Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7501-7600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT86. සෙහි දාරෙහි සන්තුට්ඨො පරදාරං ච නාරමෙ{3} මෙරයං වාරුණිං ජන්තු න පිවෙ චිත්තමොහනිං.
Sinhala BJT86. සිය අඹුන් හා සමඟ තුටු වන්නේ පරඹුන් කෙරෙහි නො ඇලෙන්නේ ය. පුරුෂ තෙමේ සිත මුළා කරණ රහමෙර නො ම බොන්නේ ය.
Pali BJT87. අනුස්සරෙය්ය සම්බුද්ධං ධම්මං චානුවිතක්කයෙ, අව්යාපජ්ඣං හිතං චිත්තං දෙවලොකාය භාවයෙ.
Sinhala BJT87. සම්බුදුන් සිහිකරන්නේ ය. නවලෝකෝත්තරධර්‍මය ද අනුස්මෘති වශයෙන් අනුවිතර්‍කණය කරන්නේ ය. දෙව්ලොවැ (බඹලොව) උපත් සඳහා නිදුක් වූ හිත වූ (බ්‍රහ්මවිහාර) සිත වඩන්නේ ය.
Pali BJT88. උපට්ඨිතෙ දෙය්යධම්මෙ පුඤ්ඤත්ථස්ස ජිගිංසතො,{4} සන්තෙසු පඨමං දින්නා විපුලා හොති දක්ඛිණා.
Sinhala BJT88. පුණ්‍යාර්ත්‍ථි වූ පුණ්‍යගවේෂකයාහට දේයධර්‍මය ඇති කල්හි පළමු කොට බුදුපසේබුදුමහරහතුන් කෙරෙහි දෙන ලද, දක්‍ෂිණා තොමෝ විපුල (ඵල ඇත්තී) වෙයි.
Pali BJT89. සන්තො භවෙ පවක්ඛාමි, සාරිපුත්ත, සුණාහි මෙ, ඉති කණ්හාසු සෙතාසු රොහිණීසු හරීසු වා.
Sinhala BJT89-91. ශාරීපුත්‍රයෙනි, සත්පුරුෂයන් නියම කොට පවසමි. මාගේ භාෂිතය අසව. කළුපැහැ ඇති වේව යි, සුදු වේව යි, රතු වේව යි, රන්වන් වේව යි, කල්මාෂ (ලප) සහිත වේව යි, සමානරූප ඇති වේව යි, පරෙවිපැහැති වේව යි, මෙසේ තෙල යම් කිසි ගවයන් කෙරෙහි ධුරවහනයට සමත් බලසම්පන්න දැමුනු කල්‍යාණ ජව හා වීර්‍ය්‍ය ඇති පුඞ්ගවයෙක් උපදනේ වේ නම්, ඔහු ම ධුරයෙහි යොදත්. ඔහුගේ වර්‍ණය නො පිරික්සත් (නො සලකත්.)
Pali BJT90. කම්මාසාසු සරූපාසු ගොසු පාරෙවතාසු වා. යාසු කාසු ච එතාසු දන්තො ජායති පුඞ්ගවො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT91. ධොරය්හො බලසම්පන්නො කල්යාණජවනික්කමො, තමෙව භාරෙ යුඤ්ජන්ති නාස්සවණ්ණං පරික්ඛරෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT92. එවමෙව මනුස්සෙසු යස්මිං කස්මිඤ්චි{1} ජාතියෙ, ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ.
Sinhala BJT92-95 එ පරිද්දෙන් ම මනුෂ්‍යයන් කෙරෙහි ක්‍ෂත්‍රියකුලයෙහි වේව යි, බ්‍රාහ්මණකුලයෙහි වේව යි, වෛශ්‍යකුලයෙහි වේව යි, ශුද්‍රකුලයෙහි වේව යි, සැඩොල් පුප්සඩුකුලෙහි වේව යි, මෙබඳු යම් කිසි තෙල කුලන් අතුරෙහි වූ කිසි යම් ජාතියෙක්හි උපන් දැමුනාවූ මනා ව්‍රත ඇති ධර්මිෂ්ධ වූ සත්‍යවාදී වූ ලජ්ජායෙන් යුත් සිත් ඇති ප්‍රහීණ වූ පුනර් ජාතිමරණ ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පිළිබඳ සකලගුණයෙන් යුත් දුරු කළ කෙලෙස්බර ඇති සංයෝගරහිත වූ සිවුමඟින් කළ කිස ඇති ආස්‍රව රහිත වූ සර්‍වධර්‍මයන්ගේ පරතෙර පත් උපාදාන විසින් නො ගෙණ කෙලෙස් පිරිනිවනින් පිරිනිවියෙක් වේ ද, කෙලෙස්රජස් නැති ඒ (ක්‍ෂීණාස්‍රව පුද්ගල සඞ්ඛ්‍යාත) පුණ්‍යක්‍ෂේත්‍රයෙහි දෙන ලද දක්‍ෂිණා තොමෝ (ඵලයෙන්) විපුල වෙයි.
Pali BJT93. යාසු කාසු ච{2} එතාසු දන්තො ජායති සුබ්බතො, ධම්මට්ඨො සීලසම්පන්නො සච්චවාදී හිරීමනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT94. පහීනජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී, පන්නභාරො විසංයුත්තො කතකිච්චො අනාසවො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT95. පාරගූ සබ්බධම්මානං අනුපාදාය නිබ්බුතො, තස්මිං ච විරජෙ ඛෙත්තෙ විපුලා හොති දක්ඛිණා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT96. බාලාව{3} අවිජානන්තා දුම්මෙධා අස්සුතාවිනො, බහිද්ධා දෙන්ති{4} දානානි න හි සන්තෙ උපාසරෙ.
Sinhala BJT96. කාරණාකාරණ නො දන්නා තන්වැසි නුවණ නැති අශ්‍රැතවත් බාලයෝ ම බුදුසස්නෙන් පිටත්හි (විපුල ඵල ඇතැයි) දන් දෙත්. සත්පුරුෂයන් නො ම ඇසුරු කෙරෙත්.
Pali BJT97. යෙ ච සන්තෙ උපාසෙන්ති{5} සප්පඤ්ඤෙ ධීරසම්මතෙ, සද්ධා ච නෙසං සුගතෙ මූලජාතා පතිට්ඨිතා.
Sinhala BJT97. යම් කෙනෙක් සප්‍රාඥ වූ ධීර ය යි සම්මත වූ සත්පුරුෂයන් උපාසනය (ආශ්‍රය) කෙරෙත් ද, ඔවුන්ගේ ශ්‍රද්ධාව ද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇතිව පිහිටියා වෙයි ද,
Pali BJT98. දෙවලොකං ච තෙ යන්ති කුලෙ වා ඉධ ජායරෙ, අනුපුබ්බෙන නිබ්බානං අධිගච්ඡන්ති පණ්ඩිතාති.
Sinhala BJT98. ඔහු දෙව්ලොව ද යෙති. මෙ මිනිසත්හි උතුම් කුලයෙක හෝ උපදනාහ. එ පණ්ඩිතයෝ අනුපිළිවෙළින් නිවන අවබෝධ කෙරෙත් ය යි.
Pali BJT5. 4. 3. 10.
Sinhala BJT5. 4. 3. 10.
Pali BJT[ගවෙසීසුත්තං]
Sinhala BJT[ගවේසී සූත්‍රය]
Pali BJT30. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අද්දසා ඛො භගවා අද්ධානමග්ගපටිපන්නො අඤ්ඤතරස්මිං පදෙසෙ මහන්තං සාලවනං. දිස්වා මග්ගා ඔක්කම්ම යෙන තං සාලවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං සාලවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං පදෙසෙ සිතං පාත්වාකාසි.
Sinhala BJT30. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන හා සමඟ කොසොල්දනව්යෙහි සැරිසරණසේක. දීර්‍ඝමාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්යි මහසල්වනයක් දුටු සේක. දැක මාර්‍ගයෙන් ඉවත් ව එ සල්වන කරා වැඩි සේක. වැඩ එ සල්වනයට පිවිස එක් පියසෙක වැඩසිට සිනා පාළ කළ සේක.
Pali BJTඅථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: “කො නු ඛො හෙතු කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන තථාගතා සිතං පාතුකරොන්තී”ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල සිත් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවර! ප්‍රත්‍යය කවර! තථාගතයෝ නො කරුණෙන් සිනා පාළ නො කෙරෙත් ය” යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ හෙතු කො පච්චයො භගවතො සිතස්ස පාතුකම්මාය? න අකාරණෙන තථාගතා සිතං පාතුකරොන්තී”ති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ යැ? තථාගතයෝ නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති” යි.
Pali BJTභූතපුබ්බං ආනන්ද, ඉමස්මිං පදෙසෙ නගරං අහොසි ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බහුජනං ආකිණ්ණමනුස්සං. තං ඛො පන ආනන්ද, නගරං කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි.
Sinhala BJTආනන්‍දයෙනි, පෙර මෙ පියෙස්හි සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ දනක් ඇති ගැවසීගත් මිනිසුන් ඇති නුවරෙක් විය. ආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේ එ නුවර නිසා විසූහ.
Pali BJTකස්සපස්ස ඛො පන ආනන්ද, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස ගවෙසී නාම උපාසකො අහොසි සීලෙසු අපරිපූරකාරී. ගවෙසිනා ඛො ආනන්ද, උපාසකෙන පඤ්චමත්තානි උපාසකසතානි පටිදෙසිතානි සමාදපිතානි අහෙසුං සීලෙසු අපරිපූරකාරිනො.
Sinhala BJTආනන්‍දයෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වු කාශ්‍යප භාග්‍යවතුන්වහන්සේට, ශීලයෙහි අපරිපුරකාරී වූ ගවේසී නම් උපාසකයෙක් විය. ආනන්‍දයෙනි, ගවේසී උවසුවහු විසින් පන්සියයක් පමණ උවසුවෝ (උපාසකත්‍වයට) පිළිණ කරවන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු ශීලයෙහි අපරිපුරාකාරී වූහ.
Pali BJTඅථ ඛො ආනන්ද ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො{1} පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු අපරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු අපරිපූරකාරිනො. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති, ගවේසී උපාසකයාහට තෙල සිත් විය. “මම් වනාහි මේ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි අපරිපුරකාරීයෙමි. මේ පන්සියක් උවසුවෝ ද ශීලයෙහි අපරිපුරකාරි වෙති. මෙසෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් නැත. මම් අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැව” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො සීලෙසු පරිපූරකාරිං ධාරෙථා”ති. (1)
Sinhala BJTආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උපාසක එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සියක් උවසුවනට තෙල කීය: “ආයුෂ්මත්නි, අදින් මතු මා ශීලයෙහි පරිපුරකාරියකු කොට ධරවු” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා, අය්යො හි නාම ගවෙසී සීලෙසු පරිපූරකාරී භවිස්සති. කිමඞ්ග{2} පන න මයං”ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්‍වඞ්ගමය, සමාදන් කරවන්නේ ය. ආර්‍ය්‍ය ගවේසී වනාහි ශීලයෙහි පරිපුරකාරි වන්නේ ය. කවර කරුණෙන් අපි එසේ නො වමෝ දැ?”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී, ඉමානි{3} පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො ධාරෙතූ”ති.
Sinhala BJTඉක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවෝ ගවේසී උපාසකයා කරා එළඹියහ. එළඹ ගවේසී උවසුහට තෙල කීහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී තෙමේ මෙ පන්සියක් උවසුවන් ශීලයෙහි පරිපූරකාරීන් කොට ධරාවා” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච{3} පඤ්චඋපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එ කල්හි ගවේසී උපාසකයාහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි. පූර්‍වඞ්ගමයෙමි, සමාදන් කරවන්නෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරී වෙමි. මෙ පන්සික් උවසුවෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්චඋපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො බ්රහ්මචාරිං ධාරෙථ ආරාචාරිං{4} විරතං මෙථුනා ගාමධම්මා”ති. (2)
Sinhala BJTආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උවසු එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සිවක් උවසුවනට තෙළ කී ය: “ආයුෂ්මත්හු මා අද පටන් කොට ගැමිදහම් වූ මෛථුනයෙන් වෙන්ව හැසිරෙන අබ්‍රම්සරින් දුරු වූ බඹසර ඇතියකු කොට ධරව”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී බ්රහ්මචාරි භවිස්සති. ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. කිමඞ්ග{2} පන න මයන්ති.”
Sinhala BJTඑක්බිති ආනන්‍දයෙනි, එ පන්සියක් උවසුවනට තෙල අදහස විය: “ආර්‍ය්‍ය ගවේසී වනාහි අපට බහුකාර වෙයි, පූර්‍වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වැළකියේ අබ්‍රම්සරින් දුරු වූයේ බඹසරවස් ඇති වෙයි. අපි දු කවර හෙයින් එසේ නො වමෝ දැ?” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිසුං. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී ඉමානි පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ධාරෙතු ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති ඒ පන්සියක් උවසුවෝ ගවේසී උපාසක කරා එළඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල සැළකළහ: “අද පටන් කොට ආර්‍ය්‍ය ගවේසී මෙ පන්සියක් උවසුවන් ග්‍රාමධර්‍ම සඞ්ඛ්‍යාත මෛථුනයෙන් විරත වූ අබ්‍රම්සරින් දුරු වූ බ්‍රහ්මචාරීන් කොට ධරාවා”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. අහඤ්චම්හි බ්රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාම ධම්මා. ඉමානි ච පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා. ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා’ති.
Sinhala BJTආනන්‍දයෙනි, ඉක්බිති ගවේසී උවසුහට තෙල සිත් විය: “මම වනාහි මෙ පන්සියක් උපාසකයනට බහුකාරයෙම්, පූර්‍වඞ්ගමයෙම්, සමාදන් කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපුරකාරීයෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරී වෙත්. මමත් ග්‍රාම ධර්‍ම සඞ්ඛ්‍යාත මෙවුන්දමින් වෙන් වූයෙම් අබ්‍රම්සරින් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උවසුවෝ ද ග්‍රාමධර්‍ම නම් වූ මෛථුනයෙන් වෙන් වූවාහු අබ්‍රම්සරින් දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙත්. මෙ සෙයින් තෙල කරුණ සමසම වෙයි. කිසි අතිරේකයෙක් නැත. මම අතිරේක ගුණයක් සඳහා වෙහෙසම් නම්, මැනැවැ” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන තානි පඤ්ච උපාසකසතානි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තානි පඤ්ච උපාසකසතානි එතදවොච: “අජ්ජතග්ගෙ මං ආයස්මන්තො එකභත්තිකං ධාරෙථ රත්තූපරතං විරතං විකාලභොජනා’ති. (3)
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසක එ පන්සියක් උපාසකසන් කරා එළැඹියේ ය. එළැඹ එ පන්සියක් උපාසකයනට තෙල කරුණ කී ය: “ආයුෂ්මත්හු, අදින් මතු රාත්‍රිභෝජනයෙන් වැළැකි, විකාලභෝජනයෙන් විරත වූ ඒකභත්තිකයකු කොට මා ධරත්වා” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී එකභත්තිකො භවිස්සති රත්තුපරතො විරතො විකාලභොජනා. කිමඞ්ග{1} පන න මයං”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර වෙයි, පූර්‍වඞ්ගම වෙයි, සමාදන් කරවන්නේ වෙයි. ආර්‍ය්‍ය ගවේසී රාත්‍රිභෝජනයෙන් වැළකියේ විකාලභෝජනයෙන් විරත වූයේ ඒකභත්තික වෙයි. කවර හෙයින් අපි (එබඳු) නො වමෝ දැ” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන ගවෙසී උපාසකො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ගවෙසිං උපාසකං එතදවොචුං: “අජ්ජතග්ගෙ අය්යො ගවෙසී ඉමානි පඤ්ච උපාසකසතානි එකභත්තිකෙ ධාරෙතු රත්තූපරතෙ විරතෙ විකාලභොජනා”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයෝ ගවේසී උපාසකයන් කරා එළැඹියහ. එළැඹ ගවේසී උවසුහට තෙල කරුණ සැළකළහ. “ආර්‍ය්‍ය ගවෙසීනි, අද පටන් කොට මෙ පන්සියක් උවසුවන් රාත්‍රි භොජනයෙන් වැළැකියවුන්, විකාලභෝජනයෙන් විරත වූවන් කොට ධරාවා” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසිස්ස උපාසකස්ස එතදහොසි: “අහං ඛො ඉමෙසං පඤ්චන්නං උපාසකසතානං බහුකාරො{2} පුබ්බඞ්ගමො සමාදපෙතා. අහඤ්චම්හි සීලෙසු පරිපූරකාරී. ඉමානි ච පඤ්ච උපාසකසතානි සීලෙසු පරිපූරකාරිනො. අහඤ්චම්හි බ්රහ්මචාරී ආරාචාරී විරතො මෙථුනා ගාමධම්මා. ඉමානි ච පඤ්ච උපාසකසතානි බ්රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා. අහඤ්චම්හි එකභත්තිකො රත්තුපරතො විරතො විකාලභොජනා ඉමානි ච පඤ්චඋපාසකසතානි එකභත්තිකා රත්තුපරතා විරතා විකාලභොජනා. (3) ඉච්චෙතං සමසමං, නත්ථි කිඤ්චි අතිරෙකං. හන්දාහං අතිරෙකායා” ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසකයාහට තෙල සිත් වීය: “මම වනාහි මෙ පන්සියක් උවසුවනට බහුකාරයෙමි, පූර්‍වඞ්ගමයෙමි, සමාදන්කරවන්නෙම් වෙමි. මම ද ශීලයෙහි පරිපූරකාරි වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ශීලයෙහි පරිපූරකාරි වෙති. මම ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයෙම් දුරු වූයෙම් බ්‍රහ්මචාරී වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද ග්‍රාමධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූවාහු දුරු වූවාහු බ්‍රහ්මචාරී වෙති. මම ද රාත්‍රිභෝජනයෙන් වැළැකියෙම්, විකාලභෝජනයෙන් වෙන් වූයෙම් ඒකභත්තික වෙමි. මෙ පන්සියක් උපාසකයෝ ද රාත්‍රිභෝජනයෙන් වැළකියාහු, විකාල භොජනයෙන් වෙන් වූවාහු ඒකභත්තික වෙති. මෙසේ තෙල කරුණ සමසම වෙයි. කිසිදු අතිරේකයෙක් (විශේෂයෙක්) නැත. එ හෙයින් මම අතිරේකයක් සඳහා යත්න කෙරෙම් නම්, මැනැවැ”යි.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: “ලභෙය්යාහං භන්තෙ, භගවතො, සන්තිකෙ පබ්බජ්ජං. ලභෙය්යං උපසම්පදං”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති ගවේසී උපාසක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැවිදිබව ලබම්ව” යි, උපසම්පදා ව ලබම්ව” යි.
Pali BJTඅලත්ථ ඛො ආනන්ද, ගවෙසී උපාසකො කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං (4) අලත්ථ උපසම්පදං. (5)
Sinhala BJTආනන්‍දයෙනි, ගවේසී උපාසක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබී ය. උපසම්පත් ලැබී ය.
Pali BJTඅචිරූපසම්පන්නො ඛො පන ආනන්ද, ගවෙසී භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණාජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන ආනන්ද, ගවෙසී භික්ඛු අරහතං අහොසි.
Sinhala BJTආනන්‍දයෙනි, උපසම්පදාව ලත් නොබෝකල් ඇති ගවේසී භික්‍ෂු එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් අරමුණෙහි මෙහෙයූ සිත් ඇති ව වසනුයේ, කුල පුත්‍රයෝ යම් අර්‍හත්ත්‍වයක් සඳහා මැනැවින් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙත් නම්, ඉහාත්මයෙහිම ඒ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය අවසාන කොට ඇති අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා ගෙන විසී ය. “(මාගේ) ජාති (පුනර්‍භව) ය ක්‍ෂීණ වීය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු කිස නිමවන ලද. මෙ (රහත්) බව පිණිස කළ යුතු අනෙකක් නැතැ” යි මොනවට දැනගත්තේ ය. ආනන්‍දයෙනි, ගවේසී මහණ රහතුන් අතුරෙහි අන්‍යතරයෙක් (ප්‍රසිද්ධයෙක්) විය.
Pali BJTඅථ ඛො ආනන්ද, තෙසං පඤ්චන්නං උපාසකසතානං එතදහොසි: “අය්යො ඛො ගවෙසී අම්හාකං බහුකාරො පුබ්බඞ්ගමො සමාදපෙතා. අය්යො හි නාම ගවෙසී කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති. කිමඞ්ග පන{1} න මයං”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උපාසකයනට තෙල සිත් විය: “ආර්‍ය්‍ය ගවේසී අපට බහුකාර ය, පූර්‍වඞ්ගම ය, සමාදන් කරවන්නේ ය. ආශ්චර්‍ය්‍යයෙකි! ආර්‍ය්‍ය ගවේසී කෙස්මස් බහා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ යැ. කවර හෙයින් අපි පැවිදි නො වමෝ දැ?” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි යෙන කස්සපො භගවා අරහං සම්මාසම්බුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කස්සපං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොචුං: “ලභෙය්යාම මයං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යාම උපසම්පදං”ති. අලභිංසු ඛො ආනන්ද, තානි පඤ්ච උපාසකසතානි කස්සපස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ පබ්බජ්ජං, අලභිංසු උපසම්පදං.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් උවසුවෝ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළඹ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, අපි භාග්‍යවතුන් වයන්සේ වෙත පැවිදි ලබම්හ, උපසම්පදාව ලබම්හ” යි. ආනන්‍දයෙනි, එ පන්සියක් උපාසකයෝ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලැබූහ, උපසම්පදා ලැබූහ.
Pali BJTඅථ ඛො ආනන්ද, ගවෙසිස්ස භික්ඛුනො එතදහොසි: “අහං ඛො ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභී{2} අකිච්ඡලාභී අකසිරලාභී. අහො වතිමානිපි පඤ්ච භික්ඛුසතානි ඉමස්ස අනුත්තරස්ස විමුත්තිසුඛස්ස නිකාමලාභිනො අස්සු අකිච්ඡලාභිනො අකසිරලාභිනො”ති.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති ගවේසී භික්‍ෂුහට තෙල සිත් විය: “මම වනාහි මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමැති සෙයින් ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් විපුල සෙයින් ලබනුයෙම් වෙමි. එකැතියෙන් මෙ පන්සියක් භික්‍ෂූහු දු මේ අනුත්තර වූ විමුක්තිසුඛය කැමති සෙයින් ලබන්නාහු නිදුකින් ලබන්නාහු විපුල කොට ලබන්නාහු වෙත් නම්, මනා මැ නු” යි.
Pali BJTඅථ ඛො ආනන්ද, තානි පඤ්ච භික්ඛුසතානි වූපකට්ඨා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා නචිරස්සෙව, යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසු. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අභඤ්ඤිංසු.
Sinhala BJTආනන්‍දයෙනි, එක්බිති එ පන්සියක් මහණහු වෙන් වූවාහු අප්‍රමත්ත වූවාහු ආතාප (කෙලෙස් තවන වීර්‍ය්‍ය) ඇතියාහු ප්‍රහිතාත්ම (කාර්‍ය්‍ය සිද්ධිය පිණිස තැබූ සිත් ඇති) ව වසන්නාහු, යමක් සඳහා කුලපුත්‍රයෝ මනා කොට ගිහිගෙන් නික්ම සැදැහැයෙන් පැවිද්දට වදිත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යපර්‍ය්‍යවසානය වූ ඒ අර්‍හත්‍වය ඉහාත්මයෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට උපයා විසූහ. “(අපගේ) ජාතිය ක්‍ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරණ ලද. මෙ රහත් බව පිණිස අන්කිසෙක් නැතැ” යි මැනවින් (ප්‍රත්‍යවේක්‍ෂාවෙන්) දත්හ.
Pali BJTඉති ඛො ආනන්ද, තානි පඤ්ච භික්ඛුසතානි ගවෙසීපමුඛානි උත්තරුත්තරිං{3} පණීතපණීතං වායමමානා අනුත්තරං විමුත්තිසුඛංසච්ඡාකංසු.
Sinhala BJTආනන්‍දයෙනි, මෙසෙයින් ගවේසී ප්‍රමුඛ ඒ පන්සියක් භික්‍ෂූහු මතු මතුයෙහි ප්‍රණීත ප්‍රණීත (බැව්) පිණිස වෑයම් කරන්නාහු අනුත්තර විමුක්තිසුඛය සාක්‍ෂාත් කළහ.
Pali BJTතස්මාතිහ ආනන්ද, එවං සික්ඛිතබ්බං: ‘උත්තරුත්තරිං පණීතපණීතං වායමමානා අනුත්තරං විමුත්තිසුඛං{4} සච්ඡිකරිස්සාමා’ති. එවං හි වො ආනන්ද, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTආනන්‍දයෙනි, එ හෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: “මතු මතුයෙහි ප්‍රණීත ප්‍රණීතයට ව්‍යායාම කරමින් අනුත්තර විමුක්තිසුඛය සාක්‍ෂාත් කරන්නෙමි” යි ආනන්‍දයෙනි, තොප විසින් මෙසේ ම හික්මෙන්නේ යැයි.
Pali BJTඋපාසකවග්ගො තතියො.
Sinhala BJTඋපාසකවර්‍ගය තුන්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසාරජ්ජං විසාරදො නිරයං වෙරං චණඩාලපඤ්චමං, පීතිවණිජ්ජා රාජානො ගිහී චෙව ගවෙසිනාති.
Sinhala BJTසාරජ්ජ සූත්‍රය, විසාරද සූත්‍රය, නිරය සූත්‍රය, වෙර සූත්‍රය, චණ්ඩාල සූත්‍රය, පීති සූත්‍රය, වණිජ්ජා සූත්‍රය, රාජ සූත්‍රය, ගිහී සූත්‍රය, ගවේසී සූත්‍රය දැයි දසයෙකි.
Pali BJT4. ආරඤ්ඤකවග්ගො.
Sinhala BJT4. අරඤ්ඤක වර්‍ගය
Pali BJT5. 4. 4. 1.
Sinhala BJT5. 4. 4. 1.
Pali BJT[ආරඤ්ඤක සුත්තං]
Sinhala BJT[ආරඤ්ඤක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. පඤ්චිමෙ භික්ඛවෙ ආරඤ්ඤකා. කතමෙ පඤ්ච:
Sinhala BJT31. මහණෙනි, මේ ආරණ්‍යකයෝ (වනවාසීහු) පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක් යත්:
Pali BJTමන්දත්තා මොමුහත්තා ආරඤ්ඤකො හොති. පාපිච්ඡො ඉච්ඡාපකතො ආරඤ්ඤකො{1} හොති. උම්මාදා චිත්තක්ඛෙපා ආරඤ්ඤකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති අරඤ්ඤකො හොති. අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව{2} නිස්සාය ආරඤ්ඤකො හොති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආරඤ්ඤකා.
Sinhala BJTබාල බැවින් මූඪ බැවින් ආරණ්‍යක වෙයි. පාපේච්ඡ වූයේ ලාමක ඉච්ඡායෙන් මඩනා ලදුයේ ආරණ්‍යක වෙයි. උන්මාදය හේතු කොට චිත්තක්‍ෂේපය හේතු කොට ආරණ්‍යක වෙයි. ‘බුදුන් විසින් බුදු සව්වන් විසින් (මේ ආරණ්‍යකාඞ්ගය) පසස්නා ලදැ’ යි ආරණ්‍යක වෙයි. අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා ක්ලේශ ලිඛනය (කෙලෙසුන් ලියාලීම) ම නිසා උත්තම විවේකය ම නිසා මේ කල්‍යාණ ප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා (ධුතාඞ්ග වශයෙන්) ආරණ්‍යක වෙයි. මහණෙනි, මේ පඤ්ච ආරණ්‍යකයෝ ය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං ආරඤ්ඤකානං ය්වායං ආරඤ්ඤකො අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව නිස්සාය, ආරඤ්ඤකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං, ආරඤ්ඤකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, මේ පස් වැදෑරුම් ආරණ්‍යකයන් අතුරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුට්ඨිය ම නිසා ක්ලේශස ලිඛනය ම නිසා මේ කල්‍යාණප්‍රතිපදාව ම අර්‍ත්‍ථ කොට ඇති බව නිසා ආරණ්‍යක වේ ද, මේ තෙමේ මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගවා ඛීරං, ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති; එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං ආරඤ්ඤකානං ය්වායං ආරඤ්ඤකො අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව නිස්සාය ආරඤ්ඤකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං ආරඤ්ඤකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ ද; එසෙයින් ම මහණෙනි, මේ පඤ්චආරණ්‍යකයන් කෙරෙහි යම් ආරණ්‍යකයෙක් අල්පෙච්ඡ බව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමත්‍ථි භාවය ම නිසා ආරණ්‍යක වේ ද, මේතෙම මේ පඤ්ච ආරණ්‍යකයන් කෙරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උත්තම ද ප්‍රවර ද වේ ය යි.
Pali BJT5. 4. 4. 2.
Sinhala BJT5. 4. 4. 2.
Pali BJT[පංසුකූලික සුත්තං]
Sinhala BJT[පංසුකූලික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. පඤ්චිමෙ භික්ඛවෙ පංසුකූලිකා -පෙ-
Sinhala BJT32. මහණෙනි, මේ පංසුකූලිකයෝ (පහුල් සිවුරු දරණ පියවි ඇත්තෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 3.
Sinhala BJT5. 4. 4. 3.
Pali BJT[පිණ්ඩපාතික සුත්තං]
Sinhala BJT[පිණ්ඩපාතික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. පඤ්චිමෙ භික්ඛවෙ පිණ්ඩපාතිකා -පෙ-
Sinhala BJT33. මහණෙනි, මේ පිණ්ඩපාතිකයෝ (පිණ්ඩපාතයෙන් ම යැපෙනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 4.
Sinhala BJT5. 4. 4. 4.
Pali BJT[රුක්ඛමූලික සුත්තං]
Sinhala BJT[රුක්ඛමූලික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. පඤ්චිමෙ භික්ඛවෙ රුක්ඛමූලිකා -පෙ-
Sinhala BJT34. මහණෙනි, මේ රුක්ඛමූලිකයෝ (රුක්මුල්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 5.
Sinhala BJT5. 4. 4. 5.
Pali BJT[සොසානික සුත්තං]
Sinhala BJT[සෝසානික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. පඤ්චිමෙ භික්ඛවෙ සොසානිකා -පෙ-
Sinhala BJT35. මහණෙනි, මේ සෝසානිකයෝ (සොහොන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 6.
Sinhala BJT5. 4. 4. 6.
Pali BJT[අබ්භොකාසික සුත්තං]
Sinhala BJT[අබ්භෝකාසික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. පඤ්චිමෙ භික්ඛවෙ අබ්භොකාසිකා -පෙ-
Sinhala BJT36. මහණෙනි, මේ අබ්භොසිකයෝ (එළිමහන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 7.
Sinhala BJT5. 4. 4. 7.
Pali BJT[නෙසජ්ජිකා සුත්තං]
Sinhala BJT[නෙසජ්ජික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. පඤ්චිමෙ භික්ඛවෙ නෙසජ්ජිකා -පෙ-
Sinhala BJT37. මහණෙනි, මේ නෙසජ්ජිකයෝ (හිඳින ඉරියව්වෙහි ම වසනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 8.
Sinhala BJT5. 4. 4. 8.
Pali BJT[යථාසන්ථතික සුත්තං]
Sinhala BJT[යථාසන්‍ථතික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. පඤ්චිමෙ භික්ඛවෙ යථාසන්ථතිකා -පෙ-
Sinhala BJT38. මහණෙනි, මේ යථාසන්‍ථතිකයෝ (පළමු ලද අසුන්හි ම වසනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 9.
Sinhala BJT5. 4. 4. 9.
Pali BJT[එකාසනික සුත්තං]
Sinhala BJT[ඒකාසනික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. පඤ්චිමෙ භික්ඛවෙ එකාසනිකා -පෙ-
Sinhala BJT39. මහණෙනි, මේ ඒකාසතිකයෝ (වකම නිෂද්‍යාවෙහි බොජුන් වළඳනුවෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 10.
Sinhala BJT5. 4. 4. 10.
Pali BJT[ඛලුපච්ඡාභත්තික සුත්තං]
Sinhala BJT[ඛලුපච්ඡාභත්තික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. පඤ්චිමෙ භික්ඛවෙ ඛලුපච්ඡාභත්තිකා -පෙ-
Sinhala BJT40. මහණෙනි, මේ ඛලුපච්ඡාභත්තිකයෝ (වළඳා අවසන් වූ පසු ලද බොජුන් නො පිළිගන්නෝ) පස් දෙනෙකි ...
Pali BJT5. 4. 4. 11.
Sinhala BJT5. 4. 4. 11.
Pali BJT[පත්තපිණ්ඩික සුත්තං]
Sinhala BJT[පත්තපිණ්ඩික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. පඤ්චිමෙ භික්ඛවෙ පත්තපිණ්ඩිකා. කතමෙ පඤ්ච:
Sinhala BJT41. මහණෙනි, මේ පත්තපිණ්ඩිකයෝ (පාත්‍රසංඥා ඇතිව පිඬු පිළිගන්නෝ) පස් දෙනෙකි ... කවර පස් දෙනෙක් යත්:
Pali BJTමන්දත්තා මොමුහත්තා පත්තපිණ්ඩිකො හොති. පාපිච්ඡො ඉච්ඡාපකතො පත්තපිණ්ඩිකො හොති. උම්මාදා චිත්තක්ඛෙපා පත්තපිණ්ඩිකො හොති. වණ්ණිතං බුද්ධෙහි බුද්ධසාවකෙහීති පත්තපිණ්ඩිකො හොති. අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව{1} නිස්සාය, පත්තපිණ්ඩිකො හොති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච පත්තපිණ්ඩිකා.
Sinhala BJTමන්‍දභාවයෙන් මොමුහතායෙන් පත්තපිණ්ඩික වෙයි. ලාමකෙච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ පත්තපිණ්ඩික වෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. ‘බුදුන් විසින්’ බුදු සව්වන් විසින් පසස්නා ලදැ’යි පත්තපිණ්ඩික වෙයි. අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා ප්‍රවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා (ධුතාඞ්ග වශයෙන්) පත්තපිණ්ඩික වෙයි. මහණෙනි, මෙ පඤ්ච පත්තපිණ්ඩිකයෝ ය.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං පත්තපිණ්ඩිකානං ය්වායං පත්තපිණ්ඩිකො අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව නිස්සාය, පත්තපිණ්ඩිකො හොති. අයං ඉමෙසං පඤ්චන්නං පත්තපිණ්ඩිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො ච.
Sinhala BJTමහණෙනි, මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙම මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි.
Pali BJTසෙය්යාථාපි භික්ඛවෙ ගවා ඛීරං ඛීරම්හා දධි, දධිම්හා නවනීතං, නවනීතම්හා සප්පි, සප්පිම්හා සප්පිමණ්ඩො තත්ථ අග්ගමක්ඛායති; එවමෙව ඛො භික්ඛවෙ ඉමෙසං පඤ්චන්නං පත්තපිණ්ඩිකානං ය්වායං පත්තපිණ්ඩිකො අප්පිච්ඡතං යෙව නිස්සාය, සන්තුට්ඨිං යෙව නිස්සාය, සල්ලෙඛං යෙව නිස්සාය, පවිවෙකං යෙව නිස්සාය, ඉදමට්ඨිතං යෙව නිස්සාය පත්තපිණ්ඩිකො හොති, අයං ඉමෙසං පඤ්චන්නං පත්තපිණ්ඩිකානං අග්ගො ච සෙට්ඨො ච මොක්ඛො ච උත්තමො ච පවරො චාති.
Sinhala BJTමහණෙනි, යම්සේ දෙනගෙන් කිරි ය, කිරියෙන් දිහි ය, දිහියෙන් වෙඬරු ය, වෙඬරුයෙන් ගිතෙල් ය, ගිතෙලින් පහන්ගිතෙල එහි අග්‍ර යයි කියනු ලැබේ නම්, මහණෙනි, එපරිද්දෙන් මේ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙන් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාව ම නිසා සන්තුෂ්ටිය ම නිසා සල්ලේඛය ම නිසා පවිවේකය ම නිසා ඉදමට්ඨිතාව ම නිසා පත්තපිණ්ඩික වේ නම්, මෙ තෙමේ මෙ පත්තපිණ්ඩිකයන් පස්දෙන අතුරෙහි අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වේ යයි.
Pali BJTආරඤ්ඤකවග්ගො චතුත්ථො.
Sinhala BJTආරඤ්ඤකවර්‍ගය සතරවැනි යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආරඤ්ඤං පංසුපිණ්ඩං ච රුක්ඛසුසානෙන අබ්භොකාසිකං නෙසජ්ජං සන්ථතං එකාසනිකං ඛලුපච්ඡාපිණ්ඩිකෙන චාති.{2}
Sinhala BJTආරඤ්ඤක සූත්‍රය, පංසුකූලික සූත්‍රය, පිණ්ඩපාතික සූත්‍රය, රුක්ඛමූල සූත්‍රය, සෝසානික සූත්‍රය, අබ්භොසික සූත්‍රය, නෙසජ්ජික සූත්‍රය, යථාසන්‍ථතික සූත්‍රය, ඒකාසනික සූත්‍රය, බලුපච්ඡාභන්තික සූත්‍රය, පත්තපිණ්ඩික සූත්‍රය දැ යි එකොළොසෙකි.
Pali BJT5. සොණවග්ගො.
Sinhala BJT5. සෝණ වර්‍ගය