Pali BJT[සාරජ්ජසුත්තං]
Sinhala BJT[සාරජ්ජ සූත්‍රය]
Pali BJT21. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “වහන්ස” යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට (බියට) බටුයේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTපණිවා කරණුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසාවා කියනුයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර බොනුයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො සාරජ්ජං ඔක්කන්තො හොති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක ශාරද්‍යයට බටුයේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTපණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහරින් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වේ ය යි.
Pali BJT5. 4. 3. 2.
Sinhala BJT5. 4. 3. 2.
Pali BJT[විසාරදසුත්තං]
Sinhala BJT[විසාරද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො අවිසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT22. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහි ගෙයි වාස කරයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතීපාතී හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTපණිවා කරන්නේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙර පානය කරන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො අවිසාරදො අගාරං අජ්ඣාවසති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක අවිශාරද වූයේ ගිහිගෙහි වසයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො අගාරං අජ්ඣාවසති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක විශාරද ව ගිහිගෙහි වසයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTපණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො විසාරදො අගාරං අජ්ඣාවසතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක විශාරද වූයේ ගිහිගෙහි වෙසේ ය යි.
Pali BJT5. 4. 3. 3.
Sinhala BJT5. 4. 3. 3.
Pali BJT[නිරයසුත්තං]
Sinhala BJT[නිරය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT23. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි උපදනේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTපණිවා කරන්නේ වෙයි, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පානය කරන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම්සේ නම්, එසේ නිරයෙහි උපදනේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තැබුවක් යම්සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTපණිවායෙන් වැළකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත උවසු ගෙණවුත් බහා තබන ලද්දක් යම් සේ නම්, එසෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වේ ය යි.
Pali BJT5. 4. 3. 4.
Sinhala BJT5. 4. 3. 4.
Pali BJT[වෙරසුත්තං]
Sinhala BJT[වෙර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJT24. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:
Pali BJTපඤ්ච ගහපති, භයානි වෙරානි අප්පහාය දුස්සීලො ඉති වුච්චති. නිරයං ච උපපජ්ජති. කතමානි පඤ්ච:
Sinhala BJTගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ. කවර පසෙක යත්:
Pali BJTපාණාතිපාතං, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානං.
Sinhala BJTපණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණුවූ රහමෙර යැ යි.
Pali BJTඉමානි ඛො ගහපති, පඤ්ච භයානි වෙරානි අප්පහාය දුස්සීලො ඉති වුච්චති. නිරයං ච උපපජ්ජති.
Sinhala BJTගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ නො කිරීමෙන් දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. නිරයට ද පැමිණේ.
Pali BJTපඤ්ච ගහපති, භයානි වෙරානි පහාය සීලවා ඉති වුච්චති, සුගතිං ච උපපජ්ජති. කතමානි පඤ්ච:
Sinhala BJTගැහැවිය, භය පසක් හා වෛර පසක් හා ප්‍රහීණ කිරීමෙන් සිල්වත් ය යි කියනු ලැබේ. සුගතියට ද එළඹේ. කවර පසෙක යත්:
Pali BJTපාණාතිපාතං, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරං, මුසාවාදං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානං.
Sinhala BJTපණිවා ය, අයිනාදන් ය, කාමයෙහි මිසහසර ය, මුසාවා ය, මද පමා දෙකට කරුණු වූ රහමෙර යි.
Pali BJTඉමානි ඛො ගහපති, පඤ්ච භයානි වෙරානි පහාය සීලවා ඉති වුච්චති. සුගතිං ච උපපජ්ජතීති.
Sinhala BJTගැහැවිය, මෙ භය පස හා වෛර පස හා ප්‍රහීණ කොට සිල්වත් යයි කියනු ලැබේ. සුගතියට ද එළඹේ ය යි.
Pali BJTයං ගහපති, පාණාතිපාතී පාණාතිපාතපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති, න සම්පරායිකං භයං වෙරං පසවති, න චෙතසිකං දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. පාණාතිපාතා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොති. යං ගහපති, අදින්නාදායී -පෙ- යං ගහපති, කාමෙසු මිච්ඡාචාරී -පෙ- යං ගහපති, මුසාවාදී -පෙ- යං ගහපති සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානපච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදෙති. සුරාමෙරය මජ්ජපමාදට්ඨානා පටිවිරතො නෙව දිට්ඨධම්මිකං භයං වෙරං පසවති, න සම්පරායිකං භයං වෙරං පසවති, න චෙතසිකං දුක්ඛංදොමනස්සං පටිසංවෙදෙති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එවං තං භයං වෙරං වූපසන්තං හොතීති.
Sinhala BJTගැහැවිය, පණිවා කරණුයේ ප්‍රාණඝාතප්‍රත්‍යයෙන් යම් ම දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, පණිවායෙන් දුරුවූයේ දෘෂ්ටධාර්මික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, සාම්පරායික භය හා වෛර හා නො ම ප්‍රසව කෙරෙයි, මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය. පණිවායෙන් දුරුවුවහුට මෙසේ එ භය හා වෛර හා සන්හුන් වෙයි. ගැහැවිය, අයිනාදන් ගන්නා සුලුයේ ... ගැහැවිය, කාමයෙහි මිසහසර ඇතියේ ... ගැහැවිය, මුසාබස් කියනුයේ ... ගැහැවිය, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනුයේ මදපමා දෙකට කරුණු වූ රහමෙර බිම් හේතුයෙන් යම් දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව කෙරේ නම්, සාම්පරායික භය වෛර හා ප්‍රසව කෙරේ නම්, මානසික දුක්දොම්නස් විඳුනේ නම්, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ එ දෘෂ්ටධාර්මික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි සාම්පරායික භය හා වෛර හා ප්‍රසව නො කෙරෙයි. මානසික දුක්දොම්නස් නො ම විඳුනේ ය මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූවහුට මෙ ලෙසින් එ භය හා වෛර හා සන්හිඳුනේ වේ යයි.
Pali BJT80. යො පාණමතිපාතෙති{1} මුසාවාදඤ්ච භාසති, ලොකෙ අදින්නං ආදියති පරදාරඤ්ච ගච්ඡති, සුරාමෙරයපානං ච යො නරො අනුයුඤ්ජති;
Sinhala BJT80. යමෙක් පණිවා කෙරේ නම්, මුසාවාත් බෙණේ නම්, ලොව්හි නුදුන් දෑ ගන්නේ නම්, පරඹුන් කරා ද යේ නම්, යම් පුඟුලෙක් රහමෙර පානයත් කෙරේ නම්,
Pali BJT81. අප්පහාය පඤ්ච වෙරානි දුස්සීලො ඉති වුච්චති, කායස්ස භෙදා දුප්පඤ්ඤො නිරයං සොපපජ්ජති
Sinhala BJT81. හේ පඤ්ච වෛරයන් ප්‍රහීණ නො කොට දුශ්ශීලයෙකැයි කියනු ලැබේ. ඒ දුෂ්ප්‍රාඥ කාබුන් මරණින් මතු නිරයට එළඹෙයි.
Pali BJT82. යො පාණං නාතිපාතෙති මුසාවාදං න භාසති, ලොකෙ අදින්නං නාදියති පරදාරං න ගච්ඡති, සුරාමෙරය පානං ච යො නරො නානුයුඤ්ජති;
Sinhala BJT82. යමෙක් පණිවා නො කෙරේ ද, මුසාවා නො බෙණේ ද, ලොව්හි අයිනාදන් නොගන්නේ ද, පරඹුන් කරා නො යේ ද, යම් නරයෙක් රහමෙර පානයෙහිත් නො යෙදේ ද,
Pali BJT83. පහාය පඤ්ච වෙරානි සීලවා ඉති වුච්චති, කායස්ස භෙදා සප්පඤ්ඤො සුගතිං සොපපජ්ජතීති.
Sinhala BJT83. හේ පඤ්ච වෛරයන් දුරු කොට සිල්වත් ය යි කියනු ලැබේ. කාබුන් මරණින් මතු ඒ සප්‍රාඥ තෙමේ සුගතියට පැමිණේ ය යි.
Pali BJT5. 4. 3. 5.
Sinhala BJT5. 4. 3. 5.
Pali BJT[උපාසකචණ්ඩාලසුත්තං]
Sinhala BJT[උපාසකචණ්ඩාල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසකමලඤ්ච උපාසකපතිකිට්ඨො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJT25. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසක-චණ්ඩාල ද උපාසකමල ද උපාසකප්‍රතිකෘෂ්ට (උපාසක පිළිකුල) ද වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅස්සද්ධො හොති, දුස්සීලො හොති, කොතුහලමඞ්ගලිකො හොති, මඞ්ගලං පච්චෙති නො කම්මං. ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති. තත්ථ ච පුබ්බකාරං කරොති.
Sinhala BJTශ්‍රද්ධා නැත්තේ වෙයි. දුශ්ශීල වෙයි. කොතුහලමඞ්ගලික (සුබනිමිති බලනු) යෙක් වෙයි. කර්‍මය නො ව මඞ්ගලය අදහයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු සොයයි. එහිදු පූර්‍වකාර කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසකමලඤ්ච උපාසකපතිකිට්ඨො ච.{2}
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකචණ්ඩාල හා උපාසකමල හා උපාසක ප්‍රතිකෘෂ්ට හා වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති උපාසකපදුමඤ්ච උපාසකපුණ්ඩරීකඤ්ච: කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න හා උපාසකපද්ම හා උපාසකපුණ්ඩරීක හා වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTසද්ධො හොති, සීලවා හොති, අකොතූහලමඞ්ගලිකො හොති, කම්මං පච්චෙති නො මඞ්ගලං, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්යං ගවෙසති, ඉධ ච පුබ්බකාරං කරොති.
Sinhala BJTශ්‍රද්ධා ඇතියේ වෙයි. සිල්වත් වෙයි. කොතුහලමඞ්ගලික නො වෙයි. මඞ්ගලය නො ව කර්‍මය නහමයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයකු නො සොයයි. මෙහිදු පූර්‍වකාර කරන්නේ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති උපාසකපදුමඤ්ච උපාසකපුණ්ඩරීකඤ්චාති.{1}
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත උපාසක, උපාසකරත්න ද උපාසකපද්ම ද උපාසකපුණ්ඩරික ද වේ ය යි.
Pali BJT5. 4. 3. 6.
Sinhala BJT5. 4. 3. 6.
Pali BJT[පීතිසුත්තං]
Sinhala BJT[පීති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති පඤ්චමත්තෙහි උපාසකසතෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJT26. එ කල්හි අනාථපිණ්ඩික ගෘහපති පන්සියක් පමණ උපාසකයන් විසින් පිරිවරණ ලදුයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
Pali BJTතුම්හෙපි ඛො ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. න ඛො ගහපති, තාවතකෙනෙව තුට්ඨි කරණීයා: ‘මයං භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා’ති.
Sinhala BJTගෘහපති, තෙපිදු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බික්සඟුන් වටනහු ය. ගෘහපතිය, එ පමණෙකින් ම තුෂ්ටිය කළමනා නො වේ. “අපි බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත්පිරිකරින් වටම්හ” යි.
Pali BJTතස්මාතිහ ගහපති, එවං සික්ඛිතබ්බං: “කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්යාමා”ති. එවං හි වො ගහපති සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඑහෙයින් ගෘහපතිය, මෙ කරුණෙහි ලා මෙසේ හික්මියයුතු යි: “කිනම් උපායෙකින් අපි කලින් කල (ප්‍රථම-ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වසමෝ දැ?” යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ! අබ්භුතං භන්තෙ!! යාව සුභාසිතඤ්චිදං භන්තෙ, භගවතා:-
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
Pali BJT“තුම්හෙපි ඛො ගහපති, භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, න ඛො ගහපති, තාවතකෙනෙව තුට්ඨි කරණීයා: ‘මයං භික්ඛුසඞ්ඝං පච්චුපට්ඨිතා චීවරපිණ්ඩපාතසෙනසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා’ති. තස්මාතිහ ගහපති, එවං සික්ඛිතබ්බං: “කින්ති මයං කාලෙන කාලං පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරෙය්යාමා’ති. එවං හි වො ගහපති, සික්ඛිතබ්බන්ති.”
Sinhala BJT“වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය!! වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය සුභාෂිතය ම ය: ගෘහපතිය, තෙපිදු බික්සඟුන් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් වටනහු ය. ගෘහපතිය, “අපි චීවරපිණ්ඩපාතශයනාසනග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බික්සඟුන් වටම්හ” යන එපමණෙකින් ම තුෂ්ටිය නො කළමනා ය. ගෘහපතිය, එ හෙයින් මෙ කරුණෙහි ලා මෙසෙයින් හික්මිය යුතු යි: කවර උපායෙකින් අපි කලින් කල ප්‍රවිවේකප්‍රීතිය ලබා වාසය කරමෝ දැ? යි. ගෘහපතිය, තොප විසින් මෙසේ හික්මිය යුතු මැ” යි.
Pali BJTයස්මිං භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති. පඤ්චස්ස ඨානානි තස්මිං සමයෙ න හොන්ති:
Sinhala BJTවහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක (ප්‍රථම- ද්වීතීයධ්‍යානික) ප්‍රීතිය ලබා වෙසේ නම්, එ සමයෙහි ඔහට කරුණු පසෙක් නැත:
Pali BJTයම්පිස්ස කාමූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කාමූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති.
Sinhala BJTකාමයන් ඇරැබැ උපදනා යම් දුක්දොම්නසෙක් වේ නම්, ඒ සමයෙහි ඔහුට එ ද නැත. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහුට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් දුක් දොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එසමයෙහි ඔහට එ ද නැත. කුශලොපසංහිත යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නැත.
Pali BJTයස්මිං භන්තෙ, සමයෙ අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති. ඉමානිස්ස{2} පඤ්ච ඨානානි තස්මිං සමයෙ න හොන්තීති.
Sinhala BJTවහන්ස, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වාසය කෙරේ නම්, මෙ පස් දහම්හු එ සමයෙහි ඔහට නො වෙත් යයි.
Pali BJTසාධු! සාධු!! සාරිපුත්ත. යස්මිං සමයෙ සාරිපුත්ත, අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, පඤ්චස්ස ඨානානි තස්මිං සමයෙ න හොන්ති:
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මැනැවැ! මැනැවැ!! ශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේකප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි පස් දහම් කෙනෙක් නො වෙති:
Pali BJTයම්පිස්ස කාමූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කාමූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස අකුසලූපසංහිතං සුඛං සොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති. යම්පිස්ස කුසලූපසංහිතං දුක්ඛං දොමනස්සං, තම්පිස්ස තස්මිං සමයෙ න හොති.
Sinhala BJTකාමෝපසංහිත වූ දුක්දොම්නසෙක් වේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි. කාමෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, ඔහට එ සමයෙහි එ ද නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් දුක්දොම්නසෙක් වේ නම්, එ ද ඔහට එ සමයෙහි නො වෙයි. අකුශලෝපසංහිත වූ යම් සුවසොම්නසෙක් වේ නම්, එ ද එ සමයෙහි ඔහට නො වෙයි. කුශලොපසංහිත වූ යම් දුක්දොම්නසෙක් මේ නම්, එ සමයෙහි ඔහට එ ද නො වෙයි.
Pali BJTයස්මිං සමයෙ සාරිපුත්ත, අරියසාවකො පවිවෙකං පීතිං උපසම්පජ්ජ විහරති, ඉමානිස්ස පඤ්ච ඨානානි{1} තස්මිං සමයෙ න හොන්තීති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රවිවේක ප්‍රීතිය ලබා වෙසේ නම්, ඔහට එ සමයෙහි මේ පඤ්චකාරයෝ නො වෙත් ය යි.
Pali BJT5. 4. 3. 7.
Sinhala BJT5. 4. 3. 7.
Pali BJT[වණිජ්ජාසුත්තං]
Sinhala BJT[වණිජ්ජා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. පඤ්චිමා භික්ඛවෙ, වණිජ්ජා උපාසකෙන අකරණීයා. කතමා පඤ්ච:
Sinhala BJT27. මහණෙනි, උවසුහු විසින් අකරණීය (නොකටයුතු) මෙ වෙණෙදම් පසෙකි. කවර පසෙකින් යත්:
Pali BJTසත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා.
Sinhala BJTශස්ත්‍රවාණිජ්‍ය (සත්ත්‍ව හිංසා පිණිස වූ අවි වෙළෙඳාම) ය, සත්ත්‍වවාණිජ්‍ය (වහල් වෙළෙඳාම) ය, මාංසවාණිජ්‍ය (මස් පිණිස සතුන් වෙළෙඳාම) ය, මද්‍යවාණිජ්‍ය (මත්පැන් හා මාදක ද්‍රව්‍ය වෙළෙඳාම) ය, විෂවාණිජ්‍ය (වස වෙළෙඳාම) යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ, පඤ්ච වණිජ්ජා උපාසකෙන අකරණීයාති.
Sinhala BJTමහණෙනි, උවසුහු විසින් නො කටයුතු මේ වෙණෙදම් පස යි.
Pali BJT5. 4. 3. 8.
Sinhala BJT5. 4. 3. 8.
Pali BJT[රාජසුත්තං]
Sinhala BJT[රාජ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. තං කිං මඤ්ඤථ භික්ඛවෙ? අපි නු තුම්හෙහි, දිට්ඨං වා සුතං වා: “අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොතීති,{2} තමෙනං රාජානො ගහෙත්වා පාණාතිපාතා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී?”ති නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං: ‘අයං පුරිසො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොතී’ති.{2} තමෙනං රාජානො ගහෙත්වා පාණාතිපාතා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී”ති.
Sinhala BJT28. මහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරිස් පණිවා හැරපියා පණිවායෙන් දුරු වූයේ වේ යයි රජහු තෙල පුඟුල් ගෙණ පණිවා විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ තොප රටින් නෙරති හෝ යම් මැ රිසි දැයක් කෙරෙති හෝ යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ” යි. වහන්ස, තෙල කරුණ නැත් මැ ය. මහණෙනි, මැනැවි, මා විසිනුදු මහණෙනි, “මේ පුරිස්පණිවා හැරපියා පණිවායෙන් වැළැකියේ වේ ය”යි රජහු තෙල පුඟුල් ගෙණ පණිවායෙන් වැළැකීම් හේතුයෙන් නසති හෝ (දඟගෙහිලා) බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් කෙරෙති හෝ” යි තෙල කරුණ නොම දක්නා ලද, නො මැ අසන ලද.
Pali BJTඅපි ච ඛ්වාස්ස තථෙව{3} පාපකං කම්මං පවෙදයන්ති:{4} “අයං පුරිසො ඉත්ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි”ති.{5} තමෙනං රාජානො ගහෙත්වා පාණාතිපාතහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්ති. අපි නු තුම්හෙහි එවරූපං දිට්ඨං වා සුතං වාති? දිට්ඨං ච නො භන්තෙ සුතඤ්ච සූයිස්සති චාති.{6}
Sinhala BJTතවද ඔහු විසින් කළ ඒ පාපකර්‍මය “මෙ පුරුෂ තෙම ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ දිවියෙන් තොර කළැ” යි එසේ ම දන්වති. රජවරු එ පුඟුල්හු අල්වාගෙන ප්‍රාණඝාතහේතුයෙන් නසන්නාහු හෝ බඳනාහු හෝ රටින් නෙරනාහු හෝ යම් මැ රිසි වූ දැයක් කරන්නාහු හෝ වෙති. මෙ වැන්නක් තොප විසින් දකිනා ලද විරූ හෝ අසන ලද විරූ හෝ ඇත් දැ? යි. වහන්ස , අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් වෙයි. ඇසෙන්නේත් වේ ය යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ? අපි නු තුම්හෙහි, දිට්ඨං වා සුතං වා: “අයං පුරිසො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො{1} හොතී’ති, තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී?”ති නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං: “අයං පුරිසො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොතී’ති. තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී”ති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පරුෂ අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ යයි තෙල පුඟුල් රජහු අල්වාගෙන අයිනාදනින් වැළකීම් හේතුයෙන් නසා ලති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ රිසි පරිදි හෝ යමක් මැ කෙරෙත්” ය යි තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මැනැව මහණෙනි, “මේ පුරුෂයා අයිනාදන් හැරපියා අයිනාදනින් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල්හු අල්වාගෙන අයිනාදනින් විරමණහේතුයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමැති දැයක් හෝ කෙරෙතැයි” තෙල මා විසිනුදු නොම දක්නා ලද, නො අසන ලදැ යි.
Pali BJTඅපි ච ඛ්වාස්ස තථෙව{2} පාපකං කම්මං පවෙදයන්ති:{3} “අයං පුරිසො ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසංඛාතං ආදියී”ති තමෙනං රාජානො ගහෙත්වා අදින්නාදානහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්ති. අපි නු තුම්හෙහි එවරූපං දිට්ඨං වා සුතං වා?ති. දිට්ඨං ච නො භන්තෙ, සුතං ච සූයිස්සති චාති.
Sinhala BJTවැලිත් “මේ පුරුෂයා ගමින් වේ ව යි වලින් වේ ව යි ස්තෙය සඞ්ඛ්‍යාත අයින් (නුදුන් දැය) ගත්තේ ය” යි ඔහු විසින් කළ එ පාපකර්‍මය එ ලෙසින් ම දන්වති. රජහු ඔහු අල්වාගෙන අයිනාදන් හේතුයෙන් නසන්නාහ යි ද බඳනාහ යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරන්නාහ යි ද යන මෙ බඳු දැයෙක් තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් වේ ය යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තුම්හෙහි, දිට්ඨං වා සුතං වා: “අයං පුරිසො කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්වා කාමෙසු මිච්ඡාචාරා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී?”ති නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං: “අයං පුරිසො කාමෙසු මිච්ඡාචාරං පහාය කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්වා කාමෙසු මිච්ඡාචාරා වෙරමණී හෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී”ති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂයා කාමයෙහි මිසහසර හැරැපියා කාමයෙහි මිසහසරින් වැළකියේ වේ ය” යි රජහු එ පුඟුල් රැගෙන කාමයෙහි මිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයයෙන් නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යම් මැ කැමති දැයක් හෝ කෙරෙති” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, “මෙ පුරුෂයා කාමයෙහි මිථ්‍යාචාරය හැරපියා කාමමිථ්‍යාචාරවිරමණප්‍රත්‍යයෙන් නසති යි ද බඳිති යි ද රටින් නෙරති යි ද යථාප්‍රත්‍යයක් කරති” යි ද යන තෙල කරුණ මා විසිනුදු නො ම දක්නා ලද, නො ම අසන ලද.
Pali BJTඅපි ච ඛ්වාස්ස තථෙව පාපකං කම්මං පවෙදයන්ති:{3} “අයං පුරිසො පරිත්ථීසු පරකුමාරීසු චාරිත්තං ආපජ්ජී’ති{4}. තමෙනං රාජානො ගහෙත්වා කාමෙසු මිච්ඡාචාරහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්ති. අපි නු තුම්හෙහි එවරූපං දිට්ඨං වා සුතං වා?”ති දිට්ඨං ච නො භන්තෙ, සුතං ච සූයිස්සති චාති.
Sinhala BJTවැලිදු “මෙ පුරුෂයා පරඹුන් කෙරෙහි පර කුමාරීන් කෙරෙහි මිථ්‍යාචාරයට පැමිණියේ යයි එ පරිද්දෙන් ම ඔහුගේ ඒ පාපකර්‍මය දන්වත්. රජවරු ඔහු ගෙණ කාමයෙහි මිථ්‍යාචාරහේතුයෙන් නසති යි හෝ කාරාගෘහයෙහි බඳනාහ යි හෝ රටින් නෙරණාහ යි හෝ කැමැති පරිදි කරන්නාහ” යි යන තෙල කරුණ තොප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලදුයේත් අසන ලදුයේත් ඇසෙන්නේත් ඇතැයි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා: “අයං පුරිසො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොතී’ති තමෙනං රාජා නො ගහෙත්වා මුසාවාදා වෙරමණී හෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී?”ති. නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, මයාපි ඛො තං භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං: “අයං පුරිසො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්වා මුසාවාදා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී”ති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මුසුවා හැරපියා මුසවායෙන් වැළකියේ වේ ය යි රජහු තෙල පුඟුල් ගෙණ මුසවායෙන් විරමණප්‍රත්‍යයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති දැයක් හෝ කෙරෙති” යි දක්නා ලද හෝ අසන ලද හෝ ඇත් දැ? යි. වහන්ස, තෙල නැත් ම ය. මහණෙනි, මැනැවි. මහණෙනි, තොප විසින් “මෙ පුරුෂ මුසවාහැරපියා මුසවායෙන් වැළැකියේ වේ යයි රජහු ඔහු අල්වාගෙන මුසාවායෙන් විරමණප්‍රත්‍යයයෙන් නසති යි හෝ බඳිති යි හෝ රටින් නෙරති යි හෝ කැමැති පරිදි හෝ කෙරෙත්” ය යි මා විසිනුදු නො ම දක්නා ලද, නො අසන ලදැයි.
Pali BJTඅපි ච ඛ්වාස්ස තථෙව{1} පාපකං කම්මං පවෙදයන්ති:{2} “අයං පුරිසො ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා මුසාවාදෙන අත්ථං භඤ්ජී”ති.{3} තමෙනං රාජානො ගහෙත්වා මුසාවාදහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්ති. අපි නු තුම්හෙහි එවරූපං දිට්ඨං වා සුතං වා?ති. දිට්ඨං ච නො භන්තෙ, සුතං ච සූයිස්සති චාති.
Sinhala BJTවැලිදු “මෙ පුරුෂ ගෘහපතියකුගේ වේව යි ගෘහපතියක්හූගේ වේව යි මුසාවායෙන් අර්‍ත්‍ථය නසන ලදැ” යි ඔහුගේ එ පාපකර්‍මය එසේ ම දන්වත්. රජහු තෙල පුඟුල් ගෙණ මුසවාහේතුයෙන් නසති හෝ බඳිති හෝ නෙරවති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති යි මෙබඳු දැය තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේ ද වෙයි. අසන ලද්දේ ද වෙයි. ඇසෙන්නේ ද වේ ය යි.
Pali BJTතං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු තුම්හෙහි දිට්ඨං වා සුතං වා: “අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්වා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී?”ති. නො හෙතං භන්තෙ. සාධු භික්ඛවෙ, මයාපි ඛො එතං භික්ඛවෙ, නෙව දිට්ඨං න සුතං: “අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොතී’ති තමෙනං රාජානො ගහෙත්වා සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණීහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්තී”ති.
Sinhala BJTමහණෙනි, එ කිමැයි හඟිවු ද? “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙරපානය හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරපානයෙන් වැළකියේ යැ යි මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකීම් හේතුයෙන් රජහු තෙල පුඟුල් ගෙණ නසත් ය යි ද බඳිත් ය යි ද රටින් නෙරනාහ යි ද යථාප්‍රත්‍යයක් කරත්” ය යි ද යන තෙල කරුණ තොප විසින් දක්නා ලද ද? අසන ලද දැ?යි. වහන්ස, තෙල කරුණ නැති මැ ය. මැනැව, මහණෙනි, “මෙ පුරුෂ මද පමා දෙකට කරුණු වූ රහමෙර හැරපියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වේ ය යි රජහු ඔහු ගෙණ මද පමා දෙකට කරුණු වූ රහමෙරින් විරමණය හේතු කොට ගෙණ නසති හෝ බඳිති හෝ රටින් නෙරති හෝ යථාප්‍රත්‍යයයක් හෝ කරති,” යි මහණෙනි, මා විසිනුදු තෙල නො ම දක්නා ලද. නො ම අසන ලද.
Pali BJTඅපි ච ඛ්වාස්ස තථෙව{1} පාපකං කම්මං පවෙදයන්ති:{2} “අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං අනුයුත්තො ඉත්ථිං වා පුරිසං වා ජීවිතා වොරොපෙසි. අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං අනුයුත්තො ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියී.{4} අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං අනුයුත්තො පරිත්ථීසු පරකුමාරීසු චාරිත්තං ආපජ්ජි.{5} අයං පුරිසො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං අනුයුත්තො ගහපතිස්ස වා ගහපතිපුත්තස්ස වා මුසාවාදෙන අත්ථං භඤ්ජී”ති.{3} තමෙනං රාජානො ගහෙත්වා සුරාමෙරයමජ්ජපමාදට්ඨානහෙතු හනන්ති වා බන්ධන්ති වා පබ්බාජෙන්ති වා යථාපච්චයං වා කරොන්ති. අපි නු තුම්හෙහි එවරූපං දිට්ඨං වා සුතං වා?ති. දිට්ඨං ච නො භන්තෙ, සුතං ච සූයිස්සති චාති.
Sinhala BJTවැලිත් මෙ පුරුෂ “මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි යෙදුනේ ස්ත්‍රියක වේව යි, පුරුෂයකු වේව යි, දිවියෙන් ගැළවී ය. මෙ පුරුෂයා මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙහි යෙදුනේ ගමින් වේව යි, වලින් වේව යි ස්තෙය සඞ්ඛාත වූ අයින් ගත්තේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ සුරාමේරයපානයෙහි යෙදුනේ පරඹුන් කෙරෙහි පරකුමාරීන් කෙරෙහි මිසහසරට පැමිණියේ වන. මෙ පුරුෂ මදප්‍රමාදකාරණ වූ රහමෙර පානයෙහි නියැලියේ ගෘහපතියකුගේ වේව යි, ගෘහපතිපුත්‍රයකු වේ ව යි, මුසවායෙන් අර්‍ත්‍ථය බිඳී ය” යි ඔහුගේ පාපකර්‍ම එ ලෙසින් ම දන්වත්. මදප්‍රමාදස්ථාන සුරාමේරය හේතු කොට ගෙණ රජහු ඔහු අල්වාගෙන නසත් නම් හෝ බඳිත් නම් හෝ රටින් නෙරත් නම් හෝ යථාප්‍රත්‍යයයක් කරත් නම් හෝ තොප විසින් මෙබඳු කරුණෙක් දක්නා ලද ද? අසන ලද දැ? යි. වහන්ස, අප විසින් දක්නා ලද්දේත් අසන ලද්දේත් ඇසෙන්නේත් වේ යැ යි.
Pali BJT5. 4. 3. 9.
Sinhala BJT5. 4. 3. 9.
Pali BJT[ගිහීසුත්තං]
Sinhala BJT[ගිහි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති පඤ්චමත්තෙහි උපාසකසතෙහි පරිවුතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අථ ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි:
Sinhala BJT29. එ කල්හි අනේපිඬු ගැහැවි පන්සියක් පමණ උවසුවන් විසින් පිරිවරණ ලදුවැ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක:
Pali BJTයං කිඤ්චි{1} සාරිපුත්ත, ජානෙය්යාථ ගිහිං ඔදාතවසනං පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තං, චතුන්නඤ්ච{2} ආභිචෙතසිකානං දිට්ඨධම්ම සුඛවිහාරානං නිකාමලාභිං අකිච්ඡලාභිං අකසිරලාභිං, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො{3} ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
Sinhala BJTශාරිපුත්‍රයෙනි, සුදුවත් හඳනා (පඤ්චශික්‍ෂාපදයෙහි) සංවෘතක්‍රියා ඇති යම් කිසි ගිහියකු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති විශුද්ධචිත්තය ඇසුරු කළ සතර ධර්‍මයන් කැමතිසේ ලබනුවහු නිදුකින් ලබනුවහු විපුල කොට ලබනුවහු දනිවූ ද? හෙතෙම කැමති වනුයේ “ක්‍ෂයකළ නිරය (නිරයගාමිකර්‍ම) ඇතියෙම් වෙමි. කෟෂය කළ තිරිසන් යොන් ඇතියෙම් වෙමි. ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි. ක්‍ෂීණ වූ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් වෙමි. අපායට නොවැටෙන සැහැවි ඇතියෙම් මාර්‍ගනියාමයෙන් නියතයෙම්, සම්බෝධිය (අර්‍හත්ත්‍වය) පරායණ කොට ඇතියෙම්, සෝවන් වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ ය.
Pali BJTකතමෙසු පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තො හොති?
Sinhala BJTකවර (පඤ්චශික්‍ෂාපදයෙක් හි) සංවෘත ක්‍රියා ඇතියේ වේ ය යත්:
Pali BJTඉධ සාරිපුත්ත, අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති. අදින්නාදානා පටිවිරතො හොති. කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. මුසාවාදා පටිවිරතො හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරික් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
Pali BJTඉමෙසු පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තො හොති.
Sinhala BJTමෙ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍ම ඇතියේ වෙයි.
Pali BJTකතමෙසං චතුන්නං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී?
Sinhala BJTආභිචේතසික වූ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති කවර දහම් කැමැති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වේ ය යත්:
Pali BJTඉධ සාරිපුත්ත, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුමස්සානං බුද්ධො භගවාති”ති. අයමස්ස පඨමො ආභිචෙතසිකො දිට්ඨධම්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා අපරියොදාතස්ස චිත්තස්ස පරියොදපනාය.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක “මෙ මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීයහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ” යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් විශුද්ධ නො වූ චිත්තයාගේ ශුද්ධිය සඳහා පර්‍ය්‍යවදාත නො වූ චිත්තයාගේ පර්‍ය්‍යාවදානය සඳහා මෙ ප්‍රථම උත්තමචිත්තය ඇසුරුකළ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
Pali BJTපුන චපරං සාරිපුත්ත, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. අයමස්ස දුතියො ආභිචෙතසිකො දිට්ඨධම්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා අපරියොදාතස්ස චිත්තස්ස පරියොදපනාය.
Sinhala BJTතවද ශාරිපුත්‍රයෙනි, ආර්‍ය්‍යශ්‍රාවක “භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්‍ය්‍යාප්තික නවලෝකෝත්තරධර්‍මය ස්වාඛ්‍යාතය, ලෝකෝත්තරධර්‍මය සාංදෘෂ්ටිකය, අකාලිකය, ඒහිපස්සිකය, උපනයනාර්‍හය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා වේදිතවය්‍ය” යි ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ ශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මෙ දෙ වන ආභිචේතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
Pali BJTපුන චපරං සාරිපුත්ත, අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. අයමස්ස තතියො ආභිචෙතසිකො දිට්ඨධම්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා අපරියොදාතස්ස චිත්තස්ස පරියොදපනාය.
Sinhala BJTතවද ශාරීපුත්‍රයෙනි, අරීසවු “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඍජුමාර්‍ගයට පිළිපන්නේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා න්‍යාය (අර්‍හත්‍වය පිණිස) ප්‍රතිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා අනුරූප ප්‍රතිපත්තියට පිළිපන්නේ ය. ඔහු කවරහ යත්: පුරුෂයුගම (මාර්‍ගස්ථ ඵලස්ථ විසින්) සතරක් වන අෂ්ට පුරුෂපුද්ගලයෝ ය. භාග්‍යවතුන් වහන්සේගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනෙය්‍යය වෙයි, පාහුනෙය්‍යය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි අෂ්ටාර්‍ය්‍යපුද්ගල සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ තුන් වන ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
Pali BJTපුන චපරං සාරිපුත්ත, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. අයමස්ස චතුත්ථො ආභිචෙතසිකො දිට්ඨධම්මසුඛවිහාරො අධිගතො හොති අවිසුද්ධස්ස චිත්තස්ස විසුද්ධියා අපරියොදාතස්ස චිත්තස්ස පරියොදපනාය.
Sinhala BJTතවද ශාරීපුත්‍රයෙනි, අරීසවු ආර්‍ය්‍යකාන්ත වූ අඛණ්ඩ වූ අච්ඡිද්‍ර වූ අශබල වූ අකල්මාෂ වූ තෘෂ්ණෘදාසව්‍යයෙන් මිදුනු විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණාමානදෘෂ්ටියෙන් පරාමෘෂ්ට නො වූ චිත්තසමාධිය උපදවන ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඔහු විසින් අවිශුද්ධ චිත්තයාගේ විශුද්ධිය සඳහා අපර්‍ය්‍යවදාත චිත්තයාගේ පර්‍ය්‍යවදානය සඳහා මේ සතර වන ආභිචෛතසික වූ දෘෂ්ටධර්‍මසුඛවිහාරය අධිගත වෙයි.
Pali BJTඉමෙසං චතුන්නං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTමෙසේ ආර්‍ය්‍යශ්‍රාවක තෙම මේ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාර සතර කැමති සෙයින් ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල සෙයින් ලබනුයේ වෙයි.
Pali BJTයං කිඤ්චි{1} සාරිපුත්ත, ජානෙය්යාථ ගිහිං ඔදාතවසනං ඉමෙසු පඤ්චසු සික්ඛාපදෙසු සංවුතකම්මන්තං, ඉමෙසඤ්ච චතුන්නං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකමලාභිං අකිච්ඡලාභිං අකසිරලාභිං, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො{2} ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, මේ පඤ්චශික්‍ෂාපදයෙහි සංවෘතකර්‍මාන්ත ඇති, මෙ ආභිචෛතසික දෘෂ්ටධර්‍මසුඛවිහාරයන් සතර කැමති සෙයින් ලබන නිදුකින් ලබන විපුල කොට ලබන හෙළපිළී හඳනා යම් මැ ගිහියකු දනිවූ ද? හේ කැමැති වන්නේ නම්, ක්‍ෂීණනිරය ඇතියෙම් වෙමි, ක්‍ෂීණ තිරශ්චීනයෝනි ඇතියෙම් වෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂීණාපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි, සෝවන් වෙමි, විනිපාත ධර්‍ම නැතියෙම් නියතයෙම් සම්බෝධිපරායන වෙමි” යි තෙමේ ම තමා පාළ කරන්නේ යි.
Pali BJT84. නිරයෙසු භයං දිස්වා පාපානි පරිවජ්ජයෙ, අරියධම්මං සමාදාය පණ්ඩිතො පරිවජ්ජයෙ.
Sinhala BJT84. නුවණැතියේ නිරයෙහි භය දැක පව් හැරලන්නේය. ආර්‍ය්‍යධර්‍මය (පඤ්චශීලය) සමාදන් කොට ගෙණ පව් දුරැ ලන්නේ ය.
Pali BJT85. න හිංසෙ පාණභූතානි විජ්ජමානෙ පරක්කමෙ, මුසා ච න භණෙ ජානං අදින්නං න පරාමසෙ.
Sinhala BJT85. වීර්‍ය්‍ය ඇති කල්හි (දැන දැන) ප්‍රාණීන් නො පෙළන්නේ ය. දැනැ දැනැ මුසවාත් නො කියන්නේ ය. නුදුන් දෑ ද නො පහස්නේ ය.