Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6301-6400 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT21. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොන්ති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච. කතමෙ පඤ්ච?
Sinhala BJT21. මහණෙනි, මේ ධර්‍මයෝ පස් දෙනෙක් භාවිත බහුලීකාත වූවාහු (මාර්‍ගඵලසමාධි සඞ්ඛ්‍යාත) චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද, (මාර්‍ගඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී, මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැම ලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනාත්මානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණ සංඥාව තමා තුළ මනාව පිහිටියේ ම වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති, චෙතොවිමුත්තිඵලානිසාංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොන්ති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච.
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ චිත්තවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද, ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
Pali BJTයතො ඛො භික්ඛවෙ චෙතොවිමුත්තො ච හොති පඤ්ඤාවිමුත්තො ච,{1} අයං වුච්චති භික්ඛවෙ භික්ඛූ උක්ඛිත්තපලිඝො ඉතිපි සඞ්කිණ්ණපරිඛො ඉතිපි අබ්බූළ්හෙසිකො ඉතිපි නිරග්ගළො ඉතිපි අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො ඉතිපි.
Sinhala BJTමහණෙනි, මහණ යම් කලක් පටන් කොට චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ ද, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු (උපුටා හළ වටමුල් අවිදු නමැති කනයම ඇතියෙකැයි දු), ‘සඞ්කිණ්ණ පරිඛ’ය යි දු (සුගිදුගිසසර නමැති පරිඛා වනසා ලූයේ යයි දු), ‘අබ්බූළ්හෙසික’ ය යි දු (උපුටා හළ තෘෂ්ණා නමැති ඉඳුකිල් ඇතියේ ය යි දු), ‘නිරග්ගළ’ ය යි දු (උදුරා හළ නීවරණ සඞ්ඛ්‍යාත අගුළු ඇතියේ ය යි දු), ආර්‍ය්‍ය වූයේ හෙළා ලූ මානධ්වජ ඇතියේ ය යි දු, හෙළා ලූ (ස්කන්‍ධ අභිසංස්කාර ක්ලේශ සඞ්ඛ්‍යාත) බර ඇතියේ ය යි දු, ‘විසංයුක්ත’ (චතුරොඝයෙන් වෙන් ව සිටියේ) ය යි දු කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු උක්ඛිත්තපලිඝො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීනා හොති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො භික්ඛවෙ භික්ඛු උක්ඛිත්තපලිඝො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ හට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් වූවා, මුදුන්සුන් තලක් සෙයින් කළ අවාස්තුකභාව ඇත්තී, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
Pali BJTකතඤ්ච භික්ඛවෙ භික්ඛු සඞ්කිණ්ණපරිඛො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පොනොභවිකො{3} ජාතිසංසාරො පහීනො හොති -පෙ- එවං ඛො භික්ඛවෙ භික්ඛු සඞ්කිණ්ණපරිඛො හොති.
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් ‘සංකිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවාඛ්‍ය ඵලයට අර්‍හ වන ජාතිසංසාරය (කර්‍මාභිසංස්කාරය) ප්‍රහීණ වෙයි ... මහණෙනි, මෙසේ මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අබ්බූළ්හෙසිකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො තණ්හා පහීනා හොති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා{2} ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අබ්බූළ්හෙසිකො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අත්‍යන්තාභාව ඇත්තී, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු නිරග්ගළො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි{1}, ආයතිං අනුප්පාදධම්මානි. එවං ඛො භික්ඛවෙ භික්ඛු නිරග්ගළො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ‘නිරග්ගළ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇත්තාහු තාලාවාස්තුකෘත වූවාහු කළ අභාව ඇත්තාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තාහු වෙත්. මහණෙනි, මෙසේ මහණ ‘නිරග්ගළ’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොතී’ති.
Sinhala BJTමහණෙනි, කෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට (පඤ්චස්කන්‍ධය ‘මම’ ය ගත්) අස්මිමාන ය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කළ අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ‘ආර්‍ය්‍ය’ වූයේ, ‘පන්නද්ධජ’ වූයේ, ‘පන්නභාර’ වූයේ, ‘විසංයුත්ත’ වේ.
Pali BJT5. 2. 3. 2.
Sinhala BJT5. 2. 3. 2.
Pali BJT[දුතියචෙතොවිමුත්තිඵලසුත්තං]
Sinhala BJT[දුතියචේතෝවිමුත්තිඵල සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT22. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොන්ති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච. කතමෙ පඤ්ච?
Sinhala BJT22. මහණෙනි, මේ පඤ්චධර්‍ම කෙනෙක් භාවිත බහුලීකෘත වූවාහු චිත්තවිමුක්තිඵල කොට ඇතියාහු චිත්තවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා; පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා,
Sinhala BJTඅනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා භාවිතා බහුලීකතා චෙතොවිමුත්තිඵලා ච හොන්ති චෙතොවිමුත්තිඵලානිසංසා ච. පඤ්ඤාවිමුත්තිඵලා ච හොන්ති පඤ්ඤාවිමුත්තිඵලානිසංසා ච.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු, චේතෝවිමුක්තිය ඵල කොට ඇතියාහු ද චේතෝවිමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇතියාහු ද ප්‍රඥාමුක්තිඵලය අනුසස් කොට ඇතියාහු ද වෙත්.
Pali BJTයතොච ඛො භික්ඛවෙ භික්ඛු චෙතොවිමුත්තො ච හොති පඤ්ඤාවිමුත්තො ච, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු උක්ඛිත්තපලිඝො ඉතිපි සඞ්කිණ්ණපරිඛො ඉතිපි අබ්බූළ්හෙසිකො ඉතිපි නිරග්ගළො ඉතිපි අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො ඉතිපි.
Sinhala BJTමහණෙනි, යම් කලක් පටන් කොට මහණ චේතෝවිමුක්ත හා ප්‍රඥාවිමුක්ත හා වේ නම්, මහණෙනි, මෙ මහණ ‘උක්ඛිත්තපළිඝ’ය යි දු ‘සඞ්කිණ්ණපරඛ’ ය යි දු ‘අබ්බූළ්හෙසික’ ය යි දු ‘නිරග්ගළ’ ය යි දු ආර්‍ය්‍ය වූයේ පන්නද්ධජ වූයේ පන්නභාර වූයේ ‘විසංයුත්ත’ ය යි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු උක්ඛිත්තපලිඝො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීනා හොති උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො භික්ඛවෙ භික්ඛු උක්ඛිත්තපලිඝො හොති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අවිද්‍යා ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, මතුයෙහි නූපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘උක්ඛිත්තපළිඝ’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු සඞ්කිණ්ණපරිඛො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පොනොභවිකො ජාතිසංසාරො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු සඞ්කිණ්ණපරිඛො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පුනර්‍භවදායක ජාතිසංසාරය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘සඞ්කිණ්ණපරිඛ’ වෙයි.
Pali BJTකතඤ්ච භික්ඛවෙ භික්ඛු අබ්බූළ්හෙසිකො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො තණ්හා පහීනා හොති, උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. එවං ඛො භික්ඛවෙ භික්ඛු අබ්බූළ්හෙසිකො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වූවා, උසුන් මුල් ඇත්තී, තාලාවාස්තුකෘත වූවා, කෘත අභාව ඇත්තී මතුයෙහි නො උපදනා සැහැවි ඇත්තී වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අබ්බූළ්හෙසික’ වෙයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු නිරග්ගළො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි හොන්ති උච්ඡින්නමූලානි තාලාවත්ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්පාදධම්මානි. එවං ඛො භික්ඛවෙ භික්ඛු නිරග්ගළො හොති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ නිරග්ගළ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට පඤ්චඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණ වූවාහු උසුන් මුල් ඇතියාහු තාලාවාස්තුකෘත වූවාහු කෘත අභාව ඇතියාහු මතුයෙහි නො උපදනා සැහැවි ඇතියාහු වෙත්. මහණෙනි, මෙසෙයින් මහණ නිරග්ගළ වේ යයි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අස්මිමානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො{1} ආයතිං අනුප්පාදධම්මො. එවං ඛො භික්ඛවෙ භික්ඛු අරියො පන්නද්ධජො පන්නභාරො විසංයුත්තො හොතී’ති.
Sinhala BJTමහණෙනි, කිසෙයින් මහණ ආර්‍ය්‍ය වූයේ, පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහට අස්මිමානය ප්‍රහීණ වූයේ, උසුන් මුල් ඇතියේ, තාලාවාස්තුකෘත වූයේ, කෘත අභාව ඇතියේ, මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ පන්නද්ධජ වූයේ, පන්නභාර වූයේ විසංයුත්ත වෙයි.
Pali BJT5. 2. 3. 3.
Sinhala BJT5. 2. 3. 3.
Pali BJT[පඨමධම්මවිහාරී සුත්තං]
Sinhala BJT[පඨමධම්මවිහාරී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT23. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJT23. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT‘ධම්මවිහාරී ධම්මවිහාරී’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු ධම්මවිහාරී හොතී’ති?
Sinhala BJTවහන්ස, ‘ධම්මවිහාරී ය, ධම්මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, මහණ කෙතෙක් කරුණින් ධම්මවිහාරී වේ ද.?
Pali BJTඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තාය ධම්මපරියත්තියා දිවසං අතිනාමෙති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං වුච්චති භික්ඛු, භික්ඛු පරියත්තිබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සුත්ත ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යි නවඟ විසින් චතුස්සත්‍යධර්‍මය වළඳ කෙරෙයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස ගෙවයි. පිළිසලන (ඒකීභාවය) හරියි. සිය සතන්හි සමාධිය (ශමථකර්‍මස්ථාන) නො වඩයි. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො ම වෙයි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං පථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. සො තාය ධම්මසඤ්ඤත්තියා{2} දිවසං අතිනාමෙති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං වුච්චති භික්ඛු, භික්ඛු සඤ්ඤත්තිබහුලො{3} නො ධම්මවිහාරී.
Sinhala BJTතව ද මහණ, භික්‍ෂූ යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් අන්හට දෙසයි. හෙ ඒ ධර්‍මසංඥාපනායෙන් දවස ගළවයි. පිළිසලන හරියි. සිය සතන්හි සමාධිය නො වඩයි. මහණ, මෙ භික්‍ෂූ සංඥප්තිබහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. සො තෙන සජ්ඣායෙන දිවසං අතිනාමෙති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං වුච්චති භික්ඛු, භික්ඛු සජ්ඣායබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTතව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය විතර විසින් හදාරනු කෙරෙයි. හෙ එ වාක්පරිචයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ සජ්ඣායනා බහුල කොට ඇත්තේ ය, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. සො තෙහි ධම්මවිතක්කෙහි දිවසං අතිනාමෙති. රිඤ්චති පටිසල්ලානං. නානුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. අයං වුච්චති භික්ඛු, භික්ඛු විතක්කබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTතව ද මහණ, භික්‍ෂු යථාශ්‍රැත යථාපර්‍ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචාරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණා කරයි. හෙ එ ධර්‍මවිතර්‍කයෙන් දවස ගෙවයි. පිළිසලන හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි නො යෙදෙයි. මහණ, මෙ මහණ විතර්‍කබුහලයෙක, ධර්‍මවිහාරී නො වේ යි කියනු ලැබේ.
Pali BJTඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. සො තාය ධම්මපරියත්තියා න දිවසං අතිනාමෙති. නාපි රිඤ්චති පටිසල්ලානං. අනුයුඤ්ජති අජ්ඣත්තං චෙතොසමථං. එවං ඛො භික්ඛු, භික්ඛු ධම්මවිහාරී හොති.
Sinhala BJTමහණ, මෙ සස්නෙහි භික්‍ෂු සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අබ්භූතධම්ම ය, වෙදල්ල ය යන පර්‍ය්‍යාප්තීධර්‍මය ප්‍රගුණ කරයි. හෙ එ ධර්‍මපර්‍ය්‍යාප්තියෙන් දවස නො ගෙවයි. ඒකීභාවය නො හරියි. ආද්ධ්‍යාත්මිකචිත්තශමථයෙහි යෙදෙයි. මහණ, භික්‍ෂු මෙසේ ධර්‍මවිහාරී වෙයි.
Pali BJTඉති ඛො භික්ඛු, දෙසිතො මයා පරියත්තිබහුලො, දෙසිතො සඤ්ඤත්තිබහුලො,{1} දෙසිතො සජ්ඣායබහුලො, දෙසිතො විතක්කබහුලො, දෙසිතො ධම්මවිහාරී.
Sinhala BJTමහණ, මෙසෙයින් මා විසින් පර්‍ය්‍යාප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සංඥප්තිබහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. සජ්ඣාය බහුල කොට ඇති පුද්ගල දෙසන ලදි. විතර්‍ක බහුල පුද්ගල දෙසන ලදි. ධර්‍මවිහාරී පුද්ගල දෙසන ලද්දේ ය.
Pali BJTයං ඛො භික්ඛු, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛු රුක්ඛමූලානි. එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛු, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං අම්හාකං අනුසාසනී’ති.
Sinhala BJTමහණ, ශ්‍රාවකයනට (මෛත්‍රියෙන් උපසංහරණ විසින්) හිත කැමැති (කරුණායෙන්) අනුකම්පා කරණ ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යම් කරණී කළ යුතු වේ නම්, (පඤ්ච පුද්ගලයන් දෙසන) මා විසින් එය තොපට කරණ ලදි. මහණ, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්‍යාගාරයෝ ඇත. මහණ (ආරම්මණූපනිජ්ඣාන ලක්ඛණුපනිජ්ඣාන විසින්) ධ්‍යාන කරව (සමථවිපස්සනා වඩව). නහමක් පමා වව. නහමක් පසු විලිළිසර වව. මේ තොපට අපගේ අනුශාසනි ය යි.
Pali BJT5. 2. 3. 4.
Sinhala BJT5. 2. 3. 4.
Pali BJT[දුතියධම්මවිහාරීසුත්තං]
Sinhala BJT[දුතියධම්මවිහාරී සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT24. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJT24. එකල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT’ධම්මවිහාරී’ ධම්මවිහාරී’ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ භික්ඛු ධම්මවිහාරී හොතී’ති?
Sinhala BJTවහන්ස, ‘ධර්‍මවිහාරී ය, ධර්‍මවිහාරී’ ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙක් කරුණින් මහණ ධර්‍මවිහාරී ද?
Pali BJTඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති: සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං, උත්තරිඤ්චස්ස{2} පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු පරියත්තිබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTමහණ, මෙ සස්නෙහි මහණ සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක්, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල ය යි චතුස්සත්‍යධර්‍මය ප්‍රගුණ කරයි. (ඒ පර්‍ය්‍යාප්තියෙන්) මතුයෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය සවිදර්‍ශනා මාර්‍ගප්‍රඥායෙන් නො දන්නේ ය. මහණ, මෙ මහණ පර්‍ය්‍යාප්තිබහුල ය, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. උත්තරිඤ්චස්ස පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු සඤ්ඤත්තිබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTතවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අන්‍යයනට දෙසන්නේ ය. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ සංඥප්තිය බහුල කොට ඇත්තෙක, ධර්‍මවිහාරී නො වෙ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. උත්තරිඤ්චස්ස{2} පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු සජ්ඣායබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTතවද මහණ, භික්‍ෂු ඇසු පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් සජ්ඣායනා කරයි. ඉන් මත්තෙහි දු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැන ගන්නේ ය. මහණ, මෙ භික්‍ෂු සජ්ඣායබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛු, භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. උත්තරිඤ්චස්ස{2} පඤ්ඤාය අත්ථං නප්පජානාති. අයං වුච්චති භික්ඛු, භික්ඛු විතක්කබහුලො නො ධම්මවිහාරී.
Sinhala BJTතවද මහණ, භික්‍ෂු ඇසු පරිදි, පුහුණු කළ පරිදි ධර්‍මය සිතින් අනුවිතර්‍කන කරයි. අනුවිචරණ කරයි. මනසින් අනුප්‍රේක්‍ෂණ කරයි. ඉන් මත්තෙහිදු එ ධර්‍මයාගේ අර්‍ත්‍ථය ප්‍රඥායෙන් නො දැනගන්නේ ය. මහණ, මෙ මහණ විතර්‍කබහුලයෙක, ධර්‍මවිහාරී නො වේ ය යි කියනු ලැබේ.
Pali BJTඉධ භික්ඛු, භික්ඛු ධම්මං පරියාපුණාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. උත්තරිඤ්චස්ස{2} පඤ්ඤාය අත්ථං පජානාති. එවං ඛො භික්ඛු, භික්ඛු ධම්මවිහාරී හොති.
Sinhala BJTමහණ, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය්‍ය ය, වෙය්‍යාකරණ ය, ගාථා ය , උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වෙදල්ල ය යන (පර්‍ය්‍යාප්ති) ධර්‍මය ප්‍රගුණ කරයි. මතුයෙහි දු ප්‍රඥායෙන් ඒ ධර්‍මයාගේ අර්‍ත්‍ථය දැන ගන්නේ ය. මහණ, මෙසෙයින් මහණ ධර්‍මවිහාරී වෙයි.
Pali BJTඉති ඛො භික්ඛු දෙසිතො මයා පරියත්තිබහුලො, දෙසිතො සඤ්ඤත්තිබහුලො,{1} දෙසිතො සජ්ඣායබහුලො, දෙසිතො විතක්කබහුලො, දෙසිතො ධම්මවිහාරී.
Sinhala BJTමහණ, මෙසෙයින් මා විසින් පර්‍ය්‍යාප්තිබහුලයා දෙසන ලද්දේ ය. සංඥප්තිබහුලයා දෙසන ලද්දේ ය. සජ්ඣායබහුලයා දෙසන ලද්දේ ය. විතර්‍කබහුලයා දෙසන ලද්දේ ය. ධර්‍මවිහාරියා දෙසන ලද්දේ ය.
Pali BJTයං ඛො භික්ඛු, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා. එතානි භික්ඛු, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි. ඣායථ භික්ඛු, මා පමාදත්ථ. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTමහණ, සව්වනට හිත කැමැති අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පාව නිසා යමෙක් කටයුතු වේ නම්, එය තොපට මා විසින් කරණ ලදි. මහණ, තෙල වෘක්‍ෂමූලයෝ ය. තෙල ශුන්‍යාගාරයෝ ය. මහණ, ධ්‍යාන කරව. නහමක් පමා වව. පසු විපිළිසර නො වව. මේ තොපට මාගේ අනුශාසනි යි.
Pali BJT5. 2. 3. 5.
Sinhala BJT5. 2. 3. 5.
Pali BJT[පඨමයොධාජීවූපම සුත්තං]
Sinhala BJT[පඨමයෝධාජීවූපම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT25. පඤ්චිමෙ භික්ඛවෙ යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච?
Sinhala BJT25. මහණෙනි, ලොව්හි මේ යොධාජීවයෝ පස් දෙනෙක් විද්‍යමාන වෙත්. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, එකච්චො යොධාජීවො රජග්ගඤ්ඤෙව{2} දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවරූපො{3} භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් (ඇත් අස් ආදීන්ගේ පාපහරින් බුන් බිමින් නැඟි) රජස් ස්කන්‍ධ ම දැක ගැලෙයි. (නොසැලී සිටිනු නොහැකි වෙයි.) වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ බඳු වූ ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ ප්‍රථම යුද්ධොපජීවියා වෙයි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො යොධාජීවො සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඛො භික්ඛවෙ{4}, ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ දුතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය (දැක ද) ඉවසන්නේ ය. වැලිත් (ඇත් අස් පිටෙහි හෝ රියෙහි නැඟු) ධ්වජාග්‍රය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේ ය. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ දෙවන යුද්ධොපජීවි යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, අපි ච ඛො උස්සාදනං යෙව{5} සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. එවරූපො’පි ඛො භික්ඛවෙ, ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ තතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ම ඉවසන්නේ ය. එහෙත්, (ඇත්අස්රියසෙන් ආදීන්ගේ) මහාශබ්දය ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. සඞ්ග්‍රාමභූමියට බස්නට නො හැකි වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මෙ තුන් වන යුද්ධොපජීවි යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං.{6} අපි ච ඛො සම්පහාරෙ ආහඤ්ඤති,{7} ව්යාපජ්ජති. එවරූපො’පි ඛො භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ චතුත්ථො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය (ඇත් අස් ආදීන් ගේ මහහඬ) ඉවසන්නේ ය. වැලිදු සපැමිණි ස්වල්ප ප්‍රහාරයෙහිදු විඝාතයට යෙයි. විකෘතියට පත් වෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, ඉධෙකච්චො යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං, සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. එවරූපො’පි ඛො භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඤ්චමො යොධාජීවො. සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. සම්ප්‍රහාරය ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි (සත්දිනක් පමණ ඉසුරු සුඛ විඳිමින්) වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මේ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යෝධාජීව යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මේ යොධාජීවයෝ පස් දෙන ලොව්හි විද්‍යමාන වෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, පඤ්ච{1}යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා. භික්ඛූසු. කතමෙ පඤ්ච?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම භික්‍ෂූන් කෙරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක යත්:
Pali BJTයො ඉධ භික්ඛවෙ, භික්ඛු රජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. කිමස්ස රජග්ගස්මිං?
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ රජස්ස්කන්‍ධය ම දැක ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර (නොසිඳ) රක්නට නොහැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හුනු (ගිහී) බවට පෙරළෙයි. ඔහට රජස්ස්කන්‍ධය නම් කිමෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු සුණාති: ‘අසුකස්මිං{3} නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරී වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා’ති. සො තං සුත්වා සංසීදති, විසීදති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස රජග්ගස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි වේවයි, නියම්ගම්හි වේවයි, ස්ත්‍රියක් වේවයි, කුමරියක් වේවයි, ‘විශිෂ්ට රූ ඇත්තී ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උත්තමශරීරවර්‍ණ හා අඞ්ගවින්‍යාසයෙන් සමන්‍වාගතය’යි අසයි. හේ එ අසා (මිථ්‍යාවිතර්‍කයෙහි) ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. පැවිද්දෙහි නො සිටුනේ ය. බඹසර (නොසිඳ) රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට හුනු බවට පෙරළෙයි. මෙ ඔහට රජස්ස්කන්‍ධ යි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ, යොධාජීවො රජග්ගං දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපො{4} භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්ස්කන්‍ධය දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුලා එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපමපුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සහති රජග්ගං. අපි ච ඛො ධජග්ගඤ්ඤෙව{5} දිස්වා සංසීදති, විසීදති. න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. කිමස්ස ධජග්ගස්මිං?
Sinhala BJTතවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නොසිටුනේ ය. බඹසර ගළවනුවට (නොසිඳ රක්නට) නො හැකි වෙයි. ශික්‍ෂායෙහි දුබල බව පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට පෙරළෙයි. ඔහට ධ්වජාග්‍ර නම් කිමෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු න හෙව ඛො සුණාති: ‘අසුකස්මිං නාම ගාමෙ වා නිගමෙ වා ඉත්ථී වා කුමාරී වා අභිරූපා දස්සනීයා පාසාදිකා පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතා’ති. අපි ච ඛො සාමං පස්සති ඉත්ථිං වා කුමාරිං වා අභිරූපං දස්සනීයං පාසාදිකං පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතං. සො තං දිස්වා සංසීදති, විසීදති. න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස ධජග්ගස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ අසෝ ගම්හි හෝ නියම්ගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් අභිරූප ය, දර්‍ශනීය ය, ප්‍රසාදජනක ය, උතුම් ශරීරවර්‍ණ හා අඞ්ගසණ්ඨානයෙන් සමන්‍වාගත ය යි නො ම අසන්නේ ය. වැලිදු තෙමේ ම අභිරූප ඇති දැකුම්කලු පහන් එළවන උතුම් රූ සපු අවයව සැරැසිල්ලෙන් යුත් ස්ත්‍රියක වේවයි කුමරියක වේවයි දක්නේ ය. හේ ඇය දැක ගැලෙන්නේ ය. වෙසෙසින් ගැලෙන්නේ ය. ධෘතිමත් ව නො සිටුනේ ය. බඹසර රක්නට නො පොහොසත් ය. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය පාළ කොට සික හැර දමා හුනුබවට නවත්නේ ය (පෙරළෙයි). මෙ ඔහට ධ්වජාග්‍ර යි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ, යොධාජීවො සහති රජග්ගං, අපි ච ඛො ධජග්ගඤ්ඤෙව දිස්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපො’පි භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ, දුතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙකින් එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ වේ ද, වැලිත් ධ්වජාග්‍රය ම දැක ගැලෙන්නේ වේ ද, වෙසෙසින් ගැලෙන්නේ වේ ද, ධෘතිමත් ව නො සිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නො හැකියේ වේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං අපි ච ඛො උස්සාදනං යෙව සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං. සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. කිමස්ස උස්සාදනාය?{6}
Sinhala BJTතවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේය. වැලිත් උස්රණහඬ ම අසා ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටුනේය. බඹසර රක්නට නො පොහෝනේ ය. ශික්‍ෂායෙහි දුබල බව ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනත්‍වයට වටාලා යෙයි. ඔහට උස්සාදනය නම් කිමෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ්කමිත්වා ඌහසති{1}, උල්ලපති, උජ්ඣග්ඝති,{2} උප්පණ්ඩෙති. සො මාතුගාමෙන ඌහසියමානො{3} උල්ලපියමානො උජ්ඣග්ඝියමානො{4} උප්පණ්ඩියමානො සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති බ්රහ්මචරියං සන්තානෙතුං.{5} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. ඉදමස්ස උස්සාදනාය.{6}
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ අවහාස විසින් සිනාසෙයි. උල්ලපනා (හුවාබිණීම) කරයි අත් පැහැර මහ සිනා සෙයි. වෙළෙවයි (උප්පණ්ඩන-විසුළුකථා කෙරෙයි). හේ මාගම විසින් අවහාස විසින් සිනාසෙන ලදුයේ උල්ලපනා කරණ ලදුයේ, මහහඬින් සිනාසෙන ලදුයේ, වෙළෙවන ලදුයේ කාමරාග විසින් ගැලෙයි. වෙසෙසින් ගැලෙයි. ධෘතිමත් ව නො සිටියි. බඹසර රක්නට නොසමත් වෙයි. ශික්‍ෂායෙහි දුර්‍වලභාවය ප්‍රකට කොට සික හැර පියා හීනභාවයට පෙරළා වැටෙයි. මෙ ඔහට උස්සාදනා යි
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, අපි ච ඛො උස්සාදනං යෙව{7} සුත්වා සංසීදති, විසීදති, න සන්ථම්භති, න සක්කොති සඞ්ගාමං ඔතරිතුං. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ, තතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එ යෝධාජීව රජස්කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, වැලිත් උස්සාදනය ම අසා සංසීදන (ගැලීම) කෙරේද, විසීදන (වෙසෙසින් ගැලීම) කෙරේ ද, ධෘතිමත් ව නොසිටුනේ වේ ද, සඞ්ග්‍රාමයට බස්නට නොහැකි වේද, මහණෙනි, මෙ පුඟුල් මම එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ තුන් වන යෝධාජීවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං.{8} අපි ච ඛො සම්පහාරෙ ආහඤ්ඤති{9} ව්යාපජ්ජති. කිමස්ස සම්පහාරස්මිං?
Sinhala BJTතවද මහණෙනි, මහණ රජස්ස්කන්‍ධය ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. වැලිත් සම්ප්‍රහාරයෙහි දී විඝාතයට යෙයි. විකෘතියට පැමිණෙයි. ඔහට සම්ප්‍රහාරය කිමෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ්කමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති, අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්තරියමානො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති. ඉදමස්ස සම්පහාරස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ භික්‍ෂූහු කරා මාගම සමීපස්ථ ව හිඳියි. ගැටී හොවියි. මතුයෙහි වැතිර ගණී. හේ මාගම විසින් සමීප ව හිඳිනු ලැබුයේ, ගැටී හොවිනු ලැබුයේ, වැතිර ගණු ලැබුයේ සිකපද නො හැර පියා දුබල බව පාළ නො කොට මෙවුන්දම් ප්‍රතිසේවනා කරයි. මෙ ඔහට සම්ප්‍රහාරය යි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ, යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං,{8} අපි ච ඛො සම්පහාරෙ ආහඤ්ඤති{9}, ව්යාපජ්ජති, තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ, චතුත්ථො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙකින් ඒ යෝධාජීව රජස් කඳ ඉවසා ද, ධ්වජාග්‍රය ඉවසා ද, උස්සාදනය ඉවසා ද, වැලිත් සම්ප්‍රහාරයෙහි ලා විඝාතයට යේ ද, ප්‍රකෘතිභාවය හරණේ ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් වෙයි. මහණෙනි, භික්‍ෂූහු අතුරෙහි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, භික්ඛු සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං{9}, සහති සම්පහාරං. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො, තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. කිමස්ස සඞ්ගාමවිජයස්මිං?
Sinhala BJTතවද මහණෙනි, මහණ රජස්කඳ ඉවසන්නේ ය. ධ්වජාග්‍රය ඉවසන්නේ ය. උස්සාදනය ඉවසන්නේ ය. පහර ඉවසන්නේ ය. හේ ඒ සඞ්ග්‍රාමය දිනා, දිනූ සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. ඔහට සඞ්ග්‍රාමවිජය කිමෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛුං අරඤ්ඤගතං වා රුක්ඛමූලගතං වා සුඤ්ඤාගාරගතං වා මාතුගාමො උපසඞ්කමිත්වා අභිනිසීදති, අභිනිපජ්ජති, අජ්ඣොත්ථරති. සො මාතුගාමෙන අභිනිසීදියමානො අභිනිපජ්ජියමානො අජ්ඣොත්තරියමානො විනිවෙඨෙත්වා විනිමොචෙත්වා යෙන කාමං පක්කමති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි අරණට ගිය හෝ රුක්මුලට ගිය හෝ ජන ශූන්‍යාගාරයට ගිය හෝ මහණකු කරා මාගමක් එළඹ ලංව හිඳින්නී ය. ගැටී හෝනී ය. යට කොට වැතිර ගන්නී ය. හේ මාගමක විසින් ලංව හිඳිනු ලබනුයේ, හෝනා ලබන්නේ, යට කොට වැතිරෙණු ලබන්නේ අත්වෙළුම් හැර ගෘහීත ග්‍රහණය මුදා ගෙණ යම් ම තැනකට කැමැති සේ යෙයි.
Pali BJTසො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති, අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථීනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථීනමිද්ධාය චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJTහේ අරණ්‍ය ය, රුක්මුල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිගුහා ය, සොහොන ය, වනපෙත් ය, අබවස ය, පිදුරු කිළි ය යන විවික්ත ශයනාසනය සෙවුනේ ය. හේ වලට ගියේ වේවයි, රුක්මුලට ගියේ වේවයි, හිස් ගෙයට ගියේ වේවයි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා කමටහන් අබිමුව කොට සිහිය පිහිටුවා හිඳුනේ ය. හේ (පඤ්චෝපාදානස්කන්‍ධසඞ්ඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා (විෂ්කම්භනා විසින්) දුරු වූ අභිධ්‍යායෙන් යුත් සිතින් වාස කරයි. අභිධ්‍යායෙන් සිත මුදන්නේ ය. ව්‍යාපාදප්‍රද්වේෂ හැරපියා ව්‍යාපාදයට නො පත් සිතැතියේ, සර්‍වප්‍රාණි ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියේ, වාස කරයි. ව්‍යාපාද ප්‍රද්වේෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහ වූ ථීනමිද්ධ ඇතියේ, ආලෝකසංඥා ඇතියේ, ස්මෘතිමත් වූයේ, සම්ප්‍රඥාන ඇතියේ වසයි. ථීනමිද්ධයෙන් සිත මුදයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා උද්ධත නොවූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිතැතියේ වාස කරයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැරපියා තුණු විචිකිච්ඡා ඇත්තේ, කුශලධර්‍මයෙහි කථංකථභාව නැතියේ වාස කරයි. විචිකිච්ඡායෙන් සිත මුදාලයි.
Pali BJTසො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTහේ චිත්තයට උපක්ලේශ වන ප්‍රඥාව දුර්‍වල කරණ, මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයන් කෙරෙන් වෙන් ව ම … චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කරයි.
Pali BJTසො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ{1} -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනින්නාමෙති.
Sinhala BJTහේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වත් ම, පර්‍ය්‍යවදාත වත් ම, අඞ්ගණ නැති වත් ම, පහ වූ උපක්ලේශ ඇති වත් ම, මෘදු වත් ම, කර්‍මණ්‍ය වත් ම, ස්ථිත වත් ම, නොසැලෙන බවට පත් වත් ම ... ආස්‍රවක්‍ෂයඥානය සඳහා චිත්තය නැඹුරු කෙරෙයි.
Pali BJTසො ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. ඉමෙ ආසවා’ති යථාභූතං පජානාති. අයං ආසවසමුදයොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධොති යථාභූතං පජානාති. අයං ආසවනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. තස්ස එවං ජානතො එවං පස්සතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. ඉදමස්ස සඞ්ගාමවිජයස්මිං.
Sinhala BJTහේ මේ (පඤ්චස්කන්‍ධය) දුකැයි ඇති සැටි දන්නේ ය. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි ඇති සැටි දන්නේ ය. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇති සැටි දන්නේ ය. මේ (අරී අටඟි මග) දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපද් ය යි ඇති සැටි දන්නේ ය. මොහු ආස්‍රවයහ යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව සමුදය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රව නිරෝධ ය යි යථාභූතය දන්නේ ය. මේ ආස්‍රවනිරෝධගාමිනීප්‍රතිපද් ය යි යථාභූතය දන්නේ ය. මෙසෙයින් දන්නහුගේ චිත්තය කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු චිත්තය මිදෙයි. මෙසේ මිදුනු කල්හි විමුක්තය යි ඥානය වෙයි. ජාතිය ක්‍ෂීණ විය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදි. සිවු මඟ කරණී කරණ ලදි. පිළි මෙ බවට නො එමී දන්නේ ය. මෙ ඔහට සඞ්ග්‍රාමවිජය යි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ, යොධාජීවො සහති රජග්ගං, සහති ධජග්ගං, සහති උස්සාදනං{2}, සහති සම්පහාරං, සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. තථූපමාහං භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ, ඉධෙකච්චො පුග්ගලො හොති. අයං, භික්ඛවෙ, පඤ්චමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිද්දෙකින් යෝධාජීවයෙක් රජස් කඳ ඉවසන්නේ ද, ධ්වජාග්‍රය ඉවසන්නේ ද, උස්සාදනය ඉවසන්නේ ද, සම්ප්‍රහාරය ඉවසන්නේ ද, හේ එ සඞ්ග්‍රාමය දිනා දිනූ සඞ්ග්‍රාම ඇතියේ, එ සඞ්ග්‍රාමශීර්‍ෂයෙහි වෙසෙයි. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු යයි කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද, ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, මහණුන් අතුරෙහි විද්‍යමාන වන මේ පස් වන යෝධාජිවොපම පුද්ගල යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසූ’ති.
Sinhala BJTමහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවොපම පුද්ගලයෝ පස් දෙන යි.
Pali BJT5. 2. 3. 6.
Sinhala BJT5. 2. 3. 6.
Pali BJT[දුතියයොධාජීවූපම සුත්තං]
Sinhala BJT[දුතියයොධාජීවූපම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT26. පඤ්චිමෙ භික්ඛවෙ යොධාජීවා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ පඤ්ච?
Sinhala BJT26. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යුද්ධාජීවිහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ එකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සංඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති, පරියාපාදෙන්ති{1} එවරූපො{2} භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවො සන්නො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනාව්‍යුහසංවිධාන විසින් සන්නිවිෂ්ට වූ සඞ්ග්‍රාම භූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි යුද විසින් උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. සතුරෝ එසේ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල පුඟුල් නසත්, මරණයට පමුණුවත්. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. සො ඤාතකෙහි නීයමානො අප්පත්වාව ඤාතකෙ අන්තරා මග්ගෙ කාලං කරොති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ දුතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපස මුළුදුන් සඞ්ග්‍රාමභූමියට වදනේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. පරහු ඒ උත්සාහ කරණ, ව්‍යායාම කරණ, තෙල (යෝධාජීව) පුඟුල් විදිත්. (පරහු) තෙල පුඟුල් (සියසෙන් කරා) හැර ගෙණ යත්. හැර ගෙණ ගොස් ඥාතීන් වෙත පමුණුවත්. (ඥාතීන් විසින් සියගෙට හෝ තෙසු ඥාතීන් වෙත) ගෙණ යනු ලබන හේ ඥාතීන් වෙත නො පැමිණ ම අතුරුමඟ කලුරිය කෙරෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ දෙවන යෝධාජීව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති. සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො තෙනෙවාබාධෙන කාලං කරොති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ තතියො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙන දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමභූමියට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කරයි. සතුරහු උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තෙල යෝධාජීවයා හැරැගෙණ යත්. හැරැගෙණ ගොස් ඥාතීන් කරා පමුණුවත්. ඥාතීහු තෙල යෝධාජීවයා උපස්ථාන කරත්. මෙහෙයින වටත්. හේ නෑ සබඳුන් විසින් වටනු ලබනුයේ, මෙහෙයින් වටනු ලබනුයේ එ ආබාධයෙන් ම කලුරිය කරයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ තෙවන යෝධාජීව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති. තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති. තමෙනං අපනෙන්ති. අපනෙත්වා ඤාතකානං නෙන්ති. තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති. සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො වුට්ඨාති තම්හා ආබාධා. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ චතුත්ථො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යුද්ධොපජීවියෙක් කඩු හා පලින් ගෙණ දුනු හා හියොවුරු සදාගෙණ උභයසෙනායෙන් මුළුදුන් සඞ්ග්‍රාම භූමියට බස්නේ ය. හෙ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කරයි. ව්‍යායාම කරයි. අමිත්‍රයෝ ඒ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ. තුලුන් හැරැගෙණ යෙත්. හැරැගෙන ගොස් නෑයනට දක්වා දෙත්. නෑ සබඳහු තුලුනට උවටැන් කරත්. මෙහෙ කරත්. හෙ නෑයන් විසින් වටනු ලබන්නේ මෙහෙ කරණු ලබන්නේ එ ආබාධයෙන් නැඟෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යෝධාජීවයෙක් ඇත. මහණෙනි, මෙ ලොව්හි විද්‍යමාන වන මේ සතර වන යෝධාජීව යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති. සො තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අජ්ඣාවසති. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො යොධාජීවො හොති. අයං භික්ඛවෙ පඤ්චමො යොධාජීවො සන්තො සංවිජ්ජමානො ලොකස්මිං.
Sinhala BJTතවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් යෝධාජීවයෙක් කඩු පලිස් ගෙණ දුහුහියොවුරු සදාගෙණ දෙපසින් මුළුදුන් සඞ්ග්‍රාමයට බස්නේ ය. හේ එ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇතියේ එ ම සඞ්ග්‍රාමභූමියෙහි සතුරන් වැඩ වෙසෙයි. මහණෙනි, මෙ ලොව්හි මෙ බඳු වූ ද ඇතැම් යුද්ධොපජීවියෙක් ඇත. මහණෙනි, ලොව්හි විද්‍යමාන වන මේ පස් වන යුද්ධොපජීවි යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච යොධාජීවො සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි විද්‍යමාන වන මේ යෝධාජිවයෝ පස්දෙනහ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ පඤ්ච{1} යොධාජීවූපමා පුග්ගලා සන්තො සංවිජ්ජමානා භික්ඛූසු. කතමෙ පඤ්ච?
Sinhala BJTමහණෙනි, එසෙයින් ම භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ යෝධාජීවයන් බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පසස්ති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන{2} චිත්තෙන සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවති{3}.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණෙක් අන්‍යතර ග්‍රාමයක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වෙසෙයි. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ නො රක්නා ලද ම කයින් නොරක්නා ලද වචනයෙන් නොරක්නා ලද සිතින් නො එළඹ සිටි කාගියා සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස වදනේ ය. හේ එහි වසඩක් නො වසා හැඳි හෝ වසඩක් නො වසා පෙරෙවි හෝ මාගමක් දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක රාගය ඔහුගේ (ශමථ-විදර්‍ශනා) සිත (අරමුණින්) බැහැරලයි. රාගය විසින් අනුද්ධස්ත සිතින් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බව පාළ නො කොට මෙවුන්දම් සෙවුනේ ය.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ හනන්ති. පරියාපාදෙන්ති. තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපො{4} භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ පඨමො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, එ යෝධාජීව යම් පරිද්දෙකින් කඩු පලින් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ ව්‍යුඪසඞ්ග්‍රාමයට වදනේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරේ ද, ව්‍යායාම කෙරේ ද, වෛරීහු උත්සාහ කරණ ව්‍යායාම කරණ යෝධාජීවයා නසත්, දිවි ගළවත්. මහණෙනි, මම මෙ පුද්ගලයා එ බඳු උපමා ඇති කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මේ ප්‍රථම යෝධාජීවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන{2} චිත්තෙන පරිඩය්හතෙව කායෙන. පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති: යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං රාගායිතොම්හි{5} ආවුසො රාගපරෙතො. න සක්කොම්හි බ්රහ්මචරියං සන්තානෙතුං.{6} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී’ති. සො ආරාමං ගච්ඡන්තො අප්පත්වාව ආරාමං අන්තරාමග්ගෙ සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTතවද මහණෙනි, මහණ අන්‍යතර ග්‍රාමයක් හෝ නිගමයක් හෝ ඇසුරු කොටගෙන වාස කරයි. හේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නාලද ම කයින් නොරක්නා ලද ම වචනයෙන් නොරක්නා ලද ම සිතින් නො එළැවූ (කාගියා) සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් යුක්ත ව පිඬු පිණිස වදනේ ය. හේ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක් දක්නේය. නො සකස් කොට හැඳියා වූ හෝ නො සකස් කොට පෙරෙවියා වූ හෝ මාගම දැකීමෙන් රාගය ඔහුගේ ශමථවිදර්‍ශනාචිත්තය (අරමුණෙන්) නෙරාලයි. රාගානුද්ධස්තචිත්තයෙන් යුත් හේ කයින් දැවේමය. සිතින් දැවේමය. ඔහට මෙබඳු සිතෙක් වෙයි: මම ආරාමයට ගොස් “ඇවැත්නි, මම රාගයෙන් රක්ත වූයෙමි. (සර්‍පදෂ්ටයකු සෙයින්) රාගයෙන් මඩනාලදුයෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. දුර්‍වලභාවය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනු බවට වැටෙමි යි භික්‍ෂූන්ට කියන්නෙම් නම් මනා මැනු”යි. හේ ආරාමයට යනුයේ අරමට නො පැමිණ ම අතරමඟ ශික්‍ෂායෙහි දෞර්‍වල්‍යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හුනුබවට වැටෙයි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං නෙන්ති, සො ඤාතකෙහි නීයමානො අප්පත්වා ව ඤාතකෙ අන්තරාමග්ගෙ කාලං කරොති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ දුතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් රැගෙණ දුනු හියොවුරු සදාගෙණ සේනා වින්‍යාස ඇති යුදබිමට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි. ව්‍යායාම කෙරෙයි. උත්සාහ කරණ ව්‍යායාම කරණ තුලුන් සතුරෝ විදිත්. විත්කෑ තුලුන් සියසෙන් කරා ගෙණ යත්. ඉන් ඉවත් කොට ගෙණ නෑයන් වෙත පමුණුවත්. හෙ නෑයන් විසින් (සියගෙට හෝ තෙසු නෑයන් වෙත) ගෙණ යනු ලබන්නේ ඥාතීන් වෙත නො පැමිණ ම අතරමඟ කලුරිය කෙරෙයි ද, මහණෙනි, මම මෙ පුඟුල් එ බඳු උපමා ඇත්තකු කොට කියමි. මහණෙනි, මෙසස්නෙහි මෙබඳුවූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ දෙවන යෝධාජීවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන{1} චිත්තෙන පරිඩය්හතෙව කායෙන, පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති: යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං: “රාගායිතොම්හි ආවුසො රාගපරෙතො. න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති. සො ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙති: රාගායිතොම්හි ආවුසො රාගපරෙතො. න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJTතවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ එ ම ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස නො රක්නා ලද කාදොරින් නො රක්නා ලද විසිදොරින් නො රක්නා ලද මනදොරින් නො එළවූ කාගියා සිහියෙන් අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිවිසෙයි. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙව ගත් හෝ එ මාගම දැක රාගය ඔහුගේ විදසුන් සිත දුරලයි. හෙ රාගයා විසින් නැසූ සිතින් යුක්ත ව කයින් දැවේ ම ය. සිතින් දැ වේ ම ය. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙම් වෙමි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි’යී භික්‍ෂූන්ට සැළ කරන්නෙම් නම් මනා මැනු”යී. හෙ අරමට ගොස් “ඇවැත්නි, රාගයෙන් රත්වූයෙම් රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර රක්නට නො හැකියෙමි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්‍ෂ්‍යාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙමි”යි භික්‍ෂූන්ට සැළ කරයි.
Pali BJTතමෙනං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති: “අප්පස්සාදා ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. මංසපෙසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. තිණුක්කූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සුපිනකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. යාචිතකූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො. අසිසූනූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අභිරමතායස්මා බ්රහ්මචරියං.{3} මා ආයස්මා සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තී”ති.{4}
Sinhala BJTතෙල මහණහට සබ්‍රම්සරහු “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාද ඇතියහ යි, බොහෝ දුක් ඇතියහ යි (උපක්ලේශසාධකවන බැවින්) බොහෝ උපායාස ඇතියහ යි, මෙහි (උපද්‍රවාධිෂ්ඨ වන බැවින්) ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අල්පාස්වාද වන බැවින්) ඇටසැකිල්ලක් වැනිය හ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතිය හ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (බහුසාධාරණ වන බැවින්) මාංසපේශී බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැ යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (දහනකෘත්‍යසාධක වන බැවින්) තෘණොල්කෝපමයහ (තණ හුලක් බඳුහ) යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (මහාභිතාපකරවන බැවින්) අඟුරුවළක් බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (ඉත්‍වර ව වැටහෙන බැවින්) සිහිනයක් බඳුහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (තාවත්කාලික වන බැවින්) යාචිතකෝපමයහ (ඉල්වා ගත්තක් බඳුහ)යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අඟ පසඟ බිඳලන බැවින්) වෘක්‍ෂඵලෝපමයහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (අධිකුට්ටනාර්‍ත්‍ථයෙන්) මස්ලොඹු බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (විනිර්වේධනාර්‍ත්‍ථයෙන්) ශක්තිශුලොපමයහ යි, (අඩයටි හුල් බඳුහ යි), බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ (සප්‍රතිභයාර්‍ත්‍ථයෙන්) සර්‍පමුඛ බඳුවහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බෙහෙවැයි වදාරණ ලදහ. ආයුෂ්මත් තෙමේ බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්‍ෂායෙහි දෞර්‍බලය්‍ය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට නහමක් වැටේවා”යි ඔවා දෙත් අනුශාසනා කරත්.
Pali BJTසො සබ්රහ්මචාරීහි එවං ඔවදියමානො එවං අනුසාසියමානො එවමාහ: “කිඤ්චාපි ආවුසො ‘අප්පස්සාදා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො’, අථ ඛො නෙවාහං සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති. සො සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
Sinhala BJTහෙ සබ්‍රම්සරුන් විසින් මෙසෙයින් ඔවා දෙනු ලබනුයේ, මෙසෙයින් අනුසස්නා ලබනුයේ, මෙසේ කියයි: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ, බොහෝ දුක් ඇතියහ, බොහෝ උපායාස ඇතියහ, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලද, වැලිත් මම් බඹසර රක්නට නො හැකියෙමි. ශික්‍ෂාහි දුබලබැව් පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි. හෙ ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට ශික්‍ෂා හැරපියා හුනු බවට වැටෙයි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං{2} නෙන්ති, තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති, සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො තෙනෙවාබාධෙන කාලං කරොති, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ තතියො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩු පලිස් ගෙණ දුනු හියොවුරු සදා ගෙණ සේනානිවේශනයෙන් සිටි සඞ්ග්‍රාමයට බස්නේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි, සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ තෙල යෝධාජීවයා විදුනාහ, ඔහු බැහැර ගෙණ යත්, ගෙණ ගොස් නෑයන් වෙත පමුණුවත්, ඥාතීහු ඔහු වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ ඒ ආබාධයෙන් ම කලුරිය කරයි ද, මහණෙනි, මෙ පුඟුල් ඔහු වැනිය යි මම කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු ඇතැම් පුද්ගලයෙක් ද ඇත. මහණෙනි, භික්‍ෂූන් අතුරෙහි විද්‍යමාන වන මෙ තුන් වන යෝධාජිවොපම පුද්ගල යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු අඤ්ඤතරං ගාමං වා නිගමං වා උපනිස්සාය විහරති. සො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය තමෙව ගාමං වා නිගමං වා පිණ්ඩාය පවිසති අරක්ඛිතෙනෙව කායෙන අරක්ඛිතාය වාචාය අරක්ඛිතෙන චිත්තෙන අනුපට්ඨිතාය සතියා අසංවුතෙහි ඉන්ද්රියෙහි. සො තත්ථ පස්සති මාතුගාමං දුන්නිවත්ථං වා දුප්පාරුතං වා. තස්ස තං මාතුගාමං දිස්වා දුන්නිවත්ථං වා දුප්පාරුතං වා රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන{3} චිත්තෙන පරිඩය්හතෙව කායෙන, පරිඩය්හති චෙතසා. තස්ස එවං හොති:
Sinhala BJTතවද මහණෙනි, මහණ එක්තරා ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වෙසේ. හෙ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ එ ම ගමට හෝ නියම්ගමට හෝ නො රක්නා ලද කයින් ම නො රක්නා ලද වචනයෙන් ම නො රක්නා ලද සිතින් ම නො එළඹ සිටි කාගියා සිහියෙන් ම අසංවෘත ඉන්‍ද්‍රියයෙන් පිඬු පිණිස වන්නේ ය. හෙ එහි නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ මාගමක දක්නේ ය. නො සකස් කොට හැඳි හෝ නො සකස් කොට පෙරෙවි හෝ එ මාගම දැක්මෙන් රාගය ඔහුගේ සිත (විදසුන් අරමුණින්) නෙරයි. හෙ රාගයෙන් ධර්ෂිත සිත් ඇතියේ කයින් දැවේමැයි, සිතින් දැවේමැයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි:
Pali BJT“යන්නූනාහං ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙය්යං: රාගායිතොම්හි{1} ආවුසො රාගපරෙතො, න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති සො ආරාමං ගන්ත්වා භික්ඛූනං ආරොචෙති: “රාගායිතොම්හි{1} ආවුසො රාගපරෙතො, න සක්කොමි බ්රහ්මචරියං සන්තානෙතුං.{2} සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJT“මම ආරාමයට ගොස් ‘ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බඹසර (නො සිඳ) රක්නා නො පොහොසත්මි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පාළ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණෙමි’යි භික්‍ෂූන්ට සැළ කෙරෙම් නම් මැනැවැ”යි. හෙ අරමට ගොස් භික්‍ෂූන්ට සැළ කරයි: “ඇවැත්නි, රාගයෙන් රක්ත වූයෙමි, රාගයෙන් මැඩුනෙම් වෙමි. බ්‍රහ්මචර්‍ය්‍යය (නො සිඳ) රක්නට නොපොහොසත්මි. ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට වැටෙමි”යි.
Pali BJTතමෙනං සබ්රහ්මචාරී ඔවදන්ති අනුසාසන්ති: “අප්පස්සාදා ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අට්ඨිකඞ්ඛලූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. මංසපෙසූපමාකාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. තිණුක්කූපමා කාමා වුත්තා භගවතා -පෙ- අඞ්ගාරකාසූපමා කාමා වුත්තා භගවතා -පෙ- සුපිනකූපමා කාමා වුත්තා භගවතා -පෙ- යාචිතකූපමා කාමා වුත්තා භගවතා -පෙ- රුක්ඛඵලූපමා කාමා වුත්තා භගවතා -පෙ- අසිසූනූපමා කාමා වුත්තා භගවතා -පෙ- සත්තිසූලූපමා කාමා වුත්තා භගවතා -පෙ- සප්පසිරූපමා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා, ආදීනවො එත්ථ භිය්යො. අභිරමතු ආයස්මා බ්රහ්මචරියං.{3} මා ආයස්මා සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තී”ති.{4} සො සබ්රහ්මචාරීහි එවං ඔවදියමානො එවං අනුසාසියමානො එවමාහ: “උස්සහිස්සාමි ආවුසො, ධාරයිස්සාමි{5} ආවුසො, අභිරමිස්සාමි ආවුසො. න දානාහං ආවුසො සික්ඛාදුබ්බල්යං ආවීකත්වා සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJTතෙල මහණ හට සබ්‍රම්සරහු ඔවා දෙත්, අනුශාසනා කෙරෙත්: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අල්පාස්වාදයහ යි, බොහෝ දුක් ඇතිහය යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අස්තිකඞ්කාල වැන්නහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ මාංසපේශියක් වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ තණසුළු වැනි ය යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අඞ්ගාරකර්ෂූපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ස්වප්නෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ පිරුළු අළ දැයක් (යැද ඉල්වා ගන්නා ලද්දක්) වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ වෘක්‍ෂඵල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ අසිසූනෝපමයහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ ශක්තිශුල වැනියහ යි ... වදාරණ ලදහ. භාග්‍යවතුන් වහන්සේ විසින් කාමයෝ සර්‍පමුඛ වැනියහ යි, බොහෝ දුක් ඇතියහ යි, බොහෝ උපායාස ඇතියහ යි, මෙහි ආදීනව බොහෝ ය යි වදාරණ ලදහ. ආයුෂ්මත් බඹසරෙහි ඇලුම් කෙරේවා. ආයුෂ්මත් ශික්‍ෂායෙහි දෞර්‍බලය ප්‍රකට කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට හීනභාවයට නහමක් වැටේවා”යි. හෙ සබ්‍රම්සරුන් විසින් මෙසේ ඔවා දෙනු ලබනුයේ මෙසේ අනුසස්නා ලබනුයේ මෙසේ කියයි: “ඇවැත්නි, උත්සාහ කරණෙම්. ඇවැත්නි, ධරණෙම්. ඇවැත්නි, සිත් අලවනෙම්. ඇවැත්නි, මම දැන් ශික්‍ෂායෙහි දෞර්‍බල්‍යය පහළ කොට සිකපද හැරපියා හීනත්‍වයට නො වැටෙන්නෙමි”යි.
Pali BJTසෙය්යථාපි සො භික්ඛවෙ යොධාජීවො අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නය්හිත්වා වියූළ්හං සඞ්ගාමං ඔතරති, සො තස්මිං සඞ්ගාමෙ උස්සහති, වායමති, තමෙනං උස්සහන්තං වායමන්තං පරෙ උපලික්ඛන්ති, තමෙනං අපනෙන්ති, අපනෙත්වා ඤාතකානං නෙන්ති, තමෙනං ඤාතකා උපට්ඨහන්ති, පරිචරන්ති, සො ඤාතකෙහි උපට්ඨහියමානො පරිචරියමානො වුට්ඨාති තම්හා ආබාධා, තථූපමාහං භික්ඛවෙ ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි භික්ඛවෙ ඉධෙකච්චො පුග්ගලො හොති. අයං භික්ඛවෙ චතුත්ථො යොධාජීවූපමො පුග්ගලො සන්තො සංවිජ්ජමානො භික්ඛූසු.
Sinhala BJTමහණෙනි, යම් පරිදි එ යෝධාජීව කඩුපලිස් ගෙණ දුනුහියොවුරු සදාගෙණ ව්‍යූඪසඞ්ග්‍රාමයට වදනේ වේ ද, හෙ එ සඞ්ග්‍රාමයෙහි උත්සාහ කෙරෙයි, ව්‍යායාම කෙරෙයි. සතුරෝ උත්සාහ කරණ ව්‍යායාම කරණ ඔහු විදිත්. ඔහු සියසෙන් වෙත ගෙණ යත්, ගෙණ ගොස් නෑයනට පමුණුවත්, නෑයෝ තෙල යෝධාජීවයා වටත්, මෙහෙ කරත්, හෙ නෑයන් විසින් වටනු ලබනුයේ, මෙහෙ කරණු ලබනුයේ, එ ආබාධයෙන් නැගිටුනේ ද, මහණෙනි, මම මෙ පුඟුල් ඔහු බඳු කොට කියමි. මහණෙනි, මෙ සස්නෙහි මෙ බඳු වූ ද ඇතැම් පුද්ගලයෙක් ඇත. මහණෙනි, භික්‍ෂූන් අතර විද්‍යමාන වන මේ සතර වන යෝධාජීවොපම පුද්ගල යි.