Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7601-7700 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5. 4. 5. 1.
Sinhala BJT5. 4. 5. 1.
Pali BJT[සොණ සුත්තං]
Sinhala BJT[සෝණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. පඤ්චිමෙ භික්ඛවෙ පොරාණා බ්රාහ්මණධම්මා එතරහි සුනඛෙසු සන්දිස්සන්ති නො බ්රාහ්මණෙසු. කතමෙ පඤ්ච:
Sinhala BJT42. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍ම (බමුණු සිරිත්) පසෙක් මෙ කල්හි ශුනකයන් කෙරෙහි දක්නා ලැබෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො දක්නා ලැබෙයි. කවර පසෙක යත්:
Pali BJTපුබ්බෙ සුදං භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිං යෙව ගච්ඡන්ති,{1} නො අබ්රාහ්මණිං. එතරහි භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිම්පි ගච්ඡන්ති. අබ්රාහ්මණිම්පි ගච්ඡන්ති. එතරහි භික්ඛවෙ සුනඛා සුනඛිං යෙව ගච්ඡන්ති, නො අසුනඛිං. අයං භික්ඛවෙ පඨමො පොරාණො බ්රාහ්මණධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සති, නො බ්රාහ්මණෙසු.
Sinhala BJTමහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක කරා ම යෙත්. අබ්‍රාහ්මණියක කරා නොයෙත්. මහණෙනි, මෙකල්හි බ්‍රාහ්මණයෝ බැමිණිය කරා ද යෙත්. නොබැමිණිය කරා ද යෙත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකිය වෙත ම යෙති. අශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පළමුවැනි පැරණි වූ බ්‍රාහ්මණ ධර්‍මය දැන් ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
Pali BJTපුබ්බෙ සුදං භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිං උතුනිං යෙව ගච්ඡන්ති, නො අනුතුනිං. එතරහි භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිං උතුනිම්පි ගච්ඡන්ති, අනුතුනිම්පි ගච්ඡන්ති, එතරහි භික්ඛවෙ සුනඛා සුනඛිං උතුනිං යෙව ගච්ඡන්ති, නො අනුතුනිං. අයං භික්ඛවෙ දුතියො පොරාණො බ්රාහ්මණ ධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සති, නො බ්රාහ්මණෙසු.
Sinhala BJTමහණෙනි, පෙර බමුණෝ ඔසප්වූ බැමිණිය වෙත ම යෙති, ඔසප් නො වූ බැමිණිය වෙත නොයත්. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ ඔසප් වූ බැමිණිය වෙත ද යෙති. ඔසප් නො වූ බැමිණිය වෙත ද යෙත්. මහණෙනි, මෙ වක්හි ශුනකයෝ ඔසප් වූ ම ශුනකිය වෙත යෙති. ඔසප් නොවූ ශුනකිය වෙත නො යෙත්. මහණෙනි, මේ පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණේ.
Pali BJTපුබ්බෙ සුදං භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිං නෙව කිණන්ති,{2} නො වික්කිණන්ති{3}. සම්පියෙනෙව සංවාසං සංසග්ගත්ථාය{4} සම්පවත්තෙන්ති. එතරහි භික්ඛවෙ බ්රාහ්මණා බ්රාහ්මණිං කිණන්තිපි, වික්කිණන්තිපි. සම්පියෙනපි සංවාසං සංසග්ගත්ථාය සම්පවත්තෙන්ති. අසම්පියෙනපි සංවාසං සංසග්ගත්ථාය සම්පවත්තෙන්ති. එතරහි භික්ඛවෙ සුනඛා සුනඛිං නෙව කිණන්ති, නො වික්කිණන්ති. සම්පියෙනෙව සංවාසං සංසග්ගත්ථාය සම්පවත්තෙන්ති. අයං භික්ඛවෙ තතියො පොරාණො බ්රාහ්මණධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සති, නො බ්රාහ්මණෙසු.
Sinhala BJTමහණෙනි, පූර්‍වයෙහි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක ගන්නෝ මිලදී නො ගනිති. දෙන්නෝ නො ම විකුණති. අන්‍යෝන්‍ය සත් (විද්‍යමාන) ප්‍රේමයෙන් ම කුල පරම්පරාව ඝටනු පිණිස සංවාසය පවත්වති. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියක මිලදී ද ගනිති, විකුණන්නාහු ද වෙති. අන්‍යෝන්‍ය සත්ප්‍රේම යෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. අසත්ප්‍රෙමයෙනුදු කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ශුනකියක මිලදී නො ම ගනිති. නොම විකුණති. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් ම කුලපරපුර ගළපනු සඳහා සංවාස පවත්වති. මහණෙනි, මේ තෙවන පෞරාණ බ්‍රාහ්මණ ධර්‍මය මෙ කල්හි ශුනකයන් කෙරෙහි පැණෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි නො පැණෙයි.
Pali BJTපුබ්බෙ සුදං භික්ඛවෙ බ්රාහ්මණා සන්නිධිං න කරොන්ති ධනස්සපි ධඤ්ඤස්සපි රජතස්සපි ජාතරූපස්සපි. එතරහි භික්ඛවෙ බ්රාහ්මණා සන්නිධිං කරොන්ති ධනස්සපි ධඤ්ඤස්සපි රජතස්සපි ජාතරූපස්සපි. එතරහි භික්ඛවෙ සුනඛා සන්නිධිං න කරොන්ති ධනස්සපි ධඤ්ඤස්සපි රජතස්සපි ජාතරූපස්සපි. අයං භික්ඛවෙ චතුත්ථො පොරාණො බ්රාහ්මණධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සති, නො බ්රාහ්මණෙසු.
Sinhala BJTමහණෙනි, පෙර බමුණෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි (රැස්කොට තැබීම) නො කරත්. මහණෙනි, මෙ වක්හි බ්‍රාහ්මණයෝ ධනය ද ධාන්‍යය ද රිදී ද රන් ද සන්නිධි කරත්. මහණෙනි, මෙ කල්හි ශුනකයෝ ධනය ද ධාන්‍ය ද රජත ද ජාතරූප ද සන්නිධි නො කරත්. මහණෙනි, මේ පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි බ්‍රාහ්මණයන් කෙරෙහි නොව ශුනකයන් කෙරෙහි මැ දෘශ්‍යමාන වෙයි.
Pali BJTපුබ්බෙ සුදං භික්ඛවෙ බ්රාහ්මණා සායං සායමාසාය, පාතො පාතරාසාය භික්ඛං පරියෙසන්ති. එතරහි භික්ඛවෙ බ්රාහ්මණා යාවදත්ථං උදරාවදෙහකං{5} භුඤ්ජිත්වා අවසෙසං ආදාය පක්කමන්ති. එතරහි භික්ඛවෙ සුනඛා සායං සායමාසාය, පාතො පාතරාසාය භික්ඛං පරියෙසන්ති. අයං භික්ඛවෙ පඤ්චමො පොරාණො බ්රාහ්මණධම්මො එතරහි සුනඛෙසු සන්දිස්සන්ති, නො බ්රාහ්මණෙසු.
Sinhala BJTමහණෙනි, පෙර බ්‍රාහ්මණයෝ සායමාශ (සවස කෑම) සඳහා සවස්හි දු ප්‍රාතරාශය (උදය කෑම) සඳහා උදාසන්හි දු භික්‍ෂා සොයා ඇවිදුනාහ. මහණෙනි, මෙ කල්හි බ්‍රාහ්මණයෝ කැමති තාක් කුස් පුරා අහර වළඳා අවශේෂය රැගෙණ යෙති. මහණෙනි, මෙකල්හි ශුනකයෝ සායාහනයෙහි සායමාශය සඳහා ද උදාසන්හි ප්‍රාතරාශය සඳහා ද සොයා ඇවිදුනාහ. මහණෙනි, මේ පස්වන පැරණි බ්‍රාහ්මණධර්‍මය මෙ වක්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නො වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච පොරාණා බ්රාහ්මණධම්මා එතරහි සුනඛෙසු සන්දිස්සන්ති, නො බ්රාහ්මණෙසූති.
Sinhala BJTමහණෙනි, මේ පැරණි බමුණුදහම් පස මෙ කල්හි ශුනකයන් කෙරෙහි දෘශ්‍යමාන වෙයි. බ්‍රාහ්මණයන් කෙරෙහි දෘශ්‍යමාන නොවේ යයි.
Pali BJT5. 4. 5. 2.
Sinhala BJT5. 4. 5. 2.
Pali BJT[දොණ සුත්තං]
Sinhala BJT[දොණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT43. අථ ඛො දොණො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දොණො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT43. එකල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනාර්‍හ වූ ස්මරණාර්‍හ වූ කථාව කොට නිමවා එකත්පස්ව හින. එකත්පසෙක හුන් ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළකෙළේ ය:
Pali BJTසුතං මෙතං භො ගොතම: “න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතී”ති. තයිදං භො ගොතම තථෙව, න හි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුද්ධෙ මහල්ලකෙ අද්ධගතෙ වයො අනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතීති. තයිදං භො ගොතම න සම්පන්නමෙවාති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, “ශ්‍රමණගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් කල් ඉක්ම වූ අන්තිම වියට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නො කෙරෙති. දැක හුනස්නෙන් හෝ නැඟි නො සිටිති. අසුනෙන් හෝ නිමන්ත්‍රණ නො කෙරෙති” යන තෙල කරුණ මා විසින් අසන ලදී. භවත් ගෞතමයෝ ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ අධ්වගත වූ අන්තිම වයසට පැමිණි බ්‍රාහ්මණයන්ට අභිවාදන හෝ නොකරති, දැක හුනස්නෙන් හෝ නැඟි නොසිටිති, ආසනයෙන් හෝ නිමන්ත්‍රණ නො කරති යන මෙ කරුණ එසේ මැය. භවත් ගෞතමයන් වහන්ස, මෙ කරුණ නො නිසි මැයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්:]
Pali BJT“ත්වම්පි නො දොණ, බ්රාහ්මණො{1} පටිජානාසී?”ති.
Sinhala BJT“ද්‍රෝණයෙනි, තො ද ‘බ්‍රාහ්මණයෙක්මි’යි පිළිණ කෙරෙහි දැ?” යි.
Pali BJTයං හි තං භො ගොතම සම්මා වදමානො වදෙය්ය: “බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො”ති මමෙව තං භො ගොතම සම්මා වදමානො වදෙය්ය.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මොනවට කරුණු කියනුයෙක් - යම් ම පුද්ගලයකු ගෙණ “මවුපිය දෙපසින් මොනවට උපන්, සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවකුස ඇති, ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූ අනුපකෘෂ්ට වූ, අධ්‍යායක වූ වේදමන්ත්‍රධර වූ, නිඝණ්ඩු හා ක්‍රියා කල්ප විකල්ප සහිත (ශික්‍ෂා නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද සහිත වූ (අථර්‍වවේදය සිවුවැනි කොට) ඉතිහාසය පස්වනු කොට ඇති ඍග් යජුර් සාම යන තුන් වේදයෙහි පරතෙරපත්, පද හදාරණ ව්‍යාකරණ හදාරණ, ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයන්හි අනූන (සමර්‍ත්‍ථ) වූයේ බ්‍රාහ්මණ” යා කියා නම්, භවත් ගෞතමයන් වහන්ස, මනා කොට කියනුයේ එ මා ම ගෙණ කියන්නේ ය.
Pali BJTඅහං හි භො ගොතම බ්රාහ්මණො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො, ලොකායත මහාපුරිසලක්ඛණෙසු අනවයොති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, “මම් වූකලි මව්පසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූ, සත්වන මුත්නා යුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇති, ජාතිවාදයෙන් ප්‍රතික්‍ෂේප නොකළ, ආක්‍රෝශ නොකළ, වේදමන්ත්‍ර හදාරණ මන්ත්‍රධර වූ, නිඝණ්ඩුකේටුභ සහිත වූ අක්‍ෂරප්‍රභේද සහිත වූ ඉතිහාසය පස්වනු කොට ඇති තුන් වෙදයන්ගේ පරතෙරට ගිය, පද හා ශේෂව්‍යාකරණ හදාරණ විතණ්ඩවාදශාස්ත්‍රයෙහි හා මහාපුරුෂලක්‍ෂණයෙහි අනූන (සම්පූර්‍ණ) බමුණෙකිම් වෙමි” යි.
Pali BJTයෙ ඛො තෙ දොණ, බ්රාහ්මණානං පුබ්බකා ඉසයො - මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙසඤ්චිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති,{1}* වාචිතමනුවාචෙන්ති, සෙය්යථීදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. ත්යාස්සුමෙ පඤ්ච බ්රාහ්මණෙ පඤ්ඤාපෙන්ති: බ්රහ්මසමං, දෙවසමං, මරියාදං, සම්භින්නමරියාදං, බ්රාහ්මණ චණ්ඩාලං යෙව පඤ්චමං. තෙසං ත්වං දොණ කතමො?ති.
Sinhala BJTද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වෙද්ද, යම් ඍෂි කෙනකුන් සතු වූ (ඔවුන් විසින් සරසම්පත්තියෙන්) ගයන ලද, (අන්‍යයන්ට) කියන ලද, රැස් කොට තබන ලද මේ පැරණි වේදසඞ්ඛ්‍යාත මන්ත්‍රය මෙකල බමුණෝ ඒ පූර්‍ව ඍෂින්ට අනුව ගයත් ද, ඔවුනට අනුව (ඔවුන් විසින් කියන ලද්ද අනුව) කියත් ද, හදාරණ ලද්ද අනුව හදාරත් ද, කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු (දස දෙන) යි. ඔවුහු මේ පස් බමුණු කෙනකුන් පණවති. බ්‍රහ්මසම ය, දෙවසම ය, මරියාද ය, සම්භිත්තමරියාද ය, බ්‍රාහ්මණචණ්ඩාලයාම පස්වනු ය. ද්‍රෝණය, ඔවුනතුරෙන් තෙපි කවරැ යි?
Pali BJTන ඛො මයං භො ගොතම, ඉමෙ පඤ්ච බ්රාහ්මණෙ ජානාම. අථ ඛො මයං බ්රාහ්මණාත්වෙව ජානාම. සාධු මෙ භවං ගොතමො තථා ධම්මං දෙසෙතු යථා අහං ඉමෙ පඤ්ච බ්රාහ්මණෙ ජානෙය්යන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, ඇපි මේ පස්බමුණන් නො දනුම්හ. එතෙකුදුවත් ඇපි බ්‍රාහ්මණ යයි ම දනුම්හ. යම්සේ මම් මේ පස්බමුණන් දැනගනීම් ද, භවත් ගෞතමයන් වහන්සේ මට එපරිද්දෙන් දහම් දෙසන සේක්වා! එ පිණිස අයදිමියි.
Pali BJTතෙන හි බ්රාහ්මණ සුණොහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං හොති ඛො දොණො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTඑසේ නම් බමුණ, අස. මැනවින් මෙනෙහි කර. කියන්නෙමියි. ‘එසේ ය භවත්නි’ යි ද්‍රෝණ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල කරුණ වදාළහ:
Pali BJTකථඤ්ච දොණ, බ්රාහ්මණො බ්රහ්මසමො හොති?
Sinhala BJTහිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ බ්‍රාහ්මසම වෙයි යත්:
Pali BJTඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව, නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන න රාජපොරිසෙන න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරිය ධනං නිය්යාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධී සබ්බත්තතාය{2} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. කරුණා -පෙ- මුදිතා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං - තථා තතියං - තථා චතුත්ථිං - ඉති උද්ධමධො තිරියං සබ්බධී සබ්බත්තතාය{2} සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සො ඉමෙ චත්තාරො බ්රහ්මවිහාරෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උප්පජ්ජති.
Sinhala BJTද්‍රෝණයෙනි, මෙ ලොව්හි බමුණු මවුපසින් ද පියපසින් ද යන උභය පාර්ශ්වයෙන් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම සොයයි. ද්‍රෝණය, එහි (ආචාර්‍ය්‍යධනපර්‍ය්‍යෙෂණයෙහි) දු ධර්‍මය කවරේය යත්: කෘෂිකර්‍මයෙනුදු නො ම වෙයි. වණික් කර්‍මයෙනුදු නො ම වෙයි. ගෙරි රැක්මෙනුදු නො ම වෙයි. දුනුවාකමිනුදු නො ම වෙයි. රාජපුරුෂත්‍වයෙනුදු නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකිනුදු නො ම වෙයි. හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලට (අමත්‍රයට) අවමන් නො කරමින් වෙයි. හේ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හේ මෙසෙයින් පැවිදි වූයේ ම විපුල වූ මෙත් සහගිය සිතින් එක් දිශාවක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිශාවද … එ සෙයින් තෙවන දිශාවද ... එ සෙයින් සතරවන දිශාවද ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වෙසෙයි. කරුණා සහගිය සිතින් ... මුදිතා සහගිය සිතින් ... උපේක්‍ෂා සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට වාසය කරයි. එ සෙයින් දෙවන දිග ... එසෙයින් තෙවන දිග ... එසෙයින් සතර වන දිග ... මෙ සෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මසමතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාදයෙන් යුත් උපේක්‍ෂා සහගත සිතින් අරමුණු කොට වාසය කරයි. හේ මෙ සතර බඹවෙහෙර වඩා කාබුන් මරණින් මත්තෙහි සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට එළඹෙයි.
Pali BJTඑවං ඛො දොණ බ්රාහ්මණො බ්රහ්මසමො හොති.
Sinhala BJTද්‍රෝණය, මෙසෙයින් ම බ්‍රාහ්මණ (බ්‍රහ්සවිහාරධ්‍යානයුක්ත හෙයින්) බ්‍රහ්මසම වෙයි.
Pali BJTකතඤ්ච දොණ බ්රාහ්මණො දෙවසමො හොති?
Sinhala BJTකිසෙයින් ද්‍රෝණය, බ්‍රාහ්මණ දෙවසම වෙයි යත්:
Pali BJTඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරබ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කයෙන, න වික්කයෙන, බ්රාහ්මණිං යෙව උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිං යෙව ගච්ඡති. න ඛත්තියිං. න වෙස්සිං, න සුද්දිං, න චණ්ඩාලිං, න නෙසාදිං, න වෙණිං, න රථකාරිං, න පුක්කුසිං ගච්ඡති. න ගබ්භිනිං ගච්ඡති, න පායමානං ගච්ඡති, න අනුතුනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො ගබ්භිනිං ගච්ඡති, අතිමීළ්හජො නාම සො හොති මාණවකො වා මාණවිකා වා. තස්මා දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න පායමානං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො පායමානං ගච්ඡති, අසුචි පටිපීතො නාම සො හොති මාණවකො වා මාණවිකා වා. තස්මා දොණ බ්රාහ්මණො න පායමානං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න අනුතුනිං ගච්ඡති: සචෙ දොණ බ්රාහ්මණො අනුතුනිං ගච්ඡති තස්ස සා හොති බ්රාහ්මණී නෙව කාමත්ථා න දවත්ථා න රතත්ථා, පජත්ථාව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො මිථුනං{1} උප්පාදෙත්වා කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො විවිච්චෙව කාමෙහි චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ඉමෙ චත්තාරො ඣානෙ භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTද්‍රෝණය, මෙ ලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වෙයි. සත්වන පිතාමහයුගය තෙක් පිරිසිදු මවුකුස් ඇතියේ ජාතාවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නො කරණ ලදුයේ වෙයි. හේ අටසාළිස්වසක් වේදමන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස්වසක් කුමරබඹසර වැස වේදමන්ත්‍ර හදාරා ඇදුරුහට ආචාර්‍ය්‍යධනය නො දැහැමින් නො ව දැහැමින් ම සොයයි. ද්‍රෝණය, එහි ලා දහම් කවර: කෘෂිකර්‍මයෙන් නො වෙයි. වණික්කර්‍මයෙන් නො වෙයි. ගෙරිරැක්මෙන් නො වෙයි. දුනුවාකමින් ද නො වෙයි. රාජපුරුෂත්ත්‍වයෙන් නො වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො වෙයි. හුදෙක් භික්‍ෂාචර්‍ය්‍යායෙන් කබලූ නො අවමන් කරමින් වෙයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී නොදැහැමින් නො ව දැහැමින් ම අඹුවක සොයයි. ද්‍රෝණය, එහිදු කවර ධර්‍මයෙක යත්: මිලදී ගැණීමෙන් නො වෙයි. විකිණැගැණීමෙන් නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණියක කරා ම එළඹෙයි. කැත්දුවක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා ද නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා ද නො යෙයි. සැඬැලියක කරා ද නො යෙයි. වැදි අඟනෙක කරා ද නො යෙයි. කුළුපොතු අඟනක කරාද නො යෙයි. සොම්මරු අඟනක කරා ද නො යෙයි. පුප්සඬු අඟනක කරා ද නො යෙයි. ගැබිනියක කරා ද නො යෙයි. දරුවන් කිරිපොවන්නියක කරා ද නො යෙයි. ඔසප් නොවූ මාගමක කරා ද නො යෙයි. ද්‍රෝණය, බ්‍රාහ්මණ කවර හෙයින් ගැබිනියක කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ගැබින කරා යේ නම්, උපදනා ඒ මණෙවු හෝ මෙණෙවි හෝ මහා මීළහ (ගූථරාශි) යෙහි උපන්නේ නම් වෙයි. ද්‍රෝණය, එහෙයින් බ්‍රාහ්මණ ගැබිනියක වෙත නො යෙයි. ද්‍රෙණය, කවර හෙයින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා නොයේද යත්: ද්‍රෝණයෙනි, ඉදින් බ්‍රාහ්මණ දරුවන් කිරිපොවන්නියක කරා යේ නම්, එ මණෙවු හෝ මෙණෙවිය හෝ අශුචි පානය කෙළේ වන්නේ ය. ද්‍රෝණය, එහෙයින් බමුණු දරුවන් කිරිපොවන්නියක කරා නො යෙයි: ද්‍රෝණය, බමුණු කවර හෙයින් ඔසප් නො වූ බැමිණිය කරා නො යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බමුණු ඔසප් නො වූ බැමිණියක කරා යේ නම් යුතු නො වෙයි. ඔහට එ බැමිණි කාමය සඳහා නො වෙයි. දවය සඳහා නො වෙයි. රතිය පිණිස නො වෙයි. බමුණුහට බැමිණි ප්‍රජාසන්තානය පිණිස ම වෙයි. හෙ පුතකු හා දුවක හා උපදවා කෙස්මස් බහා කසාවත් හැඳපෙරෙව ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වෙයි. හෙ මෙසේ පැවිදි වූයේ ම කාමයන් කෙරෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපදවා වාසය කරයි. හෙ මෙ සතර දැහැන් වඩා කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග (බ්‍රහ්ම) ලෝකයෙහි උපදනේ ය.
Pali BJTඑවං ඛො දොණ බ්රාහ්මණො දෙවසමො හොති.
Sinhala BJTද්‍රෝණය, මෙසේ බ්‍රාහ්මණ (ධ්‍යාන වැඩීමෙන් බ්‍රහ්ම) දෙවසම වෙයි.
Pali BJTකථඤ්ච දොණ, බ්රාහ්මණො මරියාදො හොති?
Sinhala BJTකිසෙයින් ද්‍රෝණයෙනි, බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි යත්:
Pali BJTඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීසවස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා, න වණිජ්ජාය, න ගොරක්ඛෙන, න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කයෙන, න වික්කයෙන, බ්රාහ්මණිං යෙව උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිං යෙව ගච්ඡති, න ඛත්තියිං, න වෙස්සිං, න සුද්දිං, න චණ්ඩාලිං, න නෙසාදිං, න වෙණිං, න රථකාරිං, න පුක්කුසිං ගච්ඡති. න ගබ්භිනිං ගච්ඡති. න පායමානං ගච්ඡති න අනුතුනිං ගච්ඡති. කස්මා ච දොණ බ්රාහ්මණො න ගබ්භිනිං ගච්ඡති? සචෙ දොණ බ්රාහ්මණො ගබ්භිනිං ගච්ඡති -පෙ- පජත්ථා ව බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො මිථුනං උප්පාදෙත්වා තමෙව පුත්තස්සාදං නිකාමයමානො කුටුම්බං අජ්ඣාවසති, න අගාරස්මා අනගාරියං පබ්බජති. යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදා, තත්ථ තිට්ඨති, තං න වීතික්කමති ‘යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදො තත්ථ බ්රාහ්මණො ඨිතො තං න වීතික්කමතී’ති ඛො දොණ තස්මා “බ්රාහ්මණො මරියාදො” ති වුච්චති.
Sinhala BJTද්‍රෝණය, මෙලොව්හි බ්‍රාහ්මණ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මව්කුස් ඇතියේ ජාතිවාදයෙන් අක්‍ෂිප්ත වූයේ අනුපකෘෂ්ට වූයේ වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා ආචාර්‍ය්‍යහට අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම ආචාර්‍ය්‍යධන සොයයි. ද්‍රෝණය, එහි ධර්‍මය කවර යත්: කෘෂිකර්‍මයෙන් ද නො ම වෙයි. වණික්කර්‍මයෙන් ද නො ම වෙයි. ගෝරක්‍ෂායෙන් ද නො ම වෙයි. දුනුවාකමින් ද නො ම වෙයි. රාජපුරුෂත්‍වයෙන් ද නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් ද නො ම වෙයි. භික්‍ෂාචර්‍ය්‍යායෙන් ම කබලු (භික්‍ෂා භාජන) නො අවමන් කරණුයේ හුදෙක් ධන සොයයි. හෙ ඇදුරුහට ආචාර්‍ය්‍යධනය පවරා දී අධර්‍මයෙන් නොව ධර්‍මයෙන් ම දාරපර්‍ය්‍යෙෂණා කෙරෙයි. බමුණ එහිදු ධර්‍මය කවර යත්: ක්‍රයයෙනුදු නොවෙයි. වික්‍රයයෙනුදු නො වෙයි. අතැ පැන් හෙව දුන් බැමිණියක ම සොයයි. හෙ බැමිණිය කරා ම යෙයි. කැත්කුමරියක කරා නො යෙයි. වෛශ්‍ය ස්ත්‍රියක කරා නො යෙයි. ශුද්‍රස්ත්‍රියක කරා නො යෙයි. සැඬලියක කරා නො යෙයි. වැදි අඟනක කරා නො යෙයි. කුළුපොතු අඟනක කරා නො යෙයි. සොම්මරු අඟනක කරා නො යෙයි. පුප්සඬුවක කරා නො යෙයි. ගැබිනක කරා නො යෙයි. දරුවන් කිරි පොවන්නියක කරා නො යෙයි. ඍතුමත් නො වූවක කරා නො යෙයි. ද්‍රෝණයෙනි, කවර හෙයින් බ්‍රාහ්මණ ගැබින කරා නොම යෙයි යත්: ද්‍රෝණය, ඉදින් බ්‍රාහ්මණ ගැබින කරා යේ නම් ... ප්‍රජාව පිණිස ම බමුණුහට බැබිණි වෙයි. හෙ මිථුනය උපදවා එ දරුගේ ම ආස්වාදය කැමති වනුයේ ගිහිගෙයි වෙසෙයි. ගෙන් නික්ම ශාසනයෙහි පැවිදි නො වෙයි. පැරණි බමුණන්ගේ මර්‍ය්‍යාදාව යම්තාක් වෙ නම්, එහි සිටුනේ ය. එය නො මඩනේ ය. පැරණි බමුණන්ගේ මර්‍ය්‍යාදාය යම් තාක් නම් බ්‍රාහ්මණ එහි සිටියේ එය ව්‍යතික්‍රම නො කෙරේය යන එකරුණින් ම ද්‍රෝණය “බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇතියෙකැ” යි කියනු ලැබේ.
Pali BJTඑවං ඛො දොණ බ්රාහ්මණො මරියාදො හොති.
Sinhala BJTද්‍රෝණයෙනි, මෙසේ බ්‍රාහ්මණ මර්‍ය්‍යාදා ඇති වෙයි.
Pali BJTකථඤ්ච දොණ, බ්රාහ්මණො සම්භින්නමරියාදො හොති?
Sinhala BJTද්‍රෝණය, කිසෙයින්, බ්‍රාහ්මණ සමහින්නමරියාද වෙයි යත්:
Pali BJTඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති -පෙ- අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති, ධම්මෙනෙව නො අධම්මෙන. තත්ථ ච දොණ කො ධම්මො? නෙව කසියා න වණිජ්ජාය න ගොරක්ඛෙන න ඉස්සත්ථෙන, න රාජපොරිසෙන, න සිප්පඤ්ඤතරෙන, කෙවලං භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි. කයෙන’පි වික්කයෙන’පි බ්රාහ්මණිම්පි උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිම්පි ගච්ඡති, ඛත්තියිම්පි ගච්ඡති, වෙස්සිම්පි ගච්ඡති, සුද්දිම්පි ගච්ඡති, චණ්ඩාලිම්පි ගච්ඡති, නෙසාදිම්පි ගච්ඡති, වෙණිම්පි ගච්ඡති, රථකාරිම්පි ගච්ඡති, පුක්කුසිම්පි ගච්ඡති, ගභිනිම්පි ගච්ඡති, පායමානම්පි ගච්ඡති, උතුනිම්පි ගච්ඡති, අනුතුනිම්පි ගච්ඡති, තස්ස සා හොති බ්රාහ්මණී කාමත්ථාපි දවත්ථාපි රතත්ථාපි. න පජත්ථාව{1} බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. යාව පොරාණානං බ්රාහ්මණානං{2} මරියාදා,{3} තත්ථ න තිට්ඨති, තං වීතික්කමති. ‘යාව පොරාණානං බ්රාහ්මණානං මරියාදා{3} තත්ථ බ්රාහ්මණො න ඨිතො, තං වීතික්කමතී’ති ඛො දොණ තස්මා “බ්රාහ්මණො සම්භින්නමරියාදො” ති වුච්චති.
Sinhala BJTද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මව්පිය දෙපසින් සුජාත වූයේ වෙයි … ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වෙයි. හේ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර වෙසෙයි. අටසාළිස් වසක් කුමරබඹසර වැස මන්ත්‍ර හදාරා දැහැමින් ම ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය අදහමින් නො ව දහමින් සොයයි. ද්‍රෝණය, එහිදු දහම් කවර යත්: කෘෂිකර්‍මයෙන් නො ම වෙයි. වණික් කර්‍මයෙන් නො වෙයි. ගවරක්‍ෂායෙන් නො ම වෙයි. දුනුවාකමින් නො ම වෙයි. රාජපුරුෂභාවයෙන් නො ම වෙයි. අන්‍යතර ශිල්පයෙකින් නො ම වෙයි, භික්‍ෂාභාජනය (හිඟනපාත්‍රය) නො ඉක්මවා සිතනුයේ (නො ගරහනුයේ) හුදු භික්‍ෂාචර්‍ය්‍යායෙන් සොයයි. හේ ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍ය ධනය පවරා දී ධර්‍මයෙනුදු අධර්‍මයෙනුදු ක්‍රයයෙනුදු වික්‍රයෙනුදු දිය එව පාවාදුන් භාර්‍ය්‍යාවක හෝ බැමිණියක සොයයි. හේ බැමිණියක වෙත ද යෙයි, කැත්දුවක වෙත ද යෙයි, වෛශ්‍යස්ත්‍රියක වෙත ද යෙයි, ශුද්‍රියක වෙත ද යෙයි, සැඩලියක වෙත ද යෙයි. වැදිඅඟනක වෙත ද යෙයි, කුලුපොතු අඟනක වෙත ද යෙයි, සොම්මරු අඟනක වෙත ද යෙයි. පුප්සඬු අඟනක වෙත ද යෙයි. ගැබිනිය වෙත ද යෙයි, දරුවන් කිරි පොවන්නිය වෙත ද යෙයි. ඔසප් අඟන වෙත ද යෙයි. ඔසප් නො වූ අඟන වෙත ද යෙයි. ඔහට තෙල බැමිණි කාම පිණිස ද වෙයි, කෙළි පිණිස ද වෙයි, කාමරති පිණිස ද වෙයි. එ බමුණුහට බැමිණිය පුත්‍රප්‍රජාව පිණිස ම නො වෙයි. පුරාණ බමුණන්ගේ යම් ආචාරමර්‍ය්‍යාදාවෙක් වේ නම්, එහි නො සිටියි, එය ඉක්මවාලයි. ද්‍රෝණය, පුරාණ බ්‍රාහ්මණයන්ගේ යම් මර්‍ය්‍යාදායෙක් වේ ද, බමුණු එහි නො සිටියේ එය ඉක්මවාලයි. එහෙයින් “බ්‍රාහ්මණ සම්හින්න මරියාදා අත්තේ” ය යි කියනු ලැබේ.
Pali BJTඑවං ඛො දොණ බ්රාහ්මණො සම්භින්නමරියාදො හොති.
Sinhala BJTද්‍රෝණ, මෙසේ බමුණ සම්හින්න මරියාද වේ.
Pali BJTකථඤ්ච දොණ, බ්රාහ්මණො බ්රාහ්මණ චණ්ඩාලො හොති?
Sinhala BJTද්‍රෝණය, බ්‍රාහ්මණ කෙසේ නම් බ්‍රාහ්මණචණ්ඩාල වේ යත්:
Pali BJTඉධ දොණ බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. සො අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරති මන්තෙ අධීයමානො. අට්ඨචත්තාළීස වස්සානි කොමාරං බ්රහ්මචරියං චරිත්වා මන්තෙ අධීයිත්වා ආචරියස්ස ආචරියධනං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි කසියා’පි වණිජ්ජාය’පි ගොරක්ඛෙන’පි ඉස්සත්ථෙන’පි රාජපොරිසෙන’පි සිප්පඤ්ඤතරෙන’පි කෙවලම්පි භික්ඛාචරියාය කපාලං අනතිමඤ්ඤමානො. සො ආචරියස්ස ආචරියධනං නීයාදෙත්වා දාරං පරියෙසති ධම්මෙන’පි අධම්මෙන’පි කයෙන’පි වික්කයෙන’පි{1} උදකූපස්සට්ඨං. සො බ්රාහ්මණිම්පි ගච්ඡති, ඛත්තියිම්පි ගච්ඡති, වෙස්සිම්පි ගච්ඡති, සුද්දිම්පි ගච්ඡති, චණ්ඩාලිම්පි ගච්ඡති, නෙසාදිම්පි ගච්ඡති, වෙණිම්පි ගච්ඡති රථකාරිම්පි ගච්ඡති, පුක්කුසිම්පි ගච්ඡති, ගබ්භිනිම්පි ගච්ඡති, පායමානම්පි ගච්ඡති, උතුනිම්පි ගච්ඡති, අනුතුනිම්පි ගච්ඡති තස්ස සා හොති බ්රාහ්මණී කාමත්ථාපි දවත්ථාපි රතත්ථාපි, න පජත්ථාව{2} බ්රාහ්මණස්ස බ්රාහ්මණී හොති. සො සබ්බකම්මෙහි ජීවිකං කප්පෙති, කමෙනං බ්රාහ්මණා එවමාහංසු: “කස්මා භවං බ්රාහ්මණො පටිජානමානො සබ්බකම්මෙහි ජීවිකං කප්පෙති?”ති. සො එවමාහ: “සෙය්යථාපි භො අග්ගි සුචිම්පි දහති, අසුචිම්පි දහති න ච තෙන අග්ගි උපලිප්පති, එවමෙව ඛො භො සබ්බකම්මෙහි චෙපි බ්රාහ්මණො ජීවිකං කප්පෙති, න ච තෙන බ්රාහ්මණො උපලිප්පති”. සබ්බකම්මෙහි ජීවිකංකප්පෙතීති ඛො දොණ තස්මා බ්රාහ්මණො “බ්රාහ්මණ චණ්ඩාලො”ති වුච්චති.
Sinhala BJTද්‍රෝණය, මෙ ලෙව්හි බ්‍රාහ්මණ මවුපසින් හා පියපසින් හා උභයපාර්‍ශවයෙන් සුජාත වූයේ සත්වන පිතාමහයුගය තෙක් සුපිරිසිදු මවුකුස් ඇතියේ වෙයි. ජාතිවාදයෙන් අක්‍ෂිපතවූයේ අනුපකෘෂ්ට වෙයි. හෙ අටසාළිස් වසක් මන්ත්‍ර හදාරමින් කුමරබඹසර සෙරෙයි. හේ මන්ත්‍ර හදාරා අටසාළිස් වසක් කුමරබඹසර සැරැ ඇදුරුහට දැහැමිනුදු නොදැහැමිනුදු කෘෂිකර්‍මයෙනුදු වණික්කර්‍මයෙනුදු ගෝරක්‍ෂායෙනුදු දුනුවාකමිනුදු රාජපුරුෂත්‍වයෙනුදු අන්‍යතර ශිල්පයෙනුදු කබලු හෙළා නො දක්වමින් හුදෙක් භික්‍ෂාචර්‍ය්‍යයෙනුදු ආචාර්‍ය්‍ය ධනය සොයන්නේය. හේ ආචාර්‍ය්‍යහට ආචාර්‍ය්‍යධනය පවරා දී දැහැමිනුදු නොදැහැමිනුදු ක්‍රයයෙනුදු වික්‍රයයෙනුදු දිය අතැ හෙව දුන් භාර්‍ය්‍යාවක සොයයි. හේ බ්‍රාහ්මණිය වෙත ද යෙයි. ක්‍ෂත්‍රියාව වෙත ද යෙයි. වෛශ්‍යස්ත්‍රිය කරා ද යෙයි. ශුද්‍රස්ත්‍රිය කරා ද යෙයි. සැඩොලිය වෙත ද යෙයි. වැදි අඟන වෙත ද යෙයි. කුළුපොතු අඟනක කරා ද යෙයි. සැඬොලිය වෙත ද යෙයි. සොම්මරු අඟන වෙත ද යෙයි. පුප්සඬු අඟන වෙත ද යෙයි. ගැබිනිය කරා ද යෙයි. කිරිපොවන්නිය කරා ද යෙයි. ඔසප් වූවක කරා ද යෙයි, ඔසප් නොවූවක කරා ද යෙයි. ඔහට ඒ බැමිණිය කාම පිණිස ද, දව පිණිස ද, කාමරති පිණිස ද වෙයි. පුත්‍රප්‍රජාව සඳහා ම බමුණුහට බැමිණිය නො වෙයි. හේ හැම කර්‍මයෙන් දිවි රක්නේය. තෙල පුඟුල්හට බ්‍රාහ්මණයෝ මෙසේ කියන්නාහ: “කවර හෙයින් භවත් ‘බ්‍රාහ්මණයෙමි’ යි පිළින කෙරෙමින් හැම කර්‍මයෙන් ජීවිකා කෙරේදැ”යි. හේ මෙසේ කියයි: “භවත්නි, යම්සේ අගතිය පවිත්‍රයත් දවා ද, අපවිත්‍රයත් දවා ද, එය හා අගතිය නො තැවරේ ද, භවත්නි, එසෙයින් ම බ්‍රාහ්මණ හැම කර්‍මාන්තයෙන් ජීවිකා කෙරේ නම්, බ්‍රාහ්මණ එය හා නො තැවරේ.” ද්‍රෝණය, බ්‍රාහ්මණයා සර්‍වකර්‍මාන්තයෙන් ජීවිකා කරන්නේ ය යන එකරුණෙන් බ්‍රාහ්මණයා “බ්‍රාහ්මචණ්ඩාල” යයි කියනු ලැබේ.
Pali BJTඑවං ඛො දොණ බ්රාහ්මණො බ්රාහ්මණචණ්ඩාලො හොති.
Sinhala BJTද්‍රෝණය, මෙසෙයින් බ්‍රාහ්මණචණ්ඩාල වෙයි.
Pali BJTයෙ ඛො දොණ බ්රාහ්මණානං පුබ්බකා ඉසයො - මන්තානං කත්තාරො මන්තානං පවත්තාරො, යෙස්යඤ්චිදං එතරහි බ්රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමිහිතං තදනුගායන්ති, තදනුභාසන්ති, භාසිතමනුභාසන්ති, සජ්ඣායිතමනුසජ්ඣායන්ති, වාචිතමනුවාචෙන්ති, සෙය්යථීදං: අට්ටකො වාමකො වාමදෙවො වෙස්සාමිත්තො යමතග්ගි අඞ්ගීරසො භාරද්වාජො වාසෙට්ඨො කස්සපො භගු. ත්යාස්සුමෙ පඤ්ච බ්රාහ්මණෙ පඤ්ඤාපෙන්ති: බ්රහ්මසමං, දෙවසමං, මරියාදං, සම්හින්නමරියාදං, බ්රාහ්මණචණ්ඩාලංයෙව පඤ්චමං. තෙසං ත්වං දොණ කතමො?ති. එවං සන්තෙ මයං භො ගොතම බ්රාහ්මණචණ්ඩාලම්පි න පුරෙම.
Sinhala BJTද්‍රෝණය, බමුණන්ගේ මන්ත්‍රකතෘ වූ මන්ත්‍රප්‍රවර්‍තක වූ යම් පූර්‍ව ඍෂි කෙනෙක් වෙත් ද, යම් ඍෂි කෙනකුන් විසින් ගයන ලද පවත්වන ලද සඞ්ග්‍රහ කරණ ලද මේ පුරාණ මන්ත්‍රපදයක් වේ ද, මෙකල්හි බ්‍රාහ්මණයෝ ඒ ගීතය අනුගායනා කෙරෙත් ද, එය අනුව කියත් ද, (ඔවුන් විසින්) හදාරණ ලද්ද අනුව හදාරත් ද, (අන්‍යයනට) කියවන ලද්ද අනුව කියවත් ද, ඔහු කවරහ: අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගී ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය යන මොහු යි. ඔහු මේ පස් බමුණන් පණවති, බ්‍රහ්මසමය, දෙවසම ය, මරියාදය, සමහින්නමරියාද ය, බ්‍රාහ්මණචණ්ඩාල ම පස්වනු ය. ද්‍රෝණය, තෝ ඔවුනතුරෙහි කතමයෙහි දැ?යි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ ඇති කල්හි අපි බ්‍රාහ්මචණ්ඩාලයා පවා නො පුරම්හ. (බ්‍රාහ්මණ චණ්ඩාල තරම්‍වත් නොවම්හ)
Pali BJTඅභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් කොට දිවි ඇතිතෙක් සරණ ගිය උපාසකයකු තොට ධරණ සේක් වායි.
Pali BJT5. 4. 5. 3.
Sinhala BJT5. 4. 5. 3.
Pali BJT[සඞ්ගාරවසුත්තං]
Sinhala BJT[සඞ්ගාරව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT44. එකල්හි සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි සමරණාර්‍හ කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සඞ්ගාරව බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළේ ය.
Pali BJTකො නු ඛො භො ගොතම හෙතු? කො පච්චයො? යෙනෙකදා{1} දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. කො පන භො ගොතම හෙතු? කො පච්චයො? යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතා’පි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා’ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුව ම නොවැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි? භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් ඇතැම් කලෙක බොහෝ කලක් නො හදාළ මන්ත්‍රයෝත් වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමුව ම වැටහෙත් නම්, එයට කවර හේතු ය? කවර ප්‍රත්‍යය යැයි?
Pali BJTයස්මිං බ්රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ. උදපත්තො සංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය න පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන්නා වූ ද කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි පරාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය, නොදක්නේ ය. එ සමයෙහි උභයාර්‍ත්‍ථය ද යථාභූත කොට නොදන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වේදමන්ත්‍රයෝ නො වැටහෙත්, නොහදාළ වේදමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි, කසාපැහැයෙන් වේවයි, නිල්පැහැයෙන් වේවයි, මඳටිය පැහැයෙන් වේවයි, මුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් සිය මුව සටහන් පිරික්සනුයේ යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් සමයෙක්හි කාමරාගයෙන් ඇවිසැගත් කාමරාගයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ යථාභූත නිඃසරණය නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද … පරාර්‍ත්‍ථය ද … උභයාර්‍ත්‍ථය ද ... එ සමයෙහි යථාවයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි සජ්ඣායනා කළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, සජ්ඣායනා නො කළ මන්ත්‍රයෝ ද පළමුව මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො උක්කට්ඨිතො{2} උස්සදකජාතො,{3} තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණය ද තත්වූ පරිදි නොදන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයද ... පරාර්‍ත්‍ථය ද .... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි ස්වාධ්‍යායී කෘත මන්ත්‍රයෝ ද නො වැටහෙත්. අස්වාධ්‍යායීකෘතමන්ත්‍රයෝ පළමුව මැයි. බ්‍රාහ්මණය, යම්සේ ගින්නෙන් තැවුනු කකාළ උණුසුම් වූ දියබදනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛ නිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් ඇවිසැගත් ව්‍යාපාදයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි කොට නොදන්නේ නම්, අත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය. නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි අධ්‍යයන කළ වේදමන්ත්‍රයෝ ද නො වැටහෙත්, අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ පළමුව මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථා’පි බ්රාහ්මණ, උදපත්තො සෙවාලපණකපරියොනද්ධො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථිනමිද්ධයෙන් වැතිරගත් ථිනමිද්ධයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථිනමිද්ධයාගේ යථාභූත නිඃසරණයත් නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි යථාභූතයෙන් නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි අධ්‍යයන කළ මන්ත්‍රයෝ නො වැටහෙත්. අධ්‍යයන නො කළ මන්ත්‍රයෝ කැල මැයි. බ්‍රාහ්මණය, යම්සේ සෙවෙලින් හා පෙඳින් හා වැතිරගත් දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සන්නේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථිනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නො දන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නො දන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්, නොහදාළ මන්ත්‍රයෝ කැල මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතා’පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, න පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් වැළඳගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වාසය කෙරේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නො දක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නො හදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම? බ්‍රාහ්මණය, වාතයෙන් කම්පිත වූ සැලුනු භ්‍රාන්ත වූ හටගත් රළ ඇති දියබඳුනෙක් යම්සේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ යථාභූතයෙන් නො දන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක් හි උද්ධච්චකුක්කුච්චයෙන් වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ... ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දීර්‍ඝකාලයක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නස්ස ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්ධකාරෙ නික්ඛිත්තො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං නප්පජානෙය්ය, නපස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නප්පජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTතවද, බ්‍රාහ්මණය, යම් කලෙක්හි විචිකිච්ඡායෙන් වැතිරැගත්, විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් ... උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ වේදමන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කවරේද? බ්‍රාහ්මණය, යම්සේ නොපහන්වූ කැලැඹුණු බොරවූ දියබඳුනෙක් අඳුරෙහි තබන ලදුයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පරික්‍ෂා කරණුයේ තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් වැතිරැගත් විචිකිච්ඡායෙන් මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි නොදන්නේ ය. ආත්මාර්‍ත්‍ථය ද ... පරාර්‍ත්‍ථය ද ... උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි නොදන්නේ ය, නොදක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද නොවැටහෙත්. නොහදාළ මන්ත්‍රයෝ නොවැටහෙති යනු කියනු කිම?
Pali BJTයස්මිඤ්ච ඛො බ්රාහ්මණ, සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ උදපත්තො අසංසට්ඨො ලාඛාය වා හළිද්දියා වා නීලියා වා මඤ්ජිට්ඨාය වා, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ යස්මිං සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් කලෙක කාමරාගයෙන් නො වැතිරැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. පරාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. උභයාර්‍ත්‍ථය ද එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නො හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ ලතුපැහැයෙන් වේවයි කසාපැහැයෙන් වේවයි නිල්පැහැයෙන් වේවයි මදටිය පැහැයෙන් වේවයි නොමුසු වූ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එසෙයින් ම යම්සේ කලෙක්හි කාමරාගයෙන් නො ඇවිසැගත් කාමරාගයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් කාමරාගයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අග්ගිනා අසන්තත්තො අනුක්කට්ඨිතො{1} අනුස්සදකජාතො,{2} තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති න ව්යාපාදපරෙතෙන, උප්පන්නස්ස ච ව්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිහන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක ව්‍යාපාදයෙන් නොඇවිසැගත් ව්‍යාපාදයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එසමයෙහි තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ ගින්නෙන් නො තැවුනු නො පැසුනු උණුසුම් නොකළ දියබඳුනෙක් වේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලනුයේ තත්වූ පරිදි දන්නේ ය. දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ව්‍යාපාදයෙන් නො ඇසැවිගත් ව්‍යාපාදයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ව්‍යාපාදයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් එ සමයෙහි තත්වූ පරිදි දන්නේය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො න සෙවාලපණකපරියොනද්ධො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථීනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතිරැගත් ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රියෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි. බ්‍රාහ්මණය, යම් සේ සෙවෙලින් හා පෙඳින් නො වැතුරුණු දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සා බලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි ථීනමිද්ධයෙන් නො වැතුරුණු ථීනමිද්ධයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් ථීනමිද්ධයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එ සමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන, චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො න වාතෙරිතො න චලිතො න භන්තො න ඌමිජාතො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි -පෙ- පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTතවද බ්‍රාහ්මණය, යම් කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොවැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නොමැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් … පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් … තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දිගුකලක් හදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, නො හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම්සේ වාතයෙන් කම්පිත නොවූ නො සසල නො බැමුනු හටගත් රළ නැති දියබඳුනෙක් වේ නම්, එහි චක්‍ෂුර්මත් පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලනුයේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක්හි උද්ධච්චකුක්කුච්චයෙන් නො වැතිරැගත් උද්ධච්චකුක්කුච්චයෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් ... පරාර්‍ත්‍ථයත් … උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේය, දක්නේය. දිගුකලක් නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු මැයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අච්ඡො විප්පසන්නො අනාවිලො ආලොකෙ නික්ඛිත්තො, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං පජානෙය්ය, පස්සෙය්ය, එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡා පරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTතවද, බ්‍රාහ්මණය, යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත්, විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නො හදාළ මන්ත්‍රයෝ වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට මැයි. බ්‍රාහ්මණය, යම් සේ පවිත්‍ර විප්‍රසන්න වූ අනාවිල වූ දියබඳුනෙක් ආලෝකයෙහි නික්‍ෂිප්ත වූයේ නම්, එහි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය මුඛනිමිත්ත පිරික්සාබලන්නේ තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. බ්‍රාහ්මණය, එපරිද්දෙන් ම යම් කලෙක විචිකිච්ඡායෙන් නො වැතිරැගත් විචිකිච්ඡායෙන් නො මැඩුනු සිතින් වෙසේ නම්, උපන් විචිකිච්ඡාවගේ නිඃසරණයත් තත්වූ පරිදි දන්නේ නම්, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තත්වූ පරිදි දන්නේ ය, දක්නේ ය. දීර්‍ඝරාත්‍රයෙහි නොහදාළ මන්ත්‍රයෝ ද වැටහෙත්, හදාළ මන්ත්‍රයෝ පළමුකොට මැයි.
Pali BJTඅයං ඛො බ්රාහ්මණ හෙතු, අයං පච්චයො, යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. අයං පන බ්රාහ්මණ හෙතු අයං පච්චයො, යෙනෙකදා{1} දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිහන්ති, පගෙව සජ්ඣායකතාති.
Sinhala BJTබ්‍රාහ්මණය, යම් හෙයෙකින් ඇතැම් කලෙක දීර්‍ඝරාත්‍රියෙහි හදාළ වූ ද මන්ත්‍රයෝ නො වැටහෙත් නම්, නොහදාළ මන්ත්‍රයෝ පළමුකොටම නො වැටහෙත් නම්, මෙ හේතුය. මෙ ප්‍රත්‍යය යි. බ්‍රාහ්මණය, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රියෙහි නො හදාළ මන්ත්‍රයෝත් ඇතැම් කලෙක වැටහෙත් නම්, හදාළ මන්ත්‍රයෝ පළමු කොට ම වැටහෙත් නම්, මෙ හේතුය, මෙ ප්‍රත්‍යයයි.
Pali BJTඅභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත ය, ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් කොට දිවිහිම්ව සරණගිය උවසු කොට මා ධරණ සේක්වායි.
Pali BJT5. 4. 5. 4.
Sinhala BJT5. 4. 5. 4.
Pali BJT[කාරණපාලී සුත්තං]
Sinhala BJT[කාරණපාලී සූත්‍රය]
Pali BJT45. එකං සමයං භගවා වෙසාලියං විහරති, මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන. කාරණපාලී බ්රාහ්මණො ලිච්ඡවීනං කම්මන්තං කාරෙති.
Sinhala BJT45. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහාවන කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එසමයෙහි කාරණාපාලී බ්‍රාහ්මණ ලිච්ඡවීන්ගේ නවකර්‍මාන්ත කරවයි.
Pali BJTඅද්දසා ඛො කාරණපාලී බ්රාහ්මණො පිඞ්ගියානිං බ්රාහ්මණං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන{1} පිඞ්ගියානිං බ්රාහ්මණං එතදවොච:
Sinhala BJTකාරණපාලී බ්‍රාහ්මණ දුරදී මැ එන පිඞ්ඟීයානී බ්‍රාහ්මණයා දුටුයේ ය. දැක පිඞ්ඟීයානී බ්‍රාහ්මණහට තෙල කීය:
Pali BJTහන්ද කුතො නු භවං පිඞ්ගියානී ආගච්ඡති දිවාදිවස්සාති.
Sinhala BJTභවත් පිඞඟියානී ඉතා දවල් කොහි සිට එන්නේදැ යි?
Pali BJTඉතොහං භො ආගච්ඡාමි, සමණස්ස ගොතමස්ස සන්තිකාති.
Sinhala BJTභවත්නි, මම මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෙතින් එඹි යි.
Pali BJTතං කිං මඤ්ඤති භවං පිඞ්ගියානී සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං, පණ්ඩිතො මඤ්ඤෙති?
Sinhala BJTභවත් පිඞ්ඟීයානී තෙමේ එ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය කිමැ යි හඟනේ ද? හේ පණ්ඩිතයැ යි හඟනේ දැ? යි.
Pali BJTකො චා හං භො, කො ච සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානිස්සාමි. සොපි නූනස්ස තාදිසොව යො සමණස්ස ගොතමස්ස පඤ්ඤාවෙය්යත්තියං ජානෙය්යාති.
Sinhala BJTභවත්නි, මම කවරෙකිම්, කිසෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥා හා වියත්කම් දනිම් දැ? යි. යමෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ප්‍රඥාවෛයක්ත්‍යය දන්නේ නම්, හේ එකැතින් එබඳු ම වේ යයි.
Pali BJTඋළාරාය ඛලු භවං පිඞ්ගියානී සමණං ගොතමං පසංසාය පසංසතීති.
Sinhala BJTභවත් පිඞ්ඟීයානී උදාර ප්‍රශංසායෙන් මහණගොයුම්හු පසස්නේ ය යි.
Pali BJTකො චාහං භො, කො ච සමණං ගොතමං පසංසිස්සාමි, පසත්ථ පසත්ථොව{2} සො භවං ගොතමො සෙට්ඨො දෙවමනුස්සානන්ති.
Sinhala BJTභවත්නි, මම කවරෙකිම්, කිසෙයින් මහණගොයුම්හු පසස්නෙම් ද? දේවමනුෂ්‍යයනට ශ්‍රේෂ්ඨ වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ ප්‍රශස්ත ගුණයන් විසින් ම ප්‍රශස්තයහ.
Pali BJTකිං පන භවං පිඞ්ගියානී අත්ථවසං සම්පස්සමානො සමණෙ ගොතමෙ එවං අභිප්පසන්නො?ති.
Sinhala BJTභවත් පිඞ්ඟීයානී කවර කරුණක් දක්නේ මහණගොයුම්හු කෙරෙහි මෙ සෙයින් අභිප්‍රසන්න වේ දැ?” යි.
Pali BJTසෙය්යථාපි භො පුරිසො අග්ගරසපරිතිත්තො න අඤ්ඤෙසං හීනානං රසානං පිහෙති, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො න අඤ්ඤෙසං පුථුසමණ බ්රාහ්මණප්පවාදානං පිහෙති. (1)
Sinhala BJTභවත්නි, යම් පරිද්දෙකින් අග්‍රරසයන්හි පරිතෘප්ත පුරුෂයෙක් අන්‍ය හීනරසයනට කැමති නො වේ ද, භවත්නි, එ පරිදිදෙන් ම ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්‍ම විසින් හෝ සූත්‍රාදි යම් යම් ම කරුණෙකින් අසා නම්, එ එ කරුණෙන් අන්‍ය වූ නානා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ (ලබ්ධිසඞ්ඛ්‍යාත) ප්‍රවාදයන් නො පතාමැයි. (1)
Pali BJTසෙය්යථාපි භො පුරිසො ජිඝච්ඡාදුබ්බල්යපරෙතො මධුපිණ්ඩිකං අධිගච්ඡෙය්ය, සො යතො යතො සායෙථ, ලභතෙව සාධුරසං අසෙචනකං, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති. යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො ලභතෙව අත්තමනතං, ලභති චෙතසො පසාදං. (2)
Sinhala BJTභවත්නි, යම් සේ පුරුෂයෙක් ජිඝත්සායෙන් හා දුර්‍වලභාවයෙන් මැඩුනේ මීවදයක් ලබානම්, හේ එය යම් මැ තැනෙකින් එහි රස විඳුනේ නම් අතෘප්තිකර මියුරු රස ලබන්නේ ම ය. භවත්නි, එසෙයින් ම සූත්‍ර විසින් වේව යි ගෙය විසින් වේව යි වෛයාකරණ විසින් වේව යි අද්භූත ධර්‍ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ කරුණින් සොම්නස ලබා මැයි. චිත්තප්‍රසාදය ලබා මැයි. (2)
Pali BJTසෙය්යථාපි භො පුරිසො චන්දනඝටිකං අධිගච්ඡෙය්ය හරිචන්දනස්ස වා ලොහිතචන්දනස්ස වා, සො යතො යතො ඝායෙථ, යදි මූලතො යදි මජ්ඣතො යදි අග්ගතො, අධිගච්ඡතෙව සුරභිගන්ධං අසෙචනකං, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො අධිගච්ඡති පාමොජ්ජං, අධිගච්ඡති සොමනස්සං. (3)
Sinhala BJTපින්වත, යම් සේ පුරුෂයෙක් සුදුසඳුන් වේවයි, රත්සඳුන් වේවයි, සඳුන්ගැටක් ලබා නම්, හේ එය මුලින් වේවයි මැදින් වේවයි අගින් වේවයි යම් ම තැනෙකින් ආඝ්‍රාණය කෙරේ නම්, අතෘප්තිකර සුගන්‍ධය ලබාම ය. පින්වත, එසෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්‍ම විසින් වේවයි යම් ම අයුරෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ අයුරින් ප්‍රාමෝද්‍යය ලබාම ය. සොම්නස ලබයි. (3)
Pali BJTසෙය්යථාපි භො පුරිසො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, තස්ස කුසලො භිසක්කො ඨානසො ආබාධං නීහරෙය්ය, එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති: යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා අබ්භත්ථං ගච්ඡන්ති. (4)
Sinhala BJTපින්වත, යම් සේ රෝගී වූ දුකට පත් වූ දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් වේ ද, දක්‍ෂ වෛද්‍යයෙක් ඔහුගේ රෝගය කෙණෙකින් බැහැරලන්නේ නම්, පින්වත එ පරිද්දෙන් ම සූත්‍ර විසින් හෝ ගෙය විසින් හෝ වෛයාකරණ විසින් හෝ අද්භූතධර්‍ම විසින් හෝ යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේගේ ධර්‍මය අසා නම්, එ එ කරුණෙන් ම ශෝක පරිදේව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ මොනවට අස්තයට යන්නාහ. (4)
Pali BJTසෙය්යථාපි භො පොක්ඛරණී අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතකා සුපතිත්ථා රමණීයා, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො, සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා නහාත්වා ච{1} පීත්වා ච{2} සබ්බදරථකිලමථපරිළාහං පටිප්පස්සම්භෙය්ය. එවමෙව ඛො භො, යතො යතො තස්ස භොතො ගොතමස්ස ධම්මං සුණාති යදි සුත්තසො යදි ගෙය්යසො යදි වෙය්යාකරණසො යදි අබ්භූතධම්මසො, තතො තතො සබ්බදරථකිලමථපරිළාහා පටිප්පස්සම්භන්තී’ති. (5)
Sinhala BJTපින්වත, යම් සේ පහන් දියැති මියුරු දියැති සුදු වැලිතලා ඇති මනා තොටු ඇති සිත්කලු පොකුණක් වේ නම්, වැලිත් ගිමින් තැවුනු ගිමින් මැඩුණු ක්ලාන්ත වූ තෘෂිත වූ පැන්බොනු කැමති පුරුෂයෙක් එයි, හෙ එ පොකුණට බැස පැන් සනහා පැන් බී හැම දරථක්ලමථූපරිදාහය සන්සිඳුවන්නේ ය, පින්වත, එ සෙයින් ම සූත්‍ර විසින් වේවයි ගෙය විසින් වේවයි වෛයාකරණ විසින් වේවයි අද්භූතධර්‍ම විසින් වේවයි යම් ම කරුණෙකින් එ භවත් ගෞතමයන් වහන්සේ ගේ ධර්‍මය අසා නම්, එ එ කරුණෙන් සර්‍වදරථක්ලමථුපරිදාහයෝ සන්හිඳෙන්නාහයි. (5)
Pali BJTඑවං වුත්තෙ කාරණපාලී බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා”ති.
Sinhala BJTමෙසේ කී කල්හි කාරණපාලී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරුසළුව එකස් කොටලා දකුණුදණමඬල පොළොව්හි පිහිටුවා භාග්‍යවතුන් වහන්සේ දසට ප්‍රණාම කොට තෙවරක් උදන් ඇනී ය: “එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා. එ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි.
Pali BJTඅභික්කන්තං භො පිඞ්ගියානී, අභික්කන්තං භො පිඞ්ගියානී. සෙය්යථාපි භො පිඞ්ගියානී, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය ‘චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති’ති, එවමෙවං භොතා පිඞ්ගියානිනා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භො පිඞ්ගියානී තං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මං ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං පිඞ්ගියානී ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTභවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, ඉතා කාන්ත වෙයි. භවත් පිඞ්ගියානියෙනි, යම් සේ යටිහුරු කොට තබනලද්දක් උඩුහුරු කොට තබන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළාවුවකුහට මඟ කියන්නේ හෝ වේ ද, “චක්‍ෂුර්මත්හු රූ දක්නාහ” යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එලෙසින් ම භවත් පිඞ්ගියානිහු විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. භවත් පිඞ්ගියානියෙනි, තෙල මම ඒ භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මය හා භික්‍ෂුසඞ්ඝයා හි සරණකොට යෙමි. භවත් පිඞ්ගියානී තෙමේ අද පටන් කොට මා දිවිහිම්ව (තුනුරුවන්) සරණගිය උපාසක කොට ධරාවායි.
Pali BJT5. 4. 5. 5.
Sinhala BJT5. 4. 5. 5.
Pali BJT[පිඞ්ගියානී සුත්තං]
Sinhala BJT[පිඞ්ගියානී සූත්‍රය]
Pali BJT46. එකං සමයං භගවා වෙසාලියං විහරති, මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි ලිච්ඡවීසතානි භගවන්තං පයිරුපාසන්ති. අප්පෙකච්චෙ ලිච්ඡවී නීලා හොන්ති නීලවණ්ණා නීලවත්ථා නීලාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී පීතා හොන්ති පීතවණ්ණා පීතවත්ථා පීතාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී ලොහිතකා හොන්ති ලොහිතකවණ්ණා ලොහිතකවත්ථා ලොහිතකාලඞ්කාරා. අප්පෙකච්චෙ ලිච්ඡවී ඔදාතා හොන්ති ඔදාතවණ්ණා ඔදාතවත්ථා ඔදාතාලඞ්කාරා. ත්යාස්සුදං භගවා අතිරොචති වණ්ණෙන චෙ ව යසසා ච.
Sinhala BJT46. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වෛශාලී නගරාසන්නයෙහි වූ මහාවනයෙහි කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එසමයෙහි පන්සියක් පමණ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරත්. ඇතැම් ලිච්ඡවීහු නීලවූවාහු නිල්පැහැ ඇත්තාහු නිල්වත් ඇත්තාහු නිල් අබරණ ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු පීත (කහ) වූවාහු පීතවර්‍ණ ඇත්තාහු පීතවස්ත්‍ර හැඳියාහු පීතාලඞ්කාර ඇතියාහු වෙති. ඇතැම් ලිච්ඡවීහු ලෝහිත (ලේ පැහැ) වූවාහු ලෝහිත වර්‍ණ ඇත්තාහු ලෝහිතවස්ත්‍ර ඇත්තාහු ලොහිතාලඞ්කාර ඇතියාහු වෙත්. ඇතැම් ලිච්ඡවීහු අවදාත (සුදු) වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාතවස්ත්‍ර ඇත්තාහු අවදාතලඞ්ඛාර ඇත්තාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ වර්‍ණයෙනුදු යශසිනුදු ඔවුන් හැම ඉක්මවා බබලන සේක.
Pali BJTඅථ ඛො පිඞ්ගියානී බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති.
Sinhala BJTඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ හුනස්නෙන් නැඟී උතුරු සළුව එකස් කොටලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, මට වැටහෙයි, සුගතයන් වහන්ස, මට වැටහේ” යයි.
Pali BJTපටිභාතු තං පිඞ්ගියානීති භගවා අවොච.
Sinhala BJTපිඞ්ගියානිය, තට වැටහේවායි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJTඅථ ඛො පිඞ්ගියානී බ්රාහ්මණො භගවතො සම්මුඛා සාරුප්පාය ගාථාය අභිත්ථවි:
Sinhala BJTඉක්බිති පිඞ්ගියානී බ්‍රාහ්මණ භාග්‍යවතුන් හමුවෙහි සාරුප්‍ය ගාථායෙන් ස්ත්‍රෝත්‍ර කෙළේය:
Pali BJT99. පදුමං{1} යථා කොකනදං{2} සුගන්ධං පාතො සියා ඵුල්ලමවීතගන්ධං, අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛෙති.
Sinhala BJT99. “උදාසන්හි පිපි නොහළ සුවඳැති කොකනද සඞ්ඛ්‍යාත සුවඳවත් රත්පියුමෙක් යම්සේ වේ නම්, එසේ වූ අහස්හි තෙවුනා හිරුමෙන් වොරදනා අඞ්ගීරස (සිරුරු රැස් විහිදෙන) බුදුන් බලව” යි.
Pali BJTඅථ ඛො තෙ ලිච්ඡවී පඤ්චහි උත්තරාසඞ්ගසතෙහි පිඞ්ගියානිං බ්රාහ්මණං අච්ඡාදෙසුං. අථ ඛො පිඞ්ගියානී බ්රාහ්මණො තෙහි පඤ්චහි උත්තරාසඞ්ගසතෙහි භගවන්තං අච්ඡාදෙසි.
Sinhala BJTඑකල්හි එ ලිච්ඡවීහු පන්සියත් උතුරුසළුයෙන් පිඞ්ගියානී බමුණු පිදූහ. එකල්හි පිඞ්ගියානී බ්‍රාහ්මණ එ උතුරු සළු පන්සියෙන් භාග්‍යවතුන් වහන්සේ පිදී.
Pali BJTඅථ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ ලිච්ඡවීනට තෙල වදාළසේක.
Pali BJTපඤ්චන්නං ලිච්ඡවී, රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං:
Sinhala BJTලිච්ඡවීනි, ලොව්හි රත්නපස්දෙනකුන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. කවර පස්දෙනකුගේය යත්:
Pali BJTතථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා ධම්මානුධම්මපටිපන්නො පුග්ගලො දුල්ලභො ලොකස්මිං. කතඤ්ඤූ කතවෙදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJTතථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ලොව්හි ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනය දෙසන පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගන්නා පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. දෙසන ලද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දැනගත් ධර්‍මානුධර්‍මයෙහි පිළිපන් පුද්ගල ලොව්හි දුර්‍ලභ වෙයි. කෘතඥවූ කෘතවේදී පුද්ගල ලෝකයෙහි දුර්‍ලභ වේ වෙයි.
Pali BJTඉමෙසං ඛො ලිච්ඡවී පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTලිච්ඡවීනි, ලෝකයෙහි මේ පඤචරතනයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වේ යයි.
Pali BJT5. 4. 5. 6.
Sinhala BJT5. 4. 5. 6.
Pali BJT[මහාසුපින සුත්තං]
Sinhala BJT[මහාසුපින සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො පඤ්ච මහාසුපිනා පාතුරහෙසුං. කතමෙ පඤ්ච.
Sinhala BJT46. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම චතුස්සත්‍යාවබෝධය නො කළ බෝධිසත්‍ව වූවන්ට ම පඤ්චමහා ස්වප්න කෙනෙක් පහළවූහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTතථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං මහාපඨවි මහාසයනං අහොසි. හිමවා පබ්බතරාජා බිම්බොහනං{3}අහොසි. පුරත්ථිමෙ සමුද්දෙ වාමො හත්ථො ඔහිතො අහොසි. පච්ඡිමෙ සමුද්දෙ දක්ඛිණො හත්ථො ඔහිතො අහොසි. දක්ඛිණෙ සමුද්දෙ උභො පාදා ඔහිතා අහෙසුං. තථාගතස්ස භික්ඛවෙ අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං පඨමො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTමහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවන්ට ම මෙ මහපොළොව මහ යහන් විය, හිමවූපවුරද කන්වයින් විය. පැදුම් සමුදුරෙහි වම්අත තබන ලදුයේ (පැදුම් සක්වළමත පිහිටියේ) විය. පැළදිග සමුදුරෙහි දකුණත තබන ලදුයේ (පැළදිගැ සක්වළමත පිහිටියේ) විය. දකුණු මුහුදෙහි උභයපාදයෝ තබන ලදහු දකුණු සක්වළමත පිහිටියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවන්ට ම මෙ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
Pali BJTපුන චපරං භික්ඛවෙ තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං දුතියො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පෙර ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම තිරිය නම් තෘණජාතියෙක් (බබුස් තණ) නැබින් පැනනැඟී අහසැ පැතිරැ සිටියේ විය. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ ද්විතීය මහාස්වප්නය පහළ විය.
Pali BJTපුන චපරං භික්ඛවෙ තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා යාව ජාණුමණ්ඩලං පටිච්ඡාදෙසුං. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං තතියො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූ බෝධිසත්‍ව වූවනට ම කළුහිස් ඇති ශ්වේත කෘමිහු (පණුවෝ) දෙපසින් නැඟී දණමඬුලු තෙක් වසා සිටගත්හ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ තෘතීය මහාස්වප්නය පහළ විය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නීලාදි නන් පැහැ ඇති සතර ලිහිණි කෙනෙක් සිව්දිගින් අවුදු පාමුල හෙවැ සර්‍වශ්වේතව ගියහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට මැ මේ සතරවන මහාස්වප්නය පහළ විය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරිචඞ්කමති අලිප්පමානො{1} මීළ්හෙන. තථාගතස්ස භික්ඛවෙ, අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං පඤ්චමො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයෝ සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවාහු ම මහාමීඨ (තියොදුන් වර්චස්) පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කරන්නාහ. මහණෙනි, තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන්ට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ පස්වන මහාස්වප්නය පහළ විය.
Pali BJTයම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො අයං මහාපඨවී මහාසයනං අහොසි, හිමවා පබ්බතරාජා බිම්බොහනං අහොසි, පුරත්ථිමෙ සමුද්දෙ වාමො හත්ථො ඔහිතො අහොසි, පච්ඡිමෙ සමුද්දෙ දක්ඛිණෙ හත්ථො ඔහිතො අහොසි, දක්ඛිණෙ සමුද්දෙ උභො පාදා ඔහිතා අහෙසුං, තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන අනුත්තරා සම්මාසම්බොධි අභිසම්බුද්ධා, තස්සා අභිසම්බොධාය අයං පඨමො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTමහණෙනි, යම්හෙයෙකින් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම මේ මහපොළොව යහන් වී ද, හිමව්පව්රද කන්වයින් වී ද, පෙරදිග මහසයුරෙහි වම්අත තබන ලද වී ද, පැළදිග සයුරෙහි දකුණත තබන ලද වී ද, දකුණුමුහුදෙහි දෙපා තබන ලද වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධතථාගතයන් වහන්සේ විසින් අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කරණලද නම් ඒ අභිසම්බෝධියට (සර්‍වඥතා ඥාන, අනාවරණ ඥාන ආදියට) (පූර්‍වනිමිත්ත වූ) මේ ප්‍රථම මහාස්වප්නය පහළ විය.
Pali BJTයම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො තිරියා නාම තිණ ජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසි, තථාගතෙන භික්ඛවෙ, අරහතා සම්මාසම්බුද්ධෙන අරියො අට්ඨඞ්ගිකො මග්ගො අභිසම්බුජ්ඣිත්වා යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතො, තස්ස අභිසම්බොධාය අයං දුතියො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTමහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට නැබින් තිරිය නම් තෘණජාතියෙක් පැනනැඟී අහස්හි පැතිරැ සිටියේ වී ද, මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කොට යම්තාක් (නුවණැති) දෙවිමිනිසුන් කෙරෙහි මොනවට ප්‍රකාශ කරණ ලද නම්, ඒ ප්‍රකාශයාගේ අභිසම්බොධයට (පෙරනිමිති වූ) මෙ දෙවන මහා ස්වප්නය පහළ වීය.
Pali BJTයම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහතො සම්මා සම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො සෙතා කිමී කණ්හසීසා පාදෙහි උස්සක්කිත්වා යාව ජාණුමණ්ඩලා පටිච්ඡාදෙසුං, බහූ භික්ඛවෙ, ගිහී ඔදාතවසනා තථාගතං පාණුපෙතං සරණං ගතා, තස්ස අභිසම්බොධාය අයං තතියො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝධිසත්ත්‍ව වූවනට ම කළුහිස් ඇති සුදු කෘමීහු දෙපසින් නැඟී දණමඬල තෙක් වසාසිටගත්හු නම්, මහණෙනි, සුදුවත් හඳනා බොහෝ ගිහියෝ තථාගතයන් දිවිහිම් කොට සරණ ගියාහු නම්, ඒ සරණගමනයාගේ අභිසම්බොධයට මේ තෙවන මහාස්වප්නය පහළ විය.
Pali BJTයම්පි භික්ඛවෙ තථාගතස්ස අරහතො, සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො චත්තාරො සකුණා නානාවණ්ණා චතූහි දිසාහි ආගන්ත්වා පාදමූලෙ නිපතිත්වා සබ්බසෙතා සම්පජ්ජිංසු, චත්තාරො මෙ භික්ඛවෙ, වණ්ණා: ඛත්තියා බ්රාහ්මණා වෙස්සා සුද්දා, තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා අනුත්තරං විමුත්තිං සච්ඡිකරොන්ති, තස්ස අභිසම්බොධාය අයං චතුත්ථො මහාසුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට සම්බෝධියෙන් පූර්‍වයෙහි ම සිවුදිගින් නන්පැහැ ඇති ලිහිණියෝ සතරදෙනෙක් අවුත් අනභිසම්බුද්ධ වූ බෝධිසත්‍වයන්ගේ පාමුල්හි හෙව සර්‍වශ්වේත වූවාහු නම්, මහණෙනි, ක්‍ෂත්‍රියයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහ යන මේ සතර වර්‍ණයෝ වෙත් නම් ඔහු ගිහිගෙන් නික්ම තථාගතප්‍රවිදිත වූ ධර්‍මවිනය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිව අනුත්තර වූ විමුක්තිය සාක්‍ෂාත් කරන්නාහු නම්, එ අභිසම්බොධයට මේ සතරවන මහාස්වප්නය පහළ විය.
Pali BJTයම්පි භික්ඛවෙ, තථාගතස්ස අරහං සම්මාසම්බුද්ධො පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො මහතො මීළ්හපබ්බතස්ස උපරූපරි චඞ්කමති අලිප්පමානො මීළ්හෙන, ලාභී භික්ඛවෙ, තථාගතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං, තත්ථ ච තථාගතො අගථිතො{1} අමුච්ඡිතො අනජ්ඣොපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තස්ස අභිසම්බොධාය අයං පඤ්චමො මහා සුපිනො පාතුරහොසි.
Sinhala BJTතවද මහණෙනි, යම්හෙයෙකින් අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ සම්බෝධියෙන් පූර්‍වයෙහි ම අනභිසම්බුද්ධ වූ බෝසත් වූවාහු ම මහාමීඨ පර්‍වතමස්තකයෙක්හි මීඨයෙන් නො තැවරෙමින් සක්මන් කෙරෙත් ද, මහණෙනි, තථාගතයෝ චීවරපිණ්ඩපාත ශයනාසන ගිලානප්‍රත්‍යයභෛෂජ්‍ය පරික්‍ෂාකාර ලාභී වෙත් නම්, එහිදු තථාගතයෝ නො ගැටුනාහු මුසපත් නො වූවාහු නො මැඩුනාහු ආදීනව දක්නාසුලු වූවාහු නිඃසරණප්‍රඥා ඇත්තාහු වළඳනාහු නම්, ඒ නිඃසරණ පරිභෝගයාගේ අභිසම්බොධයට මේ පස්වන මහාස්වප්නය පහළ විය.