Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6901-7000 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[පඨමචක්කානුවත්තනසුත්තං]
Sinhala BJT[ප්‍රථම චක්කානුවත්තන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රාජා චක්කවත්තී ධම්මෙනෙව චක්කං පවත්තෙති.{1} තං හොති චක්කං අප්පතිවත්තියං{2} කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා. කතමෙහි පඤ්චහි:
Sinhala BJT31. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සක්විති රජ (දසකුසල්) දැහැමින් ම අණසක් පවත්වයි. කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් එ අණසක් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රාජා චක්කවත්තී අත්ථඤ්ඤූ ච හොති, ධම්මඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි සක්විතිරජ (හේතු සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථය දනුයේ ද, ප්‍රවේණිධර්‍මය දනුයේ ද, (දඬුවම්හි වේවයි, කරවුවරෙහි වේවයි) මාත්‍රා දනුයේ ද, (රාජ්‍යසුඛානුභව - විනිශ්චයකරණ - චාරිකා පිළිබඳ) කාලය දනුයේ ද, (ක්‍ෂත්‍රිය-බ්‍රාහ්මණ-වෛශ්‍ය-ශ්‍රද්‍ර-ශ්‍රමණපර්‍ෂද් ආදි) පර්‍ෂද් දනුයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රාජා චක්කවත්තී ධම්මෙනෙව චක්කං වත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{2} කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සක්විති රජ දැහැමින් ම අණසක් පවත්වයි. එ අණසක් වනාහි කිසිදු මනුෂ්‍ය වූ පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන නො කළ හැකි වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මෙනෙව අනුත්තරං ධම්මචක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{2} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම දහම් පසෙකින් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැහැමින් ම (නවලෝකොත්තර ධර්‍මයෙන්) අනුත්තර වූ ධර්‍මචක්‍රය පවත්වන සේක. එ ශ්‍රේෂ්ඨචක්‍රය වනාහි ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මහකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ තථාගතො අරහං සම්මාසම්බුද්ධො අත්ථඤ්ඤූ, ධම්මඤ්ඤූ, මත්තඤ්ඤූ, කාලඤ්ඤූ, පරිසඤ්ඤූ.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ (පඤ්චවිධ) අර්‍ත්‍ථ දන්නාහ. (සතර) ධර්‍මයන් දන්නාහ. (සිවුපසෙහි) මාත්‍රා දන්නාහ. (පටිසල්ලානආදි) කාල දන්නාහ. පිරිස් දන්නාහ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මෙනෙව අනුත්තරං ධම්මචක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{2} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ධර්‍මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් වේවයි, බ්‍රාහ්මණයකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මාරයකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිවකු විසින් වේවයි ප්‍රතිවර්‍තනය කළ හැකි නො වේ ය යි.
Pali BJT5. 3. 4. 2.
Sinhala BJT5. 3. 4. 2.
Pali BJT[දුතියචක්කානුවත්තනසුත්තං]
Sinhala BJT[දෙවැනි චක්කානුවත්තන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨො පුත්තො පිතරා පවත්තිතං චක්කං ධම්මෙනෙව අනුප්පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{2}කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා. කතමෙහි පඤ්චහි:
Sinhala BJT32. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ සක්විති රජුගේ දෙටු පුත් පියහු විසින් පවත්වන ලද ආඥාචක්‍රය දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨො පුත්තො අත්ථඤ්ඤූ ච හොති, ධම්මඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, කාලඤ්ඤූ ච, පරිසඤ්ඤූ ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි සක්විති රජහුගේ ජ්‍යේෂ්ඨ පුත්‍ර අර්‍ත්‍ථඥ ද වෙයි, ධර්‍මඥ ද වෙයි, මාත්‍රඥ ද වෙයි, කාලඥ ද වෙයි, පර්‍ෂද් දන්නේ ද වේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨො පුත්තො පිතරා පවත්තිතං චක්කං ධම්මෙනෙව අනුප්පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{1} කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත සක්විති රජුගේ දෙටුපුත් පියහු විසින් පැවැත්වූ අණසක් දැහැමින් ම අනුව පවත්වයි. එ අණසක් වනාහි මනුෂ්‍ය වූ කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප හෝ කළ නො හෙයි.)
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො තථාගතෙන පවත්තිතං අනුත්තරං ධම්මචක්කං සම්මදෙව අනුප්පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එසෙයින් ම කරුණු පසෙකින් සමන්‍වාගත ශාරීපුත්‍ර තෙරණුවෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මැනැවින් පවත්වන්නාහ. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු හෝ ලොවැ වෙන කිසිවකු විසින් හෝ නො පැවැත්විය හෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ සාරිපුත්තො අත්ථඤ්ඤූ, ධම්මඤ්ඤූ, මත්තඤ්ඤූ, කාලඤ්ඤූ, පරිසඤ්ඤූ.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍රයෝ අර්‍ත්‍ථඥයහ, ධර්‍මඥයහ, මාත්‍රඥයහ, කාලඥයහ, පර්‍ෂද්‍ දන්නාහ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො සාරිපුත්තො තථාගතෙන අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{1} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත ශාරිපුත්‍රයෝ තථාගතයන් වහන්සේ විසින් පවත්වන ලද අනුත්තර ධර්‍මචක්‍රය මනාකොට අනුව පවත්වත්. එ ධර්‍මචක්‍රය ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ ලොවැ කිසිවකු විසින් හෝ ප්‍රතිවර්‍තන කළ හැකි නො වෙයි. (ප්‍රතික්‍ෂේප ද කළ නො හෙයි.)
Pali BJT5. 3. 4. 3.
Sinhala BJT5. 3. 4. 3.
Pali BJT[ධම්මරාජසුත්තං]
Sinhala BJT[ධම්මරාජ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. යො පි ඛො භික්ඛවෙ රාජා චක්කවත්ති ධම්මිකො ධම්මරාජා, සො පි න අරාජකං චක්කං වත්තෙතීති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛූ භගවන්තං එතදවොච: කො පන භන්තෙ රඤ්ඤො චක්කවත්තිස්ස ධම්මිකස්ස ධම්මරඤ්ඤො රාජා?ති. ‘ධම්මො භික්ඛූ’ති භගවා අවොච.
Sinhala BJT33. මහණෙනි, “දැහැමි වූ ධර්‍මරාජන් වූ යම් චක්‍රවර්ති රජෙක් වේ නම්, හෙ ද අරාජක ආඥාචක්‍රය නො පවත්වා ය” යි. මෙ සෙයින් වදාළ කල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවත්හට තෙල කරුණ සැළ කළේ ය: “වහන්ස, ධාර්මික වූ ධර්‍මරාජන් වූ චක්‍රවර්තී රජහට කවරෙක් රජ වේ දැ?” යි, “මහණ, ධර්‍මය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJTඉධ භික්ඛු රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරු{2}කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධමිමිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති අන්තොජනස්මිං.
Sinhala BJTමහණ, මෙ ලොව්හි දැහැමි වූ ධර්‍මරාජන් වූ සක්විතිරජ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මය ධ්වජ කොට ඇතියේ ධර්‍මය කේතු කොට ඇතියේ ධර්‍මය ආධිපත්‍යය කොට ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි දැහැමි රැකවරණ ගෝපන සංවිධාන කරයි.
Pali BJTපුන චපරං භික්ඛු රාජා චක්කවත්තී ධම්මිකො ධම්මරාජා ධම්මඤ්ඤෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති ඛත්තියෙසු අනුයුත්තෙසු{3}, බලකායස්මිං, බ්රාහ්මණගහපතිකෙසු, නෙගමජානපදෙසු, සමණබ්රාහ්මණෙසු, මිගපක්ඛීසු.
Sinhala BJTතවද මහණ, ධාර්මික ධර්‍මරාජන් වූ සක්විතිරජ දහම ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මය ගුරු කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මය ධ්වජ කොට ඇතියේ ධර්‍මය කේතු කොට ඇතියේ ධර්‍මය ආධිපත්‍යය කොට ඇතියේ අනුයුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහිදු, බලකාය කෙරෙහිදු, බමුණු ගැහැවියන් කෙරෙහිදු, නියම්ගම් දනවුවැස්සන් කෙරෙහිදු, ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහිදු, මෘගපක්‍ෂීන් කෙරෙහිදු ධාර්මික රක්‍ෂාවරණගෝපන කරයි.
Pali BJTස ඛො සො භික්ඛු රාජා චක්කවත්ති ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තා ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා අන්තොජනස්මිං, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා ඛත්තියෙසු අනුයුත්තෙසු{3}, බලකායස්මිං, බ්රාහ්මණගහපතිකෙසු නෙගමජානපදෙසු, සමණබ්රාහ්මණෙසු, මිගපක්කිසු, ධම්මෙනෙව චක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං{1} කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.
Sinhala BJTමහණ, ධාර්මික වූ ධර්‍මරාජන් වූ එ සක්විතිරජ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරණුයේ ධර්‍මය ගුරු කරණුයේ ධර්‍මයට බුහුමන් කරණුයේ ධර්‍මධ්වජ වූයේ ධර්‍මකේතු වූයේ ධර්‍මාධිපත්‍යය ඇතියේ අන්තඃපුරජනයා කෙරෙහි ධාර්මිකරක්‍ෂාවරණගෝපනය කොට අනුයුක්ත ක්‍ෂත්‍රියයන් කෙරෙහි ද බලකාය කෙරෙහි ද බ්‍රාහ්මණගෘහපතියන් කෙරෙහි ද නියම්ගම්දනවුවැසියන් කෙරෙහි ද ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි ද මෘගපක්‍ෂීන් කෙරෙහි ද ධාර්මික රක්‍ෂාවරණගුප්තිය කොට ධර්‍මයෙන් ම ආඥාචක්‍රය පවත්වයි. එ ආඥාචක්‍රය වනාහි මනුෂ්‍යභූත කිසිදු පසමිතුරු ප්‍රාණියකු විසින් ප්‍රතිවර්‍තනය කළ හැකි නො වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති භික්ඛූසු: “එවරූපං කායකම්මං සෙවිතබ්බං, එවරූපං කායකම්මං න සෙවිතබ්බං, එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බං, එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බං, එවරූපො ආජීවො සෙවිතබ්බො, එවරූපො ආජීවො න සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො”ති.
Sinhala BJTමහණ, එ පරිද්දෙන් ම ධාර්මික ධර්‍මරාජන් වූ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇත්තාහු ධර්‍මය කේතු කොට ඇත්තාහු ධර්‍මය ආධිපත්‍යය කොට ඇත්තාහු භික්‍ෂූන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගුප්තිය සලසන්නාහ. “මෙබඳු කායකර්‍මය සෙවිය යුතු ය, මෙබඳු කායකර්‍මය නො සෙවිය යුතුය, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු ය, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු ය, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු ය, මෙබඳු ආජීවය සෙවිය යුතු ය, මෙබඳු ආජීවය නො සෙවිය යුතු ය, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතුය, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය” යි.
Pali BJTපුන චපරං භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහති භික්ඛුනීසු -පෙ- උපාසකෙසු -පෙ- උපාසිකාසු: “එවරූපං කායකම්මං සෙවිතබ්බං, එවරූපං කායකම්මං න සෙවිතතබ්බං, එවරූපං වචීකම්මං සෙවිතබ්බං, එවරූපං වචීකම්මං න සෙවිතබ්බං, එවරූපං මනොකම්මං සෙවිතබ්බං, එවරූපං මනොකම්මං න සෙවිතබ්බං, එවරූපො ආජීවො සෙවිතබ්බො, එවරූපො ආජීවො න සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො සෙවිතබ්බො, එවරූපො ගාමනිගමො න සෙවිතබ්බො”ති.
Sinhala BJTතවද මහණ, ධාර්මික ධර්‍මරාජන් වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇත්තාහු ධර්‍මය කේතු කොට ඇත්තාහු ධර්‍මය ආධිපත්‍ය කොට ඇත්තාහු භික්‍ෂුණින් කෙරෙහි … උපාසකයන් කෙරෙහි ... උපාසිකාවන් කෙරෙහි “මෙබඳු කායකර්‍මය සෙවිය යුතු, මෙබඳු කායකර්‍මය නො සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය සෙවිය යුතු, මෙබඳු වාක්කර්‍මය නො සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය සෙවිය යුතු, මෙබඳු මනඃකර්‍මය නො සෙවිය යුතු, මෙබඳු ආජීවය සෙවිය යුතු, මෙබඳු ආජීවය නො සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් සෙවිය යුතු, මෙබඳු ගම් නියම්ගම් නො සෙවිය යුතු ය”යි ධාර්මික රක්‍ෂාවරණගුප්තිය සලසන්නාහ.
Pali BJTස ඛො භික්ඛු තථාගතො අරහං සම්මාසම්බුද්ධො ධම්මිකො ධම්මරාජා ධම්මං යෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුකරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්යො ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා භික්ඛුසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා භික්ඛුනීසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා උපාසකෙසු, ධම්මිකං රක්ඛාවරණගුත්තිං සංවිදහිත්වා උපාසිකාසු, ධම්මෙනෙව අනුත්තරං ධම්මචක්කං පවත්තෙති. තං හොති චක්කං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණ, එ ධාර්මික ධර්‍මරාජන් වූ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේ ධර්‍මය ම නිසා ධර්‍මයට සත්කාර කරන්නාහු ධර්‍මය ගරු කරන්නාහු ධර්‍මයට බුහුමන් කරන්නාහු ධර්‍මය ධ්වජ කොට ඇතියාහු ධර්‍මය කේතු කොට ඇතියාහු ධර්‍මය ආධිපත්‍ය කොට ඇතියාහු භික්‍ෂූන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, භික්‍ෂුණීන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසකයන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණගෝපනය සලසා, ධර්‍මයෙන් ම අනුත්තරධර්‍මචක්‍රය පවත්වන සේක. එ ධර්‍මචක්‍රය ලොව්හි ශ්‍රමණයකු විසින් හෝ බ්‍රාහ්මණයකු විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයකු විසින් හෝ අන් කිසිවකු විසින් හෝ ප්‍රතිවර්‍තනය කළ හැකි නොවේ ය යි.
Pali BJT5. 3. 4. 4.
Sinhala BJT5. 3. 4. 4.
Pali BJT[ඛත්තියරාජසුත්තං]
Sinhala BJT[ඛත්තියරාජ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රාජා ඛත්තියො මුද්ධාවසිත්තො යස්සං යස්සං දිසායං විහරති සකස්මිං යෙව විජිතෙ විහරති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT34. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි වෙසෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අඩ්ඪො මහද්ධනො මහාභොගො පරිපුණ්ණකොසකොට්ඨාගාරො. බලවා ඛො පන හොති චතුරඞ්ගිනියා සෙනාය සමන්නාගතො අස්සවාය ඔවාදපතිකරාය.{1}
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි මූර්‍ධාභික්‍ෂිත ක්‍ෂත්‍රිය රජ මවු පසින් හා පියපසින් හා යන උභයපාර්‍ශවයෙන් මනා කොට උපන්නේ, සුපිරිසිදු මවුකුසැතියේ, සත්මුතු පරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නොලන ලදුයේ උපක්‍රෝශ නො ලදුයේ වෙයි. මහාධන ඇතියේ මහාභෝග ඇතියේ පිරිපුන් ධනකෝෂ හා ධාන්‍යකෝෂ්ඨාගාර ඇතියේ ආඪ්‍ය වෙයි. කීකරු වූ ඔවා අනුව කරණ සිවුරඟසෙනගින් සමන්‍වාගත වූයේ බලවත් වෙයි.
Pali BJTපරිනායකො ඛො පනස්ස හොති පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගත පච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං. තස්සිමෙ චත්තාරො ධම්මා යසං පරිපාචෙන්ති. සො ඉමිනා යසපඤ්චමෙන{1} ධම්මෙන සමන්නාගතො යස්සං යස්සං දිසායං විහරති, සකස්මිං යෙව විජිතෙ විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භික්ඛවෙ හොති විජිතාවිනං.
Sinhala BJTඔහුගේ පරිණායක පණ්ඩිත වෙයි. (ප්‍රඥාව්‍යක්තතායෙන්) ව්‍යක්ත වෙයි. (ස්ථානෝචිතප්‍රඥායෙන් යුක්තවන හෙයින්) මේධාවී වෙයි. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්‍ත්‍ථයන් සිතීමට ප්‍රතිබල වෙයි. මෙ සතර දහම්හු ඔහුගේ යශස් පරිපාක කරවත්. මේ යශස නැමැති පස්වන කරුණින් සමන්‍වාගත හෙතෙමේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, ස්වකීය වූ ම විජිතයෙහි (වෙසෙන සේ) වෙසෙයි. ඒ කවර හේතුයෙන් යත්: විජේතෘනට (ධර්‍මවිජය ඇත්තනට) තෙල එසෙයින් ම වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු යස්සං යස්සං දිසායං විහරති විමුත්තචිත්තො{2} විහරති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එපරිදි ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ යම් ම දිශායෙක්හි වාස කෙරේ නම්, පඤ්චවිධ විමුක්තියෙන් යුත් ඇතියේ ම වාස කෙරෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති. ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො ජාතිසම්පන්නො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවර ශීලයෙන් සංවෘත ව වෙසෙයි. ආචාරගෝචරිම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි දු බිය දක්නා සුලුයේ සිකපදයෙහි සමාදන් කොටගෙන හික්මෙයි. ජාතිසම්පන්න වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය මහරජකු සෙයිනි.
Pali BJTබහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සංබ්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{3} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො අඩ්ඪො මහද්ධනො මහාභොගො පරිපුණ්ණකොසකොට්ඨාගාරො.
Sinhala BJT(නවාඞ්ගශාසන සඞ්ඛ්‍යාත) ශ්‍රැතයට ආධාර වූයේ රාසි කොටගත් ශ්‍රැත ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු අර්‍ත්‍ථසහිත ව්‍යඤ්ජන සහිත වූවාහු කේවල පරිපූර්‍ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් අසා උගන්නා ලද්දාහු ප්‍රගුණ කරණ ලද්දාහු වචනයෙන් වනපොත් කරණ ලද්දාහු (සූත්‍ර දශකාදි විසින්) සිතින් පිරික්සා බලන ලද්දහු ප්‍රඥායෙන් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්. ආඪ්‍ය වූ මහද්ධන ඇති මහාභෝග ඇති පිරිපුන් ධනාගාර හා ධාන්‍යාගාර ඇති මුදුනෙහි බිසෙස් ලද කැත්මහරජකු මෙනි.
Pali BJTආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො බලසම්පන්නො.
Sinhala BJTඅකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත්තිය පිණිස ස්ථාමවත් වූයේ දළපැරැකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නොහළ වැර ධූර ඇතියේ ඇරැඹූ වීර්‍ය්‍ය ඇතියේ වාස කෙරෙයි. බලසම්පන්න මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජකු මෙනි.
Pali BJTපඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. රාජා’ච ඛත්තියො මුද්ධාවසිත්තො පරිනායකසම්පන්නො.
Sinhala BJTආර්‍ය්‍ය වූ නිර්වේදයට නිසි වූ මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය දෙක අනුව ගිය විදර්‍ශනාප්‍රඥායෙන් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය මහරජු සෙයිනි.
Pali BJTතස්සිමෙ චත්තාරො ධම්මා විමුත්තිං පරිපාචෙන්ති. සො ඉමිනා විමුත්තිපඤ්චමෙන ධම්මෙන සමන්නාගතො යස්සං යස්සං දිසායං විහරති විමුත්තචිත්තො{2} විහරති. තං කිස්ස හෙතු: එවං හෙතං භික්ඛවෙ හොති විමුත්තචිත්තානන්ති.
Sinhala BJTඔහුගේ මේ සතර දහම්හු විමුක්තිපරිපාකය කරවත්. හේ මේ විමුක්තිය පස්වනු කොට ඇති ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ යම් ම දිශායෙක්හි වෙසේ නම්, විමුක්තචිත්ත ව වෙසෙයි. එ කවර හෙයින් යත්: මහණෙනි, විමුක්තචිත්තයනට (මිදුනු සිත් ඇතියනට) තෙල එසෙයින් ම වෙයි.
Pali BJT5. 3. 4. 5.
Sinhala BJT5. 3. 4. 5.
Pali BJTපඨම පත්ථනාසුත්තං
Sinhala BJT[පළමුවන පත්‍ථනා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො රජ්ජං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT35. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් රාජ්‍යය පතන්නේ ය. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො මාතාපිතුන්නං{4} පියො හොති මනාපො. නෙගමජානපදස්ස පියො හොති මනාපො. යානි තානි රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං සිප්පට්ඨානානි{5} හත්ථිස්මිං වා අස්සස්මිං වා රථස්මිං වා ධනුස්මිං වා ථරුස්මිං වා තත්ථ සික්ඛිතො හොති අනවයො.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රියරජුගේ ජ්‍යේෂ්ඨපුත්‍ර තෙමේ මවුපසින් හා පියපසින් හා යන දෙපසින් සුජාත වූයේ, පිරිසිදු මවුකුස් ඇතියේ, සත්මුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපක්‍රෝෂ නැතියේ වෙයි. උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ ප්‍රසාද එළවන සුලුයේ අභිරූප වෙයි. මාපියනට ප්‍රිය මනාප වෙයි. නියම් ගම්දනවු වැස්සනට ප්‍රිය මනාප වෙයි. හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථ ශිල්ප වේවයි, ධනුශිල්ප වේවයි, ඛඞ්ගශිල්ප වේවයි, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ශිල්පස්ථානයෝ වෙත් නම්, එහි හික්මුනේ පරිපූර්‍ණ වෙයි.
Pali BJTතස්ස එවං හොති: අහං ඛොම්හි උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි මාතාපිතුන්නං පියො මනාපො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි නෙගමජානපදස්ස පියො මනාපො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි යානි තානි රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං සිප්පට්ඨානානි හත්ථිස්මිං වා අස්සස්මිං වා රථස්මිං වා ධනුස්මිං වා ථරුස්මිං වා, තත්ථම්හි සික්ඛිතො{1} අනවයො. කස්මාහං රජ්ජං න පත්ථෙය්යන්ති?
Sinhala BJTඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් සුජාතයෙම්, පිරිසුදු මවුකුස් ඇතියෙම්, සත්මුතු පරපුර තෙක් ජාති වාදයෙන් බැහැර නො කරණ ලදුයෙම්, අනුපකෘෂ්ටයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතනෙම් ද? මම් වනාහි දැකුම්කලුයෙම් ප්‍රසාදජනකයෙම් උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයෙම් අභිරූපය යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි මා පියනට ප්‍රියමනාප යෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍ය නො පතන්නෙම් ද? මම වනාහි නියම්ගම් දනවුවැස්සනට ප්‍රිය මනාපයෙම් වෙමි. කවර හෙයින් මම රාජ්‍යය නො පතන්නෙම් ද? මම වනාහි හස්තිශිල්ප වේවයි, අශ්වශිල්ප වේවයි, රථශිල්ප වේවයි, ඛඩගශිල්ප වේවයි, මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුන්ගේ යම් ශිල්පස්ථාන කෙනෙක් වෙත් නම්, එහි හික්මුනෙම් පරිපූර්‍ණයෙම් වෙමි. කවර හෙයින් මම රජය නො පතන්නෙම් දැ?”යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො රජ්ජං පත්ථෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් රජය පතයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආස්‍රවයන්ගේ ක්‍ෂයය (නිවන) පතන්නේ ය. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං-සම්මාසම්බුද්ධො-විජ්ජාචරණසම්පන්නො-සුගතො-ලොකවිදූ-අනුත්තරො පුරිසදම්මසාරථි-සත්ථා දෙවමනුස්සානං-බුද්ධො-භගවාති.” අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අසඨො හොති අමායාවී යථාභූතං අත්තානං{2} ආවීකත්තා{3} සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ මෙ කරුණෙනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තරපුරුෂදම්‍යසාරථිහ. දෙව් මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත් හ” යි තථාගතයන් වහන්සේගේ (චතුස්සත්‍යඥාන) බෝධිය හදහයි. අල්පාතඞ්ක වූයේ ස්වල්පාබාධ වෙයි. ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නැති මධ්‍යම වූ ප්‍රධන්විර්‍ය්‍යට නිසි වූ සමව අහර පැසවන ජඨරාගනියෙන් සමන්‍වාගත වෙයි. මායා නැතියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරණුයේ සළබව් නැතියේ වේ. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස රුකුළු වැර ඇතියේ දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො හළ වැරධුර ඇතියේ ස්ථාමවත් වූයේ විහරණ කෙරෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මනා සේ දුඃඛක්‍ෂය කරා යන උදයව්‍යයට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTතස්ස එවං හොති: ‘අහං ඛොම්හි සද්ධො, සද්දහාමි තථාගතස්ස බොධිං: ‘ඉතිපි සො භගවා අරහං-සම්මාසම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං-බුද්ධො-භගවාති.’ කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි අප්පාබාධො අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි අසඨො අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා{3} සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරිසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි ආරද්ධවිරියො විහරාමි අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි පඤ්ඤවා උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. කස්මාහං අසවානං ඛයං න පත්ථෙය්යන්ති?’
Sinhala BJTඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම සැදැහැතියෙම් වෙමි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය “මෙ කරුණිනුදු ඒ භාග්‍යවත්හු අර්‍හත්හ. සම්‍යක් සම්බුද්ධයහ ... දෙව්මිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භාග්‍යවත්හ”යි හදහමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි අල්පාතඞ්ක ඇතියෙම් අල්පාබාධා ඇතියෙම්, අතිශීත නො වූ අත්‍යුෂණ නො වූ මධ්‍යම වූ ප්‍රධානක්‍ෂම වූ සම ව අහර පැසවන ජඨරාග්නියෙන් සමන්‍වාගතයෙමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය (නිර්‍වාණය) නො පතන්නෙම් ද? මම වනාහි මායා රහිතයෙමි, අශඨයෙම් ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥ සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා තතුසේ පාළ කරන්නෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂයය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස, කුශලධර්‍මයන්ගේ ලාභය පිණිස රුකුළු වැර ඇතියෙම් කුශලධර්‍මයෙහි නො හළ වැර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත්ව වෙසෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතන්නෙම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනවට දුඃඛක්‍ෂයට යන උදයව්‍යයගාමීනිප්‍රඥායෙන් සමන්‍වාගත වෙමි. කවර කරුණෙකින් මම ආස්‍රවක්‍ෂය නො පතන්නෙම් ද?
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතන්නේ ය යි.
Pali BJT5. 3. 4. 6.
Sinhala BJT5. 3. 4. 6.
Pali BJT[දුතිය පත්ථනාසුත්තං]
Sinhala BJT[දෙවැනි පත්‍ථනා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ඔපරජ්ජං පත්ථෙති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT36. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටු පුත් යුවරජ තනතුර පතන්නේ ය. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධ ගහණිකො, යාව සත්තමා පිතාමහයුගා. අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. මාතාපිතුන්නං{1} පියො හොති මනාපො. බලකායස්ස පියො හොති මනාපො. පණ්ඩිතො හොති වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං.
Sinhala BJTමහණෙනි, මූර්‍ධාභිෂික්ත වූ ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් මවුපසින් හා පියපසින් හා උභයපක්‍ෂයෙන් සුජාත වූයේ, පිරිසිදු මවුකුස ඇතියේ, සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරණ ලදුයේ උපකෘෂ්ට නො වෙයි. උත්තමරූපසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූයේ දැකුම්කලු වූයේ ප්‍රසාදජනක වූයේ විශිෂ්ට රූපසම්පත් ඇතියේ වෙයි. මවුපියනට ප්‍රියමනාප වෙයි. බලසෙනඟට ප්‍රියමනාප වෙයි. පාණ්ඩිත්‍යයෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥව්‍යක්තභාවයෙන් යුක්ත වූයේ තන්වැසි නුවණින් යුක්ත වූයේ අතීත අනාගත ප්‍රත්‍යුත්පන්න වූ වෘද්ධි අර්‍ත්‍ථයන් සිතීමෙහි ප්‍රතිබල වෙයි.
Pali BJTතස්ස එවං හොති: ‘අහං ඛොම්හි උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො, යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො. කස්මාහං ඔපරජ්ජං{2} න පත්ථෙය්යං? අහං ඛොම්හි මාතාපිතුන්නං පියො මනාපො. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි බලකායස්ස පියො මනාපො. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යං? අහං ඛොම්හි පණ්ඩිතො වියත්තො මෙධාවී පටිබලො අතීතානාගතපච්චුප්පන්නෙ අත්ථෙ චින්තෙතුං. කස්මාහං ඔපරජ්ජං න පත්ථෙය්යන්ති?
Sinhala BJTඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි මවුපසින් හා පියපසින් හා දෙපසින් ම සුජාතයෙම් පිරිසිදු මවුකුස් ඇතියෙම් සත්වන පියමුතුපරපුර තෙක් ජාතිවාදයෙන් අක්‍ෂිප්තයෙම් උපක්‍රෝශ නො ලදුයෙම් වෙමි. කවර හෙයින් මම යුවරජ තනතුරු නො පතම් ද? මම වනාහි පරමවර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගතයෙම් අභිරූපයෙම් දර්‍ශනීයයෙම් ප්‍රසාදජනකයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි මාපියනට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි බලසෙනඟට ප්‍රියමනාපයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද? මම වනාහි පණ්ඩිතයෙමි, ව්‍යක්තයෙමි, තන්වැසි නුවණැතියෙම්. අතීතානාගත ප්‍රත්‍යුත්පන්න අර්‍ත්‍ථයන් සිතීමට ප්‍රතිබලයෙමි. කවර හෙයින් මම යුවරජය නො පතම් ද?”
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස ජෙට්ඨො පුත්තො ඔපරජ්ජං පත්ථෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මූර්‍ධාභිෂික්ත ක්‍ෂත්‍රිය රජුගේ දෙටුපුත් යුවරජය පතන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙති කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධො, චතුසු සති පට්ඨානෙසු සූපට්ඨිතචිත්තො{3} හොති. ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... (ධර්‍මයෝ) ප්‍රඥායෙන් සුප්‍රතිවිද්ධ වෙත්. සතර සීවටන්හි මොනවට එළඹ සිටි සිත් ඇතියේ වෙයි. අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතිව වාස කරයි, දළපැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො හළ වැර ඇතියේ ස්ථාමවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේදයට වැටෙන මැනැවින් දුඃඛක්‍ෂයට යන උදාවියට යන ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
Pali BJTතස්ස එවං හොති: අහං ඛොම්හි සීලවා පාතිමොක්ඛසංවර සංවුතො විහරාමි, ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛාමි සික්ඛාපදෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි බහුස්සුතො සුතධරො සුතසන්නිචයො - ‘යෙ තෙ ධම්මා ආදිකල්යාණා, මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා,{1} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති.{2} ධතා{3} ච වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි චතුසු සතිපට්ඨානෙසු සූපට්ඨිතචිත්තො. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි ආරද්ධවිරියො විහරාමි අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යං? අහං ඛොම්හි පඤ්ඤවා උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. කස්මාහං ආසවානං ඛයං න පත්ථෙය්යන්ති?
Sinhala BJTඔහට මෙබඳු සිතෙක් වෙයි. “මම වනාහි සිල්වත් වෙමි. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘතයෙමි. ආචාරගෝචර සම්පන්නයෙමි. අණුමාත්‍ර වරදෙහි භය දක්නා සුල්ලෙම් වාස කරමි. සමාදන් කොට ගෙණ ශික්‍ෂාපදයෙහි හික්මෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ශ්‍රැතධරයෙමි ශ්‍රැතසන්නිචය ඇතියෙමි, බහුශ්‍රැතයෙමි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථවූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පාළ කෙරෙත් නම්, එබඳු ධර්‍මයෝ මා විසින් බහුශ්‍රුත වූවාහු ධෘත වෙත්. වචනයෙන් ප්‍රගුණ කරණ ලදහ. මනසින් අනුප්‍රේක්‍ෂිතයහ. ප්‍රඥායෙන් සුපිළිවිදුනා ලදහ. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි සතර ස්මෘතිප්‍රස්ථානයෙහි එළඹ සිටි සිහි ඇතියෙම් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා රුකුළු වැර ඇතියෙම් වෙසෙමි. කුශලධර්‍මයෙහි නො හළ වීර්‍ය්‍යධූර ඇතියෙම් දළපැරකුම් ඇතියෙම් ස්ථාමවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් ද? මම වනාහි ආර්‍ය්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු උදාවිය නුවණින් ප්‍රඥාවත් වෙමි. කවර හෙයින් මම ආස්‍රවක්‍ෂය නො පතම් දැ?”යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආසවානං ඛයං පත්ථෙතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආස්‍රවක්‍ෂය පතන්නේ යයි.
Pali BJT5. 3. 4. 7.
Sinhala BJT5. 3. 4. 7.
Pali BJT[අප්පංසුපතිසුත්තං]
Sinhala BJT[අප්පංසුපති සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. පඤ්චිමෙ භික්ඛවෙ අප්පං රත්තියා සුපන්ති, බහුං ජග්ගන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT37. මහණෙනි, මෙ පස් දෙනෙක් රාත්‍රියෙහි අල්ප කොට නිදන්නාහ. බහුල කොට නිදි වරන්නාහ. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉත්ථි භික්ඛවෙ පුරිසාධිප්පායා අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. පුරිසො භික්ඛවෙ ඉත්ථිධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. චොරො භික්ඛවෙ ආදානාධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. රාජා භික්ඛවෙ රාජකරණියෙසු යුත්තො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති. භික්ඛු භික්ඛවෙ විසංයොගාධිප්පායො අප්පං රත්තියා සුපති, බහුං ජග්ගති.
Sinhala BJTමහණෙනි, පුරුෂයන් කෙරෙහි අධිප්‍රාය ඇති ස්ත්‍රී රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, ස්ත්‍රීන් කෙරෙහි අධිප්‍රාය ඇති පුරුෂ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බහුල කොට නිදි වරයි. මහණෙනි, වස්තු පැහැර ගැණීමෙහි අධිප්‍රාය ඇති සොර රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදිවරයි. මහණෙනි, රජකරණීහි නියුතු රජ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි. මහණෙනි, කෙලෙසුන්ගෙන් මිදීමෙහි අධිප්‍රාය ඇති මහණ රාත්‍රියෙහි අල්ප කොට නිදයි. බොහෝ කොට නිදි වරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්ච අප්පං රත්තියා සුපන්ති, බහුං ජග්ගන්තීති.
Sinhala BJTමහණෙනි, මෙ පස් දෙන රාත්‍රියෙහි අල්ප කොට නිදත්. බොහෝ කොට නිදි වරත් යයි.
Pali BJT5. 3. 4. 8.
Sinhala BJT5. 3. 4. 8.
Pali BJT[භත්තාදකසුත්තං]
Sinhala BJT[භත්තාදක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT38. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො භත්තාදකො ච හොති ඔකාසඵරණො ච ලණ්ඩසාටනො{4} ච සලාකගාහී{5} ච රඤ්ඤො නාගොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT38. මහණෙනි, රජුගේ ඇත් කරුණු පසෙකින් සමන්‍වාගත වූයේ බොහෝ බත් බුදිනේ ද වෙයි. (අන්‍යයන්ට බාධාවනසේ) ඇවුරු අවකාශ ඇතියේ ද වෙයි. (තන්හි තන්හි) ලඩ හෙළනුයේත් වෙයි. ඇතුන් ගණින කලැ ලහගන්නා සුලුයේ ද වෙයි. රජුගේ හස්තියා මැ යි යන සංඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් රූප නො සහනුයේ වෙයි. ශබ්දයන් නොසහනූයේ වෙයි. ගන්‍ධයන් නොසහනුයේ වෙයි. රස නොසහනුයේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනුයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො භත්තාදකො ච හොති ඔකාසඵරණො ච ලණ්ඩසාටනො ච සලාකගාහී ච රඤ්ඤො නාගොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, රජුගේ හස්තිනාගයා මෙ කරුණු පසින් සමන්‍වාගත වූයේ භක්තාදක ද වෙයි. අවකාශස්ථරණ ද වෙයි. ලඬ හෙළනුයේ ද වෙයි. ලහ ගනුයේ ද වෙයි. “රජුගේ නාගයා ම වේ” යන සඞ්ඛ්‍යාවට ද යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භත්තාදකො ච හොති ඔකාසඵරණො ච පීඨමද්දනො{1} ච සලකගාහී ච භික්ඛුත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එ පරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනුයේත් වෙයි. අවකාශ අවුරණුයේත් වෙයි. (ඇඳ) පුටු මඩනේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක” යන සඞ්ඛ්‍යාවට ද යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපාලම්බනයන් නොසහනේ වෙයි. ශබ්දාලම්බනයන් නොසහනේ වෙයි. ගන්‍ධාලම්බනයන් නොසහනේ වෙයි. රසාලම්බනයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයන් නොසහනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භත්තාදකො ච හොති ඔකාසඵරණො ච පීඨමද්දනො ච සලකගාහී ච භික්ඛුත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ බොහෝ අහර වළඳනේ වෙයි. අවකාශ අවුරණුයේ ද වෙයි. පීඨමර්‍දන කරණුයේ ද වෙයි. ශලාකග්‍රාහී ද වෙයි. “මහණෙක් ම ය” යන සඞ්ඛ්‍යාවට ද යේ යයි.
Pali BJT5. 3. 4. 9.
Sinhala BJT5. 3. 4. 9.
Pali BJT[අක්ඛමසුත්තං]
Sinhala BJT[අක්ඛම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. පඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො න රාජාරහො හොති න රාජභොග්ගො. න රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT39. මහණෙනි, කරුණු පසෙකික් සමන්‍වාගත රාජකීය හස්ති රාජාර්‍හ නො වෙයි, රාජභෝග්‍ය නො වෙයි, “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට ද නො යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව රජුගේ ඇත් රූප නොසහනේ වෙයි. ශබ්ද නොසහනේ වෙයි. ගන්‍ධ නොසහනේ වෙයි. රස නොසහනේ වෙයි. ස්පර්‍ශ නොසහනේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිකායං වා දිස්වා අස්සකායං වා දිස්වා රථකායං වා දිස්වා පත්තිකායං වා දිස්වා සංසීදති විසීදති න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රූපානං.
Sinhala BJTමහණෙනි, රජුගේ ඇත්රජ කෙසේ නම් රූප නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාම භූමියට ගියේ ඇත්මුළ හෝ දැක අස්මුළ හෝ දැක රියසෙන් හෝ දැක පාබළසෙන් හෝ දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මැනැවින් නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නොපොහොසත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්තිරාජයා රූප නො ඉවසන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති සද්දානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිසද්දං වා සුත්වා, අස්සසද්දං වා සුත්වා රථසද්දං වා සුත්වා පත්තිසද්දං වා සුත්වා භෙරිපණව සඞ්ඛතිණවනින්නාදසද්දං වා සුත්වා සංසීදති විසීදති න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති සද්දානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත්රජ සඞ්ග්‍රාමභූමියට ගියේ ඇත්හඬ වේවයි අසා අස්හඬ වේවයි අසා රියහඬ වේවයි අසා පාබලසෙන්හඬ වේවයි අසා බෙර පණාබෙර සක් තිණව යන තූර්‍ය්‍යනාද වේවයි අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. දැඩිව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො පොහෝනේ වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ ඇත්රජ ශබ්ද නොඉවසන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති ගන්ධානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො යෙ තෙ රඤ්ඤො නාගා අභිජාතා සඞ්ගාමාවචරා, තෙසං මුත්තකරීසස්ස ගන්ධං ඝායිත්වා සංසීදති විසීදති, න සන්ථම්භති න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති ගන්ධානං.
Sinhala BJTමහණෙනි, රජුගේ හස්තිනාග කෙසේ නම් ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමයට ගියේ රජුගේ අභිජාත වූ යම් ඇත්කෙනෙක් සඞ්ග්‍රාමාවචර වූහු නම්, උන්ගේ මුත්‍රපුරීෂ ගන්‍ධය අසා ගැලෙයි. පසුබසී. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමවතරණයට නොපොහොනේ වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත්රජ ගන්‍ධයනට අක්‍ෂම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රසානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකිස්සා වා තිණොදකදත්තියා විමානිතො,{1} ද්වීහි වා තීහි වා චතුහි වා පඤ්චහි වා තිණොදකදත්තී හි විමානිතො{1} සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති රසානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ හස්තියා රසයනට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සංග්‍රාමභූමියට ගියේ එක් දිනෙක තණ දිය දීමෙකින් අපමානික වූයේ (දිනක තණදිය නො ලදුයේ) හෝ, තෘණොදකදාන දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ පසෙකින් හෝ අපමානිත වූයේ ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. මනා සේ නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට වදනට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ නාග රසයනට අක්‍ෂම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො එකෙන වා සරවෙධෙන{2} විද්ධො, ද්වීහි වා තීහි වා චතුහි වා පඤ්චහි වා සරවෙධෙහි{2} විද්ධො සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො අක්ඛමො හොති ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් සප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වේ ය යත්: මහණෙනි, මෙලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ එක් ශරවේධයෙකින් හෝ විදුනා ලදුයේ, (ශරවේධ) දෙකෙකින් හෝ තුණෙකින් හෝ සතරෙකින් හෝ ශරවේධ පසෙකින් හෝ විදුනා ලදුයේ සංසීදන කෙරෙයි. විසීදන කෙරෙයි. මනා කොට නොසිටුනේ ය. සංග්‍රාමභූමියට බස්නට නොසමත් වෙයි. මහණෙනි, මෙ සෙයින් රජුගේ ඇත් ස්ප්‍රෂ්ටව්‍යයනට අක්‍ෂම වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො න රාජාරහො හොති න රාජභොග්ගො. න රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත රාජකීය නාග රාජාර්‍ග නො වෙයි. රාජභෝග්‍ය නො වෙයි. “රාජාඞ්ගයෙක” යන ගණනට නො ම යෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු න ආහුනෙය්යො හොති, න පාහුනෙය්යො, න දක්ඛිණෙය්යො, න අඤ්ජලිකරණීයො, න අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍ග නො වෙයි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නොසහනේ වෙයි. ගන්‍ධයන් නොසහනේ වෙයි. රසයන් නොසහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නොසහනේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රූපානං? ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා රජනීයෙ රූපෙ සාරජ්ජති. න සක්කොති චිත්තං සමාදහිතුං එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රූපානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ රූපයන් නො ඉවසන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුසින් රූපාලම්බන දැක රඤ්ජනයට නිසි රූපයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැක්කේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ රූපයන් නො ඉවසන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති සද්දානං? ඉධ භික්ඛවෙ භික්ඛු සොතෙන සද්දං සුත්වා රජනීයෙ සද්දෙ සාරජ්ජති. න සක්කොති චිත්තං සමාදහිතුං එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති සද්දානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම මහණ ශබ්ද නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රෝතයෙන් ශබ්ද අසා රජනීය ශබ්දයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කරණට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ශබ්දයන් නො ඉවසන්නේ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති ගන්ධානං? ඉධ භික්ඛවෙ භික්ඛු ඝානෙන ගන්ධං ඝායිත්වා රජනීයෙ ගන්ධෙ සාරජ්ජති. න සක්කොති චිත්තං සමාදහිතුං එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති ගන්ධානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ගන්‍ධයන් නො ඉවසන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඝ්‍රාණයෙන් ගන්‍ධ අසා රජනීය ගන්‍ධයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ගන්‍ධයන් ඉවසනුවට නො හැකි වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රසානං? ඉධ භික්ඛවෙ භික්ඛු ජිව්හාය රසං සායිත්වා රජනීයෙ රසෙ සාරජ්ජති. න සක්කොති චිත්තං සමාදහිතුං එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති රසානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ රසයන් නො සහනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ජිහ්වායෙන් රස විඳ රජනීය රසයෙහි රැඳෙයි. සිත සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ රසයන් ඉවසනුවට අක්‍ෂම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති ඵොට්ඨබ්බානං? ඉධ භික්ඛවෙ භික්ඛු කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා රජනීයෙ ඵොට්ඨබ්බෙ සාරජ්ජති. න සක්කොති චිත්තං සමාදහිතුං එවං ඛො භික්ඛවෙ භික්ඛු අක්ඛමො හොති ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් ඉවසනුවට අක්‍ෂම වේය යත්: මහණෙනි, මෙ සස්නෙයි මහණ ස්ප්‍රෂ්ටව්‍යය පැහැස රජනීය ස්ප්‍රෂ්ටව්‍යයෙහි රැඳෙයි. චිත්තය සමාහිත කිරීමට නො හැකි වෙයි. මහණෙනි, මෙසේ මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න ආහුනෙය්යො හොති, න පාහුනෙය්යො, න දක්ඛිණෙය්යො, න අඤ්ජලිකරණීයො, න අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ නො වෙ යි. ප්‍රාඝුණාර්‍හ නො වෙයි. දක්‍ෂිණාර්‍හ නො වෙයි. අඤ්ජලිකරණාර්‍හ නො වෙයි. ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර නො වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො නාගො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත රජුගේ හස්තිනාග රාජාර්‍හ වෙයි. රාජභෝග්‍ය වෙයි. “රාජාඞ්ගයෙක” යන සඞ්ඛ්‍යාවට යෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති රූපානං. ඛමො හොති සද්දානං. ඛමො හොති ගන්ධානං. ඛමො හොති රසානං. ඛමො හොති ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග රූපයන් සහනු වෙයි ... ස්ප්‍රෂ්ටව්‍යයන් සහනට ක්‍ෂම වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති රූපානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිකායං වා දිස්වා අස්සකායං වා දිස්වා රථකායං වා දිස්වා පත්තිකායං වා දිස්වා න සංසීදති, න විසීදති, සන්ථම්භති, සක්කොති සඞ්ගාමං ඔතුරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති රූපානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ හස්තිනාග රූපයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ හස්තිනාග සඞ්ග්‍රාමයට ගියේ ඇත්මුළ දැක වේවයි ... සඞ්ග්‍රාමභූමියට බස්නට සමත් වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති රූපයන් සහනු වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති සද්දානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො හත්ථිසද්දං වා සුත්වා අස්සසද්දං වා සුත්වා රථසද්දං වා සුත්වා පත්තිසද්දං වා සුත්වා භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දං වා සුත්වා න සංසීදති, න විසීදති, සන්ථම්භති, සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති සද්දානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ ඇත් ශබ්දයන් සහනු වේය යත: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ හස්තිශබ්ද අසා හෝ අශ්වශබ්ද අසා හෝ රථශබ්ද අසා හෝ පදාතිශබ්ද අසා හෝ භේරිපණවශඞ්ඛතිණවනිනාද අසා හෝ සංසීදන නො කෙරෙයි. විසීදන නො කෙරෙයි. සංස්තම්භන කෙරෙහි. සඞ්ග්‍රාමභූමියට වදනට හැකි වෙයි. මහණෙනි, මෙසේ රජුගේ ඇත් ශබ්දයන් සහනු වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති ගන්ධානං? ඉධ භික්ඛවෙ රඤ්ඤො නාගො සඞ්ගාමගතො යෙ තෙ රඤ්ඤො නාගා අභිජාතා සඞ්ගාමාවචරා, තෙසං මුත්තකරීසස්ස ගන්ධං ඝායිත්වා න සංසීදති, න විසීදති, සන්ථම්භති, සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවං ඛො භික්ඛවෙ රඤ්ඤො නාගො ඛමො හොති ගන්ධානං.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වේය යත්: මහණෙනි, මෙ ලොව්හි රජුගේ ඇත් සඞ්ග්‍රාමභූමියට ගියේ රජුගේ යම් අභිජාත වූ සඞ්ග්‍රාමාවතීර්‍ණ වූ හස්තිහූ වෙත් නම්, ඔවුන්ගේ මූත්‍රපුරීෂගන්‍ධ අසා සංසීදන නො කරයි. විසීදන නො කරයි. සංස්තම්භන කරයි. සඞ්ග්‍රාමභූමියට බස්නට හැකි වෙයි. මහණෙනි, මෙසෙයින් රජුගේ හස්ති ගන්‍ධයන් සහනු වෙයි.