Pali BJTඉමෙ ඛො මොග්ගල්ලාන, පඤ්ච සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමෞද්ගල්‍යායනය, මේ ශාස්තෲහු පස් දෙන ලොව්හි විද්‍යාමාන වෙත් මැයි.
Pali BJTඅහං ඛො පන මොග්ගල්ලාන, පරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා සීලතො රක්ඛන්ති. න චාහං සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTමුගලන, මම පිරිසිදු සිල් ඇතියෙම් ම “පිරිසිදු සිල් ඇතියෙම් වෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කෙරෙමි. සව්වෝ මා ශීලයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ශීලහේතුයෙන් රක්‍ෂණය නො පතමි.
Pali BJTපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාමි, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. න ච මං සාවකා ආජීවතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු ආජීව ඇතියෙම් මැ “පාරිශුද්ධාජීවයෙම් වෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද, මා ආජීවහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ආජීවහේතුයෙන් රක්‍ෂා නො පතමි.
Pali BJTපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙනොම්හීති පටිජානාමි, පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. න ච මං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු ධර්‍මදේශනා ඇතියෙම් මැ “පරිශුද්ධධර්‍මදේශනා ඇතියෙම් වෙමි, මාගේ ධර්‍මදේශනා පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාතය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ධර්‍මදේශනා හේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් වෙතින් ධර්‍මදේශනා හේතුයෙන් රක්‍ෂා නො පතමි.
Pali BJTපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. න ච මං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. න චාහං සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසාමි.
Sinhala BJTපිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් මැ “පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය”යි පිළින කරමි. සව්වෝ ද මා ව්‍යාකරණහේතුයෙන් නො රක්නාහ. මම ද සව්වන් වෙතින් ව්‍යාකරණහේතුයෙන් රක්‍ෂා නො පතමි.
Pali BJTපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාමි, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති. න ච මං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. න චාහං සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසාමීති.
Sinhala BJTපරිශුද්ධඥානදර්‍ශන ඇතියෙම් මැ “පරිශුද්ධඥානදර්‍ශන ඇතියෙම් වෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසක්ලිෂ්ට ය”යි පිළින කරමි. ශ්‍රාවකයෝ මා ඥානදර්‍ශනහේතුයෙන් නො රක්නාහ. මම ද ශ්‍රාවකයන් කෙරෙන් ඥානදර්‍ශනහේතුයෙන් රක්‍ෂා නො පතමි යි.
Pali BJTකකුධවග්ගො පඤ්චමො.
Sinhala BJTකකුධ වර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ සම්පදා වියාකරණං ඵාසුකුප්පෙන පඤ්චමං{1} සුතං කතා අරඤ්ඤෙන සීහො ච කකුධො{2} දසාති.
Sinhala BJTසම්පදා සූත්‍ර දෙකෙක, ව්‍යාකරණ සූත්‍රය, ඵාසුවිහාර සූත්‍රය, අකුප්ප සූත්‍රය, සුතධර (දෙවන අකුප්ප) සූත්‍රය, කථා (තෙවන අකුප්ප) සූත්‍රය, අරඤ්ඤක (සිවුවන අකුප්ප) සූත්‍රය, සිංහ සූත්‍රය, කකුධ සූත්‍රය දැයි සූත්‍රයෝ දශ දෙනෙක.
Pali BJTදුතියං පණ්ණාසකං නිට්ඨිතං.
Sinhala BJTද්විතීය පණ්ණාසකය නිමියේ ය.
Pali BJT3. තතියං පණ්ණාසකං
Sinhala BJT3. තෙවැනි පණ්ණාසකය
Pali BJT1. ඵාසුවිහාර වග්ගො
Sinhala BJT1. ඵාසු විහාර වර්‍ගය
Pali BJT5. 3. 1. 1.
Sinhala BJT5. 3. 1. 1.
Pali BJT[සෙඛවෙසාරජ්ජසුත්තං]
Sinhala BJT[සේඛවේසාරජ්ජ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT1. පඤ්චිමෙ භික්ඛවෙ සෙඛවෙසාරජ්ජකරණා ධම්මා. කතමෙ පඤ්ච:
Sinhala BJT1. මහණෙනි, ශෛක්‍ෂයාගේ වෙසරද බව කරණ මේ ධර්‍ම පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති, සීලවා හොති, බහුස්සුතො හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල් ඇතියේ වෙයි, බහුශ්‍රුත වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, පැණැතියේ වේ.
Pali BJTයං ඛො භික්ඛවෙ{1} අස්සද්ධස්ස සාරජ්ජං හොති, සද්ධස්ස තං සාරජ්ජං න හොති. තස්මායං ධම්මො සෙඛවෙසාරජ්ජකරණො.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධා නැතියහට යම් ශාරද්‍යයෙක් (දොම්නසෙක්) වේ නම්, ශ්‍රද්ධා ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි. (ශෛක්‍ෂපුද්ගලයාගේ විශාරදභාවය කරන්නේ වේ.)
Pali BJTයං භික්ඛවෙ දුස්සීලස්ස සාරජ්ජං හොති, සීලවතො තං සාරජ්ජං න හොති. තස්මායං ධම්මො සෙඛවෙසාරජ්ජකරණො.
Sinhala BJTමහණෙනි, දුසිල්හට යම් ශාරද්‍යයෙක් වේ නම්, සිල්වත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
Pali BJTයං භික්ඛවෙ අප්පස්සුතස්ස සාරජ්ජං හොති, බහුස්සුතස්ස තං සාරජ්ජං න හොති. තස්මායං ධම්මො සෙඛවෙසාරජ්ජකරණො.
Sinhala BJTමහණෙනි, අල්ප ශ්‍රැතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, බහුශ්‍රැතයාහට එ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
Pali BJTයං භික්ඛවෙ කුසීතස්ස සාරජ්ජං හොති, ආරද්ධවිරියස්ස තං සාරජ්ජං න හොති. තස්මායං ධම්මො සෙඛවෙසාරජ්ජකරණො.
Sinhala BJTමහණෙනි, කුසීතයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, රුකුළුවැර ඇතියහුට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මේ ධර්‍මය සේඛවේසාරජ්ජකරණ යි.
Pali BJTයං භික්ඛවෙ දුප්පඤ්ඤස්ස සාරජ්ජං හොති, පඤ්ඤවතො තං සාරජ්ජං න හොති. තස්මායං ධම්මො සෙඛවෙසාරජ්ජකරණො.
Sinhala BJTමහණෙනි, දුෂ්ප්‍රාඥයාහට යම් ශාරද්‍යයෙක් වේ නම්, ප්‍රඥාවත්හට ඒ ශාරද්‍යය නො වෙයි. එහෙයින් මෙ දහම සේඛවේසාරජ්ජකරණ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සෙඛවෙසාරජ්ජකරණා ධම්මාති.
Sinhala BJTමහණෙනි, මෙ දහම් පස සේඛවේසාරජ්ජකරණ යි.
Pali BJT5. 3. 1. 2.
Sinhala BJT5. 3. 1. 2.
Pali BJT[සඞ්කිතසුත්තං]
Sinhala BJT[සඞ්කිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිතපරිසඞ්කිතො හොති, පාපභික්ඛූති අපි අකුප්පධම්මො. කතමෙහි පඤ්චහි:
Sinhala BJT2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇති ක්‍ෂීණාස්‍රව වූයේ නමුදු පාපභික්‍ෂුයැයි මතුමතුයෙහි සැක කරණ ලදුයේ හැම සෙයින් සැක කරණ ලදුයේ වෙයි. කවර පසෙකිනයත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු වෙසියගොචරො{2} වා හොති, විධවගොචරොවා හොති, ථුල්ලකුමාරිගොචරො{3}වා හොති, පණ්ඩකගොචරො වා හොති. භික්ඛුනී ගොචරො වා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ගණිකාව ගෝචර (එළැඹිය යුතු තැන්) කොට ඇතියේ හෝ වෙයි, වැන්දඹුව ගෝචර කොට ඇතියේ හෝ වෙයි, ථුල්ලකුමාරි (විවාහයට නොගිය මහලු කුමරිය) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, පණ්ඩක (නපුංසක) ගෝචර කොට ඇතියේ හෝ වෙයි, මෙහෙණ ගෝචර කොට ඇතියේ හෝ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු උස්සඞ්කිත පරිසඞ්කිතො හොති පාපභික්ඛූති අපි අකුප්පධම්මොති.{4}
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ අකෝප්‍යධර්‍ම ඇතියේ නමුදු පාපභික්‍ෂු යයි මෙරමා විසින් මතු මතුයෙහි සැක කරණ ලදුයේ හැමසෙයින් සැක කරණ ලදුයේ වේ යයි.
Pali BJT5. 3. 1. 3.
Sinhala BJT5. 3. 1. 3.
Pali BJT[මහාචොරසුත්තං]
Sinhala BJT[මහා චෝර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. පඤ්චහි භික්ඛවෙ, අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති. නිල්ලොපම්පි හරති. එකාගාරිකම්පි කරොති. පරිපන්ථෙපි තිට්ඨති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT3. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධි දූ බිඳියි. වොලොගැනුමුදු කෙරෙයි. ගෙපැහැරුම් (එක් ගෙයක් වටලා පැහැර ගැණීම් ද) කෙරෙයි. කඩපලාසොරකම් (පල්හොරකම්) ද කෙරෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ මහාචොරො විසමනිස්සිතො ච හොති ගහනනිස්සිතො ච බලවනිස්සිතො ච භොගචාගී ච එකචාරි ච.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි මහසොර විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වෙයි, ඒකචාරී ද වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මහාචොරො විසමනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො නදීවිදුග්ගං වා නිස්සිතො හොති පබ්බතවිසමං වා. එවං ඛො භික්ඛවෙ මහාචොරො විසමනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, මහසොර කෙසේ නම් විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර නදීවිදුර්‍ගයෙක් වේවයි, පර්‍වතවිෂමයෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහසොර විෂමනිඃශ්‍රිත වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මහාචොරො ගහනනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො තිණගහනං වා නිස්සිතො හොති රුක්ඛගහනං වා ගෙධං{1} වා පන වනසණ්ඩං. එවං ඛො භික්ඛවෙ මහාචොරො ගහනනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහසොර ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර තෘණගහනයෙක් වේවයි, වෘක්‍ෂගහනයෙක් වේවයි, ඝනවන ලැහැබෙක් වේවයි, ඇසුරු කෙළේ වෙයි. මහණෙනි, මෙසේ මහසොර ගහනනිඃශ්‍රිත වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මහාචොරො බලවනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ මහාචොරො රාජානං වා රාජමහාමත්තං වා නිස්සිතො හොති. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තීති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්යාස්ස රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො භික්ඛවෙ මහාචොරො බලවනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, මහසොර කෙසේ නම් බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර රජහු හෝ, රජමහමැතියකු හෝ, ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ රජහු හෝ රජමහමැතියෝ හෝ මාගේ දෝෂය ඹබා පියා අරුත් බණන්නාහ යි. ඉදින් කිසිවෙක් ඔහට කිසිවක් කියා නම්, රජහු හෝ රජමහමැතිහු හෝ ඔහුගේ අපරාධය ඔබාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසෙයින් මහසොර බලවන්නිඃශ්‍රිත වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මහාචොරො භොගචාගී හොති: ඉධ භික්ඛවෙ මහාචොරො අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉතො භොගෙන පටිසන්ථරිස්සාමීති. සචෙ නං කොචි කිඤ්චි ආහ, තතො භොගෙන පටිසන්ථරති. එවං ඛො භික්ඛවෙ මහාචොරො භොගචාගී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහසොර භෝගචාගී වේ ය යත්: මහණෙනි, මෙලොව්හි මහසොර මහාධන ඇති මහා භොග ඇති ආඪ්‍යයෙක් වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් (දොසක්) කියා නම්, මේ භෝගයෙන් පිළිසතර කරන්නෙමියි (‘භෝගදානයෙන් දොස් වසාගන්නෙමි’ යි). ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කී නම්, හේ භෝගයෙන් පිළිසඳර කරයි. මහණෙනි, මෙ සෙයින් මහසොර භෝගචාගී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, මහාචොරො එකචාරි හොති: ඉධ භික්ඛවෙ මහාචොරො එකකො නිග්ගහණානි කත්තා හොති. තං කිස්ස හෙතු: මා මෙ ගුය්හමන්තා බහිද්ධා සම්භෙදං අගමංසූති. එවං ඛො භික්ඛවෙ මහාචොරො එකචාරි හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහසොර ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ ලොව්හි මහසොර එකලා වූයේ මැ මෙරමා සතු දැය පැහැර ගැණීම් කරන්නේ වෙයි. එ කවර හෙයින යත්: මාගේ ගුහ්‍යමන්ත්‍රයෝ (සැඟවිය යුතු රහස්) නහමක් බැහැර නො යෙත් වා යි. මහණෙනි, මෙසේ මහසොර ඒකචාරී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතො මහාචොරො සන්ධිම්පි ඡින්දති, නිල්ලොපම්පි හරති, එකාගාරිකම්පි කරොති, පරිපන්ථෙපි තිට්ඨති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහසොර ගෘහසන්‍ධිදු සිඳුනේ ය. වොලො ගන්නේ ය. ගෙපැහැරීම් ද කරන්නේ ය. කඩපලා සොරකම් ද කෙරෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච{1} අපුඤ්ඤං පසවති. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, එ පරිදි ම කරුණු පසෙකින් සමන්‍වාගත පාපභික්‍ෂු තෙමේ සාළ ගුණ ඇති, නටගුණ ඇති ආත්මය (තමා) පරිහරණ කෙරෙයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද කටයුතු ද වෙයි. බොහෝ පව් ද රැස් කරයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, පාපභික්ඛු විසමනිස්සිතො ච හොති ගහනනිස්සිතො ච බලවනිස්සිතො ච භොගචාහී ච එකචාරී ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු විෂමනිඃශ්‍රිත ද වෙයි, ගහනනිඃශ්‍රිත ද වෙයි, බලවන්නිඃශ්‍රිත ද වෙයි, භෝගචාගී ද වේ. ඒකචාරී ද වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පාපභික්ඛු විසමනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු විසමෙන කායකම්මෙන සමන්නාගතො හොති, විසමෙන වචීකම්මෙන සමන්නාගතො හොති, විසමෙන මනොකම්මෙන සමන්නාගතො හොති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු විසමනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ විෂමකායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමවාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි, විෂමමනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ විෂමනිඃශ්‍රිත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පාපභික්ඛු ගහනනිස්සිතො හොති, ඉධ භික්ඛවෙ පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො.{2} එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු ගහනනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ අන්තග්‍රාහික (ශාශ්වත හෝ උච්ඡේද හෝ) දෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මෙසේ පවිටු මහණ ගහනනිඃශ්‍රිත වේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පාපභික්ඛු බලවනිස්සිතො හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු රාජානං වා රාජමහාමත්තං වා නිස්සිතො හොති. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉමෙ මෙ රාජානො වා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණිස්සන්තීති. සචෙ නං කොචි කිඤ්චි ආහ, ත්යාස්ස රාජානොවා රාජමහාමත්තා වා පරියොධාය අත්ථං භණන්ති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු බලවනිස්සිතො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ රජකු හෝ රජමහමැතියකු හෝ ඇසුරු කෙළේ වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් කිසිවෙක් මට කිසිවක් කියා නම්, මෙ රජහු හෝ රජමහමැතිහු හෝ මාගේ දොස් ඔබාපියා අරුත් බණන්නාහ යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම් එ රජහු හෝ රජමහමැතියෝ හෝ ඔහුගේ දොස් වසාපියා අරුත් බෙණෙති. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු බලවන්නිඃශ්‍රිත වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පාපභික්ඛු භොගචාගී හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. තස්ස එවං හොති: සචෙ මං කොචි කිඤ්චි වක්ඛති, ඉතො ලාභෙන පටිසන්ථරිස්සාමිති. සචෙ නං කොචි කිඤ්චි ආහ, තතො ලාභෙන පටිසන්ථරති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු භොගචාගී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පවිටු මහණ භෝගචාගී (භොග දෙන්නේ) වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පවිටු මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුලු වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ඉදින් මාහට කිසිවෙක් කිසිවක් කියා නම්, මේ ලාභයෙන් පිළිසතර (සඞ්ග්‍රහ) කරන්නෙමී යි. ඉදින් ඔහට කිසිවෙක් කිසිවක් කියා නම්, එ ලාභයෙන් පිළිසතර කරයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු තෙමේ භෝගචාගී වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, පාපභික්ඛු එකචාරි හොති: ඉධ භික්ඛවෙ පාපභික්ඛු එකකො3{3} පච්චන්තිමෙසු ජනපදෙසු නිවාසං කප්පෙති. සො තත්ථ කුලානි උපසඞ්කමන්තො ලාභං ලභති. එවං ඛො භික්ඛවෙ පාපභික්ඛු එකචාරී හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් පාපභික්‍ෂු ඒකචාරී වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි පාපභික්‍ෂු තෙමේ එකලා වූයේ පසල්දනව්හි වාස කරයි. හෙ එහි කුලයන් කරා එළඹෙනුයේ ලාභ ලබයි. මහණෙනි, මෙසේ පාපභික්‍ෂු ඒකචාරී වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො පාපභික්ඛු ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච අපුඤ්ඤං පසවතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත පාපභික්‍ෂු සාරාලු ගුණ ඇති, නටගුණ ඇති, ආත්මය පරිහරණ කරයි. සදොස් වූයේ විඥයන් විසින් අනුවාද (නින්‍දා) කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරේ ය යි.
Pali BJT5. 3. 1. 4.
Sinhala BJT5. 3. 1. 4.
Pali BJT[සමණසුඛුමාලසුත්තං]
Sinhala BJT[සමණසුඛුමාල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමණෙසු සමණසුඛුමාලො හොති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT4. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත ශ්‍රමණ තෙමේ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර (සැප බහුල) වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං සෙනාසනං පරිභුඤ්ජති, අප්පං අයාචිතො. යාචිතොව බහුලං ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජති, අප්පං අයාචිතො.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණෙක් (පිළිගත මැනැවයි) ආරාධිත වූයේ ම බොහෝ කොට චීවර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට පිණ්ඩපාත වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට සෙනසුන් වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය. ආරාධිත වූයේ ම බොහෝ කොට ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙයි. ආරාධිත නො වූයේ අල්ප ය.
Pali BJTයෙහි ඛො පන සබ්රහ්මචාරීහි සද්ධිං{1} විහරති, ත්යාස්ස මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන, මනාපං යෙව බහුලං උපහාරං{2} උපහරන්ති, අප්පං අමනාපං.
Sinhala BJTයම් සබ්‍රම්සරුන් සමඟ එක්ව වාස කෙරේ ද, ඔහට ඒ සබ්‍රම්සරහු බහුල කොට මනාප වූ ම කායකර්‍මයෙන් පවත්නාහ. අමනාප කායකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම වාක්කර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම මනඃකර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප මනඃකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ ම පඬුරු එළවත්. අමනාප පඬුරු අල්ප ය.
Pali BJTයානි ඛො පන තානි වෙදයිතානි චිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිනාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානිස්ස න බහුදෙව උප්පජ්ජන්ති. අප්පාබාධො හොති.
Sinhala BJTයම් ඒ වේදනායෙක් පිත්තසමුත්‍ථාන වේවයි, ශ්ලෙෂ්මසමුත්‍ථාන වේවයි, වාතසමුත්‍ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්‍මවිපාකජ වේවයි, ඒ වේදනා බෙහෙවින් ම ඔහට නූපදී. අල්පාබාධ වෙයි.
Pali BJTචතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඅධිචිත්තයෙහි උපදනා ඉහාත්මසුඛවිහරණ වන සතර ධ්‍යානයන් කැමැතිසේ ලබන සුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුයේ වෙයි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාස කරයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සමණෙසු සමණසුඛුමාලො හොති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසෙන් සමන්‍වාගත මහණ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර වෙයි.
Pali BJTයං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති මමෙව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
Sinhala BJTමහණෙනි, යම් පුඟුලකු ගෙණ මැනැවින් කියනුයෙක්, ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරයෙකැ’යි කියා නම්, මහණෙනි, මැනැවින් කියන හේ ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාරය’යි ඒ මා මැ සඳහා කියන්නේ යි.
Pali BJTඅහං හි භික්ඛවෙ යාචිතොව බහුලං චීවරං පරිභුඤ්ජාමි, අප්පං අයාචිතො. යාචිතොව බහුලං පිණ්ඩපාතං -පෙ- සෙනාසනං -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරිභුඤ්ජාමි. අප්පං අයාචිතො.
Sinhala BJTමහණෙනි, මම ආරාධිත වූයෙම් මැ බොහෝ කොට සිවුරු වළඳ කරමි. අනාරාධිත වූයෙම් අල්ප ය. ආරාධිත වූයෙම් මැ බොහෝ කොට පිණ්ඩපාත, ශයනාසන, ගිලන්පස බෙහෙසත් පිරිකර වළඳ කෙරෙමි. අනාරාධිත වූයෙම් අල්ප කොට වළඳ කෙරෙමි.
Pali BJTයෙහි ඛො පන භික්ඛූහි සද්ධිං විහරාමි, තෙ මං මනාපෙනෙව බහුලං කායකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං වචීකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපෙනෙව බහුලං මනොකම්මෙන සමුදාචරන්ති, අප්පං අමනාපෙන. මනාපං යෙව බහුලං උපහාරං උපහරන්ති, අප්පං අමනාපං.
Sinhala BJTයම් මැ භික්‍ෂු කෙනකුන් සමඟ වාස කෙරෙම් නම්, ඔහු මට මනාප වූ ම කායකර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාපකායකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ වාක්කර්‍මයෙන් බහුල කොට පවත්නාහ. අමනාප වාක්කර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ මනඃකර්‍මයෙන් බහුල කොට පවත්නාහ, අමනාපමනඃකර්‍මයෙන් පවත්නාහු අල්පයහ. මනාප වූ මැ උපහාර බහුල කොට එළවත්. අමනාප උපහාර අල්ප යි.
Pali BJTයානි ඛො පන තානි වෙදයිතානි චිත්තසමුට්ඨානානි වා සෙම්හසමුට්ඨානානි වා වාතසමුට්ඨානානි වා සන්නිපාතිකානි වා උතුපරිනාමජානි වා විසමපරිහාරජානි වා ඔපක්කමිකානි වා කම්මවිපාකජානි වා, තානි මෙ න බහූදෙව උප්පජ්ජන්ති. අප්පාබාධොහමස්මි.
Sinhala BJTයම් වේදනායෙක් - පිත්තසමුත්‍ථාන වේවයි, සෙම්හසමුත්‍ථාන වේවයි, වාතසමුත්‍ථාන වේවයි, සාන්නිපාතික වේවයි, ඍතුපරිණාමජ වේවයි, විෂමපරිහාරජ වේවයි, ඖපක්‍රමික වේවයි, කර්‍මවිපාකජ වේවයි, ඒ වේදනා මට බෙහෙවින් නූපදී. මම අල්පාබාධයෙමි.
Pali BJTචතුන්නං ඛො පනම්හි{1} ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJTඅධිචිත්තයෙහි (රූපාවචර සිත්හි) උපදනා වූ ඉහාත්මයෙහි සුඛවිහරණ වන සතරධ්‍යානයන් කැමැති සෙයින් ලබන සුලුයෙම්, නිදුකින් ලබන සුලුයෙම්, විපුල සේ ලබන සුලුයෙම් වෙමි.
Pali BJTආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාරාමි.
Sinhala BJTආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාස කරමි.
Pali BJTයං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති මමෙ ව තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය, ‘සමණෙසු සමණසුඛුමාලො’ති.
Sinhala BJTමහණෙනි, යම් පුඟුලකු ගෙන ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මොනොවට කියනුයෙක් පවසන්නේ නම්, මහණෙනි, ඒ මා සඳහා ‘ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ සුකුමාර’යි මැනැවින් කියන හේ පවසන්නේ ය යි.
Pali BJT5. 3. 1. 5.
Sinhala BJT5. 3. 1. 5.
Pali BJT[ඵාසුවිහාර සුත්තං]
Sinhala BJT[ඵාසුවිහාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT5. පඤ්චිමෙ භික්ඛවෙ, ඵාසුවිහාරා. කතමෙ පඤ්ච
Sinhala BJT5. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුනො මෙත්තං කායකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු ආචී චෙව රහො ච. යානි තානි සීලානි අඛණ්ඩානි අච්ඡිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්ථානි අපරාමට්ඨානි සමාධිසංවත්තනිකානි, තථාරූපෙහි සීලෙහි සීලසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවි චෙව රහො ච. යායං දිට්ඨි අරියා නිය්යානිකා නිය්යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය, තථාරූපාය දිට්ඨියා දිට්ඨිසාමඤ්ඤගතො විහරති සබ්රහ්මචාරීහි ආවී චෙව රහො ච.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ මෛත්‍රීචිත්තයෙන් යුත් කායකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. මෛත්‍රියෙන් යුත් වාක්කර්‍මය ... මෛත්‍රියෙන් යුත් මනඃකර්‍මය සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එළඹ සිටියේ වෙයි. නොකඩ වූ නොසිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ නිදහස් වූ විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණදෘෂ්ටියෙන් අපරාමෘෂ්ට වූ සමාධියට හිතවත් ව වැටෙන යම් ශීල කෙනෙක් වෙත් නම්, එබඳු ශීලයෙන් සබ්‍රම්සරුන් සමඟ සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් ශීලයෙන් සමභාවයට ගියේ වාස කරයි. ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ යම් දෘෂ්ටියෙක් එය කරණවහුගේ දුක් මැනැවින් ගෙවීමට පමුණුවා නම්, සම්මුඛයෙහිත් පරාම්මුඛයෙහිත් එබඳු දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා දෘෂ්ටිසමභාවයට ගියේ වාස කරයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ඵාසුවිහාරාති.
Sinhala BJTමහණෙනි, මේ ඵාසු විහාර පස යි.
Pali BJT5. 3. 1. 6.
Sinhala BJT5. 3. 1. 6.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJT[ආනන්‍ද සූත්‍රය]
Pali BJT6. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච:
Sinhala BJT6. එක් සමයෙක්හි භාග්‍යවතුන්වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැළ කළහ:
Pali BJTකිත්තාවතා නු ඛො භන්තෙ, භික්ඛු සඞ්ඝෙ{1} විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTවහන්ස, කෙතෙක් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි වසන මහණ සුවසේ වසන්නේ දැ යි.
Pali BJTයතො ඛො ආනන්ද, භික්ඛු අත්තනා{2} සීලසම්පන්නො හොති නො ච පරං අධිසීලෙ සම්පවත්තා. එත්තාවතාපි ඛො ආනන්ද භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ, මෙරමා අධිශීලයෙහි ලා උපවාද නොකරණුයේ වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඞ්ඝයා කෙරෙහි සුවසේ වාස කරන්නේ ය යි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා භික්ඛු සඞ්ඝෙ ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTවහන්ස, මහණ යම් කරුණෙකින් සඞ්ඝයා කෙරෙහි සුවසේ වෙසේ නම් එබඳු අන් කරුණෙක් වන්නේ ද?
Pali BJTසියා ආනන්ද, යතො ඛො ආනන්ද භික්ඛු අත්තනා සීලසම්පන්නො හොති නො ච පරං අධිසීලෙ සම්පවත්තා හොති. අත්තානුපෙක්ඛී ච හොති නො පරානුපෙක්ඛී. එත්තාවතා පි ඛො ආනන්ද භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් හෙයෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ද ගරහනුයේත් වේ, තමාගේ කිස දක්නා සුලු වූයේත් වෙයි, මෙරමාගේ කෘතාකෘත නො විමසනුයේත් වෙයි, ආනන්‍දයෙනි, මහණ මෙ කරුණෙනුදු සඟුන් කෙරෙහි සුවසේ වසන්නේ ය යි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
Pali BJTසියා ආනන්ද, යතො ඛො ආනන්ද භික්ඛු අත්තනා සීලසම්පන්නො හොති නො ච පරං අධිසීලෙ සම්පවත්තා. අත්තානුපෙක්ඛී ච නො පරානුපෙක්ඛී හොති. අප්පඤ්ඤාතො{3} ච හොති, තෙන ච අප්පඤ්ඤාතකෙන නො පරිතස්සති. එත්තාවතාපි ඛො{4} ආනන්ද භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල්සපන් වූයේ අන්‍යයා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වෙයි, තමාගේ කළ නොකළ දෑ දක්නා සුල්ලේත් වෙයි, මෙරමා නො විමසනුයේත් වෙයි, අප්‍රකට වූයේත් වෙයි, ඒ අප්‍රකට භාවයෙන් නො තැවෙනුයේත් වෙයි. ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වසන්නේ ය යි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කෙරේ නම්, එබඳු අන් කරුණෙකුදු වන්නේ ද?
Pali BJTසියා ආනන්ද, යතො ඛො ආනන්ද භික්ඛු අත්තනා සීලසම්පන්නො හොති, නො පරං අධිසීලෙ සම්පවත්තා. අත්තානුපෙක්ඛී ච හොති නො පරානුපෙක්ඛී. අප්පඤ්ඤාතො ච හොති. තෙන ච අප්පඤ්ඤාතකෙන නො පරිතස්සති. චතුන්නඤ්ච ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. එත්තාවතාපි ඛො ආනන්ද භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTආනන්‍දයෙනි, වන්නේ ය. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහන්නේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රෙක්‍ෂි නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවෙන්නේ ද, අධිචිත්තයෙහි උපදනා ඉහාත්මභාවයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල කොට ලබනසුලුවූයේත් වේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
Pali BJTසියා පන භන්තෙ, අඤ්ඤොපි පරියායො යථා භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්යාති.
Sinhala BJTවහන්ස, යම් කරුණෙකින් සඟුන් කෙරෙහි වසන මහණ සුවසේ වෙසේ නම්, එබඳු අන් කරුණෙකුදු ඇත් ද?
Pali BJTසියා ආනන්ද, යතො ඛො ආනන්ද භික්ඛු අත්තනා සීලසම්පන්නො හොති, නො ච පරං අධිසීලෙ සම්පවත්තා. අත්තානුපෙක්ඛී ච හොති නො පරානුපෙක්ඛී. අප්පඤ්ඤාතො ච හොති තෙන අප්පඤ්ඤාතකෙන නො පරිතස්සති. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො ආනන්ද භික්ඛු සඞ්ඝෙ විහරන්තො ඵාසුං විහරෙය්ය.
Sinhala BJTආනන්‍දයෙනි, ඇත. ආනන්‍දයෙනි, යම් කරුණෙකින් මහණ තෙමේ සිල් සපන් වූයේ මෙරමා අධිශීලයෙහි ලා නො ගරහනුයේ වේ ද, ආත්මානුප්‍රේක්‍ෂී වේ ද, පරානුප්‍රේක්‍ෂී නො වේ ද, අල්පඥාත වේ ද, ඒ අල්පඥාතභාවයෙන් නො තැවේ ද, ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් රිසි සේ ලබනසුලුයේ, නිදුකින් ලබනසුලුයේ, විපුල සේ ලබනසුලුයේත් වේ ද, ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ මැ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසේ ද, ආනන්‍දයෙනි, මෙ කරුණෙනුදු මහණ සඟුන් කෙරෙහි වසනුයේ සුවසේ වාස කරන්නේ ය යි.
Pali BJTඉමම්හා චාහං ආනන්ද ඵාසුවිහාරා අඤ්ඤො ඵාසුවිහාරොඋත්තරිතරො වා පණීතතරො වා නත්ථීති වදාමී’ති.
Sinhala BJTආනන්‍දයෙනි, මේ (ආස්‍රවක්‍ෂය) ඵාසුවිහාරයෙන් උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ අනෙක් ඵාසුවිහාරයෙක් නැතැයි කියමි යි.
Pali BJT5. 3. 1. 7.
Sinhala BJT5. 3. 1. 7.
Pali BJT[සීලසම්පන්නසුත්තං]
Sinhala BJT[සීලසම්පන්න සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි?
Sinhala BJT7. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සීලසම්පන්නො හොති, සමාධිසම්පන්නො හොති, පඤ්ඤාසම්පන්නො හොති, විමුත්තිසම්පන්නො හොති, විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සීලසම්පන්න වෙයි, සමාධිසම්පන්න වෙයි, ප්‍රඥාසම්පන්න වෙයි, විමුක්තිසම්පන්න වෙයි, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
Pali BJT5. 3. 1. 8.
Sinhala BJT5. 3. 1. 8.
Pali BJT[අසෙඛසුත්තං]
Sinhala BJTඅසේඛ සූත්‍රය
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT8. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො{1} -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි පඤ්චහි:
Sinhala BJT8. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අසෙඛෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අශෛක්‍ෂශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂසමාධිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි, අශෛක්‍ෂවිමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ ය යි.
Pali BJT5. 3. 1. 9.
Sinhala BJT5. 3. 1. 9.
Pali BJT[චාතුද්දිසසුත්තං]
Sinhala BJT[චාතුද්දිස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]