Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6801-6900 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, සම්මාවාචා ච හොති, සම්මා කම්මන්තා ච, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTදැනැ කරුණු විමසා අවර්‍ණාර්‍හයාගේ අවර්‍ණය කියයි. දැනැ කරුණු විමසා වර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. සම්‍යග්වචන ඇත්තී වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි උපදිනී වේ ය යි.
Pali BJT5. 3. 2. 10.
Sinhala BJT5. 3. 2. 10.
Pali BJT[මිච්ඡාවායාම සුත්තං]
Sinhala BJT[මිච්ඡාවායාම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT20. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, මිච්ඡාවායාමා ච හොති, මිච්ඡාසතිනී ච, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො දැනැ කරුණු නො විමසා අවර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. නො දැනැ කරුණු නො විමසා වර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. මිථ්‍යාව්‍යායාම ඇත්තී ද වෙයි. මිථ්‍යාස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් යුත් භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, සම්මාවායාමා ච හොති, සම්මාසතිනී ච, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTදැනැ කරුණු විමසා අවර්‍ණාර්‍හයාගේ නුගුණ කියයි. දැනැ කරුණු විමසා වර්‍ණාර්‍හයාගේ ගුණ කියයි. සම්‍යග්ව්‍යායාම ඇත්තී ද වෙයි. සම්‍යක්ස්මෘති ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වේ ය යි.
Pali BJTඅන්ධකවින්දවග්ගො දුතියො.
Sinhala BJTඅන්‍ධකවින්‍දවර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකුලූපගො, පච්ඡාසමණො සමාධි අන්ධකවින්දං මච්ඡරී වණ්ණනා ඉස්සා දිට්ඨිවාචාය වායාමාති.{1}
Sinhala BJTකුලූපග සූත්‍රය, පච්ඡාසමණ සූත්‍රය, සම්මාසමාධි සූත්‍රය, අන්‍ධකවින්‍ද සූත්‍රය, මච්ඡරිනී සූත්‍රය, වණ්ණ සූත්‍රය, ඉස්සුකීය සූත්‍රය, මිච්ඡාදිට්ඨික සූත්‍රය, මිච්ඡාවාචා සූත්‍රය, මිච්ඡාවායාම සූත්‍රය යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. ගිලානවග්ගො
Sinhala BJT3. ගිලාන වර්‍ගය
Pali BJT5. 3. 3. 1.
Sinhala BJT5. 3. 3. 1.
Pali BJT[ගිලානසුත්තං]
Sinhala BJT[ගිලාන සූත්‍රය]
Pali BJT21. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන ගිලානසාලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං දුබ්බලං ගිලානකං. දිස්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT21. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසාලායෙහි මහාවනයෙහි වූ කූටාගාරසාලායෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පිළිසලනින් නැඟී සිටි සේක් ගිලන්හල කරා වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ එක්තරා දුබල ගිලන් මහණකු දුටු සේක. දැක පැන්වූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක:
Pali BJTයං කඤ්චි{1} භික්ඛවෙ දුබ්බලං{2} ගිලානකං පඤ්ච ධම්මා න විජහන්ති, තස්සෙතං පාටිකඞ්ඛං: න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති කතමෙහි පඤ්ච:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍ම කෙනෙක් යම් කිසි දුබල ගිලනක්හු නොපියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිතවූ චිත්තවිමුක්තිය ද, ප්‍රඥාවිමුක්තිය ද තෙමේ දැනැ ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි. කවර පස් දෙනෙක් යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසංඛාරෙසු අනිච්චානුපස්සී, මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කරජකායයෙහි අශුභය නුවණින් දක්මින් වෙසෙයි. ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, හැම සංස්කාරයෙහි අනිත්‍යානුදර්ශීව වෙසෙයි. මරණසංඥාව ඔහුගේ සිත්හි මොනොවට එළඹ සිටියා වෙයි.
Pali BJTයං කඤ්චි{1} භික්ඛවෙ දුබ්බලං{2} ගිලානකං ඉමෙ පඤ්ච ධම්මා න විජහන්ති, තස්සෙතං පාටිකඞ්ඛං: න චිරස්සෙව ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ යම් කිසි දුබල ගිලනක්හු නො පියා සිටිත් නම්, ඔහු විසින් නොබෝකලෙකින් ම ආස්‍රව ක්‍ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය තෙමේ දැනැ පසක් කොට එයට පැමිණ වාස කරන්නේ ය යන තෙල කරුණ කැමැති විය යුතු යි.
Pali BJT5. 3. 3. 2.
Sinhala BJT5. 3. 3. 2.
Pali BJT[සතිසූපට්ඨිතසුත්තං]
Sinhala BJT[සතිසූපට්ඨිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. යො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුනී වා පඤ්ච ධම්මෙ භාවෙති, පඤ්ච ධම්මෙ බහුලීකරොති, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කතමෙ පඤ්ච:
Sinhala BJT22. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, කරුණු පසක් වඩා නම්, කරුණු පසක් බහුල කෙරේ නම්, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇතිවත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො අජ්ඣත්තං යෙව සති සූපට්ඨිතා හොති, ධම්මානං උදයත්ථගාමිනියා පඤ්ඤාය අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසංඛාරෙසු අනිච්චානුපස්සී.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අධ්‍යාත්මයෙහිම ස්මෘතිය මැනැවින් එළැඹ සිටියා වෙයි. ස්කන්‍ධධර්‍මයන්ගේ උදයව්‍යය පිරිසිඳිනට සමර්‍ත්‍ථ වූ ප්‍රඥායෙන් කයෙහි අශුභානුදර්ශි වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී ව වෙසෙයි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුනී වා ඉමෙ පඤ්ච ධම්මෙ භාවෙති, ඉමෙ පඤ්ච ධම්මෙ බහුලීකරොති, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ පඤ්චධර්‍මයන් වඩනේ ද, මේ පඤ්චධර්‍මයන් බහුල කෙරේ ද, ඔහු විසින් ඉහාත්මයෙහි ම අර්‍හත්ත්‍වය හෝ උපාදිශේෂයක් ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යන උභය ඵලයන්ගෙන් අතුරෙන් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු යි.
Pali BJT5. 3. 3. 3.
Sinhala BJT5. 3. 3. 3.
Pali BJT[දූපට්ඨාකගිලානසුත්තං]
Sinhala BJT[දූපට්ඨාක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨාකො{1} හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT23. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅසප්පායකාරී හොති සප්පායෙ මත්තං න ජානාති. භෙසජ්ජං න පටිසෙවිතා හොති. අත්ථකාමස්ස ගිලානූපට්ඨාකස්ස න යථාභූතං ආබාධං ආවීකත්තා හොති. අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති ඨිතං වා ඨිතො’ති උප්පන්නානං වා සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අනධිවාසකජාතිකො හොති.
Sinhala BJTඅසත්ප්‍රාය (ලෙඩට අහිත) දෑ කරණ සුලුයේ වෙයි. සත්ප්‍රායයෙහි (හිත දෑහි) පමණ නොදන්නේ වෙයි. බෙහෙසද් නො සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකහට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද පවත්නා රෝගය හෝ පවත්නේ ය යි ද යථාභූත ආබාධය පාළ නො කරණුයේ වෙයි. උපන් දුක් වූ තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් නො ඉවසන සුලුයේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානො දූපට්ඨාකො හොති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට නො පහසු වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨාකො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසප්පායකාරී හොති. සප්පායෙ මත්තං ජානාති. භෙසජ්ජං පටිසෙවිතා හොති. අත්ථකාමස්ස ගිලානූපට්ඨාකස්ස යථාභූතං ආබාධං ආවීකත්තා හොති: අභික්කමන්තං වා අභික්කමතීති, පටික්කමන්තං වා පටික්කමතීති, ඨිතං වා ඨිතොති. උප්පන්නානං වා සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොති.
Sinhala BJTසත්ප්‍රායකාරී වෙයි. සත්ප්‍රායයෙහි පමණ දන්නේ වෙයි. බෙහෙසද් සෙවුනේ වෙයි. හිත කැමති ග්ලානෝපස්ථායකයාට වැඩෙන රෝගය වැඩේ ය යි ද සන්හිඳුනා රෝගය සන්හිඳේ ය යි ද ස්ථිත රෝගය ස්ථිත ය යි ද යථාභූත ආබාධය පාළ කරණුයේ වෙයි. උපන් දුක වු තීව්‍ර වූ රළු වූ කටුක වූ අමධුර වූ අමනාප වූ ප්‍රාණහර වූ ශාරීරික වේදනාවන් ඉවසන සැහැවි ඇතියේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානො සූපට්ඨාකො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ගිලන් තෙමේ උවටනට පහසු වූයේ වෙයි.
Pali BJT5. 3. 3. 4.
Sinhala BJT5. 3. 3. 4.
Pali BJT[ගිලානූපට්ඨාකසුත්තං]
Sinhala BJT[ගිලානුපට්ඨාක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානූපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT24. මහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලන් උවටනට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
Pali BJTන පටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං. සප්පායාසප්පායං න ජානාති, අසප්පායං උපනාමෙති, සප්පායං අපනාමෙති. ආමිසන්තරො ගිලානං උපට්ඨහති නො මෙත්තචිත්තො. ජෙගුච්ඡි හොති උච්චාරං වා පස්සාවං වා වන්තං වා ඛෙළං වා නීහරිතුං න පටිබලො{2} හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං.
Sinhala BJTබෙහෙසද් සංවිධාන කරන්නට ප්‍රතිබල නො වෙයි. සත්ප්‍රාය දෑ හා අසත්ප්‍රාය දෑ නො දන්නේ අසත්ප්‍රාය දෑ එළවයි, සත්ප්‍රාය දෑ බැහැර කෙරෙයි. මෙත්සිත් නැතියේ ලාභාපේක්‍ෂා ඇතියේ ගිලනා වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලන්නට ජුගුප්සා ඇතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු දක්වන්නට හෝ සමාදන් කරවන්නට හෝ තෙද ගන්වන්නට හෝ පහන් කරවන්නට හෝ ප්‍රතිබල නො වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානූපට්ඨාකො නාලං ගිලානං උපට්ඨාතුං.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායක ගිලනුන් උවටනට නො නිසි වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ගිලානූපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්ච ධර්‍මයෙකින් සමන්‍වාගත ග්ලානොපස්තථායක ගිලනුන් උවටනට නිස්සේ වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTපටිබලො හොති භෙසජ්ජං සංවිධාතුං. සප්පායාසප්පායං ජානාති, අසප්පායං අපනාමෙති, සප්පායං උපනාමෙති. මෙත්තචිත්තො ගිලානං උපට්ඨහති නො ආමිසන්තරො. අජෙගුච්ඡී හොති උච්චාරං වා පස්සාවං වා වන්තං වා ඛෙළං වා නීහරිතුං. පටිබලො හොති ගිලානං කාලෙන කාලං ධම්මියා කථාය සන්දස්සෙතුං. සමාදපෙතුං සමුත්තෙජෙතුං සම්පහංසෙතුං.
Sinhala BJTබෙහෙසද් සංවිධාන කිරීමට ප්‍රතිබල වෙයි. සත්ප්‍රාය හා අසත්ප්‍රාය හා දන්නේ අසත්ප්‍රාය දෑ බැහැර කරයි, සත්ප්‍රාය එළවයි. ලාභාපේක්‍ෂා නැතියේ මෙත්සිතැතියේ ගිලන්හු වටයි. මල හෝ මූ හෝ වමන හෝ කෙළ හෝ බැහැර ලනුවට ජුගුප්සා නැතියේ වෙයි. කලින් කල ගිලනහු දැහැමි කථායෙන් කරුණු ගන්වන්නට සමාදන් කරවන්නට උත්සුක කරවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ගිලානූපට්ඨාකො අලං ගිලානං උපට්ඨාතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ග්ලානෝපස්ථායකයා ගිලනුන් වටනට නිසි වේ ය යි.
Pali BJT5. 3. 3. 5.
Sinhala BJT5. 3. 3. 5.
Pali BJT[පඨම ආයුස්සසුත්තං]
Sinhala BJT[ප්‍රථම අනායුස්සා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා අනායුස්සා. කතමෙ පඤ්ච:
Sinhala BJT25. මහණෙනි, මේ අනායුෂ්‍ය (දායු හිතනොවු) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඅසප්පායකාරී හොති, සප්පායෙ මත්තං න ජානාති, අපරිනතභොජී ච හොති, අකාලචාරි ච හොති, අබ්රහ්මචාරී ච. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා අනායුස්සා.
Sinhala BJTඅසත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දන්නේ ය, අපරිණත භෝගී (ගත් අහර නොදිරූ කල්හි අනුභව කරන්නේ) ද වෙයි, නොකල්හි සැරිසරණුයේ වෙයි, බ්‍රම්සර නැතියේ ද වෙයි. මහණෙනි ,මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා ආයුස්සා. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි මේ ආයුෂ්‍ය (අයුෂට හිතකර) ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසප්පායකාරී හොති, සප්පායෙ මත්තං ජානාති, පරිනතභොජී ච හොති, කාලචාරි ච හොති, බ්රහ්මචාරි ච. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා ආයුස්සා ති.
Sinhala BJTසත්ප්‍රායකාරී වේ, සත්ප්‍රායයෙහි මාත්‍රා දන්නේ ය, පරිණතභෝජි ද වෙයි, කල්හි හැසිරෙණුයේ ද වෙයි, බ්‍රම්සර ඇතියේ ද වෙයි. මහණෙනි ,මේ ආයුෂ්‍ය ධර්‍ම පස යි.
Pali BJT5. 3. 3. 6.
Sinhala BJT5. 3. 3. 6.
Pali BJT[දුතිය ආයුස්සසුත්තං]
Sinhala BJT[ද්විතීය අනායුස්සා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා අනායුස්සා. කතමෙ පඤ්ච:
Sinhala BJT26. මහණෙනි, මේ අනායුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්,
Pali BJTඅසප්පායකාරී හොති, සප්පායෙ මත්තං න ජානාති, අපරිනතභොජී ච හොති, දුස්සීලො ච, පාපමිත්තො ච. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා අනායුස්සා.
Sinhala BJTඅසත්ප්‍රායකාරි වෙයි, සත්ප්‍රායයෙහි මාත්‍රා නො දනී, අපරිණතභෝජි ද වෙයි, දුශ්හීල ද වෙයි, පවිටු මිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ අනායුෂ්‍යධර්‍ම පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා ආයුස්සා, කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මෙ අයුෂ්‍ය ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසප්පායකාරී හොති, සප්පායෙ මත්තං ජානාති, පරිනතභොජී ච හොති, සීලවා ච, කල්යාණමිත්තො ච. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා ආයුස්සා ති.
Sinhala BJTසත්ප්‍රායකාරී වෙයි, සත්ප්‍රායයෙහි පමණ දනී, පරිණතභෝජි ද වෙයි, සිල්වත් ද වෙයි, කලණමිතුරන් ඇතියේ ද වේ. මහණෙනි, මේ ආයුෂ්‍ය ධර්‍ම පසයි.
Pali BJT5. 3. 3. 7.
Sinhala BJT5. 3. 3. 7.
Pali BJT[වපකාසසුත්තං]
Sinhala BJT[වපකාස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං සඞ්ඝම්හා වපකාසිතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT27. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, කාමසඞ්කප්පබහුලො ච විහරති.
Sinhala BJTමහණෙනි, මේ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් (ලද පරිදි යම් මැ සිවුරකින්) නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. කාමසංකල්ප බහුල ව ද වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නාලං සඞ්ඝම්හා වපකාසිතුං.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නො නිසි වේ ය යි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං සඞ්ඝම්හා වපකාසිතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්ච ධර්‍මයෙක්න් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙයි. කවර පසෛකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, නෙක්ඛම්මසඞ්කප්පබහුලො ච විහරති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යභෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වෙයි. නෛෂ්ක්‍රම්‍යසංකල්ප බහුල ව ද වෙසේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං සඞ්ඝම්හා වපකාසිතුන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සඟුන් කෙරෙන් වියෝ ව වසන්නට නිසි වෙ ය යි.
Pali BJT5. 3. 3. 8.
Sinhala BJT5. 3. 3. 8.
Pali BJT[සමණදුක්ඛ - සුඛ සුත්තං]
Sinhala BJT[සමණදුක්ඛ - සුඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. පඤ්චිමානි භික්ඛවෙ සමණදුක්ඛානි. කතමානි පඤ්ච:
Sinhala BJT28. මහණෙනි, මේ මහණදුක් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, අසන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අනභිරතො ච බ්රහ්මචරියං චරති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සමණදුක්ඛානි.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් නොසතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් නොසතුටු වෙයි. ඉතරෙතරග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් නොසතුටු වෙයි. සස්නෙහි ඇලුම් නැති ව බඹසර සරයි. මහණෙනි, මේ මහණදුක් පස යි.
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ සමණසුඛානි. කතමානි පඤ්ච:
Sinhala BJTමහණෙනි, මෙ මහණ සුව පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අභිරතො ච බ්රහ්මචරියං චරති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච සමණසුඛානී ති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඉතරෙතර චීවරයෙන් සතුටු වෙයි. ඉතරෙතර පිණ්ඩපාතයෙන් සතුටු වෙයි. ඉතරෙතර ශයනාසනයෙන් සතුටු වෙයි. ඉතරෙතර ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් සතුටු වෙයි. සස්නෙහි ඇලුම් ඇති ව බ්‍රම්සර ද හැසිරෙයි. මහණෙනි, මේ මහණසුව පස යි.
Pali BJT5. 3. 3. 9.
Sinhala BJT5. 3. 3. 9.
Pali BJT[පරිකුප්පසුත්තං]
Sinhala BJT[පරිකුප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. පඤ්චිමෙ භික්ඛවෙ ආපායිකා නෙරයිකා පරිකුප්පා අතෙකිච්ඡා. කතමෙ පඤ්ච:
Sinhala BJT29. මහණෙනි, මේ අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්‍ය (කිපෙන සැහැවි ඇති) වූවාහු පිළියම් නොකට හැකියාහු පස් දෙනෙකි. කවර පස් දෙනක යත්:
Pali BJTමාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති, අරහං{1} ජීවිතා වොරොපිතො හොති, තථාගතස්ස දුට්ඨෙන චිත්තෙන ලොහිතං උප්පාදිතං හොති, සඞ්ඝො භින්නො හොති.
Sinhala BJTමව දිවියෙන් තොර කරණ ලදු වෙයි, පියා දිවියෙන් තොර කරණ ලද වෙයි, අර්‍හත් දිවියෙන් තොර කරණ ලද වෙයි, දුෂ්ටචිත්තයෙන් තථාගතයන්ගේ ලෙහෙ උපදවන ලද වෙයි, සඞ්ඝයා බිඳින ලද වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආපායිකා නෙරයිකා පරිකුප්පා අතෙකිච්ඡා ති.
Sinhala BJTමහණෙනි, මොහු පස්දෙන අපායගාමීහු නිරයගාමීහු පරිකෝප්‍ය (පැරණි වණයන් වැනි) වූවාහු පිළියම් නොකට හැකියාහු වෙත් ය යි.
Pali BJT5. 3. 3. 10.
Sinhala BJT5. 3. 3. 10.
Pali BJT[සම්පදාසුත්තං]
Sinhala BJT[සම්පදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. පඤ්චිමානි භික්ඛවෙ බ්යසනානි. කතමානි පඤ්ච:
Sinhala BJT30. මහණෙනි, මේ ව්‍යසන (විපත්) පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඤාතිබ්යසනං, භොගබ්යසනං, රොගබ්යසනං, සීලබ්යසනං, දිට්ඨිබ්යසනං.
Sinhala BJTඥාතිව්‍යසනය, භෝගව්‍යසනය, රෝගව්‍යසනය, ශීලව්‍යසනය, ද්‍රෂ්ටිව්‍යසන යී.
Pali BJTන භික්ඛවෙ සත්තා ඤාතිබ්යසනහෙතු වා භොගබ්යසනහෙතු වා රොගබ්යසනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.{2}
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ ඥාතිව්‍යසනහේතුවින් වේවයි, භෝගව්‍යසනහේතුවින් වේවයි, රොගව්‍යසනහේතුවින් වේවයි, කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම්වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙත්.
Pali BJTසීලබ්යසනහෙතු වා භික්ඛවෙ සත්තා දිට්ඨිබ්යසනහෙතු වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.2{2}
Sinhala BJTමහණෙනි, ශීලව්‍යසනහේතුවින් වේවයි, දෘෂ්ටිව්‍යසනහේතුවින් වේවයි සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච බ්යසනානි.
Sinhala BJTමහණෙනි, මේ ව්‍යසන පස යි.
Pali BJTපඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ සම්පත් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඤාතිසම්පදා, භොගසම්පදා, ආරොග්යසම්පදා, සීලසම්පදා, දිට්ඨිසම්පදා.
Sinhala BJTඥාතිසම්පද් හා භෝගසම්පද් හා ආරොග්‍යසම්පද් හා ශීලසම්පද් හා දෘෂ්ටිසම්පද් හා යැ.
Pali BJTන භික්ඛවෙ සත්තා ඤාතිසම්පදාහෙතු වා භොගසම්පදාහෙතු වා ආරොග්යසම්පදාහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ ඥාතිසම්පද්හේතුවින් වේවයි, භෝගසම්පද්හේතුවින් වේවයි, ආරොග්‍යසම්පද්හේතුවින් වේවයි කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට නො පැමිණෙත්.
Pali BJTසීලසම්පදාහෙතු වා භික්ඛවෙ සත්තා දිට්ඨිසම්පදාහෙතු වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති.
Sinhala BJTමහණෙනි, සත්ත්‍වයෝ ශීලසම්පද්හේතුවින් හෝ දෘෂ්ටිසම්පද්හේතුවින් හෝ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට පැමිණෙත්.
Pali BJTඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදා ති.
Sinhala BJTමහණෙනි, මේ සම්පත් පස යි.
Pali BJTගිලානවග්ගො තතියො.
Sinhala BJTගිලාන වර්‍ගය තුන් වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTගිලානො සතිපට්ඨානං ද්වෙ උපට්ඨාකා ද්වායුසා වපකාසසමණසුඛානි පරිකුප්පො ච සම්පදාති.
Sinhala BJTගිලාන සූත්‍ර ය, සතිසූපට්ඨිත සූත්‍ර ය, උපට්ඨාක සූත්‍ර දෙක ය, අනායුස්ස සූත්‍ර දෙක ය, වපකාස සූත්‍ර ය, සමණසූඛ සූත්‍ර ය, පරිකුප්ප සූත්‍ර ය, සම්පදා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
Pali BJT4. රාජවග්ගො
Sinhala BJT4. රාජ වර්‍ගය
Pali BJT5. 3. 4. 1.
Sinhala BJT5. 3. 4. 1.