Pali BJT“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපො මෙ භන්තෙ පල්ලඞ්කො ගොණකත්ථතො පටිකත්ථතො පටලිකත්ථතො කාදලිමිගපවරපච්චත්ථරණො{2} සඋත්තරච්ඡදො උභතො ලොහිතකූපධානො. අපි ච භන්තෙ මයම්පෙතං ජානාම ‘නෙතං භගවතො කප්පතී’ති. ඉදං මෙ භන්තෙ චන්දනඵලකං අග්ඝති අධිකං සහස්සං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මන වඩන දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලද. හමුයෙන් පිළිගන්නා ලද. වහන්ස, මට (සිවු අඟලකට වැඩි ලොම් ඇති) කළු කොඳුපලස් අතුළ, එළුලොම්මුවා සුදු ඇතිරි අතුළ, ඝනපුප් ඇති එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සම් ඇතිරි අතුළ, (රත්) උඩුවියන් සහිත වූ, දෙපස තැබූ රත්කන්වයින් ඇති පලඟ මන වඩනේ ය. වහන්ස, එතෙකුදුවත් ‘තෙලෙ භාග්‍යවතුන් වහන්සේට කැප නො වෙයි’ යන මෙ කරුණ අපි දු දනුම්හ. වහන්ස, මාගේ මේ සඳුන්පුවරුකඩ අයිරාදහසක් අගනේ ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ චන්‍දනඵලකය පිළිගන්නා සේක්ව” යි බුදුහු අනුකම්පා පෙරදැරි කොට එය පිළිගත්හ.
Pali BJTඅථ ඛො භගවා උග්ගං ගහපතිං වෙසාලිකං ඉමිනා අනුමොදනීයෙන අනුමොදි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසල්පුරවැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කළ සේක:
Pali BJT46. මනාපදායී ලභතෙ මනාපං යො උජ්ජුභූතෙසු දදාති ඡන්දසා, අච්ඡාදනං සයනමථන්නපානං{3} නානප්පකාරානි ච පච්චයානි.
Sinhala BJT46. මන වඩන දැ දෙනුයේ මන වඩන දැයක් ලබයි. යමෙක් කායාදීන් ඍජු වූවන් විෂයෙහි ප්‍රේමයෙන් යුක්ත ව හඳනා පොරෝනා වස්ත්‍ර ද ශයනාසන ද යළි ආහාරපාන ද නන් වැදෑරුම් ප්‍රත්‍යය ද දෙයි ද -
Pali BJT47. චත්තඤ්ච මුත්තඤ්ච අනග්ගහීතං{4} ඛෙත්තූපමෙ අරහන්තෙ විදිත්වා, සො දුච්චජං සප්පුරිසො චජිත්වා මනාපදායී ලභතෙ මනාපන්ති.
Sinhala BJT47. රහතුන් (පුණ්‍යවිරූහණාර්‍ත්‍ථයෙන්) ක්‍ෂේත්‍රසදෘශ කොට සලකා සිතින් අගෘහීත ව (අපේක්‍ෂාරහිත ව) පරිත්‍යාග කරණ ලද්දේත් මුදන ලද්දේත් වේ ද, ත්‍යාගයට දුෂ්කර දැන ත්‍යාග කොට දෙන ඒ සත්පුරුෂ මන වඩන දැය ලබා”යී.
Pali BJTඅථ ඛො භගවා උග්ගං ගහපතිං වෙසාලිකං ඉමිනා අනුමොදනීයෙන අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො අපරෙන සමයෙන කාලමකාසි. කාලකතො ච උග්ගො ගහපති වෙසාලිකො අඤ්ඤතරං මනොමයං කායං උපපජ්ජී.
Sinhala BJTඅනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසාලානුවර වැසි උග්‍ර ගෘහපතිහු මේ අනුමෝදනායෙන් අනුමෙවුනී කොට හුනස්නෙන් නැඟී නික්මුනු සේක. ඉක්බිති විසාලාවැසි උග්‍ර ගෘහපති පසු කලෙක කලුරිය කෙළේ ය. තවද කලුරිය කළා වූ ම විසල්වැසි උග්‍ර ගෘහපති ධ්‍යාන සිතින් උපන් එක්තරා (සුද්ධාවාස) දේවකායකට පිළිසඳ විසින් පැමිණියේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ අථ ඛො උග්ගො දෙවපුත්තො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො උග්ගං දෙවපුත්තං භගවා එතදවොච:
Sinhala BJTඑ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එ කල්හි උග්‍ර දේවපුත්‍ර මධ්‍යමරාත්‍රිය පැමිණි කල්හි මන වඩනා සිරුරුපැහැ ඇති ව සියලු දෙව්රම් වෙහෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි උග්‍ර දේවපුත්‍ර හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJT‘කච්චි තෙ උග්ග යථාධිප්පායො’ති. ‘තග්ඝ මෙ භන්තෙ යථාධිප්පායො’ති.
Sinhala BJT‘කිම උග්‍රය, තොපගේ අදහස් වූ පරිදි වී දැ’යි. ‘වහන්ස, ඒකාන්තයෙන් මාගේ අදහස් වූ පරිදි වී යැ’යි.
Pali BJTඅථ ඛො භගවා උග්ගං දෙවපුත්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑ කල්හි බුදුහු උග්‍ර දේවපුත්‍ර හට ගාථායෙන් වදාළහ:
Pali BJT48. මනාපදායී ලභතෙ මනාපං අග්ගස්ස දාතා ලභතෙ පුනග්ගං, වරස්ස දාතා වරලාභි හොති සෙට්ඨන්දදො සෙට්ඨමුපෙති ඨානං.
Sinhala BJT48. මනාප දෑ දෙනුයේ මනාප දෑ ලබයි. අග්‍ර වූ දැය දෙනුයේ පෙරළා අග්‍ර වූ සුව ලබයි. උතුම් දැය දෙනුයේ උතුම් දැය ලබන්නේ වෙයි. ශ්‍රේෂ්ඨය දෙනුයේ ශ්‍රේෂ්ඨ වූ ස්වර්‍ගස්ථානයට පැමිණේ.
Pali BJT49. යො අග්ගදායී වරදායී සෙට්ඨදායී ච යො නරො, දීඝායු යසවා හොති යත්ථ යත්ථූපපජ්ජතී”ති.
Sinhala BJT49. යමෙක් අග්‍රදායී වරදායී වේ ද, යම් මිනිසෙක් ශ්‍රේෂ්ඨදායීත් වේ ද, හේ යම් යම් තැනෙක උපදනේ නම් දීර්‍ඝායු ඇත්තේ යශස් ඇත්තේ වේ ය යි.
Pali BJT5. 1. 5. 5.
Sinhala BJT5. 1. 5. 5.
Pali BJT[පුඤ්ඤාභිසන්දසුත්තං]
Sinhala BJT[පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT45. පඤ්චිමෙ භික්ඛවෙ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ පඤ්ච?
Sinhala BJT45. මහණෙනි, සුව එළවන, අග්‍ර රූපාදි සම්පත් මොනවට ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ (කුශලොපපත්තීහු) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු චීවරං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ සිවුරු වළඳ කරන මහණෙක් අප්‍රමාණ අර්‍හත්ත්‍වඵලසමාධිය උපයාගෙන වෙසේ ද ඒ දායක හට සුව එළවන, මනා අග්‍ර රූපාදිසම්පත් දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශලප්‍රවාහයෙක් වෙයි.
Pali BJTයස්ස භික්ඛවෙ භික්ඛු පිණ්ඩපාතං පරිභුඤ්ජමානො -පෙ- විහාරං පරිභුඤ්ජමානො -පෙ- මඤ්චපීඨං පරිභුඤ්ජමානො අප්පමාණං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති, අප්පමාණො තස්ස පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, යම් දායකයකුගේ පිඬුවා වළඳ කරන මහණෙක් ... වෙහෙර වළඳ කරන මහණෙක් ... මැසි පුටු වළඳ කරන මහණෙක් ... ගිලන්පස බෙහෙසත්පිරිකර වළඳ කරන මහණෙක් අප්‍රමාණඅර්‍හත්ත්‍වඵලසමාධියට එළඹ වෙසේ ද, ඔහට සුව එළවන, ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන, සුඛවිපාක ඇති, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා අප්‍රමාණ පුණ්‍යප්‍රවාහයෙක් කුශල ප්‍රවාහයෙක් වෙයි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, සුඛය ගෙණ දෙන ස්වග්‍රසම්පත් පිණිස වැටෙන, සුඛවිපාකාවහ වූ, ස්වර්‍ගය පිණිස පවත්නා, ඉෂ්ටබව පිණිස කාන්ත බව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා මේ පුණ්‍යප්‍රවාහයෝ කුශලප්‍රවාහයෝ පස් දෙන ය.
Pali BJTඉමෙහි ච පන භික්ඛවෙ පඤ්චහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං: “එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී”ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුව එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛ විපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිත පිණිස සුඛ පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පුණ්‍යප්‍රමාණය ගන්නට සුකර නො වේ. වැලිත් අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහාපුණ්‍යස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යෙයි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගහෙතුං ‘එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානී’ති වා. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධො ත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ ඉමෙහි පඤ්චහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගහෙතුං ‘එත්තකො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තතී’ති. අථ ඛො අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො ත්වෙව සඞ්ඛං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, දියලහ මෙ තෙකැයි හෝ දියලහසිය මෙ තෙකැයි හෝ දියලහදහස් මෙ තෙකැයි හෝ දියලහසුවහස් මෙ තෙකැයි හෝ යම්සේ මහමුහුදෙහි දිය පමණ ගන්නට නො හැකි වේ ද, අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් උදකස්කන්‍ධයෙක් ම යැ යි ගණනට යේ ද, මහණෙනි, එ පරිදි ම මේ පඤ්චපුණ්‍යප්‍රවාහයෙන් කුශලප්‍රවාහයෙන් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවකයාගේ - “සුඛ එළවන ස්වග්‍රරූපාදිසම්පත් ගෙණ දෙන සුඛවිපාක ඇති ස්වර්‍ගය පිණිස පවත්නා ඉෂ්ටබව පිණිස කාන්තබව පිණිස මන වඩන පිණිස හිතය පිණිස සුඛය පිණිස පවත්නා පුණ්‍යප්‍රවාහය කුශලප්‍රවාහය මෙ තෙක” කියා පින්පමණ ගන්නට සුකර නො වේ. අසඞ්ඛ්‍යෙය වූ අප්‍රමේය වූ මහත් පුණ්‍යස්කන්‍ධයෙක් ම ය යි ගණනට යෙයි.
Pali BJT50. මහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං, නජ්ජො යථා නරගණ සඞ්ඝසෙවිතා{1} පුථූ සවන්තී උපයන්ති සාගරං.
Sinhala BJT50. අපරිමිත වූ බොහොබිහිසුනු අරමුණු ඇති සත්රුවන්ගණට නිවෙස් වූ මහදියකඳ ඇති සයුරුමහදහතළාව කරා නරගණසමූහයා විසින් සෙවුනා ලද බොහෝ කොට ගලන නදීහු යම්සේ වැදගණිද්ද,
Pali BJT51. එවං නරං අන්නදපානවත්ථදං සෙය්යා නිසජ්ජත්ථරණස්ස දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
Sinhala BJT51. එ පරිදි ම අන්නපානවස්ත්‍රදායක වූ ශය්‍යානිෂද්‍යාස්තරණදායක වූ පණ්ඩිත මිනිසා කරා පුණ්‍යධාරාවෝ වැදගණිත්. දිය වහන නදීන් සයුර කරා වැදගන්නාක් සෙයිනි.
Pali BJT5. 1. 5. 6.
Sinhala BJT5. 1. 5. 6.
Pali BJT[පඤ්චසම්පදාසුත්තං]
Sinhala BJT[පඤ්චසම්පදා සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT46. පඤ්චිමා භික්ඛවෙ සම්පදා. කතමා පඤ්ච?
Sinhala BJT46. මහණෙනි, මේ සම්පත්හු පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTසද්ධාසම්පදා, සීලසම්පදා, සුතසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදා. ඉමා ඛො භික්ඛවෙ පඤ්ච සම්පදාති.
Sinhala BJTශ්‍රද්ධාසම්පත් ය, ශීලසම්පත් ය, ශ්‍රැතසම්පත් ය, ත්‍යාගසම්පත් ය, ප්‍රඥාසම්පත් ය. මහණෙනි, මේ පඤ්චසම්පත්හු යි.
Pali BJT5. 1. 5. 7.
Sinhala BJT5. 1. 5. 7.
Pali BJT[පඤ්චධනසුත්තං]
Sinhala BJT[පඤ්චධන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT47. පඤ්චිමානි භික්ඛවෙ ධනානි. කතමානි පඤ්ච? සද්ධාධනං, සීලධනං, සුතධනං, චාගධනං, පඤ්ඤාධනං
Sinhala BJT47. මහණෙනි, මේ ධනයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්: ශ්‍රද්ධාධන ය, ශීලධන ය, ශ්‍රැතධන ය, ත්‍යාගධනය, ප්‍රඥාධන යි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සද්ධාධනං? ඉධ භික්ඛවෙ අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ සද්ධාධනං.
Sinhala BJTමහණෙනි, ශ්‍රද්ධාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැති වෙයි. තථාගතයන් වහන්සේගේ සම්බෝධිය හදහයි: “මේ මේ කරුණින් ඒ භාග්‍යවත්හු අර්‍හත්හ ... දෙවිමිනිස්නට ශාස්තෘයහ. සියුසස් අවබෝධ කළහ. භාග්‍යවත්හ”කියා යි. මහණෙනි, මේ ශ්‍රද්ධාධනය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සීලධනං? ඉධ භික්ඛවෙ අරියසාවකො පාණාතිපාතා පටිවිරතො හොති -පෙ- සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති ඉදං වුච්චති භික්ඛවෙ සීලධනං.
Sinhala BJTමහණෙනි, ශීලධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පණිවායෙන් දුරු වූයේ වෙයි. ... මදපමාදෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශීලධනය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සුතධනං? ඉධ භික්ඛවෙ අරියසාවකො බහුස්සුතො හොති. (යෙ තෙ ධම්මා -පෙ- කෙවලපරිපුණ්ණං බ්රහ්මචරියං පකාසෙන්ති. තථාරූපාස්ස ධම්මා) -පෙ-{*} දිට්ඨියා සුප්පටිවිද්ධා. ඉදං වුච්චති භික්ඛවෙ සුතධනං.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වෙයි ... යම් ඒ දහම්හු ... කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙද්ද, එබඳු දහම්හු ඔහු විසින් ... ප්‍රඥාවෙන් සුප්‍රවිදිත වෙති. මහණෙනි, මේ ශ්‍රැතධනය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ චාගධනං? ඉධ භික්ඛවෙ අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉදං වුච්චති භික්ඛවෙ චාගධනං.
Sinhala BJTමහණෙනි, ත්‍යාගධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක පැහූමල හා මසුරු ඇති සිතින් අගාරයෙහි වෙසෙයි. වුහුටු තෑගි ඇති වෙයි. දන් දෙනුවට දෙවි අත් ඇති වෙයි. දීමෙහි ඇලුම් ඇති වෙයි. යදනට නිසි වෙයි. දේයධර්‍මසංවිභාගයෙහි ඇලුම් ඇති වෙයි. මහණෙනි, මේ ත්‍යාගධනය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ පඤ්ඤාධනං? ඉධ භික්ඛවෙ අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ පඤ්ඤාධනං.
Sinhala BJTමහණෙනි, ප්‍රඥාධන කවරේ ය? මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රඥාවත් වෙයි. ආර්‍ය්‍ය වූ නිර්වේධක වූ සම්‍යග්දුඃඛක්‍ෂයගාමී වූ උදයාස්තගාමී වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ ප්‍රඥාධනය යි කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච ධනානීති.
Sinhala BJTමහණෙනි, මේ පඤ්චධනයෝ යි.
Pali BJT52. යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJT52. යමකුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි (මූලජාතවශයෙන්) සුපිහිටියා අචල වේ ද, යමකුගේ ශීලයත් කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට කාන්ත වූයේ පසස්නා ලද වේ ද,
Pali BJT53. සඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතඤ්ච දස්සනං, අදලිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT53. යමකුහට සඟුන් කෙරෙහි ප්‍රසාදය ඇත් ද, ඍජු දර්‍ශන (සම්‍යග්දෘෂ්ටි) ඇත් ද, ඔහු නොදිළිඳු ය යි කීහු. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
Pali BJT54. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනං.
Sinhala BJT54. එහෙයින් නුවණැතියේ බුදුන්ගේ අනුශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධා හා ශීල හා ප්‍රසාද හා ධර්‍මදර්‍ශන හා පුනපුනා යෙදෙන්නේ ය.
Pali BJT5. 1. 5. 8.
Sinhala BJT5. 1. 5. 8.
Pali BJT[අලබ්භනීයඨානසුත්තං]
Sinhala BJT[අලබ්භනීයඨාන සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සාවත්‍ථිනිදාන යි:]
Pali BJT48. පඤ්චිමානි භික්ඛවෙ අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. කතමානි පඤ්ච?
Sinhala BJT48. මහණෙනි, ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි, අන් කිසිවකු විසින් වේවයි නො ලද හැකි කරුණු පසෙකි. කවර පසෙක යත්:
Pali BJT‘ජරාධම්මං මා ජීරීති’ අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ‘ව්යාධිධම්මං මා ව්යාධීයී’ති -පෙ- ‘මරණධම්මං මා මීයී’ති -පෙ- ‘ඛයධම්මං මා ඛීයී’ති -පෙ- ‘නස්සනධම්මං මා නස්සී’ති අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
Sinhala BJT“(මාගේ) ජරාධර්‍මය (ජරා ස්වභාව මා) නහමක් දිරාවා” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, අන් කවර කෙනකුදු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි. මාගේ ව්‍යාධිධර්‍මය මා නහමක් පෙළාවායි යනු ... මරණධර්‍මය නහමක් මියේවා”යි යනු ... ක්‍ෂයධර්‍මය නහමක් ක්‍ෂය කෙරේවා යි යනු ... නස්නා ස්වභාවය නහමක් නැසේවා යි” යනු ලොව්හි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බඹකු විසින් වේවයි අන් කවරකු විසින් වේවයි නො ලද හැකි කරුණෙකි.
Pali BJTඅස්සුතවතො භික්ඛවෙ පුථුජ්ජනස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ න ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස{1} ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති’ සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහඤ්චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො ජරාධම්මෙ ජිණ්ණෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙති.
Sinhala BJTමහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම හෙ මෙසේ නුවණින් නො විමසයි: “එකලා මාගේ ම ජරාධර්‍මය නො දිරයි. වැලි යම් තාක් සත්ත්‍වයන්ගේ (ඉධාගමන සඞ්ඛ්‍යාත) ආගතිය (පරලෝක) ගතිය, ච්‍යුතිය, උපපත්තිය වේ නම් එ තාක් සියලු සත්ත්‍වයන්ගේ ජරාධර්‍මය දිරන්නේ ය. ජරාධර්‍මය දිරත් ම මමත් ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය වැදගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටුසිතැත්තාහු වන්නාහ” කියා යි. හෙ ජරාධර්‍මය දිරත් ම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. පරිදේවනා කරයි. ළෙහි අත් පැහැර හඬයි. සිහිමුළාවට යෙයි. මහණෙනි, මෙ අශ්‍රැතවත් පෘථග්ජන විසැති සෝහුලින් විදුනා ලදුයේ ම තමන් තවා ය යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස බ්යාධිධම්මං බ්යාධීයති -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ න ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං සත්තානං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො නස්සනධම්මෙ නට්ඨෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙති.
Sinhala BJTතව ද මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණධර්‍මය මැරේ ... ක්‍ෂයධර්‍මය ක්‍ෂීණ වේ ... නස්නා ධර්‍මය නැසේ. හේ නස්නාසැහැවිය නැසෙත් ම මෙසේ නුවණින් නො විමසන්නේ ය: “එකලා මාගේ ම නස්නා ධර්‍මය නො නස්නේ ය. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය, ගතිය, ච්‍යුතිය, උපප්‍රාප්තිය වේ නම්, එ තාක් හැම සතුන්ගේ නස්නා ධර්‍මය නස්නේ ය. මමත් නශ්‍යමානධර්‍මය නසුත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම් පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සම්මෝහයට යෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය වදනේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිතුරෝ ද සතුටු සිතැත්තාහු වන්නාහ. මිතුරෝ ද නොසතුටු සිතැත්තාහු වන්නාහ’ කියා යි. නස්නාසැහැවිය නසුත් ම හෙ ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත් පැහැර හඬයි. සම්මෝහයට යෙයි. මහණෙනි මෙ අශ්‍රැතවත් පෘථග්ජන විෂ සහිත ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ ආත්මභාවය තවනේ ය යි කියනු ලැබේ.
Pali BJTසුතවතො ච ඛො භික්ඛවෙ අරියසාවකස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහඤ්චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්යං. කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය, කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො ජරාධම්මෙ ජිණ්ණෙ න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ අරියසාවකො අබ්බහී{1} සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙති.
Sinhala BJTමහණෙනි, ශ්‍රැතවත් අරීසවුහුගේ ද ජරාධර්‍මය දිරන්නේ ය. හෙ ජරා ධර්‍මය දිරත් ම මෙසේ නුවණින් විමසා බලයි. “හුදෙකලා මාගේ ම ජරා ධර්‍මය නො දිරන්නේ ය. වැලිත් යම් තාක් සත්ත්‍වයන්ගේ ඊම, යාම, මැරීම, උපදීම වේ නම්, එ තාක් හැම සත්ත්‍වයන් ගේ ජරාධර්‍මය දිරයි. මමත් ජරාධර්‍මය දිරත් ම ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කරම් නම්, ළෙහි අත් පැහැර හඬම් නම්, සිහිමුළාවට පැමිණෙම් නම්, මට බතුදු නො රුස්නේ ය. කයෙහිත් දුර්‍වර්‍ණභාවය වැද ගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නොසතුටු වන්නාහ” කියා යි. හෙ ජරාධර්‍මය දිරත් ම ශෝක නො කරයි. ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කෙරෙයි. ළෙහි අත් හැහැර නො හඬයි. සම්මෝහයට නො යෙයි. මහණෙනි, මෙ අරීසවු යම් සෝහුලෙකින් අශ්‍රැතවත් පෘථග්ජන ආත්මභාවය තවා නම්, එ සවිෂ ශෝකශල්‍ය උදුළේ ය යි කියනු ලැබේ. ශෝක නැතියේ විගතශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක ආත්මභාවය පිරිනිවන්නේ (නිවාලන්නේ) ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ සුතවතො අරියසාවකස්ස ව්යාධිධම්මං ව්යාධීයති -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ ඉති පටිසඤ්චික්ඛති: “න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථ ඛො යාවතා සත්තානං ආගති, ගති, චුති, උපපත්ති, සබ්බෙසං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙ පි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං. අමිත්තාපි අත්තමනා අස්සු. මිත්තාපි දුම්මනා අස්සූ”ති. සො නස්සනධම්මෙ නට්ඨෙ න සොචති, න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති භික්ඛවෙ සුතවා අරියසාවකො අබ්බහී{1} සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙතීති.
Sinhala BJTතවද මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ව්‍යාධිධර්‍මය ව්‍යාධි කෙරෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය ක්‍ෂීණ කෙරෙයි ... නස්නා ධර්‍මය නස්සි. හේ නස්නා දහම නට කල මෙසේ නුවණින් සලකයි: “එකලා මාගේ ම නස්නා දහම නො නස්නේ ය. වැලිදු යම් පමණ සත්ත්‍වයන්ගේ ආගතිය, ගතිය, චුතිය, උපපත්තිය වේ නම්’ එ හැම සතුන්ගේ නස්නා දහම නස්නේ ය. මම නස්නා දහම නට කල සොස්නෙම් නම්, කිලත් වෙම් නම්, වලප්නෙම් නම්, ලමඩියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, මුළාබවට වදනෙම් නම්, මට බත ද නො රුස්නේ ය. සිරුරෙහි ද දුර්‍වර්‍ණභාවය බස්නේ ය. කමත්හු ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටුසිතැති වෙති. මිත්‍රයෝ ද නො සතුටු වෙති”යි. හේ නස්නා දහම නට කල නො සොස්නේ ය. කලකුළු නො වන්නේ ය. නො වලප්නේ ය. ලමඩියෙහි අත් පැහැරැ නො හඬන්නේ ය. මුළාබවට නො වදනේ ය. මහණෙනි, මේ අරීසවු ශ්‍රැතවත් වූයේ, යමෙකින් විත්කෑ අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ වේ ද, ඒ විස සහිත සෝහුල උපුළේ ය යි ද, නිශ්ශෝක වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය යි ද කියනු ලැබේ.
Pali BJTඉමානි ඛො භික්ඛවෙ පඤ්ච අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTමහණෙනි, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලෝකයෙහි යම් ම කෙනකු විසින් වේවයි නො ලැබියහෙන කරුණු මේ පස් දෙන ය.
Pali BJT55. න සොචනාය න පරිදෙවනාය අත්ථො අලබ්භො{1} අපි අප්පකොපි, සොචන්තමෙනං දුඛිතං විදිත්වා{2} පච්චත්ථිකා අත්තමනා භවන්ති.
Sinhala BJT55. ශොචනායෙනුදු, පරිදේවනායෙනුදු, අල්පමාත්‍ර වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙන්නේ ය. තුලු සොස්නහු දුක්පත්හු දැන සතුරෝ සතුටු වෙති.
Pali BJT56. යතො ච ඛො පණ්ඩිතො ආපදාසු න වෙධති අත්තවිනිච්ඡයඤ්ඤූ, පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං.
Sinhala BJT56. යම් දවසෙක කාරණාර්‍ත්‍ථ විනිශ්චයෙහි දක්‍ෂ වු පණ්ඩිත ආර්‍ය්‍යශ්‍රාවක උපද්‍රව පැමිණෙත් ම නො කැපී සිටුනේ වේ ද, උහුගේ පසමිතුරෝ විකෘති නැති (ශෝක නැති බැවින්) පැරණි ම වූ මුහුණ දැක දුඃඛිත වෙති.
Pali BJT57. ජප්පෙන මන්තෙන සුභාසිතෙන අනුප්පදානෙන පවෙණියා ච, යථා යථා යත්ථ ලභෙථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්ය.
Sinhala BJT57. වර්‍ණභණනයෙනුදු, මන්ත්‍රපරිවර්‍තනයෙනුදු, සුභාෂිතකථනයෙනුදු, (ශතසහස්‍රාදි විසින් දෙන) අනුප්‍රදානයෙනුදු, පරම්පරාගත ආචීර්‍ණක්‍රියාමර්‍ගයෙනුදු, යම් යම් සැටියෙකින් යම් ආපදායෙක දි අර්‍ත්‍ථසිද්ධිය ලැබිය හෙන්නේ වේ ද, එහි ලා ඒ ඒ සැටියෙන් පරාක්‍රම කරන්නේ ය.
Pali BJT58. සචෙ පජානෙය්ය අලබ්භනෙය්යො මයා ච{3} අඤ්ඤෙන වා එස අත්ථො අසොචමානො අධිවාසයෙය්ය කම්මං දළ්හං කින්ති කරොමි’දානීති.{4}
Sinhala BJT58. ඉදින් මා විසිනුදු මෙරමා විසිනුදු තෙල අර්‍ත්‍ථය නො ලැබිය හෙති යි දන්නේ නම්, නො සොස්මින් “(කළ)කම් දළ වෙයි. දැන් කුම් කරමි”යි සිතා ඉවසන්නේ ය.
Pali BJT5. 1. 5. 9.
Sinhala BJT5. 1. 5. 9.
Pali BJT[කොසලසුත්තං]
Sinhala BJT[කෝසල සූත්‍රය]
Pali BJT49. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT49. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින.
Pali BJT(-){5} අථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස උපකණ්ණකෙ ආරොචෙසි. “මල්ලිකා දෙවී දෙව{6} කාලකතා”ති.
Sinhala BJTඑක්බිති අන්‍යතර පුරුෂයෙක් පසේනදි කොසොල්රජු වෙත එළැඹියේ ය. එළැඹ පසේනදී කොසොල් රජහුගේ කන්මුලැ “මල්ලිකා දේවී කලුරිය කළෝ ය”යි සැළ කෙළේ ය.
Pali BJTඑවං වුත්තෙ රාජා පසෙනදි කොසලො දුක්ඛී දුම්මනො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො අප්පටිභානො නිසීදි.
Sinhala BJTමෙසේ කියත් ම, පසේනදි කෝසලරජු උපන් දුක් ඇතියේ නො සතුටු සිත් ඇතියේ හෙළු කඳ ඇතියේ යටිකුරු මුව ඇතියේ සිතිවිලි සිතනුයේ පිළිබහන් (නුවණක්) නැතියේ හින.
Pali BJTඅථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං දුක්ඛිං දුම්මනං පත්තක්ඛන්ධං අධොමුඛං පජ්ඣායන්තං අප්පටිභානං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච:
Sinhala BJTඑ කල්හි භාග්‍යවතුන් වහන්සේ හටගත් ශෝක ඇති නොසතුටු සිත් ඇති හෙළු සිරුරු කඳ ඇති යටිකුරු මුව ඇති සිතිවිලි සිතන පිළිබහන් නැති පසේනදි කොසොල් රජු දැන වදාරා පසේනදි කෝසල රජුට තෙල කරුණ වදාළ සේක:
Pali BJTපඤ්චිමානි මහාරාජ අලබ්භනීයානි. ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. [කතමානි පඤ්ච? ‘ජරාධම්මං මා ජීරී’ති අලබ්භනීයං ඨානං] -පෙ-{*} [අසොචමානො අධිවාසයෙය්ය] කම්මං දළ්හං කින්ති කරොමි’දානීති.
Sinhala BJTමහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරකු විසින් වේවයි, බ්‍රහ්මයකු විසින් වේවයි, ලොව්හි කිසිදු කෙනකු විසින් වේවයි නො ලැබිය හෙන මෙ කරුණු පසෙකි. කවර පසෙක යත්: ‘ජරාධර්‍මය නො දිරාවා’යි ... කිසිවකු විසින් නො ලැබිය හෙන කරුණෙකි ... “කර්‍මය දැඩි ය. දැන් කුමක් කෙරෙම් දැ”යී සිතා ශෝක නො කෙරෙමින් ඉවසන්නේ ය.
Pali BJT5. 1. 5. 10.
Sinhala BJT5. 1. 5. 10.
Pali BJT[සොකසල්ලහරණසුත්තං{*}]
Sinhala BJT[සෝකසල්ලහරණ සූත්‍රය]
Pali BJT50. එකං සමයං ආයස්මා නාරදො පාටලීපුත්තෙ විහරති කුක්කුටාරාමෙ. තෙන ඛො පන සමයෙන මුණ්ඩස්ස රඤ්ඤො භද්දා දෙවී කාලකතා හොති පියා මනාපා සො භද්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායති,{1} න විලිම්පති, න භත්තං භුඤ්ජති, න කම්මන්තං පයොජෙති. රත්තින්දිවං භද්දාය දෙවියා සරීරෙ අජ්ඣොමුච්ඡිතො. අථ ඛො මුණ්ඩො රාජා පියකං කොසාරක්ඛ{2} ආමන්තෙසි: තෙන හි සම්ම පියක භද්දාය දෙවියා සරීරං ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජෙථ{3} යථා මයං භද්දාය දෙවියා සරීරං චිරතරං පස්සෙය්යාමාති.
Sinhala BJT50. එක් කලෙක ආයුෂ්මත් නාරද තෙරණුවෝ පැළැලුප් නුවර කුක්කුටාරාමයෙහි වැඩ වෙසෙති. එ සමයෙහි මුණ්ඩ රජහුගේ ප්‍රිය වූ මනාප වූ භද්‍රා නම් දේවී කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි, ස්නාන නො කෙරෙයි. විලෙවුන් නො ගල්වයි. බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවයි. රෑ දෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. එක්බිති මුණ්ඩ රජ පියක නම් කෝෂාරක්‍ෂකාමාත්‍යයා ඇමතී ය: යහළු පියකය, එහෙයින් ම භද්‍රා දෙවියගේ ශරීරය යමුවා තෙල් දෙණෙක්හි බහා අනෙක් යමුවා දෙණෙකින් වසාලව. “යම් පරිදි අපි භද්‍රාදේවියගේ ශරීරය චිරතර කාලයක් දක්නමෝ දැ”යි.
Pali BJTඑවං දෙවාති ඛො පියකො කොසාරක්ඛො මුණ්ඩස්ස රඤ්ඤො පටිස්සුත්වා භද්දාය දෙවියා සරීරං ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජි.
Sinhala BJT‘දේවයෙනි, එසේ ය’යි පියක නම් කෝෂාරක්‍ෂක තෙම මුණ්ඩ රජුහට පිළිවදන් අස්වා භද්‍රාදේවියගේ මළසිරුර යමුවා තෙල්දෙණෙක බහා අනෙක් යමුවා දෙණෙකින් වැසී ය. එක්බිති පියක නම් කෝෂාරක්‍ෂක හට මෙ සිත් විය:
Pali BJTඅථ ඛො පියකස්ස කොසාරක්ඛස්ස එතදහොසි: “ඉමස්ස ඛො මුණ්ඩස්ස රඤ්ඤො භද්දා දෙවී කාලකතා පියා මනාපා. සො භද්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායාති, න විලිම්පති, න භත්තං භුඤ්ජති, න කම්මන්තං පයොජෙති. රත්තින්දිවං භද්දාය දෙවියා සරීරෙ අජ්ඣොමුච්ඡිතො. කං නු ඛො මුණ්ඩො රාජා සමණං වා බ්රාහ්මණං වා පයිරුපාසෙය්ය යස්ස ධම්මං සුත්වා සොකසල්ලං පජහෙය්යා”ති.
Sinhala BJT“මෙ මුණ්ඩ රජුගේ ප්‍රිය වූ මන වඩන්නා වූ භද්‍රාදේවිය කලුරිය කළෝ ය. හෙ ප්‍රිය වූ මනාප වූ භද්දාදේවිය කලුරිය කළ කල්හි නො නහන්නේ ය. විලෙවුන් නො ද ගල්වන්නේ ය බත් නුබුදුනේ ය. කර්‍මාන්ත නො යොදවනේ ය. රෑදෙවෙහි භද්‍රාදේවියගේ සිරුරෙහි බෙහෙවින් මුසපත් වූයේ වෙයි. මුණ්ඩ රජ යමකුගේ ධර්‍මය අසා සෝහුල් දුරලන්නේ නම්, එබඳු කවර නම් මහණකු හෝ බමුණකු හෝ පර්‍ය්‍යුපාසනය කෙරේ දැ”යි.
Pali BJTඅථ ඛො පියකස්ස කොසාරක්ඛස්ස එතදහොසි: “අයං ඛො ආයස්මා නාරදො පාටලීපුත්තෙ විහරති කුක්කුටාරාමෙ. තං ඛො පන ආයස්මන්තං නාරදං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: පණ්ඩිතො ව්යත්තො මෙධාවී බහුස්සුතො චිත්තකථී කල්යාණපටිභානො වුද්ධො චෙව අරහා ච. යං නූන මුණ්ඩො රාජා ආයස්මන්තං නාරදං පයිරුපාසෙය්ය, අප්පෙවනාම මුණ්ඩො රාජා ආයස්මතො නාරදස්ස ධම්මං සුත්වා සොකසල්ලං පජහෙය්යා”ති. අථ ඛො පියකො කොසාරක්ඛො යෙන මුණ්ඩො රාජා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මුණ්ඩං රාජානං එතදවොච:
Sinhala BJTඑක්බිති පියක නම් කෝෂාරක්‍ෂකහට මෙ සිත් විය: “මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වාස කරත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, ප්‍රශස්තබුද්ධි ඇතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කලණ වැටැහීම් ඇතියහ, මහලුහ, අර්‍හත්හ’ මෙසේ එ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ කලණයසගී උස් ව නැංගේ ය. යම් හෙයෙකින් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනා කෙරේ නම්, ඒකාන්තයෙන් මුණ්ඩ රජ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ ධර්‍මය අසා ශෝකශල්‍යය දුරලන්නේ ය”යි. එක්බිති පියක කෝෂාරක්‍ෂක ඇමැති මුණ්ඩ රජු කරා එළැඹියේ ය. එළැඹ මුණ්ඩ රජහට තෙල කරුණ සැළ කෙළේ ය:
Pali BJT“අයං ඛො දෙව ආයස්මා නාරදො පාටලීපුත්තෙ විහරති කුක්කුටාරාමෙ. තං ඛො පනායස්මන්තං නාරදං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: පණ්ඩිතො ව්යත්තො මෙධාවී කල්යාණපටිභානො වුද්ධො චෙව අරහා ච. යදි පන දෙවො ආයස්මන්තං නාරදං පයිරුපාසෙය්ය, අප්පෙවනාම දෙවො ආයස්මතො නාරදස්ස ධම්මං සුත්වා සොකසල්ලං පජහෙය්යා”ති.
Sinhala BJTදේවයෙනි, මෙ ආයුෂ්මත් නාරද තෙරණුවෝ පාටලීපුත්‍රයෙහි කුක්කුටාරාමයෙහි වෙසෙත්. ‘පණ්ඩිතයහ, ව්‍යක්තයහ, මේධාවීහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථීහ, කල්‍යාණප්‍රතිභාන ඇතියහ, වෘද්ධයහ, අර්‍හත්හ” මෙ සේ එ ආයුෂ්මත්හුගේ කලණකිත්ගොසෙක් උස් ව නැංගේ ය. ඉදින් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන් පර්‍ය්‍යුපාසනය කෙරෙත් නම්, ඒකාන්තයෙන් දේවයෝ ආයුෂ්මත් නාරද තෙරුන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරිති”යි.
Pali BJTතෙන හි සම්ම පියක ආයස්මන්තං නාරදං පටිවෙදෙහි. කථං හි නාම මාදිසො සමණං වා බ්රාහ්මණං වා විජිතෙ වසන්තං පුබ්බෙ අප්පටිසංවිදිතො උපසඞ්කමිතබ්බං මඤ්ඤෙය්යාති.
Sinhala BJT“යහළු පියකයෙනි, එ කරුණින් ම ආයුෂ්මත් නාරද තෙරුන් හට දන්වව. කෙසේ නම් මබඳුයෙක් ස්වවිජිතයෙහි වෙසෙන මහණකු හෝ බමුණකු කරා පළමු ප්‍රතිඥා නො ලද්දේ එළැඹිය යුතු කොට සිතනේ දැ”යි.
Pali BJTඑවං දෙවා’ති ඛො පියකො කොසාරක්ඛො මුණ්ඩස්ස රඤ්ඤො පටිස්සුත්වා යෙනායස්මා නාරදො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාරදං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො පියකො කොසාරක්ඛො ආයස්මන්තං නාරදං එතදවොච: ඉමස්ස භන්තෙ මුණ්ඩස්ස රඤ්ඤො භද්දා දෙවී කාලකතා පියා මනාපා. සො භද්දාය දෙවියා කාලකතාය පියාය මනාපාය නෙව නහායති, න විලිම්පති, න භත්තං භුඤ්ජති, න කම්මන්තං පයොජෙති. රත්තින්දිවං භද්දාය දෙවියා සරීරෙ අජ්ඣොමුච්ඡිතො. සාධු භන්තෙ ආයස්මා නාරදො මුණ්ඩස්ස රඤ්ඤො තථා ධම්මං දෙසෙතු, යථා මුණ්ඩො රාජා ආයස්මතො නාරදස්ස ධම්මං සුත්වා සොකසල්ලං පජහෙය්යා’ති
Sinhala BJTපියක කෝෂාරක්‍ෂ ඇමැති ‘එසේ ය, දේවයෙනි’යි මුණ්ඩ රජුට පිළිවදන් දී ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් පියක කෝෂාරක්‍ෂ ඇමැති තෙල සැළ කෙළේ ය: වහන්ස, මේ මුණ්ඩරජුගේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළා. හේ ප්‍රියමනාප භද්‍රාදේවිය කලුරිය කළ සඳ නො ම නහයි. විලෙවුන් නො ගල්වයි. බත නො වළඳයි. කර්‍මාන්ත නො යොදවයි. දව රෑ භද්‍රාදේවියගේ ශරීරයෙහි ගැලගත් සැහැවි ඇති ශෝකමූර්ඡායෙන් මූර්ඡිත ය. අයදිමි, වහන්ස, යම් පරිදි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන්ගේ දහම් අසා ශෝකශල්‍යය හරණේ වේ ද, ආයුෂ්මත් නාරද තෙරණුවෝ මුණ්ඩරජුට එසේ දහම් දෙසත් නම් මැනැව.
Pali BJT‘යස්සදානි පියක මුණ්ඩො රාජා කාලං මඤ්ඤතී’ති,
Sinhala BJT‘පියකය, මුණ්ඩරජ යම් අර්‍ත්‍ථයකට කල් හඟනේ නම් දැන් කලි’.
Pali BJTඅථ ඛො පියකො කොසාරක්ඛො උට්ඨායාසනා ආයස්මන්තං නාරදං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන මුණ්ඩො රාජා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මුණ්ඩං රාජානං එතදවොච: කතාවකාසො ඛො දෙව ආයස්මතා නාරදෙන, යස්සදානි දෙවො කාලං මඤ්ඤතී’ති.
Sinhala BJTඑක්බිති පියක කෝෂාරක්‍ෂ ඇමැති හුනස්නෙන් නැඟී ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ පැදකුණු කොට මුණ්ඩරජු කරා එළඹියේ ය. එළඹ මුණ්ඩරජුට තෙල කී: “දේවයෙනි, දෙව තෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ නම්, ආයුෂ්මත් නාරද තෙරණුවන් විසින් තෙල අර්‍ත්‍ථයට කළ අවකාස ඇතැ”යි.
Pali BJT‘තෙන හි සම්ම පියක භද්රානි භද්රානි යානානි යොජාපෙහී’ති
Sinhala BJTදරුව, පියකයෙනි, එහෙයින් භද්‍ර භද්‍ර යානයන් යොදව යි.
Pali BJTඑවං දෙවා’ති ඛො පියකො කොසාරක්ඛො මුණ්ඩස්ස රඤ්ඤො පටිස්සුත්වා භද්රානි භද්රානි යානානි යොජාපෙත්වා මුණ්ඩං රාජානං එතදවොච: යුත්තානි ඛො තෙ දෙව භද්රානි භද්රානි යානානි. යස්ස’දානි දෙවො කාලං මඤ්ඤතී’ති.
Sinhala BJT‘දේවයෙනි, එසේ ය’යි පියක කෝෂාරක්‍ෂ ඇමැති මුණ්ඩරජුට පිළිවදන් අස්වා භද්‍රභද්‍රයානයන් යොදවා මුණ්ඩරජුට තෙලබස් කී: දේවයෙනි, දේවතෙමේ යම් අර්‍ත්‍ථයකට දැන් කල් හඟනේ වේ නම් එයට භද්‍රභද්‍රයාන යුතු ව ඇතැ යි.
Pali BJTඅථ ඛො මුණ්ඩො රාජා භද්රං යානං{1} අභිරූහිත්වා භද්රෙහි යානෙහි{2} යෙන කුක්කුටාරාමො තෙන පායාසි මහච්චා රාජානුභාවෙන ආයස්මන්තං නාරදං දස්සනාය යාවතිකා යානස්ස භූමි තාවතිකං යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි.
Sinhala BJTඉක්බිති මුණ්ඩරජ භද්‍රභද්‍රයානයකට නැඟී භද්‍රයානයෙන් පරිවෘත ව කුක්කුටාරාමය කරා මහත් රාජානුභාවයෙන් ආයුෂ්මත් නාරද තෙරණුවන් දක්නා සඳහා ගියේ. යානභූමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාදචාරීව ම අරමට පිවිසින.
Pali BJTඅථ ඛො මුණ්ඩො රාජා යෙනායස්මා නාරදො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මනං නාරදං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො මුණ්ඩං රාජානං ආයස්මා නාරදො එතදවොච:
Sinhala BJTඉක්බිති මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරණුවන් කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාරද තෙරණුවන් සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් මුණ්ඩ රජුට ආයුෂ්මත් නාරද තෙරණුවෝ තෙල දහම් දෙසූහ:
Pali BJTපඤ්චිමානි මහාරාජ අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙනවා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. කතමානි පඤ්ච?
Sinhala BJTමහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන මේ කරුණු පසෙකි. කවර පසෙක යත්:
Pali BJTජරාධම්මං මා ජීරීති අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙනවා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං.
Sinhala BJT‘ජරාධර්‍මය නහමක් දිරාව’යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොවැ යම් ම කිසිවකුන් විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.
Pali BJTව්යාධිධම්මං මා ව්යාධීයීති -පෙ- මරණධම්මං මා මීයීතී, -පෙ- ඛය ධම්මං මා ඛීයීති -පෙ- නස්සනධම්මං මා නස්සීති අලබ්භනීයං ඨානං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති.
Sinhala BJTව්‍යාධිධර්‍මය නහමක් පෙළාව යි ... මරණ ධර්‍මය නහමක් මියේව යි ... ක්‍ෂයධර්‍මය නහමක් කිය කෙරේව යි ... නශ්වරධර්‍මය නහමක් නො නස්සී ව යි මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කිසිවකු විසින් වේවයි නො ලැබිය හෙන කරුණෙකි.
Pali BJTඅස්සුතවතො ඛො මහාරාජ පුථුජ්ජනස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ න ඉති පටිසඤ්චික්ඛති: න ඛො මය්හමෙවෙකස්ස{1} ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහං චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තාපි නප්පවත්තෙය්යුං.{2} අමිත්තා’පි අත්තමනා අස්සු. මිත්තා’පි දුම්මනා අස්සූ’ති. සො ජරාධම්මෙ ජිණ්ණෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති මහාරාජ අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙති.
Sinhala BJTමහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය ච්‍යුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම වනාහි ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළමැඬියෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රයෝත් සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ’යී. හේ ජරාධර්‍මය දිරූ කල සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අති පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං මහාරාජ අස්සුතවතො පුථුජ්ජනස්ස ව්යාධිධම්මං ව්යාධීයති -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ න ඉති පටිසඤ්චික්ඛති: න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙසං සත්තානං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙපි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තා’පි නප්පවත්තෙය්යුං.. අමිත්තා’පි අත්තමනා අස්සු. මිත්තා’පි දුම්මනා අස්සූ’ති. සො නස්සනධම්මෙ නට්ඨෙ සොචති, කිලමති, පරිදෙවති, උරත්තාළිං කන්දති, සම්මොහං ආපජ්ජති. අයං වුච්චති මහාරාජ අස්සුතවා පුථුජ්ජනො විද්ධො සවිසෙන සොකසල්ලෙන අත්තානං යෙව පරිතාපෙතීති.
Sinhala BJTතවද මහරජ, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ව්‍යාධිධර්‍මය පෙළයි ... මරණ ධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය කිය කෙරෙයි නශ්වර ධර්‍මය නස්සි. හේ නශ්වර ධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ ය: එකලා මට ම නශ්වර ධර්‍මය නො නස්සී, වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය, උපපත්තිය වේ ද, ඒ හැම සතුන්ගේ නශ්වරධර්‍මය නස්සී. මම ද වනාහි නශ්වර ධර්‍මය නට කල ශෝක කෙරෙම් නම්, ක්ලාන්ත වෙම් නම්, පරිදේවනා කෙරෙම් නම්, ළෙහි අත් ගසා හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙම් නම්, මට බත ද නො රුස්නේ ය. කයෙහිදු දුර්වර්‍ණ භාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද තුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටු වන්නාහ යි. හේ නශ්වර ධර්‍මය නට කල්හි සොස්නේ ය. ක්ලාන්ත වන්නේ ය. පරිදේවනා කරන්නේ ය. ළෙහි අත් පැහැර හඬන්නේ ය. සම්මෝහයට පැමිණෙන්නේ ය. මහරජ, මේ අශ්‍රැතවත් පෘථග්ජන සවිෂශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ තමා ම තවන්නේ ය යි කියනු ලැබේ.
Pali BJTසුතවතො ච ඛො මහාරාජ අරියසාවකස්ස ජරාධම්මං ජීරති. සො ජරාධම්මෙ ජිණ්ණෙ ඉති පටිසඤ්චික්ඛති, න ඛො මය්හමෙවෙකස්ස ජරාධම්මං ජීරති. අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙසං සත්තානං ජරාධම්මං ජීරති. අහඤ්චෙව ඛො පන ජරාධම්මෙ ජිණ්ණෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙ’පි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තා’පි නප්පවත්තෙය්යුං. අමිත්තා’පි අත්තමනා අස්සු. මිත්තා’පි දුම්මනා අස්සූ’ති සො ජරාධම්මෙ ජිණ්ණෙ න සොචති, න කිලමති, න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති මහාරාජ සුතවා අරියසාවකො අබ්බහි{3} සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙති.
Sinhala BJTමහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ජරාධර්‍මය දිරයි. හේ ජරාධර්‍මය දිරූ කල මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: එකලා මාහට ම ජරාධර්‍මය නො දිරයි. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතිය ගතිය චුතිය උපපත්තිය වේ ද, එ හැම සතුන්ගේ ජරාධර්‍මය දිරයි. මම ද ජරාධර්‍මය දිරූ කල ශෝක කරන්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, පරිදේවනා කරන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට යන්නෙම් නම්, බත ද මට නො රුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැස ගන්නේ ය. කර්‍මාන්තයෝත් නො පවත්නාහ. අමිත්‍රහෝ සතුටු වන්නාහ. මිත්‍රයෝත් නො සතුටු වන්නාහ යි හේ ජරා සැහැවි දිරූ කල නො සොස්නේය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, මේ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක යමෙකින් විදුනා ලද අශ්‍රැතවත් පෘථග්ජන තමා ම තවන්නේ ද, ඒ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම සන්හිඳුවන්නේය යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං මහාරාජ සුතවතො අරියසාවකස්ස ව්යාධිධම්මං ව්යාධීයති. -පෙ- මරණධම්මං මීයති -පෙ- ඛයධම්මං ඛීයති -පෙ- නස්සනධම්මං නස්සති. සො නස්සනධම්මෙ නට්ඨෙ ඉති පටිසඤ්චික්ඛති: න ඛො මය්හමෙවෙකස්ස නස්සනධම්මං නස්සති. අථ ඛො යාවතා සත්තානං ආගති ගති චුති උපපත්ති, සබ්බෙසං සත්තානං නස්සනධම්මං නස්සති. අහඤ්චෙව ඛො පන නස්සනධම්මෙ නට්ඨෙ සොචෙය්යං, කිලමෙය්යං, පරිදෙවෙය්යං, උරත්තාළිං කන්දෙය්යං, සම්මොහං ආපජ්ජෙය්යං, භත්තම්පි මෙ නච්ඡාදෙය්ය. කායෙ’පි දුබ්බණ්ණියං ඔක්කමෙය්ය. කම්මන්තා’පි නප්පවත්තෙය්යුං. අමිත්තා’පි අත්තමනා අස්සු. මිත්තා’පි දුම්මනා අස්සූ’ති. සො නස්සනධම්මෙ නට්ඨෙ න සොචති, න කිලමති න පරිදෙවති, න උරත්තාළිං කන්දති, න සම්මොහං ආපජ්ජති. අයං වුච්චති. මහාරාජ සුතවා අරියසාවකො අබ්බහි සවිසං සොකසල්ලං යෙන විද්ධො අස්සුතවා පුථුජ්ජනො අත්තානං යෙව පරිතාපෙති. අසොකො විසල්ලො අරියසාවකො අත්තානං යෙව පරිනිබ්බාපෙති.
Sinhala BJTතවද මහරජ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ව්‍යාධි ධර්‍මයගේ පෙළෙයි ... මරණධර්‍මය මියෙයි ... ක්‍ෂයධර්‍මය ක්‍ෂය වෙයි ... නශ්වරධර්‍මය නැසෙයි. හේ නශ්වරධර්‍මය නට කල්හි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරයි: ‘එකලා මාගේ ම නශ්වරධර්‍මය නො නැසේ. වැලිදු යම් තාක් සත්ත්‍වයන්ගේ ආගතියෙක් ගතියෙක් චුතියෙක් උත්පත්තියෙක් ඇත් ද, එ හැම සත්ත්‍වයන්ගේ නශ්වරධර්‍මය නැසේ, මම ද නශ්වරධර්‍මය නට කල්හි සොස්නෙම් නම්, ක්ලාන්ත වන්නෙම් නම්, ළෙහි අත් පැහැර හඬන්නෙම් නම්, සම්මෝහයට පැමිණෙන්නෙම් නම්, මට බත ද නොරුස්නේ ය. කයෙහිදු දුර්‍වර්‍ණභාවය බැසගන්නේ ය. කර්‍මාන්තයෝ ද නො පවත්නාහ. අමිත්‍රයෝ ද සතුටු වන්නාහ. මිත්‍රයෝ ද නො සතුටුවන්නාහ යි. හේ නශ්වරධර්‍මය නට කල්හි නොසොස්නේ ය. ක්ලාන්ත නො වන්නේ ය. පරිදේවනා නො කරන්නේ ය. ළෙහි අත් පැහැර නො හඬන්නේ ය. සම්මෝහයට නො පැමිණෙන්නේ ය. මහරජ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක, යමෙකින් විදුනාලද අශ්‍රැතවත් පෘථග්ජනයා තමා ම තවන්නේ නම්, එ සවිෂ ශෝකශල්‍යය උපුටා හළේ ය යි කියනු ලැබේ. අශෝක වූ විශල්‍ය වූ ආර්‍ය්‍යශ්‍රාවක තමා ම පිරිනිවන්නේ ය.
Pali BJTඉමානි ඛො මහාරාජ පඤ්ච අලබ්භනීයානි ඨානානි සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති,
Sinhala BJTමහරජ, මහණකු විසින් වේවයි, බමුණකු විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව යම් ම කවරකු විසින් වේවයි නො ලැබියහෙන මේ කරුණු පස යි.
Pali BJT59. න සොචනාය පරිදෙවනාය අත්ථො අලබ්භො{1} අපි අප්පකොපි, සොචන්තමෙනං දුඛිතං විදිත්වා පච්චත්ථිකා අත්තමනා භවන්ති.
Sinhala BJT59. ශොචනායෙනුදු පරිදේවනායෙනුදු අල්ප වූ ද අර්‍ත්‍ථයෙක් නො ලැබිය හෙයි. සොස්නාවූ හටගත් දුක් ඇති තුලුන් දැන පසමිතුරෝ සොම්නස් වෙති.
Pali BJT60. යතො ච ඛො පණ්ඩිතො ආපදාසු න වෙධති අත්ථවිනිච්ඡයඤ්ඤූ, පච්චත්ථිකාස්ස දුඛිතා භවන්ති දිස්වා මුඛං අවිකාරං පුරාණං.
Sinhala BJT60. යම් කලෙක කාරණාර්‍ත්‍ථවිනිශ්චයෙහි කුශල වූ පණ්ඩිත තෙමේ උපද්‍රවයෙහි දී නො සැලේ ද, එ සඳ ඔහුගේ පසමිතුරෝ අවිකාරවූ පැරණි මුහුණ ම දැක දුඃඛිත වෙත්.
Pali BJT61. ජප්පෙන මන්තෙන සුභාසිතෙන අනුප්පදානෙන පවෙණියා වා, යථා යථා යත්ථ ලභෙථ අත්ථං තථා තථා තත්ථ පරක්කමෙය්ය.
Sinhala BJT61. වර්‍ණභණනයෙනුදු මන්ත්‍ර පරිවර්‍තනයෙනුදු සුභාෂිතකථායෙනුදු ශතප්‍රමාණ හෝ සහස්‍රප්‍රමාණ දානයෙනුදු කුලවංශාචීර්‍ණධර්‍මයෙනුදු යම් තැනෙක යම් පරිදි අර්‍ත්‍ථය ලැබේ නම්, එ තැන එ එ පරිදි ඊහා කරන්නේ ය.
Pali BJT62. සචෙ පජානෙය්ය අලබ්භනෙය්යො මයා ච අඤ්ඤෙන වා එසඅත්ථො අසොචමානො අධිවාසයෙය්ය කම්මං දළ්හං කින්ති කරොමි’දානීති.
Sinhala BJT62. ඉදින් මා විසින් වේවයි අනෙකක්හු විසින් වේවයි තෙල අර්‍ත්‍ථය නොලැබිය හෙන්නේ ය යි දන්නේ නම්, ‘කර්‍මය දෘඪය, දැන් කුම් කෙරෙමි’යි සලකා නො සොස්මින් ඉවසන්නේ ය.
Pali BJTඑවං වුත්තෙ මුණ්ඩො රාජා ආයස්මන්තං නාරදං එතදවොච: කො නාමො{2} අයං භන්තෙ ධම්මපරියායො’ති?
Sinhala BJTමෙසේ කී කල්හි මුණ්ඩරජ ආයුෂ්මත් නාරද තෙරුන්හට තෙල කරුණ කී: ‘වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය කිනම් දැ යි?
Pali BJTසොකසල්ලහරණො නාම අයං මහාරාජ ධම්මපරියායොති.
Sinhala BJT‘මහරජ, මේ ධර්‍මපර්‍ය්‍යාය සෝකසල්ලහරණ නමැ’යි.
Pali BJTතග්ඝ භන්තෙ සොකසල්ලහරණො, තග්ඝ භන්තෙ සොකසල්ලහරණො. ඉමං හි මෙ භන්තෙ ධම්මපරියායං සුත්වා සොකසල්ලං පහීණන්ති.
Sinhala BJTවහන්ස, එකැතියෙන් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, එකැතින් සෝකසල්ලහරණ නම් වෙයි. වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අසා මාගේ ශෝකශල්‍යය ප්‍රහීණ වී ය යි.
Pali BJTඅථ ඛො මුණ්ඩො රාජා පියකං කොසාරක්ඛං ආමන්තෙසි: “තෙන හි සම්ම පියක, භද්දාය දෙවියා සරීරං ඣාපෙථ. ථූපං චස්සා කරොථ. අජ්ජතග්ගෙ’ දානි මයං නහායිස්සාම චෙව විලිම්පිස්සාම. භත්තං ච භුඤ්ජිස්සාම. කම්මන්තෙ ච පයොජෙස්සාමා”ති.
Sinhala BJTඉක්බිති මුණ්ඩරජ පියක නම් කෝෂාරක්‍ෂ ඇමැතියා ඇමැතී ය: “එසේ නම් දරුව, පියකයෙනි, භද්‍රාදේවියගේ සිරුර දවව. ඇයට ස්තූපයක් ද කරව. අපි අද පටන් කොට දිය නහන්නෙමු. විලෙවුන් ගල්වන්නෙමු. බතුදු බුදින්නෙමු, කර්‍මාන්තයනුදු යොදන්නෙමු”යි.
Pali BJTමුණ්ඩරාජවග්ගො පඤ්චමො.
Sinhala BJTමුණ්ඩරාජවර්‍ගය පස්වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආදියො සප්පුරිසො ච ඉට්ඨා මනාපදායීභිසන්දං, සම්පදාච ධනං ඨානං කොසලො නාරදෙන චා’ති.
Sinhala BJTආදිය සූත්‍රය, සප්පුරිස සූත්‍රය, ඉට්ඨ සූත්‍රය, මනාපදායී සූත්‍රය, අභිසන්‍ද සූත්‍රය, සම්පදා සූත්‍රය, ධන සූත්‍රය, ඨාන සූත්‍රය, කෝසල සූත්‍රය, නාරද (සෝකසල්ලහරණ) සූත්‍රය දැයි දශයෙකි.
Pali BJTපඨමො පණ්ණාසකො
Sinhala BJTප්‍රථම පණ්ණාසක යි.
Pali BJT2. දුතියං පණ්ණාසකං
Sinhala BJT2. දෙවැනි පණ්ණාසකය
Pali BJT1. නීවරණවග්ගො
Sinhala BJT1. නීවරණ වර්‍ගය
Pali BJT5. 2. 1. 1.
Sinhala BJT5. 2. 1. 1.
Pali BJT[නීවරණසුත්තං]
Sinhala BJT[නීවරණ සූත්‍රය]
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවො’ති. භදන්තෙ’ති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ ආරාමයෙහි වැඩවසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දහම් වදාළ සේක.