Aṅguttara Nikāya

Numerical Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 16006

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ භික්ඛවෙ භික්ඛු දුතියං ඣානං{4} භාවෙති, -පෙ- තතියං ඣානං{5} භාවෙති, - චතුත්ථං ඣානං{6} භාවෙති, - මෙත්තං චෙතොවිමුත්තිං භාවෙති, - කරුණං චෙතොවිමුත්තිං භාවෙති, - මුදිතං චෙතොවිමුත්තිං භාවෙති, - උපෙක්ඛං චෙතොවිමුත්තිං භාවෙති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො, යෙ නං බහුලීකරොන්ති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ අසුරු ගසන පමණ කලෙකුදු ද්විතීයධ්‍යානය භවා නම්, ... තෘතීයධ්‍යානය භවා නම්, ... චතුර්‍ත්‍ථධ්‍යානය භවා නම්, ... (අර්‍පණාප්‍රාප්ත වූ) මෛත්‍රීචිත්තවිමුක්තිය භවා නම්, ... කරුණාචිත්තවිමුක්තිය භවා නම්, ... මෘදුතාචිත්තවිමුක්තිය භවා නම්, ... උපේක්‍ෂාචිත්තවිමුක්තිය භවා නම්, ... මහණෙනි, මේ මහණ නොහළ දැහැන් ඇතිවැ වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නොසිස් වූ පිණ්ඩපාතය වලඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
Pali BJT1. 16. 6. 9-12.
Sinhala BJT1. 16. 6. 9-12.
Pali BJT-පෙ- කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, -පෙ- වෙදනාසු වෙදනානුපස්සී විහරති, -පෙ- චිත්තෙ චිත්තානුපස්සී විහරති, -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං
Sinhala BJT... (අටළොස් වැදෑරුම්) කයෙහි කය අනුව දක්නේ කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, (කායසඞ්ඛ්‍යාත) ලෙව්හි (පඤ්චකාමගුණිකතෘෂ්ණාව වූ) දළ ලෝභය ද (ප්‍රතිඝසම්ප්‍රයුක්ත) දොම්නස ද දුරු කොට වෙසේ ද, ... (නවවිධ වේදනාවන්හි වේදනාව අනුව දක්නේ වෙසේ ද, ... (ෂෝඩශ ප්‍රභේද) චිත්තයෙහි, ... (පඤ්චනීවරණාදී) ධර්‍මයන්හි ධර්‍මය අනුව දක්නේ, කෙලෙස් තවන වැර ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ, ස්මෘතිමත් වූයේ, ලෙව්හි අභිධ්‍යාව හා දොම්නස දුරලා වෙසේ ද ...
Pali BJT1. 16. 6. 13-16.
Sinhala BJT1. 16. 6. 13-16.
Pali BJT-පෙ- අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති, විරියං{1} ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. -පෙ- උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති -පෙ-
Sinhala BJTනූපන් ලෝභාදි ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස (කර්තුකම්‍යතා) කුශලච්ඡන්‍දය උපදවා ද, ... වයම්හි යෙදේ ද කායික චෛතසික වීර්‍ය්‍ය අරඹා ද, සහජාතවීර්‍ය්‍යයෙන් සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද, උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලච්ඡන්‍දය උපදවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... නූපන් කුශල ධර්‍මයන්ගේ උත්පාදය පිණිස ඡන්‍දය දනවා ද, ව්‍යායාම කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ... උපන් කුශල ධර්‍මයන්ගේ ස්ථිතිය පිණිස නො නස්නා පිණිස, භූයස්ත්‍වය පිණිස, විපුල බව පිණිස, වැඩීම පිණිස, පිරිපුන් බව පිණිස ඡන්‍දය දනවා ද, වෑයම් කෙරේ ද, වැර අරඹා ද, සිත නගා තබා ද, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ ද ...
Pali BJT1. 16. 6. 17-20.
Sinhala BJT1. 16. 6. 17-20.
Pali BJT-පෙ- ඡන්ද සමාධි පධානසඞ්ඛාර-සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, -පෙ- විරිය සමාධි, -පෙ- චිත්තසමාධි, -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. -පෙ-
Sinhala BJT... කත්තුකම්‍යතාඡන්‍දය පැවැති සමාධිය හා චතුකිච්චසාධක ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද, ... වීර්‍ය්‍ය ඇසිරි කොට පැවැති සමාධිය හා ... චිත්තය ඇසිරි කොට පැවැති සමාධිය හා, ... විමංසා ව ඇසිරි කොට පැවැති සමාධිය හා ප්‍රධාන සංස්කාරයන්ගෙන් සමන්‍විත වූ ඍද්ධිපාදය වඩා ද ...
Pali BJT1. 16. 6. 21-25.
Sinhala BJT1. 16. 6. 21-25.
Pali BJT-පෙ- සද්ධින්ද්රියං භාවෙති, -පෙ- විරියින්ද්රියං{2} භාවෙති, -පෙ- සතින්ද්රියං භාවෙති, -පෙ- සමාධින්ද්රියං භාවෙති, -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති -පෙ-
Sinhala BJT... ශ්‍රද්ධේන්‍ද්‍රියය වඩා ද, ... වීර්ය්‍යේන්‍ද්‍රියය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධින්‍ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද ...
Pali BJT1. 16. 6. 26-30.
Sinhala BJT1. 16. 6. 26-30.
Pali BJT-පෙ- සද්ධාබලං භාවෙති -පෙ- විරියබලං{1} භාවෙති -පෙ- සතිබලං භාවෙති -පෙ- සමාධිබලං භාවෙති -පෙ- පඤ්ඤාබලං භාවෙති -පෙ-
Sinhala BJT... ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, ... සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද ...
Pali BJT1. 16. 6. 31-37.
Sinhala BJT1. 16. 6. 31-37.
Pali BJT-පෙ- සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති, -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ-
Sinhala BJT... ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩා ද, ... ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩා ද, ... උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ගය වඩා ද ...
Pali BJT1. 16. 6. 38-45.
Sinhala BJT1. 16. 6. 38-45.
Pali BJT-පෙ- සම්මාදිට්ඨිං භාවෙති, -පෙ- සම්මාසඞ්කප්පං භාවෙති, -පෙ- සම්මාවාචං භාවෙති, -පෙ- සම්මාකම්මන්තං භාවෙති, -පෙ- සම්මාආජීවං භාවෙති, -පෙ- සම්මාවායාමං භාවෙති, -පෙ- සම්මාසතිං භාවෙති, -පෙ- සම්මාසමාධිං භාවෙති -පෙ-
Sinhala BJT... සම්‍යදෘෂ්ටිය වඩා ද, ... සම්‍යක්සංකල්පය වඩා ද, ... සම්‍යග්වචනය වඩා ද, ... සම්‍යක්කර්‍මාන්තය වඩා ද, ... සම්‍යක්ආජීවය වඩා ද, ... සම්‍යග්ව්‍යායාමය වඩා ද, ... සම්‍යක්ස්මෘතිය වඩා ද, ... සම්‍යක්සමාධිය වඩා ද ...
Pali BJT1. 16. 6. 46-53.
Sinhala BJT1. 16. 6. 46-53.
Pali BJT-පෙ- අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. -පෙ- අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති. -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමීති එවං සඤ්ඤී හොති -පෙ-
Sinhala BJT... එකෙක් අධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ (නිමිත්තරූපයන්) මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ වඩනා ලද සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ පරිත්ත වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේ ය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ වඩනා ලද හෙයින් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ වූ බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ ද, .... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ නිල් වූ නිල්වන් වූ, අසම්භින්න නීලවර්‍ණ ඇති, නීලාවභාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ පීත (කසා) වූ පීතවර්‍ණ වූ අසම්භින්න පීතවර්‍ණ ඇති පීතාවහාස ඇති බාහිර රූපයන් දක්නේය; ඒ රූපයන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ රතු වූ රතුපැහැ ඇති නොමුසු රතු පැහැ ඇති රත්පැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මි යන මෙබඳු සංඥා ඇත්තේ වේ ද, ... එකෙක් අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ සුදු වූ සුදු පැහැ ඇති, නොමුසු සුදු පැහැ ඇති, සුදුපැහැයෙන් බබලන බැහැරි රූ දක්නේ ය; ඒ රූපයෙන් මැඩ දන්මි, දක්මැ’යි මෙබඳු සංඥා ඇත්තේ වේ ද ...
Pali BJT1. 16. 6. 54-61.
Sinhala BJT1. 16. 6. 54-61.
Pali BJT-පෙ- රූපී රූපානි පස්සති -පෙ- අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. -පෙ- සුභන්තෙව අධිමුත්තො හොති. -පෙ- සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. -පෙ- සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති. -පෙ-
Sinhala BJT... (නීලකසිණාදි වශයෙන් උපන්) රූපධ්‍යාන ඇත්තේ (ධ්‍යානචක්‍ෂුසින්) රූපයන් දක්නේ ද, ... අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බැහැරි රූ දක්නේ ද, ... ශුභයයි ම ගෙණ ඇලුනේ වේ ද, ... සර්‍වප්‍රකාරයෙන් රූපාවචරධ්‍යාන සංඥාවන් ඉක්මවීමෙන්, (දශවිධ) ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන්, (සිවුසාළිස් වැදෑරුම්) නානාත්‍වසංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ‘ආකාශය අනන්තය’ යි ආකාශානන්ත්‍යාතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකාශානන්ත්‍යාතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඥානන්ත්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චන්‍යායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චන්‍යායතනය ඉක්මවා නෛවසංඥානාසංඥායතනයට පැමිණ වෙසේ ද, ... සර්‍වප්‍රකාරයෙන් නෛවසංඥානාසංඥායතනය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වෙසේ ද ....
Pali BJT1. 16. 6. 62-72.
Sinhala BJT1. 16. 6. 62-72.
Pali BJT-පෙ- පඨවීකසිණං භාවෙති, -පෙ- ආපොකසිණං භාවෙති, -පෙ- තෙජොකසිණං භාවෙති, -පෙ- වායොකසිණං භාවෙති, -පෙ- නීලකසිණං භාවෙති, -පෙ- පීතකසිණං භාවෙති, -පෙ- ලොහිතකසිණං භාවෙති, -පෙ- ඔදාතකසිණං භාවෙති, -පෙ- ආකාසකසිණං භාවෙති, -පෙ- විඤ්ඤාණකසිණං භාවෙති, -පෙ- ආලොක කසිණං භාවෙති -පෙ-
Sinhala BJT... පඨවිකසිණ ධ්‍යානය වඩා ද, ... ආපෝකසිණ ධ්‍යානය වඩා ද, ... තෙජොකසිණ ධ්‍යානය වඩා ද, ... වායොකසිණ ධ්‍යානය වඩා ද, ... නීලකසිණ ධ්‍යානය වඩා ද, ... පීතකසිණ ධ්‍යානය වඩා ද, ... ලෝහිතකසිණ ධ්‍යානය වඩා ද, ... ඔදාතකසිණ ධ්‍යානය වඩා ද, ... ආකාශ කසිණ ධ්‍යානය වඩා ද, ... විඤ්ඤාණ කසිණ ධ්‍යානය වඩා ද, ආලෝක කසිණ ධ්‍යානය වඩා ද, ...
Pali BJT1. 16. 6. 73-82.
Sinhala BJT1. 16. 6. 73-82.
Pali BJT-පෙ- අසුභසඤ්ඤං භාවෙති, -පෙ- මරණසඤ්ඤං භාවෙති, -පෙ- ආහාරෙ පටිකූලසඤ්ඤං භාවෙති, -පෙ- සබ්බලොකෙ අනභිරතිසඤ්ඤං{1} භාවෙති, -පෙ- අනිච්චසඤ්ඤං භාවෙති, අනිච්චෙ දුක්ඛසඤ්ඤං භාවෙති, -පෙ- දුක්ඛෙ අනත්තසඤ්ඤං භාවෙති, -පෙ- පහාණසඤ්ඤං භාවෙති, -පෙ- විරාගසඤ්ඤං භාවෙති, -පෙ- නිරොධසඤ්ඤං භාවෙති -පෙ-
Sinhala BJT... අශුභ සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සියලුම (ත්‍රෛධාතුක) ලෝකයෙහි අනභිරත සංඥාව වඩා ද, ... අනිත්‍යසංඥාව වඩා ද, ... අනිත්‍ය (වූ පඤ්චස්කන්‍ධ) යෙහි දුඃඛ සංඥාව වඩා ද, … දුඃඛ (වූ පඤ්චස්කන්‍ධ) යෙහි අනාත්ම සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) ප්‍රහාණ සංඥාව වඩා ද, ... (පඤ්චවිධ) විරාග සංඥාව වඩා ද, ... (සංස්කාරයන්හි) නිරෝධ සංඥාව වඩා ද ...
Pali BJT1. 16. 6. 83-92.
Sinhala BJT1. 16. 6. 83-92.
Pali BJT-පෙ- අනිච්චසඤ්ඤං භාවෙති, -පෙ- අනත්තසඤ්ඤං භාවෙති, -පෙ- මරණසඤ්ඤං භාවෙති, -පෙ- ආහාරෙ පටික්කූලසඤ්ඤං භාවෙති, -පෙ- සබ්බලොකෙ අනභිරතිසඤ්ඤං භාවෙති, -පෙ- අට්ඨිකසඤ්ඤං භාවෙති, -පෙ- පුලවකසඤ්ඤං භාවෙති, -පෙ- විනීලකසඤ්ඤං භාවෙති, -පෙ- විච්ඡිද්දකසඤ්ඤං භාවෙති, -පෙ- උද්ධුමාතකසඤ්ඤං භාවෙති -පෙ-
Sinhala BJT... අනිත්‍ය සංඥාව වඩා ද, ... අනාත්ම සංඥාව වඩා ද, ... මරණ සංඥාව වඩා ද, ... ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව වඩා ද, ... සර්‍වප්‍රකාරයෙන් ලෝකයෙහි අනභිරතසංඥාව වඩා ද, ... අස්ථිකසංඥාව වඩා ද, ... පුලවක සංඥාව වඩා ද, ... විනීලකසංඥාව වඩා ද, ... විච්‍ඡිද්‍රක සංඥාව වඩා ද, ... උද්ධුමාතක සංඥාව වඩා ද ...
Pali BJT1. 16. 6. 93-102.
Sinhala BJT1. 16. 6. 93-102.
Pali BJT-පෙ- බුද්ධානුස්සතිං භාවෙති, -පෙ- ධම්මානුස්සතිං භාවෙති, -පෙ- සඞ්ඝානුස්සතිං භාවෙති, -පෙ- සීලානුස්සතිං භාවෙති, -පෙ- චාගානුස්සතිං භාවෙති, -පෙ- දෙවතානුස්සතිං භාවෙති, -පෙ- ආනාපානසතිං භාවෙති, -පෙ- මරණසතිං භාවෙති, -පෙ- කායගතාසතිං භාවෙති, -පෙ- උපසමානුස්සතිං භාවෙති -පෙ-
Sinhala BJT… බුද්ධානුස්මෘතිය වඩා ද, ... ධර්‍මානුස්මෘතිය වඩා ද, ... සඞ්ඝානුස්මෘතිය වඩා ද, ... ශීලානුස්මෘතිය වඩා ද, ... ත්‍යාගානුස්මෘතිය වඩා ද, ... දේවතානුස්මෘතිය වඩා ද, ... ආනාපානස්මෘතිය වඩා ද, ... මරණස්මෘතිය වඩා ද, … කායගතාස්මෘතිය වඩා ද, ... උපශමානුස්මෘතිය වඩා ද, ...
Pali BJT1. 16. 6. 103-142.
Sinhala BJT1. 16. 6. 103-142.
Pali BJT-පෙ- පඨමජ්ඣානසහගතං සද්ධින්ද්රියං භාවෙති, -පෙ- විරියින්ද්රියං{2} භාවෙති, -පෙ- සතින්ද්රියං භාවෙති, -පෙ- සමාධින්ද්රියං භාවෙති, -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති, -පෙ- සද්ධාබලං භාවෙති, -පෙ- විරියබලං භාවෙති, -පෙ- සතිබලං භාවෙති, -පෙ- සමාධිබලං භාවෙති, -පෙ- පඤ්ඤාබලං භාවෙති, -පෙ- දුතියජ්ඣානසහගතං -පෙ- තතියජ්ඣානසහගතං -පෙ- චතුත්ථජ්ඣානසහගතං පඤ්ඤාබලං භාවෙති -පෙ-
Sinhala BJT... ප්‍රථමධ්‍යාන සහගත වූ ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, … ස්මෘතින්‍ද්‍රිය ය වඩා ද, ... සමාධින්‍ද්‍රිය ය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රිය ය වඩා ද, … ශ්‍රද්ධාබලය වඩා ද, ... වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … ප්‍රඥාබලය වඩා ද, ... ද්වීතියධ්‍යානසහගත වූ, ... තෘතියධ්‍යානයසහගතවූ, ... චතුර්‍ත්‍ථධ්‍යානසහගත වූ, ... ප්‍රඥාබලය වඩා ද ...
Pali BJT1. 16. 6. 143-182.
Sinhala BJT1. 16. 6. 143-182.
Pali BJT-පෙ- මෙත්තාසහගතං -පෙ- කරුණාසහගතං -පෙ- මුදිතාසහගතං -පෙ- උපෙක්ඛාසහගතං සද්ධින්ද්රියං භාවෙති, -පෙ- විරියින්ද්රියං භාවෙති, -පෙ- සතින්ද්රියං භාවෙති, -පෙ- සමාධින්ද්රියං භාවෙති, -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති, -පෙ- සද්ධාබලං භාවෙති, -පෙ- විරියබලං භාවෙති, -පෙ- සතිබලං භාවෙති, -පෙ- සමාධිබලං භාවෙති, -පෙ- පඤ්ඤාබලං භාවෙති, අයං වුච්චති භික්ඛවෙ භික්ඛු අරිත්තජ්ඣානො විහරති, සත්ථුසාසනකරො ඔවාදපතිකරො අමොඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කො පන වාදො යෙ නං බහුලීකරොන්තීති.
Sinhala BJT... මෛත්‍රීසහගත වූ, ... කරුණාසහගත වූ, ... මෘදුසහගත වූ, ... උපේක්‍ෂාසහගත වූ, ... ශ්‍රද්ධේන්‍ද්‍රිය ය වඩා ද, ... වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වඩා ද, ... ස්මෘතීන්‍ද්‍රියය වඩා ද, ... සමාධීන‍්ද්‍රියය වඩා ද, ... ප්‍රඥේන්‍ද්‍රියය වඩා ද, ... ශ්‍රද්ධාබලය වඩා ද, … වීර්‍ය්‍යබලය වඩා ද, ... ස්මෘතිබලය වඩා ද, … සමාධිබලය වඩා ද, ... ප්‍රඥාබලය වඩා ද, ... මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇත්තේ ය යි කියනු ලැබේ. ශාස්තෘශාසනකර වූයේ, ඔවා පිළිගෙන කරන්නේ නො සිස් වූ රට්ඨපිණ්ඩය වළඳයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථාය.
Pali BJTවග්ගො ඡට්ඨො
Sinhala BJTසවන වග යි.
Pali BJT(අච්ඡරාසඞ්ඝාතවග්ගෙ පෙය්යාල මුඛෙන නිද්දිට්ඨංහොති ද්වසීන්යාධික සුත්තසතං?)
Sinhala BJT(අච්‍ඡරාසඞ්ඝාත වර්‍ගයෙහි පෙය්‍යාලමුඛයෙන් දක්වන ලද සූත්‍ර සඞ්ඛ්‍යාව එක්සිය දෙ අසුවකි?)
Pali BJT[7. කායගතාසතිවග්ගො]
Sinhala BJT[7. කායගතාසති වර්‍ගය]
Pali BJT1. 16. 7. 1.
Sinhala BJT1. 16. 7. 1.
Pali BJTයස්ස කස්සචි භික්ඛවෙ මහාසමුද්දො චෙතසා ඵුටො, අන්තොගධා තස්ස කුන්නදියො යා කාචි සමුද්දඞ්ගමා. එවමෙව ඛො{1} භික්ඛවෙ යස්ස කස්සචි කායගතාසති භාවිතා බහුලීකතා, අන්තොගධා තස්ස කුසලා ධම්මා, යෙ කෙචි විජ්ජාභාගියා.{2}
Sinhala BJTමහණෙනි, යම් කිසිවකු විසින් මහසමුදුර සිතින් පහස්නා ලද්දේ නම්, මහමුහුදට ගලා බස්නා යම් කිසි කුඩා නදීහු වෙත් ද, ඔහු එයට ඇතුළත් වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසිවකු විසින් කාගියාසී (කායගතාසතිය) වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ වේ ද, අෂ්ටවිද්‍යා භජනය කරණ යම් කිසි කුශල ධර්‍මයෝ වෙත් නම්, ඔහු එයට (කායගතාසතියට) ඇතුළත් වෙති.
Pali BJT1. 16. 7. 2-8.
Sinhala BJT1. 16. 7. 2-8.
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො මහතො සංවෙගාය සංවත්තති, -පෙ- මහතො අත්ථාය සංවත්තති, -පෙ- මහතො යොගක්ඛෙමාය සංවත්තති, -පෙ- සතිසම්පජඤ්ඤාය සංවත්තති, -පෙ- ඤාණදස්සනපටිලාභාය සංවත්තති, -පෙ- දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, -පෙ- විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය, සංවත්තති. කතමො එකධම්මො: කායගතාසති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො මහතො සංවෙගාය සංවත්තති, මහතො අත්ථාය සංවත්තති, මහතො යොගක්ඛෙමාය සංවත්තති, සතිසම්පජඤ්ඤාය සංවත්තති, ඤාණදස්සනපටිලාභාය සංවත්තති, දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් වූ සංවේගය පිණිස පවත්නේය … මහත් වූ අර්‍ත්‍ථය (සතරමග) පිණිස පවත්නේය … මහත් වූ යෝගක්‍ෂේමය (සතර ශ්‍රාමණ්‍යඵල) පිණිස පවත්නේය ස්මෘතිය හා සම්‍යක්ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය (දිවැස් නුවණ) පිණිස පවත්නේය. ඉහාත්මභාවසුඛ විහරණය පිණිස පවත්නේය. විද්‍යා - විමුක්තිඵල (මාර්‍ගප්‍රඥා - සම්ප්‍රයුක්තධර්‍ම - අර්‍හත්ඵල) ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිස පවත්නේය. කවර එක ම ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ මහත් සංවේගය පිණිස පවත්නේය … මහත් අර්‍ත්‍ථය පිණිස පවත්නේය ... මහත් යෝගක්‍ෂේමය පිණිස පවත්නේ ය ... ස්මෘතිය හා සම්‍යක් ප්‍රඥාව පිණිස පවත්නේය … ඥානදර්‍ශනප්‍රතිලාභය පිණිස පවත්නේය ... දෘෂ්ටධර්‍මසුඛ විහරණය පිණිස පවත්නේය ... විද්‍යා - විමුක්ති - ඵල ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවත්නේය.
Pali BJT1. 16. 7. 9-12.
Sinhala BJT1. 16. 7. 9-12.
Pali BJTඑකධම්මෙ භික්ඛවෙ භාවිතෙ බහුලීකතෙ කායොපි පස්සම්භති, -පෙ- චිත්තම්පි පස්සම්භති, -පෙ- විතක්කවිචාරාපි වූපසම්මන්ති, -පෙ- කෙවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. කතමස්මිං එකධම්මෙ: කායගතාය සතියා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භාවිතෙ බහුලීකතෙ කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, විතක්කවිචාරාපි වූපසම්මන්ති, කෙවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.{3}
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද (නාම - කරජ දෙකාය) සන්හිඳෙයි … සිත ද සන්සිඳෙයි ... විතර්‍ක විචාරයෝ ද සන්හිඳෙත් … සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්. කවර එක් ධර්‍මයෙක් වැඩු කල්හි යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි කය ද සන්හිඳෙයි. සිත ද සන්හිඳෙයි. විතර්‍කවිචාරයෝ ද සන්සිඳෙත්. සියලු විද්‍යාභාගීය ධර්‍මයෝ ද භාවනායෙන් පිරිපුන් බවට යෙත්.
Pali BJT1. 16. 7. 13.
Sinhala BJT1. 16. 7. 13.
Pali BJTඑකධම්මෙ භික්ඛවෙ භාවිතෙ බහුලීකතෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පහීයන්ති. කතමස්මිං එකධම්මෙ: කායගතාසතියා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භාවිතෙ බහුලීකතෙ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පහීයන්ති.
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන් අකුශලධර්‍මයෝ ද නූපදිත්. උපන් අකුශලධර්‍මයෝ ද ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හි යත්: කාගියාසීය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි නූපන්නා වූ ද අකුශලධර්‍මයෝ නූපදිත්. උපන්නා වූ ද අකුශලධර්‍මයෝ ප්‍රහීණ වෙත්.
Pali BJT1. 16. 7. 14.
Sinhala BJT1. 16. 7. 14.
Pali BJTඑකධම්මෙ භික්ඛවෙ භාවිතෙ බහුලීකතෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති. කතමස්මිං එකධම්මෙ: කායගතාසතියා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භාවිතෙ බහුලීකතෙ අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති.
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ උපදිත්. උපන්නා වූ කුශලධර්‍මයෝ ද භූයස්ත්‍වය පිණිස විපුල බව පිණිස පවත්නාහ. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී (වැඩු කල්හි) යි. මහණෙනි, මේ එක් ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළකල්හි නූපන්නා වූ ද කුශලධර්‍මයෝ බොහෝ බව පිණිස විපුල බව පිණිස පවත්නාහ.
Pali BJT1. 16. 7. 15-19.
Sinhala BJT1. 16. 7. 15-19.
Pali BJTඑකධම්මෙ භික්ඛවෙ භාවිතෙ බහුලීකතෙ අවිජ්ජා පහීයති, -පෙ- විජ්ජා උප්පජ්ජති, -පෙ- අස්මිමානො පහීයති, -පෙ- අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති, -පෙ- සඤ්ඤොජනා පහීයන්ති. කතමස්මිං එකධම්මෙ: කායගතාය සතියා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භාවිතෙ බහුලීකතෙ අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති. අස්මිමානො පහීයති, අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති, සඤ්ඤොජනා පහීයන්ති.{1}
Sinhala BJTමහණෙනි, මේ එක්ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් (පුරුදු) කළ කල්හි (අටතන්හි බොල්අඳුරු කරණ) අවිද්‍යාව ප්‍රහීණ වේ … (අර්‍හත්‍වමාර්‍ගඥාන) විද්‍යාව උපදනීය … (නවවිධ) අස්මිමානය ප්‍රහීණ වේ .... (සප්ත) අනුශයයෝ නැස්මට යෙත් ... (දශ) සංයෝජනයෝ ප්‍රහීණ වෙත්. කවර එක් ධර්‍මයක් වැඩු කල්හිය යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි අවිද්‍යාව ප්‍රහීණ වේ. විද්‍යාව උපදනීය. අස්මිමානය ප්‍රහීණ වේ. අනුශයෝ නැස්මට යෙත්. සංයෝජනයෝ ප්‍රහීණ වෙත්.
Pali BJT1. 16. 7. 20-21.
Sinhala BJT1. 16. 7. 20-21.
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො පඤ්ඤාපභෙදාය සංවත්තති, -පෙ- අනුපාදා පරිනිබ්බාණාය සංවත්තති. කතමො එකධම්මො: කායගතා සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො පඤ්ඤාපභෙදාය සංවත්තති, අනුපාදාපරිනිබ්බාණාය සංවත්තති.{2}
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥා ප්‍රභේදය පිණිස පවත්නේ ය … අනුපාදා පරිනිර්‍වාණය පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයෙක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රභේදය පිණිස පවත්නේ ය. අනුපාදා පරිනිර්‍වාණය පිණිස පවත්නේ ය.
Pali BJT1. 16. 7. 22-24.
Sinhala BJT1. 16. 7. 22-24.
Pali BJTඑකධම්මෙ භික්ඛවෙ භාවිතෙ බහුලීකතෙ අනෙකධාතුපටිවෙධො හොති, -පෙ- නානාධාතුපටිවෙධො හොති, -පෙ- අනෙකධාතුපටිසම්භිදා හොති. කතමස්මිං එකධම්මෙ: කායගතාය{3} සතියා. ඉමස්මිං ඛො භික්ඛවෙ එකධම්මෙ භාවිතෙ බහුලීකතෙ අනෙකධාතුපටිවෙධො හොති, නානාධාතුපටිවෙධො හොති, අනෙකධාතුපටිසම්භිදා හොති.{4}
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයක් වැඩු කල්හි බහුල වශයෙන් පුරුදු කළ කල්හි අනේක (අටළොස්) ධාතූන්ගේ (ලක්‍ෂණ) ප්‍රතිවේධය වෙයි … (අටළොස්) ධාතූන්ගේ නානාභාවයෙන් (ලක්‍ෂණ) ප්‍රතිවේධය වේ … අනේක (අටළොස්) ධාතුන්ගේ ප්‍රතිසම්භිදා ඥානය වේ. කවර එක් ධර්‍මයක් වැඩුකල්හි යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වැඩු කල්හි බහුල වශයෙන් කළ කල්හි අනේක ධාතූන්ගේ ප්‍රතිවේධය වේ. නානාධාතූන්ගේ ප්‍රතිවේධය වේ. අනේක ධාතුන්ගේ ප්‍රතිසම්භිධා ඥානය වේ.
Pali BJT1. 16. 7. 25-28.
Sinhala BJT1. 16. 7. 25-28.
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති, -පෙ- සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, -පෙ- අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, -පෙ- අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තති. කතමො එකධම්මො: කායගතා සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති, සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවාන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය ... සෙදගැමිපල පසක් කිරීම පිණිස පවත්නේය ... අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය ... රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. කවර එක් ධර්‍මයක යත්: කාගියාසී ය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩනා ලද්දේ බහුල වශයෙන් කරණ ලද්දේ සෝවන්පල පසක් කිරීම පිණිස පවත්නේ ය. සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතී. අනගැමිපල පසක් කිරීම පිණිස පවත්නේ ය. රහත්පල පසක් කිරීම පිණිස පවත්නේ ය.
Pali BJT1. 16. 7. 29-44.
Sinhala BJT1. 16. 7. 29-44.
Pali BJTඑකධම්මො භික්ඛවෙ භාවිතො බහුලීකතො පඤ්ඤාපටිලාභාය සංවත්තති, -පෙ- පඤ්ඤාවුද්ධියා සංවත්තති, -පෙ- පඤ්ඤාවෙපුල්ලාය සංවත්තති, -පෙ- මහාපඤ්ඤතාය සංවත්තති, -පෙ- පුථුපඤ්ඤතාය සංවත්තති, -පෙ- විපුලපඤ්ඤතාය සංවත්තති, -පෙ- ගම්භීරපඤ්ඤතාය සංවත්තති, -පෙ- අසාමන්තපඤ්ඤතාය{1} සංවත්තති, -පෙ- භූරිපඤ්ඤතාය සංවත්තති, -පෙ- පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, -පෙ- සීඝපඤ්ඤතාය සංවත්තති, -පෙ- ලහුපඤ්ඤතාය සංවත්තති, -පෙ- හාසුපඤ්ඤතාය{2} සංවත්තති, -පෙ- ජවනපඤ්ඤතාය සංවත්තති, -පෙ- තික්ඛපඤ්ඤතාය සංවත්තති, -පෙ- නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තති. කතමො එකධම්මො: කායගතා සති. අයං ඛො භික්ඛවෙ එකධම්මො භාවිතො බහුලීකතො පඤ්ඤාපටිලාභාය සංවත්තති, පඤ්ඤාවුද්ධියා සංවත්තති, පඤ්ඤාවෙපුල්ලාය සංවත්තති, මහාපඤ්ඤතාය සංවත්තති, පුථුපඤ්ඤතාය සංවත්තති, විපුලපඤ්ඤතාය සංවත්තති, ගම්භීරපඤ්ඤතාය සංවත්තති, අසාමන්තපඤ්ඤතාය සංවත්තති, භූරිපඤ්ඤතාය සංවත්තති, පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, සීඝපඤ්ඤතාය සංවත්තති, ලහුපඤ්ඤතාය සංවත්තති, හාසුපඤ්ඤතාය සංවත්තති, ජවනපඤ්ඤතාය සංවත්තති, තික්ඛපඤ්ඤතාය සංවත්තති, නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තති.{3}
Sinhala BJTමහණෙනි, එක් ම ධර්‍මයෙක් වඩන ලද්දේ, බහුල වශයෙන් කරණ ලද්දේ ප්‍රඥාප්‍රතිලාභය පිණිස පවත්නේය … ප්‍රඥාවගේ වැඩීම පිණිස පවත්නේය … ප්‍රඥාවගේ විපුල බව පිණිස පවත්නේය … මහාප්‍රාඥ බව පිණිස පවත්නේය ... (ස්කන්‍ධාදිනානාධර්‍මයන්හි) පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය ... විපුල ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ගැඹුරු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (රාගාදිකෙලෙස් මඩනා) භූරි ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … ප්‍රඥාබාහුල්‍ය පිණිස පවත්නේය … ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (යුහුව සිල්පුරණ) ක්‍ෂිප්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (තෘෂ්ටිබහුලව ශීලාදිය පුරණ) හාසුප්‍රඥා ඇති බව පිණිස පවත්නේය … (ස්කන්‍ධාත්‍වායතනාදියෙහි දුවන) ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (කෙලෙස් සිඳීමෙහි) තීක්‍ෂණප්‍රඥා ඇති බව පිණිස පවත්නේය ... (සංස්කාරයන්හි කලකිරුවන) නිර්වේදික ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. කවර එක් ධර්‍මයෙක යත්: කායගතාසතිය යි. මහණෙනි, මේ එක් ම ධර්‍මය වඩන ලද්දේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ ප්‍රඥාවගේ ප්‍රතිලාභය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ වෘද්ධිය පිණිස පවත්නේය. ප්‍රඥාවගේ විපුලත්‍වය පිණිස පවත්නේය. මහාප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. පෘථක්ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. විපුලප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ගම්භීරප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. අසාමන්තප්‍රඥා ඇති බව පිණිස පවත්නේ ය. භූරිප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ප්‍රඥාබාහුල්‍යය පිණිස පවත්නේය. ශීඝ්‍රප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ක්‍ෂිප්‍ර ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. හාසු ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. ජවනප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. තීක්‍ෂණ ප්‍රඥා ඇති බව පිණිස පවත්නේය. නිර්වේදිකප්‍රඥා ඇති බව පිණිස පවත්නේය.
Pali BJT[කායගතාසති] වග්ගො සත්තමො.
Sinhala BJTසත්වන [කායගතාසති] වග යි.
Pali BJT[8. අමතවග්ගො]
Sinhala BJT[8. අමෘත වර්‍ගය]
Pali BJT1. 16. 8. 1-8.
Sinhala BJT1. 16. 8. 1-8.
Pali BJTඅමතං තෙ භික්ඛවෙ න පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං න පරිභුඤ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් අමෘතසදෘශ කායගතාසතිය පරිභෝග ධ්‍යාන-සමාපජ්ජනයෙන් නො කෙරෙද් ද, ඔහු අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො වළඳත්.
Pali BJTඅමතං තෙ භික්ඛවෙ පරිභුඤ්ජන්ති, යෙ කායගතාසතිං පරිභුඤ්ජන්ති.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත් ද, ඔහු අමෘතය වළඳත්.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අපරිභුත්තං, යෙසං කායගතාසති අපරිභුත්තා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය නො වළඳනා ලදී.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ පරිභුත්තං, යෙසං කායගතාසති පරිභුත්තාති.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වළඳන ලදු ද, ඔවුන් විසින් අමෘතය වළඳනා ලදි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ පරිහීනං, යෙසං කායගතාසති පරිහීනා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය පිරිහින.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අපරිහීනං, යෙසං කායගතාසති අපරිහීනා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන්ගේ කායගතාසතිය නො පිරිහුනු ද, ඔවුන්ගේ අමෘතය නො පිරිහින.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ විරද්ධං, යෙසං කායගතාසති විරද්ධා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය අනධිගමයෙන් වරදනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වරදනා ලදී.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ ආරද්ධං, යෙසං කායගතාසති ආරද්ධා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සැපැයිනි ද, ඔවුන් විසින් අමෘතය නිෂ්පාදිත වෙයි.
Pali BJT1. 16. 8. 9-24.
Sinhala BJT1. 16. 8. 9-24.
Pali BJTඅමතං තෙ භික්ඛවෙ පමාදිංසු, යෙ කායගතාසතිං පමාදිංසු.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා කෙරෙත් ද, ඔහු අමෘතය පමා කෙරෙත්.
Pali BJTඅමතං තෙ භික්ඛවෙ නප්පමාදිංසු, යෙ කායගතාසතිං නප්පමාදිංසු.
Sinhala BJTමහණෙනි, යම් කෙනෙක් කායගතාසතිය පමා නො කෙරෙත් ද, ඔහු අමෘතය පමා නො කෙරෙත්.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ පම්මුට්ඨං, යෙසං කායගතාසති පම්මුට්ඨා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත ද, ඔවුන්ට අමෘතය විස්මෘත වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අපම්මුට්ඨං, යෙසං කායගතාසති අපම්මුට්ඨාති.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුනට කායගතාසතිය විස්මෘත නො වේ ද, ඔවුනට අමෘතය විස්මෘත නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අනාසෙවිතං, යෙසං කායගතාසති අනාසෙවිතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ ආසෙවිතං, යෙසං කායගතාසති ආසෙවිතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය සෙවුනා ලදු ද, ඔවුන් විසින් අමෘතය සෙවුනා ලද වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අභාවිතං, යෙසං කායගතාසති අභාවිතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය නො වඩනා ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩනා ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ භාවිතං, යෙසං කායගතාසති භාවිතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය වඩන ලදු ද, ඔවුන් විසින් අමෘතය වඩන ලද වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අබහුලීකතං, යෙසං කායගතාසති අබහුලීකතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ බහුලීකතං, යෙසං කායගතාසති බහුලීකතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය බහුල වශයෙන් පුරුදු කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පුරුදු කරණ ලද වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අනභිඤ්ඤාතං, යෙසං කායගතාසති අනභිඤ්ඤාතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය විශිෂ්ටඥානයෙන් නො දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අභිඤ්ඤාතං, යෙසං කායගතාසති අභිඤ්ඤාතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය දන්නා ලද වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අපරිඤ්ඤාතං, යෙසං කායගතාසති අපරිඤ්ඤාතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය (භූතපරිඥාවශයෙන්) පිරිසිඳ නොදන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ පරිඤ්ඤාතං, යෙසං කායගතාසති පරිඤ්ඤාතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පිරිසිඳ දන්නා ලදු ද, ඔවුන් විසින් අමෘතය පිරිසිඳ දන්නා ලද වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ අසච්ඡිකතං, යෙසං කායගතාසති අසච්ඡිකතා.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් නො කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද නො වෙයි.
Pali BJTඅමතං තෙසං භික්ඛවෙ සච්ඡිකතං, යෙසං කායගතාසති සච්ඡිකතාති.
Sinhala BJTමහණෙනි, යම් කෙනකුන් විසින් කායගතාසතිය පසක් කරණ ලදු ද, ඔවුන් විසින් අමෘතය පසක් කරණ ලද වේ යි.
Pali BJT[අමත] වග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවෙනි [අමා] වග යි.
Pali BJTඑකකනිපාතස්ස සුත්තසහස්සං{*} සමත්තං.
Sinhala BJTඒකක නිපාතයෙහි සූත්‍ර දහස{*} නිමි.
Pali BJT2. දුකනිපාතො
Sinhala BJT2. දුකනිපාතය
Pali BJTපඨමො පණ්ණාසකො
Sinhala BJTපඨමපණ්ණාසකය
Pali BJT1. වස්සූපනායිකාවග්ගො
Sinhala BJT1. වස්සූපනායිකා වර්‍ගය
Pali BJT2. 1. 1. 1.
Sinhala BJT2. 1. 1. 1.
Pali BJTවජ්ජසුත්තං
Sinhala BJTවජ්ජ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො ති. භදන්තෙ ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච :
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTද්වෙමානි භික්ඛවෙ, වජ්ජානි. කතමානි ද්වෙ? දිට්ඨධම්මිකඤ්ච වජ්ජං, සම්පරායිකඤ්ච වජ්ජං. කතමඤ්ච භික්ඛවෙ, දිට්ඨධම්මිකං වජ්ජං: ඉධ භික්ඛවෙ, එකච්චො පස්සති චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තෙ, කසාහිපි තාළෙන්තෙ, වෙත්තෙහිපි තාළෙන්තෙ, අද්ධදණ්ඩකෙහිපි තාළෙන්තෙ, හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ, හත්ථපාදම්පි ඡින්දන්තෙ, කණ්ණම්පි ඡින්දන්තෙ, නාසම්පි ඡින්දන්තෙ, කණ්ණනාසම්පි ඡින්දන්තෙ, බිලඞ්ගථාලිකම්පි කාරෙන්තෙ, සඞ්ඛමුණ්ඩිකම්පි කාරෙන්තෙ, රාහුමුඛම්පි කාරෙන්තෙ, ජොතිමාලිකම්පි කාරෙන්තෙ, හත්ථපජ්ජොතිකම්පි කාරෙන්තෙ, එරකවත්තිකම්පි කාරෙන්තෙ, චීරකවාසිකම්පි කාරෙන්තෙ, එණෙය්යකම්පි කාරෙන්තෙ, බලිසමංසිකම්පි කාරෙන්තෙ, කහාපණිකම්පි කාරෙන්තෙ, ඛාරාපතච්ඡිකම්පි කාරෙන්තෙ, පලිඝපරිවත්තිකම්පි කාරෙන්තෙ, පලාලපිට්ඨිකම්පි කාරෙන්තෙ, තත්තෙනපි තෙලෙන ඔසිඤ්චන්තෙ, සුනඛෙහිපි ඛාදාපෙන්තෙ, ජීවන්තම්පි සූලෙ උත්තාසෙන්තෙ, අසිනාපි සීසං ඡින්දන්තෙ. තස්ස එවං හොති: යථාරූපානං ඛො පාපකානං කම්මානං හෙතු චොරං ආගුචාරිං රාජානො ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්ති, කසාහිපි තාළෙන්ති -පෙ- අසිනාපි සීසං ඡින්දන්ති. අහං චෙව ඛො පන එවරූපං පාපං කම්මං කරෙය්යං, මම්පි රාජානො ගහෙත්වා එවරූපා විවිධා කම්මකාරණා කාරෙය්යුං: කසාහිපි තාළෙය්යුං -පෙ- අසිනාපි සීසං ඡින්දෙය්යුන්ති. සො දිට්ඨධම්මිකස්ස වජ්ජස්ස භීතො න පරෙසං පාභතං පලුම්පන්තො චරති. ඉදං වුච්චති භික්ඛවෙ, දිට්ඨධම්මිකං වජ්ජං.
Sinhala BJTමහණෙනි, මේ වද්‍ය (අපරාධ) දෙකෙකි. කවර දෙකෙක යත්: දෘෂ්ටධර්‍මවිපාක ඇති අපරාධය හා පරලොව විපාක ඇති අපරාධ යි. මහණෙනි, ඉහාත්‍මයෙහි විපාක ඇති අපරාධය කවරේ ය යත්: මහණෙනි, මෙලොව රජවරු අපරාධ කරණ සොරු ගෙණ විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, වේවැලිනුදු තළත්, මුගුරිනුදු තළත්, අතුදු සිඳුති, අත් පා ද සිඳුති, කනුදු සිඳුති, නැහැය ද සිඳුති, කන් නාසා ද සිඳුති, බිලඞ්ගථාලික නම් වධය ද කරත්, සඞ්ඛමුණ්ඩික නම් වධය ද කරත්, රාහුමුඛ නම් වධය ද කරත්, ජෝතිමාලික නම් වධය ද කරත්, හත්‍ථපජ්ජෝතික නම් වධය ද කරත්,එරකවත්තික නම් වධය ද කරත්, චීරකවාසික නම් වධය ද කරත්, එණෙය්‍යක නම් වධය ද කරත්, බලිසමංසික නම් වධය ද කරත්, කහාපණක නම් වධය ද කරත්, ඛාරාපතච්ඡික නම් වධය ද කරත්, පලිඝපරිවත්‍තික නම් වධය ද කරත්, පලාලපිටඨික නම් වධය ද කරත්, කකියන තෙලිනුදු ඉසිත්, කීණ බල්ලන් ලා කවත්, දිවමනුහු හුල හිඳුවත්, අසිපතිනුදු හිස් සිඳුති. කිසිවෙක් තෙල සොරු දක්නේ ය. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: යම් බඳු පාපකර්‍මයන් හේතු කොට ගෙණ අපරාධකාරී සොරු ගෙණ රජදරුවෝ විවිධ කම්කටොලු කරත් ද, කසවැලිනුදු තළත් ද, ... අසිපතිනුදු හිස් සිඳිත් ද, මම වැලිත් මෙ බඳු පව්කම් කරන්නෙම් නම්, රජදරුවෝ මයිදු ගෙණ මෙ බඳු විවිධ කම්කටොලු කරත්: කසවැලිනුදු තළත්, ... අසිපතිනුදු හිස සිඳිත් ය කියා යි. හෙ තෙම ඉහාත්මයෙහි වූ වරදට බියපත් වූයේ මෙරමාගේ භාණ්ඩ වොලොගන්මින් නො හැසිරෙයි මහණෙනි, මෙය දෘෂ්‍ටධාර්මිකවද්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සම්පරායිකං වජ්ජං: ඉධ භික්ඛවෙ, එකච්චො ඉති පටිසඤ්චික්ඛති : කායදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පරායං, වචීදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පරායං, මනොදුච්චරිතස්ස ඛො පාපකො විපාකො අභිසම්පරායං. අහං චෙව ඛො පන කායෙන දුච්චරිතං චරෙය්යං, වාචාය දුච්චරිතං චරෙය්යං, මනසා දුච්චරිතං චරෙය්යං. කිඤ්ච තං, යාහං න කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්යන්ති. සො සම්පරායිකස්ස වජ්ජස්ස භීතො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති. මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවෙ, සම්පරායිකං වජ්ජං. ඉමානි ඛො භික්ඛවෙ, ද්වෙ වජ්ජානි. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: දිට්ඨධම්මිකස්ස වජ්ජස්ස භායිස්සාම, සම්පරායිකස්ස වජ්ජස්ස භායිස්සාම, වජ්ජභීරුනො භවිස්සාම. වජ්ජභයදස්සාවිනොති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බං. වජ්ජභීරුනො භික්ඛවෙ, වජ්ජභයදස්සාවිනො එතං පාටිකඞ්ඛං, යං පරිමුච්චිස්සති සබ්බවජ්ජෙහී ති.
Sinhala BJTමහණෙනි, සමපරායිකවද්‍ය කවරේ ය යත්: මහණෙනි, මේ ලෝකයෙහි කිසිවෙක් මෙසේ නුවණින් සිතයි: ‘කායදුශ්චරිතයාගේ වනාහි පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක, වාග්දුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මනෝදුශ්චරිතයාගේ පරලොව ලාමක වූ දුඃඛවිපාකයෙක. මම වැලිත් කයින් දුසිරිත කරන්නෙම් නම්, වචනයෙන් දුසිරිත කරන්නෙම් නම්, සිතින් දුසිරිත කරන්නෙම් නම්, යම්බඳු ඒ දුසිරිතින් මම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි නූපදින්නෙම් ද! කිම් ඒ නො වේදැයි. හේ පරලොව්හි වරදින් බියපත් වූයේ කායදුශ්‍චරිතය දුරැර කායසුචරිතය වඩයි. වාග්දුශ්‍චරිතය දුරැර වාක්සුචරිතය වඩයි. මනෝදුශ්‍චරිතය දුරැර මනස්සුචරිතය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ සම්පරායිකවද්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මේ වද්‍ය දෙක ය. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුය: ඉහාත්මවිපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. පරලොව විපාක ඇති අපරාධයෙන් බිය පත් වන්නම්හ. වරදෙහි බිය දක්නා සුල්ලමෝ වද්‍යභීරුක වූවමෝ වන්නම්හ යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. මහණෙනි, සියලු වරදින් මිදෙන්නේය යන යමෙක් ඇද්ද, වරදට බිය වන සුලු වරදෙහි බිය දක්නා සුල්ලහු විසින් මෙය කැමැති විය යුතුයි.
Pali BJT2. 1. 1. 2.
Sinhala BJT2. 1. 1. 2.
Pali BJTපධානසුත්තං
Sinhala BJTපධාන සූත්‍රය
Pali BJT2. ද්වෙමානි භික්ඛවෙ, පධානානි දුරභිසම්භවානි ලොකස්මිං. කතමානි ද්වෙ: යඤ්ච ගිහීනං අගාරං අජ්ඣාවසතං චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානුප්පදානත්ථං පධානං, යඤ්ච අගාරස්මා අනගාරියං පබ්බජිතානං සබ්බූපධිපටිනිස්සග්ගත්ථං{1} පධානං. ඉමානි ඛො භික්ඛවෙ, ද්වෙ පධානානි දුරභිසම්භවානි ලොකස්මිං. එතදග්ගං භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං පධානානං යදිදං සබ්බූපධිපටිනිස්සග්ගත්ථං පධානං. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං: සබ්බූපධිපටිනිස්සග්ගත්ථං පධානං පදහිස්සාමාති. එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJT2. මහණෙනි, ලොව්හි දුකසේ පිරිය යුතු මේ (ප්‍රධාන) වීර්‍ය්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ගිහිගෙයි වසන ගිහියන්ගේ චීවර - පිණ්ඩපාත - ශයනාසන - ග්ලානප්‍රත්‍ය - භෛෂජ්‍ය - පරිෂ්කාර දීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ ද, ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට පැමිණියවුන්ගේ (ස්කන්‍ධ - ක්ලේශ - අභිසංස්කාර සඞ්ඛ්‍යාත) සියලු උපධීන් බැහැර ලීම වූ නිවණ පිණිස යම් වීර්‍ය්‍යයෙකුත් වේ ද (යන දෙකයි.) මහණෙනි, ලොව්හි දුෂ්කර වූ මේ වීර්‍ය්‍යයෝ දෙදෙන වෙති. මහණෙනි, මේ ද්විවිධ වීර්‍ය්‍යයන් අතුරෙන් සියලු උපධීන් දුරලීම පිණිස යම් වීර්‍ය්‍යයෙක් වේ නම්, තෙල අග්‍ර වේ. මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: සියලු උපධීන් දුරලීම පිණිස වීර්‍ය්‍යය වඩන්නම්හ යි. මෙසේ ම තොප විසින් හික්මිය යුතුයි.
Pali BJT2. 1. 1. 3.
Sinhala BJT2. 1. 1. 3.
Pali BJTතපනීයසුත්තං
Sinhala BJTතපනීය සූත්‍රය
Pali BJT3. ද්වෙමෙ භික්ඛවෙ, ධම්මා තපනීයා. කතමෙ ද්වෙ: ඉධ භික්ඛවෙ, එකච්චස්ස කායදුච්චරිතං කතං හොති, අකතං හොති කායසුචරිතං; වචීදුච්චරිතං කතං හොති, අකතං හොති වචීසුචරිතං; මනොදුච්චරිතං කතං හොති, අකතං හොති මනොසුචරිතං; සො කායදුච්චරිතං මෙ කතන්ති තප්පති, අකතං මෙ කායසුචරිතන්ති තප්පති; වචීදුච්චරිතං මෙ කතන්ති තප්පති, අකතං මෙ වචීසුචරිතන්ති තප්පති; මනොදුච්චරිතං මෙ කතන්ති තප්පති, අකතං මෙ මනොසුචරිතන්ති තප්පති. ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ ධම්මා තපනීයාති.
Sinhala BJT3. මහණෙනි, මේ තපනීය (සිත් සතැවුලියෙන් තවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙලොව්හි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද වෙයි. කාය සුචරිතය නොකරණ ලද වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද වෙයි. වාක්සුචරිතය නොකරණ ලද වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද වෙයි. මනස්සුචරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් කායසුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය කරණ ලදැයි තැවෙයි. මා විසින් වාක්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය කරණ ලදැ යි තැවෙයි. මා විසින් මනස්සුචරිතය නොකරණ ලදැ යි තැවෙයි. මහණෙනි, මේ වනාහි තවන ධර්‍මයෝ දෙදෙන වෙති.
Pali BJT2. 1. 1. 4.
Sinhala BJT2. 1. 1. 4.
Pali BJTඅතපනීයසුත්තං
Sinhala BJTඅතපනීය සූත්‍රය