Pali BJTන කම්මන්තං කාරෙති, න අධිකරණං ආදියති, න පාමොක්ඛෙසු භික්ඛුසු පටිවිරුද්ධො හොති, න දීඝචාරිකං අනවත්ථිතචාරිකං අනුයුත්තො විහරති, පටිබලො හොති කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං.
Sinhala BJTකර්‍මාන්ත නොකරවන්නේ ය. අධිකරණ නොගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි ප්‍රතිවිරුද්ධ නොවන්නේ ය. දීර්‍ඝචාරිකායෙහිත් යදාච්ඡාරිකායෙහිත් නොයෙදී වසන්නේ ය. කලින් කල දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කරවන්නට සමාදන් කරවන්නට සමුත්තේජන කරවන්නට සම්ප්‍රහර්‍ෂණ කරවන්නට ප්‍රතිබල වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛුමිත්තො සෙවිතබ්බොති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ යි.
Pali BJT5. 3. 5. 7.
Sinhala BJT5. 3. 5. 7.
Pali BJT[අසප්පුරිසදානසුත්තං]
Sinhala BJT[අසප්පුරිස දාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. පඤ්චිමානි භික්ඛවෙ අසප්පුරිසදානානි. කතමානි පඤ්ච:
Sinhala BJT47. මහණෙනි, මේ අසත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅසක්කච්චං දෙති, අචිත්තීකත්වා දෙති, අසහත්ථා දෙති, අපවිද්ධං දෙති, අනාගමනදිට්ඨිකො දෙති.
Sinhala BJTනො සකසා දෙයි. (ගෞරවයෙන්) සලකා නො දෙයි. සියතින් නො දෙයි. පටිවිද්ධයක් (ඉවත ලන්නක්) සෙයින් දෙයි හෝ නිතර නො දෙයි. අනාගමනදෘෂ්ටික (කර්‍මඵලවිපාක ඇදැහීම නැති) ව දෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අසප්පුරිසදානානි.
Sinhala BJTමහණෙනි, මෙ පස අසත්පුරුෂදාන යි.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසක්කච්චං දෙති, චිත්තීකත්වා දෙති, සහත්ථා දෙති, අනපවිද්ධං දෙති, ආගමනදිට්ඨිකො දෙති.
Sinhala BJTසකසා දෙයි. ගරු කොට දෙයි. සියතින් දෙයි. නිරතුරු කොට දෙයි. ආගමනදෘෂ්ටි ඇති ව දෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සප්පුරිසදානානීති.
Sinhala BJTමහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
Pali BJT5. 3. 5. 8.
Sinhala BJT5. 3. 5. 8.
Pali BJT[සප්පුරිසදාන සුත්තං]
Sinhala BJT[සප්පුරිස දාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. පඤ්චිමානි භික්ඛවෙ සප්පුරිසදානානි. කතමානි පඤ්ච:
Sinhala BJT48. මහණෙනි, මෙ සත්පුරුෂදාන පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසද්ධාය දානං දෙති, සක්කච්චං දානං දෙති, කාලෙන දානං දෙති, අනග්ගහිතචිත්තො{1} දානං දෙති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දෙති.
Sinhala BJTශ්‍රද්ධායෙන් දන් දෙයි. සකසා දන් දෙයි. නිසි කල්හි දන් දෙයි. දෙන දැයෙහි සිත් බැඳුම් නැතිව (මුත්තචාගීව) දන් දෙයි. තමා ද මෙරමා ද නො පෙළා (ගුණ නොමකා) දන් දෙයි.
Pali BJTසද්ධාය ඛො පන භික්ඛවෙ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. අභිරූපො ච හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො.
Sinhala BJTමහණෙනි, සැදැහැයෙන් දන් දී යම් යම් ම තැනෙක එ දානයාගේ විපාක උපදනේ නම්, මහාධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ දැකුම්කලු වූයේ පහන් එළවන සුලුයේ අභිරූප ද වෙයි.
Pali BJTසක්කච්චං ඛො පන භික්ඛවෙ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි සුස්සූසන්ති, සොතං ඔදහන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති.
Sinhala BJTමහණෙනි, සකසා දන් දීම යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන ඇතියේ මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. පුත්‍රයෝ වෙත්ව යි, අඹුහු වෙත්ව යි, දාසයෝ වෙත්ව යි, කම්කරුහු වෙත්ව යි, ඔහට යම් (පිරිවර) කෙනෙක් වෙත් නම්, ඔහු ද ශුශ්‍රෑෂා කෙරෙති (කීකරු වෙති). කන් යොමු කෙරෙති. දැනුම් සඳහා සිත් එළවත්.
Pali BJTකාලෙන ඛො පන භික්ඛවෙ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. කාලාගතා චස්ස අත්ථා පචුරා හොන්ති.
Sinhala BJTමහණෙනි, නිසි කල්හි දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. නිසි කල්හි ලත් ඔහුගේ අර්‍ත්‍ථයෝ ප්‍රචුර වෙත්.
Pali BJTඅනග්ගහිතචිත්තො ඛො{1} පන භික්ඛවෙ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. උළාරෙසු ච පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති.
Sinhala BJTමහණෙනි, දෙන දැයෙහි නොබැඳසිත් ඇති ව දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාක උපදනේ නම්, මහද්ධන මහාභෝග වූයේ ආඪ්‍ය ද වෙයි. උදාර වූ පස්කම්ගුණ වළඳ කරුණු සඳහා සිත් නැමෙයි.
Pali BJTඅත්තානඤ්ච පරඤ්ච අනුපහච්ච ඛො පන භික්ඛවෙ දානං දත්වා යත්ථ යත්ථ තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, අඩ්ඪො ච හොති මහද්ධනො මහාභොගො. න චස්ස කුතොචි භොගානං උපඝාතො ආගච්ඡති අග්ගිතො වා උදකතො වා රාජතො වා චොරතො වා අප්පියදායාදතො වා.{2}
Sinhala BJTමහණෙනි, තමා හා මෙරමා නො ඝටා දන් දී යම් යම් ම තැනෙක ඒ දානයාගේ විපාකය උපදනේ නම්, මහද්ධන මහාභෝග ඇතියේ ආඪ්‍ය ද වෙයි. ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන්ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් (තමන්ට අප්‍රියවූවන්ගෙන්) වේවයි, කිසිවක්හුගෙන් ඔහට භෝගයන්ගේ උපඝාතයෙක් නො එයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සප්පුරිසදානානීති.
Sinhala BJTමහණෙනි, මේ සත්පුරුෂදාන පස යි.
Pali BJT5. 3. 5. 9.
Sinhala BJT5. 3. 5. 9.
Pali BJT[පඨම සමයවිමුත්ත සුත්තං]
Sinhala BJT[පළමුවැනි සමයවිමුත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT49. මහණෙනි, සමයවිමුක්ත (ඒ ඒ ක්‍ෂණයෙහි විෂ්කම්භනවශයෙන් ලෞකිකවිමුක්තියෙන් විමුක්ත සිත් ඇති) මහණුහුගේ පරිහානිය සඳහා මෙ ධර්‍මයෝ පස්දෙනෙක් විද්‍යාමාන වන්නාහ. කවර පස්දෙනෙක් යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති.
Sinhala BJTකර්‍මාරාමතා ය, භාෂ්‍යාරාමතා ය, නිද්‍රාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා නොකරන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෝ සමයවිමුක්ත මහණහුගේ පිරිහීම පිණිස පවතිත්.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTන කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
Sinhala BJTනවකර්‍මාන්තයෙහි නො ඇලීම ය, කථායෙහි නො ඇලීම යි, නිද්‍රායෙහි නො ඇලීම ය, සමූහයන් කෙරෙහි නො ඇලීම ය, යථාවිමුක්තචිත්තය (ඒ ඒ කෙලෙස් යටපත් වීමෙන් සිත මිදුනු අයුරු) ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ යි.
Pali BJT5. 3. 5. 10.
Sinhala BJT5. 3. 5. 10.
Pali BJT[දුතියසමයවිමුත්ත සුත්තං]
Sinhala BJT[දෙවැනි සමයවිමුත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT50. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT50. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් සමයවිමුක්ත භික්‍ෂුහුගේ පරිහානිය සඳහා පවත්නාහ. කවර පසෙක යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා, භොජනෙ අමත්තඤ්ඤුතා.
Sinhala BJTකම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා ය, භෝජනයෙහි අමත්තඤ්ඤූතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්මයෝ සමයවිමුක්ත මහණහුගේ පරිහානිය සඳහා වැටෙත්.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTන කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරතා, භොජනෙ මත්තඤ්ඤුතා.
Sinhala BJTනවකම්හි නො ඇල්ම ය, කථායෙහි නො ඇල්ම ය, නිද්‍රායෙහි නො ඇල්ම ය, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා ය (සංවරය), භෝජනයෙහි මාත්‍රඥතා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍මයෝ පස්දෙන සමයවිමුක්ත මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත් ය යි.
Pali BJTතිකණඩකීවග්ගො පඤ්චමො
Sinhala BJTතිකණ්ඩකිවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදත්වා අවජානාති ආරම්භති ච සාරන්දද තිකණ්ඩකී නිරයෙන ච. මිත්තො අසප්පුරිසසප්පුරිසෙන සමයවිමුත්තං අපරෙ ද්වෙති.
Sinhala BJTඅවජානාති සූත්‍රය, ආරම්භති{*} සූත්‍රය, සාරන්‍දද සූත්‍රය, තිකණ්ඩකී සූත්‍රය, නිරය සූත්‍රය, මිත්ත සූත්‍රය, අසප්පුරිසදාන සූත්‍රය, සප්පුරිසදාන සූත්‍රය, පඨමසමයවිමුත්ත සූත්‍රය, දුතියසමයවිමුත්ත සූත්‍රය දැයි දශයෙකි.
Pali BJTතතියො පණ්ණාසකො සමත්තො.
Sinhala BJTතෙවන පණ්ණාසකය සමාප්ත යි.
Pali BJT4. චතුත්ථො පණ්ණාසකො
Sinhala BJT4. සිවුවැනි පණ්ණාසකය
Pali BJT1. සද්ධම්මවග්ගො
Sinhala BJT1. සද්ධම්ම වර්‍ගය
Pali BJT5. 4. 1. 1.
Sinhala BJT5. 4. 1. 1.
Pali BJT[පඨම සම්මත්තනියාමසුත්තං]
Sinhala BJT[පළමුවැනි සම්මත්තනියාම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT1. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසනුයේ ද කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගැණීමට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTකථං පරිභොති. කථිකං පරිභොති. අත්තානං පරිභොති. වික්ඛිත්තචිත්තො ධම්මං සුණාති අනෙකග්ගචිත්තො. අයොනිසො ච මනසිකරොති
Sinhala BJTකථාවට පරිභව කෙරෙයි. ධර්‍මකථිකයාට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. එකඟ නො වූ සිත් ඇති වැ වික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුනුවණින් මෙනෙහි කරණුයෙක් ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසන්නේ සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTන කථං පරිභොති. න කථිකං පරිභොති. න අත්තානං පරිභොති. අවික්ඛිත්තචිත්තො ධම්මං සුණාති එකග්ගචිත්තො. යොනිසො ච මනසිකරොති.
Sinhala BJTකථාවට පරිභව නො කරයි. කථිකයාට පරිභව නො කරයි. තමාට පරිභව නො කරයි. එකඟසිත් ඇතියේ අවික්‍ෂිප්තචිත්තයෙන් යුක්ත වැ ධර්‍මය අසයි. නුවණින් මෙනෙහි කරණුයේ ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත වැ සද්ධර්‍මය අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාම (ආර්‍ය්‍යමාර්‍ග) යට බස්නට භව්‍ය වේ යයි.
Pali BJT5. 4. 1. 2.
Sinhala BJT5. 4. 1. 2.
Pali BJT[දුතිය සම්මත්තනියාමසුත්තං]
Sinhala BJT[දෙවැනි සම්මත්තනියාම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT2. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මය කෙරෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTකථං පරිභොති. කථිකං පරිභොති. අත්තානං පරිභොති. දුප්පඤ්ඤො හොති ජළො එළමූගො. අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති.
Sinhala BJTකථාවට පරිභව කෙරෙයි. කථිකයාහට පරිභව කෙරෙයි. තමාට පරිභව කෙරෙයි. ජඩවූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වේ.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වැ සදහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බැසගන්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTන කථං පරිභොති. න කථිකං පරිභොති. න අත්තානං පරිභොති. පඤ්ඤවා හොති අජළො අනෙළමූගො න අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති.
Sinhala BJTකථාවට පරිභව නො කෙරෙයි. කථිකයාහට පරිභව නො කෙරෙයි. තමාහට පරිභව නො කෙරෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමට (නියත මාර්‍ගයට) බස්නට භව්‍ය වේ යයි.
Pali BJT5. 4. 1. 3.
Sinhala BJT5. 4. 1. 3.
Pali BJT[තතිය සම්මත්තනියාමසුත්තං]
Sinhala BJT[තුන්වැනි සම්මත්තනියාම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT3. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ සද්ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය නොවේ. කවර පසෙකින යත්:
Pali BJTමක්ඛී ධම්මං සුණාති මක්ඛපරියුට්ඨිතො. උපාරම්භචිත්තො ධම්මං සුණාති රන්ධගවෙසී. ධම්මදෙසකෙ ආහතචිත්තො හොති ඛිලජාතො. දුප්පඤ්ඤො හොති ජළො එළමූගො. අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති.
Sinhala BJTගුණමකු වූයේ ගුණමකුසිතින් මඩනා ලදුයේ ධර්‍මය අසයි. උපාරම්භ චිත්ත (වාද නගන සිත්) ඇතියේ සිදුරු සොයන සුලුයේ ධර්‍මය අසයි. තදබැව් ඇතියේ ධර්‍ම දේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් ඝැටුනු සිතැත්තේ වෙයි. ජඩ වූයේ කෙළතොලු වූයේ දුෂ්ප්‍රඥ වෙයි. නොදත් දැයෙහි ‘දත්මි’ යන මාන ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
Sinhala BJTමහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත වූයේ ධර්‍මය අසන්නේ නමුදු කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට අභව්‍ය වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ දහම් අසන්නේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅමක්ඛී ධම්මං සුණාති න මක්ඛපරියුට්ඨිතො. අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්ධගවෙසී. ධම්මදෙසකෙ අනාහතචිත්තො හොති අඛිලජාතො. පඤ්ඤවා හොති අජළො අනෙළමූගො. න අනඤ්ඤාතෙ අඤ්ඤාතමානී හොති.
Sinhala BJTගුණමකු නො වූයේ ගුණමකු සිතින් නො මැඩුනේ දහම් අසයි. උපාරම්භචිත්ත රහිත වූයේ රන්ඩ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. ධර්‍මදේශකයා කෙරෙහි ක්‍රෝධයෙන් නො ඝැටුනු සිතැතියේ තදබැව් නැතියේ වෙයි. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රඥාවත් වෙයි. නො දත් දැයෙහි ‘දත්මි’ යන මාන නැතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත ව දහම් අසනුයේ කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත නියාමයට බස්නට භව්‍ය වේ යයි.
Pali BJT5. 4. 1. 4.
Sinhala BJT5. 4. 1. 4.
Pali BJT[පඨම සද්ධම්මසම්මොසසුත්තං]
Sinhala BJT[පළමුවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT4. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය (වනඝ) පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න සක්කච්චං ධම්මං සුණන්ති. න සක්කච්චං ධම්මං පරියාපුණන්ති. න සක්කච්චං ධම්මං ධාරෙන්ති. න සක්කච්චං ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. න සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් නො අසති. සකස් කොට දහම් නො පිරිවහති. සකස් කොට දහම් නො ධරති. සකස් කොට ධැරූ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පරීක්‍ෂා නො කරති. සකස් කොට අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත්.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
Sinhala BJTමහෙණනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහයි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සක්කච්චං ධම්මං සුණන්ති. සක්කච්චං ධම්මං පරියාපුණන්ති. සක්කච්චං ධම්මං ධාරෙන්ති. සක්කච්චං ධතානං{1} ධම්මානං අත්ථං උපපරික්ඛන්ති. සක්කච්චං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහු සකස් කොට දහම් අසති. සකස් කොට දහම් පිරිවහති. සකස් කොට දහම් ධරති. සකස් කොට ධැරූ ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සති. සකස් කොට අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මය පිළිපදනා හ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ කාරණයෝ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අවිනාශය පිණිස අතුරුදහන් නොවීම පිණිස පවත්නාහයි.
Pali BJT5. 4. 1. 5.
Sinhala BJT5. 4. 1. 5.
Pali BJT[දුතිය සද්ධම්මසම්මොසසුත්තං]
Sinhala BJT[දෙවැනි සද්ධම්මසම්මෝස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. පඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT5. මහණෙනි, මෙ කාරණයෝ පස්දෙනෙක් සද්ධර්‍මයාගේ විනාශය පිණිස අතුරුදහන පිණිස පවත්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛූ ධම්මං න පරියාපුණන්ති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ධර්‍මය ප්‍රගුණ නො කරත්. මහණෙනි, මේ ප්‍රථම ධර්‍මය සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන්වීම පිණිස පවත්නේය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරෙසං{2} දෙසෙන්ති. අයං භික්ඛවෙ, දුතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට නො දෙසන්නාහ. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන පරෙසං වාචෙන්ති. අයං භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය පරහට විස්තර විසින් වනපොත් නො කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදහන පිණිස පවත්නේය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න විත්ථාරෙන සජ්ඣායං කරොන්ති. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, භික්‍ෂූහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විස්තර විසින් හැදෑරීම් නො කෙරෙත්. මහණෙනි, මෙ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං න චෙතසා අනුවිතක්කෙන්ති, අනුවිචාරෙන්ති, මනසානුපෙක්ඛන්ති. අයං භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ නො කරත්, අනුවිචාරණ නො කරත්. සිතින් අනුප්‍රේක්‍ෂණ නො කරත්. මහණෙනි, මෙ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිය අන්තර්‍ධානය පිණිස පවත්නේය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ කාරණයෝ පස් දෙනෙක් සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදහන් නොවනු පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛූ ධම්මං පරියාපුණන්ති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. අයං භික්ඛවෙ, පඨමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු සූත්‍රය, ගෙයය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූතධර්‍මය, වේදල්ලය යන ශාස්තෘධර්‍මය ප්‍රගුණ කරත්. මහණෙනි, මේ පළමුවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අන්තර්‍ධාන නො වනු පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙන්ති, අයං භික්ඛවෙ, දුතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට දෙසති. මහණෙනි, මේ දෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නේය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං වාචෙන්ති. අයං භික්ඛවෙ, තතියො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් පරහට වනපොත් කරවත්. මහණෙනි, මෙ තෙවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොන්ති. අයං භික්ඛවෙ, චතුත්ථො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් සජ්ඣායනා කෙරෙති. මහණෙනි, මේ සතරවන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛූ යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙන්ති අනුවිචාරෙන්ති මනසානුපෙක්ඛන්ති. අයං භික්ඛවෙ, පඤ්චමො ධම්මො සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණහු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කණ කරත්, අනුවිචාරණය කරත්, සිතින් අනුප්‍රේක්‍ෂා කරත්. මහණෙනි, මේ පස්වන කරුණ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මොසාය අනන්තරධානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ පස්දෙන සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අනන්තර්‍ධානය පිණිස පවත්නාහ යි.
Pali BJT5. 4. 1. 6.
Sinhala BJT5. 4. 1. 6.