නිඃසරණය යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො රූපං මනසිකරොතො රූපෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. අරූපං ඛො පනස්ස මනසිකරොතො අරූපෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං රූපෙහි. යෙ ච රූපපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං රූපානං නිස්සරණං.
Sinhala BJTතවද මහණෙනි, රූපය මෙනෙහි කරණ භික්‍ෂුහුගේ චිත්තය රූපයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. අරූපාරම්මණය මෙනෙහි කරණ ඔහුගේ සිත අරූපධ්‍යානයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට අරූපධ්‍යානයට ගියේ සුභාවිත වූයේ මොනවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ රූපයන්ගෙන් මොනවට විසංයුක්ත වෙයි. රූප ප්‍රත්‍යය කොට දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් , හෙ ඔවුන්ගෙන් මුක්ත වෙයි. හෙතෙම එ වේදනා නො විඳුනේ ය. මෙ අරූප ධ්‍යානය රූපයන්ගේ නිස්සරණය යි කියන ලද.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛුනො සක්කායං මනසිකරොතො සක්කායෙ චිත්තං න පක්ඛන්දති, නප්පසීදති, න සන්තිට්ඨති, න විමුච්චති. සක්කායනිරොධං ඛො පනස්ස මනසිකරොතො සක්කායනිරොධෙ චිත්තං පක්ඛන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං සුවුට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං සක්කායෙන. යෙ ච සක්කායපච්චයා උප්පජ්ජන්ති ආසවා විඝාතපරිළාහා, මුත්තො සො තෙහි. න සො තං වෙදනං වෙදියති. ඉදමක්ඛාතං සක්කායස්ස නිස්සරණං.
Sinhala BJTතවද මහණෙනි සත්කාය (පඤ්චෝපාදානස්කන්‍ධය) මෙනෙහි කරණ භික්‍ෂුහුගේ සිත සත්කායයෙහි නො බස්නේ ය. නො පහදනේ ය. නො සිටුනේ ය. අධිමුක්ත නො වන්නේ ය. සත්කායනිරෝධය මෙනෙහි කරණ ඔහුගේ සිත සත්කායනිරෝධයෙහි බස්නේ ය. පහදනේ ය. සිටුනේ ය. අධිමුක්ත වන්නේ ය. ඔහුගේ එ සිත මොනවට සත්කායනිරෝධයට ගියේ සුභාවිත වූයේ මොනොවට නැඟී සිටියේ සුවිමුක්ත වූයේ සත්කායයෙන් මොනවට විසංයුක්ත වෙයි. සත්කායප්‍රත්‍යයයෙන් දුඃඛපරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම්, හෙතෙම ඔවුන් කෙරෙන් මිදුනේ වෙයි. හෙ එ වේදනාව නො විඳුනේ ය. (අර්‍හත් ඵලසමාපත් සිත) සත්කායයාගේ නිඃසරණය යි කියන ලද.
Pali BJTතස්ස කාමනන්දිපි නානුසෙති, ව්යාපාදනන්දිපි නානුසෙති, විහෙසානන්දිපි නානුසෙති, රූපනන්දිපි නානුසෙති, සක්කායනන්දිපි නානුසෙති. සො කාමනන්දියාපි අනනුසයා, ව්යාපාදනන්දියාපි අනනුසයා විහෙසා නන්දියාපි අනනුසයා, රූපනන්දියාපි අනනුසයා, සක්කායනන්දියාපි අනනුසයා. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු නිරනුසයො අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි{1} සංයොජනං, සම්මා මානාභිසමයා අන්තමකාසි දුක්ඛස්ස.
Sinhala BJTඔහුගේ කාමනන්‍දිය ද අනුශය (ඉපදීම) නො කෙරෙයි. ව්‍යාපාදනන්‍දිය ද අනුශය නො කෙරෙයි. විහිංසානන්‍දිය ද අනුශය නො කෙරෙයි. රූපනන්‍දිය ද අනුශය නො කෙරෙයි. සත්කායනන්‍දිය ද අනුශය නො කෙරෙයි. කාමනන්‍දිද අනුශය නො කිරීමෙන් ව්‍යාපාදනන්‍දි ද අනුශය නො කිරීමෙන් විහිංසානන්‍දි ද අනුශය නො කිරීමෙන් රූපනන්‍දි ද අනුශය නො කිරීමෙන් සත්කායනන්‍දිය ද අනුශය නො කිරීමෙන් මෙ මහණ අනුශය නැතියේ තෘෂ්ණාව මුලුසුන් කළේ යයි ද සංයෝජන මුලිනුදුරා ලූයේ යයි ද මැනවින් මානයාගේ ප්‍රහාණාභිසමයෙන් දුක් කෙළවර කෙළේයයි ද කියනු ලැබේ
Pali BJTඉමා ඛො භික්ඛවෙ, පඤ්ච නිස්සාරණීයා ධාතුයොති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චනිස්සාරණීය ධාතුහු යි.
Pali BJTසොණවග්ගො පඤ්චමො
Sinhala BJTසෝණවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසොණො දොණො සඞ්ගාරවො කාරණපාලී ච පිඞ්ගියානී. සුපිනා ච වස්සා වාචා කුලං නිස්සාරණීයෙන චාති.
Sinhala BJTසෝණ සූත්‍රය, ද්‍රෝණ සූත්‍රය, සඞ්ගාරව සූත්‍රය, කාරණපාලි සූත්‍රය, පිඞ්ගියානී සූත්‍රය, මහා සුපින සූත්‍රය, වස්සන්තරාය සූත්‍රය, සුභාසිතවාචා සූත්‍රය, කුල සූත්‍රය, නිස්සාරණීය සූත්‍රය දැයි දසයෙකි.
Pali BJTචතුත්ථො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTසතරවන පණ්ණාසකය සමාප්තයි.
Pali BJT5. පඤ්චමපණ්ණාසකං.
Sinhala BJT5. පස්වන පණ්ණාසකය
Pali BJT1. කිම්බිලවග්ගො.
Sinhala BJT1. කිම්බිල වර්‍ගය
Pali BJT5. 5. 1. 1.
Sinhala BJT5. 5. 1. 1.
Pali BJT[කිම්බිලසුත්තං]
Sinhala BJT[කිම්බිල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. එකං සමයං භගවා කිම්බිලායං{1} විහරති, නිචෙලුවනෙ.{2} අථ ඛො ආයස්මා කිම්බිලො{3} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කිම්බිලො{3} භගවන්තං එතදවොච:
Sinhala BJT1. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගර සමීපයෙහි වූ මිදෙල්වෙනෙහි වසන සේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල (කෘමිලා) තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන්වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
Pali BJT‘කො නු ඛො භන්තෙ, හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතීති’.
Sinhala BJTවහන්ස, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, එයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යී.
Pali BJTඉධ කිම්බිල,{4} තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛු භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි අගාරවා විහරන්ති අප්පතිස්සා. ධම්මෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සඞ්ඝෙ අගාරවා විහරන්ති අප්පතිස්සා, සික්ඛාය අගාරවා විහරන්ති අප්පතිස්සා, අඤ්ඤමඤ්ඤං අගාරවා විහරන්ති අප්පතිස්සා. අයං ඛො කිම්බිල, හෙතු අයං පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොතීති.
Sinhala BJTකිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි භික්‍ෂුහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ සථරුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය (ආශ්‍රය) නැතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. ඔවුනොවුන් කෙරෙහි ගෞරව නැතියාහු ප්‍රතිශ්‍රය නැතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී නො වේ නම්, මේ (එයට) හේතු ය, මේ (එයට) ප්‍රත්‍යයයි.
Pali BJTකො පන භන්තෙ, හෙතු කො පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, එයට හේතු කවරැ? එයට ප්‍රත්‍ය කවරැ?යි.
Pali BJTඉධ කිම්බිල, තථාගතෙ පරිනිබ්බුතෙ භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො සත්ථරි සගාරවා විහරන්ති සප්පතිස්සා. ධම්මෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සඞ්ඝෙ සගාරවා විහරන්ති සප්පතිස්සා, සික්ඛාය සගාරවා විහරන්ති සප්පතිස්සා, අඤ්ඤමඤ්ඤං සගාරවා විහරන්ති සප්පතිස්සා. අයං ඛො කිම්බිල, හෙතු අයං පච්චයො, යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී’ති.
Sinhala BJTකිම්බිලයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණහු මෙහෙණහු උවසුහු උවැසියෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. සඞ්ඝයා කෙරෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. උනුනට ගෞරව ඇතියාහු ප්‍රතිශ්‍රය ඇතියාහු වෙසෙත්. කිම්බිලයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථායී වේ නම්, මේ එයට හේතු ය, මේ එයට ප්‍රත්‍යය යි.
Pali BJT5. 5. 1. 2.
Sinhala BJT5. 5. 1. 2.
Pali BJT[ධම්මසවණ සුත්තං]
Sinhala BJT[ධම්මසවණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා ධම්මසවණෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT2. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පසෙක කවර පසෙක යත්:
Pali BJTඅස්සුතං සුණාති, සුතං පරියොදපෙති, කඞ්ඛං විතරති, දිට්ඨිං උජුං කරොති, චිත්තමස්ස පසීදති. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා ධම්මසවණෙති.
Sinhala BJTඅශ්‍රැතය (නො ඇසූ විරූ දෙය) අසන්නේ ය. ශ්‍රැතය (ඇසූ විරූ දෙය) පිවිතුරු කරන්නේ ය. සැක දුරුකරන්නේ ය. දෘෂ්ටිය ඍජු කරන්නේ ය. ඔහුගේ සිත පහදනේ ය. මහණෙනි, ධර්‍මශ්‍රවණයෙහි මෙ අනුසස් පස යි.
Pali BJT5. 5. 1. 3.
Sinhala BJT5. 5. 1. 3.
Pali BJT[ආජානීයසුත්තං]
Sinhala BJT[අජානීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති, රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ භද්‍ර අශ්වාජානීයයා රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රජුගේ රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅජ්ජවෙන, ජවෙන, මද්දවෙන, ඛන්තියා, සොරච්චෙන. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති, රාජභොග්ගො, රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTඍජුත්‍වයෙන් (අවඞ්කගමන), ජවයෙන (පදජවය), මෘදුත්‍වයෙන (සිරුරුමෘදුබව), ක්‍ෂාන්තියෙන (ඉවසීම), සුරතභාවයෙන. මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ භද්‍රාශ්වාජානීය රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. රාජාඞ්ග සඞ්ඛ්‍යාවට ම යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එ සෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅජ්ජවෙන, ජවෙන, මද්දවෙන, ඛන්තියා, සොරච්චෙන. ඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTඍජුත්‍වය (ඥානයාගේ ඍජු ගමන), ජවය (සූර ඥානවත්භාවය) මෘදුත්‍වය (මෘදුසිල් ඇති බව), ක්‍ෂාන්තිය (අධිවාසන ක්‍ෂාන්තිය), සුරතභාවය යන මෙයිනි. මහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි
Pali BJT5. 5. 1. 4.
Sinhala BJT5. 5. 1. 4.
Pali BJT[බලසුත්තං]
Sinhala BJT[බල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. පඤ්චිමානි භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච:
Sinhala BJT4. මහණෙනි, මෙ බල පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසද්ධාබලං, හිරිබලං, ඔත්තප්පබලං, විරියබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච බලානීති.
Sinhala BJTශ්‍රද්ධාබලය, ශ්‍රීබලය, ඔත්තප්පබලය, වීර්‍ය්‍යබලය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල පස යි.
Pali BJT5. 5. 1. 5.
Sinhala BJT5. 5. 1. 5.
Pali BJT[චෙතොඛිලසුත්තං]
Sinhala BJT[චේතෝඛිල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. පඤ්චිමෙ භික්ඛවෙ, චෙතොඛිලා. කතමෙ පඤ්ච:
Sinhala BJT5. මහණෙනි, මෙ චේතෝඛිල (සිත්හි තදබැව්) පසෙක. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. යො සො භික්ඛවෙ, භික්ඛු සත්ථරි කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඨමො චෙතොඛිලො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ස්ථරුන් කෙරෙහි සැක කෙරෙයි. විචිකිච්ඡා කෙරෙයි. අධිමෝක්‍ෂ නො කෙරෙයි. ප්‍රසාද නො කෙරෙයි. මහණෙනි, යම් මහණෙක් ස්ථරුන් කෙරෙහි සැක කෙරේ ද, විචිකිච්ඡා කෙරේ ද, අධිමෝක්‍ෂ නො කෙරේ ද, සම්ප්‍රසාදය නො කෙරේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියාව පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සාතත්‍යය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේ නම්, මේ ප්‍රථම චේතෝඛිල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු ධම්මෙ කඞ්ඛති -පෙ- [තස්ස චිත්තං න නමති -පෙ- අයං දුතියො චෙතොඛිලො.] සඞ්ඝෙ කඞ්ඛති -පෙ- [තස්ස චිත්තං න නමති -පෙ- අයං තතියො චෙතො ඛිලො]. සික්ඛාය කඞ්ඛති -පෙ- [තස්ස චිත්තං න නමති -පෙ- අයං චතුත්ථො චෙතො ඛිලො.] සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො. යො සො භික්ඛවෙ, භික්ඛු සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනො ආහතචිත්තො ඛිලජාතො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතොඛිලො.
Sinhala BJTතවද මහණෙනි, මහණ ධර්‍මයෙහි සැක කරයි ... [ඔහුගේ සිත ... නො නැමෙයි ... මේ දෙවන චේතෝඛිලයි] සඟුන් කෙරෙහි සැක කරයි. ... [ඔහුගේ සිත ... නොනැමෙයි ... මේ තුන්වන චේතෝඛිලයි]. ශික්‍ෂායෙහි සැක කරයි ... [ඔහු ගේ සිත ... නො නැමෙයි. මේ සතරවන චේතෝඛිලයි]. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇතියේ ගැටුනු සිත් ඇතියේ හටගත් (ක්‍රෝධ) හුල් ඇතියේ වෙයි. මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ ගැටුනුසිත් ඇතියේ හටගත් හුල් ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. යමකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතභාවය පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමේද, මෙ පස්වන චේතෝඛිල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච චෙතොඛිලාති.
Sinhala BJTමහණෙනි, මෙ චේතෝඛිල පසයි.
Pali BJT5. 5. 1. 6.
Sinhala BJT5. 5. 1. 6.
Pali BJT[විනිබන්ධසුත්තං]
Sinhala BJT[විනිබන්‍ධ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. පඤ්චිමෙ භික්ඛවෙ, චෙතසො විනිබන්ධා කතමෙ පඤ්ච:
Sinhala BJT6. මහණෙනි, මේ චිත්තයාගේ විනිබන්‍ධයෝ (සිත වෙළා බැඳලන ධර්‍මයෝ) පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු කාමෙසු{1} අවිගතරාගො{2} හොති, අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. යො සො භික්ඛවෙ, භික්ඛු කාමෙසු අවිගතරාගො හොති, අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො, තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. අයං පඨමො චෙතසො විනිබන්ධො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙහි නො පහවූ රාග ඇතියේ නො පහවූ ඡන්‍ද ඇතියේ නො පහවූ ප්‍රේම ඇතියේ නො පහවූ පිපාසා ඇතියේ නො පහවූ පරිදාහ ඇතියේ නො පහවූ තෘෂ්ණා ඇතියේ වෙයි. මහණෙනි, යම් ම මහණෙක් කාමයන්හි අවිගත රාග ඇතියේ අවිගත ඡන්‍ද ඇතියේ අවිගත ප්‍රේම ඇතියේ අවිගත පිපාසා ඇතියේ අවිගත පරිදාහ ඇතියේ අවිගත තෘෂ්ණා ඇතියේ වේ ද, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සතතක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍ය පිණිස නො නැමෙයි. මෙ චිත්තයාගේ ප්‍රථම විනිබන්‍ධ වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු කායෙ අවිගතරාගො{2} හොති, -පෙ- [අයං දුතියො චෙතසො විනිබන්ධො] -පෙ- රූපෙ අවිගතරාගො හොති -පෙ- [අයං තතියො චෙතසො විනිබන්ධො] -පෙ- යාවදත්ථං උදරාවදෙහකං{3} භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං{4} මිද්ධසුඛං අනුයුත්තො විහරති -පෙ- [අයං චතුත්ථො චෙතසො විනිබන්ධො] -පෙ- අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති: ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති. යො සො භික්ඛවෙ, භික්ඛු අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති : ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙනවා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වා’ති. තස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය. යස්ස චිත්තං න නමති ආතප්පාය අනුයොගාය සාතච්චාය පධානාය, අයං පඤ්චමො චෙතසො විනිබන්ධො.
Sinhala BJTතවද මහණෙනි, ස්වකීය කායයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ දෙවන විනිබන්‍ධය වේ] ... බාහිර රූපයෙහි අවිගත රාග ඇතියේ වෙයි. ... [චිත්තයාගේ මේ තෙවන විනිබන්‍ධය වේ.] ... කැමති තාක් කුස්පුරා අහර වළඳා ශය්‍යාසුඛයෙහි හා පාර්‍ශවසුඛයෙහි හා නිද්‍රාසුඛයෙහි හා යෙදුනේ වාසය කරයි ... [චිත්තයාගේ මේ සිව්වන විනිබන්‍ධය වේ.] … අන්‍යතර දේවනිකායක් පතා ‘මම මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තවසින් වේවයි බ්‍රම්සරින් වේවයි මහායශස්ක දෙවියෙක් හෝ (අල්පයශසක දෙවියන් අතර) අප්‍රකට දෙවියෙක් හෝ වන්නෙමි’ යි බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේය. මහණෙනි, යම් මහණෙක් මම් මේ සිවුපිරිසිදු සිලින් වේවයි ව්‍රතසමාදානයෙන් වේවයි තපචරණයෙන් වේවයි දේවයෙක් හෝ අන්‍යතර දේවයෙක් හෝ වන්නෙමි’යි එක්තරා දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම්, ඔහුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමෙයි. යමෙකුගේ සිත ආතාපය පිණිස අනුයෝගය පිණිස සත්තක්‍රියා පිණිස ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස නො නැමේ නම්, චිත්තයාගේ මේ පස්වන විනිබන්‍ධ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච චෙතසො විනිබන්ධාති.
Sinhala BJTමහණෙනි, මොහු පස්දෙන චිත්තයාගේ විනිබන්‍ධයෝ යි.
Pali BJT5. 5. 1. 7.
Sinhala BJT5. 5. 1. 7.
Pali BJT[යාගුසුත්තං]
Sinhala BJT[යාගු සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. පඤ්චිමෙ භික්ඛවෙ, ආනිසංසා යාගුයා. කතමෙ පඤ්ච:
Sinhala BJT7. මහණෙනි, හුළුකැන්හි (කැඳෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඛුදං පටිහන්ති{5}, පිපාසං පටිවිනෙති, වාතං අනුලොමෙති, වත්ථිං සොධෙති, ආමාවසෙසං පාචෙති.
Sinhala BJTසාගිනි නසයි, පවස දුරුකෙරෙයි, වාතය අනුලොම් (කොට බැහැර) කෙරෙයි, වස්තිය (ධමනීන්) ශුද්ධ කෙරෙයි, ආමාවශේෂය (නො පැසී ඉතිරි ආහාරය) පැසව යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආනිසංසා යාගුයාති.
Sinhala BJTමහණෙනි, හුළුකැන්හි මේ අනුසස් පසයි.
Pali BJT5. 5. 1. 8.
Sinhala BJT5. 5. 1. 8.
Pali BJT[දන්තකට්ඨසුත්තං]
Sinhala BJT[දන්තකට්ඨ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. පඤ්චිමෙ භික්ඛවෙ, ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනෙ. කතමෙ පඤ්ච:
Sinhala BJT8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:
Pali BJTඅචක්ඛුස්සං, මුඛං දුග්ගන්ධං හොති, රසහරණියො න විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං පරියොනන්ධති, භත්තමස්ස නච්ඡාදෙති.
Sinhala BJTඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආදීනවා දන්තකට්ඨස්ස අඛාදනො.
Sinhala BJTමහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙ. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTචක්ඛුස්සං, මුඛං න දුග්ගන්ධං හොති, රසහරණියො විසුජ්ඣන්ති, පිත්තං සෙම්හං භත්තං න පරියොනන්ධති, භත්තමස්ස ඡාදෙති.
Sinhala BJTඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආනිසංසා දන්තකට්ඨස්ස ඛාදනෙති.
Sinhala BJTමහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.
Pali BJT5. 5. 1. 9.
Sinhala BJT5. 5. 1. 9.
Pali BJT[ගීතස්සරසුත්තං]
Sinhala BJT[ගීතස්සර සූත්‍රය]