Pali BJT38. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු බහුජනාහිතාය{2} පටිපන්නො හොති, බහුජනාසුඛාය{3} බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමෙහි පඤ්චහි:
Sinhala BJT38. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙව් මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTථෙරො හොති රත්තඤ්ඤූ චිරපබ්බජිතො. ඤාතො හොති යසස්සී ගහට්ඨපබ්බජිතානං{4} බහුජනපරිවාරො. ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{1} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා.{5} මිච්ඡාදිට්ඨිකො හොති විපරීතදස්සනො. සො බහුජනං සද්ධම්මා වුට්ඨාපෙත්වා අසද්ධම්මෙ පතිට්ඨාපෙති. ථෙරො භික්ඛු රත්තඤ්ඤූ චිරපබ්බජිතොතිපිස්ස{6} දිට්ඨානුගතිං ආපජ්ජන්ති. ඤාතො ථෙරො භික්ඛු යසස්සී ගහට්ඨපබ්බජිතානං.{2} බහුජනපරිවාරොතිපිස්ස{6} දිට්ඨානුගතිං ආපජ්ජන්ති. ලාභී ථෙරො භික්ඛු චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානන්තිපිස්ස{6} දිට්ඨානුගතිං ආපජ්ජන්ති. බහුස්සුතො ථෙරො භික්ඛු සුතධරො සුතසන්නිචයොතිපිස්ස{6} දිට්ඨානුගතිං ආපජ්ජන්ති.
Sinhala BJTචිරරාත්‍රඥ, පැවිදි බොහෝ කල් ඇති, (වටාලා හුනුබවට නොවැටෙනුයෙන් සස්නෙහි) ස්ථිරභාවයට පැමිණියේ වෙයි. ගිහි-පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බහුජනපරිවාර ඇතියේ ද වෙයි. සිවුරුපිඬුවාසෙනසුන් බෙහෙසත් පිරිකර ලබන සුල්ලේ ද වෙයි. බොහෝ ඇසූ පිරූ තැන් ඇතියේ ශ්‍රැතධර වූයේ, සන්නචිත ශ්‍රැත ඇතියේ, යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ වූවාහු, සව්‍යඤ්ජන වූවාහු කේවල පරිපූර්‍ණ වූ පිරිසිදු බඹසර ප්‍රකට කොට කියත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු, දරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. විපරීත දර්‍ශන ඇතියේ මිථ්‍යාදෘෂ්ටික වෙයි. හේ බොහෝ දෙන සදහමින් නංවා අසද්ධර්‍මයෙහි පිහිටුවයි. ‘මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත ස්ථිර පැවිදි නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘මහණ ගිහිපැවිද්දන් විසින් අභිඥාත යශස්වී වූ බොහෝ දෙන පිරිවර කොට ඇති ස්ථවිර නමෙකැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්. ‘තෙර මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘බහුශ්‍රුත වූ ශ්‍රැතධර වූ ශ්‍රැතසන්නිචය ඇති ස්ථවිර මහණෙකැ’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට යෙත්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු බහුජනාහිතාය පටිපන්නො හොති බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානන්ති.{1}
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට අසුඛ පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙහි පඤ්චහි:
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝදෙනාට සුව පිණිස බොහෝ දෙනාට අර්‍ත්‍ථ පිණිස දෙවි මිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි. කවර ධර්‍මපසෙකින යත්:
Pali BJTථෙරො හොති රත්තඤ්ඤූ චිරපබ්බජිතො. ඤාතො හොති යසස්සී ගහට්ඨපබ්බජිතානං{2} බහුජනපරිවාරො. ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා{3}කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, ධතා{4} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො.
Sinhala BJTචිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත ස්ථිර මහණෙක් වෙයි. ගිහි පැවිද්දන් විසින් අභිඥාත, යශස්වී, බොහෝ පිරිවර ඇත්තේ වෙයි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන සුලුයේ ද වෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධරවූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ ද වෙයි. යම් ඒ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට කියත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. අවිපරීතදර්‍ශන ඇතියේ සම්‍යග්දෘෂ්ටික වෙයි.
Pali BJTසො බහුජනං අසද්ධම්මා වුට්ඨාපෙත්වා සද්ධම්මෙ පතිට්ඨාපෙති. ථෙරො භික්ඛු රත්තඤ්ඤූ චිරපබ්බජිතොතිපිස්ස{5} දිට්ඨානුගතිං ආපජ්ජන්ති. ඤාතො ථෙරො භික්ඛු යසස්සී ගහට්ඨපබ්බජිතානං බහුජනපරිවාරොතිපිස්ස{5} දිට්ඨානුගතිං ආපජ්ජන්ති. ලාභී ථෙරො භික්ඛු -පෙ- බහුස්සුතො ථෙරො භික්ඛු සුතධරො සුතසන්නිචයොතිපිස්ස{5} දිට්ඨානුගතිං ආපජ්ජන්ති.
Sinhala BJTහේ බොහෝදෙන අසද්ධර්‍මයෙන් නංවා සද්ධර්‍මයෙහි පිහිටුවයි. චිරරාත්‍රඥ, චිර ප්‍රව්‍රජිත ස්ථිර මහණැ’යි ඔහුගේ දෘෂ්ටානුගතියට ද පැමිණෙත්. ‘ස්ථවිර මහණ ගිහි පැවිද්දන් විසින් ඥාත ය, යශස්වී ය, බහුජනපරිවාර ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ‘ස්ථවිර මහණ ... ලාභී ය, ‘ස්ථවිර මහණ බහුශ්‍රුත ය ශ්‍රැතධර ය ශ්‍රැතසන්නිචය ය’යි ද ඔහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු බහුජනහිතාය පටිපන්නො හොති බහුජනසුඛාය බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දේවමනුෂ්‍යයනට හිත පිණිස සුව පිණිස පිළිපන්නේ වෙයි.
Pali BJT5. 2. 4. 9.
Sinhala BJT5. 2. 4. 9.
Pali BJT[පඨමසෙඛසුත්තං]
Sinhala BJT[පඨමසේඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT39. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT39. මහණෙනි, මේ ධර්‍මයෝ පස්දෙනෙක් ශෛක්‍ෂ (සකරණීය) මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ: කවර පස් දෙනෙක යත්:
Pali BJTකම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTනවකර්‍මයෙහි ඇලුම්ඇති බව ය, (ස්ත්‍රීපුරුෂවර්‍ණනාදි විසින් වැටෙන ආලාපසංලාපසඞ්ඛ්‍යාත) භාෂණයෙහි ඇලුම් ඇති බව ය, නිදීමෙහි ඇලුම් ඇති බව ය, ගණසඞ්ගණිකායේහි ඇලුම් ඇති බව ය, යථාවිමුක්තිචිත්තය (පැහු දොස්, ලැබූ ගුණ මේ යයි සලකා මතු ගුණ ලාභය පිණිස සිත මිදුනු පරිදි) ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි. (යනු යි.) මහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
Pali BJTන කම්මාරාමතා, න භස්සාරාමතා, න නිද්දාරාමතා, න සඞ්ගණිකාරාමතා, යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති.
Sinhala BJTකම්මාරාමතා නො වෙයි, භස්සාරාමතා නො වෙයි, නිද්දාරාමතා නො වෙයි, සඞ්ගණිකාරාමතා නො වෙයි, යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස පවත්නාහ.
Pali BJT5. 2. 4. 10.
Sinhala BJT5. 2. 4. 10.
Pali BJT[දුතියසෙඛසුත්තං]
Sinhala BJT[දුතියසේඛ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT40. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJT40. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂමහණහුගේ පරිහානිය පිණිස පවත්නාහ. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු බහුකිච්චො හොති බහුකරණීයො ව්යත්තො කිංකරණීයෙසු. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ පඨමො ධම්මො සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කරණී ඇති, බොහෝ කිස ඇතියෙක් වෙයි. ඉතිකර්‍තව්‍යයෙහි ඡේක වෙයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පළමු දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු අප්පමත්තකෙන කම්මෙන දිවසං අතිනාමෙති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ දුතියො ධම්මො සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තති.
Sinhala BJTවැලිදු මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රක කර්‍මයෙකින් දවස ගළවයි. පිළිසලන හැරැපියයි. තමා තුළ සමාධිකමටහනෙහි නො යෙදෙයි. මහණෙනි, මේ දෙවන දහම ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු සංසට්ඨො විහරති ගහට්ඨපබ්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග්ගෙන. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ තතියො ධම්මො සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ගිහිපැවිද්දන් සමඟ අනුලෝම නො වන ගිහිසසඟින් සසට ව වෙසෙයි. පිළිසලන හැරපියයි. අධ්‍යාත්ම චිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු අතිකාලෙන{1} ගාමං පවිසති, අතිදිවා පටික්කමති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ චතුත්ථො ධම්මො සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ මහණ ඉතා අලුයම ගම් වදනේ ය. මධ්‍යාහ්නය පන්වා පෙරළා එයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ පරිහානිය පිණිස වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු යායං කථා ආභිසල්ලෙඛිකා{2} චෙතොවිවරණසප්පායා-සෙය්යථීදං: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා විරියාරම්හකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, එවරූපාය{3} කථාය න නිකාමලාභී හොති කිච්ඡලාභී{4} කසිරලාභී.{5} රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතො සමථං. අයං භික්ඛවෙ පඤ්චමො ධම්මො සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා සෙඛස්ස භික්ඛුනො පරිහානාය සංවත්තන්ති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ මහණ කෙලෙස් ලියා හරණ ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත චිත්තවිවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධි කථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථාව කැමැති සේ නො ලබන සුලුයේ කිච්ඡලාභී, කසිරලාභී වෙයි. පිළිසලන පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස පවත්නේ ය. මහණෙනි, මේ පඤ්චධර්‍මයෝ ශෛක්‍ෂභික්‍ෂුහුගේ පරිහානිය පිණිස වැටෙත්.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච:
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු න බහුකිච්චො හොති න බහුකරණීයො වියත්තො කිං කරණීයෙසු. න රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ පඨමො ධම්මො සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ශෛක්‍ෂ මහණ බොහෝ කිස ඇතියේ, බොහෝ කරණී ඇතියේ නො වෙයි. කිංකරණීයයෙහි ව්‍යක්ත වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය පිණිස මේ ප්‍රථමධර්‍මය වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු න අප්පමත්තකෙන කම්මෙන දිවසං අතිනාමෙති, න රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං චක්ඛවෙ දුතියො ධම්මො සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ මහණ අල්පමාත්‍රකර්‍මයෙකින් දවස නො ගළවයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ දෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු අසංසට්ඨො විහරති ගහට්ඨපබ්බජිතෙහි අනනුලොමිකෙන ගිහීසංසග්ගෙන. න රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ තතියො ධම්මො සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂමහණ සස්නට අනුලෝම නොවන ගිහිසංසර්‍ගයෙන් ගිහිපැවිද්දන් සමඟ සසට ව නො වෙසෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ තෙවන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො නාතිකාලෙන{1} ගාමං පවිසති, නාතිදිවා පටික්කමති. න රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ චතුත්ථො ධම්මො සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ ඉතා අලුයම ගම් නො වදනේ ය. දහවල පන්වා පෙරළා නො එයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ සතර වන ධර්‍මය ශෛක්‍ෂ මහණහුගේ අපරිහානිය සඳහා පවත්නේ ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ සෙඛො භික්ඛු යායං කථා ආභිසල්ලෙඛිකා{2} චෙතොවිවරණසප්පායා-සෙය්යථීදං: අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා විරියාරම්හකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණස්සකථා, එවරූපාය{3} කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. න රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං භික්ඛවෙ පඤ්චමො ධම්මො සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTතවද මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂු තෙමේ කෙලෙස් ලියා හරණා චිත්ත විවරණයට සත්ප්‍රාය වූ අප්පිච්ඡකථා ය, සන්තුට්ඨිකථා ය, පවිවේකකථා ය, අසංසග්ගකථා ය, විරියාරම්භකථා ය, සීලකථා ය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඥානදස්සනකථා ය යන යම් කථායෙක් වේ නම්, එ බඳු කථා කැමති සේ ලබන සුලුයේ නිදුකින් ලබන සුලුයේ මහත් සේ ලබන සුලුයේ වෙයි. පිළිසලන නො පියයි. අධ්‍යාත්මචිත්තශමථයෙහි යෙදෙයි. මහණෙනි, මේ පස් වන ධර්‍මය ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්චධම්මා සෙඛස්ස භික්ඛුනො අපරිහානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
Pali BJTථෙරවග්ගො චතුත්ථො
Sinhala BJTථේර වර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTරජනීයං වීතරාගා කුහකො’ සද්ධඅක්ඛමා{4} පටිසම්භිදා ච සීලෙන ථෙරො සෙඛා පරෙ දුවෙති.
Sinhala BJTරජනීය සූත්‍රය, වීතරාග සූත්‍රය, කුහක සූත්‍රය, අස්සද්ධ සූත්‍රය, අක්ඛම සූත්‍රය, පටිසම්භිදා සූත්‍රය, සීල සූත්‍රය, ථේර සූත්‍රය, සේඛ සූත්‍ර දෙක දැයි දශසූත්‍රයෙකි.
Pali BJT5. කකුධවග්ගො
Sinhala BJT5. කකුධ වර්‍ගය
Pali BJT5. 2. 5. 1.
Sinhala BJT5. 2. 5. 1.
Pali BJT[පඨමසම්පදාසුත්තං]
Sinhala BJT[පඨමසම්පදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT41. පඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච?
Sinhala BJT41. මහණෙනි, මේ සම්පදා පසෙකි. කවර පසෙක යත්:
Pali BJTසද්ධාසම්පදා සීලසම්පදා සුතසම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදාති.
Sinhala BJTසද්ධාසම්පදා හා සීලසම්පදා හා සුතසම්පදා හා චාගසම්පදා හා පඤ්ඤාසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
Pali BJT5. 2. 5. 2.
Sinhala BJT5. 2. 5. 2.
Pali BJT[දුතියසම්පදාසුත්තං]
Sinhala BJT[දුතියසම්පදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. පඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච?
Sinhala BJT42. මහණෙනි, මේ සම්පදා පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTසීලසම්පදා සමාධිසම්පදා පඤ්ඤාසම්පදා විමුත්තිසම්පදා. විමුත්තිඤාණදස්සනසම්පදා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදාති.
Sinhala BJTසීලසම්පදා හා සමාධිසම්පදා හා පඤ්ඤාසම්පදා හා විමුත්තිසම්පදා හා විමුත්තිඤාණදස්සනසම්පදා හා යි. මහණෙනි, මේ පඤ්චසම්පදා යි.
Pali BJT5. 2. 5. 3.
Sinhala BJT5. 2. 5. 3.
Pali BJT[අඤ්ඤබ්යාකරණසුත්තං]
Sinhala BJT[අඤ්ඤබ්‍යාකරණ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT43. පඤ්චිමානි භික්ඛවෙ අඤ්ඤබ්යාකරණාති.{1} කතමානි පඤ්ච?
Sinhala BJT43. මහණෙනි, මේ අර්‍හත්ත්‍වව්‍යාකරණයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTමන්දත්තා මොමුහත්තා අඤ්ඤං බ්යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්යාකරොති, උම්මාදා චිත්තවික්ඛෙපා අඤ්ඤං බ්යාකරොති, අධිමානෙන අඤ්ඤං බ්යාකරොති, සම්මදෙව අඤ්ඤං බ්යාකරොති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අඤ්ඤබ්යාකරණානීති.{1}
Sinhala BJTඅඥානභාවයෙන් අතිමුඨභාවයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. ලමු ඉච්ඡා ඇතියේ ඉච්ඡායෙන් මැඩුනේ අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. උමතුයෙන් චිත්තක්‍ෂේපයෙන් අර්‍හත්ත්‍වය පාළ කරයි. අධිමානයෙන් අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මනා (හේතු) යෙන් ම අර්‍හත්ත්‍වය පාළ කෙරෙයි. මහණෙනි, මේ පස් දෙන අර්‍හත්ත්‍වව්‍යාකරණයෝ යි.
Pali BJT5. 2. 5. 4.
Sinhala BJT5. 2. 5. 4.
Pali BJT[ඵාසුවිහාරසුත්තං]
Sinhala BJT[ඵාසුවිහාර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT44. පඤ්චිමෙ භික්ඛවෙ ඵාසුවිහාරා. කතමෙ පඤ්ච?
Sinhala BJT44. මහණෙනි, මේ ඵාසුවිහාරයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා -දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ඵාසුවිහාරාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව ම අකුශලධර්‍මයෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන්, ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය හා ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කෙරෙයි. මහණෙනි, මෙ පඤ්චඵාසු විහරණයෝ යි.
Pali BJT5. 2. 5. 5.
Sinhala BJT5. 2. 5. 5.
Pali BJT[අකුප්පසුත්තං]
Sinhala BJT[අකුප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT45. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත වූ මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්ථපටිසම්භිදාපත්තො{1} හොති, ධම්මපටිසම්භිදාපත්තො හොති, නිරුත්තිපටිසම්භිදාපත්තො හොති, පටිභානපටිසම්භිදාපත්තො හොති, යථා විමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අර්‍ත්‍ථප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාඥානයට පැමිණියේ වෙයි. යථාවිමුක්තචිත්තය (සිත කෙලෙසුන්ගෙන් මිදුණු සැටිය) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය.
Pali BJT5. 2. 5. 6.
Sinhala BJT5. 2. 5. 6.
Pali BJT[දුතියඅකුප්පසුත්තං]
Sinhala BJT[දෙවන අකුප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං ආසෙවන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT46. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය සෙවුනේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අප්පට්ඨො හොති අප්පකිච්චො සුභරො සුසන්තොසො ජීවිතපරික්ඛාරෙසු. අප්පාහාරො හොති අනොදරිකත්තං අනුයුත්තො. අප්පමිද්ධො හොති ජාගරියං අනුයුත්තො. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසාන කල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{2} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර (පෝෂණයට පහසු) වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පවූ ක්‍රියා සමාරම්භ ඇතියේ වෙයි. අනෞදරිකත්‍වයෙහි (අහරෙහි නොගිජු බැව්හි) යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි (නිදිවැරීමෙහි) යෙදුනේ අල්පමිද්ධ වෙයි. ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය (රැස්කරගත් ශ්‍රැත) ඇතියේ බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ, මධ්‍යකල්‍යාණ, පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු, සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ ශාසන බ්‍රහ්මචර්‍ය්‍යය මැනැවින් කියත් ද, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ අසන ලද්දාහු ධරණ ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරණ ලද්දාහු සිතින් විමසන ලද්දාහු ප්‍රඥායෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං ආසෙවන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතීති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය ඇසුරු කරණුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
Pali BJT5. 2. 5. 7.
Sinhala BJT5. 2. 5. 7.
Pali BJT[තතියඅකුප්පසුත්තං]
Sinhala BJT[තෙවන අකුප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං භාවෙන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි:
Sinhala BJT47. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ ය. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අප්පට්ඨො හොති අප්පකිච්චො සුභරො සුසන්තොසො ජීවිතපරික්ඛාරෙසු. අප්පාහාරො හොති අනොදරිකත්තං අනුයුත්තො. අප්පමිද්ධො හොති ජාගරියං අනුයුත්තො. යායං කථා ආභිසල්ලෙඛිකා{3} චෙතොවිවරණසප්පායා-සෙය්යථීදං? අප්පිච්ඡකථා -පෙ- එවරූපාය{4} කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. යථාවිමුත්තං චිත්තං පච්චවෙක්ඛති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිතපරිෂ්කාරයෙහි මනා සන්තෝෂ ඇතියේ අල්පසමාරම්භ වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. කෙලෙස් ලියා ලන චිත්තවිවරණයට සත්ප්‍රාය වන අප්පිච්ඡකථා ... (සන්තුට්ඨිකථා, පවිවේකකථා, අසංසග්ගකථා, විරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා) යන යම් දස කථායෙක් වේ නම්, එබඳු කථා කැමැතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල කොට ලබනුයේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං භාවෙන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතී’ති.
Sinhala BJTමහණෙනි, මෙ කරුණුපසින් සමන්‍වාගත මහණ ආනාපානසතිය වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
Pali BJT5. 2. 5. 8.
Sinhala BJT5. 2. 5. 8.
Pali BJT[චතුත්ථ අකුප්පසුත්තං]
Sinhala BJT[සිවුවන අකුප්ප සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT48. පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං බහුලීකරොන්තො නචිරස්සෙව අකුප්පං පටිවිජ්ඣති. කතමෙහි පඤ්චහි?
Sinhala BJT48. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කරණුයේ අර්‍හත්ත්‍වය පිළිවිදිනේ ය. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු අප්පට්ඨො හොති අප්පකිච්චො සුභරො හොති සුසන්තොසො ජීවිතපරික්ඛාරෙසු. අප්පාහාරො හොති ආනොදරිකත්තං අනුයුත්තො. අප්පමිද්ධො හොති ජාගරියං අනුයුත්තො. ආරඤ්ඤකො හොති. පන්තසෙනාසනො. යථාවිමුත්තචිත්තං පච්චවෙක්ඛති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අල්පකෘත්‍ය ඇතියේ සුභර වූයේ ජීවිත පරිෂ්කාරයෙහි මොනොවට සතුටු වූයේ අල්පසමාරම්භ ඇති වෙයි. අනෞදරිකත්‍වයෙහි යෙදුනේ අල්පාහාර වෙයි. ජාගර්‍ය්‍යායෙහි යෙදුනේ අල්පමිද්ධ වෙයි. අරණෙහි වසන සුලුයේ ප්‍රාන්තශයනාසන ඇතියේ වෙයි. යථාවිමුක්තචිත්තය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආනාපානසතිං බහුලීකරොන්තො න චිරස්සෙව අකුප්පං පටිවිජ්ඣතීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආනාපානසතිය බහුල කොට වඩනුයේ නොබෝ කලෙකින් මැ අර්‍හත්ත්‍වය පිළිවිදුනේ යි.
Pali BJT5. 2. 5. 9.
Sinhala BJT5. 2. 5. 9.
Pali BJT[සීහසුත්තං]
Sinhala BJT[සීහ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT49. සීහො භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසං අනුවිලොකෙති. සමන්තා චතුද්දිසං අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනනාදං නදිත්වා ගොචරාය පක්කමති.
Sinhala BJT49. මහණෙනි, මෘගරාජන් වූ සිංහ සවස් කාලයෙහි වාසස්ථානයෙන් නික්මෙයි. වාසස්ථානයෙන් නික්මැ වජඹනේ (කය පොළා වෙරගන්නේ) ය. වැජැඹැ හාත්පස සිවුදිගුන් අනුවිලෝකනා කරන්නේ ය. වටා සිවුදිගුන් නහමා තුන්යලක් සිංහනාද කරන්නේ ය. තෙවිටක් සිංහනාද කොට ගොදුරු සඳහා නික්මැ යෙයි.
Pali BJTසො හත්ථිස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං මහිසස්ස{1} චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. ගවස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. දීපිස්ස චෙපි පහාරං දෙති, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. ඛුද්දකානං චෙපි පාණානං පහාරං දෙති අන්තමසො සසබිළාරානම්පි, සක්කච්චඤ්ඤෙව පහාරං දෙති නො අසක්කච්චං. තං කිස්ස හෙතු? මා මෙ යොග්ගපථො නස්සාති.
Sinhala BJTහේ ඇතක්හට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. මිහිවකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නොදෙයි. ගවයකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. දිවියකුහට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. ක්‍ෂුද්‍රක ප්‍රාණීනට නමුදු පහර දේ නම්, සකසා මැ පහර දෙයි. සකස් නො කොට පහර නො දෙයි. යටත් පිරිසෙයින් සා බළලුනට හෝ පහර දේ නම්, සකසා මැ පහර දෙයි. නො සකසා පහර නො දෙයි. කවර හෙයින යත්: මාගේ යෝග්‍යපථය (අභ්‍යාසමාර්‍ගය) නහමක් නසීවයි.
Pali BJTසිහොති ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මා සම්බුද්ධස්ස. යං ඛො භික්ඛවෙ තථාගතො පරිසාය ධම්මං දෙසෙති, ඉදමස්ස හොති සීහනාදස්මිං.
Sinhala BJTමහණෙනි, සිංහ යනු අර්‍හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයනට තෙල නමෙකි. මහණෙනි, තථාගතයෝ පර්‍ෂද්හි දහම් දෙසති යන යමෙක් වේ නම්, මෙ ඔවුන්ගේ සිංහනාද වෙයි.
Pali BJTභික්ඛූනං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. භික්ඛුනීනං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති. සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. උපාසකානං චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. උපාසිකානඤ්චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. පුථුජ්ජනානඤ්චෙපි භික්ඛවෙ තථාගතො ධම්මං දෙසෙති අන්තමසො අන්නහාරනෙසාදානම්පි, සක්කච්චඤ්ඤෙව තථාගතො ධම්මං දෙසෙති නො අසක්කච්චං. තං කිස්ස හෙතු? ධම්මගරු භික්ඛවෙ තථාගතො ධම්මගාරවොති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂූනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, මෙහෙණනට ද ඉදින් තථාගතයෝ දහම් දෙසත් නම්, සකස් කොට වත් මුත් නො සකස් කොට දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ උවසුවනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් උවැසියනට ද තථාගතයෝ දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. මහණෙනි, ඉදින් තථාගතයෝ පුහුදුනට ද යටත් පිරිසෙයින් අන්නහාර (තෘණහාරකයනට) හා ලිහිණිවැද්දනට ද දහම් දෙසත් නම්, සකසා මැ වත් මුත් නො සකසා දහම් නො දෙසන්නාහ. එ කවර හෙයින යත්: මහණෙනි, තථාගතයෝ ධර්‍මය ගුරු කොට ඇතියහ. ධර්‍ම ගෞරව ඇතියහ.
Pali BJT5. 2. 5. 10.
Sinhala BJT5. 2. 5. 10.
Pali BJT[කකුධසුත්තං]
Sinhala BJT[කකුධ සූත්‍රය]
Pali BJT50. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන කකුධො නාම කොලියපුත්තො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාවපටිලාභො හොති: සෙය්යථාපි නාම ද්වෙ වා තීණිවා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවපටිලාභෙන නෙවත්තානං නො පරං ව්යාබාධෙති.
Sinhala BJT50. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි වූ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන තෙරණුවන්ගේ උපස්ථායක වූ කකුධ නම් කෝලිය පුත්‍ර නොබෝ දිනෙකින් කලුරිය කෙළේ අන්‍යතර මනෝමයදේවනිකායේක්හි උපන්නේ වෙයි. ඔහුට මෙබඳු වූ අත්මභාව (ශරීර) ප්‍රතිලාභයෙක් වෙයි. එනම්: මගධදේශයට අයත් ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එ පමණ වූවෙකි. හේ එ ආත්මභාව ප්‍රතිලාභයෙන් තමා වේවයි මෙරමා වේවයි නො මැ පෙළයි.
Pali BJTඅථ ඛො කකුධො දෙවපුත්තො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො කකුධො දෙවපුත්තො ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි “අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී” ති. සහචිත්තුප්පාදා ච භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො”ති. ඉදමවොච කකුධො දෙවපුත්තො ඉදං වත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි.
Sinhala BJTඉක්බිති කකුධ දේවපුත්‍ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත් පසෙක සිටි කකුධදෙවපුත්‍ර ආයුෂ්මත් මහමුගලන් තෙරුන්හට තෙල කී ය: “වහන්ස, දෙව්දතුනට ‘මම බික් සඟුන් පිළිදගුම්ව’යි යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදය හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ”යි කකුධදෙවපුත්‍ර මෙය කී ය. මෙය කියා ආයුෂ්මත් මහමුගලන් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකළ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
Pali BJT“කකුධො නාම භන්තෙ, කොලියපුත්තො මමං උපට්ඨාකො අධුනා කාලකතො අඤ්ඤතරං මනොමයං කායං උපපන්නො. තස්ස එවරූපො අත්තභාව පටිලාභො හොති: සෙය්යථාපි නාම ද්වෙ වා තීණි වා මාගධකානි ගාමක්ඛෙත්තානි. සො තෙන අත්තභාවපටිලාභෙන නෙවත්තානං නො පරං ව්යාබාධෙති. අථ ඛො භන්තෙ කකුධො දෙවපුත්තො යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භන්තෙ කකුධො දෙවපුත්තො මං එතදවොච: දෙවදත්තස්ස භන්තෙ, එවරූපං ඉච්ඡාගතං උප්පජ්ජි ‘අහං භික්ඛුසඞ්ඝං පරිහරිස්සාමී’ති සහචිත්තුප්පාදා ච භන්තෙ දෙවදත්තො තස්සා ඉද්ධියා පරිහීනො’ති. ඉදමවොච භන්තෙ, කකුධො දෙවපුත්තො. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායි”ති.
Sinhala BJT“වහන්ස, මාගේ උපස්ථායක වූ කකුධ නම් කෝලියපුත්‍ර නොබෝදා කලුරිය කෙළේ අන්‍යතර මනෝමයකායයෙක්හි උපන. ඔහුගේ ආත්මභාවප්‍රතිලාභය මගධ දෙශීය ග්‍රාමක්‍ෂේත්‍ර දෙකෙක් හෝ තුණෙක් යම් පමණ වේ නම්, එපමණ වූයේ වෙයි. හේ ඒ අත්බැවින් තමා හෝ මෙරමා නො මැ පෙළයි. වහන්ස, ඉක්බිති කකුධ දේවපුත්‍ර මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස්ව සිටියේ ය. වහන්ස, එකත්පස්ව සිටි කකුධ දේවපුත්‍රයා මට තෙල කරුණ කී ය: වහන්ස, දේවදත්ත හට ‘මම බික්සඟුන් පරිහරණය කෙරෙමි’ යන මෙබඳු ඉච්ඡායෙක් උපන. වහන්ස, චිත්තෝත්පාදයාගේ උපත් හා සමඟ මැ දේවදත්ත එ ඉදුහයෙන් පිරිහිනැ යි. වහන්ස, කකුධදේවපුත්‍රයා මෙය කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ” යයි.
Pali BJTකිං පන තෙ මොග්ගල්ලාන, කකුධො දෙවපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො. යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථාති?
Sinhala BJTමුගලන කිමෙක, තා විසින් කකුධදේවපුත්‍රයා සියසිතින් ඔහු සිත පිරිසිඳ දන්නා ලද ද: ‘යමක් කකුධ දේවපුත්‍රයා කියා නම්’ එ හැම අන් පරිද්දෙකින් නොව එපරිද්දෙන් මැ වේ ය’ යි කියා යි.
Pali BJT“චෙතසා චෙතො පරිච්ච විදිතො මෙ භන්තෙ කකුධො දෙවපුත්තො. යං කිඤ්චි කකුධො දෙවපුත්තො භාසති, සබ්බං තං තථෙව හොති නො අඤ්ඤථා”ති. රක්ඛස්සෙතං මොග්ගල්ලාන වාචං.{1} ඉදානි සො මොඝපුරිසො අත්තනාව අත්තානං පාතුකරිස්සතීති.
Sinhala BJTවහන්ස, “කකුධ දේවපුත්‍ර යමක් කියා නම්, එ හැම එපරිදි මැ වෙයි. අන්පරිදි නො වේ ය”යි ම විසින් මා සිතින් ඹහු සිත පිරිසිඳ කකුධ දේවපුත්‍ර දන්නා ලද්දේ ය. මුගලන, තෙල බස රකුව. දැන් එ (දේවදත්ත) මෝඝපුරුෂයා තෙමේ මැ තමා පළ කරන්නේ ය යි.
Pali BJTපඤ්චිමෙ මොග්ගල්ලාන සත්ථාරො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච:
Sinhala BJTමුගලන, ලොව්හි මේ ශාස්තෲහු පස් දෙනෙක් විද්‍යාමාන වෙත්. කවර පස් දෙනක යත්:
Pali BJTඉධ මොග්ගල්ලාන, එකච්චො සත්තා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධසීලො සමානො පරිසුද්ධසීලොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ සීලං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු{1} මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො පන මොග්ගල්ලාන, සත්ථාරං සාවකා සීලතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි සීලතො රක්ඛං පච්චාසිංසති. (1)
Sinhala BJTමුගලන, මෙ ලොව්හි අන්‍යතර ශාස්තෘයෙක් නොපිරිසිදු සිල් ඇතියේ මැ “පිරිසිදු සිල් ඇතියෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, අසංක්ලිෂ්ට ය”යි ප්‍රතිඥා කරයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ශීල ඇතියේ මැ ‘පරිශුද්ධ ශීලයෙමි, මාගේ ශීලය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. අපිදු වනාහි එ බව් ගිහීනට සැළ කරමෝ නම්, ඔහට එ මනාප නොවන්නේ ය. යම් කිසිවක් ඔහට අමනාප වේ නම්, අපි කිසෙයින් නම් එය කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ ද, එයින් හේ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ශීලයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන්ගෙන් ශීල හේතුයෙන් ආරක්‍ෂාව පතන්නේ ය. (1)
Pali BJTපුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධාජීවො සමානො පරිසුද්ධාජීවොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ආජීවො පරියොදාතො අසඞ්කිලිට්ඨොති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථන්නු මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ආජීවතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ආජීවතො රක්ඛං පච්චාසිංසති. (2)
Sinhala BJTතවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් නො පිරිසිදු ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි ප්‍රතිඥා කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ආජීව ඇතියේ මැ ‘පිරිසිදු ආජීව ඇතියෙමි, මාගේ ආජීවය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය, නොකිලිටි ය’යි පිළින කෙරෙයි. අපිදු එබව් ගිහියනට සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් බුහුමන් කෙරේ මැයි. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මෑ එයින් පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ශාස්තෲහු ආජීවයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන්ගෙන් ආජීවහේතුයෙන් ආරක්‍ෂාව පතයි. (2)
Pali BJTපුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති, පරිසුද්ධො මෙ ධම්මදෙසනා පරියොදාතා අසංකිලිට්ඨාති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධධම්මදෙසනො සමානො පරිසුද්ධධම්මදෙසනොම්හීති පටිජානාති, පරිසුද්ධා මෙ ධම්මදෙසනා පරියොදාතා අසඞ්කිලිට්ඨාති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සති”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා ධම්මදෙසනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ධම්මදෙසනතො රක්ඛං පච්චාසිංසති (3)
Sinhala BJTතවද මුගලන, මෙලොව්හි ඇතැම් ශාස්තෘයෙක් අපරිශුද්ධ ධර්‍මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්‍ම දේශනා ඇතියෙමි, මාගේ ධර්‍මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නොකිලිටි ය’යි පිළින කරයි. සව්වෝ තෙල ස්ථරහු මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපරිශුද්ධ ධර්‍මදේශනා ඇතියේ මැ ‘පරිශුද්ධධර්‍මදේශනා ඇතියෙමි, මාගේ ධර්‍මදේශනාව පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, අසංක්ලිෂ්ට ය’යි පිළින කරයි. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, එය ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කිසෙයින් අපි ඔහු එයින් කියමෝ ද! ලෝකයා ඔහුට චීවරපිණ්ඩපාතශයනාසන-ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍යපරිෂ්කාරයෙන් බුහුමන් කෙරේ මැයි. යමක් තෙමේ කෙරේ නම්, එයින් හෙ තෙමේ මැ පළට වන්නේ ය”යි. මුගලන, ශ්‍රාවකයෝ මෙබඳු ස්ථරහු ධර්‍මදේශනා හේතුයෙන් රක්නාහ. මෙ බඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ධර්‍මදේශනා හේතුයෙන් රක්‍ෂා පතන්නේ ය. (3)
Pali BJTපුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරිදොතං අසඞ්කිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධවෙය්යාකරණො සමානො පරිසුද්ධවෙය්යාකරණොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ වෙය්යාකරණං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම,
Sinhala BJTතවද මුගලන, මෙලොවිහි ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ව්‍යාකරණ (කථා) ඇත්තේ මැ ‘පිරිසිදු ව්‍යාකරණ ඇතියෙම් වෙමි, මාගේ ව්‍යාකරණය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. ශ්‍රාවකයෝ තෙල පුඟුල්හු ‘මෙ භවත් ශාස්තෘ තෙමේ නොපිරිසිදු ව්‍යාකරණ ඇතියේ මැ පිරිසිදු ව්‍යාකරණ ඇතියෙමි, මාගේ ව්‍යාකරණය පිරිසිදු ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටිය’යි පිළින කරයි. ඉදින් අපිදු මෙබව් ගිහිනට සැළ කරමෝ නම්,
Pali BJTනාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සතී”ති. එවරූපං ඛො මොග්ගල්ලාන සත්ථාරං සාවකා වෙය්යාකරණතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි වෙය්යාකරණතො රක්ඛං පච්චාසිංසති. (4)
Sinhala BJTඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හෙ තෙමේ මැ එයින් පැණෙන්නේ ය”යි. මුගලන, මෙබඳු ස්ථරහු සව්වෝ ව්‍යාකරණහේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් වෙතින් ව්‍යාකරණ හේතුයෙන් රක්‍ෂණය පතයි. (4)
Pali BJTපුන චපරං මොග්ගල්ලාන, ඉධෙකච්චො සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසංකිලිට්ඨන්ති. තමෙනං සාවකා එවං ජානන්ති: “අයං ඛො භවං සත්ථා අපරිසුද්ධඤාණදස්සනො සමානො පරිසුද්ධඤාණදස්සනොම්හීති පටිජානාති, පරිසුද්ධං මෙ ඤාණදස්සනං පරියොදාතං අසඞ්කිලිට්ඨන්ති. මයං චෙව ඛො පන ගිහීනං ආරොචෙය්යාම, නාස්සස්ස මනාපං. යං ඛො පනස්ස අමනාපං, කථන්නු තං මයං තෙන සමුදාචරෙය්යාම. සම්මන්නති ඛො පන චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යං තුමො කරිස්සති, තුමොව තෙන පඤ්ඤායිස්සති”ති. එවරූපං ඛො මොග්ගල්ලාන, සත්ථාරං සාවකා ඤාණදස්සනතො රක්ඛන්ති. එවරූපො ච පන සත්ථා සාවකෙහි ඤාණදස්සනතො රක්ඛං පච්චාසිංසති (5)
Sinhala BJTතවද මුගලන, මෙලොව්හි, ඇතැම් ශාස්තෘයෙක් නොපිරිසිදු ඥානදර්‍ශන ඇතියේ මැ ‘පිරිසිදු ඥානදර්‍ශන ඇතියෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කෙරෙයි. තෙල පුඟුල්හු සව්වෝ මෙසේ හඳුනත්: “මෙ භවත් ශාස්තෘ තෙමේ අපිරිශුද්ධ ඥානදර්‍ශන ඇතියේ මැ ‘පරිශුද්ධ ඥානදර්‍ශන ඇතියෙමි, මාගේ ඥානදර්‍ශනය පරිශුද්ධ ය, පර්‍ය්‍යාවදාත ය, නො කිලිටි ය’යි පිළින කරන්නේ ය. අපිදු ගිහිනට මෙබව් සැළ කරමෝ නම්, ඔහට මනාප නොවන්නේ ය. යමක් ඔහට අමනාප වේ නම්, කෙසේ නම් අපි ඔහු එයින් කියමෝ ද! සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසද් පිරිකරින් ලෝකයා ඔහු සගන්නේ ම ය. තෙමේ යමක් කෙරේ නම්, හේ තෙමේ මැ එයින් පළට වන්නේ ය”යි. මෞද්ගල්‍යායනය, මෙබඳු ස්ථරහු ශ්‍රාවකයෝ ඥානදර්‍ශන හේතුයෙන් රක්නාහ. මෙබඳු ශාස්තෘ තෙමේත් ශ්‍රාවකයන් වෙතින් ඥානදර්‍ශන හේතුයෙන් රක්‍ෂණය පතයි. (5)