Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6201-6300 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතෙන ඛො පන සමයෙන මහානාමො ලිච්ඡවි මහාවනෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දස තෙ ලිච්ඡවිකුමාරකෙ තුණ්හීභූතෙ තුණ්හීභූතෙ පඤ්ජලිකෙ භගවන්තං පයිරුපාසන්තෙ. දිස්වා යෙන භගවා තෙනුසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො ලිච්ඡවි උදානං උදානෙසි: භවිස්සන්ති වජ්ජී, භවිස්සන්ති වජ්ජී’ති.
Sinhala BJTඑ කල මහානාම ලිච්ඡවි රජ මහවෙනෙහි ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරණුයේ ඇවිදිනුයේ තූෂ්ණීම්භූත ව බඳැඳිලි ඇති ව භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනා කරණ එ ලිච්ඡවි කුමරුන් දිටී දැක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන් මහානාම ලිච්ඡවිරජ “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි උදන් ඇනී ය.
Pali BJTකිං පන ත්වං මහානාම එවං වදෙසි ‘භවිස්සන්ති වජ්ජී භවිස්සන්ති වජ්ජී’ති.
Sinhala BJTමහානාමය, තෙපි “වජ්ජිහු වැඩෙන්නාහ, වජ්ජිහු වැඩෙන්නාහ”යි කවර හෙයින් මෙසේ කියහු.
Pali BJT“ඉමෙ භන්තෙ ලිච්ඡවිකුමාරකා චණ්ඩා ඵරුසා අපජහා{3}ති. යානි’පි තානි කුලෙසු පහෙනකානි{4} පහීයන්ති උච්ඡූනි වා බදරාති වා පූවාති වා මොදකාති වා සඞ්ගුලිකාති{5} වා, තානි විලුම්පිත්වා විලුම්පිත්වා ඛාදන්ති. කුලිත්ථීනම්පි කුලකුමාරීනම්පි පච්ඡාලියං{6} ඛිපන්ති. තෙ’දානිමෙ තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්තී’ති.
Sinhala BJT“වහන්ස, මේ ලිච්ඡවි කුමරුවෝ කායකර්‍මයෙන් චණ්ඩයහ. වාක්කර්‍මයෙන් පරුෂයහ. අවෘද්ධිනිඃශ්‍රිතමානයෙන් තදහ. උක්දඬු වේවයි, ඩෙබර වේවයි, මෝදක (මුං කැරලි) වේවයි, තිලසඟලා වේවයි, කුලයන්හි යම් ඒ පඬුරු කෙනෙක් යවනු ලැබෙත් නම් ඒ පුනපුනා වොලොගෙණ කත්. කුලස්ත්‍රීනට කුලකුමරියනට පසු පසින් ගොස් පිටිපසින් පහර දෙත්. එ මොහු දැන් අත්‍යන්තයෙන් තූෂ්ණීම්භූත ව බඳැලි ඇති ව භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසනා කරති”යි.
Pali BJTයස්ස කස්සචි මහානාම කුලපුත්තස්ස පඤ්චධම්මා සංවිජ්ජන්ති, යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස{7}, යදි වා රට්ඨිකස්ස{8} පෙත්තනිකස්ස, යදි වා සෙනාය සෙනාපතිකස්ස, යදි වා ගාමගාමිකස්ස{9}, යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි. කතමෙ පඤ්ච?
Sinhala BJTමහානාමය, කැත්කුලෙහි උපන් මුදුනෙහි බිසෙස් කළ රජකුට වේවයි පියදත්සැපත් වළඳන රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම්හිමියකුට වේවයි, ගණදෙටුවකුට වේවයි, කුලයෙහි ප්‍රත්‍යෙකාධිපත්‍යය කරණ යම් ම කෙනකුට වේවයි, යම් ඒ කුලපුත්‍රයකුට පඤ්චධර්‍ම ඇත් ද, වෘද්ධිය ම කැමැති විය යුතුය. පරිහානි නො කැමැති විය යුතුය. කවර පඤ්චධර්‍ම ද යත්:
Pali BJTඉධ මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි මාතාපිතරො සක්කරොති ගරු{10} කරොති මානෙති පූජෙති. තමෙනං මාතාපිතරො සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති මාතාපිතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTමහානාමය, මෙ ලොව්හි කුලපුත් බාහුබලයෙන් රැස් කොට ගත්, හෙළූ සෝදිය ඇති, දැහැමි, ධර්‍මයෙන් ම ලත්, උත්‍ථානවීර්‍ය්‍යයෙන් උපයා ගත් භෝගයෙන් මාපියන් සත්කාර කරන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය. පුදන්නේ ය. සත්කාර කරණ ලද, ගුරුකාර කරණ ලද, බුහුමන් කරණ ලද, පුදන ලද මාපියෝ ඔහට කලණසිතින් “සැරදේ, දිගා පල්නේ”ය යි අනුකම්පා කරත්. මහානාමය, මාපියන් විසින් අනුකම්පිත කුලපුත්හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
Pali BJTපුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පුත්තදාරදාසකම්මකරපොරිසෙ සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති, තමෙනං පුත්තදාරදාසකම්මකරපොරිසා සක්කතා ගරුකතා මානිතා, පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. පුත්තදාරදාසකම්මකරපොරිසානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTතවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයු, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් අඹුදරු දස්කම්කරු පුරිස් සගන්නේ ය. ගුරුකාර කරන්නේ ය. බුහුමන් කරන්නේ ය පුදන්නේ ය, අඹුදරුදස්කම්කරුපුරිස්හු සත්කෘත වූවාහු ගුරුකෘත වූවාහු මානිත වූවාහු පූජිත වූවාහු “සැරදේ, දිගා පල්නේ ය”යි කලණ සිතින් ඔහට අනුකම්පා කරත්. මහානාමය, අඹුදරුදස්කම්කරුපුරිස් විසින් අනුකම්පා කරණ ලද කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJTපුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරෙ{1} සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. ඛෙත්තකම්මන්තසාමන්තසංවොහාරානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTතවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් තමන් කෙත්කමතට අනතුරුකෙත්හිමියන් හා යටවරයනට (බිම් මනන්නන්ට) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනය කෙරෙයි. පූජා කෙරෙයි. සත්කාර කරණ ගුරුකාර ලද බුහුමන් කරන ලද පුදන ලද අනතුරුකෙත් හිමියෝ ද යටවරයෝ ද කලණසිතින් “සැරදේ, දිගා පල්නේය”යි ඔහට අනුකම්පා කරත්. අනතුරුකෙත්හිමියන් හා යටවරයන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානියෙක් නො කැමැති විය යුතු.
Pali BJTපුන චපරං මහානාම, කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යාවතා බලිපටිග්ගාහිකා දෙවතා සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං බලිපටිග්ගාහිකා දෙවතා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති. දෙවතානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTතවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි, දැහැමින් ම ලත් භෝගයෙන් යම් පමණ පුද පිළිගන්නා දෙවියෝ ඇත් නම්, ඔවුනට (අග්‍ර යාගුභක්තාදීන්) සත්කාර කෙරෙයි. ගුරුකාර කෙරෙයි. මානනා කෙරෙයි. පූජා කෙරෙයි සත්කාර ලත් ගුරුකාර ලත් මානනා ලත් පූජා ලත් පුද පිළිගන්නා දෙවියෝ “සැරදේ, දිගා පල්නේ යැ”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, දේවතාවන් විසින් අනුකම්පිත කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
Pali BJTපුන චපරං මහානාම කුලපුත්තො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි සමණබ්රාහ්මණෙ සක්කරොති, ගරුකරොති, මානෙති, පූජෙති. තමෙනං සමණබ්රාහ්මණා සක්කතා ගරුකතා මානිතා පූජිතා කල්යාණෙන මනසා අනුකම්පන්ති: ‘චිරං ජීව, දීඝමායුං පාලෙහී’ති: සමණබ්රාහ්මණානුකම්පිතස්ස මහානාම කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි.
Sinhala BJTතවද මහානාමය, කුලපුත් උත්‍ථානවීර්‍ය්‍යාධිගත බාහුබලයෙන් උපයා ගත්, සෝදිය වගුරුවා ඉපයූ, දැහැමි වූ, දැහැමින් ම ලද භෝගයෙන් මහණ බමුණනට සත්කාර කරයි. ගුරුකාර කරයි. මානනය කරයි. පූජා කරයි. සත්කාර කරණ ලද ගරු කරණ ලද මානනය කරණ ලද පුදන ලද මහණබමුණෝ “සැරදේ, දිගා පල්නේ ය”යි ඔහට කලණසිතින් අනුකම්පා කරත්. මහානාමය, මහණබමුණන් විසින් අනුකම්පිත වූ කුලපුත් හට වෘද්ධිය ම කැමැති විය යුතු. පරිහානි නො කැමැති විය යුතු.
Pali BJTයස්ස කස්සචි මහානාම කුලපුත්තස්ස ඉමෙ පඤ්ච ධම්මා සංවිජ්ජන්ති, යදි වා රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාභිසිත්තස්ස යදි වා රට්ඨිකස්ස පෙත්තනිකස්ස යදි වා සෙනාය සෙනාපතිකස්ස යදි වා ගාමගාමිකස්ස යදි වා පූගගාමණිකස්ස, යෙ වා පන කුලෙසු පච්චෙකාධිපච්චං කාරෙන්ති, වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානී’ති.
Sinhala BJTමහානාමය, ක්‍ෂිත්‍රිය ජාතිකමූර්‍ධාභිෂික්ත රජකුට වේවයි, පියදත් සැපත් ඇති රැටියකුට වේවයි, සේනායෙහි සෙන්පතියකුට වේවයි, ගම් හිමියකුට වේවයි, සමූහාධිපතියකුට වේවයි, යම් ම කෙනෙක් කුලයෙහි ප්‍රත්‍යෙකආධිපත්‍යය කෙරෙත් නම් එබඳුවනට වේවයි, යම් කිසි කුල පුතකුට මේ පඤ්චධර්‍මයෝ ඇත් ද වෘද්ධිය ම කැමැති විය යුතු ය. පරිහානි නො කැමැති විය යුතු.
Pali BJT12. මාතාපිතුකිච්චකරො පුත්තදාරහිතො සදා, අන්තො ජනස්ස අත්ථාය යෙ චස්ස උපජිවිනො.
Sinhala BJT12. හැම කල මාපියන්ගේ කරණී කරණුයේ, අඹුදරුවන් කෙරෙහි හිතැතියේ, අන්තොජනයාගේ අර්‍ත්‍ථසිද්ධිය සඳහා ද යම් ම කෙනෙක් තුලුහු ඇසිරි කොට දිවි වටනාහු වෙත්නම් උනුදුගේ අර්‍ත්‍ථය සඳහා ද කටයුතු කෙරේ නම්,
Pali BJT13. උභින්නං යෙව{1} අත්ථාය වදඤ්ඤූ හොති සීලවා, ඤාතීනං පුබ්බපෙතානං දිට්ඨධම්මෙ ච ජීවිනං,{2}
Sinhala BJT13. යදිවදන් දන්නේ, සිල්වත් වූයේ, කලුරිය කළ ඥාතීන් හා දිටුදැමියෙහි ජීවත්වන ඥාතීහුයයි උභයඥාතීන්ගේ අර්‍ත්‍ථය පිණිස (වටනේ) වේ නම්,
Pali BJT14. සමණානං බ්රාහ්මණානං දෙවතානං ච පණ්ඩිතො, විත්තිසඤ්ජනනො හොති ධම්මෙන ඝරමාවසං.
Sinhala BJT14. දැහැමින් ගිහිගෙයි වසන එ නුවණැති පුරුෂ මහණබමුණන් හා දෙවියනට සතුටු දනවන්නේ වෙයි.
Pali BJT15. සො කරිත්වාන කල්යාණං පුජ්ජො හොති පසංසියො, ඉධ චෙව නං{3} පසංසන්ති පෙච්ච සග්ගෙ ච මොදතී’{4}ති.
Sinhala BJT15. හෙ කලණකම් කොට ප්‍රශංසාවට නිසි වූයේ පූජ්‍ය වෙයි. මෙ ලොව්හිදු ඔහු පසසත්. පරලොව ස්වර්‍ගයෙහිදු විපාකමෝදනායෙන් ප්‍රමෝද කරන්නේ ය.
Pali BJT5. 2. 1. 9.
Sinhala BJT5. 2. 1. 9.
Pali BJT[පඨමබුඩ්ඪපබ්බජිතසුත්තං]
Sinhala BJT[පඨමබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT9. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි?
Sinhala BJT9. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ ය. කවර පසෙකින යත්:
Pali BJTදුල්ලභො භික්ඛවෙ බුඩ්ඪපබ්බජිතො නිපුණො, දුල්ලභො ආකප්පසම්පන්නො, දුල්ලභො බහුස්සුතො, දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො.
Sinhala BJTමහණෙනි, නිපුණ (සියුම් කරුණු දතහෙන) බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. ආකල්පසම්පන්න (මහණසරුප්) වූයේ දුර්‍ලභ වෙයි. බහුශ්‍රුත වූයේ දුර්‍ලභ වෙයි. ධර්‍මකථික වූයේ වෙයි. වනධර වූයේ දුර්‍ලභ වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො’ති.
Sinhala BJTමහණෙනි, මේ පස්කරුණින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
Pali BJT5. 2. 1. 10.
Sinhala BJT5. 2. 1. 10.
Pali BJT[දුතියබුඩ්ඪපබ්බජිතසුත්තං]
Sinhala BJT[දුතියබුඩ්ඪපබ්බජිත සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT10. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො. කතමෙහි පඤ්චහි?
Sinhala BJT10. මහණෙනි, ධර්‍ම පසෙකින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. කවර පසෙකින යත්:
Pali BJTදුල්ලභො භික්ඛවෙ බුඩ්ඪපබ්බජිතො සුවචො, දුල්ලභො සුග්ගහීතග්ගාහී, දුල්ලභො පදක්ඛිණග්ගාහී, දුල්ලභො ධම්මකථිකො, දුල්ලභො විනයධරො.
Sinhala BJTසුවච වූ බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වෙයි. සුරගෘහීතග්‍රාහී වූයේ (මනාසේ ඉගෙණීම ලබන සුල්ලේ) දුර්‍ලභ ය. ප්‍රදක්‍ෂිණාග්‍රාහී වූයේ (දුන් ඔවා පැදකුණු කොට ගරුකොට ගත්නේ) දුර්‍ලභ ය. ධර්‍මකථික වූයේ දුර්‍ලභ ය. වනධර වූයේ දුර්‍ලභ යි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො දුල්ලභො බුඩ්ඪපබ්බජිතො’ති.
Sinhala BJTමහණෙනි, මේ ධර්‍මපසින් සමන්‍වාගත බුඩ්ඪපබ්බජිත දුර්‍ලභ වේ.
Pali BJTනීවරණවග්ගො පඨමො.
Sinhala BJTනීවරණවර්‍ගය ප්‍රථම යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආවරණං රාසි අඞ්ගානි සමයං මාතුපුත්තිකා, උපජ්ඣා ඨානං කුමාරා ලිච්ඡවී අපරෙ දුවෙ’ති.
Sinhala BJTආවරණ (නීවරණ) සූත්‍ර ය, අකුසලරාසි සූත්‍ර ය, පධානියඞ්ග සූත්‍ර ය, සමය සූත්‍රය, මාතාපුත්ත සූත්‍ර ය, උපජ්ඣාය සූත්‍ර ය, ඨාන සූත්‍ර ය, ලිච්ඡවිකුමාර සූත්‍ර ය, බුඩ්ඪපබ්බජිත සූත්‍ර දෙක ය යි දශයෙකි.
Pali BJT2. සඤ්ඤාවග්ගො
Sinhala BJT2. සඤ්ඤා වර්‍ගය
Pali BJT5. 2. 2. 1.
Sinhala BJT5. 2. 2. 1.
Pali BJT[පඨමසඤ්ඤාසුත්තං]
Sinhala BJT[පඨමසඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT11. පඤ්චිමා භික්ඛවෙ සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා පඤ්ච?
Sinhala BJT11. මහණෙනි, භාවිත වූ බහුලීකෘත වූ මේ සංඥාවෝ පස්දෙන (විපාකඵලවිසින්) මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇතියාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඅසුභසඤ්ඤා, මරණසඤ්ඤා ආදීනවසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.{1}
Sinhala BJTඅසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආදීනවසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, හැම තෙධාතුසන්නිවාසලෝකයෙහි අනභිරත (නො ඇලෙන) සඤ්ඤා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ පඤ්ච සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.
Sinhala BJTමහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙති.
Pali BJT5. 2. 2. 2.
Sinhala BJT5. 2. 2. 2.
Pali BJT[දුතියසඤ්ඤාසුත්තං]
Sinhala BJT[දුතියසඤ්ඤා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT12. පඤ්චිමා භික්ඛවෙ සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා පඤ්ච?
Sinhala BJT12. මහණෙනි, වඩන ලද බිහිලි කරණ ලද මේ සංඥාවෝ පස්දෙන මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත්. කවරපස්දෙනෙක යත්:
Pali BJTඅනිච්චසඤ්ඤා, අනත්තසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටික්කූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා.{1}
Sinhala BJTඅනිච්චසඤ්ඤා ය, අනත්තසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සකලලෝකයෙහි අනභිරත සඤ්ඤා යි.
Pali BJTඉමා ඛො භික්ඛවෙ පඤ්ච සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති.
Sinhala BJTමහණෙනි, මේ සංඥාවෝ පස්දෙන භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල හා මහානෘශංස ඇත්තාහු අමෘතයට වන්නාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙති.
Pali BJT5. 2. 2. 3.
Sinhala BJT5. 2. 2. 3.
Pali BJT[පඨමවඩ්ඪීසුත්තං]
Sinhala BJT[පඨමවඩ්ඪි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT13. පඤ්චහි භික්ඛවෙ වඩ්ඪීහි වඩ්ඪමානො අරියසාවකො අරියාය වඩ්ඪියා වඩ්ඪති, සාරාදායී ච හොති වරාදායී ච කායස්ස. කතමාහි පඤ්චහි?
Sinhala BJT13. මහණෙනි, පඤ්චවිධ වෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නේ ය කායයාගේ සාරය ගන්නා සුල්ලේත්, වරය (උත්තමාර්‍ත්‍ථය) ගන්නා සුලුයේත් වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසද්ධාය වඩ්ඪති, සීලෙන වඩ්ඪති, සුතෙන වඩ්ඪති, චාගෙන වඩ්ඪති, පඤ්ඤාය වඩ්ඪති.
Sinhala BJTශ්‍රද්ධායෙන් වැඩෙයි, ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
Pali BJTඉමාහි ඛො භික්ඛවෙ පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪමානො අරියසාවකො අරියාය වඩ්ඪියා වඩ්ඪති, සාරාදායී ච හොති වරාදායී ච කායස්සා’ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්ඤවිධවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. කායයාගේ සාරය ගන්න සුල්ලේත්, වරය ගන්නා සුල්ලේත් වෙයි.
Pali BJT16. සද්ධාය සීලෙන ච යොධ වඩ්ඪති{2} පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං, සො තාදිසො සප්පුරිසො විචක්ඛණො ආදීයති සාරමිධෙව අත්තනො’ති.
Sinhala BJT16. යමෙක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නේ නම්, විචක්‍ෂණවූ එබඳු එ සත්පුරුෂ මේ ආත්මභාවයෙහි ම තමාගේ (ජීවිත) සාරය ලබාගන්නේ යි.
Pali BJT5. 2. 2. 4.
Sinhala BJT5. 2. 2. 4.
Pali BJT[දුතියවඩ්ඪීසුත්තං]
Sinhala BJT[දුතියවඩ්ඪි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT14. පඤ්චහි භික්ඛවෙ වඩ්ඪීහි වඩ්ඪමානා අරියසාවිකා අරියාය වඩ්ඪියා වඩ්ඪති සාරාදායිනී ච හොති වරාදායිනී ච කායස්ස. කතමාහි පඤ්චහි?
Sinhala BJT14. මහණෙනි, පඤ්චවෘද්ධියෙකින් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙන්නී ය. (ජීවිතයාගේ) සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි. කවර පසෙකින යත්:
Pali BJTසද්ධාය වඩ්ඪති, සීලෙන වඩ්ඪති, සුතෙන වඩ්ඪති, චාගෙන වඩ්ඪති, පඤ්ඤාය වඩ්ඪති.
Sinhala BJTශ්‍රද්ධායෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි.
Pali BJTඉමාහි ඛො භික්ඛවෙ පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪමානා අරියසාවිකා අරියාය වඩ්ඪියා වඩ්ඪති. සාරාදායිනී ච හොති, වරාදායිනී ච කායස්සා’ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චවෘද්ධියෙන් වැඩෙන ආර්‍ය්‍යශ්‍රාවිකා ආර්‍ය්‍යවෘද්ධියෙන් වැඩෙයි. ජීවිතයාගේ සාරය ගන්නී ද වරය ලබන්නී ද වෙයි.
Pali BJT17. සද්ධාය සීලෙන ච යා’ධ වඩ්ඪති{1} පඤ්ඤාය චාගෙන සුතෙන චූභයං, සා තාදිසී සීලවතී උපාසිකා ආදීයතී සාරමිධෙව අත්තනො’ති.
Sinhala BJT17. යම් ආර්‍ය්‍යශ්‍රාවිකාවක් මෙ ලොව්හි ශ්‍රද්ධායෙනුදු ශීලයෙනුදු ප්‍රඥායෙනුදු ත්‍යාගයෙනුදු ශ්‍රැතයෙනුදු වැඩෙන්නී ද, එබඳු ඒ සිල්වත් උවැසි මෙ අත්බැව්හි ම තමාගේ (ජීවිත) සාරය ගන්නී වෙයි.
Pali BJT5. 2. 2. 5.
Sinhala BJT5. 2. 2. 5.
Pali BJT[අලංසාකච්ඡසුත්තං]
Sinhala BJT[අලංසාකච්ඡ සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT15. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාකච්ඡො සබ්රහ්මචාරීනං. කතමෙහි පඤ්චහි?
Sinhala BJT15. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වෙයි. කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා ච සීලසම්පන්නො හොති, සීලසම්පදාය{2} කථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච සමාධිසම්පන්නො හොති, සමාධිසම්පදාය{3} කථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පඤ්ඤාසම්පදාය{4} කථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති, විමුත්තිසම්පදාය{5} කථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති, අත්තනා ච විමුත්තිඤාණදස්සනසම්පන්නො හොති, විමුත්තිඤාණදස්සනසම්පදාය{6} කථාය ච ආගතං පඤ්හං ව්යාකත්තා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශීලසම්පන්න වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනකථාව පිළිබඳ පුළුවුත් ප්‍රශ්න විසඳනුයේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාකච්ඡො සබ්රහ්මචාරීනන්ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට සාකච්ඡාවට යුතු වේ ය යි.
Pali BJT5. 2. 2. 6.
Sinhala BJT5. 2. 2. 6.
Pali BJT[අලංසාජීවසුත්තං]
Sinhala BJT[අලංසාජීව සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT16. පඤ්චහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාජීවො සබ්රහ්මචාරීනං. කතමෙහි පඤ්චහි?
Sinhala BJT16. මහණෙනි, ධර්‍මපසෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි. (ප්‍රශ්නපෘච්ඡාවිසර්‍ජනාඛ්‍ය ආජීවයෙන් සමානාජීව ඇති වෙයි.) කවර පසෙකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අත්තනා ච සීලසම්පන්නො හොති, සීලසම්පදාය කථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච සමාධිසම්පන්නො හොති, සමාධිසම්පදාය කථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච පඤ්ඤාසම්පන්නො හොති, පඤ්ඤාසම්පදාය කථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිසම්පන්නො හොති, විමුත්තිසම්පදාය කථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති. අත්තනා ච විමුත්තිඤාණදස්සන සම්පන්නො හොති, විමුත්තිඤාණදස්සනසම්පදාය කථාය ච කතං පඤ්හං ව්යාකත්තා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් සිල්සපන් වෙයි. ශීලසම්පත් කථාව පිළිබඳ (අභිසංස්කරණ කරණලද) ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි. සමාධිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි. ප්‍රඥාසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. විමුක්තිසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳනුයේත් වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. විමුක්තිඥානදර්‍ශනසම්පත්කථාව පිළිබඳ කළ ප්‍රශ්න විසඳන්නේත් වෙයි.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අලංසාජීවො සබ්රහ්මචාරීනන්ති.
Sinhala BJTමහණෙනි, මෙ පඤ්චධර්‍මයෙන් සමන්‍වාගත මහණ සබ්‍රම්සරනට අලංසාජීව වෙයි.
Pali BJT5. 2. 2. 7.
Sinhala BJT5. 2. 2. 7.
Pali BJT[පඨමඉද්ධිපාදසුත්තං]
Sinhala BJT[පඨමඉද්ධිපාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT17. යො හි කොචි භික්ඛවෙ භික්ඛු වා භික්ඛුනී වා පඤ්ච ධම්මෙ භාවෙති, පඤ්ච ධම්මෙ බහුලීකරොති, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙ වා ධම්මෙ{1} අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කතමෙ පඤ්ච?
Sinhala BJT17. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි දහම් පසක් වඩන්නේ ද, දහම් පසක් බිහිලි කෙරේ ද, ඔහු විසින් ද්විවිධ ඵලයන් අතුරින් අන්‍යතරඵලයෙක් කැමැති විය යුතු:- ඉහාත්මයෙහි අර්‍හත්ඵලය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිභාවය හෝ යි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. උස්සොළ්හි යෙව පඤ්චමී.{2}
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යය අධිපති කොට ලත් සමාධියෙන් ... චිත්තය අධිපති කොට ලත් සමාධියෙන් ... වීමංසාව අධිපති කොට ලත් සමාධියෙන් හා ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. (අධිමාත්‍ර උත්සාහ සඞ්ඛ්‍යාත) උස්සොළ්හිය පස් වැන්න යි.
Pali BJTයො හි කොචි භික්ඛවෙ භික්ඛු භික්ඛුනී වා ඉමෙ පඤ්ච ධම්මෙ බහුලීකරොති, තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙ වා ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණෙක් වේවයි, මෙහෙණක් වේවයි, මේ ධර්‍මපස වඩා නම්, මේ ධර්‍මපස බහුල කෙරේ නම්, ඔහට ද්විවිධඵලයන් අතුරින් අන්‍යතර ඵලයෙක් කැමැති විය යුතු ය:- ඉහාත්මයෙහි ම අර්‍හත්‍වය හෝ උපාදිසේසය ඇති වත් ම අනාගාමිත්‍වය හෝ යි.
Pali BJT5. 2. 2. 8.
Sinhala BJT5. 2. 2. 8.
Pali BJT[දුතියඉද්ධිපාදසුත්තං]
Sinhala BJT[දුතියඉද්ධිපාද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT18. පුබ්බෙවා’හං භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තො’ව සමානො පඤ්ච ධම්මෙ භාවෙසිං පඤ්ච ධම්මෙ බහුලීකාසිං{3}. කතමෙ පඤ්ච?
Sinhala BJT18. මහණෙනි, මම සම්බෝධියෙන් (චතුස්සත්‍යාවබෝධයෙන්) පූර්‍වයෙහි ම අභිසම්බුද්ධ නො වූයෙම් බෝධිසත්ත්‍ව වූයෙම් ම ධර්‍ම පසක් වැඩීමි. ධර්‍ම පසක් බිහිලි කෙළෙමි. කවර පසෙක යත්:
Pali BJTඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙසිං. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙසිං. උස්සොළ්හි යෙව පඤ්චමී.{*}
Sinhala BJTඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. වීර්‍ය්‍ය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් යුත් ... වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් යුත් ප්‍රධානසංස්කාරයෙන් සමන්‍වාගත ඍද්ධිපාදය වැඩීමි. උස්සොළ්හිය (අධිමාත්‍ර වීර්‍ය්‍ය) ම පස් වැන්න යි.
Pali BJTසො ඛො අහං භික්ඛවෙ ඉමෙසං උස්සොළ්හිපඤ්චමානං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා යස්ස යස්ස{4} අභිඤ්ඤාසච්ඡිකරණීයස්ස ධම්මස්ස චිත්තං අභිනින්නාමෙසිං අභිඤ්ඤාසච්ඡිකිරියාය, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිං සති සති ආයතනෙ.
Sinhala BJTමහණෙනි, ඒ මම අධිමාත්‍ර ඊහා පස් වනු කොට ඇති මේ පඤ්චධර්‍මයන් වැඩු හෙයින් බහුල විසින් කළ හෙයින් විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කළ යුතු යම් යම් ධර්‍මයක් සඳහා අභිඥායෙන් පසක් කිරීමට සිත නැමුයෙම් ද, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ ධර්‍මයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි. ...
Pali BJTසො සචෙ ආකඞ්ඛිං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවෙය්යං -පෙ-{*} යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙය්යන්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිං සති සති ආයතනෙ. -පෙ-{*}
Sinhala BJTඉදින් මම නන් වැදෑරුම් ඍද්ධිවිශේෂයන් අනුභව කෙරෙම්ව යි ... බඹලොව හිම් කොට ද කයින් වශිත්‍වය පවත්වම්ව යි කැමැති වීම් නම්, කරුණු ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි.
Pali BJTසො සචෙ ආකඞ්ඛිං පෙ ආසවානං ඛයා -පෙ-{*} ආසවානං ඛයා -පෙ-{*} සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරෙය්යන්ති, තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිං සති සති ආයතනෙ’ති.
Sinhala BJTඉදින් මම ආස්‍රවක්‍ෂයයෙන් ... තෙමේම දැන පසක් කොට එයට පැමිණ වාසය කෙරෙම්ව යි කැමැති වීම් නම්, ප්‍රත්‍යය ඇති වත් ම ඒ ඒ විෂයෙහි ප්‍රත්‍යක්‍ෂභාවයට පැමිණියෙමි යි.
Pali BJT5. 2. 2. 9.
Sinhala BJT5. 2. 2. 9.
Pali BJT[නිබ්බිදාසුත්තං]
Sinhala BJT[නිබ්බිදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT19. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ පඤ්ච?
Sinhala BJT19. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස්දෙනෙක් ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ක්ලේශව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී,{1} සබ්බලොකෙ අනභිරතසඤ්ඤී,{2} සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභය නුවණින් දක්නාසුලුයේ, අහරෙහි පිළිකුල් සංඥා ඇතියේ, හැම පස්කඳලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලුයේ වාස කරයි. ඔහට මරණසංඥාව තමා තුළ මැනැවින් එළඹ සිටියේ ම වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තී’ති.
Sinhala BJTමහණෙනි, භාවිත බහුලීකෘත මේ පඤ්චධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත්.
Pali BJT5. 2. 2. 10.
Sinhala BJT5. 2. 2. 10.
Pali BJT[ආසවක්ඛයසුත්තං]
Sinhala BJT[ආසවක්ඛය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT20. පඤ්චිමෙ භික්ඛවෙ ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්ති. කතමෙ පඤ්ච?
Sinhala BJT20. මහණෙනි, භාවිත බහුලීකෘත මේ ධර්‍මයෝ පස් දෙනෙක් ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු අසුභානුපස්සී කායෙ විහරති, ආහාරෙ පටික්කූලසඤ්ඤී{1}, සබ්බලොකෙ අනභිරතසඤ්ඤී,{2} සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී. මරණසඤ්ඤා ඛො පනස්ස අජ්ඣත්තං සූපට්ඨිතා හොති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි අශුභානුදර්ශී වූයේ, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇතියේ, හැමලොව්හි අනභිරතසංඥා ඇතියේ, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යානුදර්ශී වූයේ වාස කරයි. ඔහට මරණසංඥාව අද්ධ්‍යාත්මයෙහි මොනවට එළඹ සිටියේ ම වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ධම්මා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තන්තී’ති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධර්‍මයෝ භාවිත බහුලීකෘත වූවාහු ආස්‍රවක්‍ෂය පිණිස වැටෙත්.
Pali BJTසඤ්ඤාවග්ගො දුතියො
Sinhala BJTසංඥාවර්‍ගය දෙවැනි යි.
Pali BJTතස්සුද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTද්වෙ ච සඤ්ඤා ද්වෙ වඩ්ඪී ච සාකච්ඡා ච සජීවතා{3} ඉද්ධිපාදා ච ද්වෙ වුත්තා නිබ්බිදා චාසවක්ඛයා.
Sinhala BJTසඤ්ඤා සූත්‍ර දෙකය, වඩ්ඪීසූත්‍ර දෙකය, සාකච්ඡා සූත්‍රය, සාජීවසූත්‍රය, ඉද්ධිපාදසූත්‍ර දෙකය, නිබ්බිදා සූත්‍රය, ආසවක්ඛය සූත්‍රය දැයි දසයෙක.
Pali BJT3. අනාගතභයවග්ගො{*}
Sinhala BJT3. අනාගතභය වර්‍ගය
Pali BJT5. 2. 3. 1.
Sinhala BJT5. 2. 3. 1.
Pali BJT[පඨමචෙතොවිමුත්තිඵලසුත්තං]
Sinhala BJT[පඨමචේතෝවිමුත්තිඵල සූත්‍රය]