Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7301-7400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි: -පෙ-
Sinhala BJT14. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
Pali BJTපඤ්චහි ආවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාජීවො සබ්රහ්මචාරීනං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ට අලංසාජීව (සාජීවයට - සමග වාසයට නිසි) වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධාවුසො, භික්ඛු අත්තනා ච සීලසම්පන්නො හොති, සීලසම්පදාකථාය ච කතං පඤ්හං{1} ව්යාකත්තා හොති. අත්තනා ච සමාධිසම්පන්නො හොති, සමාධිසම්පදාකථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පඤ්ඤාසම්පදාකථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති. විමුත්තිසම්පදාකථාය ච කතං පඤ්හං{1} ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති. විමුත්තිඤාණදස්සනසම්පදාකථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ ද ශීලසම්පන්න වෙයි, ශීලසම්පත්කථාව පිළිබඳ කළ (පුළුවුත්) ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥාසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පත්කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පත් කථා පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො ආවුසො, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාජීවො සබ්රහ්මචාරීනන්ති.
Sinhala BJTඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අලංසාජීව (ප්‍රඥාප්තශික්‍ෂාපදයෙහි සභාගවෘත්තික) වේ යයි.
Pali BJT5. 4. 2. 5.
Sinhala BJT5. 4. 2. 5.
Pali BJT[පඤ්හපුච්ඡාසුත්තං]
Sinhala BJT[පඤ්හපුච්ඡා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි -පෙ-
Sinhala BJT15. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
Pali BJTයො හි කොචි ආවුසො, පරං පඤ්හං පුච්ඡති, සබ්බො සො පඤ්චහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි පඤ්චහි:
Sinhala BJTඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා පැන පුළුවුස්නේ වේ නම්, එ හැම කරුණු පසෙකින් හෝ ඔවුනතුරෙන් අන්‍යතරයෙකින් හෝ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTමන්දත්තා මොමුහත්තා පරං පඤ්හං පුච්ඡති. පාපිච්ඡො ඉච්ඡාපකතො පරං පඤ්හං පුච්ඡති. පරිභවං පරං පඤ්හං පුච්ඡති. අඤ්ඤාතුකාමො{2} පරං පඤ්හං පුච්ඡති. අථවා පනෙවංචිත්තො{3} පරං පඤ්හං පුච්ඡති: “සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව ව්යාකරිස්සති, ඉච්චෙතං කුසලං; නො චෙ{4} මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව ව්යාකරිස්සති, අහමස්ස සම්මදෙව ව්යාකරිස්සාමී” ති.
Sinhala BJTමන්‍දභාවයෙන් මූඨභාවයෙන් මෙරමා පැන පුළුවුස්නේ ය. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මඩනා ලදුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. පරිභව කරණුයේ මෙරමා පැන පුළුවුස්නේ ය. දැනගණු කැමැත්තේ මෙරමා පැන පුළුවුස්නේ ය. නොහොත් “ඉඳින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැව. ඉදින් මා විසින් ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්, මම ඔහට මනා කොට (පැන) විසඳමි”යි මෙ බඳු සිත් ඇතියේ මෙරමා පැන පුළුවුස්නේ ය.
Pali BJTයො හි කොචි ආවුසො, පරං පඤ්හං පුච්ඡති, සබ්බො සො ඉමෙහි පඤ්චහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන.
Sinhala BJTඇවැත්නි, යම් කිසිවෙක් මෙරමා ප්‍රශ්න පුළුවුස්නේ වේ නම්, එ හැම මෙ පස් කරුණින් හෝ තුලුන් කෙරෙහි අන්‍යතරයෙකින් හෝ පුළුවුස්නේ වෙයි.
Pali BJTඅහං ඛො පනාවුසො, එවං චිත්තො පරං පඤ්හං පුච්ඡාමි: “සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව ව්යාකරිස්සති, ඉච්චෙතං කුසලං. නො චෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව ව්යාකරිස්සති, අහමස්ස සම්මදෙව ව්යාකරිස්සාමී”ති.
Sinhala BJTඇවැත්නි, මම වනාහි මෙ බඳු සිතැතියෙම් මෙරමා ප්‍රශ්න පුළුවුස්මි: “ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මැනැවින් විසඳා නම්, මෙසේ තෙල කරුණ මැනැවි. ඉදින් මා විසින් පැන පුළුවුස්නා ලදුයේ මනා කොට නො විසඳා නම්. මම ඔහට මනා කොට විසඳමි”යි.
Pali BJT5. 4. 2. 6.
Sinhala BJT5. 4. 2. 6.
Pali BJT[නිරොධසුත්තං]
Sinhala BJT[නිරෝධ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි -පෙ-
Sinhala BJT16. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ ...
Pali BJTඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්ය{1}පි වුට්ඨහෙය්ය’පි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං{1} දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්ය’පි වුට්ඨහෙය්ය’පි අත්ථෙතං ඨානන්ති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍ව ය නො ලබන්නේ වේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) කායකට පිළිසිඳ විසින් පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි{2} නත්ථෙතං ඨානන්ති.”
Sinhala BJTමෙසෙයින් වදාරත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරුනට තෙල කරුණ කීහ: “ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිතය, වන්නට අවකාශ නැත. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාරය වළඳන (කාමාවචර) දෙවියන්ගේ සහභාවය ඉක්මවා අන්‍යතර මනෝමය (ශුද්ධාවාස) දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: “ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති”.
Sinhala BJTදෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ වෙයි. ඉදින් හේ ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟී සිටුනේත් වෙයි යන තෙල කරුණ වේ යි.
Pali BJT[දුතියම්පි ඛො -පෙ-] තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති”.
Sinhala BJT[දෙවන වට දු ... ] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුනට තෙල සැළකළහ: “ආයුෂ්මත් ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතු රහිතය, අවකාශ රහිත ය. යම් කරුණෙකින් එ මහණ කවලීකාරාහාර වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමයදේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ නොවේ”යි.
Pali BJTඅථ ඛො ආයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: යාව තතියම්පි ඛො මෙ ආයස්මා උදායී පටික්කොසති, න ච මෙ කොචි භික්ඛු අනුමොදති. යන්නූනාහං යෙන භගවා තෙනුපසඞ්කමෙය්යන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJTඑ කල ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරනුහට තෙල සිත විය: “තෙවන වට දක්වාත් ආයුෂ්මත් උදායී තෙරණුවෝ මාගේ බස බැහැර කරත්. කිසිදු මහණෙක් මාගේ භාෂිතය අනුමෙව්නි නො කරයි. මම් භාග්‍යවතුන් වහන්සේ කරා යෙම් නම්, මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමැතූහ:
Pali BJT“ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි{1} අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං{2} දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි{1} අත්ථෙතං ඨානන්ති”
Sinhala BJT“ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරය වළඳන දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැගීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති.”
Sinhala BJTමෙසේ දෙසත් ම ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, තෙල හේතු රහිත ය, අවකාශ රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥා වේදයිත නිරෝධයට සමවදනේත්, එයින් නැඟිසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
Pali BJTදුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි: “ඉධාවුසො, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති.”
Sinhala BJTදෙවන වට දු ... තෙවන වට දු ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ: “ඇවැත්නි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධිසම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය සාක්‍ෂාත් නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහභාවය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවනිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇතැ”යි.
Pali BJT[දුතියම්පි ඛො -පෙ-] තතියම්පි ඛො ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අට්ඨානං ඛො එතං ආවුසො, සාරිපුත්ත, අනවකාසො යං සො භික්ඛු අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි නත්ථෙතං ඨානන්ති”.
Sinhala BJT[දෙවන වට දු ...] තෙවන වට දු ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත්තෙරුන්ට තෙල කරුණ කීහ: “ඇවැත්නි, ශාරීප්‍රත්‍රයෙනි, තෙල හේතුරහිත ය, ප්‍රත්‍යය රහිත ය. යම් හෙයෙකින් එ මහණ කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේව නිකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ නැතැ”යි.
Pali BJTඅථ ඛො අයස්මතො සාරිපුත්තස්ස එතදහොසි: භගවතොපි ඛො මෙ සම්මුඛා ආයස්මා උදායී යාවතතියකං පටික්කොසති, න ච මෙ කොචි භික්ඛු අනුමොදති, යන්නූනාහං තුණ්හී අස්සන්ති. අථ ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හී අහොසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට තෙල සිත් විය: “ආයුෂ්මත් උදායී භාග්‍යවතුන් වහන්සේ හමියෙහිදු තෙවන වට දක්වා මාගේ බසට ප්‍රතික්‍රෝශ කෙරෙයි. කිසි ද මහණෙක් මා බස අනුමෙවෙනි නො කෙරෙයි. මම තුෂ්ණීම්භූත වෙම් නම් මැනැවැ”යි. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තුෂ්ණීම්භූත වූහ.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං උදායිං ආමන්තෙසි: කං පන ත්වං උදායී, මනොමයං කායං පච්චෙසී?ති. යෙ තෙ භන්තෙ දෙවා අරූපිනො සඤ්ඤාමයාති. කින්නු ඛො තුය්හං උදායී, බාලස්ස අව්යත්තස්ස භණිතෙන? ත්වං පි නාම භණිතබ්බං මඤ්ඤසී?ති.
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායී තෙරුන් ඇමතූසේක: උදායිනි, තෝ මනෝමය කාය කිමැයි හඟනාව? යි. වහන්ස, යම් අරූපී සංඥාමය දෙවි කෙනෙක් වෙත් නම්, උහු ය යි. උදායිනි, බාල වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කවර වැඩෙක? තො ද බිණිය යුතු කොට හඟිහි දැ? යි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: අත්ථි නාම ආනන්ද, ථෙරං භික්ඛුං විහෙසියමානං අජ්ඣුපෙක්ඛිස්සථ. න හි නාම ආනන්ද, කාරුඤ්ඤම්පි භවිස්සති ථෙරම්හි{3} භික්ඛුම්හි විහෙසියමානම්හී?ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමැතූ සේක: ආනන්‍දය, ගර්‍හාවෙක් මැ නු! ස්ථවිර මහණකු වෙහෙසනු ලබනු (දැක නොසලකා) බලා හිඳුනාව!! ආනන්‍දය, වෙහෙසනු ලබන ස්ථවිර මහණ කෙරෙහි කරුණායෙකුදු නො වී!!!
Pali BJTඅථ ඛො භගවා භික්ඛු ආමන්තෙසි: ඉධ භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානං. නො චෙ දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්ය, අතික්කම්මෙව කබලිඞ්කාරාහාරභක්ඛානං දෙවානං සහව්යතං අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජෙය්යපි වුට්ඨහෙය්යපි අත්ථෙතං ඨානන්ති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීලසම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්‍රඥාසම්පන්න වූයේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත් එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ ඇත. ඉදින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ නො කෙරේ නම්, කවලීකාරාහාරභක්‍ෂක දෙවියන්ගේ සහවාසය ඉක්මවා ම අන්‍යතර මනෝමය දේවකායකට පැමිණියේ සංඥාවේදයිතනිරෝධයට සමවදනේත්, එයින් නැඟීසිටුනේත් වෙයි යන තෙල කරුණ විද්‍යාමාන වේ ය යි. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී වෙහෙරට වැඩිසේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො අචිරපක්කන්තස්ස භගවතො යෙනායස්මා උපවානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපවානං එතදවොච: “ඉධාවුසො උපවාන, අඤ්ඤෙ ථෙරෙ භික්ඛු විහෙසෙන්ති. මයං තෙ න පුච්ඡාම.{*} අනච්ඡරියං ඛො පනෙතං ආවුසො උපවාන යං භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො එතදෙව ආරබ්භ උදාහරෙය්ය. යථා ආයස්මන්තං යෙවෙත්ථ උපවානං පටිභාසෙය්ය. ඉදානෙව අම්හාකං සාරජ්ජං ඔක්කන්තන්ති.”
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝකල් වත් ම ආයුෂ්මත් උපවාන තෙරුන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, උපවානයෙනි, මෙහි අන්‍ය භික්‍ෂූහු ස්ථවිර මහණුන් වෙහෙසති. අපි ඔවුන් නො පුළුවුස්මහ. ඇවැත්නි, උපවානයෙනි, යම් කරුණෙකින් භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟීසිටිසේක් තෙල කරුණ ම අරබයා වදාරණ සේක් නම් තෙල අසිරියෙක් නො වේ. මෙ කරුණෙහි ලා ආයුෂ්මත් උපවානයන්හට ම ප්‍රතිවචනයෙක් වැටහේ නම්, මැනැවි. අපට දොම්නස බැස සිටියේ ය”යි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං උපවානං එතදවොච:
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වරුයෙහි පිළිසලනින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා වැඩිසේක. වැඩ පැන්වූ අස්නෙහි වැඩ හුන්සේක. වැඩහිඳ ආයුෂ්මත් උපවානයන්ට තෙල කරුණ වදාළහ:
Pali BJTකතීහි නු ඛො උපවාන, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයොචා? ති.
Sinhala BJTඋපවානයෙනි, කෙතෙක් කරුණින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මන වඩනුයෙක් හා ගුරු වූයෙක් හා සම්භාවනාර්‍හයෙක් වේ දැ? යි.
Pali BJTපඤ්චහි භන්තෙ, ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJTවහන්ස, කරුණු පසෙකින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ. කවර පසෙකින යත්:
Pali BJTඉධ භන්තෙ, ථෙරො භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය{1} අත්ථස්ස විඤ්ඤාපනියා. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTවහන්ස, මෙ සස්නෙහි තෙර මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙණ සිකපදයෙහි හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... ප්‍රඥායෙන් පිළිවිදියේ වෙයි. කළණ තෙපුල් ඇතියේ කල්‍යාණකථා කරන්නේ පරිපූර්‍ණ වූ නිදොස් කෙළතොලු නො වූ ගම්භීරාර්‍ත්‍ථයන් ප්‍රකාශ කරණ වචනයෙන් සමන්‍වාගත වෙයි. අධිචිත්තයෙහි උපන් ඉහාත්මයෙහි සුඛවිහාර වන සතර ධ්‍යානයන් කැමැතියේ ලබන සුලුයේ සුවසේ ලබන සුලුයේ විපුල කොට ලබන සුලුයේ වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට අර්‍හත්‍වයට පැමිණ වාසය කරයි.
Pali BJTඉමෙහි ඛො භන්තෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTවහන්ස, මෙ කරුණුපසින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු වූයෙක් හා භාවනීයයෙක් හා වේ ය යි.
Pali BJTසාධු! සාධු!! උපවාන, ඉමෙහි ඛො උපවාන, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. ඉමෙ චෙ උපවාන, පඤ්ච ධම්මා ථෙරස්ස භික්ඛුනො න සංවිජ්ජෙය්යුං, කෙන නං සබ්රහ්මචාරී සක්කරෙය්යුං ගරු කරෙය්යුං මානෙය්යුං පූජෙය්යුං{2} - ඛණ්ඩිච්චෙන පාලිච්චෙන වලිත්තචතාය?{3} යස්මා ච ඛො උපවාන, ඉමෙ පඤ්ච ධම්මා ථෙරස්ස භික්ඛුනො සංවිජ්ජන්ති, තස්මා නං සබ්රහ්මචාරී සක්කරොන්ති ගරුකරොන්ති{4} මානෙන්ති පුජෙන්තීති.
Sinhala BJT“සාධු! සාධූ!! උපවානය, උපවානය, මේ කරුණු පසින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරුන්ට ප්‍රියයෙක් හා මනාපයෙක් හා ගුරු හා භාවනීය හා වෙයි. උපවානය, මෙ දහම් පස තෙර මහණහට විද්‍යාමාන නො වේ නම්, කවර කරුණෙකින් සබ්‍රම්සරහු ඔහට-කඩදත්බැවින් හෝ පුලුකෙහෙබැවින් හෝ ඇඟරැලි නැඟුණු බැවින් හෝ සත්කාර කෙරෙත් ද? ගුරුකාර කෙරෙත් ද? සම්මාන කෙරෙත් ද? පුදත් ද? උපවානයෙනි, යම් හෙයෙකින් තෙර මහණහට මෙ පඤ්චධර්‍මයෝ විද්‍යාමාන වෙත් ද, එ හෙයින් සබ්‍රම්සරහු ඔහට සත්කාර කරන්නාහ, ගුරුකාර කරන්නාහ, සම්මාන කරන්නාහ, පූජා කරන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT5. 4. 2. 7.
Sinhala BJT5. 4. 2. 7.
Pali BJT[චොදනාසුත්තං]
Sinhala BJT[චෝදනා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි -පෙ-
Sinhala BJT17. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූ සේක ...
Pali BJTචොදකෙන ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච:
Sinhala BJTඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් ධර්‍ම පසක් තමා කෙරෙහි එළවා මෙරමා චෝදනා කළ යුත්තේ ය. කවර පසෙක යත්:
Pali BJTකාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තචිත්තෙන වක්ඛාමි නො දොසන්තරෙන.{1}
Sinhala BJTඅකාලයෙහි නො ව නිසි කාලයෙහි කියනෙමි, අසත්‍යයෙන් නො ව සත්‍යයෙන් කියනෙමි, පරොස්බසින් නො ව මොළොකින් කියනෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් කියනෙමි, ද්වේෂසහිත සිතින් නො ව මෙත්සහගිය සිතින් කියනෙමි.
Pali BJTචොදකෙන ආවුසො, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, පරහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙ කරුණු පස තමා කෙරෙහි එළවා අන්‍යයා චෝදනා කළ යුත්තේ ය.
Pali BJTඉධාහං ආවුසො, එකච්චං පුග්ගලං පස්සාමි අකාලෙන චොදියමානං නො කාලෙන කුපිතං, අභූතෙන චොදියමානං නො භූතෙන කුපිතං, ඵරුසෙන චොදියමානං නො සණ්හෙන කුපිතං, අනත්ථසංහිතෙන චොදියමානං නො අත්ථසංහිතෙන කුපිතං, දොසන්තරෙන චොදියමානං නො මෙත්තචිත්තෙන කුපිතං.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු නිසි කල්හි නො ව අකාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. භූතයෙන් නො ව අභූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මොළොකින් නො ව පරොස්බසින් චෝදනා කරණු ලබන කිපියහු, අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, මෛත්‍රීසහගතචිත්තයෙන් නො ව ද්වේෂසහගතචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
Pali BJTඅධම්මචුදිතස්ස ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහිතබ්බො:{2}
Sinhala BJTඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද මහණහට පස් අයුරෙකින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුත්තේ ය:
Pali BJTඅකාලෙනායස්මා චුදිතො නො කාලෙන, අලං තෙ අවිප්පටිසාරාය. අභූතෙනායස්මා චුදිතො නො භූතෙන, අලං තෙ අවිප්පටිසාරාය. ඵරුසෙනායස්මා චුදිතො නො සණ්හෙන, අලං තෙ අවිප්පටිසාරාය. අනත්ථසංහිතෙනායස්මා චුදිතො නො අත්ථසංහිතෙන, අලං තෙ අවිප්පටිසාරාය. දොසන්තරෙනායස්මා චුදිතො නො මෙත්තචිත්තෙන, අලං තෙ අවිප්පටිසාරායාති.
Sinhala BJTආයුෂ්මත් කාලයෙන් නො ව අකාලයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් භූතයෙන් නො ව අභූතයෙන් චූදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මොළොකින් නොව පරොස් බසින් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි. ආයුෂ්මත් මෙත්සිතින් නො ව ද්වේෂසහගත චිත්තයෙන් චුදිතයෙහි. එ තොපගේ අවිප්‍රතිසාරයට නිසි වෙයි.
Pali BJTඅධම්මචුදිතස්ස ආවුසො, භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහිතබ්බො.{2}
Sinhala BJTඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා ලද භික්‍ෂුහට මෙ කරුණ පසින් අවිප්‍රතිසාරය ඉපැදවිය යුතු යි.
Pali BJTඅධම්මචොදකස්ස ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහිතබ්බො:
Sinhala BJTඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු.
Pali BJTඅකාලෙන තෙ ආවුසො, චුදිතො නො කාලෙන, අලං තෙ විප්පටිසාරාය. අභූතෙන තෙ ආවුසො චුදිතො නො භූතෙන, අලං තෙ විප්පටිසාරාය. ඵරුසෙන තෙ ආවුසො චුදිතො නො සණ්හෙන, අලං තෙ විප්පටිසාරාය. අනත්ථසංහිතෙන තෙ ආවුසො, චුදිතො නො අත්ථසංහිතෙන, අලං තෙ විප්පටිසාරාය. දොසන්තරෙන තෙ ආවුසො, චුදිතො නො මෙත්තචිත්තෙන, අලං තෙ විප්පටිසාරායාති.
Sinhala BJTඇවැත්නි, තොප විසින් නිසි කල්හි නො ව අකාලයෙහි (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් භූතයෙන් නො ව අභූතයෙන් (හේ) චූදිත වෙයි. එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මොළොකින් නො ව පරොසින් චූදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අර්‍ත්‍ථසංහිතයෙන් නො ව අනර්‍ත්‍ථසංහිතයෙන් චුදිත වෙයි, තොපගේ විප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් මෙත්සිතින් නො ව ද්වේෂචිත්තයෙන් චුදිත වෙයි, එ තොපගේ විප්‍රතිසාරයට නිසි වෙයි.
Pali BJTඅධම්මචොදකස්ස ආවුසො, භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහිතබ්බො. තං කිස්ස හෙතු? යථා න අඤ්ඤොපි භික්ඛු අභූතෙන චොදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ පස්කරුණින් විප්‍රතිසාරයට දැනැවිය යුතු. එ කවර හෙයින යත්: අන් මහණෙක් ද (තව මහණකු) අභූතයෙන් චෝදනා කටයුතු කොට නො සිතනු පිණිසයි.
Pali BJTඉධ පනාහං ආවුසො, එකච්චං පුග්ගලං පස්සාමි කාලෙන චොදියමානං නො අකාලෙන කුපිතං, භූතෙන චොදියමානං නො අභූතෙන කුපිතං, සණ්හෙන චොදියමානං නො ඵරුසෙන කුපිතං, අත්ථසංහිතෙන චොදියමානං නො අනත්ථසංහිතෙන කුපිතං, මෙත්තචිත්තෙන චොදියමානං නො දොසන්තරෙන කුපිතං.
Sinhala BJTඇවැත්නි, මම මෙ සස්නෙහි ඇතැම් පුඟුලකු අකාලයෙහි නො ව කාලයෙහි චෝදනා කරණු ලබන කිපියහු දක්මි. අභූතයෙන් නො ව භූතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, පරොස් බසින් නො ව මෙළොකින් චෝදනා කරණු ලබන කිපියහු, අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කරණු ලබන කිපියහු, ද්වේෂචිත්තයෙන් නො ව මෛත්‍රීචිත්තයෙන් චෝදනා කරණු ලබන කිපියහු දක්මි.
Pali BJTධම්මචුදිතස්ස ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහිතබ්බො:
Sinhala BJTඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂූහට පස් අයුරෙකින් විප්‍රතිසාරය දැනැවිය යුතු:
Pali BJTකාලෙනායස්මා චුදිතො නො අකාලෙන, අලං තෙ විප්පටිසාරාය. භුතෙනායසමා චුදිතො නො අභූතෙන, අලං තෙ විප්පටිසාරාය. සණ්හෙනායස්මා චුදිතො නො ඵරුසෙන, අලං තෙ විප්පටිසාරාය. අත්ථසංහිතෙනායස්මා චුදිතො, නො අනත්ථසංහිතෙන, අලං තෙ විප්පටිසාරාය. මෙත්තචිත්තෙනායස්මා චුදිතො නො දොසන්තරෙන, අලං තෙ විප්පටිසාරායාති.
Sinhala BJTආයුෂ්මත් අකාලයෙහි නො ව කාලයෙහි චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් අභූතයෙන් නො ව භූතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිසි වෙයි. ආයුෂ්මත් පරොසින් නො ව මොළොකින් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චොදිතයෙහි, තොපගේ විපිළිසරට එ නිස්ස. ආයුෂ්මත් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චොදිතයෙහි, තොපගේ විප්‍රතිසාරට එ නිස්සැයි.
Pali BJTධම්මචුදිතස්ස ආවුසො, භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි විප්පටිසාරො උපදහිතබ්බො.
Sinhala BJTඇවැත්නි, ධර්‍මයෙන් චෝදිත භික්‍ෂුහට මෙ කරුණු පසින් විපිළිසර දැනැවිය යුතු.
Pali BJTධම්මචොදකස්ස ආවුසො, භික්ඛුනො පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහිතබ්බො:
Sinhala BJTඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට කරුණු පසෙකින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු යි:
Pali BJTකාලෙන තෙ ආවුසො, චුදිතො{1} නො අකාලෙන, අලං තෙ අවිප්පටිසාරාය. භූතෙන තෙ ආවුසො, චුදිතො නො අභූතෙන, අලං තෙ අවිප්පටිසාරාය. සණ්හෙන තෙ ආවුසො, චුදිතො නො ඵරුසෙන, අලං තෙ අවිප්පටිසාරාය. අත්ථසංහිතෙන තෙ ආවුසො, චුදිතො, නො අනත්ථසංහිතෙන අලං තෙ අවිප්පටිසාරාය. මෙත්තචිත්තෙන තෙ ආවුසො, චුදිතො නො දොසන්තරෙන, අලං තෙ අවිප්පටිසාරායාති.
Sinhala BJTඇවැත්නි, තොප විසින් (හේ) අකාලයෙහි නො ව කාලයෙහි චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අභූතයෙන් නො ව භූතයෙන් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් පරොසින් නො ව මොළොකින් චෝදිත වෙයි, තොපගේ අවිප්‍රතිසාරයට එ නිසි වෙයි. ඇවැත්නි, තොප විසින් අනර්‍ත්‍ථසංහිතයෙන් නො ව අර්‍ත්‍ථසංහිතයෙන් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්ස. ඇවැත්නි, තොප විසින් ද්වේෂචිත්තයෙන් නො ව මෙත්සිතින් චෝදිත ය, තොපගේ අවිප්‍රතිසාරයට එ නිස්සැයි.
Pali BJTධම්මචොදකස්ස ආවුසො, භික්ඛුනො ඉමෙහි පඤ්චහාකාරෙහි අවිප්පටිසාරො උපදහිතබ්බො. තං කිස්ස හෙතු? යථා අඤ්ඤොපි භික්ඛු භූතෙන චොදෙතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJTඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ මහණහට මෙ කරුණු පසින් අවිප්‍රතිසාරය දැනැවිය යුතු ය. එ කවර හෙයින යත්: යම් හෙයෙකින් අන් මහණෙක් ද (තව මහණකු) භූතයෙන් චෝදනා කටයුතු කොට හඟනේ වේ නම්, එහෙයිනි.
Pali BJTචුදිතෙන ආවුසො, පුග්ගලෙන ද්වීසු ධම්මෙසු පතිට්ඨාතබ්බං සච්චෙ ච අකුප්පෙ ච. මං චෙපි ආවුසො, පරෙ චොදෙය්යුං කාලෙන වා අකාලෙන වා, භූතෙන වා අභූතෙන වා, සණ්හෙන වා ඵරුසෙන වා, අත්ථසංහිතෙන වා අනත්ථසංහිතෙන වා, මෙත්තචිත්තෙන වා දොසන්තරෙන වා, අහම්පි ද්වීසු යෙව ධම්මෙසු පතිට්ඨහෙය්යං සච්චෙ ච අකුප්පෙ ච.
Sinhala BJTඇවැත්නි, චෝදනා ලත් පුඟුල්හු විසින් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙකෙහි පිහිටිය යුතු ය. ඇවැත්නි, අන්‍යයෝ ඉදින් මට ද කාලයෙහි වේව යි, අකාලයෙහි වේව යි, භූතයෙන් වේව යි, අභූතයෙන් වේව යි, මොළොකින් වේව යි, පරොසින් වේව යි, අර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, අනර්‍ත්‍ථසංහිතයෙන් වේව යි, මෛත්‍රීචිත්තයෙන් වේව යි, ද්වේෂචිත්තයෙන් වේව යි චෝදනා කරත් නම්, මම ද සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි ද යන ධර්‍ම දෙක්හි පිහිටන්නෙමි:
Pali BJTසචෙ ජානෙය්යං අත්ථෙසො මයි ධම්මොති, අත්ථීති නං වදෙය්යං සංවිජ්ජතෙසො මයි ධම්මොති. සචෙ ජානෙය්යං නත්ථෙසො මයි ධම්මොති, නත්ථීති නං වදෙය්යං නෙසො ධම්මො මයි සංවිජ්ජතීති.
Sinhala BJT“ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැයි දන්නෙම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි ඇතැ’යි එය ඇතිසේ කියමි. ඉදින් තෙල ධර්‍මය මා කෙරෙහි නැතැයි දනිම් නම්, ‘තෙල ධර්‍මය මා කෙරෙහි විද්‍යාමාන නො වේ’ යයි එය නැතිසෙ කියමි.”
Pali BJTඑවම්පි ඛො තෙ සාරිපුත්ත, වුච්චමානා අථ ච පන ඉධෙකච්චෙ මොඝපුරිසා න පදක්ඛිණං ගණ්හන්තීති.
Sinhala BJTඑතෙකුදු වුව ශාරීපුත්‍රය, තොප විසින් මෙසේ කියනු ලබන්නාහු මෙහි ඇතැම් තුච්ඡපුරුෂ කෙනෙක් එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගන්නාහ යි.
Pali BJTයෙ තෙ භන්තෙ, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සඨා මායාවිනො කෙටුභිනො{1} උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා, බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවිරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විභන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, තෙ මයා එවං වුච්චමානා න පදක්ඛිණං ගණ්හන්ති.
Sinhala BJTවහන්ස, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු දිවිවැටුම් හේතු කොට ගත්තාහු ශ්‍රද්ධා නැති වැ මැ අගාරයෙන් නික්මැ ශාසනයට පැමිණියාහු පැවිදි වූවාහු, කෛරාටික වූවාහු වඤ්චක වූවාහු මායා ඇත්තාහු උඬනු වූවාහු උද්ගත මානනළ ඇතියාහු චපල වූවාහු දොඩමලු වූවාහු අසංයත වචන ඇත්තාහු ඉඳුරන්හි නොපියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැතියාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු ප්‍රත්‍යයබාහුල්‍යය ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වූවාහු ප්‍රවිවේකයෙහි හළ වැර ඇත්තාහු අලස වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට-සිහි ඇත්තාහු සම්‍යක් ප්‍රඥා නැත්තාහු, සමාහිත නොවූවාහු විභ්‍රාන්ත වූ සිත් ඇත්තාහු ප්‍රඥා නැත්තාහු කෙළතොලු වූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු (ඔවා දෙනු) ලබන්නාහු එය පැදකුණු කොට (ඇදුරු කොට) නො ගණිත්.
Pali BJTයෙ පන තෙ භන්තෙ, කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනො අකෙටුභිනො{2} අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවිරියා පහිතත්තා උපට්ඨිතසතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙ මයා එවං වුච්චමානා පදක්ඛිණං ගණ්හන්තීති.
Sinhala BJTවහන්ස, යම් සැදැහැති කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදිවූවාහු, කෛරාටික නොවූවාහු වංචක නොවූවාහු මායා රහිත වූවාහු උඬනු නො වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වචන ඇත්තාහු ඉඳුරන්හි පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂායෙහි තීව්‍ර ගෞරව ඇත්තාහු, ප්‍රත්‍යය බාහුලක නො වූවාහු සස්න ලිහිල් කොට නො ගන්නාහු අවක්‍රමණයෙහි හළ වැර ඇතියාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නොවූවාහු වෙත් නම්, ඔහු මා විසින් මෙසේ කියනු ලබන්නාහු පැදකුණු කොට මතෙපුල් ගණිත් ය යි සැරියුත් තෙරණුවෝ කීහ.
Pali BJTයෙ තෙ සාරිපුත්ත, පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, සඨා මායාවිනො කෙටුභිනො උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා ඉන්ද්රියෙසු අගුත්තද්වාරා භොජනෙ අමත්තඤ්ඤුනො ජාගරියං අනනුයුත්තා සාමඤ්ඤෙ අනපෙක්ඛවන්තො සික්ඛාය න තිබ්බගාරවා, බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා කුසීතා හීනවිරියා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා දුප්පඤ්ඤා එළමූගා, තිට්ඨන්තු තෙ.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් පුද්ගල කෙනෙක් අශ්‍රද්ධාවත් වූවාහු ජීවිකාව ම අර්‍ත්‍ථ කොට ගත්තාහු ශ්‍රද්ධා නැතියාහු ගිහිගෙන් නික්මැ ශාසනයට පැමිණියාහු සළබව් ඇතියාහු මායා ඇත්තාහු වඤ්චා ඇත්තාහු උඩනු වූවාහු උස්ව නැගි මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු සංකීර්‍ණවචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇතියාහු භෝජනයෙහි මාත්‍රඥ නො වූවාහු ජාගර්‍ය්‍යායෙහි නො යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා නැත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව නැත්තාහු, ප්‍රත්‍යයබාහුල්‍යයෙන් යුක්ත වූවාහු ශාසනය ලඝු කොට ගත්තාහු (පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත) අවක්‍රමණයෙහි පෙරටුව යන්නාහු ප්‍රකර්‍ෂ විවේකයෙහි හැරපී වීර්‍ය්‍යධූර ඇත්තාහු කුසීත වූවාහු හීනවීර්‍ය්‍ය ඇත්තාහු නට සිහි ඇත්තාහු සම්ප්‍රඥානයෙන් තොර වූවාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු නම්, ඔහු සිටිත්වා.
Pali BJTයෙ පන තෙ සාරිපුත්ත, කුලපුත්තා සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා, අසඨා අමායාවිනො අකෙටුභිනො අනුද්ධතා අනුන්නළා අචපලා අමුඛරා අවිකිණ්ණවාචා ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භොජනෙ මත්තඤ්ඤුනො ජාගරියං අනුයුත්තා සාමඤ්ඤෙ අපෙක්ඛවන්තො සික්ඛාය තිබ්බගාරවා, න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා ආරද්ධවිරියා පහිතත්තා උපට්ඨිතසතිනො සම්පජානා සමාහිතා එකග්ගචිත්තා පඤ්ඤවන්තො අනෙළමූගා, තෙ ත්වං සාරිපුත්ත, වදෙය්යාසි. ඔවද සාරිපුත්ත, සබ්රහ්මචාරී, අනුසාස සාරිපුත්ත, සබ්රහ්මචාරී, “අසද්ධම්මා වුට්ඨාපෙත්වා සද්ධම්මෙ පතිට්ඨාපෙස්සාමි සබ්රහ්මචාරී”ති. එවඤ්හි තෙ සාරිපුත්ත, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTශාරීපුත්‍රයෙනි, යම් ශ්‍රද්ධාවත් කුලපුත්‍ර කෙනෙක් ගිහිගෙන් නික්ම ශාසනයට පැමිණියාහු, සළබව් නැත්තාහු මායා නැත්තාහු වඤ්චනික නො වූවාහු උඩනු නො වූවාහු මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු නො විසුළ තෙපුල් ඇතියාහු ඉඳුරන්හි පියූ දොර ඇත්තාහු භෝජනයෙහි මාත්‍රඥ වූවාහු නිදිවැරීමෙහි යෙදුනාහු ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තාහු ශික්‍ෂාහි තීව්‍ර ගෞරව ඇත්තාහු, බාහුලික නො වූවාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු අවක්‍රමණයෙහි හැරපියූ වීර්‍ය්‍ය ධූර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු රුකුළු වැර ඇතියාහු නිවන් කෙරෙහි මෙහෙයුනු සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යක්ප්‍රඥා ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු කෙළතොලු නො වූවාහු වෙත් නම්, ශාරීපුත්‍රයෙනි, තෙපි ඔවුනට කියව. ශාරීපුත්‍රයෙනි, සබ්‍රම්සරුන්ට ඔවා දෙව. ශාරීපුත්‍රයෙනි “සබ්‍රම්සරුන් අසද්ධර්‍මයෙන් නඟා සිටුවා සද්ධර්‍මයෙහි පිහිටුවන්නෙමි”යි. සබ්‍රම්සරුන්ට අනුශාසනා කරව. ශාරීපුත්‍රයෙනි, තොප විසින් මෙසෙයින් ම හික්මිය යුතු ය යි භගවත්හු වදාළහ.
Pali BJT5. 4. 2. 8.
Sinhala BJT5. 4. 2. 8.
Pali BJT[සීලසුත්තං]
Sinhala BJT[සීල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: -පෙ- දුස්සීලස්ස ආවුසො, සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJT18. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මහණුන් ඇමැතූහ ... ඇවැත්නි, ශීලවිපත්තියට පැමිණි දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධි විපන්න (වියුක්ත) යාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, රුක්ඛො සාඛාපලාසවිපන්නො, තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො, දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සන විපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, යම්සේ නට අතුකොළ ඇති රුකෙක් වේ නම්, එහි පිට පොතු ද වැඩුමට නො යේ. සිවිදු වැඩුමට නො යේ. බොරුදු වැඩුමට නොයේ. සාරයත් වැඩුමට නො යේ. ඇවැත්නි, එසෙයින් ම ශීලවිපත්තියට පත් දුශ්ශීලයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිබ්බිදාවිරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
Pali BJTසීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
Sinhala BJTඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශන සම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගවිපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
Pali BJTසෙය්යථාපි ආවුසො, රුක්ඛො සාඛාපලාසසම්පන්නො, තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි ඵෙග්ගුපි සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො, සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනන්ති.
Sinhala BJTඇවැත්නි, යම්සේ අතුපතරින් ගැවසීගත් රුකෙක් වේ නම්, එහි පිටපොතුත් වැඩුමට යේ. සිවිදු වැඩුමට යේ. බොරුදු වැඩුමට යේ. සාරයදු වැඩුමට යේ. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇති වත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇති වත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇති වත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වේ ය යි.
Pali BJT5. 4. 2. 9.
Sinhala BJT5. 4. 2. 9.
Pali BJT[ඛිප්පනිසන්තිසුත්තං]
Sinhala BJT[ඛිප්පනිසන්ති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. අථ ඛො ආයස්මා ආනන්දො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච:
Sinhala BJT19. එ කල්හි ආයුෂ්මත් අනද තෙරණුවෝ සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ:
Pali BJTකිත්තාවතා නු ඛො ආවුසො සාරිපුත්ත, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුග්ගහිතගාහී ච, බහුං ච ගණ්හාති, ගහිතං චස්ස නප්පමුස්සතී?ති.
Sinhala BJTආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් කුශලධර්‍මයෙහි වහා රුකුළුකන් ඇති වේ ද, සුගෘහීත කොට ගන්නා සුලුයේත් වේ ද, බොහෝ කොට ගන්නේත් වේ ද? ඔහු විසින් ගන්නා ලද දැය විස්මෘතත් නො වේ දැ? යි.
Pali BJTආයස්මා ඛො ආනන්දො බහුස්සුතො, පටිභාතු ආයස්මන්තඤ්ඤෙව ආනන්දන්ති. තෙනහාවුසො සාරිපුත්ත, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති.
Sinhala BJT“ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට ම තෙල වැටහේව” යි. එසේ වී නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, අසනු මැනැවි, මනා කොට මෙනෙහි කළ මැනැවි, කියමි යි.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJT‘ඇවැත්නි, එසේ ය’යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
Pali BJTඉධාවුසො, සාරිපුත්ත, භික්ඛු අත්ථකුසලො ච හොති ධම්මකුසලො ච නිරුත්තිකුසලො ච ව්යඤ්ජනකුසලො ච පුබ්බාපරකුසලො ච.
Sinhala BJTආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථයෙහි ද කුශල වෙයි. පාළි ධර්‍මයෙහි ද කුශල වෙයි. නිරුක්ති වචනයෙහි ද කුශල වෙයි. ව්‍යඤ්ජන (පදභේද) යෙහි ද කුශල වෙයි. පූර්‍වාපරසන්‍ධානයෙහි (මුල අග ගැළපීමෙහි) ද කුශල වෙයි.
Pali BJTඑත්තාවතා ඛො ආවුසො, සාරිපුත්ත, භික්ඛු ඛිප්පනිසන්තී ච හොති කුසලෙසු ධම්මෙසු, සුග්ගහිතගාහී ච, බහුං ච ගණ්හාති, ගහිතං චස්ස නප්පමුස්සතීති.
Sinhala BJTආයුෂ්මත් ශාරීපුත්‍රයෙනි, මෙ පමණෙකින් ම මහණ කුශලධර්‍මයෙහි වහා අසන්නේ (දරන්නේ) වෙයි. මොනවට උගන්නේ ද වෙයි. බොහෝ කොට ද ගන්නේ ය. ඔහු විසින් ගන්නා ලද දැය නො නස්නේ ය යි.
Pali BJTඅච්ඡරියං ආවුසො, අබ්භුතං ආවුසො, යාව සුභාසිතං චිදං ආයස්මතා ආනන්දෙන. ඉමෙහි ච මයං පඤ්චහි ධම්මෙහි සමන්නාගතං ආයස්මන්තං ආනන්දං ධාරෙම: ‘ආයස්මා ආනන්දො අත්ථකුසලො ධම්මකුසලො නිරුත්තිකුසලො ව්යඤ්ජනකුසලො පුබ්බාපරකුසලො’ති.
Sinhala BJTආශ්චර්‍ය්‍යය ඇවැත්නි, අද්භූත ය ඇවැත්නි, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් විසින් මෙය සුභාෂිත මැ යැ. අපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් මේ දහම් පසින් සමන්‍වාගත කොට “ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අර්‍ත්‍ථකුශලයහ, ධර්‍මකුශලයහ, නිරුක්තිකුශලයහ, ව්‍යඤ්ජනකුශලයහ, පූර්‍වාපරසන්‍ධානකුශලයහ”යි ධරම්හ.
Pali BJT5. 4. 2. 10.
Sinhala BJT5. 4. 2. 10.
Pali BJT[භද්දජිසුත්තං]
Sinhala BJT[භද්දජී සූත්‍රය]
Pali BJT20. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා භද්දජි යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දජිං ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJT20. එක් කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වසන්නාහ. එ කල්හි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා සමඟ සතුටුවූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවන්ට ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කීහ:
Pali BJTකින්නු ඛො ආවුසො භද්දජි, දස්සනානං අග්ගං? කිං සවණානං අග්ගං? කිං සුඛානං අග්ගං? කිං සඤ්ඤානං අග්ගං? කිං භවානං අග්ගන්ති?
Sinhala BJTආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, දර්‍ශනයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? ශ්‍රවණයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සුඛයන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? සංඥාවන් කෙරෙහි කුමක් අග්‍ර වේ ද? භවයන් කෙරෙහි කුමක් අග්‍ර වේ දැයි?
Pali BJTඅත්ථාවුසො, බ්රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී, යො තං බ්රහ්මානං පස්සති, ඉදං දස්සනානං අග්ගං.
Sinhala BJTඇවැත්නි, මෙරමා අභිභවා සිටි අනෙකක්හු විසින් අනභිභූත වූ ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ හැම දෙන සියවසයෙහි පවත්වන සුලු බ්‍රහ්මයෙක් ඇත. යමෙක් එ බ්‍රහ්මයා දක්නේ වේ නම්, මෙය දර්‍ශනයන් කෙරෙහි අග්‍රය.
Pali BJTඅත්ථාවුසො ආභස්සරා නාම දෙවා සුඛෙන අභිසන්නා පරිසන්නා. තෙ කදාචි කරහචි උදානං උදානෙන්ති: “අහො සුඛං, අහො සුඛන්ති.” යො තං සද්දං සුණාති, ඉදං සවණානං අග්ගං.
Sinhala BJTඇවැත්නි, ආභාස්වර නම් වූ සුඛයෙන් පිරී පැතිර සිටුනා දෙවිකෙනෙක් ඇත. ඔහු ඇතැම් කලෙක “අහෝ සුඛ ය, අහෝ සුඛය ය”යි උදන් අනත්. යමෙක් එ හඬ අසා නම්, මෙය ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර ය.
Pali BJTඅත්ථාවුසො, සුභකිණ්හකා නාම දෙවා. තෙ සන්තඤ්ඤෙව සුඛිතා සුඛං පටිසංවෙදෙන්ති. ඉදං සුඛානං අග්ගං.
Sinhala BJTඇවැත්නි, ශුභකෘතස්න නම් දෙවි කෙනෙක් ඇත. සුඛිත වූ ඔහු විද්‍යමාන වූ ම සුව විඳුනාහ. මෙ සුඛයන් කෙරෙහි අග්‍ර ය.
Pali BJTඅත්ථාවුසො, ආකිඤ්චඤ්ඤායතනූපගා දෙවා. ඉදං සඤ්ඤානං අග්ගං.
Sinhala BJTඇවැත්නි, ආකිඤ්චන්‍යායතනෝපග දෙවි කෙනෙක් ඇත. මෙ සංඥාවන් කෙරෙහි අග්‍ර යයි.
Pali BJTඅත්ථාවුසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා දෙවා. ඉදං භවානං අග්ගන්ති.
Sinhala BJTඇවැත්නි, නෛවසංඥානාසංඥායතනොපග දෙවි කෙනෙක් ඇත. මෙ භවයන් කෙරෙහි අග්‍ර යයි.
Pali BJTසමෙති ඛො ඉදං ආයස්මතො භද්දජිස්ස යදිදං බහුජනෙනාති.{1}
Sinhala BJTආයුෂ්මත් භද්‍රජිත් තෙරුන‍්ගේ මෙ බස බහු ජනයාගේ (බොහෝ දෙනාගේ) බස් හා සැසැඳේ ය යි.
Pali BJTආයස්මා ඛො ආනන්දො බහුස්සුතො. පටිභාතු ආයස්මන්තඤ්ඤෙව ආනන්දන්ති.
Sinhala BJTආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ බහුශ්‍රැතයහ, ආයුෂ්මත් ආනන්‍ද තෙරුණුවන්ට ම (තෙල කරුණ) වැටහේව යි.
Pali BJTතෙන හි ආවුසො, භද්දජි, සුණාහි සාධුකං මනසි කරොහි, භාසිස්සාමීති. එවමාවුසොති ඛො ආයස්මා භද්දජි ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. ආයස්මා ආනන්දො එතදවොච:
Sinhala BJTආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවනි, එසේ වී නම්, මනා කොට අසව, මැනැවින් මෙනෙහි කරව, කියමි යි. ‘ඇවැත්නි, එසේ ය’ යි ආයුෂ්මත් භද්‍රජිත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ තෙල කරුණ කීහ:
Pali BJTයථා පස්සතො ඛො ආවුසො, අනන්තරා ආසවානං ඛයො හොති, ඉදං දස්සනානං අග්ගං. යථා සුණතො අනන්තරා ආසවානං ඛයො හොති, ඉදං සවණානං අග්ගං. යථා සුඛිතස්ස අනන්තරා ආසවානං ඛයො හොති. ඉදං සුඛානං අග්ගං. යථා සඤ්ඤිස්ස අනන්තරා ආසවානං ඛයො හොති, ඉදං සඤ්ඤානං අග්ගං. යථාභූතස්ස අනන්තරා ආසවානං ඛයො හොති, ඉදං භවානං අග්ගන්ති.
Sinhala BJTඇවැත්නි, යම් පරිද්දෙකින් (ඉටු අනිටු කවර හෝ අරමුණක්) දක්නහුට එයට අනතුරුව ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වේ නම්, මෙ දර්‍ශනයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් පරිද්දෙකින් අසන්නහුට එයට අනතුරුව ට ආස්‍රවක්‍ෂය වේ නම්, මෙ ශ්‍රවණයන් කෙරෙහි අග්‍ර වෙයි. යම් මාර්‍ගසුඛයෙකින් සුඛිත වූවහුට අනතුරුව ම අර්‍හත්ත්‍ව ය උපදී නම්, මේ මාර්‍ගසුඛය සුඛයන් කෙරෙහි අග්‍ර ය. යම් මාර්‍ගසංඥාවක් ඇතියහුට (මාර්‍ගසංඥාවට) අනතුරුව ම ආස්‍රවක්‍ෂය වේ නම්, මේ සංඥාවන් කෙරෙහි අග්‍රය. යම් අත්බැවෙක සිටියහුට අනන්තරව ම (මාර්‍ගයට අනතුරුව ම) ආස්‍රවක්‍ෂය (ඵලය) වේ නම්, මේ පශ්චිමභවය භවයන් කෙරෙහි අග්‍ර වේ යයි.
Pali BJTආඝාතවග්ගො දුතියො
Sinhala BJTආඝාතවර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ආඝාතවිනයා සාකච්ඡා සාජීවතො පඤ්හං පුච්ඡා නිරොධො චොදනා සීලං නිසන්ති භද්දජීති.
Sinhala BJTආඝාතවිනය සූත්‍ර දෙක ය, සාකච්ඡා සූත්‍රය, සාජීව සූත්‍රය, පඤ්හපුච්ඡා සූත්‍රය, නිරෝධ සූත්‍රය, චෝදනා සූත්‍රය, සීල සූත්‍රය, නිසන්ති සූත්‍රය, භද්දජීසූත්‍ර ය දැ යි දසයෙකි.
Pali BJT3. උපාසකවග්ගො
Sinhala BJT3. උපාසක වර්‍ගය
Pali BJT5. 4. 3. 1.
Sinhala BJT5. 4. 3. 1.