Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති රසානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො, ද්වීහි වා තීහි වා චතුහි වා පඤ්චහි වා තිණොදකදත්තීහි විමානිතො න සංසීදති, න විසීදති, සන්ථම්භති, සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති රසානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති රසයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් තණදිය දීමෙකින් වේවයි අපමානිත වූයේ, (තණදිය දීම්) දෙකෙකින් වේවයි තුණෙකින් සතරෙකින් වේවයි තණ දිය දීම් පසෙකින් වේවයි අපමානිත වූයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමාවතරණයට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රසයන් සහනු වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකෙන වා සරවෙධෙන විද්ධො, ද්වීහි වා තීහි වා චතුහි වා පඤ්චහි වා සරවෙධෙහි විද්ධො න සංසීදති, න විසීදති, සන්ථම්භති, සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සමනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ එක් ශරවේධයෙකින් විදුනා ලදුයේ හෝ ශරවේධ දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙයි. සඞ්ග්‍රාමයට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයන් සහනු වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රජුගේ ඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ඒ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුනෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං. ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ශබ්දාලම්බනයන් සහනුයේ වෙයි. ගන්‍ධාලම්බනයන් සහනුයේ වෙයි. රසාලම්බනයන් සහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් සහනුයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ රූපෙ න සාරජ්ජති. සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමො හොති රූපානං.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ රූපයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රජනීය රූපයෙහි නො ඇලෙයි. සිත සමාහිත කිරීමට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ රූපයන් සහනුයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමො හොති සද්දානං? ඉධ භික්ඛවෙ භික්ඛු සොතෙන සද්දං සුත්වා රජනීයෙ සද්දෙ න සාරජ්ජති. සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමො හොති සද්දානං.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ශබ්දයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝත්‍රයෙන් ශබ්දාලම්බන අසා රජනීය ශබ්දාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණට හැකියේ වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ ශබ්දයන් ඉවසනුයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමො හොති ගන්ධානං? ඉධ භික්ඛවෙ භික්ඛු ඝානෙන ගන්ධං ඝායිත්වා රජනීයෙ ගන්ධෙ න සාරජ්ජති. සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමො හොති ගන්ධානං.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ගන්‍ධයන් ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට රජනීය ගන්‍ධාලම්බනයෙහි නො ඇලෙයි. සිත සමාහිත කරණයට හැකියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්‍ධයන් ඉවසනුයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමො හොති රසානං? ඉධ භික්ඛවෙ භික්ඛු ජිව්හාය රසං සායිත්වා රජනීයෙ රසෙ න සාරජ්ජති. සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමො හොති රසානං.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ රසයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රසාලම්බන විඳ රජනීය රසාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණයට හැකි වෙයි. මහණෙනි, මහණ මෙසේ රසයන් ඉවසනුයේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා රජනීයෙ ඵොට්ඨබ්බෙ න සාරජ්ජති. සක්කොති චිත්තං සමාදහිතුං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛමො හොති ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි නො ඇලෙයි. චිත්තය සමාහිත කරණට හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුන්‍යෙය වෙයි. පාහුන්‍යෙය වෙයි. දක්ඛිණ්‍යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
Pali BJT5. 3. 4. 10.
Sinhala BJT5. 3. 4. 10.
Pali BJT[සොතාරසුත්තං]
Sinhala BJT[සෝතාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT40. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රාජකීය මහඇත් රාජාර්‍හ වෙයි, රාජභෝග්‍ය වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා ච හොති, හන්තා ච, රක්ඛිතා ච, ඛන්තා ච, ගන්තා ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් අසන්නේ ද වෙයි, නසන්නේ ද වෙයි, රකින්නේ ද වෙයි, ඉවසන්නේ ද වෙයි, යන්නේ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථී කාරණං කාරෙති යදි වා කතපුබ්බං යදි වා අකතපුබ්බං, තං අට්ඨිකත්වා{1} මනසිකත්වා සබ්බචෙතසො{2} සමන්නාහරිත්වා ඔහිතසොතො සුණාති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො සොතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ මහඇත් ශ්‍රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇත්හු ලවා කළ විරූ වේවයි නොකළ විරූ වේවයි යම් ම කාරණයක් කරවා නම්, එය අර්‍ත්‍ථ කොට (ඕනෑකමින්) මෙනෙහි කොට මුළු සිතින් ආවර්‍ජනා කොට යොමු කළ කන් ඇතිව අසයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ශ්‍රෝතෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිම්පි හන්ති,{3} හත්ථාරුහම්පි හන්ති. අස්සම්පි හන්ති, අස්සාරුහම්පි හන්ති. රථම්පි හන්ති රථියම්පි{4} හන්ති. පත්තිකම්පි හන්ති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො හන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ මහ ඇත් හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඇතු ද නසයි, ඇතැරු ද නසයි, අසු ද නසයි, අසරු ද නසයි, රථය ද නසයි, රථිකයා ද නසයි, පාබළසෙන් ද නසයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් රජ හන්තෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො රක්ඛිතා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො රක්ඛති පුරිමං කායං, රක්ඛති පච්ඡිමං කායං. රක්ඛති පුරිමෙ පාදෙ, රක්ඛති පච්ඡිමෙ පාදෙ. රක්ඛති සීසං, රක්ඛති කාණෙ, රක්ඛති දන්තෙ, රක්ඛති සොණ්ඩං, රක්ඛති වාලධිං, රක්ඛති හත්ථාරුහං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො රක්ඛිතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ මහඇත් රක්‍ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් රණබිමට ගියේ ඉදිරිකය රක්නේ ය, පශ්චිමකාය රක්නේ ය, ඉදිරි පා රක්නේය, පසු පා රක්නේය, හිස රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙකන් රක්නේ ය, දෙදළ රක්නේ ය, සොඬ රක්නේ ය, වල්පත් රක්නේ ය, ඇතැරු රක්නේ ය. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් රක්‍ෂිතෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති සත්තිප්පහාරානං, අසිප්පහාරානං, උසුප්පහාරානං, ඵරසුප්පහාරානං, භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දානං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ මහඇත් ක්‍ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් සැත්පහර ඉවසනුයේ වෙයි, කඩුපහර ඉවසනුයේ වෙයි, හී පහර ඉවසනුයේ වෙයි, පොරෝ පහර ඉවසනුයේ වෙයි, බෙර පණාබෙරසක් ගැටබෙර තිණව-ඩිණ්ඩිම බෙර යන තූර්‍ය්‍යයන්ගේ මහ හඬ ඉවසනුයේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ක්‍ෂන්තෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො යමෙනං හත්ථිදම්මසාරථී දිසං පෙසෙති යදිවා ගතපුබ්බං යදිවා අගතපුබ්බං, තං ඛිප්පං එව{5} ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ගන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ රජුගේ මහඇත් ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ මහඇත් ඇත්දම්සැරි තෙල ඇතු ගිය විරූ වේවයි නොගිය විරූ වේවයි යම් ම දිශාවකට මෙහෙයවා නම්, එ දිගට වහා යන්නේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ මහඇත් ගන්තෘ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් යුත් රජුගේ මහඇත් රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සොතා ච හොති, හන්තා ච, රක්ඛිතා ච, ඛන්තා ච, ගන්තා ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝතෘ ද වෙයි. හන්තෘ ද වෙයි, රක්‍ෂිතෘ ද වෙයි, ක්‍ෂන්තෘ ද වෙයි, ගන්තෘ ද වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සොතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ අට්ඨිකත්වා{1} මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු සොතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ශ්‍රෝතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතයන් වහන්සේ විසින් ප්‍රවිදිත ධර්‍මවිනය දෙසනු ලබත් ම අර්‍ත්‍ථ කොට (ආශාවෙන්), මෙනෙහි කොට, සම්පූර්‍ණ සිතින් ආවර්‍ජනා කොට, නැඹුරු කළ කන් ඇතිව ධර්‍මය අසයි. මහණෙනි, මෙසේ මහණ ශ්‍රෝතෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු හන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං ව්යාපාදවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු හන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ හන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්‍කය සිත්හි නො රඳවයි, දුරු කෙරෙයි, හැරපියයි. විගතාන්ත (ප්‍රහීණ) කරයි, අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කරයි, අභාවයට පමුණුවයි. උපන් විහිංසාවිතර්‍කය සිත්හි වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි. අභාවයට පමුණුවයි. උපනුපන් ලමු අකුසල් දහම් වාස නො කරවයි, දුරු කෙරෙයි, හැරපියයි, විගතාන්ත කෙරෙයි, අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ හන්තෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු රක්ඛිතා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං, මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු රක්ඛිතා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ රක්‍ෂිතෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නා සුලුයේ අනුවියඳුන් (උප ලකුණු) නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යා දෞර්‍මනස්‍යයෝ චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත කොට වාස කරණ තෙල පුද්ගලයා ලුහුබඳනාහු නම්, එ චක්‍ෂුරින්‍ද්‍රිය සංවර කිරීමට පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රිය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධය ආඝ්‍රාණ කොට ... දිවින් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් ධර්‍මය දැන නිමිති නො ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ මනින්‍ද්‍රිය අසංවෘත කොට වසන තෙල පුඟුල්හු ලුහුබඳනාහු නම්, ඒ මනින්‍ද්‍රිය සංවරය පිණිස පිළිපදිනේ ය. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මෙසේ මහණ රක්‍ෂිතෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසපසම්ඵස්සානං, දුරුත්තානං දුරාගතානං වචනපථානං. උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ඛන්තා හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ක්‍ෂන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශීත හා උෂ්ණ හා සාපවස් හා මැසි මදුරු වා අවු සපුන් පහස් ඉවසන්නේ වෙයි. නපුරු කොට කියු නපුරු කොට පැමිණි (අසන්නට ලැබුනු) වචන ඉවසන්නේ වෙයි. දුක් වූ තීව්‍ර වූ ක්‍රෑර වූ කටුක වූ අශාත වූ අමනාප වූ පණ හරණා සුලු උපන් ශාරීරික වේදනා ඉවසන සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ක්‍ෂන්තෘ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු ගන්තා හොති? ඉධ භික්ඛවෙ භික්ඛු යා සා දිසා අගතපුබ්බා ඉමිනා දීඝෙන අද්ධුනා යදිදං සබ්බසංඛාරසමථො සබ්බූපධි පටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, තං ඛිප්පඤ්ඤෙව ගන්තා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගන්තා හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ ගන්තෘ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දීර්‍ඝකාලයෙහි සර්‍වසංස්කාරයන්ගේ ශමථය වන සර්‍වොපධීන්ගේ දුරැලීම වන තෘෂ්ණාක්‍ෂය වන විරාගය වය නිරෝධය වන නිර්‍වාණය වන යම් නොගියවිරූ දිශායෙක් වේ නම්, එ දිගට වහා යන සුලුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ගන්තෘ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි, පාහුනෙය්‍ය වෙයි, දක්ඛිණෙය්‍ය වෙයි, අඤ්ජලිකරණීය වෙයි, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.
Pali BJTරාජවග්ගො චතුත්ථො.
Sinhala BJTරාජවර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTචක්කානුවත්තනා රාජා යස්සං දිසං චෙව පත්ථනා අප්පං සුපති භත්තාදා අක්ඛමො සොතාරො චාති.
Sinhala BJTචක්කානුවත්තන සූත්‍ර දෙකය, ධම්මරාජ සූත්‍රය, යස්සං දිසා සූත්‍රය, පත්‍ථනා සූත්‍ර දෙකය, අප්පං සූපති සූත්‍රය, භත්තාද සූත්‍රය, අක්ඛම සූත්‍රය, සෝතාර සූත්‍රය සමඟ දශයෙකි.
Pali BJT5. තිකණ්ඩකීවග්ගො
Sinhala BJT5. තිකණ්ඩකී වර්‍ගය
Pali BJT5. 3. 5. 1.
Sinhala BJT5. 3. 5. 1.
Pali BJT[අවජානාති සුත්තං]
Sinhala BJT[අවජානාති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. පඤ්චිමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච:
Sinhala BJT41. මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන මේ පුද්ගලයෝ පස් දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTදත්වා අවජානාති, සංවාසෙන අවජානාති, ආදිය්යමුඛො{1} හොති, ලොලො හොති. මන්දො හොති මොමුහො.{2}
Sinhala BJTදී අවමන් කරන්නේ ය, එක්වැ විසීමෙන් අවමන් කරන්නේ ය, ග්‍රහණමුඛයෙක් වෙයි, ලෝලයෙක් වෙයි, මන්‍ද මොමුහයෙක් වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො දත්වා අවජානාති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලස්ස දෙති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං. තස්ස එවං හොති: ‘අහං දෙමි, අයං පතිගණ්හාතී’ති.{3} තමෙනං දත්වා අවජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො දත්වා අවජානාති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල දී අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුඟුලක්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකර දෙයි. ඔහට මෙබඳු සිත් වෙයි: “මම දෙන්නෙම් වෙමි, මෙ තෙමේ පිළිගන්නේ වේ (මෙතෙම පිළිගන්නට නම් දනී) ය” යි. තෙල පුඟුල්හට දී අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල දී අවමන් කරන්නේ ය.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො සංවාසෙන අවජානාති? ඉධ භික්ඛවෙ පුග්ගලො පුග්ගලෙන සද්ධිං සංවසති ද්වෙ වා තීණි වා වස්සානි. තමෙනං සංවාසෙන අවජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො සංවාසෙන අවජානාති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල සංවාසයෙන් (එක්ව විසීමෙන්) අවමන් කෙරේ ය යත්: මහණෙනි, මෙ ලොවැ පුද්ගල පුද්ගලයකු හා සමඟ දෙවසක් වේවයි තෙවසක් වේවයි එක්ව වසයි. සංවාසයෙන් (මම තොපගේ හැටි දනිමි යි) එපුඟුල්හට අවමන් කෙරෙයි. මහණෙනි, මෙසේ පුද්ගල සංවාසයෙන් අවමන් කෙරෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො __ආදිය්යමුඛො__{1}{*} හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො පරස්ස වණ්ණෙ වා අවණෙණ වා භාසියමානෙ තං ඛිප්පඤ්ඤෙව අධිමුච්චිතා{4} හොති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ආදිය්යමුඛො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ග්‍රහණමුඛ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමාගේ ගුණය වේවයි අගුණය වේවයි කියත් ම එය වහා ම අදහන්නේ (පිළිගැණීමට හයාගත් මුව ඇත්තේ) වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ග්‍රහණමුඛ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො ලොලො හොති? ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ඉත්තරසද්ධො හොති. ඉත්තරභත්තී ඉත්තරපෙමො ඉත්තරප්පසාදො. එවං ඛො භික්ඛවෙ පුග්ගලො ලොලො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල ලෝල වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් ඉත්‍වර (ස්වල්ප) ශ්‍රද්ධා ඇතියේ ඉත්‍වරභක්ති ඇතියේ ඉත්‍වරප්‍රේමඇතියේ ඉත්‍වරප්‍රසාද ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ පුද්ගල ලෝලයෙක් (වහා වෙනස්වන සුලු අස්ථිරයෙක්) වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ පුග්ගලො මන්දො හොති? මොමූහො ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො කුසලාකුසලෙ ධම්මෙ න ජානාති, සාවජ්ජානවජ්ජෙ ධම්මෙ න ජානාති, හීනප්පණීතෙ ධම්මෙ න ජානාති, කණ්හසුක්කසප්පටිභාගෙ ධම්මෙ න ජානාති. එවං ඛො භික්ඛවෙ පුග්ගලො මන්දො හොති මොමුහො.
Sinhala BJTමහණෙනි, කෙසේ පුද්ගල මන්‍ද මෝමූහ වේ ය යත්: මහණෙනි, මෙ ලොවැ ඇතැම් පුද්ගලයෙක් කුශල අකුශල ධර්‍මයන් නො දන්නේ ය. සාවද්‍ය අනවද්‍ය ධර්‍මයන් නො දන්නේ ය. හීනප්‍රණීත ධර්‍මයන් නො දන්නේ ය. කෘෂ්ණශුක්ල සප්‍රතිභාග (අකුශලවිරුද්ධ කුශල, කුශලවිරුද්ධ අකුශල) ධර්‍මයන් නො දන්නේ ය. මහණෙනි, මෙසේ පුද්ගල මන්‍ද මොමුහ වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මොහු ලෝකයෙහි විද්‍යාමාන පුද්ගලයෝ පස්දෙන යි.
Pali BJT5. 3. 5. 2.
Sinhala BJT5. 3. 5. 2.
Pali BJT[ආරම්භතිසුත්තං]
Sinhala BJT[ආරම්භති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. පඤ්චිමෙ භික්ඛවෙ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං කතමෙ පඤ්ච:
Sinhala BJT42. මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ පස්දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරම්භති{1} ච විප්පටිසාරී ච හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම (ආරම්භ) ද කෙරෙයි. (එ හේතුයෙන්) විපිළිසර ඇතියේ ද වෙයි. යම් තැනෙක්හි (යම් කරුණෙක්හි) ඔහුට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂව නිරුද්ධ වෙත් නම්, ඒ (අර්‍හත්‍වඵලසමාධි) චේතෝවිමුක්තිය හා (අර්‍හත්‍වඵලඥාන) ප්‍රඥාවිමුක්තිය ඇති සැටියෙන් (අර්‍හත්‍වාධිගම නැති හෙයින්) නො දන්නේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො ආරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ ය, (ඇවැතින් නැඟීසිටි හෙයින්) විපිළිසර ඇතියේ නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇති සැටියෙන් නො දන්නේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නාරම්භති, විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. (ඇවැතින් නැඟී සිටියේ ද) විපිළිසර ඇතියේ වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙව එකච්චො පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් නො දන්නේ ය.
Pali BJTඉධ පන භික්ඛවෙ එකච්චො පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති. තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම නො කෙරෙයි. විපිළිසර ඇතියේ නො වෙයි. යම් හෙයෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටියෙන් දන්නේ ය. (මේ රහත් පුඟුල් ය)
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ආරම්භති ච, විප්පටිසාරී ච හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති. සාධු වතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැත් මඩනේ හා විපිළිසර ඇතියේ හා වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇතිසැටි නොදන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආපත්තිව්‍යතික්‍රමයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන වෙති. විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ වැඩෙති. ආයුෂ්මත් ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට විප්‍රතිසාරයෙන් උපන් ආස්‍රවයෝ දුරු කොට චිත්තය (සමාධි-ප්‍රඥා දෙක) වඩනේ මැනැව. එසේ වත් ම ආයුෂ්මත් මේ පස්වන (රහත්) පුඟුල් හා සමසම වන්නේ ය” යි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො ආරම්භති, න විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා නප්පවඩ්ඪන්ති. සාධු වතායස්මා ආරම්භජෙ ආසවෙ පහාය චිත්තං පඤ්ඤං ච ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රම කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් එ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ ව නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් නො දන්නේ ද, හේ මෙසෙයින් කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට වනාහි ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයන් ප්‍රහීණ කොට සමාධිය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේවත් ම ආයුෂ්මත් තෙල පස්වන පුඟුල් හා සමසම වන්නේ ය”යි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නාරම්භති, විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා පවඩ්ඪන්ති. සාධු වතායස්මා විප්පටිසාරජෙ ආසවෙ පටිවිනොදෙත්වා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රමය නො කෙරේ ද, (එහෙත්) විපිළිසර ඇතියේ වේ ද, යම් කරුණෙකින් ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම්, ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්ට ආරම්හප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ විද්‍යාමාන නො වෙති. විපිළිසරින් උපන් ආස්‍රවයෝ වැඩෙන්නාහ. ආයුෂ්මත් ඒකාන්තයෙන් විපිළිසරින් උපන් ආස්‍රවයන් දුරු කොට චිත්තය හා ප්‍රඥාව හා වඩා නම් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
Pali BJTතත්ර භික්ඛවෙ ය්වායං පුග්ගලො නාරම්භති, න විප්පටිසාරී හොති, තං ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං යථාභූතං නප්පජානාති යත්ථස්සු තෙ උප්පන්නා පාපකා අකුසලා ධම්මා අපරිසෙසා නිරුජ්ඣන්ති, සො එවමස්ස වචනීයො: ‘ආයස්මතො ඛො ආරම්භජා ආසවා න සංවිජ්ජන්ති. විප්පටිසාරජා ආසවා නප්පඩ්ඪන්ති. සාධු වතායස්මා චිත්තං පඤ්ඤං ච භාවෙතු. එවමායස්මා අමුනා පඤ්චමෙන පුග්ගලෙන සමසමො භවිස්සතී’ති.
Sinhala BJTමහණෙනි, ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ආපත්තිව්‍යතික්‍රමය නො කෙරේ ද, විපිළිසර ඇතියේ නො වේ ද, යම් කරුණෙක්හි ඔහට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වූවාහු නිරුද්ධ වෙත් නම් ඒ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඇතිසැටියෙන් නො දන්නේ ද, හේ මෙසේ කිවයුතු වන්නේ ය: “ආයුෂ්මත්හට ආරම්භප්‍රත්‍යයෙන් උපන් ආස්‍රවයෝ අවිද්‍යාමානයහ. විපිළිසරින් උපන් ආස්‍රවයෝ නො වැඩෙන්නාහ. ආයුෂ්මත් චිත්තය හා ප්‍රඥාව වඩා නම් ඒකාන්තයෙන් මැනැවැ. එසේ වත් ම ආයුෂ්මත් තෙල පස්වන පුද්ගලයා හා සමසම වන්නේ ය” යි.
Pali BJTඉති ඛො භික්ඛවෙ ඉමෙ චත්තාරො පුග්ගලා අමුනා පඤ්චමෙන පුග්ගලෙන එවං ඔවදියමානා එවං අනුසාසියමානා අනුපුබ්බෙන ආසවානං ඛයං පාපුණන්තී’ති.
Sinhala BJTමහණෙනි, මෙසේ මේ (මුලින් කී) සතර පුද්ගලයෝ මේ පස්වන (රහත්) පුඟුල්හු විසින් මෙලෙසින් ඔවා දෙනු ලබන්නාහු අනුක්‍රමයෙන් ආස්‍රවක්‍ෂයට පැමිණෙන්නාහ යි.
Pali BJT5. 3. 5. 3.
Sinhala BJT5. 3. 5. 3.
Pali BJT[සාරන්දද සුත්තං]
Sinhala BJT[සාරන්‍දද සූත්‍රය]
Pali BJT43. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි.
Sinhala BJT43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ වේසාලියට පිඬු පිණිස වැඩි සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන පඤ්චමත්තානං ලිච්ඡවීසතානං සාරන්දදෙචෙතියෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: ‘පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං: හත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. අස්සරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. මණිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ගහපතිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉමෙසං පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.’
Sinhala BJTඑසමයෙහි සාරන්‍දද චෙතියෙහි රැස්ව හුන් පන්සියක් පමණ ලිච්ඡවීන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය. “ලොව්හි පඤ්චරත්නයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි, කවර පඤ්චරත්නයන්ගේ ය යත්: ලොව්හි හස්තිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි අශ්වරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි මණිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි ස්ත්‍රීරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි ගෘහපතිරත්නයාගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොව්හි මෙ පඤ්චරත්නයන්ගේ පාළවීම දුර්‍ලභ වේ”ය යි.
Pali BJTඅථ ඛො තෙ ලිච්ඡවී මග්ගෙ පුරිසං ඨපෙසුං, ‘යදා ත්වං{1} අම්භො පුරිස පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං, අථ අම්හාකං ආරොචෙය්යාසී’ති. අද්දසා ඛො සො පුරිසො භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන තෙ ලිච්ඡවී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ ලිච්ඡවී එතදවොච: ‘අයං සො භොන්තො{2} භගවා ආගච්ඡති{3} අරහං සම්මාසම්බුද්ධො, යස්සදානි කාලං මඤ්ඤථා’ති.
Sinhala BJTඉක්බිති එ ලිච්ඡවීහු “එම්බා පුරුෂය, යම් විටෙක තෝ භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දක්නෙහි ද, එකල්හි අපට දන්වාලව” යි මාර්‍ගයෙහි පුරුෂයකු රඳවාලූහ. එ පුරුෂයා භාග්‍යවතුන්වහන්සේ වඩනාවුන් දුරදීම දිට. දැක එ ලිච්ඡවීන් කරා ගියේ. ගොස් එ ලිච්ඡවීනට තෙල කී: “භවත්නි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වඩනාහ. එයට දැන් කල් දනුව” යි.
Pali BJTඅථ ඛො තෙ ලිච්ඡවී යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තෙ ලිච්ඡවී භගවන්තං එතදවොචුං: ‘සාධු භන්තෙ භගවා යෙන සාරන්දදං{4} චෙතියං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා යෙන සාරන්දදං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා තෙ ලිච්ඡවී එතදවොච:
Sinhala BJTඑකල්හි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි එ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, අයැදුම්හ. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා සඳහා සාරන්‍දද චෛත්‍යය කරා වඩනා සේක්ව” යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සාරන්‍දද චෛත්‍යය කරා වැඩි සේක. වැඩ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ එ ලිච්ඡවීනට තෙල කරුණ වදාළෝ:
Pali BJT“කායනුත්ථ ලිච්ඡවී, එතරහි කථාය සන්නිසින්නා? කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති?
Sinhala BJT“ලිච්ඡවීනි, දැන් තෙපි කවර නම් කථායෙකින් යුක්තව රැස්ව හුන්නාව? තොපගේ කවර නම් අතුරුකථායෙක් කොට අඩාළ වී දැ?” යි.
Pali BJTඉධ භන්තෙ අම්හාකං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං: හත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. අස්සරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. මණිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉත්ථිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ගහපතිරතනස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. ඉමෙසං පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTවහන්ස, මෙහි රැස්ව හුන් අප අතර මෙ නම් අතුරු කථායෙක් උපන: “ලෝකයෙහි පඤ්චරත්න කෙනකුන්ගේ පහළවීම දුර්‍ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්: ලෝකයෙහි හස්තිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි අශ්වරත්නයාගේ පහළ වනු දුලබ ය. ලෝකයෙහි මණිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලෝකයෙහි ස්ත්‍රීරත්නයාගේ පාළවනු දුබල ය. ලෝකයෙහි ගෘහපතිරත්නයාගේ පාළ වනු දුලබ ය. ලොව මෙ පස් රුවනුන්ගේ පාළ වනු දුලබ ය” යි.
Pali BJTකාමාධිමුත්තානං වත වො{1} ලිච්ඡවීනං කාමඤ්ඤෙව ආරබ්භ අන්තරා කථා උදපාදි.
Sinhala BJTවස්තුකාමක්ලේශකාමයන්හි අධිමුක්ත (දැඩිසේ ඇලුනු) ලිච්ඡවීන් වන තොප අතර කාමයන් අරභයා ම අතුරුකථා උපනේ ය.
Pali BJTපඤ්චන්නං ලිච්ඡවී, රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මිං. කතමෙසං පඤ්චන්නං:
Sinhala BJTලිච්ඡවීනි, ලොවැ පඤ්චරත්න කෙනකුන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ ය. කවර පඤ්චරත්න කෙනකුන්ගේ ය යත්:
Pali BJTතථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසෙතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතා පුග්ගලො දුල්ලභො ලොකස්මිං. තථාගතප්පවෙදිතස්ස ධම්මවිනයස්ස දෙසිතස්ස විඤ්ඤාතස්ස ධම්මානුධම්මපටිපන්නො පුග්ගලො දුල්ලභො ලොකස්මිං. කතඤ්ඤූ කතවෙදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං.
Sinhala BJTලොවැ තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන පුද්ගලයා දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්‍මවිනය දැනගන්නා පුද්ගලයා දුර්‍ලභ වෙයි. ලොවැ තථාගතප්‍රවිදිත වූ දේශිත ධර්‍මවිනය දන්නේ ම ධර්‍මානුධර්‍මය (ලෝකෝත්තර ධර්‍මප්‍රතිපදාව) අනුව පිළිපන් පුද්ගල දුර්‍ලභ වෙයි. ලොවැ කෘතඥ කෘතවේදී පුද්ගල දුර්‍ලභ වෙයි.
Pali BJTඉමෙසං ඛො ලිච්ඡවී, පඤ්චන්නං රතනානං පාතුභාවො දුල්ලභො ලොකස්මින්ති.
Sinhala BJTලිච්ඡවීනි, ලොවැ මේ පඤ්චරත්නයන්ගේ ප්‍රාදුර්‍භාවය දුර්‍ලභ වේ යයි වදාළසේක.
Pali BJT5. 3. 5. 4.
Sinhala BJT5. 3. 5. 4.
Pali BJT[තිකණ්ඩකීසුත්තං]
Sinhala BJT[තිකණ්ඩකී සූත්‍රය]
Pali BJT41. එකං සමයං භගවා සාකෙතෙ විහරති තිකණ්ඩකීවනෙ.{2} තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT41. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නගරසමීපයෙහි තිකණ්ඩකී වනයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි මහණුන් ඇමතූ සේක. “වහන්සැ”යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී{3} විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූල ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇතිව වාස කරන්නේ නම් මැනැවැ.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇතිව වෙසේ නම් මැනැවැ.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූලාලම්බනයෙහි දු ප්‍රතිකූලාලම්බනයෙහි දු ප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල ප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇතිව වසන්නේ නම් මැනැවැ.
Pali BJTසාධු භික්ඛවෙ භික්ඛු කාලෙන කාලං අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානො.
Sinhala BJTමහණෙනි, මහණ කලින් කල අප්‍රතිකූලාලම්බනය හා ප්‍රතිකූලාලම්බනය හා එ දෙක ම දුරලා උපේක්‍ෂක වැ ස්මෘතිසම්පන්න වූයේ සම්‍යක්ප්‍රඥා ඇති වැ වසන්නේ නම් මැනැවැ.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස අප්‍රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කෙරේ ය යත්: “ඇලුම් කටයුතු දහම්හි මට රාගය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මෙ අර්‍ත්‍ථය පිණිස අප්‍රතිකූලාලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය යත්: “ද්වේෂයට නිසි (ආලම්බන) ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය පිණිස ප්‍රතිකූලාලම්බනයෙහි අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති, “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය යත්: “රජනීය ධර්‍මයෙහි මට රාගය නහමක් උපදීව” යි. “ද්වේෂයට නිසි ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් උපදීව”යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය නිසා අප්‍රතිකූල වූ ද ප්‍රතිකූල වූ ද ආලම්බනයෙහි ප්‍රතිකූලසංඥා ඇති වැ විහරණ කරන්නේ ය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය? “මා මෙ දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදී, මා මෙ රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්ය.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා ප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලාලම්බනයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ වසන්නේ ය යත්: “ද්වේෂ්‍ය ධර්‍මයෙහි මට ද්වේෂය නහමක් පාළ වේව යි, රජනීය ධර්‍මයෙහි මට රාගය නහමක් පාළ වේව” යි. මහණෙනි, මහණ මේ අර්‍ත්‍ථය නිසා ප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලයෙහි දු අප්‍රතිකූලසංඥා ඇති වැ විහරණය කරන්නේ ය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානො? “මා මෙ ක්වචිනි{1} කත්ථචි කිඤ්චන{2} රජනීයෙසු ධම්මෙසු රාගො උදපාදි, මා මෙ ක්විචිනි{1} කත්ථචි කිඤ්චන{2} දොසනීයෙසු ධම්මෙසු දොසො උදපාදි, මා මෙ ක්වචිනි{1} කත්ථචි කිඤ්චන{2} මොහනීයෙසු ධම්මෙසු මොහො උදපාදී”ති. ඉදං ඛො භික්ඛවෙ භික්ඛු අත්ථවසං පටිච්ච අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකො විහරෙය්ය සතො සම්පජානොති.
Sinhala BJTමහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් නිසා අප්‍රතිකූලය හා ප්‍රතිකූලය හා එ දෙක හැරපියා උපේක්‍ෂක වැ ස්මෘතිසම්පන්න වැ නුවණැති වැ විහරණ කරන්නේය යත්: මහණෙනි, “මට කිසිදු අරමුණෙක්හි කොතන්හි දු රජනීයධර්‍මයෙහි ස්වල්පමාත්‍ර වූ ද රාගයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ ද්වේෂ්‍ය ධර්‍මයන්හි ස්වල්පමාත්‍ර වූ ද ද්වේෂයෙක් නහමක් උපදීවා, මට කිසිදු අරමුණෙක්හි කොතැනෙක දී හෝ මෝහනීයධර්‍මයෙහි ස්වල්පමාත්‍ර වූ ද මෝහයෙක් නහමක් උපදීවා” යි. මේ අර්‍ත්‍ථය නිසා මහණ අප්‍රතිකූලය ද ප්‍රතිකූලය ද යන එ දෙක ම හැරපියා ස්මෘතිසම්පන්න ව සම්‍යක්ප්‍රඥා ඇති ව උපේක්‍ෂක ව විහරණ කරන්නේය”යි.
Pali BJT5. 3. 5. 5.
Sinhala BJT5. 3. 5. 5.
Pali BJT[නිරයසුත්තං]
Sinhala BJT[නිරය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ යැ. කවර පසෙකින් යත්:
Pali BJTපාණාතිපාතී හොති, අදින්නාදායී හොති, කාමෙසු මිච්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී හොති.
Sinhala BJTපණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන සුලු වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙර බොන සුලු වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ ධර්‍ම පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු හෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යැ. කවර පසෙකින යත්:
Pali BJTපාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති.
Sinhala BJTපණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදන් ගැණුමින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි. මුසාවායෙන් වැළකියේ වෙයි. මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තැබුවකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ වෙයි.
Pali BJT5. 3. 5. 6.
Sinhala BJT5. 3. 5. 6.
Pali BJT[භික්ඛුමිත්ත සුත්තං]
Sinhala BJT[භික්ඛුමිත්ත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. පඤ්චහි භික්ඛවෙ ධම්මමෙහි සමන්නාගතො භික්ඛුමිත්තො න සෙවිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්:
Pali BJTකම්මන්තං කාරෙති, අධිකරණං අධිකරණං ආදියති, පාමොක්ඛෙසු භික්ඛූසු පටිවිරුද්ධො හොති, දීඝචාරිකං අනවත්ථිතචාරිකං{1} අනුයුත්තො විහරති, න පටිබලො හොති කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං.
Sinhala BJTකර්‍මාන්ත කරවන්නේ ය. අධිකරණ ගන්නේ ය. දිසාපාමොක් මහණුන් කෙරෙහි විරුද්ධ වන්නේ ය. දීර්‍ඝචාරිකායෙහි, ව්‍යවස්ථා රහිත (යදෘච්ඡා) චාරිකායෙහි යෙදී වසන්නේ ය. කලින් කල ධාර්මික කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට සමුත්තේජනය (උත්සාහවත්) කරවන්නට සම්ප්‍රහර්‍ෂණය කරවන්නට ප්‍රතිබල නො වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛුමිත්තො න සෙවිතබ්බො.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර නො සෙවිය යුත්තේ ය.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛුමිත්තො, සෙවිතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍ර සෙවිය යුත්තේ ය. කවර පසෙකින් යත්: