Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච?
Sinhala BJTමහණෙනි, (සිත අවුරාගෙණ සිටුනා හෙයින්) ආවරණ වූ (ධ්‍යානාදීනට බාධක වන හෙයින්) නීවරණ වූ, සිත ඔබාගෙණ සිටුනා, විදර්‍ශනාප්‍රඥා දුර්‍වල කරණ මේ කරුණුහු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTකාමච්ඡන්දො භික්ඛවෙ ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ව්යාපාදො භික්ඛවෙ ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ථීනමිද්ධං භික්ඛවෙ ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා භික්ඛවෙ ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
Sinhala BJTමහණෙනි, කාමච්ඡන්‍දය ආවරණ ය, නීවරණ ය, චිත්තය මැඬගෙණ සිටුනේ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ව්‍යාපාදය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, ථීනමිද්ධය ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය (සිත්හි නොසන්හුන් බව හා කුකුස) ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය. මහණෙනි, විචිකිච්ඡාව ආවරණ ය, නීවරණ ය, චිත්තයාගේ අධ්‍යාරුහ ය, ප්‍රඥාව දුර්‍වල කරන්නේ ය.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
Sinhala BJTමහණෙනි, මෙ පස් දෙන ආවරණයහ, නීවරණයහ, චිත්තයාගේ අධ්‍යාරුහයහ, ප්‍රඥාව දුර්‍වල කරන්නාහ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු, ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා{1} මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, ඒ මහණ එකැතින් නීවරණ වූ, සිත මැඬගෙණ සිටුනා, පැණ දුබල කරණ මේ පඤ්චාවරණයන් නො තබා අබල වූ, දුර්‍වල වූ ප්‍රඥායෙන් “ආත්මාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේ ව යි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ සිදු නො වන්නේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිණී, තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි විවරෙය්ය, එවං හි සො භික්ඛවෙ මජ්ඣෙ නදියා සොතො වික්ඛිත්තො විසටො බ්යාදින්නො න චෙව{2} දූරඞ්ගමො අස්ස, න සීඝසොතො, න හාරහාරී.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හළයුතු දැ හැරලනසුදු නදියෙක් වේ ද, පුරුෂයෙක් ඒ නදියගේ දෙපස නඞ්ගලමුඛ (නගුලෙන් කළ ඇළි) විවර කරන්නේ ය. මහණෙනි, එසේ වත් ම, නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස විසිර ගියේ විසුළේ දෙපසට ඇදගන්නා ලදුයේ දුරගමන් නැතියේ වෙයි. ශීඝ්‍රස්‍රෝතස් නැතියේ වෙයි. හර්තව්‍යය ගෙණ යන සුලු නො වෙයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ අප්පහාය අබලාය පඤ්ඤාය දුබ්බලාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එ පරිදි ම එකැතින් එ මහණ මේ පඤ්චආවරණයන් නීවරණයන්, චිත්තයාගේ අධ්‍යාරුහයන්, ප්‍රඥාදුර්‍වලකරණයන් නො හැරලා අබල වූ දුබල වූ ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය. පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේ ව යි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති නො වේ.
Pali BJTසො වත භික්ඛවෙ භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති, උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, එකැතියෙන් එ මහණ මේ පඤ්ච ආවරණයන් නීවරණයන් චිත්තයාගේ අධ්‍යාරුහයන් ප්‍රඥාදුර්‍වලකරණයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ත්‍ථ ඥානදර්‍ශනවිශේෂයක් වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ ඇති වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ නදී පබ්බතෙය්යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිණී, තස්සා පුරිසො උභතො නඞ්ගලමුඛානි පිදහෙය්ය, එවං හි සො භික්ඛවෙ මජ්ඣෙ නදියා සොතො අවික්ඛිත්තො අවිසටො අබ්යාදින්නො දූරඞ්ගමො චෙව අස්ස සීඝසොතො ච හාරහාරී ච. එවමෙව ඛො භික්ඛවෙ සො වත භික්ඛු ඉමෙ පඤ්ච ආවරණෙ නීවරණෙ චෙතසො අජ්ඣාරුහෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ පහාය බලවතියා පඤ්ඤාය අත්තත්ථං වා ඤස්සති, පරත්ථං වා ඤස්සති. උභයත්ථං වා ඤස්සති, උත්තරිං වා මනුස්සධම්මා අලමරියඤාණදස්සනවිසෙසං සච්ඡිකරිස්සතී’ති ඨානමෙතං විජ්ජති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි පවියෙන් ඇද හැලෙන දුර ගලා බස්නා ශීඝ්‍රස්‍රෝතස් ඇති හරනට නිසි දෑ හැරලන සුලු නදියෙක් වේ නම්, පුරුෂයෙක් එ නදියගේ නඞ්ගලමුඛ (නඟුලෙන් කළ ඇළි) වසන්නේ ය. මහණෙනි, එසේ වත් ම නදීමධ්‍යයෙහි ඒ ස්‍රොතස නො විසිර ගියේ නො විසුළේ දෙපසට නො ඇදගන්නා ලදුයේ දුරගමන් ඇතියේ ද ශීඝ්‍රස්‍රෝතස් ඇතියේ ද හර්තව්‍යය හරණ සුලු ද වෙයි. මහණෙනි, එ පරිදි ම එකැතියෙන් එ මහණ ආවරණ වූ නීවරණ වු, සිත මඬනා, පැණ දුබල කරණ මේ පඤ්ච ධර්‍මයන් හැරපියා බලවත් ප්‍රඥායෙන් ආත්මාර්‍ත්‍ථ වේවයි දන්නේ ය, පරාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, උභයාර්‍ත්‍ථය වේවයි දන්නේ ය, මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි වූ ආර්‍ය්‍යභාවකරණයට නිසි ඥානදර්‍ශන විශේෂය වේවයි සාක්‍ෂාත් කරන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වන්නේ ය.
Pali BJT5. 2. 1. 2.
Sinhala BJT5. 2. 1. 2.
Pali BJT[අකුසලරාසිසුත්තං]
Sinhala BJT[අකුසලරාසි සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT2. අකුසලරාසීති භික්ඛවෙ වදමානො ඉමෙ{*} පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහයං{1} භික්ඛවෙ අකුසලරාසී යදිදං පඤ්චනීවරණා. කතමෙ පඤ්ච?
Sinhala BJT2. මහණෙනි, ‘අකුශලරාශිය’යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ නීවරණපස නම් මේ හුදු අකුශලරාශි ම වෙයි. කවර පස් දෙනෙක යත්:
Pali BJTකාමච්ඡන්දනීවරණං, බ්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං, උද්ධච්චකුක්කුච්චනීවරණං, විචිකිච්ඡානීවරණං.
Sinhala BJTකාමච්ඡන්‍දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි.
Pali BJTඅකුසලරාසීති භික්ඛවෙ වදමානො ඉමෙ පඤ්චනීවරණෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලොහයං භික්ඛවෙ අකුසලරාසී යදිදං ඉමෙ පඤ්චනීවරණා’ති.{2}
Sinhala BJTමහණෙනි, අකුශලරාශි ය යි කියනුයෙක් මොනොවට කියනුයේ මේ පඤ්චනීවරණයන් කියන්නේ ය. මහණෙනි, මේ පඤ්චනීවරණ නම් තෙල හුදු අකුශලරාශි ම වෙයි.
Pali BJT5. 2. 1. 3.
Sinhala BJT5. 2. 1. 3.
Pali BJT[පධානියඞ්ගසුත්තං]
Sinhala BJT[පධානියඞ්ග සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT3. පඤ්චිමානි භික්ඛවෙ පධානියඞ්ගානි. කතමානි පඤ්ච?
Sinhala BJT3. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍ය කරණ මහණහුගේ මේ අඞ්ග පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සද්ධො හොති සද්දහති තථාගතස්ස බොධිං: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැති වෙයි. තථාගතයන්ගේ සම්බෝධිය (චතුර්මාර්‍ගඥානය) හදහයි. එ භගවත්හු මෙ කරුණිනුදු අර්‍හත්හ. සම්‍යක්සම්බුද්ධයහ. විද්‍යාචරණසම්පන්නයහ. සුගතයහ. ලෝකවිද්හ. අනුත්තර පුරුෂදම්‍යසාරථිහ. දෙවිමිනිස්නට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ”යි.
Pali BJTඅප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය.
Sinhala BJTඅල්පාබාධ වූයේ අල්පාතඞ්ක (නිදුක්) වූයේ සම ව පස්නා අතිශීත නොවූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍යම වූ ප්‍රධානක්‍ෂමවූ ග්‍රහණියෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTඅසඨො හොති අමායාවී යථාභූතං අත්තානං ආවීකත්තා සත්ථරි වා විඤ්ඤූසු වා සබ්රහ්මචාරීසු.
Sinhala BJTතමා නැති ගුණ නො පාළ කරණුයේ, තමා ඇති අයුණු නොසඟවනුයේ වෙයි ශාස්තෲන් කෙරෙහි වේවයි, විඥයන් කෙරෙහි වේවයි, සබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, තමා ඇතිතතු පහළ කරනුයේ වෙයි.
Pali BJTආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTඅකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹු වැර ඇතියේ, කුශලධර්‍මයෙහි ස්ථාම ඇතියේ, දළපැරකුම් ඇතියේ, බහා නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වාස කෙරෙයි.
Pali BJTපඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTඋදාවිය පිරිසිඳුනට සමත්, පරිශුද්ධ, නොබුන්විරූ කෙලෙස්කඳ බිඳුනට සමත්, මොනොවට දුඃඛක්‍ෂයගාමිනී ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච පධානියඞ්ගානී’ති.
Sinhala BJTමහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍ය වඩන මහණහුගේ මේ පඤ්චාඞ්ග යි.
Pali BJT5. 2. 1. 4.
Sinhala BJT5. 2. 1. 4.
Pali BJT[අසමය-සමයසුත්තං]
Sinhala BJT[අසමය - සමය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT4. පඤ්චිමෙ භික්ඛවෙ අසමයා පධානාය. කතමෙ පඤ්ච?
Sinhala BJT4. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ නො කල් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු ජිණ්ණො හොති ජරාය අභිභූතො. අයං භික්ඛවෙ පඨමො අසමයො පධානාය.
Sinhala BJTමහණෙනි, මහණ ජරායෙන් මැඩුනේ ජීර්‍ණ වෙයි. මහණෙනි, ප්‍රධන් වීර්‍ය්‍යකරණයට මේ පළමු නො කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු ව්යාධිතො හොති ව්යාධිනා අභිභූතො. අයං භික්ඛවෙ දුතියො අසමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ ව්‍යාධියෙන් මැඩුනේ රෝගයෙන් පෙළුනේ වෙයි. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යකරණයට දෙවන නො කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ දුබ්භික්ඛං හොති දුස්සස්සං දුල්ලභපිණ්ඩං න සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං භික්ඛවෙ තතියො අසමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, නට ශස්‍ය ඇති, දුලබපිඬු ඇති සායෙක් වෙයි. පාත්‍රය ගෙණ සිඟීමෙන් යැපෙන්නට සුකර නොවෙයි. මේ ප්‍රධන්වීර්‍ය්‍යයට තෙවන නො කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භයං හොති අටවීසඞ්කොපො චක්කසමාරූළ්හා ජානපදා පරියායන්ති. අයං භික්ඛවෙ චතුත්ථො අසමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, අටවිසඞ්කෝපභයෙක් (කඩපලා සොර බියෙක්) වෙයි රිය නැගි දනව් වැස්සෝ ඔබමොබ දිවෙත්. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ සතර වන නො කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සඞ්ඝො භින්නො හොති. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ භින්නෙ අඤ්ඤමඤ්ඤං අක්කොසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා{1} ච හොන්ති.
Sinhala BJTතවද මහණෙනි, සඞ්ඝයා බිඳුනේ වෙයි. මහණෙනි, සඞ්ඝයා බුන් කල්හි උනුන් අක්කොසවතින් හවන්නාහු ද වෙති. උනුන් තෙද කියා (බිය දක්වා සන්තර්‍ජනයෙන්) බණන්නාහු ද වෙති. උනුන් (විරුද්ධවිසින්) වටාගන්නාහු ද වෙති, උනුන් මිගදොඩා හැරපියන්නාහු ද වෙත්.
Pali BJTතත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති. පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොති. අයං භික්ඛවෙ පඤ්චමො අසමයො පධානාය.
Sinhala BJTඑහි ලා අප්‍රසන්නයෝ ද නො පහන්හු ම ය. පහන් වූ ඇතැම්කෙනෙකුගේ අන්‍යථාත්‍වය (වෙනස) ද වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පස් වන නො කලි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච අසමයා පධානායා’ති.
Sinhala BJTමහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ නොකල් පස යි.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ සමයා පධානාය. කතමෙ පඤ්ච?
Sinhala BJTමහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ කල් පසෙක කවර පසෙක යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු දහරො හොති. යුවා සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අයං භික්ඛවෙ පඨමො සමයො පධානාය.
Sinhala BJTමහණෙනි, මෙ සස්නෙහි මහණ තරුණ කළු කෙහෙ ඇති, සොඳුරු යොවුනෙන් ද පළමුවයසින් ද සමන්‍වාගත වූ තරුණයෙක් වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ පළමු කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ භික්ඛු අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. අයං භික්ඛවෙ දුතියො සමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, මහණ අල්පාබාධ ඇතියේ නිදුක් වූයේ අතිශීත නො වූ අත්‍යුෂ්ණ නො වූ මධ්‍ය ම වූ ප්‍රධන්වීර්‍ය්‍යයට නිසි වූ සමව පස්නා කර්‍මජතේජෝධාතුයෙන් සමන්‍වාගත වූයේ වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය සඳහා මේ දෙවන කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සුභික්ඛං හොති සුසස්සං සුලභපිණ්ඩං, සුකරං උඤ්ඡෙන පග්ගහෙන යාපෙතුං. අයං භික්ඛවෙ තතියො සමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, මනා ශස්‍යසම්පත් ඇති සුලභ පිඬු ඇති සුභික්‍ෂයෙක් වෙයි. පා ගෙණ සිඟාගත් පිඬුයෙන් යැපීමට සුකර වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යයට මේ තෙවන කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ මනුස්සා සමග්ගා සම්මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්ඤමඤ්ඤං පියචක්ඛූහි සම්පස්සන්තා විහරන්ති. අයං භික්ඛවෙ චතුත්ථො සමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, මනුෂ්‍යයෝ සමඟ වූවාහු මොනොවට තුටු වන්නාහු විවාද නො කරන්නාහු කිරි හා දිය මෙන් එක් වූවාහු උනුන් ප්‍රිය ඇසින් දක්නාහු වෙසෙත්. මහණෙනි, මේ ප්‍රධන්වීර්‍ය්‍යයට සතර වන කලි.
Pali BJTපුන චපරං භික්ඛවෙ සඞ්ඝො සමග්ගො සම්මොදමානො අවිවදමානො එකුද්දෙසො ඵාසු විහරති. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං අක්කොසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති. න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චෙව පසීදන්ති. පසන්නානඤ්ච භිය්යොභාවො{1} හොති. අයං භික්ඛවෙ පඤ්චමො සමයො පධානාය.
Sinhala BJTතවද මහණෙනි, සමඟ සඞ්ඝයා මොනොවට සතුටු වනුයේ විවාද නො කරණුයේ ඒකුද්දෙස ඇතියේ සුවසේ වෙසෙයි. මහණෙනි, සඟුන් සමඟ කල්හි උනුන්ට ආක්‍රෝශ ද නො කෙරෙත්. උනුනට පරිභාෂා ද නො කෙරෙත්. උනුන්ට පරික්‍ෂේප ද නො කෙරෙත්. උනුන් හැරපියන්නාහු ද නො වෙත්. එහි ලා අප්‍රසන්නයෝ ද පහදිති පහන් වූවන්ගේ ද භිය්‍යොභාව වෙයි. මහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ පස් වන කලි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සමයා පධානායා’ති.
Sinhala BJTමහණෙනි, ප්‍රධන්වීර්‍ය්‍යය පිණිස මේ සමය පස යි.
Pali BJT5. 2. 1. 5.
Sinhala BJT5. 2. 1. 5.
Pali BJT[මාතාපුත්තසුත්තං]
Sinhala BJT[මාතාපුත්ත සූත්‍රය]
Pali BJT5. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං උභො මාතාපුත්තා වස්සාවාසං උපගමිංසු භික්ඛූ ච භික්ඛුණී ච.
Sinhala BJT5. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩවසන සේක. එකල සැවැත්හි මහණ හා මෙහෙණ හා දෙ මාපුත් කෙනෙක් වස් එළඹියහ.
Pali BJTතෙ අඤ්ඤමඤ්ඤස්ස අභිණ්හං දස්සනකාමා අහෙසුං. මාතාපි පුත්තස්ස අභිණ්හං දස්සනකාමා අහොසි. පුත්තො’පි මාතරං අභිණ්හං දස්සනකාමො අහොසි. තෙසං අභිණ්හං දස්සනා සංසග්ගො අහොසි. සංසග්ගෙ සති විස්සාසො අහොසි. විස්සාසෙ සති ඔතාරො අහොසි. තෙ ඔතිණ්ණචිත්තා සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවිංසු.
Sinhala BJTඔහු නරතුරු උනුන් දක්නා කැමති වූහ. මවු දු නරතුරු පුතු දක්නා කැමති වූය. පිත් ද නරතුරු මව දක්නා කැමැති විය. ඔවුන්ගේ නරතුරු දැක්මෙන් සංසර්‍ගයෙක් වී. ස සර්‍ගය ඇති වත් ම විශ්වාසය විය විශ්වාසය ඇති වත් ම (කම්රා විසින්) බැස ගැන්ම විය. (කම්රා විසින්) බට සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දුබල බැව් පාළ නො කොට මෙවුන්දම් සෙවියහ.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ භන්තෙ සාවත්ථියං උභො මාතා පුත්තා වස්සාවාසං උපගමිංසු භික්ඛු ච භික්ඛුණී ච. තෙ අඤ්ඤමඤ්ඤස්ස අභිණ්හං දස්සනකාමා අහෙසුං. මාතාපි පුත්තස්ස අභිණ්හං දස්සනකාමා අහොසි. පුත්තොපි මාතරං අභිණ්හං දස්සනකාමො අහොසි. තෙසං අභිණ්හං දස්සනා සංසග්ගො අහොසි. සංසග්ගෙ සති විස්සාසො අහොසි. විස්සාසෙ සති ඔතාරො අහොසි. තෙ ඔතිණ්ණචිත්තා සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්යං අනාවීකත්වා මෙථුනං ධම්මං පතිසෙවිංසූ”ති.
Sinhala BJTඑ කල බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: “වහන්ස, මෙ සැවැත්හි මහණ මෙහෙණ දෙමාපුතු කෙනෙක් වස් එළඹියහ ඔහු උනුන් නරතුරු දර්‍ශනය කැමැති වූහ. මවුදු නරතුරු පුතු දක්නා කැමැත්තී වූය පුත් ද නරතුරු මව දක්නා කැමති විය. නරතුරු දැක්මෙන් ඔවුන්ගේ සංසර්‍ගයෙක් විය. සසඟ ඇති වත් ම විශ්වාසය විය. විශ්වාසය ඇති වත් ම කම්රායෙන් බැසගැන්ම විය. බැසගත් සිත් ඇති ඔහු ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන නො කොට දෞර්‍බල්‍යය පාළ නො කොට මෙවුන්දම් සෙවියහ’යි.
Pali BJTකින්නු සො භික්ඛවෙ මොඝපුරිසො මඤ්ඤති න මාතා පුත්තෙ සාරජ්ජති පුත්තො වා පන මාතරී’ති.
Sinhala BJTමහණෙනි, එ මෝඝපුරුෂ “මව පුතු කෙරෙහි රාග විසින් නො ඇලේ, පුත් හෝ මව කෙරෙහි නො ඇලේ ය”යි කිම නො හඟනේ ද?
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකරූපම්පි සමනු පස්සාමි යං{1} එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්ධනීයං එවං මුච්ඡනීයං එවං අන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය, යථයිදං භික්ඛවෙ ඉත්ථිරූපං. ඉත්ථිරූපෙ භික්ඛවෙ සත්තා රත්තා ගථිතා ගිද්ධා මුච්ඡිතා අජ්ඣොපන්නා. තෙ දීඝරත්තං සොචන්ති ඉත්ථිරූපවසානුගා.
Sinhala BJTමහණෙනි, මේ සා රඤ්ජනයට හිත වූ, මේ සා කාමයට හිත වූ, මේ සා මදයට හිත වූ, මේ සා බන්‍ධනයට හිත වූ, මේ සා කාමමුර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් රූපයෙක් ඇත් ද, මහණෙනි, මේ ස්ත්‍රීරූපය බඳු අන් එක රූපයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි සත්ත්‍වයෝ ස්ත්‍රීරූපයෙහි රාගවිසින් ඇලුනාහු ගෙතුනාහු ගිජු වූවාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීරූප වශානුගත ව දීර්‍ඝරාත්‍රයෙහි ශෝක කෙරෙත්.
Pali BJTනාහං භික්ඛවෙ අඤ්ඤං එකසද්දම්පි -පෙ- එකගන්ධම්පි -පෙ- එකරසම්පි -පෙ- එකඵොට්ඨබ්බම්පි සමනුපස්සාමි, යං එවං රජනීයං එවං කමනීයං එවං මදනීයං එවං බන්ධනීයං එවං මුච්ඡනීයං එවං අන්තරායකරං අනුත්තරස්ස යොගක්ඛෙමස්ස අධිගමාය, යථයිදං භික්ඛවෙ ඉත්ථිඵොට්ඨබ්බො. ඉත්ථිපොට්ඨබ්බෙ භික්ඛවෙ සත්තා රත්තා ගිද්ධා ගථිතා මුච්ඡිතා අජ්ඣොපන්නා. තෙ දීඝරත්තං සොචන්ති ඉත්ථිපොට්ඨබ්බවසානුගා.
Sinhala BJTමහණෙනි, මම අන් එක ද ශබ්දයක් ... එක ද ගන්‍ධයක් ... එක ද රසයක් ... මේ සා රජනීය වූ, මේ සා කමනීය වූ, මේ සා මදනීය වූ මේ සා බන්‍ධනීය වූ, මේ සා මූර්ඡාවට හිත වූ, අනුත්තරයෝගක්‍ෂේමාධිගමයට මේ සා අන්තරායකර වූ යම් ස්පර්‍ශයෙක් ඇද්ද, මහණෙනි, ස්ත්‍රීස්පර්‍ශ බඳු අන් එක ද ස්ප්‍රෂ්ටව්‍යයක් මම නො දක්මි. මහණෙනි, ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යයෙහි සත්ත්‍වයෝ රැඳුනාහු ගිජු වූවාහු ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු වෙති. ඔහු ස්ත්‍රීස්ප්‍රෂ්ටව්‍යවශයට ගියාහු දීර්‍ඝරාත්‍රයෙහි සොස්නාහ.
Pali BJTඉත්ථි භික්ඛවෙ ගච්ඡන්තී’පි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. ඨිතා’පි නිසින්නා’පි{2} සයානා’පි හසන්තී’පි භණන්තී’පි ගායන්තී’පි රොදන්තී’පි උග්ඝානිතා’පි{3} මතා’පි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යම්පි තං භික්ඛවෙ සම්මා වදමානො වදෙය්ය සමන්නපාසො මාරස්සා’ති.
Sinhala BJTමහණෙනි, ස්ත්‍රී යන්නී ද පුරුෂයා සිත ගෙණ සිටුනී ය. සිටියා ද, හුන්නී ද, හෝනී ද, සෙන්නී ද, බණන්නී ද, ගයන්නී ද, හඬන්නී ද, ඉදිමුනී ද, මළා ද, පුරුෂයා සිත් ගෙන සිටුනීය. මහණෙනි, යම් දැයක් සඳහා මොනොවට බණනුයේ “මරු විසින් වටා ලූ මළෙකැ”යි කියා නම් ඒ ස්ත්‍රිය ම දක්වා කියයි.
Pali BJT1. සල්ලපෙ අසිහත්ථෙන පිසාචෙනපි සල්ලපෙ. ආසීවිසම්පි ආසීදෙ යෙන දට්ඨො න ජීවති
Sinhala BJT1. කඩු ගත් අත් ඇතිහයු හා ද බණන්නේ ය. පිසාචයකු හා ද බණන්නේ ය. යමකු විසින් ඩස්නා ලදුයේ ජීවත් නො වේ ද, එබඳු ඇසිවසකු (සර්‍පයකු) ද ඝටන්නේ ය.
Pali BJT2. නත්වෙව එකො එකාය මාතුගාමෙන සල්ලපෙ, මුට්ඨස්සතිං තා බන්ධන්ති පෙක්ඛිතෙන සිතෙන ච,
Sinhala BJT2. එකලා වූයේ එකලා මාගමක හා නො ම බණන්නේ ය. ඔහු නට සිහි ඇතියහු ප්‍රේක්‍ෂිතයෙනුදු (බැල්මෙන් ද) සිනායෙනුදූ බඳනාහ.
Pali BJT3. අථොපි දුන්නිවත්ථෙන මඤ්ජුනා භණිතෙන ච නෙසො ජනො සුවාසීදො{4} අපි උග්ඝානිතො{5} මතො.
Sinhala BJT3. වැලිදු නො පිළිසන් කොට හැඳීමෙනුදු මොළොක් තෙපුලෙනුදු බඳනාහ. තෙල ස්ත්‍රීජනයා ඉදිමුනේ හෝ මළේ හෝ ගැටුමට නො නිසි වේ.
Pali BJT4. පඤ්චකාමගුණා එතෙ ඉත්ථිරූපස්මිං දිස්සරෙ, රූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා.
Sinhala BJT4. රූප ය ශබ්ද ය ගන්‍ධ ය රස ය ස්ප්‍රෂ්ටව්‍ය ය යන තෙල මනරම් පස්කම් ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නා ලැබෙත්.
Pali BJT5. තෙසං කාමොඝවුළ්හානං කාමෙ අපරිජානතං, කාලං ගතිං{6} භවාභවං සංසාරස්මිං පුරක්ඛතා.
Sinhala BJT5. කාමෝඝයෙන් ඇදගණු ලැබූ කාමයන් පිරිසිඳ නො දන්නා වූ ඔවුන්ගේ ස සාරයෙහි කාලය ද ගතිය ද පුනර්‍භවය ද පෙරටුවන්නාහු ම (නොනවත්නාහුම) වෙති.
Pali BJT6. යෙ ච කාමෙ පරිඤ්ඤාය චරන්ති අකුතොභයා, තෙ වෙ පාරගතා ලොකෙ යෙ පත්තා ආසවක්ඛය’න්ති.
Sinhala BJT6. යම් කෙනෙක් කාමයන් පිරිසිඳ දැන කිසිවකිනුත් බිය නැත්තාහු හැසිරෙත් ද, යම් කෙනෙක් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පත් වූවාහු ද, ලොව්හි ඔහු ම නිවනට ගියාහු වෙති යි.
Pali BJT5. 2. 1. 6.
Sinhala BJT5. 2. 1. 6.
Pali BJT[උපජ්ඣායසුත්තං]
Sinhala BJT[උපජ්ඣාය සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT6. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන සකො උපජ්ඣායො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සකං උපජ්ඣායං එතදවොච: “එතරහි මෙ භන්තෙ මධුරකජාතො චෙව කායො දිසා ච මෙ න පක්ඛායන්ති. ධම්මා ච මං නප්පටිභන්ති. ථීනමිද්ධං ච මෙ චිත්තං පරියාදාය තිට්ඨති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමි. අත්ථි ච මෙ ධම්මෙසු විචිකිච්ඡා’ති.
Sinhala BJT6. එ කල එක්තරා මහණෙක් සිය උපාධ්‍යායයන් කරා එළඹියේ ය. එළඹ සිය උපාධ්‍යායයනට තෙල කී ය: “වහන්ස, දැන් මාගේ කය හටගත් ගුරු බව් ඇතියේ ද වෙයි. දිශාවෝ ද මට නොවටහත්. මට (ශමථවිදර්‍ශනා) දහම්හුදු නො වටහත්. ථීනමිද්ධය ද මා සිත මැඩගෙණ සිටුනේ ය. අභිරති නැතියෙම් (උකැටියෙම්) බඹසර ද සරමි. දහම්හිදු මට විසිකිස (සැක) ඇතැ”යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු තං සද්ධිවිහාරිකං භික්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති එ මහණ එ සද්ධිවිහාරිකයා කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් ව හින. එකත්පස් ව හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJTඅයං භන්තෙ භික්ඛු එවමාහ: එතරහි මෙ භන්තෙ මධුරකජාතො වෙච කායො. දිසා ච මෙ නපක්ඛායන්ති. ධම්මා ච මං නප්පටිභන්ති. ථීනමිද්ධං ච මෙ චිත්තං පරියාදාය තිට්ඨති. අනභිරතො ච බ්රහ්මචරියං චරාමි. අත්ථි ච මෙ ධම්මෙසු විචිකිච්ඡා’ති.
Sinhala BJTවහන්ස, මෙ මහණ මෙසේ කියයි. ‘වහන්ස, මෙ කල මා සිරුර හටගත් ගුරුබව් ඇති වෙයි. දික්හුදු මට නොවටහත්. මට දහම්හුදු නො වටහත් ථීනමිද්ධය ද මසිත් මැඩගෙණ සිටුනේ ය අභිරති නැති ව බඹසර ද සරමි. මට දහම්හි විචිකිච්ඡා ද ඇතැ”යි.
Pali BJTඑවං හෙතං භික්ඛු හොති ඉන්ද්රියෙසු අගුත්තද්වාරස්ස, භොජනෙ අමත්තඤ්ඤුනො, ජාගරියං අනනුයුත්තස්ස, අවිපස්සකස්ස කුසලානං ධම්මානං, පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගං අනනුයුත්තස්ස විහරතො, යං මධුරකජාතො චෙව කායො හොති, දිසා චස්ස න පක්ඛායන්ති, ධම්මා ච තං නප්පටිභන්ති., ථීනමිද්ධං චස්ස චිත්තං පරියාදාය තිට්ඨති, අනභිරතො ච බ්රහ්මචරියං චරති, හොති චස්ස ධම්මෙසු විචිකිච්ඡා.
Sinhala BJTමහණ, ඉන්‍ද්‍රියෙහි නො රැකි දොරටු ඇතියහුට බොජුන්හි පමණ නො දන්නහුට, නිදිවැරුම්හි නො යෙදුනහුට, කුසල්දහම් නො දක්නාහට, පූර්‍වාපරරාත්‍රයෙහි (රෑ පෙරයම පැසුළුයම) බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි නො යෙදී වාස කරන්නහුට, යම් හෙයෙකින් කය උපන් ගුරුබව් ඇති වේ ද, දිසාවෝත් ඔහට නො පැණෙත් ද, ඔහට දහම්හුදු නොවටහත් ද, ථීනමිද්ධය ද ඔහු සිත මැඬගෙණ සිටුනේ ද, අභිරති නැති ව බඹසරත් සෙරේ ද, ධර්‍මයෙහි විචිකිච්ඡාත් ඔහට වේ ද, තෙල කරුණ එසේම වන්නේ ය.
Pali BJTතස්මාතිහ තෙ භික්ඛු එවං සික්ඛිතබ්බං: “ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භවිස්සාමි, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො, විපස්සකො කුසලානං ධම්මානං, පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගං අනුයුත්තො විහරිස්සාමි’ති,” එවං හි තෙ භික්ඛු සික්ඛිතබ්බන්ති,
Sinhala BJTමහණ, එ හෙයින් තා විසින් මෙ කරුණෙහි මෙසේ හික්මිය යුතු: ඉඳුරන්හි රැකි දොර ඇති වන්නෙමි. භෝජනයෙහි මාත්‍රඥ වෙමි. නිදි වැරීමෙහි යෙදුනෙම් වෙමි, කුශලධර්‍මයෙහි විදර්‍ශක වන්නෙමි. පූර්‍වරාත්‍ර අපර රාත්‍රයෙහි බෝධිපාක්‍ෂිකධර්‍මභාවනානුයෝගයෙහි යෙදුනෙම් වාස කරන්නෙමි”යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJTඑ කල එ මහණ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් ඔවා දෙන ලදුයේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසි.
Sinhala BJTඉක්බිති එ මහණ හුදෙකලාව (ගණයාගෙන් හා කෙලෙසුන්ගෙන්) වෙන් ව අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇති ව නිවණට ගිය සිතැති ව වාස කරමින් යම් රහත් ඵලයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම පැවිද්දට වදනාහු ද, අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යය කෙළවර කොට ඇති ඒ රහත්ඵලය තමා විසින් දිටු දැමියෙහි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට නොබෝකලෙකින් ම එය ලබා විසී. ජාති ක්‍ෂීණ විය. බඹසරවස් වැස නිමවන ලද. සිවුමඟ කරණී කරණ ලදී. මේ රහත් බව පිණිස මතු (කටයුතු) අනෙකෙක් නැති යි මොනොවට දැනගත්තේ ය. එ මහණ රහතුන් අතුරෙහි එක් නමෙක් ද වී.
Pali BJTඅථ ඛො සො භික්ඛු අරහත්තප්පත්තො යෙන සකො උපජ්ඣායො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සකං උපජ්ඣායං එතදවොච: “එතරහි මෙ භන්තෙ නත්වෙව{1} මධුරකජාතො කායො. දිසා ච මෙ පක්ඛායන්ති. ධම්මා ච මං පටිභන්ති. ථීනමිද්ධං ච මෙ චිත්තං න පරියාදාය තිට්ඨති අභිරතො ච බ්රහ්මචරියං චරාමි නත්ථි ච මෙ ධම්මෙසු විචිකිච්ඡා’ති.
Sinhala BJTඉක්බිති අර්‍හත්ත්‍වයට පත් එ මහණ තමාගේ වත්තෙරුන් කරා එළඹියේ ය. එළඹ තම වත්තෙරුනට තෙල බස් කී “වහන්ස, දැන් මාගේ කය උපන් ගුරුසැහැවි නො ඇති ම වෙයි. මට දිශාවෝ පැණෙත්. ධර්‍මයෝ ද මට වටහත්. ථීනමිද්ධයත් මාගේ සිත මැඬගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර ද සෙරෙමි. මට දහම්හිදු විචිකිච්ඡා නැතැ”යි.
Pali BJTඅථ ඛො සො භික්ඛු තං සද්ධිවිහාරිකං භික්ඛුං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති එ මහණ එ සද්ධිවිහාරික භික්‍ෂු කැඳවාගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ භගවත් හට තෙල කරුණ කී:
Pali BJTඅයං භන්තෙ භික්ඛු එවමාහ: “එතරහි මෙ භන්තෙ නත්වෙව{1} මධුරකජාතො කායො. දිසා ච මෙ පක්ඛායන්ති. ධම්මා ච මං පටිභන්ති. ථීනමිද්ධං ච මෙ චිත්තං පරියාදාය න තිට්ඨති. අභිරතො ච බ්රහ්මචරියං චරාමි. නත්ථි ච මෙ ධම්මෙසු විචිකිච්ඡා”ති.
Sinhala BJTවහන්ස, මෙ මහණ මෙසේ කියයි: “වහන්ස, දැන් මාගේ කය ද ගුරු සැහැවිනැතියේ ම ය. මට දිශාවෝ ද පැණෙත්. මට දහම්හුදු වටහත්. ථීනමිද්ධයද මා සිත මැඩගෙණ නො සිටුනේ ය. අභිරති ඇතියෙම් බඹසර සෙරෙමි. මට ධර්‍මයෙහිදු විසිකිස නැතැ”යි.
Pali BJTඑවං හි තං භික්ඛු හොති ඉන්ද්රියෙසු ගුත්තද්වාරස්ස, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තස්ස, විපස්සකස්ස කුසලානං ධම්මානං, පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගං අනුයුත්තස්ස විහරතො, යං න චෙව මධුරකජාතො කායො හොති, දිසා චස්ස පක්ඛායන්ති, ධම්මා ච තං පටිභන්ති, ථීනමිද්ධං චස්ස චිත්තං න පරියාදාය තිට්ඨති, අභිරතො ච බ්රහ්මචරියං චරති, න චස්ස හොති ධම්මෙසු විචිකිච්ඡා.
Sinhala BJTමහණ, ඉඳුරන්හි රැකි දොර ඇතියහුට, භෝජනයෙහි මාත්‍රඥයාහට ජාගරණයෙහි නියැලුනහුට, කුසල්දහම්හි විදර්‍ශනා කරණුවහට, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් වැඩීමෙහි යෙදුනහුට, යම් සේ කය උපන් ගුරු සැහැවි නැති වේ ද, දිශාවෝ ද ඔහට වටහත් ද, ධර්‍මයෝ ද ඔහුට වටහත් ද, ථීනමිද්ධය ද ඔහුගේ සිත මැඬගෙණ නො සිටුනේ ද, අභිරති ඇති ව: බඹසරත් සෙරේ ද, ඔහට ධර්‍මයෙහිදු විචිකිච්ඡා නැත් ද, එය එසේ ම වෙයි.
Pali BJTතස්මාතිහ වො භික්ඛවෙ එවං සික්ඛිතබ්බං: “ඉන්ද්රියෙසු ගුත්තද්වාරා භවිස්සාම, භොජනෙ මත්තඤ්ඤුනො, ජාගරියං අනුයුත්තා, විපස්සකාකුසලානං ධම්මානං, පුබ්බරත්තාපරරත්තං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගං අනුයුත්තා විහරිස්සාමා’ති එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, එහෙයින් ම තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු ඉඳුරන්හි පියූ දොර ඇති වම්හ. භෝජනයෙහි මාත්‍රඥ වම්හ. ජාගරණයෙහි අනුයුක්ත වම්හ. කුශලධර්‍මයෙහි විදර්‍ශක වම්හ. පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි බෝපැකිදම් පිළිබඳ භාවනානුයෝගයෙහි අනුයුක්ත ව වසම්හ”යි. මහණෙනි, තොප මෙසේ ම හික්මිය යුතු ය යි.
Pali BJT5. 2. 1. 7.
Sinhala BJT5. 2. 1. 7.
Pali BJT[ඨානසුත්තං]
Sinhala BJT[ඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT7. පඤ්චිමානි භික්ඛවෙ ඨානානි අභිණ්හං පච්චවෙක්ඛිතබ්බානි ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා. කතමානි පඤ්ච?
Sinhala BJT7. මහණෙනි, මාගමක විසින් වේ ව යි, පිරිමියකු විසින් වේ ව යි, ගිහියකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි මෙ කරුණු පස නිරතුරු පස්විකිය යුතු. කවර පසෙක යත්:
Pali BJTජරාධම්මොම්හි ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJT‘ජරා ස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්දකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
Pali BJTව්යාධිධම්මොම්හි ව්යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJT‘ව්‍යාධි ස්වභාව ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිදියකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
Pali BJTමරණධම්මොම්හි මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමරණ ස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම් වෙමැ’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, පැවිද්කකු විසින් වේ ව යි නිතර පස්විකිය යුතු.
Pali BJT‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJT‘මාගේ හැම ප්‍රියයන් කෙරෙන් මනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් වේ ව යි, පුරුෂයකු විසින් වේ ව යි, ගෘහස්ථයකු විසින් වේ ව යි, ප්‍රව්‍රජිතයකු විසින් වේ ව යි නිතර පස්විකුම් කටයුතු.
Pali BJT‘කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමී’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJT‘කර්‍මය ස්වකීය කොට ඇතියෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්ති කාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කලණ වේ ව යි, ලමු වේ ව යි, යම් ම කර්‍මයක් කරන්නෙම් නම්, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස්විකුම් කටයුතු.
Pali BJTකිඤ්ච භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘ජරාධම්මොම්හි ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථී භික්ඛවෙ සත්තානං යොබ්බනෙ යොබ්බනමදො යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො යොබ්බනෙ යොබ්බනමදො සො සබ්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘ජරාධම්මොම්හි ජරං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමහණෙනි, කරව අර්‍ත්‍ථයක් පිණිස ‘ජරාස්වභාව ඇතියෙම්, ජරාව තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර නුවණින් මෙනෙහි කටයුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුශ්චරිත කෙරෙත් නම්, වචනයෙන් දුශ්චරිත කෙරෙත් නම්, මනසින් දුශ්චරිත කෙරෙත් නම්, සත්නට එබඳු යෞවනයෙහි යොවුන් ඇරැබ උපන් මදයෙක් ඇත. එ කරුණ නිතර පස්විකන ඔහුගේ යොවුනෙහි යම් යෞවනමදයෙක් වේ නම් එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ පිණිස ‘ජරාස්වභාව ඇතියෙම් ජරාව නො ඉක්මවූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර පස්විකිය යුතු
Pali BJTකිඤ්ච භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘ව්යාධිධම්මොම්හි ව්යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි භික්ඛවෙ සත්තානං ආරොග්යෙ ආරොග්යමදො යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො ආරොග්යෙ ආරොග්යමදො සො සබ්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘ව්යාධිධම්මොම්හි ව්යාධිං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමහණෙනි, කවර කරුණක් පිණිස ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ ‘ව්‍යාධිස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්මවූයෙමි වෙමි’යි නිතර පස්විකිය යුතු ය යත්: මහණෙනි, යම් මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, මනසින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ආරෝග්‍යයෙහි එබඳු ආරෝග්‍යමදයෙක් ඇත. එ කරුණ නිතර නුවණින් මෙනෙහි කරණ ඔහට ආරෝග්‍යය නිමිති කොට ආරෝග්‍යමදයෙක් (උපදනේ) වේ නම්, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘ව්‍යාධිය ස්වභාව කොට ඇතියෙම්, ව්‍යාධිය තුළ ම වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර පස් විකිය යුතු.
Pali BJTකිඤ්ච භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘මරණධම්මොම්හි මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි භික්ඛවෙ සත්තානං ජීවිතෙ ජීවිතමදො යෙන මදෙන මත්තා කායෙන දුච්චරිතං චරන්ති වාචාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො ජීවිතෙ ජීවිතමදො සො සබ්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘මරණධම්මොම්හි මරණං අනතීතො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමහණෙනි, කවර කරුණක් පිණිස ‘මරණ ධර්‍මය ඇතියෙම් මරණය තුළ වූයෙම් වෙමි’යි ස්ත්‍රියක විසින් වේව යි, පුරුෂයකු විසින් වේව යි, ගෘහස්ථයකු විසින් වේව යි, පැවිද්දකු විසින් වේව යි නිතර පස්විකිය යුතුය යත්: මහණෙනි, යම් ජීවිත මදයෙකින් මත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම්, බසින් දුසිරිත් කෙරෙත් නම්, සිතින් දුසිරිත් කෙරෙත් නම්, සත්ත්‍වයනට ජීවිතයෙහි එබඳු ජීවිත මදයෙක් ඇත. එ කරුණ පස්විකන ඔහට ජීවිතයෙහි යම් ජීවිතමදයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි ‘මරණ ධර්‍මයෙමි, මරණය නො ඉක්මියෙම් වෙමි’යි නිතර පස්විකිය යුතු ය.
Pali BJTකිඤ්ච භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි භික්ඛවෙ සත්තානං පියෙසු ඡන්දරාගො යෙන රාගෙන රත්තා කායෙන දුච්චරිතං චරන්ති චාවාය දුච්චරිතං චරන්ති මනසා දුච්චරිතං චරන්ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො යො පියෙසු ඡන්දරාගො සො සබ්බසො වා පහීයති, තනු වා පන හොති. ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘සබ්බෙහි මෙ පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමහණෙනි, කවර කරුණක් පිණිස ‘මාගේ හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කට යුතු ය යත්: මහණෙනි, යම් රාගයෙකින් රත් වූවාහු කයින් දුසිරිත් කෙරෙත් නම් බසින් දුසිරිත් කෙරෙත් නම් සිතින් දුසිරිත් කෙරෙත් නම් සත්ත්‍වයනට ප්‍රියයන් කෙරෙහි එබඳු ඡන්‍දරාගයෙක් ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට ප්‍රියයන් කෙරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, එය සර්‍වප්‍රකාරයෙන් හෝ ප්‍රහීණ වෙයි. තුනී හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘හැම ප්‍රියමනාපයන් කෙරෙන් මාගේ නානාභාවය විනාභාවය වේ ය’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ ප්‍රව්‍රජිතයකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJTකිඤ්ච භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනී කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමි’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා? අත්ථි භික්ඛවෙ සත්තානං කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො සබ්බසො වා තං පහීයති, තනු වා පන හොති ඉදං ඛො භික්ඛවෙ අත්ථවසං පටිච්ච ‘කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනී කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමි’ති අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං ඉත්ථියා වා පුරිසෙන වා ගහට්ඨෙන වා පබ්බජිතෙන වා.
Sinhala BJTමහණෙනි, කවර කරුණක් පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්. කර්‍මය යෝනි කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි. කල්‍යාණ වූ හෝ ලාමක වූ හෝ යම් ම කර්‍මයක් කරම් නම් එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් හෝ පුරුෂයකු විසින් හෝ ගෘහස්ථයකු විසින් හෝ පැවිද්දකු විසින් හෝ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු ය යත්: මහණෙනි, සත්ත්‍වයන්ගේ කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඇත. එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට එය සර්‍වප්‍රකාරයෙන් ප්‍රහීණ හෝ වෙයි. තුනු හෝ වෙයි. මහණෙනි, මෙ කරුණ ම පිණිස ‘කර්‍මස්වකයෙම්, කර්‍මදායාදයෙම්, කර්‍මයෝනි කොට ඇතියෙම්, කර්‍ම බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය පිළිසරණ කොට ඇතියෙම් වෙමි, කල්‍යාණ වේවයි, ලාමක වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් ද, එයට දායාද වෙමි’යි ස්ත්‍රියක විසින් වේවයි, පුරුෂයකු විසින් වේවයි, ගෘහස්ථයකු විසින් වේවයි, පැවිද්දකු විසින් වේවයි නිතර ප්‍රත්‍යවේක්‍ෂා කටයුතු.
Pali BJTස ඛො සො භික්ඛවෙ අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: න ඛො අහඤ්ඤෙවෙකො ජරාධම්මො ජරං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙ සත්තා ජරාධම්මා ජරං අනතීතා’ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන්ති,{1} අනුසයා ව්යන්තී හොන්ති.
Sinhala BJTමහණෙනි, එ අරිසවු මෙසේ නුවණින් සලකයි: ‘එකලා මම් ම ජරාධර්‍මයෙම් ජරාව නො ඉක්ම සිටියෙම් නො වෙමි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ ජරාධර්‍මයහ, ජරාව නො ඉක්ම සිටියහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණුවහට ලෝකෝත්තර මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩනේ ය, බහුල විසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලිවිසින් කරණ ඔහුගේ දශසංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJTන ඛො අහඤ්ඤෙවෙකො ව්යාධිධම්මො ව්යාධිං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙ සත්තා ව්යාධිං අනතීතා’ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති, සො තං මග්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන්ති.{1} අනුසයා ව්යන්ති හොන්ති.
Sinhala BJT‘එකලා මම් ම ව්‍යාධිය සැහැවි කොට ඇතියෙම්, ව්‍යාධිය නො ඉක්ම වූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම් එ හැම සත්හු ව්‍යාධිධර්‍මයහ. ව්‍යාධිය නො ඉක්ම සිටිහය’යි නිතර එ කරුණ ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ මාර්‍ගය ආසෙවිත කෙරෙයි, භාවිත කෙරෙයි, බහුලීකෘත කෙරෙයි. එ මාර්‍ගය සේවනය කරණ, වඩන, බහුල කරණ, ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJT‘න ඛො අහඤ්ඤෙවෙකො මරණධම්මො මරණං අනතීතො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙ සත්තා මරණධම්මා මරණං අනතීතා’ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන්ති. අනුසයා ව්යන්තී හොන්ති.
Sinhala BJT‘එකලා මම් ම මරණස්වභාව ඇතියෙම් මරණය නො ඉක්මවූයෙම්, නො වෙමි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ නම්, එ හැම සත්හු මරණස්වභාවය ඇතියාහු මරණය නො ඉක්මවූවාහු වෙති’යි එකරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හෙ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJT‘න ඛො මය්හමෙවෙකස්ස සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙසං සත්තානං පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො’ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති භාවෙති බහුලීකරොති. තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන්ති. අනුසයා ව්යන්තී හොන්ති.
Sinhala BJT‘එකලා මට ම හැම ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය නො වේ මැ යි. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ප්‍රියමනාපයන් කෙරෙන් නානාභාවය විනාභාවය වේ ය’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරණ ඔහට මාර්‍ගය උපදනේ ය. හේ එ මඟ සෙවුනේ ය. වඩන්නේ ය. බහුලවිසින් කරන්නේ ය. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහුගේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙත්.
Pali BJT‘න ඛො අහඤ්ඤෙවෙකො කම්මස්සකොම්හි කම්මදායාදො කම්මයොනි කම්මබන්ධු කම්මපටිසරණො යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදො භවිස්සාමි, අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති සබ්බෙ සත්තා කම්මස්සකා කම්මදායාදා කම්මයොනී කම්මබන්ධු කම්මපටිසරණා, යං කම්මං කරිස්සන්ති කල්යාණං වා පාපකං වා, තස්ස දායාදා භවිස්සන්තී’ති තස්ස තං ඨානං අභිණ්හං පච්චවෙක්ඛතො මග්ගො සඤ්ජායති. සො තං මග්ගං ආසෙවති, භාවෙති, බහුලීකරොති තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො සංයොජනා පහීයන්ති. අනුසයා ව්යන්තී හොන්තී’ති.
Sinhala BJT‘එකලා මම් ම කර්‍මස්වකයෙම්, කර්‍මය දායාද කොට ඇතියෙම්, කර්‍මය උත්පත්තිකාරණ කොට ඇතියෙම්, කර්‍මය බන්‍ධු කොට ඇතියෙම්, කර්‍මය ප්‍රතිශරණ කොට ඇතියෙම්, කලණ වේවයි, ලමු වේවයි යම් ම කර්‍මයක් කෙරෙම් නම්, එයට දායාදයෙම් නො වෙමි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සත්ත්‍වයෝ කර්‍මස්වකයහ. කර්‍මදායාදහය. කර්‍මයෝනියහ. කර්‍මබන්‍ධුයහ: කර්‍මප්‍රතිශරණයහ. කලණ වේවයි, ලමු වේවයි, යම් කර්‍මයක් කෙරෙත් නම්, එයට දායාද වන්නාහ’යි එ කරුණ නිතර ප්‍රත්‍යවේක්‍ෂා කරන ඔහට මඟ උපදනේ ය. හෙ එ මඟ ආසේවන කෙරෙයි. භාවිත කෙරෙයි. බහුලීකෘත කෙරෙයි. එ මඟ සෙවුනා වඩනා බිහිලි කරණ ඔහට සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. අනුශයයෝ විගතාන්ත වෙති යි.
Pali BJT7. ව්යාධිධම්මා ජරාධම්මා අථො මරණධම්මිනො, යථා ධම්මා තථා සන්තා{1} ජිගුච්ඡන්ති පුථුජ්ජනා.
Sinhala BJT7. ව්‍යාධිය ස්වභාව කොට ඇති, ජරාව ස්වභාව කොට ඇති, වැලිත් මරණය ස්වභාව කොට ඇති පෘථග්ජනයෝ සැහැවිදහම්හු යම් බඳු වෙත් නම්, එබඳු සැහැවි ඇතියාහු ම (එබඳු අන්‍යයනට) ජුගුප්සා කෙරෙත්.
Pali BJT8. අහඤ්චෙතං ජිගුච්ඡෙය්යං එවං ධම්මෙසු පාණිසු, න මෙතං පතිරූපස්ස මම එවං විහාරිනො.
Sinhala BJT8. මෙබඳු සැහැවි ඇති ප්‍රාණීන් කෙරෙහි ඉදින් මම් තෙල පුඟුල් හෙළා දක්නෙම් නම්, මෙබඳු සැහැවියෙන් වාස කරණ මට තෙල නිසි නො වන්නේය.
Pali BJT9. සොහං එවං විහරන්තො ඤත්වා ධම්මං නිරූපධිං, ආරොග්යෙ යොබ්බනස්මිඤ්ච ජීවිතස්මිඤ්ච යෙ මදා,
Sinhala BJT9. මෙසේ වසන එ මම උපධි රහිත අර්‍හත්මාර්‍ගය දැන ආරෝග්‍යයෙහිදු යෞවනයෙහිදු ජීවිතයෙහිදු යම් මදකෙනෙක් වෙත් නම්,
Pali BJT10. සබ්බෙ මදෙ අභිභොස්මි නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො තස්ස මෙ අහු උස්සාහො නිබ්බානං අභිපස්සතො.
Sinhala BJT10. නෛෂ්ක්‍රම්‍ය සඞ්ඛ්‍යාත පැවිද්ද ක්‍ෂේම විසින් දැක හැම මදයන් මැඩ සිටිනෙම් වෙමි. නිර්‍වාණය මොනොවට දක්නා එමට උත්සාහ සඞ්ඛ්‍යාත සම්‍යක් ව්‍යායාමය විය.
Pali BJT11. නාහං භබ්බො එතරහි කාමානි පතිසෙවිතුං, අනිවත්තී භවිස්සාමි බ්රහ්මචරියපරායණොති.
Sinhala BJT11. දැන් මම් කාමයන් සෙවුනට භව්‍ය නො වෙම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පරායණ කොට ඇතියෙම්, නො නවත්නාසුලු වන්නෙමි යි.
Pali BJT5. 2. 1. 8.
Sinhala BJT5. 2. 1. 8.
Pali BJT[ලිච්ඡවිකුමාරසුත්තං]
Sinhala BJT[ලිච්ඡවිකුමාර සූත්‍රය]
Pali BJT8. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලියං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො මහාවනං අජ්ඣොගහෙත්වා{1} අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJT8. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවනවෙහෙර කුළාරපහයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ වේසාලියෙහි පිඬු පිණිස පිවිසි සේක. වේසාලියෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩිසේක් මහාවනයට පිවිස ගෙණ අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි දිවාවිහාරයට වැඩහුන් සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා ලිච්ඡවිකුමාරකා සජ්ජානි ධනූනි ආදාය කුක්කුරසඞ්ඝපරිවුතා මහාවනෙ අනුචඞ්කමමානා අනුවිචරමානා අද්දසංසු භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිවාවිහාරං.{2} දිස්වාන සජ්ජානි ධනූනි නික්ඛිපිත්වා කුක්කුරසඞ්ඝං එකමන්තං උය්යොජෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා තුණ්හීභූතා තුණ්හීභූතා පඤ්ජලිකා භගවන්තං පයිරුපාසන්ති.
Sinhala BJTඑ සමයෙහි බොහෝ ලිච්ඡවි කුමාරයෝ දියනැඟි දුනු ගෙණ කුකුරු (සුනඛ) ගණා විසින් පිරිවරණ ලදුවෝ මහවෙනෙහි අනුචඞ්ක්‍රමණ කරන්නාහු ඇවිදුනාහු එක්තරා රුක්මුලෙක දිවාවිහාරයට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටහ. දැක සහදියදුනු බහා තබා කුකුරුගණා එකත්පසෙක යවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ තුෂ්ණීම්භූත වූවාහු බැඳැඳිලි ඇතියාහු භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරත්.