Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති රක්ඛිතෙන{1} කායෙන රක්ඛිතාය වාචාය රක්ඛිතෙන චිත්තෙන උපට්ඨිතාය සතියා සංවුතෙහි ඉන්ද්රියෙහි. සො චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණ මෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා, -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති.
Sinhala BJTතවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පාසිවුරු ගෙණ එ ගමට හෝ නියම්ගමට හෝ රක්නා ලද කයින් රක්නා ලද වචනයෙන් රක්නා ලද සිතින් එළඹ සිටි කාගියාසිහියෙන් සංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස පිවිසෙයි. හෙ ඇසින් රූපයක් දැක නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරණ තෙල පුඟුල් කරා ලාමක අකුශලධර්‍ම වූ අභිද්ධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් දැන ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්පර්‍ශය පැහැස ... මනසින් ධර්‍මායතන දැන නිමිති නො ගන්නා සුලුයේ, අනුවියඳුන් නො ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්‍ද්‍රියය අසංවෘත කොට වාස කරණ තෙල මහණ කරා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු වෙත් නම්, එහි සංවරණ පිණිස පිළිපදනේ ය. මනින්‍ද්‍රියය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි.
Pali BJTසො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය -පෙ- සො ඉමෙ පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං{2} උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහෙ පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයේ විවික්තශයනාසන වූ අරණ්‍ය ය වෘක්‍ෂමූල ය පර්‍වත ය කන්‍දරය ගිරිගුහා ය ශ්මශාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජ ය බෙජේ හෙ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා හිඳුනේ ය. හෙ පඤ්චස්කන්‍ධලෝකයෙහි අභිධ්‍යාව දුරු කොට ... හෙ චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්‍වලකරණ පඤ්චනීවරණ ධර්‍මයන් දුරු කොට කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කරයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{3} ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති. සො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති.
Sinhala BJTහෙ මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, පර්‍ය්‍යවදාතවූ කල්හි, අඞ්ගණරහිත වූ කල්හි, පහව ගිය උපක්ලේශ ඇති වත් ම මෘදු වත් ම, කර්‍මණ්‍ය වත් ම, ස්ථිතිප්‍රාප්ත වත් ම, නො සැලෙන බවට පැමිණෙත් ම ආස්‍රවයන්ගේ ක්‍ෂයඥානය සඳහා සිත අභිමුඛ කොට නමයි. හෙ මේ පඤ්චස්කන්‍ධය දුකැයි යථාභූතය මැනැවින් දන්නේ ය ... මෙ රහත් බව පිණිස කටයුතු අනෙකෙක් නැතැයි මැනැවින් දන්නේ ය.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ පඤ්චමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් සෙයින් එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සන්නිවිෂ්ටසේනා ඇති සඞ්ග්‍රාමභූමියට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇත්තේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ බඳු සැහැවි ඇති ඇතැම් පුද්ගලයෙක් ද මේ සස්නෙහි ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි වසන මේ පස් වන යොධාජීවාවොපම පුද්ගල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසූති.
Sinhala BJTමහණෙනි, මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස්දෙන මහණුන් අතුරෙහි විද්‍යාමාන වෙති යි.
Pali BJT5. 2. 3. 7.
Sinhala BJT5. 2. 3. 7.
Pali BJT[පඨමඅනාගතභයසුත්තං]
Sinhala BJT[පඨමඅනාගතභය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT27. පඤ්චිමානි භික්ඛවෙ අනාගතභයානි සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. කතමානි පඤ්ච?
Sinhala BJT27. මහණෙනි, මේ පස් අනාබියක් මොනොවට දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්ත (ධ්‍යානවිදර්‍ශනාමාර්‍ගඵලප්‍රභේද) විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අප්‍රත්‍යක්‍ෂ විශේෂයාගේ ප්‍රත්‍යක්‍ෂකරණය සඳහා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට යැවූ සිත ඇති ව වසන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ ආරඤ්ඤකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි එකකොව{1} අරඤ්ඤෙ විහරාමි. එකකං ඛො පන මං{2} අරඤ්ඤෙ විහරන්තං අහි වා ඩංසෙය්ය, විච්ඡිකො වා මං ඩංසෙය්ය, සතපදී වා මං ඩංසෙය්ය. තෙන මෙ අස්ස කාලකිරියා{3} සො මමස්ස අන්තරායො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා”ති. ඉදං භික්ඛවෙ පඨමං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි ආරණ්‍යක මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල අරණෙහි එකලා වූයෙම් ම වෙසෙමි. එකලා ව ම අරණෙහි වාස කරණ මා සර්‍පයෙක් හෝ ඩස්නේ ය. නුහුසුයෙක් හෝ මා ඩස්නේ ය, පත්වහයෙක් හෝ මා ඩස්නේ ය, එයිනා මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරායෙක් වෙයි. ඒකාන්තයෙන් නො පත් විශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගත විශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘත විශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා, (ද්විවිධවීර්‍ය්‍යයෙන්) වැර අරඹමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් නො පත් විශේෂයාගේ ලාභය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ පසක් කිරීම පිණිස නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරෙහි මෙහෙයු සිත් ඇති ව වසන්නට නිස්ස.
Pali BJTපුන චපරං භික්ඛවෙ ආරඤ්ඤකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි එකකො අරඤ්ඤෙ විහරාමි. එකකො පනාහං අරඤ්ඤෙ විහරන්තො උපක්ඛලිත්වා වා පපතෙය්යං, භත්තං වා මෙ භුත්තං{4} ව්යාපජ්ජෙය්ය, පිත්තං වා මෙ කුප්පෙය්ය, සෙම්හං වා මෙ කුප්පෙය්ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා{3} සො මමස්ස අන්තරායො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා” ති. ඉදං භික්ඛවෙ දුතියං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙ කල්හි එකලා ව ම වෙනෙහි වසමි. එකලා ව ම වෙනෙහි වසන මම පැකිල හෝ හෙන්නෙමි. මා වැළඳු බත හෝ (අජීර්‍ණකාදි වශයෙන්) විකෘතියට පත් වන්නේ ය. මාගේ පිත හෝ කිපෙන්නේ ය. මාගේ සෙම් හෝ කිපෙන්නේ ය. මාගේ (සන්‍ධිබන්‍ධන සිඳුනා) ශස්ත්‍රකවාතයෝ හෝ කිපෙන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මට අන්තරාය වෙයි. මම නො ලත් වෙසෙස්හුගේ ලාභය සඳහා, අනධිගත වෙසෙස්හුගේ අධිගම සඳහා, අසාක්‍ෂාත්කෘත වෙසෙස්හුගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර වඩන්නෙම් මැ”යි. මහණෙනි, මෙ දෙවන අනාගතභය දක්නා වනවැසි මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, පසක් නො කරණ ලද විශේෂයාගේ පසක් කිරීම පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ ආරඤ්ඤකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි එකකො අරඤ්ඤෙ විහරාමි. එකකො ඛො පනාහං අරඤ්ඤෙ විහරන්තො වාලෙහි වා සමාගච්ඡෙය්යං, සීහෙන වා ව්යග්ඝෙන වා දීපිනා වා අච්ඡෙන වා තරච්ඡෙන වා, තෙ මං ජීවිතා වොරොපෙය්යුං, තෙන මෙ අස්ස කාලකිරියා.{3} සො මමස්ස අන්තරායො. හන්දා’හං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා”ති. ඉදං භික්ඛවෙ තතියං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, වනවැසි මහණ මෙසේ නුවණින් සිතයි: “මම මෙකල වනයෙහි එකලා වූයෙම් වසමි. වනයෙහි එකලා ව වසන මම සිංහයකු සමඟ හෝ ව්‍යාඝ්‍රයකු සමඟ හෝ දිවියකු සමඟ හෝ වලසකු සමඟ හෝ කරබානා වලසකු සමඟ හෝ ය යි මෙසේ ව්‍යාලයන් හා ද එකතු වන්නෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කලුරිය වෙයි. එ මාහට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගත විශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ ආරඤ්ඤකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි එකකො අරඤ්ඤෙ විහරාමි. එකකො ඛො පනාහං අරඤ්ඤෙ විහරන්තො මාණවෙහි{1} සමාගච්ඡෙය්යං කතකම්මෙහි වා අකතකම්මෙහි වා. තෙ මං ජීවිතා වොරොපෙය්යුං. තෙන මෙ අස්ස කාලකිරියා{2} සො මමස්ස අන්තරායො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති.” ඉදං භික්ඛවෙ චතුත්ථං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: “මම මෙ කල වනයෙහි එකලායෙම් වසමි. එකලායෙම් වෙනෙහි වසන්නෙම් කළ සොරකම් ඇති හෝ නො කළ සොරකම් ඇති සොරුන් හා එකතු වෙමි. ඔහු මා දිවි ගළවන්නාහ. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතවිශේෂයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කරණය සඳහා වැර අරඹමි”යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය සඳහා, අනධිගතයාගේ අධිගමය සඳහා, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය සඳහා අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසිමැ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ආරඤ්ඤකො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි එකකො අරඤ්ඤෙ විහරාමි. සන්ති ඛො පන අරඤ්ඤෙ{3} වාලා අමනුස්සා. තෙ මං ජීවිතා වොරොපෙය්යුං. තෙන මෙ අස්ස කාලකිරියා.{2} සො මමස්ස අන්තරායො. හන්දාහං විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා”ති. ඉදං භික්ඛවෙ පඤ්චමං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, ආරණ්‍යක භික්‍ෂු මෙසේ නුවණින් මෙනෙහි කරයි: “මම මෙ කල එකලායෙම් අරණෙහි වෙසෙමි. අරන්හි කැකුළු යක්‍ෂාදි අමනුෂ්‍යයෝ ඇත් ම ය. ඔහු මා දිවියෙන් ගළවන්නාහ. ඉන් මාගේ කාලක්‍රියාව වෙයි. එ මට අන්තරාය වෙයි. ඒකාන්තයෙන් මම් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියාව පිණිස වැර අරඹමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා ආරණ්‍යක මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වසන්නට නිසි මැ යි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අනාගතභයානි සම්පස්සමානෙන අලමෙව ආරඤ්ඤකෙන භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්ච අනාගතභය දක්නා ආරණ්‍යක භික්‍ෂුහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්ක්‍රියා පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
Pali BJT5. 2. 3. 8.
Sinhala BJT5. 2. 3. 8.
Pali BJT[දුතියඅනාගතභයසුත්තං]
Sinhala BJT[දුතියඅනාගතභය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT28. පඤ්චිමානි භික්ඛවෙ අනාගතභයානි සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. කතමානි පඤ්ච?
Sinhala BJT28. මහණෙනි, මේ පඤ්ච අනාගතභයක් දක්නා මහණහු විසින් අප්‍රාප්තවිශේෂයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතවිශේෂයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතවිශේෂයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වාස කරන්නට නිසි මැ යි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “අහං ඛො එතරහි දහරො යුවා සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා හොති ඛො පන සො සමයො යං ඉමං කායං ජරා ඵුසති. ජිණ්ණෙන ඛො පන ජරාය අභිභූතෙන න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම මෙ කල දහරයෙම් තුරුණුයෙම් මනා කළු කෙහෙ ඇතියෙම් සොඳුරුයොවුනෙන් සමන්‍වාගතයෙමි. යම් හෙයෙකින් මේ කය ජරාව පහස්නේ නම්, එ බඳු සමයෙක් ඇත් මැ යි. ජීර්‍ණ වූ ජරායෙන් මැඬුනහු විසින් බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ මැ යි.
Pali BJTන සුකරානි අරඤ්ඤෙ{1} වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං පුරා මං සො ධම්මො ආගච්ඡති අනිට්ඨො අකන්තො අමනාපො. හන්දාහං පටිගච්චෙව{2} විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය-යෙනාහං ධම්මෙන සමන්නාගතො ජිණ්ණකො’පි ඵාසුං විහරිස්සාමී”ති. ඉදං භික්ඛවෙ පඨමං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTඅරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්තසෙනසුන් හා සෙවුනට සුකර නො වේ. ඒ අනිටු අකාන්ත අමනාප ධර්‍මය ඇසිල්ලකින් මා වෙත එයි. (එයට පෙරම-යම් තාක් එ නො එළඹේ ද ඒ තාක්) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූ මම් දිරූයෙම් නමුදු සැපසේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ ප්‍රථම අනාගතභය දක්නා මහණ විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි ම ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘අහං ඛො එතරහි අප්පාබාධො අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. හොති ඛො පන සො සමයො යං ඉමං කායං ව්යාධි ඵුසති. බ්යාධිතෙන ඛො පන බ්යාධාභිභූතෙන{3} න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ්ඤෙ{1} වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම්මො ආගච්ඡති අනිට්ඨො අකන්තො අමනාපො, හන්දාහං පටිගච්චෙව{2} විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය-යෙනාහං ධම්මෙන සමන්නාගතො බ්යාධිතොපි ඵාසුං{4} විහරිස්සාමී’ති. ඉදං භික්ඛවෙ දුතියං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “දැන් මම් අල්පාබාධයෙම් අල්පාතඞ්කයෙම් නානිශීත, නාත්‍යුෂ්ණ, මධ්‍යම, ප්‍රධන්වීර්‍ය්‍යයට ක්‍ෂම වන, සම ව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගතයෙම් වෙමි. යම් හෙයෙකින් මෙ කය ව්‍යාධිය පහස්නේ නම්, එ බඳු කලෙක් ඇත් මැ යි මා ව්‍යාධිගත ව ව්‍යාධියෙන් මඬනාලදහු විසින් බුදුරජුන්ගේ සස්න කරනට සුකර නොවේ මැ යි. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නහ සුකර නො වේ. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කර මතු එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කෘතිය පිණිස, වැර අරඹම් මැ යි. යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් ව්‍යාධියෙන් පෙළුනෙම් නමුදු පහසු සේ වෙසෙම් නම් එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ දෙවන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: ‘එතරහි ඛො සුභික්ඛං සුසස්සං සුලභපිණ්ඩං, සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. හොති ඛො පන සො සමයො යං දුබ්භික්ඛං හොති දුස්සස්සං දුල්ලභපිණ්ඩං, න සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. දුබ්භික්ඛෙන ඛො පන මනුස්සා යෙන සුභික්ඛං තෙන සඞ්කමන්ති තත්ථ සඞ්ගණිකවිහාරො හොති ආකිණ්ණවිහාරො. සඞ්ගණිකවිහාරෙ ඛො පන සති ආකිණ්ණවිහාරෙ න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ්ඤෙ{1} වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම්මො ආගච්ඡති අනිට්ඨො අකන්තො අමනාපො හන්දාහං පටිගච්චෙව{2} විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය-යෙනාහං ධම්මෙන සමන්නාගතො දුබ්භික්ඛෙ’පි ඵාසුං විහරිස්සාමී’ති. ඉදං භික්ඛවෙ තතියං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල භික්‍ෂාසම්පන්න වෙයි, සමාද්ධ ශස්‍ය වෙයි, සුලභ පිණ්ඩ වෙයි, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර වෙයි. යම් හෙයෙකින් දුර්භික්‍ෂ හා දුශ්ශස්‍ය හා දුර්‍ලභ පිණ්ඩ හා වේ නම්, භික්‍ෂාපාත්‍රය ගෙණ උඤ්ඡාචරියායෙන් යැපීමට සුකර නො වේ නම්, එ බඳු සමයෙක් වෙයි. දුර්භික්‍ෂයෙහි වනාහි මනුෂ්‍යයෝ සුභික්‍ෂස්ථාන කරා සඞ්ක්‍රමණ කෙරෙත්. එ තන්හි සඞ්ගණිකවිහාරය ආකීර්‍ණවිහාරය (උනුන් හා මුසු විහරණ) වෙයි. ගණසඟ විහරණය මුසුවිහරණය ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. අරන් හා වානප්‍රස්ථ හා ගැඹුරු වල් සෙනසුන් හා සෙව්මට සුකර නො වෙයි. අනිෂ්ට අකාන්ත අමනාප ඒ ධර්‍මය මා කරා වහා එයි. (එයට පෙර) මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, වැර අරඹම් මැයි - යම් ධර්‍මයෙකින් සමන්‍වාගතයෙම් දුර්භික්‍ෂයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ තුන් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: එතරහි ඛො මනුස්සා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. හොති ඛො පන සො සමයො යං භයං හොති අටවිසංකොපො. චක්කසමාරූළ්හා ජානපදා පරියායන්ති. භයෙ ඛො පන සති මනුස්සා යෙන ඛෙමං තෙන සඞ්කමන්ති. තත්ථ සඞ්ගණිකවිහාරො හොති ආකිණ්ණවිහාරො සඞ්ගණිකවිහාරෙ ඛො පන සති ආකිණ්ණ විහාරෙ න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ්ඤෙ{1} වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම්මො ආගච්ඡති අනිට්ඨො අකන්තො අමනාපො, හන්දා’හං පටිගච්චෙව{2} විරියං ආරභාමි (අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස ආධිගමාය, අසච්ඡිකතස්ස{*}) සච්ඡිකිරියාය-යෙනාහං ධම්මෙන සමන්නාගතො භයෙ’පි ඵාසුං විහරිස්සාමී”ති. ඉදං භික්ඛවෙ චතුත්ථං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං (අප්පත්තස්ස පත්තියා ‘අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස{*}) සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල්හි මනුෂ්‍යයෝ සමඟ වූවාහු, එක්ව තුස්නාහු, විවාද නො කරන්නාහු, කිරි හා දිය මෙන් එක්වූවාහු, උනුන් පිය ඇසින් දක්නාහු වෙසෙත්. යම් හෙයෙකින් කඩපලාසොරබියෙක් (වලවැසි සොරුන් ගම් වැද කරණ විලෝපයෙක්) වේ ද, රියසක් නැඟි දනව්වැස්සෝ ඔබමොබ (හිස් ලූලූ අත) පැන යෙද් ද, එබඳු සමයෙක් වේ මැයි. භය ඇති වත්ම මනුෂ්‍යයෝ ක්‍ෂේමස්ථාන කරා සඞ්ක්‍රමණය කෙරෙත්. එ තන්හි සඞ්ගණික විහරණය වෙයි. ආකීර්‍ණවිහරණය වෙයි. සඞ්ගණීකවිහරණ හා ආකීර්‍ණ විහරණ හා ඇති වත් ම බුදුරජුන්ගේ සස්න මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. එ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් වීර්‍ය්‍ය ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් භයෙහිදු පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්තවෙමි’යි. මහණෙනි, මේ සතර වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස, අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැ යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: “එතරහි ඛො සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසුං{3} විහරති. හොති ඛො පන සො සමයො යං සඞ්ඝො භිජ්ජති. සඞ්ඝෙ ඛො පන භින්නෙ න සුකරං බුද්ධානං සාසනං මනසිකාතුං. න සුකරානි අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවිතුං. පුරා මං සො ධම්මො ආගච්ඡති අනිට්ඨො අකන්තො අමනාපො, හන්දා’හං පටිගච්චෙව{2} විරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය, යෙනාහං ධම්මෙන සමන්නාගතො භින්නෙ’පි සඞ්ඝෙ ඵාසුං{3} විහරිස්සාමී”ති ඉදං භික්ඛවෙ පඤ්චමං අනාගතභයං සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පතස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මෙ කල සඞ්ඝ තෙමේ සමඟ වූයේ. සම්මොදමාන වූයේ, විවාද නො කරන්නේ, ඒකුද්දෙස ඇතියේ පහසු සේ වෙසෙයි. යම් හෙයෙකින් සඞ්ඝ බිඳේ නම් එ බඳු කලෙක් වෙයි. සඞ්ඝයා බුන් කල්හි බුදුරජුන්ගේ සසුන මෙනෙහි කරන්නට සුකර නො වේ. අරන් හා වානප්‍රස්ථ හා ප්‍රාන්ත සෙනසුන් හා සෙව්නට සුකර නො වේ. ඒ අනිෂ්ට අකාන්ත අමනාප ධර්‍මය මා කරා වහා එයි. එයට පෙර මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹම් මැයි. මම යම් ධර්‍මයෙකින් සමන්‍වාගත වූයෙම් සඞ්ඝයා බුන ද පහසු සේ වෙසෙම් නම්, එයින් යුක්ත වෙමි”යි. මහණෙනි, මේ පස් වන අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිගතයාගේ අධිගමය පිණිස, අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරන්නට නිසි මැයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අනාගතභයානි සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා අප්පමත්තෙන ආතාපිනා පහිතත්තෙන විහරිතුං අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්ච අනාගතභය දක්නා මහණහු විසින් අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස, අනධිතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කරණය පිණිස අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කිරීමට නිසි මැයි.
Pali BJT5. 2. 3. 9.
Sinhala BJT5. 2. 3. 9.
Pali BJT[තතියඅනාගතභයසුත්තං]
Sinhala BJT[තතියඅනාගතභය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT29. පඤ්චිමානි භික්ඛවෙ අනාගතභයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පජ්ජිස්සන්ති. තානි වො පටිබුජ්ඣිතබ්බානි. පටිබුජ්ඣිත්වා ච තෙසං පහානාය වායමිතබ්බං. කතමානි පඤ්ච?
Sinhala BJT29. මහණෙනි, මේ අනාගතභය පස් දෙනෙක් දැන් නූපන්නාහු මතුයෙහි උපදිති. ඔහු තොප විසින් දතයුතු වෙති. දැන ද ඔවුන්ගේ ප්‍රහාණය සඳහා වැර වැඩිය යුතු ය. කවර පස්දෙනෙක යත්:
Pali BJTභවිස්සන්ති භික්ඛවෙ භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙ උපසම්පාදෙස්සන්ති. තෙ{1} න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය. තෙපි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙ උපසම්පාදෙස්සන්ති. තෙපි න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය. තෙපි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං භික්ඛවෙ පඨමං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTමහණෙනි, අනාගතකාලයෙහි නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති භික්‍ෂුහු වෙති. නො වැඩූ කය ඇති නො වැඩූ සිල් ඇති නො වැඩූ සිත් ඇති නො වැඩූ ප්‍රඥා ඇති ඔහු අන්‍යයන් උපසපන් කෙරෙති. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු නො බැවූ කය ඇතියාහු නො බැවූ සිල් ඇතියාහු නො බැවූ සිත් ඇතියාහු නො බැවූ පැණ ඇතියාහු ම වෙති. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වූ ම ඔහු ද අනුන්, උපසපන් කරත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි හික්මවීමට නො හැකි වෙති. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්දූෂණයෙන් (ධර්‍මපරිහාණියෙන් ශමථවිදර්‍ශනා ධර්‍ම ගැබ්නොගැණීමෙන්) විනය සඤුෂණ ය (විනය පරිහාණිය වෙයි. විනයසන්‍දූෂණයෙන්) ධර්‍මසන්දූෂණ වෙයි. මහණෙනි, දැන් නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් දතයුතු ය දැන ද එ ප්‍රහාණ කරණු පිණිස ව්‍යායාම කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙසං නිස්සයං දස්සන්ති. තෙ න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය. තෙපි භවිස්සන්ති අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අඤ්ඤෙසං නිස්සයං දස්සන්ති. තෙපි න සක්ඛිස්සන්ති විනෙතුං අධිසීලෙ අධිචිත්තෙ අධිපඤ්ඤාය. තෙපි භවිස්සන්ති අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං භික්ඛවෙ දුතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි මහණහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු අන් මහණුනට නිස දෙත්. ඔහු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන ඔහු ද අන් මහණුනට නිස දෙත්. ඔහුදු අධිශීලයෙහි අධිචිත්තයෙහි අධිප්‍රඥායෙහි විනයනට නො හැකි වෙත්. ඔහුදු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙති. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැනු නූපන් මේ දෙවන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා අභිධම්මකථං වෙදල්ලකථං කථෙන්තො කණ්හං ධම්මං{2} ඔක්කමමානා න පටිබුජ්ඣිස්සන්ති.{3} ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං භික්ඛවෙ තතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වෙත්. ඔහු අභාවිතකාය, අභාවිතසීල, අභාවිතචිත්ත, අභාවිතපඤ්ඤ වන්නාහු ම අභිධර්‍මකථා හා ඥානප්‍රතිසංයුක්ත කථා කියන්නාහු කෘෂ්ණධර්‍මයට (උපාරම්භලාභසත්කාරපර්‍ය්‍යෙෂණ වශයෙන් අකුශලයට) බැස ගන්නාහු නො පිළිවිදුනාහ. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ තුන් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට ව්‍යායාම කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතාපටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසන්ති,{1} න සොතං ඔදහිස්සන්ති, න අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති. න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. යෙ පන තෙ සුත්තන්තා කවිකතා{2} කාවෙය්යා චිත්තක්ඛරා චිත්තබ්යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති{1} සොතං ඔදහිස්සන්ති, අඤ්ඤාචිත්තං උපට්ඨපෙස්සන්ති. තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං භික්ඛවෙ චතුත්ථං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං, පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වන්නාහු ම ඔහු තථාගතභාෂිත වූ ගැඹුරු පෙළ ඇති, ගැඹුරු අරුත් ඇති, ලෝකෝත්තරධර්‍මදීපක, ශූන්‍යතාප්‍රතිසංයුක්ත, යම් ඒ සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි නො කෙරෙත්. කන් රුකොට නො ගණිත්. දැනුමට සිත් නො එළවත්. එ දහම් උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට නො සිතත්. කවීන් විසින් ගොතන ලද, කවියනට අයත්, විසිතුරු අකුරු ඇති, විසිතුරු වියඳුන් ඇති සස්නෙන් බැහැර ව ගියා වූ බැහැරිසව්වන් විසින් කියු යම් සූත්‍රාන්තකෙනෙක් වෙත් නම්, ඔවුන් දෙසනු ලබන කල්හි ඇසුමට රුචි කෙරෙත් කන් රුකොට ගණිත්. දැනුමට සිත් එළවත්. එ දහම් ද උගතයුතු කොට ප්‍රගුණ කටයුතු කොට සිතත්. මහණෙනි, මෙසේ ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වෙයි. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මේ සතර වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං අභාවිතකායා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා. තෙ අභාවිතකායා සමානා අභාවිතසීලා අභාවිතචිත්තා අභාවිතපඤ්ඤා ථෙරා භික්ඛූ බාහුලිකා භවිස්සන්ති සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා. න විරියං ආරභිස්සන්ති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. තෙසං පච්ඡිමා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජිස්සති. සාපි භවිස්සති බාහුලිකා සාථලිකා ඔක්කමනෙ පුබ්බඞ්ගමා පවිවෙකෙ නික්ඛිත්තධුරා න විරියං ආරභිස්සති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉති ඛො භික්ඛවෙ ධම්මසන්දොසා විනයසන්දොසො, විනයසන්දොසා ධම්මසන්දොසො. ඉදං භික්ඛවෙ පඤ්චමං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු අභාවිතකාය, අභාවිතශීල, අභාවිතචිත්ත, අභාවිතප්‍රඥ වෙත්. අභාවිතකාය වන, අභාවිතශීල වන, අභාවිතචිත්ත වන, අභාවිතප්‍රඥ වන, එ ස්ථවිරභික්‍ෂූහු සිවුපස බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු නීවරණ සඞ්ඛ්‍යාත අවක්‍රමණයෙහි පුරෝගාමී වන්නාහු ප්‍රකර්‍ෂවිවේකයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇත්තාහු අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නාහ. ඔවුන්ගේ පශ්චිමජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඒ පශ්චිමජන ද සිවුපස බහුල කොට ඇත්තේ, සස්න ලිහිල් කොට ගත්තේ, අවක්‍රමණයෙහි පූර්‍වඞ්ගම වූයේ, ප්‍රවිවේකයෙහි හළ වැර ධුර ඇතියේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර නො අරඹන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි ධර්‍මසන්‍දෝෂයෙන් විනයසන්‍දොෂය වේ. විනයසන්‍දෝෂයෙන් ධර්‍මසන්‍දොෂය වෙයි. මහණෙනි, දැන් නූපන් මෙ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අනාගතභයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පජ්ජිස්සන්ති. තානි වො පටිබුජ්ඣිතබ්බානි. පටිබුජ්ඣිත්වා ච තෙසං පහානාය වායමිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කල නූපන් මේ පඤ්ච අනාගතභය මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුහ. පිළිවිද ද ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු යි.
Pali BJT5. 2. 3. 10.
Sinhala BJT5. 2. 3. 10.
Pali BJT[චතුත්ථඅනාගතභය සුත්තං]
Sinhala BJT[චතුත්‍ථඅනාගතභය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT30. පඤ්චිමානි භික්ඛවෙ අනාගතභයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පස්සජ්ජින්ති. තානි වො පටිබුජ්ඣිතබ්බානි. පටිබුජ්ඣිත්වා ච තෙසං පහානාය වායමිතබ්බං. කතමානි පඤ්ච?
Sinhala BJT30. මහණෙනි, දැන් නූපන් මේ අනාගත භය පස් දෙනෙක් මතුයෙහි උපදනාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතු වෙති. පිළිවිදත් ඔවුන් ප්‍රහීණ කිරීමට වෑයම් කටයුතු. කවර පස්දෙනෙක යත්:
Pali BJTභවිස්සන්ති භික්ඛවෙ භික්ඛූ අනාගතමද්ධානං චීවරෙ කල්යාණකාමා. තෙ චීවරෙ කල්යාණකාමා සමානා රිඤ්චිස්සන්ති පංසුකූලිකත්තං. රිඤ්චිස්සන්ති අරඤ්ඤෙ{3} වනපත්ථානි පන්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්වා වාසං කප්පෙස්සන්ති. චීවරහෙතු ච අනෙකවිහිතං අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සන්ති. ඉදං භික්ඛවෙ පඨමං අනාගතභයං. එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTමහණෙනි, අනාගතකාලයෙහි මහණහු සිවුරෙහි කල්‍යාණකාම වෙත්. චීවරයෙහි කල්‍යාණකාම වන ඔහු පාංශුකූලිකත්‍වය හැරපියත්. අරණ්‍යයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්ත සෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කරත්. සිවුරු හේතු කොට ද නන් වැදෑරුම් නොමනා අන්‍වෙෂණයට පැමිණෙත්. මහණෙනි, මෙ කල නූපන් මේ ප්‍රථම අනාගතභය මතුයෙහි උපදනේ ය. එ තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං පිණ්ඩපාතෙ කල්යාණකාමා. තෙ පිණ්ඩපාතෙ කල්යාණකාමා සමානා රිඤ්චිස්සන්ති පිණ්ඩපාතිකත්තං, රිඤ්චිස්සන්ති අරඤ්ඤෙ{1}වනපත්ථානි පන්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්වා වාසං කප්පෙස්සන්ති ජිව්හග්ගෙන රසග්ගානි පරියෙසමානා, පිණ්ඩපාතහෙතුච්ච අනෙකවිහිතං අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සන්ති. ඉදං භික්ඛවෙ දුතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වෙති. පිණ්ඩපාතයෙහි කල්‍යාණකාම වන ඔහු පිඬු සිඟා යැපෙනසිල් ඇති බව හැර පියා වනයන් ද වානප්‍රස්ථ සෙනසුන් ද ගැඹුරු වල් ද හැර පියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද දිවගින් ප්‍රණීත රස සොයන්නාහු වාස කෙරෙත්. පිඬුවා හේතුයෙනුදු නන් වැදෑරුම් නො නිසි අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, මෙ කල නූපන් දෙවන අනාගතභය අනාගතයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුර ලීමට වෑයම් කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං සෙනාසනෙ කල්යාණකාමා. තෙ සෙනාසනෙ කල්යාණකාමා සමානා රිඤ්චිස්සන්ති රුක්ඛමූලිකත්තං. රිඤ්චිස්සන්ති අරඤ්ඤෙ{1}වනපත්ථානි පන්තානි සෙනාසනානි. ගාමනිගමරාජධානීසු ඔසරිත්වා වාසං කප්පෙස්සන්ති. සෙනාසනහෙතුච්ච{2} අනෙකවිහිතං අනෙසනං අප්පතිරූපං ආපජ්ජිස්සන්ති. ඉදං භික්ඛවෙ තතියං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතයෙහි භික්‍ෂූහු සෙනසුන්හි කල්‍යාණකාම වෙති. සෙනසුන්හි කල්‍යාණකාම වන ඔහු වෘක්‍ෂමූලිකත්‍වය හැරපියත් වනයන් ද වානප්‍රස්ථයන් ද ප්‍රාන්තසෙනසුන් ද හැරපියත්. ගම් නියම්ගම් රජදහන්හි වැද වාස කෙරෙත්. සෙනසුන් හේතු කොට ද අකෙවිහිත අප්‍රතිරූප අන්‍වෙෂණයට වැටෙත්. මහණෙනි, දැන් නූපන් තුන් වන අනාගතභය මතු උපදනේය. එය තොප විසින් පිළිවිදිය යුතු පිළිවිද ද එය දුර ලීමට වෑයම් කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං භික්ඛුනීසික්ඛමානාසමණුද්දෙසෙහි සංසට්ඨා විහරිස්සන්ති භික්ඛුනීසික්ඛමානා සමණුද්දෙසෙහි සංසග්ගෙ ඛො පන භික්ඛවෙ සති එතං පාටිකඞ්ඛං “අනභිරතා වා බ්රහ්මචරියං චරිස්සන්ති, අඤ්ඤතරං වා සංකිලිට්ඨං ආපත්තිං ආපජ්ජිස්සන්ති, සික්ඛං වා පච්චක්ඛාය හීනායාවත්තිස්සන්ති”. ඉදං භික්ඛවෙ චතුත්ථං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසට ව වෙසෙත්. මහණෙනි, භික්‍ෂුණීශික්‍ෂමානා ශ්‍රාමණෙරයන් හා සසඟ ඇති වත් ම අනභිරත වූවාහු හෝ බඹසර සෙරෙත්. අන්‍යතර වූ හෝ සකිලිටි ඇවතකට පැමිණෙත්. සිකපද හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙත්” යන තෙල කැමැති විය යුතු. මහණෙනි, මෙ කල නූපන් මේ සතර වන අනාගතභය මතු ඇති වෙයි. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට වෑයම් කටයුතු.
Pali BJTපුන චපරං භික්ඛවෙ භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං ආරාමිකසමණුද්දෙසෙහි සංසට්ඨා විහරිස්සන්ති. ආරාමිකසමණුද්දෙසෙහි සංසග්ගෙ ඛො පන භික්ඛවෙ සති එතං පාටිකඞ්ඛං: “අනෙකවිහිතං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති.{3} ඔළාරිකම්පි නිමිත්තං කරිස්සන්ති පඨවියාපි හරිතග්ගෙපි ඉදං භික්ඛවෙ පඤ්චමං අනාගතභයං එතරහි අසමුප්පන්නං ආයතිං සමුප්පජ්ජිස්සති. තං වො පටිබුජ්ඣිතබ්බං. පටිබුජ්ඣිත්වා ච තස්ස පහානාය වායමිතබ්බං.
Sinhala BJTතවද මහණෙනි, අනාගතකාලයෙහි භික්‍ෂූහු ආරාමිකයන් හා ශ්‍රාමණෙරයන් හා සසට ව වසන්නාහ. ආරාමිකශ්‍රාමණෙරයන් හා සංසර්‍ගය ඇති වත් ම අනේකවිහිත වූ සන්නිධිකාරපරිභෝගයෙහි අනුයුක්ත ව වෙසෙති. පොළොව්හිදු (පෘථිවීඛනනයෙහිදු) හරිතයෙහිදු (රුක්වැල් ඈ සිඳුම්හිදු) ඖදාරික නිමිති (හැඟවීම්) පාළ කරත්. මහණෙනි, මෙ කල නූපන් මේ පස් වන අනාගතභය මතුයෙහි උපදනේ ය. එය තොප විසින් පිළිවිදිය යුතු. පිළිවිද ද එ දුරලීමට ව්‍යායාම කටයුතු.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අනාගතභයානි එතරහි අසමුප්පන්නානි ආයතිං සමුප්පජ්ජිස්සන්ති, තානි වො පටිබුජ්ඣිතබ්බානි, පටිබුඣිත්වා ච තෙසං පහානාය වායමිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, මෙ කල්හි නූපන්නාවූ මේ පඤ්ච අනාගතභය මතුයෙහි පාළ වන්නාහ. ඔහු තොප විසින් පිළිවිදිය යුතුවහ. පිළිවිද ද ඔවුන් දුරලීමට ව්‍යායාම කටයුතු ය යි.
Pali BJTඅනාගතභයවග්ගො තතියො
Sinhala BJTඅනාගතභය වර්‍ගය තුන් වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTදුවෙ ච චෙතොවිමුත්තී{4} ද්වෙ ච ධම්මවිහාරිනො යොධාජීවා ච ද්වෙ වුත්තා චත්තාරො ච අනාගතා’ති
Sinhala BJTචේතෝ විමුත්ති සූත්‍ර දෙකෙක, ධම්මවිහාරී සූත්‍ර දෙකෙක, යෝධාජීව සූත්‍ර ද දෙකෙක, අනාගතභය සූත්‍ර සතරෙකැයි දශයෙකි.
Pali BJT4. ථෙරවග්ගො
Sinhala BJT4. ථේර වර්‍ගය
Pali BJT5. 2. 4. 1.
Sinhala BJT5. 2. 4. 1.
Pali BJT[රජනීය සුත්තං].
Sinhala BJT[රජනීය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT31. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච කතමෙහි පඤ්චහි?
Sinhala BJT31. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත තෙරමහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTරජනීයෙ රජ්ජති, දුස්සනීයෙ{1} දුස්සති, මොහනීයෙ{2} මුය්හති, කුප්පනීයෙ{3} කුප්පති, මදනීයෙ මජ්ජති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො චා’ති.
Sinhala BJTරාගයට කරුණු වූ අරමුණෙහි රක්ත වෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්විෂ්ට වෙයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මූඪ වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි කුපිත වෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත්ත වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත තෙර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTරජනීයෙ න රජ්ජති, දුස්සනීයෙ{1} න දුස්සති, මොහනීයෙ{2} න මුය්හති, කුප්පනීයෙ{3} න කුප්පති, මදනීයෙ න මජ්ජති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
Sinhala BJTරාගයට කරුණු වූ අරමුණෙහි නො ඇලෙයි. ද්වේෂයට කරුණු වූ අරමුණෙහි ද්වේෂ නො කරයි. මෝහයට කරුණු වූ අරමුණෙහි මුළා නො වෙයි. කෝපයට කරුණු වූ අරමුණෙහි නො කිපෙයි. මදයට කරුණු වූ අරමුණෙහි මත් නො වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුන්හට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT5. 2. 4. 2.
Sinhala BJT5. 2. 4. 2.
Pali BJT[වීතරාග සුත්තං]
Sinhala BJT[වීතරාග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT32. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJT32. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅවීතරාගො හොති, අවීතදොසො හොති, අවීතමොහො හොති, මක්ඛී ච, පළාසී ච. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච.
Sinhala BJTඅවීතරාග වෙයි. අවීතදෝස වෙයි. අවීතමෝහ වෙයි. ගුණමකු ද වෙයි. (-යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTවීතරාගො හොති, වීතදොසො හොති. වීතමොහො හොති, අමක්ඛී ච, අපළාසී ච. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTවීතරාග වෙයි. වීතදෝස වෙයි. වීතමෝහ වෙයි. ගුණමකු නො වූයේ ද වෙයි. පළාස නැතියේ ද වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT5. 2. 4. 3.
Sinhala BJT5. 2. 4. 3.
Pali BJT[කුහක සුත්තං]
Sinhala BJT[කුහක සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT33. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJT33. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTකුහකො ච හොති, ලපකො ච, නෙමිත්තිකො ච,{1} නිප්පෙසිකො ච, ලාභෙන ලාභං නිජිගිංසිතා{2} ච. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපොච අගරු ච අභාවනීයො චා’ති.
Sinhala BJT(ත්‍රිවිධකුහනවස්තුයෙන් යුත්) කුහකයෙක් ද වෙයි. (ලාභනිඃශ්‍රිතසමුල්ලපනායෙන්) ලපක (උසස් කොට බිණුම් ඈ විසින් බණනුයේ) ද වෙයි. (ප්‍රත්‍යය සඳහා කරණ කායවාග්විඥප්ති සඞ්ඛ්‍යාත) නිමිති ඇතියේ ද වෙයි. (ලාභසත්කාර සඳහා කරණ) නිෂ්පෙෂණකථා (නොහමියෙ හි පරා ගුණ සුණු කරණ කථා) ඇතියේ ද වෙයි. ලාභයෙන් ලාභය සොයනුයේ ද වෙයි. මේ ධර්‍ම පසින් සමන්‍වාගත වූ ස්ථවිර මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච, ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTන ච කුහකො හොති, න ච ලපකො, න ච නෙමිත්තිකො,{1} න ච නිප්පෙසිකො, න ච ලාභෙන ලාභං නිජිගිංසිතා.{2} ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චාති.
Sinhala BJTනො ද කුහක වෙයි. නො ද ලපක වෙයි. නො ද නෙමිත්තික වෙයි. නො ද නිප්පෙසික වෙයි. ලාභයෙන් ලාභ සොයනුයේ නො ද වෙයි. මහණෙනි, මේ ධර්‍ම පසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වේ ය යි.
Pali BJT5. 2. 4. 4.
Sinhala BJT5. 2. 4. 4.
Pali BJT[අස්සද්ධසුත්තං]
Sinhala BJT[අස්සද්ධ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT34. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච කතමෙහි පඤ්චහි?
Sinhala BJT34. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅස්සද්ධො හොති, අහිරිකො හොති, අනොත්තප්පී හොති, කුසීතො හොති, දුප්පඤ්ඤො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච, අගරු ච අභාවනීයො චා’ති.
Sinhala BJTසැදැහැ නැතියේ වෙයි. ලජ්ජා නැතියේ වෙයි. අපත්‍රපා නැතියේ වෙයි. කුසීත වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච කතමෙහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසද්ධො හොති, හිරිමා හොති, ඔත්තප්පී හොති, ආරද්ධවිරියො හොති, පඤ්ඤවා හොති, ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
Sinhala BJTසැදැහැතියේ වෙයි. ලජ්ජා ඇතියේ වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. පැණැතියේ වෙයි. මහණෙනි, මේ පස් දහමින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT5. 2. 4. 5.
Sinhala BJT5. 2. 4. 5.
Pali BJT[අක්ඛමසුත්තං]
Sinhala BJT[අක්ඛම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT35. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියොච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJT35. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅක්ඛමො හොති රූපානං, අක්ඛමො සද්දානං, අක්ඛමො ගන්ධානං, අක්ඛමො රසානං, අක්ඛමො ඵොට්ඨබ්බානං. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො චා’ති.
Sinhala BJTරූපාරම්මණයන් නො ඉවසනුයේ (එයින් අභිභූත) වෙයි. ශබ්දාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. රසාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණයන් නො ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු තෙමේ සබ්‍රම්සරනට අප්‍රිය ද අමනාප ද අගරු ද අභාවනීය ද වෙයි.
Pali BJTපඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නනාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඛමො හොති රූපානං, ඛමො සද්දානං, ඛමො ගන්ධානං, ඛමො රසානං, ඛමො ඵොට්ඨබ්බානං. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
Sinhala BJTරූපාරම්මණ ඉවසනුයේ (එයින් නො මැඩුනේ) වෙයි. ශබ්දාරම්මණ ඉවසනුයේ වෙයි. ගන්‍ධාරම්මණ ඉවසනුයේ වෙයි. රසාරම්මණ ඉවසනුයේ වෙයි. ඵොට්ඨබ්බාරම්මණ ඉවසනුයේ වෙයි. මහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර භික්‍ෂු සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT5. 2. 4. 6.
Sinhala BJT5. 2. 4. 6.
Pali BJT[පටිසම්භිදාසුත්තං]
Sinhala BJT[පටිසම්භිදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT36. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි?
Sinhala BJT36. මහණෙනි, පඤ්චධර්‍මයෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඅත්ථපටිසම්භිදාපත්තො{1} හොති, ධම්මපටිසම්භිදාපත්තො හොති. නිරුත්තිපටිසම්භිදාපත්තො හොති. පටිභානපටිසම්භිදාපත්තො හොති. යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්රූපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං
Sinhala BJTඅර්‍ත්‍ථප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ධර්‍මප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. නිරුක්තිප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. ප්‍රතිභානප්‍රතිසම්භිදාවට පැමිණියේ වෙයි. සබ්‍රම්සරුන්ගේ කුදුමහත් යම් ඒ ඉතිකර්‍තව්‍යයෝ (කුම් කෙරෙම් දැයි පිළිවිස කළයුතු කටයුතු) වෙත් නම්, එහි දක්‍ෂ වූයේ අනලස වූයේ ඒ ඒ කරුණෙහි උපායභූත වීමංසාප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ (එය තමන්) කිරීමට සමර්‍ත්‍ථ වූයේ ද සංවිධානයට (අනුන් ලවා කරවීමට) සමර්‍ත්‍ථ වූයේ ද වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
Pali BJT5. 2. 4. 7.
Sinhala BJT5. 2. 4. 7.
Pali BJT[සීලසුත්තං]
Sinhala BJT[සීල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT37. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි පඤ්චහි:
Sinhala BJT37. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රහ්මචාරීන්ට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා{1} වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.
Sinhala BJTසිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවරදෙහි භය දක්නාසුලු වූයේ වාස කරයි. සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ සන්නිවිත ශ්‍රැත ඇතියේ වෙයි. යම් ඒ ධර්‍මකෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණ වූවාහු පර්‍ය්‍යවසානකල්‍යාණ වූවාහු සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකට කොට පවසත් නම්, එ බඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, ධරණ ලද්දාහු, වචනයෙන් පරිචිත වූවාහු, මනසින් අනුප්‍රේක්‍ෂිත වූවාහු, ප්‍රඥායෙන් සුපිළිවිදියාහු වෙත්. කලණවදන් ඇතියේ කල්‍යාණවාක්කරණ ඇතියේ පිරිපුන් වූ අපළිබුද්ධ වූ නිදොස් වූ අර්‍ත්‍ථය හඳුන්වන වචනයෙන් සමන්‍වාගත වූයේ වෙයි. අධිචිත්තයෙහි උපදනා දිටුදැමියෙහි සුඛවිහරණ වූ සතරධ්‍යානයන් රිසි සේ ලබනුයේ සුවසේ ලබනුයේ විපුල කොට ලබනුයේත් වෙයි. ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥා විමුක්ති දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො ථෙරො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත ස්ථවිර මහණ සබ්‍රම්සරනට ප්‍රිය හා මනාප හා ගරු හා භාවනීය හා වෙයි.
Pali BJT5. 2. 4. 8.
Sinhala BJT5. 2. 4. 8.
Pali BJT[ථෙරසුත්තං]
Sinhala BJT[ථේර සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]