Pali BJT[තතියසද්ධම්මසම්මොසසුත්තං]
Sinhala BJT[තුන්වැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT6. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂයට අතුරුදන් වීමට වැටෙති. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛූ දුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති දුන්තික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි. දුන්නික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්යඤ්ජනස්ස අත්ථොපි දුන්නයො හොති. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුහු උපිළිවෙළින් උගන්නා ලද සූත්‍රාන්තය උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට ප්‍රගුණ කරත්. මහණෙනි, උපිළිවෙළින් තබන ලද පදව්‍යඤ්ජන ඇති පාළි සූත්‍රයාගේ අර්‍ත්‍ථය ද දුර්නය වෙයි. මහණෙනි, මෙ පළමු කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ දුබ්බචා හොන්ති දොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා, අක්ඛමා අප්පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං භික්ඛවෙ, දුතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, භික්‍ෂූහු දුර්වචභාවකර ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු දුර්වච වෙති. නො සහනු වූවාහු අනුසසුන් පැදකුණින් නො ගන්නාහු වෙත්. මහණෙනි, මෙ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ න සක්කච්චං සුත්තන්තං පරං වාචෙන්ති. තෙසං අච්චයෙන ඡින්නමූලකො සුත්තන්තො හොති අප්පටිසරණො. අයං භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් බොහෝ ඇසූපිරූ තැන් ඇතියාහු ආගතාගම වූවාහු ධර්‍මධර විනයධර මාතෘකාධර වූවාහු වෙත් නම්, ඔහු සකස් කොට සූත්‍රාන්තය මෙරමාහට වනපොත් නො කරවත්. ඔවුන් ඇවෑමෙන් සූත්‍රාන්තය සුන්මුල් ඇති වෙයි. පිළිසරණ නැති වෙයි. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ථෙරා භික්ඛූ බාහුලිකා හොන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා. න විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධූරා. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, තෙර මහණහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු වෙත්. ශාසනය ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පූර්‍වාඞ්ගම වන්නාහු ප්‍රවිවේකයෙහි හැරපියූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්ත වූ විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා අනධිගත ධර්‍මයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කාරය සඳහා වැර නො වඩනාහ. ඔවුන්ගේ පශ්චිම ජනතාව ද දෘෂ්ටානුගතියට පැමිණෙයි. එ ජනතාව ද සිවුපස බහුල කොට ඇත්තී සස්න ලිහිල් කොට ගත්තී අවක්‍රමණයෙහි (පරිහානියෙහි) පෙරට ව යන්නී ප්‍රවිවේකයෙහි හැරපියූ වැර ඇත්තී වෙයි. අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර නො අරඹයි. මහණෙනි, මේ සතරවන ධර්‍මය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුධන්වීම පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, සඞ්ඝො භින්නො හොති. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ, භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති, පස්සන්නානං ච එකච්චානං අඤ්ඤථත්තං හොති. අයං භික්ඛවෙ පඤ්චමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, සඟහු බිඳුනාහු වෙත්. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි අන්‍යෝන්‍යයනට ආක්‍රෝෂයෝ ද වෙති. අන්‍යෝන්‍යයනට පරිභවයෝ ද වෙති. උනුනට වටා බිණුම් ද වෙති. අන්‍යෝන්‍යයනට පරිවර්‍ජනයෝ ද වෙත්. එහි ලා නො පහන් වූවෝ ද නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන‍්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. මෙ පස්වන ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය සඳහා අන්තර්‍ධානය සඳහා වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දහම්හු සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නාහ.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නො වීම පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සුග්ගහිතං සුත්තන්තං පරියාපුණන්ති සුනික්ඛිත්තෙහි පදබ්යඤ්ජනෙහි. සුනික්ඛිත්තස්ස භික්ඛවෙ පදබ්යඤ්ජනස්ස අත්ථොපි සුනයො හොති. අයං භික්ඛවෙ පඨමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහු මොනොවට උගන්නා ලද සූත්‍රාන්තය මොනොවට යොදන ලද පදව්‍යඤ්ජනයෙන් යුක්ත කොට පිරිවහත්. මහණෙනි, මැනැවින් තබන ලද පදව්‍යඤ්ජනයෙන් යුත් සූත්‍රාන්තයාගේ අර්‍ත්‍ථය ද ප්‍රණීත වෙයි. මහණෙනි, මේ ප්‍රථමධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය සඳහා අප්‍රමෝෂය සඳහා අතුරුදන් නො වීම සඳහා වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ සුබ්බචා හොන්ති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතා. ඛමා පදක්ඛිණග්ගාහිනො අනුසාසනිං. අයං භික්ඛවෙ දුතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු සුවචභාවය කරණ ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූවාහු සුවච වෙති. ඉවසන්නාහු පැදකුණෙන් අනුශාසනය පිළිගන්නාහු වෙත්. මහණෙනි, මේ ද්විතීය ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවතී.
Pali BJTපුන චපරං භික්ඛවෙ, යෙ තෙ භික්ඛූ බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ සක්කච්චං පරං වාචෙන්ති. තෙසං අච්චයෙන න ඡින්නමූලකො සුත්තන්තො හොති සප්පටිසරණො. අයං භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, බහුශ්‍රුත වූ ආගතාගම වූ ධර්‍මධර - විනයධර - මාතෘකාධර වූ යම් ප්‍රසිද්ධ භික්‍ෂුහු වෙත් නම්, ඔහු සකස් කොට මෙරමාහට දහම් කියවති. ඔවුන්ගේ ඇවෑමෙන් සූත්‍රාන්තය සුන් මුල් ඇතියේ නො වෙයි. පිළිසරණ සහිත වේ. මහණෙනි, මේ තෙවන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ථෙරා භික්ඛූ න බාහුලිකා හොන්ති න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා. විරියං ආරභන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජති. සාපි හොති න බාහුලිකා න සාථලිකා ඔක්කමනෙ නික්ඛිත්තධුරා පවිවෙකෙ පුබ්බඞ්ගමා. විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ස්ථවිර භික්‍ෂුහු බාහුලික නොවෙත්. සස්න ලිහිල් කොට නො ගත්තාහු අවක්‍රමණයෙහි හැරපියූ වැරධුර ඇතියාහු ප්‍රකර්‍ෂ විවේකයෙහි පූර්‍වාඞ්ගම වූවාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය සඳහා අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹත්. ඔවුන්ගේ පශ්චිම ජනතාව ද ඔවුන්ගේ දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ ජනතා ද බාහුලික නොවැ සාථලික නොවැ අවක්‍රමණයෙහි හැරපියූ වැර ඇති වැ ප්‍රවිවේකයෙහි පූර්‍වාඞ්ගම වැ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය සඳහා අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹයි. මහණෙනි, මේ සතරවන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය සඳහා අප්‍රමෝෂය සඳහා අතුරුදහන් නොවීම සඳහා වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසුං විහරති.{1} සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ, සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං අක්කොසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති. පස්සන්නානං ච භිය්යොභාවො හොති. අයං භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, සඟහු සමඟ වූවාහු සතුටු වන්නාහු විවාද නොකරන්නාහු එක් උදෙසීම් ඇත්තාහු පහසුවෙන් වාස කරත්. මහණෙනි, සඟුන් සමඟ වූ කල්හි අන්‍යෝන්‍යයනට ආක්‍රෝශයෝ නො ද වෙති. අන්‍යෝන්‍යයනට පරිභවයෝ නො ද වෙති. උනුනට පිරිවටා බිණුම් නො ද වෙති. අන්‍යෝන්‍යයනට පරිත්‍යජනයෝ නො ද වෙත්. එකරුණෙහි ලා අප්‍රසන්නයෝ ද පහන් වන්නාහ. ප්‍රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. මහණෙනි, මේ පස්වන ධර්‍මය සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවීම පිණිස වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෝ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙන්නාහ යි.
Pali BJT5. 4. 1. 7.
Sinhala BJT5. 4. 1. 7.
Pali BJT[දුක්කථාසුත්තං]
Sinhala BJT[දුක්කථා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. පඤ්චන්නං භික්ඛවෙ, පුග්ගලානං කථා දුක්කථා පුග්ගලං පුග්ගලං{2} උපනිධාය. කතමෙසං පඤ්චන්නං:
Sinhala BJT7. මහණෙනි, ඒ ඒ පුද්ගලයා සඳහා පුද්ගලයන් පස්දෙනකුන්ගේ කථා දුෂ්කථා වෙයි. කවර පස්දෙනකුන්ගේ ය යත්:
Pali BJTඅස්සද්ධස්ස භික්ඛවෙ, සද්ධාකථා දුක්කථා, දුස්සීලස්ස සීලකථා දුක්කථා, අප්පස්සුතස්ස බාහුසච්චකථා දුක්කථා, මච්ඡරියස්ස චාගකථා දුක්කථා, දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධාරහිතයාට ශ්‍රද්ධාකථා දුෂ්කථා ය. දුසිල්හට ශීලකථා දුෂ්කථා ය. අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථා දුෂ්කථා ය. මසුරුහට ත්‍යාගකථා දුෂ්කථා ය. දුෂ්ප්‍රාඥහට ප්‍රඥාකථා දුෂ්කථා යි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා? අස්සද්ධො භික්ඛවෙ, සද්ධාකථාය කච්ඡමානාය අභිසජ්ජති, කුප්පති, ව්යාපජ්ජති, පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ සද්ධාසම්පදං අත්තනි න සම්පස්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා අස්සද්ධස්ස සද්ධාකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, ශ්‍රද්ධා නැතියේ ශ්‍රද්ධා පිළිබඳ කථාව කරණු ලබත් ම කෝප විසින් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා නො සතුට හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ වනාහි එ ශ්‍රද්ධාසම්පද් තමා කෙරෙහි නො මැ දක්නේ ය. එ කරුණු කොට ගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් අශ්‍රද්ධයාහට ශ්‍රද්ධාකථාව දුෂ්කථා වෙයි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, දුස්සීලස්ස සීලකථා දුක්කථා? දුස්සීලො භික්ඛවෙ, සීලකථාය කච්ඡමානාය අභිසජ්ජති, කුප්පති, ව්යාපජ්ජති, පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, සීලසම්පදං අත්තනි න සම්පස්සති{3}, න ච ලභති තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා දුස්සීලස්ස සීලකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් දුසිල්හට ශීලකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුශ්ශීලයා ශීලකථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, විරුද්ධ ව නැගී සිටුනේ ය, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ එ සීල සම්පදාව තමා කෙරෙහි නො දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය නො ද ලබනේ ය. එහෙයින් දුශ්ශීලයාට ශීලකථාව දුෂ්කථා වෙයි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, අප්පස්සුතස්ස බාහුසච්චකථා දුක්කථා? අප්පස්සුතො භික්ඛවෙ, බාහුසච්චකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති, කොපඤ්ච දොසඤ්ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, සුතසම්පදං අත්තනි න සම්පස්සති. න ච ලභති තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා අප්පස්සුතස්ස බාහුසච්චකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් අල්පශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව දුෂ්කථා වේය යත්: මහණෙනි, අල්පශ්‍රැතයා බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව කරණු ලබත් ම කෝපයෙන් ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළව නැගීසිටී, කෝපය හා ද්වේෂය හා නොසතුට හා පාළ කෙරෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශ්‍රැතසම්පත් තමා තුළ නො ම දක්නේය. එ නිදාන කොට ප්‍රීතිප්‍රමෝදය ද නො ලබන්නේ ය. එහෙයින් අල්පශ්‍රැතහට බහුශ්‍රැත්‍ය කථාව දුෂ්කථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, මච්ඡරියස්ස චාගකථා දුක්කථා? මච්ඡරී භික්ඛවෙ චාගකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති, ව්යාපජ්ජති පතිත්ථීයති, කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ චාගසම්පදං අත්තනි න සම්පස්සති.{1} න ච ලභති තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා මච්ඡරියස්ස චාගකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් මත්සරිහට ත්‍යාගකථාව දුෂ්කථා වේ ය යත්: මහණෙනි, මත්සරියා ත්‍යාගකථාව කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට වැටෙයි, දළ ව නැගීසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, මත්සරි එ ත්‍යාගසම්පද් තමා කෙරෙහි නො ම දක්නේය. ඒ නිදාන කොටගෙන ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් මත්සරිහට ත්‍යාගකථා දුෂ්කථා යි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා? දුප්පඤ්ඤො භික්ඛවෙ පඤ්ඤාකථාය කච්ඡමානාය අභිසජ්ජති කුප්පති ව්යාපජ්ජති පතිත්ථීයති, කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, පඤ්ඤාසම්පදං අත්තනි න සම්පස්සති.{1} න ච ලභති තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා දුප්පඤ්ඤස්ස පඤ්ඤාකථා දුක්කථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථා දුෂ්කථා වේ ය යත්: මහණෙනි, දුෂ්ප්‍රාඥ තෙමේ ප්‍රඥාකථා කරණු ලබත් ම ලැගෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, දළ ව නැඟසිටී, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා නො ම දක්නේ ය. එ නිදාන කොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය නො ද ලබන්නේ ය. එහෙයින් දුෂ්ප්‍රාඥයාහට ප්‍රඥාකථාව දුෂ්කථා වෙයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං පුග්ගලානං කථා දුක්කථා පුග්ගලං පුග්ගලං{2} උපනිධාය.
Sinhala BJTමහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු නිසා (වැටෙන) කථාව දුෂ්කථා වෙයි.
Pali BJTපඤ්චන්නං භික්ඛවෙ පුග්ගලානං කථා සුකථා පුග්ගලං පුග්ගලං{2} උපනිධාය. කතමෙසං පඤ්චන්නං?
Sinhala BJTමහණෙනි, ඒ ඒ පුඟුල්හු නිසා පුඟුලන් පස්දෙනකුන්ගේ කථාව සුකථායෙක් වෙයි. කවර පස්දෙනකුනට ය යත්:
Pali BJTසද්ධස්ස භික්ඛවෙ සද්ධාකථා සුකථා, සීලවතො සීලකථා සුකථා, බහුස්සුතස්ස බාහුසච්චකථා සුකථා, චාගවතො චාගකථා සුකථා, පඤ්ඤවතො පඤ්ඤාකථා සුකථා.
Sinhala BJTමහණෙනි, සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථායෙක. සිල්වත්හට ශීලකථාව සුකථායෙක. බහුශ්‍රැතයාහට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙක. ත්‍යාගීහට ත්‍යාගකථාව සුකථායෙක, ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, සද්ධස්ස සද්ධාකථා සුකථා? සද්ධො භික්ඛවෙ, සද්ධාකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථීයති, න කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, සද්ධාසම්පදං අත්තනි සම්පස්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා සද්ධස්ස සද්ධාකථා සුකථා.
Sinhala BJTමහණෙනි, කවරහෙයින් සැදැහැතියහුට ශ්‍රද්ධාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සැදැහැතියේ ශ්‍රද්ධාකථාව කරණු ලබත් ම කෝප විසින් නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, දළව නැග නො සිටී. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙම එ සිල්සපුව තමා තුළ ම දක්නේ ය. එ හේතුකොට ගෙණ ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ශ්‍රද්ධාවත්හට ශ්‍රද්ධාකථාව සුකථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, සීලවතො සීලකථා සුකථා? සීලවා භික්ඛවෙ, සීලකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථීයති, න කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, සීලසම්පදං අත්තනි සම්පස්සති.{1} ලභති ච තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා සීලවතො සීලකථා සුකථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් සිල්වත්හට ශීලකථාව සුකථා වේ ය යත්: මහණෙනි, සිල්වත් තැනැත්තේ ශීලකථා කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝපය හා ද්වේෂය හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙතෙමේ එ ශීලසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් සිල්වත්හට ශීලකථාව සුකථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, බහුස්සුතස්ස බාහුසච්චකථා සුකථා? බහුස්සුතො භික්ඛවෙ, බාහුසච්චකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථීයති, න කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, සුතසම්පදං අත්තනි සම්පස්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා බහුස්සුතස්ස බාහුසච්චකථා සුකථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් බහුශ්‍රැතයාහට බහුශ්‍රැතභාවය පිළිබඳ කථාව සුකථා වේය යත්: මහණෙනි, බහුශ්‍රුත තෙමේ බාහුශ්‍රැත්‍යකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කරයි. එ කවර හෙයින යත්: මහණෙනි, හෙ තෙමේ එ ශ්‍රැතසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් බහුශ්‍රැතයාට බාහුශ්‍රැත්‍යකථාව සුකථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, චාගවතො චාගකථා සුකථා? චාගවා භික්ඛවෙ, චාගකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථීයති, න කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තං හි සො භික්ඛවෙ, චාගසම්පදං අත්තනි සම්පස්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා චාගවතො චාගකථා සුකථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ත්‍යාගවත් පුද්ගල ත්‍යාගකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කෙරෙයි. එ කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ත්‍යාගසම්පද් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ත්‍යාගවත්හට ත්‍යාගකථාව සුකථායෙකි.
Pali BJTකස්මා ච භික්ඛවෙ, පඤ්ඤවතො පඤ්ඤාකථා සුකථා? පඤ්ඤවා භික්ඛවෙ, පඤ්ඤාකථාය කච්ඡමානාය නාභිසජ්ජති න කුප්පති න ව්යාපජ්ජති න පතිත්ථීයති, න කොපං ච දොසං ච අප්පච්චයං ච පාතුකරොති. තං කිස්ස හෙතු? තඤ්හි සො භික්ඛවෙ, පඤ්ඤාසම්පදං අත්තනි සම්පස්සති. ලභති ච තතො නිදානං පීතිපාමුජ්ජං. තස්මා පඤ්ඤාවතො පඤ්ඤාකථා සුකථා.
Sinhala BJTමහණෙනි, කවර හෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථාව සුකථා වේ ය යත්: මහණෙනි, ප්‍රඥාවත් තැනැත්තේ ප්‍රඥාකථාව කරණු ලබත් ම නො ලැගෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද නො වෙයි, කොපයත් ද්වේෂයත් අප්‍රත්‍යයත් පාළ නො කරයි. කවර හෙයින යත්: මහණෙනි, හේ ඒ ප්‍රඥාසම්පත් තමා කෙරෙහි ලා දක්නේ ය. එ හේතුයෙන් ප්‍රීතිප්‍රමෝදය ද ලබන්නේ ය. එහෙයින් ප්‍රඥාවත්හට ප්‍රඥාකථා සුකථායෙකි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ පඤ්චන්නං පුග්ගලානං කථා සුකථා පුග්ගලං පුග්ගලං උපනිධායාති.
Sinhala BJTමහණෙනි, මෙ පස් පුඟුලනට ඒ ඒ පුඟුල්හු සඳහා කරණ කථා සුකථා වේ යයි.
Pali BJT5. 4. 1. 8.
Sinhala BJT5. 4. 1. 8.
Pali BJT[සාරජ්ජ සුත්තං]
Sinhala BJT[සාරජ්ජ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු සාරජ්ජං ඔක්කන්තො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT8. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ නිස්තේජස්කභාවයට පැමිණියේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අස්සද්ධො හොති, දුස්සීලො හොති, අප්පස්සුතො හොති, කුසීතො හොති, දුප්පඤ්ඤො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශ්‍රද්ධ වෙයි, දුශ්ශීල වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සාරජ්ජං ඔක්කන්තො හොති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ (ශාරද්‍යයට) නිස්තේජස්කභාවයට පැමිණියේ වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු විසාරදො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ විශාරද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, සීලවා හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රාරබ්ධවීර්‍ය්‍ය වෙයි, ප්‍රඥා ඇතියේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු විසාරදො හොතීති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත මහණ විශාරද වේ යයි.
Pali BJT5. 4. 1. 9.
Sinhala BJT5. 4. 1. 9.
Pali BJT[උදායීසුත්තං]
Sinhala BJT[උදායී සූත්‍රය]
Pali BJT9. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී මහතියා ගිහීපරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති. අද්දසා ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං උදායිං මහතියා ගිහීපරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වාන{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ආයස්මා භන්තෙ උදායී මහතියා ගිහීපරිසාය පරිවුතො ධම්මං දෙසෙතීති.
Sinhala BJT9. මා විසින් මෙසෙයින් අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහිපිරිසක් විසින් පිරිවරණ ලද්දාහු ධර්‍ම දේශනා කරමින් හුන්නාහු වෙත්. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මහත් ගිහිපිරිස් විසින් පිරිවරණ ලදු වැ දම් දෙසමින් හුන් ආයුෂ්මත් උදායී තෙරුන් දුටහ. දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත් පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, ආයුෂ්මත් උදායී තෙරණුවෝ මහ ගිහි පිරිස් විසින් පිරිවරණ ලද්දාහු දම් දෙසත්හ”යි.
Pali BJTන ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බො. කතමෙ පඤ්ච:
Sinhala BJTආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ මැ යි. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරණුවහු විසින් තමා තුළ ධර්‍ම පසක් එළවාගෙණ මෙරමාහට දම් දෙසිය යුතු. කවර පසෙක යත්:
Pali BJTආනුපුබ්බීකථං{2} කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. පරියායදස්සාවී කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බා. අනුද්දයතං පටිච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. න ආමිසන්තරො කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො. අත්තානං ච පරං ච අනුපහච්ච කථං කථෙස්සාමීති පරෙසං ධම්මො දෙසෙතබ්බො.
Sinhala BJT‘ආනුපූර්වී (පිළිවෙළ) කථාව කියන්නෙමි’ යි පරහට ධර්‍මය දෙසිය යුතු. ‘පර්‍ය්‍යාය (කරුණු) දක්වන්නෙම් කථා කියන්නෙමි’ යි පරහට දම් දෙසිය යුතු. ‘අනුකම්පා පිණිස ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘ලාභාපේක්‍ෂා නැතියෙම් ධර්‍මකථා කියන්නෙමි’යි පරහට දම් දෙසිය යුතු. ‘තමා හා මෙරමා හා නො ඝටා ධර්‍මකථා කියන්නෙමි’යි පරහට ධර්‍මය දෙසිය යුතු.
Pali BJTන ඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දෙසෙතුං. පරෙසං ආනන්ද ධම්මං දෙසෙන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරෙසං ධම්මො දෙසෙතබ්බොති.
Sinhala BJTආනන්‍දයෙනි, පරහට දම් දෙසනු සුකර නො වේ. ආනන්‍දයෙනි, පරහට ධර්‍මදේශනා කරන්නහු විසින් මෙ ධර්‍ම පස තමා තුළ එළවා පරහට ධර්‍මය දෙසිය යුතු යි.
Pali BJT5. 4. 1. 10.
Sinhala BJT5. 4. 1. 10.
Pali BJT[දුප්පටිවිනොදයසුත්තං]
Sinhala BJT[දුප්පටිවිනෝදය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. පඤ්චිමෙ භික්ඛවෙ උප්පන්නා දුප්පටිවිනොදයා. කතමෙ පඤ්ච:
Sinhala BJT10. මහණෙනි, මෙ කරුණු පසෙක් උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. කවර පසෙක යත්:
Pali BJTඋප්පන්නො රාගො දුප්පටිවිනොදයො. උප්පන්නො දොසො දුප්පටිවිනොදයො. උප්පන්නො මොහො දුප්පටිවිනොදයො. උප්පන්නං පටිභානං දුප්පටිවිනොදයං. උප්පන්නං ගමිකචිත්තං දුප්පටිවිනොදයං.
Sinhala BJTරාගය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. ද්වේෂය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. මෝහය උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ප්‍රතිභානය දුකසේ දුරැලිය හෙන්නේ ය. උපන් ගමික චිත්තය දුකසේ දුරැලිය හෙන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච උප්පන්නා දුප්පටිවිනොදයාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පස උපන්නේ දුකසේ දුරැලිය හෙන්නේ යයි.
Pali BJTසද්ධම්මවග්ගො පඨමො.
Sinhala BJTසද්ධම්මවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTතයො සද්ධම්ම නියාමා තයො සද්ධම්ම සම්මොසා දුක්කථා සාරජ්ජං චෙව{3} උදායී දුබ්බිනොදයෙ.
Sinhala BJTසද්ධම්මනියාම සූත්‍ර තුණෙක, සද්ධම්මසම්මෝස සූත්‍ර තුණෙක, දුක්කථා සූත්‍රය, සාරජ්ජ සූත්‍රය, උදායී සූත්‍රය, දුප්පටිවිනෝදය සූත්‍රය දැයි දසයෙකි.
Pali BJT2. ආඝාතවග්ගො
Sinhala BJT2. ආඝාත වර්‍ගය
Pali BJT5. 4. 2. 1.
Sinhala BJT5. 4. 2. 1.
Pali BJT[පඨම ආඝාතපටිවිනයසුත්තං]
Sinhala BJT[පළමුවන ආඝාතපටිවිනය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. පඤ්චිමෙ භික්ඛවෙ, ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච:
Sinhala BJT11. මහණෙනි, යම් අරමුණෙක්හි මහණක්හට උපන් ආඝාතය (ද්වේෂය) සර්‍වප්‍රකාරයෙන් දුරුකටයුතු වේ නම්, එබඳු වූ මේ ආඝාතපටිවිනය (උපාය) යෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTයස්මිං භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, මෙත්තා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTමහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය (ත්‍රික චතුෂ්කධ්‍යාන වශයෙන්) භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු යි.
Pali BJTයස්මිං භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, කරුණා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTමහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි කරුණා භැවියැ යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි උපන් ආඝාතය දුරැලිය යුතු.
Pali BJTයස්මිං භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, උපෙක්ඛා තස්මිං පුග්ගලෙ භාවෙතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTමහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුඟුල් කෙරෙහි උපේක්‍ෂාව (චතුර්‍ත්‍ථධ්‍යානවශයෙන්) වැඩිය යුතු. මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
Pali BJTයස්මිං භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, අසති අමනිසිකාරො තස්මිං පුග්ගලෙ ආපජ්ජිතබ්බො. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTමහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, අසති අමනසිකාරය (නොසිහි නො මෙනෙහි කිරීම) එ පුද්ගලයා කෙරෙහි එළැවියැ යුතුයි. මෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
Pali BJTයස්මිං භික්ඛවෙ, පුග්ගලෙ ආඝාතො ජායෙථ, කම්මස්සකතා තස්මිං පුග්ගලෙ අධිට්ඨාතබ්බා: “කම්මස්සකො අයමායස්මා{1} කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො. යං කම්මං කරිස්සති කල්යාණං වා පාපකං වා, තස්ස දායාදො භවිස්සතී”ති. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTමහණෙනි, යම් පුද්ගලයකු කෙරෙහි ආඝාතය උපදනේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කර්‍මස්වකතාව මෙනෙහි කළයුතු: “මේ ආයුෂ්මත් කර්‍මස්වක (කර්‍මය ස්වකීය කොට ඇත්තේ) කර්‍මදායාද (කර්‍මය විසින් දෙන ලද විපාක කොටස ගන්නේ) වෙයි. කර්‍මයෝනි (කර්‍මය ම හේතු කොට ඇත්තේ) වෙයි. කර්‍මබන්‍ධු වෙයි. කර්‍මප්‍රතිසරණ (කර්‍මය පිළිසරණ කොට ඇත්තේ) වෙයි. කලණ වේවයි ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරේ නම්, එයට දායාද (විපාක කොටස ගන්නෙක්) වන්නේ ය” යි. මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බොති.
Sinhala BJTමහණෙනි, යම් අරමුණෙක මහණහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ ඒ ආඝාතපටිවිනය පස යි.
Pali BJT5. 4. 2. 2.
Sinhala BJT5. 4. 2. 2.
Pali BJT[දුතිය ආඝාතපටිවිනයසුත්තං]
Sinhala BJT[දෙවැනි ආඝාතපටිවිනය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි ආවුසො භික්ඛවොති.{2} ආවුසොති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT12. එ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ‘ආයුෂ්මත් මහණෙනි’ යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘ඇවැත්නි’ යි එ මහණහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්හට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
Pali BJTපඤ්චිමෙ ආවුසො, ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බො. කතමෙ පඤ්ච:
Sinhala BJTඇවැත්නි, යම් අරමුණෙක භික්‍ෂූහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, එ බඳු ආඝාතපටිවිනය පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධාවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධවචීසමාචාරො. එවරූපෙපි ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. ඇවැත්නි, මෙ බඳු පුඟුල් කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
Pali BJTඉධ පන ආවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො හොති පරිසුද්ධකායසමාචාරො. එවරූපෙපි ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ පිරිසිදු කායසමාචාර ඇති වෙයි. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
Pali BJTඉධ පන ආවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති අපරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ වෙයි. කලින් කල ශමථවිදර්‍ශනා චිත්තයාගේ (ඉපදීමට අවකාශ යයි කියන ලද) විවරය හා පහන්බව හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
Pali BJTඉධ පන ආවුසො, එකච්චො පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො හොති අපරිසුද්ධවචීසමාචාරො, න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේත්, නො පිරිසිදු වාක්සමාචාර ඇතියේත් වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය හා චිත්තයාගේ ප්‍රසන්නභාවය නො ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
Pali BJTඉධ පන ආවුසො, එකච්චො පුග්ගලො පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං, චෙතසො පසාදං. එවරූපෙපි ආවුසො, පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ ද, පිරිසිදු වාක්සමාචාර ඇතියේ ද වෙයි. කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශ හා චිත්තයාගේ ප්‍රසන්නභාවය හා ලබන්නේ ය. ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහිදු ආඝාතය දුරැලිය යුතු.
Pali BJTතත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො?
Sinhala BJTඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ, පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, කෙසේ එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය යත්:
Pali BJTසෙය්යථාපි ආවුසො, භික්ඛු පංසුකූලිකො රථියාය නන්තකං දිස්වා වාමෙන පාදෙන නිග්ගහෙත්වා{1} දක්ඛිණෙන පාදෙන විත්ථාරෙත්වා{2} යො තත්ථ සාරො තං පරිපාටෙත්වා{3} ආදාය පක්කමෙය්ය; එවමෙව ඛො ආවුසො,{4} ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, යාස්ස අපරිසුද්ධකායසමාචාරතා, න සාස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යා ච ඛ්වාස්ස පරිසුද්ධවචීසමාචාරතා, සාස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, යම්සේ පාංශුකූලික මහණෙක් වීථියෙහි මහලු පිළීකඩක් දැක වම්පසින් ඇක්ම දකුණුපසින් විදහා එහි යම් සාරයෙක් වේ නම්, එය ඉරාගෙණ යන්නේ වේ ද; ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ වේ නම්, එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරතායෙක් වේ ද, එ මෙනෙහි නො කටයුතු. ඔහුගේ යම් පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි එ මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
Pali BJTතත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධකායසමාචාරො, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො?
Sinhala BJTඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
Pali BJTසෙය්යථාපි ආවුසො, පොක්ඛරණී සෙවාලපණකපරියොනද්ධා, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා උභොහි හත්ථෙහි ඉතිචිතිච සෙවාලපණකං අපබ්යූහිත්වා{5} අඤ්ජලිනා පිවිත්වා පක්කමෙය්ය, එවමෙව ඛො ආවුසො ය්වායං පුග්ගලො අපරිසුද්ධවචීසමාචාරො පරිසුද්ධකායසමාචාරො, යාස්ස අපරිසුද්ධවචීසමාචාරතා, න සාස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යා ච ඛ්වාස්ස පරිසුද්ධකායසමාචාරතා, සාස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, යම්සේ සෙවෙල් හා පණකසෙවෙලින් වැකුණු පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ පවස් ඇති දියෙබානු කැමැති පුරුෂයෙක් එන්නේ වේ ද, හේ එ පොකුණට බැස දෑතින් සෙවෙල් හා පණක (නිල්වන් පත් - දිය පරැඬල්) සෙවෙල් ඔබමොබ පිහිරාපියා ඇදිලියෙන් (දොහොතින්) පැන් බී නික්මයන්නේ වේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම යම් පුද්ගලයෙක් නොපිරිසිදු වාක්සමාචාර ඇතියේ, පිරිසිදු කායසමාචාර ඇතියේ වේ ද, ඔහුගේ යම් නොපිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, එ කල්හි ඔහුගේ එ වාක්සමාචාරය මෙනෙහි නොකොට යුතු ය. ඔහුගේ යම් පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි කටයුතු. මෙසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
Pali BJTතත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො?
Sinhala BJTඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශය ද චිත්තප්‍රසාදය ද ලබා නම්, කිසෙයින් එ පුද්ගලයා කෙරෙහි ආඝාත දුරැලිය යුතු ය යත්:
Pali BJTසෙය්යථාපි ආවුසො පරිත්තං ගොපදකෙ{1} උදකං, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො. තස්ස එවමස්ස: “ඉදං ඛො පරිත්තං ගොපදකෙ උදකං, ස්වාහං අඤ්ජලිනා වා පිවිස්සාමි භාජනෙන වා, ඛොභෙස්සාමීපි තං, ලොළෙස්සාමීපි තං, අපෙය්යම්පි තං කරිස්සාමි. යන්නූනාහං චතුගුණ්ඩිකො{2} නිපතිත්වා ගොපීතකං පිවිත්වා පක්කමෙය්යන්ති. සො චතුගුණ්ඩිකො නිපතිත්වා ගොපීතකං පිවිත්වා පක්කමෙය්ය. එවමෙව ඛො ආවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො, අපරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාස්ස අපරිසුද්ධකායසමාචාරතා, න සාස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යාපිස්ස අපරිසුද්ධවචීසමාචාරතා, න සාපිස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යං ච ඛො සො ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තදෙවස්ස{3} තස්මිං සමයෙ මනසිකාතබ්බං. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, යම් සෙයෙකින් කුඩා ගොකුරෙක (හරක්කුර වළක) දියත්තෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මඟ විඩාපත් වූ හටගත් පවස් ඇති දියබොනු කැමැති පුරුෂයෙක් එන්නේ නම්, ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ය: “කුඩා ගෝපදවළුයෙහි මේ මඳ දියත්තෙක, ඉදින් මම එය ඇඳිලියෙන් හෝ බඳුනෙකින් හෝ ගෙණ බොන්නෙම් නම්, එය කළඹනු යෙම් ද අළලනුයෙම් ද නොපියහෙනු කරනුයෙම් ද වෙමි. මම චතුගුණ්ඩික ව හෙවැ (දෙදනිනුදු දෙ අතිනුදු බිම හෙවැ) ගවයකු සෙයින් මුවින් හැද බී නික්මයෙම් නම් මැනැවැ” යි. හේ චතුගුණ්ඩික ව හෙවැ ගවයකු සෙයින් මුවින් හැදැ දිය බී නික්ම යන්නේ ද, ඇවැත්නි, එ පරිදි ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ කලින් කල චිත්තයාගේ අවකාශ හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ ද, ඔහුගේ යම් නො පිරිසිදු කායසමාචාරභාවයෙක් වේ නම්, එකල්හි ඔහුගේ එ කායසමාචාරය මෙනෙහි නොකට යුතු ය. එ කල්හි ඔහුගේ යම් නො පිරිසිදු වාක්සමාචාරභාවයෙක් වේ නම්, එ ද මෙනෙහි නොකටයුතු ය. හේ කලින් කල යම් චිත්තයාගේ ශමථවිදර්‍ශනාවකාශයක් හා චිත්තප්‍රසාදයක් හා ලබා නම්, එකල්හි ඔහුගේ එය ම මෙනෙහි කටයුතු. ඇවැත්නි, මෙසෙයින් එ පුඟුල් කෙරෙහි ආඝාතය දුරැලිය යුතු ය.
Pali BJTතත්රාවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො?
Sinhala BJTඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තවිවරයක් හා චිත්තප්‍රසාදයක් හා නො ලබා නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
Pali BJTසෙය්යථාපි ආවුසො, පුරිසො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො අද්ධානමග්ගපටිපන්නො, තස්ස පුරතො පිස්ස දූරෙ ගාමො, පච්ඡතො පිස්ස දූරෙ ගාමො, සො න ලභෙය්ය සප්පායානි භොජනානි, න ලභෙය්ය සප්පායානි භෙසජ්ජානි, න ලභෙය්ය පතිරූපං උපට්ඨාකං, න ලභෙය්ය ගාමන්තනායකං. තමෙනං අඤ්ඤතරො පුරිසො පස්සෙය්ය අද්ධානමග්ගපටිපන්නො. සො තස්මිං පුරිසෙ කාරුඤ්ඤං යෙව උපට්ඨාපෙය්ය, අනුද්දයං යෙව උපට්ඨාපෙය්ය, අනුකම්පංයෙව උපට්ඨාපෙය්ය: “අහොවතායං පුරිසො ලභෙය්ය සප්පායානි භොජනානි, ලභෙය්ය සප්පායානි භෙසජ්ජානි, ලභෙය්ය පතිරූපං උපට්ඨාකං, ලභෙය්ය ගාමන්තනායකං. තං කිස්ස හෙතු? මායං පුරිසො ඉධෙව අනයව්යසනං ආපජ්ජති{4} එවමෙව ඛො ආවුසො, ය්වායං පුග්ගලො අපරිසුද්ධකායසමාචාරො අපරිසුද්ධවචීසමාචාරො, න ච ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, එවරූපෙපි ආවුසො, පුග්ගලෙ කාරුඤ්ඤං එව උපට්ඨාපෙතබ්බං, අනුද්දයායෙව උපට්ඨාපෙතබ්බා, අනුකම්පායෙව උපට්ඨාපෙතබ්බා. “අහොවතායං ආයස්මා{5} කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙය්ය, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙය්ය, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙය්ය, තං කිස්ස හෙතු? මායං ආයස්මා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජී”ති.{6} එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො.
Sinhala BJTඇවැත්නි, යම්සේ විෂභාගාබාධ ඇති දුකට පත් දැඩි ගිලන්බව් ඇති පුරුෂයෙක් දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නේ වේ ද, ඔහුට ඉදිරියෙහිදු ග්‍රාමය දුර වෙයි. ඔහුට පසුපස්හිදු ග්‍රාමය දුර වෙයි. හේ සත්ප්‍රායභෝජන නො ලබන්නේ ය. සත්ප්‍රාය බෙහෙසද් ද නො ලබන්නේ ය. අනුරූප උපස්ථායකයකු ද නො ලබන්නේ ය. ග්‍රාමාන්තයට පමුණුවන්නකු ද නො ලබන්නේ ය. අද්ධාන මාර්‍ගයට පිළිපන් අන්‍යතර පුරුෂයෙක් ඔහු දක්නේ ය. හේ එ පුරුෂයා කෙරෙහි කාරුණ්‍යය ම එළවන්නේ ය, අනුද්දයාව ම එළවන්නේ ය, අනුකම්පාව ම එළවන්නේ ය: “මෙ පුරිස් සත්ප්‍රාය භෝජනය ලබන්නේ වේ නම්, සත්ප්‍රාය භෛෂජ්‍ය ලබන්නේ වේ නම්, අනුරූප උපස්ථායකයකු ලබන්නේ වේ නම්, ගමට පමුණුවන්නකු ලබන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මෙ පුරිස් මෙ තන්හි මැ අනයව්‍යසනයට (විපතට) නහමක් පැමිණේව” යි. ඇවැත්නි, එසෙයින් ම යම් පුද්ගලයෙක් නො පිරිසිදු කායසමාචාර ඇතියේ නො පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවරයක් හා චිත්තයාගේ ප්‍රසාදයක් හා නො ද ලබන්නේ වේ නම්, ඇවැත්නි, මෙ බඳු පුද්ගලයා කෙරෙහි දු කරුණාව ම ඉපදවිය යුතු, අනුද්දයාව ම එළැවිය යුතු, අනුකම්පාව ම එළැවිය යුතු: “මේ ආයුෂ්මත් කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩන්නේ වේ නම්, වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩන්නේ වේ නම්, මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩන්නේ වේ නම්, මැනැව. එ කවර හෙයින යත්: මේ ආයුෂ්මත් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො වදනේ වේ නම්, ඉතා මැනැවැ”යි. ඇවැත්නි, මෙසේ එ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු.
Pali BJTතත්රාවුසො, ය්වායං පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, කථං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො?
Sinhala BJTඇවැත්නි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇතියේ පිරිසිදු වාක්සමාචාර ඇතියේ, කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ නම්, එ පුද්ගලයා කෙරෙහි කෙසේ ආඝාතය දුරැලිය යුතු ය යත්:
Pali BJTසෙය්යථාපි ආවුසො, පොක්ඛරණී අච්ඡොදිකා සාතොදිකා සීතොදිකා සෙතකා සුපතිත්ථා රමණීයා නානාරුක්ඛෙහි සඤ්ඡන්නා, අථ පුරිසො ආගච්ඡෙය්ය ඝම්මාභිතත්තො ඝම්මපරෙතො කිලන්තො තසිතො පිපාසිතො සො තං පොක්ඛරණිං ඔගාහෙත්වා නහාත්වා ච පිවිත්වා ච පච්චුත්තරිත්වා තත්ථෙව රුක්ඛච්ඡායාය නිසීදෙය්ය වා නිපජ්ජෙය්ය වා, එවමෙව ඛො ආවුසො, ය්වායං පුග්ගලො පරිසුද්ධකායසමාචාරො පරිසුද්ධවචීසමාචාරො, ලභති ච කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, යාපිස්ස පරිසුද්ධකායසමාචාරතා, සාපිස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යාපිස්ස පරිසුද්ධවචීසමාචාරතා සාපිස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බා. යම්පි සො ලභති කාලෙන කාලං චෙතසො විවරං චෙතසො පසාදං, තම්පිස්ස තස්මිං සමයෙ මනසිකාතබ්බං. එවං තස්මිං පුග්ගලෙ ආඝාතො පටිවිනෙතබ්බො. සමන්තපාසාදිකං ආවුසො පුග්ගලං ආගම්ම චිත්තං පසීදති.
Sinhala BJTඇවැත්නි, යම්සේ පහන්දිය ඇති මියුරු දිය ඇති සිහිල් දිය ඇති සුදු වැලිතලා ඇති මනා තොට ඇති සිත්කලු වූ නන්රුකින් ගැවසීගත් පොකුණෙක් වේ නම්, එකල්හි ගිමින් තැවුනු ගිමින් මැඩුනු මං වෙහෙස ඇති පවස් ඇති දිය බොනු කැමැති පුරුෂයෙක් එන්නේ ය. හේ එ පොකුණට බැස ස්නාන ද කොට ජලපානය ද කොට පෙරළා ගොඩ අවුත් එ ම රුක්සෙවණෙහි හිඳිනේ හෝ හෝනේ හෝ වෙයි. එසෙයින් ම ඇවැත්නි, යම් පුද්ගලයෙක් පිරිසිදු කායසමාචාර ඇත්තේ පිරිසිදු වාක්සමාචාර ඇත්තේ කලින් කල චිත්තයාගේ විවර හා චිත්තයාගේ ප්‍රසාද හා ලබන්නේ වේ ද, ඔහුගේ යම් බඳු පරිශුද්ධකායසමාචාරතායෙක් වේ නම්, එ සමයෙහි ඔහුගේ එ පිරිසිදු කායසමාචාරය ම මෙනෙහි කටයුතු ය. ඔහුගේ යම්බඳු පිරිසිදු වාක්සමාචාරතායෙක් වේ නම්, ඔහුගේ එ ද එ සමයෙහි මෙනෙහි කටයුතු ය. කලින් කල හේ චිත්තයාගේ යම් විවරයකුත් චිත්තයාගේ යම් ප්‍රසාදයකුත් ලබා නම්, එ කල්හි ඔහුගේ එ ද මෙනෙහි කටයුතු ය. මෙසේ ඒ පුද්ගලයා කෙරෙහි ආඝාතය දුරැලිය යුතු වන්නේ ය. ඇවැත්නි, සමන්තපාසාදික පුඟුල් කරා එළඹ සිත පහදනේ ය.
Pali BJTඉමෙ ඛො ආවුසො පඤ්ච ආඝාතපටිවිනයා යත්ථ භික්ඛුනො උප්පන්නො ආඝාතො සබ්බසො පටිවිනෙතබ්බොති.
Sinhala BJTඇවැත්නි, යම් අරමුණෙක්හි භික්‍ෂුහට උපන් ආඝාතය සර්‍වප්‍රකාරයෙන් දුරැලිය යුතු වේ නම්, මේ එ බඳු ආඝාතපටිවිනය පස යි.
Pali BJT5. 4. 2. 3.
Sinhala BJT5. 4. 2. 3.
Pali BJT[සාකච්ඡාසුත්තං]
Sinhala BJT[සාකච්ඡා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි: ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT13. එ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූහ. ‘ඇවැත්නි’යි එ භික්‍ෂූහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්සූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කරුණ වදාළහ:
Pali BJTපඤ්චහාවුසො ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාකච්ඡො සබ්රහ්මචාරීනං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTඇවැත්නි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධාවුසො, භික්ඛු අත්තනා ච සීලසම්පන්නො හොති, සීලසම්පදාකථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච සමාධිසම්පන්නො හොති, සමාධිසම්පදාකථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පඤ්ඤාසම්පදාකථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති, විමුත්තිසම්පදාකථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, විමුත්තිඤාණදස්සනසම්පදාකථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති.
Sinhala BJTඇවැත්නි, මෙ සස්නෙහි මහණ, තෙමේත් සිල්සපන් වෙයි, ශීලසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, සමාධිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, ප්‍රඥා සම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පද් කථා පිළිබඳ පැමිණි ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො ආවුසො, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාකච්ඡො සබ්රහ්මචාරීනන්ති.
Sinhala BJTඇවැත්නි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුන්ගේ සාකච්ඡාවට නිසි වේ ය යි.
Pali BJT5. 4. 2. 4.
Sinhala BJT5. 4. 2. 4.
Pali BJT[සාජීවසුත්තං]
Sinhala BJT[සාජීව සූත්‍රය]