Pali BJT15. තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා විනෙය්ය මච්ඡෙරමලං සුඛෙසිනො, තෙ දීඝරත්තං තිදිවෙ පතිට්ඨිතා දෙවානං සහව්යතං ගතා රමන්ති.{3}
Sinhala BJT15. එහෙයින් ම සුව කැමැති පණ්ඩිතයෝ මසුරු මල දුරු කොට දන් දෙත්. ඔහු දිගුකලක් දෙව් ලොව පිහිටියාහු දෙවියන්ගේ සහවාසයට ගියාහු රමණය කරත්.
Pali BJT16. කතාවාසා කතකුසලා තතො චුතා{4} සයංපභා අනුවිචරන්ති නන්දනං,{5} තෙ තත්ථ නන්දන්ති රමන්ති මොදරෙ සමප්පිතා කාමගුණෙහි පඤ්චහි. කත්වාන වාක්යං අසිතස්ස තාදිනො රමන්ති සග්ගෙ සුගතස්ස සාවකා’ති.{6}
Sinhala BJT16. කරණ ලද ආවාස (දෙව්ලොව වාස පිණිස කළකම්) ඇති, කළ කුසල් ඇති ඔහු එයින් (මිනිස් බැවින්) සැව ස්වයම්ප්‍රභ වූවාහු නදුනුයනෙහි සැරිසරත්. ඔහු එහි සතුටු වෙත්. සිත් අලවා වෙසෙත්. පස්කම් ගුණයෙන් සමර්පිත වූවාහු අනිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටිමාන ඇසුරු නො කළ) තාදී ගුණ ඇති භගවත්හුගේ භාෂිතය කොට තථාගතශ්‍රාවකයෝ ස්වර්‍ගයෙහි රමණය කෙරෙත්.
Pali BJT5. 1. 4. 5.
Sinhala BJT5. 1. 4. 5.
Pali BJT[දානානිසංසසුත්තං]
Sinhala BJT[දානානිසංස සූත්‍රය]
Pali BJT35. පඤ්චිමෙ භික්ඛවෙ දානෙ ආනිසංසා. කතමෙ පඤ්ච?
Sinhala BJT35. මහණෙනි, දානයෙහි මෙ අනුසස් හු පස්දෙනෙක් වෙති. පස්දෙන කවරයහ යත්:
Pali BJTබහුනො ජනස්ස පියො හොති මනාපො. සන්තො සප්පුරිසා භජන්ති. කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. ගිහීධම්මා අනපෙතො හොති. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. ඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච දානෙ ආනිසංසාති.
Sinhala BJTබොහෝ දෙනහට ප්‍රිය - මනාප වෙයි. ශාන්ත සත්පුරුෂයෝ භජනය කෙරෙත්. කල්‍යාණ කීර්තිශබ්දය උස්ව පැන නැඟේ. ගිහී ධර්‍මයෙන් (අඛණ්ඩපඤ්චශීලයෙන්) නොතොර වෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයෙහි උපදනේ යි. මහණෙනි, දානයෙහි මේ අනුසස්හු පස්දෙන වෙති.
Pali BJT17. දදමානො පියො හොති සතං ධම්මං අනුක්කමං, සන්තො නං භජන්ති සප්පුරිසා{7} සඤ්ඤතා බ්රහ්මචාරිනො.
Sinhala BJT17. සත්පුරුෂ ධර්‍මය අනුව යන දෙන තැනැත්තේ ප්‍රිය වෙයි. සංයත බ්‍රහ්මචාරී ශාන්ත සත්පුරුෂයෝ ඔහු ඇසුරු කෙරෙත්.
Pali BJT18. තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛාපනූදනං, යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවොති.{8}
Sinhala BJT18. ඔහු ඔහට හැමදුක් බැහැර ලන යම් දහමක් දෙසත් ද, මෙ ලොව්හිදී ම හේ එදහම් පිළිබඳ ආස්‍රවරහිත වූයේ පිරිනිවේ යි.
Pali BJT5. 1. 4. 6.
Sinhala BJT5. 1. 4. 6.
Pali BJT[කාලදානසුත්තං]
Sinhala BJT[කාලදාන සූත්‍රය]
Pali BJT36. පඤ්චිමානි භික්ඛවෙ කාලදානානි. කතමානි පඤ්ච?
Sinhala BJT36. මහණෙනි, මේ කාලදානයෝ පස්දෙනෙක් වෙත්. කවර පස්දෙනෙක යත්:
Pali BJTආගන්තුකස්ස දානං දෙති. ගමිකස්ස දානං දෙති. ගිලානස්ස දානං දෙති. දුබ්භික්ඛෙ දානං දෙති. යානි නවසස්සානි නවඵලානි, තානි පඨමං සීලවන්තෙසු පතිට්ඨාපෙති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච කාලදානානීති.
Sinhala BJTආගන්තුකයා හට දන් දෙයි. ගමිකහට දන් දෙයි. ගිලනාහට දන් දෙයි. දුර්භික්‍ෂයෙහි දන් දෙයි. යම් ඒ නවසශ්‍ය - නවඵල කෙනෙක් වෙත් නම් එය පළමු කොට සිල්වතුන් කෙරෙහි පිහිටුවයි. මහණෙනි, මේ වනාහි කාලදානයෝ පස්දෙන වෙති යි.
Pali BJT19. කාලෙ දදන්ති සප්පඤ්ඤා වදඤ්ඤූ වීතමච්ඡරා කාලෙන දින්නං අරියෙසු උජුභූතෙසු තාදිසු, විප්පසන්නමනා තස්ස විපුලා හොති දක්ඛිණා,
Sinhala BJT19. හළ මසුරුමල ඇති භාෂිතඥ (බස දන්නා) වූ සප්‍රාඥයෝ නිසි කල්හි දන් දෙති. තාදී ගුණ ඇති ඍජුභූත ආර්‍ය්‍යයන් කෙරෙහි නිසි කල්හි පහන් සිතින් දුන් දැයෙක් වේ නම් ඔහුගේ දක්‍ෂිණාව විපුල වෙයි.
Pali BJT20. යෙ තත්ථ අනුමොදන්ති වෙය්යාවච්චං කරොන්ති වා න තෙසං{1} දක්ඛිණා ඌනා තෙපි පුඤ්ඤස්ස භාගිනො.
Sinhala BJT20. එහි යම් කෙනෙක් අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ගේ දක්‍ෂිණාව ඌන නො වෙයි. ඔහුදු පුණ්‍යභාගීහු වෙත්.
Pali BJT21. තස්මා දදෙ ව{2} අප්පටිවානචිත්තො යත්ථ දින්නං මහප්ඵලං පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJT21. එහෙයින් යම් තැනෙක්හි දුන් දැය මහත්ඵල වේ නම් (එහි) උත්කණ්ඨාරහිත සිත් ඇතිව දෙන්නේ ය. පුණ්‍යයෝ ම සත්නට පරලොව්හි පිහිට වෙති යී.
Pali BJT5. 1. 4. 7.
Sinhala BJT5. 1. 4. 7.
Pali BJT[භොජනසුත්තං]
Sinhala BJT[භෝජන සූත්‍රය]
Pali BJT37. භොජනං භික්ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං පඤ්ච ඨානානි දෙති. කතමානි පඤ්ච?
Sinhala BJT37. මහණෙනි, බොජුන් දෙන දායක ප්‍රතිග්‍රාහකයන්ට (පිළිගාවනට) පස්කරුණක් දෙයි. කවර පස්කරුණෙක යත්:
Pali BJTආයුං දෙති, වණ්ණං දෙති, සුඛං දෙති, බලං දෙති, පටිභානං දෙති. ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්සවා, වණ්ණං දත්වා -පෙ- සුඛං දත්වා -පෙ- බලං දත්වා -පෙ- පටිභානං දත්වා -පෙ- පටිභාණස්ස භාගී හොති දිබ්බස්ස වා මානුසස්ස වා. භොජනං භික්ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං ඉමානි පඤ්ච ඨානානි දෙති.
Sinhala BJTආයුෂ දෙයි. ශරීරවර්‍ණය දෙයි, කායිකචෛතසිකසුඛය දෙයි. යුක්තමුක්ත ප්‍රතිභානය දෙයි. ආයුෂය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂයට හිමි වෙයි. වර්‍ණය දී ... සුඛය දී ... බලය දී ... ප්‍රතිභානය දී දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ප්‍රතිභානයට හිමි වෙයි. මහණෙනි, බොජුන් දෙන දායක පිළිගාවනට මෙ පස් කරුණු දෙයි.
Pali BJT22. ආයුදො බලදො ධීරො වණ්ණදො පටිභාණදො සුඛස්ස දාතා මෙධාවී සුඛං සො අධිගච්ඡති.
Sinhala BJT22. ආයුෂය දෙන බලය දෙන, ධෛර්‍ය්‍යසම්පන්න වූ ඒ ප්‍රාඥා සුවයට පැමිණෙයි.
Pali BJT23. ආයුං දත්වා බලං වණ්ණං සුඛඤ්ච පටිභාණකං දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපජ්ජතීති.
Sinhala BJT23. ආයුෂය ද බලය ද වර්‍ණය ද සුඛය ද ප්‍රතිභානය ද දී යම් යම් තැනෙක උපනේ වේ නම් දීර්‍ඝායුෂ්ක වූයේ යශස් ඇති වෙයි.
Pali BJT5. 1. 4. 8.
Sinhala BJT5. 1. 4. 8.
Pali BJT[සද්ධසුත්තං]
Sinhala BJT[සද්ධා සූත්‍රය]
Pali BJT38. පඤ්චිමෙ භික්ඛවෙ සද්ධෙ කුලපුත්තෙ ආනිසංසා. කතමෙ පඤ්ච?
Sinhala BJT38. මහණෙනි, සැදැහිති කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
Pali BJTයෙ තෙ භික්ඛවෙ ලොකෙ සන්තො සප්පුරිසා, තෙ සද්ධංයෙව{3} පඨමං අනුකම්පන්ති, නො තථා අස්සද්ධං. සද්ධංයෙව පඨමං උපසඞ්කමන්තා උපසඞ්කමන්ති, නො තථා අස්සද්ධං. සද්ධස්සෙව පඨමං පතිගණ්හන්තා පතිගණ්හන්ති, නො තථා අස්සද්ධං. සද්ධස්සෙව පඨමං ධම්මං දෙසෙන්තා දෙසෙන්ති, නො තථා අස්සද්ධං. සද්ධො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.{4}
Sinhala BJTමහණෙනි, ලෝකයෙහි පරනට අනුග්‍රහ කරණ යම් ඒ ශාන්ත සත්පුරුෂ කෙනෙක් වෙත් නම්, ඔහු පළමු ම සැදැහැතියහුට ම අනුග්‍රහ කරත්. සැදැහැ නැතියහුට එසේ නො කෙරෙත්. එළඹෙන්නාහු සැදැහැතියහු කරා ම එළඹෙත්. සැදැහැ නැතියහු කරා එසේ නො එළඹෙත්. පිළිගන්නාහු පළමු සැදැහැතියහු ම පිළිගන්නාහ. සැදැහැ නැතියහු නො පිළිගණිත්. දම් දෙසන්නාහු පළමු ම සැදැහැතියහුට ම දෙසත්. සැදැහැ නැතියනට නො දෙසත්. සැදැහැතියේ කාබුන් මරණින් මතු සුගතිසඞ්ඛ්‍යාත ස්වර්‍ගයට පැමිණෙ යි.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ පඤ්ච සද්ධෙ කුලපුත්තෙ ආනිසංසා.
Sinhala BJTමහණෙනි, සැදැහැවත් කුලපුත් කෙරෙහි මේ අනුසස් පසෙක් ඇත.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ සුභූමියං චාතුම්මහාපථෙ{5} මහානිග්රොධො සමන්තා පක්ඛිනං පටිසරණං හොති, එවමෙව ඛො භික්ඛවෙ සද්ධො කුලපුත්තො බහුනො ජනස්ස පටිසරණං හොති: භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානන්ති.
Sinhala BJTමහණෙනි, යම් පරිදි මනා බිමෙක්හි සිවුමංසන්‍ධියෙක වු මහ නුගරුක හාත්පසින් ළිහිණියනට පිළිසරණ වේ ද, මහණෙනි, එසෙයින් ම සැදැහැති කුලපුත් භික්‍ෂු-භික්‍ෂුණී-උපාසක-උපාසිකා යන බොහෝ දෙනාට පිළිසරණ වෙයි.
Pali BJT24. සාඛාපත්තඵලූපෙතො ඛන්ධිමා ච මහාදුමො, මූලවා ඵලසම්පන්නො පතිට්ඨා හොති පක්ඛිනං.
Sinhala BJT24. සා පත් පල යුත්, කැඳැති, හිටි මුල් ඇති, මහාද්‍රැමයෙක් ළිහිණිනට පිහිට වෙයි.
Pali BJT25. මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විහඞ්ගමා, ඡායං ඡායත්ථිකා{1} යන්ති ඵලත්ථා ඵලභොජිනො.
Sinhala BJT25. රමණී අයිනෙහි පිහිටි එ රුක විහගයෝ ඇසුරු කෙරෙත්. සෙවණ රිසියහු සෙවණට යෙත්. පලැටිහු ඵලාර්ත්‍ථී ව (එහි) යෙත්.
Pali BJT26. තථෙව සීලම්පන්නං සද්ධං පුරිසපුග්ගලං, නිවාතවුත්තිං අත්ථද්ධං සොරතං සඛිලං මුදුං
Sinhala BJT26. එසෙයින් ම ශීලයෙන් සමෘද්ධ, සැදැහැති, යටත් පැවතුම් ඇති, (මානාදීන්) නො තද, සුරතභාවයෙන් යුත්, සම්මෝදක, මාර්‍දව ඇති, එ වන් මිනිසා,
Pali BJT27. වීතරාගා වීතදොසා වීතමොහා අනාසවා, පුඤ්ඤක්ඛෙත්තානි ලොකස්මිං සෙවන්ති තාදිසං නරං.
Sinhala BJT27. වීතරාග වූ වීතද්වේෂ වූ වීතමෝහ වූ, ලොව්හි පින්කෙත් වූ රහත්හු ඇසුරු කෙරෙත්.
Pali BJT28. තෙ තස්ස ධම්මං දෙසෙන්ති සබ්බදුක්ඛා පනූදනං, යං සො ධම්මං ඉධඤ්ඤාය පරිනිබ්බාති අනාසවොති{2}
Sinhala BJT28. හෙ යම් ධර්‍මයක් ඉහාත්මයෙහි ම පසක් කොට අනාස්‍රව ව පිරිනිවේ නම්, ඒ රහත්හු හැමදුක් දුරලන එ දහම් ඔහට දෙසත්.
Pali BJT5. 1. 4. 9.
Sinhala BJT5. 1. 4. 9.
Pali BJT[පුත්තසුත්තං]
Sinhala BJT[පුත්ත සූත්‍රය]
Pali BJT39. පඤ්චිමානි භික්ඛවෙ ඨානානි සම්පස්සන්තා මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානං. කතමානි පඤ්ච?
Sinhala BJT39. මහණෙනි, මාපියෝ මේ කරුණු පස දක්නාහු පුතකු කුලයෙහි උපදනහු කැමැති වෙත්. කවර පසෙක යත්:
Pali BJTභතො වා නො භරිස්සති. කිච්චං වා නො කරිස්සති. කුලවංසො චිරං ඨස්සති. දායජ්ජං පටිපජ්ජති. අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සතීති. ඉමානි ඛො භික්ඛවෙ පඤ්ච ඨානානි සම්පස්සන්තා මාතාපිතරො පුත්තං ඉච්ඡන්ති කුලෙ ජායමානන්ති.
Sinhala BJTපුස්නා ලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය. අපගේ කුලපරපුර ද දීර්‍ඝරාත්‍රයෙහි සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් කලුරිය කොට පරලොව ගියවුන් උදෙසා (ප්‍රාප්තිදාන කොට) දක්‍ෂිණා දෙන්නේ ය යි. මහණෙනි, මෙ කරුණු පස දක්නා මාපියෝ පුතකු කුලෙහි උපදනහු කැමැති වෙති යි.
Pali BJT29. පඤ්ච ඨානානි{3} සම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා, භතො වා නො භරිස්සති කිච්චං වා නො කරිස්සති-
Sinhala BJT29. පණ්ඩිත (මාපියෝ) කරුණු පසක් දක්නාහු පුතකු පතත්. පුස්නාලදුයේ අප ද පුස්නේ ය. අපගේ කිස ද කරන්නේ ය.
Pali BJT30. කුලවංසො චිරං ඨස්සති{4} දායජ්ජං පටිජ්ජති, අථවා පන පෙතානං දක්ඛිණං අනුපදස්සති.
Sinhala BJT30. බොහෝ කලක් කුලවංශය සිටුනේ ය. දායාද්‍යය පිළිපදනේ ය. වැලිත් පරලොව ගියවුනට දක්‍ෂිණා ද දෙන්නේ ය.
Pali BJT31. ඨානානෙතානි සම්පස්සං පුත්තං ඉච්ඡන්ති පණ්ඩිතා, තස්මා සන්තො සප්පුරිසා කතඤ්ඤූ කතවෙදිනො,
Sinhala BJT31. පණ්ඩිතයෝ තෙල කරුණු පස දක්නාහු පුතකු පතත්. එහෙයින් ශාන්ත, කළ ගුණ දන්නා, කෘතවේදී, සත්පුරුෂයෝ-
Pali BJT32. භරන්ති මාතාපිතරො පුබ්බෙ කතමනුස්සරං, කරොන්ති නෙසං කිච්චානි යථා තං පුබ්බකාරිනං.
Sinhala BJT32. (මාපියන්) පෙර කළ දෑ සිහි කරමින් ඒ මාපියන් පුස්නාහ. පූර්‍වොපකාරී වූ ඔවුන්ගේ කිස ඔවුන් කළ පරිදි කරත්.
Pali BJT33. ඔවාදකාරී භතපොසී කුලවංසං අහාපයං, සද්ධො සීලෙන සම්පන්නො පුත්තො හොති පසංසියොති.
Sinhala BJT33. අවවාද පිළිපදිනා, (තමා) පෝෂණය කළවුන් පුස්නා, කුලවංශය නො පිරිහෙළන, සැදැහැති, සිල්සපන් පුත්‍ර ප්‍රශංසාර්‍හ වෙයි.
Pali BJT5. 1. 4. 10.
Sinhala BJT5. 1. 4. 10.
Pali BJT[මහාසාලසුත්තං]
Sinhala BJT[මහාසාල සූත්‍රය]
Pali BJT40. හිමවන්තං භික්ඛවෙ පබ්බතරාජං නිස්සාය මහාසාලා පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪන්ති. කතමාහි පඤ්චහි?
Sinhala BJT40. මහණෙනි, හිමවත් පර්‍වතරාජයා නිසා මහරුක්හු වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
Pali BJTසාඛාපත්තපලාසෙන වඩ්ඪන්ති. තචෙන වඩ්ඪන්ති. පපටිකාය වඩ්ඪන්ති. ඵෙග්ගුනා වඩ්ඪන්ති. සාරෙන වඩ්ඪන්ති. හිමවන්තං භික්ඛවෙ පබ්බතරාජං නිස්සාය මහාසාලා ඉමාහි පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪන්ති.
Sinhala BJTසාපත්පලුයෙන් වැඩෙත්. තැසෙන් වැඩෙත්. පතුයෙන් වැඩෙත්. බොරුදුයෙන් වැඩෙත්. හරයෙන් වැඩෙත්. මහණෙනි, හිමවත් රදපවිය නිසා මහරුක්හු මේ වෘද්ධි පසින් වැඩෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ සද්ධං කුලපතිං{1} නිස්සාය අන්තොජනො පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪති. කතමාහි පඤ්චහි?
Sinhala BJTමහණෙනි, එ පරිදි සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදනෝ වෘද්ධි පසෙකින් වැඩෙත්. කවර පසෙකින යත්:
Pali BJTසද්ධාය වඩ්ඪති. සීලෙන වඩ්ඪති. සුතෙන වඩ්ඪති. චාගෙන වඩ්ඪති. පඤ්ඤාය වඩ්ඪති. සද්ධං භික්ඛවෙ කුලපතිං නිස්සාය අන්තොජනො ඉමාහි පඤ්චහි වඩ්ඪීහි වඩ්ඪතීති.
Sinhala BJTසැදෑයෙන් වැඩෙයි. ශීලයෙන් වැඩෙයි. ශ්‍රැතයෙන් වැඩෙයි. ත්‍යාගයෙන් වැඩෙයි. ප්‍රඥායෙන් වැඩෙයි. මහණෙනි, සැදැහැති කුලපතිහු නිසා ඇතුළුදෙනා මෙ පඤ්ච වෘද්ධීන් වැඩෙති යි.
Pali BJT34. යථා ච{2} පබ්බතො සෙලො අරඤ්ඤස්මිං බ්රහාවනෙ, තං රුක්ඛා උපනිස්සාය වඩ්ඪන්තෙ තෙ වනප්පතී.
Sinhala BJT34. යම් පරිදි වෙනෙහි ශෛලපර්‍වතයෙක් වේ ද, එ ඇසුරු කොට එ වනසප්තිවෘක්‍ෂයෝ වැඩෙත් ද,
Pali BJT35. තථෙව සීල සම්පන්නං සද්ධං කුලපතිං{3} ඉධ{4}, උපනිස්සාය වඩ්ඪන්ති පුත්තදාරා ච බන්ධවා, අමච්චා ඤාතිසඞ්ඝා ච යෙ චස්ස අනුජීවිනො.
Sinhala BJT35. එ පරිදි මෙ ලොව්හි සිල්සපන් සැදැහැති කුලපතිහු නිසා පුත්‍රදාරයෝ ද බාන්‍ධවයෝ ද සහජීවීහු ද ඥාතිසමූහයෝ ද ඔහුගේ අනුජීවී කෙනෙක් වෙත් නම් ඔහු ද වැඩෙත්.
Pali BJT36. තස්ස සීලවතො සීලං චාගං සුචරිතානි ච, පස්සමානානුකුබ්බන්ති යෙ භවන්ති චිවක්ඛණා.
Sinhala BJT36. යම් බඳු විචක්‍ෂණයෝ වෙත් නම් ඔහු සිල්වත් ඔහුගේ ශීලය හා ත්‍යාගය හා සුචරිතයන් හා දක්නාහු අනුකරණ කරත්.
Pali BJT37. ඉධ ධම්මං චරිත්වාන මග්ගං සුගතිගාමිනං, නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනොති.
Sinhala BJT37. මෙ ලොව්හි සුගතිගාමීමාර්‍ගය වූ සුචරිතධර්‍මය කොට කම්සුව කැමැතියාහු දෙව්ලොව තුටු වන්නාහු (විපාකමෝදනායෙන්) ප්‍රමුදිත වෙත්.
Pali BJTසුමනාවග්ගො චතුත්ථො.
Sinhala BJTසුමනාවර්‍ගය සතර වැනි යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුමනා චුන්දී උග්ගහො සීහදානානිසංසයො කාල භොජන සද්ධාය පුත්තසාලෙහි තෙ දසාති.
Sinhala BJTසුමනා සූත්‍රය, චුන්‍දී සූත්‍රය, උග්ගහ සූත්‍රය, සීහ සූත්‍රය, දානානිසංස සූත්‍රය, කාලදාන සූත්‍රය, භෝජන සූත්‍රය, සද්ධා සූත්‍රය, පුත්‍ර සූත්‍රය, මහාසාල සූත්‍රය, දැයි දශයෙකි.
Pali BJT5. මුණ්ඩරාජවග්ගො
Sinhala BJT5. මුණ්ඩරාජ වර්‍ගය
Pali BJT5. 1. 5. 1.
Sinhala BJT5. 1. 5. 1.
Pali BJT[පඤ්චභොගආදියසුත්තං]
Sinhala BJT[භෝගආදිය සූත්‍රය]
Pali BJT41. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJT41. එක් කලෙක භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ඇසුරු කොට ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙන සේක. එ කල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හිඳගත. බුදුහු එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවි හට තෙල වදාළ සේක:
Pali BJTපඤ්චිමෙ ගහපති භොගානං ආදියා. කතමෙ පඤ්ච?
Sinhala BJTගැහැවිය, භෝගයන් පිළිබඳ වූ මේ ආදෙයයෝ (ගතයුතු ප්‍රයෝජනයෝ) පස් දෙනෙකි. කවර පස් දෙනෙක යත්:
Pali BJTඉධ ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි අත්තානං සුඛෙති, පීණෙති, සම්මා සුඛං පරිහරති. මාතාපිතරො සුඛෙති, පීණෙති, සම්මා සුඛං පරිහරති. පුත්තදාරදාසකම්මකරපොරිසෙ සුඛෙති, පීණෙති, සම්මා සුඛං පරිහරති. අයං පඨමො භොගානං ආදියො.
Sinhala BJTගැහැවිය, මෙ ලොව ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් (කායිකචෛතසික වීර්‍ය්‍යයෙන්) ලත්, බාහුබලයෙන් රැස් කළ දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලැබූ භෝගයෙන් තමා සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මාතෘපිතෲන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. පුත්‍රදාර, දාස, කර්‍මකරපුරුෂයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ පළමු ආදෙය වේ.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි මිත්තාමච්චෙ සුඛෙති, පීණෙති, සම්මා සුඛං පරිහරති. අයං දුතියො භොගානං ආදියො.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාලූ, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මිත්‍රාමාත්‍යයන් සුවපත් කෙරෙයි. පිණවයි. සම්‍යක් සුඛ පරිහරණ කෙරෙයි. මෙ භෝගයන්ගේ දෙවෙනි ආදෙය වේ.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යා තා හොන්ති ආපදා අග්ගිතො වා උදකතො වා රාජතො වා චොරතොවා අප්පියතො වා දායාදතො, තථාරූපාසු ආපදාසු භොගෙහි පරියොධාය වත්තති, සොත්ථිං අත්තානං කරොති. අයං තතියො භොගානං ආදියො.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයන ලද, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ගින්නෙන් වේවයි, දියෙන් වේවයි, රජුන් ගෙන් වේවයි, සොරුන්ගෙන් වේවයි, අප්‍රිය දායාදයන්ගෙන් වේවයි යම් ඒ ආපදාවෝ වෙත් නම්, එබඳු ආපදාවන්හි භෝගයෙන් වසා (උවදුරු වළකා ගෙණ) වැටෙයි. ආත්මභාවය නිරුපද්‍ර ව කෙරෙයි. මෙ භෝගයන්ගේ තුන් වන ආදෙය වේ.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි පඤ්ච බලීකත්තා හොති: ඤාතිබලිං, අථිතිබලිං පුබ්බපෙතබලිං, රාජබලිං, දෙවතාබලිං. අයං චතුත්ථො භොගානං ආදියො.
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලද, බාහුබලයෙන් රැස් කළ, දහදිය නඟා උපයාගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් ඥාතිබලි ය, අතිථිබලි ය, පූර්‍වප්‍රේතබලි ය, රාජබලි ය, දේවතාබලි ය යි බලි (සත්කාර) පසක් කරන්නේ වෙයි. මෙ භෝගයන්ගේ සිවු වන ආදෙය වේ.
Pali BJTපුන චපරං ගහපති අරියසාවකො උට්ඨානවිරියාධිගතෙහි භොගෙහි බාහාබලපරිචිතෙහි සෙදාවක්ඛිත්තෙහි ධම්මිකෙහි ධම්මලද්ධෙහි යෙ තෙ සමණබ්රාහ්මණා මදප්පමාදා පටිවිරතා ඛන්තිසොරච්චෙ නිවිට්ඨා එකමත්තානං දමෙන්ති, එකමත්තානං සමෙන්ති, එකමත්තානං පරිනිබ්බාපෙන්ති, තථාරූපෙසු සමණබ්රාහ්මණෙසු උද්ධග්ගිකං දක්ඛිණං පතිට්ඨාපෙති සොවග්ගිකං සුඛවිපාකං සග්ගසංවත්තනිකං. අයං පඤ්චමො භොගානං ආදියො:
Sinhala BJTතවද ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලත්, බාහුබලයෙන් රැස් කොට ගත්, දහදිය නඟා උපයා ගත්, දැහැමි වූ දැහැමින් ලත් භෝගයෙන් මද පමා දෙකින් විරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි පිවිසගත් යම් එ ශ්‍රමණබ්‍රාහ්මණ කෙනෙක් එක් ම (තමන්ගේ ම) ආත්මභාවය දමනය කෙරෙත් නම්, එක් ම ආත්මභාවය සන්හිඳුවත් නම්, එක් ම ආත්මභාවය පිරිනිවත් නම්, එබඳු මහණ බමුණන් කෙරෙහි (මතු මතු භූමින්හි ඵලදාන වශයෙන්) ඌර්‍ඬවාග්‍ර ඇති, ස්වර්‍ගයට හිත වූ, සුඛ විපාක ඇති, ස්වග්‍රභාවයට හිත ව වැටෙන (අග්‍ර වූ රූපාදිය මොනවට ගෙණ දෙන) දක්‍ෂිණාව පිහිටුවයි. මෙ භෝගයන්ගේ පස් වන ආදෙය වේ.
Pali BJTඉමෙ ඛො ගහපති පඤ්ච භොගානං ආදියා.
Sinhala BJTගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස යි.
Pali BJTතස්ස චෙ ගහපති අරියසාවකස්ස ඉමෙ පඤ්ච භොගානං ආදියෙ ආදියතො භොගා පරික්ඛයං ගච්ඡන්ති, තස්ස එවං හොති: “යෙ වත භොගානං ආදියා, තෙ චාහං ආදියාමි. භොගා ච මෙ පරික්ඛයං ගච්ඡන්තී”ති. ඉතිස්ස හොති අවිප්පටිසාරො. තස්ස චෙ ගහපති අරියසාවකස්ස ඉමෙ පඤ්ච භොගානං ආදියෙ ආදියතො භොගා අභිවඩ්ඪන්ති, තස්ස එවං හොති: “යෙ වත භොගානං ආදියා, තෙ චාහං ආදියාමි භොගා ච මෙ අභිවඩ්ඪන්තී”ති ඉතිස්ස හොති උභයෙනෙව අවිප්පටිසාරොති.{1}
Sinhala BJTගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා වූ එ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ භෝගයේ අවසනට යෙත් නම්, ඔ හට මෙ සිත් වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් මම ඔවුනුදු ගන්මි. මාගේ භෝගයෝ ද (ප්‍රයෝජනය ගැන්මෙන්) පරික්‍ෂයට යෙති”යි. මෙසෙයින් ඔහට අවිප්‍රතිසාරය වෙයි. ගැහැවිය, භෝගයන්ගේ මෙ ආදෙය පස ගන්නා එ ආර්‍ය්‍යශ්‍රාවකහට ඉදින් භෝගයෝ අභිවර්‍ධනයට යෙත් නම්, ඔහට මෙ සිත වෙයි: “ඒකාන්තයෙන් භෝගයන්ගේ යම් ආදෙයයෝ වෙත් නම් ඔවුනුදු මම ගන්මි. මාගේ භෝගයෝ ද (වඩාලා ම) අභිවර්‍ධනයට යෙති” යි. මෙසෙයින් ඔහට දෙපරිදියෙන් ම අවිප්‍රතිසාරය වේ ය යි.
Pali BJT38. භුත්තා භොගා භතා භච්චා විතිණ්ණා ආපදාසු මෙ, උද්ධතො දක්ඛිණා දින්නා අථො පඤ්ච බලී කතා. උපට්ඨිතා සීලවන්තො සඤ්ඤතා බ්රහ්මචාරයො.
Sinhala BJT38. ම විසින් භෝගයෝ වළඳන ලදහ. පෝෂණයට නිසියෝ ද පුස්නාලදහ. ආපද්හි දී ආපදාවෝ ද තරණය කරණ ලදහ. සිල්වත් සංයත වූ බ්‍රහ්මචාරීහු වටන ලදහ.
Pali BJT39. යදත්ථං භොගං ඉච්ඡෙය්ය පණ්ඩිතො ඝරමාවසං, සො මෙ අත්ථො අනුප්පත්තො කතං අනනුතප්පියං.
Sinhala BJT39. ගෙයි වෙසෙන නුවණැතියේ යමක් සඳහා භොග කැමැති වේ නම් මා විසින් එ අර්‍ත්‍ථය ලබන ලද වේ. නො තැවීමට හිත කර්‍මය කරණ ලදි.
Pali BJT40. එතං අනුස්සරං මච්චො අරියධම්මෙ ඨිතො නරො, ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතීති.{2}
Sinhala BJT40. තෙල සිහි කරණ මිනිස් තෙමේ ආර්‍ය්‍යධර්‍මයෙහි සිටියේ වෙයි. මෙ අත්බවුහි ම (නැණැතියෝ) ඔහු පසසත්. මිය පරලොව ගියේ ස්වර්‍ගයෙහි විපාකමෝදනා කෙරේ.
Pali BJT5. 1. 5. 2.
Sinhala BJT5. 1. 5. 2.
Pali BJT[සප්පුරිසසුත්තං]
Sinhala BJT[සප්පුරිස සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි]
Pali BJT42. සප්පුරිසො භික්ඛවෙ කුලෙ ජායමානො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මාතාපිතුන්නං{3} අත්ථාය හිතාය සුඛාය හොති පුත්තදාරස්ස අත්ථාය හිතාය සුඛාය හොති. දාසකම්මකරපොරිසස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මිත්තාමච්චානං අත්ථාය හිතාය සුඛාය හොති. සමණබ්රාහ්මණානං අත්ථාය හිතාය සුඛාය හොති.
Sinhala BJT42. මහණෙනි, කුලයෙහි උපදනා සත්පුරුෂ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස් කම්කරුපුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ මහාමෙඝො සබ්බසස්සානි සම්පාදෙන්තො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති, එවමෙව ඛො භික්ඛවෙ සප්පුරිසො කුලෙ ජායමානො බහුනො ජනස්ස අත්ථාය හිතාය සුඛාය හොති: මාතාපිතුන්නං අත්ථාය හිතාය සුඛාය හොති. පුත්තදාරස්ස අත්ථාය හිතාය සුඛාය හොති. දාසකම්මකරපොරිසස්ස අත්ථාය හිතාය සුඛාය හොති. මිත්තාමච්චානං අත්ථාය හිතාය සුඛාය හොති. සමණබ්රාහ්මණානං අත්ථාය හිතාය සුඛාය හොතීති.
Sinhala BJTමහණෙනි, යම් සෙ වට මහවැසි හැම සස්වග සපයනුයේ බොහෝ දෙන හට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ ද, එසෙයින් ම මහණෙනි, සත්පුරුෂ කුලයෙහි උපදනේ බොහෝ දෙනහට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි: දෙ මාපියනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. අඹුදරුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. දස්කම්කරු පුරිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වෙයි. සගයහළුවනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ. මහණ බමුණනට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස වේ.
Pali BJT41. හිතො බහුන්නං පටිපජ්ජ භොගෙ තං දෙවතා රක්ඛති දෙවගුත්තං, බහුස්සුතං සීලවතූපපන්නං ධම්මෙ ඨිතං න විජහාති{4} කිත්ති.
Sinhala BJT41. (සත්පුරුෂ වූ යමෙක්) උපභෝග පරිභෝග සම්පත් ලැබ මාපිය ඈ බොහෝ දෙනහට හිත වූයේ ද, ඔහු ලෝපල් දෙවි රක්නේ ය. දෙවියන් විසින් රක්නා ලද බොහෝ ඇසුපිරු තැන් ඇති, ශීලය හා ව්‍රතයෙන් සමෘද්ධ වූ දස කුසල් දහම්හි සිටියහු කීර්ත්තිය නො හරී.
Pali BJT42. ධම්මට්ඨං සීලසම්පන්නං සච්චවාදිං හිරීමනං, නෙක්ඛං ජම්බොනදස්සෙව කො තං නින්දිතුමරහති, දෙවාපි නං පසංසන්ති බ්රහ්මුනාපි පසංසිතොති.
Sinhala BJT42. දහම්හි සිටි ශීලයෙන් සමෘද්ධ වූ සත්‍යවාදී වූ අකුසලින් හැකිළෙන සිතැති ඔහු ජාම්බොනදසුවර්‍ණයාගේ නිෂ්කයක් සෙයින් නිගන්නට කවරෙක් අර්‍හ වේ ද, දෙවියෝත් ඔහු පසසති. බඹහු විසිනුදු හේ පසස්නා ලද්දේ යි.
Pali BJT5. 1. 5. 3.
Sinhala BJT5. 1. 5. 3.
Pali BJT[පඤ්චඉට්ඨධම්මසුත්තං]
Sinhala BJT[ඉට්ඨධම්ම සූත්‍රය]
Pali BJT[සාවත්ථිනිදානං]
Sinhala BJT[සැවැත්නිදාන යි:]
Pali BJT43. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච:
Sinhala BJT43. එ කල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ගත. එකත්පස් ව හුන් අනේපිඬු ගැහැවිහට බුදුහු තෙල වදාළ සේක:
Pali BJTපඤ්චිමෙ ගහපති ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං. කතමෙ පඤ්ච?
Sinhala BJTගැහැවිය, ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන දුකසේ ලැබිය හැකි මේ පස් දහම් කෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්:
Pali BJTආයු ඛො ගහපති ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං. වණ්ණො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං. සුඛං ඉට්ඨං කන්තං මනාපං දුල්ලභං ලොකස්මිං. යසො ඉට්ඨො කන්තො මනාපො දුල්ලභො ලොකස්මිං. සග්ගා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
Sinhala BJTගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩන්නා වූ ආයුෂය දුර්‍ලභ වූයේ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ශරීරවර්‍ණය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කායිකචෛතසික සුඛ ය දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ යශස් (භෝගපරිවාර) දුර්‍ලභ වෙයි. ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ ස්වර්‍ගයෝ දුර්‍ලභවූවාහු වෙත්.
Pali BJTඉමෙ ඛො ගහපති පඤ්ච ධම්මා ඉට්ඨා කන්තා මනාපා දුල්ලභා ලොකස්මිං.
Sinhala BJTගැහැවිය, ලොව ඉෂ්ට වූ, කමනීය වූ, මන වඩනා වූ මේ පඤ්චධර්‍මයෝ දුර්‍ලභ වූවාහු වෙත්.
Pali BJTඉමෙසං ඛො ගහපති පඤ්චන්නං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං. න ආයාචනාහෙතු වා පත්ථනාහෙතු වා පටිලාභං වදාමි. ඉමෙසං ඛො ගහපති පඤ්චන්නං ඉට්ඨානං කන්තානං මනාපානං දුල්ලභානං ලොකස්මිං ආයාචනාහෙතු වා පත්ථනාහෙතු වා පටිලාභො අභවිස්ස, කො ඉධ කෙන හායෙථ?
Sinhala BJTගැහැවිය, ලොව ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන් ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ප්‍රතිලාභය නො කියමි. ගැහැවිය, ආයාචනාහේතුයෙන් වේවයි ප්‍රාර්‍ත්‍ථනාහේතුයෙන් වේවයි ලොව ඉෂ්ට වූ කමනීය වූ මන වඩන්නා වූ දුර්‍ලභ වූ මේ පඤ්චධර්‍මයන්ගේ ලැබීමෙක් වේ නම් මෙ ලොව කවරෙක් කිමෙකින් පිරිහේ ද?
Pali BJTන ඛො ගහපති අරහති අරියසාවකො ආයුං කාමො ආයුං ආයාචිතුං වා අභිනන්දිතුං වා ආයුස්ස වා පිහෙතුං. ආයුකාමෙන ගහපති අරියසාවකෙන ආයුසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. ආයුසංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා ආයුපටිලාභාය සංවත්තති. සො ලාභී හොති ආයුස්ස දිබ්බස්ස වා මානුසස්ස වා.
Sinhala BJTගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ආයුෂය යදනට හෝ කැමැති වන්නට හෝ ආයුෂයට රිසි වන්නට හෝ සුදුසු නො වෙයි. ගැහැවිය, ආයු කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ආයු පිණිස පවත්නා (දන් සිල් ඈ) පුණ්‍යප්‍රතිපදාව පිළිපැදිය උතු ය. ඔහු විසින් ප්‍රතිපාදාන කළ අයුසංවත්තනික පුණ්‍යප්‍රතිපදාව ආයු ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ආයුෂය ලබන්නේ වෙයි.
Pali BJTන ඛො ගහපති අරහති අරියසාවකො වණ්ණකාමො වණ්ණං ආයාචිතුං වා අභිනන්දිතුං වා වණ්ණස්ස වා පිහෙතුං. වණ්ණකාමෙන ගහපති අරියසාවකෙන වණ්ණසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. වණ්ණසංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා වණ්ණපටිලාභාය සංවත්තති. සො ලාභී හොති වණ්ණස්ස දිබ්බස්ස වා මානුසස්ස වා.
Sinhala BJTගැහැවිය, ශරීරවර්‍ණ කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ශරීරවර්‍ණය යදනට හෝ කැමැති වන්නට හෝ ශරීරවර්‍ණයට රිසි වන්නට හෝ අර්‍හ නො වෙයි. ගැහැවිය, වර්‍ණය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ වර්‍ණය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ශරීරවර්‍ණප්‍රතිලාභය පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ ශරීරවර්‍ණ ලබන්නේ වෙයි.
Pali BJTන ඛො ගහපති අරහති අරියසාවකො සුඛකාමො සුඛං ආයාචිතුං වා අභිනන්දිතුං වා සුඛස්ස වා පිහෙතුං. සුඛකාමෙන ගහපති අරියසාවකෙන සුඛසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. සුඛසංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා සුඛපටිලාභාය සංවත්තති. සො ලාභී හොති සුඛස්ස දිබ්බස්ස වා මානුසස්ස වා.
Sinhala BJTගැහැවිය, සුව කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක සුවය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ සුවයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, සුව කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් සුව පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ සුඛසංවත්තනික වූ පුණ්‍යප්‍රතිපදාව සුව ලැබීම පිණිස පවත්නී ම ය. එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ සුවය ලබන්නේ වෙයි.
Pali BJTන ඛො ගහපති අරහති අරියසාවකො යසකාමො යසං ආයාචිතුං වා අභිනන්දිතුං වා යසස්ස වා පිහෙතුං. යසකාමෙන ගහපති අරියසාවකෙන යසසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. යසසංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා යසපටිලාභාය සංවත්තති. සො ලාභී හොති යසස්ස දිබ්බස්ස වා මානුසස්ස වා.
Sinhala BJTගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක යශස් යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ යශසට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, යශස් කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු ය. ඔහු විසින් ප්‍රතිපාදනා කළ යශස් පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව යශස්ප්‍රතිලාභය පිණිස පවත්නී ම ය: එහෙයින් හේ දිව්‍ය වූ හෝ මානුෂ්‍ය වූ හෝ යශස් ලබන්නේ වෙයි.
Pali BJTන ඛො ගහපති අරහති අරියසාවකො සග්ගකාමො සග්ගං ආයාචිතුං වා අභිනන්දිතුං වා සග්ගානං වා{1} පිහෙතුං. සග්ගකාමෙන ගහපති අරියසාවකෙන සග්ගසංවත්තනිකා පටිපදා පටිපජ්ජිතබ්බා. සග්ගසංවත්තනිකා හිස්ස පටිපදා පටිපන්නා සග්ගපටිලාභාය සංවත්තති. සො ලාභී හොති සග්ගානන්ති.
Sinhala BJTගැහැවිය, ස්වර්‍ගය කැමැති වූ ආර්‍ය්‍යශ්‍රාවක ස්වර්‍ගය යදනට හෝ අභිනන්‍දනා කරන්නට හෝ ස්වර්‍ගයට රිසි වන්නට හෝ නො ම අර්‍හ වෙයි. ගැහැවිය, ස්වර්‍ගය කැමැති ආර්‍ය්‍යශ්‍රාවකයා විසින් ස්වර්‍ගය පිණිස පවත්නා (දානශීලාදි) පුණ්‍යප්‍රතිපදාව පිළිපැද්ද යුතු වෙයි. ඔහු විසින් ප්‍රතිපාදනා කළ ස්වර්‍ගය පිණිස පවත්නා පුණ්‍යප්‍රතිපදාව ස්වර්‍ගප්‍රතිලාභයට වැටේ ම ය. එහෙයින් හේ ස්වර්‍ගයන් ලබන්නේ වේ.
Pali BJT43. ආයුං වණ්ණං යසං කිත්තිං සග්ගං උච්චාකුලීනතං, රතියො පත්ථයානෙන උළාරා අපරාපරං,{2}
Sinhala BJT43. ආයුෂ ය, ශරීරවර්‍ණ ය, පරිවාර යශස් ය, කීර්ති ය, ස්වර්‍ග ය, උසස් කුලවත් බව ය යන උදාර වූ කාමරතීන් වෙන් වෙන් සේ පතනුවහු විසින් -
Pali BJT44. අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා, අප්පමත්තො උභො අත්ථෙ අධිගණ්හාති පණ්ඩිතො.
Sinhala BJT44-45. පුණ්‍යක්‍රියායෙහි නොපමා වීම බුද්ධාදි පණ්ඩිතයෝ පසසති. (කුශලයෙහි) අප්‍රමත්ත වූ පණ්ඩිත තෙම දෘෂ්ටධර්‍මයෙහි වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, සාම්පරායික වූ යම් අර්‍ත්‍ථයෙකුත් වේ ද, ඒ උභයාර්‍ත්‍ථයන් ලබයි. උභයාර්‍ත්‍ථයාගේ ප්‍රතිලාභයෙන් ධීරයා පණ්ඩිතයෙකැ යි කියනු ලැබේ.
Pali BJT45. දිට්ඨෙව ධම්මෙ යො අත්ථො යො චත්ථො සම්පරායිකො. අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. 1. 5. 4.
Sinhala BJT5. 1. 5. 4.
Pali BJT[මනාපදායීසුත්තං]
Sinhala BJT[මනාපදායී සූත්‍රය]
Pali BJT44. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උග්ගස්ස ගහපතිනො වෙසාලිකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො උග්ගො ගහපති වෙසාලිකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උග්ගො ගහපති වෙසාලිකො භගවන්තං එතදවොච:
Sinhala BJT44. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර ඇසුරු කොට මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කරණ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුකාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ විසල්පුර වැසි උග්‍ර ගෘහපතිහුගේ නිවෙස්න කරා එළැඹි සේක. එළැඹ පන්වාලු අස්නෙහි වැඩහුන් සේක. එ කල්හි විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හින. එකත්පස් ව හුන් විසල්පුර වැසි උග්‍ර ගෘහපති භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
Pali BJT“සම්මුඛා මෙතං{3} භන්තෙ භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ සාලපුප්ඵකං ඛාදනීයං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මනාප දැ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි, හමුයෙහි පිළිගන්නා ලදි. මට සල්පුප් (සිවුමියුරු යොදා සල්පිටියෙන් සල්මල් බඳු කොට තැනූ) කැවුම් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා කොට මාගේ ඒ ඛාද්‍යය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
Pali BJT“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති මනාපං මෙ භන්තෙ සම්පන්නකොලකං, සම්පන්නසූකරමංසං.{4} තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැය ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට ඩෙබරපල මුසු (කොට පිසූ එක් හැවිරිදි) හූරුමස් මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ සූකරමාංසය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
Pali BJT“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ නිබද්ධතෙලකං{1} නාළියසාකං. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට තෙලින් වැටූ (හල්පිටි සමඟ මැඩ දුරු ඈ යෙදූ ගිතෙලෙහි පිස චතුමධුර යොදා තැනූ) නැළිපලා මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ නැළිපලා පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
Pali BJT“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපං මෙ භන්තෙ සාලීනං ඔදනො විචිතකාළකො අනෙකසූපො අනෙකබ්යඤ්ජනො. තං මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මනාප දෑ දෙනුයේ මනාප දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසන ලදි. හමුයෙහි පිළිගන්නා ලදි. වහන්ස, මට නඟාලූ කළුසහල් ඇති නොයෙක් සූප ඇති නොයෙක් බ්‍යඤ්ජන ඇති හැල්සහලින් කළ බත මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ ඕදනය පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.
Pali BJT“සම්මුඛා මෙතං භන්තෙ භගවතො සුතං, සම්මුඛා පටිග්ගහීතං ‘මනාපදායී ලභතෙ මනාප’න්ති. මනාපානි මෙ භන්තෙ කාසිකානි වත්ථානි. තානි මෙ භගවා පතිගණ්හාතු අනුකම්පං උපාදායා”ති. පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJT“වහන්ස, ‘මන වඩනා දෑ දෙනුයේ මන වඩනා දැයක් ලබා’යී තෙල මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් අසන ලදි. හමුයෙන් පිළිගන්නා ලදි. වහන්ස, මට කසීසළු මනාප ය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා පිණිස මාගේ ඒ කසීසළු පිළිගන්නා සේක්ව”යි. බුදුහු අනුකම්පා පිණිස පිළිගත්හ.