Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6701-6800 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT9. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු චාතුද්දිසො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ආචාරගෝචර සම්පන්න වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙන් සංවෘත වූයේ වාස කරයි, අණුමාත්‍ර වරදෙහි භය දක්නාසුලුයේ ශික්‍ෂාපදයෙහි සමාදන් කොට ගෙණ හික්මෙයි.
Pali BJTබහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සබ්යඤ්ජනා{1} කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්‍ම කෙනෙක් කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රැතවූවාහු ධරණ ලද්දාහු වෙත්, වචනයෙන් පිරිවහන ලදහු වෙත්, මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්, ප්‍රඥාදෘෂ්ටියෙන් මොනොවට පිළිවිදුනා ලද වෙත්.
Pali BJTසන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන.
Sinhala BJTඉතරෙතර (යථාලාභ වූ) චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයෙන් සතුටු වූයේ වෙයි.
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සෙයින් ලබනසුලුයේ නිදුකින් ලබනසුලුයේ විපුල කොට ලබනසුලුයේ වෙයි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තෙමේ ඉහාත්මයෙහි මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාස කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු චාතුද්දිසො හොතීති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ සිවුදික්හි නො පැකිලි ආචාර ඇතියේ වේ ය යි.
Pali BJT5. 3. 1. 10.
Sinhala BJT5. 3. 1. 10.
Pali BJT[අරඤ්ඤසුත්තං]
Sinhala BJT[අරඤ්ඤ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT10. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ වන සෙනසුන් හා වෙනෙහි දුර සෙනසුන් හා ගැඹුරු වල්සෙනසුන් හා සෙවුනට නිසි වූයේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සමාදන් කොට ගෙන සිකපදයෙහි හික්මෙයි.
Pali BJTබහුස්සුතො හොති -පෙ- තථාරූපාස්ස ධම්මා -පෙ- දිට්ඨියා සුප්පටිවිද්ධා.
Sinhala BJTබහුශ්‍රුත වෙයි ... බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ එබඳු ධර්‍මයෝ … නුවණින් මොනොවට පිළිවිදුනා ලද්දාහු වෙත්.
Pali BJTආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTඅකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹුවැර ඇතියේ වාස කරයි. වීර්‍ය්‍යස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයෙහි නො බහා ලූ ධූර ඇතියේ වෙයි.
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති. අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැතිසෙයින් ලබනසුලු වූයේ නිදුකින් ලබනසුලු වූයේ විපුල කොට ලබනසුලු වූයේ වෙයි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලං අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ කරුණු පසින් සමන්‍වාගත මහණ අරණ්‍යයෙහි වානප්‍රස්ථයෙහි වනපර්‍ය්‍යන්තයෙහි ශයනාසනයන් සෙවුනට නිසි වේ ය යි.
Pali BJTඵාසුවිහාරවග්ගො පඨමො
Sinhala BJTඵාසුවිහාර වර්‍ගය පළමු වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසාරජ්ජං සඞ්කිතො චොරො සුඛුමාලං ඵාසු පඤ්චමං{1} ආනන්ද සීලා සෙඛා ච{2} චාතුද්දිසො අරඤ්ඤෙන චාති
Sinhala BJTවේසාරජ්ජ සූත්‍රය, සඞ්කිත සූත්‍රය, මහාචෝර සූත්‍රය, සමණ සුඛුමාල සූත්‍රය, පස්වැනි ඵාසුවිහාර සූත්‍රය, ආනන්‍ද සූත්‍රය, සීලසම්පන්න සූත්‍රය, අසේඛ සූත්‍රය, චාතුද්දිස සූත්‍රය, අරඤ්ඤ සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
Pali BJT2. අන්ධකවින්දවග්ගො
Sinhala BJT2. අන්‍ධකවින්‍ද වර්‍ගය
Pali BJT5. 3. 2. 1.
Sinhala BJT5. 3. 2. 1.
Pali BJT[කුලූපගසුත්තං]
Sinhala BJT[කුලුපග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො කුලූපගො භික්ඛු කුලෙසු අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJT11. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය (බුහුමනට අනිසි) ද වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅසන්ථුතවිස්සාසී{1} ච හොති, අනිස්සරවිකප්පී ච, වියත්ථුපසෙවී{2}ච, උපකණ්ණකජප්පී ච, අතියාචනකො ච.
Sinhala BJTඅසංස්තුතයන් (තමා හා මිත්‍ර නොවූවන්) කෙරෙහි විශ්වාස ඇතියේද වෙයි. අනීශ්වර වූයේ (අධිපතියකු සෙයින්) විකල්පන (විධාන) කරනුයේ ද වෙයි. වියත්‍ථුපසෙවි (විඝටිත කුලයන් නැවත ඝටනුවස් සෙවුනේ) ද වෙයි. උපකර්‍ණජලපී (කණෙහි කොඳුරණුයේ) ද වෙයි. අතියාචනක (ඉබොහෝ යදනේ) ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො කුලූපගො භික්ඛු කුලෙසු අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලන්හි අප්‍රිය, අමනාප, අගරු, අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො කුලූපගො භික්ඛු කුලෙසු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත කුලෝපග මහණ කුලෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය ද වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTන අසන්ථුතවිස්සාසී{2} ච හොති, න අනිස්සරවිකප්පී ච, න වියත්ථුපසෙවී{2}ච, න උපකණ්ණකජප්පී ච, න අතියාචනකො ච.
Sinhala BJTඅසංස්තුතයන් කෙරෙහි විශ්වාස ඇතියේ ද නො වෙයි. ඊශ්වරවිකල්පී ද නො වෙයි. වියත්‍ථූපසෙවී ද නො වෙයි. උපකර්‍ණජල්පී ද නො වෙයි. අතියාචනක ද නො වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො කුලූපගො භික්ඛු කුලෙසු පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත කුලෝපග මහණ කුලයෙහි ප්‍රිය, මනාප, ගරු, භාවනීය (බුහුමනට නිසි) ද වේ යයි.
Pali BJT5. 3. 2. 2.
Sinhala BJT5. 3. 2. 2.
Pali BJT[පච්ඡාසමණසුත්තං]
Sinhala BJT[පච්ඡාසමණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො න ආදාතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT12. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත පසුමහණ (උවටැන් සඳහා තමා කැටුව යන මහණ සේ) නො ගත යුත්තේය. කවර පසෙකින් යත්:
Pali BJTඅතිදූරෙ වා ගච්ඡති අච්චාසන්නෙ වා, න පත්තපරියාපන්නං ගණ්හාති, ආපත්තිසාමන්තා භණමානං න නිවාරෙති, භණමානස්ස අන්තරන්තරා කථං ඔපාතෙති, දුප්පඤ්ඤො හොති ජළො එළමූගො.
Sinhala BJTඉතා දුරෙහි හෝ යෙයි, අත්‍යාසන්නයෙහි හෝ යෙයි, පාත්‍රපර්‍ය්‍යාපන්නය (පාත්‍රයෙන් දුන් දැය) නො ගන්නේ වෙයි. ආපත්ති සාමන්ත කොට (ඇවැත් වියහැකි) වචන බණනුවහු (මෙබඳු බස් නො කිය යුතුයයි) නො වළහන්නේ ය. ඔහු (උවදෑ තෙරුන්) බෙණෙත් ම අතරතුරැ කථා හෙලණුයේ වෙයි. ජඩ (බුද්ධි රහිත) වූයේ කෙළතොලු වූයේ දුස්ප්‍රාඥ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො න ආදාතබ්බො.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත පසුමහණ නො ගත යුත්තේ ය.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො ආදාතබ්බො. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත පසුමහණ ගතයුතු වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTනාතිදූරෙ ගච්ඡති න අච්චාසන්නෙ, පත්තපරියාපන්නං ගණ්හාති, ආපත්තිසාමන්තා භණමානං නිවාරෙති, භණමානස්ස න අන්තරන්තරා කථං ඔපාතෙති, පඤ්ඤවා හොති අජළො අනෙළමූගො.
Sinhala BJTඉතා දුරෙහි නොයෙයි, ඉතා ආසන්නයෙහි නොයෙයි. පාත්‍රපර්‍ය්‍යාපන්නය ගන්නේය. ආපත්ති සාමන්ත කොට බණන්නහු වළහන්නේ ය. ඔහු බණත් ම අතරතුර කථා නො හෙළන්නේය. ජඩ නො වූයේ කෙළතොලු නො වූයේ ප්‍රාඥ (නැණවත්) වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පච්ඡාසමණො ආදාතබ්බොති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත පසුමහණ ගතයුතු වෙයි.
Pali BJT5. 3. 2. 3.
Sinhala BJT5. 3. 2. 3.
Pali BJT[සම්මාසමාධිසුත්තං]
Sinhala BJT[සම්මාසමාධි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT13. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාස කරන්නට අභව්‍ය (නුසුදුසු) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් නො සහනේ වෙයි. ශබ්දයන් නො සහනේ වෙයි. ගන්‍ධයන් නො සහනේ වෙයි. රසයන් නො සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් නො සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි ඇලුනේ වෙයි.)
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතතො භික්ඛු අභබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වෙසෙනුවට අභව්‍ය වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මහණ සම්‍යක් සමාධියට එළඹ වාසකරණුවට භව්‍ය වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රූපයන් සහනේ වෙයි. ශබ්දයන් සහනේ වෙයි. ගන්‍ධයන් සහනේ වෙයි. රසයන් සහනේ වෙයි. ස්ප්‍රෂ්ටව්‍යයන් සහනේ වෙයි. (රූපාදි අරමුණු පසෙහි නො ඇලුනේ වෙයි.)
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සම්මාසමාධිං උපසම්පජ්ජ විහරිතුන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සම්‍යක්සමාධියට එළඹ වසන්නට භව්‍ය වෙ යි.
Pali BJT5. 3. 2. 4.
Sinhala BJT5. 3. 2. 4.
Pali BJT[අන්ධකවින්දසුත්තං]
Sinhala BJT[අන්‍ධකවින්‍ද සූත්‍රය]
Pali BJT14. එකං සමයං භගවා මගධෙසු විහරති අන්ධකවින්දෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJT14. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට අන්‍ධකවින්‍දයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.
Pali BJTයෙ තෙ ආනන්ද භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො ආනන්ද භික්ඛූ පඤ්චසු ධම්මෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා. කතමෙසු පඤ්චසු:
Sinhala BJTආනන්‍දයෙනි, නවක වූ පැවිදිව නොබෝ කල් ඇති මෙ සස්නට අලුත පැමිණි යම් භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ආනන්‍දයෙනි, තොප විසින් එ මහණහු පස්දහමෙක සමාදන් කරවිය යුතු වෙති. යෙදවිය යුතු වෙති. පිහිටුවිය යුතු වෙති. කවර පසෙක යත්:
Pali BJT”එථ තුම්හෙ ආවුසො, සීලවා හොථ පාතිමොක්ඛසංවරසංවුතා විහරථ ආචාරගොචරසම්පන්නා, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවිනො සමාදාය සික්ඛථ සික්ඛාපදෙසූති” ඉති පාතිමොක්ඛසංවරෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJT“එව ඇවැත්නි, තෙපි සිල්වත් වැ, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘතව වසව, අණුමාත්‍ර වරදෙහිදු භය දක්නාහු, ආචාරගෝචරසම්පන්න වූවහු සමාදන් කොටගෙන සිකපදයෙහි මොනවට හික්මෙව” යි සීල සංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
Pali BJT“එථ තුම්හෙ ආවුසො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරා විහරථ ආරක්ඛසතිනො නිපක්කසතිනො සාරක්ඛිතමානසා සතාරක්ඛෙන චෙතසා සමන්නාගතාති.” ඉති ඉන්ද්රියසංවරෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJT“එව ඇවැත්නි, තෙපි ඉන්‍ද්‍රියයෙහි පියු දොර ඇතිවැ වසවු, (ද්වාරයන්) ආරක්‍ෂා කරණ සිහි ඇතිවැ (ද්වාරයන්) රක්නා සිහි නුවණ ඇතිවැ මොනවට රක්නාලද සිත් ඇතිවැ ස්මෘති ආරක්‍ෂා සහිත සිතින් සමන්‍වාගත වූවහු වාස කරව” යි ඉන්‍ද්‍රියසංවරයෙහි සමාදන් කරවියයුතු වෙති, යෙදවියයුතු වෙති, පිහිටුවියයුතු වෙති.
Pali BJT“එථ තුම්හෙ ආවුසො, අප්පභස්සා හොථ භස්සෙ පරියන්තකාරිනොති” ඉති භස්සපරියන්තෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJT“එව ඇවැත්නි, තෙපි කථාප්‍රර්‍ය්‍යන්ත ඇති වැ අල්පකථා ඇතිවව” යි මෙසේ කථාප්‍රර්‍ය්‍යන්තයෙහි (සීමාසහිත කථායෙහි) සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
Pali BJT“එථ තුම්හෙ ආවුසො, ආරඤ්ඤකා හොථ අරඤ්ඤෙ වනපත්ථානි{1}පන්තානි සෙනාසනානි පටිසෙවථා”ති ඉති කායවූපකාසෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJT“එව ඇවැත්නි තෙපි අරණ්‍යසෙනසුන් ඇති වව, අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සේවන කරව” යි මෙසේ කායවිවේකයෙහි සමාදන් කරවිය යුතු වෙති, යෙදවිය යුතු වෙති, පිහිටුවාලිය යුතු වෙති.
Pali BJT“එථ තුම්හෙ ආවුසො, සම්මාදිට්ඨිකා හොථ සම්මාදස්සනෙන සමන්නාගතාති” ඉති සම්මාදස්සනෙ සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා.
Sinhala BJT“එව ඇවැත්නි, තෙපි සම්දිටු ඇත්තාහු සම්‍යග් දර්‍ශනයෙන් සමන්‍වාගත වව” යි මෙසේ සම්‍යග්දර්‍ශනයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහ.
Pali BJTයෙ තෙ ආනන්ද, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො ආනන්ද භික්ඛූ ඉමෙසු පඤ්චසු ධම්මෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බාති.
Sinhala BJTආනන්‍දයෙනි, නවක වූ, පැවිදිව නොබෝ කල් ඇති, මේ ධම්මවිනයට අලුත පැමිණි, යම් මහණහු වෙත් නම් තොප විසින්, ආනන්‍දයෙනි, එ මහණහු මේ පඤ්චධර්‍මයෙහි සමාදන් කරවිය යුත්තාහ, යෙදවිය යුත්තාහ, පිහිටුවාලිය යුත්තාහයි.
Pali BJT5. 3. 2. 5.
Sinhala BJT5. 3. 2. 5.
Pali BJT[මච්ඡරීසුත්තං]
Sinhala BJT[මච්ඡරී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ: කතමෙහි පඤ්චහි:
Sinhala BJT15. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTආවාසමච්ඡරිනී හොති, කුලමච්ඡරිනී හොති, ලාභමච්ඡරිනී හොති, වණ්ණමච්ඡරිනී හොති, ධම්මමච්ඡරිනී හොති.
Sinhala BJTආවාසයෙහි මසුරුබව ඇත්තී වෙයි, කුලයෙහි මසුරුබව ඇත්තී වෙයි, ලාභයෙහි මසුරුබව ඇත්තී වෙයි, වර්‍ණ (ගුණ) යෙහි මසුරුබව ඇත්තී වෙයි, ධර්‍මයෙහි මසුරුබව ඇත්තී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTන ආවාසමච්ඡරිනී හොති, න කුලමච්ඡරිනී හොති, න ලාභමච්ඡරිනී හොති, න වණ්ණමච්ඡරිනී හොති, න ධම්මමච්ඡරිනී හොති.
Sinhala BJTආවාසමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, කුල (උපස්ථායක කුලයෙහි) මාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ලාභමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, වර්‍ණමාත්සර්‍ය්‍ය ඇත්තී නො වෙයි, ධර්‍මමාත්සර්‍ය්‍ය ඇත්තී නොවේ.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදනී) වෙයි.
Pali BJT5. 3. 2. 6.
Sinhala BJT5. 3. 2. 6.
Pali BJT[වණ්ණසුත්තං]
Sinhala BJT[වණ්ණා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT16. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති. අනනුවිච්ච අපරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති. අනනුවිච්ච අපරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති. සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො දැන නො විමසා අවර්‍ණාර්‍හයාට (ගුණනැත්තාහට) වර්‍ණ (ගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා වර්‍ණාර්‍හයාට (ගුණැත්තාහට) අවර්‍ණ (අගුණ) බෙණෙයි, නො දැනැ නො විමසා නො පැහැදිය යුතු තන්හි ප්‍රසාදය උපදවයි. නො දැනැ නො විමසා පැහැදිය යුතු තන්හි අප්‍රසාදය උපදවයි. ශ්‍රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දෙය) විනිපාතන (නසාලිම්) කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ධර්‍මයෙන් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි (උපදනී) වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි (උපදිනී) වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා අප්පසාදනීයෙ ඨානෙ අප්පසාදං උපදංසෙති, අනුවිච්ච පරියොගාහෙත්වා පසාදනීයෙ ඨානෙ පසාදං උපදංසෙති, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTදැනැ (කරුණු) විමසා අවර්‍ණාර්‍හයාට අවර්‍ණ බෙණෙයි, දැනැ විමසා වර්‍ණාර්‍හයාට වර්‍ණ බෙණෙයි, දැනැ විමසා නො පැහැදිය යුතු තන්හි අප්‍රසාදය උපදවයි, දැනැ විමසා පැහැදිය යුතු තන්හි ප්‍රසාදය උපදවයි, ශ්‍රද්ධාදෙයය (සැදැහැයෙන් දුන් දැය) විනිපාතන (විනාශ) නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුණී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක එසෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
Pali BJT5. 3. 2. 7.
Sinhala BJT5. 3. 2. 7.
Pali BJT[ඉස්සුකීසුත්තං]
Sinhala BJT[ඉස්සුකී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුණී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT17. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, ඉස්සුකිනී ච හොති, මච්ඡරිනී ච, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො දැනැ නො විමසා අවර්‍ණාර්‍හයාට ගුණ කියයි, නො දැනැ නො විමසා වර්‍ණාර්‍හයාට නුගුණ කියයි. ඊර්‍ෂ්‍යා ඇත්තී ද වෙයි, මාත්සර්‍ය්‍ය ඇත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, අනිස්සුකී ච හොති, අමච්ඡරිනී ච, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTදැනැ විමසා අවර්‍ණාර්‍හයාට අවර්‍ණ කියයි, දැනැ විමසා වර්‍ණාර්‍හයාට වර්‍ණ කියයි, ඊර්‍ෂ්‍යා නැත්තී ද වෙයි, මාත්ස්‍යර්‍ය නැත්තී ද වෙයි, ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුණී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වේ යයි.
Pali BJT5. 3. 2. 8.
Sinhala BJT5. 3. 2. 8.
Pali BJT[මිච්ඡාදිට්ඨිකසුත්තං]
Sinhala BJT[මිච්ඡාදිට්ඨික සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT18. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබුවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකා ච හොති, මිච්ඡාසඞ්කප්පා ච, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො දැනැ නො විමසා ගුණ නො වැණිය යුතුවහුගේ ගුණ කියයි. නො දැනැ නො විමසා ගුණ වැණිය යුතුවහුගේ අගුණ කියයි. මිසදිටු ඇත්තී ද වෙයි. මිථ්‍යාසංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, කරුණු පසෙකින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් ස්වර්‍ගයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනුවිච්ච පරියොගාහෙත්වා අවණ්ණාරහස්ස අවණ්ණං භාසති, අනුවිච්ච පරියොගාහෙත්වා වණ්ණාරහස්ස වණ්ණං භාසති, සම්මාදිට්ඨිකා ච හොති, සම්මාසඞ්කප්පා ච, සද්ධාදෙය්යං න විනිපාතෙති.
Sinhala BJTනුවණින් දැනැ කරුණු විමසා නුගුණ කියයුත්තාහට නුගුණ කියයි. දැනැ කරුණු විමසා ගුණ කියයුත්තාහට ගුණ කියයි. සම්‍යක්දෘෂ්ටි ඇත්තී ද වෙයි. සම්‍යක්සංකල්ප ඇත්තී ද වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන නො කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං සග්ගෙති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් යුත් මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සේ ස්වර්‍ගයෙහි වේ ය යි.
Pali BJT5. 3. 2. 9.
Sinhala BJT5. 3. 2. 9.
Pali BJT[මිච්ඡාවාචා සුත්තං]
Sinhala BJT[මිච්ඡාවාචා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ. කතමෙහි පඤ්චහි:
Sinhala BJT19. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මෙහෙණ ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි වෙයි. කවර පසෙකින් යත්:
Pali BJTඅනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති, අනනුවිච්ච අපරියොගාහෙත්වා වණ්ණාරහස්ස අවණ්ණං භාසති, මිච්ඡාවාචා ච හොති, මිච්ඡාකම්මන්තා ච, සද්ධාදෙය්යං විනිපාතෙති.
Sinhala BJTනො දැනැ කරුණු නො විමසා අවර්‍ණාර්‍හයාගේ ගුණ වර්‍ණනය කියයි. නො දැනැ කරුණු නො විමසා වර්‍ණාර්‍හයාගේ අවර්‍ණය කියයි. මිථ්‍යාවචන ඇත්තී වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇත්තී වෙයි. ශ්‍රද්ධාදෙයය විනිපාතන කරයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතා භික්ඛුනී යථාභතං නික්ඛිත්තා එවං නිරයෙ.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත භික්‍ෂුණී ගෙණවුත් බහා තැබූවක සෙයින් නිරයෙහි (උපදිනී) වෙයි.